මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 June 2017

---අද්භූත ගැහැණිය---


කළුතර ප්‍රදේශයේ සීදූ වූ සත්‍ය සීදූවීමක් ඇසුරේන්,
මේ සිදූවීම වේලා 2010 වර්ෂයේ, කළුතර ප්‍රදේශයේ එකතරා ගමක

මේ ගම්මානයේ ඇතුළට වේන්න තීබිල තියෙනවා පොඩී මත්පැන් හලක්(බාර් එකක්), එක දවසක් මේ බාර් එකේන් මත්පැන් පානය කරලා යන පුද්ගලයේක්ට සුදු ඇදුමීන් සෑරසී සිටින ගැහැණියක් මුණ ගැහෙනවා, මේ බීමත් පුද්ගලයා දුටු සැනීන් ඒ සුදු ඇදගත් ඒ ගැහැණිය එක වරම බීම තීබූ ගල් වලින් මේ බීමත් පුද්ගලයාට පහර දී තිබෙනවා,දැඩී ලෙස තුවාළ ලැබූ මේ බීමත් පුද්ගලයා එතනම බීම ඇද වැටී තිබෙනවා, ඔහුට සිහිය එද්දී ඔහු ඉදලා තියෙන්නේ රොහලේ, ඔහු මේ සිදූ වූ සියල්ල ඔහුගේ බිරිදට පැවසුවද බිරිද ඒ කිසිවක් වීශ්වාස කර නැහැ, මන්ද ඔහු ඒ වේලාවේ බීමතීන් සිටි නීසා, පසුව මේ සිදුවීම මුළු ගමම දැනගත්තා, එහෙත් කිසිවේක් මේ සිදූවීම විශ්වාස කරේ නැහැ, කාළය ගෙවීලා ගියා

මේ ගමේ හිටපූ තවත් පුද්ගලයේක් ඒ බාර් එකේන් මත්පැන් පානය කරලා ඔහුගේ නිවසට යන අතරමග අර සුදු ඇදගත් ගැහැණිය මුණ ගැසී තිබෙනවා, මේම බීමත් පුද්ගලයාද දුටු සැනීන් එම ගැහැණිය බීම තිබූ ගල් වලින් ඔහුට පහර දී තිබෙනවා, එම ගල් ප්‍රහාර වලීන් බේරීම සදහා මේ බීමත් පුද්ගලයා හිස හැරුණු අතේ දිව ගොස් එම ගැහැණියගෙන් බේරී තිබෙනවා, මේ බීමත් පුද්ගලයා එම ගැහැණියගේ හැඩරුව මියගීය කාන්තීට සමාන බව ගම්මුන්ට පවසා තිබෙනවා, මේ අද්භූත කාන්තාව මුණ ගැසෙන්නේ බීමත් පුද්ගලයීන්ට පමණක් බව මේ ගම්මුන් කතාබහ කලා


මේ අද්භූත ගැහැණිය තවත් පුද්ගලයීන් කිහිප දෙනෙක් මුණ ගැසී තිබෙනවා, ඒ පුද්ගලයීන්ටද මේම ගැහැණිය ගල් වලින් පහරදී තිබෙනවා, මේ සිදුවීම් නීසා අර මත්පැන් හලට යාමට ගම්මුන් බිය වුණා, මේ මත්පැන් හලේ හිමිකරු පොලීසියට පැමිණිළි කර තිබුණා මේ ගැහැණිය පිළිබදව,
පොලීස් පරීක්ෂණ වලටද මේය මිනිස් ක්‍රීයාකාරකමක් කීමට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ,අවසානයේදී මේ මත්පැන් හල වසා දැමුවා

ගම්මුන් පැවසූ පරිදී ඒම අද්භූත ගැහැණිය අකාලයේ මිය ගිය කාන්තී බවය,කාන්තීගේ සැමීය දැඩී ලෙස මත්පැන් පානය කරන්නට පුරුදු වූ අයෙකී, බීමතීන් පැමිණෙන ඔහු කාන්තීට සහ දරුවන්ට පහර දී තිබේනවා,මේ කරදර තවත් ඉවසා ගැනීමට නොහැකී වූ කාන්තී බීමතින් පැමිණි සැමීයාට පොරෝ පහරක් එල්ල කර, දරු දෙදෙනාවද ළිදට දමා ඇයද සියදිවි නසාගෙන තිබෙනවා,ගම්මුන් පවසන පරිදි මේ සිදු ඇදගත් ගැහැණිය මීයගිය කාන්තී බවය

Source: Link

---කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Part 02)---


ගොඩක් අය අහල තියනවා මොන වගේ දර්පන වලටද මේවා වෙන්නේ කියලා හැම කන්නාඩියක් ම මෙහෙම නැහැ මොකද නිකන් හේතුවක් නැතුව කිසිම දෙයක් වෙන්නේ නැහැනේ අමනුෂ්‍ය ආත්මයක් බිහිවෙන්නෙත් යම්කිසි හේතුවක් නිසා ඉතින් ඒ වගේ තමයි කඩපතකට උනත් අමනුෂ්‍ය ආත්මයක් උරාගන්නේ යම්කිසි හේතුවක් උඩ ඉතින් එක නිසා නිකරුනේ බය වෙන්න අවශ්‍ය නැහැ අපි ඒ වගේ ඒවාට තමයි කියන්නේ hunted mirror ( දඩයම් කැඩපත ) කියල .ඒ වගේම කෙනෙක් ඇහුවා කන්නාඩි වලට හොල්මන් පෙන්නේ නැහැ නේද කියලා මෙහෙමයි එක එක ජනප්‍රවාද තියනවා මේ ලෝකේ ඉතින් එක නිසා අපි බුද්දිමත් වෙලා බලන්න ඕනි
හරි දැන් අපි බලමු කැඩපත අශ්‍රිතව පුද්ගලයින් මුහුණ දුන්නු සිදුවීම් වල කරුණු කීපයක්

# මනුෂ්‍ය සෙවනැලි ( Shadow People )
දඩයම් වූ කැඩපත් ( hunted mirror ) අශ්‍රිතව නිතරම පන නගින චෝදනාවක් වන්නේ එම කැඩපත දෙසින් තමන්ට අමතරව තවත් අයෙකුගේ සෙවනැල්ලක් වැනි යමක් දිස්වීමයි . ඒ වගේම තමයි ගොඩක් අය පවසා තිබෙනවා මෙම අවස්ථාවන් වලදී දැඩි ශීතලක් . යම්කිසි ශබ්ධ වැනි දේවල් ඇසුණු දැනුනු බව . ඒ වගේම මේ සෙවනැල්ල විවිද රූප මැවුණු බවත් ප්‍රකාශ කරලා තියනවා .

# මීදුමක් ( mist )
තවත් දෙයක් තමයි සමහර අය අත්විදලා තියනවා මීදුමක් වැනි යමක් කැඩපතෙන් දුටු බව .එය සමහරවිට මනුෂ්‍ය රුපයක්ද තවත් විටක කැඩපතෙන් බලන විට තමන්ගේ කාමරය ආශ්‍රිත වටපිටාව මීදුමක් සහිත වටපිටාවක් දුටු බවට වාර්තා වනවා .ඒ වගේම එම අවස්ථාවේදී ඔවුන්ට තරහ දුක වගේ රිනාත්මක හැගීම් ඇතිවූ බව පවසනවා . එසේම මේ අවස්ථාවදී රත් පැහැති ඇස් . ශබ්ද . සහ බාහිර බලපෑම්ද ඇතිවී තිබෙනවා

# මුහුණු ( faces )
ඒ වගේම hunted mirror අශ්‍රිතව මුහුණු දැකීම ඉතාම බහුල වශයෙන් වාර්තා වී ඇත . පුද්ගල මුහුණු සහ අමනුෂ්‍ය මුහුණුද සමහරක් අවස්ථාවල දුටු බාව කියවෙනවා
දර්පණ සමග සම්බන්ධ වී ඇති මෙම අද්විතීය ක්රියාකාරිත්වය නිසා, ඒවාට ද්විතියිකයන් ලෙස ප්රසිද්ධ වීමට ලැබීම පුදුමයක් නොවේ. එහෙත් හරියටම ද්වාරය යනු කුමක්ද? ( portal ) දොර නැත්තම් පිවිසුම


Spirit Portals ( ආත්ම පිවිසුම )
ආත්මික ද්වාර සංකල්පය අලුත් දෙයක් නොවෙයි එය සැහෙන කාලයක් තිස්සේ ආපු දෙයක් එය ආත්මික බලාශක්ති සහ අනෙකුත් මාන ඇතුල් වීමේ සහ පිටවීමේ ද්වාර වේ . සමහර ජයාරූප මගින්ද මේවා ජයරුපයට ගෙන ඇත එය වඩාත් මුලික මට්ටමේදී සාමාන්යයෙන් ඒවා කුනාටු සුළඟක් හෝ දිගටි සහිත, හුරුබුහුටි හැඩයක් ලෙස පෙනේ. පහත සදහන් වන්නේ ඒවායේ ලක්ෂණ කිහිපයකි

# ආධ්යාත්මික මට්ටම් / මානයන් වටා බලශක්ති ක්ෂේත්රවල කවුළුවක් කුහරයක්, ලෙස සැලකේ. මෙය විවුර්ත කිරීමට යම්කිසි මට්ටමක් මානයක් අවශ්‍ය වේ උදාහරණයක් වශයෙන් අධ්‍යාත්මික දියුණුව මගින් ද විවුර්ත කල හැක

# සෘණ ආත්ම නිතරම මෙම ද්වාර හරහා පැමිණේ භෞතික තලයට ආසන්නව ඇති තාරකාකාර තට්ටුව පහළ තාරකා ජීවීන් හා ශක්තියෙන් පිරී ඇති නිසා මෙය සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ ( මෙය වඩාත් පැහැදිලි කිරීමට පසුව මා වෙන පොස්ට් එකක් දාන්නම් )

# භෞතික මට්ටමට ඇතුළුවීම හා පිටවීම යන දෙකම සඳහා ද්විමය මාර්ග දෙකක් ලෙස බොහෝමයක් විශ්වාස කෙරේ

# මෙම ද්වාර ආසන්නයේ ඉතම ඉහල paranormal ක්‍රියාකාරිත්වය පවතී

# ලොවපුර මෙවැනි ද්වාර සොයාගෙන ඇති අතර ඒවා උණුසුම් ස්ථාන යනුවෙන් හදුන්වයි ( hot spot ) ඒ වගේම බොහෝ දෙනා සිතන්නේ අමනුෂ්‍යන්ට හා අද්යත්මිකව දියුණුවූ මනුෂයන්ට පමණක් මෙම දිවාර විවුර්ත කිරීමට හැකි බවය නමුත් සත්‍ය එය නොවේ පිටසක්වල ජීවින් පවා මෙම මානයන් භාවිතා කරන බවට සැකයක් පවතී

# ඒ වගේම තමයි දර්පන කිව්වම හැම දර්පනයක්ම මෙසේ වන්නේ නැති බව සිහි තබා ගන්න
(Moon and flame dance in glassy tomb, The mirror’s eye in candle gloom, Shadows stir and seek release, gain ghostly entrance to the room.) කරුණාකර ඔබම සිංහල වලට පරිවර්තනය කරගන්න
කිසියම් පරාග්චික සංසිද්ධියක් සේම අවිනිශ්චිත හෝ ස්වාභාවික සංසිද්ධීන් කුමන අවස්ථාවන්හිදී අද්භූත දේවල් සඳහා යෙදුනිදැයි දැන ගැනීමට අපහසුය. එහෙත් එක් දෙයක් නිශ්චිතවම, දර්පණ අඛණ්ඩව අධ්යාත්මික සංසිද්ධීන්හි කොටසක් බවට පත් කරනු ඇත.

ඔබ දර්පනය පසු කරන ඊලග වතාවේ හොදින් බලන්න මන්දයත් කවුරුන් හෝ ඔබ දෙස බලා නොසිටිවී යැයි කවුද නොදන්නේ , සමහරවිට්ට එය ඔබම විය හැකි .

-Fox Molder-


Source: Link


---කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Part 01)---


හායි යාලුවනේ අදත් මන් දෙයක් අරන් ආවා අද අරන් ආපු දේ ටිකක් නෙමෙයි ගොඩක් අමුතුයි එකට හේතුව තමයි අද අපි කතාකරන්නේ කැඩපත ගැන

අපි අපේ ලස්සන එතකොට අපේ ඇදුම් වල තියන හැඩ එහෙම බලන්නේ කැඩපතෙන් , ඒ වගේම සමහරු දුක සතුට කියන්නත් මේ කැඩපත උපයෝගී කරගන්නවා . ඉතින් ඔයාල හිතුවද නිකමටවත් කැඩපත කියන්නේ අම්නුශය ලෝකයට තියන දොරක් කියලා . ඔව් එක ඇත්ත මොකද අද වන විට කැඩපත සම්බන්ධ කරගෙන උණු අත්භූත සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියනවා ඉතින් අද මන් ඔයාලට ගේන කරුණු ප්‍රසිද්ධ භූත ගවේශකයින් විසින් අනාවරනය කරගත්ත සහ අත්වින්දා වූ අත්දැකීම් සහ දැනුමයි .

දර්පන හෙවත් කැඩපත බොහෝ මානයන් සමග ද්විපාර්ශවික වශයෙන් ද දැකිය හැකි අතර මෙය නොදැනුවත්වම හමුවීමේ අමතර අවදානමක් ඇත. දර්පණ ගැන සඳහන් දේවල් සහ නොකළයුතු දේවල් කිහිපයක් මෙහි දැක්වේ:

# දර්පන වලට ආත්ම උරා ගැනීමේ හැකියාවක් ඇත .එමනිසා රෝගාතුර වූ හෝ මරණාසන්න පුද්ගලයෙකුගේ කාමරයෙන් කැඩපතක් ඇත්නම් එය ඉවත් කල යුතුය

# රාත්‍රී කාලයේදී ඉටිපන්දම් එළියෙන් කැඩපත දිහා නොබලන්න . මන්ද අමනුෂයන් හෝ අත්භූත දර්ශන දිස්විය හැක


# එක් පුද්ගලයෙකු කාමරයක මිය ගිය විට දර්පණ බිත්තිවලට වසා දැමීමට හෝ බිත්තියට මුහුණ පෑම. එසේ කිරීමට නොහැකි වීම නිසා මියගිය පුද්ගලයාගේ ආත්මය අහිමි වනු ඇත -

# ඔබේ කාමරයේ නිදාසිටින විට ඔබගේ කැඩපත ආවරණය කරන්න එවිට ඔබට නින්දේදී සිදුවන අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීමට හැකිය එසේම
කැඩපතක් ඉදිරියෙන් නිදාගැනීම ඔබේ ඇද තැබීම සිදු නොකරන්න

# ඔබේ කාමරයේ ඇති කැඩපත දීර්ග කාලයක් එකම ස්ථානයක නොරදවන්න විවිද තැන් වලට මාරු කරන්න එවිට පොර්ටල් නැතහොත් (portal) දොරක් විවුර්ථ වීමේ සම්භාවිතාවක් නැතිවේ .( නපුරු ආත්මයන් ඇතුල් වීමේ මාර්ග )

විශේෂයෙන් සැලකිය යුතුයි ඔයාලගේ ගෙවල් වල තියන හැම කැඩපතක් ම මෙහෙම වෙනවා කියලා හිතන්න එපා මොකද මේ වගේ එකක් දැන්මම සමහරු තමන්ගේ කැඩපත ගැනත් මෙහෙම හිතල එක එක ප්‍රශ්න එයි . මේවගේ දර්පන වලට අපි Haunted Mirrors ( දඩයම් වූ දර්පන ) කියල කියනවා
ඒවා හැම ගෙදරකම නැහැ මොකද දර්පනයකට ආත්මයක් යන්නේ එම දර්පනය ඉදිරිපිට හෝ යම් අත්භූත දෙයක් සිදු වූ නිවසක වෙන්න පුළුවන්

 මේ ගැන මන් ගොඩක් විස්තර කියන්නේ නැත්තේ මේ සමුහයේ ගැහැණු ළමුන් බොහෝ දෙනෙක් ඉන්න නිසා මොකද ගැහැණු ළමුන් තමයි දර්පන සමග වැඩි කාලයක් ගතකරන්නේ . මොකද යම් කෙනෙක් හෝ මෙය කියවීමෙන් බිය වනවාට මන් කැමති නැහැ .හේතුව මේ වගේ දේවල් වලින් කොහෙත්ම කෙනෙක් බය වනවාට මන් කැමති නැහැ හේතුව තමයි "ඔබත් සමග සෙල්ලම් කිරීමට මා හට බොහෝ දේ ඇතත් මෙවැනි දේවල් වල සෙල්ලම නොමැති නිසා "


-Fox Molder-

Source: Link


---හොල්මන් පාසල---


අපෙ අක්ක තමයි මට කතාව කිව්වෙ හැබැයි මන් මේ story එක ලිව්වට අක්කගෙ කතා විශ්වාස කරන්නෙ නම් නෑ මොකද අපෙ අක්ක කත ඇරියොත් ඇද බාන්නෙම ටොම් පච😂😂😂.අපි කතාවට එමුකො👇👇

ඒක කොන්වන්ට් gilrs school එකක්. මේකෙ හිටිය පොඩ්ඩක් ඳඟ වැඩ කරන ගෑනු ලමයි තුන්දෙනෙක්. තුන්දෙනා එකටමයි ඉන්නෙ. තුන්දෙනාගෙ නම් තමයි ‍රශ්මි,ජනනි,හශිනි.
ඔන්න ඉතින් කට්ටිය එක එක project බාර දෙනවනෙ ස්කෝල වලින් කරන්න කියල ඉතින් මේ තුන්දෙනා බාර ගත්තලු බාගෙට කැඩිච්ච notice board එක හදන්න ඉතින් තුන්දෙනා ඕක සුද්ද කරනකොට දැක්කලු නමක් කොටල තියනවා ඒ බෝඩ් එකේ ඒ නමෙනුත් ඉතුරු නවෝ කියල විතරලු අනිත් ටික එච්චර පැහැදිලි නැති නිසා අනික කලින් බැජ් එකක් ඕක හදන්න ඇත්තෙ කියල මෙයා හිතල හොඳට තීන්ත ගාල ආයිත් එල්ලුවලු. ඔක්කොම වැඩ ඉවර වෙලා මෙයාල නිදා ගන්න ගිහින් ඊලඟ දවසෙ මෙන්න ආයිත් බෝඩ් එක බාගෙට කැඩිලලු අර කලින් තිබ්බ විදිහටම පරණ වෙලා තියනවලු දැන් මේ තුන්දෙනාට හිතා ගන්න බැහැලු ඕන දෙයක් වෙච්චදෙන් කියල මෙයාල ආයිත් ඔන්න ඕක හදල ඔන්න ඊලඝ දවසෙ ඇවිල්ල බලනකොටත් ඒ වගේම පරණයිලු.දැන් ඉතින් මෙයාලට මේක හෙන ප්‍රශ්නයක්ලු රශ්මි අනිත් අයට මට මේ ගැන සැකයි කියල මෙයා අනිත් දෙන්නට යෝජනා කරල කාසියෙ බූතයා සෙල්ලම කරන්න මුලින් අකමැති උනත් පස්සෙ කැමති වෙලා. දැන් ඔන්න කට්ටිය රෑට කෑම එහෙම කාල ඉවර වෙලා වැඩේ පටන් අරන්. රශ්මි තමා කරන්න ඕන දේවල් ටික දන්නේ ඉතින් අනිත් දෙන්නට කිව්වලු මන් කියනකන් අත් අතාරින්න එපා කියලා. දැන් ඉතින් රශ්මි බෝඩ් එකේ A-Z ලිව්වලු ඒ බෝඩ් එකේ ආයි yes කියන වචනෙ එක පැත්තක ලියල අනිත් පැත්තෙ no කියල ලිව්වලු.තව මොනා ලිව්වද දන්නෑ මට කිව්වෙ ඔය ටික.




ඔන්න ඉතින් තුන් දෙනා සෙට් වෙලා බෝඩ් එක වටේ ඉඳ ගෙන කාසිය yes and no එක මැද්දෙන් තියල මේ අවට ඉන්න කෙනෙක් දැන් එන්න කියල. ඉන්නව ඉන්නව කිසිම ප්‍රතිචාරයක් නෑලු ආයිත් කිව්වලු කෝමෙන් හරි පැය බාගයක් විතර ඔය විදිහට ඉඳන් ඉඳලා දැන් ඉතින් තුන් දෙනාටම එපා වෙලා ඔන්න එතකොටම කාසිය හෙල වෙන්න අරන් රශ්මිට වැඩේ තේරිලා ඔන්න ඉතින් රශ්මි ඇහුවලු මෙතනට දැන් කවුරු හරි හොල්මනක් ආවද කියලා එතකොට කාසිය හිමින් හිමින් yes කියන එකට ගියාලු දැන් ඉතින් කට්ටිය පුල් ස්ප්‍රායිස් වෙලා ඉන්නෙ. රශ්මි ඉතින් බය නැතුව ආයිත් ඇහුවලු ඔය ඉන්නෙ පිරිමි කෙනෙක්ද කියල ඊට පස්සෙ ඔන්න කාසිය හිමීට no කියන තැනට ගියාලු දැන් කට්ටිය දන්නවා මෙයා ගැහැනු කෙනෙක් කියලා. රශ්මි ඇහුවලු ඔයාගෙ නම මොකක්ද කියල ඊට පස්සෙ පිලිවෙලට n a w o d h y a කියන අකුරු වලට ගිහින් නැවතුනාලු ඒ එක්කම ජනනිට කෑ ගැහුනලු අර බෝඩ් එකෙත් තිබ්බෙ මේ නමේ මුල් අකුරු ටික නේද කියලා හශිනි සද්ද නැහැලු එක පාරටම බය වෙලා මටනම් බෑ මේ විකාරෙ කරන්න කියල හශිනි ගියාලු දුවගෙන එයාගෙ ඇඳට ඔන්න ඉතින් අනිත් දෙන්නත් අරයගෙ පස්සෙන් දිව්වලු බෝඩ් එක පැත්තකින් තියල ඔන්න දැන් තුන්දෙනාගෙ ඇඳවල් තියෙන්නෙත් එක ලඟ නිසා පාන්දර වෙනකන් මේ වෙච්ච සිද්දිය ගැන කතා කර කර ඉන්නවලු ජනනි කිව්වලු මන් හෙටම මේ වෙච්ච දේවල් සිස්ටර්ට කියනව කියල රශ්මි ඔය අතරෙ බාත් රූම් යන්න උවමනාවක් වෙලා හශින්ගෙනුයි ජනනිගෙනුයි ඇහුවලු ගිහින් එමුද කියල හශිනි බය වෙලා හිටපු නිසා එයාට බැහැ කියල අනිත් දෙන්න ගිහින් කෝම හරි මේ දෙන්න 

තමන්ගෙ වැඩේ ඉවර කරල wash room එකෙන් එලියට එනකොට කවුද මන්දා ගෑනු ලමයෙක් ලේස් එක ගැට ගහ ගහ අඬනවලු ඉතින් ජනනි අහල ඇයි නන්ගි අඬන්නෙ මොකද උනේ කියල ප්‍රතිචාරයක් නෑලු ඉතින් දෙන්න ගිහින උරහිසින් අල්ලපු ගමන් ඒ කෙනා මෙයාල දිහා බලලා ඇස් දෙක එහෙම් පිටින්ම පේන්න නෑලු මෙයාල කෑ ගහගෙන සිහිනැතිව වැටිලා ඊට පස්සෙ ඒකෙ හිටපු කට්ටිය ඇවිත් මේ දෙන්නට සිහිය අරගෙන මොකද උනේ කියල අහලා ඉතින් මුලු කතාවම කියල පස්සෙ ඔය එක එක දේවල් කරල ඒ උනාට තාම හොල්මන් තාම තියන සීන් එකක් තියනවා

Source: Link




29 June 2017

---ලන්තෑරුමක් ගත් ලදැරිය---


උදෑසන පතිත් වූ මීදුම් පටල තවමත් කදු ශිඛරයන් වසා ගෙන ඇත.කුරුවට වැඩුනු ගනකම් පත්‍ර සහිතතුරු වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි .එක් පසකින් පෙනුන ඉමක් නොපෙනෙන මහා බෑවුම කි.මීදුමේ න් වැසුණු පතුල නොපෙනෙන මෙය ලෝකාන්තය සිහි කරෛ.අනෙක් පසින් එකා පරයා එකා නැගෙන කදු පතාකයන් ය."හපුතලේ නගරය ට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු."ඒ පාර අසල වූ පුවරුවකි.
මා ඔරලෝසුව දෙස බැලුවෙමි .දෙක පසුවී විනඩි දහයක් ගත වී ඇත.සිතුවා ට වඩා ප්‍රමද වී ඇත.පිටත වැටෙමින් තිබූ පොද වැස්ස නිසා වන්ගු සහිත මාර්ගයෙ වාහන ගමන් කලේ සීරාවටයි.මෙතෙක් වේලා සිහිල් සුලන් පහස ලබා දුන් පැති ජනේලය වසා දැම්මේ සීතල හිරිකඩ ඇග කිලි පොලා ගිය බැවිනි."අනතුරු දායක වන්ගුව ඉදිරියෙන් "මෝටට් රතයේ වේගය තව දුරත් අවම කලෙමි.ජන්ගම දුරකතනයෙ බැටරි බැස තිබීම ගැන මා හට සිතින් බැන වැදුනේ මාගේ නොසැලකිලිමත් කමටයි.

ප්‍රදාන පාරෙන් අතුරු මාර්ග යකට හැරවූ මා ඩැන් ධවනය කරනේ තරමක් පටු පාරක් ඔස්සෙය.මාර්ග ය දෙපස සරුවට වැඩුනු තේ යායන්‍ ය.තේ දලු නෙලන්නියන් කූඩ පිටේ බැදගෙන පල්ලම් බහින්නේ තම දෛනික රාජකාරි ය ඉටුකර උද්දාමයකිනි.ඇග වටා ඔතා ගත් රත් පැහැ සාරි ඔවුන්ගේ කාල වර්න ශරීරයට එක් කලේ අමුතු අලන්කාරයකි.මින් පසු මාර්ගය තරමක් පටු හා අදුරු වූයේ දෙපස පිහිටි මහ විශාල පයිනස් ගස් යායන් නිසාය.දවසේ වේලාවට වඩා පැය කීපයක් ඉදිරියෙන් මෙහි වේලාව ගය්ත වන්නා සේ අදුරු ය.ඊටත් වඩා පාලුය.එය මහා ගුප්ත රහස් සගවා ගෙන බලා සිටින්නා සේ නිශ්චල ය.මාර්ගයට ඉහලින් වැටෙන දිය ඇල්ලේ හඩ දැන් හොදින් ඇසේ.කුඩා කල පැමිනියාට පසුව මා මේ පැමිනියේ වසර ගනනාවකට පසුය.එකල මේ ඇල්ලේ දිය නෑම අපට තහනම් කර තිබුනේ කිහිප දෙනෙකු දියේ ගිලී මියයාම හේතුවෙනි.දිය කැරැල්ල ලෙස හැදින්වුණු මෙය පසුව මරු කැරැල්ල වූයේ ජීවිත කීපයක් බිලි ගත් පසුව යි.ඈතින් පෙනුන දිය ඇල්ල දෙස බලමින් ගමන් ගත් මා හදිසියේ තිරිංග තද කලේ පාර හරහා පැන්න යමක් නෙත ගැටුන නිසාවෙනි.මෝටර් රථය මද දුරක් ලිස්සා ගොස් නතර වූයේ මා ගේ මුලු ඇගම සීතල කරමිනි.දුබුරු පැහැ නරියකු පයිනස් ගස් අතරි නොපනී යනු දුටු මාගේ හද ගැස්ම අඩු විය.ඩිය ඇල්ලේ ජලය බොර පැහැයෙන් කඩා හැලේ.ගල් පර අතරින් වැටෙන ජල කදේ ශබ්දය අවට කදුවලින් පරාවර්තනය වී ඇසෙන්නේ දිය රකුසා බිලිගත් ආත්මයන්ගේ වැලපීමක් ලෙසිනි.මේ අවට පරිසරයේ ඒ ආත්මයන් සැරිසරනවාද?මොහොතකට මා සිතුවිලි සයුරේ ගිලුනෙමි.මද අදුර දැන් පරිසරය අතික්‍රමණය කරයි.මා තවමත් තිරින්ග පාගා ගත් ගමන්‍ ය.රිය පන ගැන්වූ මා ඉදිරිපයට ඇදුනෙමි.
මා ඉදිරියේ දිස් වන්නේ දිය ඇල්ල හරහා වැටුන යකඩ පාලමයි.පාලම මත වසා සිටි කලු පොල්කිච්චකු ඉගිලී ගියේ පාලමේ යකඩ තහඩු එකට ඇතිල්ලීමෙන් නැගුන කිරි කිරි හඩ නිසාවෙනි.තනි පොල්කිච්චකු ඩැකීම අසුබ සලකුනක් යැයි මා අසා ඇත්තෙමි.මෙතෙක් මා හැරුනු කොට මාගේ තනියට සිටියේ අදුරේ නැගී සිට මා දෙස බලා සිටි දැවැන්ත පයිනස් ගස් සමූහය හා ඉන් පිලිබිඹු වූ ගුප්ත බවත් පමනි.මදකට මාගේ නෙත් දිය ඇල්ල දෙසට යොමු විය.උසින් අඩි 10ක් පමන් වූ ගල් පර්වතයක් මතින් කඩා හැලුන ජල කද බුබුලු නන්වමින් ගලා බසී.කෙතරම් චමත්කාර වුවද ඒ තුල සැගවුනු බයන්කාරත්වය ද්න්නේ ඊට බිලි වූ ආත්මයන් පමනකි.මා ගේ සිතුවිලි බිද දැමුවේ දිය ඇල්ලේ ගල් කුලු අතරින් සැනකින් නොපෙනී ගිය ජායවකි.කුදු ගන්වුන මහලු මිනිසකු වැනි එය මාගේ මනෝ රෑපයක්ද?නැත්නම් සැරිසරන ඈත්මයක්ද?.චන්චල සිතින් මා රිය ඉදිරියට පැදවූ යෙමි.

ඉදිරියෙන් පාරෙන් මදක් ඔබ්බෙහි පිහිටි ගරා වැටුන ගොඩනැගිල්ල ක් දිස් වේ.වහලයේ ඉහල වූ ගෝපුර කැටයම් නිසා එය කෝවිලක් බැව් මා අනුමාන කලෙමි.මේ මූසල පරිසරයෙන් විඩාවට පත් වූ මට මෙය අස්වැසිල්ලකි .කෝවිල ලන්වත්ම එය ගරා වැටෙමින් තිබූ බැව් තැනින් තන කටුමැටි පෑදුනු සිමෙන්ති බදාම ගැලවී ගිය බිත්තිවලි.මම මෝටර් රතයෙන් බැස කෝවිල දෙසට පිය මැන්නෙමි.අවට සීතල සුලග ගත විනිවිද යන සුලුය.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.කෝවිල තුලින් පිටතට ගලා ආවේ සුහු පැහැති දුමාරයකි.එය මා වෙලා ගන්නට ගත වූයේ මොහොත්කි.එය කට්ටකුමන්ජල් දැල්වීමෙන් හට ගන්නා සුවදකි.කෝවිල තුල මලානික ආලෝකයක් විහිදුවන පහනක් දල්වෙමින් පවතී.ඒ හැරුන විට එය එකම අදුරු ගුහාවකි.මා වටපිට බැලුවේ කවෘන්හෝ සිටීදැයි කියාය.පේනමානයක මිනිස් පුලුටක් වත් නැත.පරිසරය නිශ්ශබ්ද හවයේ ගිලී ගියේ මා හද ගැස්ම මටම ඇසෙන තරම් වන්නටය.මා කෝවිලේ ද්වාරය තුලින් ඇතුලු වත්ම මා එලියට විසිවී ගියේ කෝවිලේ එල්ලා තිබූ ගාන්ටාරයක් මහ හඩ දී නාද වූ නිසාවෙනි.ඒ සමගම මා මුහුනේ හැපී නොහැපී ගියේ විශාල කලු වවුලෙකි.තිගැස්සුනු මා නත්‍ර වූයේ මෝටර් රතය අස්ලය.
"මාතියා බය උනාඩ?" ඒ හඩ මාගේ පසුපසිනි.මා හැරී බැලුවෙමි.උඩුබ්කය නිරුවත් මහලු මිනිසකු ජල බදුනක් අතතිව බලා සිටී.

"මාතියා මන් මේකේ පූසාරි තමා.ව්තුර ගේන්න ඇල්ලට තම ගියා."
එසේ නම් මා දිය ඇල්ල ලග දුටුවේ මොහුය.එය අස්වැසිල්ලකි .
"මාතියා කොඉබ තමා යනවා"ඔහු අසෛ.මා ටවම නිහඩය.
"ඇලකන්ද බන්ගලාවට"මා පිලිතුරු දුනෙමි.
ඇලකන්ද බන්ගලාවට ඔහු විමසුවේ ඇස් ලොකු කරගනිමිනි.
"ඇයි පූසරී?"මා විමසීමි.

"නෑ මාතියා මුකුත් නෑ දෙයියෝ වැදලා යමු. ආරක්ශවට හොදයිනේ.
මා ඔහු පසුපස ගියෙමි.පූසාරි මාවෙත අලු බදුනක් රැගෙන විත් තිලකයක් තබා කහ පැහැති නූලක් බැද ඈශිර්වාද කලේය.මේක මාතියාව අරක්ශා කරයි.
හෙතෙම කුදු ගැන්වී කෝවිල තුලට යනු ඉදිරියට දාවනය වූ මොටෝ රියේ පැති කන්නඩිය තුලි මා දිටුවෙමි.

"ඇලකන්ද බන්ගලාව"මනින් වූ පුවරුව අසලින් කන්ද දෙසට මොටො රිය හැරවූ මා ඉදිරියට දාවනය කලෙමි.




දැන්මා ගමන් කර න්නේ ප්‍යිනස් ගස් අතරින් වැටුන පටු පාරක් දිගේය.මීදුම් පතිත වෙමින් පවතින පිනස් ගස් යාය සිතට ගුප්ත හැගීමක් එක් කරයි.මා ඉදිරියෙන් පෙනෙනේ අලකන්ද බන්ගලාවේ චිමිනියේ ඉහ්ල කොට්සයි.කෙමෙන් කෙමෙන් මාර්ගය පහල බැස්මක් ඇතිව ගමන් කරයි.බන්ගලාවේ වහලය හා ඉහල මාලයේ කොටසක් දිස්වේ.එය කාලයකින් පිරියම් කර නැත.කලු පැහැති ගඩොලින් බැදි බිත්තී ඒ ලෙසම පවතී.එය මාකුඩා කල දුටුවාට වඩා වැඩි වෙනසක් නැත.දැන් මා පිවිසෙන්නේ ඇලකන්ද බන්ගලාව පිහිටි උද්‍යානයටයි.නෙක වර්න වලින් යුතු රෝස කානේශන් මල්සීතල ධෙශගුනඅය නිසා සරුවට වැඩී ඇත.උද්‍යානය මනාව පිරියම්බ්කල තණ් පිට්ටනියකි.ඒ මැද බන්ගලාව පිහිටා ඇත.පැරනි පෘතුගීසි පන්නයට නිමවූ ආරුක්කු සහිත ජනෙල් වලින් හා විශාල කනු සහිත ඉස්තෝප්පුවකින් හා බැල්කනියක් සහිත පෝටිකෝවකින් නිමවූ බන්ගලාව සිත් ගනී.
මිදුලේ වාහනය නැවැත්වූ මාගේ සිත ඇදී ගියේ මිදුලේ එක් කෙලවරක වූ යකඩ ඔන්චිල්ලාවක් වෙතය.එය ඒ මේ අත පැද්දෙමින් තිබුනේ හැමූ සීතල සුලග නිසා විය යුතුය.මෙය දුටු මාගේ සිතේ කිසියම් මතකයක් හොල්මන් කරයි.නමුත් ඒ කුමක් දැයි මා හට නොවැටහේ.
"පුන්චි මහත්තය දැන්ද ආවේ? කල්පනාවේ නිමග්න වූ මාගේ සිත ගැස්සීගියේ පිටුපසින් ඇසුන හඩිනි.පිටුපස බැලූ මා දුටුවේ ඔහුය.ඒ අප්පු මාමාය.වියඔඅත්ව සිටියද ඔහුගේ මුහුන එදා ලෙසම පෙනුනි.


"ඔව් දැන් ආවේ"
"හොදා යමු ඇතුලට"

මා ඔහු පසුපස ගාමන් කලෙමි.පලල් ඉස්තෝප්පුව රතු පැහැයෙන් දිලිසෙන තරම් ඔප දමා ඇත.එහි තැන තැන ඉපැරනි හාන්සි පුටු තබා ඇත.බිත්තියේ එල්ලා තිබුනේ පැරනි ආණ්ඩුකාර වරුන්ගේ හා ආර්‍යාවන්ගේ ජාජා රෑඔඅ සමූහයකි.ඉන් එකක් දෙස මාගේ නෙත් යොමු විය.ඒ බටහිර පන්නයට ඇදි කාන්තා රුවකි.එහි මුහුනින් පිලිබිඹු වූයේ අප්‍රසාදජනක සිනාවකි.මුහුනට නොගැලපෙන විශාල ඇස් ද්වේශයන් බලා සිටී.

"මොන එහෙකට මේව එල්ලන් ඉනවද මන්දා? මා කීවෙමි.
"ඕව මහත්තය බන්ගලාව ගනිද්දී තිබ්බ ඒව නෙව" ඒ අප්පුය.
මා පිවිසියේ විශාල විසිත්ත කාමරයකටය.එහි එක් කෙලවරක කරුවල ලීයෙන් තැනූ පඩිපෙළ කි.අනෙක් පස නිදන කාමර කරා දිවෙන කොරිඩෝව්කි.
විසිත්ත කාමරය පුරා නවීන හා පැරනි ගෘහභාණ්ඩ රාශියකි.ඒ අතර තැබූ පිත්තල මල් බදුන් හා පෙට්ටගම් මත තැබූ ගෙඩි ලාම්පූ මා ගේ සිත් ගනී.
බිත්තිවල එල්ලූ සමහරක් සිතුවම් කිසිඅරිතක් නැති බහුබූත සේ දිස් වුනි
අසල වූ සෝෆාවක් මතට බර වුනෙමි.

බාප්පා මේ බන්ගලාව මිලදී ගත්තේ වසර 20කට පමන පෙරදීය.එකල මාගේ පියා හපුතලේ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කලෙන් මාද හැදී වැඩුනේ මෙහිය.පසුව අප සියලු දෙනා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පසූ ලන්කාවට පැමිනියේ මෑතකදීය.ඉන්පසු මා මෙහි පැමිනි පලමු අවස්තාව මෙයයි.

"කෝ අප්පු බාප්පා"

"ආ මහත්‍තයට කියන්න බැරිඋනානේ ලොකු නෝනට අසනීපයි කියලා නුවර ගියා.මහත්තයගේ ටැලිපෝන් එක වෙඩ කරනේනෑ කියනවා මන් අහගෙන"
"දැන් මට අද මෙහේ තනියමද ඉන්න වෙන්නේ"මා අසීය.
"මොන තනියක්ද මේ මෛ ඉන්නේ අනික නුපුරුදු තැනක්‍ යෑ" අප්පු පැවසීය.
ඔහු පවසන්නේ සැබෑවකි.මෙය මා හඋරුපුරුදු තෑනකි.කුමට බිය වන්නද
"මගේ කාමරේ ලෑස්තිද?"

මා තරප්පු පෙල නැග ඉහල මහලේ පිහිටි මාගේ ප්‍රියතම කාමරයට ගියෙමි.එය කදිමට සැකසූ කඩා කාමරයකි.පෝටිකෝව මත වූ බැල්කනියට පිවිසීමට හැකි බැවින් මා මෙයට ඇලුම් කලෙමි.මා කුඩා කල බාවිතා කල කුඩා ඇද වෙනුවට තැබූ විශාල ඇද හැරුනු කොට කාමරය කුඩාකල වූ ලෙසම පවතී.මා ඇද මත ඇල වුනෙමි.

'ඩොක් ඩොක් ඩොක්'මා තිගැස්සී ඇහැරුනේ කවුරුන් හෝ දොරට තට්ටු කල හඩිනි.මා දොර විවෘත කලෙමි.තේ බදුනක් අතැතිව සිටියේ අප්පුය.

"පුන්චි මහත්තය තෙ බොන්න"
"ඔහොම තියන්න අප්පු මන් බොන්නම්"

අප්පු පිටව ගිය පසු ඇදුම් උනා දමා තුවාය පටලා ගත් මා නාන කාමරය තුලට වී දිය නෑවෙමි.සීත්ල වතුර මාගේ නග්න සිරුර ඉදිකටු මෙන් ස්පර්ශ කරයි.දිය නා අවසානයේ තුවාය පිටින්ම තේ බදුන ගත් මා බැල්කනියට පිවිස ඈත බැලුවෙමි.හිරු බැස යමින් පවතී.අවට පරිසරය මද අදුරේ ගිකෙමින් පවතී.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.උද්‍යායේ කෙලවර වූ යකඩ ඔන්චිල්ලාව ඒ මේ අත පැද්දෙයි.කුමක් හෝ මතකයක් මා තුල හොල්මන් කරයි.ව්‍යාකූල සිතින් මා කාමරයට පැමිනියෙමි.
ඇදුම් මාරු කර ගත්මා තරප්පු පෙල බැස කොරිඩෝව දිගේ ඇවිද ගියේ කෑම කාමරය වෙතය.කොරිඩොව කෙලවරේ වූ කුඩා කාමරයේ දොර වෙත මාගේ නෙත් යොමු වූයේ අහම්බෙනි.එහි දොරමත පැස්ටල් කූරුවලින් වර්න දෙකකින් දරුවකු ඇදි බලි කුරුටු සමූහයකි.ඔන්චිල්ලව දෙස බලදී ඇතිවූ සිතුවිලි ණැවතත් සිතේ හොල්මන් කරෛ.මා දොර ඇරීමට තල්ලු කරන්නට අත තබද්දීම

"පුන්චි මහත්තය කෑම ලෑස්ති"ඒ අප්පුය.මා කිසිත් නොකියා කෑම මේසයේ ඉද ගත්තේ දැනුන අධික කුසගින්න නිසාවෙනි.

"පුන්චි මහත්තය රෑටඑලියට එහෙම යන්න එපා.වල් ඌරෝ නරි හක්කලන් කරනව රෑට.මන් ඉස්සරා කාමරේ ඉන්නේ වුවමනාවක් උනොත් කතා කොරන්ට"

මා පිටව යද්දී අප්පු පැවසීය.තරප්පු පෙල නැග කාමරයට පිවිසී මා ඇද මත පෙරලුනේ දැඩි මහන්සිය හේතුවෙනි.මට බොහෝ වේලා හොඩින් නින්ද යන්නට ඇත.
මා හදිසියේ ඇහැරුනේ දැඩි පිපාසයක් සමගයි.මේසය ලග අදුරේ අත පත ගෑවද මා ජල බදුනක් රැගෙන විත් නැති බව සිහියට නැගුනි.මේස ලාම්පුවක් අ කීප වරක් ක්‍රියාත්මක කලද නොදැල්විනි.මා අදෙන් නැගිට බිත්තිය අතගාමින් යන්තම් විදුලි බුබුල ක්‍රියාත්මක කලද එයද නොදැල්වේ.විදුලිය ඇණ සිට ඇත.සුදු පැහැ ජනෙල් රෙදි අතරුන් මෝදු වූ සද එලිය යන්තම් කාමරය ආලෝකමත් කරයි.අදුරේම මේස ලාච්චව ඇර බැලූ මා ඉටිපන්දමක් හා ගිනිපෙට්ටියක් සොයා ගතිමි.පලමු ගිනිකූර දැල්වුවද එය සැණ්කින් නිවී ගියේ කිසිවකු නිවා දැමුවා සේය.අතින් ආවරණය කරගනිමින් දෙවන වරා ඉටිපන්දම දල්වා ගත් මාදොර ඇර තරප්පු පෙල බැස්සේ මුලුතැන් ගේ කරා යාමටයි.

දුටු දෙයින් මා බියවී ගියේ නොසිතූ ආකාරයටයි.තරප්පු පෙල බසින මා දෙස දත් විලිස්සා ගෙන දිව එලියට දමා ගෙන බලා සිටියේ විරූපී යක්ශ මුහුනකි.මා ඉටිපන්දම ඒ දෙසට යොමු කලෙමි.ඉටි පන්දමේ එලියෙන් එහි ඇස් දිස්නේ දෙයි.ඒ ආලේපිත වාර්නිශ් නිසාවෙනි.මේ බිත්තියේ එල්ලූ වෙස් මුහුනකි.මාගේ මුවගට සින්නවක්ද නැගුනි.මන් බය වුන තරමක්.
මා දැන් තරප්පු පෙල එකින් එක පහල බසියි.විශාල වූ විසිත්ත කාමරයේ ජනෙල් අතුරින් සද එලිය වැටී ඇත.තිර රෙදි සුලගට සෙලවෙයි.විශාල බට්ටා ඔරලෝසුව ටික් ටික් හඩින් ක්‍රියාත්මක වෙයි.මා දැන් සිටින්නේ තරප්පු පෙලේ අවසන් පඩිය මතයි.සීතල යමක් මා අත ගැටී ගියේ මා ඇග කිලිපොලා යවමිනි.මා විගස තරප්පුවෙන් බිමට පැන්නෙමි.ඒ සමගම මා ඇග මතට මහ හඩින් කඩා වැටුනේ සීතල බර දෙයකි.මා නොවැටී බේරුනේ අනූ නවයෙනී.ඒ පඩි පෙල මත තබා තිබූ පිත්තල මල් බදුනකි.මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.

මා දකුනත වූ කොරිඩෝව දෙසට ගමන් කලෙමි.මෙහි කෙලවර මුලුතැන්ගෙය වෙයි.එය අදුරේ ගිලී ඇත.දෙපසින් විවෘත වන්නේ නිදන කාමර වල දොරවල්‍ ය.ඒවට දමා ඇති තිර රෙදී අදුරෙ ඒමේ අත පැද්දෙයි .මා දල්වා ගති ඉටිපන්දම රැගෙන ඉදිරියට ගියෙමි.කිසිවකු මා පසුපස එන හඩ ඇසේ.එය ලග ලග කුඩා අඩි තැබීම නිසා නැගෙන හඩකි.කුඩා දරුවකු ඇවිදින්නා සේය.එය මා ලග ලගම ඇසේ.මා හුස්ම ගැනීම නතර කලෙමි.ඔව් නිසැකවම කවෘන් හෝ පැමිනේ.මා හැරී බැලුවෙමි.අදුරු පාලු කොරිඩෝව හැරෙන්නට කිසිවකු නැත.මා නැවත ගමන් ඇරබුවෙමි.නැවතත් ඒ හඩ ඇසේ.එය මේ වන විට ඉතා ආසන්නයේ ඇසේ.මා දැන් කොරිඩෝව අවසානයේය.එක් වරම කොරිඩෝවේ සියලු බිත්ති පහන් දැල්වී ගියේ මා තිගැස්සවමිනි.විදුලිය පැමිනියා විය යුතුය.මම දෙවියන්ට ස්තූති කලෙමි.මා ඉදිරියෙන් දකුනත පිහිටි කාමරයේ පහන් දැල්වී ඇත.මා මේ පෙර දුටු කාමරය නොවේද මා ඒ දෙසට පියමන් කලෙමි.එසේය එහි දොරෙහි වූ බලි කුරුටු එසේම ඇත.අඩවල් කර තිබූ දොර මා අතින් තල්ලු කල විට කිරිකිරි හදක් නන්වමින් විවෘත විය.මා එතුලට ගමන් කලෙමි.එය කුඩා කාමරයකි.බිත්ති පුරා බලි කුරුටු ඇද ඇත.තැනින් තැන මකුලු දැල් බැදුනු සෙල්ලම් බඩුය.කලකින් කිසිවකු පැමිනි නැති සේය.මා ඉදිරියට ගියෙමි.එහි වූයේ දැඩි පුස් ගදකි.එහි බිත්තිය ක සටහන් කර තිබූ දෙයක් දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.පැස්ටල් කූරු දෙකකින් එහිලියා තිබුනේ 'චාරු' හා 'ගිහාන්' ලෙසයි.ගිහාන් ඒ මාගේ නමයි.එසේනම් කව්ද මේ චාරු?සිතුවිලි දාමයක් අතර සිරවූ මා සිතේ චාරු යන වචනය දෝන්කාර දෙයි.නොපැහැදිලි මතකයන්ගේ සේයාරූ සිතේ ඇදී නොපෙනී යයි.

ටික් ටික් හඩක්මා පසු පසින් ඇසේ.මා පිටුපස හැරී බැලුවෙමි.අසල වූ සෙල්ලම් අශ්වයකු දෙපසට පැද්දෙන්නේ කිසිවකු ඒ මත සිටින්නා සේය.මා ඇග ලේ සීතල වී ගියෙය.මා විගස දොර දෙසට්ද් දිව්වෙමි.මා අය කුමක හෝ පැටලී ඇද වැටුනි.මාත් සමගම ඉදිරියට විසිවී වැටුනේ පරන රෙදි බෝනික්කෙකි.එය දුර්වර්ණ වී තිබුනි.එහි එක් ඇසක් නොමැත .එක් අතක් හා කකුලක් පිලිස්සී ගිය සේය.බෝනික්කා මා දෙස වියරු බැල්මකින් බලා සිටී.මා තවමත් බිම වැටුන ලෙසය.මා හට දැන් ඇසෙන්නෙ පෙර ඇසුන අඩි ශබ්දය යි.එය කෙමෙන් කෙමෙන් ලන් වේ.එය මා ආසන්නයටම පැමිනෙමින් පවතී.මා හදවත නැවතුන සෙයකි.කාමරයෙන් කොරිඩෝව මතට වැටුන ආලෝකය මත දැන් දිස්වන්නේ කුඩා සෙවනැල්ලකි.එය කෙමෙන් කෙමෙන් ලන් වෙයි.එය කුඩා දැරියකගේ බදුය.මේ මොහොතේ මා දෙනෙත් අදහා ගත නොහැක.මේ මා ප්සුකර යන්නේ කුඩා දැරියකි.ඇය මා පසුකර ගමන් කරයි.ඇයගේ කෙස් කඩා දමා ඇත.ඒව තැනින් තැන අඩු වී ඇත්තේ පිලිසී යාමක් නිසාවෙනි.ඇද තිබූ ගවුම ද පිලිස්සී ගොස් ඇත.ඈ අත දැල්වෙන ලන්තෑරුමකි.ඇයගේ ගමන් විලාශය අන්ශබාග රෝගියෙකු එක් කකුලක් නොනමා ගමන් කරන ලෙසය.පැත්තෙන් දුටු ඇයගේ රුව මා මතකයන් අවදි කරයි.'චාරු' මන් එක්වරම කෑගැසුවෙමි.ඇය මා දෙස නොබලා ගමන් කරයි.මා විගස නැගිට ඇය පසුපස ගමන් කලෙමි.

ඇය මුලුතැන්ගෙයින් උද්‍යාන යට පිවිසියාය.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය මා කැදවන්නාක් මෙන් මා සිතට දැනේ.අවට පරිසරය ගන අදුරේය.ඈත පයිනස් ගස් අතුරින් සද බැසයනු පෙනේ.සීතල සුලග ඇට මිදුලු ඩක්වා කිදා බසී.දැන් ඈ පසුපස පිහිටි පඩිපෙළ බැස අඩි පාරක් වෙත පිවිසියාය.ඈතින් ඇසුනු නරින්ගේ හු හඩත් බකමූනන්ගේ හ්ම් හ්ම් හඩත් ඇරෙන්නට පරිසරය නිහඩය.මා නැවතත් චාරු ලෙස අමතීමි.ඈ නෑසුනාක් මෙන් ලන්තෑරුමක රැගෙන ගමන් කරයි.අඩි පාර ගල් බොරලු සහිතය .මා කීප වරක් පය ලිස්සා වැටෙන්නට ගියද ඇය කිසි අපහසු තවක් නොමැතිව ගමන් කරයි.ඇය හා මා අතර පරතරය අඩි10ක් තරම්‍ ය.යාර කීපයක් ඈතින් ගරා වැටුන ගොඩනැගිල්ලක් දිස් වේ.ඇය ඒ දෙසට ගමන් කරයි.එය අත හැර දැමූ නිවසකි.නිවසෙ වහල කොටස් කැඩී බිදී ඇත.බිත්ති පුරා වල් බිහිවී ඇත.ඇය නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුලු වී නොපෙනී ගියාය.මා ඇය පසුපස ගමන් කලෙමි.මා නිවසේ ඉස්තෝප්පුව ට ගිඩ වුනෙමි.එහි බිමට ඇතිරූ ලෑලි දිරා ගොස් ඇත.වහලයේ කඩතොලු අතරින් සද එලිය වැටේ.ප්‍රධාන දොරටුව විවෘත ව ඇත.ඒ තුලින් නිවස තුල තබා ඇති ලන්තෑරුමක එලිය දිස්වේ.එය දැරිය ගෙනා ලන්තෑරුමයි.මා නිවස තුලට ඇතුලු වීමි.එහි වූයේ දරා ගත නොහැකි පුස් ගදකි.විසිත්ත කාමරයේ කනප්පුවක් මත ලන්තෑරුම තබා ඇත.ඊට යාබදව ඇත්තේ පැරනි කැබිනට්ටුවකි.ඒ හැරුන විට වෙනත් කිසිවක් නැත.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බිතියක් මත එල්ල තිබූ ජායාරුවකි.එහි වූයේ මවක් හා දියනියකි.ඩෙවියනේ නන්දනී නැන්දයි චාරුයි.මට ඉබේටමකියවිනි.ඒ සමගම මා දෙපා මුලට යමක් කඩා වැටුනි.මා පහතට නැමී බැලුවෙමි.එය දින පොතකි.දුර්වර්න වූ එහි මුල් පිටුවේ 1990 ලෙස සටහන් වී තිබුනි.මා එය අහුලා කබා සාක්කුවේ දාගෙන නැගිටීමට උත්සාහ කලෙමි.නමුත් කවුරුන් හෝ මාගේ පිටමත සිටගෙන සිටින්නා සේ බරක් දැනේ.මා වහා ඉදිරියට පැන්නේ කිසිත් සිතා ගත නොහැකිවය.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බියෙන් ලොමු ඩැහැ ගැන්වෙන දර්ශනයකි.වහලයේ බාල්කයේ සිට පහලට වැටුන ලනු පොටක් අග එල්ලී සිටියේ ගෙල පසෙකට කඩා වැටුනු දිගු ගවුම කින් සැරසුනු ගැහැනියකි.එහි මුහුනක් නොතිබූ අතර හිස් කබල පමනක් ඉතුරු වී තිබුනි.එය සෙමෙන් පැද්දෙයි.මා නිවසේ සිට බන්ගලාවට දිව්වේ යටිගිරියෙන් කෑගසමිනි.

පසුදා උඩෑසන මා අවදි වූයේ දැඩි හිසේ රුදවක් සමගයි.මා ඇදෙන් නැගිට ගොස් සෙව්වේ කබායයී.එහි සාක්කුවේ වූයේ මා රැගෙන ආ දින පොතයි.එහි පිටු පෙරලත්ම ඉන් බිමට වැටුනේ දුර්වර්ණ වූ ලියුම් කවරයකි.ලිපිනයක් නොවූ එය මා විවෘත කලෙමි.එහි වූයේ නන්දනී නැන්දා විසින් තම සොහොයුරියට ලියන කද ලිපියකි.එහි වූයේ තමාට තව දුරටත් බන්ගකාවේ සේවය කල නොහැකි බවත් අනුර මහත්තයා හා තම අතර රහසිගත ඇසුරක් පැවති බවත් ඉන් තමට දරුවකු ලැබෙන්නට සිටින බවත් අනුර මහතයා දරුවා නැති කිරීමට යෝජනා කරන බවත් එයට තමා අකමැති වූයෙන් ඔහු තමාට මරනතර්ජන කරන බවත්‍ ය.එනිසා ඇය සිය දියනිය සමග සොහොයුරියගේ නිවසට අලුයම දුම්‍රියෙන් පැමිනෙන වග දන්වා ඇත.නමුත් කෙසේ හෝ ඇයට ලියුම තැපැල් කිරීමට නොහැකි වී ඇත.

නන්දනි අප බන්ගලවේ සේවය කල කාන්තාවකි.මනා රූ සපුවක් හිමි ඇය සිය ස්වාමියාගේ අබාවයෙන් පසුව සිය දියනිය සමග බන්ගලාවට අයත් නිවසේ පදින්චිව සිටියාය.චාරු එකල මා හා සම වයසේ සිටි ඇයගේ දියනියයි.අප දෙදෙනා එකට සෙල්ලම් කලේ කලින් මා දුටු කාමරයේය.අනුර නම් අපගේ බාප්පගේ වතුපිටි බලකියාගත් පුද්ගලයායි.ඔහු බන්ගලාවේම ඔඅදින්චිව සිටි අයෙකි.මා විදේශ ගතවූ පසු ඔවුනට කුමක් වීදැඉ මා නොදනී.

මා කාමරයෙන් පිටවී ගියේ අප්පු සොයාය.ඔහු මුලුතැන්ගෙයි සිටී.

"අප්පු නන්දනී නැන්දට මොකද් වුනේ"

ඔහු අත වූ දිය බදුන පෙරලී ගියේය මා දෙස පුදුමයෙන් බැලූ ඔහු
"ඒකි එල්ලිලා මලා බඩදරු වුන එකේ ලැජ්ජවට.පොඩි එකී ආගිය අතක් නෑ."
ඒ අප්පුය.

"බොරු කියනෙපා අප්පු මන් සේරම දන්නවා අනුර මහත්තය එයාව මැරුවා නේද?අප්පු අසල පුටුවකට බර වූයේ අපහසුවෙනි.

"මට ඇත්ත කියන්න මෛ ගාව සාක්කි තීනව"

"ඕව මොකට අවුස්සනවද මහත්තයයෝ ඕව කල උන්ට වෙන්න ඔන්න දේවල් උන කොට" අප්පු ගොත ගසමින් කියයි.

"නන්දනි කෙල්ල අනුර මහතය හන්ද බඩදරු වෙලා හිටියේ.ඉතින් ඕකට දෙන්නා නිතරම සන්ඩු සරුවල් කොලා.නන්දනී මේ ගැන අනුර මහත්තය බදින්න ඉන්න නෝනට කියනවා කියලා තර්ජනෙ කොලා.ඩවසක් නන්දනී පොඩි එකීවත් අරන් ස්ටේසමට යනව පන්දර මේක දැකලා තීනව.ඉතින් හීන් සීරුවේ ගිහින් මේකිගේ බෙල්ල මිරිකලා මරා දාලා ඒකිගෙ ගෙදර බාල්කෙම එල්ලලා.පොඩි එකී ලන්තෑරුමක් අරන් බන්ගලාව පැත්ත්ට දුවලා කාට හරි කියන්න එකිව පය ලිස්සල වැටිලා ලන්තෑරුමක් එක්ක පිචිලා මැරිලා. ඔය ටික අනුර මහත්‍ ය මෑතකී මට කිව්වේ උන්දැට දැන් ඒව පරිසන් දීල හන්දා හිත සැහැල්ලු කර ගන්න මා එක්ක කිව්ව."

"කෝ දැන් ඒකා?"

"උන්දෑ වාහනේ හැප්පිලා මොලේට ලේ බැහැලා එක තැන් වෙලා දැන් අවුරුදු ගානක්.විදෝනව හෙට අනිද මැරෙයිද කියන්න බෑ.හැබැයි මහත්තයො ඔය නන්දනීගේ කෙල්ල තාමත් ලන්තෑරුමක් අරන් මේ බන්ගලා වත්තේ හකකලන් කරනවා එකිගේ අම්මට උන අසදරනේ කියන්න සුදුසු එනෙක් හම්බෙනකන් මයෙ හිතේ"

Source: Link


---ලස්සන මුහුණ පිටුපස සැඟවුණු වියරුව (ටයිටැනික් නැවේ අභිරහස)---


ආමන් රැජින මීට වසර 1500 පෙර ඊජිප්තුවේ රජකළ මනස්කාන්ත රූ සපුවක් හිමිකම් කිව් රැජිනකි.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමානව පින්තාරු කැරුණු අලංකාර මමි ආවරණයක බහා ඊජිප්තුවේ ලස්කම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණි .පසුව 1890 දී කල කැනීම්වලින් ඇගේ මමිය හමුවෙනවා .අලංකාර හා ඉපැරැණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින් ඇගේ මමි ය වෙන්දේසි කරනවා .ඉතා ධනවත් තරුණයන් හතර දෙනෙකුට මෙය මිලදී ගැනීම සඳහා ඇරයුම් ලැබෙනවා .වෙන්දේසිවලදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමි ය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා .පැය කිහිපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා .ඉන්පසු නැවත කිසිදු දිනෙක ඔහු ආපසු පැමිණි නෑ.ඊට පසු දින තරුණයන් සිවුදෙනා ගේන් තවත් අයෙක් ඊජිප්තු සේවකයකු ගේ වෙඩි පහරක ට ලක්වී අනතුරකින් මිය යනවා .ඔහුගේ මළසිරුර අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා .තරුණයන් සිවුදෙන ගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියලු ගිණුම් බැංකුව විසින් අවලංගු කරනවා .ඔහු දුප්පතකූ බවට පත්වෙනවා .අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළදීම හේතුවෙන් රැකියාව අහිමි වි මහා මාර්ගයට වැටෙනවා .
මේ අතර තුර මමි ය එංගලන්ත ධනවතෙකු මිලදී ගෙන එංගලන්තයට රැගෙන යනවා .පසුව ඔහුගේ පවුලේ තිදෙනෙකු රිය අනතුරකට ලක් වෙනවා .ඔහුගේ නිවස ගින්නෙන් විනාස වෙනවා .ඉන්පසුව ඔහු මමි ය එංගලන්තයේ කෞතුකාගාරයක ට ලබා දෙනවා .මමි ය රැගත් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා .පසුව සේවකයන් දෙදෙනෙකු විසින් මමි ය ඔසවාගෙන තරප්පු පෙළ මතින් ඉහළ මලයට රැගෙන යන ලදී .ඉහළ මාලයේ තැන්පත් කර ආපසු එන ගමනේදී එක් අයෙකු තරප්පු පෙළින් වැටී පාදය බිඳෙන වා.මනා සෞඛ්‍ය තත්වයන් සිටි අනික් පුද්ගලයාගේ සිරුර පසුව දා හමුවෙනවා .ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ .මින්පසු තත්වය තව තවත් භයානක වුණා .දිනක් රැයෙහි කාන්තාවක් ඉකි ගසමින් හඬන හඬක් කෞතුකාගාරයේ ඉහළ මහල දෙසින් ඇසුණා .කාමරයට ඇතුළු වෙත්ම ඔහුට දක්නට ලැබුණේ අනිකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුය .එ සමගම මමි ය දෙසින් ඉතා වියරු ඉකි ගැසීම කෑ ගැසීමක් බවට පත්වුණා .අනික් මුරකරු එය ඇසී ඉහළ මලයට දිව එන විටදී ඔහු දුටුවේ අනෙකා කාමර තුළ මියගොස් සිටි ආකාරයයි .රැයෙහි පුරාම මෙම වියරු අඳෝනාව හා සෙළවීම පැවතුණා .අනිකුත් මුරකරුවන් බිය නිසා පහත මලයට වි සිටියා .තවද පිරිසිදු කරන්නන් පවා මෙම මමි ය තිබෙන පෙදෙසට යාමට බය වුණා .දිනක් කෞතුකාගාරය ට පැමිණි පුද්ගලයකු අතින් දූවිලි සහිත රෙදි කඩක් මමි යේ මුහුණ නිරූපිත පෙදෙසට වැදුණා .ඒ සිද්ධියෙන් දවස් කිහිපයකට පසුව ඔහුගේ පුතා අවාසනාවන්ත ලෙස රෝගයකින් මිය ගිය .

පසුව කෞතුකාගාරයේ බලධාරීන් විසින් තීරණය කෙරුණ මමි ය පහත මාලයේ ගබඩා කාමරයක තැබීමට .සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරුණු රෝගයකින් කෞතුකාගාරය තුළම මියගොස් සිටියා .කෞතුකාගාරයේ පරිපාලක වරයාද තමන්ගේ ලියන මේසය මත මියගොස් සිටියා .මෙම සිද්ධීන් පුවත්පත් වලට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එක් පුවත්පත් වේදියෙකු මමි යේ ජායාරූපයක් ගැනීමට පැමිණිය .මමි ය මත මොහොතක් බලා සිටි ඔහු නික්ම නිවසට පැමිණි කාමරයට වැද හිසට වෙඩි තබාගෙන මිය ගිය .

පසුව කෞතුකාගාර බලධාරීන් විසින් මෙය කෞතුක භාණ්ඩ රැස්කරන පුද්ගලයකු ට විකුණුව .ඉන්පසුව ඇතිවුණ අවාසනාවන්ත සිදුවීම් වලින් අනතුරුව ඔහු නිවසේ අට්ටාලයක් සාදා ඒ මත තැන්පත් කරා .මේ අතර තුර ගුප්ත විද්‍යා පිළිබඳ හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා නම් කාන්තාවක් මමි ය පිළිබඳ ආරංචි වි ඔහුගේ නිවසට පැමිණෙනවා .මමි ය ඇති භූමියට පැමිණෙන විටම ඇය වෙව්ලමින් සිහි මූර්ජාවෙන් වැටෙනවා .පසුව ඇය මමි ය ඇති අට්ටාලය මතට නැගී එයට ළංවී සිටිනවා .ඔබට මෙම යක්ෂ ආත්මය පලවා හැරීමට පුළුවන්ද ? නිවසේ හිමිකරු ඇයගෙන් විමසන වා.........,,කිසිදු කලක නොහැකියි .නපුරු ආත්ම යේ නෂ්ටාවශේෂ තිබීමෙන් නපුරු දේ සිදුවෙයි .ඇගේ නින්දට බාධා කෙරෙන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි ,,,, ඇය අඩ සිහිය තුළ පවසා සිටිනවා .......


ඉන්පසුව ඔහු නැවතත් මමි ය බාරගන්නා ලෙසට කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත බාරගැනීමට ඔවුන් අකමැති වෙනවා .ඉන් ටික කාලයකට පසුව ඇමරිකානු පුරාවිද්‍යාඥ යකු විසින් සාධාරණ මුදලක් ද මෙය මිලදී ගන්නවා ..ඔහු මමි ය නැවක නග්ගා නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරණය කරනවා .............

.............1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු එය සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රේල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුව ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කාරණයක් .පුරාවිද්‍යාඥ යා විසින් නැවේ පහත මාලයේ මිලදී ගත් කාමරයක මමි ය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා .1914 අප්‍රේල් 14 දින රැයෙහි ආමන් රා රැජිනගෙ ආත්මය යක්ෂ වියරුව නොගි ලෙන නැව එහි මගින් සමගම සාප ලබනවා .ටයිටැනික් අනතුරකට භාජනය වීමෙන් පසුව කැපර්තීකා කාර්ය මණ්ඩලය එහි අයිතිකරු සමග මමි ය නැවතත් සුරක්ෂිතව බේරාගෙන නිව්යෝර්ක් බලා ගෙන යනවා

ඉන්පසුව ඇතිවු අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව මමි ය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා .1912..5..29 වන දින මගින් 840 ගේ ජීවිත අහිමි කරමින් ඒම නැව ද මුහුදු බත් වෙනවා .කෙසේ හො මමි ය නැවතත් සුරක්ෂිතව යුරෝපය බලා ගෙන යනවා .පසුව සිදුවන අවාසනාවන්ත මරණ හේතුවෙන් මමි යේ නිජබිම වු ඊජිප්තුව ට ආපසු ගෙන යාමට තීරණය කෙරෙනවා .මමි ය රැගත් නැව ඊජිප්තුව ට යන අතර මඟදී ජර්මානු සම්බැරින යක පහරකට ගොදුරුව දරුණු ලෙස හානි වි එහි මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරාගෙන වියරුව සිටි යක්ෂ ආත්මයද රැගෙන ආමන් රා රැජිනගෙ මමි ය සමඟ මුහුදු පතුලේ තැම්පත උණු බව විද්‍යාඥයෝ විස්වාස කරනවා

(උපුටා ගැනීමකි)


28 June 2017

---මෝහිනීගේ උනුසුම් රාත්‍රිය---


කොප්පර මඩුවේ රාත්‍රිය ගතකරන එක විලියොන් මාමාගේ සිරිතය..මඩුවේ කොප්පර විශාල ප්‍රමානයක් දිනපතා වේලනු ලබයි දහවල් කාලයේදී ඔහුගේ පියානන් වු සීලිං සීයා සමග එක්වි කොප්පර වේලීම සිදුකර රාත්‍රි කාලයේ දී මඩුවේ හා කොප්පර වල ආරක්ෂාව වෙනුවෙන් රැය පහන් කරනු ලබන්නේ එහිමය. 

අැගේ පතේ මහන්සිය දුරුවන්නට විලියොන් මාමා විසින්ම උදේ රැයෙන්ම ගහෙන් බාගත් රාමුට්ටිය සමග සැන්දෑ යාමේ හාද වීම ඔහුගේ දිනචරියාවේ කොටසකි සිය තෙවැනි පුතුගේ සිතැගි හදුනන සීලිං සීයා හාමිනේ සකසා දුන් බත් මුලට අමතරව කටගැස්මක් රැගෙන එන්නට අමතක නොකරයි. කොප්පර මඩුවට සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි නිවසේ රැය පහන්කල දිනක් විලියොන් මාමාට මතක නැත අවුරුදු විස්සට කිට්ටු වෙච්ච සංදියේදි ඉදන් අවුරුදු තිහක් වෙච්චි මේ කතාව සිදුවූ කාලය තුරාවටම ව්ලියොන් මාමා නැත්නම් ඒ කාලයේ හැටියට විලියොන් තරුණයාගේ නිදියහන වූයේ මේ කොප්පර මඩුවයි.. සීලිං සීයා බත්මුල මඩුවේ රැදවුම් කුටියේ තබා පුතුට දියනා ගැනීමට ඉඩ ලබාදී කොප්පර මඩුවේ ඉතිරි කටයුතු සිදුකරයි. 

 .දියනා පැමිණි විලියොන් මාමා ගිනිමැලයක්ද අවුලුවා පියානන් පිටත්ව ගියපසු ලංතෑරුම සිය කුටියේ රදවා කටගැස්ම ලෙසට තිබූ බැදපු වැව්මාලු කූරියන් සමග රා මුට්ටියම සප්පායම් වූයේය .. ඉන් ඉක්බිති පලාත දෙවනත් වන්නට සීපද කීම ඔහුගේ විනෝදාංශයයි අවිවාහකයෙක් වූ විලියොන් මාමා සිය පාලුව තනිකම කාන්සිය මකා ගත්තේ ඒ අයුරිනි ඔහුගේ මධුර මනෝහර සීපද හඩ රැව් පිලිරැව් දුන්නා ගම්මානය පුරා... එදා උදුවප් මාසේ සීතල රැයක් එදත් සුපුරුදු ලෙසින් ඒ විදියටම කාලය ගෙවීගියා ..... 


නමුත් අනපේක්ෂිත සිද්ධියක් සිදුවුණා ඒ රාත්‍රියේදී ගෙජ්ජි නාදයක් හෝ ගෙජ්ජි වැලක් සැලෙන හඩක් අැසෙන්නට උනා කොප්පර මඩුව ආසන්නයෙන් ... සීපදය නතර කල විලියොන් තරුණයා කෑලි පහේ ටෝච් එක දල්වාගෙන ආරක්ෂාවට අැති කඩුවද සරම් පොටේ සගවා ගෙජ්ජි නාදය අැසුන කොප්පර මඩුව පිහිටි පොල්වත්තේ පහලට ගමන් කලා කොප්පර මඩුව දෙසට හෙමින් හෙමින් පැමිණි අමුත්තිය මුණගැසුණෙ එවිටයි ඒ සුදු පැහැති නාබර එලදෙනකි උබ හෙට අයිතිකාරයාට භාරදෙන්නම් කෙල්ලේ. පවසමින් එලදෙන මඩුව ආසන්නයේ පොල්ගසක ගැට ගසා සිය කුටිය වෙත පැමිණියා ඔහු ..... පුදුමයකි එහි උන්නා තවත් අමුත්තියක් අැය සුරූපී ලදකි ... ඔහු පුදුමයෙන් විමසුවා කවුද ඔබ කුමක් නිසා මෙහි පැමිණියේද මේ රාත්‍රියේ තනිපංගලමේ .. අයියා මගේ එලදෙන මේ පැත්තට මංමුළා වෙලා අැවිත් මම ඌව හොයාගෙනයි ආවේ ආන් එලදෙන ඉන්නවා මම ගහක ගැටගැහුවා ඔයා කොහෙද මම අැරලවන්නම් ගෙදරට... අනේ අයියා මම ගම් දෙකකට එහා මට උදව්වක් කරනවද තරහ නැතිව ... ඔව් මොකක්ද උදව්ව කියන්න ... මට අද රෑට නවාතැන් දෙන්න පුලුවන්ද මෙහෙ ... ගැහැණු කෙනෙක් කොහොමද මේ රාත්‍රියේ තනිපංගලමේ යන්නේ හා එහෙනම් ඉන්න මේ පැදුරු කෑල්ලේ තමා දෙන්නටම ඉන්න වෙන්නේ ... ඒකට කමක් නැහැ අයියා ... විලියොන් මාමා සිය බත් පතෙන් කොටසක්ද අැයට තිලිණ කලා සුන්දරම සේද සුදු ගවුමකින් සැරසුණු අැය පෙනුමෙන් ලමාතැනියක් ලෙසින් දිස්වූයේ ... ඝන අන්ධ කාර රාත්‍රිය උදා වූ නිසා දෙදෙනා පැදුරු කඩමල්ලේ ගුලි උනා සෙමෙන් අෑ විලියොන් තරුණයාගේ ගතට තුරුලු උනා නුහුරු නුපුරුදු ගැහැනියකගේ උනුසුමට ඔහුත් රහසින්ම ලොභ උනා ඒ රාත්‍රිය විලියොන් මාමාගේ ජීවිතයේ සුන්දර රාත්‍රියයි ............... පසුවදා අවදි වී බලද්දී ඒ සුන්දර ගැහැනිය සිටියේ නැහැ පොල් ගසේ ගැට ගසා එලදෙන නම් එලෙසින්ම සිටියා ඒ රාත්‍රියේ ඔහු සොයා පැමිණි අද්භූත ගැහැනිය කවුද ඉන්පසු කිසිදිනෙක විලියොන් මාමාට අැය මුනගැසුනේ නැත

අැය අමනුෂ්‍යයෙක් නම් අැගේ ස්පර්ශය දැනුනේ කෙසේද... අැය මෝහිනී නම් අවතාරයද...? නැත්නම් මනුෂ්‍ය දුවක්ද අදටත් නොවිසඳුණු ගැටලුවකි

Source: Link


---සයනට පැමිණි ගැහැණිය---


එක්තරා දිනයක ටයිල් වැඩ කිරීම තම රැකියාව කරගත් කමල්ට පිළිමතලව්ව පුුුදේශ⁣යේ පන්සලක ධර්ම ශාලාවේ ටයිල් ඇල්ලීමට එම පන්සලේ වැඩ සිටි ලොකු හාමුදුරැවන්ගෙන් ඇරයුමක් ලැබීය.හාමුදුරැවන්ගේ ඇරයුම අහක දැමීමට නොහැකි වූයෙන් ඔහු තම සඟයා වන සුනිල් සමඟ එහි යාමට සැරසුණේය.දින 2ක් විතර එම වැඩේට යන බැවින් කමල් තම බිරිඳ දැනුවත් කොට එම ප්‍රදේශයට යාමට සැරසුණි.කමල් හා ඔහුගේ සඟයා වන සුනිල් එම ප්‍රදේශයට ගොස් පන්සලේ ලොකු හාමුදුරැවන්ව හමුවුණේය. එහිදී මොවුන් දෙදෙනාට නැවතීම සඳහා පන්සලට යාබඳ කාමරයක් පිළියල කර දුන්නේය.ඔවුන් දෙදෙනා එම කාමරයේ ටික වෙලාවක් ගිමන් හැර පන්සලට ගොස් කාර්්‍යය ආරම්භ කිරීමට සූදානම් විය.

දැන්නම් ටිකක් වැඩේ අහවරයි අපිට මේක තව ටිකකින් ඉවර කළ හැකි යැයි කමල් පැවසී ය.
හ්ම්ම්..අපිට හෙට උදෙන්ම නැවත ගෙදරට යා හැකිවෙයි යනුවෙන් තම සඟයා තෘප්තියකින් පැවසීය.

කතාවෙන් කතාව වැඩත් නිම විය.ඒ වන විට වෙලාව ප.ව 7.00 පමණ වී තිබුණි.පන්සලේ හාමුදුරැවන් හමුවී තම කාර්්‍යය නිම කර බව පවසා අද රෑ නැවතී හෙට උදෙන්ම ත⁣ම ගමට යන බව පවසා ඔවුන්ට නැවතීමට දුන් කාමරයට ගියහ.

කමල් මහන්සිය වැඩි නිසා නින්දට යාමට සැරසුණි.ඔවුන් දෙදෙනාට එක ඇඳක් තිබිණි.
කමල් අ⁣ැදේ දකුණු පැත්තේ හා සුනිල් වම් පැත්තේ විය.කමල්ට නින්ද ගිය නමුත් සුනිල්ට නින්ද නොගිය බැවින් ඔහු කමල්ගේ ජංගම දුරකතනයෙන් කාමරය සම්පූර්ණයේ වීඩියෝ කළේය.නමුත් ඔහු පටිගත කළ වීඩියෝව නොබලා ජංගම දුරකතනය පැත්තකින් තබා නින්දට වැටිණි.පසුව උදෑසන ගමට යාමට පිටත් වුණේය.

ස්වල්ප වේලාවකින් නිවසට පැමිණියේ ය.සුනිල් ද තම නිවස දෙසට ගියේය.
ටික වෙලාවකින් කමල්ගේ බිරිඳ තමන් වෙතට ජංගම දුරකතනයද රැගෙන කේන්තියෙන් පැමිනෙණ බව දිටී ය.

තමුසේ වැඩ කරන්න යනවා කියලා කොහෙඳ මේ ඇදේ ගෑණියෙක් ඉන්නේ.
කමල්ට තම බිරිඳ කියූදේ තේරැම් ගැනීමට නොහැකි විය.පසුව තම බිරිඳ වීඩියෝවක් පෙන්වන්නට විය.කමල්ට ඇස් අදහා ගත නොහැකි විය.තමා නිදා සිටි තැන ඇදේ මැදදට වෙන්න ගැහැණියක සිටී.කමල් හොදටම දැන සිටියා කාමරයේ සිටියේ ඔහු හා සඟයා බව.තම බිරිදට වුනු දෙය කීවට ඇය පිළිගන්නේ නැති බව තේරැණු ඔහු තම සඟයා හමුවීමට ගියෙ ය.

සඟයා ද වීඩියෝ ව බලා , මචන් මන් කාමරය වීඩියෝ කළා තමා නමුත් මං ඒක බැලුවෙ නෑ .
එතකොට කවුද බන් මේ ගෑණි. 

අනේ දෙයියනේ අපි එතකොට නිදාගෙන තියෙන්නේ හොල්මනක් එක්කද??????
කමල් සිතේ ඇතිවුණු බයත් සමඟ පැවසීය

Source: Link

---මාරක බිලාල ශාපය---


හැමදාම අපිට අහන්න දකින්න ලැබෙන්නේ , මිනිස් වෙසින් පැමිණෙන හොලම් අවතාර ගැනනේ, අද කියන්න හදන්නේ වෙනස්ම කතාවක් ,
ඔබ අතිනුත් බළලෙක් මිය ගියාද ???? එහෙනම් පොඩ්ඩක් මේ කතාවත් කියවල බලන්නකෝ ......
පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!!
උපුටා ගැනීමකි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරයි ....
එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.
වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.
ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය. මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය.

එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි ... !!!!

උපුටා ගැනීමකි . සියලුම හිමිකම් මුල් රචකයා සතුයි