මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය---


මළ හිරු බැස යද්දී නැගෙන රත් පැහැ හිරු කිරණින් නෙළුම්ගමට ගෙන ආවේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළ`ගට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. නගරයෙන් හුදෙකලාවූ නෙළුම්ගමෙහි ජීවත් වූයේ ගොවිතැනින් දිවිගෙවූ සරල මිනිසුන් පිරිසකි. උදේ රැුයින් අවදි වන මේ මිනිස්සු හිරු එළිය වැටෙන්නටත් කලියෙන් සුපුරුදු රාජකාරිය සඳහා කුඹුරට බසිති.
ඔවුන් යළි කුඹුරෙන් ගොඩට එන්නේ සැ`දෑ කළුවර පොළවට පතිත වූ පසුවය. ඒ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවය. එහෙත් වසරක පමණ සිට ගමේ සියලූ වැඩ කටයුතු අතපසු වන්නට සිදුවූයේ නෙළුම් ගෙදර මැගිලින් ආච්චිගේ අවතාරය ගම වටා කරක් ගැසීම ඇරඹීමත් සමගය.

වසර විස්සකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම ගමේ පැරැුණ්නන්ට නම් හො`දින් මතකය. මැගිලින් ආච්චී කඩිසර අතේ පයේ හයිය ඇති පිරිමින් සමග කරට කර ගොවිතැන් කටයුතු කළ ගැහැනියකි. ගුණේරිස්ගේ බාලම කෙල්ල වූ මැගිලින් උපන්දා සිටම හැදී වැඩුණේ කොල්ලකු ලෙසිනි. ගැහැනු දරුවන් තිදෙනෙකුම වූ පවුලේ පිරිමි දරුවකුගේ අඩුව පිරිමහන්නට මෙන් මැගිලින්ට ගැහැනු වැඩ පෙන්නන්නටවත් බැරිවිය.
කුඩා කල සිටම තම පියා සමග හරිහරියට කැත්තේ උදැල්ලේ වැඩට උදව් වීම හේතුවෙන්ම ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී ගමේ ගොවියන් සමග කරට කර වැඩකරන්නට තරම් ජවයකින් වූවාය.
මැගිලින් තම පියාගේ කරත්තයේ ගොනුන් බැඳ වී ගෝනි ටික පටවාගෙන සැතපුම් කීපයක් ඈතින් වූ මුදලාලිගේ ගෙදරට ගෙනගොස් දී යළි නිවසට එන්නේ පුතකුගෙන් පියාට විය යුතු යුතුකම ඉටු කරමිනි. මෙලෙස කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. මැගිලින් විවාහ වී දරු මල්ලන්ද ලැබුවාය. ඇයද පිරිමියකු මෙන් නිවසේ බර කරට ගෙන කටයුතු කළාය.

උදේ රැුයින් නැගිටින මැගිලින් දරුවන්ගේ වැඩ කටයුතු නිමකර ඔවුන් පාසලට පිටත් කර යවා උදැල්ලද කරේ තබාගෙන තම සැමියාට උදව් වීමට වෙලට බැස්සාය. ළමුන් යළි නිවසට එන වේලාව තෙක්ම ඇය හරි හරියට මඩ පොළෙව හා ඔට්ටු වූවාය. එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වූවා සේම ඇගේ ගතේ සවි ශක්තිය ඇති තාක්කල් ඇය තම යුතුකම් එලෙසින්ම ඉටු කළාය. දරුවන් දීගතල ගිය පසුද ඇය ඇයට කළ හැකි කටයුතු අත්හැර දැමුවේ නැත. කාලයත් සමගින් ගමේ දැනුමැත්තිය බවටද පත් වූයේ ඇයයි.
ඇයට අවුරුදු අසූවක් අනූවක් පමණ වනවිට ඇය හා සම වයසේ සිටි බොහොමයක් පිරිමි මෙලොව හැරගොස් සිටියහ. එහෙත් ඇය උදෙන්ම අවදිව පිරිසුදු රෙද්දක් හැට්ටයක් හැඳ දිග ලීයක් වාරුවට අතට ගෙන කුඹුරේ ළියදි දිගේ ඇවිද යමින් සතුටක් වින්දාය. වී ගසක වුව වෙනසක් පවා මොහොතින් ඇයට හ`දුනාගත හැකි වූයේ ඇගේ පළපුරුද්ද නිසාමය. ලියද්දේ අයිතිය කාට වුවත් ඇය එය පෙන්වා දීමට පසුබට නොවූවාය.
 
‘මේ ළමයෝ, පැළ ගොයමට වතුර මදි. තව ටිකක් බැඳලා දාපන්’
‘ගොයම්
මැස්සෝ කැරකෙනවා වැඩියි වගේ, අළු සාත්තුවක් කරගන්න කාලේ හරි’
ඇය කියූ දේ බොහෝවිට ගමේ තරුණ පිරිසද පිළිගත්තේ වයසට ගියද සමාජය පිළිබඳ හොඳ දැනුමක් ඇය තුළ වූ නිසාය. වයස අවුරුදු එකසිය එක පසු කරද්දී ඇය මෙලොව හැර දමා ගියාය.
මැගිලින් ආච්චිගේ මරණයෙන් මාස කීපයක් ගෙවී ගියේය. සෝමේ සුපුරුදු ලෙස හිරු එළිය පතිත වෙද්දීම කුඹුරට ගියේ වතුර බැඳීම සඳහාය. හිරු එළිය පතිත වෙමින් පැවතියත් හාත්පසම මිහිදුමින් වැසී තිබිණි. සීතල මිහිදුම නෙළුම්ගමේ ගැමියන්ට එතරම් ගැටලූවක්
නොවිණි. සෝමේ සුපුරුදු පරිදි කුඹුරට බැස මඩ පිඩලි කීපයක් කපා වක්කඩට දැමීය.
‘මේ ළමයෝ, දැන් ඔය ගොයමට වතුර වැඩිය ඕන කාලේ නෙවෙයි, වතුර පුරවන්න එපා මුල කුණුවෙයි’
ඔහු හිස ඔසවා බැලූවේ සුපුරුදු කටහ`ඩක් නිසාය. ඒ මැගිලින් ආච්චීය.
‘හා නැන්දේ .......’
කියා ඔහුට පුරුද්දට මෙන් කියවුණත් මැගිලින් ආච්චී මිය ගිය බව මොහොතින් ඔහුගේ සිහියට නැගුණි. වහා ලියද්ද මතට නැග දුවන්නට ගත් සෝමේ නතර වූයේ එහා ලියද්දේ වැඩ කරමින් සිටි රත්නේ ළ`ගය.
‘මැ ................මැ................ මැගිලින් නැන්දා’
‘මැගිලින් නැන්දා මැරිලනේ බං................ ’
‘අර ................ අර................’

 
සෝමේ අත දිගු කළ දෙසට රත්නේද හිස ඔසවා බැලූවේය. කහ පාට මල් චීත්තයක් හැඳ තරමක් කොන්ද නවාගෙන දිගු ලීයකින් වාරු ගෙන ඇවිදින මැගිලින් නැන්දා ඔහුද දුටුවේය. එදායින් පසු ගමේ බොහොමයක් දෙනා මේ අත්දැකීමට මුහුණ දුන්නෝය. උදේ රැුයින් කුඹුරට යාම ගොවියෝ අතහැර දැමූහ.
මළහිරු බසින්නට පෙර ගැහැනු හා ළමුන් නිවෙස්වලට වී දොරගුළු ලා ගත්තෝය. මෙතෙක් ගමේ පැවති කි‍්‍රයාශීලී බව වෙනුවට බියෙන් වෙව්ලමින් නෙළුම්ගමේ මිනිසුන්ට ජීවත් වීමට සිදුවිය. මෙයට හේතු වූ තවත් කරුණක්ද තිබුණි.

 
ඩිංගිරි කඩයප්පන් සාදා ජීවත් වූ ගැහැනියකි. පාන්දර තුනට පමණ නැගිට ඉඳි ආප්ප තැම්බීම ඇයගේ පුරුද්දයි. එදිනද ඇය ඉ`දි ආප්ප ටික ළිපේ තබා තැම්බෙන තුරු කහට කෝප්පයක්ද සාදාගෙන කුස්සියේ දොර අසල බිම වාඩිවී සිටියාය. පිළිකන්න පැත්තෙන් බල්ලන්ගේ බිරුම් හ`ඩට ඇය විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. කවුරුන් හෝ තමා සිටින දෙසට එන බව
ඇය දුටුවාය. කළුවරේ හරිහැටි හ`දුනාගත නොහැකි වූ රුව දෙපසට වැනි වැනී එන ආකාරය ඇයට එතරම් ඇල්ලූවේ නැත .
 
‘කවුද?’
‘ඩිංගිරියෝ, මටත් ඔය තේ කහට ටිකක් ගත්තනම්’

‘කවුද ඔය?’
‘උඹට මාව මේ ටික දොහොට අමතක වෙලා ගියාද? මම මැගිලින්නේ බං’
‘බුදු අම්මෝ’

 
ඩිංගිරි ගෙට පැන දොර වසාගත්තාය. මේ සිදුවීම අවසන් වූයේ ඩිංගිරිට තොවිලයක්ද නැටීමෙන් පසුවය.
ගමේ මිනිසුන්ට මෙය මහත් වදයක් බවට පත්විය. දිනපතා ගමේ ගෙදරක තොවිලයක් ලකලෑස්ති වූයේ මැගිලින් ආච්චිගේ අවතාරය ඒ තරමටම ගමේ ගෙවල් අසලට ඒමද වැඩි වූ නිසාවනි. මැගිලින් ආච්චිගේ දරුවන්ටද මෙය මහත් මානසික වදයක් වූයේ ගමේ මිනිසුන් දිනෙන් දින පැමිණ තම මවගේ අවතාරය ගම පුරා හොල්මන් කරන බව පවසන්නට වීමත් සමගය. මෙය ඉවසා ගත නොහැකි වූ තැන දන්නා කියන කපු මහත්වරුන්ගේ පිහිට පතන්නට ඔවුනට සිදුවිය. එහෙත් තොවිල්, යාග හෝම කීපයක් කෙරුණද ඒවායින් ගමට හෝ මැගිලින්ගේ පවුලේ අයට සහනයක්
ලැබුණේ නැත. ඒ වෙනුවට තොවිල් පවිල් කරන්න කරන්න තව තවත් ඇයගේ බලපෑම වැඩිවන බව ගමේ අයට වැටහුණි.

 
මේ අතරතුර දුර බැහැර පන්සලක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගැන හොඳ දැනුමක් ඇති හිමි නමක් පිළිබඳ තොරතුරක් මැගිලින්ගේ දරුවන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු එම පන්සල සොයා ගියෝය.
‘අනේ හාමුදුරුවනේ, දැන් අපිට විතරක් නොවෙයි ගමටම ජීවිතත් එපාවෙලා තියෙන්නේ. අම්මා ජීවත් වෙන කාලේ කිසිම කෙනෙක්ට කරදර කළේ නෑ. අපිට මේක විසඳලා දෙන්න හාමුදුරුවනේ’
‘හො`දයි හොඳයි, මම ඇවිත් බලන්නම්කෝ’
රාතී‍්‍ර හතට පමණ කිසිදු පෙර සූදානමක් නැතිව ඇබිත්ත කොලූවාද සමග හාමුදුරුවෝ මැගිලින්ගේ නිවසට ගොඩවූහ. එහිදී කිසිම වෙනසක් නොපෙන්වූ හාමුදුරුවන් ගෙට ගොඩ වූ ගමන්ම
‘කෝ මේ මැගිලින් අම්මා ඉන්නවද? මම මේ නොදන්න දේවල් වගයක් දැනගන්න ආවේ’ යනුවෙන් පැවසීය.
සිදු වූයේ නිවැසියෝ බලාපොරොත්තු නොවූ දෙයකි.
‘වඩින්න අපේ හාමුදුරුවනේ’
ඒ මැගිලින්් අම්මාගේ හ`ඩය.
‘මම හිතුවේ නෑ මැගිලින් අම්මා ඉඳියි කියලා. මොකද මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා කියන්නේ?’
‘මොන බොරුද හාමුදුරුවනේ?’

 
කතාව බොහෝ වෙලාවක් දිගින් දිගට ගියේය. මළගිය ආත්මයක් සමග සජීවීව තොරතුරු හුවමාරුකරගත් අවස්ථා බොහෝ විරලය. එදා එහි සිටි බොහෝ පිරිසකට ඒ අත්දැකීම ලබන්නට හැකිවිය. සියල්ල අවසානයේ ඇය ඇයගේ ආත්මයෙන් නික්ම යාමට ඉතා කුඩා දෙයක් ඉල්ලා සිටියාය.


‘මගේ කුඹුක් ගහ ළ`ග වෙලේ කුරුලූ ලියද්දේ තුන් මාසයක් යනකම් අල හොදියි බොම්බිලි කරෝලයි එක්ක හැමදාම දවල්ට බත් එකක් තියන්න. මාස තුනකට පස්සේ මම පිටවෙලා යන්නම්. එතකම් මම එතන ඉන්නවා. මම ගම වටේ ගියේ මට කිසිම තැනකින් කටට රහට කෑමක් නොලැබුණ හින්දයි’
 
පොරොන්දු වූ පරිදිම එදායින් පසු ඇයගෙන් ගමට කිසිදු බලපෑමක් ඇති නොවිණි. ඈ පිටව යන්නට ඇතැයි සියල්ලෝ සිතූහ.


Source: Link
 
---පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය--- ---පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය--- Reviewed by InvestCrypto on July 24, 2017 Rating: 5

No comments: