මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

11 June 2017

---මට්ට කොල්ලා---


හුගක් වෙලාවට පාලු ප්‍රදේශ ආශ්‍රිතව අත්භුත සිදුවීම් වෙනවා වැඩී.
ඉතින් මේ කියන්ට යන්නෙත් ඒ වගේ අත්භුත කෙනෙක් ගැන තමා, මට්ට කොල්ලා...

මට්ට කොල්ලා කියන අවතාරෙත් ගොඩක් ප්‍රසිද්ධ අවතාරයක්. මෙයා ගොඩක් වෙලාවට ගැවසෙනවා කියන්නේ වතුරකඩවල් ආසන්නයේ තමා. ඒත් මේ මට්ට කොල්ලා ගැනනම් ගොඩාක් විස්තර හොයාගන්ට ලැබෙන්නේ නෑ ඒ වගේම තමා මෙයා ගැන කියවෙන ජනප්‍රවාද වත් මන් නම් අහලා නෑ. (දන්න අය ඉන්නවානම් අනික් අයටත් දැනගන්න commnt කරන්න)

ඒත් වතුරකඩවල් ඒ කියන්නේ ගංගා ඇලදොල ආශ්‍රිත ප්‍රදේශ වල ගොඩක් අය මෙයාව දැකලා බයවෙලානම් තියනවා. ඒ අය කියන විදිහට කොටයි ඒ කියන්නේ මෙයා පොඩි කොල්ලෙක් වගේ ඒ වගේම මෙයාගේ කොන්ඩයක් දකින්ටත් නෑ ලු.. ඒකයි මෙයාට මට්ට කොල්ලා කියන්නේ.. ඒ වගේම මෙයා ඉන්නේ නිරුවත්ව කියලා තමා කියන්නේ. ඇස් දෙක රතුම රතු පාටනින් තියන මේ අවතාරේ දැකලා ගොඩක් අය බය වෙලා තියනවා. ⁣ගම්බද ප්‍රදේශ වල වතුරකඩවල් ලගට ගොම්මන් වෙලාවට සහ රාත්‍රි කාලයේ මිනිස්සු යන්නේ නැත්තේ මේ මට්ට කොල්ලා නිසා තමා. ඒ වගේම මේ මට්ට කොල්ලා සොදරා වගේ මිනිස්සු පස්සේ පන්නන්නේ නෑ. ගොඩක් වෙලාවට මෙයා දර්ශනය වෙච්ච ගමන් නැතිවෙන බවක් තමා කියන්නේ. තවත් සමහරු මෙයා පාරක දකින්නේ ගමන් කරන කෙනෙක් වගේ්. ඒත් ටික වෙලාවකින් මෙයා මනුස්යෙක් නෙවෙයි කියලා තේරිලා දැඩි බියකට පත් වෙලා නූල් බදින්ට ⁣නම් වෙනවා.ඒකෙන් මට්ටකොල්ලා⁣ගේ භයංකර පෙනුම ගැන හිතාගන්ට පුලුවන්නේ. ගොඩක් වෙලාවට වතුරකඩවල් ආශ්‍රිත ප්‍රදේශ දවල්ටත් පාලු බවක් තියනවනේ. ඉතින් ගොම්මන් වෙලාවට සහ රාත්‍රි කාලයේ මේක තවත් පාලු වෙලා යනවා. ඒ වගේ වෙලාවට තනියම නාන්ට යන අය හුගක් වෙලාවට මේ මට්ට කොල්ලා දැකලා බයවෙලා තියනවා. ඉතිං ඔයාලටත් මට්ට කොල්ලා බලන්ට ඕන නම් ඒ වගේ පාලු ප්‍රදේශයක තියන ඇලක් දොලක් ලගට ගොම්මන් වෙලාවේ තනියම ගියානම් හරි.

හැබැයි බයවෙලා නූල් බදින්ට උනොත් අපි නම් වගකියන් නෑ..

Source: Link


No comments:

Post a Comment