වීල්චෙයාර් – 1 කොටස [අංජලී ධනංජනා]

Anjalee Dhananjana A

         වීල්චෙයාර්                 


 පළමු රෝදය.    

 

“ම්ම්…හ්…. ම්ම්… වෙ…..රෝ

.න්…”

 

“ඇයි සුදු ඇයි ඔයාට අමාරුයිද මන් ඩොක්ටට කතා කරන්නද…කියන්න වස්තු…”

 

“එපා වෙරෝන්…ම…න්..හොදින්…. බෙහෙත් වලට සැරට මට නින්ද ගියා… සොරි වෙරෝන්…”

 

“ඒකට කමක් නෑ ඩාලින්..ඔයා ඉක්මනට සනීප වෙන්න මැණික…එතකොටයි මගේ සැනසීම තියෙන්නේ…තේරුනාද…. ම්ම්ම්ම්…”

 

වෙරෝන් එසේ කියූ විට සාරා මද සිනහවක් පා මැණික් කටුව අසල ගාසා තිබුණ කටුව රැඳී දෑතින් ඇය වෙරෝන්ගේ කම්මුලක් මත තැබූහ…

 

“දඟලන්න එපා සුදු ඔයා අතේ කට්ට නිසා අත රිදෙයි…”

 

“බය වෙන්න එපා වෙරෝන් මට මුකුත් උනේ නෑනේ…ම්ම්ම්..”

 

“ඒත් මන් කොහොමද වස්තු සැනසීමෙන් ඉන්නේ ඔයා ඔහොම ලෙඩ ඇදක ඉද්දී…ඉක්මනටම සනීප වෙන්න ඊට පස්සේ මන් නිසාම කල්ගිය අපේ වෙඩිං එක ගමු ඉක්මනටම…හරිද මැණික…”

 

“හූම්..ඔයාට මහන්සිනේ වෙරෝන් ඔයා ගිහින් රෙස්ට් කරන්න… නැතන්ම මගේ මහත්තයා අසනීප උනොත් මන් කොහොමද මේ වේදනාවත් එක්ක ඒක දාරගන්නේ..”

 

“හරි හරි මැට්ටි..මන් යන්නම්..හැබැයි එක දෙයක් මට පොරොන්දු වෙන්න ඕන…”

 

“ම්ම්ම් කියන්නකෝ බලන්න මගේ මහත්තයාගේ ඒ පොරොන්දුව..”

 

“මන් කෝල් ගන්න වෙලාවට ආන්සර් කරන්න ඕන…පොඩි හරි අමරුවක් තියනවානම් මට කියන්න ඕන හරිද…මන් මෙතනම ළග තියන හොටෙල් එකක ඉන්නේ හරිද ඒ නිසා ඉක්මනට එන්න පුළුවන්..ආනිවාරෙන් කියන්න සුදු හරිද..”

 

“හරි හරි මහත්තයෝ…දැන් මට සනිපයිනේ…බය නැතුව ඉන්න…”

 

එසේ පැවසූ පසු වෙරෝන් සාරාගේ නළලත ට කෙටි සීපුමක් දී රෝහල් කාමරයෙන් නික්මී ගියහ…

 

 රෝහල් කාමරයේ තනි වූ ඇයට ඇයගේ මනස දිව ගියේ පෙර අතීතයටයි..

 

           සාරාත් සදෙව් හා දිපශිකාත් කුඩා කලසිටම අතිජාත මිතුරන් තිදෙනා විය…කිසිම දිනක කවදාවත් තිදෙනා අතර රහසක් නොවිණි…තවද සාරා ඉතා ප්‍රකොටිපති ව්‍යාපාරිකයකු වූ ශාම්ලාල් මහතාගේ එකම දරුවා වූයේ උපතින්ම ඇයත් ප්‍රකොටිපතිනියක් වෙමිනි…නමුදු සදෙව් හා දිපාෂිකා වුණු ඇයගේ ප්‍රාණ සම සොහොයුර වැනි යාලුවෝ දෙදෙනා ඇයගේ නිවසේ මෙහෙකාර සේවයට සිටින පවුල් දෙකක දුප්පත් දෙමාපියන් දෙපලකගේ එකම දරුවන්ය…එහෙත් ඔවුන්ගේ අතිජාත මිත්‍රත්වයට එය බාධාවක් නොවුනේ ශාම්ලාල් මහතාගේ ඒ මැනිතියගේ ඇති ධාර්මික සහ ගුණයහපත් බව නිසාමයි…

 

          දිපාශිකා හටත් සදෙව් හටත් සාරාහට වගේම ඔවුන්ට ඉගන ගැනීමට උපකාර කරේ ඒ නිසාමයි…දින දින උස්මහත් වි කඩයිම් විභාග වලින් ඉහළින්ම සමත් වි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් අතරට තිදෙනාටම යාමට වරම් ලැබුණේ ජීවිතයේ බොහෝ දේ වෙනස් කරමිනි…

 

 පෙර අතීතයේ මතකයන් සමගම ඇයගේ ඇසට කදුලක් ඉනුවේ ඇති වූ හිත් වේදනාවටමයි..ඒ සියල්ල පහව යනත් සති දෙකක කාලයත් සමගම ඇය ඇයට හිමි වූ රෝහල් කාමරයෙන් පිටතට නොපැමිණීමට නොහැකි වූ නිසාම ඇය කාමරයේ දොර විවෘත කරගෙන රෝහල් කොරිඩෝවට පැමිණියහ…

 

            වටපිට බලමින් ඇය සියල්ල විමර්ශනයක නිරත වූයේ හිතට දැනුන පාළුව කාන්සියත් සමගයි… එවිට ඇය හට දැක ගැනීමට හැකි වූයේ..ඇය සිටින්නේ රජයේ රෝහලක සිව් වන මහලෙ බවයි…ඇයද වෛද්‍යවරියක් නිසාම අන් පුද්ගලයන්ට වඩා ඇයට සැප පහසු තනිව වාසය කිරීමට සහ පවුලේ සාමාජිකයන්ට පැමිණ සිටීමද හැකි වන පරිදි නේවසිකකුටියක් වැනි කාමරයක් ලබා දී තිබුණි…

 

                   විවිධ වර්ණ වූ ජපන් රෝස මල් වලින් පිරුණ පහළ සාදා තිබූ ස්ථානය දෙස ඇය බලා සිටියේ ඉතා ආශාවෙනි…රෝහලේ කෙතරම් අය සිටියද සිව් වන මහලට එතරම් පිරිසක් නොවුන තරම්ය…ඒ නිසාම ඉතා පාළු පරිසරයක් දක්නට වූයේ සාරාගේ සිතට තවත් පාළු සිතුවිලි පැමිණෙමිනි..

 

 කොරිඩෝවේ කෙටි බැම්මට හේත්තු වී දෙපස බලමින් සිටී සාරා හට ඇස් ගැටුණේ රෝද පුටුවකට වී හිස් හැඟීමකින් ජපන් රෝස මල් දෙස බලා සිටින ඇයගේ ප්‍රාණසම මිතුරියයි.. සාරාත් කිසිවක් සිතා ගත නොහැකිව ඇය දෙස දුකින් බලා සිට ඇයට කතා කිරීමට යාමට සැරසෙනවාත් සමගම ඇය සිය රෝදපුටුව තමා විසින්ම තල්ලු කරගනිමින් කොරිඩෝවෙන් හැරී අනික් කොරිඩෝව දෙසට ගියහ…ඒ පසු පසින් ඇය යාමට සැදුවත් එය වැළකුණේ ඇයගේ දුරකථනය නාද වීම නිසාමයි…

 


ඊළග කොටසින් නැවත හමු වෙමු.🥰

Anjalee Dhananjana
Author: Anjalee Dhananjana

සිතුවිලි සිරවී


Leave a comment
Your email address will not be published. Required fields are marked *