නෙතඟ ඉඟි – දෙවැනි කොටස

Anjalee Dhananjana A

නෙතඟ ඉඟි 


දෙවැනි ඉඟිය

 

“චූටි දෝණි මේ අහන්නකෝ….ඔයා දැන් ඉදලා මට පුංචි කියන්න එපා…”

 

“එහෙනම් මන් මොකද්ද කියන්නේ….”

 

 

“ඔයා මට අම්මා කියන්න…දැන් චූටි බබාගේ අම්මා මෙතන නෑනේ…ඒ නිසා අම්මා නැතුව බබා තනියම ඇවිත් කියල කවුරු හරි දැනගත්තොත් මගේ සුරංගනාවි හොරෙන් උස්සන් යයි…ඒ නිසා මගේ මැණික කියනව නේද එහෙම….🥰😘”

 

 

“හා…එහෙනම් දැන් ඉදලා බබාගේ අම්මි තමයි ඔයා…”

 

 

“මගේ හොඳ කෙල්ල…”

 

 

“අම්මි සුරංගනාවිට අයිත් ක්‍රීම් බඩගිනි…අරන් දෙන්නකෝ….”

 

“හ්ම්ම් යමු…අපි දෙන්නම අයිස් ක්‍රීම් කාලා සෙල්ලම් කරමු…”

 

එසේ කියමින් සංජනාත් රූහීත් ගියේ අයිස් ක්‍රීම් ගන්න….දෙන්නම අත් දෙකට දෙක ගානේ අයිස් ක්‍රීම් අරන් ඒ අසලම තිබුණ සිමෙන්ති බංකුව උඩින් වාඩි වි අයිස් ක්‍රීම් කනගමන්ය…සංජනා නොදන්නවා උනත් ඒ දිහා තවත් ඇස් දෙකක් යොමු වෙලයි තිබුණේ…

 

 

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

 

“අඩෝ මේ…මොකද බං උබ අර පොඩි එකෙක් දිහා බලන් ලෝකේ පෙරළන්න වගේ කල්පනා කරන්නේ”

 

 

“නෑ බං මාර හුරතල් පොඩි කෙල්ලෙක් වගේ බං ඒකයි…”

 

 

“ඒක නම් ඇත්ත බං…බලහන්කො පොඩි එකා බලාගන්න ආපු එකිත් මරු… ජෝඩුවම අයිස් ක්‍රීම් දෙක ගානේ අරන් කන්නේ මේ හවස….😂”

 

 

 

 “හ්ම් ඒක නම් ඇත්ත පොඩි කෙල්ල වගේ එයත් ගොඩක් හුරබුහුටියි…”

 

 

“ආ…ආ…. තීක්ෂනයා උබ ඇතත්ටම එහෙම කතාවක් කිවුවද නැතනම් මට ඇහුන හැටිද බං ඒ…”

 

 

“අනේ මේ පලයන් යන්න මගෙන් මුකුත් අහගන්නේ නැතුව…”

 

 

“අම්මෝ යකෝ මුගේ මුනේ තියන පැනි හිනාව…මට උඹේ ඔය කියපු දේවල් එච්චර අල්ලන්නේ නෑ…මොකද සුරංගනාවියක්ට හිතවත් ගියාද…”

 

 

 

“අනේ මේ විකාර නැතුව යමුද…මෙතන හිටියා ඇති…”

 

 

“ඈ යකෝ..අපි දැන් ඇවිත් වැඩි වෙලාවක් නෑනේ දැන් ඇයි උබට ඔහොම දුවන්න හදිස්සි උනේ…”

 

 

“අයෝද් මේ උබට ඕන නම් උබ හිටපන් මන් යනවා…”

 

 

“හරි හරි ඉතින් යමන්..බෑ කිව්වේ නෑනේ…”

 

 

 

එසේ කියමින් දෙදෙනාම නැවත නිවසට යන්න පිටත් වෙන්න හැදුවේ තික්ෂන නොදැනුවත්ව උනත් කටින් පිට උන ඒ කතාවත් සමග ඇති උන ලැජ්ජාව නිසාම කතාව මග හැරීමටයි…ඒත් නොසිතූ විදියට ඔහුගේ ගමන වැළකුණේ…….

 

 

“චූටි දෝණි ඔයා හරි නරකයි මන් තාම කාලා ඉවරත් නෑ… ඔයා ඉක්මනට කාලා තව චූට්ටයිනේ ඔයාගේ අයිස් ක්‍රීම් එකේ තියෙන්නේ හිමින් කන්නකෝ…”

 

 

“බෑ බබා ඉක්මනට කෑවම බබාට පුළුවං අම්මිගේ අයිස් ක්‍රීම් එකත් කන්න..”

 

 

“ආ ඒක ද මේ හොර කෙල්ල.ඉන්නකෝ හොඳ වැඩක් කරන්න දඟයට..”

 

 

එසේ කියමින් සංජනා චූටි මුණේ අයිස් ක්‍රීම් ටිකක් තැවරුවා…

 

 

“අනේ ඔයා හොඳ නෑ නරකයි… බාබටත් පුළුවං ඔන්න බලන්නකෝ..”

 

චූටි දෝණි එසේ කියමින් සංජනාගේ මුණේ අයිස් ක්‍රීම් තවරා ඉදිරියට දිව ගියා..ඒත් සමගම සිය නිවසට යාමට සූදානම් වූ තික්ෂනගේ කකුලේ හැපි චූටි දෝණි වැටුණේ ඔවුන්ගේ ගමනට බාධා කරමිනි…

 

 

“😭😭😭😭😭😭😭”

 

 

“අප්පටසිරි කෙල්ල වැටුණ නේද…කෝ නැගිටින්න මගේ බෝනික්කි හොදයිනේ

.. අඩන් එපා….”

 

තීක්ෂන එසේ පවසමින් චූටි දෝණි නැගිට්ටුවේ අයෝද් ඇයව සිය දෝතට ගනිමිනි…

 

 

“චූටි දෝණි වැටුණ නේද රත්තරන් කෝ එන්න මගේ වස්තුව…. අඩන්නෙපා හරිද මගේ කෙල්ල චණ්ඩියනේ😘😘…”

 

එසේ පවසමින් අයෝද් ගේ දෑතේ සිටි රූහි සංජනා ගේ අතට ගත්තා..

 

 

“මරු දෙන්න…මේ හවස මේ පොඩි එකාට අයිස් ක්‍රීම් අරන් දෙනවද…අනික පොඩි එකා නම් කමක් නෑ…මේ චූටි කෙල්ල බලාගන්න එවපු ඔයත් මරු…පොඩි එකා වගේ අත් දෙකටම අයිස් ක්‍රීම් අරන් කන්නේ…”

 

 

තීක්ෂන එසේ කියන විට සංජනාගේ මුන රතු වෙලා ඇඹුල් වෙලා ගියේ දෝණි සමග කරපු සියල්ල ඔවුන් දැකලා නේද කියල මතක් උනා නිසාමයි…ඒත් අයෝද් නම් සිටියේ ඇස් ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන මේ වෙන දේවල් සිතා ගැනීමටත් නොහැකිවයි…ඒත් සමගම තීක්ෂන චූටි දෝනිගේ චූටි අතක් අල්ලගනිමින්…

 

“දැන් චණ්ඩි කෙල්ලට බැනුන් අහන්න වෙයි අම්මිගෙන් ගෙදර ගියාම….අයිස් ක්‍රීම් කාලා ලෙඩ උනාම…”

 

ඒත් සමගම දෝණි කෑ ගැසුවේ ඔවුන් අසලට එන දෝනිගේ අප්පච්චි එනවා දැකපු නිසයි…

 

 

“අම්මි….අම්මි අන්න තාත්තී එනවා…අම්මි මන් නෝති වැඩ කරන්නේ නෑ…බබා වැටුණ කියලා තාත්තීට කියන්නේ නෑ නේද..අනේ අම්මි…”

 

 

“හරි වස්තුවේ මන් කියන්නේ අපි යමුකො දැන්…”

 

එසේ කියමින් ඇය දෝනිව නලවගත්තා…

 

“සංජනා යමුද ඔයාලව ගෙදරට දාලා මට තව ගමනක් යන්න තියනවා”

 

 

“හරි අයියේ යමු…එහෙනම් තැන්ක්ස් ඔයාලට අපි ගිහින් එන්නම්..”

 

සියලු සිදුවීම් කෙසේ විශ්වාස කරන්නද කියා සිතමින් බලාපොරොත්තු කඩ උන අයුරින් තීක්ෂන හිස දෙපසට වැනුවා පමණි… අඩන්නද හිනාවෙන්නද…කවදාවත් කෙල්ලේක්ට හිත නොගියත් අවසානවකට ඔහුගේ හිත මොහොතකට සෙළවුන තැනත් අන්සතුයි කියා ඔහු කම්පා උනා…

 

“තීක්ෂන මොකෝ බං මේ…අනික මොකද්ද බං අර වුණේ…අනික මේ….අර පොඩි එකිගේ අම්මා අර කෙල්ලද…”

 

“හ්ම්ම්….”

 

 

“උබ අවුලෙන්ද ඉන්නේ…”

 

 

“මොන රෙද්දකටද මන් අවුල් වෙන්නේ..යමන් යන්න කපටි ගෑනු සේරම එකයි…මට ඔය ගෑනු පේන්න බෑ කියලා උබ දන්නවනේ..”

 

“මට කොලේ වහන්න හදන්න එපා තික්ෂනයා…මන් පොඩි කාලේ ඉඳන්ම උඹේ යාළුවා උබ ගැන මන් උඹේ අම්මා තාත්තාට වඩා හොදට දන්නවා…ඒ නිසා බොරුව දන්නේ නැතුව ඉඳපන්..”

 

 

“කොහොම උනත් එයා වෙන කෙනෙක්ගෙනේ බං…ඒ නිසා මට වැඩක් නෑ ඔය දේවල්…”

 

 

“හුම්ම්ම් යමංකෝ දැන් මෙතන හිටියා ඇති…අද රිසදි ක්ලාස් එකෙන් ගන්නත් ඕන යනගමන් “


🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

 

 

 ඔන්න යාළුවෝ දෙවැනි කොටසත් දැම්මා…අණිවාරෙන් කතාවට අදහසක් දිගෙන යමු..තීක්ෂන සංජනා දෙපැත්තකට වෙයිද කියලා..

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *