මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---වියරු නැන්දණිය---


ඉතාලියේ වසර කීපයක් ගත කල මාත් මාගේ මවත් පියාත් ලංකාවට පැමිණියේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදීය.
මාගේ පියාගේ එකම නැගණිය වූ මාලතීගේ(මගේ නැන්දාගේ) මළගමින් පසුව අපත් විදේශ ගත වූ බැවින් මාගේ මිත්තණියත් බාප්පත් කෑගල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස හැර දමා රත්නපුර ප්‍රදේශයේ කුඩා නිවසක් මිලට ගෙන එහි පදිංචියට ගියේය.
මාගේ නැන්දණියගේ මරණය හේතුවෙනුත් අපගේ විදේශ ගත වීමේ හේතෙුවෙනුත් මගේ මිත්තණිය බරපතල සිත් පීඩාවකින් සිටින බවත් නිතර නිතර අසනීස වෙන බවත් අප විදේශගත වී සිටියදී බාප්පා අප ඇමතූ අවස්ථාවකදී දැනගන්නට ලැබුණි.
සාලයත්,කුස්සියත් හා නිදන කාමර දෙකකින් සමන්විත මිත්තණියත්, බාප්පත් පදිංචි වී සිටි කුඩා නිවස අප සියලු දෙනාටම විසීමට ඉඩකඩ සීමිත බැවින් අප ලංකාවට පැමණීමට දින ලංව තිබියදී ඔවුන් විසූ කුඩා නිවස කුලියට දී, කෑගල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස පිරිසිදු කර නැවතත් එහි පදිංචියට යාමට බාප්පා විසින් කටයුතු කර තිබිණි.
ගුවන් තොටින් ලංකාවට පැමිණි අප කෙළින්ම ගමන් කලේ මගේ පියාගේ මහගෙදර වූ දෙමහල් නිවස වෙතයි. කාලයක් මිනිස් වාසයෙන් තොර වූ බැවින්ද, පාළු පෙනුමක් තිබූ එම නිවස ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබුණි.
පවුලේ සැවොම එකට එකතු වූයේ අවුරුදු කීපයකට පසුව බැවින් හැමදෙනාම සතුටු සාමීච්චියේ යෙදෙමින් සිටියේය.
මා හට රාත්‍රියේ වෙන්කොට තිබුනේ සොල්දර උඩු මහලේ මගේ මියගිය නැන්දා විසූ සුවපහසු කාමරයයි.
පළමුදින රාත්‍රි ආහාර ගෙන කාමරයට පැමිණි මා ඇඳේ වැතිර බලා සිටියේ රාමු කර බිත්තියේ එල්ලා තිබූ නැන්දාගේ ඡායාරූපය දෙසයි.
රූමත් ගැහැණියක් වූ මගේ නැන්දා මිය ගියේ ගෙල වැලලාගෙන සියදිවිනසාගෙනය.
වසර කීපයකට පෙර ඇය තරුණයකු සමඟ පෙම් සබඳතාවයක් ගොඩනගාගෙන තිබුණි.
නමුත් එම තරුණයාට මගේ මිත්තණියත්, මගේ තාත්තත් දැඩි ලෙස අකමැති වූ බැවින් ඇති වූ සිත් තවුල නිසා නැන්දණිය සිය දිවි හානි කරගත්තේය.
මා සිත ශෝකයෙන් පිරිණ. ඇය ජීවතුන් අතර සිටියා නම් මේ වෙනකොට විවාහ වී දරුවන්ද සිටිනු ඇත. පැයක් පමණ මා එසේ කල්පනාවේ නිමග්නව සිටින්නට ඇත. ඉන් පසු නිදි දෙව්දුව මා කරා පැමිණියේ මට සූව නින්දකට ආරාධනා කිරීමට මෙනි. මා පැය කීපයක් මෙසේ නිදන්නට ඇත.
රැයේදී මට යමක් දැනෙන්ට විය. මගේ ඇඳ අසල කව්රුන් හෝ සිටින බවක් මට දැනුණි. ඉක්මනින් නැඟිට කාමරයේ විදුලි බල්බය දැමුවේය. එහෙත් කාමරයේ මා හැර වෙනත් කිසිවකු සිටියේ නැත.එවිටම ඔරලෝසුවේ රාත්‍රි 12.00 කණිසම නාද වුණි.
දුටු දර්ශනයෙන් මගේ ඇඟ කිළිපොලා ගියේය. මා ඉදිරියෙන් පෙනී සිටියේ මීට වසර කීපයකට කලින් මගේ මිය ගිය නැන්දණිය ය. ඇයගේ මූහුණ බලන්නට බැරි තරම් විරූපී වී තිබිණ. දිව එළියට දිගුවී තිබුණු අතර බෙල්ල මදක් පසෙකට කඩා වැටී තිබුණි. රක්ත වර්ණ වූ ඇස් දිලිසෙමින් තිබුණි. අැගේ බෙල්ල වටා ලණු පොටක් තිබූ අතර එහි කෙළවර වහලයට හෝ වෙන කිසිම ස්ථනයකට සම්බන්ධ වී නොතිබුණේය.
මම කොයි තරම් කෑ ගහන්න උත්සහා කලත් හඬ පිට වූයේ නැත. මා දඟලන්නට උත්සහ කල අතර මගේ අත පය එහාට මෙහාට කිරීමට නොහැකි ලෙස දරදඬු වී තිබුණ.
මේ අතර මියගිය නැන්දා වියරු ලෙස සිනාසෙන්නටත් වරින් වර අඬන්නටත් විය. ඇය සිනාසෙන විට මුහුණේ තිබූ බියකරු බව දුටු මට මගේ පිට කොන්ද දිගේ සීතලක් අදී යනු දැණුනේ විදුලි සැරයක් වැදීමෙන් මෙනි.එහෙත් මම ඇඳෙන් නැගිටීමට දිඟටම වෑයම් කරමින් සිටියෙමි. මේ අතර මගේ නැන්දා කතා කරන්නට වූවාය.
"මේක මගේ කාමරේ. උඹ මොකටද මගේ කාමරේට ආවේ.(වරින්වර වියරු ලෙස සිනාසෙමින් හා අඬමින්) උඹලා ඔක්කොම මාව මරාගත්තා.. උඹලා එකෙක්ටවත් මං යහතින් ඉන්න දෙන්නේ නෑ. හැම එකාගෙන්ම මං පලි ගන්නවා. උඹලා හැම එකාගෙන්ම මං පලි ගන්නවා.....
යලිත් සිනාසෙමින් අැය මා අසලට ටිකෙන් ටික ලං විය. එක වරම තිගැස්සී මා ඇහැරුණි. කාමරය දැඩි අඳුරේ තිබුන අතර වෙන කිසිවෙකු කාමරයේ සිටි බවක් නොපෙණින. මා දැක අැත්තේ සිහිනයකි. ඒහෙත් ඒ සිහිනය නැවත මතක් වෙද්දිත් මගේ ඇඟ කිළිපොලා යන්නේ ය.
මම වහා නැඟිට කාමරයේ විදුලි බල්බය දමා ගොස් යාබද කාමරයේ සිටි මා, පියත් මවත් අවදි කළාය.
ඒ වනවිටත් මගේ බිය පහ වී නොගොස් තිබූ බැවින් කතා කර ගැනීමටත් අපහසු වූ අතර ගොත ගසමින් මා දුටු සිහිනය පිළිබඳ ඔවුන්ට විස්තර කළේය.
මා තිගැස්මට පත්වී සිටිනු අයුරු දුටු මව මා අසලින් නිදා ගැනීමට තීරණය කලේ මාගේ බිය පහව යන අටියෙනි.
පසුදින උදෑසන ආහාර ගැනීමේදී,පෙරදින රැයේදී මා අත්දුටු බියකරු අත්දැකීම පිළිබඳ මාගේ මව විසින් බාප්පාටත්,මිත්තණියටත් කියා සිටියේ ඔවුන්ද බියට පත් කරවමිණි.
මේ වගේ බියකරු සිහිනයක් මේ ගෙදර තව අය සිටියදී මා විතරක් දුටුවේ කිමද??
මා නැන්දණියගේ කාමරයේ රැය ගත කල නිසාද?
මා කල්පනා කරමින් සිටියදී මගේ පියා කටහඬ අවදි කළේය.
නංගී මැරුණට පස්සේ අපි මේ ගෙදර එක දානයයි දුන්නේ... අපි දානයක් දීලා එයාට පිං දෙමු...එයාගේ ආත්මෙට ඒකෙන් සැනසීමක් ලැබෙයි. ....
මගේ තාත්තාගේ අදහසට සියලු දෙනාම එක හෙලාම කැමති වූහ.
පසු දිනම අප සියලු දෙනාම දානයක් දීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට පටත් ගත්හ. අපගේ පවුලේ සියලුම නෑ හිතමිතුරන් එකතු වී දින කීපයකට පසුව ස්වාමීන් වහන්සේලා විසි නමක් ගෙදරට වැඩම කරවා මගේ මියගිය නැන්දණියගේ ආත්මය සඳහා පිං දීමට කටයුතු කලෙමු.
මෙසේ අවුරුද්දක් පාසාම පවුලේ මිය ගිය සෑමදෙනා වෙනුවෙන්ම දානයක් දීමට පවුලේ සැවොම කතිකා කර ගත්තේ ය. ඉන්පසු කිසිම දිනක මට නැන්දණියව සිහිනෙන් පෙනුනේ නැත.
කතාව කියවපු හැමෝටම බුදු සරණයි...

සැ.යු: මනඃකල්පිතයි
නිර්මාණය: නෙත්මි බැබිලෙගොඩ

---වියරු නැන්දණිය--- ---වියරු නැන්දණිය--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: