මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 July 2017

---ඇනබෙල් (Annabell) බෝනික්කා---


අප ජීවත්වන වන ලෝකය වනාහී අකමැත්තෙන් වුවද පිළිගත යුතු යතාර්තයන්ගෙන් පිරී පවත්නා තැනකි. අයෙකු මෙලොව ඇති සියලු දේ විද්යාත්මකව පැහැදිලි කිරීමට උත්සුක වන අතර ඇතැමුන් ගුප්ත දේවල් කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියක් දක්වනු ලබයි. අප ජීවත්වන ලෝකය තුලම තවත් අද්භූථ ලෝකයක් ඇත්ද නැත්ද යන්න සදාකාලික විවාදයකි. කෙසේනමුත් බියසුල්ලන් පසු බසිද්දී , ආරූඪ කරගත් නිර්භීත කමකින් අත්භූත ලෝකයට එබිකම් පාන්නට යාමෙන් නැති ලෙඩ දාගත්තවුන්ද මෙලොව නැතිවා නොවේ.

ශාපලත් භාණ්ඩ නොඑසීනම් Cursed Objects සියගණනක් ලෝකය පුරාම විසිරී පවතී ටුටන් කාමන්ගේ සොහොනේ (Tomb of Tutan Carman ) සිට හඬන දරුවාගෙ (The Crying Baby ) චිත්රය දක්වා එම ලැයිස්තුව දිගු වේ.
චිත්රපට අධ්යක්ෂ ජේම්ස් වොන් (James Wan) විසින් Conjuring චිත්රපයට නිපදවීමත් සමගම ලෝකය පුර වේගයෙන් ව්යාප්ත වුයේ ඇනබෙල් (Annabell) බෝනික්ක පිළිබඳව කතාවයි. සැබෑ ජීවිතයීදීද ගුප්ත විද්යා ගවේෂක යුවලක් වන එඩ් සහ ලොරේන් වොරන් ගේ කෞතුකාගාරයේ (Ed and Lorren Warren ) අදටත් සුරක්ෂිතව ඇති මෙම බෝනික්කා ස්වරූපය අතින් චිත්රපටයේ පෙන්වනවාට වඩා හාත්පසින්ම වෙනස් රෙදි බෝනික්කෙකි. (Raggy Doll) ජේම්ස් විසින් නිර්මානාත්මක කාර්යය සඳහා වඩාත් බියකරු ස්වභාවයකින් ප්රතිනිර්මාණය කරන ලද්දකි.

1970 වර්ෂය වනවිට පාසල් ශිෂ්යාවක්ව සිටි ඩෝනා දැරියට ඇගේ මව විසින් පරණ බදු කඩයකින් මිලදී ගත ඇනබෙල් බෝනික්ක තෑගී කරන ලදී. එවකට පාසලේ නේවාසිකාගාරයේ ඇන්ජී නමැති ඇයගේ යෙහෙළිය සමග එකට වාසය කල ඩෝනා ට සහ ඇන්ජීට විටෙක මේ බෝනික්කාගේ අමුත්තක් දැනුනද ඔවුන් එය එතරම්ම ගනනකට නොගත්හ. මුලදී එතරම්ම අවධානයට ලක් නොවුවද කල්යත්ම ඔවුන් දෙදෙනාටම වැටහුනේ බෝනික්කා තබා තිබෙන තැනින් තැනට ගමන් කරන බවය.

ඩෝනා සහ ඇන්ජීගේ මිතුරිය ලූ නමැති යුවතියද බෝනික්කට කොහෙත්ම කැමැත්තක දැක්වුයේ නැත. ඇය නිතරම කියාසිටියේ එම බෝනික්කාගේ යම් ගුප්ත භාවයක් ඇති බවත් ඔවුන් එම බෝනික්ක බැහැර කර දැමිය යුතු බවත්ය. කෙසේ නමුත් නවීන පන්නයට හැඩ ගැසෙමින් සිටි නාගරික පන්නයේ යුවතියන් වූ ඩෝනා සහ ඇන්ජී එය ගණනකට නොගත්තේ මෙවැනි ගුප්ත සිදුවීම්වලට මොනයම් හෝ පැහැදිලිකිරීමක් ඇතැයි සිතමිනි.

සියලු දෙනාටම සත්ය වටහා ගැනීමට වැඩි කාලයක් ගතවුයේ නැත. දිනක් පාසල නිමාවී නේවාසිකාගාරයට පැමිණෙන ඩෝනාට දක්නට ලැබෙන්නේ රුධිරය වැනි රතු පාට ද්රාවයක් මුළු සිරුර පුරාම තැවරුණු ඇනබෙල් බෝනිකාවය. වහාම ක්රියාත්මක වන ඩෝනා ලූ සහ ඇන්ජී අන්තර් මද්යකු (Medium) ගෙන්වා ගන්නේ මේ බෝනික්ක ගැන රහස දැනගැනීමටයි. එම තැනැත්තා විසින් ඔවුනට දැනුම් දෙන්නේ මීට කාලයකට පෙර ඔවුන් ජීවත්වන නිවස තිබු ස්ථානයේ තිබී ඇත්තේ පාලු ඉඩමක් බවත් එහිදී මියගිය අනබෙලා හිගින්ස් නම් කුඩා දැරියගේ ආත්මය මේ බෝනික්ක තුලට ඇතුළුවී ඇති බවත්ය. තව දුරටත් හෙතෙම පවසා සිටියේ ඇයගේ ආත්මයෙන් ඔවුනට කරදරයක් නොමැති බවත් ඔවුන් සමගින් බෝනික්කාගේ ශරීරය තුලට වී ජීවත්වීමට දැරිය කැමති බවත්ය. ඒ අනුව ඩෝනා සහ ඇනජී ඊට එකඟ වූහ.

අන්තර්මද්යකයාට සිදුවුයේ ඉතා විශාල වරදකි. බෝනික්ක වඩාත් දරුණු වන්නට පටන් ගන්නේ එතනින් පසුවය. සාධක සහිතව ඔප්පු කල නොහැකි වුවද මේ බෝනිකකා ඉතාම භයංකර බව ඔවුනට වැඩි දවසක් යාමට මත්තෙන් වැටහෙන්නට පටන් ගත්තේය. පූජකයෙකුගේ මාර්ගයෙන් එඩ් සහ ලොරේන් දේපල මුණගැසෙන දැරියන් ඔවුනගේ පිහිට පතා සිටිනු ලබයි.

අත්දැකීම් බහුල වොරන් යුවල දුටු සැනින්ම මේ බෝනික්ක තුල ඇත්තේ අරක්ගත් ආත්මයක් නොව බෝනික්කට බැඳ දමන ලද යක්ශාත්මයක් බව වටහා ගත්හ. නිදැල්ලේ සිටින තාක්කල් එම ආත්මයේ එකම අරමුණ වන්නේ පලි ගැනීමය එයට හේතු සාධක අවශ්ය නැත.

බෝනික්කා නැවත තමන්ගේ කෞතුකාගාරය වෙත රැගෙන යාමද වොරන් යුවලට පහසු කටයුත්තක් නොවීය. අතරමගදී වාහනය හේතුවක් නොමැතිවම නතර වීම. හිටි හැටියේ වේගය අදාළ වීම. තිරිංග අක්රීය වීම වැනි බාධා මද්යයේ ඔවුන්ට ගමන් කිරීමට සිදුවූ අතර කරදර ඉවසිය නොහැකි තැන එඩ් බෝනික්ක සම්පුර්ණයෙන්ම ශුද්ධ ජලයෙන් තෙත් කළේය. එමගින් ඔවුනට තාවකාලික අස්වැසිල්ලක් ලැබුන අතර බෝනික්කව සුරක්ෂිතව කෞතුකාගාරයට ගෙනයාමට හැකියාව ලැබිණි.

බෝනික්කාගේ ශරීරයෙන් යක්ෂ ආත්මය පලවා හැරීමට ඔවුන් තවත් පූජකයෙකු ගෙන්වූ අතර Excorcism ක්රියාවලිය අවසාන කොට "මේ නිකම්ම නිකන් රෙදි බෝනික්කෙක් විතරයි..මුට කළහැකි දෙයක් නැහැ" යනුවෙන් පැවසු පූජාය පිටව ගියේය. එය පූජකයා ගිය අවසන් ගමන වූ අතර පල්ලියට ලගාවන අතරමගදී වාහනය හෙලකට පෙරලී ඔහු ජීවිතක්ෂයට පත්විය.

අවසානයේදී වොරන් යුවල තීරණය කලේ බෝනික්කා පෙට්ටියක සිරකර තැබීමටයි. එමගින් බෝනික්කාගේ වියරු හැසිරීම සහ තැනින් තැනට ගමන් කිරීමේ හැකියාවට තිත තැබුණු අතර ඔවුනට සිදුවූ කරදරද අඩුවිය.


කෙසේනමුත් අදටත් වොරන් කෞතුකාගාරයේ සුරක්ෂිත සේප්පුවක බහා ඇති මෙම බෝනික්කා තුල ඇති යක්ෂ ආත්මය එලෙසින්ම පවතී.





Source: Link












29 July 2017

---මාරවිල නත්තන්ඩිය පාර---


මෙක වෙලා දැනට අවුරුදු 2. විතර වෙනවා . මේ seen එක උනේ මාරවිල නත්තන්ඩිය පාරෙ . අපි නම් paint වැඩ තමා කරන්නේ . මෙක උනේ අපේ යලුවෙක්ට. ඔන්න ඉතින් සුපුරුදු විදිහට අපි කර කර උන්න වැඩෙ ඉක්මනට ඉවර කරා එ සතුටට ගෙදර අයිතිකරයා පොඩි party එකක් දුන්නා ඉතින් කට්ටිය කාලා බීලා. ගෙවල් වලට යන්න හදන්නෙ. 

අපේ එක යලුවෙක් හිට්‍ යා එය යන්න ඔනේ කුලිය පිටි පාරෙ තමා එයාගෙ ගෙවල්. ඉතින් party එක ඉවර වෙද්දී 11.40 විතර . කපු බීපුව අස් කරලා ගද්දි 12.15 විතර උනා. දුර ඉන්න යලුවට රෑ උන හින්ද අපි කිව්වා. මෙහෙ අද ඉදලා හෙටම යමන් කියලා. මු කිව්වා මව කවුරු අල්ල ගන්නද බන් කියලා මු ගියා. මෙන්න පහුවදා මු වැඩට අවෙ නැ අපි කොල් ගත්තට වැඩ කරන්නෙ නැ කොහොම හරි දවස් 3 පස්සේ තමා සීන් එක දැන ගත්තෙ. 

මු කොහොම හරි එද රෑ යද්දී නත්තන්ඩි පාරෙ තියනවා කනත්තක් එතනට වෙලා වයසක සීයා කෙනෙක් එයා පාරෙ අයිනේ ඉදන් අත දාලා කතා කරලා . මේ මහා රෑ වයසක මනුස්සයෙක් මොකද මෙතන කරන්නේ කියලා මු bike එක නවත්තලා ඇයි කියලා අහලා. සීයා කිව්වලු අනෙ පුතේ මාව පොඩ්ඩක් හොරගොල්ලට ගිහින් දන්න කියලා .එ තැන පහු කරන් තමා මු අවේ . මොන කරන්නද කමක් නැ නගින්නකො කියලා . 

සීයා බයික් එකට නග්ගලු හැබැයි කිසිම් බරක් තියා බයික් එක හෙල්ලුනෙවත් නැලු . කොහොම හරි තැනට ගිහින් දලා. එතනත් කනත්තක් කියලා තමා කිව්වෙ සීයා බැහලා කතා කරන්නෙත් නැතුව ගිහින් .. පොඩි අඩි පරක් තිබිල එකෙන් යන්න ඇති කියලා හිතලා අයේ බයික් එක හරවගෙන එද්දි අතනින් ම අයේ සුදු ඇදගෙන කෙනෙක් අත දානවා ලු බැලින්නං ඉස්සලා දගෙන ගිය සීයා මලු මු බය වෙච්ච පර ස්පීඩ් එකෙන් ගිහිල්ලා බයික් එක කනුවක හප්පන් තාමා නතර වෙලා තියන්නේ. යලුවට සැහෙන්න තුවල වෙලා. කොහොම හරි බයික් එකේ පීටි පස්සෙ සිට් එකෙ නියපොතු පරවල් හිටන් තිබිල ඔක තමා වෙලා තියෙන්නෙ.

Source :Link




28 July 2017

---නින්දේදී පැමිණි හොල්මන---


මට උන දෙයක් නම් නෙමෙයි මේක .මගේ හොදම යාලුවොන්ගෙන් කෙනෙක්ගේ මල්ලිට උන දෙයක්..මගේ යාලුවට chines restaurant එකක් තිබුනා .උන්ගෙ අම්මා මල්ලි මෙ ඔක්කොම එකතුවෙලා තමා මෙ ව්‍යාපාරය කරගෙන ගියේ ..අවසනවකට උන්ගෙ තාත්තා අපි අතර නෑ ..මගේ යාලුවා ගොඩක් වෙලවට කඩේ වහල එන්නෙ මහා රාත්‍රී යෙදී ..උන්ගෙ මල්ලි 10 වගේ වෙනකොට ගෙදරට එනවා ..

උන්ගෙ මල්ලි දවසක් මෙහෙම ගෙදරට එනකොට කඩේ ඉතුරුවෙලා තියෙන රොස්ට් කරපු කුකුල් මස් වගයක් කකා ආවලු..ගෙදර අවිල්ලත් තවත් ඉතුරු වෙලා තිබුන මස් ටිකක් කකා ඉන්දලා නිදා ගත්තලු...කතාවේ හොදම seen වෙන්නෙ ඉතින් ඊට පස්සෙ ...අපේ ගෙවල් ලග ඉන්නවා ..ජන්තු (මෙම නම මොහුගේ සත්‍ය නම නොවන බව සලකන්න) කියලා කපු මහත්‍තයෙක් ..පන්සලට අයත් සියලුම දෙවාල වල කටයුතු ඉස්ට සිද්ධ කරන්නේ මෙ කපු මහත්‍තයා..හරිම හොද මනුස්සයෙක්..යන්ත්‍ර මන්ත්‍ර වෙඩකට උනත් අපේ ගමේම ඉන්නෙ මෙ කපු මහත්‍තයා විතරයි ..

එදා රාත්‍රී 2 වගෙ අපෙ ගෙදරට මගේ යාලුව අවා bike එකෙන් ..පුදුම විඩියට බයවෙලා ඉනඩියෙ මු.. මන් අහුවා මොකො බන් කියලා .. මු කිව්වා අපෙ මල්ලි බයවෙලා බන් යමන් කියලා ..අපි යනගමන් ජන්තු මාමවත් අඩගහන් ගියේ ..අපරාදේ කියන්න ..කිව්ව ගමන් අවා යමල්ලා ඉක්මනට කොලුවට මොකද දන්නෙ නෑ කියලා..

අපි යාලුවගෙ ගෙදරට එනකොට ..මුලු ගෙදරම lights දාලා ..මල්ලි නිදන් ඉන්දපු කාමරෙට අපි ගියා අපි දෙයක් දේක්ක ..දක්නට ලෙබුන දෙ අපිට හිතාගනවත් අමරු උනා..මගෙ යාලුවගෙ මල්ලි ඉන්දියෙ කාමරේ ජනෙල් වලට ගහලා තිබුන ග්‍රිල් එකේ එල්ලිලා අත් දෙකයි කකුල් දෙකයි දේපෙතට දාලා ..හිතලා නෙමෙයි ..මු බයටම ..කට අරගෙන ඉන්නවා ..

මු කොච්චර බයවෙලා ද කිව්වොත් මුව දකපු අපිත් බය උනා..ජන්තු මාම මතුරලා ඔලුවට තෙල් ටිකක් දාලා මොනද මන්ද tamil වගේ මතිරුව . ඉට පස්සෙ අපි මුව ග්‍රිල් එකෙන් බිමට ගත්තා.. ජන්තු මාම අහුවා මොකද පුතෙ උනේ කියලා අරුන්ගෙ මල්ලි ගෙන්..උන්ගෙ මල්ලි කිව්වා සුදු පාට කුරුම්බා ලොදයක් වගේ උස අමුතු මිනිහෙක් මුනට ලන් උනා කියලා..මු ට ඉටපස්සෙ උන දෙයක් මතක නෑ කිව්වා ....අපි ඉටපස්සෙ උන දෙවල් දෙක්කානෙ ..

පහුවදා මුලු වත්තම cover වෙන්න අරක්ශාවක් ජන්තු මාම දාලා දුන්නා..අදටත් මගේ යලුවගේ මල්ලි හොදින් ඉන්නවා ..කිසිම මස් මාංශ ජාතියක් කටෙවත් තියන්නෙ නෑ 

Source: Link


26 July 2017

---වික්ටෝරියා උයන---


එදා සීතල දවසක්.පුංචි හිරිපොදයකුත් තිබුණා.ඒත් මම එදා සීයත් එක්ක ඇවිදින්න ගියා.අපි ගියේ වික්ටෝරියා උද්‍යානයට.නුවර එළියේ සීතල හුළඟ වැදිලා, වික්ටෝරියා උයන හරහා ගලායන දියපාර උඩින් දමා තිබුණු යකඩ පාලමේ අත්වැට සීතල වෙලා තිබුණා.අපි හිටියේ අත්වැටට හේත්තු වෙලා.මීදුමකින් මුළු උයනම වැහිලා තිබුණා.විටින් විටේ මීදුම තුරන් වෙලා උයනේ වවලා තිබුණු රෝස පාට මල් පෙනුණා.ඒත් සුළු වෙලාවකට විතරයි.

මම ඇඳන් හිටියේ සුදුපාට ජර්සියකුයි,නිල් පාට දෙනිම් කලිසමකුයි.මගේ ඔළුවට දාලා තිබුණු අයිස් කැප් එකේ තැන් තැන් වල පිනි බිංදු රැඳිලා තිබුණා.මීදුම මැද හිටන් ඉන්න මාව ලස්සනට අනිත් අයට පේනවා ඇති නේද කියලා මට හිතුණා.උද්‍යානයේ දොරටුව ගාව උණු උණුවෙම කඩල විකුණන කඩලකාරයාගේ ලාම්පුවේ කහපාට එළිය මීදුම අතරින් බොඳවෙලා පෙනුණා.
මම ජර්සියේ සාක්කුදෙක ඇතුලට මගේ අත්දෙක ඔබාගෙන සීයත් එක්ක කතාකරන්න වුණා.
"ඔයා ඇත්තටම එයාට කැමතිද?"

සීයා ඇහුවා.අපි කතාකරමින් හිටියේ මගේ පෙම්වතා ගැන.ඇත්තටම මට එයා ගැන ලොකු අදහසක් තිබුණේ නෑ.එයා හොඳ කෙනෙක් කියලා මට දැනුණා.නමුත් එයාගේ සමහර වැඩ වල විකාර ගතියක් තිබුණා.මොනවා වුණත් එයා මට ගොඩක් ආදරේ කරනවා කියලා මම දැනන් හිටියා.
මම උත්තරයක් නොදී දියපාරේ වතුර ගලා යනවා බලන් ඉන්න ඇති.
"කවදාවත් දුවේ කෙනෙක්ට බොරුවට ආදරය කරන්න එපා.ඒක විඳවන්න දවසක් එනවා."
සීයා ලොකු හුස්මක් පාතට හෙලනගමන් මට කිව්වා.

"ඇයි සීයේ එහෙම කිව්වේ?"
මම සීයා දිහා බලාගෙන ඇහුවා. සීයගේ ඇස් යොමුවෙලා තිබුණේ ඈත අහසට.මීදුම අස්සෙන් ඈත අහස දිහා බලාගෙන මොනවාහරි පරණ දෙයක් මතකයට ගන්න සීයා උත්සාහ කරනවා කියලා මට දැනුණා.
"වික්ටෝරියා"
සීයාගෙ තොල් වෙව්ලුවා.
"මොකක්?"
මම ඒ දේ තේරුම් නොගිය නිසා ආයෙත් සීයා දිහා බලාගෙනම ඇහුවා.
"අපි ඉන්නේ වික්ටෝරියා උයනේ තමයි."
මම කිව්වා.

"නෑ......මට මුලින්ම ආදරය කරපු කෙල්ල;එයාගේ නම වික්ටෝරියා"සීයා මිමිණුවා.
"ආ....ඒකද මේ...ඉතිං එයාට මොකද වුණේ?"
මම සීයව අවුස්සන අදහසින් තමයි එහෙම ඇහුවේ
"එයා නැතිවුණා.සියදිවි නසා ගත්තා."
සීයා දුකෙන් කිව්වා.මම සීයගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.මගේ මූණත් මැලවිලා යන්න ඇති.
"මොනවා වෙලාද?ඇයි ඒ?"

මගි ඊළඟ ප්‍රශ්නයේ තියෙන්න ඇත්තේ වෙන ස්වරයක්.
"ඒ මං නිසා.එයා මට ගොඩක් ආදරය කළා.ඒත් මම එයාට බොරු කළා.මට මතකයි රෑට අඳින ඩ්‍රෙසිං ගවුම පිටින් එයා එල්ලිලා ඉන්නවා.ඒ මූණේ තිබුණේ මං දිහාට හෙලපු නපුරු බැල්මක්.අසරණී......."
සීයා හීල්ලුවා.
"ඉතිං සීයා ඒකට විඳවන්නේ කොහොමද?"
මම ඇහුවා.
"මට තාමත් විඳවන්න වුණේ නෑ.ඒත් මගේ හිත කියනවා ළඟදිම එහෙම වෙයි කියලා"
ඒ ස්වරයේ තිබුණේ ශෝකී බවක්.
"විකාර"

මම එහෙම කියන ගමන් සාක්කුවේ තිබුණ කුඩය ඉහළලා සීයා අතට දුන්නේ සීයව පොද වැස්සෙන් තෙමෙන නිසා.
"මම ගිහින් කඩල ගොට්ටක් අරන් එන්නම්"
මම එහෙම කියන ගමන් උයනේ දොරටුව දිහාට දුවලා ගියා.මට මිනිත්තු පහකට වඩා ගතවෙන්න නැතුව ඇති.ම්ම උණු කඩල ගොට්ටත් අරගෙන ආපහු එද්දී පාලම සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා.ළඟ පාත කවුරුවත්ම හිටියෙ නෑ.මීදුම අතරින් එකපාරටමමම සීයට දීල ගිය කුඩේ රෝල් වෙලා සුළං පාරක් එක්ක ආවා.කියන්න බැරි අමුතු බයක් නිසා මගේ ඇඟේ හිරිගඩු පිපුණා.මම මීදුම අස්සෙන් පාලම දිහාට දුවගෙන ගියා.

ඊළඟට මට සිද්ධ වුණේ එතනම නතර වෙන්න.සීයා පාලම උඩ උඩුබැලි අතට වැතිලා හිටියා.කව්දෝ කෙනෙක් සීයා ළඟ බිම දණගහගෙන සීයගේ මූණට එබිලා හිටියා.මීදුම නිසා මට එයාව හරියටම පෙනුණේ නෑ.ඒත් එයා ඇඳන් හිටියේ සුදු පාට ඩ්‍රෙසිං ගවුමක්!මම එතනට යද්දි එයා සීයා ළඟින් නැගිටලා මීදුම අසේ සැඟවිලා ගියා.
සීයගේ කට ඇදවෙලා තිබුණා.අතකුත් පණනැහැ කියලයි මට තේරුණේ.සීයට සීයට කතා කරන්න බැරිවෙලා තිබුණා.

ඊට මාස තුනකට පස්සේ දුක් විඳ විඳ හිටපු සීයා නැති වුණා.ඊට පස්සෙ මම කවදාවත් වික්ටෝරියා උයන පැත්තේ ගියේ නෑ........................................

Source: Link


---හොස්ටල් එක---


එතකොට මම කම්ප්ස් එකේ 4th yr එකෙ.හොස්ටල් එකේ තම හිටියේ.එක රෑම් එකක තුන් දෙනෙක් හිටියා.නිදාගත්තේ තට්ටු අදන් වල.මන් නිදා ගත්තේ උඩ අදක.හොස්ටෙල් එකට ඔන වෙලාවක එන්න යන්න පුලුවන්.එනිසා රෑ වෙලා නිදියද්දී එකෙක් හරී අඩු නම් දොර ඇරලා තියලා නිදා ගන්නව.රෑ වෙලා ආවොත් කියලා.

ඉතින් මේ අතරේදී එකෙක්ගේ මාමා කෙනෙක්ට අසනීප උනා.ඉතින් මේ යලුවා තමා සාත්තු එහෙම කරේ.හෙබැයි ඉතින් ටික්ක කාලෙකින් මේ මාමා මරුනා.ඉතින් යාලුවා ගිහින් මලගෙදර කටයුතු කරලා අවා bike එකෙන්.

මූ හොන්දටම බය වෙලා.මන් එදා හොස්ටෙල් එකේ හිටියේ .මූ අපට කිවා.මූ මල ගෙදර ඉදලා bike එකෙන් එනවලූ රෑ.වෙලාව නම් 9 වගේලු.ටිකක් දුශ්කර පැත්තක් හන්දා පාරේ වැඩිය ගෙවල් වාහන එහෙම නෑලු.ඉතින් ඔහොම එද්දී එක ගෙයක් ලගදී මුගේ bike එකට බල්ලෙක් වගේ එකෙක් පැන්නලූ ගෙදර ඉන්දලා.සුදු පාට බල්ලෙක්ලු.ඒ පාර මූ ව වැටිලා.ඒ සද්දෙට ගෙදර අය ඇවිත් බලලා.මූ විතරේ කියලා ඇහුවාලූ සුදූ පාට බල්ලෙක් ඉනවාද කියලා.ඒ ගෙදර අය කියලා එහම සුදූ පාට බල්ලෙක් කොහේකවත් නෑ කියලා.ඉතින් මූ ටිකක් බය වෙලා.එත් ඉතින් එන්නත් ඔනනේ මූ හොස්ටෙල් එකට ඇවිත්.අපට ඔය කතාව කිව්වාම අපි එඡර ගනන් ගතේ න.

පස්සේ මූ ඉතින් නා ගෙන මහන්සී කියලා නිදා ගත්තා.මත් ඉතින් පව්නේ කියලා කමරේ light එකත් නිවලා එලියට ඇවිත් පාඩ්ම් කරා.ඉතින් රෑ 12ත් පහු වෙනකන් පාඩම් කරලා මන් නිදා ගන්න කමරේට ගියා.මේ වෙද්දී අනිත් කොල්ලො සේරම වගේ නිදි.කාමරේ අරු නිදි හොදටම.අනිත් එකා පේන්න හිටියේ නෑ.මන් හිතුවා මලක් වත් කඩනව වෙ අති කියලා කමරේ දොරත් බාගෙට වහලා මන් උඩ ඇදට නැග්ගා.

ඒත් නින්ද ගියේ නෑ.ටික වෙලාවක් යද්දී කමරේ දොර ඇරගෙන කව්දෝ කෙනෙක් කමරේට අව.උස අඩි 5ක් විතර ඇති.කලුයි.හරියට පේන්නේ නෑ light නිවලානේ.ආපු කෙනා දොර වහලා අනිත් ඇද උඩට ගියා.මන් හිතුවා අනිත් යාලුවා ආව කියලා.ටික වෙලාවක් ගියා.කිසි සදයක් නෑ.ඉතින් මන් අනිත් ඇහුවා මචන් උබද ආවේ කියලා.සඩ්දයක් නෑ.ඒ පාර මන් නැගිටලා light දාලා බැලුවා.මොකෙක්වත් නෑ ඒ අදේ.අරූ නම් නිදි.

දොර අරින්න ඇද්දා.ඒක එතුලෙන් ලොක් කරලා.මට හොදට මතකයි මන් දොර අඩවල් කරලා නිදා ගත්තේ.මන් ඉතින් දොරත් ඇරගෙන එලියට අව.ඇවිත් පහලට ගිහින් පහල කමරේක කොල්ලෙක්ගෙන් ඇහුවා මගෙ කාමරේ ඉන්න අනික් එකාව දැක්කද කියලා.ඌ කිව්ව එකා හවස ගෙදර ගියා කියලා.එතකොට මහ රෑ කමරේට අවේ කව්ද? ආපු කෙනා දොර ලොක් කරලා තීද්දී කොහොමඩ අතුරු දහන් උනේ? අදටත් මේක ප්‍රශ්නයක්

Source: Link


---දලගිරි අදූන---


අව අටවක පෝයට ඇය මිය යා යුතුය අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය මල්හ⁣ාමි තම කුළුදුල් දරැවා බිහිකිරීමේ දින ඇගිලි ගැන්නේ තමාටත් උක්කුවාටත් දාව උපදින කිරිකැටියා දැක ගැන්මටය පුන්චා උඹ අද හෙටම පටන් ගන්න ඕන ගුරැකම හොදමයි ගැරැන්නාස්සෙ හොදමයි කීවට බොල තෝ දැනගිය මේ වැඩේ අකුරක් එහෙමෙහෙ වෙන්න බෑ බොල සුළු අතපසුවක් උනොත් අපි ඔක්කොම කම්මුතුයි මතක තියාගනින් මේක අපෙ ගුරැකම් පරම්පරාවේ මහ එකාලා තහනම් කරපු කාරියක් උඹ දැනගනින් මේක කොරන්න නම් බන් මේකට ඕනකරන තුන්කුළුදුල් දරැව බඩ දරැ ගෑනි අව අටවකට කලින් ඉබේ මැරෙන්න ඕන අපිට අමාවක රෑකට මිනිය ගොඩගන්න ඉතින් තෝ අදම පල මතකනේ කීවා මන්තරේ නූලට මතුරපිය හ්ම් දැන් පල ඒ බන්ඩර ගුරැන්නාන්සේගේ වචනයයි ඊට පිටින් යෑම කල නොහැකි කරැනකි ..... 

ගොම්මන් වෙලාවේ සිට මල්හාමිගේ නිවස සමීපයේ වන ලැහබක රිංගා මදුරැවන් තලමින් හුන් පුංචා තම කර්තව්යට වෙලාව පැමිනෙන තුරැ අදුර අතර සැගව ඇත. රෑ දොලහට ආසන්න ඇති බව සිය අතබැදි ඔරලෝසුවේ රේඩියම් කට්ට පෙන්නද්දී ගෙපිලට වැද හේ මතුරන්ට විය ගෙතුල නිදාහුන් මල් හාමිගේ හුස්ම ගැනීමේ වේගය එක් වරව වැඩිවිය ඈ දොර හැර ගෙන එලියට බසී නැවත ඇතුලට යති ගේ වටෙි ඇවිදී ඇය උමතුව හමාරය පුන්චා සිය කාර්ය නිමව සීම⁣ා වැලි මිදුලවට දමා එමතැනින් පිට විය පසුවදා මල්හාමි බලාගත් අත බලා සිටී කිසිදු කෑමක් බීමක් නැත බන්ඩාර ගුරා කැන්දා ඇප නූලක් දැම්මද පලක් නොවීය පුන්චාට බාරදුන් කාර්ය නිමව ඇත. එදින රාත්තිරය උදාවින මල් හාමි කාටත් හොරා නැගිට ලිදවෙත ඇදින ඈ ලිංපතුල දෙස බලා සිනාසී සිය මරැවා වෙත නිහඩව ලගාවුනි ඇයගේ මරණය ගම්මුන්ට එතරම් ගනනක් නූයේ ඇය පිටගම් කාරියක වීම නිසාය එනමුදුගමේ තලතුනා ගැහැනුන් අකම්පාල වූයේ ඇය ට ලැබෙන්නට සිටි දරැවා ගැනය . බණ්ඩර ගුරැන්නාන්සේ ගේ ඉහේ මලක් පිපුනා වැනි සතුටකින් සිටියද පුංචා සිටියේ එතරම්කැමත්තකින් නොව ඒ තමාට අතගැසීමට සිදු වූ පාපකාරී වැඩය ගැනය ...

අහසේ පායා තිබූ අවසන් සද පළුවද ආලෝකය වසන් කර මුළු පරිසරයම අන්දකාරයේ ගිල්වාය අතවැසි කොළුවන්ද පුංචා ගුරාද බන්ඩර ගුරැන්නාන්සේද ⁣පාළු කනත්ත සොයා ඇදුනේ ගොදුරකට ඉව අල්ලන සතුන් ලෙසය එය එසේ වුවද අදුන සකස්කරගන නිම කරගන්නා තුරාවට ජීවිතය සෑම තත්පරයකම අනතුරේ බව බන්ඩර ගුරා මැනවින් දැනසිටියේය. අද හැටවන වියේ පසුවන වෙලේ කඩේ අප්පුහාමි එකල කුඩා කොළු ගැටයෙකි අද ජීවතුන් අතර සිටිනුයේ ඔහු පමනි ...මේ කතාව මා හට පවසන ව්ට දැඩි රෝගාතුරව සිටි බැවින් ඇතම් කොටස් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මා අපොහොසත් වෙනවා වීමට පුළුවන 

මුරැතවෙල බෝවල ගම්මානය පාළු සොහොන් පිටියට පැමිනි පිරිස විලක්කු එලියෙන් සොයාගත් මල්හාමිගේ මිනිවල හාරන්නට විය ලෑලි පෙට්ටිය ගොඩට ගෙන මතුරා ගත් කහ දියරෙන් මිනිය නහවා අසල සිටවූ කනුවේ ගැටගැසුවේ හාත්පස ඝන අන්දකාරය දෙසද බලමිනි සෙස්සෝ බියව තැතිගෙන සිටියද බණ්ඩර ගුරැන්නාස්සේ සියල්ලන්ටම මැතිරෑ යම් කුඩක් අතට දුන්නේ හදිසියක් වුවහොත් බාවිතාකිරීමටය මැදියම පසුව ඇත කලමනා ලෑස්තිකර සියල්ල සූදානම්ය අප්පු කොළුවා වීමට යන දේ කුමක්දැයි සැකයත් බියත් අතර හිදිමින් සිටිති. 

පුංචා උඹ දන්නවනේ හරිය අමුතුවෙන් කියන්න ඕන නෑ මම ඔය මල්ලෙ තියන ඒවා ඒඒ වෙලාවට එන එකාලට දීපිය බියගන්න එපා එහෙම වුනොත් වුනොත් කම්මුතුයි අප්පුවා උඹ මගේ ලග හිටු ගුරැගේ අණ අණමය ඈතින් උලමෙකු කෑගසයි සීතල හුලන් දහර වේගයෙන් හැමුවේ දැල් වූ පන්දම් නිවා දැමීමට මෙන්ය අප්පුවාට පැවරෑ කාර්ය වූයේ වලේ දැප මතුරා දෙන දුම්මල කුඩු ගිනි කඹලට දමා මිනියගේ මූනට ඇල්ලීමය වලේ දැප ගුරා මහ හයියෙන් මන්තර ජපකර දුම්මල කුඩු අප්පුවා අතට දෙයි අප්පුවා ඒ දෙන කුඩු රැගෙන කඹලට දමා මිනියේ මූනට අල්ලයි විටින් විට පැමිනෙන නොපෙනෙන බලවේගයන්ට මැතුරෑ බිත්තර උක්ගස් මකුණුදැල් ආදිය අන්දකාරයේ දිසාවට පුන්චා විසිකරයි 

වලේ සිට ජපකරනා මන්තර වේගය වැඩිවින පුන්චා ගේ ද සිටි සෙස්සන්ගේද සියොලග දහදියෙන් නැහැව ඇත එක් වරම ෑතිනි මහා ගොරවනා සදිදයක් ඇසින එපා යැයි කීදෙය පුන්චා ට ඉබේම සිදුවුනි හඩ දිසාවට කුකුලා විසිකරනව වෙනුවට හේ එදෙස බැලීය පැමිනි දිස්ටිය පුන්චාබිලිගත්තේ සෙස්සන් හිස් ළු අත දුවන්නට සලසමිනි ගසේ බැද හුන් මිනියේ දිව එලියට ඇදී ඇත බන්ඩර ගුරැ වලට බැසීමට පෙර කී දෙයක් ශනිකව මතක්වින වල අසල තිබූ මැතිරෑ කහ දියර මුට්ටිය හිසේ වත්කරගත් අප්පුවා කලය වලතුලට දැමීය එම හේතුවෙන් බන්ඩර ගුරා ත් අප්පුවාත් බේරින එන මුදු එදා කාර්යට සහබාගී වූ එකදු අයෙකුවත් අදද ආගියතක් නොමැත.... 

පසුව දින ගනනාවකින් බන්ඩර ගුරා මියගියේ හිටිවනමය ⁣ගම්මානය තුල හදිසියේ එකා දෙන්නා හිටිවනම මියයන්නට විය මියයාමට පරතම වදුරන් බල්ලන් දකිනා මොවුන් අන්න වදුරා යැයි අත දිගහැර පෙන්වයි වදුරකු නැත සෙම දමා මිය ගොස් වැටේ මන්ද ගුරැකම වැරදී ඇත. අදුන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය ගම්මානයේ රැදී ඇත ආරන්චිය පැතිරගොස් පරසිද්ද ඇදුරන් පැමින වැඩකලද පලක් නොවීය පසුව ගම හතර කොන සීමා කොට දින සතක් එකදිගට පිරිත්කියා ගම උවදුරින්බෙිරාගෙන අැත. මල මිනියේ එලියට ඇදෙනා දිවෙන් වැගිරෙනා මිනී තෙල ගෙන එයට දිශ්ටිකවා එයින් වැඩගැනීමට සිටි අය අකාලයේ මිය ගියහ දලගිරි අදුන අදුන් අතරින් බයානකම අදුන එය බව පැවසේ 

ගම් දනව්සුනුවිසුනු කල හැකි අයුතු දේ සදහා යොදාගන්නා බයානක දෙයක සැකස්ම එයින් නැවතින .......

Source: Link


---සුද්දප්පු මාමා---


රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන් පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.

තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.

ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ‍ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.

එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.

"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.

ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි.

Source: Link




25 July 2017

---සුරංගනී---


හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සුරංගනී තිස් හතර හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය දැඩි ඇඟපත රුදාවකින්, හිසරදයකින්, බඩ පුරවා දැමීමෙන් හා කෑම අරුචියෙන් අවුරුදු නවයක් තිස්සේ පීඩා වින්දාය. සිංහල ඉංගී‍්‍රසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද කිසිදු සහනයක් නොවීය. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ද අවුරුදු ගණනාවක් තමන් කළ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් “ඔබට කායික රෝගයක් නැතැයි” ප්‍රකාශයට පත් කොට “මනෝ වෛද්‍යවරයකු ළඟට යන්නැ”යි උපදෙස් දෙති. සුරංගනී ඊළඟට අවුරුදු හතරක් ම එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය. එහෙත් සුවයක් ලැබුණේ ම නැත.

නවීන විද්‍යාවෙන් සහනයක් නොලැබුණු විට පැරණි සම්ප්‍රදායික අභිචාර විධිවලට යොමු වී තොවිල් හතරක් ද ඇගේ වැඩිහිටියන් විසින් සිදු කරවනු ලැබුණි. මේ සියලු ප්‍රතිකාර වත් පිළිවෙත් ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණනක් දිය වී ගියත් ඇයට සුවයක් ලැබුණේ නැත.
අවසානයේ “සිළුමිණ” - “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අසා අදාළ ස්ථානය කරා ඇගේ වැඩිහිටියෝ ඇය කැඳවා ගෙන ගියහ.

පළමු දිනයේ රෝගියා පරීක්ෂා කැර බැලීමේ දී ඇය සිහිසුන්ව වැටුණාය. මේ වන විට සුරංගනී කායිකවත් මානසිකවත් ඉතා ම පහත් තත්ත්වයකට පත්ව සිටි බැවින් ඇගේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැඟීම සඳහා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ ද එසේ ම සිදුවිය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස නියම කළේය.
තුන්වැනි දිනයේ සුරංගනී ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගෙන එක දිගට විනාඩි දහයක් පමණ ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කව්ද මේ අඬන්නේ?”
“මම සුමිත්”
“සුමිත් කියන්නේ කවුද?”
“මේ සුරංගනීව බඳින්න හිටිය එක්කෙනා, පෙම්වතා”
“ඇයි මේ ළමයට හිරිහැර කරන්නේ?”
“මම හිරිහැර කරන්නේ නැහැ.”
“නැත්තේ මොකද? සුමිත් මේ ළමයගෙ ශරීරයට රිංගා ගෙන ඉන්න කොට මෙයා ලෙඩ වෙනවා. අවුරුදු නවයක් කියන්නේ සුළුපටු කාලයක් ද? කරුණාකර මේ ශරීරයෙන් ඉවත්ව යන්න.”
“බෑ... බෑ... මට නම් යන්න බෑ. මම සුරංගනීට ආදරෙයි”
“සුමිත් මැරුණේ කොයි කාලෙ ද?”
“2004”
“මොනවා වෙලා ද මැරුණේ?”
“සුනාමියට අහුවෙලා”
“එදා කොහොමද මැරුණෙ කියලා මතක ද?”
“ඔව්! මගේ ගම මිරිස්ස. සුරංගනීගෙයි මගෙයි විවාහයට අවශ්‍ය බඩු ගන්න මම මාතරට ගියා. මෝටර් සයිකලයෙන් ගියේ. හිටි හැටියේ විශාල ජල කඳක් ආවා. ඊට පස්සෙ මොනවා වුණා ද දන්නේ නෑ.”
“කොහොම ද සුරංගනී ළඟට ගියේ?”
“මගේ මරණයේ දී හිටි හැටියේ ඇතිවුණ පීඩනය නිසා මගේ මතකය ක්‍රියාත්මක වුණේ නෑ. කාලයකට පස්සෙයි මතකය ක්‍රියාත්මක වුණේ. සුරංගනී මගේ නම කිය කියා තනියම අඬන කොට මාව හම්බන්තොටට, සුරංගනී ළඟට ඇදිලා ගියා.”
“ගිය ගමන් සුරංගනීගෙ ඇඟට රිංගුව ද?”
“නෑ. එහෙම රිංගන්න බැරිවුණා. මම ළඟට ගිහින් සුරංගනීට කතා කළා. එයාට ඇහුණේ නෑ. එයා මගේ පින්තූරය ළඟ තියා ගෙන බල බලා ඇඬුවා. මම එයාගෙ ළඟින් ම හිටියා. මට ඒත් ඇඟට රිංගන්න බැරිවුණා.”
“ඉතින් කොහොම ද රිංගුවේ?”
“දවසක් ගෙදර අය සුරංගනී එක්ක රණ්ඩු කළා. බහින් බස් වුණා. සුරංගනී එදා හොඳටෝ ම ඇඬුවා. මම සුරංගනී ගෙ ඔළුව අත ගෑවා. එතකොට මට දොරක් ඇරෙනවා වගේ දැනුණා. මම ටක් ගාලා එතැනින් ඇතුළට රිංගා ගත්තා. එදා ඉඳලා මම සුරංගනී ගෙ ඇඟේ ඉන්නවා.”
“ඇඟේ ඉඳගෙන මොනව ද කරන්නෙ?”
“සුරංගනීව විවාහ කර දෙන්න ගෙදර අය මනමාලයෝ ගෙදරට ගෙන්වනවා. මම උන්ව පන්නනවා.”
“කොහොම ද පන්නන්නේ?”
“සුරංගනීගේ ඇස් දෙකෙන් නපුරු යක්ෂ බැල්මක් නිකුත් කරනවා. ඒ මනමාලයෝ බය වෙලා යනවා. ආයෙත් එන්නෙ නැහැ. සමහරුන්ට සංග්‍රහ කරන කොට මනමාලයට පිළිගන්වන කෑමට බැල්ම හෙළනවා. උන්ට බඩේ අමාරු හැදිලා ඉක්මනින් යන්න යනවා.
“සුරංගනී විවාහ වෙන්න කැමති ද?”
“නෑ... සුරංගනී කැමති නෑ. ගෙදර අයගෙ කීමටයි මනමාලයෝ එන්නේ. සුරංගනී මගේ ම යි.”
“ඉතින් මේ ගෙදර තොවිල් කළා නේද?”
“ඔව්! ඒවාට සූදානම් වෙන කොට මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ.”
“ඉතින් ඔබ කොහොම ද අහුනොවී හිටියේ?”

“ඔය ඇදුරො තොවිල් කරන්නේ උන්ගේ සිල්වත් කමකින්වත්, ආධ්‍යාත්මීය ශක්තියකින්වත් නොවෙයි. අමනුෂ්‍ය බලයෙන්, ඇදුරන්ගේ ළඟ වැඩ කරන අමනුෂ්‍යයා මාව අල්ලගන්න එන කොට ම මම දුවලා හැංගෙනවා. ඇදුරෝ ඔය ආරක්ෂාවල් යොදන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් නොවෙයි. යන්ත්‍ර මන්ත්‍ර දැම්මාට උන් ඒවා හරියට ජීවම් කරන්නේ නෑ. නියමිත වාර ගණන ජීවම් කරන්නේ නෑ. ඉතින් ළඟ ඉන්න අමනුෂ්‍යයන් එතැන ආරක්ෂාවට නතර කරලා යනවා. ඇදුරා තොවිලය කර ගියාට පස්සේ ටික දවසකින් උනුත් යන්න යනවා. ඒ ආරක්ෂාවට හිටිය එවුන් ගියාට පස්සෙ මම ආයෙත් සුරංගනී ළඟට එනවා.”
“තමුන් සුරංගනීට ආදරේ ද?”

“ඔව් මම එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ”
“තමුන් ජීවත් වෙන්නේ කොහොම ද?”
“සුරංගනීගෙ ශරීරයෙන්මයි”
“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”
“ආදරෙයි. ආදරෙයි. ඇත්තට ම ආදරෙයි”

“සුරංගනීට තමුන් ආදරේ නම් සුරංගනීව සතුටෙන් සැපෙන් තියන්න ඕනෑ. තමුන් මේ ළමයගෙ ඇඟේ යම් යම් තැන්වල ඉන්න කොට. යම් යම් තැන්වලින් ලේ උරා බොන කොට, ඔය විදිහට ගියොත් මෙයා පිළිකාවක් හැදිලා මැරෙයි. සුරංගනී මැරිලා ඈතට යන්න යාවි. තමුන් කරපු අපරාධයට ඔය ඉන්න දුගතිගාමී ආත්මයෙන් තවත් පහළට වැටිලා තමුන්ට දුක් විඳින්න වේවි. එතකොට සුරංගනීව දැකගන්නවත් ලැබෙන්නේ නෑ.”
“එහෙම ද?”

“එහෙම තමයි. තමුන් දැන් සුමිත් නොවෙයි, සුමිත් සුනාමියට අහුවෙලා මැරුණා. තමුන් දැන් පේ‍්‍රත ජීවියෙක්, තමුන් ඇත්තට ම මේ ළමයට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් ඇගේ ඇඟේ ඉන්න කොට ඇය අසනීප වෙනවා. ඉතින් කොහොම ද සතුටෙන් ඉන්නෙ? තමුන් සුරංගනීට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න උදව් කරන්න. ඇගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගන්න උදව් කරන්න. එතකොට එයා සුවපත් වේවි. තමන්ටත් ඒක විශාල කුසලයක් වේවි.”
“හොඳයි මම සුරංගනීගෙ ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මට එයාව දකින්න ඕනෑ.”
“තමුන් කැමති බෝධියක් තියෙනවා ද?”
“ඔව්! මාතර බෝධියට මම කැමතියි.”
“ඔබට මාසයකට වතාවක් සුරංගනීව දැකගන්න අවස්ථාව සලසා දෙන්නම්.”
“හොඳයි”

දින 21ක් මාතර බෝධීන් වහන්සේ වෙත බෝධි පුජා පවත්වන ලෙස සුරංගනීට උපදෙස් දුන්නේය.මාතර බෝධීන් වහන්සේ අසල පැවැත්වෙන සියලු පිංකම්වලට අත හිත දී සිත පහන් කරහන්නා ලෙස පෙරේත ජීවියාට නියම කලේය.සුරංගනීගේ දින විසි එකේ බෝධි පූජා වලින් පසු මාසයකට වරක් බැගින් එහි පැමිණ බෝධි පූජා තබන ලෙසද ඇයට කීවේය.මාසයකට වරක් බෝධි පූජා පවත්වන විට ඈතින් හිද ඇයට ආශීර්වාද කරන්නට පෙරේත ජීවියාට නියම කලේය............

Source: Link

---කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව---


හොල්මන් අවතාර වගේ ගුප්ත දේවල් කියන්නේ චකිතයක් වගේම ලොකු කුතුහලයක් ඇති වෙන දෙයක්,,,
අද කියන්න යන්නේ හොල්මන් ගැනවත් අවතාර ගැනවත් නෙවේ,,, පිල්ලියක් ගැන,,,
මේ ගෲප් එක මේ වගේ දේවල් කතා කරන ගෲප් එකක් නිසා මේ ගැන විශ්වාස නැති අය කරුණාකරලා මේ දේවල් බලන්න එපා...

පිල්ලියක් කියන්නේ පුද්ගලයෙක්ගේ හෝ සතෙක්ගේ ස්වරූපයට යම් කෙනෙකුට දෘශ්ටියක් ලබා දීමකි,,, ඒක එක් ආකාරයක ඇස්බැන්දුමක් කියන්න පුළුවන්,,, හැබැයි මේක ගොඩක් භයානකයි,,,
ජාඇල පැත්තේ කඩයක් මංකොල්ල කාල පැනලා යන හොරු කන්ඩායමක් පස්සෙන් පොලිසිය වගේ පිල්ලියක් යවලා හොරු කන්ඩායම ගිය වාහනේ දඩුගම් ඔයට පෙරලලා ඔවුන් පොලිසියට කොටු කරපු හාමුදුරුනමක් සීදූව පැත්තේ බොහොම ප්‍රසිද්ධ උනා,,,

මේත් ඒ වගේ දෙයක්,,, එක්තරා පොතක පළවුනු සත්‍ය කථාවක උපුටා ගැනීමක්,,,
අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නෙත් දකුණු පළාත වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට බොහොම ප්‍රසිද්ධ පළාතක්නේ,,,, මේ පළාතේ ඉදලා තියෙනවා හීන් අප්පු කියලා ගුරුන්නාන්සේ කෙනෙක්,,,
මේ ගමේම දවසක් තුන් කුළුදුල් දරුවෙක් මිය ගිහිල්ලා,,, දුෂ්කර පළාතක්නේ,,, කුළු හරකෙක් ඇනලා තමා මේ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සෙත් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ මේ වගේ මරණයක්,,,, හේතුව මේ ගුරුන්නාන්සෙගේ එක්තරා කටයුත්තක් ඉටු කරගන්න,,,
ඒ තමා පිල්ලියක් යවන්න පිල්ලිය නිර්මාණය කරගන්න තමා මේ තුන් කුළුදුල් කෙනෙක්ගේ මල මිනියක් ඕන වෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සේ තව සහයට කීප දෙනෙක් එක්ක රෑ දෙගොඩහරියේ ගිහින් මේ කනත්තට,,,,

ගිහින් පළවෙනි රාජකාරිය තමා මළමිනිය ගොඩට ගන්න එක,,, දෙතුන් දෙනෙක් එකතු වෙලා වලේ පස් අරන්දාල මිනීපෙට්ටිය ගොඩට ගත්තා,,, එහෙම්ම උස්සගෙන ගිහින් කැරකොප්පුව මැද්දේ කළු පාට ලොකු කෝන් ගහේ බැන්දා,,, ලනු පට තුන හතරකින් මිනිය බැන්දත් ඔළුව තාමත් පහතට එල්ලිලා,,,
ඔළුව ඔහොම තිබ්බට මම ජප කරද්දි බලහල්ලකෝ ඔළුව උස්සන රඟ
යැයි හීන් අප්පු හිනාවෙලා කියද්දි කට්ටියටනම් හින්දාඩිය දාන්න ඇති,, මේවා හීන් අප්පුට කජු කන්නා වාගේ වැඩ,,,

කොහොමෙන් කොහොම හරි කරන්න ඕන වැඩ කටයුතු ටික කට්ටියට තේරුම් බේරුම් කරලා දීලා හීන් අප්පු වැඩේ පටන් අරන්,,, වැඩේ කරන්න තියෙන්නේ මිනිය වලලලා තිබ්බ වලේම තමා,,,
මිනී වල ඇතුලේ පැදුරක් එලලා පැදුරට සාත්තුවක් එහෙම කරපු ගුරුන්නාන්සේ පැදුරේ දිගාවෙලා මන්තර ජප කරනවා,,,

ඕන් එතකොට ආතක් පාතක් නැතුව වදුරෙක් එතනට කඩන් පාත් උනාලු,,, ඒකත් දොළපිදේනි ගන්න ආපු අවතාරයක් ,, බුලත් කොලයක් කාපු වදුරා ලග තිබුන ගහකට පැනලා අතුරුදහන් උනාලු ,,,
ඔන්න ටිකකින් අහල පහල පදුරු පොඩි වෙන්න ගත්තලු,,, එ තමා නාග අවතාරේ,, බිත්තරයක් ගිලලා දාපු නයත් කැලේ අස්සට වැදිලා නොපෙනී ගියාලු,,,
ඔය විදියට සුනඛ, බළල්, මුව , සූඛර ආදී නොයෙක් නොයෙක් අවතාර ඇවිත් දොළපිදේනි අරගෙන ගිහින් අරගෙන ගිහින් ඉවරලු,,,

දැන් එන්න තියෙන්නේ මහසෝනා විතරයි,,, වැවේ කෙලවරේ පේන අහසෙන් උඩු තල්ල මවාගෙන වැවේ මායිමෙන් යටි තල්ල මවාගෙන මහසෝනා එනකොට මුළු පළාතම අදුරෙන් වැහිලා ගිහිල්ලා,,, හද එලියක්වත් නෑ,,,
මහසෝනට ඕන දොළපිදේනි දුන්නට පස්සේ ඌ ගමන් කරේ කෝන් ගහේ බැදලා තිබුන මිනිය පැත්තට,,, මිනිය ගාවට ගිය මහසෝනා එකපාරම අතුරුදහන් වෙනවා,,, එතකොට ඔන්න ගහේ බැදලා තිබුන මිනිය කුළු හරකෙක් වගේ දඟලනවා,,, බැදලා තිබුන ලණු චටස් පටස් ගාල කඩාගෙන මළමිනිය හෙමීට වල දිහාට ගාටනවා,,,

වලේ පතුලේ ඉදන් මතුරන ගුරුන්නාන්සේ දිහා බලන් ඉදලා එකපාරම වලට පැනලා ගුරුන්නාන්සේගේ දෙපැත්තෙන් කකුල් දාල බඩ උඩින් වාඩි වෙනවා,,,
මහ හයියෙන් හිනාවුන මලමිනියේ දිව ටික ටික දික්වෙන්න ගන්නේ පපුව උඩ තියන් ඉන්න ලේ ගොට්ටට,,, මන්තර ජප කරන්න කරන්න දිව ලේ ගොට්ටට ලං වෙනවා,,, දිව ලේ රස විදින්න අගල් දෙක තුනකට වඩා නෑ,,

ඉක්මනට සූදානම් කරලා තියාගත්ත හෙප්පුවත් කතුරත් අතට ගත්ත හින් අප්පු දිවට යටින් හෙප්පුව තියලා කතුරෙන් සටස් ගාල මලමිනියේ දිව කපා ගන්නවා,,, බැරි වෙලා හරි දිව ලේ රස වින්දනම් හීන් අප්පුයි ගෝලයොයි මහසෝනා අතින් කම්බස් වෙනවා,,,

දිව කැපෙනවත් එක්කම පන නැතිවෙන මලමිනිය ගුරුන්නාන්සෙගේ ඇග උඩම දිගාවෙනවා,,, හනිකට වල උඩට එන ගුරුන්නාන්සේ පූජාවට ගෙනාව සබ්බ සකලමනාවම වලට දාල වල වහලා එතනින් යනවා,,,
ඔන්න ඔය දිව තමා වේලලා පිල්ලි යවන්න භාවිතා කරන්නේ,,, සුනඛ පිල්ලිය තමා ඔවුන්ගේ ජනප්‍රියම පිල්ලිය,,, තමන්ට හතුරුකමක් කරන මොකාද ඉන්නේ පිල්ලියට අන දෙන්න විතරයි තියෙන්නේ ,,,,
මා පුතා අහවල් ගමේ අහවල් නම තියෙන එකා නහලා වරෙන් කියලා,,,
ඔහොම අවුරුදු ගණනාවක් කෙරුම් කරපු හීන් අප්පු ගුරුන්නාන්සේ අන්තිමට ඔය විදියෙම මුස්පේන්තු වැඩකට ගිහින්ම මහසෝනා අතින්ම කම්බස් වුනාලු,,,

එදා මහසොහොන් අවතාරේ එනකොට දොළපිදේනි දෙන්න ආවතේව කාරයො එකෙක්‍ ඉදලා නෑ,,, බය උන උන් වැවට පැනලා පීනගෙන ගිහින්,,,

දොළපිදේනි නැතිඋන මහසෝනා ගහපු පාරට හීන් අප්පු වලෙන් උඩට විසි වෙලා ගිහින් ඔළුව තිබුනේ කෝන් ගහේ මුදුනෙලු,,,,

ඔන්න ඕකයි කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව.....

Source: Link

24 July 2017

---පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය---


මළ හිරු බැස යද්දී නැගෙන රත් පැහැ හිරු කිරණින් නෙළුම්ගමට ගෙන ආවේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළ`ගට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. නගරයෙන් හුදෙකලාවූ නෙළුම්ගමෙහි ජීවත් වූයේ ගොවිතැනින් දිවිගෙවූ සරල මිනිසුන් පිරිසකි. උදේ රැුයින් අවදි වන මේ මිනිස්සු හිරු එළිය වැටෙන්නටත් කලියෙන් සුපුරුදු රාජකාරිය සඳහා කුඹුරට බසිති.
ඔවුන් යළි කුඹුරෙන් ගොඩට එන්නේ සැ`දෑ කළුවර පොළවට පතිත වූ පසුවය. ඒ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවය. එහෙත් වසරක පමණ සිට ගමේ සියලූ වැඩ කටයුතු අතපසු වන්නට සිදුවූයේ නෙළුම් ගෙදර මැගිලින් ආච්චිගේ අවතාරය ගම වටා කරක් ගැසීම ඇරඹීමත් සමගය.

වසර විස්සකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම ගමේ පැරැුණ්නන්ට නම් හො`දින් මතකය. මැගිලින් ආච්චී කඩිසර අතේ පයේ හයිය ඇති පිරිමින් සමග කරට කර ගොවිතැන් කටයුතු කළ ගැහැනියකි. ගුණේරිස්ගේ බාලම කෙල්ල වූ මැගිලින් උපන්දා සිටම හැදී වැඩුණේ කොල්ලකු ලෙසිනි. ගැහැනු දරුවන් තිදෙනෙකුම වූ පවුලේ පිරිමි දරුවකුගේ අඩුව පිරිමහන්නට මෙන් මැගිලින්ට ගැහැනු වැඩ පෙන්නන්නටවත් බැරිවිය.
කුඩා කල සිටම තම පියා සමග හරිහරියට කැත්තේ උදැල්ලේ වැඩට උදව් වීම හේතුවෙන්ම ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී ගමේ ගොවියන් සමග කරට කර වැඩකරන්නට තරම් ජවයකින් වූවාය.
මැගිලින් තම පියාගේ කරත්තයේ ගොනුන් බැඳ වී ගෝනි ටික පටවාගෙන සැතපුම් කීපයක් ඈතින් වූ මුදලාලිගේ ගෙදරට ගෙනගොස් දී යළි නිවසට එන්නේ පුතකුගෙන් පියාට විය යුතු යුතුකම ඉටු කරමිනි. මෙලෙස කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. මැගිලින් විවාහ වී දරු මල්ලන්ද ලැබුවාය. ඇයද පිරිමියකු මෙන් නිවසේ බර කරට ගෙන කටයුතු කළාය.

උදේ රැුයින් නැගිටින මැගිලින් දරුවන්ගේ වැඩ කටයුතු නිමකර ඔවුන් පාසලට පිටත් කර යවා උදැල්ලද කරේ තබාගෙන තම සැමියාට උදව් වීමට වෙලට බැස්සාය. ළමුන් යළි නිවසට එන වේලාව තෙක්ම ඇය හරි හරියට මඩ පොළෙව හා ඔට්ටු වූවාය. එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වූවා සේම ඇගේ ගතේ සවි ශක්තිය ඇති තාක්කල් ඇය තම යුතුකම් එලෙසින්ම ඉටු කළාය. දරුවන් දීගතල ගිය පසුද ඇය ඇයට කළ හැකි කටයුතු අත්හැර දැමුවේ නැත. කාලයත් සමගින් ගමේ දැනුමැත්තිය බවටද පත් වූයේ ඇයයි.
ඇයට අවුරුදු අසූවක් අනූවක් පමණ වනවිට ඇය හා සම වයසේ සිටි බොහොමයක් පිරිමි මෙලොව හැරගොස් සිටියහ. එහෙත් ඇය උදෙන්ම අවදිව පිරිසුදු රෙද්දක් හැට්ටයක් හැඳ දිග ලීයක් වාරුවට අතට ගෙන කුඹුරේ ළියදි දිගේ ඇවිද යමින් සතුටක් වින්දාය. වී ගසක වුව වෙනසක් පවා මොහොතින් ඇයට හ`දුනාගත හැකි වූයේ ඇගේ පළපුරුද්ද නිසාමය. ලියද්දේ අයිතිය කාට වුවත් ඇය එය පෙන්වා දීමට පසුබට නොවූවාය.
 
‘මේ ළමයෝ, පැළ ගොයමට වතුර මදි. තව ටිකක් බැඳලා දාපන්’
‘ගොයම්
මැස්සෝ කැරකෙනවා වැඩියි වගේ, අළු සාත්තුවක් කරගන්න කාලේ හරි’
ඇය කියූ දේ බොහෝවිට ගමේ තරුණ පිරිසද පිළිගත්තේ වයසට ගියද සමාජය පිළිබඳ හොඳ දැනුමක් ඇය තුළ වූ නිසාය. වයස අවුරුදු එකසිය එක පසු කරද්දී ඇය මෙලොව හැර දමා ගියාය.
මැගිලින් ආච්චිගේ මරණයෙන් මාස කීපයක් ගෙවී ගියේය. සෝමේ සුපුරුදු ලෙස හිරු එළිය පතිත වෙද්දීම කුඹුරට ගියේ වතුර බැඳීම සඳහාය. හිරු එළිය පතිත වෙමින් පැවතියත් හාත්පසම මිහිදුමින් වැසී තිබිණි. සීතල මිහිදුම නෙළුම්ගමේ ගැමියන්ට එතරම් ගැටලූවක්
නොවිණි. සෝමේ සුපුරුදු පරිදි කුඹුරට බැස මඩ පිඩලි කීපයක් කපා වක්කඩට දැමීය.
‘මේ ළමයෝ, දැන් ඔය ගොයමට වතුර වැඩිය ඕන කාලේ නෙවෙයි, වතුර පුරවන්න එපා මුල කුණුවෙයි’
ඔහු හිස ඔසවා බැලූවේ සුපුරුදු කටහ`ඩක් නිසාය. ඒ මැගිලින් ආච්චීය.
‘හා නැන්දේ .......’
කියා ඔහුට පුරුද්දට මෙන් කියවුණත් මැගිලින් ආච්චී මිය ගිය බව මොහොතින් ඔහුගේ සිහියට නැගුණි. වහා ලියද්ද මතට නැග දුවන්නට ගත් සෝමේ නතර වූයේ එහා ලියද්දේ වැඩ කරමින් සිටි රත්නේ ළ`ගය.
‘මැ ................මැ................ මැගිලින් නැන්දා’
‘මැගිලින් නැන්දා මැරිලනේ බං................ ’
‘අර ................ අර................’

 
සෝමේ අත දිගු කළ දෙසට රත්නේද හිස ඔසවා බැලූවේය. කහ පාට මල් චීත්තයක් හැඳ තරමක් කොන්ද නවාගෙන දිගු ලීයකින් වාරු ගෙන ඇවිදින මැගිලින් නැන්දා ඔහුද දුටුවේය. එදායින් පසු ගමේ බොහොමයක් දෙනා මේ අත්දැකීමට මුහුණ දුන්නෝය. උදේ රැුයින් කුඹුරට යාම ගොවියෝ අතහැර දැමූහ.
මළහිරු බසින්නට පෙර ගැහැනු හා ළමුන් නිවෙස්වලට වී දොරගුළු ලා ගත්තෝය. මෙතෙක් ගමේ පැවති කි‍්‍රයාශීලී බව වෙනුවට බියෙන් වෙව්ලමින් නෙළුම්ගමේ මිනිසුන්ට ජීවත් වීමට සිදුවිය. මෙයට හේතු වූ තවත් කරුණක්ද තිබුණි.

 
ඩිංගිරි කඩයප්පන් සාදා ජීවත් වූ ගැහැනියකි. පාන්දර තුනට පමණ නැගිට ඉඳි ආප්ප තැම්බීම ඇයගේ පුරුද්දයි. එදිනද ඇය ඉ`දි ආප්ප ටික ළිපේ තබා තැම්බෙන තුරු කහට කෝප්පයක්ද සාදාගෙන කුස්සියේ දොර අසල බිම වාඩිවී සිටියාය. පිළිකන්න පැත්තෙන් බල්ලන්ගේ බිරුම් හ`ඩට ඇය විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. කවුරුන් හෝ තමා සිටින දෙසට එන බව
ඇය දුටුවාය. කළුවරේ හරිහැටි හ`දුනාගත නොහැකි වූ රුව දෙපසට වැනි වැනී එන ආකාරය ඇයට එතරම් ඇල්ලූවේ නැත .
 
‘කවුද?’
‘ඩිංගිරියෝ, මටත් ඔය තේ කහට ටිකක් ගත්තනම්’

‘කවුද ඔය?’
‘උඹට මාව මේ ටික දොහොට අමතක වෙලා ගියාද? මම මැගිලින්නේ බං’
‘බුදු අම්මෝ’

 
ඩිංගිරි ගෙට පැන දොර වසාගත්තාය. මේ සිදුවීම අවසන් වූයේ ඩිංගිරිට තොවිලයක්ද නැටීමෙන් පසුවය.
ගමේ මිනිසුන්ට මෙය මහත් වදයක් බවට පත්විය. දිනපතා ගමේ ගෙදරක තොවිලයක් ලකලෑස්ති වූයේ මැගිලින් ආච්චිගේ අවතාරය ඒ තරමටම ගමේ ගෙවල් අසලට ඒමද වැඩි වූ නිසාවනි. මැගිලින් ආච්චිගේ දරුවන්ටද මෙය මහත් මානසික වදයක් වූයේ ගමේ මිනිසුන් දිනෙන් දින පැමිණ තම මවගේ අවතාරය ගම පුරා හොල්මන් කරන බව පවසන්නට වීමත් සමගය. මෙය ඉවසා ගත නොහැකි වූ තැන දන්නා කියන කපු මහත්වරුන්ගේ පිහිට පතන්නට ඔවුනට සිදුවිය. එහෙත් තොවිල්, යාග හෝම කීපයක් කෙරුණද ඒවායින් ගමට හෝ මැගිලින්ගේ පවුලේ අයට සහනයක්
ලැබුණේ නැත. ඒ වෙනුවට තොවිල් පවිල් කරන්න කරන්න තව තවත් ඇයගේ බලපෑම වැඩිවන බව ගමේ අයට වැටහුණි.

 
මේ අතරතුර දුර බැහැර පන්සලක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගැන හොඳ දැනුමක් ඇති හිමි නමක් පිළිබඳ තොරතුරක් මැගිලින්ගේ දරුවන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු එම පන්සල සොයා ගියෝය.
‘අනේ හාමුදුරුවනේ, දැන් අපිට විතරක් නොවෙයි ගමටම ජීවිතත් එපාවෙලා තියෙන්නේ. අම්මා ජීවත් වෙන කාලේ කිසිම කෙනෙක්ට කරදර කළේ නෑ. අපිට මේක විසඳලා දෙන්න හාමුදුරුවනේ’
‘හො`දයි හොඳයි, මම ඇවිත් බලන්නම්කෝ’
රාතී‍්‍ර හතට පමණ කිසිදු පෙර සූදානමක් නැතිව ඇබිත්ත කොලූවාද සමග හාමුදුරුවෝ මැගිලින්ගේ නිවසට ගොඩවූහ. එහිදී කිසිම වෙනසක් නොපෙන්වූ හාමුදුරුවන් ගෙට ගොඩ වූ ගමන්ම
‘කෝ මේ මැගිලින් අම්මා ඉන්නවද? මම මේ නොදන්න දේවල් වගයක් දැනගන්න ආවේ’ යනුවෙන් පැවසීය.
සිදු වූයේ නිවැසියෝ බලාපොරොත්තු නොවූ දෙයකි.
‘වඩින්න අපේ හාමුදුරුවනේ’
ඒ මැගිලින්් අම්මාගේ හ`ඩය.
‘මම හිතුවේ නෑ මැගිලින් අම්මා ඉඳියි කියලා. මොකද මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා කියන්නේ?’
‘මොන බොරුද හාමුදුරුවනේ?’

 
කතාව බොහෝ වෙලාවක් දිගින් දිගට ගියේය. මළගිය ආත්මයක් සමග සජීවීව තොරතුරු හුවමාරුකරගත් අවස්ථා බොහෝ විරලය. එදා එහි සිටි බොහෝ පිරිසකට ඒ අත්දැකීම ලබන්නට හැකිවිය. සියල්ල අවසානයේ ඇය ඇයගේ ආත්මයෙන් නික්ම යාමට ඉතා කුඩා දෙයක් ඉල්ලා සිටියාය.


‘මගේ කුඹුක් ගහ ළ`ග වෙලේ කුරුලූ ලියද්දේ තුන් මාසයක් යනකම් අල හොදියි බොම්බිලි කරෝලයි එක්ක හැමදාම දවල්ට බත් එකක් තියන්න. මාස තුනකට පස්සේ මම පිටවෙලා යන්නම්. එතකම් මම එතන ඉන්නවා. මම ගම වටේ ගියේ මට කිසිම තැනකින් කටට රහට කෑමක් නොලැබුණ හින්දයි’
 
පොරොන්දු වූ පරිදිම එදායින් පසු ඇයගෙන් ගමට කිසිදු බලපෑමක් ඇති නොවිණි. ඈ පිටව යන්නට ඇතැයි සියල්ලෝ සිතූහ.


Source: Link
 

---බෝඩිම | තවත් කතාවක්---


මේ සිද්ධිය උනේ මීට වසර අටකට විතර කලින්,,, මගේ යාළුවෝ ටිකක් බෝඩ් වෙලා හිටියා කටුබැද්දේ කැම්පස් රෝඩ් එකේ,,, ඔක්කොම ජර්මන් ටෙක් එකේ කෝස් කරන අය,,,

මම සමහර දවස්වලට ඒ බෝඩිමට ගිහිල්ලා රෑට ඉදලා යාළුවෝ එක්ක විනෝද වෙලා එනවා,,, ඒ බෝඩිම තට්ටු දෙකේ ගෙදරක්,, බොඩිමේ අංකල් රෑ එකොලහට ගේට් එක එලියෙන් ලොක් කරලා යනවා,,,

දවසක් සිකුරාදා මම එහෙ ගියා,,, ගියාට පස්සෙයි මට මතක් උනේ සෙනසුරාද ඉරිදා ටෙක් එක නිවාඩු නිසා ඔක්කොමලා ගමේ යනවා කියලා,,, ඒ වෙද්දි රෑ නවයට විතර,,, ආපහු යන්න කම්මැලිකමට මම උඩ තට්ටුවේ පොඩි කාමරේ ඇරගෙන නිදාගන්න සෙට් උනා,,,

අංකලුත් දහයට විතර ඇවිල්ලා මාත් එක්කත් කතා කරලා ගේට් එක ලොක් කරලා ගියා,,, දැන් මුළු ගෙදරම ඉන්නේ මම විතරයි,,, මම ඉන්න කාමරේ පොඩි කාමරයක්,,, කාමරෙන් එලියට ආව ගමන් වැරැන්ඩා එක,, ඒක බිමට කොන්ක්‍රීට් දාල ටයිල් කරලා නෑ,,, දෙපැත්තෙම ගෙවල් දෙකක බිත්තිවලින් කවර් වෙලා කාටවත් එන්නත් බෑ,,, ගේට් එක උඩින් පැනලා ආවත් උඩ තට්ටුවට එන්න බෑ ,,, මොකද පඩිපෙල තියෙන්නේ ගේ ඇතුලෙන්,,, කිසිම සද්දයක් වටපිටාවේ නෑ,,,
මම කාමරේ දොර වහගෙන ෆිල්ම් එකක් බල බල හිටියේ,,, ටික වෙලාවකින් ඒක බෝරින් වගේ,,, ඒ නිසා මම නිදාගන්න හැදුවට නින්ද ගියේ නෑ,,, මම ඉතින් ඇදට වෙලා කල්පනා කර කර හිටියා,,,

මෙහෙම ඉන්නකොට දොළහමාරට විතර එලියේ වැරැන්ඩා එකේ කවුරු හරි ඇවිදිනවා සද්දේ ඇහෙනවා,,, හොදට අඩි සද්දේ ,, මම හිතුවේ අංකල් කියලා,,,
මම අංකල් කියලා කතා කරා,,, ඒත් කවුරුත් කතා කරේ නෑ,,, දිගටම අඩි සද්දේ,,, හරියට හයියෙන් කකුල් පොළොවේ ගහලා ඇවිදිනවා වගේ සද්දේ,,, මම දොර ඇරලා එලියට ආවා,,, කිසිම සද්දයක් නෑ,,, මම ඊට පස්සේ ආයෙ ඇදට ගියා,,,,
ආයෙ ටිකකින් අඩි සද්දෙ එක්ක කවුද උරුවම් බානවා,,, දොර ලගම සද්දේ ඇහෙන්නේ ,, මට මේක ලොකු අවුලක්,,, කවුද කියලා බලාගන්න මම හෙමීට ඇදෙන් නැගිටලා එක පාරම දොර ඇරියා,, කවුරුත් නෑ,,,,

මම ආයෙත් දොර වහලා නිදාගන්න ට්‍ර්‍යි කලා,,, ආයෙ ටිකකින් ප්ලාස්ටික් කෝප්පෙකින් කොන්ක්‍රීට් එක හූරනවා වාගේ ක්‍රාස් ක්‍රාස් ගාල සද්දේ,,,, ඒ පාර මම ටිකක් බය උනා,,, මම එහෙම්ම ඇදට වෙලා හිටියා,,,
එක පාරම කාමරෙ ඇතුලේ බාතෲම් එකේ ටැප් එකෙන් වතුර යනවා ,,,, එක පාරම කවුරු හරි ටැප් එක ඇරියා වාගේ,,,, මම නැගිටලා බාතෲම් එකට ගියා,,, ඒත් කිසිම දෙයක් නෑ,,, පොලවෙත් වතුර බින්දුවක්වත් නෑ,,,.

ඒ පාර මම ආයෙ එලියට ගියේ නෑ ,,, ටිකකින් මට නින්ද ගියා,,,, පහුවෙනිදා මම මගෙ යාළුවෙක්ට කෝල් කරලා මේ සිද්ධිය කිව්වා,,, එතකොට තමා එයා කිව්වේ,,,

ඒ කාමරේ වයසක මනුස්සයෙක් බෝඩ් වෙලා ඉදලා,,,, ඒ මනුස්සයා කාමරේ ඇතුලෙම මැරිලා,,, බොඩි එක කුනු වෙලා ගද ගහද්දි තමාලු කට්ටිය දන්නේ,,,, මම නිදාගෙන ඉදලා තියෙන්නේ ඒ මනුස්සයා මැරුන ඇදේලු,,,, කට්ටිය ඉද්දි අවුලක් නෑලු,,,, හැබැයි තනියම කවුරු හරි ඉන්නකොට ඔය වගේ සද්ද ඇහෙනවලු,,,,,

ඉතින් ඕකයි මගෙ කථාව...

Source: Link


---යක්ශයාගේ හෝරාව---


මේ කථාව ටිකක් පරණ කථාවක්, අපේ මාම කෙනෙක් තමයි මේ කථාව මට කිව්වේ…

ඔන්න දවසක් මාමගෙ යාළුවො දෙන්නෙක් පාටි එකකට ගිහිල්ල රෑ 12ට විතර ආපහු තමන්ගෙ නවාතැනට පයින් එමින් හිටියලු. ඒ දවස් වල රෑට වැඩිය වාහන නැතිලු. මේ ගොල්ලො එච්චර හොල්මං විස්වාස කරන්නෙ නැති කට්ටියලු. මේ දෙන්න බොරැල්ල කනත්ත කිට්ටුවෙන් යනකොට වයසක සීය කෙනෙක් මේ දෙන්නට ඉස්සරහට හම්බ වේලා මේ දෙන්නගෙන් දැන් වෙලාව කීයද කියල අහල තියනවා. එක පොඩ්ඩක් වැඩි වෙලා හිටපු එක්කෙනක් “දැන් 12 පහු උනා විතරයි” කිව්වලු. අනිත් කෙනා සැර බීම බොන්නෙ නැති කෙනෙක්ලු. වෙලාව 12 කියපු ගමන් සීයාට පොඩ්ඩක් මළ පැන්න වගේ “මොනව 12 පහු වෙලා” කියල මේ දෙන්න දීහා කන්න වගෙ බලන්න ගත්තලු. අර හොඳ සිහියෙන් හිටපු යාළුවා දැක්කලු මේ සීයාගෙ මූණ එහම මහ භයානක විදිහට වෙනස් වීගෙන යන බව. ඒක නිසා ඒයා පැනපු ගමන් කිව්වලු. “මෙයාගෙ ඔරලෝසුවෙ වෙලාව වැරදියි 12ට තව වෙලා තියනව” කියල. ඊට පස්සෙ ඒ සීයා බොහොම සාමාන්‍යය විදිටහ “ආ.. ඇත්තද” කියල යන්න ගියාලු.

පස්සේ දවසක දවල් වෙලාව අර යාළුවො දෙන්න කනත්ත ලඟ කඩේකින් තැඹිලි බොන ගමන් එදා සිද්දිය ගැන ඒ දෙන්න කථා වෙලා තියනවා. ඒ කථාව අහගෙන හිටිය තැඹිලි කාරය කිව්වලු “මහත්තයල මොළේ පාවිච්චි කරල වැඩ කරල තියන නිසා නූලෙන් බේරිලා තියෙන්නෙ. මහත්තයලට ඔය හම්බ වෙලා තියෙන්නෙ හොල්මනක්. ඒ හොල්මන රෑ 12 න් පස්සෙ හම්බවෙන හැමෝමව මරල දානවා. මීට කලින් මිනිස්සු 5 දෙනෙක් ඔය හොල්මනට අහුවෙලා මැරිල තියනවා.” කියල.
ඒක අහපු මේ දෙන්න තැඹිලි බොන එක පැත්තක තියල එන්න ඇවිල්ල තියනවා, තැඹිලි කාරයට සල්ලිත් දෙන්න අමතක වෙලා. තැඹිලි කාරය පස්සෙන් ඇවිල්ලලු සල්ලි ඉල්ලගෙන තියෙන්නෙත්.

(උපුටා ගැනීමක් බව ඉතාමත් කාරුණිකව සලකන්න.)

---හොල්මන් පෙනෙන හැටි---


ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ?
කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ.

පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි.

පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම. ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට.
දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා. ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට.

තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැරණි මතකයන් එක්ක සසඳා බැලීම. මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල දැනගන්නෙ එතනදි.

එතකොට හොල්මන් පේන්නෙ???

මේ හැම කොටසක්ම ක්‍රියා කරන්නෙ හෝමෝන උත්තේජනයන්ගෙන් (Hormone Stimulation). ඉතින් විද්‍යාඥයො මිනිසුන් කිහිපයක් යොදාගෙන පරීක්ෂණයක් කරා. ඒ අයගෙ මොළයේ මේ එක් එක් කොටස වැඩිපුර උත්තේජනය කරා.
පළමු කොටස උත්තේජනය කරපු අය කියන්න ගත්තා "රතු පාට එළියක් දැක්කා", "නිල් පාට එළියක් දැක්කා" වගේ දේවල්. හරියට දේවතා එළි වගේ.

දෙවෙනි කොටස උත්තේජනය කරපු අය කිව්වෙ සම්පූර්ණ රූපයක් ගැන. එයාල කිව්වෙ "ගෑණු කෙනෙක් දැක්කා", "වයසක මනුස්සයෙක් දැක්කා" වගේ දේවල්.

තුන්වෙනි කොටස එහෙමත් නැත්තං අර පරණ මතකයන් සසඳන කොටස උත්තෙර්ජනය කරපු අය කිව්වෙ "ආච්චි දැක්කා", "සීයා දැක්කා", නැත්තන් එක එක රටවල ජනශ්‍රැතියෙ එන මහසෝනා මෝහිනී වගේ අයව දැකපු ජාතියෙ කතා.
ඉතින් මේ හෝමෝන උත්තේජනය ස්වභාවිකවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අධික ලෙස නොපෙනෙන බලවේග විශ්වාස කරන අයට, හිත දුර්වල අයට, බයෙන් හෝ චකිතයෙන් සිටින අයට මේක නිකන්ම වෙන්න පුළුවන්.
"මම මෙච්චර කල් හොල්මන් විශ්වාස කරේ නෑ. ඒත් අහවල් සිදුවීමෙන් පස්සෙ ඇස් දෙකටම දැකපු නිසා විශ්වාස කරනවා"
සමහර හිත හයිය අයත් ඔය වගේ කතා කියනව ඇහිල ඇති. මොකද මේ හෝමෝන උත්තේජනය සිද්ධවෙන්න තව තව හේතු සුළු වශයෙන් බලපානවා.

විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවෙන pulses,
කණට සංවේදී ශ්‍රවණ පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත කම්පන තරංග (මේවා වාහන එන්ජින් වලින් පවා ඇතිවිය හැකියි),
පරිසරයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම,
මානසික ආතතිය, paranoia වැනි මානසික ව්‍යාධි
ඒ අතරින් සමහර හේතු වෙනවා.

සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.
ඔබ රාත්‍රියේ රිය පදවන කෙනෙක් නම් සමහරවිට දැකල ඇති පාරෙ අයිනෙ කවුරුහරි හිටියා වගේ. ඒත් හැරිල බැලුවම කවුරුත් නෑ. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි.

කණිනිකාවෙ කේතු හා යෂ්ටි කියල සෛල දෙවර්ගයක් තියෙනවා. කේතු සෛල වැඩිපුර සංවේදී ආලෝකයට හා වර්ණ වලට. යෂ්ටි සෛල තමයි අඳුරෙදි වඩා සක්‍රිය. යෂ්ටි සෛල මගින් තමයි මේ දෘෂ්ටි මායාව ඇතිකරන්නෙ. ඇසේ මේ සෛල දෙවර්ගය පිහිටන්නෙ මැදට වෙන්නට කේතු සෛලත් ඒ වටේට යෂ්ටි සෛලත් ලෙසයි. ඉතින් ඒකයි පාරෙ මැදින් නැතුව අයිනෙන් කවුරුහරි හිටියා වගේ පේන්නෙ.

ඉතින් හොල්මන් වලට හොල්මන් කියන නම වැටෙන්න හේතුව ඔන්න ඕකයි.

අන්තර්ජාලය ඇසුරෙනි....

Source: Link