මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

03 June 2017

---කාන්තාරේ හොල්මන---




මේ කතාව අපේ මාමාට උනු සිදුවීමක්...

මාමා වැඩ කරන්නෙ ඩුබායි වල.. ජොබ් එක විදියට කලෙ කාර් එකක් එලවපු එක..
දවසක් රෑ 12 විතර එයාට ගමනක් යන්න වෙලා.යන්න තියෙන්නෙ පාලු කාන්තාරයක් මැදින්.වෙනදටත් යන හින්ද එයට එක වැඩි ගානක් නැ.කාන්තාරෙ පෙන තෙක් මානෙක ගොඩ නැගිල්ලක් නැලු. රෑට වැඩිය යන්නෙත් නැලු කව්රුත්.. කාන්තරෙ මැද්දෙ වැටිල තියෙන පාර හයිවෙ ලයින් එකක් හින්ද ලැල්ලට පාගල යන්න තියෙන්නෙ.. හයියෙන් යන හින්ද බයක් දැනෙන්නෙත් නැලු.කොහොමහරි කාන්තාරෙ මැදෙන් යානකොට පරෙ ගොඩක් ඇතින් කෙනෙක් පාර මැද්දෙ කෙනෙක් ඉන්නවලු.. කාර් එකෙ වෙගය ටිකක් අඩු කරල එ මනුස්සයා ගව නැවත්තුවලු..පස්සෙ අරාබි බාසාවෙන් එයාව ටව්න් එකට දාන්න කියලා.

පාලු කාන්තාරෙ වටෙටම කලුවර පිරිලලු තිබුනෙ එ වෙලෙ කාර් එකෙ එලිය විතරයි... මග අතරම් කරල යන්න බැරි හින්ද එ මනුස්සයව වාහනෙට නග්ගගෙන.එයා ඇදන් ඉදල තියෙන්නෙ අරබි අය අදින ඇදුමක්.ටික දුරක් යනකොට එ මනුස්සයා එයගෙ කකුල් දෙක ඩැශ් බොඩ් එක උඩින් තියල.එයගෙ ඇදුම කකුල් දෙක ගවටම ඩිග හින්ද කකුල පෙන් නෙලු.ටිකක් දුර යනකොට එය ඔටුවෙක් වගෙ කැ ගහන්න ගත්තලු..දැං මාමට කර ගන්න දෙයක් නැලු.

කොහොම හරි එ මනුස්සයගෙ ඇදුම ටිකක් උඩ ගිහින් එයාගෙ කකුල් දෙක මාමා දැකලා.. මාමාට පුදුම හිතිලා ඔටුවෙකුගෙ කකුල් දෙකක්ලු තිබුනෙ.. එක පාරට එයා මාමා දිහා බලලා.මාමා හොදටම බය වෙල වහනෙ නවත්වල එලියට පැනල.. බය වැඩි කමටම ඉතිපිසො ගාතාව කියල.බුදු ගුන අනන්තයි කියල සිහි කරල... මාමාට ගමන යන්නත් පරක්කුයිලු.. හොරෙන් හොරෙන් හෙමිට කාර් එකර එබිල බැලුවලු.. එ කෙනා හිටියෙ නැලු.. ඉක්මනට වහනෙ නැග්ග මාමා පස්ස බලල තියෙන්නෙ කොම්පැනියට ගිහින්.

ඒ කෙනා හොල්මන්ක් කියන්න සාක්ශි තියෙනව.. එ කෙනා නැග්ග තැන එ හරියෙවත් මිනිස් වාසයක් නැලු.. වාහනයක් කැඩිල උදව් ඉල්ලන් අවත් වාහනෙ තියෙන්න ඔනි.එහෙම වාහනයක් තිබිලත් නැලු.

Source: Link


---දිෂ්ටිය---


මේක මට වෙච්ච ඇත්තම අත්දැකීමක්.. මේක දැම්මට පස්සේ කට්ටිය කියයි මේවා මුගේ පච කියලා...මොනවා කරන්නද ඒකට, ඔන්න කතාව ලියන්නයි යන්නේ පිලිගන්න අය පිලිගනිත්වා....
මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති...... ගිහාන්ගේ මාමා කෙනෙක් හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන් ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා..... මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා කියන්නද, මොකද මම දන්න දෙයක්ද???? මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා " මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක් තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින් හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න ගත්තා..... මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ , මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම තමයි......දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක් හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,
ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි.... ඔයවගේ පරිසරයක තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා, ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ? මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...
"..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"
ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත් මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික් මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා....දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි, දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක් ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත් විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික් මිත්‍රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා, මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක් කියලා.......
මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක් නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......" ,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත බලන් ඉන්නවා......
මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක් දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ටානයක් ඇති කට ගත්තා...මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන් කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින් අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...
".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."
මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා, ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ, ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ මොකෙක්වත් නැහැ කියල sure...... දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත් තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල් බැදලා ඉවරයි...... දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා....... ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම කෙටියෙන් ලිව්වේ.....
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම් මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ...... !!!!!!

Source: Link 


---මරණින් මතු පුතුගේ ගෙදරට ආ ලෙකී මහත්මිය---


"තාත්තේ , අම්මේ මවා බේරා ගන්න ආච්ච් අම්මා මගේ බෙල්ල මිරිකනවා."

කුඩා දැරියගේ මරලතොනිය නිවස පුරා පැතිරිණ. ඒ සමගම ඈ උගුර යටින් ගොර ගොර හඩක් නිකුත් කළාය. දැරියගේ මවත් පියාත් කාමරයට දිව ගියහ. ඹවුන් දුටුවේ ගෙලෙහි ඇගිලි පහරවල්ද සහිතව මිය ගොස් සිටින තම සිගිති දියණියයි. ඇගේ ගෙල මිරිකා දමා තිබිණි.
මේ ගමක් බිය ගැන්වු "ලෙකී" මහත්මියගේ අවතාරය විසින් සිදු කරන ලද බිහිසුණුම ක්රියාවයි.
දහඅටවැනි ශත වර්ෂයේදී බ්රිතාන්යයේ සොමර් සෙටි ග්රාමයේ ජිවත් වු "ලෙකී" මහත්මිය ඉතාමත් කරුණාවන්ත මහළු කතක් වුවාය. තම එකම පුත්රයාත් ලේලියත් කුඩා මිණිපිරියත් සමගය ඈ වාසය කළේය. ඈ ගේ කරුණාවන්ත ගතිගුණ නිසා අසල්වැසියෝ ද ඇයට බෙහෙවින් ඇලුමි කළෝය. දිනක් ලෙකී මහත්මිය සමග කතා කරමින් සිටි අසල්වැසි කාන්තාවක් මෙසේ කීවාය.
"ඹබ වගේ කරුණාවන්ත ගැහැණියකගේ අගය කවද හරි අපට හරියටම තේරෙන්නේ ඹබ නැති දවසකටයි."
මෙයට "ලෙකී" මහත්මිය දුන්නේ පුදුම එලවන සුළු පිළිතුරකි.
"ජිවත්ව ඉන්න මාව ඹබට ප්රිය වුනාට මා මිය ගියාට පසු මාව දකින එක හෝ කතා කරන එක ඹබට ප්රියජනක වන්නේ නහැ."
"අසල්වැසි කාන්තාව උපහාසාත්මකව සිනාසුණාය. ඹබ මිය ගියාට පසුව අපි කොහොමද ඹබව දකින්නේ? කතා කරන්නේ?"
"හොදයි බලමුකෝ ලෙකී මහත්මිය කීවාය."
"ලෙකී" මහත්මියගේ මරණයෙන් පසු අවමගුල් කටයුතු සිදු කරන ලදි. ගමි වැසියෝ ඇය වෙනුවෙන් අවංකව වැළපුණාහ. "අපි අයෙ කවද මේ තරමි කරුණාවන්ත ඇය දකින්නද?" කදුළු සලමින් ඹවුහු පැවසුහ.
එහෙත් ඉක්මනින්ම ඹවුහු ඇයව දුටුවෝය.
*********

දිනක් ගමේ දොස්තර මහතා හිරු රැසින් නැහැවෙන සුන්දර උදෑසනක කුඹුරු යායක් මැදින් ගමන් කරමින් සිටියේය.මගදී හමු වු මහළු කාන්තාවකට සුබ උදැසනක් පැතු ඹහු අගලකින් පැන ගැනිමටත් ඇයට උපකාර කළේය. හදිස්සියේම දොස්තරට විශාල අමුත්තක් දැනිණ.මහලු කතගේ මුහුණ පරීක්ෂාකාරීව බැලු ඹහුට ඇය කතා කරන විට ඇගේ දෙතොල නොසෙල්වන බවත් ඇය හිස පසකට හැර වු විටත් ඇගේ දෙනෙත් තමාගේ දෙසට ඹරවාගෙන සිටින බවත් පෙණින. මෙයින් මදක් තැති ගත් දොස්තර මහතා වහා ඇය මගහැර ඉදිරියට වේගයේන් ඇවිද ගියේය. එහෙත් ඊළග මොහොතේ තමා ඉදිරියේ දිස් වු දර්ශනයේන් ඹහු පුදුමයට පත්විය.
ඉදිරියෙහි වු කඩුල්ලක් මත මහළු කාන්තාව වාඩි වී සිටියාය. තමා පසු නොකොට කිසිවෙකුට ඒ කඩුල්ල අසලට යා නොහැකි බැවින් දොස්තර මැදිවුයේ විසදාගත නොහැකි ගැටලුවකටය.
දොස්තර මහතා කඩුල්ල අසලට පැමිණී විටත් මහළු ගැහැණිය කඩුල්ල මතින් ඉවත් නොවී ඹහුගේ පාර හරස් කරමින් සිටියාය.
"කරුණාකරල මට එහා පැත්තට යන්න ඉඩ දෙන්න" දොස්තර පැවසුවේය.
"මම කැමති නෑ ඹබ එහා පැත්තට යනවට"
"ඒක මහ පුදුම කතාවක්නේ. කරුණාකරල මට යන්න ඉඩ දෙන්න"
හඩ නගා සිනාසුණු ඇය ඉවත් නොවීම සිටියාය.
"ඹබට කඩුල්ලෙන් පනින්න මම උදවි කරන්නද?" දොස්තර ඇසුවේය.
"මම දැනටමත් ඉන්නේ එහා පැත්තේ තමයි"
මහළු කත සමග වාග් සංග්රාමයෙන් විඩාවට පත් වු දෙස්තර මහතා ඇය පසෙකට තල්ලු කර දමමින් කඩුල්ලෙන් එහා පැත්තට පැන්නේය. ඒ සමග මහළු ගැහැණිය ශක්තිමත් පා පරක් එල්ල කර බැණ වැදුණාය.
"මහළු කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගනින්"
මේ අතරේමිය ගිය ලෙකී මහත්මිය නැවත ගම වටා සැරි සරන බවට කට කතාවක් පැතිරිණි. ගමිමානයට නුදුරින් වු තොටුපල අසල සිටගෙන සිටින ඇය ඈත පෙනෙන බෝටිටු වල සිටින අයට කතා කරන්නීය. ඇයට එගොඩ වීමට බෝටිටුවක් ගෙන එන ලෙසකියමින් පරුෂ වචනයෙන් බෝටිටු කරුවන්ට බැණ වදින්නීය. මුළින් දිනවල ඇය හදුනා නොගත් බෝටිටු කරුවන් ඇය අසලට ගිය පසු ඹවුන්ට ශාප කරමින් බෝටිටුව නැවත රැගෙන යන ලෙසට ඇය තර්ජනය කරයි.
පසු කාලයේ බෝටිටු කරුවෝ ඇගේ කෑ ගැසීම ගණන් නොගත්හ. එවිට ඇය වඩාත් කෝපයෙන් වියරු වැටි ඹවුන්ට ශාප කරමින් බැණ වදින්නීය.

ජීවත්ව සිටි කාලයේ ලෙකී මහත්මිය සිය එකම පුත්රයාට දැඩි සෙනෙහසක් දැක්වුවාය. නමුත් මියගිය පසු ඇය ක්රියා කළේ ඹහු තම පරම සතුරෙකු ලෙස සලකාය.
තරුණ ලෙකී ව්යාපාරිකයෙකි. අයර්ලන්තය සමග වෙළද සමිබන්ධකමි පැවති බැවින් ඹහු තම භාණ්ඩ එංගලන්තයේ සිට අයර්ලන්තය කරා පිටත් කළේ නැවි මගිනි. පුත්රයාගේ පළිගැනිමට මාන බලමින් සිටි ලෙකී මහත්මියගේ අවතාරයේ මුල්ම පියවර වුයේ මෙම නැවි මුහුදු බත් කරවීමයි.
වරාය කරා ළං වන ලෙකී ගේ නැවි දකින මහළු ගැහැනිය වරායේ සිට කටින් සිවුරුහන් කරයි. එවිට එක්වරම නිශ්චල පරිසරය කැළඹෙයි. දැඩි සුළගක් හමා වෙළද භාණ්ඩ රැගත් නැව මුහුදු බත් වෙයි. මෙලෙස නැවි ගණනාවක් විනාශ වීම නිසා තරුණ ලෙකී ගේ වෙළදාම ද පිරිහුනේය.
ලෙකී ගේ භාණ්ඩ රැගෙන යන නැවි වලට අත්වන අභාග්ය සමිපන්න ඉරණම දන්නා නැවි හිමියෝද ඹහුට නැවි කුලියට නුදුන්ණෝය. අළුතෙන් වෙළද භාණ්ඩ මිලට ගැනීමට ඹහු අත මුදල් හිග විය.
පුතාගේ වෙළදාමේ පරිහානියෙන් නොනැවතුණු මහළු කාන්කාව ඹහුගේ නිවසද ආක්රමණය කළාය. පුත්රයා හැරුණු විට නිවසේ අනෙක් සියල්ලන් හමුවේ විටින් විට ඇය දෘශ්යමාන වුවාය. මේ නිසා ලෙකී නිවසේ සියල්ලන්ම කල් ගත කලේ සංත්රාසයෙනි.
ඇතැමි රැයක නින්දට යාමට සුදානමි වන තරුණ ලෙකී යුවලගේ කාමරයේ මහළු කත දිස්වෙයි. නමුත් ඇව පෙනෙන්නේ බිරිදට පමණකි.
"අන්න ඹයාගේ මව අපිත් සමග කාමරයේ ඉන්නවා" කියමින්ඇය බියපත්ව කෑ ගසන්නීය. ගෙතුළ දිස්වෙන අවතාර දර්ශන නිසා ලෙකී පවුල කාලය ගතකළේ මහත් අසහනයෙනි.
මෙම සිදුවිමි සියල්ලෙහි උචිච අවස්ථාව වුයේ මුලින් සදහන් කළ කුඩා දැරියගේ මරණයයි. දියණියගේ අවමගුලෙන් පසු ලෙකී යුවල කල්ගත කළේ උමතු වුවන් ලෙසිනි. මිය යාමට පෙර මහළු ලෙකී මහත්මිය කියු පරිදිම ඇය කාගෙත් අප්රසාදයට පත්වෙමින් හුන්නාය.
දැරියගේ මරණයෙන් පසු දිනක් ඇගේ මව කැඩපත ඉදිරියට වී දුක්දුසු මුහුණෙන් යුතුව තම හිස පීරමින් හුන්නාය.

එක්වරම ඇගේ උරහිසට උඩින් කැඩපතෙහි දිස් වුයේ මියගිය ලෙකී මහත්මියගේ රුවයි.
"ඇයි අමිමා අපට මෙහෙම දුක් කරදර දෙන්නේ" නිරායාසයෙන්ම තරුණ කාන්තාවට කියවිණ.
"අපි මීට පස්සෙ සාමයෙන් ඉමු. මම ඹබලාට කරදර කරන්නේ නෑ" බෙහෙවින් පසුතැවිලි වන හඩකින් අවතාරය පිළිතුරු දුන්නාය.
මොනවද අමිමට අපෙන් ඹිනැ කරන්නේ නැවතත් තරුණ කාන්තාව ඇසුවාය. අවතාරයෙන් පිළිතුරක් නොලැබුණි. එය නොපෙනී ගියේය. ඉන්පසු මහළු කාන්තාව තම පුතාට හා ලේලියට කරදර නොකළාය. නමුත් ඉතාමත් දිලින්දන් ලෙස තම එකම දරුවාද අහිමි වු තරුණ යුවළ මිය යන තෙක්ම ජීවත් වුයේ දුක් සුසුමි මැදය.
ඹවුන්ගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුත් "ලෙකී" මහත්මිය ගම පුරා හොල්මන් කළාය. ඇතින් එන නැවි විනාශ කළාය. ගම පුරා සැරි සරන මහළු ආත්මය පිළිබද පැහැදිලිවම නිර්වචනය ඉදිරිපත් කළේ ගමේ දේවස්ථානයේ තරුණ පුජකයාය.

"ලෙකී" මහත්මිය තුළ සැගවුනු කුරිරු ගති තිබුණා. නමුත් ඇය ඒවා සගවාගෙන ඉතාම කාරුණික තැනැත්තියක් ලෙස ජීවත් වුණා. ඇය දැඩි ආගමානුකුල ජීවිතයක් ගත කිරීමටත් මීට එක් හේතුවක්. ඇගේ යහපත් ගතිගුණ නිසා මිනිස්සු ඇයට ප්රශංසා කළා.තමාගේ පියවි ස්වරූපයයෙන් ජීවත් විමට නොහැකි වු ඇය වෙස් මුහුණක් පැළදගෙනයි මිනිස් ලෝකයේ හිටියේ. මරණයෙන් පසු ඇගේ ආත්මය රිසි පරිදි ජීවත් වෙන්න නිදහස ලබා ගත්තා.

Source: Link


---බිරින්දෑගේ ආත්මය මධුසමයට එයි---






සීතල මීදුම අතරින් පතිත වන ආලෝක කිරණ නිලීකාගේ ඇ`ද මතට පතිතවන්නට විය. තවත් අලූත් දවසක් උදා වී ඇත. නිලීකාට නම් එය ඇත්තෙන්ම අලූත් දිනයකි. ඒ, ඇය පිරිමියකු සම`ග එකම යහනක සැතපුණු දෙවැනි දිනයයි. පළමු දිනය වූයේ පෙර දා රාත‍්‍රියයි. විවාහ චාරිත‍්‍ර නිම කර මධුසමය ගත කරන්නට කොළඹ සිට නුවර හෝටලයකට පැමිණෙනවිටත් රාත‍්‍රිය එළඹී තිබුණි. අධික වෙහෙස හේතුවෙන් ඔවුනට ආදරයෙන් කතා කරමින් ඔවුනොවුන් හ`දුනාගැනීමට තරම්වත් කාලයක් පියවි ලෝකයේ සිටින්නට නොහැකි වූයේ අධික වෙහෙසක් සම`ග ඔවුන් නින්දට වැටිණි.

අශෝක - නිලීකා විවාහය සිදුවන්නේ මවුපිය යෝජනාවක් මතය.හිරු එළිය ඇ`දට පතිත වුවත්, ඇ`ගට දැනෙන්නා වූ තරමක අපහසුව හේතුවෙන් ඇය ඇෙ`දන් නැ`ගිටින්නට සිතුවේ නැත. නාන කාමරය දෙසින් ඇසෙන ශබ්ද හේතුවෙන් අශෝක කලින් නැ`ගිට ඇති බව ඇයට සිතුණි. ඇයගේ පපුව හා කලවා ප‍්‍රදේශයෙන් සියුම් වේදනාවක් දැනෙන බව ඇයට හැ`ගුණි. ඇය ඇ`ද සිටි රාත‍්‍රී ඇ`දුම අතරින් ඇ`ග දෙස බැලූවාය. ඇය තිගැස්සි ගියා ය. ඇගේ පියයුරු දෙක පුරා සීරුම් පහරවල්ය. නියපොතු වැවූ ඇ`ගිලි පහරකින් සූරන්නා සේ ඇයගේ පියයුරු සූරා ඇත. ඒ සැණින් ඇය ඇයගේ කලවා පෙදෙස ද බැලූවා ය. කලවාවල ඇතුළු පැත්තද එලෙසම සූරා දමා ඇත. පෙර දිනයේ නින්දට යනවිට නොතිබුණු සීරුම් කැලල් ඇති වූයේ කෙලෙස ද? ඇයගේ මනස අවුල් වන්නට විය.

ඇයට ඉබේට ම කෑ ගැසුණි.”අශෝක....”මෙය සිදුවූයේ කෙලෙස ද? මධුසමය සම්පූර්ණයෙන්ම අවුල්ව යන්නට ඒ සිදුවීම හො`දින්ම ප‍්‍රමාණවත් විය. නිලීකාම මෙය කරගන්නට ඇතැයි අශෝකගේ ඥාතීන් අතර කුසුකුසුවක් පැතිර ගියේය. ඇය මානසික රෝගයකින් පෙළෙන්නියක හෝ නොඑසේ නම් විවාහය කඩාදමන්නට ර`ගපෑමක් කරන එකියක ලෙස ද කතා පැතිරෙන්නට විය. නිලීකා අශෝකට චෝදනා එල්ල නොකළා ය. ඇයට කිසිවක් සිතාගත නොහැකි විය. පෙර දින රාත‍්‍රී වනතුරු එකිනෙකා ගැන කතාබහ කරමින් සිටි ආශෝක ඇය පිටට වරද පැටවූයේ ද නැත.දින තුනක මධුසමය නිම වී ඔවුහු නිවසට පැමිණියහ. එදින සිදු වූ සිදුවීම හේතුවෙන් දෙදෙනා අතර ඉන්පසු ශාරීරික සබ`දතාවක් ඇති වූයේ ද නැත. නිලීකාට ද පෙර මෙන් අත්දැකීමකට මුහුණදීමට ද සිදුවූයේ නැත. දින කිහිපයක් ගෙවී ගියේය. එදින ද සුපුරුදු ලෙස නිලීකා අවදිවිය. ඇයගේ ශරීරයෙන් ඇති වූ වේදනාවත් සම`ග ම අගේ සිත සලිත වන්නට විය. එදින ද ඇයගේ ශරීරයේ සීරුම් පාරවල් රැුසක් දැකගත හැකි විය. සමහර තැන්වල සීරුම් පහරවල් ලේ කැටි ගැසී ඇත. ඇගේ පැහැපත් ඡුවි වර්ණය නිසා ඒ සීරුම් පහරවල් තදින් මතු වී පෙනෙයි. අශෝකගෙත්, නිලීකාගෙත් මනස අවුල් වූයේ යළිත් ඒ පෙර දිනයේ රාත‍්‍රිය මධුසමයෙන් පසු ඔවුන් දෙදෙනා එකට ගත කළ දිනයේම මේ සිදුවීම වූ නිසාය.පවුලේ වැඩිමහල් පුද්ගලයන් මෙය කළු කුමාර දොෂයක් විය හැකි යැයි අනුමාන කළේය. කළු කුමාර දෝෂය ලෙස හ`දුන්වන්නේ වැඩිවියට පත්වන ගැහැනු දරුවකු ඒ අවස්ථාවේ තනිවීම හරහා ශරීරයට බැල්ම හෙළනා මළයක් ආත්මයක් ලෙස ගැමියෝ විශ්වාස කරති.

එසේ බැල්ම හෙළුෑ තරුණියන් සම`ග ඔහු සහවාසයේ යෙදෙයි. එවැනි තරුණියක් වෙනත් තරුණයකු සම`ග ලිංගික සබ`දතා පැවැත්වීමෙන් කළු කුමාර යක්ෂයා කෝපයට පත් වන අතර, එම තරුණියට ද`ඩුවම් දීමත් රෝගීභාවයට පත් කිරීමත් සිදුකරනු ලබයි. වැඩිහිටියෝ සිතුවේ මෙය එවන් තත්ත්වයක් ලෙසිනි.අශෝක පදිංචිව සිටි ගමේ සිටි යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ දන්නා හෙළ වෙද මහතකු වෙත නිලීකාව රැුගෙන යන්නේ ඒ අනුවය. වෙද මහතා ඇයට දෙහි කැපීම් ඇරඹුවේ ය. එකින් එක කපන දෙහි ජලයට දමා ඒ දෙස මදක් බලා සිටියේය. වෙද මහතාගේ මුහුණේ කුතුහලයක් ඇතැයි සියල්ලටම වැටහුණි. හතරවැනි දෙහි ගෙඩිය අතට ගත් වෙද මහතා එය නොකපා පසෙකින් තැබුවේ ය. දෙහි කපන ගිරයෙන් දෙහි කපා දැමූ වතුර බ`දුන වටයට කැලතුවේය. දෙහි බෑ පිහිටන අයුරු දෙස බලා සිටි ඔහු මහත්තයෝ මේක කළු කුමාර දෝෂයක් නෙමෙයි. මළගිය දෝෂයක්. මේක මොකක්ද කියලා බලාගන්න එක හො`දයි.”කොහොමද වෙද මහත්තයෝ ඒක කරන්නේ.””අපිට මේ දැරිවිට කරදර කරන කෙනාව කතා කරවන්න වෙනවා. මහත්තෙයලා කැමැති නම් ඒක කරන්නම්.””කමක් නෑ””මහත්තයා මේ දැරිවි ළ`ගින් වාඩි වෙන්න””වෙද මහතා දෙහි ගෙඩියක් අතට ගෙන මතුරන්නට විය. ඉන්පසු එම දෙහි ගෙඩිය තම සරමේ ඉණ ප‍්‍රදේශයේ ගසාගත්තේ ආරක්ෂාව ස`දහා ය. ඉන්පසු තවත් දෙහි ගෙඩියක් ගිරය තුළ සිර කරගෙන නිලීකාගේ හිස මත තබාගෙන මතුරන්නට විය. විනාඩි කිහිපයක් මැතිරීම කරගෙන යද්දී ටිකින් ටික ඇයගේ ශරීරය අඹරවන්නට විය. අතපය බෙල්ල සහ ඇ`ග ප‍්‍රදේශය ඉතා අපහසුවෙන් ඇඹරුවාය. ඉන්පසු හෙමින් හෙමින් වාඩි වී සිටි පැදුරට බර වුණාය. වෙද මහතා දෙහි ගෙඩිය කපා දැමුවේ ය.””ඔහොම පොඞ්ඩක් හිටපුදෙන්””විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටි වෙද මහතා නයි හිසක් සහිත බස්තමක් අතට ගෙන එය ඇයගේ හිස මත තැබුවේය. ඇය ඊයක වේගයෙන් කෙළින් වූවාය. වෙද මහතා කතාකරන්නට විය.””තමුන් ආව ද? ආපුඑක හො`දයි තමුන්ට පේනවනේ මම කවුද කියලා. ඔළුවේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. මට අවශ්‍ය ප‍්‍රශ්න ටිකට උත්තර දුන්නොත් හො`දයි. නැත්තම් පාර වදියි.””අනේ දෙයි හාමුදුරුවනේ මම කියන්නම්””තෝ කවුද””මම තිසා””මොන තිසා””හෝමාගම””ඇයි මේ දැරිවිට වද දෙන්නේ””මගේ මිනිහත් එක්ක මේකි බුදියනවා. ඒකයි මට තරහා. ඌත් ඒ ගෑනිගේ ලස්සනට වශීවෙලා.””අශොකගේ ඔළුව විකාර වන්නට විය. තමන් දන්නා කසාදයක් ඔහුට නැත. පවුලේ සියල්ලෝ ඔහු දෙස බලන්නට විය.””මොකක්ද මේ හතර බීරි කතාව””මේ මගේ කලින් ආත්මේ මිනිහා අපි එකට හිටියේ, මම අලියා ගහලා මැරුණා. මම එදා ඉ`දන් මෙයාගේ පස්සෙන් ඉන්නවා. එයා අයිති මට විතරයි.”සියල්ලන්ට ම කාරණය පැහැදිලි විය. වෙද මහතා ඉතුරු දෙහිටික කපා දමා ඇයට ආරක්ෂා නූලක් දැම්මේය.”මහත්තයෝ මම ඔය කරදරය මාස තුනකට අයින් කළා. එතැනින් එහාට මට වග කියන්න බෑ. හො`ද තැනකින් ඔය මළගිය දෝෂය අයින් කරලා දා ගන්න” යැයි පැවැසුවේය...

Source: Link

---දොරන ගහ---



මේ සිදුවිම වෙලා තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්. මම1990වේ..
අපේ සීයා තමයි සීදුවීමට මුහුනදීලා
තියෙන්නේ..සීයා කියන්නේ අපේ අම්මගේ තාත්‍තා..අපේ අම්මා තාමා මට
මේ කතාව කිව්වේ...
ඉස්සර පන්සල්වල බිත්තී වල සුවද එන්න ගාන තෙල් වර්ගයක් තියෙනවලූ
"දොරණ තෙල් "කියලා.ඒ ගන්නේ දොරන කිය්ලා විශාල ගස්වලින්. ගහ මුලට ගින්දර දාලා තමයි ගන්නේ..
ඉතින් අපේ සීයට පන්සලේ හාමුදුරුවෝ කීවාලු ඒ තෙල්ටිකක් ගෙනත් දෙන්නකියලා... අපේ සීයා කෙනෙක් සීයා ඉතින් වැඩේ බාරගෙන.
ඉතින් සීයලෑ ගෙට උඩට වෙන්න ගන කෑලෑව ු. ඒ කන්ද මුදුනේ තමයි පැත්තේ තියෙන
ලොකුම "දොරන ගහ" තියෙනවා කියන්නේ .ඉතින් සීයා අවශ හැමදෙයක්ම අරන් හවස 4. 00 විතර
ගෙදරින් පිටත් වේලා..ඉතින් සීයා එතනට ගිහින් ගහ මුල ගින්දර දාලා ආයෙත් එන්ට ඇවිල්ලා...
ඔහොම ටික දුරක් එනකොට . සීයාගේ පිටි පස්සෙන් කෙනෙක් එනවා වෆේ දැනිලා.. ඒ ත් සීයා ගානකට අරන් නේ..
පස්සේ ආයෙත් පොඩ්ඩ දුරක් එනකොට "තෝ කොහෙද බොල යන්නේ " අමුතු විදිහට කියනවා සීයට හොදටම ඇහිලා...ඉතින් කොහොමින්
කොහොමහරි සීයා ගෙදර ඇවිල්ලා ..
සියා රෑ හොදටම උන අරගෙන එක එක
විකාර කියවන්න පටන් අරගෙන. පස්සේ පන්සලේ හාමුදුරුවන් ගෙනල්ලා
පිරිත් නුලක් බැදලා සියට. ඉතින් සීයා හොද උනාම ඔක්කොම විස්තරට හාමුදුරුවන්ට කියාලා.
පස්සේ හාමුදුරුවෝ ගිහින් කිහිප දෙනෙක් එක්ක දොරන ගහලගට.
හාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ ගහේ
දෙවි කෙනෙක් අරක් ගෙන කියලා..ඒ නිසාලු සීයට එහෙම වෙලා තියෙන්නේ..

Source: Link


---නැන්දා---




මේ සිදුවීම මීට අවුරුදු 36 කට කලින් වෙච්ච සිදුවීමක්... කියන්න ඕන ඒ වෙද්දි මම ඉපදිලානම් නෑ... ඒත් මේ කතාව අපේ අම්මා මට කියපු කතාවක්. 

 ඒ වෙද්දි මීට අවුරුදු 36 කට කලින් අපේ අම්මට මුල්ම දරුවා ඒ කියන්නෙ අපේ ලොකු අක්කා ලැබිලා මාස දෙකයි. අපේ අම්මා ඉදලා තියෙන්නේ අම්මගේ මහ ගෙදර තමයි. ඒ කිට්ටුව තව නැන්දා කෙනෙක්ට අපේ ලොකු අක්කා ඉපදිලා මාස දෙකකට පස්සේ තව දුවෙක් ඉපදිලා.  ඒ ලමයා ගෙදර එක්කගෙන ඇවිත් සති තුනකට පස්සේ ඒ නැන්දට උණ හැදිලා. ඉතින් ඒ කාලේ මොන දේටත් ඒ මිනිස්සු දෙවි කපනවලු . නූල් බදිනවලු.

ඉතින් මේ නැන්දටත් දෙහි කපලා නූල් බදින්න දවසක් රෑක ඒ ගෙදර මාමා ඇදුරෙක්ව එක්කගෙන ඇවිත්. එදා රෑ දෙහි කපලා නූල් කපලා ඉවර වුනාට පස්සේ ඇදුරා කෑම කන අතරතුර මේ නැන්දා කළුවරේ තනියම ගෙදර එහාපැත්තෙ තියෙන වැසිකිලියට ගිහින්. ටික වෙලාවක් ගියාට පස්සේ දෙහි කපපු ඇදුරා කෑම කාලා යන්න හදද්දි ගෙදර ඉන්න අර මාමත් ගියාලු ඇදුරව ගෙදරට ඇරලවලා එන්න .. එහෙම ගිහින් තියෙන්නෙ අර නැන්දයි පුංචි ලමයයි ගෙදර තනියම ඉද්දි . ඒ මාමා ඇදුරව ඇරවලා ගෙදර එද්දි ටිකක් දුරකින් වගේ ඇහුනලු පුංචි ලමයෙක් අඩනවා.

ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දි එයාගෙ නෝනයි ලමයයි දෙන්නම ගෙදර නැහැලු..... හැමතැනම බලලා .. පස්සේ ගමේ කට්ටියත් එක්ක කදු කැළෑ පීර පීර හොයලා. ඉතින් එළිවෙන ජාමෙ 5ට විතර බට ගාලක ඒ නැන්දා සිහි නැතිව වැටිලා ඉන්නවලු. ඒ ලග බට ගාලේ ගහක අර පුංචි ලමයව එල්ලලා මරලා දාලා. කටේ බට කොලත් තිබුනලු.  පස්සේ සිහිය ආවට පස්සේ ඒ නැන්දට සිහියක් නැහැලු... ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඒ නැන්දා පිස්සුවෙන් අපේ ගෙදරට ඇවිත් අපේ අම්මගෙන් අපේ අක්කව ඉල්ලනවලු.. අපේ අම්මලා බයට ටික දවසක් අපේ ගෙදරින් ගිහින් හිටියලු.. ඊට මාසෙකට පස්සේ ඒ නැන්දත් එල්ලිලා මැරුනලු. අපේ ගමේ අය තාමත් කියන්නෙ ඒ දෙහි කපලා තනි වුන නිසා කියලා එහෙම දෙයක් වුනේ කියලා.

Source: Link



---මරණයේ පුටුව---



ඔන්න මේක සිද්ද වෙලා තියෙන්නෙ 1702 දි..
එංගලන්තෙ උතුරු යෝක්ෂයර් වල තර්ස්ක් පලාතෙ උන්නලු
තෝමස් බස්බි කියල මනුස්සයෙක්..
එයා අවන්හල් අයිතිකරුවෙක්..
හැබැයි එයා කළේ හොද ව්‍යාපාර එහෙම නෙවෙයි..
ඒ වගේම බස්බි නොම්මර එකේ බේබද්දෙක්..
ඒ හින්ද එයාගෙ මාමණ්ඩි එයා එක්ක හැම තිස්සෙම
නොහොද නෝක්කඩු උනාලු..
තමන්ගෙ දුව මේ බේබද්දගෙන් ඈත් කරන්න මාමන්ඩිට උවමනා වෙලා තිබුනලු..
දවසක් දා..
බස්බිගෙ අවන්හලේ..
බස්බිගෙ කැමතිම පුටුවෙ වාඩි වෙලා උන්නු මාමන්ඩිත් එක්ක බස්බි රන්ඩුවක් ඇති කරගත්තා..
දෙන්නගෙ රණ්ඩුව දුරදිග ගියා..
එදා රෑ බස්බි මාමණ්ඩිගෙ ඔලුවට මිටියෙන් ගහලා
මාමන්ඩිව මරා දැම්මා...
මේ අපරාධයට බස්බිට එල්ලුම්ගහ නියම වුණා..
බස්බිව එල්ලා මරන්න කලින් දවසේ
බස්බිගෙ අන්තිම කැමැත්තට ඉඩ ලැබුනා..
“මට මගේ අවන්හලේ මං කැමතිම පුටුවෙ ඉදන් බීර එකක් බොන්න ඕන“. ඒක තමයි බස්බිගෙ අන්තිම ඉල්ලීම..
ඒ අන්තිම බීර එක බීලා ඉවර වෙලා එල්ලුම් ගහට යන්න නැගිටින්න කලින් බස්බි ශාප කළා.. ඒ ඉදගෙන උන්නු පුටුවට..
“මේ පුටුවෙ ඉදගන්න හැම කෙනෙක්ම අකාලෙ මැරිල යන්න ඕන..“ කියලා.
බස්බිගෙ මරණෙන් පස්සෙ
මේ පුටුව මතක සටහනක් විදිහට 
බස්බිගෙ අවන්හලේ තියලා තිබුණා..
බස්බිගෙ ශාපය ගැන අහපු අය මේ පුටුවෙ ඉදගන්න බය වුණා..
ඒත් බය නැති අයත් හිටිය..
දවසක් දා බස්බිගෙ අවන්හලට ආපු සොල්දාදුවො දෙන්නෙක් ඒ කතාව අහලා හිනාවෙලා 
“ශාපයක්.. මොන බොරුද.. එහෙම ඒවා මේ ලෝකෙ නෑ..“ කියලා ඒ පුටුවෙ ඉදගත්තා..
ඒ සොල්දාදුවො දෙන්නා පහුවදාම 
යුද්දෙදි මැරුම් කෑවා..
ඊට පස්සෙ බස්බිගෙ අවන්හලේ චිමිනිය හදන්න ආපු 
බාසුන්නැහේ.. මේ පුටුවෙ ඉදගත්තා..
චිමිනියෙන් වැටිලා බාසුන්නැහේත් නොඑන ගමන් ගියා..
ඔය විදිහට දිගින් දිගටම 
මේ පුටුවෙ ඉදගන්න අයට මරණය අතවනන්න පටන් ගත්තා..
මේ පුටුව ගැන මේ බිහිසුනු කතාව හැම තැනම පැතිරිලා ගියා..
පුටුවේ ඉදගන්න මිනිස්සු මැරෙන නිසා
කාටවත් ඉදගන්න දෙන්නෙ නැතිව
අවන්හලේ අය මේ පුටුව ගබඩා කාමරයට දැම්මා..
දවසක් බඩු අහුරන්න ගබඩා කාමරයට ආපු අලුත් සේවකයෙක්
ටිකකට මහන්සි අරින්න මේ පුටුවෙ වාඩි වුණා..
බඩු ටික බාලා ආපහු යනකොටම අනතුරකින් ඒ සේවකයත් මැරිලා ගියා..
මේ වැඩේ හරියන්නෙ නැහැනෙ..
ඒ හින්දා අවන්හලේ අය එකතු වෙලා 
මේ පුටුව ඒ පලාතේ කෞතුකාගාරයට දුන්නා..
පුටුවේ ඉතිහාස කතාවත් එක්කම 
පුටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තිබ්බා..
දවසක් දා..
කෞතුකාගාරය පිරිසිදු කරන සේවිකාවක්
බිම පිරිසිදු කරනකොට ලිස්සලා ගිහින්
මේ පුටුව උඩ ඉන්දවුණා..
එදාම කෞතුකාගාරයේ උඩ තට්ටුවෙන් වැටිලා
ඒ සේවිකාවත් නොඑන ගමන් ගියා..
ඉතින් එදා ඉදන්..
මේ පුටුව 
අඩි පහක් උසින් එල්ලලා තියෙන්නෙ...
තාමත් ඒ පුටුව එල්ලලා තියෙනවා 
එංගලන්තයේ උතුරු යෝක්ෂයරයේ
තර්ස්ක් කෞතුකාගාරෙ..
පුටුව හරි ප්‍රසිද්ධයි..

මේකට කියන්නෙ “මරණයේ පුටුව“ “Chair of Death“ කියලා..

Source: Link


---පියතුමාගේ අවතාරය---




"බර්නාඩි මැක්ස්විනි" අයර්ලන්තයේ පාරමිපරික ගොවි පවුලකට අයත් තරුණයෙකි.1870 දී උපත ලැබු ඔහු තරුණ වියේදී කුඩා ගොවි නිවසක සිය මව සමග වාසය කරමින් ගොවිතැනෙහි නිරත වුවේය.කුඩා කල සිටම "බර්නාඩි" නිතරම කල්පනා කරන තමාගේම සිහින ලෝකයක ජීවත් වන අද්භූත චරිතයක් ලෙස ගමිමු දැන සිටියහ. ඔහුගේ මව ඔහුට බෙහෙවින් ආදරය කළාය. ඒ අතරේ දිනක් තමාට මේ ගොවි ජීවිතය රුවි නොවන බවත් කතෝලික පුජකයෙකු වීමට තමා අදහස් කරන බවත් බර්නාඩි සිය මවට දන්වා සිටියේය.

කාලය ගෙවී ගියේය. පුජකවරය ලබා ගත් "බර්නාඩි" තමා උපන් ගමෙහිම කුඩා දේවස්ථානය භාර පුජකයා ලෙස පත්වී ආවේය.
පුජක "මැක්ස්විනි" කඩිසර විය. තමාට අයිති වැඩ කොටස නිසි වේලාවට නිසි ලෙස කරන්නෙකු ද වුයේය. ඔහුගේ එකම පරමාර්ථය වුයේ දේවස්ථානය දියුණු කිරීමත් දේව පණිවිඩය පැතිරවීමත්ය. ඔහුගේ දේශණාවල හරවත් බව පිළිබදව ගමිමු කතා කළහ. ගමිමානය සුව නින්දේ පසුවන මැදියමි රැයේදීත් ඔහුගේ කුඩා නිවස එළිය වී තිබුණේ බොහෝ රෑ බෝ වන තුරු ඔහු තනිවම පාඩමි කළ බැවිනි.
තමා බැහැ දැකීමට ආ අහිගුණ්ධීකයෙකුට වුවත් ඔහු නොසලකා හැරියේ නැත. නවාතැන් පැතු හිගන්නෙකුට වුවද දේවස්ථානය තුළ ඉඩ ලබා දීමට ඔහු පසුබට නොවුයේ ගමිමුන්ගේ විරෝධය මැදය.
ඔහු හැම විටම නිවැරදි විය. නමුත් පුදුමයකට මෙන් එළිපිට නොපෙන්වුවත් ගමිමුන් තුළ ඔහු කෙරෙහි වුයේ අප්රසාදයකි. එයට පැහැදිලි හේතුවක් දැක්වීමට ඔවුන් අසමත් වු නමුදු පුජකවරයා තමාගේ හිතවතෙකු ලෙස සැලකීමටද ඔවිහු මැලි වුහ. තමාගේ පුද්ගලික ප්රශ්න ගමිමු කිසිවිටෙකත් පුජකයා හා සාකචිජා නොකළහ. පැහැදිලිවම කිව නොහැකි බියමුසු හැගිමක් ගමිමුන් තුළ පුජකයා කෙරේ විය. ඔහුගේම ඥතීන් පවා පුජකයා කෙරෙහි දැක්වුයේ දුරස්ථ ආකල්පයකි.
පනස් විය පසුකර දින කීපයක් ගත වු ඉක්බිති පුජක "මැක්ස්විනි" අභිරහස් රෝගයකින් පෙළුණේය. මාස කිහිපයක් පරීක්ෂා කළද වෛද්යවරුන්ට හදුනාගත නොහැකි වු මෙම රෝගයෙන් පීඩා විදි පුජකවරයා ඇට සැකිල්ලක් මෙන් කෘශවී ගියේය. දිනක් උදැසන ඔහු සයනය මතම මිය ගොස් සිටියේය.

පුජකවරයාගේ හදිසි මරණය ගමිමුන් තුළ ඇති කළේ කමිපනයක් මිස ශෝකයක් නොවේ. පුජක මැක්ස්විනි ට වඩා උණුසුමි හදවතකින් යුතු තමාට කිටිටු වන්තයෙකු මීළග පුජකතුමා වී එනු දැකීමට ඔවුහු ප්රාර්ථනය කළහ.
කෙසේ හෝ මියගිය පුජකයාට නිසි ගෞරවය දීමට කල්පනා කළ ඥතීහු මෘත දේහය ඔහුගේ මවගේ නිවසට රැගෙන ගියහ.ඉතාමත් මහළු වී සිටි මව ඒ වන විට මද අසනිප ගතියෙන්ද පෙළුණාය. පුතුගේ මරණය ඇගේ සිත කමිපා කරවීය. අවමංගල්ය පෙරහැර සමග සුසාන භූමියට යැම ඇගේ සෞඛ්යයට හිතකර නොවන වග වැටහුණූ බැවින් මෘත දේහය රැගත් පෙරහැරට ඇය සමිබන්ධ කරවා නොගැනිමට ඥතීහු තීරණය කළහ.
1925 වසරේ ඒ අදුරු සවස් යාමයේ තම එකම පුතුගේ මෘත දේහය රැගත් කරත්ත සහ මෝටර් රථ වලින් සමන්විත අවමගුල් පෙරහැර කදුකර මාවත දිගේ ඉදිරියට ඇදෙනු මහළු කාන්තාව කදුළු පිරි දෑසින් බලා සිටියාය.
අවමගුල් පෙරහැර සුසාන භූමියට ළගාවෙමින් පැවතිණි. ආගමික කටයුතු ඉටු කිරීමට පුජකවරයෙක් ද පැමිණ සිටියේය.
දේහය මිහිදන් කෙරිණ. පැමිණි පිරිස පෙරළා පුජකවරයාගේ නිවස බලා යමින් සිටියහ. කදුබඩ පාරවල් වල පැමිණිම නිසා ඇති වු වෙහෙසටම පරිසේ හුන් කාන්තාවන් බොහෝ දෙනෙකුට නින්ද ගොස් තිබිණ.

ඉදිරියෙන්ම ගමන් කරමින් තිබු මෝටර් රථයේ හුන් මිනිසා තමා අසල හුන් සගයා දෙස බැලූවේය.
"මේ රෑ වේගෙන එන වෙලාවෙ කවුද අර මෙ පැත්තට එන්නෙ?" හුණු ගල් සහිත පාරේ ඈතින් පැමිණෙන්නකුගේ රුවක් ඔවුන්ගේ නෙත ගැටී තිබිණ. "දෙයියො තමයි දන්නෙ බලමු කවිද කියලා.මිනිහා අපේ පැත්තටනෙ එන්නෙ" අනිකා පිළිතුරු දුන්නේය.
රුව ඉදිරියට ඇදෙමින් තිබිණි. ඔහු ඇදගෙන හුන්නේ කළු පැහැති දිගු කබායකි. රිය පෙරහැරට ළංවු පුද්ගලයාගේ මුහුණ දුටු පිරිමින්ගේ නෙත් විකෘතිව ගියේය. ගැහණුන් යටි ගිරියෙන් කෑ ගැසුවෝය. සියල්ලන්ගේම දෙනෙත්හි සටහන් වුයේ අප්රමාණ භිතියකි.
නිතරම ඇද සිටින කළු පැහැති දිගු කබාය හැදගෙන ඔවුන් ඉදිරියට පැමිණෙමින් හුන්නේ මොහොතකට පෙර ඔවුන් විසින්ම මිහිදන් කරනු ලැබු මැක්ස්විනි පුජකතුමාය.
"ඒ ඔහු තමයි දෙයියෝ සාක්කි !! ඒ ඔහු තමයි" එකිනෙකා වියැළුණු දෙතොළින් කොදුරන්නට පටන් ගත්හ. මිය යැමට පෙර අවසන් වරට ඔහු ඇද සිටියේ මෙම දිගු කළු කබායයි. නමුත් ඔහුව මිහිදන් කරන ලද්දේ වෙනත් ඇදුමි කටිටලයකිනි.
පුජකවරයා සමිපුර්ණ රිය පෙරහැර පසු කරමින් සෙමින් ඇවිද ගියේය. ඔහුගේ බිහිසුණු පෙනුම වඩා හොදින් දැක ගත් පිරිස කමිපනයට පත්වුහ.බෙහෙවින් සුදුමැළිව ගිය ඒ මුහුණෙහි දෙනෙත මැණික් කැට දෙකක දීප්තිය පළ කළේය. ඇසිපිය ගැසිමක් නොවු අතර දෙනෙනෙහි සෙලවිමක්ද නොවීය. දත් ඇන්ද ඉදිරිපසට බියකරු ලෙස නෙරා ගොස් තිබිණි. දෙතොල නොපිට පෙරළි විදුරු මස මතුකර පෙන්වීය. අවසාන කරත්තය පසුකළ පුජකවරයා වංගුවකින් හැරි නොපෙනී ගියේය. වාහන වල හුන් පිරිස අතර ඇති වුයේ විශාල කලබැගෑනියකි. ඔවුහු තමන් දුටු දේ විමතියෙන් සහ නොසන්සිදුණු භීතියේන් යුතුව සාකචීජා කළහ.බෙහෙවින් සසල වු යුවතියක් හඩන්නට පටන් ගත්තාය. ඇගේ මව ඇය අස්වසන්නට වුවාය.
පුජකයාගේ මවගේ නිවෙස අසල නැවැත් වු වාහන පේළියෙන් සියල්ලන්ම බිමට බැස ගත්හ. ඊ ළගට ඔවුන්ගේ ගැටලුව වුයේ තමන් දුටු අද්භූත සිද්ධිය මහළු මවට පවසනවාද නැද්ද යන්නයි.
"කිසිම දෙයක් ඇයට කියන්න එපා.. ඈ හොදටම කණගාටුවෙන් ඉන්නේ. මෙ කතාව ඇහුවොත් ඇය හොදටම දුක් වේවි.."අවසානයේ එක් වැඩිහිටියෙක් පවසා සිටියේය.
මහළු කාන්තාවගේ නිවසේ පොටිකෝව යටට පිරිස එක්රැස් වුහ. එක් කාන්තාවක් දොරට තටිටු කළාය. බලාපොරොත්තු වු පරිදි මහළු කාන්තාව දොර හැරියේ නැත.නිවෙස පුරාම පැතිරි පැවතියේ දැඩි හිහැඩියාවකි. ඇයට කතා නරමින් නැවතත් ඔවුහු දොරට හඩ නගා තටිටු කළහ.නමුත් කිසිදු පිළිතුරක් නොවිය.මෙය පැමිණි පිරිසට ප්රහේළිකාවක් වුයේ ඔවුන් පිළිගැනිමට ඇය අනිවාර්යෙන්ම නිවසේ සිටිය යුතු බැවිනි.
එක් තරුණයෙක් නිවසෙහි පසක වු ජනේලයකින් විසිත්ත කාමරය දෙස බැලු වේය.
"ඇය විසිත්ත කාමරයේ බිම වැටිල ඉන්නවා.අපිට දොර කඩලා ඇතුළට යන්න වෙයි."තරුණයා කෑ ගැසු වේය.

ශක්තිමත් බාහු කිහිපයකින් පහර කෑ දොර විවර වී ගියේය.සියල්ලන්ම බිම වැටී සිටින මහළු කාන්තාව වටකර ගත්හ.මුලදී සියල්ලන්ම සිතුවේ ඇය මිය ගොස් ඇති බවය. ඇද මතට ඔසවා තබන ලදුව ඇය දෙනෙත් විවර කළෙන් ඇයට සිහි මුර්ජා වී ඇති බව පිරිසට වැටහී ගියේය.
තරුණ කාන්තාවක් ඇයට වතුර ස්වල්පයක් පෙවිවාය.බිය පහව නොගිය දැසින් මහළු කත පිරිස දෙස බැලුවාය.
"මොකද වුණේ? ඔබ මොකකට හරි බය වුණාද?" තරුණිය විමසුවාය.
"ඔවි !! මාව මුණගැහෙන්න අමුත්තෙක් ආවා." මහළු කත කෙදිරුවාය.
"අමුත්තෙක්?? කවිද ඒ?" එයට පිළිතුරක් නොදුන් ඇය වටපිට බැලුවාය..
"කෝ ඔහු දැන්? ඔහුව දැකලා මම හොදටම බය වුණා. මට සිහිනැතිවෙන්න ඇති.නමුත් මං කියන්න යන දේ ඔබලා විශ්වාස කරන එකක් නැහැ"
මහළු කාන්තාව කී දෙයින් පිරිස තුළ ඇති වුයේ සැකයකි. "අපට කියන්න මොකද වුණේ කියලා?" වැඩිහිටි ගැමියෙක් විමසුවේය.
මේක සිද්ධ වුණේ දැනට පැය භාගයකට විතර ඉස්සෙල්ලා.දැන් වෙලාව හතයිනෙ.හය හමාරට විතර මට කවුරු හරි ගේ දිහාට එන අඩි හඩක් ඇහුණා. ඊට පස්සෙ කවුද දොරට තටිටු කළා. මුලින් මම හිතුවේ ඒ ඔබලා කියලයි.ඒත් මම හිතුවා ඔබලා මං හිතුවට වඩා ඉක්මණින් ඇවිත් කියල. ඒත් එක්කම මට හිතුණා ඇයි මට වාහන වල සද්දෙ ඇහුණෙ නැත්තෙ කියලා. මම ජනේලයෙන් පිටත බැලුවා..
ඒ ඔහුයි.

ඒ මගේ පුතා බර්නාඩි
මගෙ පුතා පණ පිටින්ම වගේ ඉදිරිපිට හිටගෙන හිටියා.කොහොමද එහෙම වෙන්නෙ?? එත් මං දැක්කෙ ඔහුවම තමයි. ඔහුගෙ මුහුණෙ බියකරු පෙණුමක්.මුහුණ ඇද වෙලා.දත් එළියට නෙරලා.තොල් ඇද වෙලා මා දිහා රවාගෙන උන්නා. ඔහු සුදුමැලි වෙලා.
විටෙක වැළපෙමින් ද විටෙක භීතියෙන් සසල වු දෙනෙතින්ද යුතුව මහළු කාන්තාව නොනවත්වා කියවාගෙන ගියාය.
"ඒ මොනව වුණත් මම දොර අරින්න හිත හදා ගත්තා.මොන විදිහට ආවත් ඒ මගේ පුතා.ඒත් මගෙ දෙපා ගැහෙන්න පටන් ගත්තා.හැම තැනම අදුරු වුණා.මට මතක මාව ඇදගෙන වැටෙනවා විතරයි." මහළු කාන්තාවගේ හඩ ඉතා දුක්මුසු විය.
"අපිට ඔබව විශ්වාසයි. අපිත් ඔහුව දැක්කා" දිගු නිහැඩියාවකට පසු වැඩිහිටි ගැමියෙක් කටහඩ අවදි කළේය. අතර මගදී හමු වු පුජකවරයා පිළිබදව ඔහු මහළු කාන්තාවට විස්තර කළේය.
ඒ සිදුවීම කිසිවෙකුගේ මතකයෙන් ගිලිහුනේ නැත.එද ඔවුන් ඔහුගේ මුහුණේ දුටු බිහිසුණු සුවරුපය ජීවත්ව සිටියදී තමා ඔහුගේන් ඈත්කර තැබමට හේතුව නොවේදැයි ඔවුහු එකිනෙකාගෙන් විමසුහ.ජීවතුන් අතර සිටි මුළු කාලයේදීම ඔහු අභිරහස් මිනිසකු විය.කිසියමි බියකරු රහසක් ඉතිරි කර තබා ඔහු වෙන්වුයේය. එය කුමක්දැයි කිසිවෙකු නොදත් නමුදු ඔහුගේ ආත්මය එය පැවසීමට වෙරදරා ඇති බව පසුව සියල්ලෝම කීහ.

Source: Link


---තානායම---




මෙි හොටෙල් එක තියෙන්නේ මාතර අකුරැස්සේ එත් දැන් මෙික වහල දාල තියේන්නෙ ඹයාල දන්නව නේද ඉස්සර jvp කාලේ මිනිස්සු මැරැවා අපේ පැත්තෙන මෙික හෙටෙල් එකක් නෙමෙයි වලව්වක් මෙික අයිති වෙලා තිබ්ලා තියෙන්නේ සුද්දන් ට එත් පස්සේ උන් ඹක විකුනලා එ අයිති කාරයා මෙිකෙ හෙටෙල් එකක් පටන් ගත්තා 

පටන් ගත්තම අලුත මෙිකට ඇවිත් තියනවා වේඩින් කපල් එකක් එදා රැ මේ දෙන්නා කාමරයේ ඉදලා පෙඩිඩක් එලියට ඇව්ත් තියනවා හුලං ටිකක් වදින්න ටික වෙලාවක් ඉන්න කොට කෙල්ලට ඇහුනලු එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා කොල්ලා ගිහින් තියනවා ෆෝන් එක ගේන්න ගිහින් කාමරයේ දොර අරින කොට නාන කාමරයේ වතුර වැටෙන සද්දේ ඇහිලා එක වහන්න යනකොට වතුර වැටෙන්නේ නැලු ෆෝන් එකට කෝල් එකත් ඇවිත් නැලු නාන කාමරයේ දොර වහලා ඇතුලට එනකොට ඇදේ පොඩි ලමයෙක් අඩ අඩ තාත්තා හොයනවලු කොල්ලා ඇහුවලු තාත්තා කෝ කියලා පොඩි එකා කිව්වලු මගේ තාත්තා මැරැවේ මේතන කියලා ⁣කෝල්ලා බය ⁣වෙිලා ගිහින් තියනවා ⁣මුරකාරයට කතා කරගෙන එන කොට ලමයා කාමරයේ නැලු ඊට පස්සේ මුන් දෙන්නා නිදා ගන්න ඇවිත් තියනවා 

රැ 1 විතර කොල්ලට කවුද ගැනු කෙනෙක් අඩන සද්දේ ඇහිලා එලියට ගියින් තියනවා බලන්න යනකොට ඉස්තෝප්පුවෙි ගැනු කෙනෙක් අඩ අඩ ඉදලා නැති වේලා ගිහින් පස්සේ කොල්ලා දුවල ඇවිත් කමරේ වතුර බොන්න ගන්න කොටම කන්නාඩියෙන් ආයි අර ගැනු කෙනා පෙනිලා ඊට පස්සේ මු කලන්තෙ දාලා වැටිලා රැ පන්සලේ හාමුදුරුවෝ එක්කන් ඇවිත් ගොඩ අරන් තියෙන්නේ ඉස්සර jvp කාලේ ඹතන මුලු පවුලක්ම මරලා තියනවා තාම එකේ කාටවත් ඉන්න බැ දැන් පාලුවට ගිහින්

Source: Link


---හොල්මන් ගෙදර---



මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට කතා කරල හිටිය ඉස්සර ඉදන්ම.විස්තර වැඩි උනාද මන්ද.

දවසක් ඒ සීය ගෙදර තනියම ඉන්න වෙලාවක බ්ලේඩ් එක්කින් බෙල්ල කපාගෙන.ඉස්පිරිතාලෙට අරන් ගිය නිසා බේරුන.එයාව ගෙදර එක්කන් ආව.ඒත් ගමේ කිසි කෙනෙක් බැලුවෙ නැ.ඒ ආච්චිටත් සීය ගැන ගානක් නැ.බෙල්ල කපාගෙන තියෙන්නෙත් එයා ගැන කිසි කෙනෙක් බලන් නැති නිසාලු.කොහොම හරි එයා මැරුනෙ නෑනෙ.හැබැයි කිසිම දෙයක් කන්න බැ.උගුරෙන් පල්ලට යන්නෙ නැ.ඇත්තටම එයාව දැක්කම මම බය උනා.බෙල්ල කැපිල තියෙන විදිහට.

කොහොම හරි ටික කාලයක් කැ,සුප් එහෙම බීල හිටිය.තත්වෙ අව්ල් වේගෙන එද්දි අපේ තාත්ත ආච්චිගෙන් ඇහුව ඒ සීයව පේරාදෙණියෙ හොදම ඩොකෙක්ට පෙන්නන්න එක්ක යන්නද කියල.එයා කැමති උනෙ නැ.දවසක් උදේ ආරංචි උනා සීය මැරුන කියල.සීයගෙ නංගි කෙනෙක් ඒ දවස් වල එහෙ හිටිය.එයාට ඇහුනලු පණ යනව.ඒත් උදේ වෙනකම් බලල නැ.සීය මැරුන විතරයි ආච්චි ගියා එයාගෙ ලමයි ලගට.ආයෙ ආවෙ හත් දවසෙ දානෙට.ගේ තනි කරපු නිසාද මන්ද ගමේ කතාවක් ගියා සීය එකෙ හොල්මන් කරනව කියල.පස්සෙ ගේ කැලෑ වැදුන.පාර ලගම නිසා ටික කාලෙකින් මිනිහෙක් ඒ ගෙදර එක කෑල්ලක් කුලියට ගත්ත කඩයක් කරන්න.ඒ මනුස්සය ගමට අලුත්. ඔය සීන් පොර දන් නැ.ඇවිත් සතියක් යන්න කලින් ගමේ අයට කියල ඒකෙ ඉන්න බැ ගෙදර ඇතුලෙන් සද්ද ඇහෙනව කියල.මට ලාවට මතකයි අපේ තාත්ත එක්ක කීව ඉන්න බැ මහත්තයෝ කබඩ් අරින වහන සද්ද ඇවිදින සද්ද කහින සද්ද එහෙම ඇහෙනව කියල.පස්සෙ ඒ මනුස්සය වෙනම තැනක් හදන් ගියා.ආයෙ ගේ කැලෑ වැදුන.මාස ගානකින් පව්ලක් ආව ආයෙත්.ගෙදර සුද්ද කරල ගත්ත.කිසිම අව්ලක් නැ.හැබැයි එයාලට ප්‍රශ්න ඉවරයක් නෑලු.කිසිම සෙතක් නෑලු.එයාල ගියා.එහෙම පව්ල් 3ක් විතර ඇවිත් ගියා.

පස්සෙ අන්තිමට අපේ ගමේම පව්ලක් මේ ගෙදර හෙන අඩුවට ගත්ත.හොල්මන් කේස් නිසා වටිනාකම අඩු වෙලා තිබුනෙ.එයාල ආව ගමන් මුලු ගමටම කියල හාමුදුරුවරු වඩම්මවල ලොකු පිරිතක් කියල දානයක් කීව.ගමේ හැමෝම එදා ආව.ඇන්ටි කෙනෙක් කීව පලවෙනි වතාවට ඒ ගෙදර ඇතුලට ගියෙ කියල.දැන් අව්ලක් නැ.ඒ ආච්චි අදටත් ඉන්නව.බුදු සරණයි

Source: Link


---මිනීමැරුම---


මම වෘත්තියෙන් ලොයර් කෙනෙක්. පසුදා මට භාර වූ නඩුවක් නිසා එදා මා ඉතාමත් කාර්යයබහුලව වී සිට දිනයක් වුණා. මම සවහ 7.00ට පමණ නඩුවෙහි ලිපි ලේඛන සකස් කරමින් එහි වැඩවල නිරතව සිටිය බැවින් මට කාලය පිලිබද හරි හැටි කුඩා හෝ අවබෝධයක් තිබුනේ නැහැ. කෙසේ හෝ හවස පරිසරය වෙලා හුන් මන්දාරමට සාදාරණයක් ඉටු කරමින් අනෝරා වැස්සක් ඇද හැලෙන්නට වූ බැවින් මාගේ මානසික ඒකාග්‍රතාවය බිද වැටීමට එය හේතු වුනා. කුමන හේතුවක් නිසාදෝ මට නැවත මට රාජකාරිය කෙරේ සිත යොමන්නට සිත ඉඩ නොදුන්නා. මා මදකට කාම⁣රයෙන් නැගිට සාලය දෙසට පිය මැන්නේ මානසේ වූ චන්චල ස්භාවය පහ කර ගැනීමේ අරමුණින්.
"ටොක්... ටොක්...ටොක්...."
දොර මත පතිත වුන සිහින් සන්වර අත්ල පහරින් ඒ තරුණයක් මැයි හදුනා ගැනීමට තරම් මාගේ වෘත්තිය මා ප්‍රවීණයකු කර තිබුණා. මා කාමරයෙන් නික්ම සාලය දෙසට නොපැමිණීයේ නම් මට මාගේ මෙ⁣ම ආගන්තුකයා මගහැරෙනවා නොඅනුමානයි.
මා දොර වෙත ගොස් දොර විවර කල අතර මාගෙ අමුත්තාව පිලිගැනීමට පෙර අනවසරයෙන්ම වැහි හිරිකඩ ගෙට කඩා වැදීමට තරම් වර්ශාව දරදඬු වී තිබුනා. මා අනුමාන කල පරිදිම ඇය රූමත් තරුණියක් වූවාය. ඇය ගෙට ආ විගස දොර වසා දැමීම නොගැලපෙන කටයුත්තක් වුවද වැහි බිදු වේගයෙන් නිවස තුලට පතිත වීමට පටන් ගත් බැවින් මට එසේ නොකර සිටීමට නොහැකි වුණා.
ඇයගෙ රුව වර්ණනා කිරීමට තරම් මා දක්ෂයෙකු නොවන බව මා කිව යුතුය. නමුත් ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා රූමත් තරුණියක් විය.මා ඉදිරියේ අසුනක් ඇයට පනවා ඇගේ ඇදුම දෙස මාගේ අවධානය යොමු කලේය. එයට හේතුව වුයෙ ඇය ඇද සිටි කුණුලේ පැහැති වංශවත් බවක් විදහා පාන දිගු ගවුම හැද උන් නිසාම නොවේ. මෙතරම් දරුණු වර්ශාවක් මැද පැමිණියද ඇගේ ඇදුම තෙමා ලීමට එක ජල බිදු පහරක් හෝ සමත් නොවුන නිසාවෙනි.
"සමාවෙන්න මහත්මයා ඔබට කරදර කරානම්.... මම මේරි බ්ලැක්හුඩ්"
ඇය කට හඩ අවදි කල අතර ඒම වදන් පෙළ මගේ දෙසවන් හරහා මා පසු කර මුලු නිවස පුරා පැතිර යන ආකාරය මට දැණින. කුමක්ද මේ මාගේ සිතට දැනෙ වියවුල් බව. මට සිතා ගත නොහැකි විය. මා තවමත් නිහඩය. ඇය නැවත කතා කරයි.
"මම දන්නවා ඔබතුමා සාධාරණ පුද්ගලයෙක් ඉතිං මට ලොකු අසාධාරණයක් සිද්ද වුනා. මට සාධාරනණයක් ඉටු කරන්න පුලුවන් ඔබ තුමාට විතරයි. කරුණාකර මට උදව් කරන්න"
මාගෙ මුව ගොලුව පැවතුන අතර කිහිප වාරයක් උත්සහ කර මා වචන කිහිපයක් පිට කලේය.
"ඔව් මම කැමති ඔබට උදව් කරන්න ඒත් කොහොමද?"
ඇය කුඩා කොළ කැබැල්ලක් ගෙන මේසය මත තැබුවාය.
"හෙට හරියටම 11.48 a.m මේ වාක්‍ය හඩනගා කියවන්න. එපමණයි මා ඔබ ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඔබ මෙය ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා"
මම කොළය දිග හැර එය දෙස බැලුවෙමි. නැවත වරක් කියවුවෙමි. තව වරක්.....
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා.."
එපමනකි. එහි තිබුනේ එපමනකි. "මොකක්ද මේ.... කොහොමද මේක උදව්වක් වෙන්නෙ... ඇයි මම මේක කියවන්නේ....."
අවසනාවකි! මගේ හිතේ නැගුනු කිසිදු පැනයකට පිලිතුරු ලබා ගැනීමට ඇය මා ඉදිරියේ නොමැත.
මා දුටුවේ සිහිනයක්ද? එය විය නොහැක. එම කඩදාසිය තවමත් මාගේ අත්ල මත තිබේ.දොර තවම වසා තිබේ.පෙර සේම වර්ශාවද පතිතවේ.මට නැවත දුක්මුසු සිනහවක් රැදි ඇගේ පියකරු මුහුන මැවී පෙනෙන්නට විය.මගේ ගත හිරිවැටී ඇති සේ ම⁣ට හැගේ. මා පසු වන මානසික ආතතිය ඔබට සිතා ගත හැකිදැයි මා නොදනිමි. මාගේ සිත එකම පෙරලියකි. ඒ සමගම මා ගැස්සි ආපසු හැරුනේ ඔරලෝවේ 12 කනිසම වැදීමත් සමගය. මා තවත් වික්ෂිප්ත විය. මෙපමණ වෙලාවක් ගති වීද.මේ රෑ ආ තරුණය කාගෙ කවුද? මම එම කඩදාසිය නමා කබා සාක්කුවට දා ගත්⁣ අතර අර වාක්‍ය සෙමින් මුමුණන්නට පටන් ගතිමි.
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
එය කියවිමත් සමග මගේ ගත නැවත හිරිවැටී ගියේය. මහ අමුතු වාක්‍යයක්. මා නැවත සිදුවු සංසිද්ධිය එකිනෙක ගැලපුව අතර එය හුදෙක් සාමාන්‍ය සිදුවීමක් යැයි මගේ සිත සනසා ගැනීමට පවා අපහසු වන තරම් අසාමාන්‍ය සිදුවීමක් විය.
පසුදා උදැසන අවදි වි උසාවි භූමිය කරා ගිය මම එහි උදෑසන දික්කසාද නඩුවක් විභාග වෙමින් පැවතියේය. එන් පසු ඇත්තේ මාගෙ නඩුවයි. මා සිතුවාට වඩා හොරා ගණන් නඩුව දික්ගැස්සුනේ නඩුවට අදාල යුවලගෙන් තරුණ මහත්මිය නඩුවට පැමිණ නොසිටි නිසාවෙනි.
"රිචඩ් බ්ලැක්හුඩ් මහත්තයා විත්ති කූඩුවට පැමිණෙන්න"
විත්ති කූඩුව දෙසින් ඇසුන හඩින් මාගෙ සිත පෙරදා රාත්‍රිය කරා දිව ගියේය. එසේ නම් ඊයෙ පැමිණියේ මොහුගේ බිරිද නොවේද....ඇය දැන් කොහිද.....මම මාගෙන්ම ප්‍රශ්න ඇසිමට පටන් ගත්තෙමි.
ඔහු පවසන ආකාරයට ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාමත් කෙටි කාලයකි. ⁣එය යෝජිත ව්වාහයක් වූ අතර ඇයට වෙනත් අනියම් ඇසුරක් තුබු බැවින් ඇය තමන්ට සොරා ඇගේ අනියම් පෙම්වතා හා පැන ගොස් ඇත. ඇය මේ වන විටත් උසාවියට නොපැමිණ ඇති බැවින් තීන්දුව ඔහුට පක්ෂව ලැබීමට ආසන්නය.
උසාවි පරිස්රයේ සිදුවන කිසිදෙයක් නොඇසෙන සේ
එකවරම මා මොහොතකට බිහිරි විය. මුලු ඇගම තද සීතලකින් වෙලා ගත්තේය. කටේ කෙල සිදී ගිය අතර ඇයගෙ සොදුරු මුහුණ මා ඉදිරියේ මැවී පෙනේනට විය.
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
නිරායාසයෙන් මගේ තොල් මැතිරිණි.එය මා හඩ නගා පැවසුවෙද? මා නොදනිමි. නමුත් මා අසුනෙන් නැගි සිට තිබේ. මම ඔරලොසුව දෙස නෙත් හෙලු අතර වෙලාව 11.48 විය. කිසිවෙකුට මා කියු දෙය ඇසුන බවක් පෙනීමට නොමැත. නමුත් එක් අයෙකුට එය ඇසුන බව පැහැදිලිය. ඒ බ්ලැක්හුඩ් මහතාය. ඔහු උන්මන්තකයෙකු සේ මා දෙස බලා සිටී.... එක වරම ඔහුගේ නාසයෙන් රුධිරය වෑහෙන්නට විය.
"මට සමාවෙන්න.... මට සමාවෙන්න මේරි.... මම දන්නවා මම මේ කරපු දේට මට දෙවියන්වත් සමාව දෙන එකක් නැ.... "
ඔහු මර හඩ ⁣දෙන්නට විය.
"මම එයාව මැරුවා...මම එයාව මැරුවා දෙවියනේ"
ඔහු සියල්ල පාපොච්චාරණය කරන්නට පටන් ගත්තේය....
බ්ලැක්හුඩ් මහතා සල්ලාල ජීවිතයක් ගත කර ඇති අතර වෙර මතින් නිතර තම බිරිඳට වද හිංසා පමුණවා තිබුනි. අධික දුක් ගැහැට විදි ඇය දිනක් මොහු නැති අවස්ථාවක නිවසින් පලායාමට උත්සහ කර ඇති බව දැනගත් බ්ලැක්හුඩ් මහතා කෝපාවිෂ්ඨ වී ඇයට පහර දී ඇති අතර එම දබරය කෙලවර වූයේ බ්ලැක්හුඩ් මහත්මියගේ පපුවට එල්ල වූ පිහි පාරකිනි. අවසානයේ ඇයව ඇදගෙන ගොස් වත්තෙහි අතහැර දමා තිබු පාලු ලිදකට දමා පොලිසිය වෙත පැමිනිලි කරනු ලැබුවේ තම බිරිද වෙන අයෙක් හා පලා ගිය බවයි.
සියලුම දෙනා මිනිය සැගවු තැනට යාමට ඉක්මන් වුයේ මිනීමැරුම සිදුවී දින කිහිපයක්ම ගතවී තිබුණ හෙයිනි. එම ස්ථානයට යන විටත් මධ්‍යාහ්න 12.30 පමණ වි තිබුණි. අපහසුවෙන් වුවත් වත්ත කෙලවර ලදු කැළෑවකින් වට වුන ලිද සොයා ගැනීමට හැකි වුණ අතර හොදින් සූර්යයාලෝකය වැටි තිබූ බැවින් උඩ සිට බැලූ බැල්මටම ඇගේ සිරුරට කිදා බැස තිබු පිහියෙහි මිට ජලය තුල දිදුලන අයුරු කාටත් හොදින් දර්ශනය විය.
" පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
මම නැවත සෙමින් මිමිනුවේය.
මරණ පරීක්ෂණයට අනුව ඇය මිය ගොස් තිබුනේ මීට දින 3-4 පෙරය. එසේනම් ඊයේ රාත්‍රියේ පැමිණියේ තමාට වූ අසාධාරණයට සාධාරණයක් පැතු ඇගේ ආත්මයද...මාගේ වෘත්තීය අනුව කෙසේ නම් එය පිලිගන්නද. නමුත් මා මේ මොහොතේ සිටින්නේ පියවි සිහියෙන්නම් මෙම සිදුවීමද සත්‍යකි.
අවසන් තීන්දුව ලෙස මිනීමැරුම් චොදනා යටතේ බ්ලැක්හුඩ් මහතා⁣ට මරණ දඩුවම නියම වු අතර මගේ සිත දැඩි බරකින් නිදහස් වු බවක් දැනුණි.මා සෙමින් මාගේ කබා සාක්කුවට අත දමා ඇය පෙරදා රාත්‍රියේ මට දුන් කොල කැබැල්ල අතට ගත්තේ යටත් පත් වීමට ගිය දරුණු අපරාධයක් හෙලිදරව් කර ගැනීමට හැකි වු අර අත්භුත වාක්‍ය අවසන් වරට දැක ගැනිමටය. එහි වු වදන් පෙල කිය වීමත් සමග මාගේ හිස බමන්නාක් මෙන් දැනුණේය. දෙපා මට වාරු නැතිව ගොස් උසාවි භූමියේ මා ඇද වැටුණි.මෙවර පෙර දින මා කියවු වාක්‍ය වෙනුවට එහි සදහන් වූයේ.....
"ඔබට ස්තූති!"

Source: Link