මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

31 August 2017

---පිල්ලියට බිලිවු ව්‍යාපාරිකයා---


ලංකාවෙ ප්‍රධාන නගරෙක රෙදි වෙලදාම් කරන ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු බැලුවොත් හැම අතින්ම සම්පූර්ණය්. කිසිම අගහිගකමක් තිබුන් නෑ. ඒ්ත් මේ කාලෙදිම හරියටම ඔහුගෙ වෙලඳසැලට මුහුනලා තවත් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකෙන් වුනේ ඔහුගෙ ව්‍යාපාරයට එන අවස්ථා අඩුවුන එක. අනිත් ව්‍යාපාරිකයත් ඔහුට රිදවීමට වගේ ව්‍යාපාරය කරන්න ගත්තා. ඔහුට මේක ලොකු හිසරදයක් වෙලා තිබුනෙ. ඔහු මේකට යමක් කරන්න හිතුවා.

ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් පිලිගත් කෙනෙක් නිසා කට්ටඩියෙක් ලවා ඔහුට හූනියමක් කරන්න හිතුවෙ මෙිහුට ඒ ව්‍යාපාරය එපා වුනු නිසායි. නමුත් අන්තිමට මොවුන් පිල්ලියක් යවන්න තීරණය කලා. පිල්ලි ඔය සත්තුන්ගෙන් යවන්න පුලුවන් වුනත් ඔහු තීරණය කලේ මිනිස් පිල්ලියක් යැවීමටයි.
එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ.. එයට පිල්ලිය සදහා තරැණ කෙනෙක්වයි අවශ්‍ය. ඒ වගේම එයට තරුණ මල සිරුරක් තමයි අවශ්‍ය. තවත් දෙයක්. මියගිහින් ශරීරයේ උණුසුම යන්න කලින් තමයි පිල්ලියක් බවට පත් කරන්නෙ.

මේ වැඩේදි වෙන්නෙ යම් යක්ෂ ආත්මයක් එම ශරීරයට ගෙන්වා අවශ්‍ය කාර්යය කර ගැනීමයි.
ඉතින් මේ ව්‍යාපාරිකයට ඒ ගැන කිසිම බයක් තිබුනෙ නෑ. මොකද තමන්ගෙ මැර බලය නිසා.


මේ සඳහා ඔවුන් තරුණ පිරිමිළමයෙක් පැහැර ගත්ත⁣ා. ඔහුව මරා මෙම කාර්යය කරගැනීමට ඔවුන් කටයුතු කලා. කට්ටඩියා මෙහි ඇති භයිනකකම කෙසේ පැහැදිලි කරලා කියන්න උත්සහ කලත්, ව්‍යාපාරිකයා ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ

. අවසානෙදි ඔවුන් අර තරුණ ජීවිතය විනාශ කරලා පිල්ලියක් බවට පත් කලා. පිල්ලිය මාර්ගයෙන් අනිත් ව්‍යාපාරය නැත්තටම නැති කරලා දැම්මා..

දැන් වැඩේ හරි. පිල්ලිය නිදහස් කරන දවසෙ වුන වැරැද්දක් නිසා යක්ෂ ආත්මය නිදහස් වුනා.
යකෙක් කොටින්ම කිව්වොත් කිසිම දේකට බය නෑ. බය මන්ත්‍ර බලයට විතරයි. ඉතින් ඒ වැරැද්දක් නිසා නිදහස් වුනු යකා මොකද කලේ?? ඉස්සල්ලම ඉතා අමානුශික විදිහට කට්ටඩියව මරලා දැම්මා.. වයාපාරිකයත් ඔහුගෙ සගයන් පිරිස සීසීකඩ දුවන්නට වුනත් කිසිම කෙනෙකුට ⁣මේකෙන් බේරේන්න ලැබුනෙ නෑ. දවස් දෙකකට පමණ පස්සෙ ව්‍යාපාරිකයගෙත් ඔවුන්ගෙ සගයන් ගෙත් මලසිරුරු සොයාගත්තා. ව්‍යාපාරිකයගේ සිරුරෙ විතරක් ඉතාම දරුණු සීරුම් තුවාල තිබුනා ⁣. එදයින් පස්සෙ මේක කටකතාවක් විදියට ගම පුරා පැතිරුණා .පොලිසිය ඔවුන්ගේ මරණ අබිරහස් මරණ කියලා සටහන් කරනු ලැබුවා.
මම මේකෙන් කියන්නෙ මේ වගේ භයානක වැඩ තාමත් අපේ රටේ සිද්ද වෙනවා කියලා. නමුත් මේ වැඩ වලින් කරන්නෙ හොදක්ද? මෙයින් ලැබෙන්නෙ මොනවාද? ඔබට සිතන්නට යමක් ඉතිරි කරම්න් මම නවතිනවා.

ස්තුතියි ...

21 August 2017

---නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා---




දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත. සිතේ පැවතියේද මහා මූසල ගතියකි. අගනගරයේ සරසවියක ඉගෙනුම ලබන නිෂාදි රූපයෙන් මෙන්ම දක්‍ෂතාවලින්ද සපිරුණු ශිෂ්‍යාවකි. කොළඹට ආසන්නයේ ඇගේ බෝඩිම පිහිටියද එයට යාමට ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් තුන්සියයක් පමණ ඇතුළට යායුතු විය. එදිනද ඇය කල්පනාවක නිමග්නව හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. සිහින් පොදයක් සමග වෙනදාට වඩා වැඩි අඳුරකින් පරිසරය වෙලී පැවතුණි. මහා වැස්සක ඉඟි හතරවටින් මතුවෙමින් පැවතුණි.
ටික... ටික්... ටික්....
පිටුපසින් ඇසෙනා අඩි ශබ්දයෙන් ඇයගේ කල්පනාව බිඳවැටුණි. නිකමට මෙන් ඇය පිටුපස හැරී බැලූවාය. ඇයගේ පපුවේ වේගය ටිකෙන් ටික වැඩිවන්නට විය. කිසිවෙකුත් ඇයට පසුපසින් පැමිණෙමින් සිටියේ නැත. එසේනම් ඇසුණේ අඩි ශබ්දයක්මද? ඇය සිතමින්ම අඩි ඉක්මන් කළාය. ඇයට යාහැකි වූයේ පියවර කිහිපයකි. යළිත් පසුපසින් අඩි ශබ්දයක් ඇසුණේය. ඇය එක්වරම පසුපස හැරී බැලූවාය. යමකු ඇයව බියකිරීමට උත්සහ ගන්නේදැයි ඇයට සිතුණි. එහෙත් කිසිවකු හෝ පෙනෙන්නට නැත. එවර නම් ඇයගේ සිතට දැනුණේ දැඩි බියකි. සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන බෝඩිම දක්වාම ඇය දිවගියාය. ගේට්ටුව අසලදී මොහොතක් හති ඇරීම උදෙසා නතර වුවත් සිතේ බිය පහව ගොස් තිබුණේ නැත. ගේට්ටුව අසලදී තද සීතලකින් ඇයව එතීයන්නා සේ ඇයට දැනුණි. එය වැහි සීතලට වඩා වැඩි සීතලකි. ගේට්ටුව ඇරගෙන බෝඩිමට ගිය නිෂාදි මඳ වේලාවක් ඇඳ උඩ වාඩිවී කල්පනා කළාය. ටික වේලාවකින් එය එක් සිදුවීමක් ලෙස සිතූ ඇය නාන කාමරයට පිවිස ඇඳුම් උනාදමා වතුර මල යට සිටගත්තාය. දවසේ මහන්සිය නිමවන තුරු වතුර මල යට වැඩි වේලාවක් සිටීම නිෂාදිගේ පුරුද්දකි. එදිනද නිදහසේ ඇය ටික වේලාවක් වතුර මල යටටවී සිටියාය. නාන කාමරයේ වා කවුළුව පිහිටා තිබුණේ ඇයට පිටුපසිනි. වතුර මලේ කරාමය වසා දැමූ ඇය ඇඟ පිසදා ගැනීමට තුවාය අතට ගත්තාය. හැරදමා ඇති වා කවුළුව අසල කුමක් හෝ ඡුායාවක් ඇතිබව ඇය එක්වරම දුටුවාය. ඒ මිනිස් ඔළුවකි. තමා නාන දෙස කිසිවකු හෝ බලාසිට ඇත. ඇය මොහොතකට
ගල්ගැසී ගියාය. ඉන්පසු මුවින් පිටවූයේ ගෙය දෙදරවන කෑගැසීමකි.
කෑගසමින්ම තුවාය ඇඟ වටා දවටාගත් ඇය නාන කාමරයෙන් එළියට පැන්නාය. ඇය නතරවී සිටියේ නිවසක කාමරයකය. ඇයගේ කෑගැසීමේ ශබ්දයට නිවසේ සියල්ලෝම ඇගේ කාමරය අසලට දිවආහ.
ඩික්... ඩික්.... ඩික්....
දොරට ගසන හ`ඩින් ඇය තිගැස්සී ගියාය.
‘දුව... ඇයි... මේ දොර අරින්ඩ’
‘බාත් රූම් එකේ ජනේලයෙන් කවුද එබිලා බලන් හිටියා’
නිවැසියෝ වහ වහා ගේ වටේ පරික්‍ෂා කර බැලූවද කිසිවකුත් දැකගත හැකි වූයේ නැත. නිවස වටා ඇති තාප්පයෙන් පැනීමෙන් මිස ගේ තුළට කිසිවකුටවත් ඇතුළු විය නොහැකිය. එසේම යම් කෙනකු නාන කාමරයට එබුණා නම් ඔහු පිටව ගොස් ඇත්තේද තාප්පයෙන් පැනීමෙනි. මධ්‍යම රාත‍්‍රිය කිට්ටුවන තුරුම නිවැසියෝ කතා කරමින් සිට නින්දට ගියහ. එදින නිෂාදි රැුය පහන් කළේ නින්දත් නොනින්දත් අතරය.
දින කිහිපයක් ගෙවී ගියේය. එක් දිනක් ඇය රාත‍්‍රියේ එක්වරම නින්දෙන් ඇහැරුණේ ශරීරය පුරා ඇදීයන සීතලක් හේතුවෙනි. ඇය පුරුද්දෙන්ම කාමරයේ විදුලි පහන් නිවාදමා නිදාගැනීමට හුරුවී සිටියාය. කාමරයේ අඳුරත් එළියේ සඳ එළියත් හේතුවෙන් ජනෙල්වලට ඉහළින් සවිකර තිබූ කම්බි කූරු අතරින් යමෙක් තමා දෙස බලා සිටිනා අයුරු පැහැදිලිවම ඇයට දැකගත හැකි විය. අන්ධකාරය තුළ හඳුනාගත නොහැකි වුවත් එය පැහැදිලිවම මිනිස් රුවකි.
‘අම්මෝ.... මෙන්න හොරේක්...’
ඇය වේගයෙන් ඇඳෙන් පැන විදුලි බුබුළ දැල්වූවාය.
‘ඇන්ටි හොරේක්... හොරේක්...’
‘ඇයි දුව ඇයි....?’
‘කවුද ජනේලෙ උඩින් බලන් හිටියා....’
‘දුව හොඳටම දැක්කද?’
‘ඔව්... ඔළුව මම හොඳටම දැක්කා...’
නිවසේ අවට බැලූවද කිසිවකු හෝ සොයා ගැනීමට හැකිවූයේ නැත. මේ සිදුවනුයේ කුමක්දැයි කිසිවෙකුට හෝ සිතාගත නොහැකි විය. නිෂාදි කිසිවකට හෝ බොරුවට බියවී ඇතැයි නිවැසියෝ පවසන්නට වූහ. වේලාව කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය සිටියේ තද නින්දේය. ගත පුරා ඇදී ගිය සීතල නිසා ඇය එක්වරම අවදි වූවාය. නමුත් ඇය එක්වරම ඇස් හැරියේ නැත. පසුගිය සිදුවීම් දෙක එකවර ඇයගේ සිතට පැමිණීමත් සමග ඇය ඇස් කිටි කිටියේ තද කරගනිමින් නිදි විලසම සිටියාය. ඇයගේ සිරුර පුරා ඒ මේ අතට ඇදීයන සීතල ඇයට හොඳින්ම දැනෙයි. ඇයගේ සිරුරේ රහස් තැන්වලින් පවා ඇදීයන සීතල ගැන එක්වරම වෙනස් ආකාරයේ බියක් ඇති විය. කිසිවකු හෝ කාමරයට ඇතුළුවී ඇතිදැයි සිතා ඇය වහා ඇස් හැරියාය. ඇයගේ සිරුරට පහත්වී සිරුර සිපගන්නා අඳුරු ඡුායාවක් ඇය හොඳින්ම දුටුවාය.
‘බුදු අම්මෝ....’
ඇය දෙඇස් ඇරි සැණින් එම රුව අතුරුදන්වී ගියේය. ඇය ඇඳෙන් බහින්නට උත්සහ දරනවිට ඈ සිටියේ සම්පූර්ණ නිරුවතිනි. ඈ හැඳ සිටි ? ගවුම බෙල්ල ළඟටම ඔසවා ඇත. මෙය ඉබේ සිදුවන්නක් යැයි කිසිසේත් සිතිය නොහැකිය. මෙයට පෙර කිසිම දිනක මෙවැන්නක් සිදුවී නැත. මේ සිදුවීමෙන්
පසු ඇය අධික ලෙස බියවී සිටියාය.
...................................................................................................................................................................
නිශාදිගේ කථාව පිළිබව ගුප්ත ගවේෂකයකු දැනුවත් වන්නේ ඉන් අනතුරුවය.
...................................................................................................................................................................
‘කවුද ඹබත් ඒක්ක එහේ මෙහේ යන අර උස කෙට්ටු පිරිමි ලමයා’
‘කවුද?’
‘කොණ්ඩෙ දෙකට බෙදපු ’
නිෂාදි ඇයගේ පේ‍්‍රම සබඳතාව ගැන කිසිවක් නිවසට කියා තිබුණේ නැත. ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය. මේ අසන්නේ ඇයගේ පෙම්වතා පිළිබඳවය.
‘ඒ අපේ කැම්පස් එකේ ළමයෙක්...’
’එයත් එක්ක වැව් ගාණේ කරක්ගහන්නේ මොකටද?’
‘නෑ...’
‘නෑ... වැව් ගාණේ ගියාට කමක් නෑ. වැව් පිටියේ පඳුරු අස්සේ රිංගන්නේ මොකටද?’
නිෂාදිට කරකියාගත හැකි දෙයක් නොවීය. මවුපියන් ඉදිරියේ සියල්ල හෙළිවෙමින් පවතී. ඇය බිම බලාගෙනම සිටින්නට විය.
‘කාමර ඇතුළේ වෙන්ඩ ඕනේ දේවල් කැලෑවල් අස්සේ වෙනකොට මේ වගේ දෝස ඇතිවෙනවා තමයි. ආසාවල් හිරකරගෙන අකාලේ වැව් පිටිවල මැරිච්ච එවුන් ඕන තරම් ඉන්නවා. ගෑනු ඇඟක් දැක්කම උන් ඒකට කෙළ හළනවා. තමුන්ට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. තමන්ගේ ඇඟට වශීවෙච්ච මළ පෙරේතයෙක් තමුන්ගේ පස්සේ එනවා.
මීට පස්සෙවත් පඳුරු අස්සේ රිංගන්නේ නැතිව හිටියනම් හොඳයි’ මෙන්න මේ ආකාරයෙන් ලවණ ශෝදනය සිදුකරන්න එ හරහා ඔය ආත්මය ඉවත් වෙයි . තොවිල් පවිලි නටන්න අවශ්‍ය නෑ.
නිෂාදි බිම බලාගෙන ආශ‍්‍රමයෙන් එළියට පැමිණියාය. තමා කළ වරදේ ප‍්‍රතිඵලය කොතරම් දරුණුද යන්න ඇයට තේරුම් ගියේ එවිටය.


Source: Link

17 August 2017

---බෝනික්කී---


" සර්.... බහින්න... සර් බහින තැන මේක නේද... අයියෝ.... ශික් මේ යකා ...."
කල්පනාවත් නැති වෙන තරමට බීමතින් සිටි ඔහු රථයෙන් බස්සවා ගැනීම ඉතාමත් අපහසු විය... ටයි කෝට් පැලද සිටියත් බීමත්කම ඔහු බල්ලෙක් මෙන් පහලට ඇද දමා ඇත.. නිවස ඉදිරියේ අපගේ දෙබස ඇසී එලියට ආවේ ඔහුගේ බිරිද විය යුතුය...
" මැඩම් මහත්තයා බහින් නෑනේ...."
" ඒයි... ඒයී.... බහින්න මේ මනුස්සය යන්න ඕනා...."
ඇයගේ හඩට ඇගමැලි කඩමින් හරි බරි ගැහෙමින් මොන මොනවදෝ කෙදිරි ගාමින් ඔහු එලියට ඇදුනි..
" මැඩම් .... ටැක්සි ෆී එක 1200 යි...."
ඔහුවත් වත්තම් කරගෙන යාමට සැරසුනු ඇයට මා මතක් කලෙමි...
" ආ ඉන්න..."
ඔහුගේ සාක්කුවෙන්ම 1500ක් ඇද ඇය මා අත තැබුවා ය.
" මල්ලි කොයි පැත්තටද යන්නේ... "
මා ඉතිරි මුදල් දෙන අතර ඇය ඇසීය.
" කොලඹ පැත්තට මැඩම්.."
" ආ එහෙනම් මෙහෙ වටයක් යන්න ඕන නෑ.. තව ටිකක් ඉස්සරහට ගියාම ලොකු වංගුවක් එක්ක වමට පාරක් තියෙයි එකෙ යන්න මේන් රෝඩ් එකට ගොඩක් ලගයි .. "
" හා මැඩම්.. තැන්ක් යූ... මං ගිහින් එන්නම් මැඩම්.."
මා ඇගෙන් සමු ගත්තෙමි... රථයට නැග සිතියම ( google map) නැවත කොලඹ දෙසට සකසා ගත්තත් ඇය කී පාර පෙන්වුයේ අතුරු පාරක් ලෙසයි.. නමුත් එය කෙටි පාරක් බව සැකයක් නැත.. වේලාව රාත්‍රි 10.50 යි... විනාඩි 10ක් හෝ කලින් ගෙදර යාමට ඇත්නම් කොච්චර දෙයක් ද සිතු මා දෙවරක් නොසිතා කෙටි පාරෙන් යන්නට තීරණය කලෙමි...
එවිටම මාගේ ජංගම දුරකථන ය නාද විය...
" හෙලෝ ....."
" ඇයි පරක්කු...."
" අනේ දුර හයර් එකක් ආව මං දැන් එන ගමන් .... ඔයා නිදා ගන්න.. බබා නිදිද..."
" ඔව් බලන් ඉදල නින්ද ගිහින්...හා පරිස්සමෙන් එන්න හොදෙ...."
නිවසට යාමට ප්‍රමාද වන්නේ කලාතුරකින් නිසා බිරිද ද බිය වී ඇත...
..........................................................................
එය මාරක වංගුවකි.... කුඩා වුවත් කඩතොලු රහිත පාරක් නිසා අපහසුවක් නැතිව ගමන් කලෙමි... දෙපස රබර් ගස් ද තේක්ක ගස්ද හදුනා ගත නොහැක නමුත් වගා යායක් බව පැහැදිලිය...
ගතේ මහන්සියට ද මන්දා නුහුරු හැගීමක් සිතට ඇති විය.... එය පාලුවක් ද බියක් ද දෙගිඩියාව ක් ද යැයි නොතේරෙයි.. රේඩියොවෙන් නොකඩවා ඇහෙන වේග රිද්ම සංගීතය ට එය යටපත් කිරීමට නොහැකි විය... තැනින් තැන විදුලි එලිය මතු වූවේ ලග ලගම වැස්සක්ද එන බවට පේන කියමිනි... එය සැබෑය නමුත් ඇද හැලුනේ වැලි කැට මෙන් සියුමැලි පොද වැස්සකි...
රේඩියෝවේ හඩත්... වීදුරුව මත ඇතිල්ලෙන වයිපරයේ හඩත් .. පොලොවට එරෙහිව යන ටයර් හඩත් සමග එකතු වූ රථයේ ඉදිරිපස අලවා තිබූ හිස නටවන බල්ලා හිස වනමින් මගෙ හිතේ ඇති වූ පාලු හැගීමට කොලොප්පන් කරන්නට විය...
ගස් පෙල අවසානයි... විශාල වෙල් යායක් මැදට ඇතුල් වත්ම මැඩියන්ද පෙර ශබ්දයන්ට එකතු විය... විදුලි එලිය අහස පුරා පැහැදිලි ව රටා මැවුවත් මා ඇස් යොමු වූයේ අහස දෙසට නම් නොවේ.... රථයේ ලාම්පු එලියටත් ඈතින් දිස්වූ චලනය වන දෙයක් දෙසට මගෙ දෑස් යොමු විය..
එක් වරම ඒ කුමක්ද පැහැදිලි නොවුනත් රථය ඉදිරියට ඇදෙද්දී ඒ මිනිස් රුවක් එපමණක් නොව කාන්තාවක් බවම පැහැදිලි විය..
මේ රෑ මේ කැලේ මේ වැස්සේ ගැහැනියක තනියම පාරේ කුමක් කරනවාද යන පැනය ආවේ සිතෙහි බිය යන සිතුවිල්ලට අත්තිවාරම් දමමිනි.
වේගයෙන් ඈ පසු කර යනවාද නැතිනම් ඇයගේ හදිස්සිය අසනවාද සිත පොරබදයි ..
වාහනයෙ එලියට ඒ දෙසට හැරුනු ඇය අත දමා නවත්තන ලෙස සංඥා කලේ කරදරයකට උදවු ඉල්ලන්නට මෙනි... රෙදි වලින් එතූ යමක් ඇගේ ළැමට තුරුල් කරන් සිටින බව දුටුවේ දැන්‍ ය. හ්ම්ම්ම්ම් ඇය මග හැර යාමට තීරණය කලත් ඇය ඇත්තටම කරදරේක නම්.... මට සිතිනි...
රථයේ වේගය වැඩි කර ඇය අසලින්ම වේගයෙන් ගියෙමි... රේඩියෝවේ හඩ පරදවමින් " මගෙ දරුවා...." යැයි ඈ කෑ ගසන හඩ පමණක් මට ඇසිනි ... ඈ පසු කර ගොස් පැති කණ්ණාඩියෙන් බැලුවේ හිතෙ චකිතය දුරු කර ගැනීමටයි... වෙනසක් නැත ඇය තවමත් දරුවෙක් යැයි සිතිය හැකි යමක් තුරුල් කරගෙන අඩමින් ඉදිරියට ම දුවයි...
මා තිරිංග තද කල ක්ෂණයට වේගයෙන් ආ රථය ක්‍රී.....ස් හඩ නංවමින් මදක් ඉදිරියට ඇදී නතරවිය... රාත්‍රියේ අතරමං වූ කෙනෙක් දමා යන්නේ කෙසේ දැයි යන පවුකාර වරදකාරි හැගීම මගේ නතරවීමට හේතුව විය... ඕනෑම දෙයක් සිදු වන්නට මා රථය නැවත පසු පසට පැදවූයෙමි ...
" මොකද ප්‍රශ්නේ... කොහෙද මේ රෑ දුවන්නේ...."
රථයේ සිටම පැති වීදුරුව පහත් කර මා ඇසුවෙමි..
" අනේ මගෙ දරුවට සනීප නෑ... ඉක්මනට හොස්පිටල් එකට ගිහින් දානවාද....."
කලු වී වල ගැසූ ඇස් ගුලු කියා පෑවේ ඈ සති ගණනක් නිදි වර්ජිත බවයි... අවුල් වූ කැරලි කෙස් ඉබාගාතේ විසිරී ඇත... පසු පසින් එලවා එන යමකට බයෙන් මෙන් ඇය නිතර පසුපස බලමින් කතා කලාය.. සැබවින්ම උදවුවක් අවශ්‍ය කෙනෙක් බවට සැක කිරීමට හේතුවක් මට නොවීය...
" හරි නගින්නකො...."
නැවතත් පසුපස බැලූ ඈ වහාම රථයේ පිටිපසට ගොඩ විය..
කාරයේ සිතියම ආශ්‍රයෙන් ලගම රෝහලට ගමනාන්තය සැකසූ මම ඒ දෙසට ගමන් කලෙමි.. රාත්‍රියේ නිසා මටත් නොදැනීම සෑහෙන වේගයෙන් ගමන් කල බව මතකය.. තරමක් දුර ආවත් ඈ කිසිවක් නොකී නිසා පසුපස බලන කණ්ණාඩිය ඇය දෙසට හරවා විටින් විට ඈ දෙසද බැලුවෙමි.. ඇ තුරුල් කරගෙන සිටි දරුවා අඩන්නේවත් දගලන්නේ වත් නැත..
" බබා ට මොකද...."
" එයාට සනීප නෑ... එයා නිදි..."
මට සගවන්නට මෙන් දරුවා ළයට හොවා ගත් ඇය නොරිස්සුම් ලෙස කණ්ණාඩියෙන් මා දෙස බලමින් කිවුවාය...
මමද නැවත් කිසිවක් අසන්නට නොගියේ මට එය අදාල නොවන නිසාය.
සිතියමට අනුව පාලු අතුරු පාර ඉවර වෙන්නට ඇත්තේ තව ටික දුරකි.. නමුත් සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා මට උන් හිටි තැන් අමතක විය...
" ටට් ටට් ටට් ටට් ටට්....."
තේරුම් ගැනීමට නොහැකි ශබ්දයක් ඇසුන හෙයින් රතයේ වේගය බාල කර රෝද වලටත් එන්ජිම දෙසටත් හොදින් කන් යොමා ගමන් කලෙමි... කිසිවක් නැත..
" ටට් ටට් ටට් ටට් ටට්....."
පෙරටත් වඩා එය පැහැදිලිව ඇසෙත්ම රතය ගැස්සෙන්නට විය.... එක් වරම ඇස් යොමු වූයේ කණ්ණාඩිය දෙසටයි... දෙවියනේ.... කෝ මේ ගෑණී....
පාර මැදම රථය නතර කලේ සිතාමතාම නොවේ... මා පසුපස බැලුවෙමි...
" අනේ දෙයියනේ මේ මොකද මේ....."
පසු පස අසුනේ දිගා වී සිටින ඈ වතුරෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැසෙයි... උඩ ගිය ඇස් වල පෙනෙන්නට ඇත්තේ සුදු ඉංගිරියාව පමණි... මරණාසන්නව මෙන් හුස්ම ගනි.. ටට් ටට් ටට් ගාමින් පිටතට ඇසෙන තරමටම ඈ දත්මිටි කයි.. ඇයට කුමක් වීද... ඈ හැසිරුනේ යක්ශයෙකු ආවේශ වූවෙකු මෙනි
මට කල හැකි කිසිවක් නැත... ‍රථය පණ ගන්වා වේගයෙන් ඇදුනෙමි
" පොඩ්ඩක් ඉන්න.... තව ටිකයි... තව ටිකයි...."
ඇයට නෑසෙන බව දැන දැනත් එලෙස කීවේ ඈ සැනසිමටද මට සැනසීමටද මා නොදනී.... එය රෝගයක් ද වෙනත් දෙයක් ද මට දැනීමක් නැත... ඇය මැරෙයි ද යන බයෙන් මගෙ සිරිගඩු පිපී ඇත. නොනවත්වා කියවන දෙබස් පේලිය පැහැදිලි නොවුනත් " මරන්න දෙන් නෑ" වැනි වචන කිහිපයක් තේරුම් ගැනීමට හැකි විය..
ආ වේගයෙන් ම වාහනය රෝහලට ඇතුල් කරන විටත් ඇය අඩ සිහියෙන් මෙන් දොඩවයි... කාරණය දැනුම් දුන් විට ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් වහාම ඈ ඇතුලට ගෙන ගියේ තොරතුරු සටහන් කර ගැනිමට මා නතර කර ගනිමිනි .
.........................................................................
" ඇයි මෙච්චර රෑ වුනේ..."
නිදි කඩමින් දොර විවර කල මගේ බිරිද ඇසුවේ මින් පෙර එසෙ වී නැති නිසායි
" අපෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ.. හරි මහන්සි.. එපා වුනා අද නම්..."
ඇදුම් උනා දමා ඇග පත සෝදා ආවේ ඉතිරි පැය කිහිපයවත් සුව නින්දක් බලාපොරොත්තුවෙනි . ඇදට වැටීමට පෙර පුංචි දුවගේ සුව දුක් බැලීමටද අමතක නොකලෙමි. සුරංගනාවියක් සුරංගනා ලෝකයේ කොහේ හෝ අතරමං වී සුන්දර සිහිනයක් දක්නා මෙන් ඇගේ සුන්දර මුහුණ බැබලෙමින් තිබිණ .. නින්ද නොකඩා සියුම් හාදුවක් ලබා දී මම ඇදට ආවෙමි
" මාව හෙට උදේම ඇහැරන්න හොදද.. "
නිදා ගැනීමට රෑ වූ නිසා හෙට උදේ ඇහැරීම අපහසු බව හොදින් දන්නා හෙයින් මම මගේ බිරිද චාමි ට කීවෙමි.
" කීං කීං කීං...."
කොට්ටයට හිස තිබ්බා පමණි
"" ඒ මොකක්ද ඒයි... වාහනේ නේද...."
රථයේ ආරක්ෂක එලාමය හිටිහැටියේ නාද වන්නේ ඇයි ......
සාලයේත් ඉස්තෝප්පුවේ ත් විදුලි පහන් දැල්වූ මා යතුර ගෙන එලාමය ක්‍රියා විරහිත කලෙමි. දොර විවර කර වටපිට බැලුවද කිසිවක් සිදුවූ බවට සලකුණක්වත් නැත. සියල්ල ඉතාමත් නිශ්ශබ්ද ය.. කෝකටත් කියා රථයේ දොරවල් නැවත් පරීක්ෂා කලේ සිතේ සැක නැති කර ගැනීමටයි.
රථයේ පිටුපස දොර විවර කර වසත්ම අසුන යට යමක් තිබෙනු දුටුවේ අහම්බෙනි ... සුදු රෙද්දකින් ඔතා තිබූ එය මගෙ මතකයට ආවේ ප්‍රමාදවය..
" දෙයියනේ.... අර දරුවා ....."
වහාම පැන ඔහු අතට ගතිමි ... මෙතරම් වේලාවක් එය සිහි නොවූයේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි..
" මේ මොන විකාරයක් ද...."
එහි දරුවෙක් නැත.. ඒ ගැහැනිය දරුවා කියා ඇත්තේ බෝනික්කකු ට ය... හ්ම්ම් ඇයට පිස්සුද ... මා බෝනික්කා ඔතා තිබූ රෙදි කඩ ඉවත් කලෙමි.. නිල් ඇස් සහිත ජීවමාන දරුවෙකුගේ ප්‍රමාණය ට සමාන රෙදි බෝනික්කාට අන්දවා තිබුනේ සුදු පැහැ ලෝගුවක් මෙන් දිගු ගවුමකි.. බෝනික්කා අන්දවා ඇත්තේ ගැහැණු දරුවෙකු මෙනි. උගේ දිගටි කෙස් ඇත්තම කෙස් වලට සමානය...
" ඒ මොකක්ද....."
මා නැවත නිවසට ඇතුල් වන විට දොරකඩ සිටගෙන සිටි චාමි ඇසීය.
" අද පිස්සු ගෑනියෙක් නැග්ගා.. ඒ ගෑනිගේ බෝනික්කා දාලා ගිහින්..."
කෙටියෙන් විස්තර කරන ගමන් බෝනික්කිය සාලයේ පුටුව උඩට විසි කර දැම්මේ නිදි මත ඉවසීමට නොහැකි නිසාය.
ඇදට වැටුනු මා හට තත්පර ගණනකින් නින්ද යන්නට ඇත...
.......................................................................
" ම්ම්ම්ම් හික් .... හික්.. ඉහි.. ඉහි.."
ඉකි බිදුම් හඩක්... නින්ද කැඩුනේ ඒ හඩිනි.. චූටි දූ නැගිටලා වත් ද.. මා චාමි දෙස බැලුවත් ඈ සුව නින්දේ පසු විය.. කාමරයේම වෙනම පිහිටි ඇදක සිටි දුව ද අවදි වී ඇති බවක් දක්නට නැත...හ්ම්ම් මටම බැලීමට සිදුවේ..
විදුලි පහන් නොදල්වා ම හෙමින් හෙමින් ගමන් කලේ කවුරුන් හෝ ඇහැරෙතැයි සිතාය. පරිසරය කෙතරම් නිහඩද කියතොත් ඔරලෝසුවේ කටු වදින හඩ පවා ඇසේ...ඉකි බිදීම කොහෙන් ඇසේදැයි පැහැදිලි නැත.. අද දවසම මහා අත්භූත දිනයක් බව මට හැගුනි.. කුස්සියත් අනෙක් කාමරයත් සෝදිසි කල මා සාලයට ඇතුල් වී අදුරේම අතපත ගෑවේ විදුලි පහන් දැල්වීමට ස්විචය සොයමිනි. අදුරට හුරු වූ ඇස් වලින් දුටු අපැහැදිලි දර්ශන වලින් සිත මහත් සේ කම්පනය විය...
සාලයේ දිග සැටිය මත ගැහැණු දරුවෙක් මා දෙස බලා අඩන සැටි මට පෙනුනි .... ඒ දෙස බලාගෙනම විදුලි පහන දැල්වුවෙමි ....පහන් දැල් වු විගස සියල්ල නිහඩ විය...
" අහ්හ්හ්හ්හ්හ්..." තදින් හිත ගැස්සුනේ පුටුව මත මමම තැබූ බෝනික්කි එක එල්ලේ මා දෙස බලා සිටිනු දැකීමෙනි.... හ්ම්ම්ම්ම් විකාර.. මටම කියා ගත් මා නැවත කාමරයට විත් නිදා ගත්තෙමි..
..........................................................................
" ට්‍රීං .... ට්‍රීං...."
" ශික් මොකාද මේ උදේ පාන්දර කෝල් කරන්නේ.... හෙලෝ..."
" හෙලෝ... මං මේ කතා කරන්නේ ඊයේ ඔයා හොස්පිටල් දාපු ගෑනු කෙනාගෙ හස්බන්ඩ්..."
" ආ කියන්න...."
" මට ඔබ තුමා මුණගැහෙන්න පුලුවන් ද... මගේ wife ගේ බෝනික්කි ඔබතුමා ලගද..."
" අනේ ඔව් එයා දාලා ගිහිල්ලනේ... මං ඔය පැත්තේ එද්දි ගෙනත් දෙන්නම්..."
" තැන කිවුවොත් මං ඇවිත් ගන්නම්... ඔබ තුමා අද මේ පැත්තේ එන්නේ නෑනේ නේද.."
" අද නම් එන් නෑ මං ගෙනත් දෙන්නම්.. බයවෙන්න එපා...කෝකටත් මට ඇඩ්‍රස් එක දෙන්නකෝ ඔය පැත්තේ ආවොත් දීගෙන යන්නම්..."
ලිපිනය ගෙන මම දුරකථන ය විසංදි කලේ ඔහු කුමන අරමුණෙන් මා සිටින ස්ථානය අසන්නේදැයි නොදන්නා නිසාවෙනි.. අනෙක මේ කැහැටු බෝනික්කා මෙතරම් වටින්නේ ඇයි ද මට සිතිනි..
හරි හැටි නින්දකුත් නොලද නිසා අදි මදි කරමින් රැකියාවට යාමට සූදානම් වුනෙමි.. නිවසෙන් බහින්නට සුදානම් වෙද්දී රථයෙ යතුර කාමරයේ බව මතක් විය. කාමරයට ඇතුල් වී යතුරත් ගෙන අවසාන වතාවට කණ්ණාඩියෙන් බැලුවෙමි....
" මොනවා....."
මා කණ්ණාඩියෙන් දුටුවේ චූටි දූගේ ඇද මත සුදු පාට නිදන ඇදුමක් හැදගත් තවත් කෙල්ලක් නිදා ගෙන ඉන්නවා ලෙසය .. ඒ තැති ගැන්ම කෝපයක් කර ගත් මා
" චාමී.....මෙහෙ එන්න..."
" අම්මෝ ඇයි අනෙ කෑ ගහන්නේ...."
" පිස්සුද ඔයාට අර ජරා බෝනික්කා චූටි දූ ලගින් තිබ්බේ...."
" පිස්සුද අනේ මම තිබ්බේ නෑ උදේ එලියට ගියාම දැනුයි කාමරේට ආවෙත්... ළමයම ගන්න ඇති එයා දන් නෑනෙ ඔයා එයාට ගෙනාව කියලා හිතන්න ඇති..."
" හා හා දැන් ඕකව අරන් ළමයට ගන්න බැරි තැනකින් තියන්නකෝ හෙට ගිහින් දෙනකන්.."
සිදු වූ දේ මට සිතා ගත නොහැකි විය.. " දෙයියනේ මම කණ්ණාඩියෙන් දැක්කේ ඇත්ත ගැහැණු ළමයෙක් වගේමනේ " චූටි දූ ඇදෙන් බැහැල එනව මම දැකේවත් නෑනේ" මට සිතිනි
තනිව කල්පනා කරමින් නිවසින් පිටත් වූයේ සිත සන්සුන් බවකින් නම් නොවේ. කෙමෙන් කෙමෙන් දිනය ගත වුනත් සිත තිබුනේ නිවස තුලය...
" ට්‍රීං ...... ට්‍රීං...."
දිගින් දිගටම මා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන්නේ පිස්සු ගැහැණිය ගේ සැමියාය.. නමුත් මා ඔහු මග හැරියේ හිතාමතාම ය...
" කරුණාකර හැකි ඉක්මනින් මට බෝනික්කා ලැබෙන්නට සලස්වන්න...." කිහිප වරක්ම නාද කිරීමෙන් පසු ඔහු කෙටි පණිවිඩයක් එවා තිබුනේ ඉතාමත් හදිස්සියෙන් මෙනි.. නමුත් මේ මොහොතේ මට කිරීමට කිසිම දෙයක් නැත....
පෙර දිනත් ඉතා තදින් වෙහෙස වූ නිසා මා අද තරමක් කලින් ගෙදර යාමට තීරණය කලෙමි..
.......................................................................
රාත්‍රිය උදා විය.... මුලු නිවසම අනවශ්‍ය ලෙස සන්සුන් බව මට සිතිනි... ඒ නිහඩ සන්සුන් බවම මට වදයක් විය... සියල්ලොම වෙනත් ලෝකයක සිටින මෙන් නිහඩය.. වෙනදා ගේ පුරාම දුව පැන නටන චූටි දූ අද එකම තැන බලා ගත් අත බලා සිටී...
" ඇයි මේ දූට සනීප නැද්ද .... ඇයි ඔක්කොම ගල් ගිලල වගේ කිසි සද්දයක් නැත්තේ..."
" මුකුත් නෑ... "
කියා චාමි දරුවාද රැගෙන කාමරයට ගියාය...
කිසිවක් වටහා ගත නොහැකි වූ මාද කෑම පිගාන පැත්තට දමා අත් සෝදා කාමරයට ආවෙමි.. එක්වරම ඈතින් ඇසුනු බල්ලෙකුගේ උඩු බිරුම කියන්නට තැනුවේ අද නම් මහා මූසල දවසක් බවය... අප නිවසේ අප හැර තවත් කෙනෙකු සිටිදො මට දැනෙන්නට විය.නිදි යහනේ සිට කල්පනා සයුර ක ගිලී සිටියේ උත්තර සොයන්නට වත් ගැටලුව නොදන්නා නිසාවෙනි ...
එක්වරම තිගැස්සී ඇහැරුනේ චූටි දූගේ මර ලතෝනි හඩ නිසාය...
" චාමී.... චාමි දෙයියනේ මොකද මේ...."
චාමි චූටි දූට අමානුශික ලෙස පහර දෙමින් සිටින්නේ යකෙක් ආවේස වූ අයෙකු මෙනි ... කෙස් වැටිය කඩා දමා දත් මිටි කමින් පුදුමාකාර ආවේගයකින් පහර දෙමින් සිටි ඇයට තිබුනේ පුදුම ශක්තියකි.. ඇයව ඇද බිමට දමා තද කර ගත්තේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසාය.. උඩ ගිය ඇස් , ටට් ටට් ටට් හඩින් එකට වදින දත්.. මට සිහි කලේ පෙරදින රෝහල් ගත කල ගැහැණිය ය. මින් පෙර කිසි දිනක චාමිට මෙසේ වී නැත...
ඇයව යටපත් කිරිමට මට ඇයට පහර දීමටද සිදු විය... ඇගේ විදුරු මස් වලින් ලේ ගලා යයි... ඇය මන්තරයක් වගේ කෙදිරුවේ " මගෙ දරුවා... මගෙ දරුවා... " යන්න පමනකි . විනාඩි 10ක් පමණ ඈ සමග පොර බදන විට ඇය කෙමෙන් සිහිසුන් විය...
" චාමී... චාමී... හරි හරි දැන් හරි.. "
මා ඇයව තුරුල් කර ගතිමි...
සිදු වූයේ කුමක්ද කියා මමවත් දන්නේ නැත.. මනස්ගාත විස්වාස නොකලත් මෙය නම් අමනුෂ්‍ය බලවේගයක් ද යැයි මටද සිතුනි..සන්සුන් වූ චාමි ඇදෙන් තබා හඩමින් සිටි චූටි දූ වඩා ගත්තේ ඇයවද සැනසීමටය... එලිය වැටීමටද තව බොහෝ වේලා ඇත.. තවමත් වේලාව පාන්දර 1.15 ට ආසන්නය... ඇයවත් ඇගේ යහන මත තබා නිම්ද යන තෙක් සිටි මා කුස්සියට ගියේ පොර බදා ඇතිවු මහන්සියට වතුර උගුරක් බීමටයි...
ශීතකරණය ඇර එහි තිබූ බියර් කෑන් 3 කුත් ඇපල් ගෙඩියක් හා පිහියත් රැගෙන සාලයට ගොස් වාඩි වූයේ මෙයින්වත් සහනයක් ලැබේ යැයි සිතාය... සැටිය මත වාඩිවී බියර් බොමින් ඇපල් පෙති කපමින් කෑවෙමි.. බියර් කෑන් 3 අවසාන වන්නට ආසන්න වත්ම නින්දද මා ලගටම පැමිණ ඇත... නමුත් සැටියේම ඇලවූයේ නිදා ගැනිමට නම් නොවේ..
වෙරි මතටද මන්දා සියල්ල කැරකෙනවා මෙන් පෙනුනි... අදුරේ ම කවුරුන් හෝ අඩමින් සාලය පුරා දුවන හඩ ඇසුනි. නැගිට ගොස් ඒ කුමක්ද කියා බැලීමට උවමනා වුවත් ගතට කිසිදු පණක් නොවීය. මේ හීනයක්ද ඇත්තක්ද තේරුම් ගත නොහැකි තරමට දෙලොවක අතරමං වී ඇති සේය.
අපහසුවෙන් කෙසේ හෝ පුටුවේ වාඩි වුනෙමි..
" කවුද මේ... මොනාද ඕනේ.... "
මා ඇසුවේ මා ඉදිරියේ සිටගෙන සිටි නාදුනන දැරියගෙනි... ඇය අර බෝනික්කාද අතෙහි දරා සිටියාය...
කිසිවක් නොකී ඇය සෙමින් සෙමින් මා ලගට ඇදෙයි... ඇගේ කට සෙලවෙන බව පෙනුනත් ඈ කියන දේ මට ඇසෙන්නේ නැත..
" එපා... එපා ලගට එන්න එපා... මොනාද උබට ඕනේ.... අපිට පාඩුවේ ඉන්න දීපන්...."
මම කෑ ගැසුවෙමි.. නමුත් ඈ නතර වූයේ නැත.
ඇගේ හුස්ම දැනෙන තෙක් මා ලගටම ආ ඇය අත දිගු කර මගේ කම්මුලට අත තැබීය.. බියෙන් භ්‍රාන්ත වූ මා වහා ක්‍රියාත්මක වී අත තිබු පිහිය ඇගේ ගෙල හරලා යවත්ම
" තාත්ති......."
කියා කෑ ගැසීය.. ඇයට කීමට හැකි වූයේ එපමණකි... පිහි පහරින් විසි වූ ලේ මගෙ මුහුණ පුරා ඉසිරවිය ... සියල්ල සිහිනයක රූප රාමු මෙනි....
" ට්‍රීං.... ට්‍රීං...ට්‍රීඊඊඊඊං ....." මා පියවි සිහියට ආවේ දුරකතනයේ නොනවතින නාදයටයි....
" අනේ..... එපා.... මගෙ දුවේ... මගෙ චූටි දුවේ.... නෑ නෑ අනේ ....."
මගෙ පිහි පහරින් උගුරු දණ්ඩ වෙන්වු ඇය මා අසලම වැටී සිටී.. ඇගේ ලේ වලින් ඈ අත තිබූ බෝනික්කිය පෙගී ගොස් ය.. බෝනික්කියත් චූටි දුවත් මා දෙසම බලා සිටී... අනෙ දෙවියනේ මං වගේ පවු කාරයෙක්.... ඇය තුරුලට ගෙන මා ඉකි ගසමින් හැඩුවෙමි... බස් වැටුනු බෝනික්කි මා දෙස බලා සිටියේ සිනාසෙමින් යැයි මට සිත්නි...
" ට්‍රීඊඊඊඊං .... ට්‍රීඊඊඊඊං ......' දුරකථන ට ඉස්පාසුවක් නැත... කතා කිරීමට නොහැකි වුවත් එය ක්‍රියාත්මක කර පැත්තකින් තැබුවෙමි..
" හෙලෝ... හෙලෝ.. කතා කරපන් මිනිහෝ.... " පැත්තකින් තැබූ දුරකතනයේ මට ඇසේ..
" හෙලෝ... මට දැන් ඔය බෝනික්කා එපා... ඔය බෝනික්කා තමයි මගෙ ගෑනිගේ දරුවා.. ඒක හොය හොය පිස්සුවෙන් වගේ හිටපු ඒ ගෑනි ඊයෙ රෑ හොස්පිටල් එකේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා.... උබ තමා මගෙ ගෑනිව මරා ගත්තේ...දැන් මට ඕකෙන් වැඩක් නෑ... ඒත් මතක තියා ගන්නවා.. ඔය බෝනික්කි පුරවලා තියෙන්නේ මගෙ මැරිච්ච දරුවගේ මිනී අලු වලින්.... උබට සාප වෙනවා මේ කරපු දේට...."
සියල්ල නිලංකාර විය... මෙතෙක් කල් මා නිවසේ තබාගෙන සිටියේ මලගිය කෙනෙක්ගේ මිනී අලු ද...දෙවියනේ මොකක්ද මම මේ කලේ.. මේ සියල්ල මේ බෝනික්කාගේ සාපයද..... මගෙ බිරිද ට ආවේශ උනේ අර ගෑනිද...
............................................................................
වසර 5 කට පසු..
බිරිදට අමානුශික ලෙස පහර දීමත්... පහර දී ගෙල කපා තම දරුවා ඝාතනය කිරීමේ වරදටත් වැරදි කරු වූ මා බන්ධනාගාර ගත වීමෙන් වසර 5කට පසු යහපත් හැසිරීම මත ලැබුනු ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට හැකි විය...
නිවසට යන විටත් දැන ගන්නට ලැබුනේ චාමි අයහපත් මානසික තත්වය නිසා මානසික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන බව යි..
මා කෙලින්ම ගමන් කලේ රෝහල වෙතයි... ඇයව රැගෙන එන තෙක් මද වේලාවක් රැදී සිටියෙමි... ඇය දුටු මා එක්වරම නැගිටවිය
" දෙවියනේ චාමි ඔයා......"
දෙතුන් වරක් හිස ඇල කරමින් මා දෙස බැලූ ඈ යන්නට ගියාය... මේ ඇයමද වෙනත් අයෙක් ද යැයි අදුනා ගැනීමටද අපහසුය.. ඇගේ කෙස් අවුල් වී ඇස් යට ගොස් ඇස් වටේ කලු වී ඇත... නමුත් ඇගේ අතේ දරා සිටි බෝනික්කිය වසර ගනනාවක් ගියත් මට අමතක වන්නේ නැත....
අහෝ දෙවියනේ... තවමත් සියල්ල නිමා වී නැත්ද....
නිමි..

ප්‍රගීත් ලීටස්

Source: Link


16 August 2017

---ඕපනායක අයියා---


මේ අපේ ගම් පලාතේ දැනට අවුරුදු 3-4 කට කලින් වෙච්චි ඇත්ත කතාවක්. අපේ නැන්දාලාගේ ගෙදර එහා ගෙදර හිටියේ අයියා කෙනෙක් අයියා කිව්වට මාමා කෙනෙක් වගෙ. මිනිහා බැදලා නෑ. අපි කියන්නේ ඕපනායක අයියා කියලා... ඕපනායක කිව්වට ඕපපාතිකයෙක් වගේ. හැම මගුලටම බයයි. මිනිහා කලේ ගල් කපන් කෝස් එකක්. මැණික් ගල් එහෙම කපන් ඔපදමන තැනක. රෑට චූ කරන්න යන්නත් බයයි මිනිහා. ඇලේ නාන්න බයයි. පීනන්න බෑ.. අපේ ගමේ සෙට් එකත් එක්ක තමයි මිනිහා වැඩිපුරම ඉන්නේ... සෙට් එක කිව්වේ පොඩි උන් 4 යි තව ලොකු අයියලා 2නයි
දවසක් අපි සෙට් එක ගියා යාලුවෙක් ගෙදරකට රෑට කෑම කන්න එන්න කියලා.. බත් කාලා එහෙම කොල්ලො සෙට් එකේ 9 විතර හිටියා. අපි ගියා රෑ 9 ට විතර හොර වෑවර කඩන්න. සෙට් එකේ දෙන්නෙක්ට ගස් නගින්න පුලුවන්. අපි ගියෙ අඹේපුස්ස මාමලයි කුඹුරට හොර වෑවර කඩන්න ටෝච් නිමාගෙන සුපිරියටම හෙමින් හෙමින් හෙමින් ගියා නියරවල් උඩින් පහත් වෙලා. මොකද අඹේපුස්සට ටෝච් එලිය දැක්කෝත් ඉවරයි. අහු උනොත් මිනිහා කරන්නේ ගස් බැදලා දිමිගොටු දානව. ඉස්සර අපේ කොල්ලෝ දෙන්නෙකුත් අහුවෙලා පැලපොල් ගහක බැදලා දිමිගොට්ටක් දැම්මා.. ඒවා තමා උගේ දඩුවම්.....
ඔන්න ඉතින් හොරාට හොරාට ගිහිල්ලා අරුන් දෙන්නාගෙන් එකෙක් ගහකට නැග්ගුවා. අනිත් එකාට ගහට නගින්න බෑ කිව්වා ජොකා දාලා ආපු නැති නිසා.. හදත් පායලා තියන නිසා කලුවරක් තිබුනේ නෑ.. කොහොම හරි වෑවර ගෙඩි 10විතර කැඩුවා. එක ගෙඩියක් පොඩි ඇලට වැටුනා ඕය ගෙඩිය ගන්න අර ඕපනායක අයියා තමයි බැස්සේ. ඌ බෑ කියද්දිම අපි තල්ලු කරා ඇලට.. ගූ බයියි ගොං ලබ්බා..
හරි. වෑවර ගෙඩිය අහුලන් ඌ ගොඩට නගිනකොට කොන්ද පොඩ්ඩක් හිරුණා කිව්වා. අපි කිව්වා "අඩෝ නිදිකුම්බා කටු වලට වෙන්න ඇති. ඕකත් අරන් ඉක්මනට වරෙන් නැත්නන් අඹේපුස්සයා දිමිගොටු දායි කියලා"
අපි ටිකක් පහලට වෙන්නේ කුඹුරේ තියාගෙනම වෑවර බීලා මදත් කාලා ආවා.. ඇවිල්ලා පහුවදා උදේ ඕපනායක අයියා කිව්වා මගේ කොන්ද රිදෙනවා කියලා. අපි බැලුවා සර්පයෙක් වත් රිංගලද කියලා.... හත්වලාමේ ඇගිලිපාරක්.. 👋👋
ඊට දවස් 2කට පස්සේ ඔපනායකයට අම්බානෙක උණ හැදුනා වගේ උනා. දවස් 7 ක් ඉස්පිරිතාලෙ ඉදලා කොහොම හරි 7 වෙනිදවසේ මූ ඉස්පිරිතාලෙ හීනෙන් ඇවිදලා. මේක නර්ස් වගේ ඉන්නේ කොල්ලෝ අන්න එහෙම එකෙක් මට කිව්වේ.. ඕපනායකයා ඉස්පිරිතාලෙ ගැහැනු වාට්ටුවට හීනෙන් යනවලු අරුත් පස්සෙන්ම ගිහිල්ලා ගැහැනු වාට්ටුවේ හිටපු නාර්ස් මේක දැකලා මූ වනචරයෙක් වෙන්න ඇති හිතලා ටැප් එකෙන් වතුර එකක් අරන් මූනට දාලා ඊට පස්සේ ඕපනායකයට සිහිය ඇවිල්ලා.. මූ හොදටම බය වේලා.. නර්ස් නෝනා මූව ඇදන් ගිහින් දැම්මා ආයේ මුගේ වාට්ටුවට..
ඊට පස්සේ මූ 9 වෙනි දවසේ ටිකට් කැපුවා එදා ඉස්පිරිතාලෙට බ්‍රාහ්මණ ගෑනියෙක් වගේ ආවා. අවිල්ලා ඔපනායකයට කලු නූලක් දැම්මා බෙල්ලට මාසයක් යනකන් දාගෙන ඉන්න කියලා. ඒ බ්‍රාහ්මණ ගෑනි ටොයිලට් එකට ගියා.. මත් ගියා ඒ ගෑනි පස්සෙන්ම ඉස්පිරිතාලෙ ටොයිලට් එකට. මෙන්න බොලේ දොර අරිනකොටම ඒ ගෑනී ඒකේ නෑ.... මං බය උනා. මං හිතාගත්තා ඒ ගෑනි ටොයිලට් යන්නැතුව වෙනකොහේ හරි යන්න ඇති කියලා.. මට මග ඇරෙන්න ඇති කියලා.
කොහොම හරි ඕපනායක අයියාගේ ටිකට් කපලා ගෙදර ආවා. හැබැයි අර කලු නූල ගැලෙව්වේ නෑ මෑන්.............
(දවසකට පසු)
ඔන්න මං දවසකට පස්සේ ගියා ඔපනායකයට කොහොමද කියලා බලන්න.... අම්මෝ....... යද්දී මිනිහා පොල්කටු අගුරු පුච්චනවා.. පුච්චලා එලියෙ දාලා පොල්කටු අගුරු කෑලී.. මූ ගිනි පාගන්න වගේ... ආවේස වෙලා වගේ.. ඌ එලියට වී.සී.ඩී ප්ලෙයර් එකයි බෆල් එකයි එලියට ගෙනල්ලා සකුරා රේන්ජ් මියුසිකල් ශෝ එකක් දාලා නටනවා හෝ ගාලා ආවේස වෙච්චි එකා වගේ... ඊට පස්සේ ගිනි අගුරු ගොඩේ මේ හාදයා ඇවිදිනවා බය නැතුව... බුදු අම්මෝ මං ගිනි බයේ හිටියේ... දැන් මූ හෝ ගාලා ගිනි ගොඩේ නටනවා... මාත් පැත්තට වෙලා බලන් හිටියා මුගේ ජවුසම මොකද්ද කියලා...
මෙන්න බොලේ දෙවෙනි දවසෙත් මූ පොල් කටු රෙඩි කරනවා එදා ජවුසමම නටන්න දැන් ලාම්පුතෙල් දාලා පොල් කටු පත්තු කරන්න හදන්නේ බෆල් ගෙනල්ලා වී.සී.ඩී ප්ලෙයර් ගෙනල්ලා කලින් දවසේ කොල්ලොන්ගෙන් ඉල්ලගත්ත මියුසිකල් ශෝ ටිකක් ගෙනල්ලා..
මාත් පුටුවක් අරන් අඹ සම්බලයකුත් හදාගෙන මුගේ ජවුසම බලන්න මිදුලට ආවා...
දැන් මූ ඔන්න නටන්න පටන් ගත්තා නරපණුවා වගේ මාත් පුටුවෙන් වාඩිවෙලා පොඩි කොල්ලො ටිකත් එක්ක අඹ සම්බල් කකා චිත්‍රපටියක් බලනවා වගේ මුගේ ජවුසම බලනවා..... ටික වෙලාවයි ගියේ මුගේ සරමට ගිනි පොඩ්ඩක් ඇවිලුනා මං පැනලා මුව එහාට විසිකලා. තල් අත්තක් අරන් ගහලා ගහලා ගින්න නිමුවා පොඩි උන් ටික වතුර ගැහුවා.. ඊට පස්සේ සරම උස්සලා කකුල බැලුවා. කකුල පොඩ්ඩක් පිච්ල්ලා... මං සෙනිකව මගේ චැලි බයික් එක ගත්තා ඕපපාතිකයා දාගත්තා බෙහෙත් සාප්පුවට ගියා. ගොඩක් අවුලක් නැති නිසා. හොස්පිටල් ගියොත් අනිවාර්යයෙන් මූ අංගෙඩ ගිහින් දානව කරන වැඩ නිසා..
ඊට පස්සේ බෙහෙත් දාලා එක්කන් එනකොට රෑ 8.30 විතර වෙලා... මං සිගෙක් පත්තු කරා.. මූත් එක්ක එන්නත් බයයි අර බ්‍රාහ්මණ ගෑනි ගැන මතක් වෙනකොට. සිගා එක ගහගෙන ඔන්න ආව. ඔන්න දැන් තමයි සීන් එක..... ඕපනායකත් එක්ක එද්දී බයික් එක එද්දි පාරේ පොඩි පොඩි මකුලුවෝ පාර පුරාම... මෙන්න බොලේ තව ටිකක් දුර එද්දී මාපිල්ලු පොඩි ගුරුපාර පුරාම. පාට පාට මාපිල්ලූ.. මං උන් ඔක්කොම මග ඇර ඇර ආවා.. හරිම පුදුමයි. කවදාවත් දැකලා නැති තරමටම. තව ටිකක් දුර එද්දී මෙන්න පිඹුරෝ පාර පුරාම. හැබැයි උන් මට කන්න පනින්නේ නෑ.. මං උන් මග ඇර ඇර ආවා.... තව ටිකක් දුර එද්දි පාර දෙපැත්තෙම අලි පේනවා හැබැයි උන් පාරට එන්නෑ.. ඈත ඉන්නේ.. මේක මටයි ඕපනායකයටයි දෙන්නටම පේනවා. අලි ටික නන් පැහැදිලි නෑ වැඩිය ගස් අස්සේ වගේ ඉන්නේ.. අනික අලි එහෙම ඒ පැත්තේ ඇත්තෙත් නෑ... ඔන්න තව ටිකක් දුර එද්දී ලස්සන නයි ඉන්නවා.. හරිම පුදුමයි. හැබැයි උන් පාරේ දෙපැත්තේ ඉන්නේ.. කිසිම එකෙක් මට දශ්ට කරන්නෙවත් පනින්නෙවත් නෑ.. හරියට මායාවක් වගේ... කොහොම හරි ඒවා ඔක්කොම පහු කරලා ගෙදර ආවා..
පහුවදා ඕපනායකයට ආයේ උණ ගත්තා.. අපි බැරිම තැන අර බෙල්ලේ දාපු නූල කතුරෙන් කපන්න හැදුවා... අම්මෝ ඒ නූල කොහොමත් කපන්න බෑ.. හරි හයියයි බ්ලේඩ් එකකින් වත් කොහොමත් බෑ.. බැරිම තැන නූල පුච්චන්න හැදුවා... මාර සිද්දිය කියන්නේ කොහොමත් පිච්චෙන්නෑ...
මේ සීන් වලින් පස්සේ ඕපනායක අයියා කිසි දේකට බය නැති උනා.. අපිටත් හරි පුදුමයි... මිනිහා රෙස්ලින් බලනවා. කිසි දේකට බය නෑ..
ඔය අතරේ අපේ යාලුවෙක්ගේ සීයා කෙනෙක් හිටියා පොර මන්තරකාරයෙක්. අපි මිනිහට කිව්වා මේ සිද්දිය එතකොට තමයි මේ ඔක්කොම පැහැදිලි උනේ....
ඉතුරු ටික ඕනද..... පස්සේ කතාව ලියන්නම් නේද.. දැන් අත රිදෙනවා ටයිප් කරලා... හරි හරි ඔන්න දැම්මා එහෙනන්
හේතුව හොයලා බැලුවාම ඔයා අපි හොර වෑවර බීලා තියෙන්නේ වෑවර ගස් කලින් අයිති වෙලා තියෙන්නේ ඒ කියන්නේ අඹේපුස්සයට කලින් අයිතිකාරයා හූදු කාරයෙක් ඌ පොල් මණිඩියට පට්ට ආස පොරක් ඌ තනි හූදු කාරයෙක් හූදු ගහන්න පොල් මණ්ඩියයි කුඹුරයි අඹේපුස්සට මාමට විකුණලා අපි අපි හොරෙන් වෑවර බීලා තියෙන්නේ ඔය ඉඩමේ අයිති කාරයා මැරුණ දවසේ මයි. ඒ මිනිහා නිසා තමයි ලු මූ ලෙඩ උනේ.. ඇයි ඔපනායකයනේ ඇලට බැස්සේ අනිත් වෑවර ගෙඩිය ගන්න.
එතකොට අර බ්‍රාහ්මණ ගෑනි කවුද
බ්‍රාහ්මණ ගෑනි තමයි අඹේපුස්සයා බේර ගත්තේ අර නූල බෙල්ලේ තිබුන නිසයි අර මැරැණ ඉඩමේ කලින් අයිතිකාරයගේ බලපෑම් වලින් අඩු උනේ.. ඒකයි අපිට සර්පයෝ අලි එහෙම පෙනිලත් උන් අපිට කරදර කරේ නැත්තේ... අර මන්තර සීයා අර මැරුණ ඉඩම්කාරයා එක්ක කතාකලා බූත සන්නිවේනයෙන්.( ඒවා ගැන අහන්නෙපා මං දන්නෑ) එතකොට ඒ ඉඩම් අයිතිකාරයා කිව්වලු මගේ ඉඩමේ තව පොල් ගස් පැල 10 ඉන්දන්න මං කරදර කරන්නෑ.. තව මං වෙනුවෙන් කුඹුරේ සල්ලි ඔට්ටු දාලා බූරු අතක් ගහන්න. හොද අඩියකුත් ගහන්න කියලා.
අපි කිව්ව විදියට ඒවා කලා.. කුඹුරේ හොද අඩියකුත් ගහලා බූරු හූදුවකුත් ගහලා ඕමි ගහල. කරටි කැඩෙන්න්න ගල් අරක්කු අඩියක් ගැහුවා ...
මෙන්න ඊට පහුවදා ඉදලා ඕපනායකයට හොදයි.. හැබැයි මූ ආයේ ඕපපාතිකයා වගේ හැම ලබ්බකම බයයි.. ශික් නෙදකු... අපරාදේ...... ආ තව අර දැම්ම කලු නූල බෙල්ලේ තිබුනේ.. අන්න ඒක අතුරුදහන් වෙලා..... හරි පුදුමයි... ඒත් අපිට තාම හිතාගන්න බැරි අර බ්‍රාහ්මණ ගෑනි කවුද කියලා.
ඊට පස්සේ ඉදලා අපි ඒ වත්තෙන් හොර පොල් කැඩුවේ නෑ.. වෙන වතු වලට පැන්නා හොර පොල් කඩන්න. ඕපනායක අයියා වෙනදා වගේ ගූ බය එකා වගේ උනා.. එච්චරයි කතාව.

Source: Link

12 August 2017

---හිස නැති මළකද---


ගමේ බීමට දස්සයා ඔහුය... ඔහු සමග කිසිම පානයක් කරට කර බීමට ගමේ කිසිදු ජගතෙක් සොයාගත නොහැකි තරම්‍ ය.. ඔහුගේ නම සරත් ය.. ගමේ අය ඔහුව අමතන්නේ වඩ්ඩා යන නමිනි. වඩු වැඩ වල නියැලෙන මොහු උපාගන්නා මුදල් වලින් වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ බේබදුකමටය.. අවිවාහක ඔහු කිසිම දිනෙක බිරිඳක් නොපැතූ අයෙකි..

නමුත් ගමේ ගැහැණු උදවිය කීප දෙනෙක්ගේ පහස හොරෙන්ම විදින්නේ මොහුය... කුඩා දරුවන්ට බොහෝ සේ ඇලුම් කරන මොහු සරුංගල් කාලයේදී ගමේ ලමුන්ට සරුංගල් සාදා දෙයි... සරුංගල් මාමා යන අන්වර්ථ නාමයෙන් ගමේ ලමුන් මොහු හදුන්වයි...

මේ කතාව පටම් ගන්නේ එක් දිනයකය. එදා සවස වැඩ ඇරී වාසි දවසක් බැවින් බෝතලයකුත් ඉණේ ගහගෙන හංදියෙ අබ්දුල්ගේ මස් කඩෙන් කුකුලෙකුත් රැගෙන මොහු ගම්මානයේ වෙල් යාය මැදින් පිය නගන්නේ ගමේ පීල්ල අසල ඇති තමාගේ නිවසටය..

නිවසට ආ සැටියෙම වෙනදා මෙන් කුස්සියේ ජනේලයෙන් දොල දිහා බැලීමට අමතක නොකල ඔහු ඒ දෙස උවමනාවෙන් බැලුවේ කවුරුන් හෝ නානවාද බැලීමටය.. වෙලාව සවස 6 පමණ වී ඇති නිසා කවුරුත් නැති බව ඔහුට හැගී ගියේය.. ජනේලය වැසූ ඔහු කඩෙන් ගෙනා කුකුලා සෑදීමට පටන් ගත්තේය.
ඩොක් ඩොක්.. සරත් අයියේ ඩොක් ඩොක්.. ගෙදර කවුරුත් නැද්දෝ යනුවෙන් හඩක් ඇසුනු නිසා ඔහු ගියේ කවුදැයි බලන්නටය.. ආ මේ සිරියාවතී නංගිනෙ.. මොකෝ.මේ පැත්තෙ.. පීල්ලට නාන්න ආවා අයියෙ.. මේ වැස්සක් කඩා පාත් වුනානෙ.. ගෙදර යන්න බැරි නිසා මෙහෙට ආවෙ...

සිරියාවතී යනු උක්ත සරත්ගේ අනියම් බාර්‍යාවකි... දැන් කොහේ වැස්සේ ගෙදර යන්නද අද සුනිල් අයියත් රෑ වැඩ නිසා අද මෙහෙ ඉදලා හෙටම යන්න බැරියෑ.. මන් කියලත් ඉතින් තනිකඩයනෙ.. අයියා මොනා කියනවද මංදා.. මන් ඉන්න එක හරි මදිද මංදා.. අනේ බොල සිරික්කිය නොදා වරෙන් මෙහෙ.. උබට නුපුරුදු තැනක් යෑ මේක... සරත්ගේ කාම ආශාව දැඩි නිසා එසේ පැවසීය...

සිරියාවතීත් අකමැත්තක් නොදන්වා පැමිනියෙය... නංගියේ මන් අද කඩෙන් කුකුලෙක් ගෙනාවා.. උබට පුළුවන් නේද මේක උයන්න.. අපෝ සුලු දෙයක්නෙ අයියෙ..කියමින් ඇය කුස්සිය වෙත පිය මැන්නාය.. වැස්සත් එන්න එන්නම සැර වෙන නිසා ජනේල් දොරවල් සියල්ල වසා ගෙනා බෝතලයෙන් උගුරු කීපයක රස බලන්නට සරත් අමතක නොකලේය...

වෙලාව යාන්තමින් 8 පමණ වන්නට ඇත.සිරියාවතී කෑම සාදා සරත්ට කතා කලේය.. සරත් කුස්සියට යත්ම පුළුටු ගදක් දැනින.. නමුත් එය ගනනකට නොගත් ඔහු සිරියාවතී සමග ආහාරගත්තේය.. රාතී 9 පමන වන විට දෙදෙනාටම නිදිමත සෑදුනු බැවින් සරත් සිරියාවතීට කතා කලේය. නංගියෙ එහෙනම් අද උබ මන් එක්ක ඉන්නවනෙ.වරෙන්කො දැන් කලුවර වෙලා නිසා නිදාගන්න.. හරි අයියේ අයියා යන්න මන් එන්නම්...
සරත් සහ සිරියාවතී තම ආශා ඉටුකරගැනීමට සැරසෙති.. දෙදෙනාම ඇද මත සිටින විට ගෙදරට එහායින් මාව බේරගනියෝ කියා කැගැසීමක් ඇසිණි... එන්න එන්නම එකම වචනයක් පමණක් ඇහෙන්නේය.. හඩ ඇහෙනවාත් සමගම සරත් ඒ දෙසට ඇදී යන්නක් මෙන් දැනින.. නමුත් ඔහුව නැවැත්වූ සිරියාවතී ඉලපතත් රැගෙන ගේ ඉදිරියට ගොස් හොද කුණ්හරප දෙකක් කියා පෑවේය. එවිටම අර ආ හඩද නැතිවිය..
බෝදිලියා අයියෙ ඔය.. අද මන් නොහිටියානම් මොනා වෙන්න නොතිබ්බාද... ඒක තමයි නංගියො.. කාරි නෑ දැන් නිදාගමු.. දෙදෙනාම තුරුල් වී නිදාගත් නමුත් සරත්ට එක වරම කෑගැසීමක් ඇසුන නිසා ගැස්සී ඇහැරුණි... නැවතත් පෙර පරිදිම අර කෑගැසීම ඇසෙයි...

සරත් මාව බේරගන්න... ආහ් මෙලෙස ශබ්දය ඇසෙන නිසා ඔහු ඉබේම ඒ වෙතට ඇදී යන්නට විය... ලයිසන් නොමැති තුවක්කුවත් හුලු අත්තකුත් රැගත් සරත් කෑගැසීම ඇසෙන දොල පහර අසල ඇති පීල්ල දෙසට ඇදී ගියේ යමෙකු ඔහුව ගෙන්නගන්නවා වගේය... එන්න එන්නම කෑගැසීමද වැඩි වෙන්නට විය...
සරත් දොල දෙසට යත්ම තමාගේ පිටිපස්සෙන් කවුරුන් හෝ සිටී වගේ දැනුන ඔහු පසුපස බැලුවේය.... එපමණකි.. පසුදින ගම්මුන්ට පීල්ල අසල තිබී සරත්ගේ ශරීරයත් කරබයින් විසින් කා දැමූ ඔහුගේ ඔලුවේ කොටසකුත් හමු විය.. ගම්මුන්ට ඔහුගේ මරණය අබිරහසක් වන්නට විය.. නමුත් සිරියාවතී වුනේ කුමක්ද යන්න්න දැන සිටියේය... නමුත් කිසිම දිනක කිසිම අයෙකුට ඇය එය නොකීවේය...

එදින සිට ඒ ඇල්ලට යන බොහෝ දෙනෙක්නැවත බියවී ගමේ වෙද මහතා වෙත පැමිනෙන්නටවිය... ඔවුන් සියලු දෙනා දැක තිබුනේ හිස නැති අයෙක් තුවක්කුවක් රැගෙන ඇල්ලෙන් පහලට වැටෙන අයුරුය....

Source: Link

11 August 2017

---සොහොන් පිල්ලිය සමඟ නිදාගත් බබුන් ආතා---


මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි. අන්ධකාරය ඇති විටක කිසිදු හේතුවක්‌ නිසාවත් නිවසින් පිටත යැමට තිබුණේ දැඩි බියකි. මට සිටියේ එක්‌ නැඟෙණියකි. අප කිසිදු විටක මළ මුත්‍රා කිරීමට හදිසියකටවත් නිවසින් පිටත නොගියේ අවශ්‍ය ශරීරකෘත්‍ය නිවස තුළදීම කර ගැනීමට කටයුතු සකසා ගෙන තිබූ හෙයිනි. එතරම්ම අඳුර මූසලය. එහි බියකරු බව බකමූණා, උලමා කෑ ගැසීම නිසා තවත් බියකරු විය.

බහුතරයක්‌ නිවෙස්‌වල කුප්පි ලාම්පුව දැල් වූ අතර පැය කිහිපයක්‌ පැට්‌ට්‍රොල් මැක්‌ස්‌ ලාම්පුවක්‌ පත්තු කිරීම යමක්‌ කමක්‌ ඇති නිවෙස්‌වල සිදු වුවද පැය කිහිපයකින් නිවා දමා නින්දට යැමට බොහෝ දෙනා පුරුදුවී සිටියහ. එකී ගමේ එකලට අනුව තරමක්‌ යමක්‌ කමක්‌ තිබුණේ මා පියාණන් වූ එළාරිස්‌ මුදලාලි මහතාට ය. උදයේ වෙළෙඳසලේ සිට නිවසට පැමිණෙන විට ඇතැම් දිනවල මධ්‍යම රැය ද පසුවිය. එයට හේතුව ඔහුගේ කඩයේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට අසන්නන් ඉඩ නොදෙන හෙයිනි. එදා ද මුවන් පෑලැස්‌ස ගුවන් විදුලියේ ප්‍රචාරය විය. එය ඇසීමට බොහෝ දෙනකු කඩයට එන නිසාවෙනි.

ඇතැම් දිනවල පියා නිවසට පැමිණෙන විට අප නිදිය. පසුදා අවදි වන විට පියා නිවසින් බැහැරව ගොස්‌ ය. මව ගෘහනියක්‌ වූ හෙයින් අපට පියාගේ අඩුව එතරම් නොදැනින. අපට මහ ගෙදර හා අලුත් ගෙදර නමින් නිවෙස්‌ දෙකක්‌ විය. එක්‌ නිවසක අප සිවුදෙනා ද මහ ගෙදර ජීවත් වූයේ පියාගේ සමීප හිතවතකු වූ මාතර සිට පැමිණ සිටි බබුන් ආතා නම් වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අතිශයින් ප්‍රකට අයෙකි. පවුලේ අයකු මෙන් ජීවත් වූ බබුන් ආතා ගමේ මිනිසුන්ගේ අසනීපවලට නූල් මැතිරීම දෙහි කැපීම, අණ වින දෝෂ ඉවත් කිරීමට බැරිම අවස්‌ථාවක ඉල්ලීමකදී හූනියම් කර දීමට ද බබුන් ප්‍රකට දෛවඥයකු විය.

මෙම සිදුවීම වන විට මා පාසලේ හයවැනි පංතියේ ඉගෙන ගනිමින් සිටි සිසුවෙකි. එකල ගමේ බොහෝ දෙනකු මා ඇමතුවේ බේබි මහත්මයා යනුවෙන් හෙයින් බබුන් ආතා ද එක්‌ දවසක්‌ මා හට කතා කර බේබි මහත්තය අද මම ගමනක්‌ යනව රෑට හදිසියකටවත් ගෙදරින් එළියට එන්න එපා කියා මගේත්, නංගිගේත් හිස මත තෙල් බිඳු කීපයක්‌ තවරා මොනවාදෝ කියූ බව මතකය. බබුන් ආතා ගියේ කාගේ හෝ හූනියමක්‌ නිදහස්‌ කිරීමට බව මව කීවාය. එයින් අප සිත් තුළ තිබූ බිය වැඩිවිය. මන්ද බබුන් ආතා එවන් කාරණයක්‌ සඳහා නිවසින් බැහැර වන සෑම දිනකම තෙල් මතුරා අපගේ හිස්‌වල තවරා යැම නිසා අතුරු කරදර කිසිවක්‌ අපට බල නොපෑය. එහෙත් ඇතැම් දිනවල බබුන් ආතාගේ කාමරයේ තිබූ යකඩ ට්‍රන්ක පෙට්‌ටිය වෙවුලන හැටි දැසින් දැක ඇත්තෙමු. එතුළ යමක්‌ දඟලන අයුරු පැහැදිලිවම පෙනිණි. එසේ හෙයින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ඔහු ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධය.

මෙවන් ප්‍රකට බබුන් ආතාට දිනක්‌ තමන් කළ ගුරුකමක්‌ වැරදිනි. මා අසා ඇති පරිදි වෙනත් කට්‌ටඬියකු විසින් කළ ගුරුකමක්‌ නිදහස්‌ කිරීමට බාරගත් බබුන් ආතා එයට පෙර දින රාත්‍රියේ සිටම එකී කටයුත්ත සඳහා සූදානම් විය. ඔහුගේ සහායට කවදත් යන මැන්තෝරිස්‌ නම් මාමා ද එදා උන්දෑ සමඟ අවශ්‍ය කුඩුම්බ සකස්‌ කළ බව කියයි. පුරා විසිහතර පැයක්‌ මන්ත්‍ර යන්ත්‍ර පේ කරමින් කාන්තාවකට වැහී සිටිය භූතාත්මයක්‌ ඉවත් කිරිමේ භාරදූරය කටයුත්ත නිසි ලෙස ඉෂ්ඨ සිද්ධ කිරීමට පසුදින මධ්‍යම රාත්‍රිය තෙක්‌ යාග හෝම කළ බව අසා ඇත. මහා සොහොන් පිල්ලියෙන් ආවේශව භූතයා කාන්තාවගේ ආත්මයෙන් එළවීමේ කාලය එළඹියෙන් වැදෙන බෙර පදයට හා යාතිකාවලට අනුරූපව තම දේව තෝත්තර කර ගෙන ගියහ. ගුරුකමේ අග තැම්පත්ව සිටි බබුන් ආතා කාන්තාව ආවේශ කරවා ඇය අතැර යන ලෙසට පොරොන්දු කරවා ගෙන සළකුණක්‌ ද කර යන ලෙස ඉල්ලා ඇත. එහි පලය ලෙස පාන්දර යාමයේ නිවස ඉදිරිපිට කිරි ගසක මුදුන් අත්ත කඩා ගෙන යන බවට පොරොන්දු වී සැවුල් බිල්ල ගෙන ලේ බී වැළපෙමින් කොස්‌ අත්තක්‌ ද බිඳ ගෙන ගිය බව අදත් ඇසින් දුටුවන් භීතියෙන් යුතුව එකී සිදුවීම් කියති. එය එසේම සිදුවිය. ආතුරයා සුව විය. ඥතීන් සතුටු කඳුළු හැලූහ. බබුන් ආතාට තුඩු පඬුරු ලැබිණි. එහෙත් කියන පරිදි කිසිදු දිනක යාග හෝම කළ නිවසින් කෑම බීම නොගන්නා බබුන් ආතා මැන්තෝරිස්‌ මාමා සමඟ සැතපුම් දෙකක්‌ පමණ පයින්ම අප නිවස කරා පැමිණෙමින් සිට ඇත්තේ පොල් අතු හුළු එළියක ආධාරයෙනි. එහෙත් බබුන් ආතාට කොතැක හෝ වැරදී ඇති බව දැනුනේ නිවසින් පිටවීමට පෙර තමන් හා කොට්‌ටෝරුවා නිසි ලෙස ආරක්‍ෂා නොකරගෙන ගිය නිසාය. එහි ප්‍රතිඵලය වූයේ බබුන් ආතා විසින් ආතුරයාගේ ශරීරයෙන් ඉවත් කළ භූතාත්මය ඔහු පසු පස පැමිණීමය. එහෙත් එහි වගක්‌ ඔහුට නොදැනුනි. කෙසේ හෝ අපේ මහ ගෙදර නැවතී සිටි බබුන් ආතාට රැය පහන්වන තුරු නින්දක්‌ නොවුන බව කියයි. ඔහු නිදන ගෝනි ගැසු බූරු ඇඳේ ඔහු සමඟ කාන්තාවක්‌ නිදා ගෙන සිටින බවත්, වරින්වර බබුන් ආතාගේ ගෙල සිරකරන බවත් ඔහුට දැනී ඇත. වරෙක ඔහුගේ ගත තරයේ වැළඳගත් බව තේරුන බවත් බබුන් ආතා පවසා ඇත.

මෙවන් භූතාත්මයක්‌ ආත්මයෙන් නික්‌මවුන පසු දෛවඥයාගේ ප්‍රාණය ඇපට ගන්නා බවක්‌ ඔහු දනී. කළයුතු ප්‍රතිකර්මයක්‌ නොවුන කල පඬිවෙල වාසය කළ හේරත් මාමා පණිවිඩයකින් ගෙන්වාගෙන තෙල් මතුරුවාලීමෙන් පසු බබුන් ආතාට පියවි සිහිය පැමිණි බව මා අසා ඇත. එසේම එක්‌ දිනක අසල්වැසි ගමක්‌ වූ දිවුරුම්පොල මුස්‌ලිම් කාන්තාවකට යක්‍ෂ දිෂ්ඨ§යක්‌ බලපා නූලක්‌ මතුරා සමතයකට පත් කර ආපසු අප නිවසට පැමිණෙන විට අභිමාන වූ වෙල් යායක්‌ දිය ඇළක්‌ පසු කිරීමට සිදුවේ. එහි රාත්‍රියේදී ඇතැම් විවිධ සිදුවීම් සිදුවන බව ප්‍රකටය. හුදකලාව රාත්‍රියේ ආපසු එන බබුන් ආතා ඉදිරියට කොටියකු වැනි විශාල සතෙකු පැන්න බවත් ඔහු කොටියා මෙල්ල කිරීමට ඇකයේ සඟවා ගෙන සිටින උල් පිහිය ගෙන කීපවිටක්‌ම තදින් ඇන්න බවත් ඇනුම් කෑ කොටියා පළා ගිය ද බබුන් ආතා ආවේ අඩ සිහියෙනි. එහෙත් එතරම් දරුණු නොවූ හොල්මනක්‌ නොවන බව ඔහු කීවද, පසුදින මා ද අනෙක්‌ අය සමඟ මගේ පියාද එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට ගියෙමු. ඇත්තෙන්ම බබුන් ආතා කොටියකු යෑයි පොරබදා පිහියෙන් ඇන තිබුණේ පාර අද්දර තිබූ පැළ පොල් ගසක කඳටය. ගසේ වටේටම පතුරු ගැලවී තිබුණ බව දක්‌නට හැකි විය. එදා සිට බබුන් ආතා මියයන තුරු තනිවම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට නොගිය අතර කාලයාගේ ඇවෑමෙන් වයස්‌ගතව මිය පරලොව ගිය ද ඔහුගේ දේහය අප ගමේම පොදු සුසාන බිමේ මිහිදන් කෙරුණි. මගේ පියා සත්දින දානය ද තෙමස්‌ දානය ද දී පිංපෙත් පතන ලදී.

අභාගයකි ඔහුගේ සකල සබ්බ වස්‌තු වූ ට්‍රන්ක පෙට්‌ටිය බාර දීමට ඥාතියකු නොවීය. එය විවෘත කිරීමට යතුරක්‌ ද නොවීයෙන් කාලයක්‌ යනතුරු එම කාමරයේ ම තැම්පත්ව තිබිණි. එහෙත් ඇතැම් කෙම්මුර දිනවල එකී කාමරය තුළින් නැගෙන යාතිකා හඬ මතුරන හඬ පැහැදිලිව ඇසෙන්නට විය. කිසිවෙකු එකී පෙට්‌ටිය විවෘත කිරීමට හෝ අහක්‌ කිරීමට ඉදිරිපත් නොවිණි. කාලයක්‌ ගතවිය. අප නිවසේ විවිධ වූ භූත ශබ්ද හා මිනිසුන් ගැවසෙන සේයාවක්‌ දැනෙන්නට විය. නිවසේ අයට නිරතුරු අසනීප ඇති විය. මගේ මව දැඩි ලෙස රෝගාතුර විය. සුවයක්‌ නොවීය. අවසානයේ අප දේවාල, පේනකරුවන්ගේ පිහිට පැතුවෙමු. එකී ස්‌ථානවලින් පැවසුනේ නිවසේ තැම්පත් කර ඇති පෙට්‌ටියක්‌ තුළ ඇති මිනිස්‌ හිස්‌කබල සහිත මිනිස්‌ ඇට කැබලි වහාම නිවසින් ඉවත් කළ යුතු බවයි. එහෙත් කිසිවකු එය ඉවත් කිරීමට ඉදිරිපත් නොවුනි. එයට හේතුව ඉවත් කරන්නාට විවිධ වූ අතවරයන්ට ලක්‌වීමට සිදුවෙතැයි බියෙනි. එහෙත් අවසානයේ අප ගම විසූ සයිනේරිස්‌ නම් මන්ත්‍රකරු ඉදිරිපත්ව එම පෙට්‌ටිය කඩා විවෘත කළ පසු දක්‌නට වූයේ මිනිස්‌ හිස්‌ කබලක්‌ සහ මිනී ඇට කැබලි කීපයකි. එසේම බබුන් ආතාගේ යන්ත්‍ර මන්ත්‍ර පොත පත විය. එදා එම හිස්‌ කබල හා ඇටකටු වැළලීමට නොහැකි විය. එදා රාතිය පුරාම බබුන් ආතා සිටි කාමරයේ එකම ගාලගෝට්‌ටියකි. අඬති. වැළපෙති. සුසුම් හෙළන හඬ සැබෑවටම අපට ඇසුනි. ඇඟ කිලිපොළා යන ශබ්දයන් ය. නංගිත් මමත් අතිශයින් ම බියට පත්ව සිටියෙමු. ගමේ තවත් කීපදෙනෙකුම රැය පහන්වන තුරු නිදි වර්ජිතව අප නිවසේ මගේ පියා සමඟ සිටියහ. පාන්දර ජාමයේ නැඟුන විලාප හඬින් ගමම භීතියෙන් වෙලී ගිය බවත් අසල්වැසියන් පැවසූ අයුරු අදත් සිහිපත් වන විට ඇඟේ මවිල්a කෙලින් වූ බව දැනේ. පසුදින සයිනේරිස්‌ වෙද මාමා විසින් ගෝනියක දමා සොහොනේ වළ දැමිනි. ඒ සමගම නිවසේ තිබූ විවිධ වූ ශබ්ද, අඳෝනා, කෙඳිරිලි නිමාවට පත්වුව, නිවස කඩා දමන තුරු කිසිදු දිනක අප එකී නිවසේ
රැය හෝ දහවල ගත නොකළෙමු. 

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල යම් සත්‍යතාවක්‌ ඇති බව පිළිගත යුතු වුවත්, අද ජනතාව සූරා කන ව්‍යාජ යන්ත්‍ර ගුරුකම් කරන්නන් නිසා අති වැදගත් විෂයයක්‌ අවඥාවට ලක්‌වී ඇත. සැබෑ දක්‍ෂයා කිසිදු දිනක තම දක්‍ෂතාවය ප්‍රසිද්ධ නොකළත් ඔහු ස්‌වභාවයෙන් ම ප්‍රසිද්ධියට පත්වීම වැළැක්‌විය නොහැකි. එසේම එදා මෙන්ම අද ද හොල්මන් මිනිසුන් සමඟ ජීවත් වේ.

දිවයින

07 August 2017

---විශ්වීය බලවේගයන්---


විශ්වීය බලවේගයන් පිළිබඳව අවිශ්වාසයක් ගොඩ නැගීම, නූතන ලෝකය තුළ ජීවත් වන ඔබවැන්නවුන්ට සධාරණය.අවබෝධ කරගැනීමට නූතනයේ දී පවා අපහසු යම් යම් ගුප්ත සිදුවීම් පිළිබඳව යථාර්ථය හෙලිකිරීමට ගෙන ඇති උත්සාහයක් සහ ප්‍රසිද්ධ කතා පුවත් කිහිපයක් ඔබ වෙනුවෙන් පහත ඉදිරිපත් කර ඇත.

1. යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් මහතා විසින් 1972 දී ප්‍රකාශයට පත් කළ "Blue Print for Immortality"නැමති කෘතියේ සත්ව ශරීර තුළින් පියවි ඇසට නොපෙනෙන රශ්මි මාලාවක්(Magnetic Aura)නිකුත් වන බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන ඇත.

රුසියානු ජාතික විදුලි කාර්මික ශිල්පියෙකුවන සිමියොන් දී කිර්ලියන් මහතා සිය බිරිඳ ගේ ද සහය ඇතිව අපගේ ශරීරයෙන් නිකුත්වන මෙම රශ්මි මාලාව(Magnetic Aura)ඡායාරූප ගතකළ හැකි'කිර්ලියන්'නැමති නවීන කැමරා උපකරණය නිෂ්පාදනය කොට ඇත.

2. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 1500ක් පමණ මරාදැමූ මේජර් තෝමස් විලියම් කළ සත්ව ඝාතනය නවතා දැමීමට කිසිවෙකුට නොහැකි වූ විට බදුල්ලේ විසූ භික්ෂූනමක් ඔහුට හෙණ වැදියයුතුයැයි සාප කර ඇත.එය ඉතා අද්භූත සිදුවීම් මාලාවක ආරම්භයයැයි කියනු ලැබේ.මේජර් රොජර්ස් හපුතලේ දුර්ගයේදී අකුණු සැරයක් වැදී මියගියේය.මළ සිරුර භූමදානය කළ පසු එම සොහොනට ද කිහිප සැරයක් හෙණ වැදී ඇත.

3. සාමාන්‍යයෙන් මෘත ශරීරයක කොණ්ඩය සහ නියපොතු වැවීම නවීන විද්‍යාවට යම් තරමක ප්‍රෙහේලිකාවකි.එහෙත් එය සිදුවේ.බුදුදහමට අනුව නම් එය අනුගතය.මෙවැනි මෘත ශරීර ලෝකයේ කොතෙකුත් පවතී.අප්‍රිකාවේ පිරමිඩවල සහ චීනයේ ද මෙවැනි මෘත ශරීර සංරක්ෂිතව ඇත.

අසැල්වැසි ඉන්දියාවේ කල්කටා නුවර ජාතික කෞතුකාගාරයේ ද මෙවැනි ක්‍රියා සිදුවන මෘත ශරීරයක් ප්‍රදර්ශනයට තබා ඇත.වයස අවුරුදු 90 කාලයක් ජීවත් වූ දෙවන රම්සේස් රජුගේ මමිය හෙවත් ආරක්ෂිත මෘත ශරීරය තවමත් එහි එහි පවතියි.එය වසර 3500ක් පමණ පැරණියැයි කියැවේ.

තවද මාවෝ සේතුංගේ ශරීරයද ,ජිනරාජ මහා බල තෛලය පානය කළ ඉන්දියාවේදී අපවත් වී වදාල රාහුල හිමියන්ගේ මෘතදේහයද මෙලෙස විවිධ විපර්යාසයන් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.


Source: Link


04 August 2017

---සූරිය කන්ද---


වර්ශය වශයෙන් සදහන් කල හැකි කාලයක 1994 වර්ශයේ ජෙප්පන් විසින් කරන ලදයැයි සැලකෙන මිනීමැරැම් විශාල ප්රමානයකට සම්බන්ද,සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසකි.

 මා ගමන් ගත්තේ මාතර බලාය එකල මඩු⁣වන්වෙල දිසාවේගේ බල පෙදෙසක් වූ මෙය අදවන විට පාළු පාරක් පමනක් ඇති ඉදහිට පෙම් වතුන් යතුරැපැදිවලින් සැරිසරනා මූදු මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහලින් පටු වංගු වලින් ද සුද්දන්ගේ යටත් විජිතයක් බව⁣ට නිහඩව සාක්කි දරනා කුඩා පාලම් වලින්ද සමන්විත මගකි. නිතරම පාහෙ ඇද හැලෙනා සීතල හිරිපොදත් දෙසවනට ඇසෙනා තරමට හඩ ඇසෙනා සීතල සුලගත් අඩු නැත රක්වානේ සිට පැමිනෙන විට මාතර නගරය⁣ට ලග පාර පෙන්නූවේ මෙයයි නැවිගේටරය පෙන් වූ පාර දිගට ඒමට සිදු වූයේ හැන්දෑවෙ හයට පමනය රක්වානේ සිට පැමිනි වෙහෙසකර ගමන තවමත් නිමක් නැත.ගමනාන්තය අහවර කර දමා දිනක් එකදිගට නිදාගැනීම මාගේ අරමුන විය. මග දිගට කනා මැදිරි එලි ආලෝකය ත් ඝන අදුර කපා හරිමින් යතුරැපැදියේ හැලජන් ලාම්පුවෙන් නිකුත් වූ ආලෝකය විහිදුනු මාවත දි⁣ගේ ඉදිරියට ඇදුනි ඕෆ් ලයින් මැප් එක නිසාවෙන් දුරකතන සං්‍යාත අවහිර වුවද ගැටළුවක් නොවුනි අතරින් පතර ඇති ඇතම් කුඩා නිවස් තුල දැල්වෙනා ආලෝකය කෙමෙන් ඈත්විය පටු මාවතින් පහල ප්රපාතය ද එක් පසක ඇත ඈතින් සූරිය කන්දෙහි ජායාව ලාවට පෙනෙන මාර්ගයේ පැයට කිලෝමීටර 30ක වේගයෙන් ගමන් කලෙමි කන් අගුල් වැටෙනා තරමට සීතලය මදක් නැවතී මග ගිමන් හැරීමට සිතා නැවත් වූ තැන පහල තෙරක් නොපෙනන අන්දුරැ ප්රපාතයකි මදක් ඔබ්බට ඌ පහත් තැනක යතුරැපැදිය නතර කර කුඩා උණුවතුර ප්ලාස්කුව ගෙන මග කඩයකින් ගත් උණුසුම් මෝල්ට් කෝප්පය ට වත්කර 
 
තොලකට තෙමා ගතිමි.මදකට හිස පැලදි හෙල්මටය ගලවා අතට ගත් සැන සුලගේ ශබ්දය ඉතා තියුනු ලෙස ඇසින වහා යලි පැලදගෙන උගුරට දෙකට බී යලි ගමනට සැරසුනෙමි එහෙත් යතුරැ පැදියේ යතුර නොමැත ගැල වූයේ ද නැත. නවීන පන්නයේ යතුරැ පැදියක් වූ බැවින් යතුර නොමැතිව වයර් ගලවා කෙසේවත් පන ගැන්විය නොහැක දුරකතනයේ ප්ලෑශ් ලයිටය දල්වා සෙවීමි නැත කුමක් සිදු වූවාද සිතා ගත නොහැකි විය යලිත් වරක් යතුරැ සිදුර දෙස නැමී බැළුවෙමි... මදක් ඉදිරියට නිකමට යොමුකල ආලෝකයෙන් කී දිලිදෙන දෙය වෙත බැළුවෙමි කී ටැගය රහිත යතුර පමණක් ඇත. මොන සමයමක්ද ⁣යකෝ මා මටම කියාගති ... මොකෙක් හෝ අළුගුත්තේරැවකු මෙතනට පැමින ඇත ඇතම් විට කුඩා කොළු ගැටයෙකු විය හැකිය.. කෙසේ උවද මා යලි යතුරැ පැදිය පනගන්වා මා සිටගෙන සිටි තැන දෙස අවසන් වරට නෙත් යොමා බැළුවෙමි කුඩා කොල්ලන් දෙදෙනකු මා දෙස බලා ඇත. 

කුණු හර්ප දෙකක් කියා මා බැස ගත්තේ රෑ හොල්මන් කල මුන් දෙන්නාට ටොක්කක් ඇනීමටය උන් දෙන්නා එය තේරැනා සේ එතනින් පැන ප්රපාත මාවත දිගේ හීයක වේගයෙන් අතුරැ දන් වූයේ මා විස්මයට පත් කරමිනි ගන අදුරැ ප්රපාතය මත පාරක් තිබීමට හැක පහල ගම්මානයක් තිබීමට හැක..එය ද සැනසීමකි මා ගමන යලි ඇරබීය.සිග්නල් එක කට්ටක් පැමින තිබුන තැන අම්මි 2ගෙන් මැසේජ් 30ක් පමන ඇවිත් අැත එකක් ප්ලෑශ් මැසේජයකි "කොහෙද රජ්ජුරැවො ඉන්නෙ දඩයමේ ගිහින් පාර වැරදිලාද ? උම්මා 100යි හාදු 5යි බුදුසරණයි තාත්ති යෝ .. පරිසමට එන්න ඇවිත් c me/,ඒ ආදරණීය ඇයයි මා කොහේ සිටියත් නිතරම සොයන ඇයයි .. පාළුව මනෝ ලෝකයක තනිව ගමන් කලෙමි පාරෙහි එකදු වාහනයක් වත් හමු නොවින ඉන්නා ගමනෙන් බාගයක් ම දුර මේවන විට ඇවිත් අැත පසුවන වංගුව මිනිසුන් කීපදෙනෙක් අැත දෑත පිටුපසට කර බැද ඇත කුමක් අරබයා හෝ මොවුනට කරදරයක් වී ඇත ඇගෙහි නූල් පටක් නැත එක් මිනිසකු නිරැවතින් පැමින පැදිය හරස් කර නැවත් වීය බ්රේක් පහර ගසා නවතා ගත්තේ මා නැවත්වීමටත් පෙරය "අනේ මහත්තයෝ අපිව ලිහන්න අපිව ලිහන්න. අපිව ලිහන්න අරැන් එන්න කලින් බැසගත් මා වහ වහා ඔවුන්ගේ දෑත් ලිහීය එකිනෙකා වහ පාර දිගට දිව ගියේ කුමන හෝ තැතිගැන්මකටය අවසන් පුද්ගලයා මා දෙස බලා හිද මහත්තයෝ ඔය මහත්තය දන්නවද අපිට උනේ මොකක්ද කියල කලබල වෙන්න කාරි නෑ මෙහෙන් ඈදිගන්න ඔය මහත්තය බොහොම හොද කෙනෙක් මහත්තයෝ මහත්තයගේ යතුරැ කැරල්ල නැති උනා නේද ඔව් ඔව් ආහ් ඒ කැරල්ලෙ මොකක්ද තිබුනෙ ...ඒක ජ වි පෙ පක්ශ කාර්‍යාලයක් මගින් දී තිබුන කුඩා කී ටැගයකි. මහත්තයෝ අපි ඔය කාලකන්නි හැතිකරේ එක්ක ජන්ම වෛරයි මහත්තයෝ මහත්තය මේ පාර පහුකොරල ගියානම් මහත්තය ආයෙ ගෙදර යන් නෑ හහ් හහ් හහ් ආ .... 

අමුත්තා නැගූ සිනා හඩ හාත්පස පුරා විහිදින කෙමෙන් මිනිසුන් රැලක් මා දෙසට පැමිනේ අපිව අමු අමුවේ ඝාතනය කලේ ඔය කාලකන්නි රැල ඒ මැරැන ආත්ම තාමත් මේ කදුකරයෙ ඉන්නව මහත්තයෝ මා සියොලග තෙත්ව ඇත කරකියා ගන්න⁣ට දෙයක් නැත. මිනිසුන් රැසක් මා වටා ඇත අයියෝ අයියෝ මාව මරන්න එපා මා කෑගස බිම වාඩිවින මාව මරන්න එපා එපා එපා එක්වරම පරිසරය තුල යලිත් නිහඩ බව ඇතිවින කිසිවෙක් නැත.... මා වටා සිටි මිනිස් අවතාර අතුරැදන්ව ඇත. කෙසේ නමුදු අමාවක රැයෙහි මැදියම මා මාරක අපලයකින් දිවි ගලවාගෙන ඇත... 

ඒ සාපලත් ජීවිත මේ කදු මිටියාවතේ එදා බීශණ සමයේ නිස්කාරණයේ තම ජීවිත අවසන් කරන්නට ඇත. ඒ සාපය තවමත් මේ පෙදෙස පුරා ඇත.කෙමෙන් මා යලිත් ගමන් ඇරබීය. මා ගමන් මග පසුකර ගියානම් ඒ අවසන් ගමන විය හැක අදද හේතුවක් නොමැතිව මේ මාර්ගය මේ අවට පාළුවට පත්ව ඇත කිසිදු දියුනුවක් නොමැත. විදුලිය අැත පලින් පල ⁣එක යායට ගෙවල් ඇත. ඒ ඉන්නා මිනිසුන් ද එක්තරා ගැම් ජන ජීවිතයකට හැඩ ගැසී ඇති පිරිසක් බව වැටහේ.. එල් ඊ ඩී බලුබ් ක⁣ඩේ එක නාම පුවරැවක තීන්තෙන් ඇද ඇත මෙවන් ඌ පෙදෙසක් දැනුදු ග්රාමීයව තිබීම පුදුමයකි. දුහුවිල්ලෙන් තොර පිරිසිදු වාතයෙන් අඩු නූනු අත්බූත නිම්නයක් වැන් සූරියකන්ද අදද නිසොල්මනේ අතීත වග විත්ති ගැන මුවින් නොදොඩා බලා හිදී..........

සත්‍ය සිදුවීමක නිර්මානාත්මක ඉදිරිපත් කිරීම කි .... විශේශ ස්තූතිය හිතාදර පී .එල්. ටී.අයි වැලිකොරටුව සහෝදරයාට

(උපුටා ගැනීමකී)





Source: Link





 

02 August 2017

---Anneliese Michel | මේ ඇයගේ කතාවයි---


උපත - 21 September 1952
ස්ථානය - Leiblfing, Bavaria, West Germany
වෛද්‍ය විද්‍යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්‍යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි..

මේ ඇයගේ කතාව

Leiblfing, Bavaria, West Germany උපත ලද ගැහැණු ලමයෙකු වු ඇනීලිසේ මිචෙල් උපත ලැබුවේ 21 September 1952 දින වන අතර අවුරුදු 16 වන තෙක් ඇය ඇගේ ජීවිතය සතුටින් පිරි ව අන්‍ අයට කාරුණිකව ත්‍යාගය ශිලී ව ජිවත් වු අතර මේ දරුවාට ඇලුම් කල ආදරය නොකල කිසිවෙක් නොවිය.. කතෝලික දෙව් මවු ඇදහු ඇය භක්තිමත් විය.

කතාව පටන් ගන්නේ මෙහෙමයි.. සුපුරුදු විදියට දෙව මෙහෙයට සහාභාගි වන ඇය දේව මාතාවට යාඤ්ඤා කරන විටම ඇද වැටෙන්නට විය. මෙය ඇයට කිසිම ලෙසක පාලනය කර ගත නොහැකි විය. මාස තුනක් පමණ යනවිට ඇගේ අත් ඉදිමෙන්නට වු අතර කිසිම ලෙසකට නිදා ගැනිමට අසීරු විය. ඇයට නින්ද යන එකම තැන වුයේ පොලව මතයි. මෙසේ කල් ගත වන විට ඇයට බිත්ති තුළින් යක්ශ මුහුණක් පෙනෙන්නට විය.ඇය එ බව පියා සමග පැවසු විට ඇගේ පියා ඇය වෛද්‍යවරු හමුවට ඉදිරිපත් කෙරිණ.නමුත් සහනයක් නම් ලැබුණේ නැත.මේ වන ව්ට ඇගේ පියා රයන්ස් ට තම දුවට අමනුශ්‍ය බලාවේගයක් නිසා මෙසේ වෙතැයි සිතු නිසා පල්ලියට පැවසු නිසා මානසික හා ශාරිරික වෛද්‍යවරු හමුවට යවන ලෙස පවසා තිබිණි.වෛද්‍යවරු කුමන අදහස් පලකරමින් ප්‍රතිකාර කලත් ඇය සුව වුවා නොව තව තවත් අසාධ්‍ය වුවා පමණි.
දිනක් තම දියනිය දෙස බලා සිට ඉවසිම් නැතිව උස් හඩින් " උබ කවුද ? මගේ දුවගෙ ඇගෙන් යන්න " ලෙස පවසා තිබේ.පලමු වතාවට ඇය එ මොහොතේ ආවේශ වු ලක්ශන පෙන්වමින් ඇය අසල වු පියාගේ කොන්තයක් විනාශකොට ඇත්තේ ඇගේ ශරිර ශක්තිය පෙන්වමිනි. පසුව මෙය කනවැකුණ බිශොප් වරයෙකු (Bishop Josef Stangl )ඇය Exorcism භුත අපහරණයකට ලක් කලද එය සාර්ථක නොවිය.

මේ වන විට ඇය තම ඇදුම් ඉරා ගැනිමටද , තම මුත්‍රා පානයටද , රළු ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත. මේ වන විට ඇයට අවුරුදු 21ක් පමණ වන්නට ඇත. ඇගේ මුහුණ යක්ශයෙකු මෙන් විය(පින්තුර පහල ඇති ). කටහඩ පිටසක්වල ජිවියෙකු වැනි ගෙරවුම් සහිත විය. නිතරම යක්ශ මුහුණක් ගැන කියන ඇය එය කෙදිරුමක් ලෙස අඛණ්ඩව පවසන්නට විය.
මේවන විටත් වෛද්‍යවරු ප්‍රතිකාර කලත් ඔවුන් පවා කුමකට බෙහෙත් කරනවාදැයි නොදැන සිට ඇත.කෙසේ නමුත් පල්ලියේ අනුග්‍රහය මත Exorcism අපහරණ 67 ක් සිදු කොට තිබිණි.. 


 
අවසානයේ ඇය 1 July 1976 (වයස 23) දි Klingenberg am Main, Bavaria, West Germany හිදි ඇගේ නිවසේම මරණයට පත් වුයේ 67 වන අපහරණය සිදු කරන විටය.මෙ නිසා ඇගේ පියා හා තවත් පියතුමන්ලා දෙදෙනෙකු අත්තඩංගුවට පත්වෙන්නේ මිනිමැරුම් චෝදනාවටයි. නමුත් මරණ පරික්ශණයේ සදහන් වුයේ අධික විඩාව හා ආහාර නොගැනිම නිසා වු මරණයක් වශයෙනි. 
 
අරුමයනම් කොතරම් වෛද්‍යවරු ප්‍රතිකාර කලද ආහාර ලබා නොගැනිමවත් ඔවුන්ට පිලියමක් නොවිමයි.පසුව අත්තඩංගුවට පත් අය නිදහස් විය.මරණයෙන් පසුව වෛද්‍යවරු නොයෙක් ලෙස මෙය මානසික ලෙඩක් වශයෙන් පැවසුවද පුරා වසර ගණනාවක් ප්‍රතිකාර කලත් ඔවුන්ට කිසිදු දෙයක් කිරිමට නොහැකි වුයේ මන්දැයි ඇසු විට ඔවුන් මුනිවත රකින්නට විය. 
සමහරු The Exorcism of Emily Rose චිත්‍රපටය බලලා ඇති.. එකට මුල් වුනේ මේ කතාව.මේක පාදක කරගෙන තමා එ ෆිල්ම් එක හැදුවේ .ජර්මන් පොත් , ෆිල්ම් නං හුගක් තියෙනවා මේ ගැන.

අමනුශ්‍ය කොටස් නෑ..මම දැක්කේ නැති නිසා නෑ කියන අය මෙවාට උත්තර දෙන්න දන්නේ නෑ. ඉතිං විවෘත මනසකින් ඉන්න..

Source:Link