මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---අනූගේ කතාව---


 මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. අැය නමින් අනූ...

අනූ දුටු දුටුවන් වශී කරන්නට තරම් ඉතාම ඉහළ රූප සොභාවක් තිබ්බ කෙනෙක්. එයා කාලයක් කෑගල්ලෙ විදුහලක උගන්වලා තියනවා. එ් ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමකට අාපු කෙනෙක් මෙයාගෙ රූපයට වශීවෙලා එයාගෙ අැමරිකාවෙ ඉන්න මල්ලීව අනූට යෝජනා කරලා තිබ්බා. එයාට අපි කවිඳු කියලා කියමු. කවිඳු සහ අනූ ඉතාමත් අාදරයෙන් හිටපු දෙන්නෙක්. මේ කතාව කියන සිද්ධිය වූ වසරේ සැප්තැම්බර් වල එයාලාගෙ විවාහය පවත්වන්නටයි යෙදිලා තිබුනෙ.

අනූ එයාට තිබ්බ අපල නිසා දළදා මාලිගාවට කිරිපිඬු පූජා කරමින් ඉඳලා තියනවා කෑගල්ලෙ උගන්වන තාක් කල්. එ්ත් අපෙ ගම් පළාතට අාවට පස්සෙ එයාට එ්ක කරන්ඩ හම්බුනෙ නැහැ. දවසක් අනූ බෝපත් අැල්ලෙ නාන්ඩ ගිය දවසක දෙපාරක්ම සුළිවලට අහුවෙලා බොහොම අමාරුවෙන් තමයි බේරිලා තියෙන්නෙ.
ඉතින් ඔන්න දවසක් අපට ඉස්කෝලෙ ඉද්දි අාරංචි උනා අනූ sick room එකේ බිම පෙරලි පෙරලි කෑ ගහලා බඩ බදාගෙන අඬනවා කියලා. අපි බලන්ඩ යද්දි එයාව ගෙදරින් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ දවසෙ එයා අැවිත් අපට කිව්වා එ්ක සාමාන්යෙන් කාන්තාවකට හැදෙන බඩ කැක්කුමක් කියලා. එ්ත් එදා පටන් මං අාය අනූව දැක්කෙ නැහැ.

එයාට පාචනය වගේ තත්වයක් තියනවා කියලා එයා මාස 03ක් විතර private hospital එකක ඉඳලා තියෙනවා. හැම පර්යේෂණයම කරලා අන්තිමට බඩේ පටක අරන් පරීක්ෂා කරන්න කොළඹ යවලා තියෙනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නෙ lymphoma කියන පිළිකාව 60% ටත් වඩා පැතිරිලා කියලා.
එයාගෙ අම්මටයි තාත්තටයි බොහෝ කල් ළමයි නැතුව හිටියට පස්සෙයි අනූ හම්බෙලා තියෙන්නෙ. එ්ත් කේන්දරයෙ කියලා තියනවා එයාට පන්නන්ඩ බැරි මාරකයක් තියනවා කියලා. එ්කයි එයා දළදා මාලිලාවට කිරිපිඬු පූජා කරලා තියෙන්නෙත් අපලෙ දුරු වෙන්ඩ කියලා. එයා බිත්තරයක් වත් කෑවෙ නැහැ සත්ව කෑමක් නිසා.

එයා මට පන්තියෙදි නිතර කිව්වා එයාට සුව කරන්ඩ බැරි කැස්සක් තියනවා කියලත්. ඉතින් මාස කිහිපයක් එයා පේරාදෙණියෙ රෝහලේ ප්රතිකාර ගත්තා දවසක් මං එයයි මගෙ පන්තියෙදි ගෙවපු සුන්දර කාලය මතක් කර එයාට sms එකක්ද යැවුවා.

කාලය ඔහොම්ම ගෙවීගන ගියා. දවසක් මං උදේ බස් එකට නගිද්දි මගෙ යාළුවො set එක මූණවල් බෙරිකරන් ඉන්නවා. මං අැයි කියලා අැහුවම කිව්වා අනූ ඊයේ නැති හවස නැතිවෙලා කියලා. මට එවෙලෙ තව පොඩ්ඩෙන් කෑ ගැහෙනවා. මං හිතුවෙම එයාට සනීප වෙයි කියලා. එයා ජීවිතෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය තරුණ කෙනෙක් නිසා යම් යම් අසාමාන්ය සිද්ධි එයාගෙ මරණින් පසු සිදු උනා.
නැතිවෙන දවසෙ හවස එයාට එකපාරට හුස්මගන්ඩ බැරි වෙලා තියනවා.

එයාගෙ පෙනහළු cancer එක නිසා වතුරෙන් පිරෙමින්ලු තිබ්බෙ. වතුර අයින් කරමින්ලු ඉන්ඩ ඔිනෙ. එ්කෙන් තමයි එයා නැති වෙන්ඩත් අැත්තෙ. ඉතින් එයා හුස්ම ගන්ඩ බැහැ කියලා කෑ ගහලා තියනවා. එයා ළඟට nurse කෙනෙක් එනවාලු. එයා මෙයාව හොස්පිටල් ගෙනියන්ඩ ලෑස්ති කරද්දිම අනූ නැතිවෙලා. එයා නැතිවෙන වෙලෙ එයාව මැරි කරන්ඩ හිටපු කවිඳු අැමරිකාවෙලු හිටියෙ. එයා හාන්සි වෙලා ඉන්නකොට එකපාරට එයාට අැහුනලු අනූ කතාකරනවා.

"කවිඳු මං යනවා ඔයා පරිස්සමෙන් ඉන්ඩ" කියලලු කිව්වෙ. කවිඳු බැලුවලු ෆෝන් එකෙන්වත්ද එහෙම කතා කරනවා අැහුනෙ කියලා. බැලින්නම් ෆෝන් එකත් offලු. එයා එවෙලෙම අනූ ලගෙ ගෙදරට කෝල් කරාලු මොකක් හරි කරදරයක්ද දන්නෙ නැහැ කියලා හිතුන නිසා. එ්ත් එවෙලෙ අනූ අම්මා කෑගහලා අඬමින්ම කිව්වලු "පුතේ අනූ මේ ටිකකට ඉස්සර අපිව දාලා ගියා" කියලා.

ඔන්න ඉස්කෝලෙ අපි හවස ගියා මළ ගෙදර. අපි සේරටම පිස්සු වගේ එයා අපේ හොඳම යාළුවෙක් හින්දා.
එයාගෙ තාත්තා කිව්වා... එයාව හොඳටම සනීප වෙලා හොස්පිටල් එකෙන් ගෙදර අාවට පස්සෙ පැපොල හැදිලලු මැරුනේ කියලා. එ්ත් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් කිව්වා අවසානයේ මොකුත්ම දෙයක් කරන්ඩ ඉතුරුවෙලා නැති පාර ගෙදර එව්වා කියලා. තව ටිකක්කල් හිටියා නම් හම සම්පූර්ණයෙන්පැළිලා සැරව එනවලු. දුක් විඳින්ඩ කලින් ගිය එක හොඳයි කියලා ඩොක්ටර් කිව්වා. ඉතින් අනූත් හිතලා එයාට සනීපයි කියලා වෙඩින් කාඩ් එහෙම ලියන්ඩත් ලෑස්ති වෙලා. තව ගෙදර තනියෙන් කාමරයට වෙලා ළමයි හිතින් මවාගෙන උගන්නනවලු එයා.

මම ගිය වෙලේ ඉඳන් අනූ ළඟින් හෙලවුනේ නැහැ. මට හිතුනෙ එතනම ඉන්ඩ. එයාගේ අැඟ අැතුළට පනින්ඩ වගෙ ළඟින්මයි හිටියෙ මං. එ් අැයි කියලා මටත් හිතාගන්ඩ බැහැ. යාළුවො එතනින් යමු කියද්දි මට හිතෙනවා යන්ඩ එපා යන්ඩ එපා ළඟින්ම ඉන්ඩ කියලා. කොහොමහරි අපි ගෙවල් වලට අාවා. එළිවෙනකම් අනූගෙ මිනියමයි මට මතක් වෙන්නෙ. එකක් අැර එකක් සිටියට එනවා. කොණ්ඩෙ, මූණ යනාදි වශයෙන්. එයාගෙ හිනාව අැහෙනවා අැහෙනවා වගේ මට.

මට ඉවසන්ඩ බැරිම තැන මං අම්මට මේ විස්තර කිව්වා. මළ ගෙවල් වල ඔයා ගිහාම ඔයා ගොඩක් බය වෙනවා. මිනිය ළඟට යන්නෙ නැතුව ඉන්ඩ තිබ්බෙ කියලත් මට බැන්නා. පස්සෙ අම්මා මට අාගම කියලා වතුර දීලා මාත් එක්ක කාමරෙ නිදාගත්තා. අපෙ ඉස්කෝලෙ බහුතරයක් ටීචර්ස්ලත් මං වගේම එළි වෙනකම් නිදාගන්න බැරුව ඉඳලා තියනවා. අනූගෙ අවසන් කටයුතු තියෙන දවසෙ එයා යාළුවෙකුට හීනෙන් අැවිත් කියලා "මං අද යනවා" කියලා.

ඉතින් අනූ අම්මලට දරුවො නැතුව ඉඳලා ඉඳලා හම්බෙච්ච දුවත් පන්නන්ඩ බැරි මාරක අපලයකින් යන්ඩ ගියා. මට අපෙ ඉස්කෝලෙ ළමයෙක් කිව්වා එ් අනූ මිස් තවම ගිහින් නැහැ එයාලාගෙ ගෙදර අවටම ඉන්නවා කියලා එ් ළමයට අාරංචියි කියලා.

 Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

---අනූගේ කතාව--- ---අනූගේ කතාව--- Reviewed by InvestCrypto on June 15, 2018 Rating: 5

No comments: