මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 June 2020

---නැවත හමුවීම....(සත්‍ය සිදුවීමකි)---



මේය ඔබ බලාපොරොත්තු වූ ආකරයේ බොහෝ ත්‍රාසජනක කතාවක් නොවේ. නමුත් මේ කතාව 2018 වසරේ අවසාන බාගයේදි සිදුවු සත්‍ය කතාවකි. මෙයට ආදාල නඩු විබාග තවමත් සිදුවන නිසා මම ගම් වල නම් පාවිච්චි නොකලෙමි. තවද යම් යම් නම්ද වෙනස් කලෙමි. අනිස් සියල්ල එය සිදු වු ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කලෙමි.

මේ කතාවට සම්බන්ද මගේ යලුවා සහ ඔහුගේ පව්ලේ පුද්ගලයන් මට හමු වෙන්නේ මීට වසර කිහිපයකට කලින්. මේ කතාවේදි මේ යලුවගේ නම මම හශාන් කියලා හදුන්වන්නම්. හශාන් ගෙ පව්ලේ හශාන්, ඔහුගේ අයියා දහම් සහ අම්මා පමනයි ඉන්නේ. මේ කතාවට මුලික වෙන්නේ දහම් සහ ඔහුගේ මාමා කෙනෙක් වන චන්දසිරි නම් පුද්ගලයයි. මේ චන්දසිරි කියන පුද්ගලයා හදහන් බලන වැඩ කරන ඔවුන්ගේ ගමේ පිලිගත් නමක් තියෙන කෙනෙක්. නමුත් මගේ යලුවා හශාන් කියන විදිහට මොහු ප්‍රසිද්ද මලවුන් සමග කතාකිරීමට. මම වැඩිය මේ දේවල් විශ්වාස නොකීරිමත් හශාන් මේ දේවල් පිලිබද සෑහෙන්න විස්තර කිරීමත් මත අපි දෙන්නා අතර සැහෙන වාද වීවාද ඇති උනා. කොහොම හරී මේ වාද වල ප්‍රතිපලයක් හැටියට හශාන් මට ආරාධනා කරනවා හශාන්ලගේ ගමට යන්ඩ සහ ඔහුගේ මමා හමුවන්න. හශාන් කියන විදිහට "උබ විශ්වාස නොකරන එත් උබවත් හොල්මන් වෙන කතාවක් සාක්කි එක්ක තියෙනවා", "සමහර වෙලාවට උබේ උදව්වත් ඔනේ වෙයි මේකට." වරෙන් යන්න".

ඔය වචන ටිකෙන් පටන් ගත්ත ගමන අපි නැවතුනේ සතියකට හශාන්ලගේ ගමේ ගිහින්. හශාන්ගේ ගමේදි මට හශාන්ගේ අයියත් ඔහුගේ මමාත් අදුර ගන්න පුලුවන් වෙනවා. හශාන්ගේ මමා මලගිය අය සමග කතා කිරීම් දකින්නත් ඔහු සමග මගේ අදහස් බෙදා ගන්නත් මට හැකිවෙනවා. මනුත් මේ කතාවට පාදක වෙන කතානායකයා වෙන්නේ හශාන්ගේ අයියා දහම්. දහම් පේරදේනිය විශ්වවිද්‍යාලයෙ අවසන් වසරේ ඉගේනීම් කටයුතු කරන කෙනෙක්. මොහුගේ විශේශත්වය තමයි ආසාමන්‍ය නිශ්ශබ්දබවය. මම මේ ගැන විස්තර අහුවහම තමයි මට මම මේ ලියන කතාව හම්බවෙන්නේ.

මේ සිදුවීමට අදාල මුලිකම සිදුවීම වෙන්නේ දහම්ගේ පාසල් සමයේ ඇති කරගන්න ප්‍රේම සම්බන්දයෙන්. මැය නමින් සදුනී. සදුනී ටිකක් ඈත පලාතක කෙනෙක්, මැය තමන්ගේ නැන්දාගේ ගෙදර ඉදන් තමයි පාසල් එන්නෙ. කොහොමහරි දහම් සහ සදුනි දෙදෙනා අතර ඇති වෙන ප්‍රතම පාසල් ප්‍රේමය සෑහෙන්න කාලයක් පවතිනවා. සදුනී කියන්නේ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක්. පස්සෙ කාලෙක දහම් දැන ගන්න විදිහට ඇයට සෑහෙන්න වෙනස්කම් සහා අඩම්තේට්ටම් නැන්දාගෙන් සහා පව්ලේ අනිත් අයගෙ සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාව සිද්දවෙන කාලේදි දහම් මේ කිසි දෙයක් දන්නේ නෑ. සදුනී මේ කිසිම දෙයක් කියන්නේත් නෑ.

මේ දෙන්නාගේ සම්බන්දය උසස්පෙල දක්වාම පවතිනවා උසස් පෙලින් පස්සේ දහම් පේරාදෙනියටත් සදුනී ටිකක් ඈත විශ්වවිද්‍යාලයකටත් තේරෙනවා. නමුත් මේ දෙන්නාගේ සම්බන්දයට මේක බාදාවක් වෙන්නේ නෑ. නමුත් දහම් පලවෙනි අවුරුද්ද ඉවර කරලා දෙවනි අවුරුද්ද පටන් ගනිද්දි මේ දෙන්නගේ සම්බන්දේ යම් යම් හේතු මත බිද වැටෙන්න ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා වෙන් වෙනවා. දහම්ට අයෙත් සදුනිගැන අහන්න ලබෙන්නෙව් නෑ කලයකට. (දහම් අවසාන වසරේ ඉන්න්නකොට දහම්ට ගෙදරින් ගේන යෝජනාවකට දහම් කැමති වෙනවා.) කොහොමහරි දහම් දෙවනි වසරේ වගේ ඉන්නකොට දහම්ට නැවත සදුනිගෙන් දුරකතන ඇමතුන් කිහිපයක් එනවා නමුත් දහම් මේවට ප්‍රතිචාර දක්වන්නේ නෑ.

දුරකතන ඇමතුම් අවිල්ලත් අවුරුද්දක් ගියාට පස්සෙ තමා අපේ කතාව හරියටම පටන් ගන්නේ. මේ කාලයේ දහම් විශ්වවිද්‍යාලයේ විබාහගයකට ලැස්ති වෙනවා, මේ අතර දහම් නිතරම සදුනීව සිහිනෙන් දකිනවා. මුලින්ම මේක සමන්‍යදෙයක් විදිහට හිතුවත් මේක නිතරම වීම නිසා දහම් පොඩ්ඩක් බය වෙනවා. එත් දහම් හොදටමබය වෙන්නේ දහම්ගේ කාමරේ එකට ඉන්න යලුවා කියපු කතාවෙන්. "මචන් මම උබට කියන්නමයි හිටියේ, උබ මේ දවස් ටිකේම රෑට කෑගහනවා, කලින්නම් ඕක අපි ගනන් ගත්තේ නෑ එත් උබ ඊයේ ඉදන් කෑ ගහන්නේ 'මාව බේර ගන්න, එපා එපා' කියලා, එකත් නිකන් ගැනු කටහඩකින්." උබට මොකක් හරි ප්‍රශ්නයක් නම් කියහන් අපිත් ඉන්නවනේ " දහම් ගේ යලුවගේ මේ කතාවත් එක්ක දහම් තව බය වෙනවා. එත් විස්තර කියන්න යන්නේ නෑ. එත් මෙතනින් පස්සෙ දහම් වැඩිපුර කතා නොකරන, කෑම වැඩිය නොකන චරිතයක් වෙනවා කට වත් හිතා ගන්න බැරි වෙන්නම. බැරිම තැන දහම්ගේ යලුවෝ දහම් ගැන දහම්ගේ අම්මට කියනවා. දහම් මාස 7කින් ගෙදර ගිහින් නෑ. මේ නිසා දහම්ගේ අම්ම සෑහෙන්න කලබල වෙලා ඉක්මනින්ම බොඩිමට එනවා. දහම්ගේ අම්මා දකින්නේ තමන්ගේ ලොකු පුතා වැහැරිලා ගිහින් ඉන්නවා. ඊලග පැය කිහිපය තුල දහම්ගේ අම්මා දහම්ගේ යලුවොත් එකතු කරගෙන බඩු ලෑස්ති කරගෙන ගෙදර එක්කගෙන යනවා.

දහම් ගෙදර ගියත් මේ දේවල් අඩු වෙන්නෙ නෑ. බලාගත්තු අතේ බලගෙන ඉන්න එක වැඩි වෙනවා. හැම වෙලේම ඉන්නේ ගොඩක් බය වෙලා. මේක ආරන්චි උන දහම්ගේ මාමා චන්දරේ දහම් බලන්න අවිත් විස්තර අහද්දි තමා දහම් හරියටම විස්තරේ කියන්නේ.

දහම් මීට කලින් සදුනීව රෑට හිනෙන් දකින එක හොදටම වැඩී, දැන් දෑන් දහම්ට සදුනී දවල්ටත් පේනවා නිකන් ඉදිද්දිත්. "සදුනි මොනවා හටි කියන්න හදන්වා එත් ඒක හරිටම තෙරෙන්නේ නෑ මාමේ, මට එයව පොඩ්ඩක් හොයගන්න යන්න ඔනේ " දහම්ගේ මේ වචනත් එක්ක මමා පොඩ්ඩක් කලබල වෙනවා. මමා මුලින්ම හිතන්නේ මේක ආත්මයක් සම්බන්ද දෙයක් කියලා. එත් එක දැන ගන්න නම් සදුනී කියන කෙනා මැරිලද කියලා දැන ගන්න ඔනේ. මමා සදුනි ගැන විස්තර අහද්දි දහම් කියනවා සදුනී ඉස්කොලේ ආව ගිය නැන්දා ගැනත්. සදුනී ගිහින් හිටිය විශ්වවිද්‍යාලය ගැනත්.

"පුතා කලබල වෙන්න එපා මම මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්. පුතා හවසට පන්සලේ ලොකු හමුදුරුවෝ හම්බවෙලා පිරිත් නූලක් බැද ගන්න." " මම යන්නම්කෝ සදුනිව හොයලා බලන්න මොකක් හරි කරනාවක් හදාගෙන". මේක කියපු දාට පහුවෙනිදාම දහම්ගේ මමා දහම්ගේ මල්ලිවෙන මගේ යලුවත් එකතු කර ගෙන සදුනී ඉගෙන ගත්තා කියන විශ්වවිද්‍යාලයට යනවා.

අපී කවුරුත් දන්න විදිහට විශ්වවිද්‍යාලයයක් එහෙම විස්තර දෙන්නේ නෑ. එත් මමාට පුලුවන් වෙනවා සදුනිගේ බොඩිම තිබුන තැනයි එයත් එක්ක එකට හිටපු අයයි හම්බවෙන්නෙ. චන්දරේ මමා මේ අයත් එක්ක කතාබහ කරද්දි මේ අය කියනවා "සදුනී දෙවනී වසරේන් පස්සේ කැම්පස් අවේ නෑ මාමේ. අපිට කිසිම විස්තරයක් හොයා ගන බැරි උනා." " අපි සදුනිගේ ගෙදර ගියහම ගෙදර අය අපිව බැනලා එලව ගත්තා." "අපි කැම්පස් එකටත් දැනුම් දුන්නා එත් වැඩක් උනේ නෑ."

මේ විස්තරය දැන ගත්ත මමා තීරනය කරනවා සදුනිගේ නැන්දාව හමුවෙන්න. සදුනී ඉස්කොලේ එන කලේ නැවතිලා හිටිය ගෙදරට චන්දරේ මමා යනව.

එත් මාමා යන්නේ මගේ යලුවාව මග තියලා. චන්දරේ මාමා තමන්ව හදුන්වාදෙන්නේ සදුනීගේ පරන ගුරුවරයෙක් කියලා. "ඒකි කව්ද කොල්ලෙක් එක්ක පැනලා ගිහින්, ඉස්කොලේ යන කලේ ඉදන් තිබුන සම්බන්දයක්ලු, අපිට අවුරුදූ ගානකින් කතාකලේවත් නෑ අපි දන්නේත් නෑ කොහෙද කියලා." "කෙලෙහි ගුනයක් නැති කෙල්ලෙක් අපි හොද තැනක් කතා කරලා තිබුනේ එයගේ මස්සිනා කෙනෙක්ව, කොහෙද මේකිට පින නෑනේ." "අපි දන්නේ නෑ සර් දැන් ඔකුන් කොහේ ඉන්නවද කියලා." මේක අහලා චදන්දරේ මමා කලබල වෙනවා මොකද මේ කියන්නේ දහම් ගැන කියලා මමා දැන ගන්නවා. දැන් මමාට විශ්වසයි මෙතන මොකක් හරි වැරදීමක් තියෙනවා කියලා.

චන්දරේ මමා ගුරුන්නන්සේ කෙනෙක් නෙවේ. එයාට මලගිය අයත් එක්ක කතා කරන පුලුවන් අමුතු හැකියාවක් තියෙන කෙනෙක් විතරයි. මේයා තීරනය කරනවා මේ ගමට ගිහින් තව විස්තර ටිකක් හොයා ගන්න. මමා අයෙත් ගෙදර අව්ත් බලද්දී දහම්ගේ තත්වේ තවත් වැඩි දහම් දැන් පිස්සෙක් වගේ. "අනේ මාමේ මම හැමදාම එයවා දකිනවා, සදුනී මොනවා හරි කියනවා, මොකක් හරි පෙන්නන්න හදන්වා, අමුතු ලොකු රබර් වත්තක් එක්ක මම හැම තිස්සෙම එයාව දකින්නේ". පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න."

දහම්ගේ මේ ඉල්ලිමත් එක්ක චන්දරේ මමා තීරනය කරනවා සදුනීගේ ගමට යන්න. මේක තනියෙන් කරන්න චන්දරේ මමාගේ බලපොරොත්තුවක් නෑති නිසා මමා පන්සලේ පොඩි හාමුදුරුන්වයි, දහම්ගේ මල්ලි වන මගේ යලුවයි මේ ගමනට එකතු කර ගන්නවා. මේගොල්ලො කෙලින්ම යන්නේ සදුනීගේ ගමේ පන්සලට. පන්සලේ ඉන්නේ බොහොම කරුනාවන්ත ලොකු හමුදුරුවෝ නමක්.

"මේ ඇත්තො ගොඩක් දුර ඉදන් අපු නිසා හිස්අතින් යවන එක හොද නෑනේ." " මේකයි මහත්තයෝ ඔය පව්ලේ අයවත් මම හොදට දන්නවා මම ඔය දරුවාවත් හොදට දන්නවා පොඩි කලේ ඉදන්ම". "ඔය කෙලලගේ තාත්තා ඔත්පල වෙලා එක තැන ඉන්නේ. ඔය මනුස්සයගේ පලවෙනි කසදේ තමයි මේ සදුනී කියන කෙල්ල. " "ඔය දැන් ඉන්නේ මේ කෙල්ලගේ කුඩම්මා. එච්චර හොද ගැනියෙක් කියලා නම් නෙවේ ගමේ උන් කතාවෙන්නේ. " "ඔය කියන කසාදේට කතා කරයි කියන මස්සිනා තමයි ඔය කුඩම්මගේ පොඩි මල්ලී." "ඔය කෙල්ලට වැඩිය අවුරුදු 10කටත් වැඩිය වැඩිමල් මම හිතන්නේ." "එකත් එච්චර හොද එකෙක් නෙවේ මේ ගමේ හොර කස්සිප්පු සේරම පෙරන්නේ උන්" පොලිසි වලට කිව්වට වැඩකුත් නෑ."

"ඔය කියන දවස් වල ඔය ගෙදර ඔය කෙල්ල හිටියේ හිර කරියෙක් වගේ අපි දන්න විදිහට. කෙහෙවත් යන්න දුන්නේ නෑ විශ්වවිද්‍යාලයේ යන එකත් ඔකුන් තමා නැවත්තුවේ. කොහොමහරි ඔය කෙල්ල ගැන අරන්චියක් වත් නැතුව ගියා මහත්තයෝ. ගෙදර උන් නම් කිව්වේ කෙල්ල කව්ද කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලා. එත් එහෙම නම් හොදයි, එත් ඒක වෙන්ඩත් ඔය කෙල්ලට ගෙදරින් එලියට බහින්ඩ දුන්නේ නෑ ඔකුන්. පොලිසිය ඔක හොයන්ඩ හැදුවට වැඩක් උනේ නෑ. ඒ කෙල්ල වෙනුවෙන් කතාකරන්ඩ කෙනෙකුත් නෑ අනික උන්ගේ කසිප්පු සල්ලි වලට ඔය සේරම යටයි."

ඔය මහත්තුරුන්ට පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලන්ඩ. එකත් ලොකු පිනක්.

මේ ටික දැන ගත්තු චන්දරේ මමාට දැන් විශ්වාසයි මේ ගැනු ලමයට මොකක් හරි කරදරයක් කියලා. මමා තීරනය කරනවා මේ ලමයා මල ගිය කෙනෙක් නම් මමාගේ හැකියාව පාවිච්චි කතා කරලා බලන්න. මමා අයෙත් ගෙදර එනවා. ඇවිත් එක දවසක සේරම ලැස්ති කරගෙන මේ ගැනු ලමයව ගෙන්නන්න උත්සහ කරනවා. නමුත් එක සාර්තක වෙන්නෙ නෑ. "චන්දරේ මහත්තයො අපි උත්සහ කරමු මේ දහම් ලමයා හරහා මේයාට කතා කරන්න. මොකද මේ ලමයාට විතරයි මේ කෙනාට කතා කරන්න පුලුවන්.

පොඩි හමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට දක්ශ කෙනෙක් ඒ නිසා පොඩි හමුදුරුවන්ට පුලුවන් වෙනවා දහම් හරහා සදුනිට කතා කරන්න. දහම් කතා කරන්නේ කාන්තා කටහඩකට සමාන හඩකින් කියලය මට දැන ගන්න ලබුනේ.

"මම අවේ දහම්ව බලලා යන්න මට එයා නොබලා යන්න බෑ, මම කරදරයක් කරන්න අවේ නෑ. මට උන දේ කියන ඔනේ. රබර් වත්තෙ, රබර් වත්තේ මම තාම, අනේ මාව එතනින් අරන් යන්න, මට උදව් කරන්න".

ඔය ටික විතරයි අපේ කට්ටියට දැන ගන්න පුලුවන් වෙන්නෙ. ඔය කියන ටිකෙන් අපේ කටිටිය තෙරුම් ගන්නවා මේ ලමයට මොකක් නමුත් කරදරයක් වෙලා කියලා. දහම්වත්, දහම්ගේ අම්මවත් කැමති වෙන්නේ නෑ මේක ගැන හොයන්නැතුව ඉනන. එයාලට ඔනේ වෙනවා මේ ගැන හොයන්න. විශේශයෙන්ම දහම්ට ඔනේ වෙනවා මේ ගැන හොයන්න. "මම තනියෙන් හරි යනවා ඕක ගැන හොයන්න" කියපු දහම් ගෙදර කටිටියගේ විරුද්දත්වයත් නොතකා යනවා සදුනීගේ ගමට, ගිහින් සදුනීගේ ගෙදරට ගියත් ගෙදර අය දහම්ව බැනලා එලව ගන්නවා. මේ සිදුවීමෙන් පස්සෙ දහම් කාඑක්කවත් කතා නොකර තනියෙම කතා කර කර ඉන්න පුරුදු වෙනවා.

මේ අතරේ තමයි මගේ යලුවා මටකතා කරන්නේ එයලගේ ගමටයන්න. මගේ යලුවා හශාන්, චන්දරේ මමා, පන්සලේ පොඩි හමුදුරුවො මේ විස්තරේ මගෙත් එක්ක ඔය විදිහට කියලා මට දුන්නා අහලා බලන්ඩ කියලා පොඩි රෙකොර්ඩර් එකක රෙකොර්ඩ් කරලා තිබුන දහම් සදුනීගේ කට හඩට සමාන කට හඩකින් කතා කරන රෙකොර්ඩ් එක. එකෙන් මාත් පොඩ්ඩක් බය වෙනවා. මගෙන් එයාලා අහන්නේ එක දෙයයි. "පුතා, මට හශාන්, පුතා ගැන කියලා තියෙනවා, පුතා ඕවා ගැන පොඩ්ඩක් හොයනවා කියලා. දැන් පුතා අපි මොකද කරන්නේ." "මොකද්ද ඔයගේ අදහස ? ".

"අන්කල් මේක පොලීසියට කිව්වද ? පුද්ගල අතුරුදන්වීමක් යටතේ පැමිනිලි කලාද ? " මම අහුවා.

"නෑ පුතා අපි ඒක කලේ නෑ. කලත් ඔය කියන අය ගමේ ටිකක් හයිකාර කටිටිය. පොලිසියත් එයාලා එක්ක ඉන්නෙ".

"නෑ මේක අපි එයලට කියන්නේ නැතුව, ඊට වඩා ලොකු තැනකට කියමු." "මම දන්න කෙනක් ඉන්නවා දුරින් නෑදැ වෙන වැඩ කරන්නේ CID එකේ IP කෙනෙක් හැටියට. අපි එයා හරහා දෙයක් කරන්න බලමු." "ඔය කියන රබර් වත්තට අපි එයත් එක්ක යන්න බලමු".

කොහොම හරි ඊලග දවසේ මම කලින් කියපු නෑදැ කෙනාට කතා කලම මට කිව්වෙ " පුතා මට දැන් එන්න විදිහක් නෑ එත්, ඔය පැත්තට වෙන්න අපේ කන්ඩායමක් ඉන්නවා එතන මගේ ගොලයෙක් ඉන්නවා, මම මිනිහට කියන්නම් මිනිහා ඔයාලට උදව් කරයි."

කොහොම හරි ඊලග දින දෙක අතුලත අපි නැවත්ත සදුනිගේ ගමේ පන්සලට ගියේ දින කිහිපයක් නැවතිලා මේ ප්‍රශ්නේ ඉවරයක් දකින්න. පන්සලේ හමුදුරුවොත් අපිව හොදින් පිලි ගත්තා. අපි යන ගමන් ආපරාද පරීක්ශන අන්ශේට ගිහින් පැමිනිල්ලකුත් දාගෙන අවේ. පහුවදා අපි හමුවෙන්න ආවේ අර කලින් කියපු අපරාද පරීක්ශන අන්ශේ දෙන්නා. අපි සේරම විස්තරේ මේ අයට කිව්වා. දහම්ගේ හීන ගැන කිසිම දෙයක් අපි කිව්වෙ නෑ. අපි කිව්වේ මේ ගැනු ලමයා අතුරුදන්වීම ගැන විතරයි. නමුත් අපි මේ දෙන්නාගෙ සම්බන්දේ ගැන සියලුම දෙවල් කිව්වා. ගමේ පන්සලේ ලොකු හමුදුරුවො තමයි පැමිනිල්ලේ මුලිකයා උනේ. ඒ නිසා පොලිසියේ අයටත් මේක අහක දාන්න බෑ.

මේ අතර මම දැකපු විශේශම දේ තමයි. දහම්ගේ නොසන්සුන්බාවය. මේ කියන දවස් වලත් දහම් තනියෙම කතාකරන එක අඩු වෙලා තිබුනේ නෑ.

කොහොමහරි අපි පහුවදා පිටත් උනේ අර කලින් කියපු රබර් වත්ත්ට යන්න.මේ රබර් වත්ත ගැන කිව්වොත් මේක් අඩුම තරමේ අක්කර 70ක් වත් ලොකුයි. ලග පාත ගෙවල් දොරවල් මුකුත් නෑ. අපි හිතුවේ රබර් වත්තේදි මුකුත් සලකුනක් හොයා ගන්න ඒ උනාට ඒක ලේසි වෙන එකක් නැති බවයි තෙරුන්නේ. කොහොම හරි අපි තීරය කලා ඇතුලට යන්න ඔන දෙයක් වෙන්න කියලා. අපි අඩී පාර දීගේ ටික දුරක් යද්දී එක පාරටම දහම් අඩන්න ගත්තා.

අපි නැවතිලා මොකද කියලා බලද්දීම දහම් කෑ ගහන්න ගත්තා අර කලින් කාන්තා කට හඩට සමාන හඩින්ම,

"රබර් වත්ත මැද්දේ, රබර් වත්ත මැද්දේ, මහ ගහා ලග, අනේ මම එතන, මට උදව් වෙන්න."

ඒකට බය හිතෙනවට වැඩිය ගොඩක්ම දුක හිතෙන්නේ මොකද ඒක හරිම වේදනාත්මක හඩින් කියන ආයාචනාවක්.

දැන් මේ වෙනකොට පොලීසියේ දෙන්නාටත් තේරිලා තිබුනේ අපී මොකක් හරි පිස්සුවක් තමා කරන්නේ කියලා, එක් කෙනෙක්ගේ මූනෙන් පෙනුනේ හරිම අකමැති බවක්, නමුත් අනිත් කෙනා මේකට උනන්දුවක් පෙන්නුවා. "අපි ඉස්සරහට යමු ඔය කියන ගහ හොයා ගමු", මෙච්චර දගලලා අපහු හැරේන්න බෑනේ" කියපු දෙවනි පොලිස් නිලදාරියා ඉස්සර උනා. කොහොම හරි අපි තව පැය බාගයක් විතර ඉස්සහරට යද්දී අපිට ඔය කියන මහ ගහ හම්බුනා. ඒ වගේම තවත් කිහිප දෙනෙකුත් එක්කම.

" ඔය මහත්තුරු කව්ද, මේවා පුද්ගලික ඉඩම්, මේවගේ එහෙම ඇවිදිඩ බෑ "මේ අපිට එක පාරටම හමබ උන ගමේ දෙන්නෙක් අපි ඉස්සරහට යනවට අකමැතිව ඇහුවා.

"ඔය කට්ටිය මේකෙ අයිති අයව දන්නවද, අපි මේක ගන්න බලන්නේ, එකයි ආවේ." කියලා අපේ පොලිසියේ දෙන්නගෙන් දෙවැන්නා කිව්වා. "මේක අයිති අය මෙහේ නෑ මේක බලාගන්නේ අපේ ගමේ සොමේ අයියායි එයගේ පුතයි (සදුනීගෙ මස්සිනා සහ ඔහුගේ පියා )". "අපි එයාලට කියන්නම්කෝ" කියලා ගමේ දෙන්නා ඉක්මනටම පිටත් උනේ මෙතන මොකක් හරි අව්ලක් දැනුන නිසායි. " අපි ඉකමන් කරමු ඔකුන් දෙන්නා අයෙත් එන්නේ කට්ටියත් එක්ක" කිව්ව පොලීසියේ අපේ අය ඉකනිම සොදිසිය පටන් ගත්තා.

මේ රබර් වත්තේ මැද මේ හරියේ රබර් විතරක් නෙවේ රබර් ගස් අතර තවස් ගස් හැදීලා තිබුනා. මේක කාලෙකින් නඩත්තු කරපු වත්තක් නෙවේ මේ අවුරුදු ගානකට කලින් අතැරලා දාපු වත්තක්. මේ වත්තේ ඔය කියපු මහ ගහ අපිට එක පාරම අදුර ගන්න පුලුවන් උනා. මොකද ඒක මහ විශාල කලුවර ගහක්. ඒ ගහ යට මහ දවල් උනත් නිකන් මහ මුසල හැන්දෑවක් වගේ.

මෙතනදී තමයි අයෙත් දහම් අවේස වෙන්න ගත්තේ. ඒත් මේ පාර නිකන් ෆිට් එක හැදිලා වගේ ගහා දිහා බලාගෙන අත දික් කරගෙන නිකන් මොනද කෙදිරුවා, අපි හැමොම බැලුවේ මොකද්ද ඒ පෙන්නුවේ කියලා.

මේ මහ කලුවර ගහේ, බිම ඉදන් අඩි තුනක්, තුනහමාරක් උඩින් නිකන් වේලුන ලේ අත් සලකුනත් වගේ ලකුනත් තිබුනා. මට නම් ඒක වේලුන රතු පාටක් උනාට අපේ පොලිසියේ දෙන්නා එක පාරටම ඒක වේලුන ලේ කියලා අදුරගත්තා. එතන බිමත් නිකන් කාලෙකට කලින් සුද්ද කරලා අයෙත් කැලෑ වැවිලා වගේ තිබුනේ. අනිත් තැන් වලට වඩා බිම තනකොල වැවිලා අඩුයි. හරියට කවුරු හරි කාලෙකට කලින් හතරැස් වලක් හාරලා වගේ. මේ ටික දැකපු ගමනපේ පොලිසියේ දෙන්නට මෙතන උන දේ හිතා ගන්න පුලුවන් උනා. මේ දෙන්නා මුලින්ම කලේ අනිත් පොලිස් නිලදාරින්ට කතාකරලා ටීම් එකක් එවන්න කියල තැන දුන්න එක. අපිටත් මෙතන උනදේ මේ වෙද්දි තෙරුම් ගිහින් තිබුනේ. දහම් පැත්තකට වෙලා ඉදගෙන මොනවද හෙමිහිට කෙදිරියෙන් වගේ කියවනවා.

අපි නවත ගමේ කට්ටිය බලපොරොත්තු උනත් ඔවුන්ගේ සලකුනක්වත් අපිට දැක ගන්න උනේ නෑ. පැය බාගයක් වගේ යද්දී පොලිස් ප්‍රදනියෙක් ඇතුලු පොඩි කන්ඩායමක් අවා ඉලග පැය අතුලත එයාල කලේ පැත්තම කට්ටිය වෙන් කරලා එතන හාරන්න ගත්ත එක. කාටවත් ලන් වෙන්න දුන්නෙ නෑ.

මේතනින් එහාට පොලිසියේ අය කරපු දේවල් මම විස්තරත්මකම මම කියන්නේ නෑ මොකද අපිට වැදගත් මෙකෙ අවසාන පාපොච්චාරණය නිසා.

ඊලග පැය බාගෙ වෙනකොට මෙතනට ගමේ මිනිස්සුත් විස්සක් පමන රැස් උනත් පොලිසියේ අය නිසා ලගට අවේ නෑ. ඉලග මිනිත්තු කිහිපයේදී අවාසනාවකට උනත් අපි බලාපොරොත්තු උන දේ අපිට අහන්න ලැබෙනවා. "සර්, මෙතන ඇට සැකිල්ලක් තියෙනවා" යැයි පැවසුවේ කලුවර ගහ යට හාරමින් සිටිය එක නීලධාරියෙක්. ඊලග පැය අපිට දැනුනේ දවසක් වගේ, පොලිසිය හදිසි මරන පරික්ශක කැදවාගෙන ඒමත් ඉතුරු ඇට සැකිලි එලියට ගෙන පිලිවෙලකට තැබිමත් ආරම්බ උනා. මේ වලේන් ගොඩ ගත්තේ ඇට සැකිල්ල පමනක් නොවේ මේ අතර අදුම් බෑග් එකක් සහා කුඩා කාන්තා පසුම්බියක් හමු උනා. මේ පසුම්බිය ඇතුලේ සදුනිගේ හැදුනුම්පත් විශ්වවිද්‍යාල කාඩ් සහා තව ගොඩක් හදුනා ගැනිමේ දේවල් තිබුනා. එම නිස කාටවත් මේ කව්ද කියන එක ගැන සැකයක් තිබුනේ නෑ. මේ පසුබිය සහ හැදුනුම්පත ඇයගේ දුරකතනය දහම්ට පෙන්නීමෙන් මේවා ඇයගේ බව හදුනා ගැනුනා.

හදුනාගැනීමෙන් පස්සේ දහම්, දහම් ගේ මව සහා ලොකු හාමුදුරුවෝ අපි පිටත් කරලා එව්වා නැවත පන්සලට. අපි පොලිසියේ කීම පිට නතර උනා.

ඊට පසුව සිදු වු හදිසි මරන පරීක්ශනය සහා අමතර දේවල් කීමෙන් වැඩක් නෑ. වැදගත් කරුන නම් ගමේ කිහිප දෙනෙක් සදුනිගේ කුඩම්මාට සහා නිහාල් නම් සදුනිගේ මස්සිනාට විරුද්දව සක්කි දීමට ඉදිරිපත් වීමයි. ඔවුන්ගේ සාක්කි වලින් හෙලි ඌ කරුනු මත නිහාල් සහා සදුනි ගේ කුඩම්මා අත්අඩන්ගුවට ගැනීමට පොලිස් පරික්ශකවරුන් සුදානම් වීමත් සමග අප නැවත පන්සලට පිටත් උනා. මගදි අපිට දැන ගන්නට ලබුනේ සදුනීගේ කුඩම්මා අතඩන්ගුවට ගැනුනු බවත් නිහාල් ඒ වන විටත් ගමෙන් පැන ගොස් ඇති බවත්‍ ය. (දින් දෙකකට පසුව නිහල්වද අතඅඩන්ගුවට ගැනින.

මේ කතාව මෙසේ අවසාන නොවේ. අපි තවමත් සදුනිට සිදුවුදෙය නොදනිමු.

නැවත පන්සලේදි දහම් සුපුරුදු පරිදි මුමුනමින් සිටීමත් අපි එකිනෙකා දිහා බලගෙනම සිටිමු. "පව් අසරන කෙල්ල " යැයි පැවසු ලොකු හමුදුරුවෝ එතනින් සෙමින් ඉවත් විය.

දින දෙකකට පසුව අපට පොලිසියට පැමිනෙන එක පැවසු අතර. මේ දින දෙකම දහම්ගේ තත්වය හොද අතට නම් හැරුනේ නැත. කෙසේ නමුත් අපිට සම්පුර්න විස්තරය , සදුනීගේ ඒ අවසානාවන්ත ඉරනම ගැන දැන ගැනීමට හැකි උනේ දින දෙකකට පසුවය.

උදෙන්ම පොලිසියට ගිය අපිට දැන ගැනීමට ලබුනේ සදුනීගේ කුඩම්මා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් කර ඇතී බවත් ඔවුන් අදිකරණයට ඉදිරිපත් කීරිමට සූදානම් බවත්‍ ය.

ඇයගේ පාපොච්චාරණය මෙසේය.

සදුනී කුඩා කල සිට බලා ගත්තේ ඇගේ කුඩම්මයි. මුලදී කුඩම්මා සදුනීට හොදින් සැලකුවත්, සදුනීගේ පියා එකතැන් වීමත් සමග මේ තත්වය වෙනස් වෙනවා. කෙසෙ වෙතත් සදුනී ජීවත් වෙන නිවස සහ ඉඩම සහා තවත් පොල් ඉඩමක් සදුනීගේ පියා අයිතිය ලියන්නේ සදුනීට. මේක දැන ගත් කුඩම්මා මේ දේපල පිට යාම වලක්වාගන්න තමයි සදුනීට වඩා ගොඩක් වැඩිමහල් සදිනීගේ මස්සිනාට සදුනීව කතා කරන්නේ. ගමේ හොර කසිප්පු පෙරීම නිසා බොහො සල්ලි ඇති මොහු සදුනීගේ නමට ඇති දේපල කුඩම්මා නමට පැවරීමට එකග වෙනවා.

සදුනී පාසලෙන් ඉවත් වු වහාම මේ යොජනාව ඉදිරිපත් කලත් සදුනී මෙයට කැමති වන්නේ නෑ. එම නිසා නිතරම සදුනී සහ කුඩම්මා අතර ගැටුම් වගේම මස්සිනාගෙන් වන බලපෑම් හා පීඩනද ඉවසා සිටින්නට වෙනවා. ඇයට තිබුන එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල අද්‍යාපනය අවසන් කර ගුරුවරියක් වීමත් දහම් හා එක වහලක් යටට පැමිනීමත් විතරයි. දහම්ට මේ දේවල් සදුනී නොකියන්නෙත් ඔහු කලබල වෙයි කියා සිතයී. කෙසේ නමුත් හේතුව පැහැදිලී නොමැති නමුත් මේ දෙදෙනාගේ සම්බන්දය දෙවන වසර මුලදී බිද වැටෙන්න පටන් ගන්නවා. මේ තත්වය සහා ගෙදරීන් එන දැඩී බලපෑම් මත තම ආද්‍යාපනය කරගෙන යෑම පහසු වෙන්නේ නෑ. නමුත් ඇය තුල සියුම් බලපොරොත්තුවක් තිබුනේ දහම් ඇය වෙත පැමිනෙයි කියාය.

කෙසෙ හො මේ සියල්ල බිද් වැටෙන්නේ සදුනීගේ පියගේ අසනීපය වැඩි වීමත් සමග කුඩම්මා පියාට සලකන්නේ නැති බව දන්නා සදුනී විශ්වවිද්‍යාලයෙ නිවඩුවට ගෙදර එන්නේ තම පියාට සාත්තු කිරීමේ බලාපොරොත්තුවෙන්.

තම පියාට සාත්තු කීරීමට නැවතුන සදුනීට සිද්ද වෙන්නේ කුඩම්මගේ බලපෑමටත් හැමදාම බීමත්ව තමා බැලිමට එන මස්සිනගෙන් එන පීඩනයටත් යටත්ව ඉන්නයි. තම පියාට මදක් සුව වු විට හා තම නිවාඩුව අවසානයේ නැවත කැම්පස් එකට ගිය විට නැවත ගෙදර නොපැනීමට ඇය අදිටන් කර ගන්නවා. නමුත් ඇයගේ අවාසනාවට මේක කුඩම්මා දැන ගන්නවා.

"ඔය කෙල්ලට ගෙදරින් යන්ඩ දෙන්න එපා, නැන්දේ, ඔකී ගියොත් අයේ එන්නෙ නෑ." නිහල්ගේ මේ දෙබස මත වැඩ කරන කුඩම්මා කිසිම අයුරකින් සදුනීට ගෙදරින් එලියට වත් යන්න දෙන්නේ නෑ. සදුනී දහම්ට කොල් කරන්නේ මේ වගෙ තත්වයක් මත උදව් ඉල්ලිමේ බලාපොරොත්තුවෙන්. මොකද ඇයට තිබුන එකම බලාපොරොත්තුව මේ වෙලාවේ ඔහු නිසා. නමුත් දහම් තම දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ. එම නිසා හොරෙන් හෝ ගෙදරින් පැන යාමට ඇය තීරනය කරනවා.

ඇයගේ ඉරනම තීන්දු කරන එම රාත්‍රිය උදා වෙනවා. ඇය පිටත් වෙන්න උත්සහ කරන මේ වෙලාවේ ඇය කුඩම්මාට අසු වෙනවා.

"උබ මේ කොහේ යනවා කියලද හිතන්නේ" ඇසු කුඩම්මා ඇයට පහරක් ගසන්නේ ඇය බය කර නවත්වාගන්න අදහසින්. "මම අයෙත් බොඩිමට යනවා, මම අයෙ එන්න බලාපොරොත්තුවක් නෑ" යැයි පැවසු සදුනී එතනින් ඉවත්ව යෑමට සැරසුනත් ඇයට නැවතීමට සිදු වෙන්නේ ඇයගේ මස්සිනා නිහල්ගේ පැමිනීම නිසයි.

" මට ඈතටම ඇහුනා සද්දේ එකමයි ඉකමනට ආවේ, සදුනී උබ කොහෙවත් යන්නේ නෑ, හෙටම මම උබව එක්කන් යනවා මගේ ගෙදර කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි." නිහාල්ගේ මේ කීමත් සමග මේ රන්ඩුව තව වැඩි විය. කුඩම්මගේ පාපොච්චාරණයේ මෙය සදහන් වෙන්නේ බහින්බස් වීමක් ලෙස උවත් මේය ඊට වඩා දුරදිග ගිය එකක් විය. මෙය එක ආවසනාවන්‍ත තත්වයට දුරදිග ගියේ සදුනීගේ පහත ප්‍රකාශයත් සමගය.

"උබ වගේ කසිප්පු කාරයෙක් එක්ක යනවට වඩා හොදයි මැරෙන එක" යැයි පැවසු සදුනී තම බෑගයද ගෙන සියලු දෙනාට පිටු පා එමට හැරුනී, සදුනීගේ මේ ප්‍රකාශයත් සමගම වියරු වැටුනු බීමත් මස්සිනාගේ අතට අසු වුයේ මේසය මත තිබු පිත්තල ඉටිපන්දම් රදවනයයි.

නිහාල් අතට පත්වූ මේ ඉටිපන්දම් රදවනය එක් නිමේශයකින් එල්ලවුයේ සදුනීගේ හිස පිටු පසටය. කිසිම මිනිසෙකුට මෙවැනි තද බල පහරක් දරා ගැනිමට හැකියාවක් නැත, සදුනී ක්ශනිකයකින් බිම ඇද වැටුනී. කුඩම්මා කෑ ගසාගෙන ගොස් සදුනීව පරීක්ශා කලද ඇය නිසොල්මනේය. " උබ මොකද්ද ඒ කලේ නිහාල්" යැයි පැවසු කුඩම්මා නිහාල්ට බැන වදින්නට විය. " මේකි ඉන්නකන් අපිට මේ දේපල ටික ගන්න වෙන්නේ නෑ, දැන් ඉතින් මේ ගේයි ඉඩමයි උබට පහල පොල්වත්ත මට. දැන් මෙකි ගැන කතා කරලා වැඩක් නෑ ඔන්න ඔහේ ගනින් මේකිගේ බඩු මුට්ටු සේරම, අරගෙන යමන් උඩහා රබර් වත්තට." යැයි පැවසු නිහාල් ඔහුගේ හොදම ගොලයෙකුට දුරකතන ඇමතුමක් දී පැවසුවේ රබර්වත්ත මැද මහ ගහා යටදී තමාව හමුවන ලෙසය.

ඇද රෙද්දක තබා බැද ගත් සදුනීගේ නිසොල්මන් සිරුර කර මතින් තබා ගත් නිහාල් රබර් වත්ත දෙසට පිටත් වන්නට විය. සදුනීගේ ඇදුම් මල්ල ඇතුලු බඩු මලු ටික ගත් කුඩම්මා නිහාල් පසුපසින් විය. ඉදිරි මිනිත්තු විස්ස තුල මොවුන් දෙදෙනාම සිටියේ රබර් වත්ත මැදය. කෙටි පහැදිලී කිරිමක් තම ගොලයට කල නිහාල්ගේ නියෝගය වුයේ ඉකමනින්ම වලක් හාරන ලෙසය.

ඒ මුසල රාතියේ ඉදිරී පැය කිහිපය ගෙවී යද්දී නිහාල් සහ ගෝලයා වල කපා ඉවර කෙරුනී. "ජගතෝ අල්ලහන් ඔකීගේ ඔලුව පැත්තෙන්." එම නියෝගයත් සමග සදුනීගේ ඔලුවෙන් ඇල්ලු ජගත්ට දැනුනේ ඇය යන්තමින් ඔලුව සොලවන බවකි. " නිහාල් අයියේ මේ කෙල්ලට තව පන තියෙනවා අයියේ, අපි ඉස්පිරිතාලෙට අරන් යමු බේර ගන්න පුලුවන් වෙයි." යැයි පැවසු ජගත් නම් ගෝලයා බැලුවේ නිහාල් දෙසය. කුඩම්මා දෙස බැලූ නිහාල් ඔලුව වනා පැවසුවේ " මේකිට කොහේ පන තියෙන්ඩද බන් උබට කසිප්පු වෙරි, දාපන් ඔකිව ඇතුලට." " අකමැත්තෙන් වුවත් තම හාම්පුතාගේ නියෝගයට යටත් වීමට ජගත්ට සිදු විය.

එන රාතියේ සදුනීගේ නිසල සිරුර සහා ඇයගේ සියලු දේවල් එම වල තුල තැන්පත් විය. මේ සියල්ල අවසානයේ සියලු දෙනා නැවත තම නිවෙස් වල පැමිනියේය. "උබ මේ ගැන කට හෙල්ලුවොත්, උබට වෙන්නෙත් මේකම තමයි" යැයි කුඩම්මා පැවසුවේ සදුනීගේ පියාටය. සදුනීගේ පියා එයින්ම නිශ්ශබ්ද විය. නිහාල් ගෝලයා සමග පිටත්ව ගියේ නැවත තම වාඩිය දෙසටය.

"සර්ට කියන්න සර්, මට එදා ඉදන්ම හරියට නින්ද ගිහින් නෑ, මට නිතරම සදිනීව පේනවා හීනෙන්, සමහර වෙලාවට සදුනීගේ තාත්තා සදුනීගේ කට හඩින් මහා රෑට කෑ ගහනවා. මට කිසිම සැනසීමක් තිබුනේ නෑ සර්. " යැයි පවසා කුඩ්ඩම්මා තම පාපොච්චාරණය අවසන් කලේය.

"අපිට කිසිම දෙයක් නිහාල් කියන එකාගේන් ගන බැරි උනා, ජගත් කියන ඒකා ගැනත් කිසිම ආරන්චියක් නෑ. කොහොම උනත් අපි කේස් එක උසවියට දානවා." "ඔයාලා මේකට සම්බන්ද වෙන්නේ හරි පුදුම විදිහකට එක නිසා ඔයාලගේ මේකට තියෙන සම්බන්දේ අපි එකතු කරන්නේ නෑ." යැයි ප්‍රදාන පොලිස් පරික්ශකතුමා පැවසුවේ පැවති නිනිශ්ශබ්දබාවය බිදිමිනී.

"සර් අපිට බැරි වෙයිද මරන පරීක්ශන වාර්තාව පොඩ්ඩක් බලන්ඩ. ඒ වගේම අපි කැමතී සදුනීගේ බොඩී එකේ ඉතුරු වෙලා තියෙන දෙවල් බාරගන්න කෙනෙක් නැති නම් බාර ගන්න. ආගමානුකූලව අපිට පුලුවන් අවසන් කටයුතු කරන්න." මම ඇසුවෙමි.

"අපි මේක උසාවියට දාලා අවසර අරන් දෙන්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයලා බොඩි එක බාර ගන්නවා නම් අපි කොහොමත් මරන පරීක්ශන වාර්තාව ඔයාලට දෙන්න ඔනනේ. "

(සදුනීගේ දේහයේ ඉතුරු ඌ දේවල් බාර ගැනිමට කිසි කෙනෙක්‍උ ඉදිරිපත් නොවීම නිසාත්, සදුනීගේ ගමේ ලොකු හමුදුරුවන්ගේ මුලීකත්වයෙන් අපට දේහය බාර ගන්න පුලුව්න් විය.)

මරන පරීක්ශන වාර්තාවේ සදහන් උනේ හිස පිටුපසට එල්ල කල පහරකින් සිදු වු අභ්‍යන්තර ලේ වහනයක් තිබූ නමුත් මරනයට හේත්ව ලෙස සදහන් වුයේ හුස්ම හිරවීමකී. එනම් සදුනීව වලලන විටදීත් සදුනි පන පිටින් සිට ඇත. ඒ වෙලවේ හෝ ඉස්පිරිතාලෙට රැගෙන ගියානම් අද මේ කතාව වෙන විදිහකට ලිය වෙන්න ඉඩ තිබුනි. නමුත් ආවාසනාවකට එය එසේ නොවීය. අප මේ පිලිබදව දහම්ට නොකියා සිටීමට තිරනය කලෙමු.

දහම්ගේ තත්වය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුනී. අප විසින් සදිනීගේ ගමේ පන්සලේදී ලොකු හාමුදුරුනගේ මූලිකත්වයේන් අවසන් කටයුතු ආගආගමානුකූලව සිදු කර පින් අනුමෝදම් කරන ලදී. මේ දවසේම දහම් අවසාන වතාවට සදුනීව දැක තිබුනී. දහම් කියූ විදිහට ඇය ඔහු දේස මිනිත්තු පහක් පමන බලා "මම යන්නම්, නැවත හමුවෙමු.. " ලෙස පවසා ඇත. මේ දහම් සදුනීව දැකපු අවසාන අවස්තාවයි.

ඇයගේ ආත්මය කිසිම ආකාරයකින් දහම්ට කරදර කීරීමට උත්සහ කලේ නැත. ඇයට අවශ්‍ය උනේ ඇයට සිදු වූ දෙය පැවසීමට පමනී. ඇය මිය යන විටත් දහම් ගැන ලොකු ආදරයක් හිතේ තිබීමත් ඇය නැවත පැමිනීමට හේතුවක් වන්නට ඇත. නමුත් සදුනී අසරන වූ වේලාවේ ගත් දුරකතන ඇමතුම් වලට දහම් ප්‍රතිචාර දැක්වූවානම් සමහර විට සදුනී අදටත් ජීවත් වීමට ඉඩ තිබුනී. ඒ මගේ අදහසයි. නමුත් දැන් එක සිදු වී හමාරය. ඉතිරිව ඇත්තේ අපරාද කරුවන්ට නීතියෙන් දඩුවම් ලබා දීමය නමුත් එය නීතියට බාරය. අපට කල හැක්කේ. ඇයගේ ආත්මයට පින් දීම පමනකි. විශ්වවිද්‍යාල අද්‍යාපනය අවසන් කර ගුරුවරියක් වීමටත්, දහම්ගේ බිරිද වීමටත්, කවදා හො මවක් වීමටත් ආසාවෙන් බලාසිටි සොදුරු ජීවිතයක් අද නිවී ගොස් ය. ඇයගේ අවසන් වචනයෙන් මමද මේ කතාව නවතමී. නැවත හමුවෙමු…


 (පුද්ගල නම් මනක්කල්පිත වේ)


Source: Link



27 June 2020

---කොහොබයො---



ඇත්තටම මේක කතාවක් නෙමේ. අසන්නට ලැබුණු විස්තර එකතු කිරීමක් සහ මේ සම්බන්දව තව කවුරුහරි දන්නවනම් එයාලගෙන් මේක පිළිබද දැනගන්න තම ලියන්න හිතුවේ.


කවුද මේ කොහොම්බයෝ කියන්නේ. ඉස්සර ගොවි මහත්වරු වෙලේ ගොයම් කපද්දී කුඩා කොටසක් ඉතිරි කරලලු කපන්නේ. එක කොහොම්බයන්ට ගෙනියන්නලු. මටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන. මගේ යාලුවෙක් ඉන්නවා Travon කියල එයාගෙන් තමා ඉතිරි කොටස දැනගත්තේ "වෙනස" program එකක් ගියා කියල තමා මට විස්තර කිව්වේ. මම youtube එකේ සැහෙන්න search කලා හැබැයි හොයාගන්න බැරිවුණා.


හරි දැන් කතාවට එමුකො. research එකක් කරන්න කට්ටියක් ලංකාවේ පිටිසර කඳු සහිත ප්‍රදේශයකට ගිහින් තියනවා. පැත්ත ගෙන මට මතක නැහැ. හැබැයි "වෙනසේ" එක කිව්වලු. දන්නෙම නැතිව රෑ වෙලා ඒ මදිවට එයාල අතරමන් වෙලා කැලේ. කරන්න දෙයක් නැති නිසා ඉස්සරට ගිහින්. ඇතින් එලි වගයක් දැකපු නිසා මෙයාල ඒ කිට්ටුවට ගිහින්. එතැන තිබිල තියෙන්නේ ගමක් සෙනග ගොඩක් ඉඳල තියනවා. වෙනසකට තිබුනේ එයාල ටිකක් ප්‍රමාණයෙන් පොඩිලු. කිසිම වෙනසක් නැති නිසා එතන ගෙදරක එළියේ ආප්ප පුච්චමින් හිටිය ටිකක් වයසක ආච්චි කෙනෙක් එක්ක මෙයාල කතා කරලා.


ගොඩක් හොඳින් එයා කතාකරල මේ කට්ටියට කන්නත් දීල. ඒ ගෙදර නිදියල උදේ යන්නත් කිව්වලු. ඉතින් මෙයාල ඒ ගේ ඇතුලේ නිදියල. දැන් තියෙන්නේ හොඳම හරිය... උදේ නැගිටලා බලද්දී මෙයාල නිදාගෙන ඉඳල තියෙන්නේ මහා කැලේ මැද්දේ. ගමක සේයාවක්වත් වත් නැහැලු. කට්ටිය අන්දුන් කුන්දුන්ලු. ඉතින් එයාල පාර හොයාගෙන පස්සේ මිනුස්සුන්ගෙන් අහද්දී කිව්වලු "ඔයාල කොහොම්බයන්ට අහුවෙලා කියල" මෙයාලට කිසිම අනතුරක් අසනීපයක් වෙලා නැහැ. program එකේදී කිව්වලු විශ්වාස නැත්නම් එයාලට එක්ක යන්න උනත් පුළුවන් කියල... මේ ගැන අහල තියන කෙනෙක් ඉන්නවනම් මමත් දැනගන්න කැමති..


Source: Link



---විලාපය---



මේ 2015 වසරේ මුල් බාගයේ සිදු වූ සත්‍ය සිදුවීමකී.


එය වැසි බර කාලගුනයක් සහිත දවසකි. වැහි බර සුලන් දසත පැතිරෙන අතර අහස ඝන වලාකුලින් බරව ඇත. මේ සියල්ල පරදා කදු අතරින් පැමිනෙන මද මීදුම දුම්රිය මාර්ගයද ආක්‍රමණය කර ඇත. මේ සියල්ල මැදින් සෙමෙන් සෙමෙන් කදු අතරින් පැමිනෙන්නේ අපගේ බදුලු පුරවරය බලා යන රාත්‍රි තැපැල් දුම්රියකි. වේලාව පාන්දර තුන පසු වී ඇත. මේ දුම්රිය ට අද දින පත් කරන ලද අලුත් රියදුරෙකි. විඩාබර රත්‍රියක් වුවත් මෙම දුම්රිය රියදුරු කිසිම විඩාවක් නැති ලෙසකි. තරැනයෙකු වූ මොහුට මෙය පුරුදුය.


සහයක රියදුරැ මහතා මොහුට දුම්රිය දාවනයට ඉඩ දී මද විවේකයක් ලබා ගැනිමට විය.


දුම්රිය දැන් තරමක වේගයෙන් ඉදිරියට ඇදේ. කෙමෙන් ඔහු ලන් වන්නේ බැවුම් සහිත ප්‍රදේශයකටය. එක වරම ඇතින් ඔහු දකින්නේ පාසල් නිල ඇදුමක් ඇදි තරැනියකි. ඇය රේල් පාර මැද ගමන් කරමින් සිටි. තරැන රියදුරා වරක් දෙවරක් දුම්රිය නලාව මහ හඩින් නාද කරවීය. නමුත් ඇය ඉවත් නොවේ. විශාල බියක් ඔහුගේ සිතේ ඇති විය. එක වරම දුම්රියේ තිරිංග හැඩලය අදින මොහු බලාපොරොත්තු වන්නේ දුම්රිය තරැනිය හා ගැටිමට පෙර නවත්වා ගැනිමටය. මේ අතරතුරද මොහු මහා හඩින් දුම්රිය නලාව නාද කරයි නමුත් මෙම යුවතිය මේ කිසිවක් නැසුනා මෙන් රේල් පාරේ ගමන් කරයි. සහයක රියදුරැ අවදිව "මොකද බන්, කොච්චිය නවත්තන්නේ" යැයි වට පිට බලමින් ඇසුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහුට පිලිතුරැ දීමට අපගේ රියදුරට වේලාවක් නැත. තරැනිය හා ගැටිමට මොහොතකට පෙර දුම්රිය නවත්වා ගැනිමට අපගේ තරැන රියදුරැ මහතා සමත් විය.


තරැනියට හානියක් නැති බව ඔහුට විශ්වසය. "ඉස්කොලේ ඇදුමක් ඇද ගත්ත කෙල්ලෙක්, කොච්චි පරේ හිටියා. මේ කෙල්ල අයින් උනේම නැ එකයි නැවත්තුවේ." "බහිමුකො පොඩ්ඩක් බලන්ඩ". කියා ඔහු දුම්රියෙන් බැස්සේ ඉක්මනිනි.
සහයක රියදුරැ සැකයෙන් නමුදු මදක් බියෙන් දුම්රියෙන් බැසිමට විය. මේ දෙදෙනාට එකතු වුයේ මෙම දුම්රියේ ගාඩ් මහතාය. ඔහුටද අපගේ රියදුරැ මහතා පැවසුවේ පෙර කතාවමය.


සියල්ලම එක්ව පාසල් ඇදුමින් සිටි යුවතිය සෙව්වද ඇගේ ලකුනක් හෝ සොයා ගැනිමට නැත. වම් පසින් ඇත්තෙ දැවැන්ත බැවුමකි. එය අඩි දහසක පමන විහිදේ.


දකුණු පසින් විශාල කන්දක් සහිත ඝන කැලැවකි. සියලු දෙනාම දුම්රිය මදක් නවතා මෙම පාසල් යුවතිය සොයයි. "මොන වගේ කෙනෙක්ද දැක්කේ ?" මෙවර ප්‍රශ්නය ගාඩ් මහතාගෙනි.


"අවුරැදු 14 ක් 15 ක වගේ පොඩි කෙල්ලෙක්. ඉස්කොලේ ඇදුමෙන් හිටියේ." "මම නලාව ගැහුව ගැහුවා මේ කෙල්ල අහුනේ නෑ වගේ ගියේ. නිකන් වත් හැරිලා බැලුවේ වත් නෑ". " අනේ මන්දා දැන් කොහේ අතුරැදහන් වෙලාද කියලා." යැයි පැවසු අපේ තරැන රියදුරැගේ මුහුනේ විමතියකි. මෙය ඇසුනු අනෙක් දෙදෙනගේම මුහුනට ආවේ විශාල බියකි.


"ධර්මේ අපි යන් ඉක්මනට යමු මෙතනින්." යැයි ගාඩ් මහතා සහයක දුම්රිය රියදුරැට පවසා ඉක්මනින් එතනින් ඉවත් විය. ඔහු සිටියේ විශාල තැති ගැන්මකිනි. ධර්මේ නම් සහයක රියදුරාගේන්ද දිස් වූයේ බියට පත් අයෙකුගේ ලකුනුය. "මල්ලි අපි ඉක්මනට යමුකෝ. කොච්චිය පරක්කු කරන්ඩ බෑ. ඒ කෙල්ල ගැන මම පස්සෙ කියන්නම් දැන් යමුකෝ." යැයි පවසා ඔහුද ඉකමනින්ම දුම්රිය ධාවන මැදිරියට ගොඩ විය. වෙන කලහැකි යමක් නොවූ අපගේ තරැන රියදුරා දුම්රියට නැගුනේ ප්‍රශ්න රැසක්ද සමගිනි.


තම ගමන් වාරය අවසන් කල අපගේ තරැන රියදුරැ මහතා රියදුරැ විවේකාගරෙයේදි සහයක රියදුරැ මහතා හමුවේ. "මොකද්ද අයියේ අර කෙල්ලට උනේ, මොකද්ද පස්සෙ කියන්නම් කිව්වේ ?". සැකයෙන් බරව මෙම ප්‍රශ්නය යොමු කලේ අපගේ තරැන රියදුරැ මහතාට පිලිතුරක් අවශ්‍යම නිසාය.


"ඔය මනුස්සයෙක් නෙවේ මල්ලි, මොකක් හරි හොල්මන් කේස් එකක්".


"මල්ලි ඔය හරියේ ඕක වෙන්නේ දැන් ටික කාලයක ඉදන්. හේතුව නම් මම දන්නේත් නෑ. ඔය පැත්තේ මිනිස්සු ටිකක් එක විදිහක් ඒක නිසා අහන්නත් බෑ." "මාත් ඕක කිහිප දවසක්ම දැක්කා. අපිට නම් දැන් ඕක ගානකුත් නෑ බන්.""උබ එවලේ බය වෙයි කියලා මම කිව්වේ නැත්තේ." " ඕක හැම තිස්සෙම වෙන්නෙත් නෑ, හැමොම දකින්නෙත් නෑ එත් ඉදලා හිටලා ඕක උනොත් මල්ලි වැඩිය බැහැලා කරලා බලන්ඩ යන්ඩ එපා..".


මෙයින් අපගේ තරැන රියදූරාට පිලිතුරැ වලට වඩා මතුවූයේ තවත් ප්‍රශ්නය. ඔහු මේ ගැන කිහිප දෙනෙකුගෙන් ම ඇසු මුත් ඔහුට වැඩි යමක් දැන ගත නොහැකි විය.

මේ පලමු සිදුවීමයි. දෙවන සිදුවීම මෙයට වඩා මදක් වෙනස්‍ ය.


වේලව පාන්දර පහ පසු වී ඇත. පලාතේම ඇත්තෙ අදික සීතලකි. ඝන මීදුමක්ද ගලා ඒම ආරම්බ කර ඇත. ඉහත අපගේ දුම්රිය රියදුරගේ සිදුවීම සිදු වු ප්‍රදේශයට ආසන්න පෙදෙසක දුම්රිය මාර්ගය දිගේ තරැනයෙකු ඉදිරියට ඇදේ. මොහු එක් තරැන සන්චාරකයෙකි. මොහුගේ අරමුන ඉරැ නැගෙන විට ඉදිරියේ ඇති බැවුම හා ඒ අවට පරිසරය මනාව චායරෑප ගත කිරීමයි. මෙය මොහුගේ විනෝදාන්ශයයි. සෙමෙන් සෙමෙන් ඔහු සිතලද දරාගෙන ඉදිරියට ඇදෙන්නේ ඔහුට තවත් වේලාව ඇති නිසාය. ඔහුට දකුනු පසින් බයානක දල බෑවුමකුත්, බෑවුමෙන් පහල ඝන කැලෑවකුත් ඇත. වම් පසින් ඈතට විහිදී යන මනරම් කදු පන්ති සහා තේ වතුය.


කෙමෙන් කෙමෙන් ඔහු තවත් සැතපුම් බාගයක් පමන ඉදිරියට ගමන් කලේය. සිතලෙ ගමන් කරන මොහුට එක වරම ඇසුනේ ඉකි බිදුමකි. වට පිට බැලුවද කිසිත් නැත. සුලු වේලාවකින් ඔහුට නැවත ඇසුනේ පෙර කී ඉකි බිදුමයි. මෙවර එය ඉතා පැහැදිලිය. ආපසු හැරි බැලුවද කිසිත් නැත. මීදුම නිසා වැඩි දුරක් ඔහුටද නොපෙනේ. නැවත තම ගමන ආරම්බ කීරිමට සුදානම් වන විටම ඔහු දුටුවේ ඔහුට පිටුපසින් කුඩා චායාවකි. එය කුඩා ගැහැනු ලමයෙකුගේය. ඉකි බිදුම ඇසෙන්නේ එතනිනි. අපගේ තරැන සන්චාරකයාටද සහොදරියක් සිටි. මෙය ඔහුට සිහි කලේ ඇයයි. මෙම ගැහැනු ලමයා පාසල් නිල ඇදුමකින් සැරසි සිටි. අපගේ තරැන සන්චාරකයා සිතුවේ ඇය කිසියම් කරදරයකට පත්වී කියාය. කෙමෙන් ඇය වෙත ගමන් කල සන්චාරකයා " ඔයා හොදින්ද ? මොකක් හරි කරදරයක්ද ? "යැයි ඇසුවේ උදව් කිරිමේ අවන්ක චේතනාවකීනි. නමුත් ඇය නිහඩය. තවමත් ඉකි බිදී.

අපගේ තරැන සන්චාරකයා මදක් පසු පසට වුයේ ඔහුට කිසිම් අස්වාභාවික ස්වාභාවයක් දැනුනූ නිසාය. නැවතත් පෙර ප්‍රශ්නයම ඔහු නැගුවෙ කුමන හෝ පිලිතුරක් බලාපොරොත්තුවෙනි. ඇය එකරම ඉකි බිදුම නවතා. අපගේ සන්චාරකයා දෙස හිස ඔසවා බැලීය.


එක වරම අපගේ සන්චාරකයාගේ මුවින් නිකුත් වුයේ කෑගැසීමකි. මන්ද ඔහු දුටුවේ, අඩක් ලෙයින් වැසුනු තරමක් විකෘති වී ගිය මුහුනකි. එම මුහුන හා ඇස් ඔහු දෙස බලා සිටින්නේ ක්‍රෝධයකිනි. ඇයගේ හිස එක් පසක් බිදි ඇති සෙයකි. එයින් නිකුත් වන ලෙයින් මුනුනේද හිසේද පැත්තක් ලෙයින් රත් පැහැ ගැන් වී ඇත.
අදික බියත් තැති ගැනීමත් නිසා මොහු කෑගසමින් ඉදිරියට දිව යන්නට වුයේ අරමුණකින් තොරවය. මෙසේ දිව යන ඔහුට පිටුපසින් ඇසෙනුයෙ ඇගේ විලාපයයි. ඇගේ වේදනාත්මක විලාපයයි.


මීලග සෑතපුම් දෙක ඔහු දිව ගියේ කෙසේද කියා ඔහුවත් දන්නේ නැත. මේ සැතපුම් දෙක පුරාවටම ඔහුට වම් පසින් පිහිටනුයේ මහා දල බෑවුමයි. පය පැකිලීමක් හෝ අන්දකාරය නිසා පය වැරදිමක් හෝ සිදු වූවා නම් මොහු වැටෙන්නෙ අඩී දහසක පමන වන ප්‍රපාතයකටය. "පෙර පිනකට බන් දෙයියෝ බැලුවා වගේ මම වැටුනේ නැත්තේ". පසුව මේ කතාව මට පවසන විට ඔහු පැවසුවේ එවැන්නකි.


වේගයෙන් දිව ගිය මොහු නතර වූයේ මීලග නගරයෙහි ආරම්බක මායිමේ ඇති වනජීවි මුර කුටිය අසලය. එහි සිටි මුර කරු මොහු දිව එනවා දකින විටම ඉදිරියට පැමින වැටෙන්නට ඔන්න මෙන්න කියා සිටි මොහුව අල්ලා වාරු කරගන කාර්‍යාල ඉදිරිපස ඇති කොරිඩෝවේ පුටුවක පාඩි කර වීය.


ඔහු කම්පනයෙන් මදක මිදුනේ මේ කාරැනික මුරකරැ ඔහුට ලබා දුන් තේ කෝප්පය තොල ගෑමත් සමගය.

"පුතා ට මුකුත් කරදරයක් උනාද ? " යන මුරකරැ ගේ ප්‍රශ්නයත් සමග අවදි වූ අපගේ සන්චාරකයා ඔහුට සියල්ල පැවසුවේ ඔහුගෙන් පිලිතුරක් අපේක්ශාවෙනි.


"ඔය සිද්දිය උන පලවෙනි කෙනා පුතා නෙවේ." "පුතාට ඔය සිදුවීම වෙන්න කලින් පහුකර ගෙන ආව පොඩි ටවුම මතකද, ඔන්න ඔහේ සිද්ද උන මොකද්ද කෙල්ලෙක්ගෙ පලහිලව්වක් කියලා විතරයි අපිත් දන්නේ." "හැබැයි දැන් අවුරුදු ගානක ඉදන්ම මේක වෙනව." " ඔය පුතා දැකපු කෙල්ල ඔය ටවුමේ මිනිස්සු එක්ක තරහකටමද මන්ද උන්ව පුදුම විදිහකට බය කරලා තියෙන්නෙ." " කොටින්ම ඔය මිනිස්සු හැන්දෑවේ හයෙන් පස්සෙ එලි බහින්නෙ නෑ බයට." මුරකරැ නොනවත්වාම පැවසුවේ අපගේ සන්චාරකයටය.


"මේක මීට කලිනුත් වෙලා තියෙනවාද ? " අපේ සන්චාරකයට තවත් පැනයකි. "
"වෙලා තියෙනවද විතරක් නෙවේ මිනිස්සු කියන විදිහට කව්ද කොල්ලෙක් ඔක හින්දා මැරිලත් තියෙනවා". " තව සෑහෙන කට්ටියක් බය වෙලා ඉස්පිරිතාලෙ ගෙනියන්නත් වෙලා තියෙනවා".


" පුතාගේ වෙලාව හොදයි , මම මුරට හිටිය හින්දා." " ඉස්සරහා තියෙන්නේ කොච්චි පරේ ලොකු නැම්මක්, පුතා තව දුවගෙන ගියානම් එහෙම මේ කරුවලේ ඕක වැඩිය පෙන්නෙත් නෑ පුතා කෙලින්ම නවතින්නේ වැටිලා කන්ද පතුලේ."
මුරකරුගේ මේ ප්‍රකාශත් සමග අපගේ සන්චාරකයා තෙරුම් ගත්තේ ඔහු බේරි ඇත්තේ පෙර වාසනාවකට බවයි.
සියල්ල අවසානයේ ඔහු මුරකරැට නොසෑහෙන්න ස්තූති කොට නිවස බලා ඒමට සැරසෙන්නේ ප්‍රශ්න රැසක්ද සමගිනි.


මෙම තරුනිය කව්ද ?, ඇයට සිදු වු අසාදාරනය කුමක්ද ? ඇය ගමන් කරන පුද්ගලයන් බිය වැද්දිමට පමනක් නොව ජීවිත තර්ජන පවා ගේන ඒමට තරම් බිහිසුනු වී ඇත්තේ ඇයි. ඇගේ ක්‍රෝදය යන එන අය පමනක් නොව මුලු ගමක්ම අද වන විට බියෙන් සලිතකර ඇත. මෙයට හේතුව හා මේ පසු පස ඇති කතාව කුමක් නම් විය හැකිද ?. මේ අප සැම හමුවේ ඇති ප්‍රශ්න සමුදායයි.


ඇගෙ එම කතාව දැන ගැනීමට නම් අප මේ සිදුවීම් සිදූ වූ දිනයේ සිට අවුරුදු පහක් අතීතයට යා යුතුය. එනම් මෙයට හේතුව වැලලී ඇත්තේ 2010 වසරේය.


****************************************************************************************************************


(මම මෙම තරැනිය හා බැදි සත්‍ය සිදූවීම හා මා හට සොයා ගත හැකි වූ පරිදි ඇයට සිදු වූ අවාසනාවත ඉරනම මම ඔබට පැවසිමට පෙර මම කරැනු දෙකක් ඔබට දැනුම් දීමට කැමැත්තෙමි.


ඉන් පලමු වැන්න නම් මේ කතාවේ ඉලග කොටස තුල වර්ගවාදය හා ඒ අශීතව සිදු වූ යම් යම් සිදුවීම් කිහිපයක් අන්තර්ගය. මේය මේ කතාව හා සම්බන්දය, මන්ද මේ කතාව වර්ගවාදයේ අනිටු ප්‍රතිපලයක් නිසාය. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ වර්ගවාදී සිදුවීම් මත සන්වේදි නොවන ලෙසය.


දෙවැන්න ඉතා වැදගත්‍ ය. මේ කතාව තුල මා කිසිම ආකාරයක ඉහත කී නගරයේ නම හො ඒ ප්‍රදේශය හදුනා ගැනිම පිලිබද ඉගි ලබා නොදෙමි. මන්ද යත් මේ කතාව මා පෙර ඔබට ඉදිරිපත් කල "නැවත හමුවෙමු හෝ පලිගැනිම" වැනි කතා මෙන් සිදු වී අවසාන කතාවක් නෙවේ. මෙය අද (2020/5) මා රචනා කරන දින වන විටත් ඉතා සක්‍රීයව පවතී. මෙය අදටද එක් අසම්පූර්ණ කතාවකි.


මින් පෙර මේ කතාව මාගෙ blog එකට මවිසින් රචනා කර ඉදිරිපත් කලද මා මෝඩයෙකු සේ මේ හා සම්බන්ද නගරය හා ඒ ආදිත ප්‍රදේශ ඉදිරිපත් කිරීම නිසා එය අත්දැකීමක් ලෙස අත්වීදිමට ගොස් මා දන්නා හදුනන කිහිප දෙනෙකුම අනතුරේ වැටුනී.
මේ සිදුවීම් හා සම්බන්ද විස්තර සොයාගැනිම් මා සිදු කලේ ද ඉතා ප්‍රවේසමිනි.
එම නිසා මම පාඨක ඔබෙන් කාරැනිකව ඉල්ලා සිටින්නේ මෙය කතාවක් ලෙස රස විදින ලෙසත් මෙය අත්දැකිමක් ලෙස විද ගැනිමට උත්සහා නොකරන ලෙසත්‍ ය. )


****************************************************************************************************************


ඒ 2010 වසරේ මැද බාගයයි. එක් පසෙකින් දුම්රිය මාර්ගයටත් ඊට එපිටින් කදු බෑවුමකටත් හා අනෙක් පසින් සුවිසල් කදු පන්තියකට හා ඒ හා බැදි තේ වත්තකටත් මායිම් වූ කුඩා නගරයකි. මෙම නගරයේ බොහොමයක් දෙනා දමිල ජාතිකයන් වන අතර සින්හල පවුල් සිටියේ කිහිපයකි.


කුඩා ගමක් වු මෙහි ඇත්තේ කුඩා කෝවිලක් හා සිල්ලර කඩ දෙකක් පමනි. පාසල හා අනෙකුත් අත්‍යාවශ්‍ය ස්තාන පිහිටියේ සැතපුම් තුනක් පමන දුරින් පිහිටි අනෙක් නගරයේය. මාර්ගයෙන් ගමන් කලහොත් සැතපුම් තුනක් වුවත් දුම්රිය මාර්ගයෙන් ගමන් කලහොත් එය සැතපුම් දෙකකට මදක් අඩු වීම නිසා බොහො දෙනා පයින් ගමනේදි දුම්රිය මාර්ගය බාවිතා කරයි.

මේ රේල්පාර දිගේ කඩිසර ගමනින් දිව එන දැරියකි. පාසල් නිල ඇදුමකින් සැරසි සිටින ඈ මේ කුඩා නගරයේ සින්හල පවුලකට අයත්වේ.


අපගේ කතාවේ කතා නායිකාව වන ඇයට අපි මෙහිදි නිම්මි යැයි කියමු. නිම්මිගේ පවුලේ සිටින්නේ නිම්මි සහ ඇගේ පියා පමනි. ඇගේ මව මීට වසර කිහිපයකට පෙර මෙලොව හැර ගියාය. මෙයට හේතුව යුද්දය පැවති සමයේ මේ ප්‍රදේශයේ ඇති වූ සින්හල හා දෙමල පිරිසක් අතර ඇති වු ගැටුමකි. පොලිස් හා හමුදා නිලදාරින් මෙම ගැටුම සමතයකට පත් කලත් සුලු හා බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙක්ද විය. බරතල තුවාල ලැබූවන්ගෙ කිහිප දෙනෙකු සුව වුවත් කිහිප දෙනෙකුට සුවය ලැබීමට වාසනාව නොවීය. නිම්මිගේ මවද මෙයින් එක් අයෙකි.


මෙම සිදුවීම නිම්මිගේ පවුල හා ඇගේ ජීවිතය උඩු යටිකුරු කර වීය. යහපයත් මිනිසෙකු වූ නිම්මිගේ පියා මේ සිදුවීමෙන් පසු බීමට ඇබ්බැහි වූ අයෙක් විය. නිම්මිද බොහො කතා අඩු තැනත්තියක් බවට පත් විය.
රේල් පාර දිගේ දිවගෙන් ආ නිම්ම් කෙලින්ම දිව ගියේ ගෙදරය. නිවසේ මේ වේලාවේ කවුරුත් නැති මුත් නිම්ම්ගේ නිවසින් ගෙවල්කිහිපයක් එහායින් සිටින්නේ නිම්මිගේ නැන්දනීයයි. නිම්මි පැමිනෙනු දුර තියාම දුටු නැන්දා නිම්මිගේ නිවසට පය ඉක්මනින් යන්නේ ඇයගේ දවල් කෑම එක රැගෙනය.


"දුවේ, මෙන්න කෑම එක" පවස්මින් නැන්දනිය ගෙට ගොඩ වන්නේ නිම්මිව බැලීමටය. මෙය සෑම දිනකම මෙයාකාරයෙන් සිදුවේ. නිම්මි පාසලේ හොදින් ඉගෙන ගත් සිසුවියක් වුවාය.නමුත් බොහොමයක් දෙනා මෙම නගරයේ දමිල වීම හා මෙහි ඇති යම් යම් ජාති ප්‍රශ්න නිසා ඇයට යහලු යෙහෙලියන් කිසිවෙක් නැත.


නිවසේ හා පාසලේ තනිව ගත කරන ඇය බොහො විට පසෙලේ දී හා මාර්ගයේදි අනෙකුත් සම වයස් පිරිස් තුලින් බොහෝ තාඩන පීඩන වලට ලක් වුවාය. ඇය මේ සියල්ල නිහඩව විද දරා ගත්තාය. ඇය ජීවත් වෙනුයේ මෙවන් පසුබිමකය.

නගරයේදි හා පාසලේදි ඇයට අඩම්තේට්ටම් කරන පිරිස අතර තිදෙනෙක් ප්‍රදාන වේ. මොවුන් බොහො විට මෙය පුරැද්දක් ලෙස සිදු කරන අතර පාසලේදි කිහිප වරක් මේ පිලිඹද ඇය පැමිනිලි කලද පලක් නොවීය. මේ පිරිසෙහි ප්‍රදානියා වන්නේ මෙම නගරයේ කොවිලෙහි පුජකයාගේ පුතා දාස් ය මේ අතර මෙම පිරිසෙහි නගරයේ සිල්ලර කඩයක හිමිකරුගේ පුත් කමල්දීන් හා මොවුන්ගේ මිතුරෙකු වන අරැන් යන කන්ඩායමයි.


නගරෙයේ මොවුන්ගේ පියවරැන් අනසක පතුරවන අතර මොවුන්ද සමවයස් පිරිසට අඩම්තෙට්ටම් කරමින් විනොද වේ.
නිම්මිට පසලේදී හා මර්ගයේදි සිදුවූ අඩම්තේට්ටම් පිලිබද කිය මම ඔබව වෙහෙසට පත් නොකරමි. එම නිසා මම ඇයට සිදුවු අවාසනාවන්ත ඉරනම පිලිබද පවසමි.


මෙම දිනයද අනෙකුත් දින මෙන් නිම්මි පාසල් යන්නේ එදින සවස ඇති සන්ගීත පුහුනුවීම් වලද නිරත වීමේ බලාපොරොත්තු ඇතිවය.


"නැන්දේ කෑම තියන්න එපා මම එන්න රැ වෙනවා" එය ඇගේ නැන්දාට ඇය පැවසු අවසාන වැකියයි. පාසල්‍ යන ඇය තමාගෙ අද්‍යාපන කටයුතුත් සන්ගීත පුහුනුවීමුත් සිදු කර පාසලෙන් එන්නේ 5.30 පමනය. මාර්ගයෙන් යෑම දුර වැඩි වීම නිසා ඇය දුම්රිය මාර්ගයට ගොඩ වන්නේ ඉකමනින්ම නිවසට යෑමටය.
තමාගේ පොත් බෑගය හා සන්ගීත බඩුද රැගෙන නිවස බලා සෙමින් යන ඈ 6.30 පමන වනවිට නගරය පේන මානයට පමිනියේය. අවසනාවකි ! ඇය දුර තියා දකීන්නේ දාස් ප්‍රමුඛ සහචරයන් පිරිස දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන අකාරයයි. මෙම පිරිසද ඇයව දකි.


"ඒ අර බලපන්කෝ ඒ අර කෙල්ල". එක් කොලුවෙකුගෙන් නික්මුන කටහඩය, "වරෙන් බයිට් කරමු" තවත් අයෙකුගේන් නික්මුන වචනය.


සියල්ලොම ඈ වට කර ගැනීමත් ඇයට විහිලු කීරිමත් ආරම්බ විය. මා මෙය ලිවිමට අකමැති වුවත් මෙම කොලු රැලගේ විහිලු වලට බෝහො විට මාතෘකාව වන්නේ නිම්මිගේ මව සහා ඇගේ පියගේ බීමත් කමයි. වයස 14 සන්වේදි ගැහැනු ලමයෙකු වන ඇය බොහො විට මේ විහිලු වලට සන්වේදි වෙයි. මෙතනදිද සිදු වුයේ එයයි. ඇගේ සන්ගීත උපකරන බිමට දමා ඇය ආපසු දිව යන්නේ ඇඩු කදුලෙනි. ඇගේ දිව යාම දකින මම ඉහත කි තිදෙනාට ලැබුනේ උත්තේජනයකි. එම උත්තේජනයත් සමග ඇගේ පිටුපස මොවුන් දිව යන්නේ ඇයට තවත් විහිලු කරමිනි.


මිනිත්තු පහක් පමන නිම්මි දිව යෑමත් කොල්ලන් පිටුපසින් ඒමත් සිදු විය. මේ වන වට අන්දකාරය පැතිර එමින් ඇත. වට පිට පෙනිමද අඩුය. දිවීම නතර කර නිම්මි රේල්පාරෙන් මදක් ඉවත් වන්නේ ගලක් අසුලා ගැනිමටය. රේල් පාරේ වම් පසින් ඇත්තේ මා කලින් සදහන් කල දරුනු ප්‍රපාතයයි. ඇගේ අරමුන අසුලා ගත් ගලින් අර කොල්ලන් තිදෙනාට පහරදි තමාගේ කේන්තිය පිට කර ගැනිමටය. මෙය දැක ඔවුන් නිම්මිගෙන් මදක් ඈත් වූ නමුත් විසුලු කීරිම නැවතුවේ නැත.
නැවතත් ආපසු හැරෙන නිම්මි උත්සහ කරන්නේ මදක් ඉදිරියට දිව යෑමටය. අවාසනාවක මහත ඈගේ පය පැටලෙන්නෙ අසල ඇති ගලකය. පොත් බෑගයේ බරත් සමග සමබරතාවය ගිලිහෙන ඇය දකුනු පස ප්‍රාපතයෙන් පහලට පෙර ලී ගියේය. ප්‍රපාතයේ අන්දකාරය ඇයව ගිල ගන්නේ ඇගේ විලාපය පමනක් ඉතුරැ කරමිනි. අවසානයට ඇගෙන් නික්මුනේ මේ විලාපයයි.


ඇගේ විලාපයත් පහලට පෙරලීමත් සිදු වන්නේ එක විටමය. ඇය වෙනුවෙන් කිසිවක් සිදු කීරිමට වේලාවක් නොමැත. සියල්ලම බිය වී බලා සිටි. "යමන්, දුවමු." යැයි දාස් ගේ මුවුන් පිට වූයේ ක්ශනිකයකිනි. එයින් ආපසු හැරුනු ඔවුන් තිදෙනා කෙලින්ම දිව යන්නේ දාස් ගේ නිවසටය. පුජකයෙකු වූ දාස් ගේ පියා කොවිල්ලත් නිවසත් ඉදි කර ඇත්තේ එකිනෙකට ලන්වය.


තම පුතු ඇතුලු පිරිස දිව එනු දුටු පුජකයා පෙරට ගමන් කොට ඔවුන්ව හමු වෙයි. "මොකද උබලා මේ කලබලෙන්" පුජකයාගේ ප්‍රශ්නයත් සමග දාස් තම පියා හා සියල්ල පවසයි.


"කොතනද ඔක උනේ ?" නැවතත් පුජකයගෙන් පැනයකි. "අර සිග්නල් කනුවට පොඩ්ඩක් එහායින්." පිලිතුර දාස් ගෙනි. මද වේලාවක් පුජකයා කල්පනා කලේය.ඔහුගේ මනසට පැමිනියේ කරැනු කිහිපයකි. මෙම සිදුවීම වූ ස්තානයේ ඇත්තේ දැවැන්ත ප්‍රපාතයකි, එතනින් පහල කැලෑවකි, කිසිවෙකුට පහලට වැටී දිවි ගලවා ගත නොහැක. මේ සිදුවීම ප්‍රසිද්ද වුවහොත් නැවත මෙම නගරයේ ජාති ප්‍රශ්න මතුවේ.


"දැන් මේ අහපල්ලා, දැන් මේකට අපිට කරන්ඩ දෙයක් නෑ, මේක උබලා කරපු දෙයක් නෙවේනේ. උබලා මේ ගැන කට හොල්ලනවා නෙවේ." දැන් උබලා පලයල්ල ගෙදර මම ඇවිත් ගෙදර ඌන් එක්ක කතා කරන්නම්" . යැයි පවසා පුජකයා පිටත් වුයේ කමල්දීන් හා අරැන් ගේ පිය වරැන් හමු වීමටය. තත්වය පැහැදිලි කල මොහු ඔහුගේ අදහස වන නිශ්ශබ්දව සිටිමට ඔවුන්ද කැමති කරවා ගත්තේය. නැවත නිවසට පැමිනි පුජකයා කල්පනා කලේ මීලගට නගරයේ කුමක් සිදු වේවිද කියාය.

මේ අතර නිම්මිගේ නැන්දා රෑ බො වන තුරැම බලා සිටියත් නිම්මි නැති තැන කලබල විය. නිම්මිගේ පියා පැමිනි පසු ඔහුට සියල්ල පැවසු විට ඔහු පිටත් වුයේ පාසලට ගොස් බැලීමටය. නිම්මිගේ පියා පසලට ගොස් මුර කරැ හමු විය. "ඔය කියන ලමයා මම දැක්කා පාර පැත්තට යනවා." "හැබැයි ගියේ නම් රේල් පාර පැත්තට." යන්න මුර කරුගේ ප්‍රකාශයයි. එම ප්‍රකාශයත් සමග රේල් පාර දෙසට දිව ගියත් නිම්මිගේ සලකුනක් හෝ සොයා ගත නොහැකි විය. කිහිප දෙනෙකුගෙන් විමසුවත් කිසිම ආරන්චියක් නොවීය. නිම්මිගේ පියා නැවත රේල් පාර දිගේ තම නගරය වෙත යන්නේ දුවගේ සලකුනක් හෝ සොයා ගැනීමටය. නිම්මිගේ සලකුනක් හෝ නැත.


නිම්මිගේ නැන්දනිය හා පියා තීරනය කරන්නේ පොලීසිය කරා යෑමටය. නිම්මිගේ පියා පසූදා උදෑසන හමු වන්නේ පොලිස් ස්තානාදිපතිතුමාය.


"අනේ සර්, මගේ දුව නැති වෙලා ඊයේ රෑ ඉදන් මට කෙල්ල හොයා ගන්න උදව් කරන්න.. " ලෙස ඇඩු කදුලින් නිම්මිගේ නැන්දනිය හා පියා ඉල්ලා සිටියේ වෙන කල හැකි යමක් නොදන්නා නිසාය. මෙයින් පොලිස් පරීක්ශන ආරම්බ විය.
පොලිස් පරීක්ශන සිදු වූ අකාරය පිලිබද ලියා මම ඔබ වෙහෙස නොකරමි. ඒ එය අපට අදාල නැති නිසාය. නමුත් පරීක්ශන වල ප්‍රතිපලයක් ලෙස රේල් පාරේ වැටි තිබූ නිම්මිගේ සන්ගීත බඩු කට්ටලය සොයා ගත හැකි විය. පොලිසිය වනජීවි නිලදාරින්ගේද සහය ඇතිව ප්‍රපාතය පහල කැලෑව පරික්ශා කිරිම අරම්බ කලේ ඉන් පසුවය.

"සර් බොඩි එක තියෙනවා.. " සෙවීමෙ ප්‍රතිපලයක් ලෙස මෙම අවාසනාවන්ත දැරියගේ සිරැර සොය ගැනින.
ඇගේ හිස බිදි ඇත. තවත් අස්ති රැසක් බිදි ගොසිනි. කැලෑ සතුන් විසින් ඇගේ සිරෑරේ උදරය, කලවා හා පාද මාන්ශපේශි ආහාරයට ගෙන ඇත. මෙලෙස හමු වූ සියල්ල රැගෙන වනජිවි නිලදාරින් ආපසු යෑමට විය. ඉන් අසු සිදු වූ සියල්ල ඔබට අනුමාන කල හැක. නිම්ම්ගේ අවසාන කටයුතු සරල ලෙස සිදු කලේය. මේ කතාව මෙතනින් අවසන් වීමටද ඉඩ තිබුනී. නමුත් දෛවයේ සරදමකට මෙන් එයඑසේ නොවුනී.


මසක් පමන ඇඩු කදුලින් දිවි ගෙවු නිම්මිගේ පියා අවසානයේ වස පානය කර දිවි තොර කර ගැනීම මේ අතර සිදු විය.
කාලය සෙමෙන් ගතවිය. කෙමෙන් කෙමෙන් සියල්ලටම ආරන්චි වනුයේ කොච්චි පාරෙ දී දකින පාසල් නිල ඇදුමක් ඇදි තරැනියකි. මුලින් සිදුවිම් කිහිපයක් වාර්තා වුවත් පසුව මෙම සිදු වීම් දිනපතා සිදු වීම අරම්බ විය. මුලු නගරය වසාගෙන ප්‍රපාතය දෙසින් සමහර දිනවල පැතිර ගියේ දරැනු විලාපයන්‍ ය. මේ කාලය වන විට නිම්මිව කිහිප දෙනෙකුම දැක තිබුනී. ඇගෙ බියකරැ විලාසයටම මොවුන් සියලු දෙනා දිව ගොස් ඇත්තේ සිහිමද ගතියෙනි. පුරා වසරක් මෙය සිදු විය.


ඉහත මම කී පුජකයාගේ පුතා දාස් සහා මිතුරෙකු දිනක් නුවර පැමිනෙන්නේ පියාගේ වුවමනාවකටය.දාස් නැවත යෑමට සිදු වන්නේ රාති තැපැල් දුම්රියෙනි.


දාස් සහා මිතුරා දැන් සිටින්නේ ඔවුන්ගේ නගරය ආසන්නයෙනි. නිම්මි වැටුන ප්‍රපාතයද පසෙකින් ඇත. "බලහන්කෝ අර කෙල්ලෙක් රේල් පාර අයිනේ ඉන්න හැටි". දාස් ගේ මිතුරා පැවසුවේ දාස් ගේ බිය දෙගුන තෙගුන කරමිනි. දාස් ඒ දෙස බැලුවෙ. ප්‍රපාතය අයිනේ එක් රැවකි. එම රැව දාස් අදුනයි. එම රැව දාස් ගේ ඇස් ඉදිරිපිටින් පසු වී ඇත. "ඒ නිම්මි, ඒ නිම්මි" දාස් පැවසුවේ එපනකි. එසේ කැ ගැසූ දාස් අනෙක් පසට ගොස් දුම්රියෙන් පැන්නේය.


දාස්ගේ මිතුරා එක වරම කලබල වී කෑගසන්නට විය. දුම්රිය නවතාගත් ඔහූ දාස් රෝහලට ගෙන යන්නට විය. යන තෙක්ම ඔහුගේ මුවේ තිබුනේ "ඒ නිම්මි, ඒ නිම්මි" යන වැකිය පමනි.


දාස්ගේ තුවාල බරපතලය. ඔහුගේ දකුනු පාදය ඉවත් කිරීමට සිදු විය. දරැනු ලෙස හිස තුවාල වු ඔහුට ස්ථිර ස්නායු ආබාද රැසකි. ඔහුගේ දකුනු අත පන නැත. ස්නායු ආබාදයක් නිසා එම අතෙහි ඇගිලි පමනක් සෙලවිය හැක. නමුත් අත එසවීමටවත් නොහැක. මෙම ස්නායු ආබාද කෙතරම් දර්නුද කිවහොත් ඔහුට නිතරම ෆිට් එක ඇති වේ. එය අදටද එසේමය. මෙය සුව කල නොහැකි ස්නායු ආබාදයක් බව දොස්තර වරුන්ගේ අදහසයි.


( මා මේ සිදුවීම සම්බන්ද තොරතුරු සොයන විට එක වරක් දාස් හමු වී කතා කලෙමි. මෙහි අඩන්ගු බොහො විස්තර ඔහු මා හා පැවසීය. ඔහු ඇගේ සොයුරිය සමග දිවි ගෙවයි. ඔහු ගෙවන්නෙ ඉතා දුක්කිත ජීවිතයකි. තමාගේ කිසිම වැඩක් කර ගත නොහැක. මා හා සම වයස් තරැනයෙකු වූ මොහු ගැන මගේ හිතේ දුකක් ඇති වුවත් මෙය මොහුගේ ක්‍රියාවන් වලම ප්‍රතිපලයකි.)

තම පුතාට සිදුවූ අවාසනාවත සිදුවීම දාස් ගේ පියා වන මා කලින් සදහන් කල පුජකයා සිටියේ දැඩි කලකිරිමෙනි. දිනපතා තම පුතා බැලිමට මහ රෝහලට යෑම මොහුගේ පුරුද්දක් විය.
මෙදිනද ඔහු තම පුතා බලීමට යන්නේ හවස පහේ ලෙඩ්ඩු බලන වේලාවටය. තම පුතා බලා අපසු ඒමට මදක් ප්‍රමාද වෙන පුජකයා ප්‍රදාන නගරයට එන විට රාති 8ට පමන වී ඇත.


මෙම නගරයෙන් පුජකයා වෙසෙන කුඩා නගරයට යෑමට ඇති බස් රිය ඔහුට මග හැරි ඇත. පාරෙන් යා නොහැක දුර වැඩිය.එකම මාර්ගය. දුම්රිය මාර්ගයෙන් යෑමය.


ඔහු දුම්රිය මාර්ගයෙන් යෑමටම තොරා ගත්ත් ඇයි දැයි කිසිවෙකු දන්නෙ නැත. පුජකයා රේල් පාරෙ ගමන් කරයි. ඔහුගේ අරමුන තම නිවසට ඉක්මනින් ලගා වීමටය. නමුත් එය එසේ සිදු වුයේ නැත. එක වරම නිම්මිගේ නගරයේ සිටි සියලු දෙනාට ඇසුනේ කෑ ගැසිමකි. නිවැරදිව කිවහොත් මර ලතෝනියකි. ඒ පුජකයාගේය බොහො දෙනෙකු තම නිවසේ ජනෙල් පියන් මෑත් කර බැලු විට දුටුවේ. උඩු කය නිරැවත්ව පුජකයා ලතෝනී දෙමින් තම නිවසට දෙසට දිව යන බවය. එක වරම නිවසේ දොර හැර තම නිවසට කඩා වැදුනු පූජකයා නිවසේ සිටි සියල්ලමද බය කරමින් කෑ ගසමින් එක වරම බිම පතිත විය.
නිවැසියන් ගමේ පුද්ගලයන් හා එක්ව රොහලට පුජකයා රැගෙන ගියද ඔහු මිය ගොස්‍ ය. ඔහුට ඇති වූ දරැනු හෘදයාබාධයකින් ඔහු මිය ගොස්‍ ය.


"අප්පට මොනවා උනාද දන්නේ නෑ, කෑ ගහගෙන ආවා එහෙම්මම වැටුනා. පස්සෙ බලද්දි මරිලා."
"මට විශ්වාශයි ඔකත් අර කෙල්ලගෙම වැඩක් මහත්තයෝ… " ඇඩු කදුලෙන් මා හට පැවසුවේ පුජකයාගේ දියනියයි.
ඔහුට රේල් පාරේ සිද් වූ දේ හො ඔහු දුටුවේ කුමක් වුවද එය ඔහුගේ දිවි තොර කර ඇත. ඔහු තමගේ නිවසට කෑ ගසමින් පැමින මැරි වැටෙන විට ප්‍රපාතය දෙසින් විලාපයක් ඇසුනු බව නම් මේ ගමේ පුද්ගලයන් දිවුරා පවසන්නෙ අදික බියෙනි.


දාස් ඇතුලු කන්ඩායමේ අනෙක් දෙදෙනා ඔබට මතක ඇතැයි මා සිතමි. ගමේ සිල්ලර කඩ හිමි කරුගේ පුතා වන කමල්දීන් හා අරුන් ඉක්මනින්ම මෙම ප්‍රදේශයෙන් පිට කරන්නේ ඔහුට අනතුරක සේයාවක් දැනුන නිසාය.
ඉහත සිදුවීම් සිදු වී තවත් වසරක් ගත විය. නිම්මි සියල්ලන්ටම ඇයව අමතක වීමට නම් ඉඩ නොදුනී ඇගේ විලාපය හා ගම් වැසියන් බිය වැද්දිම් නිරතුරුව සිදු විය.


මේ අතර අරැන් ගමට පැමිනෙන්නේ තම පියාට අසනිප වූ නිසාය. තම පියා බැලිමට පැමින නිවසේ නතර වනනේ තම පියාට සාත්තු කීරිමටය. ගමේ තත්වය අරැන් දැන සිටියත් ගමේ නැවතත් තම සුපුරුද් ඇසුරට වැටෙන්නෙ නිතැතිනි.
"යකෝ මේ ඔය හන්දෑපානේ ගමන් නවත්තපන්. උබ දන්නවනේ මේ ගමේ උන දෙවල්". අරැන්ගේ මව අරැන්ට නිතර පැවසු වදන් අරැන කනකට ගත්තේ නැත.


අරැන්ගේ ඉරනම් දවස් උදා උයේද මෙවන් තත්වයක් උඩය. මෙම දින අරුන් යන්නේ මවගේ විරෝදයද නොතකා මිතුරෙකු හමූ වීමටය. මිතුරා හමුවී ඔහු ආපසු යන්නේ රත්‍රි 10 පමනය.


ඔහු ගමන් කරන්න පාර පාලුය. කිසිවෙකුත් නිවසින් එලියට හෝ එන්නෙ නැත.

මොහු යන දෙස උඩුමහලේ ජනේලයෙන් බලා සිටින්නේ නිම්මිගේ නැන්දාය. තම දියනියට සිදු වූ දෙය සිහි කොට ඇය මොහුට සිතින් සාප කරන්නෙ "මුන්ටත් ඉර පායනවානේ" යැයි සිතාය.


පාලු පාරේ ගමන් කරන අරුන්ට එක වරම ඇසේනනේ නිම්මිගේ බිහිසුනු විලාපයයි. මෙයින් අධික ලෙස බිය වන මොහු දිව යන්නේ තමන් යන්නේ කොහෙදෝ කියා වත් නොදැනය. අරුන්ට දිව යන මොහොතේ නිම්මි හා ඇයට සිදූ වූ දෙය මැවී පනුනාට සෑක නැත මන්ද ඔහු දිව යන මොහොතේ නිම්මිගේ නම කිහිපවරක්ම කියා කෑ ගැසු නිසාය.


මොහු දිව යන්නේ ගමෙන් ඉවතට ය. ඒ ගමට එහායින් ඇති තේ වතු දෙසටය. මෙම තේ වතුද පසු කර තවත් සැතපුම් බාගයක් පමන ගිය විට කුඩා දිය ඇල්ලක් හමුවේ. මෙය පහලට ගලා විත් තේ වත්ත සමීපයේ කුඩා පොකුනක් නිර්මානය කරයි. මේ අසල ඉතෑවන් වැනි සතුන් ඇල්ලිම සදහා උගුල් අටවන පුද්ගලයෙකු අදද රැදි සිටි. කදු මාර්ගයක ඉහලට ගමන් කල හැකි මේ දිය ඇල්ල උසින් අඩි විසි පහක් පමන් කුඩා එකකි. මේ අසල රැදි සිටින මේ උගුල් අටවන මුර කරැ දකින්නේ මේ දිය ඇල්ලේ ඉහලට දිව යන තරැනයෙකි. "යකෝ මූ කොහේ යනවද මේ රෑ " යැයි තමාටම මුමුනාගෙන බලා සිටිමට විය.


මෙම උගුල් අටවන්නා දකින්නේ මේ ඉහලට දිව යන තරැනයා එක වරම මෙම කුඩා දිය ඇලෙන් පනින ආකාරයත් ඒ අසල සිටින නිම්මිගේ රැවත්‍ ය.එක වරම හාත්පස වසා ගත්තේ නිම්මිගේ බිහිසුනු විලාපයයි.


මෙයින් බිය වන උගුල් අටවන්නා නහරයට දිව යන්නේ උදව් ඉල්ලිමටය.


"තමුසෙට පිස්සුද මේ විලාප අස්සෙ යන්න දගලනේ. මෙන්න මෙහේ ෆොන් එකක් ඇති පොලිසියට කෝල් කරනවා ඔනේ නම්" යන්න මිතුරන්ගේ පිලිතුර විය.
උදෑසන ගමේ සියල්ලමද සමගින් පොලිසිය ඇල්ල ලගට යන්නේ සිදු වුයේ කුමක් දැයි සොයා බැලීමටය. ඔවුන් ඈත තියා දකින්නේ පාවෙන සිරැරකි. ඒ අරැන්ගේය.


"අනේ මගේ කොල්ලා " යැයි අරැන්ගේ මව විලාප තියයි. අරැන්ගේ මුහුනේ ඇත්තේ අදික ලෙස බියට පත් ලකුනුය. බැලු බැල්මට අරැන් දියේ ගිලි ගොස් මිය ගොසින්‍ ය. මෙහි ඇති අත්බූතම කරැන නම් මෙය ඉතා කුඩා ජල පහරක් සහිත දිය ඇල්ලකි. මෙහි වතුර එකතු වන පොකුනෙහි උපරිම ගැබුර අඩි තුනහමාරක් පමනය. එය කෙසේත් ම මිනිසෙකු ගිලි යාමට සමත් නැත.


නමුත් මරන පරීක්ශන වාර්තාවේ සදහන් වුයේ මෙය දියේ ගිලි සිදු වූ මරනයක් ලෙසය. ඔහුගේ සිරැරේ වෙන කිසිම ආකාරයක අස්ති බිදීමක් හෝ හානි වීමක් සිදු වී නැත. මෙය අදටද ප්‍රෙහේලිකාවකි. මේ නිම්මි මේ වන තෙක් බිලි ගත් අවසාන අවසාන පුද්ගලයායි.


මේ සිදුවීමත් සමග බොහො අය මේ ගමෙන් ඉවත් විය. අදටත් පවුල් 20ක් පමන මෙහි වාසය කරයි. එම පුද්ගලයන් මේ සිදුවීම් සිහිකරන්නේද අප්‍රමාන බියෙනි. නිම්මි තාමත් එම ප්‍රදේශයේ සැරි සරයි. ගමේ ඉතිරිව සිටින කිහිප දෙනාද ඇය බියෙන් සලිත කර ඇත. යම් යම් පුද්ගලයන්ට අනතුරැද සිදු කර ඇත. ඔවුන් මේ ගැන කතා කරනවාටවත් කැමති නැත. එක දෙයක් නම් විශ්වාසය ඒ ඇගේ විලාපය මාරන්තික බවයි.


පසුව ලියමි - මේ සිදුවීම් සමුදාය පිලිබද මා කරැනු සොයන්නේ 2018 දිය එකලද මෙය ඉතා සක්‍රීය සිදුවීමකි. මේ කතාව අද ඔබට ඉදිරිපත් කරන විටද එය එසේමය. මෙම හේතුව නිසාම ම හැකි සෑම අයුරින්ම නගර හා ගම් පිලිබද තොරතුරු වසන් කරමි.


ඔබට තොරතුරැ ඉදිරිපත් කිරීමේදි මම සමහර ස්තාන වලදි දෙබස් අඩු කොට වාර්තාවක ස්වරෑපයක් ගැනීමට සිදුවේ. ඒ කියවන ඔබට පැහැදිලිව කරැනු ඉදිරිපත් කිරීමටය. එයින් ඔබේ කතා රසයට හානි වුවා නම් මම සමාව අයදිමි.


සමාප්තයි.


Source: Link 


26 June 2020

---සෙබස්තියන් අයියා---



යාලුව්නේ මම ඔයාලට කියන්න යන්නේ සිරාම කථාවක්. මේක උනේ 2014.12.31..

හරි අපි දැන් කථාවට එමුකො . අපේ කොලේජ් එකේ තිබ්බා ආපන ශාලාව කලේ සන්ජීව අයිය.මේ අයියට හිටියා සෙබස්තියන් කියලා වේටර් කෙනෙක්.මේ සෙබස්තියන් අයිය අපිට හරිම ආදරෙයි 

අපි කන්න ක්ඩේට ගියාම අපිට ගොඩක් කන්න දෙනවා.ඉතිරි උන එව්ව ඒහෙම මටම තමා...ඉතින් මෙහෙම කල් ගත උනා.2014.12.26 නත්තල් සමරන්න ගිහින් රිය අනතුරක් නිසා සෙබස්තියන් අයිය අපෙන් සමුගත්තා.
මම මල ගෙදරත් ගියා.

කාලය ගෙවුනා.12/31 අපි බෝඩිමේ පාටියක් දැන්මා.මම ඩ්‍රින්ක් දැන්මෙ නැත.අලුත් අවුරුදු උදාව ලොකුවටම ගත්තා .
පාටිය ඉවර වෙද්දී 12 විතර උනා.මම ගෙදර යන්න පිටත් උනේ යාලුවන්ට හොරෙන් .මට බස්පාරට එන්න විනාඩි 10ක් යනවා.

මම හිමිහිට් ආවා.බල්ලො උඩුබුරන්න ගත්තා එකදිගට,මම ගනන් ගත්තේ නැ.මට එන්න තිබ්බ පාරෙ කනත්තක් තියෙනවා.මන් හිමිහිට කනත්ත ගාවින් පහලට ගියා.කනත්ත පහුවෙද්දි හිතට පිට් එකක් ආවා.ඒත් ගොඩදුරක් යන්න පුලුවන් උනේ නැ.

ලොකු සීතලක් මගේ සර්වාන්ගයම සලිත කලා.මම එකපාරටම ගල්උනා.මෙන්න සෙබස්තියන් අයිය මගේ ඉස්සරහ.
(එයාගෙ මරණය මට ටිකකට අමතක උනා).සෙබස්තියන් අයිය කොහෙද ගියේ ????

වෙනද පිට් එකේ හිටිය සෙබස්තියන් අයිය අද කතාකලේ නැ .අයියගේ මූනෙ පවුඩර් උලල වගේ සුදු ම සුදු යි. අයියේ මන් ගිහින් එන්නම්... කියලා මන් පිටත් උනා.ටික දුරක් යද්දි මට එයාගේ ෆියුනරල් එක මතක් උනා.අයේ පස්ස බලන්න හිතුණා..බලුවට සෙබස්තියන් අයිය හිටියේ නැ.

සර්වාන්ගයම පිච්චිලා ගියා.මම හයියෙන් දුවන්න ගත්තා.දුවද්දී වලක වැටුණා .සෙරෙප්පු දෙකත් නැතුවම මම පාරට දිව්වා.කොහොමහරි බස් එකකට නැන්ගා...

කඩේ අයියට කෝල් එකක් දීල සීන් එක කිව්වා.බලද්දී කඩේ අක්කත් බයවෙලා.

කඩේ මේස පිහිදානවා දැකලා.කොහොමින් හරි වැඩේ නැවතුනේ සෙබස්තියන් අයියට ඩානයක් ඩුන්නට ස්සේ


---අන්තරාභවය---



පසුගිය ලිපි වලින් මනෝකාය, මරණාසන්න අත්දැකීම් සහ ශරීරයෙන් පිටත මනෝකාය හැසිරීම වැනි දේවල් ගැන කතා කළා. හොල්මන් අවතාර මේ වගේ අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරනකොට මේක පදනම් වෙලා තියෙන්නේ මොන විදියට කියලා දැනගෙන ඉන්න ඕන. එක නිසා තමයි පිළිවෙලින් මේ එකින් එක පැහැදිලි කරගෙන යන්නේ.පසුගිය ලිපියෙන් කතා කරපු මරණයෙන් පසු ශරීරයෙන් පිටවන මේ මනෝකායට මොකද වෙන්නේ, අද ලිපිය ඒ ගැන මරණයෙන් පසු පිටවන මනෝකාය ඊළඟට යන්නේ අන්තරාභවය කියන තත්වයට.


අන්තරාභවය කියන්නේ පුද්ගලයකු ගේ මරණයෙන් පසුව ඒ ආත්මය නැතිනම් මනෝකාය නැවත උප්පත්තියක් ලැබීමට ගතවන කාල පරාසය තුළ ඒ මනෝකාය නැත්නම්, ආත්මය පවතින තත්ත්වයයි.වචනයේ තේරුම් විදියටම භාවයන් දෙකක් අතර මැද සිටින තත්වය මේකෙන් අදහස් වෙනවා එක් භාවයකින් තවත් භාවයකට එනම් එක ජීවිතයක් අවසන් කරලා නැවත ජීවිතයක් ලැබෙනකන් ඉන්න කාල පරාසය. ඒ වගේම එක් එක් පුද්ගලයන් නැත්නම් සත්වයන්ගේ අන්තරාභවය කාලය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ මේ අන්තරාභව කාල සීමාව අවුරුද්දක්,මාස 6 ක්, මාස තුනක්, සතියක් දවසක්, පැයක් හෝ තප්පරයක් වෙන්නත් ඉඩ තියෙනවා.


මේ පිළිබඳව විවිධ මත වාද පැවතුනත් මේ ගැන විධිමත් විදිහට හදාරපු සහ මනෝකාය පිළිබඳ අත්දැකීම් ප්‍රගුණ කරපු ස්වාමීන් වහන්සේ නමක් වන අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවසන විදිහට ඇත්ත වශයෙන්ම මේ අන්තරාභවය කියන සංකල්පය පවතින දෙයක් වගේම බුදු දහමෙන් සූත්‍ර වල සදහන් සංකල්පයක්.


ජීවියෙකු මව් කුස තුළ පිළිසිඳ ගන්න අවශ්‍ය කරුණු තුනක් මජ්ඣිම නිකායේ මහා තණ්හා සාඛ්ඛය සූත්‍රයේ සහ අස්සලායථනාන යන සූත්‍රයේ දැක්වෙනවා.


ඒවා නම්,


01.මව,පියා දෙදෙනාගේ සංවාසය...
02.මව සෘතු ගැන්වී සිටීම...
03.ගන්ධබ්බයකුගේ පිවිසීම...


මේ කරුණු තුනෙන් දෙකක් විද්‍යාත්මක සාධක විදියට හැමෝම දන්න දෙයක්. නමුත් තුන්වැනි කරුණ විද්‍යාවට හසු නොවුණු මඟහැරුණු කරුණක්. මොකද බටහිර විද්‍යාවේ පරාසයට මේක අහු වෙන්නේ නැති නිසා.මෙහිදී ගන්ධබ්බයකු කියන වචනයෙන් හදුන්වන්නේ කලින් සඳහන් කරපු ආත්මය, නැතිනම් මනෝකායයි. මනෝකාය ශරීරයෙන් එළියට ඇවිත් නැවත උපතක් බලාපොරොත්තුවෙන් සිටින කාලය එනම් අන්තරා භව කාල සීමාවේ සිටින මනෝකාය හෙවත් සූක්ෂම ශරීරයට තමයි මේ ගන්ධබ්බයෙක් කියන වචනය ව්‍යවාහාරය කරන්නේ.


හොල්මන්, අවතාර විදිහට හඳුන්වන්නනේ මේ අන්තරාභවයේ සිටින මනෝකාය නැත්නම් ගන්ධබ්බ යා ද?


සමහර අවස්ථාවල එහෙම වෙන්න පුළුවන් වුණත් ඉතාමත් සීමිත පිරිසකට පමණයි ඒ වගේ අත්දැකීමක් තියෙන්න පුළුවන්. මොකද, මේ සූක්ෂම ශරීර මිනිස් ඇසට ග්‍රහණය වුණත් මිනිස් මොළයෙන් මේ දර්ශන දකින්න තරම් පුළුල් පරාසයක් නැහැ. මොකද ඇසට හසුවන දර්ශනයක් මොලයෙන් තේරුම් ගත්තට පස්සේ තමයි එක අපි දර්ශනයක් විදියට දකින්නේ. පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මොළයේ තිබෙන වෙනස්කම් අනුව මෙවැනි සියුම් දර්ශන දැකීමට හැකියාවක් සමහර කෙනෙකුට තියෙන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන දේවල් කැමරාවල වීඩියෝ සහ ඡායාරූප වල සටහන් වෙන්නේ. නමුත් මේ සටහන් වෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක්ද නැතිනම් වෙනත් ප්‍රේත අත්මයක්ද ,දේව ඇත්මයක්ද කියන එක සමහර වෙලාවට නිශ්චය කරගන්න බැහැ.


ඒ වගේම මේ ගන්ධබ්බ අවස්ථාව නැත්නම් අන්තරාභව කාලසීමාවේදී භූත ආත්ම, ප්‍රේත ආත්ම, යක්කු වගේ වචන වලින් එක හඳුන්වන එක සම්පූර්ණ වැරදියි. මොකද, යම් කෙනෙක් ප්‍රේත ආත්මයක උපදිනවා ද, දිව්‍ය ආත්මයක උපදිනවා ද, නැත්නම් කිසියම් සත්වයෙක් වෙලා උපදිනවා ද යන එක තීරණය වන්නේ අන්තරාභව කාලයෙන් පසු උප්පත්තියක් ලැබුවාට පසුවයි. අන්තරාභවය කාලයේදී ඒ විදියට හඳුන්වන්න බැහැ.සමහර අවස්ථාවක දී කෙනෙකු මිය ගිය විගසම අන්තරාභව කාල සීමාවේ විනාඩි දහයක් පැයක් ගතවී ප්‍රේත ආත්මයක, දිව්‍ය ආත්මයක උපදිනවා වෙන්නත් පුළුවන්.ඒ වගේම මිය ගිය සනින්ම වෙනත් ආත්මයක් උපදින්නත් ඉඩ තියෙනවා කෙටි කාලයක් අන්තරා භාවයක් ලබා. ඒ ඉපදීමෙන් පසුව සූක්ෂම ශරීරයක් සහිත ප්‍රේත ආත්මයක් වෙලා හෝ වෙනත් ආත්මයක් වෙලා මිනිසුන්ට දර්ශනය වීමේ ඉඩ කඩ තමයි ගොඩක්ම තියෙන්නේ. මෙතැනදී තමන් කරපු කර්ම ශක්තිය අනුව උපදින ප්‍රේත ආත්මයක ඇති හැකියාවන් විවිධ ආකාර වෙන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ විවිධ දර්ශන මවාපාන්න පුළුවන්, පුද්ගලයින් ට හිරිහැර කරන්න පුළුවන්, ඒ වගේම අවට වස්තු චලනය කිරීමේ හැකියාවත් වගේ විවිධ හැකියාවන් තියෙන ආත්ම තියෙන්න පුළුවන්.


මේ ආකාරයට එක් එක් ප්‍රේත ආත්ම වලට ඇති හැකියාවන් අනුව වර්ග කරන්න පුළුවන් වගේම මෙහෙම වර්ග කරලා තියෙනවා. උදාහරණයක් විදිහට පොල්ටර්ගිස්ට් (Poltergeist) කියලා හඳුන්වනවා භෞතික වස්තූන් චලනය කිරීමේ හැකියාවක් තියෙන භූත ආත්ම වලට. මේ විදිහට එක් එක් කර්ම ශක්තිය අනුව මේ හැකියාවන් විවිධාකාර වෙනවා කියන එක තමයි බෞද්ධ දර්ශනයට අනුව කියවෙන්නේ.


මේ සේරම කරුණු එකතු වුණාම තේරුම් ගන්න පුළුවන් මරණයෙන් පසුව මනෝකාය කියන්නේ මොකක්ද කියන එක සහ මේ අවතාර, හොල්මන් කියන දේ එක්ක මේවගේ තියෙන සම්බන්ධය. ඒ වගේම මේ සේරම දේවල් අසත්‍ය හුදු මතයන් විතරයි කියලා බැහැර කරන පිරිසකුත් ඉන්නවා. නමුත් මම මේ ලිපියේ සඳහන් කළේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් සනාථ කරපු සහ බෞද්ධ දර්ශනයට අනුව මේ අන්තරාභවය ගැන සංකල්පය සරලව. ඇතැම් කෙනෙකුට බැහැර කරන්න පුළුවන් වුනත් මේ පැහැදිලි කිරීම් ඉතාමත් නිරවුල් වගේම බැහැර කරන්න පුළුවන් වෙන්නේ මේවා විධිමත්ව අත්විඳින්න හෝ පර්යේෂණයකට භාජන කිරීමේ අපහසුකම නිසාවෙන්. නමුත් පුනරුප්පත්තිය ගැන පැහැදිලි කරන බෞද්ධ දර්ශනයෙන් මේ සංකල්පය විධිමත්ව පැහැදිලි කරලා තියෙනවා.


රචනය - කලන චතුරංග

(කතෘ අයිතිය සුරකින්න)

25 June 2020

---මරණාසන්න අත්දැකීම්---


මරණාසන්න අත්දැකීම් පිළිබඳ කෙටි හැඳින්වීමක් එක්ක මරණාසන්න අත්දැකීම් සමඟ සම්බන්ධ වෙන මනෝකාය පිළිබඳ අත්දැකීම් ගැන කලින් ලිපියෙන් විස්තර කලා. මෙම ලිපියෙන් මේ මරණාසන්න අත්දැකීම් ගැන මනෝකාය සම්බන්ධයට අමතරව වාර්තා වුන සුවිශේෂී අත්දැකීම් ගැන විස්තර කරන්නම්.....


ඇතැම් විටෙක මේ අත්දැකීම් සිහින හෝ කිසියම් මානසික තත්ත්වය නිසා දැකපු දර්ශන කියලා බැහැර කරන අවස්ථාත් තියෙනවා. ඒත් ඒ විදිහට බැහැර කරන්න බැරි සමහර හේතු සාධක නිසා මේවා සිහින හෝ කිසියම් මනසේ ඈදුනු දර්ශනයක් කියන්න බැහැ. එකක් නම් මේ දර්ශන දැකපු පුද්ගලයන්ගෙන් සමහරු මුලින් සිරුරෙන් ඉවත් ව සිටි බවක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් ලිපියෙන් සඳහන් කල මනෝකාය සම්බන්ධ අත්දැකීම් මේ අයත් ලබලා තියනවා වගේම ඔවුන්ට කරපු සැත්කම් ගැන සියුම් විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. "ඒ සිදුවීම බලන් ඉඳලා ඊළඟට තමන්ව ආලෝකයක් දෙසට ඇදී ගියා, අඳුරු උමගක් නැත්නම් බිංගෙයක් තුලින් ඇදී ගියා" අදුනන කෙනෙක් කතා කළා, කළු හෝ සුදු ඇදගත් පුද්ගලයෙක් දැක්කා, මෙවැනි විවිධ එකිනෙකට වෙනස් වූ විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මරණය අද්දර පරලොව අබියස පොතේ සදහන් එක කතාවක් පහතින් දක්වන්නම්.....


"පනස් පස් හැවිරිදි ඇල් සලිවන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු හෘද සැත්කමකට භාජනය වෙමින් සිටියේ ය ඇල්ගේ හෘදය ක්‍රියාවිරහිත වී, ECG වාර්තාව තනි ඉරක් විය. එනම්, ඔහු ශායනික වශයෙන් මිය ගිය තත්වයට පත් විය. ශල්‍ය වෛද්‍යවරුන් විසින් ඔහු ගේ දෙනෙත් "ටේප්" පටි යොදා වසා තිබිණි. එසේ කර තිබුණේ ශල්‍යකර්මය කරනු ලබන දීර්ඝ කාලය තුළ දී දිගටම ඇස් දෙක ඇරී තිබීමෙන් ඇස්වල ඉගිරියාවලට සිදුවන උපද්‍රව වැළැක්වීම සඳහාය. එසේ වුවත්, ඇල්ට ඔහුගේ සැත්කම දිස් වී, සැත්කමෙන් පසුව එය නිවැරදි ලෙස විස්තර කිරීමට ඔහුට හැකි විය. තමාගේ හදවත විවෘත කර තිබෙනු ඇල් දුටුවේ. හදවත සිරුරෙන් පිටතට ගෙන තිබෙන බව ද ඔහු දුටුවේය. එවිට හදවතෙහි වර්ණය දම් පැහැයට හුරු සුදු පැහැයක් විය. ඇල්ට දැනුණේ ඔහු මියගොස් ඇති ලෙසය. දුමාරය සහිත කලුවරක් තුළින් ඔහු කිසිවෙකුගේ ඡායාමය රුවක් දුටුවේ ය. 


එම රුව ඇට සැකිල්ලක ස්වභාවය දැරූ අතර එය ලෝගුවකින් වැසී තිබිණ. එම රුව ඇල්ට අත වනා ලඟට ඒමට කතා කළේය. එසේ වුවත්, ඇල් එම ඇටසැකිලි රුව වෙත නොගොස්, ඇදහිය නොහැකි තරම් ප්‍රබල වන ආලෝකයක් වෙතට ඇදෙන්නට විය. එය ඔහු එතෙක් දැක තිබුණු ඉතාමත් ලස්සනම දේ විය. ඇල් හැඳින සිටි, මියගිය කාන්තාවක් ද එහි දී ඔහුට හමු විය. එම කාන්තාවගේ දෙමාපියන්ට තමාගේ මරණය වෙනුවෙන් කණගාටු නොවන්න යැයි කීමට ඇය ඇල් ගෙන් ඉල්ලීමක් ද කළා ය."


මෙම කතාවේ කියවෙන ආකාරයෙන් මෙම පුද්ගලයාට මුලින් තමාගේ සැත්කම සිදුකරන සිදු කරන ආකාරයත් අව , දෙවනුව ආලෝකයත්, වෙනත් පුද්ගලයින්,කලින් දැන සිටි මියගිය කෙනෙකු වැනි දේවල් දර්ශනය වෙලා තිබෙනවා. සැත්කමට භාජනය කරන වේලාවේ හිතේ ඇතිවන මරණ බය නිසා ඇතිවෙන මානසික තත්වයන් විදියට ලේසියෙන් මේ සිද්ධිය බැහැර කරන්න බැරි වන්නේ මේ සැත්කම ගැන නිවැරදි විස්තරයක් සැත්කමක් ගැන කිසිවක් නොදන්නා මේ පුද්ගලයා විස්තර කළ නිසා.

මෙම සිදුවීම නිසා මේ වගේ මරණාසන්න අත්දැකීම් මිත්‍යාවක් විදිහට එක පාරටම බැහැර කරන්න බැහැ. වෛද්‍ය රෙමන්ඩ් මූඩි විසින් රචනා කරන ලද "Life After Life" යන කෘතියේ මෙවැනි සිද්ධි විශාල ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කලවිට මෙම මරණාසන්න අත්දැකීම් ගැන එන්න පුළුවන් නිගමන කිහිපයක් තිබෙනවා.


1. මනෝකාය පිටතට පැමිණ සැත්කම් ආදිය හා අවට පරිසරය දැකීමෙන් පසු ශරීරයට ඇතුල්වී අනෙක් දර්ශන දැකීම.

2. මේ දැකපු සියලුම දර්ශන මනසේ සටහන් වන කිසියම් දර්ශනයක් පමණක් බව.

3. මරණින් මතු ලෝකයක් සම්බන්ධ දර්ශන දැකීම.


මේ විදිහේ නිගමන අපිට හිතන්න පුළුවන්. නමුත් නිශ්චිත නිගමනයකට එන්න තරම් කරුණු නැහැ. මොකද මරණාසන්න අත්දැකීම් අපිට වුවමනා විදියට පර්යේෂණවලින් හරි නැත්නම් වෙනත් දෙයකි හරි අත්හදාබැලීම් කරන්න බැහැ. ඒ වගේම මේ අත්දැකීම් දුර්ලභයි. ඒ කියන්නේ මරණය ආසන්නයට ගිහින් ජීවත් වීමට වාසනාව ලැබූ අය ඉන්නේ ටික දෙනයි.


කොහොම වුනත් මේ සිද්ධි අපිට වැදගත් වන්නේ මරණයෙන් මතු උපත, පුනරුප්පත්තිය වගේ මාතෘකා වලදී. ලෝකයේ බොහෝ කාලයක ඉඳන් සංවාදයට ලක්වන මාතෘකා තමයි පුනරුප්පත්තිය, මරණයෙන් මතු උපත වගේ සංකල්ප ඒව ගැන හදරන්නත් මේ දේවල් අධ්‍යනය කරන එක වැදගත්. ඒ වගේම මනෝකාය හා අන්තරාභවය වගේ සංකල්ප. ඒ ගැන ප්‍රවේශයක් ගන්න තමයි මේ සම්බන්ධ ලිපි සියල්ලම ගෙන ආවේ. ඊලඟ ලිපියෙන් හමුවෙමු.


රචනය - කලන චතුරංග
(කතෘ අයිතිය සුරකින්න)