මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

20 July 2017

---ඇත්තමද මන්දා---


මම මාතර ඉතින් මම A/L කරන කාලේ බෝඩ් වෙලා හිටියේ රාහුලේ යාළුවො 5ස් දෙනෙක් ඉන්නවා බෝඩිමේ අපේ පුරුද්දක් තිබුනා දවසට කම්මැලි නිසා රෑට පොඩි රුමක් දාලා ඇවිත් ආයේ පාඩම් කරනවා දවසක් කට්ටියත් එක්ක එලියට බැස්සේ මොකක් හරි ගොන් වැඩක් කරනවා කරනවා කියලා හිතාගෙනම්යි 

ඉතින් කට්ටියත් එක්ක මාතර මහා විද්‍යාලය පැත්තට යනකොට හම්බ වෙනවා පොදු සුසාන භුමිය මේ කනත්තේ කෙලවරේම තියෙනවා තැබිලි ගස් ටිකක් එකාට එකෙක් බය උනාට කවුරුවත් බය පෙන්නන්නේ නෑ අනිත් කොල්ලෝ එකතුවෙලා බයිට් කරනනිසා කොහොමින් කොහොම හරි කට්ටියම කනත්ත මැදින් අර තැබිලි ගස් තියෙන තැනට ආවා සෙට් එකේ හිටපු හොදම ගස් කාපර්ලා ඩබල තමයි මමයි විමුක්තියි ඉතින් අපි දෙන්න එක ලග තිබුන තැබිලි ගස් දෙකේ නගිනවා අනිත් උන් ටික බිම ටිකක් කොට ගස් දෙකම ලංවෙනවා වගේ කොම හරි උඩටම නැගලා කරුවලේම තැබිලි ගෙඩිය කරකවනවා කොච්චර කරකවුවත් වැඩක්නෑ අත්හැරිය ගමන් ආපස්සට කැරකිලා තිබුන විදිහටම එනවා 

දෙතුන් වතාවක් මෙහෙම උනා දැන් අපි දෙන්නටම මාර සීන් එක නිකමට වගේ දෙන්නම උඩ බැලුවා ගැස්සුන ගැස්සිල්ලට තාවපොඩ්ඩෙන් මම බිම මෙන්න ඉන්නවා දෙයියනේ අඩි 30 ක්විතර උස මිනිහෙක් අපි නැගලා තියෙන්නේ උගේ කකුල් දෙකේ කරකවලා තියෙන්නේ අහවල් එක උ එකපාරටම කකුල් දෙක ගැස්සුවා විතරයි අපි දෙන්නම ලෙස්සලා බිම අනිත් උන් ටික සීන් එක කලිම්ම දැකලා දුවලා 

අපි දෙන්නත් බෝඩිමට අවේ මර විකාරෙන් පහුවදා දෙන්නට හොදටෝම උන නුලක් මතුරලා ආරක්ෂාවකුත් දැම්මා මේ කතාව සම්පුර්ණ ඇත්ත

Source:Link


No comments:

Post a Comment