නෙතඟ ඉඟි – පළමු කොටස

Anjalee Dhananjana A

නෙතඟ ඉඟි 


පළමු ඉඟිය

 

“ආ…..අනේ එපා…අ…මට යන්න දෙන්න දෙන්න😭😭😭..අ…අනේ….”

 

 “නංගි….මේ නංගි නැගිටිනවා ඕයි..කෑ නොගහ වටේ පිටේ මිනිස්සු බලයි අපි උබව මරන්න හදනවද කියලා..නැගිටපන් ඉතින්…”

 

 

“ඇයි අනේ කෑ ගහන්නේ…මොකද මේ…”

 

 

“මොකද මේ කියලා මමයි හරි නම් අහන්න ඕන… මොකාද උබේ බෙල්ල මිරිකන්න හැදුවේ…ඔහොම කෑ ගහන්න තරම්..”

 

 

“මො…. මොකක්ද මන් කැගැහුවේ නෑ..”

 

 

“අපොයි ඔව්…දෝනිත් බය වෙලා දුවගෙන ආවා… යකො මහ රෑ හීනෙන් බය වෙලා නම් කමක් නෑ..මේ දවල් හීනෙන් ඔහොම බය වෙලා කෑ ගහන්න මොකද්ද උනේ..”

 

“ආ..මේ නෑ..මන් මේ හීනෙන් බය උනා..හිනේ මතක නෑ…🤢🤢මේ මොකද්ද තමුසේ මට මේ ගැහුවා වතුර එක…”

 

“අප්පටසිරි….🤦‍♀️මට අමතක උනානෙ දවල් ට උයන්න හාල්මැස්සෝ හෝදන ගමන් හිටියේ…කෑ ගහපු පාර වතුර එකත් විසික් නොකර ඒකත් අරන් ඇවිත් තියෙන්නේ…”

 

 

“ඊයා…..තමුසේ මට ගැහුවේ හාල්මැස්සෝ වතුර එකකින්ද අක්කේ…ශික්…🤢🤢🤢🤢🤢”

 

“හරි හරි සොරි ඉතින් දැන් ගිහින් නාගෙන එනවකෝ මන් කාමරේ අස් කරලා තියන්නම් හොඳ නංගි වගේ වෙනසකටත් එක්ක දෝනිවත් අරගෙන පාර්ක් එක පැත්තෙ පොඩ්ඩක් ඇවිදලා එන්න…මන් අයියා ආවම එසන්නම් එතකොට අයියා එක්කම එන්න…”

 

 

“යනවා යන්න.. ඔයාටත් ඔය වෙලාවට තමයි මට බටර් ගාන්න හදන්නේ…😢”

 

 

“හරි හරි තවත් පරක්කු නොවී ගියොත් නේද හොඳ…මොකද නැත්නම් ඔයාලට ම තමා පාඩුව හරිද…”

 

 

“හරි හරි මන් යන්නම්කෝ…”

 

 

 සංජනාට ඉන්නේ අක්කයි මල්ලියි…ඔය තමයි ඉතින් අක්කගෙයි නංගිගෙයි රණ්ඩුව…හීනෙන් බය වෙලා කෑ ගහපු සංජනාට ලැබුණේ තෑග්ග තම ඔය….වයස අවුරුදු 23ක් වෙන සංජනා ට තිබුණ ලස්සනින් නම් අඩුවක් නෑ…ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන්න පුළුවන් තරම් ලස්සනක් සංජනාට තිබුණේ…සංජනා ගේ අක්කා උන ගෞරි අංජනා අවුරුදු 25ක් පුංචි දියණියකගේ මවක්….සංජනා ගේ නිවෙස නුවර පිහිටිය ද ඇයට සුදුසු රැකියාවක් නොලැබුන නිසාම ඇය සිය සොහොයුරිය උන අංජනා පදිංචි කොළඹ නිවසට පැමිණියේ අංජනාගේ දියණියත් බාලාගනිමින් ඇයට සුදුසු රැකියාවක් සොයා ගැනීමේ අරමුණින්…අංජනාගේ සැමියා වුවද තම මස්සිනා වුවත් ඇයට ඔහුගේම සහෝදරියෙක් ලෙස සැලකුවා…🥰

 

 

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

 

 

“චූටි දෝණි ඔයා ලෑස්තිද…ම්ම්ම්ම්..”

 

 

“ඔව් පුන්ති… මං රෙඩි…”

 

 

“හරි අපි යමු එහෙනම්…අක්කා අපි යනවා එහෙනම්…අයියට හවසට එන්න කියන්න…”

 

“හරි නංගි පරිස්සමින් හරිද දෙන්න එක්ක දඟලන්නේ එහෙම නෑ හරිද…”

 

 

“පුන්තී…මට අද අයිස් ක්‍රීම් ගොඩාක් ඕන අද…..”

 

 

“හරි හරි මගේ පැටියට මන් අද ගොඩක් අයිස් ක්‍රීම් අරන් දෙන්නම්කෝ..අපි සෙල්ලම් කරලා අයිස් ක්‍රීම් කාලා එමු..හැබයි අම්මට කියන්න බෑ හරිද..එහෙම වුණොත් අපි දෙන්නට අම්මි ගුටි දෙයි…”

 

 

“නෑ පුන්ති බබා ගුඩ් ගර්ල්..බබා කියන්නේ නෑ…🥰🥰🥰”

 

“හරි හරි යමුකො මගේ වස්තුවේ…🥰”

 

🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

 

 

 “මේ බං මන් උබ ට කියන්න හිටියේ. මේ ළග තියනවා පාර්ක් එකක් මාර ලස්සනයි බං…හරි නිදහස්…රිසදිත් එක්ක එන්න ඕන දවසක ඒකට ඇවිත් යන්න…”

 

 

“ඒ කොහෙද උබ අපේ නංගි එක්ක යන්න හදන්නේ දැන්..”

 

 

“ඇයි යකෝ ඒක හරි කතාවක්නේ උබෙ නංගි උනාට එකී මගේ කෙල්ල…ඒ කෙල්ල එක්ක යන්න නැතුව මන් වෙන කා එක්ක යන්නද..”

 

“හරි හරි..නිකන් කිව්වේ…මන් දන්නවා උබ මට විශ්වාසයි බං..ඒ නිසානේ උබට මගේ නංගිව බය නැතුව දෙන්නේ…”

 

 

“හරි හරි..මේ ඇත්තටම අපි ගිහින් පොඩ්ඩක් වටයක් දාලා එමුද..”

 

“හරි හරි යමන්…”

 

එක කුස නොඉපදුණත් සහෝදර බැඳීමක් තරම් බැදුන යාළුකමක් තමයි මේ තියෙන්නේ…තීක්ෂන කියන්නේ නම් කෙල්ලෝ හැරිලා බලන තරං කඩවසම් අවුරුදු 25ක තරුණයෙක්..හොදම යාලුවා තමයි මේ ඉන්න අනිත් කෙනා අයෝද්…ඔහුත් තීක්ෂන වගේම කඩවසම් තරුණයෙක්…ඒත් ඉතින් අයෝද් නම් තනිකඩ ජීවිතයෙන් මිදිලා ඉන්නේ..ඒ තීක්ෂනට ඉන්න එකම නංගි අයෝද් ගේ පෙම්වතිය නිසා..තික්ෂනට ඉන්නේ එකම නංගි වගේම අයෝද් ගේ පවුලේ ඔහු ඇර සිටින්නේ තවත් නැගනියක් විතරයි…තීක්ෂන කඩවසම් වගේම තමයි තියන නපුරු කමත්. කෙල්ලෝ කියන ජාතිය දෑහැට පේන්න බැරි තරං…ඒ වගේම අවුරුදු 25ට කිසිම කෙල්ලෙක්ට තීක්ෂන ගේ හිත හොරකම් කරන්න බැරි උනා…සිංහවංශ ව්‍යාපාර ජාලයේ සිය පියාගෙන් පසු දැන් පවත්වා ගෙන යන්නෙත් තීක්ෂන තමයි…🥰🥰


 

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

 

ඉතින් ඔන්න මගේ යාළුවෝ හැමෝටම මගේ අලුත් කතාවේ මුල්ම කොටස අද ඔයාලට දුන්නා…අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා… සංජනාට හරියන රැකියාවක් ලැබෙයිද තීක්ෂනගේ හිත කොහේ නවතිද කියලා…ඉතින් ලස්සන තවත් කොටසකින් හමු වෙමු නැවතත්…🥰

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *