මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

--- දකුනු අතේ මාරකය---


 සුනන්ද උදේම නැගිට්ටේ අනුරාදපුරේ ඉන්න ලොකු නැන්දලගෙ ගෙදර යන්නයි.උදේම බස් එක අල්ල ගත්තොත් වැඩි පමාවක් යන්නැතුව ලොකු නැන්දලාගේ ගෙදර යා ගන්න පුලුවම් වෙයි කියලා සුනන්ද අත්දැකිමෙන්ම දන්නවා.හදිස්සියේම ලොකු නැන්දලාගේ ගෙදර යෑමට සුනන්දට හේතු වුනේ ලොකු ආච්චිගේ 03 මාසෙ දාන කටයුතු වලට සහබාගි වෙන්නයි.

දෙමාපියන්ගෙන් අවසරත් අරගත් 20 වියැති සුනන්ද අනුරාදපුරය බලා පිටත් උනේ උදේ 5ට විතරය.
කෙසේ හෝ අතරමග බසයේ සිදු වු හදිසි ඇනහිටිම නිසා සිතුවාට වඩා පරක්කු වී ඇති බව සුනන්ද ට තේරුනි.මීට අවුරුදු 6කට පෙර අවසානයන්ම ලොකු නැන්දලාගේ ගෙදර ගියමුත් පාර හොදින් මතක වුවත් කාගේ හෝ පැමිනිමක් අවශ්‍ය බව දඩබ්බර හිතට නොදැනුනි.හොල්මන් අවතාර පිලිබද කිසිදු විශ්වාශයක් නොමැති විම නිසා කිසිදු කලබලයක් මොහුගේ සිතේ නොවිය.

බසයෙන් බැස ගත් සුනන්ද තම අත වු ඔරලෝසුවෙ වේලාව බැලුවාය.රෑ 10 කනිසම පසු වි තිබුනද ලොකු නැන්දලාගේ ගෙදරට දැනුම් දීමට හිතක් නොවුනි.

"අප්පෝ මේ කෙහෙල්මල් බස් එක නිසා හොදටම රෑ උනා..ලොකු මාමාට කතා කරනවද..?එක්කෝ ඕනි නෑ මට හොදට මතකයිනේ පාර අව්ලක් නෑ.." ලෙස සිතූ සුනන්ද ගමන ආරම්බ කලාය.
මුලින් මුලින් ගෙවල් කිහිපයක් තිබුනද ටිකක් දුර යන්න යන්න කැලෑව ලංවිය.
"අලි පැන්නොත් තමා වැඩේ..ශික් පඩිකම තියලා මාමාට කතා කරන්නයි තිබ්බේ."
අලින්ට වඩා බයානක දෙයක් මෙහි මේ වනවිට ක්‍රියාත්මක වන බව සුනන්ද දැන සිටියානම්......
තුන්මං හංදියකට සේන්දු වු සුනන්ද කැලෑ පාරට හැරුනේ ලොකු නැන්දලාගේ ගෙවල් වලට යන පාර පිලිබද වු හදිසි ආවර්ජනය නිසාය.

ටිකෙක් ටික ඉස්සරහට යන සුනන්දට පාර අමතක වෙන වගක් තේරුනි.ඒ සැකේ නිසාම මොබයිලය අතට ගත් ඔහු දුටුවේ සිග්නල් කනු නොමැති බවයි.
"ශික්..මගේ පඩිකම නේ සේරටම මුල.පාරත් මතක නෑ වගේ..කලින් මේම පැත්තකින් ගිහිල්ලම නෑ කොහෙද මේ.."

'අ..වු...........අවු.......ආආආවුවුවුවූ...'

එකවරම ඇසුනු කැලෑ බල්ලෙකුගේ මූසල හඩ සුනන්දගේ සිත කලබල කලා කිව්වොත් නිවැරදියි..
"මේ මගුල් අස්සේ බල්ලොත් කෑගහනවා..නොඩකු විතරක්..."
මද චකිතයකින් ඉදිරියට ඇදුනු සුනන්දට තමා දෙස කිසිවකු බලා සිටින අයුරක් දැනෙන්නට විය.මදක් නැවතුනු ඔහු මුලු පරිසරය වටාම දැඩි බැල්මක් දැම්මේය.
"මොකෙක්වත් නෑ ශික් බොරුවට කලබල වෙනවා මං.."

'හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.... හා..'

අමුතු කෙදිරිලි හඩකින් ගැස්සි ගිය සුනන්ද නැවත පිටිපස හැරුනේ ඒ ශබ්දය පිටිපසින් ඇසුනු නිසාය.
"ම්ම්.කව්රුත් නෑ නේ....මොකඩ්ඩ ඒ සද්දේ.."

"හ්හ්හ්හ්හ්හ්හ්....හිහිහි...."

නැවතත් ඇසුනු ඒ හඩ තරමක සමච්චල් හඩකට සමාන විය.
"කවුද..කවුද...මේ හිනා වෙන්නේ....?"

දැඩි නිහඩතාවයක් ඇදි ගිය අතර එකවරම විදුලි කොටමින් වර්ශාවක් ඇද හැලෙන්නට විය.
"මේකනම් කරුමෙ , ශික්, ශික් විතරක් ලගපාත ගෙයක්වත් නෑ අඩුගානේ.."

මෙසේ සිතමින් ඉදිරියට දිව ගිය සුනන්ද දුටුවෙ පාලු පාටට තිබු ගෙයකි.මේ වගේ වෙලාවකට මෙවැනි තැනක් හෝ ලැබිම සුනන්දට රංමසු ලැබුනා හා සමාන විය.ඉක්මන් අඩියෙන් ගේ අසලට ගිය සුනන්ද දොරට තට්ටු කලේය.

"ඩො. ඩො. ඩො."
එකවරම ගෙයින් එලියට පැමිනියේ මහලු කතකි.ඇස් දෙක මදක් නොපෙනෙන බවක් පෙන්වු ඈ වෙතින් දිස් වුයේ මද සුදුමැලි පෙනුමක් ය.

"කව්ද ආත්තම්මා ආවේ....."

එසෙ කියමින් පැමිනි ගැහැනු ලමයා දෙස සුනන්ද බලා සිටියේ කටත් ඇරගෙනය.එයට හේතුව ඇගේ සුන්දරත්වය නිසාමය .

"අනේ..ආච්චි අද රෑට විතරක් මට නවතින්න පුලුවන්ද ලොකු උදව්වක්..."

නුරුස්සනා අයුරින් සුනන්ද දෙස බැලු නමුත් කිසිවක් නොකියා හිස වැනු ඈ සුනන්ද ට ගෙට ඒමට අවසර දුන්නාය.

කිසිදු විරෝදයක් එල්ල නොවීම පුදුමයකි.මන්ද තරුන ගැහැනු ලමයෙකු සිටින වගක් අමතක කර සුනන්දව ගෙදරට වද්දා ගැනිමය...ඒ සියල්ල අමතක කල සුනන්ද ගෙට ගිය පසු ගෙහි දොර වැසුනි.


දවස් තුනකට පසුව සුනන්දගේ බැලිමට පවා නොහැකිව තිබු මිනිය තුන්මං හංදිය අසල තිබු ලදු කැලෑවේ තිබි හමුවිය. මෙහි විශේශය නම් සුනන්දගේ දකුනු අත මැනික් කටුව අසලින් කපා අයින් කර තිබිමයි. ඉන් පසු එම පාර වසා දැමිමට ගම්මු කටයුතු කලාය.

එදා රෑ සුනන්දට සිදු වුයේ කුමක්ද...? අවුරුදු 02 කට පසු යාලුවෙක්ගේ ගෙදර යන මලීශ ටත් ඒ දේටම මූන දෙන්න වේවිද...?


"අඩෝ උබ එහෙනම් මේ පාරත් එනවනේ මලියා..,වරෙන් ඈ චතු උබ එන්නැද්ද කියලා මැරෙන්න හදනවා.."
"හරි බම් එන්නම් යකූ..හෙට ක්ලාස් එකේ එක්සෑම් එකක් දන්නවනේ බම් අම්මගෙ හැටි පොඩි එක්සෑම් එකක් උනත් මගාරින්න දෙන්නෑ කියලා..හෙට එක්සෑම් ඉවරුනු හැටියේ මම් කෙලින්ම අනුරාදපුරේට එන්නම්.."
"යකූ මේ එහෙනම් අපි අද යනවා උබ හෙට වරෙන්.ඇවිල්ලා කොල් එකක් දියන් ඈ"

"අනේ සහනා මේ පිස්සුඩ බම් මම් රැ 12 /1 ට සොහොන ගාවින් ගිහින් තියෙ මට පාර මතකයි නේ උබල එන්නොනි නෑ චතුටත් කියපන් මම් එන්නෑ කියලා පොඩි සප්‍රයිස් එකක් දෙමු...අනික අර වහල තියෙන පාරින් එන්නම් බම් ඒක ලේසි අරකෙන් වට ගහනවට වඩා"
"අනේ මෙන්න වැන්දා උබ පඩිකම් කරනැතුව සුපුරුදු පාරෙන් වර.,"
"අනේ රජෝ තෝත් බයයිද බොරු කතා බොල ඔව්වා අපි අනන්තවත් ගිය අප්‍රේල් වල දවාලට ඇවිද්දේ..."
"මන්දා බම් අමුතුයි වගේ හරි හරි ඒනම් මම් තිබ්බා බායි "
"එල එල බායි මචෝ"

මියයන්න සුදානම් පැරදුම අරන්..
සමරන්න එනවාද සුදු මල් අරන්..
"ආ මේ එන ගමන් බන් බස් එකට නැග්ගා...හරි හරි බම් මං ඒ පාරින් එන්නෑ රෙද්ද..උබලගේ විකාර..හා ඉටිම්..බායි බායි"
ටික වෙලාවක් පාර දෙස බලං සිටි මලිශ නොදැනීම නින්දට වැටුනි..ඔහුගේ සිහිනෙන් පැමිනියේ සුදු උසැති තරුනයෙකි.ඔහු මලීශ දෙස බලා දුක්බර ලෙස එන්නෙපා කියන්නාක් මෙන් මුන සකසා බලන් සිටියේය.එකවරම මලිශ දෙසට පැමිනි ඔහුගෙ මූන විකුර්ති වී මල යකින්නක් වී මලිශගේ දකුනු අත කඩා ගෙන කන්නට විය.
"එප එපා...එපා....."

"මල්ලි මල්ලි නැගටිනවා..."
කොන්දොස්තරගෙ පෙරැත්තෙන් නැගිටගත් මලිශගේ ශරීරයෙන්ම දහඩිය පෙරන්නට විය.
"අහ්..මොකද්ද උනේ...."
"මල්ලි හීනෙන් බය වුනා මම් හිතන්නේ මල්ලි තව හෝල්ට් එකයි අනුරාදපුරේ .."
"අහ් එහෙමද අයියේ.ටිකක් රෑ වෙලා නේ.."
"ඔව් මල්ලි ගෙදරින් එනවනේ නේද..තනියම එහෙම යන්න එපා..."
" අයියෝ අව්ලක් නෑ අයියේ මට ගියහැකි.."
"පිස්සු නටන්නැතුව කාටහරි එන්න කියනවා මේ හොද කාලයක් නෙවේ..."
"හා හා අයියෙ"

මලිශ එසේ පැවසුවත් ඔහුගේ මුරන්ඩු ගතිය් නිසාම කාටවත් එන්නැතිව, තනියම යනවා කියා සිතාගත්තාය.
බසයෙන් බැසගත් මලිශ එකවරම නැවතුනේය.
'මියයන්න සූදානම්..'

"ආ කියු මේ එනගමන් එන්නොනු නෑ බම් හරි වටෙන් එන්නම් බායි. "
මුංට නම් පිස්සු බොරුවට බය වෙන්නේ.,මුංගේ බය නැති කරන්නම වහපු පාරෙන් යන්නෝනි.
විසිල් කර කර ගමන පටන් ගත්තාය.මදක් දුරට යද්දි මද වැස්සක් පටන් ගත්‍ර්තාය.
'කරුමේ මගේ තුම්මං හංදියට ආවා දැන් මොකද කරන්නේ..අර වටෙන් යද්දි හොද පන යාවි මගේ...කැලෑ පාරෙන් යනවා තාම 9ය පහු උනා විතරයිනේ..."

කැලෑ පාරට හැරුනු මලිශ හිමින් හිමින් පාර වසා තිබු වැට පැන ගමන ආරම්බ කලාය..
ඔහු ඉදිරියෙන් සුදු කමිසයක් හා කලු කලිසමක් ඇදගත් තරුනයෙක් හිමින් හිමින් ගමන් කරන යුරු දුටුවාය.
"මේ කට්ටිය යන පාරක් නේ බලං ගියාම මම් විතරක් ඈ මේ ඔනි තරම් කට්ටිය යන්නේ...!"
තමාටම තනියෙන්ම මුමුනා ගත් මලීශ හනිකට අර තරුනයා දෙසට දුවන්නට විය.
"මේ..හලෝ මචං පොඩ්ඩක් හිටපංකො..."
එකවරම ඇවිදිම නතර කල ඔහු මලීශ දෙසට හැරුනේය.පුදුමයකි ඔහුව මීට කලින් දැක ඇති සෙයක් මලීශට තේරුනි.

"අහ්..අයියේ මේ ඔයා කොහෙ යනගමන්ද.."
"අහ් මම් මේ ලොකු නැන්දලාගේ ගෙදර යනගමං ඇයි ඔයා මේ පාරෙන් ආවේ..."
"එහෙමද මාත් මේ යාලුවෙක්ගේ ගෙදර යන ගමන්..වටේ පාරෙන් යනවට වඩා මේ පාර යන් එක ලේසි..අනික මං විතරක් ඈ ඔයාත් යන්නේ...මේ ගමේ මිනිස්සුන්ගෙ බොරු කතා..නැද්ද අයියේ "
කී මලීශ තරුනයා දෙස බැලුවේය.ඔහුගෙ පෙනුම අමුතුය.අදික සියුමැලි පෙනුමක් සතු විය.එමෙන්ම එක් අතක් සාක්කුව තුලට දාගෙන සිටියාය.
"බොරු නෙවෙයි මල්ලි ගමේ මිනිස්සු කියන්නේ මේ පාර හොද නෑ ඔයා ආපහු හැරිලා යන්න..නැත්නම් ඔයාට මොනවා වෙයිද දන්නෑ.."

කිසියම් ගුප්ත බවකින් පැවසු ඔහු මලිශ දෙස දුක්බරව බලා සිටින්නට විය.
"ඇයි ඒම කියන්නේ අයියේ මොකක් හරි වෙලා තියෙයිඩ මේ පාරේ යන අයට...?"
"හ්ම් මීට අවුරුදු 2කට කලින් ඔයගෙ වයසෙම කොල්ල්‍ර්ක් ඔයා වගෙම මුරන්ඩු වැඩක් කරන්න ගිහින් මැරුම් කෑවා."

"ඉතිම්...ඒක දැන දැනත් ඔයා ඇයි..මේ පාරෙන්ම යන්නේ...."
"මොකද...,මං අයිති දැන් මෙහාට නිසා හහ්හ්හ්හ්හ්හ.."
'ආවුවුවුවුව....වුවුවුව්ව්හ්හවූ..............'

එකවරම මලීශ ගැස්සි ගියේ කැලෑ බල්ලන්ගේ උඩු බිරිමට නොව ඒ තරුනර්‍යාගෙ හිනාවටය.
එකවරම බිම දනගසාගත් ඔහු හයියෙන් අඩන්නට විය.ගැහෙන කකුල්‍ර්න් ඔහු අසලට ගිය මලීශ..,
"අ..යියේ...ආආඅයි..ය්‍රෙ.."
"ඉහි ඉහි ඉහි මේ බලපා.න් මග්‍රෙ දකුනු අතට උනු දේ....මෙහෙන් පලයා...ම්"
එහි තරුනයා මලීශට පෙන්වුයේ කෑලි කෑලිවු පනුවො බේරෙන ඔහුග්‍ර්‍ර් දකුනු අතය..මලිශට උන් හිටි තැන් අමතක විය.
"බුදුඅම්මෝ......."

කියා ගත් මලීශ පන කඩා ගෙන පසුපස හැරී දුවනවාට වෙනුවට ඔහු පසුකර දුවන්නට විය..අවසිහිය්‍ර්න් මෙන් දුවගිය මලිශට ගරා වැටුනු ගෙයක් දකින්නට ලැබුනි.එහි ආලෝකයෙන් කවුරුන් හෝ ඉන්න බවක් තේරුනු මලීශ වහා එහි ගොස් දොරට තඩිබාන්න විය.
"අනේ..මේ දොර අරින්න..ප්ලීස්...අරින්නෝ..."
එකවරම දොර විවර විය.එයින් එලියට ආවේ රූමත් තරුනියකි..
"අනේ මොකද උනේ...ඔයාට ,ඇයි මේ බය වෙලා...කියන්නකෝ.."
"අනේ මට ගෙට එන්න පුලුවන්ද?"
"එන්න එන්න "කී ඈ දොර විවර කර මලිශව ගෙට ගෙන දොර වැසුවාය.
මේ සියල්ල දෙස දුර්මුකව බලා සිටි තරුනයා (සුනන්ද) දුක්මුසුව නැවත ආපසු හැරි යන්නට විය.

"ඔයාට මොකද උනේ අන්‍රෙ මේ වතුර එක බොන්න..."
"තෑන්ක්ස් ඔයාට කෝ ඔයාගෙ අම්මලා..." කි මලිශ වතුර වීදුරුව එක හුස්මට බී ගෙන ගියාය.
"මගේ දෙමාපියෝ නෑ ආච්චි විතරයු ඉන්නේ එයා කාමරේ නිදි හොදටම.."
"එයා ඔයාට බනිද දන්නෑ මාව ගෙට ගත්ත එකට..."
"අපෝ නෑ ඒම නෑ අසරන අයට උදව් කරන එක තමා අපි කරන්නේ.."
කී ඈ මලීශ දෙස බලා සිටියේ ඇස් පිල්ලමකදු නොගසාය.

"එහෙමද මෙහෙ ෆෝන් එකක් නැද්ද මට යාලුවට කෝල් එකක් ගන්නොනි"
"අයියෝ නෑනි ඒක නෙවෙයි ඇයි ඔයා බය වෙලා වගේ හිටියෙ.."
"අහ්..ම්‍ර්‍ර් ඔයා පිලිගන්නැතිවෙයි මට එද්දි අයියා කෙනෙක් හම්බුනා එයාගේ අත මග්‍රෙ දෙවියන්‍රෙ එයාගේ අත කෑලි කෑලි ඒ මදිවට එයා....හිනා වු නු විදිහ...එයා මම් හිතන්නේ හො.ල්මනක්..."
"අහ් ඒමද ..?" කී ඇය කිසිවක් නොවු ගානට මා දෙස බලා සිනා සෙන්න විය.
ඒත් සමගම අමුතු ගදක් මුලු කාමටය්‍ර්න්ම දැනෙන්න විය.
"ඇයි ඔයා ගානක් නැතුව ඉන්න්‍ර්‍ර් ඒක නෙවෙයි මොකද්ද ඒ ගද..."
ඉවසගැනීමට නොහැකි වූ බැවින් මලීශ නහය වසාගත්තාය.

'හ්හ්හ්හ්හ්හ්හ්හ්...හ්හ්හ්හ්හ්හ්හ්...හහ්හා...'
"ඈ කවුද න්ංගි ඔයා කොහෙද...නංගී......"
'හි හී හී....හිහි....'
එකවරම මලීශ දුටුවෙ ඔහුට එහා පැත්තේ සිටි කොන්ඩේ කඩාගත් ඇයයි.
"හි හී උබ...වැරදි ගෙදරට ආව්‍රෙ හිහි හී...""

එකෙකුග්‍ර්න් බේරි තමා ඊට වඩා මල යක්ශනියක් ලගට පැමිනි ඇති බව මලීශට ඉවෙන් මෙන් තේරුනි.
එකවරම යකින්න මලීශ දෙසට හැරුනි.ඈ දෙස බැලිමට පවා නොහැක.කොන්ඩය මූනට කඩා වැටී ඇස් දෙකම සුදු පැහැති වී හා ඉන් නොනවත්වා ලේ ගලන්නට විය.කටෙහි උල් දත් හා පනුවෝ වැගිරෙන්නට විය.ඇය උන් චරස් වීමට හප කර බිම දමයි.එමෙන්ම ලේ ද කටින් වැගිරෙන්න විය.

බාගෙට වු වැරහැලි ඇද උන් ඈගෙ දකුනු අත මැනික් කටුව අසලින් නොවීය.ඉන් ලේ වැගිරෙන්නට විය.
බලා සිටිමට නොහැකි මේ සිදුවිම් දෙස බලා සිටි මලීශ ක්ලාන්ත විමට මෙන් ආසන්න විය.
"උබ මෝඩයා උබ අරුට බය වෙලා මා ගාවටම ආවා හ්හහ්හා දන්නවද ඌත් උබ වග්‍ර්‍ර්ම මට අහුවෙලා මැරුම් කාපු එකෙක් ඌ උබව මෙහෙන් පිට කරන්න කොච්චර හැදුවද වැඩක් නෑ උබ ඒවා තේරුම් ගත්තේ වැරදියට....හිහිහීහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."

මලීශ අඩපනවී සිටියේ මේ සියල්ල අදහාගත නොහැකිවය.
එකවරම ඔහු දුටුවේ මැනික් කටුව අසලින් ගැලවුනු පනුවෝ පිරුනු අතක් ඇගිලි වලින් ඔහු අසලට පැමින්‍ර්න අයුරුය..එහි විශෙශය නම් ඒ අතට ඇගිලි 6ක් තිබීමය.
ඒ ඇගිලි 6යේ අත ඇගිලි වලින් පැමින ඔහුගේ ගෙල සිරකර අල්ලාගෙන මිරිකන්න විය.ඒ අත ගලෝගැනීමට මහත් උත්සහයක් කල ඔහුගේ සිහිය මෙන්ම හුස්මද නතර වීමට ආසන්න විය.

"මලීශයා...ඒ මලීශයා...ඒ නැගිටපන්...බම් අන්‍ර්‍ර්...නැගිටපන් බං....."
සහන්ගේ කෑගැසිම නිසා හිමිට දෑස් විවර කල මලීශ දුටුවේ තමා වට කරග්‍ර්න සිටින ගමේ මිනිසුන්ය. චතූ බය වී හඩමින් සිටි.
"ඕං ඒසවාහ්..ඔහ් නමෝ......"
තෙල් වලට මතුරමින් සිටියේ ගමේ කට්ටඩි මහත්තයාය.ඔහු මතුරන ලද තෙල් මලීශග්‍ර්‍ර් ඔලුවට හා උරහිස් දෙකෙද කකුල් යටි පතුල්‍රේද ගා මතුරපු නූලක් බෙල්ලට දැමු පසු ඔහුට කතා කිරිමට හැකිවිය.

"අන්‍ර්‍ර් සහනා මම් කෝමද බේරුනේ බං මං හිටියේ අර යක්සනිගේ ගෙදරනේ..."
"නෑ බම් උබ හිටිය්‍ර්‍ර්‍ර් සිහි නැති වෙලා තුම්මං හංදියේ ලදු කැලෑවෙ උබ පරක්කු නිසා මායි මේ අංකල්ලා දෙන්නයි උබව බලන්න ආව්‍රෙ උබ කටින් සෙම පෙරා ග්‍ර්න වැටිලා හිටිය්‍ර්‍ර් අපි උබව අරග්‍ර්න ගෙදර ආවේ මොකද උනේ උබට.."

සිදු වූ සියල්ල කීමෙන් අනතුරුව මලීශ ..,
"මට හිතාගන්න බෑ මං කෝමද බේරුනේ කියාලා...?"
සියල්ල අසා සිටි ගම්‍රෙ ඉන්න වයසකම මනුස්සයා වූ සහන්ගේ සීයා මලීශගේ දකුනු අත අරගෙන තමාගේ අත උඩින් තියා ගෙන මෙසේ කිවාය.
"පුතේ ඔයා බේරුනු එකම හේතුව ඔයාගේ මේ දකුනු අත..හැබැයි ඔයාගේ අතත් අපේ වගේ උනානම් අද මෙතන ඔයා නෑ..."
අත දෙස බැලු මලිශට කිසිවක් සිතාගත නොහැකු විය.

"ඔව් පුතා ඔයාගේ අත විශේශ අතක් හරියට මීට අවුරුදු 100කට කලින් ඔය වහපු පාර ඒ කියන්නේ මංතොට පාරේ ගෙදර හිටපු රංගිරි එතානා කට්ටඩි ගෑනිගේ අත වගේම ඇගිලි 6ක් තියෙන අතක් ..ඒකාලේ ඒ ගැනී කරපු කට්ටඩි වැඩ නිසා ගමට ගොඩක් කරදර උනා ඉටිම් ගමේ මිනිස්සු එකතු වෙලා ගෑනිගේ දකුනු අත කපලා ගෑනිග්‍රෙ ගෙදරදිම ගෑනිවයි ඒ ගෑනිගේ මහ ගෑනිවයි ගිනි තියලා මැරුවා ..."
"ඇයි සියේ එයාගේ දකුනු අත කැපුවේ..." ඒ ප්‍රශ්නය චතූගෙනි.

"මොකද මිනිස්සු විස්වාශ කලා මේ ගෑනිට මේම වැඩ කරන්න පුලුවන් උන්‍ර්‍ර් ඒකිගේ මේ විශේශ අත නිසා කියලා...ඔය ගෑනි හරියට පව්ල් කඩලා ලමයි මරලා තියෙයිලු.ඉතිම් ම්‍ර්‍ර් ගෑනිව මැරුවට පස්සේ ඔය හරියෙන් යන්න බෑ පහුවදා මිනිය හම්බ්‍ර්නනේ දකුනු අතත් නැතුවලු..පස්සේ ලොකු කට්ටඩියෝ 5 දෙනෙක් ගෙනල්ලා ආත්ම්‍රෙ හිර කරලා ඒත් ආයි ඒක ක්‍රියාත්ම වෙලා ...දැනට අවුරුදු දෙකකට කලින් තරුන වයසේ කොල්ලෙක් මැරුනා ඊට කලිනුත් මැරිලා තියෙයි.මුරන්ඩු කොල්ලො තමයි ඔය පැත්තෙන් ගීන් මැරිලා තියෙන්නේ ගමේ උන් නම් ඔය ලගකින්වත් යන්නෑ"

මේ සියල්ල පුදුමයෙන් අසා සිටි මලීශ ඇතුලු සියල්ලෝ මලීශගේ අත දෙස බැලුවාය.
"ඉතිම් සීයා කෝමද හරියටම කියන්නේ මලීශගේ ඇගිලි 6 නිසා මලීශ බේරුනා කියලා..."
ඒ සහන්ය.

මදක් හිනා වූ සියා ඔහුගේ දකුනු අතේ මහපට් ඇගිල්ල ලග තිබු කැලල පෙන්නුවාය.
"මේ කොලුවා වග්‍ර්‍ර්ම මාත් ඔය ඉරනමට මූන දීලා බේරිලා ආපු එකෙක් තමා..පස්සේ පොඩි රන්ඩුවකදි කැත්තක් වැදිලා ඒ වැඩිපුර ඇගිල්ල අයින් කරන්න උනා..ඒකත් වාසනාව හරි හරි දැන් කොල්ලට මහංසි ඇති උබලා ගෙවල් වලට පලයල්ලා..."

ඒම කියු සීයා මලිශ දිහා බලලා සිනාසුනාය.මලිශද තමාග්‍ර්‍ර් අත දෙස බලා හිතුවේ තමන් හැමතිස්සෙම දුක්වෙන මේ වැඩිපුර ඇගිල්ල නිසා තමාගේ ජිවිතේ බේරුනා කියාය.

Source: Link




--- දකුනු අතේ මාරකය--- --- දකුනු අතේ මාරකය--- Reviewed by InvestCrypto on February 26, 2018 Rating: 5

No comments: