මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---රෑ වැඩමුරය---


"... මේ කට්ටිය අපිට එකතු කර ගන්න කියන්නේ... ස්ස්ස්ස්ස්ස් ...ඇහුවොත් සල්ලි තමයි... ස්ස්ස්ස්ස්ස් . ඒක ඇහුනු සදුනි අම්මේ කියලා කෑ .. ස්ස්ස්ස්ස් ඔයාට මාව එපා නම්...ස්ස්ස්ස්ස් මේ අවුරුදු කාලේ...සිනහ වෙයන් රාලේ"....

" ශික් බලපංකො රෑට අහන්න මෙලො දෙයක් නෑනෙ.. එක්කො බූට් සිංදු එක්කො සල්ලි දෙන මගුල්. එක්කො කාගෙ හරි දුක් අදෝනාවක් "
රේඩියෝ වේ මීටරය ඒ මේ අත කරකවමින් මා මගේ සගයාට කියා සිටියේ තරමක් නෝක්කාඩු ස්වරූපයෙනි...
මා දෙස බලා හ්ම්ම්.. කියූ ඔහු නැවතත් ඉදිරිය බලා ගත්තේ ඔහුට එහි වැදගැම්මක් නැති ලෙසිනි...
වෙනදාට වඩා මුලු පරිසරයම අදුරේ ගිලී තිබුනේ වලාකුළු නිසාද, අමාවක දවසක් නිසාද නොදනිමි. පාරේ තැනින් තැන වීදි ලාම්පු නොවන්න මුලු පලාතේම අදුර කපන්නේ අප රථයේන් නික්මෙන ලාම්පු එලියෙන් පමනකි

රාත්‍රියේ වේගයෙන් ඇදෙන වාහන වලට ඉඩදී ඉඩ ඇති තැනක රථය නතර කර පොලිස් සංඥා වලට සවන් දෙමින් සිටියේ සුපුරුදු පරිදි අදත් නිකරුනේ ගෙවී යන රාත්‍රිය ක් බව නොදැනම නොවේ.
මගේ අනිත් පොලිස් සගයන් දෙදෙනා සිගරැට් ඉරීම සදහා රථයෙන් බැස අදුරු මුල්ලක් සොයා ඇදෙන්න ඇත්තේ නිල ඇදුමට කැලලක් වේ යැයි සිතාය.. දුම් බීම නුපුරුදු නිසාත් මේ ප්‍රදේශයට අලුත් නිසාත් මා රථයේම සිටියෙමි . රථයේ සිටම මා බලා සිටියේ රථයේ පහන් එලියෙන් ඈත චලනය වන යමක් දෙසයි... 100% පැහැදිලි නොවුනත් ඒ මිනිස් රූපයක් බව පමණක් හදුනා ගැනීමට හැකි විය... නමුත් ඒ රූපය සාමන්‍ය මිනිසෙකුගෙන් අඩක් පමණ වූයේ කෙසේදැයි මා බලා සිටියේ පුදුමයෙනි.. මෙම සැකය හැර ගත යුතුමය.. මල පිල්ලුවක් මෙන් කොට මිනිසෙක් ගේ අවතාර පිලිබඳ මා අසා ඇත්තෙමි.. යතුර කරකවා රථයේ head light ක්‍රියාත්මක කල විට දුටු දෙයින් හිත ගැස්සුනත් පසුව මටම තනිවම සිනහා ඇති විය.. ඒ වූයේ දෙපා අහිමි හිගන්නෙකි.. ඒ නිසා ඔහු අත් වලට වාරු දෙමින් ගමන් කරයි ..

හදිස්සියෙ ම පොලිස් රේඩියෝ වෙන් ඇසුනේ අපට සම්බන්ධ ඇමතුමකි..
" ඇමතුම ලැබෙනවා ඕවර්"
" දිවුලපිටිය දන්වැල්කටුව road එකෙ ගෙදරක කලබලයක් කියල ඇමතුමක් ලැබුනා. ඕවර්"
" ඇමතුම පැහැදිලි ඕවර්"
යාමට අවශ්‍ය මාර්ගයේ විස්තරයක් දුරකථන ක්‍රියාකරු ලබා දුනි ...ඒ වන විට අප හිටියේ දිවුලපිටිය නයිවල පාරේ දිවුලපිටිය ට ආසන්නව නිසා වහාම ක්‍රියාත්මක වූ මා රථය පන ගැන්වු විගසම අනෙක් දෙදෙනා ද නැග ගොඩ විය..
" මොකක්ද අවුල"
" සර්ච් ඔඩර් 1ක් ආවා "

ලැබුනු මග පෙන්වීමට අනුව ගමන් කලද අප ඇදුනේ තරමක් පාලු ප්‍රදේශයකට ය.. එවැනි පැත්තකින් ඇමතුමක් ලැබුනේ යැයි ඔවුන් විස්වාස නොකරන අයුරින් මා දෙස බැලුවේ මග නිවැරදි ද යැයි අසන්නට මෙනි. එහි ගෙවල් තිබුනේ තරමක් ඈතින් ය.. රතයේ රෝද වලට ගුරු පාරේ බොරලු පොඩි වන හඩ මහ හඩින් ඇසෙන්නෙ අපත් පරිසරයත් නිහඩ බව රකින නිසාවෙනි . නගරයක් ආසන්නයේ මෙතරම් පාලු තැනක් දැක්කාමද මන්දා කියා සිතේ.. මෙවැනි පාලු තැනක කුමන අපරාධයක් විය නොහැකිද.
ඉදිරියට ඇදුනු රථයේ වෙනසක් දැනුනි.. ඒ එක් රෝදයක හුලං අඩු වීම බව වටහා ගැනීමට මහ වේලාවක් ගත වූයේ නැත..
" ශික් පන්ච් 1ක් බන්"

රතය නවතා වහාම ක්‍රියාත්මක වූයේ ලැබුනු රාජකාරි වැඩය ප්‍රමාද වන නිසා ය. මා ලීවරය යොදා රථය ඔසවන තෙක් එකෙක් අමතර රෝදය සූදානම් කලේය. අනෙකා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තවත් සිගර්ට්ටුවක් දල්වාගෙන ටෝර්ච් එක අල්ලා සිටියේය..
අප මේ කරන සියල්ල කවුරුන් හෝ කැලෑව ඇතුලත සිට බලා සිටින සේ මට දැනුනේ ඇයි දැයි නොදනිමි... ඒ සැකය තහවුරු කරන්නට මෙන් කැලය තුලින් කොල පොඩි වන හඩක් ඇසුනි.. හැරී බැලුවද අන්ධකාරයෙ කිසිවක් නොපෙනෙන නිසා...
" මචන් අරහෙට ටෝර්ච් එක අල්ලපන් ටිකක්..." මම කීවෙමි.
" ඇයි බන්..." ඔහු ලන්ද දෙසට ආලෝකය යොමු කරමින් ඇසීය..
" නෑ පොඩි සද්දයක් ඇහුන"..
" ඉක්මනට ඕක මාරු කරපන් මන් පොඩි pump එකක් අල්ලල එන්නම්"
කියා අනෙකා ගියේ මට ශබ්දය ඇසුනු දෙසටයි... ඔහු වැලැක්වීමට යැයි සිත කීවත් එයට සධාරණ හේතුවක් මට නොවීය ...
රෝදය මාරු කර අවසාන වන විටත් කැලයට ගිය සගයා නැති නිසා මට ඒ ගැන සෝදිසි කිරීමට අවශ්‍ය විය.
" ටෝර්ච් එක දියන් ටිකක්"

අනේකාගෙන් පන්දම ඉල්ලා ගෙන ඒ දෙසට ඇදුනෙමි. වේලුනු තේක්ක කොල පොඩි වන විට නැගෙන ශබ්දය වැලැක්වීමට නොහැකි විය.. කොල උඩින් යමක් ඇදී යන ශබ්දය ක් ඇසී වහාම පසු පස හැරුනෙමි... මට තරමක් ඉදිරියේ ටෝර්ච් එලියට දිලෙන දියරයක් දැක ඒ දෙසට ඇදුනේ වට පිටාව සෝදිසි කරමිනි...
" මොනවා .... ලේ...."

තත්පරයක් ගත වූයේ නැත... නැවත පිටුපසින් ශබ්දයක් ඇසිනි හද ගැස්ම පුදුමාකාර ලෙස වැඩි විය ඒ බල්ලෙක් ද නරියෙක් ද මා නොදනිමි ටෝර්ච් එලියෙන් ජිල්බෝල මෙන් දිලිසුනු ඇස් වලින් එක එල්ලේ මා දෙස බලා සිටියේ උගේ ලේ පෙරෙන උල් දත් වලින් මාවද මරා දමන බවට අනතුරු අගවන්නට මෙනි.. තප්පර ගානක් බලා සිටි ඌ උගේ ගොදුර වූ හාවාගේ බෙල්ලෙන් ඔසවාගෙන කැලයට පලා ගියේය.

" මොකෝ බන් බය වෙලා..."
" shit... මොන මගුලක් ද බන්... තව පොඩ්ඩෙන් හුස්මත් හිර වෙනවා.. මොකක්ද ඒ ගද අත පෙන්නපන්..."
සැබවින්ම මා බිය විය.. වෙන කල්පනාවක ගිලී සිටිය නිසා එසේ වන්නට ඇත... ඔහු ලගින් සිගරැට් ගදට වඩා වෙනස් ගදක් ආ නිසා මා ඔහු පරීක්ෂා කලේ උගෙ පුරුදු මා දන්නා නිසාවෙනි.
" මුකුත් නෑ බන්.. " ඔහු යමක් සැගවීමට උත්සහ කලේය..
" මෙහෙ දීපන් ඕක... අඩු ගානෙ duty ඉවර වෙනකන් හිටපන්.. මෙහෙ දියන් වැඩ ඉවර වෙලා මගෙන් ඉල්ල ගනින්... "
ඒ වන විටත් කේරල ගංජා සුරුට්ටුවේ අඩක් ම ඉවරය. දැල්වෙමින් තිබූ එය ගසක උලා නිවා සාක්කුවේ දමා ගත්තේ පසුව ඔහුට දෙන අරමුණ ඇතිවය..

....................................................................
රථය සකසා ගෙන සෙමින් සෙමින් ඉදිරියට ඇදෙද්දී පොලිස් රේඩියෝවෙන් ඇසුනු පණිවිඩ අපැහැදිලි විය.. මිතුරා එය සැකසීමට උත්සහ කරන අතර නිහඩ බව කපා මහා අදෝනාවක් ඇසුනි.. යටි ගිරියෙන් කෑ ගසන කෙල්ලක් ද යක්ෂණියක්ද කියා සිතිය නොහැකි තරම් එය බියකරු විය...
"ඇහුනද ඒක"
"මොකක්ද "
"ගෑනියෙක් කෑ ගහනව ඇහුනේ නැද්ද ??"
"කොහෙද කොයි වෙලේද.."

ඔවුන්ට උත්තර දීමට කාලය කෑවේ නැත.. වේගයෙන් ඉදිරියට පැදවුයෙමි වත්තක් මැද තරමක් විශාල දෙමහල් නිවසක් දැක රථය වේගය අඩාල කලේ නියමිත ස්තානයට ලගා වූවා යැයි සැක සිතාය... මොහොතක් ගත වූයේ නැත.. තවත් කෑ ගැසීමක් ඇසිනි.. තප්පරයක් වත් ප්‍රමාද නොවූ මා රථය නවතා ගෙදරට දිවුවේ අනෙකුන්ගේ විරෝධය මැදය..
" කොහෙද යන්නෙ... "
" ඇහෙන් නැද්ද මේ ගෙදර තමයි කෑ ගහන්නෙ " මා තවත් යමක් අසන්නට නතර වූයේ නැත
දුවන අතරම පසු පස හැරී බලද්දී ඔවුන්ද ආයුධ රැගෙන ඈතින් මා පසුපස එනු දුටුවෙමි.. මා මහ දොර අසලට ගොස් අනෙක් දෙදෙනාට නිවස වටෙන් එන ලෙසට සංඥා කලෙමි..
" වහාම දොර අරිනවා අපි පොලීසියෙන් ....."

මා දොරට ගසමින් බෙරිහන් දුන්නෙමි.. ඒ වන විටත් නිවස තුලින් අදෝනාවන් ඇසිනි.. එහි එක්කෙනෙකුට වඩා සිටින බව ඇසෙන හඩවල් වල වෙනස් කමෙන් වටහා ගතිමි... ප්‍රතිචාරයක් නොමැති නිසා වැරෙන් දොරට පයින් ගැසුවෙමි.. උත්සහය නිශ්ඵලය නැවත උරහිසෙන් පහරක් එල්ල කරත්ම එය ඇරි ගියේ මගේ පහරින් නොවේ යැයි සිතෙන තරමට එය පහසුවෙන් විවෘත විය...
සිදුවන්නේ බලාපොරොත්තු වූ දෙය නොවෙයි... නිවස තුල කිසිදු ශබ්දයක් නැත... දැඩි අන්දකාරයක් පමණක් ඇත.. විදුලි පන්දම ඒ මේ අත යොමා බැලුවේ කුමක් හෝ දක්නට බලාපොරොත්තුවෙනි මා සගයින් ද පෙනෙන්නට නැත... මට දක්නට හැකි වූයේ 3.10 ට නතර වූ ඔරලෝසුවක්, පරන තාලයේ දූවිලි බැදුනු සෝෆාවක්, විශාල රූපවාහිනියක්, බිම වැටී බිදී ගිය චායාරූප රැසක් හා මැටි බදුන්, පමණි ... කෙසේ වෙතත් මෙහි කෝලහාලයක් වී ඇති බව නම් පැහැදිලිය..
වේගයෙන් ඉහල පහල යන හුස්ම මටම ඇසෙන තරම් මූසල නිහැඩියාවක් එහි විය... පෙනෙන්නේද විදුලි පන්දමේ ආලෝක ධාරාව පතිත වන තැන් පමනි .. කවුරුන් හෝ මාදෙස බලා සිටින හැගීම නැවත මා සිතට වද දෙන්නට විය..

" කවුද ගෙදර..... හෙලෝ.... කරුණාකරලා අපිට පේන්න එන්න... "
කියමින් මා සීරුවෙන් අඩිය තැබුවත් චිටි චිටි හඩින් වීදුරු කැබලි පොඩි වන හඩ නැගුනි.. මා චලනය වීම නතර කලේ ක්‍රීඊඊඊස් හඩින් දොරක් ඇරෙනු ඇසුනු නිසාය...
" වීරේ ... උබ ඔතනද... අජියා... කෝ බන් උබලා"
මගෙ සගයින් යැයි සැක සිතුනු නිසා මම ඇසුවෙමි... නමුත් පිල්තුරක් නොලද නිසා හඩ ඇසුනු දිසාවට ගියේ රිවෝල්වරයත් සූදානම් කර ගනිමිනි... බාගෙට ඇරි තිබුනු කුස්සි දොර තල්ලු කලත් එහි පිටුපස සැගවි සිටින යමෙක් එයට බාදා කරන්නේදැයි හැගෙන පරිදිම එය නැවත නැවත මා දෙසට තල්ලු විය... හැකි වෙරෙන් එය තල්ලු කර ඇතුලට පැන බැලුවත් එහි කිසිවක් නොවීය..
" මොකක්ද මේ වෙන්නෙ.... "
මම මටම කියා ගතිමි..

පන්දම යොමු කරමින් කුස්සිය ද සෝදිසි කලෙමි.. එහි ද බඩු මුට්ටු පොඩි කර අවුල් ජාලයක් වී ඇත.. පැරැණි දැලි බැදුනු පොරනුවක් ද එය අසලම උඩ එල්ලා තිබූ දර මැස්සක් ද විය.. දර ගොඩ ඇතුලටම ඔබා මිටක් සහිත කැත්තක් ද තිබුනි .
එවෙලෙහිම දොර අසලින් සෙවනැල්ලක් වැනි දෙයක් මාරු වෙනු දුටුවෙමි ... අපරාධකරු කවුරුන් වුවත් තවමත් ඌ නිවස තුල බව සිටින බව පැහැදිලිය.. මා කුස්සියෙන් එලියට එනවාත් සමගම තරප්පු පෙල දිගේ කවුරුන් හෝ දුවන හඩ ඇසීම නිසා මම ඒ දෙසට දිවුවෙමි .. එය කොටස් 2කට සෑදූ පඩිපෙළ කි...පහලට පෙනෙන්නෙ පලමු කොටසේ අග පමණකි.. මා එය දිගේ ඉහලට දිවුවෙමි... නමුත් මට දෙවන කෑල්ලට හැරී පඩියක්වත් නැගිමට නොහැකි විය.. යමක වැදි පස්සට විසි වී වැටෙනවාත් සමගම අත තිබූ රිවෝල්වරයත් විදුලි පන්දමත් අත් හැරී පඩිපෙළ දිගේ රෝල් වි ගියහ.. ක්ෂණිකව නැගිට පහලට දිව ගොස් පන්දම අතට ගත්තත් තුවක්කුව සොයා ගත නොහැකි විය... වැටුනු පාරට ජංගම දුරකථන යේ තිරයද බිදී ගියේ පිටස්තර ලෝකය සමග සබදතා පවත්වාගත හැකි එකම ක්‍රමයද අහෝසි කරමිනි

මා මෙහි කාලය කන විට සොරා පැන ගනීවි යන සැකයත්... තුවක්කුව නැතිව ඉහලට යාමට ඇති බයත්, මගෙ සගයින් දෙදෙනා කොහෙද යන ප්‍රශ්නය ත් ඒ තත්පර කිහිපයක් ඇතුලත මගේ සිත තුල තෙරපන්නට විය.. තවත් බලා සිටිය නොහැක.. කුස්සියට ගොස් දර ගොඩ උඩ තිබූ කැත්ත අතට ගෙන තරප්පු පෙල දිගේ උඩට දිවුවෙමි
" ඔහ් ශිට්..... දෙවියනේ ...."
මගෙ හුස්ම නතර විය... මා කලින් හැපි ඇත්තේ බාල්කයේ එල්ලන ලද මල මිනියකයි.... කොහු ලණුවක අධාරයෙන් එල්ලා ඇති සිරුර පැද්දෙන විට නැගෙන චිරි චිරි හඩ මගෙ ඇගේ රෝම ඩැහැගන්වන සුලු විය... සෑහෙන වේලාවක් හුස්ම සිරවුනු ලකුනු පෙන්වමින් ඔහුගේ මුහුණ අප්‍රසන්න ලෙස විකෘති වි ඇත
" බේර ගන්න.... අනේ... එපා.. එපා... " 

ඒ අර කාන්තා හඩයි.. එය ඇසෙන්නේ ඉහල මාලයෙන්.. මා සිතට දිරි ගෙන මිනිය අතින් තල්ලු කර ඉහලට දිවගොස් උදවු ඉල්ලා කෑ ගැසූ කාමරයේ දොර ඇතුලින් අගුලු දමා තිබූ නිසා අත තිබූ කැත්තෙන් අගුල ඇති තැන පලුදු කර දොර කඩා දැමුවෙමි .
" නෑ නෑ එපා... අනේ අනේ..." මම කෑ ගැසුවෙමි... කාමරයේ මුල්ලට වෙන්න වෙන්න වැටී සිටියේ කුඩා පිරිමි දරුවෙකුත් තුරුල් කර ගත් කාන්තාවකි ... මා කැත්තද බිම දමා ඔවුන් ලගට දිවුවත් පලක් වූයේ නැත.. මේ වන විටත් ඔවුන් සමුගෙන අවසානය..

මා නැගිටින්න හදනවාත් සමගම අත තිබූ විදුලි පන්දම අත් හැරී මැරුණු දරුවාගේ උකුල මට වැටිනි එය ගන්න විට ඇතිවූ සෙලවීමෙන් දරුවාගේ හිස පැත්තට කඩා වැටුනේ මා ක්ලාන්ත කිරීමට ආසන්න වන තෙක් බිය කරමිනි.. තියුණු ආයුධයකින් ඔහුගේ බෙල්ල කපා තිබුනත් කදෙන් වෙන් වෙන්න තරම් කැපී නොතිබූ නිසා පැත්තට එල්ලා වැටී තිබුනි ...
ඔහු තුරුල් කර සිටි කාන්තාවගේ විශාලව විවර වූ දෑස් මගේ උරහිසට ඉහලින් යමක් බලා සිටිදො යැයි මට සිතිනි.
මා පසු පස හැරී බැලුවෙමි කෙලින්ම පෙනෙන්නෙ තවත් කාමරයක දොරකි... දොර යට හිඩසෙන් කකුල් යැයි සැක කල හැකි සෙවනැල්ලක් දක්නට ලැබුනු නිසා මා වහාම ක්‍රියාත්මක වී එහි දිව ගොස් කාමරයට ඇතුල් වීමි.... ම්ම්ම්ම්ම්ම්ම් කිසිදු හැල හොල්මනක් නැත.. සියල්ල නිහඩය ... නෑ එසේ නොවේ ඒ ඇසෙන්නෙ ඉකිබිදීමක් ....
මා දණ ගසා ඇද යටට එබුනෙමි... ගැහැණු ලමයෙක් මට විරුද්ධ දෙසට මුහුණ හරවා අනෙක් කොනට වන්න වැතිරී සිටී...

" බය වෙන්න එපා.. අපි බේර ගන්න ආවේ ..." කියමින් මා නැගිට ඇද වටෙන් ඈ ඉන්න පැත්තට ගොස් හිමින් සීරුවේ දණ ගැසුවේ ඇය බය වේ යැයි සිතා ය.. මා ඇද යටට එබුනෙමි..
" අනෙ අම්මො... ඇති ඇති ඇති... දෙවියනේ එපා...."
මා පස්සෙන් පස්සට බඩගාගෙන ගොස් බිත්තියට හේත්තු වී අත් දෙකෙන් මුහුණ වසා ගතිමි... දුකට බයට පිලිකුලට අප්පීරියාවට මගෙ දෑස් කදුලු වලින් පිරී ඇත...
ඒ පොඩි කෙල්ලගේ මුහුණ චප්ප වන තුරුම යමකින් ගසා තලා තිබුනේ අමානුශික අයුරිනි ....
මා දෑස් වසා එතැනම සිටියේ කල යුතු දේ සිතා ගත නොහැකිවයි... නමුත් වැඩි වේලාවක් එසේ සිටීමට නොහැකි විය..

" ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං" පහල මාලයෙන් ඒ ඇසුනේ එක දිගට පත්තු වූ තුවක්කුවක හඩයි.. මා නැගිට දුව ගොස් එල්ලා තිබූ මිනියද තල්ලු කර පහලට බැස්සෙමි.. එක් පඩියක් උඩ තිබූ මට පෑගුනේ මගේ තුවක්කුව යි.. කලින් නොතිබූ එය දැන් කෙසේ ආවාදැයි ප්‍රශ්නය ක් වුවත් එය අතට ගත්තේ මගේ ආත්ම ආරක්ෂාවට යි..
පඩි පෙල පහලින් ඇදී ගිය ලේ පාරක් තිබුනි ...
" මොනවා වීරේ..... අයියෝ වීරේ වීරේ නැගිටපන් මචන් නැගිටපන්...."
ඔහුගේ ගෙල පපුව බඩ උරහිස පසාරු කරමින් උණ්ඩ කිහිපයක් කිදා බැස ඇත.. ලේ පිරුණු මුඛයෙන් ඔහු යමක් කියන්නට හැදුවත් නිශ්ඵල විය...
" ආ............." මහ හඩින් වීදුරුව ක් බිදී යනවාත් සමගම ඇසුනු ඒ පිරිමි කෑ ගැසිල්ල අවසන් වූයේ " ඩොහ් " යන හඩින් යමක් බිම වැටීමෙනි... නිවසේ පසුපස දොර හරිමින් එලියට දිවුවේ ඒ කුමක්ද යැයි බැලීමටය...

සියල්ල අවසානය... පපුව තුලට කිදා බසින්නට වැදුනු කැත්තක් සහිතව ඔහු මිදුලේ වැතිරී ඇත...ඒ කැත්ත මා දර ගොඩෙන් ගත් කැත්ත බව හදුනා ගැනීමට මට අපහසු නොවීය.
අපරාධකරු කවුරුන් වුවත් මට තනිව සටන් කල නොහැක... මා රථයට දිවගොස් නැවත මූලස්ථානය ඇමතීමට උත්සහ කලෙමි... " "ශික් ශික් ශික්......"
පලක් නැත තවමත් අපැහැදිලි හඩවල් පමනකි ... කිරීමට කිසිවක් නොමැත.. රථය පන ගැන්වූ මා මට හැකි උපරිම වේගයෙන් ලගම පොලීසිය ට රථය පැදවූයෙමි..

.......................................................................
පොලීසිය ට ඇතුල් වන විට වේලාව පාන්දර 3.10 වී තිබිණ
" මොකද මේ , මොනා වෙලාද , ඇයි මේ ලේ"
කාර්‍ය් මණ්ඩලයේ අයගේ කසු කුසු ඇසුනත් මා දිවගොස් වැටුනේ සහය පොලිස් පරීක්ෂක් ගේ මේසය ලගයි..
" මොකද අයිසේ මේ"
" සර්... සර්... " මා දිව ගිලී ඇත මේසය මත තබා තිබූ වතුර වීදුරුව එක හුස්මට ගිල්ලෙමි..
" සර් ... අපේ දෙන්නෙක් මැරුණ සර්.. ඉක්මනට යමු සර්... ඌ පැන ගන්න කලින් යමු... තව හතර දෙනෙක් මරලා දාලා... එක්කෙනෙක් එල්ලලා.. අනික් අය කපලා..."
මා හති හලමින් කෙටියෙන් විස්තර කලෙමි ක්‍රියාත්මක වූ ඔහුත් තව කිහිප දෙනෙකුත් ආයුධ ද ගෙන ජීප් රියට නැග මගෙන් පාර අසමින් වේගයෙන් ගමන් කලෙමු..
මේ සියල්ල සිහිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මා සිටියේ අවසිහියෙන් මෙනි.. නියමිත තැනට ආ බව පැවසුවේද නිලධාරියෙකි...
නිවසෙන් පිටවිය හැකි සෑම තැනක්ම වට කල ඔවුන් මාද කැටුව ඇතුලට ගියෝය... පඩිපෙළ අසල වීරේ ගේ නිසල දේහය එලෙසින්ම විය.. මා ඔවුන් ඉහල මාලයට රැගෙන ගියේ අනෙක් සිරුරු පෙන්වීමටයි

" නෑ නෑ නෑ ඒක වෙන්න බෑ.... කෝ මෙතන එල්ලලා තිබ්බ මිනිය...."
කෑ ගැසූ මා එතන නොනැවතී කාමරයට දිවුවෙමි ...
" වෙන්න බෑ බෑ බෑ... ඒව මෙතන තිබ්බා... මං අල්ලලත් බැලුවා... " ඔවුන් මා දෙස බලා සිටියේ පිස්සෙක් දෙස බලනවා මෙනි... සැබවින්ම මට පිස්සුද... කෝ මෙතන තිබ්බ මිනි... කෝ ලේ...
අවසාන කාමරයට ත් දුව ගොස් ඇද යට බලා එතැනම දණ ගසා ගතිමි... වීරේ ගේ හා අජිත් ගේ සිරුරු හැර සියල්ල අතුරුදහන්

" pc මුගෙ තුවක්කුව අරන් මූවත් චෙක් කරන්න..."
මගෙ තුවක්කුව අතට ගත් කොස්තාපල් වරයා මගෙ සාක්කු වලට අත දමමින් මා සෝදිසි කලේය.
" සර් bullet 1යි තියෙන්නෙ... තව මේකත් තිබුන සාක්කුවෙ...."
ඔහු පෙන්වූයේ මම අජිත් ගෙන් උදුරා ගත් ගංජා සුරුට්ටු කොටයයි....
" අනේ සර්.. ඕක..." කීමට ලැබුනේ එපමනකි යටි බඩටත් කනටත් ගැසූ si මහතා
" තෝ මේව ගහලද යකෝ වැඩ කරන්නෙ.. arrest කරපන් මූව දාපන් ජීප් එකට.."
තරහෙන් ගුගුරනු මට ඇසින

................................................................
මගේ ජීවිතයේ අවසානය මෙය බව මට හැගුනි නමුත් සිදු වූයේ කුමක් ද කෙසේද මම නොදනිමි මම දන්නේ මේ සිදුවීම් අත්භූත බව පමනකි .... කල්පනා සයුරේ ගිලී සිටි මා පියවි සිහියට ආවේ මා අසල සිටි නිලධාරියා ගේ කෙදිරීම නිසාවෙනි..
" මල්ලිට හොදටම ෂුවර් ද මෙහෙන් කෝල් එකක් ආව කියලා..."
ඔව් යැයි හගවන්නට මම හිස වැනුවෙමි..

" හ්ම්ම්ම් මල්ලි කලබල වෙන්න එපා මේක කිවුවට.. ඔය ගෙදර කවුරුත් නෑ... අවුරුදු ගානකට කලින් ගෙදර හතර දෙනෙක් මරල දාලා තිබුන.. සමහරු කියනවා තාත්තම ගෑනි ලමයි මරල ඌත් එල්ලිලා මලා කියලා... සමහරු කියනවා මරපු එකා අතුරුදහන් කියලා.. ඒව ඉතින් උඩ ඉන්න දෙයියෝ තමයි දන්නෙ..."

මා ඔහු දෙසම බලා සිටියෙමි .... එසේනම් මා ඒ දුටුවේ ඔවුන්ගේ අවතාරද... මගේ සගයින් මැරුවේ කවුද.. මා මැරෙන තුරුම එය මට වද දෙනු ඇත

නිමි...

Source:Link

---රෑ වැඩමුරය--- ---රෑ වැඩමුරය--- Reviewed by InvestCrypto on July 19, 2017 Rating: 5

No comments: