මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

18 December 2017

---යක්ෂ ආරූඪය (Demonic Possession)---


හායි යාලුවනේ කොහොමද මගේ කලින් පොස්ට් වලට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ . ඉතින් වෙනද වගේම වෙනස් දෙයක් මන් ඔයාලට ගෙනවා ඔයාලා හොල්මන් film බලනවානම් අනිවා දැකල ඇති අහල ඇති Demonic Possession ( යක්ෂ ආරූඪය ) කියන දෙය ඉතින් අද මන් කතාකරන්න යන්නේ මෙන්න මේ ගැන . යක්ෂ ආරූඪය කිව්වම ඔව් හැමෝම හිතන්න පුළුවන් යක්ෂයෙක් ඇවිත් මනුෂයෙකුට ආවේශ වෙනවා එච්චරයි කියල නැහැ මේකේ ලොකු ගැඹුරක් තියනවා ඉතින් බලමු මේ පොස්ට් එකෙන් කොච්චර ගැඹුරට ඒ ගැන කතාකරන්න පුලුවන්ද කියල මොකද වැඩිපුර ලියන්න මන් කැමති නැහැ මොකද එතකොට කියවන අයගේ ඔලුවට යන මතකේ රැඳෙන සහ ආසා හිතෙන ප්‍රමාණය අඩු නිසා .
හරි ඉස්සලම ඔයාල දන්නවද Demonic Possession ( යක්ෂ ආරූඪය ) කියන එකත් කොටස් 3කට බෙදෙනවා ඒ තමයි

1. Manifestation and Infestation ( ප්‍රකාශනය සහ උවදුර )
2. Oppression ( පීඩනය )
3. Full Possession ( පුර්ණ හිමිකම )

හරි අපි දැන් මේවා වෙන් වෙන් වශයෙන් අරන් බලමු

1. Manifestation and Infestation ( ප්‍රකාශනය සහ උවදුර )

පළමු අදියර ඇතිවෙන්නේ මනුෂයන්ට නොවේ මේ කොටස අයත් වන්නේ නිවෙස්, වනාන්තර, මෝටර් රථ, බෝනික්කන්ට වගේ දේවල් වලටයි ඒ කියන්නේ මනුෂයන්ට ප්‍රකාශනය වන විදියට එන උවදුරක් ලෙස හදුන්වන්න පුලුවන් කෙටියෙන්ම කිව්වොත් අපිට අදුර ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මෙතන යම්කිසි දෙයක් තියනවා කියල . ඒ වගේම තමයි මේ අවස්ථාවේදී තමන්ගේ මලගිය නෑදෑයන් වගේ කපටි දේවල් උපයෝගී කරගෙන අපට ලංවෙන්න හදන උපයේ මුලික අවදිය තමයි මේක නමුත් මුලික අවස්ථාවේ කියාලා නැහැ අපි දුර්වල වෙනවනම් යක්ෂයා බලවත් වෙනවා නමුත් මේ අවදියේදී බොහෝ දුරට සාර්ථකව මුලික අවධියට ලක්වුණ පුද්ගලයින් බේරාගත හැකියි


2. Oppression ( පීඩනය )

දෙවැනි අවධිය ටිකක් භයානකයි මොකද මේ අවදියේදී බොහෝ දුරට යක්ෂයා ඉතාම බලවත්ව ප්‍රහාරාත්මක ආකාරයෙන් පහරිදීමට සැලසෙන අතර මෙය ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් සිදු වේ . නින්ද අහිමි වීම, උග්ර අක්රමිකතා, සිත් රිදවීම හා ලිංගික හිරිහැර පවා සිදු විය හැක. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගොඩක්ම පුජකවරයෙක් හෝ මේ පිළබඳව සොයන කණ්ඩායමකට භාර දෙන්නේ හැබයි ඒ අය උනත් මේ ගනු දෙනු කරන්නේ කා එක්කද කියල දන්නේ නැත්තම් වැඩේ භයානකයි . මානසික අවපීඩනය බොහෝ අවස්ථාවල මෙම අවධියේ රෝග ලක්ෂණයකි පුද්ගලයාගේ කැමැත්ත ඇදහිල්ල විශ්වාසය මේ අවස්ථාවේ බිඳී ගියොත් එය තෙවැනි අදියර කරා ගමන් කරයි

3.  Full Possession ( පුර්ණ හිමිකම )

තෙවැනි හා අවසාන අවස්ථාව මේ අවස්ථාවේදී යක්ෂය ඉතාම බලවත් වන අතර ආතුරයා යක්ෂය විසින් කරන කියන දේවල් වලට අවනත වේ
සාමාන්‍යයෙන් පළමු හා දෙවන අදියර වලින් වත් බේරගන්න බැරි උන පුද්ගලයාට එසේ කිරීම හැර වෙන දෙයක් නැත .

එසේම මේ අවස්ථාව වන විට ආතුරයා මනුෂ්‍ය ලොවට අයිතිය නැති වෙන අතර සම්පුර්ණයෙන්ම ඔහුව පාලනය කර පිඩනයට පත්කර ඔහුවිසින්ම සියදිවි නසාගන්නා ආකාරයට පත්කර නිරයට ගෙනයන බව කියවේ .

ඉතින් මන් ඉහත සඳහන් කර ඇති දෙවැනි සහ තුන්වැනි අවදි වල ඉතාම අමාරුයි පුද්ගලයෙක් බේරාගැනීමට . මන් හිතනවා යම් දෙයක් ඔයාල ඉගෙන ගන්න ඇති කියල අපි තවත් මේ ගැන ඉස්සරහට කතාකරමු මොකද මන් දන්නවා ඔයාලට මෙතනින් එහාටත් ගොඩක් ප්‍රස්න මතුවෙයි ඉතින් මේ ගැන ඔයාලා දන්නා ඒවා වගේම ඔයාලගේ අදහසුත් දෙන්න එක මට ගොඩක් වටිනවා ඉතින් අපි ඉස්සරාහට තව දේවල් කතාකරමු
එහෙනම් අදට මෙච්චරයි .

ස්තුතියි
ෆොක්ස්

Source: Link


06 December 2017

---පිත්තල පදක්කම---

ගුනපාල මේ දරුවාව 12f පන්තියට ගෙනියන්න.මිස් ලලනා ට කියන්න මේ අලුත් දරුවෙක් කියලා පන්තියට ගන්න කියලා'
විදුහල්පති තුමිය අසල සිටි මැදිවියේ සේවකයකු අමතා මා පෙන්වමින් පැවසුවාය.

අගනුවර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක් වූ මෙහි ජීව විද්‍යා අන්ශයෙන් උසස් පෙල හැදෑරීමට මා ඇතුලත් වූයේ නවක සිසුවකු ලෙසයි.
වෘත්තීයේන් අධිකරණ විනිසුරුවරයක් වූ පියාගේ සිව්වන ස්ථාන මාරුව මෙවර අලුත් කඩේ උසාවි සන්කීර්ණයටය.කුඩා කල සිටම වරින් වර ලැබුනු ස්ථාන මාරුවීම් නිසා මා මේ වන විට පාසල් 5කට අඩික ප්‍රමාණයක අධ්‍යාපනය ලබා ඇත.මෙවර අගනුවරට ප්‍රසිද්ධ පාසලක් ලැබීම එක් අතකින් වාසනවකි.

විදුහල්පති තුමියට වැද මා ගුනපාල සමග කාර්‍යාලයෙන් නික්මුණි.පාසල පටන් ගෙන පැය කීපයක්ම ගතවී ඇත.ක්‍රීඩා පිටිය අසලින් වැටුණු තාර පාර ඔස්සේ ගුනපාල පසුපස මා ගමන් කලෙමි.ශිෂ්‍ය බට කණ්ඩායම සිය පුහුණු විම් වල නිරත වී සිටී.ක්‍ර්‍රීඩාපිටිය දෙසින් පතිත වූ අව්‍ රශ්මිය නිසා මා අතින් මුහුන් ආවරණය කරමින් ගමන් කලෙමි.කොහේදෝ සිට දුව ආ කුඩාපිරිමි දරුවෙකු මාඇගේ වැදී බිම වැටුණි.මා විගස ඔහු ඔසවා තැබීමි.4 හො 5 වසරේ විය හැකි ඔහුගේ දන හිස සීරීතිබුණි.ඔහු ඉකි ගසමින් හඩයි.ඒ හඩට ශිෂ්‍ය බට පුහුණුවේ නිරත වෙමින් සිටි මාගේ වයසේ තරම් කිව හැකි දෙදෙනෙක් දිව ආවේය.

"කොහේද යකො උඩ බලාගෙනද පාරේ යන්නේ" එකෙක් මගෙන් විඅසුවේය.
"මේ මල්ලි තමා ග්‍රවුන්ඩ් ව්කේ ඉදලා දුවන් ආවේ එක පාරටම මම දැක්කේ නෑ".
"බලහන්කෝ මුගේ කතාව තෝ කොයි පන්තියේද ඉන්නේ"
අනෙක් එකාවිමසයි.
"මන් අද අලුතින් ආවේ" මා පිලිතුරු දුනි.
"ඕ ඕ ඒකත් එහෙමද මොන සෙක්ශන් එකටද"
"බයෝ එකට"
"අහ්හ් අපි පස්සෙ බලාගමුකෝ "
අනෙකා පැවසුවේ ගුරුවරයෙකු එන බවදැකීමෙනි.
"මේ අපේ හරිතගේ මල්ලිනේ බන් ඌ ග්‍රවුන්ඩ් එකේ හිටියා. පරිස්සමෙන් හිටපන් උබ"
මා වෙතට තර්ජනාත්මක බැල්මක් හෙලූ ඔවුන් දෙදෙන් කුඩා සිසුවාත් රැගෙන ක්‍ර්‍රිඩා ගාරය වෙත ගියේය.
"මදැයි ආපූ දවසේම පාත් වුන හෙන ගෙඩියක්"
මා සිතින් සිතමින් ගමන් කලෙමි.

උසස් පෙල පන්ති කාමර පිහිටා තිබුනේ පාසැලේ කෙලවරම වන්නටය.ජීව විද්‍යා අන්ශයේ පන්ති කාමර 4ක් තිබුණි.දිගු කොරිඩෝවක එක පසකට වන්නට එක පෙලට පන්තිකාමර පිහිටා තිබුණි.ගොඩනැගිල්ල තරමක් පැරණි එකක් විය.උදෑසන කාල පරිජ්ජේදය බැවින් කොරිඩෝවේ සිසුන් දක්නට නොලැබුණි.12F පන්තිකාමරය කෙලවරේම පිහිටා තිබුණි.මා තරමක චකිතයක් සිතේ ඇතිව ගමන් කලේ උදෑසනම මුහුණ පෑ සිදුවීම නිසාය.

ගුනපාල ඉදිරියෙන් ගමන් කරයි.මා ඔහු අනුකරණය කරමින් ගමන් කලෙමි.කොරිඩෝවේ එක් කනුවක එක් පසෙකින් මා හට දිස් වූයේ සුදු පැහැ ඇදුමක කොටසකි.වඩාත් ලන්වත්ම එය ගැහැණු ලමයකුගේ ගවුමක කොටසක් බව මා දුටුවෙමි .මා දැන් ඒ කනුව පසු කරමින් සිටිමි.මා හැරී බැලුවේ සිටින්නේ කවුරුන් දැයි දැන ගැනීමටය.කනුවට මුවා වී සිටියේ මා සම වයසේ යයි සිතිය හැකි ගැහැණු ලමයෙකි.මට පිටුපස හරවා සිටගෙන සිටි නිසා මුහුණ නොපෙනේ.දිගට ගොතන ලද කොන්ඩ කරල් දෙක පමණක් මට දිස් විය.
"දඩුවම කට එලියට දාලා වෙන්නැති "
මා සිතින් සිතුවෙමි.

මා පන්ති කාමරය වෙත ගෙන ගොස් ලලනා ම්ස් ට හදුන් වා දී ගුනපාල පිටත් විය.ගුරුතුමිය මා හට ඉද ගන්නට පැවසුවේය.මා හට ඉද ගන්නට ලැබුණේ පිටුපස හිස් පේලියකය.විශාල පන්ති කාමරයක් වූ එහි සිසුන් ප්‍රමාණයට වඩා ඩෙස් පුටු තිබුණි.
මද වේලාවකින් සිසුවියක් පන්තිකාමරය තුලට ඇතුලු විය.ඈ ගුරුතුමියටත් අචාර නොකොට පන්තිකාමරයට ඇතුලු වී මා සිටි පේලියට අනෙක් පස වූ ගැහැණු ලමුන්ගේ කොටසේ කෙලවර වූ හිස් ඩෙස් එකක් අසල හිද ගත්තාය.පුදුමයකි අනෙක් සියල්ලෝම කිසිත් නොවූ ලෙස පාඩමට සවන් දී සිටිති.ඇයට දඩුමක් දී ඇති සෙයකි.ගුරුතුමියට බියෙන් කිසිවකු ඇය දෙස නොබලනවා විය හැක.මා හටද ඇය දෙස බැලීමට බියක් ඇති විය.කෙසේ නමුත් ගුරුතුමිය ඉවත බලන අවස්තාවක් බලා මා ඈ දෙස හොරැහින් බැලීය.ඇය මා දෙස බලා සිටී.කලු පැහැති කාන්තිමත් නෙත් සගලක් හිමි ඇය පියකරු තරුණියකි.මා එක් වතාවක් බලා සිනාසී නැවත ගුරුතුමිය දෙස බැලුවෙමි.නමුත් ඒ ඇස් දෙක මා නැවතත් ඈ දෙස බැලීමට පෙලබවිය.ඇය අහින්සක බැල්මකින් මා දෙස බලා සිටී.මා ඈ දෙස බලමින් සිනා සුනෙමි.

"ගිහාන් කොහෙද ලමයෝ බලන් ඉන්නේ මම ආයි කියන්නේ නෑ මන් දෙපාරක් දැක්කා පන්තියෙන් එලියට යන්න ඕනද"
මා තිගැස්සී ගියේ මිස් ලලනා ගේ හඩටයි.මුලු පන්තියම මා දෙස බලා සිනාසුණි.
"මේ ලලනා ට පස්ස පැත්තෙත් ඇස් දෙකක් තීනවද කොහේද"
මා මටම කියා ගත්තෙමි.මේ වනවිට කාලච්ඡේදය අවසානයට ආසන්නව තිබුණි.පන්තියට ඇතුලු වූයේ සිසුන් තිදෙනෙකි.මිස් ලලනා ඔවුන් වෙත එල්ල කලේ කෝපාවිෂ්ඨ බැල්මකි.
"මම ඔය රසිකටයි නාමල් ටයි හරිතටයි කියලා තීනවා ඔය කෙහෙල්මල් කැඩෙට් එකට ගිහිල්ලා මගෙ පීරියඩ් එක අස්සේ කඩා පනින්න එපා කියලා ඉවර වෙනකන් ඉන්නවා එලියෙන්"
මිස් ලලනා කඩා පැන්නේය.
"මල කෙලියයි මේ වසවර්ති තුන් දෙනාත් මේ පන්තියේද"
මා සිතින් සිතුවේ උදේ ග්‍රවුන්ඩ් එක ලගදී පැටලුණේ මුන් දෙන්නා සමග බව සිහි වීමෙනි.දැන් ඉතින් මොනවා කරන්නද එන දේකට මූණ දෙනවා.

මිස් ලලනා පාඩම් ඇවසන් කොට නික්ම ගියාය.රසික නාමල් හා හරිත පන්තිය තුලට වී ඩෙස් එකක්මත නැගී තාලයට තට්ටු දමමින් ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තේය.අනෙක් සිසුන්ද ඊට සහාය පල කලහ.මා ඇය දෙස හැරී බැලුවෙමි.ඇය සින්දු නෑසුණා සේ මා දෙසම බලා සිටී.කෙනෙකු දුටු පමණින් ආකර්ෂණය වන පෙනුමක් මා හට තුබුණද මෙලෙස ගැහැණු ලමයෙකු මා දෙස බලා සිටි පලමු අවස්තව මෙයය.මා ඈ හා සිනා සුනේය.ඇය ඒ ලෙසම බලා සිටී.බජව්ව ජයටම නැගලා යයි.
"බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා"
මෙය ඇසී මා හට බකාස් ගා සිනාවක් පිට වූයේ මිස් ලලනා සිහි වීමෙනි සියලෝම ම දෙස බැලීය.
"ඕහෝ යමී යමී පයින් යමී මේ මහත්තයා මේකෙද එතකොට "
මා දෙසට පැමිණියේ උදෑසන හමුවූ සිසුන් දෙදෙනාගෙන් කෙනෙකි.
"හරිත මූ තමයි බොගේ මල්ලීව වට්ටලා ලොකු සීන් දුන්නේ."
ඩෙස්ක් එකක් මත සිටි සිසුවකු ඉන් බැස මා දෙසට පැමිණියේය.
"නගිටහන් බලන්න.අලුතින් නෙද උබ මොක්ක්ද නම" ඔහු පැවසුවේය.
"ගිහාන් අයේශ් සූරියබණ්ඩාර "
මා නොනැගිට පැවසුවේය.

"මොකො &%%# බොගෙ ලොකු සීන් ද අපි දන්නවා ඕවා අඩු කරන්න වරෙන් ඉස්කෝලේ අරුණාම පූල් එක පැත්තේ.හැබැයි තෝ නාවොත් මෙහෙ ඉදලා ඉවරයි"
ඔහු හරිත විය යුතු බව මා සිතුවෙමි.
"අඩෝ ඔන්න අයින්ස්ටයින් එනෝ ඕකට කෝමත් අපිව දැක්කම ලෝක ගෝලෙත් හතරැස් වෙනවා වාඩි වෙයල්ලා"
එකෙක් ජනේලෙන් එබී බලා කෑ ගැසීය.සියල්ලෝම හිද ගත්හ.පැමිණියේ බවුතික් විද්‍යා ගුරුවරයාය.මා විටින් විට ඇය දෙස බැලුවෙමි.ඇය බලාගත් අත බලා සිටී.ඊට ඉදිරියෙන් වූ පේලියේ සිසුවියක් මා ඒ දෙස බලා සිටිනු දැක අනෙකාගේ කනට යමක් කොදුරනු දුටුවෙමි.
විවේක කාලයේ මා ආපනශාලාවේ හිද ගෙන සිටුයෙමි.මා අසලින් හිද ගත්තේ පන්තියේ සිසුවෙකි.
හලෝ මචන් මම නිම්න හරිතලාගේ වැඩ ඔහොම තමා කොකටත් ඔයා යන්න නැත්නම් වැඩේ දුර දිග යනවා පොඩ්ඩක් වාතයක් වෙයි.ඒත් ගනන් ගන්න එපා මටත් අලුතින් ආපූ ටිකේ ඔහොම තමයි.

ඔහු පැවසුවේය.
මීලග කාලච්ජේද කීපය ගත වුනේ ඉක්මනින් යැයි සිතුණි.කෙසේ වෙතත් හවස මුහුණ දෙන්නට සිදුවන දෙය පිලිබදව සිතේ ගැටලුකාරී තත්වයක් තිබුණි.

පාසල අවසන් වීමේ සීනුව නාද විය.මා නැවතත් හැරි බලුවේ ගැහැණු ලමයා සිටීදැයි කියාය.නමුත් ඇය පෙනෙන්නට නොසිටියාය.මා සෙමින් සෙමින් පිය ගැට පෙල බසිමින් නාන තටාකය පිහිටි දෙසට ගමන් කලෙමි.පාසැල නිමවී තිබුණු බැවින් පාසල තුල පාලු ස්වභාවයක් තිබුණි.පැරණි ගොඩනැගිලි අතරින් මා ගමන් කලේ තටාකය දෙසටය.ගෝශාකාරී පාසැල තුල තිබුනේ දැඩි නිහැඩියාවකි.
මා පිහිනුම් තටාකය පිහිටි පෙදෙසට ඇතුලුවූයේ තරමක චකිතයකිනි.කුමක් සිදුවේදෝ කියා සිතා ගත නොහැකිය.පිහිනුම් තටාකය පාලුවට ගොස් ඇත.එහි වූයේද දැඩි නිහැඩියාවකි.කිසිවකු පෙනෙන්නට නොමැත.වැහි වලාකුළු වලින් බර වූ අහසින් පරිසරයේ වූයේ අදුරු ස්වභාවයකි.මා පිහිනුම් තටාකය අසල වූ බැම්ම මත හිද ගතිමි.නිල් පැහැති ජල කද සෙමින් සුලගට සෙලවෙමින් තිබුණි.ඉද හිට හමා ආ සුලග තරමක් සීතල සහිත විය.ඈත සිටි බල්ලෙකු කන පට ගසමින් ඒ මේ අත දිව ගියේ අස්වාභාවික ලෙසය.
"පිස්සු බල්ලෙක් වෙන්නති.කෝ මේ යක්කු මුන් බොරුවක් කරලා වගේ"
පිහිනුම් තටාකයට ඈතින් පිහිටියේ පැරණි ගොඩනැගිල්ල කි.මා ජල කද දෙස බලා සිටියෙමි.මාගේ කනට ඇසුනේ කිසිවකුගේ අඩි ශබ්දයකි.එය කෙමෙන් කෙමෙන් ලන්වී ඇසේ.මා හිස ඔසවා බැලීමි.මට යාර කීපයක් ඉදිරියෙන් ගමන් කලේ පෙර පන්ති කාමරය තුලදී මා දෙස බලා සිටි සිසුවියයි.
"මෙයා මොකද මෙහේ කරන්නේ,මෙයත් මේ ප්ලෑන් එකේ කොටසක්ද නැත්නම් මෙයාවත් අරුන් එන්න කියලද?"මා සිතින් සිතුව්ව්මි.
ඇය පිහිනුම් තටාකය පසු කර ඈතින් පෙනෙඅ ගොඩනැගිල්ල වෙතට ගමන් කරමින් සිටියාය.
"හලෝ ඔයා කොහේද මෙහේ" මා උස් හඩින් විමසීමි.
ඇය කිසිත් නොකියා ගමන් කරයි.මා හුන් තැනින් නැගිට ඈ පසු පස ගියේ කුමක් හෝ දැන ගැනීම සදහාය.
ඇය පඩිපෙළ බැස පහලට ගමන් කලාය.කැඩී බිදී ගිය පඩි පෙල වල් බිහිවී ඇත.
ඇය ගොඩනැගිල්ල වෙත ඇතුලු වූවාය.මාද ඈ පසු පස ගමන් කලෙමි.ගොඩනැගිල්ල අතහැර දැමූ එකකි.බිත්ති දුර්වරණ වී තිබුණි.වහල් දිරා ගොස් ඇත.කැඩුණු බිදුණු දිරාගිය ඩෙස් පුටු පසෙක ගොඩ ගසා තිබුණි.මෙය සිසුන් විසින් නම් අතහැර නොතිබූ බවට සාක්ශි ඔනා තරම් තිබුණි.ඇය ගොඩනැගිල්ල තුල පෙනෙන්නට නිසිටියාය.මා ඒ තුක ඒ මේ අත ඇවිද්දේ බිත්ති පුරා කුරුටු ගා තිබූ බලි කුරුටු නරබමිනි.ඒ අතර මිස් ලලනා වෙනුවෙන්ද කවි පෙලක් ලියවී තිබුණි.මා ඒ දෙස්ට ගමන් කරද්දී කිසිවකු මගේ පිටුපසින් අදිණු දැණුනි.මා ඇග සීතල වී ගියේය.මා හැරී බැලුවෙමි.මාගේ බෑගය බිතියට හේත්තු කොට තැබූ දිරාගිය අල්මාරියක ඇණය ක පැටලී තිබුණි.
මා එය නිදහස් කර ගැනීමට උත්සහ කලෙමි.නමුත් වෑයම අසාර්ථක විය.මා බෑගය කරෙන් ගලවා පසෙකට වී හැකි වෙර යොදා ඇද්දෙමි.

දඩාස් ගා අල්මාරිය කඩා වැටුනේ මා අනූ නවයෙන් බේරමිනි.බෑගය ගැලවී අතට ආවේය.අල්මාරිය කෑලි වලට ගැලවී වැටුනි.පුදුමයකි අල්මාරියක පිටිපස්සෙන් පිහිටියේ දොරකි.ඉන් කුඩා කාමරයකට විවෘත විය.මා තුක ඇති වූයේ කුතුහලයකි.මා ඒ දෙසට එබිකම් කලෙමි.අදුරු කාමරයේ මුල්ලක වාඩි වී සිටියේ සිසුවියයි.මා පුදුමයට පත් වීමි.
"ඔයා කොහොමද මෙතනට ආවේ"මම විමසීමි.
ඇය හිස ඔසවා බලා එක් මුල්ලක් වෙත ඇගිල්ල දිගු කලාය.මා ඒ වෙත ගමන් කලෙමි.ගෙබිම වූයේ දූවිලි තට්ටුවකි.මකුළු දැල් බැදී තිබූ එහි අදුරු මුල්ලක දිලිසෙන යමක් දුටුවෙමි.මා ඒ වෙත්ට පාත් වී එය අහුලා ගතිමි.කොල පැහැයෙන් මල බැදී ගිය පිත්ත්ල ලාන්චනයකි.මා එය අනෙක් පස හරවා බැලීමි.
"නිවර්තනා සූරියබණ්ඩාර "
"ප්‍රධාන ශිෂ්‍ය නායිකා"
එහි සටහන් වී තිබුණි.මා එය රැගෙන ඈ දෙස බැලීමි.ඇය එහි නොසිටියාය.මා කුඩා කාමරයෙන් පිටතට පැමිණියෙමි.ඇය එහිද නොමැත.මා පිය ගැට පෙල නැග තටාකය දෙසට ගමන් කලෙමි.තටාකයේ ජල කද මත පාවෙන යමක් ඈත තියා දුටුවෙමි.මා ඒ වෙත ගමන් කලෙමි.ජල කද මත උඩු බැලි අතට පාවෙමින් තිබුණේ මා දුටු සිසුවියගේ ඉදිමී ගිය සිරුරයි.පාසල් නිල ඇදුමින් සැරසී සිටි ඇගේ නිසල සිරුර පා වෙමින් තිබුණි.විවෘත වී තිබූ දෑස් මා දෙසට හැරි තිබුණි.මා හට කර කියා ගත හැකි යමක් සිහි නොවුණි.මා හැකි වේගයෙන් කාර්‍යාලය වෙත දිව්වෙමි.මේ වන විට විදුහල්පති තුමිය පිටත් වීමට සූදානමින් සිටියාය.මා ඇයට සිද්ධිය සැල කර සිටියෙමි.
"පුතා මෙහෙන් ඉදගන්න" ඇය අසුනක් පෙන්වීය.

"සන්සුන් වෙලා මේක අහගන්න.පුතා ඔය දැකලා තීන්නේ නිවර්තනා සූරියබණ්ඩාර අපේ හිටපු ප්‍රධාන් ශිෂ්‍ය නායිකාව.එයා නැති වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා හරියටම අදට.එයා ඔය පූල් එකේ මැරිලා පාවෙවී තීද්දී තමා හම්බුනේ."ඇය පැවසුවාය.
"ගිලිලා මැරිලාද?" මේ වෙව්ලන ස්වරයෙන් විමසීමි.
"නෑ එහෙම වෙන්න බෑ එයා පිහිනුම් ශූරියක්.මරණ පරීක්ෂණ යේදී ඔප්පු වුනේ එයාව දූෂණය කර මරා දමලා කිය්ලා තම"
"අනේ පව් කව්ද ඒක කලේ"
"අපිට සාක්ශි හොයා ගන්න බැරි වුනා.ඒත් පූල් එක බාරව හිටිය විජේදාස තම සැකපිට ඇරෙස්ට් කලේ ඒත් සක්ශි නැති නිසා රෙලීස් වුනා"
මා සාක්කුවටඇත දා අහුලා ගත් පිත්ත්ල ලාන්චනය විදුහල්පතිනී ය අත තැබීය.
එය දුටු ඇගේ දෑස් විශාල විය.
"ඔයාට කොහෙන්ද මේක"
මා එය ලැබුණු ආකාරය විස්තර කලෙමි.

ඒ අනුව පොලීසිය මැදිහත් වීමෙන් ස්තානය පරීක්ශා කරන ලැබූ අතර එහි තිබී සිම් කාඩ් පතක් සොයා ගන්නා ලදී.වැඩි දුර විමර්ශන වලදී එය විජේදාසට අයත් බවත් තහවුරු කර ගන්නා ලදී.ඒ අනුව නිවර්තනා සූරියබණ්ඩාර දූෂණය කර මරා දැමීමේ චෝදනාවට විජේදාසට මරණීය දණ්ඩ නය හිමි විය.
නිවර්තනා සූරියබණ්ඩාර ,ගිහාන් අයේශ් සූරියබණ්ඩාර වන මාගේ කවුරුන් ද ඇය මේ සදහා මාවම තෝරා ගත්තේ කිමද මෙය අදටත් නොවිසදුණු ගැටලුවකි...

නිමි......


Source: Link