මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

06 June 2017

---රෝහලේ සිදුවීම්---



යාලුවනේ මේ මට උන සිදුවීම් 2-3 එකක්. . බොරු හදල කියල දාන්න අවශ්‍ය නෑ. මට ඇහුන විදිහට රෝහලේ හොල්මන් තියෙනවලු. නම් ගම් දාල ප්‍රශ්න ඇති වෙයිද දන්නෙත් නෑ. 2015 නොවැම්බර් මගේ නන්ගි ඩෙංගු හැදිල අයි සී යූ එකේ සිටියා සතියක්. මන් තමා ලග හිටියේ.. ඒ වාට්ටුවට උඩින් අදුරු ගොඩ නැගිල්ලක් තිබුනත් අපි දන්නෙ නෑ මොකක්ක්ද කියල. අම්ම අඩන නිසා මන් තමා ලග හිටියේ. මගේ මල්ලිත් ගම්පහදිම මැරුන නිසා අපි ගොඩක් බයෙන් හිටියෙත් නන්ගිටත් කරදරයක් වෙයිද කියල. එයාට ගොඩක් අමාරු උනා. ඩෙංගු බයානකම අවදිය..

එයාව පැය 48 මොනිටර් කරා. මට නින්දක් තිබුනෙම නෑ. පැයෙන් පැයට යුර්‍රින් කවුන්ට් කරන්න තිබුන නිසා. පැය 48 දෙවැනි දවසේ පාන්දර 3-4 විතර එහා ඇදේ කෙනා කතා කරල නැගිට්ටෙව්ව මාව , මට ඇදට ඔලුව තියන් චුට්ටක් නින්ද ගිහින්. පස්සෙ නැගිටල බලනකොට නන්ගි හරිම සාන්ත විදිහට නිදි . නන්ගිගේ ඇග උඩින් බඩ මැද්දට වගේ කහ පාට රෙදි කෑල්ලක් ලස්සනට දාල. ඒක පටි කෑල්ලක්. මට හිතා ගන්න බැරි උනා. මොකද මුලු සතියෙම ඒ රෙදි කෑල්ල, ඒ පොඩි වෝඩ් එකේ මොනවහරි යමක් වහල තිබුනේ. ඒ ජරා දූවිලි රෙද්ද මට වත් වෙන කෙනෙක්ට වත් නන්ගිගේ ඇග උඩින් ලස්සනට දාන්න උවමනාවක් නෑ. හීනෙන් වත් ම්න් ඒක දැම්මෙ නෑ. මට හිතා ගන්න බැරි උනා එහා ඇදේ කෙනා කිව්ව හුලගට එන්න ඇති කියල. ඒක පාත්තර වහන ජාතියේ කහපාට දිලිසෙන රෙද්දක්. ඒක බරයි. හුලගට ආවත් ඒක ලස්සනට බඩ මැද්දෙන් වැටිල තියෙන්නෙ කොහොමද? හරියට මැදල දාල වගේ තිබුනෙ.නන්ගි හිටියෙත් ඈත.පස්සෙ මන් ඒක අයින් කරල තිබුන තැනට දැම්ම. බලනකොට ඒක යට තිබිල තියෙන්නෙ කලු පාට මැශින් එකක්, මැරුන අයට පන ගන්න වගේ ගහන්නෙ අන්තිමටම. ඒකක්.. 

ඒක අමතක කරල උදේ ඉන්න කොට උදේ වෝඩ් එකේ නර්ස් ලා සේරම කතා වෙනව ඉස්පිරිතාලේ හොල්මන් ඉන්න බව. එයාල කතා වෙනව, අපිට ඇහෙනව. එයාල කිව් හැටියට මැරුන නර්ස් කෙනෙක් සමහර වෙලාවට රෑට විවේකාගාරේ ඉන්න බවත්, මෝචරිය ගාව කෝටන් ගස් ලග ඉදල වැඩ කරන අයත් බය වෙලා තියෙන බවත් තමා කිව්වෙ.. පස්සෙ තමා දන්නෙත් පරන මෝචරිය පාමුල අපේ වෝඩ් එක තිබිල තියෙන්නෙ කියල. දැන ගත්තා නම් පන යයි බයේ. මේක මට හිතා ගන්න බැරි සිද්දියක්. අම්ම නම් කියනව එයා එලිවෙනකම් පිරිත් කියපු නිසා කහ පාට රෙද්ද කවුරු හරි දාන්න ඇති කියල. මන් නම් හොස්පිටල් එකේදි බය උනේ නෑ. රෑටත් තනියම යුරීන් සාම්පල් අරන් එහෙට මෙහෙට ගියා. කොහොමින් හරි නන්ගි බේරගෙන ගෙදර එක්ක ආව. එදා උදේ වෙනකොට නන්ගිගෙ තත්වය ගුනදායක උනා. සමහරු හිතයි මන් බොරු හදල කියනව කියල . එහෙම නෑ යාලුවනේ. මේ කියන්නෙ ඇත්ත.. හිත ගන්න බැරි දේවල් වෙනව මේ ලෝකෙ.

Source: Link


2 comments:

  1. ICU එකේ ලඟ ඉන්න දෙන්නෙ නෑනේ වෙන කාටවත්. එක ලෙඩෙකුට එක්කෙනා ගානේ නර්ස්ලා ඉන්නවනේ. අඩු ගානෙ HDU එකේවත් ඉන්න දෙන්නෙ නෑ.

    ReplyDelete
  2. ඔය හා සමානම වෙනත් සිදුවීමක් මම අදුරන අක්කා කෙනෙක්ට වෙලා තිබුණා, කොළඹ මහ රොහලෙදී

    ReplyDelete