මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

28 September 2017

---මළවුන්ගේ ආත්ම සැරිසරන බිහිසුණු වධකාගාරය - චිලිංග්හැම් මාලිගය---


අතීතයේ යුරෝපයේ සිටි වංශවතුන්ගේ බළකොටු හා මාලිගා බොහොමයක් තවමත් ඉතිරිව පවතී. මේ කියන්නට යන චිලින්ග්හැම් බළකොටු මාලිගාවද එවැන්නකි. විශේෂත්වය වනුයේ එය එංගලන්තයේ ඇති වැඩියෙන්ම අද්භූත බලවේගයන්ගෙන් යුතු බළකොටු මාලිගා අතරින් එකක් වීමයි.
එංගලන්තයේ නොදම්බලන්ඞ් හි උතුරු පළාතේ චිලිංග්හැම් ගම්මානයේ පිහිටි චිලිංග්හැම් බළකොටු මාලිගය මධ්යතන යුගයේ ඉදිවුණු අති විශාල බළකොටුවකි. මෙය පළමුව ඉදිකොට ඇත්තේ පූජක ආශ්රමයක් බවට පත් කිරීමේ අරමුණිනි. එහෙත් පසු කලෙක මෙය විවිධ වංශවතුන් විසින් මිලදී ගෙන වෙනස්කම්වලට බ`දුන් කොට ඇත.

ස්කොට්ලන්තයත් එංගලන්තයත් අතර සීමාවේ පිහිටි මේ බළකොටු මාලිගය ස්කොට්ලන්තය සමග යුද්ධයට යන ඉංග්රීසි පාලකයින්ගේ නවාතැනක් බවට වරින් වර පත් විය. ඉන්පසු මෙය ස්ථීරවම ස්කොට්ලන්තයත් එංගලන්තයත් අතර ආරක්ෂක බළකොටුවක් බවට පත් විය.
යුද්ධයට යන ඉංග්රීසි හමුදාවන් ක`දවුරු ලා ගත්තේත්, අත්අඩංගුවට ගන්නා ස්කොට් ජාතික දේශපාලන සිරකරුවන් යුද සිරකරුවන් ර`දවා තැබුණේත් මේ චිලිංග්හැම් බළකොටු මාලිගාව තුළය. ඒ කාලයේ පටන්ම මෙකී බළකොටුව බිහිසුණුතම මිනිස් හිංසනයන්ට තෝතැන්නක් විය.
චිලිංග්හැම් මාලිගය ආරක්ෂක බළකොටුවක් බවට පත් වූ පසුව මෙම ගොඩනැගිල්ලට අලූත් අංගයන් කීපයක් එක් කරනු ලැබ ඇත. මෙලෙස එක් කරනු ලැබූ අංග අතරින් වැදගත්ම අංගයන් වනුයේ බිම් මහලට යටින් උමගක් ලෙස හාරා තැනූ කළුවර සිරකුටිය හෙවත් යටිමහලක් හා වධකාගාරයයි. යුද්ධයේදී ඉංග්රීසි හමුදාවන්ගේ අත්අඩංගුවට ගෙන රැුගෙන එන ස්කොට් ජාතික සිරකරුවන්ව බොහෝ විට දැමුණේ මේ යටිමහලේ කළුවර සිරගෙදරටය.

චිලිංග්හැම් බළකොටු මාලිගයේ බිම් මහලේ එක් තැනක උගුල් දොරටුවක් ඇත. සිරකරුවන්ව ගෙනවිත් වධකාගාරයේදී අතපය කඩා මේ උගුල් දොරටුව වෙත ගෙනවුත් උගුල් දොරටුවෙන් පහළට තල්ලූ කරයි. උගුල් දොරටුවෙන් පහළට වැටෙන සිරකරුවා වැටෙන්නේ එයින් අඩි විස්සක් ගැඹුරින් පොළොව යට ඇති කළුවර බිම් සිරගෙයටය. මේ කළුවර බිංගෙය තුළ සිරකරුවන් වි`දි දුක් පීඩා සැබෑ කතාවකට වඩා සමාන වෙන්නේ බියකරු ප්රබන්ධයකටය.


මේ බිම්ගෙයට දමන සිරකරුවන්ව බොහෝ විට තැබෙන්නේ නිරාහාරවය. නිරාහාරව තැබෙන සිරකරුවන් කුසගින්න දරාගැනීමට නොහැකිව මියගිය සිරකරුවන්ගේ සිරුරු පවා ආහාරයට ගත් බව කියවෙයි. කුසගින්නෙන් පිපාසයෙන් වියරු වැටුණු ඇතැම් සිරකරුවන් තමන්ගේම ශරීරයේ මස් කඩා ගෙන කෑ බවද අසන්නට ලැබෙයි. මේ සිරකරුවන්ගේ බිහිසුණු අත්දැකීම් ලෝකයට අනාවරණය වූයේ සිරකරුවන් විසින්ම මේ සිරකුටියේ බිත්තිවල කුරුටු ගා තිබුණු කෙටි දිනසටහන් මගිනි. ඒ සටහන් අදටත් මේ බිම්ගෙයි බිත්ති තුළ දකින්නට ඇති බව කියැවෙයි.


එසේම අදටත් බලා ගන්නට දරුණු මිනිස් හිංසනයක සාධක ඉතිරි වී ඇති මාලිගයේ අනෙක් කොටස වනුයේ එහි වධකාගාරයයි. මේ වධකාගාරයේ පොළොව තනා ඇත්තේ එක් පසෙකට බෑවුම් වන පරිදිය. පොළොව එසේ තනා ඇත්තේ මෙහිදී වධහිංසාවලට ලක්වෙන සිරකරුවන්ගේ රුධිරය පහසුවෙන් කානුවලට බැස යා හැකි වන පරිදිය. මේ වධකාගාරය භාරව කටයුතු කොට ඇත්තේ ජෝන් සේජ් නම් වූ නිලධාරියෙකි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යක්ෂයෙකි. අත්අඩංගුවට ගත් ස්කොට් ජාතික යුද සිරකරුවන් දහසකට වැඩි පිරිසක් ජෝන් සේජ්ගේ අතින් වධ වි“ද මේ වධකාගාරය තුළදී මියගොස් ඇති බවට වාර්තා ඇත.
ජෝන් සේජ් එඞ්වර්ඞ් රජුගේ යුද හමුදාවේ සේවය කළ අතිදක්ෂ නිලධාරියෙකි. ඔහු ස්කොට් ජාතිකයින්ව දැඩිව පිළිකුල් කළ බවත් ස්කොට් ජාතිකයින්ට වෛර කළ බවත් කියැවෙයි. යුද්ධයේදී තුවාල ලැබ ආබාධිත වූ ජෝන් සේජ්ව හමුදාවෙන් විශ්රාම යවා චිලිංග්හැම් මාලිගයේ වධකාගාරයේ ස්ථීර වධකයා වශයෙන් පත් කොට එවා ඇත. ජෝන් සේජ් තම වධක රැුකියාවට ඇලූම් කළා යැයි කිවහොත් එය ඔහු ගැන කරන අවතක්සේරුවකි. ඔහු මුළුමනින්ම වධක රැුකියාවට ඇප කැප වී උන්නේය. ඔහු විසින්ම සැලසුම් ඇඳ නිර්මාණය කරගත් වධක උපකරණ රැුසක්ද යොදා ගනිමින් ඔහු සිරකරුවන්ට වධ දුන්නේය. ඔහු විසින් තැනූ වධක ආම්පන්නවලින් කිහිපයක් අදටත් චිලිංග්හැම් මාලිගයේ වධකාගාර කුටියේ තැන්පත් කොට තබා ඇත.
තනි මිනිසෙක් දමා එල්ලා තැබිය හැකි යකඩ කූඩු මේ වධක උපකරණ අතර ඇති එක් විශේෂ උපකරණයකි. සිරකරුවෙකු මේ කූඩුවකට දමා කළුවර බිම්ගෙයක් තුළ එල්ලා නිරාහාරව තබන්නේ මීයන්ට කන්නට නිරාවරණය කරමිනි. සිරකරුවා අවශ්ය තොරතුරු අනාවරණය කරන තුරුම, පාපෝච්චාරණය කරන තුරුම එසේත් නැතිනම් මේ කූඩුව තුළම නිරාහාරව මියයන තෙක්ම ඔහුව මෙහි දමා එල්ලා තබයි. සිරකරුවන්ව ඉන්දවා අත පය බැ`ද දමා තැබිය හැකි ඇණ පුටු ද මෙහි ඇත. තියුණු තුඩ සහිත යකඩ උල්වලින් ඇතුළත පෘෂ්ඨය තැනුණු පීප්ප වර්ගයක්ද ඇත. මේ පීප්පවලට සිරකරුවන් දමා වසා පීප්පය බිම පෙරළා ඇති බව සටහන්ව ඇත. ජෝන් සේජ් විසින් නිර්මාණය කරන ලද මෙවැනි බිහිසුණු වධක උපකරණ රැුසක් අදටද චිලිංග්හැම් මාලිගයේ වධකාගාරය තුළ සුරක්ෂිතව ඇත.


ජෝන් සේජ් විසින් සතියකට මිනිසුන් පනස් දෙනෙකු බැගින් වසර තුනක් පුරාවට මිනිසුන් වධ දී මරා දැමූ බව විශ්වාස කෙරෙයි. යුද්ධය අවසන් වන කාල සීමාව තුළදී සේජ්ට අවශ්ය වූයේ කළුවර බිංගෙය තුළ ර`දවා තිබුණු සිරකරුවන් සියල්ලන්ම මරා අවසන් කිරීමටය. ඒ වන විට මේ සිරගෙය තුළ අවට ස්කොට් ගම්මානවලින් රැුගෙන ආ ගැමියන්, කාන්තාවන් හා ළමුන්ද විශාල පිරිසක් ර`දවා තිබී ඇත.
සිරගෙය තුළ උන් කුඩා දරුවන් සියල්ල මාලිගයේ ”එඞ්වර්ඞ් කාමරය” තුළට ගෙන ගොස් ඔවුන්ට ඒ කාමරයේ ජනේල තුළින් මාලිගා අංගණය දෙස බලා සිටින්නට අණ කර ඉන් පසුව ඒ දරුවන්ගේ දෙමාපියන් දෑත් බැ`ද මාලිගා අංගණයට ගෙනවුත් ඇත. මෙසේ මාලිගා අංගණයට ගෙනා සිරකරුවන් කණ්ඩායම සේජ් විසින් පණ පිටින්ම පුලූස්සා දමනු ලැබුවේ මාලිගාවේ එඞ්වර්ඞ් කාමරයේ කවුළු තුළින් සිරකරුවන්ගේ දරුවන් ඒ දෙස බලා සිටියදීමය. ඒ සිරකරුවන්ව පුලූස්සා මරා දැමීමෙන් පසුව එඞ්වර්ඞ් කාමරයට ගිය සේජ් එහි උන් දරුවන්ව පොරවකින් කොටමින් එකින් එකා මරා දමා ඇත. ඒ පොරව පවා අදත් චිලිංග්හැම් මාලිගයේ ප්රදර්ශනයට තබා ඇත.

පසු කාලීනව මෙම මාලිගය වෙනත් හිමිකරුවන් අතට ගොස් වරින් වර අලූත්වැඩියා කිරීම්වලට ලක් විණ. එසේ අලූත්වැඩියා කරන අවස්ථාවන්හිදී මාලිගයේ තැන් තැන්වල නොගිනිය හැකි තරම් සංඛ්යාවක් දිරා ගිය මළ සිරුරු හා ඇටසැකිලිද තිබී හමු වී ඇත.
මේ තරම් මිනිස් ජීවිත රැුසක් අකාලයේ අමානුෂික ලෙස අහිමි කළ තැනක අවතාර හා භූත බලවේග ගැවසීම අරුමයක්ද නොවේ. එසේම හොල්මන් අවතාර ගැන පර්යේෂණ කරන්නට හා අත්දැකීම් ලබන්නට එන සංචාරකයන්ගේ බලාපොරොත්තු චිලිංග්හැම් මාලිගයේදී නම් කිසිසේත් කඩවෙන්නේ නැත. චිලිංග්හැම් මාලිගයට එන සංචාරකයින් සියල්ලන්ම වාගේ එහිදී කුමක් හෝ අද්භූත අත්දැකීමකට මුහුණ දී ඇති බව කියයි.

සිරගත කොට උන් කුඩා දරුවන් මරා දැමූ එඞ්වර්ඞ් කාමරයට යන සියල්ලෝම සිතාගත නොහැකි අන්දමේ ශෝකී හැ`ගීමකින් තමාව වෙළාගනු දැනෙන බව කියති. එසේම මෙහි ඇතුළු වූ බොහෝ අය කියන්නේ තමන්ට අමු මිනිස් ලේ ග`ද දැනුණු බවයි. එඞ්වර්ඞ් කාමරයට එන සංචාරකයින් සියල්ලන්ම එයින් පිටවන්නේ ශෝකයෙන් හා නොසන්සුන් සිතිනි.



චිලිංග්හැම් මාලිගයේ සැරිසරන වඩාත් ප්රසිද්ධම අවතාරය වනුයේ ”නිල් පිරිමි ළමයා” ය. නිල් පැහැයෙන් දිස් වෙන කුඩා පිරිමි ළමයෙකුගේ රුවක් මේ මාලිගයේදී බොහෝ අය දැක ඇති අතර මේ අවතාරය මේ මාලිගය තුළ පණ පිටින් වළලා දැමුණු පිරිමි දරුවෙකුගේ අවතාරය යැයි කියවෙයි. එකී පිරිමි ළමයා ලියකියවිලි මිටියක්ද සමග මාලිගයේ බිත්තියකට තබා සිරකොට ඉන් ඉදිරියෙන් ගඩොල් බිත්තියක් බැ`ද සිරගත කොට ඇත. පසුකාලීනව ගොඩනැගිල්ල අලූත්වැඩියා කිරීමකදී බිත්තියක් ඉවත් කළ විට ඒ බිත්තියට පිටුපස පටු සිදුරක වළලා දමා තිබුණු මේ පිරිමි දරුවාගේ මළ සිරුර ඒ ඉදිකිරීම් සේවකයින්ට හමුවී ඇත. මළ සිරුරේ දැවටුණු නිල් පැහැ ඇ`දුමක්ද, මළ සිරුරත් සමගම වූ තවත් ලියකියවිලි රැුසක්ද හමුවී ඇත. ඒ දිරාගිය මළ සිරුරේ අත්වල ඇ`ගිලි ඇට අග සීරී තිබුණු බව දකින්නට ලැබිණ. පිරිමි දරුවා තමා පණපිටින් වළ දැමුණු මිනී වළෙන් නිදහස් වෙන්නට දැඩි පරිශ්රමයක් දරා ඇති බවට ඒ සීරුණු ඇ`ගිලි තුඩු සාක්ෂි විය. අදටත් චිලිංග්හැම් මාලිගය පුරා සැරිසරන නිල් පිරිමි ළමයා ඒ දරුවාගේ ආත්මය බව මිනිස්සු විශ්වාස කරති.
චිලිංග්හැම් මාලිගයට එන ඇතැම් සංචාරකයින් පවසන්නේ අන්ධකාර හිරගෙය තුළදී කිසිවෙකු විසින් තමන්ව පහුරුගාන, සපා කන හෝ හිසකෙස්වලින් අදින අන්දමේ හිරිහැර කරන බව දැනුණු බවය. චිලිංග්හැම් මාලිගය පිළිබ`දව මේ වන විට පොත්පත්, වාර්තා වැඩසටහන් මෙන්ම ඒ ආශ්රිත වෘත්තාන්තවලින් චිත්රපට පවා නිපදවී ඇත.

චිලිංග්හැම් මාලිගය වරෙක මේ පොළොව මත තිබුණු සජීවී අපායකි. ඒ අපායේ දුක් වි`ද මිය ගිය අය තමන් ගැන වර්තමානයේ සිටින අයට කියන්නට තවමත් මේ කළුගල් බිත්ති අතර
සැරිසරයි.

රිවිර ඇසුරෙන්

26 September 2017

---හොල්මන් බොරුද? තවත් එක සත්‍ය කතාවක්---



මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්‍ය සිදුවීමකි.

දිවුලපිටිය සිට කොලඹට පදිංචියට ආ අප බොරැල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගැනීමට සමත් විය. යාන වාහන හා මිල මුදල් වලින් අඩුපාඩු නොමැති අපගේ ජීවිතේ සතුටින් ගෙවිනි. අම්මා තාත්තා මල්ලී මම වන අපේ පවුලේ පොඩි කල සිට නවතැන් ගත් මාගේ පුංචිගේ දූද මාගෙම අක්කා විය. අවුරුදු 2කට වැඩි කාලයක් එම නිවසේ සතුටින් කල් ගෙවු අප ලොකු නිවසකට මාරු වීමට තීරනය ආරන්චි වූ තාත්තාගේ මිත්‍රයෝද අපට නිවසක් සොයා දීය. නිවස බැලීමට අප සැමදෙනාම ගියත් අප කාටවත් එහි අමුත්තක් නොවීය... සිත් ගන්නා සුලු අයුරින් නිමා කොට තිබූ එම නිවස අප සිත් රහසේම සොරා ගත්තේය.

මසකට පසු..

මුදල් ගනුදෙනු අවසන් කල අප එහි පදිංචි වීම දවසකටවත් කල් නොදැමීමට තීරනය කරේ එම නිවස කෙරෙහි ඇති අශාවටය. අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර 2ක් හා ඉහල තට්ටුවෙ කාමර 2ක් විය . එහෙත් එක් කාමරයකට සැමගේම අවදානය යොමු විය. එය බිංගෙයක් වැනි අදුරු ගුහාවකි .කට්ට දාවලේ වුවද විදුලි බල්බයක් නොමැතිව එයට ඇතුල්වීම සිහිනයකි.
ඔබ මා පුදුම කරනවන කාරනය වූයේ අක්කාගෙ සිත එම කාමරය දෙස ඇදී යාමයි. සැම සුන්දර දේකම නොපෙනෙන අදුරක් තියනවා සේම මෙම නිවසේ එම ස්තානය රැකගෙන තිබුනේ මූසල කමේ සංකේතය වූ කාමරයයි... නමුත් අක්කා ගත් එම තීරනේට විරුද්ධ වීමට ගෙදර සමතෙකු නොසිටියේ අප කදාවත් හොල්මන් විශ්වාස නොකරපු හෙයිනි.කිසි දෙයක ගැබුරක් නොදකින මම කෙසේනම් එම තීරනේ ගැන ගැඹුරෙන් සිතන්නද... ඒ කාලයේ මට හොල්මන් විහිලුවකි... කැලන්ඩරේ දින එකින් එක අඩුවිය.
අහස කලූ වී මූසල පාටින් දිස් වූ පරිසරය තෙමා ගෙන අනෝරා වැසි පහල විය..... තාත්තා සාදයකට ගිය එදා අම්මා මම අක්කා හා මල්ලී සමග තනිකම රැක්කේ මහා වර්ශාව පමනී.. අහසේ ඉරි තලමින් ගසන හෙන නොසිතූ අයුරින් අප නිවසේ වහල සිප ගත්තේය. කැලී කැලී වලට කැඩුනු සීට් අසල්වාසී වහලවල් වල පතිත වෙනවාත් සමගම සිවිලිමෙන් වතුර බේරී නිවසේ පහල තට්ටුව පිරුනි......වැසි අඩු වූ පසු නිවස පෙර පරිදි අස් කර ගැනිමට අප සමත් විය.

පැය දින ගෙවිනි ..අප ලෙඩ වීමට පටන් ගත්තෙ මේ අතර තුරයි.. බයානක ලෙඩ නොවුනද වෛද්‍යවරයා අප මිත්‍රයෙකු වීමට තරම්ම අප ලෙඩ විය. මම නොසිතු ලෙස කුඩා යකඩ ගේට්ටුවකට කකුල කැපිනි එය බලනහර ලගින් ගියද බල නහර නොකැපුනේ මා එතරම් පව් කර නොමැති හෙයින් විය යුතුය... ඇවිද ගත නොහැකිව මාස 5ක කලයක් කකුල බැදගෙන සිටිමට මට සිදුවිය.. අම්මාවද ලෙඩ විය හුස්ම ගැනීමට අපහසු විය. රෝහල් ගතකරත් බටහිර වෛද්‍ය විදය්‍යවට එය මානසික රෝගයක් විය... අසනීප ගතිය සෙමින් පහව ගියද ගෙදර ප්‍රශ්න වැඩිවිය..

කාලයත් සමග අපටද මෙච්චර කාලෙකට විශ්වාස නොකෙරූ දෙයක් ගැන විශ්වාස කිරීමට සිදුවිය. ඒ #අදෘශය මාන බලවේගයන් ගැනය...කිමෙද අක්කා තම කාමරයේ බිත්තිය හාරා කෑමට පටන් ගත් නිසාය... මෙවැනි තත්වයක අපගේ මානසිකත්වය ඔබ විසින් ගැලපිය යුතුය.රෝහල් ගත කල ඇයට කිසිම රෝගයක් නැති බව අන්තිම වාර්තාවේ සදහන් විය...අප සාලයේ පඩි පෙල නගින තැන ඇට වැලක් එල්ලා තිබේ. හුලගක්වත් එන්නෙ නැති එතනට ඇට වැල සෙලවී ශබ්දය ඒමටනම් කව්රුන් හෝ ඒ හරහා යා යුතුමය..
පවුලේ සියලුම දෙනා ටීවී බලන විට එ ඇට වැල ශබ්ද කරමින් එහා මෙහා යන්නේ අනිවරයෙන් එ හරහා කෙනෙක් යන නිසාය.....මේතෙක් සිදු වු සියලු දෙය එක්ක අපි හොල්මන් ගැන විශ්වාසය ඇති වීමට පටන් ගත්තේය...

මෑනියෝ කෙනෙක් ගෙනවිත් නිවස පරිකශා කරවීය...
ඇයගේ නිගමනය වූයේ එලවීමට නොහැකි තරමේ අදෘශ්‍යමාන බලවේගයක් මෙම නිවසේ අරක්ගෙන ඇති බවයි..... ඉන් පසු ටිකෙන් ටික මෙම නිවස ගැන අරන්චි අපට අසන්නට ලැබිනි. ඒවා නම් මෙම නිවසේ අයිති ගැහැනිය මෙම නිවසට ඉතාමත් ආදරෙන් ජීවත් වූවත් මුදල් අරවුල් නිසා ඇය තම නිවසේම , අප දැන් පදිංචි වී සිටින නිවසේ ගිනි තියාගනිමින් සියදිවි නසා ගත් බවත්, ඇය ජීවත් වී සිටින කාලයේ ඇයගේ කාමරය වූයේ දැන් අපේ අක්කා සිටින කාමරය වන පාලු කලුවර ගුහාවයි...ඇයව එම්බාර්ම් කර ඇත්තේද එම කාමරයේමය.....එය ඇසූ අපි වෙනත් ගෙයක් සෙවුද, ඒ හැම උත්සහයක්ම බොද වූයේ අප මුදල් ගෙවන්නට යන විට එය විකුනා අවසන් බව හෝ අදහස වෙනස් වී තිබීමයි.. පාලූ දූපතක අපි හිර වූවා මෙනි...අන්තිම අදහස වූයේ පිරිත් බලෙන් ගේ ආරක්ශා කිරීමයි...එ අතර තුරත් ගෙයි බිත්ති වල හෑරු තැන් එන්න එන්න වැඩි විය. ඔව් ඒවා කා තිබෙන්නේ අක්කාය. තත්වය බරපතලය හොල්මන් ගැන විහිලු කෙරු බොරු හොල්මන් කතා ගෙතූ මටද කට උත්තර නැතී වූයේ කුමක් විශ්වාස කරන්නද අවිශ්වාස කරන්නද යනුවෙනි..
පිරිත් කීයා ඉවරය, දානයද දී ඉවරය. අක්කාව තවත් අර කාමරේ තිබීමට තරම් අප ලදරුවෝ නොවීය. ඇයව වෙනත් කමරයකට මාරු කෙරෙනි.. අම්මා කුස්සියේ පිගන් සෝදන අතරේ තාත්තා පුටුවේ අඩ නින්දේය.. මා ඇදේය .

තාමත් හිත ගොඩට ගත් මාලුවෙක් සේ ගැහෙන්නේ මෙම සිදුවීම් නිසාය... හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් ශබ්දයත් සමග අඩන ශබ්දයත් කාමරයෙන් එන විට අම්මාගෙ කන් ඒ දෙසට යොමු විය... ඇය නැව තුනේ කාමරයේය.....

පහුවදා උදේ මේ බව අම්මා කියන විට හොල්මන් හැමෝගේම හිතේ සක්මන් කරයි ... පසුව තාත්තා පැවසුවේ මීට ගොඩක් කලින් එයා පඩිපෙල බහින් ඡායාවන් දැක තිබුනද අපි බය වෙන නිසා නොකියු බවයි. අක්කාගේ මංගල්‍යය ත් කට ලගය .. අන්තිමට එම බලවේගයට එම නිවසෙම සිටිමට ඉඩ දී අප වෙන නිවසකට පැමිනියේය ...

කාලයේ වේගය අවුරුදු 2ක් විතර ගතවුනි ..අක්කාට දරුවෙක් ලැබිමට සිටින බව අරන්චි විය... හොල්මන් ප්‍රශ්නයක් හිත අහලකවත් තිබ්බේ නැත ...පලීගැනීමේ චේතනාව ලේසියෙන් අඩු වෙන්නේ නැත ... අක්කා එන්න එන්නම දුර්වල වෙන බව ඇයගේ නැන්දම්මා අපිට පැවසුවේය කුසේ දරුවෙකු සිටියෙදි මෙම දුර්වල ගතිය අම්මාටද මහත් හිසරදයකි.
අම්මා ඇය බලන්නට ගියෙමි.. අම්මා හඩා ගෙන ගෙදර අවේ අක්කා බලා අවසානයේය.. ඇයි මේ අඩන්නේ මම අම්මාගෙන් ඇසීය..අම්මා මට පැවසූ දෙයින් පරන අතීතය නැවත අවිස්සිනි............
අම්මත් එක්ක අක්කාට කතා කිරීමට හැකි වූයේ විනාඩි 10කටත් අඩු කාලයකි...අක්කා ඇස් වසා ගෙන නිදාගෙන අවදි වූ පුද්ගලයෙකු හිරි අරිනවා මෙන් දෑත් දිගහරින්නට විය එයත් සමගම ඇයගේ කට හඩ අවදි විය. "උඹ උඹ මෙහෙටත් ආවද ? උඹ හිතුවද මං ගියා කියලා. ඒක මගේ ගේ මං පාඩුවේ ඉද්දි උබලයි ඒ ගෙදට්ට අවේ ඒක මතක තියාගනින්" ඔව් ඒ අර සියදිවි හානි කරගත් ගැහැනියයි.
ඔයා කව්ද ඇයි මේ ලමයට කරදර කරන්නේ. අක්කාගේ නැන්දම්මා හඩ අවදි කරේය. මමයි ඒ ගෙදර අයිතිකාරයා මුන් ඇවිත් මගේ දේවල් අයිති කර ගත්තා .මේකී මෙකී මගේ කාමරේටත් ආවා. අනේ ඉතින් එයාලා දන්නෙ නැතුවනේ අවේ. දැන ගත්තට පස්සේ ඔයාට ගේ දීල මේ මිනිස්සු පිට උනානෙ ඉතින් ඇයි මේ පස්සෙන් එන්නේ.



දන්නෙ නැතුව දන්නෙ නැතුව කොහොද මුන් ගේ බලන්න එද්දිම ම්න් මුන්ගෙ ඉස්සරහට අවා ඒත් මුන් ඒක ගානකට ගත්තේ නෑ. මේකි අවිත් මගේ කාමරයත් අයිති කර ගත්තා ..උබලා පිරිත් කියලා බේරුනා නැත්තම් මන් මීට කලික් බිල්ල අරගෙන..... කාවද කාවද ඔයා බිලි ගන්න හිටියේ .
මේකිව කීයා අත දික් කරේ අපේ අම්මාගේ පැත්තටය .එය ඇත්තය ම්න් මුලින් කීවේ අම්මාගෙ හුස්ම හිර කලා කියලා.

අනෙ මේ අහින්සකීට පාඩුවේ ඉන්න දෙන්න....
පාඩුවේ ඉන්න දෙන්න පාඩුවේ ඉන්න දෙන්න ඇය දත්මිටි කාගෙන කීවේය. මීට කලින ඔය ගේ ගත්ත හැම පවුලකම එක බිල්ල ගානේ මං ගත්තා... මේ පාර බිලි දෙකයි මන් මේකිවත් ගන්නවා බඩේ ඉන්න දරුවවත් ගන්නවා ...

ඇය ගියේය අක්කා සිහිසුන් වී වැටුනේය.
අක්කාව බැලීමට අපටද වුවමනා වුවද අම්මා ඉඩ දුන්නේ නැත. කාලය ගත වූනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ ..අම්මා තාත්තා හිටියේම කල්පනා ලෝකවලය.ඒ අක්කාව හා බඩේ ඉන්න දරුවා බේරාගන්නෙ කොහොමද කියා සිතමිනි. අක්කාගේ නැන්දම්මා මෙයට කට්ටඩියෙක් ලෑස්ති කරගෙන සිටින බව අපට කීවේය... අපටද හා කියන්වා ඇරෙන්න වෙන දෙයක් කීමට නොහැකිය... එම කට්ට්ඩියා කිව්වේ එම ආත්මය බිත්තරේක හිරකර මහා සෝන් යක්ශයාට බාර කරන බවයි. ඉස්සර ඔය දේවල් ඇහෙද්දිත් හිනා ගිය මම විශ්වශය හා අවිශ්වාසය අතර තනි වුනු මා වැඩියෙන් විශ්වාසයපැත්තට ඇදී යයි. මෙම සිදිදීන් සමග හොල්මං තවත් අවිශ්වාස කරනවානම් ඔහු අනිවාරයෙන්ම අන්ද ගොලු බීරි මිනිසෙක් විය යුතුය. . යාගය අවසන්‍ය අපගේ හිත්ද සතුටින්පිරිනි.පෙර පරදි සතුටින් අප සිටියි.. එහෙත් එම සතුට දවස් 2කට සීමා විය. නවතත් පෙර පරිදි ආත්මය අක්කාගෙ හා බඩේ සිටින දරුවාගේ බිල්ල ගෑනිමට පැමින සිටී. මෙවර ආත්මය කියන්නෙ ඇයට ඕනේ දවස් 24ක් පමනක් බවයි . ඒ කියන්නෙ ආත්මය අනිවාරෙන්ම දවස් 24කින් අක්කවයි දරුවවයි ඒයාගෙ ලෝකෙට අරන් යන බවයි. ඒ දවස් වල අපි කෑවාද බිව්වාද යන්න අපටම අමතකය තිබ්බෙ අක්කාව බේරා ගැනීමේ අරමුන විතරයි.. ඔය අතර අපේ පුන්චි කෙනෙක් අනුරදපුර ඉන්න භාවනා යෝගීව ඉන්න කෙනෙක් ගැන අපට කීවේය .තත්‍තා ඔහු ඇමතුවේය..

තාත්තා ඔහුට විස්තරය කීවෙය... ඔහු කීවේ අනිවරෙන් වැඩේ කර දෙන බවයි...ලක්ශ 2ක් ඉල්ලුවේය .තාත්තාගේ පිලිතුර අපි හෙට එනවා යනුවෙනි.අපේ වාහන තියා අපි වැන් එකක් කතා කොරගෙන මේ ගමනට සූදනම් විය .

අම්මා මල්ලි මම අක්කා මගෙ මස්සිනා පුංචි සහ ඩ්‍රයිවර් මේ ගමනට එක් විය. මම පිටි පස්සෙම් අසුනේ තනියමය අක්කා හා මස්සිනා ඊට ඉස්සරහ අසුනේය අම්මා පුංචි ඊලග් අසුනේය තාත්තා ඉස්සරහය.. ගමන ඇරඹිය හිතේ සැහැල්ලුවෙන් පැය 2ක් පමනි අපිට යැමට හැකි වුනේ.ඔව් කටහඩ අවදි විය.
උබලා උබලා හා හා හා මුලින් මාවා බිත්තරේක හිර කොරන්ඩ හැදුවා ..ඒ බොරු කට්ටඩියට කරන්න පුලුවන් දෙයක් නෑ බොල. අපි රැව්ටීමකට් අසූබව අපිට වැටහිනි.. උබලා මේ කොහෙද මාව එක්කන් යන්නේ කියපන් කියපන්

හරි උබලා කියන්නේ නැනේ මං හොයා ගන්නම් .. ඇය ගියේය .පුරුදු විදිහට අක්කාට සිහි නැති විය. අපි මේ යන්නේ හොල්මන්ක් හිර කරන්න කියා ඩ්‍රයිවර් දැන ගත්තේ එවලේය...ඔහුගේ ඇග දාහඩියෙන් තෙත්විනි.
ඉදිරියට ඇදිනි අක්කා හිරි අරින්නට සැරසෙයි ඔව් අපි හොදින් දන්නවා නැවතත් එම අතාමය ඇගට ඒමට යන බව..

කියපන් හැත්ත කොහොද මේ එක්කන් යන්නේ කියපන්
මරනවා තොපි ඔක්කොම මරනවා. දැනගනියව් තව දවස් 21 ක් බව. බය වු ඩ්‍රයිවර්ද පිරිත් කියන්නට විය. නවත්තපන් පිරිත් කියන එක නවත්තපං වහනේ හප්පනවා ඩ්‍රයිවර්ගෙ අතට පනිනව නවත්තපං උබලා ඔක්කොම මෙතනම වාහනේකාට යට කරනවා. බියට ඩ්‍රයිවර් පිරිත් නැවැත්තුවද නැවැත්තූ තැනින් පුන්චි පටන් ගට්තේය... පිරිත් බලයට ඇය යටත් විය ඇය ගියේය. තේ බොන්න නැවැත්තුවේය. අක්කා සාමන්‍ය අයුරින් සිටී. තාත්තා වහා කට්ටඩියාට කෝල් කරේ අපේ මෙම ආත්මය අපිව ඇක්සිඩන්ට් කරන්න යන බව කියාය.ඔහු වාහනේ අංකය ගෙන එයට ආරක්ශාවක් කරන බව පැවසු පසු තාමා ඇගට ලේ ටිකක් ඉනුවේ..තේ හැමෝටම ලැබිනි අක්කා තේ එක තියන් මොනද හොයනවා. මොනද පුතේ බිස්කට්ද ආ මෙන්න ඒ අම්මා අක්කාට බිස්කට් දෙන්න ගිය වෙලේ..බිස්කට් එපා මට . එහෙන්ම් මොනාද ඕනේ... මට මට ගඩොල් කැටයක් දෙන්න... අක්කා තේ පානට කිරීමට ගඩොල් කැට ඉල්ලයි. අපි මූනට මූන බලා ගත්තේය. ගඩොල් නොදී තේ පෙවීමට අප සමත් විය.

යලිත් ගමනට එක් විය අපගේ සැලැස්ම වූවේ අනුරාදපුරේ සිටින අපගේ නැදැ ගෙදරකට ගොස් එහි අපේ මාමා කෙනෙක් සමග මෙම ගමන යැමටයි මොකද ඔහු අනුරාදපුරයේ නොදන්නා පාරක් නැති හෙයිනි. දැන්නම් අනුරාදපුරයට ලගය අක්කා ලාවට හිරි ඇරියේය එහෙත් පෙර පරිදි ආත්මය ඇගට අවේ නැත .අපි එය ගනන් නොගත්තේය. මා ඉන්නේ පිටි පස්සේ සීට් එකෙ නිස අක්කාගෙ බෙල්ල පිටුපස මට හොදින් පෙනේ ..මගෙ ඇස් අදාහාගත නොහැකි විය ඉබේම අක්කාගෙ බෙල්ලේ තිබෙන යන්තරේ ගැටේ නිකන්ම ගැලවී යනවා මගේ ජීවිතෙ මන් ඔහොම දෙයක් දැක්ක පලවෙනි පාර බය වුනු පාර මුලින් කට හඩ අවේ නැතත් අම්මේ මෙන්න අක්කගේ යන්තරේ නිකන්ම ගැලවෙනවා යන්න කෑ ගැසීමට මට හැකිවිය...ඒත් සමගම මස්සිනා එ කියන්නෙ අක්කාගෙ සැමියා ගැටේ තදකරේය. අක්කා මගේ දිහා රවාගෙන බලන්නේ ඉඩක් ලැබුනු හැටිය මාවා මරාදැමීමට හැකි බව පවසන්නක් මෙනි. සමහර විට එදා ඒ යන්තරේ ගැලවුනානම් මම අද මේ ලෝකෙන් සමුගෙන බව මට තාමත් සිහි වෙයි....ඔව් ඔබ හරි අපි ගනන් නොගත්තත් හිරි ඇරපු සැනින් ආත්මය ඇගේ සිටියත් ඇය නොසිටිනවා සේ හිද තිබෙන්නෙ අප අසලම්යි.
උබලා දැන ගනින් මේ යන්තරයක් හින්ද මම හිර් වෙලා නැත්තම් උබලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ උබලා දැන ගනින්..........

අපී නෑදැ ගෙදරට අඩැවිත් නාගෙන කරගෙන අප මෙහි ආ කටයුත්තට යෑමට සැරසෙයි...වේලාව 9.30 විතර ඇතී මාමාද අපි සමග පැමිනීම අපට ලොකු හයියකි. මාමාගේ හා තාත්තාගෙ අසුන පමන්ක් මාරු වුවද අපි පෙර පරිද්දෙන්මය.. පාර එන්න එන්නම පටුයි. රහැයියන්ගේ සද්ද විතරයි.. හිරි අරී ඔව් ඇය තමයි.
ආආආආ ලස්සනයි කට්ටියම ඉතින් සුදු ඇදගෙන කොහෙද මේ යන්නේ වලටද .මාව තියලා පලයන් තියලා පලයන් බලපන් උබ්ලට වෙන දේ...පිරිත් බලෙන් අපි ඇයව එලවා දැමීය.... අම්මේ අපි මේ කොහෙද යන්නේ එ අක්කාය.අපි මේ බන ගේකට යනවා ..මට බෑ යන්න .හරි එහෙන්ම් ඔයා වාහනේට වෙලා ඉන්න.අපි ඇයව එසේ රැවැට්ටුවේය.

තැනට ආවේය අක්කාව අමාරුවෙන් වුවද වාහනෙන් බිමට බස්සා ගත්තේය... කපු මහතා අපිව පිලිග්ත්තේය. ඊයා මූගේ හැටි විතරක් අක්කා එහෙම කිව්වේ කට්ටඩියාටය.යමු ඇතුලට අක්කාගෙ අතින් පයින් උස්සා ඇතුලට ගෙනිච්චේය. යාගය පටන් ගැනීමට් සියලුම දේවල් හරිය එහෙත් එක ප්‍රශ්නයාක් තිබේ ආත්මය් ආවේශ වී බිම පෙරලිඋ දගලන විට අක්කාගේ බඩේ සිටින දරුවාට අනතුරක් වීමට ඉඩ තිබේ. එම නිසා අක්කාගෙ ඇගෙන් වෙන කෙනුකුගේ ඇගට ගෙන ඉන් පසු බොතලේකට් දැමීමට කපූගේ අදහස විය....
එය ඒසේ සිදු විය ....

ඔබ විශ්වාස කරන්න මන්තර වලින් පසු අපට ඇහුනු වචන වලින් අපගේ හඩවත් පිච්චී ගියේය... අපොයි දෙයියනේ මේ දැර්විගේ ඇගේ එක ආතමයක් නෙවේ ආත්ම 3ක්.. අපට උන්හිටි තැන් අමතක විය.. කපුවාගෙ මුහුනෙන් පෙනුනේ අප අසාර්තක බවයි .එ කියන්නේ අපට අක්කා නැතිවෙනවා යන්නයි.එහෙත් අපි එතරම් පව් කර නොමැත.. කලු කුමාර බැල්ම් , ගෙදර සිටි ආත්මය හා තවත් අයෙක් අක්කාට වැසී සිටි ආත්ම තුනයි. .
ඔවුන්ගෙන් කාතා කරනවා ඇසිනේ කලු කුමාර බැල්ම විතරයි.

පලයන් මේ දැරිවිගෙ ඇගෙන්
බෑ මට බැ
කිව්වාම පලයං
බෑ මෙයා ලස්සනයි.
පලයන් මන් උබට බිල්ලක් දෙන්නම්
බිලි එපා
එහෙනම් නාන් තොටුපලකට ගිහින් දාන්නම්
හා
එහෙනම් වරෙන් මේ බෝතලේට
බය වුනු මම එලියට අවේය... දින ගනනාවකට පසු මා දුටු සුන්දර දේ අක්කාගේ හිනාවයි...අම්මෝ ඇගට මාර සැහැල්ලුවක් තියෙන්නේ හරියට 10 දෙනෙක් පිට උඩ තියන් ගිහින් බැස්සුවා වගේ...ඇයට සනීපය. අම්මාගේ හිනාව ඔක්කොමලගේම සැහැල්ලුව එය ස්තීර කලේය.
දැන් මේ අල්ල ගත්ත අය කිව්ව විදිහට නාන තොටුපලට දානවද ?
අපෝ නෑ අපි මේ 3 ජය ස්‍රී මහා බෝදින් වහන්සේගෙ සෙවනේ සීමා ලකුනු කරලා මෙයාලව නිදහස් කරනවා .එතකොට එතනින් පිං අරන් මෙයාල හොද ආත්ම වලට යයි...
ජය ස්‍රී මහා බෝදීන් වහන්සේ වැද අපිද ගෙදර අවේය .ඔව් සියලූ දේ විසදිනි ඒ පැටියාට මාස කීපෙකට කලින් අකුරුත් කියෙව්වා....ඒම නිවසෙදි නය දී හිර විනු ලක්ස 8 ක් මුඩලක් තවමත් ලබුනෙ නැත අතහැර දමා තිබෙන්නේ ඒ අතිතය මතක් වෙනවාට පවා අපි බිය නිසාය. නමුත් කොච්චර අමතක කරන්න හැදුවත් මගේ කකුලේ කැපුම් තුවාලේ මැහුම් පාරවල් මට එම කාලකන්නි අතීතය දිනපතා සිහි කරයි...එම කපු මහතාට අපි නිතර පිං දෙමි ඔහු දැන් මෙවැනි වැඩ නොකර වන ගත වී බාවනා කරයි.
මං මේක ලිව්වේ හොල්මන් නෑ කියන අයට. මාත් මේ දේ වෙනකන් හොල්මං විශ්වාස කලේ නෑ තාමත් මම ඒ ගේ අසලින් යමි .සමහර වෙලාවට හිටගෙන මේ දෙවල් යලිත් සිතයි.දැන් එහි බෝඩිං කාරයෝ සිටි . අපි එලෝපු නිසා දන් එහි කිසිදු ආත්මයක් නැත....
ඔබ මේය කියවා රස විදින බව මා හොදින් දනිමි.. ඔබ ඒ රස විදින්නේ මාගේ ජීවිතයේ අමිහිරි කටුක කාලකන්නි අතීතයකි.

අවවදයක් - කවදාවත් මෝඩ වෙලා මේ දේවල් බොරුයි කියලා ගනන් නොගෙන ඉන්න එපා.. මොකද අපි එදා ඔව්ව විශ්වාස නොකරන්ම් මට අද මගේ අම්මත් නෑ අක්කත් නෑ.
කවුරු හරි මෙහම දෙයක් කියලා උදව් ඉල්ලුවොත් ඔව්වා ඔය හිතේ බයට වෙන දේවල් කියලා අතරින්න එපා , මොකද ඒ ඔබ අතවනන්නේ මරනයට විය හැක.

නිමි ...චානුක දේවින්ද. සත්‍ය කතාවකි.

Source: Link


23 September 2017

---ග්ලූමි සන්ඩේ (Gloomy Sunday) – හංගේරියානු සියදිවි නසාගැනීමේ ගීතය---


ලෝකයේ සාපලත්, භයානකම සින්දු අතරින් අංක එක හැටියට අපිට මේ ‘හංගේරියන් සුයිසයිඩ් සෝංග්’ එක වෙන ‘ග්ලූමි සන්ඩේ’ නම් කරන්න පුලුවන්. මේ ගීතය ගැන අතීතයේ ඉඳන් ඇහෙන්නෙ ඉතාම අඳුරු සහ භීතිය දනවන තොරතුරුයි. 1930 ගණන් වලදී මේ ගීතය නිර්මාණය කරන්නේ හංගේරියානු සංගීතඥයෙක් වුණු “රෙස්සෝ සෙරෙස් ( Rezső Seress)” විසින්. මේ ගීතයේ පදමාලාව ලියන්නේ සෙරෙස්ගේ මිත්රයෙක් වුණු “ලාස්ලෝ ජේවර් (László Jávor)” විසින්. මියගිය පෙම්වතියක් හා එක්වනු පිණිස මෙළොව හැරයන්න හිතන පෙම්වතෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නෙ. මෙය නිර්මාණය කරන්න හේතු වුණේ මේ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පෙම්වතියකගේ සියදිවිනසාගැනීමක්ය කියලත් මතයක් තියනවා. පස්සෙ කාලෙකදී මේ ගීතය ඉංග්රීසියටත් පෙරළලා ගායනා කරනව.

ග්ලූමි සන්ඩේ ගීතය ඉතාම භයානක ගීතයක්ය කියල ප්රසිද්ධ වෙන්න පටන් ගන්නේ ඒ ගීතය අහන අය සියදිවි නසාගන්න පෙළඹෙනවය කියන පුවත් පළවීමත් එක්කයි. මේ ගීතය ඇහීමෙන් පස්සෙ සියදිවි නසාගන්නට පෙළඹුණු පුද්ගලයන් ගැන විවිධාකාර වූ පුවත් අතීතයෙන් ඇසෙන ව එහෙම දිවිනසාගත්ත අයගේ අතේ මේ ගීතයේ පද පේළි ලියැවුණු සියදිවි නසාගැනීමේ ලිපි තිබුණ අවස්ථා ගැනත් අහන්නට ලැබෙනව. යුරෝපය පුරා සියදිවි නසාගැනීම් සිය ගණනකට විතර මේ ගීතය හේතු වෙලා තියනවා කියල කටකතා තියනව. ඒ විතරක් නෙමෙයි, මේ ගීතය නිර්මාණය කරපු රෙස්සෝ සෙරෙසුත් පස්සෙ කාලෙක සියදිවි නසාගෙන තිබෙනවා.



ග්ලූමි සන්ඩේ ගැන පටබැඳී ඇති කතා භයානක ඒවා වුණත්, මේ ගීතය ඇහීමෙන් කෙනෙක්ට සියදිවි නසාගන්න හිතෙනවය, ඒ ගීතය මේ කියන සියදිවි නසාගැනීම් වලට හේතු වුණාය කියන්න තරම් ප්රබල සාක්ෂි කිසිවක් නැහැ. 1930 ගණන් වල හංගේරියාවේ තිබුණු සියදිවි නසාගැනීම් වල වර්ධනයත් එක්ක මේ ගීතය සම්බන්ධ වෙලා හැදුණු මිත්යා මතයක් වෙන්නත් පුලුවන් මේක. ඒ කොහොම වෙතත් ග්ලූමි සන්ඩේ කියන්නෙ අහද්දි හරිම අමුතු හැඟීමක් දනවන්න සමත් ගීතයක් කියන එකනම් පිළිගන්නම වෙනවා.

නාරද රාමනායක

Source; Link

22 September 2017

---ශාපලත් දුරකථන අංක---



මේ පාර පොඩ්ඩක් වෙනස් කතාවක් ලිව්වේ.තව හොල්මන් සෙල්ලමක් නම් නෙවෙයි මේ.
ශාපලත් බෝනික්කෝ, පුටු, සොහොන්, චිත්‍ර, භාජන වගේ දේවල් ගැන ඔයාලා ඕන තරම් අහලා ඇති.ඒත් කලින් අහල තිබුනද ශාපලත් දුරකතන අංක ගැන???
මේ ලිපියේ සඳහන් වෙන්නේ ඒ වගේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ශාපලත් අංක ලෙස සැලකෙන දුරකතන අංක පිළිබඳවයි.

ඉතින් phone number එකක් මේ වගේ ශාපලත් දෙයක් වෙන්න පුළුවන්ද බැරිද කියලා පිළිගන්න එක ඔයාලට භාරයි.

මෙම දුරකතන අංක විවිධ ප්‍රදේශ වල පුරාවෘත වලට අනුව ශාප ලත් ඒවා ලෙස සැලකෙනවා.මෙම අංක වලට ඇමතුම් ලබා ගැනීම හෝ ඒවාගෙන් ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම අසුභදායක ලෙස ඒ ඒ ප්‍රදේශ වල පිළිගන්නවා.සමහර ප්‍රදේශ වල මේවා යක්ෂයාගේ අංක ලෙසද හඳුන්වනවා.ඉතින් ඒ වගේ ශාපලත් දුරකතන අංක මොනවද කියල බලමු.පහත දැක්වෙන්නේ එවැනි අංක කිහිපයක්.

*)666-666-6666/1-666-666-6666

වසර ගණනාවක් තිස්සේ ලොව පුරා පුද්ගලයන්ට ඉහත අංක වලින් භයානක පණිවිඩ ලැබෙමින් පවතී.මෙම ඇමතුම් යක්ෂයාගෙන් ලැබෙන ඒවා බව සමහරු පිළිගන්නවා.එසේම බොහෝවිට එම අංක වලින් ලැබෙන ඇමතුම් call log වල හෝ phone bill වල දකින්න ලැබෙන්නේ නැහැ.එලෙස එම අංකයකින් තමාගේ මිතුරෙකුට ලැබුණු ඇමතුමක් පිළිබඳව පුද්ගලයෙකු කල ප්‍රකාශනයක් පහත දැක්වේ.

"මගේ යාළුවාට 666-666-6666 අංකයෙන් ඇමතුමක් ආවා.එතකොට අපි හිටියේ කාර් එක ඇතුලේ,රෑ ගෙදර එන ගමන්.එයා phone එක answer කරේ නෑ.

ඒක නිසා අපි එයාට විහිලුත් කරා යකෙක් අපායෙ ඉඳලා උඹට කතා කරන්නේ කොහොමද කියලා.ඒත් ටික වෙලාවකට පස්සෙ ඒ අංකයෙන් voice mail එකක් ආවා.අපි ඒක ඇහුවා.ඒක තමයි මන් අහල තියෙන පරණම voice mail එක.ඒත් ඒ voice mail එකේ කිසි දෙයක් තිබුනෙ නෑ.හිස් ශබ්දයක් විතරයි තිබුනේ.ඒක record කරලා තියෙන තැන පුදුමාකාර නිස්කලංක බවක් තිබුනේ. මේ ලෝකෙ තැනක් නම් වෙන්න බෑ. ඒකෙ කිසි දෙයක් නැති වුනාට ඒක අහන ඕනෑම කෙනෙක් භය වෙනවා.හේතුව මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ.ඒ වෙලාවෙ අපිත් හොඳටම භය වුනා.අඩුම තරමින් කතා කරගන්න පුලුවන් වුනෙත් වචන 2ක් 3ක් විතරයි.කොහොම වුනත් පැය 3කට විතර පස්සෙ බලද්දි voice mail එක auto delete වෙලා.ඒ අංකයෙන් call ආව බව call log එකේ සඳහන් වෙලත් නෑ."

*)999-9999

9 නපුරුයි කියලා අපිත් කියනවනේ. මේක නම් හැබැයි තායිලන්තයේ විශ්වාසයක්.ඔවුන් ඉහත අංකය ශාපලත් එකක් ලෙස සලකනවා.ඔබ එම අංකය අමතා ප්‍රාර්ථනයක් කළවිට එය ඉටුවෙනවා.නමුත් පසුව ඉක්මනින්ම භයානක අනතුරකින් ඔබ මරණයට පත් වෙනවා.

*)රතු අංක.

පාකිස්තානයේදී, දුරකතන තිරයේ රතු පාටින් දිස්වෙන අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම අසුභදායක වෙනවා.ඔවුන් ඒවා හඳුන්වන්නේ "ශාපලත් අංක" හා "මරණයේ ඇමතුම්" ලෙසයි.ඔබ එම රතු අංකයකින් ලැබෙන ඇමතුමකට ප්‍රතිචාර දැක්වුවහොත් ඔබට අධික ශීඝ්‍රතාවයක් ඇති ශබ්දයක් ඇසෙනවා.එයින් ඔබේ මොළයේ රුධිර වහනයක් ඇතිවී ඔබ මියයනවා.මෙලෙස රතු අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දී මේ වන විටත් බොහෝ පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තාවෙනවා.

*)090-4444-4444

ජපානයේ ඉහත අංකය Sadakoගේ අංකය(貞子の番号/Sadako no bangō) ලෙස හඳුන්වනවා.ඔබ එම අංකයට ඇමතුමක් ලබා ගතහොත් ඔබට භයානක අමුතු ශබ්දයක් ඇසෙන බවත්, සතියක් ඇතුළත කුමන හෝ ආකරයේ අනතුරකින් ඔබ මරණයට පත්වන බවත් ජපානයේ පිළිගන්නවා.ජපන් භාෂාවේ අංක 4(し/shi)ලෙසම මරණය(死/shi) ශබ්ද කරයි. ඔබ Ring films බලා තිබේනම් එහි සිටින ආත්මයේ නම Sadako බව ඔබ දන්නවා ඇති.එම film නිර්මාණ‍යේදීද මෙම අංකය යොදා ගෙන ඇත.



*)0888 888 888

බල්ගේරියාව තුල ඉහත අංකය ශාපලත් එකක් ලෙස සැලකෙනවා.මෙම අංකය සතුවන අය ඉක්මනින්ම භයානක මරණයකට ගොදුරු වන බව ඔවුන් පවසනවා.මෙම අංකය සතුවූ පළමු පුද්ගලයා එය ලබා ගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත පිළිකාවකින් මියයනවා.දෙවැනි පුද්ගලයා පාරේ සිටින විට වෙඩි වැදී මියයනවා.තුන්වැන්නාටද දෙවැන්නා ලෙසම වෙඩි වැදී මියයනවා.ඉහත මරණ වල විශේෂත්වය වන්නේ 3ම simපත ලබා ගෙන කෙටි කාලයක් ඇතුලත සිදුවීම හා ජනාකීර්ණ ස්ථාන වලදී වැරදීම් නිසා අංකය අයිති පුද්ගලයින්ට පමණක් වෙඩි වැදීමයි.ඉන් පසුව සියලු දෙනා ඉහත අංකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම දුරකතන සමාගමට(Mobiltel) එම අංකය භාවිතයෙන් ඉවත් කිරීමට සිදු විය.දැන් එම අංකයට ඇමතුමක් ලබාගත් විට එය ආවරණ කලාපයෙන් බැහැරව ඇති බව පවසයි.

*)1-000-000-0000

ඇතැම් ආසියාතික රටවල ඉහත අංකය ශාපලත් එකක් බව පිළිගන්නවා. ඔබ එයට ඇමතුමක් ලබාගත් විට ඔබට පිරිමි කටහඬක් ඇසෙනවා.එයින් පවසන්නේ ඔබ තව 15 දෙනෙකුට මෙම අංකය පිළිබඳ නොපැවසුවහොත් ඔබ මියයන බවයි.

*)666

මෙම අංකය මළවුන් සම්බන්ධ කරන බව ඇමරිකාවේ ඇතැමෙක් පිළිගන්නවා. එම අංකයට එකතු වී ඇමතුම් ලබා ගත් යහළුවන් පිරිසකට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව එක් අයෙක් මෙසේ සඳහන් කර ඇත.
"අපි හැමෝම එදා ඒ අංකයට call කරා.එක එක අයට ලැබිල තිබුනේ එක එක ප්‍රතිචාර.සමහරු කිව්වා මොනවත් වුනේ නෑ කියලා.සමහරුන්ට භයානක ශබ්ද ඇහිලා තිබුණා.සමහරු කිව්වෙ ඒ අයට සාතන්ගෙ ශබ්දය ඇහුනා කියලා."

*)1(207)404-2604

Carrie නම් චිත්‍රපටයේ trailer එක අවසානයේද ඔබට මෙම අංකය දැක ගන්න පුලුවන්.ඔබ මේ අංකයට ඇමතුමක් ලබාගත් විට වෙනත් අංකයකින් ඔබට නැවත ඇමතුම් 3ක් ලැබෙන බවත් ඉන් පළමුවැන්න භයගන්වන කෑගැසීමක් ද,දෙවැන්න භයානක ගායනාවක් ද,තුන්වැන්න තැතිගන්වන මිමිනුමක් ද වෙන බව සඳහන් වෙනවා.

 Source: Link

19 September 2017

---මලවුන් යලි ගොඩ ගෙන උත්සව පවත්වන සුලවාසි වැසියන්---


අපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබයි.

එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිස්දු කර උත්සව පවත්වනවා අසා නෑ නේද,,
නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා,එය ඔවුන්ගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් බවත් සදහන්


වසරක් පාසා සියලු නෑදෑ හිතවාදීන්ගේ මළමිණී ගොඩට ගෙන නාවා ඕජස් කුණු තුවාල පිසදමා අලුත් ඇදුම් අන්දවා මෙම උත්සවය පවත්වනු ලබයි.



මෙහිදී ඌරන් බිලි පූජා ලෙස මරා දමන අතර වසරක් පාසා මෙම උත්සවය සිදු කිරීමෙන් අස්වනු සරුසාර කරගැනීමට මියගිය අයවලුන්ගේ ආශිර්වාදය ලැබෙන බව මෙම වැසියන් තදින් විස්වාස කරයි

~~ඩොන්~~

14 September 2017

---කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීමක්---


ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය. දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි. ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර සිය ජිවිතයේ ලද අත්දැකිම් වලින් එකක් මේ විදියට අපිත් සමග හෙළි කළා..

වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි.
සදලතා සදක්වන් රෑමත්ය. ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි. වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය. වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි. බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි. පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි. රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය. ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය.

“කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ. අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි. අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය.“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි. මට ඔහේගේ දුක තේරෙනව. හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ” පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය.

“මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල. ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ්”
“බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”

ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි. රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය.
හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ. පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි. යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.

“යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන.‍ යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ” වාසනහාමි කට්ටඩි මාමා කීය.
“ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ, ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා”

කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරුනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි.


ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි. රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි.
“ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරුමාලා දේවතා අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි. මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි. ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය.

“බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
“වලංගු නැහැ මට යන්න දිපියෝ..” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
“හක් – වලංගු නැහැ.. කට්ටඩි මාමාද සැර විය.
“කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද..?” – යක්ෂයා නිරැත්තරයි.
“කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ” කට්ටඩි මාමා ගෙරවිය. එහෙත් ඇය නිහඩයි.
“ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද”

ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම්”
“මම වලංගුයි වලංගුයි” ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි.

“හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල”
“මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ”
“තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
“ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම්”
“ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
“මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි. විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත. කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.

“ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ.
ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.

වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි. තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.

“ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ..”
සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.

හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය. තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය. නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි.
සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි. තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.

“මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති. ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි. උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ. පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි. තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි. නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.

මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
“කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා. විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව. මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි. මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි.

“එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද” අත්තේවාසිකයකු විමසිය. “ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ. හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති. දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.

“බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි. කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”

වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය. උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ. දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.

“ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ.. හත්තිලව්වේ..”
කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය. ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි. පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි. ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි. සියලුම කාර්යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය.
“මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්කි සිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා..” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය.

(සටහන – චාමින්ද දිසානායක)


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

---මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය---


නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි. සරලව මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙක් කායිකව හා මානසිකව වෘකයෙකුගේ හෝ වෙනත් මාශ භක්ෂක වනසතෙකුගේ ස්වරූපයට පත්වීමයි. මෙහිදී වෘකයන් මූලික වන්නේ යුරෝපීය රටවල ජීවත්වන දරුණුම විලෝපිකයා වෘකයා නිසාය. තවද බොහෝ යුරෝපීයයන් වෘකයන් වෙත ස්වභාවයෙන්ම අධික භීතියක් දක්වන නිසාය.

නරවෘකයන් වර්ග දෙකකි. එනම් තම වෙනස්වීම (Transformation) පාලනය කළ හැකි අය සහ නොහැකි අය ලෙසයි. තම වෙනස්වීම පාලනය කළ හැකි අය බොහෝ විට සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වෙමින් ඉතා සූක්ෂ්මව තම ජීවිතය ගත කරයි. අධික ආවේගයකදී හෝ තමන්ට රිසි ලෙස අවශ්‍ය වූ විටක මොවුන්ට තම නරවෘක වේශය ලබාගත හැක. තම වෙනස්වීම පාලනය කළ නොහැකි අය මිනිස් සමාජයෙන් වෙන්ව හුදකලාව ජීවත් වේ. ඔවුන් වසරේ එක් එක් කාලපරිච්ඡේද වලදී නරවෘක වේශයට පත්වේ. එහිදී තම වෙනස්වීම ඉබේ සිදුවේ. එහිදී ඔවුන්ට ඇතැම්විට නරවෘක වේශයෙන්ම තම ජීවිත කාලය ගත කිරීමට සිදුවේ.
රිටිගල ජයසේනද අප රටේ විසූ තම වෙනස්වීම පාලනය කළ හැකි නර-වළසෙකි. තම හැකියාව පිළිබඳ උදම්වූ ඔහු අවසානයේදී ගෝඨයිම්බරට ද්වන්ධ සටනකට ආරාධනා කරයි. නමුත් සටනේදී තමා පරාදවන බව හැඟුනු ජයසේන නරවළස් වේශයට පත්වී ගෝඨයිම්බරව පරාද කිරීමට උත්සාහ කරයි. ජයසේන වෙනස්වනු දුටු ගෝඨයිම්බර ක්ෂණිකව එල්ල කළ පා පහරින් ජයසේනගේ වළස් හිස කඳින් වෙන්වී යයි. නමුත් පසුව ඔහුගේ හිස නැවත සවිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. ජයසේනගේ පරපුරෙන් පැවත එන නරවළසුන් අදටත් ලංකාවේ ජීවත්වන බව මහසෝනා අවතාර කතා සහ ජනප්‍රවාද වලින් පැහැදිළි වේ.



වෘකමානත්වය ශරීර ගතවූ පසු එම පුද්ගලයා පෘථිවිය මත ඇති සියලු රෝගවලට ප්‍රතිරෝධයක් දක්වයි. නරවෘකයන් තුළ පවතින immortality බවට හේතුව මෙය වේ. තවද අධික රතු රුධිරාණු ඝනත්වය, පටක ප්‍රතිස්ථාපනය මොවුන්ගේ ශරීර තුළ පවතින අපූර්වත්වයන් වේ. අධික ධාවන වේගය, අධික කායික ශක්තිය, තියුණු ඉව, පෙනීම සහ ශ්‍රවණය මොවුන්ට ලැබෙන විශේෂ හැකියාවන් වේ. මේ හැකියාවන් මොවුන් මනුෂ්‍ය වේශයෙන් සිටින විටද භාවිතාවට ගතහැක.

Source: Link

---පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය---


මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.
මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.

මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.

දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි.
ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.


දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය ‘හාන්දුරුවන්ගේ’ තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.

ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.

වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ.
එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:

පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී

ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.

ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය.
මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා
මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.

“ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ.”
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.
එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් ‘මඩුවන්වෙලට පියමං’ පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ ‘විජයබා කොල්ලය’ සමයේය.
“හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.

ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා.” ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.

“විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.
ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන.”
කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.

ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. ‘මඩුවන්වෙලට පියමං’ පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.
එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.

මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

Source: Link

07 September 2017

---මල් ශාලා රියදුරුගේ අත්දැකීම්---


මං මේ කියන්නේ යන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි අපේ සීයා ගැන කතාවක් එයා අද මේ ලොකේ නැහැ මං සීයා ගැන විස්තරයක් කරලා ඉන්නම්

සීයා රැකියාව උනේ රියදුරු හැබැයි නිකන් රියදුරෙක් නම් නෙමෙයි අවමඟුල්රතයක රියදුරෙක් පානදුරේ ලාල් මල්ශාලාවේ .මිට වසර 35 කට විතර කලින් ,ඒ කලේ හරියට හොල්මන් තිබිලා තියේනවා හැබැයි අපේ සීයා පොඩ්ඩක් වත් බය මිනිහෙක් නම් නේමෙයි මන්තර පවා දන්නවා පරණ මිනිසුන් ඉන්නවා එයාව දන්නවා අනිවා සීයා රියදුරු රැකියාවට අමතරව ප්‍රසිද්ධ මිකැනික් කෙනෙක්



ලාල් මල්ශාලාව ගොඩක් ප්‍රසිද්ධ යි ඒ කාලේ කලුතර හැම තෙනම මිනි එන්නේ එතන්ට පානදුරේ පුද්ගලික බස් නැවතුම් පෝල දැන් තියන තැන තමයි තිබුනේ ඒ පැත්තේ අය නම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න එතකොට කියයි අපේ සීයා මහා රෑ දවල් ඕන වේලාවක තට්ට තනියම මිනි අරන් කලුතර වටේම යන්වලූ හිටපු ගමන් අපේ මාමාවත් එක්කන් යනවා.
දැන් කතාවට එන්නම් අපේ සීයා හොදට බෝන පොරක් කවදවත් පිට බෝන්නේ නැහැ හවස ගෙදර එන්නෙත් නාලා ගමේ තිබුනා පොකුනක් එකෙන් නාලා තමයි පෝර එන්නේ දැන් ඒ පොකුන තිබුන තැන බුදුපිළිමයයික් තියෙන්නේ සීයාගේ හොදම යලුවෙක්ගේ ඉදලා තියෙනවා පොරත් එක්ක තමයිලූ බොන්නේ හැමදම.

මේ සිද්දය උන දවසට මාසේකට විතර කලින් සීයා යාලුවා මැරිලා තියෙනවා පොර දවසෙම බොන පොරක් බිලාමයි මැරිලා තියෙන්නේ පොරක් ගමේ කටිය එකතු වේලා මලගේ වැඩ හොදට කරලා සීයා මතුගම මල් ගෙදරකට ගිහින් මිනිය බාර දිලා වෙනදා වගෙම බ්ගෙකුත් අරං මාලුත් අරන් බියිට් එකට බැදපු මස් කැලි ටික්කුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙනේ රෑ 8,20 වගේ වෙනකොට නාන ලිද ගවට ඇවිල්ලා තියෙන්වා බයිසිකලේ පුරුදු විදියට නවත්තලා නා ගන්න ලැස්ති වේලා තියෙනවා කවදාවත් සීයට නොදැනුනු අමුතූ හැගිමක් දැනුනාලූ හැමදාම සීයා එන්කම් බලන් හිටපු මිත්‍රයා මතක් ඌනා යලුවා හටියා නම් කියලත් හිතුනලූ.

විනඩ් 5 යනකොට යලුවෙක්ගේ කට හඩ ඇහිලා "මොකො බං අද උබ බාගේම තනියම ගහන්න හදවාද" කියලා ඇහුවලූ සීයාට ඒ පාර සීයා ඇහුවලූ "මෝකද රත්නේ උබ මාව බය කරන්න හදන්වාද බං" කියලා ඇහුවාලූ සද්දයක් නැහැලූ සීයාගේ ඇගට අමුතු සීතලක් දැනිලා සීයා කිව්වලූ "උබට මාව බය කරන්න නම් ලේසි නැහැ කිව්වාලූ උබෙයි මගෙයි යාලු කමක් නැහැ මගේ යලුවා මැරිලා 45 දවසේ දානේත් ලගයී කිව්වාලු" සද්දයක් නැහැලූ සීයා කට කොන්කින් හිනා වේලා පොර ගිහින් කියලා

වෙනදා තරම් වේලා නොගෙන කිකමනින් නාල වතුර ගසලාමින් පොකුනේ පඩ් නැගලා පාරට අවලූ ඒ වේලාවේ දෑකපු දර්ශනය කිසිමදාක නොසැලුනූ මගේ සියා සිත සැලී ගිහින් මසකට අස්න්නයේ මිය ගිය සියාගේ යලුවාගේ බගෙට දිය ඌන මුහුනේන් සියා ගේනාපු අරක්කු බාගේ අතින් අරන් අමු මාලු කමන් සිටිනූ දුටු මගේ සීයා ගේ සිහිසුන් වූ සිරුර රෑ 10,30ට පොකුන අසන්නයයේ තිබි හමුවී ඇත.එදා සිට මිය යන තුරුම මගේ සියා නිවසින් එලියට අවේ නෑ වත්තේ ට අවත් 4 මායිමෙන් එලියට අවේ හිටපු ගමන් සිහි විකල් වේ හිනෙන් දකිවයි හූ හඩ දෙමින් මැදියම් රෑ අවදිවෙයි

ඔහු ජිවිත කලේදිම හම්බ කරපු මිල මුදල් යාග හොම වලට ප්‍රතිකාර වලට වියදම් වුනා අපේ අම්මලා ගේ ජිවිත වලට කනකොකා හදන්නෙත් මේ නිසා පව්ලේ අදයම නැති උනා 6 ක් ඒ පවිලේ මට ගනන් පවා ඉගැන්වීමේ කරේ ඔහු මේ කතාව ඔහු මට කියකොට මං 7 වසරේ

Source: Link

03 September 2017

---රිය අනතුර---


 මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය.මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි.ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මාස ගනනක් තිස්සේ ඉදි කෙරෙමින් පැවති එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් වීම එහි සේවකයන් වූ අප සියලු දෙනාගේම සතුටට හේතු විය.අපගේ කළමණාකාර වරයා විසින් අපහට නියමිත වැටුප් ලබා දී දින 10ක නිවාඩු කාලයක්ද ලබා දුන්නේ ගම් රටවල් බලා ගොස් නැවත සේවයට පැමිණෙන ලෙස දන්වමිනි.සියල්ලෝම සතුට නිසා එදින සැන්දෑවේ මත්පැන් සාදයක් පැවත්වීමට තීරණය කලේ ගම්රටවල් බලා යාම පසුදාට කල් දමමිනි.මා හැර සියලුම දෙනා එයට සූදානම් වූ අතර මා සූදානම් වූයේ එදිනම ගමට පැමිණීමටය.මාස ගනනකින් පුංචි පුතුගේ මුහුණ බලා ගැනීමට නොහැකි වූ නිසා ඉක්මනින්ම ගෙදර යාම මාගේ එකම අදහස විය.සියල්ලන්ගෙන්ම සමු ගත් මා ටිපර් රථයත් රැගෙන එම ස්ථානයෙන් පිටත් වන විට රාත්‍රී 8:00පමණ විය.ත්‍රී කුණාමලය ටවුමට පැමිණි මා රථයට අවශ්‍යය පමණට තෙල් ගසා එහි වූ රෑ කඩයකින් මස් කොත්තුවක් දමා ගෙන කෑවේ අධික කුස ගින්නක් දැනුණු නිසාමත් නොව ගමන් කිරීමට ඇති දුර අධික වීමත් අතර මග කඩ වල නතර නොකර යාමට ගත් තීරණයත් නිසාය.කෑමෙන් පසු රථයට ගොඩ වූ මා තරමක් වේගයෙන් රථය ධාවනය කලෙමි.කන්තලේ පසු කල මා හබරණ දෙසට පැමිණෙමින් සිටියෙමි.නාගරික ප්‍රදේශය අවසන් වූ නිසා තරමක පාලු ස්වභාවයක් මාර්ගය දෙපස පැවතුනි.ගෙවල් පැවතියේ ඉඳහිට තැනක පමණකි.මාර්ගය දෙපසම කැලෑව පැවති අතර මාර්ගයේ ගමන් කල වාහනයක් පවා හමු වූයේ ඉඳ හිටය.තනිකමත් ,පාලු ගතියත් නිසා වාහනයේ වේගය තවත් ටිකක් වැඩි කල මා රේඩියෝ යන්ත්‍රයද ක්‍රියාත්මක කර සිංදුවක් අසමින් පැමිණියෙමි.

එක් වරම වාහනයට මීටර් 50ක් පමණ දුරින් කලු පැහැති සත්වයෙක් පාරට පනිනු මා දුටුවේ එම අවස්ථාවේය.පාරට පැමිණි සතා පාර මැද නැවතී වාහනය දෙස බලා සිටින අතර ලයිට් එලියට උගේ ඇස් දිලිසෙමින් තිබුනි.මා තරමක් තදින් බ්‍රේක් කලේ එම සතා යටවීම වැලක්වීමටය.නමුත් වාහනයේ වේගය වැඩි නිසා ටයර් කෑ ගසමින් එය ඉදිරියටම ඇදී ගියේ මට කිසිවක් කර කියා ගත නොහැකි ලෙසය.ඉතාම ලං වන විට එම සතා වල් උූරෙකු බව මට පෙනුනි.වාහනයේ සතා වැදුන අයුරැත් උූ වාහනයට යට වන අයුරැත් මට ඉතා හොඳින් දැනුනි.කිසිම දිනක සතෙකුට වත් අනතුරක් මා අතින් සිදුව නොතිබුන අතර මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නේය.වහාම නතරවූ වාහනයෙන් බැස ගත් මා සතා ට සිදුවූ දෙය බැලීමට පසු පසට දිව ගියෙමි.පුදුමයකි.එහි කිසිදු සතෙකු නොවීය.හොඳින් වට පිටාව බැලුවද මාර්ගයේ වාහනය ඇදී ආ ටයර් පාර මිස සතෙකුගේ ලකුණක් හෝ නොතිබුනි.වාහනයට යට වූ සතාට කැලයට පැන යාමටද නොහැකි බව හොඳින්ම දැනුණු මා මෙයින් තරමක් තිගැස්මට ලක් වූ අතර වහාම රථයට ගොඩ වී පෙරටත් වඩා වේගයෙන් එය පැදවූවෙමි.මෙලෙස 5km පමණ පැමිණෙන විට මාර්ගයේ සිටි පුද්ගලයෙකු වාහනයට අත දමනු මා දුටුවෙමි.ඉතාම ලං වන විට ඔහු තරමක වයස අයෙකු බව පෙනුන අතර ඔහු අතේ යම් බෑගයක්ද ඇති බව පෙනුනි.තනිවම යනවාට වඩා කවුරැන් හෝ වාහනයේ සිටින්නේ නම් හොඳයයි මට සිතුනේ පෙර සිද්ධිය සිදුවූ මොහොතේමය.ඒ නිසා දෙපාරක් නොසිතා මා රථය නතර කලෙමි.වාහනය අසලට පැමිණි ඔහු "ඩ්‍රයිවර් මහත්තයා මට දඹුල්ලට යන්න පුළුවන් වෙයිද ?" කියා ඇසුවේය.දඹුල්ලට තව බොහෝ දුර ඇති නිසාත් මා දඹුල්ල හරහා යන නිසාත් ඔහුව වාහනයට නංවා ගත්තේ කතා කරමින් හෝ යාමට ඇත්නම් හොඳයි සිතමිනි."අංකල් මේ රෑ වෙලා කොහේද යන්නේ?"යි මම ඇසුවේ ඔහුව කතාවට අල්ලා ගැනීමට මුල පුරමිනි."මං රස්සාවට කරන්නේ කොළඹ මේසන් වැඩ.හදිස්සියේ ගෙදර ඇවිත් වැඩට යන්න ආවේ. රෑ කොළඹ යන බස් එක අල්ලා ගන්ඩ බැරි උනා .ඉතිං ඒකයි පාරෙ යන වාහන වලට අත දැම්මේ.කවුරැවත් නැවත්තුවේ නෑනේ. දඹුල්ලට යා ගත්තොත් එතනින් කොළඹට යන බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි."ඔහු පිලිතුරැ දෙමින් පැවසීය.එක් වරම වාහනය තුලට සීතල සුළං පහරක් ගලා ආවේය.එයින් මා හට මහත් අමුත්තක් දැනුණු අතර මා වහා වීදුරැව වසා ගත්තේ එයින් ‍බේරෙනු පිණිසයි.නමුත් එය පිටතින් හමා එන්නක් නොව වාහනය ඇතුලතින් එන බවක් දැනුණු බැවින් මා අනෙක් පස හුන් තැනත්තා දෙස බැලුවෙමි.ඒ වන විටත් ඔහු තද නින්දකට වැටී ඇති ආකාරයක් පෙනෙන්නට විය.මමද ඔහුට බාධා නොකර පාඩුවේ වාහනය පදවන්නට වීමි.නමුත් එම සීතලත් සමග මහා අමුත්තක් මට දැනෙන්නට ගත්තේය.මාර්ගය දෙපසම වූයේ ගන කැලෑව පමණකි.කිසිදු වාහනයක් හෝ ගෙයක් දොරක් හෝ දක්නට නොමැත.ඇත්තේ මහ මූසල ස්වභාවයකින් පෙනෙන පාර පමණි.මා හට කියා ගත නොහැකි නුහුරැ හැඟීමක් දැනුනි.වාහනයද අධික වෙගයෙන් ධාවනය වන බව දැණුනත් එය පාලනය කිරීමට හෝ මට හැඟීමක් නොමැති බව දැනේ.කොපමණ දුරක් එසේ ආවාදැයි මා නොදනිමි.

එක් වරම අනෙක් පස හුන් තැනත්තා අවධි වූ බව දැනුණු බැවින් මා එදෙස බැලුවෙමි.ඒ අවස්ථාවේ මා දුටු දසුන කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.මා අසල සිටියේ වාහනයට ගොඩ වූ පුද්ගලයා නොව සුදු පැහැති චායාවක් වැනි මිනිසෙකි.එලියට පැන්න දෑසත් මුහුණ පුරා තැවරී තිබූ ලේ පාරත් මා දුටුවේ අඩ අඳුරේමය.එය ඉතා බියකරැ ලෙස මා දෙසට යොමු වී තිබුනි.ඇතිවූ බියටම මාහට කෑ ගැසුන අතර බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය තවත් තදින් පෑගුනි.එක් වරම මා වෙතට පැන්න ඔහු වාහනයේ සුක්කානම අල්ලා පාරෙන් පිටතට කර කැව්වේ මා හට සිතන්නට හෝ කාලයක් නොතබමිනි.මා ඔහුගේ අතට වේගයෙන් පහර දී නැවතත් පාරට හැරවීමට උත්සාහ කලද එය සෙලවීමටවත් නොහැකි ලෙස තද වී පැවතුනි .මට දැනුනේ ලොකු අයිස් කැටයකට ගැසුවා මෙන් දැඩි බවක් හා තද ශීතලකි. අධික වේගයත් ඇතිවූ කලබලයත් නිසා මාගේ පාලනයෙන් මිදුනු වාහනය වේගයෙන් පාරෙන් පිටත පැන ලඳු කැලෑවද කඩා ගෙන වනන්තරය තුලට ඇදී ගිය ආකාරයත් විශාල පිපිරැම් හඬක් සමඟ මාගේ දෑසම අන්ධකාරයක් තුල ගිලීයන අයුරැත් යාන්තමින් මට දැනුනි.



මා ඇස් හැර බලන විට මා වටා බොහෝ පිරිසක් වට වී සිටින අයුරැත්,මා ඇඳක් මත තබා තිබෙන අයුරැත් මට දැනුනි.හිස එසවීමට හැදුවත් දැඩි වේදනාවක් දැනුණු අතර දෑත් දෙපා බැන්ඩේජ් කර තිබෙන අයුරැත් දුටුවෙමි.පිරිස දෙපසට කරමින් මා ලඟට ආවේ මා නාඳුනන මැදිවියේ පුද්ගයෙකි."දැං කොහොමද ඔයාට..මොකද උනේ..?ඔහු මගෙන් ඇසුවේය.ඉතා අපහසුතාවයක් දැනුනද පෙරදා සිදුවීම මගේ මතකයට ගලා ආවේ මෙවිටය.මා ඔහුට එය පැවසූ අතර එය අසා සිටි ඔහු මට මෙසේ පිලිතුරැ දෙන්නට විය."ඔයා බේරිලා තියෙන්නේ පෙර පිනකට.ඔයාව ඉස්පිරිතාලෙ ගෙනාවෙ මං.මගේ පැල් කොටේ තියෙන්නේ ඔයා හැපිලා තිබුනු හරියට ටිකක් එහා.මං ඔය කැලේ සත්තුන්ට තුවක්කු බඳිනවා.එදා රෑ මට ඇහුනා තුවක්කුව පත්තු උන සද්දේ.ඒත් රෑට ඒ හරියේ අලි ඉන්න හින්දා මං තුවක්කු පත්තු උනාට රෑට ඇවිල්ලා බලන්නේ නෑ.මං උදේ පාන්දරම ආවා තුවක්කුව බැන්ද තැනට.එතකොට මං දැක්කා කැලේ කඩාගෙන මොකක් හරි ලොකු දෙයක් ඇදගෙන ගියා වගේ පාරක්.මං හිතුවේ අලියෙකුටවත් වෙඩි වැදිලද කියලා කොයි එකටත් ටිකක් හෝදිස්සියෙන් යන කොට තමා කැලේ ඇතුලේ ලයිට් එලියක් දැක්කේ.තව ටිකක් ලඟට යන කොට තමා දැක්කේ ලොකු ලොරියක් මගේ තුවක්කුව තිබ්බ තැනත් යට කරගෙන ගිහිං ඉස්සරහ තිබ්බ මාර ගහේ වැදිලා තියෙනවා.මං ලඟට ගිහින් බලනකොට තමා ඔයා ඒකෙ ඇතුලේ හිර වෙලා ඉන්නවා දැක්කේ.ඒ ගමන් මං ගෙදර දුවලා ගමේ එවුන් අඬගහගෙන ඇවිත් ඔයාව එලියට අරන් ඉස්පිරිතාලෙ ගෙනාවේ.එතකොට ඔයාට සිහිය තිබුන.එක එක විකාර කියලා කෑ ගහ ගහ හිටියේ ඔයා.අපි පොලිසියටත් කිව්වා.ඉට පස්සේ පොලිසියෙන් ඇවිත් ලොරිය අරන් ගියා.ඔයා එදා දැකලා තියෙන්නේ ඇත්ත මනුස්සයෙක් නෙමේ.ඒ හොල්මනක්.ඒ මනුස්සයා දැනට අවුරැදු 3කට විතර කලින් ඔය හරියෙදි ලොරියක හැපිලා එතනම මලා.මිනිහා කොලඹ යන්න බස් එකක් එනකල් ඉන්නකොට තමා ලොරියට යට වෙලා තියෙන්නේ.ඉතිං එදා ඉඳන් හැම අවුරැද්දකම මිනිහා මැරැණු දවසට කාට හරි ලොරි කාරයෙකුට එයා පේනවා.ගොඩක් අය බය වෙලා තියෙනවා.වාහනේ නැවත්තුවොත් එයා කොහොම හරි ඒ වාහනේ හප්පනවා.ගිය අවුරැද්දෙත් මේ වගේම ලොරි යක් හප්පලා ඒ මනුස්සයා දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉඳලා මැරැණා.එයත් මැරෙන්න කලින් පොලිසියට කට උත්තර දීලා කියලා තියෙන්නෙත් ඔයා කියපු කතාවම තමා."යි ඔහු කතාව අවසන් කලේය.නැවතත් මගේ දෙනෙත් අන්ධකාරයක් තුල ගිලී යනවා මට දැනුනි.

 Source: Link