වීල්චෙයාර් – 5 කොටස [අංජලී ධනංජනා]

Anjalee Dhananjana A

වීල්චෙයාර්


පස්වන රෝදය.

 

“ශික් කොහේටද මේකි ගියේ..ඉස්කෝලෙ කාලෙයි කැම්පස් කාලෙයි වගේම තමා කිසිම වෙනසක් වෙලා නෑ…කොහේ හරි හැංගිලා ඇති මැට්ටී.. හිටපංකෝ හොඳ වැඩක් කරන්න..කොහොමත් මේ වැඩි ඈතක තියන රූම් එකක නෙවෙයි වෙන්න ඇති ඇත්තේ…අනේ මන්දා මේ රූම් ඇරලා බලලා මට බැනුම් අහන්නත් වෙයිද දන්නේ නෑ…”

 

එසේ සිතමින් ඇය ඒ අසල වූ රූම් දෙකක දොර විවෘත කිරීමට හැදුවත් නොහැකි විය…

 

“ම්ම්ම් සේරම ලොක්..ආ..අර තියෙන රූම් එක ඇතුලේ ලයිට්ස් ඕන කරලා නේද…ෂුවර් එකට මේ හොල්මන ඇති ඕක ඇතුලේ ගිහින් තට්ටු කරන්න ඕන කතා නොකර ඉන්න ඕන..මාවනේ බය කරන්න ආවේ දැන් එයා බයවෙයි..🤭”

 

එසේ සිතමින් හිමින් සැරේ ගොස් විදුලි පහන් දල්වා තිබෙන කාමරයේ දොරට තට්ටු කළහ..මද වේලාවකින් එහි වූ දොර විවර වූයේ සාරාට උන් හිටි තැන් අමතක කර සිය දෙනෙතට කදුළු කැට පුරවාලමිනි…

 

“වෙ…….. වෙරෝන්…ඔයා…..”

 

“සා…..සාරා..ඔයා මොකද..මේ වෙලාවේ…..”

 

එසේ විමසුවේ වෙරෝන් ය..

 

“කවුද බබා ආවේ…”

 

එසේ පවසමින් වෙරෝන් අසලට පැමිණියේ නිරංජලායි..

 

“ආ..මේ සාරානේ…මොකද සාරා මේ වෙලාවේ මේ පැත්තේ…අනික ඔයා….. ඔයා ඇයි අඬන්නේ..මේ….”

 

නිරංජලා එසේ විමසුවේ සාරාගෙනි..

 

“වෙරෝන්……ඇයි ඔයා මට මෙහෙම වංචාවක් කරේ වෙරෝන්….ඔයා මට කිව්වේ මේ ඔයාගේ කසින් සිස්ටර් කෙනෙක් කියල නේද…ඒත් එතකොට ඇයි ඔයා මේ වෙලාවේ මෙතන ආ…කතා කරන්න වෙරොන්…

 

ඔහුගේ උරහිස් වලින් අල්ලා සොලවමින් ඇය ඔහුගෙන් විමසන්නට වූයේ ඒ දෙස බලා සිටි නිරංජලා ඔවුන් අතරට පැමිණ…

 

“මොනවද බබා මෙයා මේ කියන්නේ ආ…තමුසේ මෙයාට කිව්වේ මන් තමුසෙගේ කසින් කියලද ආ…කතා කරනවා වෙරෝන්…මේ කවුද….ආ..තමුසේ මට කියලා තිබුණේ සාරා කියන්නේ තමුසෙගේ කසින් කෙනෙක් කියලානේ… ඒක තමයි තමුසේ මට සාරා එක්ක වැඩිය කතා කරන්න දුන්නේ නැත්තේ..ජරා බ#ල්#ලා…..තමුසේ මාව කෑවා වෙරොන් තමුසේ මාව කෑවා….😭😭😭😭😭😭”

 

එසේ පවසමින් නිරංජලා හඬා වැටෙන්නට වූයේ එක්වරම වෙරෝන් නිරංජලා හට කියුවේ..

 

“තමුසේ කට වහගෙන හිටපන් නිරංජලා…මේ ඉන්නේ මන් මැරී කරන්න ඉන්න කෙනා..දැන් හරිනේ තමුසෙට ඕන දේ දැනගත්තනේ…”

 

එසේ පවසනවත් සමගම සාරා පැවසුවේ..

 

“එපා වෙරෝන් මට තමුසෙව තවත් එපා..මන් බදින්නේ නෑ තමුන්ව තමුසේ මේ ගෑනි එක්කම ඉන්නවා😭😭😭…”

 

“මොකද්ද තෝ කිව්වේ…මාව මැරී කරන්න බෑ කියලද කිවුවේ ආ….තමුසේ…තමුසෙට බැරි නම් මන් ඒක කරගන්නම්…තමුසෙට මගෙන් ගැලවීමක් නෑ සාරා..හොදින් හෝ නරකින් තමුසෙ අයිති වෙන්නේ මට ඒක දැනගනින්…”

 

එසේ පවසනාවත් සමගම නිරංජලා ඇසුවේ…

 

“එතකොට…එතකොට මගේ බඩේ ඉන්න මේ දරුවා…ඒ දරුවාට මොකද්ද කරන්නෙ වෙරෝන්….ඔයා… ඔයා කිව්වා නේද ඉක්මනටම අපි මැරී කරලා අපේ මමි ලඟට යන් කියලා…ඇයි වෙරොන් මට මෙහෙම කරන්නේ..😭😭😭😭”

 

“බැ#ල්#ලී තෝ කට වහගනින් මන් උබව මරන්න කලින්….”

 

එසේ පවසා ඔහු නිරංජලා හට කම්මුල් පහරක් එල්ල කරේ ඇයව තල්ලු වී වැටෙන්න යාමත් සමගයි…ඒත් සමගම සාරා ඇයව අල්ලාගත්තේ වැටෙන්න නොදිය…දෙදෙනාම අඩමින් සිටියදී එක් වරම දොරක් විවර වූයේ නිරංජලා හා සාරා එදෙස බළමිනි…එයින් පිටතට පැමිණියේ වෙන කිසිවෙක් නොවෙයි දිපශිකායි…දිපෂිකා ඔවුන් ඉදිරියට රෝද පුටුවෙන් එන සේම නිරංජලා අත හැර සාරා දිපශිකා ඉදිරියට කෙටි අඩි තියමින් ගියේ අඩමිනි…එහෙත් දිපෂිකාගේ මුවේ වූයේ සිනහවකි…

 

“වෙරෝන් මාව රැවැට්ටුවා දිපශිකා…ඒත් ඔයා හිනා වෙනවා…ඒ ඇයි ඔයාලා සේරම මාව රැවැට්ටුව එකද කරේ දිපශිකා….”

 

ඇයගේ වදන් සමගම වෙරෝන් එදෙස බැලූ විටම ඔහු ඉතාමත් බය බිරන්ත වී පිටුපසට අඩි තැබුවේ…නිරංජලා හා සාරා හටත් වෙන කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකිවයි…ඒත් සමගම වෙරෝන් දිව් නිසාම සාරා ලිස්සා වැටුණ ස්ථානයේම ඔහු ලිස්සා වැටුණේ ඔහුගේ සිහිය එතනම නැති ඔහුගේ ලේ ශීඝ්‍රයෙන් අඩු වෙමිනි…ඒත් සමගම සාරා හා නිරංජලා කෑ ගැසුවේ…

 

“වේරෝන්………..”

 

“මන් ඉක්මනට දෝක්ටර්ලට කතා කරන්නම් සාරා ඔයා ඉක්මනට ලේ යන එක නවත්තන්න බලන්න…”

 

විනාඩි කිහිපයකට පසු ඉතා ඉක්මනින් ඔහුව ඔපරේෂන් එකක් සදහා ගත්තේ…සාරා හා නිරංජලා හඩමින් බලා සිටියදීය…


🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

 

ඔන්න යාළුවෝ ඔයාලට තවත් කොටසක් දුන්නා..කියාගෙන යන් බලන්න අදහසක්…

 

 

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *