මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

18 December 2017

---යක්ෂ ආරූඪය (Demonic Possession)---


හායි යාලුවනේ කොහොමද මගේ කලින් පොස්ට් වලට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ . ඉතින් වෙනද වගේම වෙනස් දෙයක් මන් ඔයාලට ගෙනවා ඔයාලා හොල්මන් film බලනවානම් අනිවා දැකල ඇති අහල ඇති Demonic Possession ( යක්ෂ ආරූඪය ) කියන දෙය ඉතින් අද මන් කතාකරන්න යන්නේ මෙන්න මේ ගැන . යක්ෂ ආරූඪය කිව්වම ඔව් හැමෝම හිතන්න පුළුවන් යක්ෂයෙක් ඇවිත් මනුෂයෙකුට ආවේශ වෙනවා එච්චරයි කියල නැහැ මේකේ ලොකු ගැඹුරක් තියනවා ඉතින් බලමු මේ පොස්ට් එකෙන් කොච්චර ගැඹුරට ඒ ගැන කතාකරන්න පුලුවන්ද කියල මොකද වැඩිපුර ලියන්න මන් කැමති නැහැ මොකද එතකොට කියවන අයගේ ඔලුවට යන මතකේ රැඳෙන සහ ආසා හිතෙන ප්‍රමාණය අඩු නිසා .
හරි ඉස්සලම ඔයාල දන්නවද Demonic Possession ( යක්ෂ ආරූඪය ) කියන එකත් කොටස් 3කට බෙදෙනවා ඒ තමයි

1. Manifestation and Infestation ( ප්‍රකාශනය සහ උවදුර )
2. Oppression ( පීඩනය )
3. Full Possession ( පුර්ණ හිමිකම )

හරි අපි දැන් මේවා වෙන් වෙන් වශයෙන් අරන් බලමු

1. Manifestation and Infestation ( ප්‍රකාශනය සහ උවදුර )

පළමු අදියර ඇතිවෙන්නේ මනුෂයන්ට නොවේ මේ කොටස අයත් වන්නේ නිවෙස්, වනාන්තර, මෝටර් රථ, බෝනික්කන්ට වගේ දේවල් වලටයි ඒ කියන්නේ මනුෂයන්ට ප්‍රකාශනය වන විදියට එන උවදුරක් ලෙස හදුන්වන්න පුලුවන් කෙටියෙන්ම කිව්වොත් අපිට අදුර ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මෙතන යම්කිසි දෙයක් තියනවා කියල . ඒ වගේම තමයි මේ අවස්ථාවේදී තමන්ගේ මලගිය නෑදෑයන් වගේ කපටි දේවල් උපයෝගී කරගෙන අපට ලංවෙන්න හදන උපයේ මුලික අවදිය තමයි මේක නමුත් මුලික අවස්ථාවේ කියාලා නැහැ අපි දුර්වල වෙනවනම් යක්ෂයා බලවත් වෙනවා නමුත් මේ අවදියේදී බොහෝ දුරට සාර්ථකව මුලික අවධියට ලක්වුණ පුද්ගලයින් බේරාගත හැකියි


2. Oppression ( පීඩනය )

දෙවැනි අවධිය ටිකක් භයානකයි මොකද මේ අවදියේදී බොහෝ දුරට යක්ෂයා ඉතාම බලවත්ව ප්‍රහාරාත්මක ආකාරයෙන් පහරිදීමට සැලසෙන අතර මෙය ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් සිදු වේ . නින්ද අහිමි වීම, උග්ර අක්රමිකතා, සිත් රිදවීම හා ලිංගික හිරිහැර පවා සිදු විය හැක. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගොඩක්ම පුජකවරයෙක් හෝ මේ පිළබඳව සොයන කණ්ඩායමකට භාර දෙන්නේ හැබයි ඒ අය උනත් මේ ගනු දෙනු කරන්නේ කා එක්කද කියල දන්නේ නැත්තම් වැඩේ භයානකයි . මානසික අවපීඩනය බොහෝ අවස්ථාවල මෙම අවධියේ රෝග ලක්ෂණයකි පුද්ගලයාගේ කැමැත්ත ඇදහිල්ල විශ්වාසය මේ අවස්ථාවේ බිඳී ගියොත් එය තෙවැනි අදියර කරා ගමන් කරයි

3.  Full Possession ( පුර්ණ හිමිකම )

තෙවැනි හා අවසාන අවස්ථාව මේ අවස්ථාවේදී යක්ෂය ඉතාම බලවත් වන අතර ආතුරයා යක්ෂය විසින් කරන කියන දේවල් වලට අවනත වේ
සාමාන්‍යයෙන් පළමු හා දෙවන අදියර වලින් වත් බේරගන්න බැරි උන පුද්ගලයාට එසේ කිරීම හැර වෙන දෙයක් නැත .

එසේම මේ අවස්ථාව වන විට ආතුරයා මනුෂ්‍ය ලොවට අයිතිය නැති වෙන අතර සම්පුර්ණයෙන්ම ඔහුව පාලනය කර පිඩනයට පත්කර ඔහුවිසින්ම සියදිවි නසාගන්නා ආකාරයට පත්කර නිරයට ගෙනයන බව කියවේ .

ඉතින් මන් ඉහත සඳහන් කර ඇති දෙවැනි සහ තුන්වැනි අවදි වල ඉතාම අමාරුයි පුද්ගලයෙක් බේරාගැනීමට . මන් හිතනවා යම් දෙයක් ඔයාල ඉගෙන ගන්න ඇති කියල අපි තවත් මේ ගැන ඉස්සරහට කතාකරමු මොකද මන් දන්නවා ඔයාලට මෙතනින් එහාටත් ගොඩක් ප්‍රස්න මතුවෙයි ඉතින් මේ ගැන ඔයාලා දන්නා ඒවා වගේම ඔයාලගේ අදහසුත් දෙන්න එක මට ගොඩක් වටිනවා ඉතින් අපි ඉස්සරාහට තව දේවල් කතාකරමු
එහෙනම් අදට මෙච්චරයි .

ස්තුතියි
ෆොක්ස්

Source: Link


06 December 2017

---පිත්තල පදක්කම---

ගුනපාල මේ දරුවාව 12f පන්තියට ගෙනියන්න.මිස් ලලනා ට කියන්න මේ අලුත් දරුවෙක් කියලා පන්තියට ගන්න කියලා'
විදුහල්පති තුමිය අසල සිටි මැදිවියේ සේවකයකු අමතා මා පෙන්වමින් පැවසුවාය.

අගනුවර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක් වූ මෙහි ජීව විද්‍යා අන්ශයෙන් උසස් පෙල හැදෑරීමට මා ඇතුලත් වූයේ නවක සිසුවකු ලෙසයි.
වෘත්තීයේන් අධිකරණ විනිසුරුවරයක් වූ පියාගේ සිව්වන ස්ථාන මාරුව මෙවර අලුත් කඩේ උසාවි සන්කීර්ණයටය.කුඩා කල සිටම වරින් වර ලැබුනු ස්ථාන මාරුවීම් නිසා මා මේ වන විට පාසල් 5කට අඩික ප්‍රමාණයක අධ්‍යාපනය ලබා ඇත.මෙවර අගනුවරට ප්‍රසිද්ධ පාසලක් ලැබීම එක් අතකින් වාසනවකි.

විදුහල්පති තුමියට වැද මා ගුනපාල සමග කාර්‍යාලයෙන් නික්මුණි.පාසල පටන් ගෙන පැය කීපයක්ම ගතවී ඇත.ක්‍රීඩා පිටිය අසලින් වැටුණු තාර පාර ඔස්සේ ගුනපාල පසුපස මා ගමන් කලෙමි.ශිෂ්‍ය බට කණ්ඩායම සිය පුහුණු විම් වල නිරත වී සිටී.ක්‍ර්‍රීඩාපිටිය දෙසින් පතිත වූ අව්‍ රශ්මිය නිසා මා අතින් මුහුන් ආවරණය කරමින් ගමන් කලෙමි.කොහේදෝ සිට දුව ආ කුඩාපිරිමි දරුවෙකු මාඇගේ වැදී බිම වැටුණි.මා විගස ඔහු ඔසවා තැබීමි.4 හො 5 වසරේ විය හැකි ඔහුගේ දන හිස සීරීතිබුණි.ඔහු ඉකි ගසමින් හඩයි.ඒ හඩට ශිෂ්‍ය බට පුහුණුවේ නිරත වෙමින් සිටි මාගේ වයසේ තරම් කිව හැකි දෙදෙනෙක් දිව ආවේය.

"කොහේද යකො උඩ බලාගෙනද පාරේ යන්නේ" එකෙක් මගෙන් විඅසුවේය.
"මේ මල්ලි තමා ග්‍රවුන්ඩ් ව්කේ ඉදලා දුවන් ආවේ එක පාරටම මම දැක්කේ නෑ".
"බලහන්කෝ මුගේ කතාව තෝ කොයි පන්තියේද ඉන්නේ"
අනෙක් එකාවිමසයි.
"මන් අද අලුතින් ආවේ" මා පිලිතුරු දුනි.
"ඕ ඕ ඒකත් එහෙමද මොන සෙක්ශන් එකටද"
"බයෝ එකට"
"අහ්හ් අපි පස්සෙ බලාගමුකෝ "
අනෙකා පැවසුවේ ගුරුවරයෙකු එන බවදැකීමෙනි.
"මේ අපේ හරිතගේ මල්ලිනේ බන් ඌ ග්‍රවුන්ඩ් එකේ හිටියා. පරිස්සමෙන් හිටපන් උබ"
මා වෙතට තර්ජනාත්මක බැල්මක් හෙලූ ඔවුන් දෙදෙන් කුඩා සිසුවාත් රැගෙන ක්‍ර්‍රිඩා ගාරය වෙත ගියේය.
"මදැයි ආපූ දවසේම පාත් වුන හෙන ගෙඩියක්"
මා සිතින් සිතමින් ගමන් කලෙමි.

උසස් පෙල පන්ති කාමර පිහිටා තිබුනේ පාසැලේ කෙලවරම වන්නටය.ජීව විද්‍යා අන්ශයේ පන්ති කාමර 4ක් තිබුණි.දිගු කොරිඩෝවක එක පසකට වන්නට එක පෙලට පන්තිකාමර පිහිටා තිබුණි.ගොඩනැගිල්ල තරමක් පැරණි එකක් විය.උදෑසන කාල පරිජ්ජේදය බැවින් කොරිඩෝවේ සිසුන් දක්නට නොලැබුණි.12F පන්තිකාමරය කෙලවරේම පිහිටා තිබුණි.මා තරමක චකිතයක් සිතේ ඇතිව ගමන් කලේ උදෑසනම මුහුණ පෑ සිදුවීම නිසාය.

ගුනපාල ඉදිරියෙන් ගමන් කරයි.මා ඔහු අනුකරණය කරමින් ගමන් කලෙමි.කොරිඩෝවේ එක් කනුවක එක් පසෙකින් මා හට දිස් වූයේ සුදු පැහැ ඇදුමක කොටසකි.වඩාත් ලන්වත්ම එය ගැහැණු ලමයකුගේ ගවුමක කොටසක් බව මා දුටුවෙමි .මා දැන් ඒ කනුව පසු කරමින් සිටිමි.මා හැරී බැලුවේ සිටින්නේ කවුරුන් දැයි දැන ගැනීමටය.කනුවට මුවා වී සිටියේ මා සම වයසේ යයි සිතිය හැකි ගැහැණු ලමයෙකි.මට පිටුපස හරවා සිටගෙන සිටි නිසා මුහුණ නොපෙනේ.දිගට ගොතන ලද කොන්ඩ කරල් දෙක පමණක් මට දිස් විය.
"දඩුවම කට එලියට දාලා වෙන්නැති "
මා සිතින් සිතුවෙමි.

මා පන්ති කාමරය වෙත ගෙන ගොස් ලලනා ම්ස් ට හදුන් වා දී ගුනපාල පිටත් විය.ගුරුතුමිය මා හට ඉද ගන්නට පැවසුවේය.මා හට ඉද ගන්නට ලැබුණේ පිටුපස හිස් පේලියකය.විශාල පන්ති කාමරයක් වූ එහි සිසුන් ප්‍රමාණයට වඩා ඩෙස් පුටු තිබුණි.
මද වේලාවකින් සිසුවියක් පන්තිකාමරය තුලට ඇතුලු විය.ඈ ගුරුතුමියටත් අචාර නොකොට පන්තිකාමරයට ඇතුලු වී මා සිටි පේලියට අනෙක් පස වූ ගැහැණු ලමුන්ගේ කොටසේ කෙලවර වූ හිස් ඩෙස් එකක් අසල හිද ගත්තාය.පුදුමයකි අනෙක් සියල්ලෝම කිසිත් නොවූ ලෙස පාඩමට සවන් දී සිටිති.ඇයට දඩුමක් දී ඇති සෙයකි.ගුරුතුමියට බියෙන් කිසිවකු ඇය දෙස නොබලනවා විය හැක.මා හටද ඇය දෙස බැලීමට බියක් ඇති විය.කෙසේ නමුත් ගුරුතුමිය ඉවත බලන අවස්තාවක් බලා මා ඈ දෙස හොරැහින් බැලීය.ඇය මා දෙස බලා සිටී.කලු පැහැති කාන්තිමත් නෙත් සගලක් හිමි ඇය පියකරු තරුණියකි.මා එක් වතාවක් බලා සිනාසී නැවත ගුරුතුමිය දෙස බැලුවෙමි.නමුත් ඒ ඇස් දෙක මා නැවතත් ඈ දෙස බැලීමට පෙලබවිය.ඇය අහින්සක බැල්මකින් මා දෙස බලා සිටී.මා ඈ දෙස බලමින් සිනා සුනෙමි.

"ගිහාන් කොහෙද ලමයෝ බලන් ඉන්නේ මම ආයි කියන්නේ නෑ මන් දෙපාරක් දැක්කා පන්තියෙන් එලියට යන්න ඕනද"
මා තිගැස්සී ගියේ මිස් ලලනා ගේ හඩටයි.මුලු පන්තියම මා දෙස බලා සිනාසුණි.
"මේ ලලනා ට පස්ස පැත්තෙත් ඇස් දෙකක් තීනවද කොහේද"
මා මටම කියා ගත්තෙමි.මේ වනවිට කාලච්ඡේදය අවසානයට ආසන්නව තිබුණි.පන්තියට ඇතුලු වූයේ සිසුන් තිදෙනෙකි.මිස් ලලනා ඔවුන් වෙත එල්ල කලේ කෝපාවිෂ්ඨ බැල්මකි.
"මම ඔය රසිකටයි නාමල් ටයි හරිතටයි කියලා තීනවා ඔය කෙහෙල්මල් කැඩෙට් එකට ගිහිල්ලා මගෙ පීරියඩ් එක අස්සේ කඩා පනින්න එපා කියලා ඉවර වෙනකන් ඉන්නවා එලියෙන්"
මිස් ලලනා කඩා පැන්නේය.
"මල කෙලියයි මේ වසවර්ති තුන් දෙනාත් මේ පන්තියේද"
මා සිතින් සිතුවේ උදේ ග්‍රවුන්ඩ් එක ලගදී පැටලුණේ මුන් දෙන්නා සමග බව සිහි වීමෙනි.දැන් ඉතින් මොනවා කරන්නද එන දේකට මූණ දෙනවා.

මිස් ලලනා පාඩම් ඇවසන් කොට නික්ම ගියාය.රසික නාමල් හා හරිත පන්තිය තුලට වී ඩෙස් එකක්මත නැගී තාලයට තට්ටු දමමින් ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තේය.අනෙක් සිසුන්ද ඊට සහාය පල කලහ.මා ඇය දෙස හැරී බැලුවෙමි.ඇය සින්දු නෑසුණා සේ මා දෙසම බලා සිටී.කෙනෙකු දුටු පමණින් ආකර්ෂණය වන පෙනුමක් මා හට තුබුණද මෙලෙස ගැහැණු ලමයෙකු මා දෙස බලා සිටි පලමු අවස්තව මෙයය.මා ඈ හා සිනා සුනේය.ඇය ඒ ලෙසම බලා සිටී.බජව්ව ජයටම නැගලා යයි.
"බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා"
මෙය ඇසී මා හට බකාස් ගා සිනාවක් පිට වූයේ මිස් ලලනා සිහි වීමෙනි සියලෝම ම දෙස බැලීය.
"ඕහෝ යමී යමී පයින් යමී මේ මහත්තයා මේකෙද එතකොට "
මා දෙසට පැමිණියේ උදෑසන හමුවූ සිසුන් දෙදෙනාගෙන් කෙනෙකි.
"හරිත මූ තමයි බොගේ මල්ලීව වට්ටලා ලොකු සීන් දුන්නේ."
ඩෙස්ක් එකක් මත සිටි සිසුවකු ඉන් බැස මා දෙසට පැමිණියේය.
"නගිටහන් බලන්න.අලුතින් නෙද උබ මොක්ක්ද නම" ඔහු පැවසුවේය.
"ගිහාන් අයේශ් සූරියබණ්ඩාර "
මා නොනැගිට පැවසුවේය.

"මොකො &%%# බොගෙ ලොකු සීන් ද අපි දන්නවා ඕවා අඩු කරන්න වරෙන් ඉස්කෝලේ අරුණාම පූල් එක පැත්තේ.හැබැයි තෝ නාවොත් මෙහෙ ඉදලා ඉවරයි"
ඔහු හරිත විය යුතු බව මා සිතුවෙමි.
"අඩෝ ඔන්න අයින්ස්ටයින් එනෝ ඕකට කෝමත් අපිව දැක්කම ලෝක ගෝලෙත් හතරැස් වෙනවා වාඩි වෙයල්ලා"
එකෙක් ජනේලෙන් එබී බලා කෑ ගැසීය.සියල්ලෝම හිද ගත්හ.පැමිණියේ බවුතික් විද්‍යා ගුරුවරයාය.මා විටින් විට ඇය දෙස බැලුවෙමි.ඇය බලාගත් අත බලා සිටී.ඊට ඉදිරියෙන් වූ පේලියේ සිසුවියක් මා ඒ දෙස බලා සිටිනු දැක අනෙකාගේ කනට යමක් කොදුරනු දුටුවෙමි.
විවේක කාලයේ මා ආපනශාලාවේ හිද ගෙන සිටුයෙමි.මා අසලින් හිද ගත්තේ පන්තියේ සිසුවෙකි.
හලෝ මචන් මම නිම්න හරිතලාගේ වැඩ ඔහොම තමා කොකටත් ඔයා යන්න නැත්නම් වැඩේ දුර දිග යනවා පොඩ්ඩක් වාතයක් වෙයි.ඒත් ගනන් ගන්න එපා මටත් අලුතින් ආපූ ටිකේ ඔහොම තමයි.

ඔහු පැවසුවේය.
මීලග කාලච්ජේද කීපය ගත වුනේ ඉක්මනින් යැයි සිතුණි.කෙසේ වෙතත් හවස මුහුණ දෙන්නට සිදුවන දෙය පිලිබදව සිතේ ගැටලුකාරී තත්වයක් තිබුණි.

පාසල අවසන් වීමේ සීනුව නාද විය.මා නැවතත් හැරි බලුවේ ගැහැණු ලමයා සිටීදැයි කියාය.නමුත් ඇය පෙනෙන්නට නොසිටියාය.මා සෙමින් සෙමින් පිය ගැට පෙල බසිමින් නාන තටාකය පිහිටි දෙසට ගමන් කලෙමි.පාසැල නිමවී තිබුණු බැවින් පාසල තුල පාලු ස්වභාවයක් තිබුණි.පැරණි ගොඩනැගිලි අතරින් මා ගමන් කලේ තටාකය දෙසටය.ගෝශාකාරී පාසැල තුල තිබුනේ දැඩි නිහැඩියාවකි.
මා පිහිනුම් තටාකය පිහිටි පෙදෙසට ඇතුලුවූයේ තරමක චකිතයකිනි.කුමක් සිදුවේදෝ කියා සිතා ගත නොහැකිය.පිහිනුම් තටාකය පාලුවට ගොස් ඇත.එහි වූයේද දැඩි නිහැඩියාවකි.කිසිවකු පෙනෙන්නට නොමැත.වැහි වලාකුළු වලින් බර වූ අහසින් පරිසරයේ වූයේ අදුරු ස්වභාවයකි.මා පිහිනුම් තටාකය අසල වූ බැම්ම මත හිද ගතිමි.නිල් පැහැති ජල කද සෙමින් සුලගට සෙලවෙමින් තිබුණි.ඉද හිට හමා ආ සුලග තරමක් සීතල සහිත විය.ඈත සිටි බල්ලෙකු කන පට ගසමින් ඒ මේ අත දිව ගියේ අස්වාභාවික ලෙසය.
"පිස්සු බල්ලෙක් වෙන්නති.කෝ මේ යක්කු මුන් බොරුවක් කරලා වගේ"
පිහිනුම් තටාකයට ඈතින් පිහිටියේ පැරණි ගොඩනැගිල්ල කි.මා ජල කද දෙස බලා සිටියෙමි.මාගේ කනට ඇසුනේ කිසිවකුගේ අඩි ශබ්දයකි.එය කෙමෙන් කෙමෙන් ලන්වී ඇසේ.මා හිස ඔසවා බැලීමි.මට යාර කීපයක් ඉදිරියෙන් ගමන් කලේ පෙර පන්ති කාමරය තුලදී මා දෙස බලා සිටි සිසුවියයි.
"මෙයා මොකද මෙහේ කරන්නේ,මෙයත් මේ ප්ලෑන් එකේ කොටසක්ද නැත්නම් මෙයාවත් අරුන් එන්න කියලද?"මා සිතින් සිතුව්ව්මි.
ඇය පිහිනුම් තටාකය පසු කර ඈතින් පෙනෙඅ ගොඩනැගිල්ල වෙතට ගමන් කරමින් සිටියාය.
"හලෝ ඔයා කොහේද මෙහේ" මා උස් හඩින් විමසීමි.
ඇය කිසිත් නොකියා ගමන් කරයි.මා හුන් තැනින් නැගිට ඈ පසු පස ගියේ කුමක් හෝ දැන ගැනීම සදහාය.
ඇය පඩිපෙළ බැස පහලට ගමන් කලාය.කැඩී බිදී ගිය පඩි පෙල වල් බිහිවී ඇත.
ඇය ගොඩනැගිල්ල වෙත ඇතුලු වූවාය.මාද ඈ පසු පස ගමන් කලෙමි.ගොඩනැගිල්ල අතහැර දැමූ එකකි.බිත්ති දුර්වරණ වී තිබුණි.වහල් දිරා ගොස් ඇත.කැඩුණු බිදුණු දිරාගිය ඩෙස් පුටු පසෙක ගොඩ ගසා තිබුණි.මෙය සිසුන් විසින් නම් අතහැර නොතිබූ බවට සාක්ශි ඔනා තරම් තිබුණි.ඇය ගොඩනැගිල්ල තුල පෙනෙන්නට නිසිටියාය.මා ඒ තුක ඒ මේ අත ඇවිද්දේ බිත්ති පුරා කුරුටු ගා තිබූ බලි කුරුටු නරබමිනි.ඒ අතර මිස් ලලනා වෙනුවෙන්ද කවි පෙලක් ලියවී තිබුණි.මා ඒ දෙස්ට ගමන් කරද්දී කිසිවකු මගේ පිටුපසින් අදිණු දැණුනි.මා ඇග සීතල වී ගියේය.මා හැරී බැලුවෙමි.මාගේ බෑගය බිතියට හේත්තු කොට තැබූ දිරාගිය අල්මාරියක ඇණය ක පැටලී තිබුණි.
මා එය නිදහස් කර ගැනීමට උත්සහ කලෙමි.නමුත් වෑයම අසාර්ථක විය.මා බෑගය කරෙන් ගලවා පසෙකට වී හැකි වෙර යොදා ඇද්දෙමි.

දඩාස් ගා අල්මාරිය කඩා වැටුනේ මා අනූ නවයෙන් බේරමිනි.බෑගය ගැලවී අතට ආවේය.අල්මාරිය කෑලි වලට ගැලවී වැටුනි.පුදුමයකි අල්මාරියක පිටිපස්සෙන් පිහිටියේ දොරකි.ඉන් කුඩා කාමරයකට විවෘත විය.මා තුක ඇති වූයේ කුතුහලයකි.මා ඒ දෙසට එබිකම් කලෙමි.අදුරු කාමරයේ මුල්ලක වාඩි වී සිටියේ සිසුවියයි.මා පුදුමයට පත් වීමි.
"ඔයා කොහොමද මෙතනට ආවේ"මම විමසීමි.
ඇය හිස ඔසවා බලා එක් මුල්ලක් වෙත ඇගිල්ල දිගු කලාය.මා ඒ වෙත ගමන් කලෙමි.ගෙබිම වූයේ දූවිලි තට්ටුවකි.මකුළු දැල් බැදී තිබූ එහි අදුරු මුල්ලක දිලිසෙන යමක් දුටුවෙමි.මා ඒ වෙත්ට පාත් වී එය අහුලා ගතිමි.කොල පැහැයෙන් මල බැදී ගිය පිත්ත්ල ලාන්චනයකි.මා එය අනෙක් පස හරවා බැලීමි.
"නිවර්තනා සූරියබණ්ඩාර "
"ප්‍රධාන ශිෂ්‍ය නායිකා"
එහි සටහන් වී තිබුණි.මා එය රැගෙන ඈ දෙස බැලීමි.ඇය එහි නොසිටියාය.මා කුඩා කාමරයෙන් පිටතට පැමිණියෙමි.ඇය එහිද නොමැත.මා පිය ගැට පෙල නැග තටාකය දෙසට ගමන් කලෙමි.තටාකයේ ජල කද මත පාවෙන යමක් ඈත තියා දුටුවෙමි.මා ඒ වෙත ගමන් කලෙමි.ජල කද මත උඩු බැලි අතට පාවෙමින් තිබුණේ මා දුටු සිසුවියගේ ඉදිමී ගිය සිරුරයි.පාසල් නිල ඇදුමින් සැරසී සිටි ඇගේ නිසල සිරුර පා වෙමින් තිබුණි.විවෘත වී තිබූ දෑස් මා දෙසට හැරි තිබුණි.මා හට කර කියා ගත හැකි යමක් සිහි නොවුණි.මා හැකි වේගයෙන් කාර්‍යාලය වෙත දිව්වෙමි.මේ වන විට විදුහල්පති තුමිය පිටත් වීමට සූදානමින් සිටියාය.මා ඇයට සිද්ධිය සැල කර සිටියෙමි.
"පුතා මෙහෙන් ඉදගන්න" ඇය අසුනක් පෙන්වීය.

"සන්සුන් වෙලා මේක අහගන්න.පුතා ඔය දැකලා තීන්නේ නිවර්තනා සූරියබණ්ඩාර අපේ හිටපු ප්‍රධාන් ශිෂ්‍ය නායිකාව.එයා නැති වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා හරියටම අදට.එයා ඔය පූල් එකේ මැරිලා පාවෙවී තීද්දී තමා හම්බුනේ."ඇය පැවසුවාය.
"ගිලිලා මැරිලාද?" මේ වෙව්ලන ස්වරයෙන් විමසීමි.
"නෑ එහෙම වෙන්න බෑ එයා පිහිනුම් ශූරියක්.මරණ පරීක්ෂණ යේදී ඔප්පු වුනේ එයාව දූෂණය කර මරා දමලා කිය්ලා තම"
"අනේ පව් කව්ද ඒක කලේ"
"අපිට සාක්ශි හොයා ගන්න බැරි වුනා.ඒත් පූල් එක බාරව හිටිය විජේදාස තම සැකපිට ඇරෙස්ට් කලේ ඒත් සක්ශි නැති නිසා රෙලීස් වුනා"
මා සාක්කුවටඇත දා අහුලා ගත් පිත්ත්ල ලාන්චනය විදුහල්පතිනී ය අත තැබීය.
එය දුටු ඇගේ දෑස් විශාල විය.
"ඔයාට කොහෙන්ද මේක"
මා එය ලැබුණු ආකාරය විස්තර කලෙමි.

ඒ අනුව පොලීසිය මැදිහත් වීමෙන් ස්තානය පරීක්ශා කරන ලැබූ අතර එහි තිබී සිම් කාඩ් පතක් සොයා ගන්නා ලදී.වැඩි දුර විමර්ශන වලදී එය විජේදාසට අයත් බවත් තහවුරු කර ගන්නා ලදී.ඒ අනුව නිවර්තනා සූරියබණ්ඩාර දූෂණය කර මරා දැමීමේ චෝදනාවට විජේදාසට මරණීය දණ්ඩ නය හිමි විය.
නිවර්තනා සූරියබණ්ඩාර ,ගිහාන් අයේශ් සූරියබණ්ඩාර වන මාගේ කවුරුන් ද ඇය මේ සදහා මාවම තෝරා ගත්තේ කිමද මෙය අදටත් නොවිසදුණු ගැටලුවකි...

නිමි......


Source: Link


25 November 2017

---සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි---



පෙරදා සවස සිට ඇදහැළෙන චුරු චුරු වැස්ස තවමත් නිමාවී නැත. පියල් ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිටියේ අරමුණකින් තොරවය. පෙරදා රාත‍්‍රියේ එක්වරම ඇති වූ දරුවාගේ උණ ගතිය හේතුවෙන් නිදිවර්ජිතව රැුය පහන් කිරීමට ඔහුට සිදුවිය. යාන්තමට වගේ බිම්කළුවර පහවන තෙක් ඔහු බලා සිටියේ උදේ රැුයින්ම දරුවා වෛද්‍යවරයකු වෙත රැුගෙන යෑමටය.

‘ජීවන්ති පහයි වෙලාව. අපි යමුද?’
‘උදේ වැඩි නැද්ද පියල්’

‘හයට ඩොක්ටර් එනවනේ. දැන්ම ගියොත් අපිට පළවැනි අංකයම ගන්න පුළුවන්’
තිදෙනාම ඔවුන්ගේ රතු පැහැති කාරයට නැගුණහ. පියල් කොළඹ නගරයට ආසන්න ප‍්‍රධාන මාර්ගයක් දිගේ වේගයෙන් වාහනය පදවාගෙන යන්නට වූයේ, මුල් අංකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවත් සමගය. රැුය පුරා පැවති චුරු චුරු වැස්ස හේතුවෙන් තරමක මීදුමකින් මාර්ගය වැසී ගොසිණි. කිසිදා සිතට නොදැනි මොකක්දෝ අමුත්තක් පියල්ගේ හිත තුළ තෙරපෙමින් පැවතුණි. ඒ පෙරදා රැුයේ නිදිවැරීම නිසා ඇති වූ නිදිමත හා දරුවාගේ රෝගී තත්ත්වය නිසායැයි ඔහුට සිතුණේය.

මාර්ගය ඉදිරියෙන් වූ වංගුව හේතුවෙන් වාහනයේ වේගය තරමක් අඩු කළ පියල් වීදුරුවේ බැඳී ඇති ජල වාෂ්ප අතින් පිහිදා දැමුවේ මාර්ගය හොඳින් පෙනෙන ආකරයටයි. වංගුව පසුකර ඔහුට ගමන් කළ හැකිවූයේ ටික දුරකි. තමා දරුවා දෙස බලා නැවත ඉදිරිය බලත්ම පාර මැද මිනිසකු සිටිනු ඔහු දුටුවේය. පියල් එකවරම වේගයෙන් වාහනය දකුණු පසට කැපුවේ මේ නන්නාඳුනන මිනිසා වාහනයේ වැදීම වළකාගනු පිණිසය.

ක්රාස්..... දඩං.......

පියල් දුටුවේ ඉදිරියෙන් දැල්වුණු ආලෝක ධාරා දෙකක් පමණි. ඒ ඔහුගේ අවසන් දැකීමයි. වේගයෙන් පැමිණි නගරාන්තර බසයක් කාරය කුඩු පට්ටම් කරමින් ඇදී ගොස් මාර්ගයෙන් එළියට පැන නතර විය. කාරයේ ගමන්කළ තිදෙනාම මෙලොව ජීවත් වූ අවසන් තත්පර කිහිපය ඒ විය.

ඒ ඉතා මැතකදී සිදුවූ සිදුවිමකි. මීට වසරකට පමණ පෙර එම ස්ථානයේදීම මුහුණ දුන් සිදුවීම් කිහිපයක් එක්වනම මගේ සිතට නැගුණි. වෙලාව රාත‍්‍රී නවයට පමණ ඇත. මාත් මාගේ බිරිඳත් යතුරු පැදියේ නැගී නිවසට පැමිණෙමින් සිටියෙමු. කලින් කී අනතුර සිදුවූ ස්ථානයට තරමක් ඈත තිබියදී වූ එක්වනම ‘නවත්තන්ඩ... නවත්තන්ඩ.. ඉස්සරහ බස් එකක්’ යනුවෙන් බිරිඳ කෑ ගසද්දීම මා හෙමින් ගමන් කරමින් තිබූ බයිසිකලය නතර කර ගත්තෙමි. මා ගමන් කළ දෙසටම ගමන්කළ වායු සමනය කළ අධි සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා ඇත. මා වෙනත් කල්පනාවක පැමිණියේද නැත. එහෙත් මා බස් රථය දුටුවේ ඒ මොහොතේදීමය. සුඛෝපභෝගී බස් රථයට ගෑවෙන නොගෑවෙන ලෙස බයිසිකලය නතර වී ඇත.

‘ඇයි.... ඔයා බස් එක දැක්කේ නැද්ද?’
‘නෑ....’
‘මට හිතුණා, ඒකයි මම කෑගැසුවේ’

දින කිහිපයක් ගෙවී ගියේය. එදින තරමක වැහි පොදයක් පතිත වෙමින් පැවතුණි. මාත් බිරිඳත් සුපුරුදු ලෙස කාර්යාල කටයුතු නිමවී යතුරුපැදියේ නිවසට ගමන් කරමින් සිටියෙමු. මීට පෙර දිනයකදී මගේ යතුරුපැදිය බසයේ හැපීමට ගොස් බේරුණු ස්ථානය පසුවී යතුරුපැදිය ඉදිරියටම ගමන් කරමින් තිබුණි.

‘දඩාං.............’

වේගයෙන් ආ යමක් එක්වනම යතුරු පැදියේ ගැටුණේය.
මා ඉතා තදින් යතුරු පැදියේ හැඬලය අල්ලා ගත්තෙමි. දැඩි වෙහෙසක් දරා නොවැටී බේරුණත් යතුරු පැදිය නතර වූයේ, මාර්ගය අයිනේ වූ කානුව තුළය. මාර්ගයේ කිසිවක් නැත. එසේනම් යතුරු පැදිය වැදුණේ කුමකද? යතුරු පැදියෙන් බැස මා පසුපස බැලූ විට පාර මැද වාඩිවී අප දෙස බලා සිටිනා වඳුරෙක්ගේ ඇස් දෙක ගිනි බෝල දෙකක් මෙන් දිස්වන්නට විය. මම වහා එය බිරිඳට පෙන්වීමට බිරිඳට කතාකර යළි ඒ දෙස බලන විට කලින් දුටු ගිනිබෝල ඇස් ඇති වඳුරා පෙනෙන්නට නැත.
ඇත්තටම ඒ වඳුරෙක්ද? රාත‍්‍රියට වඳුරන් ගමන් නොකරයි. ඌ වඳුරෙක්ම නම් ඇස් රත් පැහැ වූයේ කෙසේද? හිතේ පිරි ප‍්‍රශ්න රැුසක් සමගිින් අපි එතැනින් නික්ම ගියෙමු. ඉන්පසු අප එම සීමාව තුළ ගමන් කරන විට බොහෝ කල්පනාවෙන් ගමන් කිරීමට හුරුවූයෙමු. එදින සෙනසුරාදා දිනයකි. වේලාව සවස හයහමාර පමණ වන්නට ඇත. එදින අප දෙදෙනා ලොකු කතාබහක් පිටම හෙමින් හෙමින් යතුරුපැදියේ පැමිණෙමින් සිටියෙමු. කලින් පැවසූ වංගුවේ වූ කහ ඉර පසුකරනවාත් සමගම දිග සර්පයකු පාර හරහා ඇදෙනු මම දුටුවෙමි. යතුරු පැදිය නැවැත්වීමට වේලාවක් නැත. යතුරුපැදිය සර්පයාගේ ඇඟ උඩින් යද්දෙන් යැයි සිතා කකුල් ඔසවා ගත්තේ ඉබේටමය.

‘ඇයි’
‘ඔයා දැක්කේ නැද්ද සර්පයෙක්’
‘කොහේද’
‘සයිකලේට අහුවුණා’
‘පිස්සු’

ඇය මට සමච්චලයෙන් මෙන් සිනාසුණාය.
වහාම අපි සයිකලය නවත්වා බැලූවෙමු. කිසිදු සර්පයෙක් නැත. ‘මේ හරියේ මොකක් හරි අමුතු දෙයක් තියෙනවා’ අප ඉදිරියේ වූ තැඹිලි කඩයක් අසල බයිසිකලය නවත්වා කඩයේ මුදලාලි සමග කතාබහට වැටුණෙමු.

‘අයියේ මේ හරියේ වාහන අනතුරු ටිකක් වැඩියි නේද’
‘ඇයි මල්ලී’

මේ ස්ථානයේදී මා මුහුණදුන් සිදුවීම් සියල්ලම මම ඔහුට පැවසුවෙමි.
‘ඔව් මල්ලී, මාසෙකට වාහන හය හතක් හැප්පෙනවාමයි. දවසක් සුමනා කියලා ගෑනු කෙනෙකුයි එයාගේ දරුවයි ඔය කහ ඉරෙන් පාර පනිනකොට, ලොකු වාහනයකින් ඒ දෙන්නා යට කරන් ගියා. එදා ඉ`දන් මෙතැන ඉඳලා හැතැප්මක් විතර සීමාවේ මරණ ඕන තරම් වුණා.’ ඒ ගෑනු කෙනා මේ වංගුවේ හොල්මන් කරනවා කියලා තමයි හැමෝම කියන්නේ. ඒ නිසා මෙතැනට හොල්මන් වංගුව කියලත් කියනවා.

කෙසේ හෝ ඒ මාරක ඉසව්වේදී තවදුරටත් කුඩා වාහන බොහොමයක් විවිධ සතුන් බේරීමට ගොස් අනතුරුවලට ලක්වී ඇති අතරම, විශාල වාහනවලට මුහුණදීමට සිදුවී ඇත්තේ වෙනස් ආකාරයක සිදුවීමකටය.

වෙලාව රාත‍්‍රී එකොළහට පමණ ඇත. වරායේ ජැටියට ගල් ගෙනයන ලොරියක් වේගයෙන් කොළඹ දෙසට ඇදී එයි. සිරිදාස වසර විස්සක් තිස්සේ ටිපර් රථ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. ඔහුට රාත‍්‍රී සේවය හොඳින් පුරුදුය. ලොරිය කුඩා කාරයකටත් වඩා හොඳින් දෑතට හුරුය. අප කලින් පැවසූ වංගුව අසල මිනිසකු සිටින අයුරු ඔහු ලොරියේ හෙඞ් ලයිටයෙන් ඈතදීම දුටුවේය. ඒ නන්නාඳුනන මිනිසා වාහනයට අත දිගු කරගෙනම සිටි අතර, එය වාහනය නවත්තන ලෙස කළ ඉල්ලීමක් හා සමානය. වාහනය ළං වන්නට ළං වන්නට මිනිසාගේ උස මෙන්ම, මාර්ගයට දික් කරගෙන ඇති අතද දික් වන්නට විය. ලොරිය ළංවන විට ඔහු ලොරියටත් වඩා උස ගොස් ඇත. මිනිසා හැර යමක් ඔහු දුටුවේ නැත.

වාහනය නැවැත්වීමට තිරිංග පාගන්නට තැත් කළ ඔහුට පෑගුණේ ඇක්සලලේටරයයි. වාහනයේ වේගය එකවරම වැඩි විය.
දඩාං....

ඉදිරියේ නවතා තිබූ ගල් ගෙනයන ලොරියකම ඔහුගේ ලොරිය වැදුණේ අධික වේගයෙනි. රියැදුරු කුටිය කුඩු වී ගියේය. ඔහුට මතක අවසන් වරට දුටු මිනිසාවය. කෙසේ හෝ සිරිදාසගේ ජීවිතය බේරුණි. මිනිසුන් සිරිදාසව එළියට ගත්තේ අලවංගු යොදා දොර කඩා දැමීමෙනි. ඒ තරමටම ඒ අනතුර ප‍්‍රබලවිය.

මේ සියලූ සිදුවීම්වලින් අනතුරුව අද වෙද්දී ගමේ මිනිසුන් එක්ව එම ස්ථානයේ බුදු මැඳුරක් ඉදිකර රාත‍්‍රිය පුරා පිරිත් විකාශය කරන්නට වැඩ කටයුතු යොදා ඇත. එහෙත් සම්පූර්ණයෙන්ම අනතුරු නිමාවී නැත. මෙහි හොල්මන් කරනුයේ කවුරුන්ද? එය තවමත් නොවිසඳුණු ගැටලූවකි

Source:Link


---කය වටා ඇති රශ්මි වළල්ලේ අබිරහස---


මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වලල්ලක් මෙය ශක්ති ජනකයක් (Energy Field ) වශයෙනුත් හදුන්වනවා.
සැම ප්‍රාණියෙකු මෙන්ම වස්තුවක් වටාද මෙම රශ්මි වලල්ල පිහිටා තිඛෙනවා සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරිරයේ සෙ මි 30-40 ක ප්‍රමාණයක් වටා මෙම රශ්මි වලල්ල විහිදි පවතිනවා අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුලුවන්.

බුදුරජාණන් වහන්සේ කි්‍රස්තුස් වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තුර වලද හිස හෝ සිරුර වටා රශ්මි වලල්ලත් පිහිටා තිඛෙනු ඔබ දැක ඇති එලෙස දක්වා තිඛෙන්නේ මෙම ඔිරා නොහොත් රශ්මි වලල්ලයි. ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක් ලෙස හදුන්වන්න පුලුවන්.

අප තුල හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරෙ ඇති රෝගාබාධ අනුව අපගේ ඔිරාව විවිධ වරණයන් ගන්නවා විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහල තල වල සිටින අයගේ ඔිරා වලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක් මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි නමුත් අධි මානසික ශක්තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මක වශයෙන් ඉහල තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිඛෙනවා. අද ඇමරිකාවෙි සිටින එවන් අධි මානසිකත්වයක් සහිත මෙිරි ටි බ්‍රවුන් මහත්මිය මෙි පිළිබද ඇගේ මරණින් පසු ජිවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්තර කර තිඛෙනවා

ඒ ඒ සිතුවිලි ධාරා සහ හැගිමි අනුව ඔඛෙි සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන හැටි මෙසේයි, ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැගිමි ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා. නිර්භිත බව තැඔිලි පැහැයෙන් පෙන්නුමි කරන අතර රෝගි බව දුඔුුරු පැහැයෙන්ද සුවපත් බව කොළ පැහැයෙන්ද පෙන්නුමි කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කණස්සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔඛෙි සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දමිපැහැයෙන් පෙන්නුමි කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අදුරු කලු පැහැයකින් ද පෙන්නුමි කරනවා. කෙනෙකුගේ ඔිරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිප වතාවක්ම වෙනස්වන්නට පුලුවන් අධි මානසික තත්වයක්.

Source: Link

20 November 2017

---ළිඳේ දිය නෑ නාඳුනන තරුණිය---


මේ මාගේ මිත්රයෙකුට වූ ඈබෑද්දියකි. සුරේ මා සමග සෑහෙන කාලයක් එකට වෑඩ කළේය. ඔහු බීමට ඈබ්බෑහි වූවෙකි. ඒ පිළිබඳව මෙහි සඳහන් කරන්නේ කාරණය තේරුම් ගෑනීමට ය.

ඔහු තම පෙම්වතිය වූ මංගලී සමග හොරෙන් සුර සෑප විඳ ඈත්තේ ගෙවල් දෙකටම හොරාය. මොවුන් ගේ ඈසුර ගෙවල් දෙකෙන් දෑනගන්නා විට පෙම බොහෝ දුර ගොසිණි. එහෙත් සුරේගේ අම්මා, ඔවුනොවුන් නෑදෑයන් වුවද, මංගලීට අකෑමෑති වූයේ ඔවුන්ගේ පරණ කෝන්තරයක් නිසාය.

එමෙන්ම මංගලී ලාගේ පවුල එතරම් වත් පොහොසත් කමින් යුක්ත නොවූ නිසා මෙය ම්හා ඝට්ඨණයක් බවට පත් විය. ඈය සුරේ ගේ අත පතා බලා සිටින මුත් ඔවුන්ගේ පවුලෙන් කෑමෑත්ත නොලෑබිණ. ඒ අතරතුර මංගලීට විවාහ යෝජනා ද එන්නට වූ බෑවින් මොවුන් දෙදෙනාට මෙය මහා හිසරදයක් විය. දෙදෙනා හොරෙන් මුණගෑසී හොරෙන් විවාහ වන්නට ප්ලෑන් කරණ වග ආරංචි වූ ඔහුගේ මව, උඹ ඒකිව බෑන්දොත් මම ---------------- මෝය කටට පෑනලා මෑරෙණවා යන්න ඈය නිතර ඔහුට කියන්නට විය.

ඔහු ඒ බව මංගලීට කියු විට, එහෙනම් මම --------------- මෝය කට උඩ රේල් පාලමේදි රේල්ලට බෙල්ල තියනවා මගෙ මළකඳ වත් නොලෑබෙන්න කාටවත්, කියමින් හඬන විට ඔහු නිරුත්තර විය. ගෙවල් වලින් ගෙනෙන යෝජනා වලට මම දෑන් කෑමති වෙන්නෙ කොහොමද? මට යන එන මං නෑති වුණා, ඔයාට සතුටුද ? යනුවෙන් ඈය නිතර ඔහුගෙන් අසන ප්රශ්ණයක් විය.

මොහුගේ හදිස්සියට අවසාන විසඳුම ලෙස තෝරා ගත්තේ ඔහු මත් පෑන් බෝතලය ය. මුලදී මොහු සීල් අරක්කු බිවුවද, එන්න එන්න ම ඔහුගේ ඩෝස් එක වෑඩි වූ අතර, මුදල් හිඟ වන විට කසිප්පු බීමට ඈබ්බෑහි විය. ඒ සමඟම කසිප්පු යාලුවෝ වෑඩි වන්නට වීම අපට මහත් හිසරදයක් විය. එහෙත් මොහු නොබී සිටින අවස්ථා වලදී ඉතා කාරුණික අයෙක් වීම නිසා අහක දෑමීමද කළ නොහෑක්කක් විය. කසිප්පු ගඳ ඉවසන්නට නොහෑකි වූ සමහරක් අයවළුන් ඔහු හා සන්ඩු සරුවල් වූ අවස්ථාද එමටය.

එහෙත් මොහු මාස හයකට පමණ වතාවක් ගමට යන්නේ තම පෙම්වතිය මුණ ගෑසීමට බව අපට නොරහසකි. සතියක් නිවාඩු අයෑදුම් කර ගමේ යන ඔහු ආපසු දින තුනකින් පමණ ආපසු එන්නේ එහි ප්රශ්ණ උග්ර අතට හෑරෙන නිසාය.
ඒ එන ඔහු මා තනිව අසු වුව හොත් ඔහුගේ දුක් ගෑනවිල්ල මුල සිට අගටම කියන්නේ ඔහුගේ සිත සෑහෑල්ලු වීමට විය හෑකිය. අනෙක් අය ඔහුට සමහර අවස්ථා වල දොස් කියන නිසා මාවම අල්ලා ගෙන කියවීම ඔහුගේ සිරිතක් බවට පත් විය. ඔහුගේ කතාව මට කට පාඩම් වන තරමටම ඔහු නෑවත නෑවත මුල සිට අගටම කියවන්නේය. එය දුක් ගෑනවිල්ලක් වූ නිසා, කිසිත් නොකියා අසා සිටියේ මට තවෙකකුගේ සිත් පෙලීමට අවශ්යතාවක් නොවු බෑවිණි.
ඔහු බීමට ඈබ්බෑහි වී ඈති බව ආරන්චි වූ දෙමව්පියන් අවසානයේදී ඔහුට මංගලී හා විවාහ වීමට අවසර දුන් නමුත් ලේකම් තෑනගේ ඉදිරියේ අත්සන් කරවා අවසන් කරවිමට පමණක් තරම් ඔහුගේ දෙමව්පියෝ දෑඩි තීරණයක සිටියහ. එසේ වුවද ඔවුනට එක් වීමට අවස්ථාව ලෑබීම ඔහුගේ සන්තෝශයට කාරණයක් වූ නිසා ඔහු එදා සිට සන්තෝශයට බිව්වේය. ඒත් කසිප්පු මය.

දෑන් ඔහු නිතරම ගමේ ගියද යන්නේ වෑඩිපුර නෑන්දා, මාමා ගේ ගෙදරය. එහෙත් මත් වතුර අඩු කර ගෑනීමට ඔහුට දෙන දේශණා හිස රදයන් ලෙස ඔහු සෑලකීය. කෙසේ හෝ ඔවුන් දෙදෙනාට ළමයෙක් උපන්නේ ය. ඉන් පසු ඔහුගේ මව තම පුතා සහ ඔහුගේ බිරිය, බිරියගේ ගෙදර ඉන්නවාට අකෑමති වූවාය. ඒබෑවින් ඔහු තම දෙමාපියන් ගේ කොන්දේසි මත බිරිය සහ දරුවා ඔහුගේ ගෙදරට එක්ක ආවේ ය.

දෑන් ඔහුගේ ගෙදර දී ඔහුට මත් වතුර තහනම් ය. එබෑවින් ඔහු නා නා හේතූන් කියා මිතුරන් ගේ ගෙවල් වලට ගොස් ඔවුන් හා එහිදී සෙට් වී පදමට රත් වී බොහෝ රෑ වී ගෙදර එන්නේය. මෙයින් ඔහු හා බිරිය වූ මංගලී අතර බහින් බස් වීම් සිදු වූ වාර අනන්තය. ඈය ඔහුට නිතරම අවවාද ස්වරූපයෙන් දොස් නගන්නී, දෑන් අපට දරුවෙකුත් ඉන්නවානෙ, ඔයා බීලා මෑරිලා ගියොත් දරුවටයි, මටයි යන කළදසාව මොකක් ද? යන්න නිතරම ඈය නගන ප්රශ්ණයක් විය.
දෑන් නෑන්දා සහ ලේලිය හොඳය. පුතාට දොස් කියන්නේ දෙදෙනාම වීම ඔහුට ඉවසුම් නොදෙන්නට විය. දිනක් ඔහු විදුලි බිල ගෙවා එන්නට යමි කියා ගෙදරින් පිටත්ව ගොස්, එයද ගෙවා, ආපසු එන්නට සෑරසෙන විට ඔහුගේ පාසෑල් මිතුරෙක් නගරයේදී මුණගෑසී, යමන් බන් එහෙ ටික වෙලාවක් කතා කර කර ඉඳලා එන්න, යෑයි කියා ඔහුත් සමග ගාලු යන බස් එකකට නෑංගෝය. ඔවුන් බෑස ඈත්තේ දොඩන්දූව දිහාය. බසයෙන් බෑස ගත් ඔවුන් වයින් ස්ටෝර්ස් එකකින් බෝතලයක් ද බයිට් වලට මස් ද මිළ දී ගෙන මිතුරාගේ ගෙදර ගොස් බයිට් එකද සාදවා ගෙන සප්පායම පටන් ගන්නා විටද සවස හතරට පමණ ඈත. 

සෑහෙන වේලාවක් බෝතලයට කාලය ගෙවූ ඔවුන්ට වේලාව කීයද යන්න වත් මතක් නොවිණ. බෝතලය අවසන් වන විට රෑ දහයට පමණ වී ඈත. ඉන් පසුව මිතුරාගේ මව පෑමිණ පුතාලා දවාලට කෑවෙ නෑහෑනෙ. කෑම මේසයට ඈරලා තියෙන්නෙ. කාලා ඉන්න.

මේ දෙමිතුරෝ තව ටික වෙලාවක් එහි සිට සූර් ටිකක් අඩු වූ විට කෑම මෙසයට ගොස් දිවා ආහාරය රාත්රියේදී ගත්හ. ඉන් පසු තම මිතුරා ආයාචනා කලද එහි නොනෑවතී සුරේ බස් පාරට ආවේ, “අද නම් අම්බානක අහගන්න වෙනවා” යයි තම මිතුරාට ද කියමින් සිනා සෙමිනි. එමෙන්ම කීයට හෝ එන බසයක නෑගී ආපසු ගෙදර ඒමටය. එහෙත් බසයක් නවත්වා ගෑනීම ඔහු සිතූ තරම් පහසු නොවූයේ ඔහු මත් වී ඈති බව වෑනෙන අයුරින් ම රියෑදුරන්ට දෑකගෑනීමට හෑකි නිසාත් බසයට ගොඩ වූ පසු ඔවුන්ගේ කන්දොස්කිරියාවල් අසා සිටීමට ඔවුන් අකෑමති නිසාත් ය.
බසයක් වෙනුවෙන් පාරේ රෑඳී සිටින ඔහුට දෑන් කුමන වාහනයක් වුවද කමක් නෑත යනුවෙන් ඔළුවට ආවේය. එන සෑම වාහනයකටම අත ඈල්ලුවද කිසිවක් නෑවෑත්වූයේ නෑත. පෑය දෙක තුනක් ගෙවින. ගාළු පාරේ වුවද සෙමින් ඉදිරියට එන වාහනයක් දෑක එයටත් අත එසෙවුවේය.

වාහනය ඔහු ලඟින් ම නතර විය. වම් පෑත්තේ ජනේලය අයිනෙහි සිටි තලෙළු හීන්දෑරි මිනිසෙක් ඔහුට දත් විලිස්සා සිනාසුනේය.

බස් නෑහෑ වාගෙ නේද? මහත්තයා. මම යන්නෙ බොරෑල්ලට. අ.. අ.. අ.. කොළඹ. අහල ඈති මයෙ හිතේ මහත්තයා. එන්ඩ යන්ඩ. මටත් කතා කර කර ගිය හෑකියිනෙ. කිව්වහම ඔහුත් හා යමු එහෙනම්. හෑබෑයි බස් ගාස්තුව විතරයි මට දෙන්න පුළුවන්, මා ලඟ සල්ලි ගොඩක් නම් නෑහෑ , කියන විට ඔහු සිනා සී, මට සල්ලි ඕනෑ නෑහෑ කියා ඈත. එබෑවින් ඔහු එයට කෑමති වී කීයක් හරි දීලා බහිනවායි සිතා පිටුපස දොර දිහාවට යන්නට මෙන් හෑරෙන විට මහත්තයා, ඉස්සරහින් නගින්න යනුවෙන් රියෑදුරු කියන විට ඔහු වාහනය දෙස හොඳින් බෑලීය. එය වමෙන් පදවන වාහනයකි. 
ඔහු ඔහුටම සිනාසෙමින් වාහනයෙහි ඉදිරි පසින් ගොස් දකුණු දොර ඈරගෙන ඉදිරිපස අසුනෙහි වාඩි වී දොර වසා ගත්තේය. රථය පිටත් විය. ඉයුකෑලිප්ටස් සුවඳක් ද තදින් හමා එන්නට විය. රියෑදුරු ද දොඩමළු විය. මහත්තයා රෑ වෙලා බෑහෑරක් ද? මට ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් මුනගෑසුණා බොහොම කාලෙකට පස්සෙ. පොඩ්ඩක් දන්නෑද්ද ඉතින් සෙට් වුනා. දන්නෙම නෑතිව රෑ වුණා.........යනුවෙන් ඔහු සිණා සුනේය. ඔවුවා ඔහොම තමයි මහත්තයා. පෙලක් අය යාළුවො මුණ ගෑසුණාම බොනවා. පෙලක් අය හිතේ අමාරුවට බොනවා. පෙලක් අය රස්සාව කරළා මහන්සි යන්න බොනවා...... කියමින් සිනාසෙන්නට විය.

රස්සාව කරලා මහන්සියට බොනවා කියන්නෙ ඈයි? සුරේ මවිතයෙන් රියෑදුරුගෙන් ඈසීය. එවිට රියෑදුරු ගේ පිලිතුරු සුරේ මහත් ඕනෑකමින් අසා සිටින්නට විය. දෑන් බලන්ඩ මහත්තයා. මම පාන්දර තුනට හෝමාගමින් පිටත් වුනේ. මායි ඩ්රයිවර් අයියයි මාතර ගියා. එහෙදි එයාට එයාගෙ පවුලගෙන් කෝල් එකක් ආවා ළමයට අසනීපයි. ඉක්මණට ගෙදර එන්ඩ. මම එයත් එක්ක ඉස්පිරිතාලෙට ගියාම ළමයව නවත්තා ගත්තා කියලා. ඉතින් එයා මාතරින් ම ගමේ යන බස් එහෙකට නෑග්ගා යතුර මට දීලා. මං ඉතින් වාහනේ අරං ආපහු යන ගමන්. එයා බෑහෑලා ගිය එක මහත්තයාගෙ වාසනාව. නෑත්නං මේකත් නෑහෑ නෙ මහත්තයෝ. පොලීසිය අපට ත් අත දානව මහත්තයෝ. මෙවුවයෙ ඈත යන කොට තුන් දෙනෙක් ගෙනියන්න දෙන්නෙ නෑහෑනෙ. ඉතින් නොබී කොහොමද...............?


ඔහුගේ කතාවට මඳක් අන්දුන් කුන්දුන් වූ සුරේ , එතකොට මාතර කොහාට ද ගියේ? ඈයි එහෙ ගියේ?. මුලටියනට මහත්තයෝ, ආමි එකේ මහත්තුරු ටික නම් පනාගොඩටත් ගිහින් ඈති මේ වෙන කොට . එවුවා ඉතින් අළුත් වාහන නේ.

ඔහුගේ මේ පිළිතුර සුරේව තවත් අන්දමන්ද කළේය. ඉතින් මොකටද මාතර ගියේ? කියලා කිව්වෙ නෑහෑනෙ. ආමි එකේ කොල්ලෙක්ගෙ බොඩි එකක් ගෙනිච්චා මහත්තයෝ. කියන විටම ඔහුට හීන් දාඩිය දමන්නට විය. ඒ උතුරේ භීෂණ සමයයි. ඔහු ගොඩ වී ඈත්තේ අවමංගල රථයකටය.

ඒ එක්කම කවුදෝ ඔහුගේ පිටට සෙමින් තට්ටු කරණ බවක් ද දෑනෙන්නට විය. රියෑදුරු වන්නට ඈතෑයි සිතා ඔහු ඔහුවම අස්වසා ගත්තේ කළ යුතු දෙයක් නොමෑති බෑවිණි. මඳ වේලාවක් නිහෑඬියාව රෑකි නිසා රියෑදුරු සුරේ බය වූවා වත් දෝ හෝයි සිතා, මහත්තයා බය වුනාද? කබියෙ භාගයක් තියෙනවා. උගුරක් දා ගන්නයෑයි ආරාධනයක් ද කලේය.
දෑන් එපා. ඈති වෙන්න දෑම්මා දවල්. ස්තුතියි. ඔහු කියන විටම ඔහුගේ පිටට නෑවතත් සෙමෙන් තට්ටුවක් වෑටිණ. ඔහු කිසිත් නොකියා රියෑදුරු දෙස බෑලීය. ඔහුගේ අත් දෙකම ස්ටියරිං වීලය මතය. ඔහු ඔලුව කසමින් කල්පණා කරන්නට විය. දොඩමළුව අඩුවිය. නොදෑනීම ඔහුට නින්ද ගියේය. වාහනයෙහි දොරක් වෑසෙන හඞඉන් ඔහු උඩ ගොස් ඈහෑරුණි. ඒ කළුතර බෝ සමිඳු අබියසය. 

අප්පට සිරි මට නින්ද ගිහින් නෙ. මට එන්ඩ ඕනි වුනේ කොස් ගොඩට. ඔහුට නිතෑනින්ම කියෑවිණ. අනේ මහත්තයො, මං හිතුවෙ මහත්තයා කොළඹ යන්නෙ කියලා ඉතින් මං කතාකළෙත් නෑහෑ. අනේ සමා වෙන්ඩ මහත්තයා. රියෑදුරු පින්සෙන්ඩු වන්නට විය. සාක්කුවෙන් රුපියල් සීයක් ඈද ඔහු අත තබත්ම රියෑදුරු බෑගෑපත්ව එය ප්රතික්ෂේප කරමින් මහත්තයා කරදරේක වෑටිලනෙ ඉන්නෙ. අර බස් එකේ ආපසු යන්ඩ මහත්තයෝ ඕක බස් එකට තියා ගන්ඩ මහත්තයෝ. කියමින් ඔහු පිටත් විය. ඔහුගේ කරුණාවන්ත කමට ස්තුති කරමින්ම සාක්කුව අත ගෑ ඔහුට කාසියක් හමුවිය. එය බෝ සමිඳුට පඬුරු ලෙස පූජා කර, ඔහු ගාලු පෑත්තට යන බසයෙහි එල්ලුනේ එහි කොන්දොස්තරට පින්සෙන්ඩු වෙමිනි. ඔහු ගෙදර එන විට පාන්දර හතරට ආසන්න වී තිබිණ. දොරට තට්ටු කරණ විටම දොර ලඟම නිදා සිටි මංගලී දොර ඈරියද වචනයක් වත් නොකීවේ ඔහුගේ සිත රිදෙයි යන නිසා විය හෑකිය.

ඈඳ සිටි ඈඳුම් පිටින් ම මංගලී නිදා සිටි පෑදුරෙහි වෑතිරුනු ඔහුට විදුලි ලාම්පු නිවෙත්ම කවරෙක් හෝ ලඟින් ඈල වූ බවක් දෑනින. මංගලී යයි සිතූ ඔහු නිහඬවම සිටියේ ඔහු කළ වරද ඔහුටම අවබෝධ වූ නිසා ය. ඔහුගේ ඈඟට උඩින් කකුලක් දා ගත් ඈය කොයිද අනේ ඔයා ගියේ කියා කණට කොඳුරනු ඈසුනෙන්, ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් මුණගෑසුනා. කියන විටම සුකොමළ හඬින් සිනාසුණු ඈය, බිව්වා නේද අදත් කියා සිනාසෙනු ඔහුට යන්තමින් මතකය. පුතා තනියම නේද? ඔයා පුතා ගාවින් නිදාගන්ඩ. ඔහුගෙ ප්රශ්ණයට ලෑබුණේ කදිම පිළිතුරකි. එයාගෙ තනියට එයාගෙ අම්ම ඉන්නෙ. මං මොකටෙයි? මෙයට සුරේ ට යකා නෑග්ගේය. ඈයි තමුසෙ අම්මා නෙවෙයිද? මෙයට පිලිතුරු වශයෙන් ලෑබුණේ ඔහුගේ තට්ටම සෙමෙන් කෙනිත්තීමක් පමණි. තමුසෙට පිස්සුද ඕයි. කියා සිනාසුණු ඔහු බිත්තිය දෙසම බලාගෙන නිදා ගත්තේය.
උදේ දහයට පමණ ඔහු ඈහෑරෙන විට පෑදුරෙහි මංගලී නොසිටියා ය. ඈය පුතා ලඟට යන්නට ඈතෑයි සිතූ ඔහු දත් බුරුසුව රෑගෙන දත් මදිමින් කුස්සිය හරහා ගෙයි පිටුපසට ගියේ ඔහුගේ තුවායත් රෑගෙන පහළ වෙලේ ලිඳට ගොස් දිය නා ගෑනීමටය. ඔහු රාත්රියේ ආවේ අවමංගල රථයක බව නොකී ඔහු රහස රෑක්කේය. කුස්සියේ දොර ලඟට ආ ඔහුගේ අම්මා, පුතේ මේ ළමයා ඊයෙ දවාලට කෑවෙත් නෑහෑ. උඹ ගෙදර නොසිටි නිසා. රෑටවත් එයි කියලා බලාන සිටියා. ඒ එක්කම ළමයත් හරියට කරදර කළා. දවලටත් කන්නෙ නෑතුව රෑටවත් කන්නෙ නෑතුව අඬ අඬා ළමයත් එක්ක ඔට්ටු වෙලා ඉඳලා උඹ එන්න ඩිංග වෙලාවකට ඉස්සෙල්ලා නින්ද ගිහින් තියෙන්නෙ.


ඒකිත් ගෑනියෙක් බං. මාත් ගෑණියෙක්. ඔහොම කරන්ඩ එපා පුතේ, පවු. කියන විට ඔහු “හා, දෑන් නෑන්දයි ලේලියි යාළු වෙලා වගෙයි, ඔහොමනෙ අම්මෙ ඉන්න ඕනෙ”, කියා තම මවටද විහිළුවක් කළ ඔහු වෙලේ ලිඳට නාන්නට ගියේ ය. 
ඔහු එහි යන විට නාඳුනන කාන්තාවක් රෙදි වගයක් සෝදමින් එහි සිටිණු ඔහුට පෙණින. එහි වගක් වත් නොගෙන ඔහු බාල්දියෙන් වතුර වත් කරගන්නට විය.

වතුර බාල්දි කිහිපයක් වත් කර ගත් ඔහු සබන් ගාන්නට සූදානම් වන විටම සිණාසුණු ඈය, ඈ බං අයියෙ, අළුත බෑඳපු උන් වෙලා උඹ තනියෙම්ම නාන්න ආවෙයි?. ඒකිව අපට අඳුන්නලා දුන්නහම උඹට වස් වදිනවෙයි? කියා ඈසුවාය.
උඹ කවුද බං? ඔහු ඈසූ ප්රශ්ණයට, ඔහොම තමයි බං. උඹලට හරි ගියාම අහල පහල එවුවොත් අමතක වෙනවනෙ. කියමින් සිනාසෙමින්ම, කෝ, කෝ, දියන් උඹේ පුසුඹ සබන් කෑල්ල, පිටේ සබන් ටිකක් වත් ගාලා දෙන්ඩ කියා නෑවත සිනා සෙන්න ට වූවාය.

උඹට පිස්සුද බං, ගෑණි ආවොත් උඹටයි මටයි විසුමක් වෙන්නෙ නෑහෑ බං. කියූ විට එයටද හයියෙන් සිනා සුණු ඈය, ඒකි කොහෙද බං දෑන් එන්නෙ ඒකි උඹ එනකල් කන්ඩ බලාන ඉන්නව. උඹ තෑන් තෑන් වල බිබී ඈවිදිනවා. පොඩි එකා හරියට ඈඬුවා ඊයෙ රෑ. ඒකි කන්නෙත් නෑතුව බං නිදා ගෙන තියෙන්නෙ. පවු බං අයියෙ, ඒකි,කියමින් ඔහුගේ සබන් කෑල්ල ගෙන පිටෙහි සබන් ගා සිනිඳු ඈඟිලි වලින් පිට උලන්නටද ගත්තාය. නිකං හිටපන් බං, ගෑනි ආවොත් දකියි බං , ඔහු කියන විට බම්බුව තමයි එන්නෙ. ඒකි නිදි බන්. කිවුවත් පිට ඉලීම නතර වූයේ නෑත. ටික වේලාවකින් ඔහු කෑ ගෑසුවේ රිදෙනව යකෝ හූරන්ඩ එපා පිට, දෑන් ඈති යනුවෙන් ද කියමිනි. හා එහෙනං කියා නෑවත ඈයගේ රෙදි සේදීමට ඈය යොමු වූ අතර ඔහු දිය නා අවසන් වී මේකි මෙතෑන ඉන්න නිසා ගෙදර ගිහිම්ම සරම මාරු කරණවා යනුවෙන් සිතා ඔහු තෙත ඈඳුම් පිටින් ම යාමට සෑරසෙන විට මං දකියි කියලද බං තෙත ඈඳුම් පිටිම්ම යන්නෙ කියමින් නෑවතත් සිණා සුණාය.
“ඔවු, බන්”, යනුවෙන් පිලිවදන් දුන් ඔහු තෙත පිටින් ම ගෙදර ට ගියේ ලඟදි ෆීල්ඩ් එකට ආ එකක් වෙන්ඩ ඈති මං දන්නෙ නෑත්තෙ කියමින් ටික දුරක් ගොස් ආපසු හෑරී බෑලුවේ කවුද මේකි? යනුවෙන් සිතමිනි. ඈය එතෑන පෙනෙන්නට වත් ගිය තෑනක් දෑන ගන්නට වත් නොමෑත. ගෙදර කුස්සියට කෙලින්ම ආ ඔහු, අම්මෙ කවුද අර වෙලේ ලිඳේ නාන ගෑණු කෙනා? මම කලින් දෑකලා නෑහෑනෙ. මෙච්චර කාලෙකට කවුරුවත් අපේ ලිඳට නාන්ඩ ආවෙ නෑහෑ. 

මං ගිහින් බලන්නම්. කියා ගිය ඈය ආපසු ආවේ කවුරුවත් නෑහෑ පුතේ කියමිනි. එහෙනම් යන්ඩ ඈති කියමින් ඔහු තම මව විසින් පුළුස්සා තිබූ රොටියක් ද කා කුස ගින්න නිවා ගෙන කාමරයට යන විට මංගලී ඈහෑරී සිටියාය. "ඔයා ඊයෙ රෑ එනකොට වෙලා ගියාද"?ඈයි, මංගලී, ඔයානෙ දොර ඈරියෙ මට ඈතුලට එන්ඩ,යි කිව්වාම ඈය කිව්වේ නෑහෑ මම නෙවෙයි. මට මෙතෑන නින්ද ගිහින් හිටියෙ. ඔයා මෙතෑන ටිකක් ඉන්න . පුතාට උණ වගෙයි. මං මූණ සෝදා ගෙනම එන්නං කියා ඈය එලියට ගියාය. එතකොට කවුද මට දොර ඈරියෙ? අම්මා තාත්තාගෙ කාමරේ නෙ නිදා ගන්නෙ. ඔහුට තවත් ප්රශ්ණයක් එකතුවිය. දරුවාගේ නළල රස්නෙට තිබුණු බෑවින් මංගලී නෑවත පෑමිණ ඕ ඩි කොලොං හා වතුර මිශ්ර පීරිසියක් ගෙනෑවිත් දරුවාගේ නළලට පෑලෑස්තරයක් ද දෑම්මාය.

ඔයා කාලා ලෑස්ති වෙන්ඩ අපි පුතාට බෙහෙත් අරන් එමු, කී විට ඈය ඔයා නිදා ගන්ඩ මම ගිහින් එන්නම්. ආවෙ පාන්දර නෙ. කියන විට ඔහුගෙ දෑසට කඳුළු ඉනුවේය. මමම මෙච්චර රස්තියාදුවක් ගහලත් මේ මනුස්සයා හිත රිදෙන්ඩ වචනයක් වත් නොකියන හෑටි කියමින් ඔහු සුසුම් ලෑවේය. ඔහු අම්මාට කතා කර අම්මෙ, පුතාට උණ වගෙ. මංගලිත් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරන් එනවද ? කියා ඈසු විට ඈයද ඉක්මනින් ම සූදානම් වී මංගලී සහ දරුවා ද සමග ලඟම ඩිස්පෙන්සරිය වෙත ගියෝය.

ඔහු පත්තරයක් අතට ගෙන හාන්සි පුටුවෙහි දිගෑදුනේ රාත්රියේ හි සහ උදේ ලිඳ ගාව සිදුවීම් මෙනෙහි කිරීමට මිස පත්තරය කියවීමට නොවින. නිතෑනින්ම හාන්සි පුටුවෙහි නින්ද ගියේ මහන්සියටය.

පුතේ නෑගිටලා කාපන්. අම්මාගේ හඬට ඔහු අවදි වුනත් හිස බර ගතියක් සහ ඈඟෙහි රස්ණයක් දෑනෙන්නට වූයෙන් ඔහු නළලට අත තබා බලා රුපියල් දහයක් සොයාගෙන පාර අයිනෙහි වූ පෙට්ටි කඩය වෙත ගොස් පෑනඩෝල් දෙකක් ගෙනෑවිත් ගිල දමා වතුර බිවුවේය.ටිකක් ඉඳලම කනවා යෑයි සිතූ ඔහුට නෑවත නින්ද ගියේය.

නෑවත ඈහෑරෙන විට ඔහුගේ තාත්තා, අම්මා සහ මංගලී ඔහු වටා රෑස් වී සිටියහ. පුතේ , උඹට සහලෝලා උණ. මොහොකට හරි බය වුණාද? නෑහෑ අම්මෙ. කියා කෑමට වාඩි වුණද ඔහුට කන්නට ප්රියක් නොමෑත. කොයිකටත් පුතේ, උඹ බෑදුමයි, පපඩමුයි කන්ඩ එපා. ඩිංගක් ඈල වෙලා හිටපන්. මං ගුරුන්නාන්සෙ ලාගෙ ගෙදර ගිහින් එන්නම්. කියා ඈය පිටත් වුණාය.
දෙකට පමණ ඈය ගුරුන්නාන්සේද සමග ආවාය. ඔහු සමග වචන ස්වල්පයක් කතා කල පසු, පොඩි මහත්තයා, මම ඉන්න කල් කිසි දේකට බය වෙන්න එපා කියා ඔහු කහ ගෑ නූලක් ද මතුරා ඔහුගේ කරට දමා තනියම කොහෙවත් යන්න එපා මහත්තයො, කියා ඔහුගේ මවටද අවවාදයක් දෙමින් හවසට එලියට යන්ඩ දෙන්ඩ එපා හාමිනේ. පුරස්නයක් වුනොත් රෑ කියල බලන්නෙ නෑතිව කතා කරන්ඩ හාමිනේ , කියා ඔහුගේ මව දුන් පඬුරත් රෑගෙන ඔහු යන්නට ගියේය.

ඈඳිරි වෑටෙන විට සුරේ දොඩවන්නට වූයෙන්, ඔහුගේ පියා මේ ගමන ගුරුන්නාන්සේ සොයා ගොස් ඔහු සමග නෑවත ආවේය. අනෙක් අයවළුන් එලියට යවා ගුරුන්නාන්සේ ඔහු සමග කතාවට වෑටිණ.

ළමයාටත් උණ ගෙන තිබූ බෑවින්, ඔහුට ගුරුන්නාන්සේ සමග සියළු තතු ඈති සටියෙන් කියන්නට සිදු විය. පොඩි මහත්තයෝ මේ සාස්තරේ අග්ගිස්සට ආ කෙනෙක් මම. මට යමක් තේරුණු නිසා තමයි මම තනියම කතාවට ආවෙ. දවාලෙම කිවුවා නම් එක පාරින් ම වෑඩේ ඉවරයි. හා කමක් නෑහෑ. කියා ඔහු කුඩා බඩු ලෑයිස්තුවක් සාදා මේ ටික මේ දෑන්මම ගෙනෑත් දෙන්නෑයයි කියමින් ඔහුගේ මව අත තෑබීය.

ඉන් පසු පෑයක දෙකක පමණ ශාන්ති කර්මයකින් පසු ගුරුන්නාන්සේ තවත් නූලක් ඔහුගේ ගෙලෙහි පළඳවා මාසයක් වත් මේක කරේ තියා ගන්ඩ මහත්තයා. ආරක්ෂාවක් කරන්න වෙනවා . අමනුෂ්යයෙක් පස්සෙන් ඈවිල්ලා. ගෙදරටම. ඒකයි ළමයත් අසනීප වෙලා තියෙන්නෙ, කියා ඔහු පිටත් විය.

ටික දිනකට පසු ඔහු නෑවත අප නේවාසිකාගාරයට ආවේය. ඔහුගේ ගෙලෙහි වූ නූල් දෑකීමෙන් අපට ඔහුව ලේසියෙන් ම බයිට් කරන්නට හෑකි විය. ගෙලෙහි වූ නූල් දුටු මම හෑමෝටම කතා කර කිවුවේ සුරේ සිල් සමාදන් වෙලා බන්, වරෙල්ලා බලන්ඩ කියාය.

එවිට ඔහු අපට කිවු සිද්දියයි ඉහත සඳහන් කලේ. සුරේ, කොයි එකටත් පෙන්නපන් බන් උඹගෙ පිට. මම කියූ විට ඔහු තම කමිසය ගලවා පිට පෙන්වූයේ ය.ඔහුගේ වම් සහ දකුණු ගෙලේ දෙපස සිට පිටෙහි පහල දක්වාම එක් අතක ඈඟිලි තුනකින් බෑගින් සීරුම් පාර වල් හයක් විය. මචං අර ගෑණු කෙනා පිට ඈතිල්ලුවෙ ගලකින්ද? මම ඈසූයෙමි. නෑහෑ බන්, අතේ ඈඟිලි වලින්.ඔහු කිවුවේය. සුරේ මම කියනවාට පිළි ගනින්. පිට අතුල්ලලා තියෙන්නෙ අමනුස්සයෙක් බන්. මේ තියෙන්නෙ නියපොතු පාරවල්. කොයිකටත් උඹ ආපහු නිවාඩු දාලා ගෙදර ගිහින් ඒ ගුරුන්නාන්සෙගෙන් ම ආරක්ෂාවක් කර ගෙනම වරෙන්. මෙහෙ ඕවා දන්න අය නෑති වෙන්ඩත් පුළුවන් . කරණ අය විශ්වාස නෑති අය වෙන්ඩත් පුළුවන්, කියා අපගේ අංශ ප්රධානිට විස්තරය කියා, සුරේව ඔහුට පෙන්වා නෑවතත් ඔහුව ගෙදර පිටත් කර හෑරියෙමු.


නෑවත ගෙදර ආ ඔහු දුටු ඔහුගේ දෙමවුපියන් සහ බිරිඳ නෑවත ගුරුන්නාන්සේ ගෙන්නවා ලොකු ශාන්ති කර්මයක් කරවූ බවත්, මා විසින් දෙන ලද උපදෙස් වලට ඔවුන් ඉතා සන්තෝශ වූ බවත් ඒ සමගම කල් නොයවා, ආ එක හොඳ බවත්, ආපසු ගිය විට මා මුණ ගෑසී නොවරදවා ම ස්තුති කරණ ලෙසටත් ඔවුන් සියළු දෙනාම ඔහුගෙන් ඉල්ලා සිටි බවත් කියා කිලෝ දෙකක පමණ අලි බටර් කේක් පාර්සලයක් අප අසළින් තෑබීය. මේ දුටු මගේ ඈස් වලට කඳුළු උණනු දුටු සුරේ, ඈයි බං උඹ අඬන්නෙ. කියූ විට, අපිට අපි විතරයි බං මෙහෙ ඉන්නෙ, උඹ කේක් නොගෙනාවා කියලා අපි තරහ වෙන්නෙ නෑහෑ. ඔතෑනින් ගෑලවුණු එක පූරුවෙ පිනක් කියලා හිතා ගනින්, කිවුවෙමි. එහෙත් අපි ඔක්කොම කේක් කා සන්තෝෂ වුනෙමු. තව කාපන්, ආ මෙන්න, ඔහු මට කියා සිණා සුනේය.

මා ඔහුට දුන් අවවාදය වූයේ , සුරේ අපි ඔක්කොම ගම් බිම් වලින් ඈත ඉන්නෙ. එක්කෙනෙකුට අනෙකා උදවු කර ගන්න ඕනෑ නේද කියා, දරුවා ගෑන කල්පණා කර මත්පෑන් බීම අඩු කරණ ලෙසට කළ ඉල්ලීම ඔහුගේ බොක්කටම වෑදී, ඔහු කිවුවේ අඩු කරණවා නෙවෙයි බන් , සම්පූර්ණයෙන් ම නවත්වනවා මම කියා ය.එය ඈසීම අපට සන්තෝෂයට කාරණයක් වූවා මෙන් ම ඔහු කී පරිදි ම , මත්පෑන් වලින් 100%ක්ම ඉවත් වීම අප සෑමගේ විශ්මයට ද කාරණයක් වූවත්< නෑවත එයට යොමු වන්නට ඉඩ ඈති නිසා අපි ඔහුට විහිළු කිරීමෙන් වෑලකී සිටීමට වග බලා ගත්තෙමු.

Source: Link


13 November 2017

---කොටි තරුණියගේ දිෂ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි---


 ‘බූම්’...... එක දිගට ඇසෙන වෙඩි හඬට අතුරින් මොහොතින් මොහොත මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය වෙළීයයි. එකදිගට හිසට උඩින් පියඹා යන මල්ටි බැරල් රොකට් වෙඩි හා කාලතුවක්කු ප‍්‍රහාර හමුවේ කිලිනොච්චි නගරය අල්ලාගැනීමේ අවසන් බාධාව ලෙසින් පවතින ආරක්‍ෂක බැම්මේ තැන් කිහිපයක් පුපුරායන අයුරු සමන්ත දුටුවේය.

වසර දහයකට පමණ පෙර යුද හමුදා සේවයට බැඳුණු සමන්තට යුද්ධ කිරීම එතරම් දෙයක් නොවීය. කිලිනොච්චිය දක්වාම අභීතව ඔහු සටනේ යෙදුණි. සමන්ත ඇතුළු පිරිසට පැවරුණු විශේෂ කාර්යයක් විය. ඒ කාලතුවක්කු හා මල්ටි බැරල් ප‍්‍රහාර හමුවේ දුර්වල වන කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් අවසන් පස්බැම්ම අත්පත් කර ගැනීමයි. වැලි පිර වූ බැරලයකට මුවා වූ සමන්ත හා ඔහුගේ බඩියා එය තල්ලූ කරමින් ටිකෙන් ටික පස් බැම්ම වෙත ළඟාවීමට උත්සහ ගත්හ. තම සගයන් එකා දෙන්නා මැරි මැරී වැටෙද්දිත් ඔවුන් උත්සහ ගත්තේ තම අරමුණ ජයගැනීම උදෙසාය. කෙසේ හෝ රාත‍්‍රිය ගෙවී ආලෝකය පොළොවට පතිත වනවිට පස් බැම්ම අල්ලා ගැනීමට යුද විරුවනට හැකිවිය.

තැන තැන වැටී ඇති කොටි මළ සිරුරු අතරින් හිමින් සීරුවේ ඉදිරියට ඇදුණු පිරිසට වෙඩි වැදී මරණාසන්නව සිටි කොටි සෙබළියක දැකගත හැකි වූහ.
‘උදවි පන්නංගල්......’
ඇය උදව් ඉල්ලා කෙඳිරිගායි. සමන්ත වහා ඇය අසලට ගියේ ඇය බේරාගත හැකිදැයි බැලීමටය.
‘උදවි පන්නංගල්’
උදව්කරන්න
වහ වහා ඇයට ප‍්‍රථමාධාර දීමට උත්සහ කළද ඵලක් නොවන බව තම පිරිසට තේරුම් ගියේ ඇගේ තුවාල බොහෝ සෙයින් දරුණු වූ නිසාය. සමන්ත මොහොතක් ඇය අසල නතර විය.
‘නීර්....’

දමිළ බස දන්නා සමන්තට ඇය ඉල්ලා සිටින්නේ ජලය බව තේරුම්ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඔහු වහ වහා තම ඉනේ තිබූ ජල බෝතලය ගෙන ඇගේ හිස මඳක් ඔසවා ජලය ස්වල්පයක් මුවට වත් කළේය. ඇය අධික පිපාසයෙන් මෙන් එය ගිල දැම්මාය. ඇය තව මොන මොනවදෝ දෙමළෙන් කියාගෙන ගියාය. ඒත් ඒ මොහොතකටය. අවසානයේ සමන්තගේ මුහුණ දෙස බලාගෙනම ඈ අවසන් ගමන් ගියාය.
යුද බිමේ මෙවන් බොහෝ සිදුවීම්වලට මුහුණ දී සිටි සමන්තට එය එතරම් පීඩනයක් ඇති කළ දෙයක් නොවීය. ඒ ඔහුට සිතුණු හැටිය. ඔවුහු තව තවත් ඉදිරියට ගමන් කළහ. මොහොතින් මොහොත ගෙවීයද්දී ඇගේ මුහුණ ඔහු ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය. ජීවිතය රැුකගැනීමට පණ යදින ඒ මුහුණ ඔහුගේ සිත අවුල් කළේය. තම නැගණියකටත් වඩා අනුකම්පාවක් සමන්තගේ සිත තුළ මොහොතකට ඇතිවිය, යුද්ධය වෙඩි හඬ මෝටාර් අතරින් ඔහුගේ දෙසවන තුළ වරින් වර‘උදවි පන්නංගල්......’ යන්න දෝංකාර දෙන්නට විය. මෙම පීඩනය සමන්තට දරාගත නොහැකි පීඩනයක් බවට පත්විය. පස්බැම්ම අල්ලා ගැනීමත් සමගම ඔවුන්ට දිනක විවේකයක් උදෙසා පසුපසට පැමිණීමට අවස්ථාව උදාවිය. එහෙත් එය සමන්තගේ හිත හැදීමට සමත්වූයේ නැත. ක‍්‍රමයෙන් අන්ධකාරය දසතින් ගලාගෙන ආවේය. ඔහු අරමුණකින් තොරව පස්බැම්ම වෙත යළි ගමන් කළේය. තවමත් වෙඩි වැදුණු කොටි මළ සිරුරු තැන තැන වැටී ඇත. ඔහුගේ ගමන නතරවූයේ තම සිත පීඩාවට පත්කරන කොටි සෙබළියගේ මියැදුණු සිරුර අසලය. ඔහු එතැන කොපමණ වෙලා බලා සිටියාදැයි කියා ඔහුට මතක නැත. තම හිතවත් හමුදා සෙබළකුගෙන් පිටට වැදුණු පහරකින් ඔහු මොහොතකට පියවි ලෝකයට පැමිණියේය. ටිකෙන් ටික රාත‍්‍රිය උදාවිය. සමන්තට තම ශරීරයේ කුමක් හෝ ගැටලූවක් පවතින බව දැනෙන්නට විය. කිසිදා නොතිබුණු බියක් ඔහුගේ සිතට දැනෙයි. තම සොයුරන් තුළින් ඔහුට නුහුරු බවක් දැනෙයි. මධ්‍යම රාත‍්‍රිය එළඹීමත් සමගම ඔහුගේ හිස ඔසවාගෙන සිටින්නට නොහැකි බව ඔහුට වැටහුණි. ඔහු අත තිබූ ආයුධය පසෙකින් තබා ගසක් මුල වාඩි විය. ටික වේලාවක් ගතවිය. ඔහු සිහිසුන්ව බිම ඇදගෙන වැටුණි.

සහෝදර සෙබළුන්ගේ මැදිහත්වීමෙන් ඔහුව සටන් බිමේ පසුපසට එවීය. අධික වෙහෙස හා මානසික පීඩනය මත ඔහු රෝගී වී ඇති බව සිතූ නිලධාරීහු ඔහුට දින පහළොවක නිවාඩුවක් ලබා දී ගමට එවීය.
ඔහු ගමට පැමිණියේය. දින කිහිපයක් ගෙවී ගියේය. ඔහු තුළ වෙන දා නොපැවති ගැටලූවක් ඇති බව මාපියන්ට ටිකින් ටික තේරුම් යන්නට විය. එක් දිනක් රාත‍්‍රියේ සමන්තගේ කාමරය දෙසින් ඇසුණු කෑගැසීමේ හඬකින් නිවසේ සියල්ලෝම ඇහැරී ඒ දෙසට දිව ආහ. සමන්ත ඇඳේ මුල්ලට වී දෙමළෙන් මොන මොනවදෝ කියා කෑගැසුවේය. ඔහු කියන්නේ කුමක්දැයි කියා හෝ නිවැසියන්ට තේරුම්ගත නොහැකි වූයේ ඔහුගේ මුවින් පිටවූ භාෂාව තේරුම්ගත නොහැකි වූ නිසාය. කාමරයේ විදුලිබුබුළු දැල්වීමත් සමග සමන්තගේ හැසිරීම වෙනස්විය. ඔහුට ඔහු මෙතෙක් වේලා හැසිරුණු ආකාරය මතක නැත.

සමන්තට නිවැසියන් සියල්ලම තුළ ආගන්තුක බවක් දැනෙයි. මෙතෙක් කලක් රණබිමේ දස්කම් දැක් වූ ඔහුට මේ දින කිහිපය වසරක් සේ දැනෙන්නට විය. පසුදින රාත‍්‍රියේ නිවසේ සියල්ලන්ම රූපවාහිනිය නරඹමින් සිටියේය. ප‍්‍රවෘත්ති විකාශයේ උතුරු යුද බිමේ දර්ශන දකිත්ම සමන්ත යළිත් කලබල වූවේය. ඔහු දෙමළෙන් කෑගසන්නට වූයේ දරුණු ලෙසය. ඉන්පසු වේගයෙන් දිව ගොස් ඇඳයට සැඟවී සිටියේය. ඔහු යම් මානසික කම්පනයකට ලක්ව ඇතැයි මාපියෝ සිතූහ. ඔහුව කිසිලෙසකවත් එළියට ගැනීමට හැකිවූයේ නැත. ගෙදර අය ඇඳ ඔසවා පැත්තකට තැබීමත් සමගම ඔහු ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට විය. ඇඳේ ගැලවී තිබූ ඇඳ පොල්ලක් අතට ගත් ඔහු නිවැසියන්ට එය පෙන්නමින් දමිළ බසින් තර්ජනය කරන්නට විය. කිසිවකු ඔහුට ළංවූයේ නැත. ඔහු කාමරයේම එලෙස සිටි අතර පැය 2-3කට පසුව තරමක් සන්සුන් බවට පත්විය. රාත‍්‍රී නින්දෙන් පසු ඔහු පියවි තත්ත්වයට පත්විය.

ඔහුට පසුදා පෙරවරුවේ දෙහි ටිකක් කපා නූලක් දැම්මෙව්වේය. එහෙත් ඉන් ප‍්‍රතිඵලයක් නොමැතිවිය. වරින් වර සමන්තගේ හැසිරීම් වෙනස් වන්නට විය. මේ පිළිබඳ මාපියෝ යම් නිලධාරියකුට දැනුම් දුන්හ. අනතුරුව නිලධාරීන් පිරිසක් නිවසට පැමිණියහ. හමුදා වාහනය මිදුලේ නතරවත්ම සමන්ත දැඩි ලෙස කලබලයට පත්විය. එයින් හමුදා නිලධාරීන් බිමට බැස නිවස දෙසට පැමිණෙත්ම සමන්ත නිවසේ පිටුපසින් එළියට පැන දුවන්නට විය. එසේ දිවගිය සමන්තව සොයාගැනීමට බොහෝ අසීරුවිය. අවසානයේ හවස්වන විට ගමේ පාළු ඉඩමක පඳුරු අතර සැඟවී සිටි සමන්තව සොයාගත හැකිවිය.

එතැන් පටන් සමන්තගේ හැසිරීම තවදුරටත් ප‍්‍රචණ්ඩ වූ අතර ඔහු බොහෝවිට හැසිරෙන්නට පටන් ගත්තේ දරුණු කාන්තාවක පරිද්දෙනි. නින්දෙන් අවදි වූ නොයෙක් විට ඔහු ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණු අතර නිවසේ කිසිවෙකුටත් ඔහුව පාලනය කිරීමට අපහසු විය. මේ අතර ඇතැම්විටෙක හිටිවනම නින්දෙන් මහ ? අවදිවන ඔහු සිමෙන්ති පොළොවේ වැතිර කාමරය වටේ බඩ ගා යයි. පොළොව පුරා පෙරළෙයි. ඇඳ යට රිංගයි. ඒ අතර මහත් උනන්දුවෙන් වටපිට බලයි. එසැණින් දිවගොස් හැංගෙයි. මේ අයුරින් ඔහුගේ සිරුර ඩහදියෙන් නැහැවී යනතෙක්ම විවිධ ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිරීමට සමන්ත පුරුදු වූ අතර, එය දිනෙන් දිනම වැඩි වූවා මිසක කිසිදු අඩුවීමක් දක්නට නොලැබිණි.


එපමණක් නොව දිනක් සමන්තගේ රෝගී තත්ත්වය විමසීමට පැමිණි හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට තැත්කළ සමන්ත විටෙක ඔවුන් දැක බියෙන් පළායෑමටද තැත් කළේය. හමුදා සෙබළු දුටු විගස නිවසේ මුල්ලකට වී දමිළ බසින් අපැහැදිලි වචන මාලාවක්ද ඔහුගේ මුවින් නික්මිණි. වෙනදා බොහෝ සෙයින් සන්සුන් චරිතයක් වූ සමන්තට මේ හිටිහැටියේම කුමක් සිදු වූයේද යන්න ඒ වනවිටත් කිසිවෙකුට හෝ තේරුම් ගත නොහැකිවිය.
තත්ත්වය බොහෝ සෙයින් බැරූරුම් බව නිවැසියෝ මෙන්ම නිලධාරීහුද තේරුම්ගත්හ. වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව යකැදුරකුගේ පිහිට සෙවීමටද නිවැසියෝ තීරණය කළහ. මේ අතරතුර වැලිමඩ ප‍්‍රදේශයේ සිටිනා ස්වාමි කෙනකු පිළිබඳ ඔවුන්ට තොරතුරු ලැබුණි. ඔහු තරමක් වෙනස් ආකාරයේ පුද්ගලයෙකි. විශේෂිත ශක්තියක් හරහා කටයුතු කරන ඔහුට සමන්තට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

යම් මළගිය ආත්මයක් සමන්තව පාලනය කරන බව ඔහුට වැටහුණි. ඔහු මළගිය ආත්මය හා මනසින් සම්බන්ධවීමට උත්සහ කළද එම ආත්මය ශක්තිමත් මෙන්ම තරමක දරුණු ආත්මයක් බව ඔහුට තේරුණි.
හින්දු කෝවිලක් තුළදී මෙම ආත්මයේ බලය පාලනය කළ හැකි බව අදාළ ස්වාමීට වැටහුණි. ඔහු සමන්තව ජනප‍්‍රිය කෝවිලක් වෙත රැුගෙන එන ලෙස පැවසීය. සමන්තගේ සමීප හිතවතුන් කිහිපදෙනකුද ඔහු සමග පැමිණියහ. කෝවිලට ඇතුළු වූ සැණින් සමන්ත ගොස් කාලි මැණියන් ඉදිරියේ වැඳ වැටුණේය. කිසිම දිනක කෝවිලකට ගොස් දෙවියන් වැඳ නැති ඔහු පුරුදුකාරයකු ලෙස සින්¥ර් තැටියෙන් සින්¥ර් ටිකක් ගෙන මොට්ටුවක් තබා ගත්තේය.

කෝවිලේ එක් තැනක විශේෂ පූජාවක් සකස් වෙමින් පැවැතුණි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ අප කලින් හැඳින්වූ ස්වාමීය. සමන්තව ළඟට කැඳවා එතැනින් වාඩිකර ගත් ස්වාමි, කිහිපදෙනකුට ඔහුව අල්ලා ගැනීමට සූදානමින් සිටින ලෙස පවසා තිබුණි. ඉන්පසු මතුරන ලද කපුරු ස්වල්පයක් ඇඟිල්ලකට ගෙන ඇඟිල්ල සමන්තගේ නළල මත තබාගෙන මතුරන්නට විය. ටිකින් ටික සමන්ත දරුණු ආකාරයෙන් හැසිරෙන්නට විය. ඔහුව අල්ලාගැනීමට සිදුවූයේ ඔහු නැඟිට දිවයෑමට උත්සහ කළ හෙයිනි. ස්වාමි මැතිරීම නතර කළේ නැත. හතරදෙනකු එක්ව සමන්තව අල්ලාගෙන සිටීම පහසු කාර්යයක් වූයේ නැත. අවසානයේ ඔහු සන්සුන් විය. ස්වාමි සමන්ත තුළ වූ ආත්මය සමග කතාකරන්නට විය. (දෙමළ භාෂාවෙන් වූ සංවාදය අපි සිංහලෙන් පළකරමු*

‘උඹ කවුද’
‘කාඩර් කෙනෙක්’
‘කාඩර් කෙනෙක් කියන්නේ කවුද’
‘එල්ටීටීඊ කාඩර් කෙනෙක්’
‘ඇයි මේ ඇඟට රිංගුවේ’
‘මෙයා විතරයි මං ගැන හිතුවේ’
‘ඒ කොහොමද’
‘මම වෙඩි වැදිලා මැරෙන්ඩ පණ අදිනකොට මෙයා විතරයි මං ළඟ නතර වුණේ. මං ගැන බැලූවේ’
‘ඒ කිවුවේ’
‘මෙයා විතරයි මං මැරෙන්න පණ අදිනකොට මට වතුර උගුරක් දුන්නේ. අපේ අය මාව දාලා ගියා. මං තනිවෙලා හිටියේ’
‘ඒත් ඇයි මෙයාගේම ඇඟට රිංගුවේ’


‘මම අපේ අයට බයයි. ඒ අය මාව යුද්දෙට ඇඳගෙන ආවේ බලෙන්. මම එතකොට ඉස්කෝලෙ යන ගමන් හිටියේ. එක දවසක් අපේ ගෙදරට කඩා පැන්නා. උන් මාත් මගේ සහෝදරයොත් යුද්දෙට අරන් ගියා. එදා ඉඳලා මම කළේ යුද්ධ කරපු එක විතරයි. ඔය අතරෙ මගේ සහෝදරයත් වෙඩි වැදිලා මැරුණා’
‘ඉතින් ඇයි උඹ මේ ඇඟට රිංගුවේ’

‘මෙයා මාව බේරගනියි කියලා හිතුණා. අපිට කියලා තිබුණේ හමුදාවේ උන්ට හිතක් පපුවක් නෑ කියලයි. ඒත් මෙයා ඒක වෙනස් කළා. මෙයා මාව බේරගත්තා’

අවසානයේ ඇයගේ ආත්මය ඉතා අපහසුවෙන් ඔහුගේ ශරීරයෙන් ඉවත්වීමට පොරොන්දු කරවා ගත් අතර, ඇය ඊට කැමැති වූයේ ඇයගේ ආත්මය මුදවාලීමේ පොරොන්දුව පිටය. මේ යුද්ධයෙන් මිය ගිය තවත් එක් අසරණ එල්ටීටීඊ කාන්තාවකගේ ඉරණම පමණි

Source: Link


05 November 2017

---රෝහල් සේවකයාගේ සත්‍ය අත්දැකීමක්...---



ඕං එහෙනම් ලියන්න හදන්නේ දවසකට මිනී 50 කට වඩා ගබඩා කරන රෝහලක සුලු සේවකයෙක් ගැන, ඒ ගැන මතක් කරනකොටත් ඒ ගැන දන්න මිනිස්සු ඉතිපීසෝ ගාථාව කියල තමන්ගේ ආරක්ශාව ගැන තහවුරු කරගන්න තරම් භයංකාර සිදුවීමක් ගැනයි.. 

ඔය හැමෝම අහල ඇති මේ රටේ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය බැංකුවකට කාලකන්නි ත්‍රස්තවාදියෝ බෝම්බ තිබ්බ..එදා ඒ බැංකුව එකම එක මස් වැදලි වලින් , දුක් අඳෝනාවලින් පිරුණු සොහොන් පිට්ටනියකට වඩා භයංකාර තැනක් උනා..ඉතිං මෙතන කථා නායකය තමයි සුමනෙ කියන සාත්තු සේවකය.. මේ සුමනෙට හිටිය පුංචි දුවෙක් මෙ කෙල්ල හුරතලේට හිටියට කවුරුත් හිතුවෙවත් නැති වෙලාවකම ලොකු ලමයෙක් උනා.. ඒ වෙනකොට සුමනෙගෙ බිරිඳ හිටියේ අධික අසනීප තත්වයකින් .. ඇය ඇඳටම සින්න වෙලා හිටිය නිසා මේ දරුවගේ වැඩ වලට කාන්තාවකගෙ අඩු පාඩුව සුමනෙට දරුණුවටම දැනුන..ඉතිං සුමනෙ, මිනිහගෙ නංගිට මේ ගැන කියල ගෙදරට දවස් කීපයකට ගෙන්න ගත්ත..මේ අතර සුමනෙට සල්ලි ගොඩක් උවමනාවකුත් තිබුන මේ දරුවගේ මංගල්ලෙ කර ගන්න.. ඉතිං සිද්ධිය මෙහෙම වෙද්දිම තමයි අර බෝම්බෙත් පිපිරුවේ..එදා රෑ සුමනේ රාත්‍රී රාජකාරියට වාර්ථා කරාට මොකද දකින්න තිබුනේ එකම එක මලමිනී ගොඩකුයි වෙන්වෙලා වෙන වෙනම ගෙනාපු අත පය ඔළු ගොඩවලුයි විතරයි..කවදාවත් නොදැකපු තරම් මලමිනියි අත පයයි ට්‍රොලි උඩ දාගෙන මෝචරියට ඇදපු සුමනෙට හිටි ගමන් දෙයක් දැකල අන්ද මන්ද උනා..සුමනේ ඉක්මනට ට්‍රොලිය අයින් කරල කලබල අස්සෙම ඇදල බැලින්නම් මිනිහට හම්බ උනා ඇඟිලි හතරකටම දාර සයිස් මුදු දාල තඩි බ්‍රෙස්ලට් එකක් දාපු අතක් මිනිහට එවලෙ දැනුනෙ මිනිහගේ සියලු ප්‍රශ්න විසඳුනා කියන හැඟීමක්..


ඉතිං සුමනේ මේ අත් කෑල්ල ට්‍රොලියෙ අනිත් කෑලි අතරෙ නොපෙනෙන්න ගහගෙන යන ගමන් මිනිහගේ ගෙදරින් ගෙනාපු මල්ල කොහොම හරි මෝචරියට ගේනව..(( ඉදිමිලා තිබුන අත් කොටසින් එවලෙම රත්තරං බඩු ගලව ගන්න බැරි උනා අනික කවුරු හරි දැක්කොත් ගලවන බව ප්‍රශ්නයක් නිසා මිනිහ ගෙදර අත පිටින් ගෙනියන්න තීරණය කරා )) ඉතිං කාටවත් නැති සතුටක් හිතේ හංගං හිටිය සුමනේ පාන්දර කාටත් හොර රහසෙම අර අතත් මල්ලෙ දාගෙන ගෙදර යන්න පිටත් උනා.. මේ යකාගෙ කරුමෙ කියන්නෙ එක වාහනයක් හොයා ගන්න බැරි උනා ගෙවල් පැත්තට යන..කොහොම හරි අඩියට දෙකට ගෙදර යන සුමනෙට රාත්‍රී මුඩු බිමක අවතාර මෙන් සැරි සරන දඩ බල්ලන් වැනි බලු නාම්බන්ගෙන් උන කරදර නිසා හිතට චකිතයක් එන්න පටන් ගත්තා .කොහොම හරි මෙතනින් ගැලවිලා ගෙදර ආපු සුමනේ කාටත් හොර වත්ත පල්ලෙහාට ඇවිත් අත අරගෙන බැලුව රත්තරං බඩු ටික ගලව ගන්න.. ඒක දැකපු සුමනෙට දෙයියො බුදුන් සිහි උනේ එවෙලෙයි ..අර අත මහසොහොනගෙ අත වගේ ඉදිමිලා.. 

වැඩි වෙලාවකුත් නැති නිසා සුමනෙ ගෙදරට දුවල මන්නයක් ගෙනල්ල වැඩේට බැස්ස..කෑලි කෑලි මන්න පාරෙන් වෙන් කරපු සුමනේ ලක්ශ 20 ක විතර හිමි කාරෙක් උනා..වත්තෙම අතේ කෑලි වලදාපු සුමනේ පට්ට හැපී එකේ බඩුත් අරං ගෙදරට යනකොට දෙවියො බුදුන් සිහි උනා ....ගේ ඇතුලෙ එකම එක ලේ විලයි..සුදු මැලි උන සුමනෙ දැකපු සුමනෙගෙ නංගි මිනිහව බදා ගෙන එයා දැකපු දේ කියපු විදියට මිනිහට ගොත ගගහ කියල තියෙන්නෙ අඩි 6ක් විතර උස අතක් නැති මිනිහෙක් ඇවිත් සුමනෙගෙ බිරිඳගෙ බෙල්ල කඩල පොලවෙ ගහල පෑගුව කියල.. එදායින් පස්සෙ සුමනෙගෙ නංගිටත් තමන් කවුද කියන්නවත් හොඳ සිහියක් තිබිල නෑ.. සුමනෙත් පාවෙන මලමිනීයක් වගේ හුලං හැමුවත් මාව මරන්න එපා කියල කෑ ගහල සිහි නැතිව වැටෙනව කියල තමයි මේ කථාව ආරංචි වෙන්නෙ..

Source:Link




02 November 2017

---නිධානය සොයා පැමිණි උරුමකරු---



කම්මැලී වෙලාවට, කරන්ට් ගිය වෙලාවට අම්මයි මායි හොල්මන් කතා හුවමාරු කරගන්න පුරුදු වෙලා ඉන්නෙ 😍 ඒ වෙලාවක තමා අම්ම මේ කතාව මට කිව්වෙ 😉👌 සිරා සිද්දියක් 😒 මේක වෙලා තියෙන්නෙ නම් අපේ අම්මිගෙ සීයාට (ඒ කියන්නෙ මගේ මුත්ත😏) එයා තමා අම්මිට පුංචි කාලෙදි කියල තියෙන්නෙ මේ කතාව 😉 ඉස්සර අපේ අත්තම්මාල පුංචි කාලෙ ඒ කියන්නෙ මුත්ත තරුණ කාලෙ ඉදල තියෙන්නෙ ගාල්ලෙ අක්මීමන ( හෙන සුන්දර පොට් එකක් 😉) ඒ ගමේ ඉදල තියෙනව රජ පෙලපතකට නෑකම් කියන පවුලක්..එයාල කොච්චර ධනවත් ද කියනවනම් ඒ වලව්වට හැමෝම කියන්නෙ "රත්තරං ගෙදර" කියලලු...ඒකට හේතු වෙන කතාවකුත් තියෙනව 😉👌

ඉස්සර හිටපු රජවරු තමන්ට එල්ල උන ආක්‍රමණ වලදි පලායන්න උනාම වස්තුව හංගලලු යන්නෙ (ඒක ඉතිං උබල දන්නෝ කියල දන්නව මම 😑) ඉතිං මේ රත්තරං ගෙදර අයට නෑවෙන රජාත් චෝල ආක්‍රමණ වලින් පැන යද්දි ඒ ගමේ පොට් එකක මෑන්ගෙ නිදානයක් හංගල ගිහින්ලු 😉 ඒ පොට එක තමා "උණගස් කදුර" කියල එහේ ගමේ තිබ්බ වතුර වලක් (වතුර උනන වලක් වගේ උල්පතක්..ඉස්සර ගමේ මිනිස්සු වතුර අරං තියෙන්නෙ ඒකෙන්ලු) ඉතිං ඒක ලේ උරුමයෙන් එන නිධානයක්ලු.. (ඒ කිව්වෙ අයිති කාරයට විතරයි ගන්න පුලුවන්..) අනික් එක තමා මේක විශේෂ එක හේතුවක් නිසා... ඒ රත්තරං ගෙදර පවුලේ කාටහරි දරුවෙක් ඉපදුනොත් ඒ දරුව වෙනුවෙන් ඒ ඉපදුණු දා මධ්‍යම රාත්‍රියේ දී උණගස් කදුරෙන් වටිනා වස්තුවක් උඩට මතු වෙන එකලු.(ඒ කිව්වෙ ලමය ඉපදුණු දාට එයාටම විතරක් උරුම මැණිකක්/දියමන්තියක්/රන්මාල වළලු/ රත්රන් කඩු වගේ දෙයක් වතුරෙ උඩට මතු වෙනව පාවෙනව වගේ වෙලා😁 තේරුනාද මන්දා මං අදහස් කරපු දේ) ඉතිං ඒම මතුවෙන වස්තුව ගන්න පුලුවන් ඒ දරුවගේ තාත්තාට විතරයිලු.වෙන කෙනෙක් ගන්න ගියොත් ඉතිං සොරි තමා පුතෝ.. වතුරෙ යටට ඇදං යනෝලු අදුශ්‍යමාන බලවේගෙකින් වගේ.(එහෙම සීන් වෙලත් තියෙනවලු)😨

ඉතිං ඒ නිසා දරුවෙක් ඉපදුණු දාට ඒ තාත්තා ගිහින් ඒක ගන්නෝලු..ඒ නිසා රත්තරං ගෙදර අයට මුදල්වලින් අගහිගකම් වෙලා නෑ කවදාවත් 😁 ඔන්න ඕකයි රත්තරං ගෙදර කතාව ඈ දැං තමා නියම සීන් එක පටන් ගන්නෙ 😉👌

රත්තරං ගෙදර ඉදල තියෙනව අයියයි මල්ලි දෙන්නෙක්. අයිය අපේ මුත්තගෙ බොක්කලු 😁( ඒ කාලෙ ගමේ ගැන් එකේ වැඩ්ඩ අපේ මුත්තලු.පරම්පරාවෙ ගැම්ම තමා ඉතිං මටත් තියෙන්නෙ 😏👉💪) සල්ලි තියෙන නිසා පොර යාලුවො සැට් එකට කබරය 7-8 පාරක් සෙට් වෙන්නම රට බඩු ගෙනැල්ල දෙනෝලු 😂 ඉතිං හෙන ආදරෙයිලු ඔක්කොම මැන්ට ඒත් මෑන්ගෙ මල්ලි හෙන කුනාලු සල්ලි වලට මාර කෑදරයිලු ඉතිං (අපේ ලයිය වගේ 😂🔫) ඉතිං ඔහොම යද්දි මුත්ත බැදල වයිපරෙට ලමයෙක් ලැබුනලු..සතුටු හිතෙන කාරනේ කියන්නෙ ඒ ලමය වෙනුවෙන් ලැබුනු නිධානය තම රන් වලිත් හදපු පුටුවක්ලු 😍 ඉතිං මේ පින්වත් දරුව ගැන හැමෝම සතුටු උනාලු 😀 එකෙක් ඇර ඒ තමා අර මල්ලි 😑 මෑන්ට ලමයි නෑලු (පොරගෙ ශුක්‍රාණු වල ශුක්‍ර සෛල ප්‍රමාණය අල්ප නිසා ගැබ් ගන්නෙ නෑ වයිපරෙ 😉) ඉතිං පොරට මේකට ඉරිසයා හිතිලා ඉදල තියෙන්නෙ 😒 ඉතිං අයිය අර පුටුව කොටස් වෙන් කරල විකුනන්න ලෑස්ති වෙලා😍 ඒත් එදා රෑ මල්ලි අයියව මරල 😞 අර නිධානෙ අරං පැනල 😒ඒත් පොර වෙන පලාතක හැංගිල ඉද්දි පොලීසියට වට කරද්දි පැනල යන්න ගිහින් වෙඩිකාල මැරුනලු 😼 එතනින් ඒ සීන් එක ඉවරයි 😁

ඒ පොර මැරිල ටික දවසක් යද්දි ඔන්න පටන් ගත්ත එක එකා බය වෙන්න...ඉස්සෙල්ලාම බය උනේ ගමේ හිටපු කොටු කාරයෙක් 😂✋ මෑන් කොට්ටක් පැනල 1-2 විතර ආපහු ගෙදර එද්දි ඉස්සරහින් සුදු ඇදගත්ත පොරක් යනෝ ඈතදීම දැකල 😕 ඉතිං කම්මැලී කමට කයියක් දාන් යන්න කියල හිතල මෑන් පය ඉක්මන් කරල අර පොරට කිට්ටු කරල....ටිකක් ලගට යද්දිම වගේ මෑන් එකපාරම අතුරුදන් වෙලා උනාලු..මේ පොර ටිකක් බය වෙලා වටපිට බලද්දි කනට කරල පිටිපස්සෙන් එකෙක් "මගේ නිධානේ දීපියාව්" කියල මරලතෝනියක් දුන්නලු 😱 මූට සරමෙ සුලුදිය පහ උනාලු දිව්ව දිවිල්ලට නතර වෙලා තියෙන්නෙ පන්සලේ ආවස ගේ ඇතුලෙලු 😂✋ ඒ එක් සිද්දියක් විතරයි තව ගොඩාක් අය බය වෙල තිබ්බ 😨 ඒත් දරුණුම සීන්කෝන් එක උනේ වෙන කාටවත් නෙවෙයි අපේ මුත්තට 😂 (දැං කියන්න එපා ඔක්කොම වෙන්නෙ උබේ පවුලෙ ඩයල්වලටමනේ කියල😒 මේක සිරා සිද්දියක්😑)අපේ මුත්තත් ඒ කාලෙ සූර් යකා වැහිල තමා හැමදාම ගෙදර යන්නෙ

ඉතිං එදාත් කුනුවෙන්නම ගහල 4ගාතෙන් ගෙදර යන්න ආවලු.. ලේසියටත් එක්ක් කෙටි පාරකින් දාල ඇවිත් තියෙන්නෙ (ඒ පාර තියෙන්නෙ රත්තරං ගෙදර පිටිපස්සෙන්ලු) ඉතිං ඒ ගෙදර පාස් කරං යනවත් එක්කම පාරට ලොකූ අත්තක් කඩං වැටුනලු 😨 මුත්ත සරම කරට අරං කුනුහර්ප දෙකක් කියල කොලොප්පං කරන උන්ගෙ අම්ම අප්ප සිහිකරාලු (ඩයල් එක හිතල තියෙන්නෙ කොල්ලොන්ගෙ ජෝක් එකක් කියල😂) ඒ එක්කම පාරෙ අයිනෙන් සද්දයක් ඇවිත 😕 ඒ පැත්ත හැරෙද්දි මුත්තට වෙරි හිදුනලු 😨 එතන ඉදල තියෙන්නෙ අර මැරිච්ච අයිය 😱'සි...සි..සිරිපාල අ...අ...අයියේ' මුත්තට ගොතගහිල බය වෙච්චි පාර 😂 (ආ මැරිච්ච මෑන්ගෙ නම සිරිපාල ඈ 😁) 'උබව හම්බෙනකම් මං මාස ගානක් බලන් හිටියෙ මල්ලියේ' ඒ පොර කිව්වලු..'උබට මම කරදරයක් කරන්නෙ නෑ. මට උබෙන් උදව්වක් ඕනි.මට වැඩි ශක්තියක් නෑ තවත් මේම ඉන්න.මගේ පුතාට උරුම උන නිධානෙ අරූ අරං ගිහින් හැංගුවෙ උණගස් කදුරෙ පතුලෙමයි උබල එකතුවෙලා ඒක අරං මගේ ගෑණිටයි ලමයටයි දීල උබලත් කොටසක් ගනින්' කියල කියපු සිරිපාල අතුරුදන් වෙලා මුත්තට සතියක් යනකම් උණලු 😁 ඉතිං මුත්ත කිව්ව විදියටම යාලුවො සැට් එක එක්ක එකතුවෙලා අර නිධානෙ කොටස් ගොඩ අරං ඔක්කොම අර සිරිපාලගෙ පවුලට දුන්නලු...එදායින් පස්සෙ ගමේ කවුරුත් බය උනේ නෑලු.😀

Source:Link


01 November 2017

---මහ රැ ටිපර් වලට ගොඩ වෙන අංකල්ගේ අවතාරය---


මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි.ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මාස ගනනක් තිස්සේ ඉදි කෙරෙමින් පැවති එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් වීම එහි සේවකයන් වූ අප සියලු දෙනාගේම සතුටට හේතු විය.අපගේ කළමණාකාර වරයා විසින් අපහට නියමිත වැටුප් ලබා දී දින 10ක නිවාඩු කාලයක්ද ලබා දුන්නේ ගම් රටවල් බලා ගොස් නැවත සේවයට පැමිණෙන ලෙස දන්වමිනි.සියල්ලෝම සතුට නිසා එදින සැන්දෑවේ මත්පැන් සාදයක් පැවත්වීමට තීරණය කලේ ගම්රටවල් බලා යාම පසුදාට කල් දමමිනි.මා හැර සියලුම දෙනා එයට සූදානම් වූ අතර මා සූදානම් වූයේ එදිනම ගමට පැමිණීමටය.මාස ගනනකින් පුංචි පුතුගේ මුහුණ බලා ගැනීමට නොහැකි වූ නිසා ඉක්මනින්ම ගෙදර යාම මාගේ එකම අදහස විය.සියල්ලන්ගෙන්ම සමු ගත් මා ටිපර් රථයත් රැගෙන එම ස්ථානයෙන් පිටත් වන විට රාත්‍රී 8:00පමණ විය.ත්‍රී කුණාමලය ටවුමට පැමිණි මා රථයට අවශ්‍යය පමණට තෙල් ගසා එහි වූ රෑ කඩයකින් මස් කොත්තුවක් දමා ගෙන කෑවේ අධික කුස ගින්නක් දැනුණු නිසාමත් නොව ගමන් කිරීමට ඇති දුර අධික වීමත් අතර මග කඩ වල නතර නොකර යාමට ගත් තීරණයත් නිසාය.කෑමෙන් පසු රථයට ගොඩ වූ මා තරමක් වේගයෙන් රථය ධාවනය කලෙමි.කන්තලේ පසු කල මා හබරණ දෙසට පැමිණෙමින් සිටියෙමි.නාගරික ප්‍රදේශය අවසන් වූ නිසා තරමක පාලු ස්වභාවයක් මාර්ගය දෙපස පැවතුනි.ගෙවල් පැවතියේ ඉඳහිට තැනක පමණකි.මාර්ගය දෙපසම කැලෑව පැවති අතර මාර්ගයේ ගමන් කල වාහනයක් පවා හමු වූයේ ඉඳ හිටය.තනිකමත් ,පාලු ගතියත් නිසා වාහනයේ වේගය තවත් ටිකක් වැඩි කල මා රේඩියෝ යන්ත්‍රයද ක්‍රියාත්මක කර සිංදුවක් අසමින් පැමිණියෙමි.

එක් වරම වාහනයට මීටර් 50ක් පමණ දුරින් කලු පැහැති සත්වයෙක් පාරට පනිනු මා දුටුවේ එම අවස්ථාවේය.පාරට පැමිණි සතා පාර මැද නැවතී වාහනය දෙස බලා සිටින අතර ලයිට් එලියට උගේ ඇස් දිලිසෙමින් තිබුනි.මා තරමක් තදින් බ්‍රේක් කලේ එම සතා යටවීම වැලක්වීමටය.නමුත් වාහනයේ වේගය වැඩි නිසා ටයර් කෑ ගසමින් එය ඉදිරියටම ඇදී ගියේ මට කිසිවක් කර කියා ගත නොහැකි ලෙසය.ඉතාම ලං වන විට එම සතා වල් උූරෙකු බව මට පෙනුනි.වාහනයේ සතා වැදුන අයුරැත් උූ වාහනයට යට වන අයුරැත් මට ඉතා හොඳින් දැනුනි.කිසිම දිනක සතෙකුට වත් අනතුරක් මා අතින් සිදුව නොතිබුන අතර මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නේය.වහාම නතරවූ වාහනයෙන් බැස ගත් මා සතා ට සිදුවූ දෙය බැලීමට පසු පසට දිව ගියෙමි.පුදුමයකි.එහි කිසිදු සතෙකු නොවීය.හොඳින් වට පිටාව බැලුවද මාර්ගයේ වාහනය ඇදී ආ ටයර් පාර මිස සතෙකුගේ ලකුණක් හෝ නොතිබුනි.වාහනයට යට වූ සතාට කැලයට පැන යාමටද නොහැකි බව හොඳින්ම දැනුණු මා මෙයින් තරමක් තිගැස්මට ලක් වූ අතර වහාම රථයට ගොඩ වී පෙරටත් වඩා වේගයෙන් එය පැදවූවෙමි.මෙලෙස 5km පමණ පැමිණෙන විට මාර්ගයේ සිටි පුද්ගලයෙකු වාහනයට අත දමනු මා දුටුවෙමි.ඉතාම ලං වන විට ඔහු තරමක වයස අයෙකු බව පෙනුන අතර ඔහු අතේ යම් බෑගයක්ද ඇති බව පෙනුනි.තනිවම යනවාට වඩා කවුරැන් හෝ වාහනයේ සිටින්නේ නම් හොඳයයි මට සිතුනේ පෙර සිද්ධිය සිදුවූ මොහොතේමය.ඒ නිසා දෙපාරක් නොසිතා මා රථය නතර කලෙමි.වාහනය අසලට පැමිණි ඔහු "ඩ්‍රයිවර් මහත්තයා මට දඹුල්ලට යන්න පුළුවන් වෙයිද ?" කියා ඇසුවේය.

දඹුල්ලට තව බොහෝ දුර ඇති නිසාත් මා දඹුල්ල හරහා යන නිසාත් ඔහුව වාහනයට නංවා ගත්තේ කතා කරමින් හෝ යාමට ඇත්නම් හොඳයි සිතමිනි."අංකල් මේ රෑ වෙලා කොහේද යන්නේ?"යි මම ඇසුවේ ඔහුව කතාවට අල්ලා ගැනීමට මුල පුරමිනි."මං රස්සාවට කරන්නේ කොළඹ මේසන් වැඩ.හදිස්සියේ ගෙදර ඇවිත් වැඩට යන්න ආවේ. රෑ කොළඹ යන බස් එක අල්ලා ගන්ඩ බැරි උනා .ඉතිං ඒකයි පාරෙ යන වාහන වලට අත දැම්මේ.කවුරැවත් නැවත්තුවේ නෑනේ. දඹුල්ලට යා ගත්තොත් එතනින් කොළඹට යන බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි."ඔහු පිලිතුරැ දෙමින් පැවසීය.එක් වරම වාහනය තුලට සීතල සුළං පහරක් ගලා ආවේය.එයින් මා හට මහත් අමුත්තක් දැනුණු අතර මා වහා වීදුරැව වසා ගත්තේ එයින් ‍බේරෙනු පිණිසයි.නමුත් එය පිටතින් හමා එන්නක් නොව වාහනය ඇතුලතින් එන බවක් දැනුණු බැවින් මා අනෙක් පස හුන් තැනත්තා දෙස බැලුවෙමි.ඒ වන විටත් ඔහු තද නින්දකට වැටී ඇති ආකාරයක් පෙනෙන්නට විය.මමද ඔහුට බාධා නොකර පාඩුවේ වාහනය පදවන්නට වීමි.නමුත් එම සීතලත් සමග මහා අමුත්තක් මට දැනෙන්නට ගත්තේය.මාර්ගය දෙපසම වූයේ ගන කැලෑව පමණකි.කිසිදු වාහනයක් හෝ ගෙයක් දොරක් හෝ දක්නට නොමැත.ඇත්තේ මහ මූසල ස්වභාවයකින් පෙනෙන පාර පමණි.මා හට කියා ගත නොහැකි නුහුරැ හැඟීමක් දැනුනි.වාහනයද අධික වෙගයෙන් ධාවනය වන බව දැණුනත් එය පාලනය කිරීමට හෝ මට හැඟීමක් නොමැති බව දැනේ.කොපමණ දුරක් එසේ ආවාදැයි මා නොදනිමි.

එක් වරම අනෙක් පස හුන් තැනත්තා අවධි වූ බව දැනුණු බැවින් මා එදෙස බැලුවෙමි.ඒ අවස්ථාවේ මා දුටු දසුන කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.මා අසල සිටියේ වාහනයට ගොඩ වූ පුද්ගලයා නොව සුදු පැහැති චායාවක් වැනි මිනිසෙකි.එලියට පැන්න දෑසත් මුහුණ පුරා තැවරී තිබූ ලේ පාරත් මා දුටුවේ අඩ අඳුරේමය.එය ඉතා බියකරැ ලෙස මා දෙසට යොමු වී තිබුනි.ඇතිවූ බියටම මාහට කෑ ගැසුන අතර බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය තවත් තදින් පෑගුනි.එක් වරම මා වෙතට පැන්න ඔහු වාහනයේ සුක්කානම අල්ලා පාරෙන් පිටතට කර කැව්වේ මා හට සිතන්නට හෝ කාලයක් නොතබමිනි.මා ඔහුගේ අතට වේගයෙන් පහර දී නැවතත් පාරට හැරවීමට උත්සාහ කලද එය සෙලවීමටවත් නොහැකි ලෙස තද වී පැවතුනි .මට දැනුනේ ලොකු අයිස් කැටයකට ගැසුවා මෙන් දැඩි බවක් හා තද ශීතලකි. අධික වේගයත් ඇතිවූ කලබලයත් නිසා මාගේ පාලනයෙන් මිදුනු වාහනය වේගයෙන් පාරෙන් පිටත පැන ලඳු කැලෑවද කඩා ගෙන වනන්තරය තුලට ඇදී ගිය ආකාරයත් විශාල පිපිරැම් හඬක් සමඟ මාගේ දෑසම අන්ධකාරයක් තුල ගිලීයන අයුරැත් යාන්තමින් මට දැනුනි.

මා ඇස් හැර බලන විට මා වටා බොහෝ පිරිසක් වට වී සිටින අයුරැත්,මා ඇඳක් මත තබා තිබෙන අයුරැත් මට දැනුනි.හිස එසවීමට හැදුවත් දැඩි වේදනාවක් දැනුණු අතර දෑත් දෙපා බැන්ඩේජ් කර තිබෙන අයුරැත් දුටුවෙමි.පිරිස දෙපසට කරමින් මා ලඟට ආවේ මා නාඳුනන මැදිවියේ පුද්ගයෙකි."දැං කොහොමද ඔයාට..මොකද උනේ..?ඔහු මගෙන් ඇසුවේය.ඉතා අපහසුතාවයක් දැනුනද පෙරදා සිදුවීම මගේ මතකයට ගලා ආවේ මෙවිටය.මා ඔහුට එය පැවසූ අතර එය අසා සිටි ඔහු මට මෙසේ පිලිතුරැ දෙන්නට විය."ඔයා බේරිලා තියෙන්නේ පෙර පිනකට.ඔයාව ඉස්පිරිතාලෙ ගෙනාවෙ මං.මගේ පැල් කොටේ තියෙන්නේ ඔයා හැපිලා තිබුනු හරියට ටිකක් එහා.මං ඔය කැලේ සත්තුන්ට තුවක්කු බඳිනවා.එදා රෑ මට ඇහුනා තුවක්කුව පත්තු උන සද්දේ.ඒත් රෑට ඒ හරියේ අලි ඉන්න හින්දා මං තුවක්කු පත්තු උනාට රෑට ඇවිල්ලා බලන්නේ නෑ.මං උදේ පාන්දරම ආවා තුවක්කුව බැන්ද තැනට.

එතකොට මං දැක්කා කැලේ කඩාගෙන මොකක් හරි ලොකු දෙයක් ඇදගෙන ගියා වගේ පාරක්.මං හිතුවේ අලියෙකුටවත් වෙඩි වැදිලද කියලා කොයි එකටත් ටිකක් හෝදිස්සියෙන් යන කොට තමා කැලේ ඇතුලේ ලයිට් එලියක් දැක්කේ.තව ටිකක් ලඟට යන කොට තමා දැක්කේ ලොකු ලොරියක් මගේ තුවක්කුව තිබ්බ තැනත් යට කරගෙන ගිහිං ඉස්සරහ තිබ්බ මාර ගහේ වැදිලා තියෙනවා.මං ලඟට ගිහින් බලනකොට තමා ඔයා ඒකෙ ඇතුලේ හිර වෙලා ඉන්නවා දැක්කේ.ඒ ගමන් මං ගෙදර දුවලා ගමේ එවුන් අඬගහගෙන ඇවිත් ඔයාව එලියට අරන් ඉස්පිරිතාලෙ ගෙනාවේ.එතකොට ඔයාට සිහිය තිබුන.එක එක විකාර කියලා කෑ ගහ ගහ හිටියේ ඔයා.අපි පොලිසියටත් කිව්වා.ඉට පස්සේ පොලිසියෙන් ඇවිත් ලොරිය අරන් ගියා.ඔයා එදා දැකලා තියෙන්නේ ඇත්ත මනුස්සයෙක් නෙමේ.ඒ හොල්මනක්.ඒ මනුස්සයා දැනට අවුරැදු 3කට විතර කලින් ඔය හරියෙදි ලොරියක හැපිලා එතනම මලා.මිනිහා කොලඹ යන්න බස් එකක් එනකල් ඉන්නකොට තමා ලොරියට යට වෙලා තියෙන්නේ.ඉතිං එදා ඉඳන් හැම අවුරැද්දකම මිනිහා මැරැණු දවසට කාට හරි ලොරි කාරයෙකුට එයා පේනවා.ගොඩක් අය බය වෙලා තියෙනවා.වාහනේ නැවත්තුවොත් එයා කොහොම හරි ඒ වාහනේ හප්පනවා.ගිය අවුරැද්දෙත් මේ වගේම ලොරි යක් හප්පලා ඒ මනුස්සයා දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉඳලා මැරැණා.එයත් මැරෙන්න කලින් පොලිසියට කට උත්තර දීලා කියලා තියෙන්නෙත් ඔයා කියපු කතාවම තමා."යි ඔහු කතාව අවසන් කලේය.නැවතත් මගේ දෙනෙත් අන්ධකාරයක් තුල ගිලී යනවා මට දැනුනි.

Source: Link