වීල්චෙයාර් – 4 කොටස [අංජලී ධනංජනා]

Anjalee Dhananjana A

වීල්චෙයාර්


 

සිව්වැනි රෝදය.

 

පසුදා උදෑසන ම සාරාගේ වර්තමාන තත්ත්වය විමර්ශනයට පැමිණියේ නිරංජලා නම් තරුණ වෛද්‍යවරියකි….

 

“Good morning සාරා.මන් තමයි නිරංජලා.ඉතින් කොහොමද දැන් ඔයාට…..”

 

“ආ ඩොක්ටර් ගැන මට වෙරෝන් කියලා තියනවා.. දැන් නම් මට ගොඩක් දුරට සනීපයි ඩොක්ටර් ගොඩක් තැන්කස් අපිට මේ කරපු උදවු වලට….”

 

“ඒක මොකද්ද සාරා මාත් ඔයාගේ වයසේ නිසා මට නම කියලා කතා කරන්න සාරා…මොකද මට වඩා ඔයා සීනියර් ඩොක්ටර් කෙනෙක් නිසා මට මොකද්ද වගේ ඔයා ඔහොම කතා කරද්දී…”

 

“අනේ එහෙම හිතන්න එපා…”

 

“කමක් නෑ කමක් නෑ ඔයාට මන් කියපු දේ කරන්නකො සාරා..”

 

මද සිනහවක් මුව සරසමින් නිරංජලා සාරා හට එසේ පැවසීය…

 

“හරි හරි එහෙනම් මන් නිරංජලා කියලා කතා කරන්නම්කෝ…ඉතින් අදුරගන්න ලැබුණ එක ගොඩක් සතුටුයි නිරංජලා…”

 

“මටත්…තව හෙට උදේ ඔයාට ගොඩක් දුරට ගෙදර යන්න පුළුවන් සාරා…”

 

“ම්ම්ම් ඒක නම් ගොඩක් ලොකු දෙයක් නිරංජලා මට මෙහෙ නිකන් ඉදල දැන් මොකද්ද වගේ…”

 

“මේ ඒක නෙවෙයි මන් වෝඩ් එකට යන ගමන් ආවේ සාරා මන් යන්න ඕන දැන්….ගියාට කමක් නෑ අනිවාරෙන් ආයෙත් එන්න ඕන මාව බලන්න හරිද..”

 

“එනවා එනවා අනිවාරෙන්ම නිරංජලා.. තැන්ක්ස් ඔයාට මේ කරන උදවු වලට..”

 

“ම්ම්ම්ම්…හරි හරි මන් ගිහින් එන්නම් සාරා…”

 

“ආ හරි බායී…”

 

එසේ කියා සාරා හා නිරංජලා දෙදෙනා හටම සමු දුණි…..එදින දවසටම සාරා හට දිපශිකා දැකීමට නොහැකි විය…තවද ඇයගේ සුව දුක් බැලීමට බොහෝ දෙනා පැමිණ සිටීමත් නිසාම ඇයට දිපෂිකා ගිය කොරිඩෝවේ තිබූ කාමර දෙසට ගොස් වීමර්ශනය කිරීමටද නොහැකි විය.. හෝරාවෙන් හෝරාව ගෙවී ගොස් රාත්‍රී 8ට පමණ වන විට ඇය වෙරෝන් හටත් දුරකථන ඇමතුමක් ලබා ගෙන පසුව නින්දට ගියහ……

 

හීනෙන් මෙන් පෙරදින වගේම ඇයට මූසල ශබ්ද සිය සවනත ළග මුමුණන හඬක් ඇසී..පසුව ඇයගේ නම පවසමින් ඇයට ආමන්ත්‍රණය කරනවත් සමග ඇය බිය වි අවදි විය…

 

“ස්………සා………රා…….සා…….රා….. ස්………. ස්………සා……..රා……”

 

“මොකද්ද අප්ප ඒ දැක්ක හිණේ..නිනදත් කැඩුන…ආයේ ඉතිං නින්ද යන එකක් නෑ..කීයද වෙලාව..”

 

සිය හිතත් සමගම දොඩමලු වෙමින් ඇද මත වූ දුරකථනය රැගෙන ඇය වෙලාව බැලූ විට පාන්දර 3 ලෙස එහි සටහන් වි තිබුණි..ඒත් සමගම ඇයට යමක් මතක් වි ඇදෙන් බැස කොරිඩෝවට පැමිණියේ එහි දෙපසත් නිරීක්ෂණය කරමිනි…ඒත් සමගම ඇයට දැක ගත හැකි වූයේ දිපශිකා ඇය සිටින කොරිඩෝවේ කෙළවර සිටින අයුරුයි….ඇය ඒ දෙසට යනවත් සමගම දිපෂිකා රෝද පුටුව හරවා ගෙන අනිත් කොරිඩෝවට හැරී ගියහ…සාරා ඇයට නොදැනෙන අයුරින් දිපශිකා පසු පසින් පියවර තැබිය…අනිත් කොරිඩෝවට හැරී මද දුරක් යනවාත් සමගම ඇය එක්වරම පය ලිස්සා බිමට පතිත වූයේ…

 

“ආව්….අම්මෝ ..තව පොඩ්ඩෙන් බෙල්ලත් ගැලවෙනවා…කවුද අනේ මෙතන වතුර හලපු බූරුවා…අම්මෝ….”

 

අත සහ කකුල අතගාමින් ඇය ඇයටම පවසා ගෙන නැගිසිට දෙපස බැලුවත් දිපශිකා එහි නොමැති විය…


🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

 

ඔන්න යාලුවනේ අලුත් කොටසක් ගෙනාවා කියාගෙන යමු බලන්න අදහස් ඔයාලගේ

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *