වීල්චෙයාර් – 2කොටස [ අංජලී ධනංජනා]

Anjalee Dhananjana A

වීල්චෙයාර්


දෙවැනි රෝදය.

“📱මොකද කරන්නේ මගේ මැණික ම්ම්ම්ම්….”

“🥰📱මුකුත් නෑ වෙරෝන්…කම්මැලි ඒ නිසා පොඩ්ඩක් කොරිඩෝ එකට ගිහින් මල් දිහා බලන් හිටියේ…”

“📱ම්ම්ම්ම් මන් එන්නද…”

“🥰📱එපා සුදු ඔයාට දැන් මහංසිනේ.. ඔයා ටිකක් රෙස්ට් කරන්න වෙරූ…”

“📱ඒත් ඔයා ඔහොම කියද්දී දුකයි මැණික…”

“🥰📱එහෙම නෑ වෙරු මේ ඒක නෙවෙයි මට දැන් හොඳ ළමයා වගේ කියන්නකෝ ඔයා කෑවාද…”

“📱ම්ම්ම්ම්…මේ…”

“🥰📱කන්න බැරි උනා නේද ම්ම්ම්…හරි ෂෝක් මට බලෙන් කවනවා හැබැයි එයා වෙලාවට කන්නේ නෑ…මන් තරහයි ඔයා එක්ක…”

“📱අනේ හරි හරි මගේ දොස්තර නොනෝ මන් ඉක්මනටම කන්නම්…දැන් පොඩ්ඩක් කතා කරන්න…”

“🥰📱 හූම්…මට දුකයි වෙරෝන්…”

“📱 ඇයි ඒ දැන් මගේ මැණිකට දුක ම්ම්ම්ම් .”

“🥰📱මට දිපශිකායි සදෙව් මතක් උනා වෙරූ….”

“📱අනේ මේ සාරා තමුසෙට මන් කියලා තියනව ඕකුන් දෙන්න ගැන මතක් කරන්න එපා කියලා එහෙම කියද්දි ඇයි තමුසේ ආයේ ආයෙත් උන් දෙන්නා ගැනම කියවන්නේ ආ…”

“🥰📱අනේ එහෙම දෙයක් නෙවෙයි වෙරූ…අපි තුන් දෙනා හිටියා විදිය මතක් වෙද්දී මට දුකයි…ඒ කාලේ අපි තුන් දෙනා හිටියේ සහෝදර සහෝදරියෝ වගේ…කොච්චර උනත් දිපශිකා අදටත් මගේම සහෝදරී වගේ ඒ වගේමයි සදෙව්… ඒකයි වෙරූ ප්ලීස් ඔයා දැන් කේන්ති ගන්න එපා…”

“📱මේ අහන්න සාරා ඔයාගේ සහෝදරී සහෝදරයා වගේ වෙන්න ඇති හැබැයි එකක් මතක තියාගන්න උන් දෙන්නා කලේ මහ ජරා වැඩක් කියල…මොකද මන් අච්චර දිපශිකාට ආදරේ කරද්දී ඔයා සදෙවුට හිතින් ආදරේ කරා කියලා සදෙව් නොදන්නවා උනත් දිපෂිකා ඒක දැනගෙන හිටියා…ඒත් අවසානේට ඒකි කරේ මොකද්ද තමුසෙගේ ආදරේ කරපු මිනිහව අරන් මාවත් රවට්ටලා දාලා උන් දෙන්නා පැනලා ගියා…ඒත් තමුසේ තාමත් දිපෂිකායි සදෙව් ගැනයි හිත හිතා වැලපෙනව….මන් මේ කියන අවසාන වතාව සාරා කරුණාකරලා ඕකුන් දෙන්න ගැන ආයෙත් මගේ කණට ඇහෙන්නේ කියන්න එන්න එපා..මන් කැමති නෑ ඔයාට බනින්න..ඒ නිසා බැණුන් අහන දේවල් නොකර ඉන්නවා…”

“🥰📱හරි තවත් එහෙම කරන්නේ නෑ වෙරෝන් සොරී…”

“📱හරි හරි මගේ මැණික දැන් ඔය දේවල් හිතන්න එපා…උන් එහෙම කරපු එකට මන් සතුටු වෙනවා දැන්..මොකද මට ගොඩක් ආදරේ ඔයා වගේ නෝනා කෙනෙක් ලැබුණනේ…අපි ඉක්මනට වෙඩිං එක ගමු…”

“🥰📱හරි හරි දැන් හවස් වෙලා වෙරෝන් ඔයා ගිහින් දැන් කන්න මුරණ්ඩු නොවී…”

“📱හරි හරි මැඩම් මන් යන්නම්..මන් එහෙනම් තියන්නම් මැණික පරිස්සමින් ඉන්න බුදු සරණයි…”

“🥰📱 බුදුසරණයි වෙරෝන්….”

එසේ පවසා ඳුරකතනය විසන්ධි කළහ

ඒත් සමගම ඇය සිය ඇද මත වැතිරී උඩ තිබූ සුදු පාට සිවිලිම දෙස බලා කල්පනා ලොවක අතරමං විය….

“ඇයි දිපාශිකා වීල්චෙයාර් එකක…මොකද්ද වුණේ එයාට අනේ මට එක පාරක් කතා කරන්න තිබුණ නම් සමහරවිට මේ හොස්පිටල් එකේද දන්නේ නෑ එයා වැඩ කරන්නේ…එතකොට සදෙව් කෝ…එයත් මෙහෙ ඇති සමහරවිට…අනේ ඇයි මට එයා නොකිවුවේ එයා සදෙව් ට ආදරේ කරනවා කියලා…එහෙම කිව්වා නම් මන් කවදාවත් එයාලගේ මැදට යන්නේ නෑ නේ දෙවියනේ…එහෙම උනානම් අපි අදටත් සතුටින් ඇයි දිශි ඔයා මෙහෙම දෙයක් නොකිඋවේ…”

කදුළු බිදු ඇසට නොහිතූ ලෙස උනමින් ඇය එසේ සිතන්නට විය..

“මට එක පාරක් ඔයා එක්ක කතා කරන්න තිබුනනම්….සමහරවිට එයා මාව දකින්න ඇති..එයා හිතුවද දන්නේ නෑ මන් එයා එක්ක තරහින් කියලා ඒක වෙන්න ඇති යන්න ඇත්තේ…කමක් නෑ ඊළග පාර නම් කොහොම හරි කතා කරන්න ඕන…අනික එයා දන්නවද දන්නේ නෑ මන් වෙරෝන් මැරී කරන්නේ කියලා…එයාට ඒක කියන්න ඕන අණිවාරෙන් නැත්නම් එයා හිතයි මන් පළිගන්න එහෙම කරනවා කියලා…සමහරවිට අපි ඇක්සිඩන්ට් වුන එකත් එයාලා දන්නවා ඇති මේ හොස්පිටල් එකේ නිසා.. ඒක වෙන්න ඇති මේ වගේ රූම් එකකුත් මට ලැබෙන්න ඇත්තේ…”

එසේ සිතමින් සිටියදීම ඇයට නින්ද ගියහ…

වෙරොන් හා සාරාගේ විවාහයට තිබුණේ දින කිහිපයකි.. ඔවුන් වෙරෝන්ගේ වැඩ කිහිපයක් සදහා නුවර ගොස් නැවත එන විටදී අතරමඟදී සිදු වූ රිය අනතුරින් සාරාගේ සිහිය පැමිණියේ සති 2කට පසු නිසාම ඔවුන්ගේ විවාහයද කල් ගියේ සති 2ක් ඉක්මවා සාරා නුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ගැනීමට නතර කරමිනි…ඒ අතරතුරදී අහඹු ලෙස ඒ රෝහල් කොරිදොවෙදීම දුටුවේ ඇයගේ යෙහෙළිය වූ දිපෂිකාවයි..

සදෙව් සාරා දිපෂිකා මෙන්ම වෙරෝන් අවුරුදු 26ක් වන තරුණ තරුණියන් ය..සරසවියට ඇතුළු වූ විගසම සදෙව් සාරා දිපෂිකා යන 3න්කට්ටුවට මුන ගැසුන සිව් වන ප්‍රාණ සම මිතුරා වූයේ නිශිතයි..නිශිතගේ උපන්දින සාදයකදී මුන ගැසුන වෙරෝන් හඳුනා ගත්තේ එවිටයි…ඔහු ව්‍යාපාරිකයෙකු විය…නොසිතූ ලෙස ඔවුන්ගේ දිවියට කණකොකා හඬා සියලු දෙනාම සීසීකඩ විසි වීමට පටන් ගත්තේ මෙතැන් පසුය…


🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඔන්න යාලුවෝ අලුත් කතාවක් වෙනස්ම විදියට කියවලා බලන්න අදහස් කියන්න

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *