මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---ධවල කන්‍යාවිය---



"මල්ලි අද අපි ගමනක් යනවා ඔයා රෑට කොහෙන් හරි කන්න "

කාර්යාලයේ තේ වෙලාවේ නාද වූ ජංගම දුරකථනයට ඇමතුම බෝඩිමෙනි.ඇවිල්ලත් තාම එක දවසයි දැන් ඉතින් අතින් කාපන්කො.මලිත් තමාටම කියා ගත්තේ ආපන ශාලාවෙන් පිටවී යමිනි.
මලිත් ගම්මානයේ හැදී වැඩී කොළඹට පැමිණියේ කාර්යාලයක ගිණුම් සහායකයකු ලෙස ලැබුණු රැකියාව නිසා‍ය. තදාසන්න කොළඹ ප්‍රදේශයේ අඩුවට බෝඩිමක් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි .නමුත් පැමිණි පළමු දිනයේම කාර්යාලයේ යහලුවකු මාර්ගයෙන් මෙම බෝඩිම සොයා ගැනීමට හැකි වීම ඔහු භාග්‍යයක් ලෙස සැලකුවේය.

අලුත විවාහ වූ යුවලක් පමණක් සිටින තරමක් විශාල වත්තක් මැද පිහිටි විශාල දෙමහල් නිවසක් වූ එහි පිටත කාමරයක් මලිත්ට ලැබුණි. නිස්කලංක පරිසරයක කවදත් ඇලුම් කළ ඔහුට මෙය කදිම නවාතැන්පොළක් විය.
කාර්යාලයේ වැඩ නිමවී යතුරු පැදියට නැගුණු මලිත් බෝඩිම කරා ගමන් කළේ ය. හන්දියේ පිහිටි හෝටලය අසල යතුරු පැදිය නතර කළ ඔහු කොත්තුවක් ඇණවුම් කළේ රාත්‍රී ආහාරය සඳහා රැගෙන යාමටය. ඇණවුම ලැබෙනතුරු අසල පුටුවක හිඳ ගත් ඔහු අසල හිඳ ගත්තේ මැදිවියේ පුද්ගලයෙකි. "මල්ලි මේ පළාතට අලුතෙන් ද "?

"ඔව් මම ළඟ බෝඩින් වෙලා ඉන්නේ"
" කොයි හරියෙද "
"404 ගෙදර අර පොල් වත්තක් මැද තියෙන"
" 404 "ඔහු විමසුවේ විමතියෙන් දෑස් විශාල කර ගනිමිනි.
"ඇයි අයියා දන්නවද ඒ ගෙදර?"

ඔහු කිසිත් නොකියා එතැනින් නැගිට යාම මලිත් තුළ ඇතිකළේ කුතුහලයකි. බෝඩිම බලා පැමිණෙන විට රාත්‍රි 7.00 පමණ වී තිබුණි . මල බැදී තිබූ යකඩ ගේට්ටුවේ එල්ලී තිබුණේ දිරාගිය බෝඩ් ලෑල්ලකි.එහි 404 ලෙස සටහන් වී තිබුනේය. ඈතින් පෙනුන නිවසේ ඉදිරිපස පමණක් මලානික විදුලි බුබුලක් දැල්වෙමින් තිබුණි.පොල් වත්ත මැදින් වැටුනු පාර දිගෙ මලිත් යතුරුපැදිය ධාවනය කළේය. හදිස්සියේම කොහේදෝ සිට පාර හරහා පැන්න කලු බලල් තඩියෙක් නිසා මලිත් නොවැටී බේරුණේ අනූනවයෙනි.

" මොන මගුලක්ද"
මලිත්ට කියවුණේ ඉබේමය.

නිවසේ ඉදිරිපස යතුරු පැදිය නතර කරන මලිත් බෑගයේ තිබී සොයාගත් යතුරු කැරැල්ලකින් පිටත කාමරය විවෘත කළේ ය." කරස් "හඩක් නංවමින් දොර විවෘත වූයේ අවට පරිසරයේ නිහඬ බව බිඳිමිනි. තරමක් කුඩා කාමරයක් වූ එහි ඇඳක් මේසයක් හා කුඩා අල්මාරියක් විය. සියල්ල පැරණි ගෘහභාණ්ඩ විය. ඇඳුම් උනා දමා තුවායක් ගත දවටා ගත් මලිත් ගමන් කළේ දිය නෑම සඳහා‍ය.දිය නෑමට වූයේ එලියේ සවිකර තිබූ වතුර කරාමයකි. අවට පරිසරය වූයේ දැඩි නිහැඬියාවකි. සද පායා තිබූ රාත්‍රියේ අඳුර මදක් අඩුවී තිබිණි. අවටින් ගස් කොළන් සොලවමින් හැමූවේ සීත සුළඟකි. සිතල වතුර බින්දු ඇග දැවටෙද්දී ගීතයක කොටසක් සිවුරුවන් බෑවේ ඉබේටමය.

දිය නා කාමරයට අවිත් මේසය මත හිඳගත්තේ රාත්‍රි ආහාරය ගැනීම සඳහාය. මලිත් තිගැස්සී ගියේ නිවසේ ඉදිරිපස එල්ලා තිබූ සීනුව නාදවීම නිසාය.ඔහු වේලාව දෙස බැලිය .වෙලාව රාත්‍රී 10 පසු වී තිබුණි.මේ වේලාවේ කවුරුන් පැමිණියේද? සිතිවිලි දාමයක් තුල සිරවුණු මලිත් කාමරයේ දොර විවෘත කළේය.
දුටු දසුනින් මලිත් මදක් විමතියට පත්විය. ඉස්තෝප්පුව මත සිටගෙන සිටියේ සුරූපී තරුණියකි . සුදු පැහැති ගවුමකින් සැරසී සිටි ඇය අත ගමන් මල්ලක් විය. කළු පැහැති කෙස් වැටිය නිදහසේ කඩා වැටෙමින් තිබුණි .දිගු නිල් නෙත් යුගලත් සිහින් දෙතොලත් මුහුනට එක් කළේ පියකරු බවකි. පිරිපුන් ලැම පෙදෙසත් සිහින් ඉගත් මොහොතකට මලිත්ගේ තරුණ සිත සොයා ගත්තේය. ඇය මලිත් දෙස බලා මද සිනහවක් පෑවාය.

"අයියේ ගෙදර කවුරුත් නැද්ද?"
අය විමසුවේ සිහින් ස්වරයකිනි.
" නෑ ඒ ගොල්ලො ගමනක් ගිහිල්ලා ඔයා කවුද?"
" හා එහෙමද මම ඒගොල්ලන්ව දන්නවා දුර ඉඳලා ආවේ මං හිතුවේ ඒ ගොල්ලෝ ඇති කියලා"
ඇය පැවසුවේ දුක්මුසු ස්වරයකිනි.
"දැන් ඉතින් මොකද කරන්නේ මේ රෑ යන්නේ කොහොමද ?"
මලිත් පැවසුවේ බැරෑරුම් ස්වරයකිනි .
" ඒක තමයි මොනවා කරන්නද මන්ද"
ඇය බිම බලාගෙන පැවසුවාය .
" මේ කාමරේ විතරයි තියෙන්නේ. අනිත් ඒවා වහලා, මොනවා කරන්නද ඉතින් ඔයා එහෙනම් මේකෙ ඉන්න මම එලියේ නිදාගන්නම්"
මලිත් පැවසුවේ වෙනත් කළ හැකි යමක් නොවූ නිසාවෙනි.
" මන් නිසා අයියාටත් කරදරයි "
ඇය පැවසුවාය .
"ඔයා රෑට කාලා ද ?"
"කෑම නම් එපා වතුර එකක් දෙනවාද?" ඇය විමසුවාය.

මලිත් කාමරයට ගමන් කළේ ඇය ඉස්තෝප්පුවේ සිටියදීය. ව්තුර වීදුරුවක් රැගෙන මලිත් පැමිණියේ ය. යුවතිය පෙනෙන්නට නැත. මලිත් හඬ නඟා කතා කළද ඇය පෙනෙන්නට සිටියේ නැත. ඔහු මිදුලට බැස වටපිට බැලූවේය.ඔහු දුටුවේ අදුර අතරින් පාර දිගේ පිටුපා ගමන් කරන යුවතියයි .වීදුරුව පසෙකින් තබා ඔහු ඈ පසුපස දිව ගියේය. අවට වූ සද එළිය නිසා අඳුර මදක් පහ වී තිබුණි . රැහැයියන්ගේ හඬ හා මුසු වූ සීතල සුළඟ ඇඟ කිළිපොළා යයි.

" නංගියි ඔහොම ඉන්න "

මලිත් කෑගැසුවේය .එඇය නෑසුනා සේ ඉදිරියට ගමන් කළාය .දැන් ඇය පාරෙන් ඔබ්බෙහි වූ පොල් ගස් යාය දෙසට ගමන් කළාය. ඇය කොහේ ගමන් කරනවාද සිතාගත නොහැකිව මලිත්ද ඇය පසුපස ගමන් කළේය .ඇය දැන් පිවිසෙන්නේ වත්ත කෙළවරෙහි වූ ගරා වැටුණු ගොඩනැගිල්ලක් වෙතය. එහි අබලන් වූ දොරටු වෙන් ඇතුලට ඇය ගමන් කර කරනු මලිත් සද එලියෙන් යන්තම් දුටුවේය. ඔහු ඒ දෙසට ගමන් කළේය. පොල් රුප්පා අතරින් මෝදු වූ සඳ එළිය හැරුණු විට පරිසරය අඳුරුය. ගොඩනැගිලි දොර තල්ලු කල විට කර කර හඬක් නංවමින් එය විවෘත විය . තනි කාමරයක් වූ එහි වහලයේ තැනින් තැන සිදුරු සෑදී තිබුනි.ඒ අතරින් සඳ එළිය මෝදුවෙමින් පැවතුනි .මලිත් කාමරයට ඇතුලු විය.නමුත් කාමරය තුළ ඇය නොවීය.

මලිත් " නංගී" කියා ඇමතුවේ ය .මොහොතක නිහඬතාවයක් පැතිරී ගියේය. මලිත්ගේ උරහිස මතට දැනුනේ සීතල අතක ස්පර්ශයකි .ඔහු තිගැස්සී ආපසු හැරී බැලුවේය. ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ පෙර දුටු යුවතියයි. ඇගේ හිසෙන් ලේ ගලමින් පවතින .එහි වූයේ විශාල තුවාලයකි. රුධිරය තැවරුණු සුදු පාට ඇඳුම් රතු පැහැයෙන් දිස් විය .ඇයගේ මුහුණේ වූයේ වියරු සිනවකි.ඇය මලිත් දෙසට සැනෙකින් කඩා පැන්නේය.මලිත් සිහිසන්ව වැටුණි.

පසු දින මලිත් සිටියේ ඔහුගේ කාමරයේ ඇද මතයි.නිවසේ අයිතික්රුවන් මෙන්ම තවත් පුද්ගලයින් කීපදෙනෙකු වට වී සියහ.මලිත් නින්දෙන් අවදි විය.ඔහු ඇද මත් ඉද ගත්තේ ගැහැනියක සිය ඇදුම හරි ගස්සා ගෙන ඉද ගන්නා අයුරිනි.මීලගට ඔහු අවට සිටියවුන් දෙස එල්ල කලේ දරුණු බැල්මකි.ඔහු තරහින් ගොරවන්නට විය.මීලගට ඔහු ඇදෙන් නැගිට සිටිය වුන් ව්ව්ත ගමන් කලේ ලලනා ගමනකිනි.එකිනෙකාගේ මුහුණු දෙස බලමින් ඔහු ගමන් කලේය.

"කෝ ඌ තාම ඇවිත් නෑනේ" මලිත් පැවසුවේ ස්ත්‍රී කටහඩකිනි.මීලගට ඔහු වේගයෙන් නිවස තුලට දිව ගියේය.රැස්ව සිටි පිරිස ඔහු පසු පස ගමන් කලේය.ඔහු නිවසේ උඩු මහලට පිවිසෙන පඩි පෙල පාමුල උඩුබැලි අතට වැටී සිහි සන්ව සිටියේය.

මේ වන විට මන්ත්‍ර ශාස්ත්‍ර වලට දක්ශ හිමි නමක් කැදවා තිබුණි.මලිත් ඇද මත වැතිරී සිටියේය.මලිත්ගේ පියා ඔහු සොයා පැමිණියේ මේ අවස්තාවේය.ඔහු මලිත්ගේ හිස අතගෑවේය.මලිත් ඔහුගේ ගෙල මතට කඩා පැන්නේ සැනකිණි.

"උබ ආවද උබ එනකන් තමා මන් අවුරුදු 15ක් බලන් හිටියේ"
මලිත් වියරු ස්ත්‍රී හඩකින් පැවසුවේය.
මලිත්ගේ පියාගේ ගෙල මලිත්ගෙන් මුදා ගත්තේ අවට පිරිසගේ මැදිහත් වීමෙනි.
"උබලා පැත්තකට වෙයල්ලා මන් මූව මරණවා.උබලා මගේ හැටි දන්නේ නෑ"
මලිත් පවසනවාත් සමගම ජනේලයේ වීදුරු බිදී ගියේ මහ හඩක් නන්වමිනි.
"ඒ වා කොහේද මන් ඉන්නකන්" හිමි නම හඩ අවදි කලේය.

"හ හ හා හා"
"පුලුවන් දෙයක් කරනවා" මලිත් වියරු ලෙස පැවසුවේය.
"ආ එහෙමද උබ කව්ද" හිමි නම විමසුවේය.
" නෑ මන් කියන්නේ නෑ"මලිත් නැවතත් සිනාසුනේය.
"මන් කියවන්නම් කෝ" හිමි නම පිරිත් පැන් කලය අතට ගනිමින් පැවසුවේය.
"එප එපා ඕවා ඉහින්න එපා මට මෙහෙන් යන්න බෑ මට යන්න බෑ"
මලිත් හඩා වැටුනේය.

"එහෙනම් කියමු තමුන් කව්ද කියලා"
"මන් තමා මේ ගෙදර කලින් අයිති ඩේවිඩ් හාමුගේ දුව තෙරේසා.තාත්තා මැරුණට පස්සේ බාප්පයි මෙන්න මූයි එකතු වෙලා මට බෙහෙත් පොවලා අර පඩි පෙලින් තල්ලු කරලා මැරුවා.මොකද මගේ දේපොල ලියලා තිබ්බේ මගේ නමට.මන් මැරුනොත් විතරයි ඒවා බාප්පට අයිති වෙන්නේ."මලිත් හඩමින් පැවසුවේ සිය පියාවෙත ඇගිල්ල දිගු කරමිනි.
"ඊට පස්සේ" හිමි නම විමසුවේය .

"ඊට පස්සේ මුන් මාව අන්න අර මඩුවේ අත්තිවරමේ වැලලුවා" මලිත් පැවසුවේ වත්තේ කෙලවර වූ ගොඩනැගිල්ලක් වෙත දිගු කරමිනි.

"ඉට පස්සේ මුන් බයට වත්ත වටේ ආරක්ෂාක් දැම්මා එතන තමා මුන්ට වැරදුනේ මොකද ඒ වෙද්දිත් මන් මේ වත්තේම තමා හිටියේ ඉතින් අදටත් මට මේකෙන් පිට වෙන්න බෑ.මන් බාප්පාව මැරුවා එදාම මූ මේකෙන් පිට වෙලා ගියා බයට,ඉතින් මුගෙන් මට පලිගන්න බැරි උනා මන් අවුරුදු ගානක් බලන් හිටියා.අන්තිමට මුගේ පුතාම මෙහෙට ආවා ඊයේ.මන් දන ගත්තා ඒක තම හොදම ක්‍රමය මූව ගෙන්න ගන්න,දැන් මන් මූව මරණ්වා"
මලිත් පැවසුවේ සිය පියා දෙස බලා ගොරවමිනි.

"ඒවා කරන්න දෙන්න බෑ මන් ඉන්නකන්.තමුන්ගේ ආත්මේ පිරිසිදු කරගන්නවා තවත් පව් රැස් නොකර" හිමි නම පැවසුවේ කහ පැහැ පිරිත් නූලක් මලිත්ගේ ගෙල බදිමිනි.
මලිත් හූ කියමිනි නිසල විය.

හිමි නම්ගේ මග පෙන්වීම මත ගොඩනැගිල්ලේ අත්තිවාරම කඩා දමන ලදී.එහි සිමෙන්ති පොලව යට තිබී හමු වූයේ දිරා ගිය ඇට සැකිල්ලකි.එහි ඇද තිබූ සුදු ගවුමේ කොටස් කීපයක් ඉතුරු වී තිබුණි.ඇට කැබලි ගොඩ ගෙන පාන්සකූලය දී මතක වස්ත්‍ර පූජාකොට තෙරේසාගේ අවමන්ග්ල්‍ය චාරිත්‍ර ඉටු කර ඩේවිඩ් පවුලේ සුසාන බූමියේ තෙරේසාගේ ආදානය සිදු කෙරිණි.එලෙසම නිවසේ වල දමා තිබූ ආරක්ෂක බන්දනද ගලවා ඉවත් කෙරිණි.

ඉන් පසු නිවසට යලිත් තෙරෙසාගේ ආත්මයෙන් බලපෑමක් නොවීය.
නමුත් අවමන්ග්ල්‍යයට සහබාගී වී නිවස බලා ගමන් කල මලිත්ගේ පියා බස් රතය පෙරලී මරණයට පත් විය.තෙරේසා ඇගේ පලිගැනීම සම්පුර්ණ කලේද??

නිමි


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


---ධවල කන්‍යාවිය--- ---ධවල කන්‍යාවිය--- Reviewed by InvestCrypto on March 05, 2018 Rating: 5

No comments: