මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

06 June 2017

---අග්නි මහසෝනා---


උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුවත් දිගින් දිගටම උසස් අධ්‍යාපන කටයුතුවල නියැළීමේ උනන්දුවක් ජිතේන්ද්‍ර තුළ නොපැවතුණි. එයට හේතු වූයේ ඔහු
මුහුණපෑ ආර්ථික දුෂ්කරතාවන්ය. දකුණු පළාතෙන් සරසවියට පිවිසීමට වරම් ලැබූවන් අතරින් ඉහළම ලකුණු ලැබූ කිහිපදෙනා අතර ඔහුගේ නමද සටහන්වී පැවතුණි. එහෙත් දෛවය ඔහුට සරදම් කරමින් සිටියේය. දැඩි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් වෙළී සිටි ඔහුගේ මවුපියන්ට තම පුතාව සරසවියට යවා ඉගැන්වීමට තරම් වත්කමක් නොවීය.
උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර ජිතේන්ද්‍ර ඉගෙනීමේ ආශාව අතහැර දමා කොළඹට පැමිණියේ මේ හේතූන් නිසාය. අතරමං වූවකු සේ කොළඹට පැමිණ හෝමාගම ප‍්‍රදේශයේ කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවයට එක්වන ඔහු හෝමාගමට ආසන්නයෙන්ම කුලී කාමරයක නවාතැන් ගත්තේය.
එය පැරණි වලව් පන්නයේ නිවසකි. එළියෙන් දොරවල් යොදා තිබූ ඉදිරි කාමරයේ ජිතේන්ද්‍ර හා එම ආයතනයේ තවත් ලිපිකරුවකු නවාතැන් ගෙන සිටියහ. චේතනා එම නිවසේ දියණියයි. වසර පහකට පමණ පෙර චේතනාගේ පියා මියයාමත් සමගම තම මව හා එකම සොහොයුරිය සමග නිවසේ හුදෙකලා වීමට ඇයට සිදුවිය. ‘ගීතා අම්මා’ යනු ඔවුන්ගේ කුස්සි අම්මාය. ඇයද ඉතා වයස්ගත තැනැත්තියකි. ඔවුන් පාරම්පරිකව පොල් වතුවල උරුමක්කාරයන් වූ බැවින් පියාගේ මරණයෙන් පසුවද එතරම් ආර්ථික දුෂ්කරතාවක් ඔවුන්ට නොවීය.
පිරිමි ළමයකු නිවසේ නතර කරගැනීමේ මූලික අවශ්‍යතාව ලෙස ඔවුනට මතුවූ ගැටලූව වූයේ හදිසියකදී හෝ පිරිමි පුළුටක් නොමැති නිවසේ අඩුව මකාගැනීමය. මුදලක් උපයාගැනීමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ නොවීය. බෝඩින්කරයකු තෝරාගැනීමේදී ගුණගරුකභාවය මෙන්ම යහපත් බවද ඔවුන් දැඩි ලෙසම අපේක්ෂා කළේ ගැහැනු ළමුන් දෙදෙනකුගේ ආරක්ෂාව පිළිබඳ සිතිය යුතු නිසාය.
ඉවසීම, තැන්පත්කම මෙන්ම තමා කතා කරන කාගේ වුවද හිත දිනාගැනීමේ හැකියාවක් ජිතේන්ද්‍රට විය. වැඩි දිනක් යන්නට කලියෙන් ඔහු බෝඩින්කාරයකුට වඩා එම පවුලේ සමීප හිතවතකු බවට පත් විය. විවේක ලැබෙන අවස්ථාවලදී නිවසේ ගැහැනු ළමුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීමද ඔහු අතින් සිදුවිය.
මේ අතර උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණ ඇති බව දැනගැනීමත් සමගම ගමට යන ජිතේන්ද්‍ර යළි පැමිණෙන්නේ බිඳුණු සිතින් යුතුවය. ඒ තමා උසස් ලෙස විභාගය සමත් වුවත් සරසවි පිවිසීමට තමන්ට ආර්ථිකය හරස්වී තිබීමය. බෝඩිමට පැමිණීමත් සමගම ජිතේන්ද්‍රගේ හිත් වේදනාව චේතනාගේ පවුලේ අයගේ වේදනාවක් බවට පත්වන්නට තරම්ම ඔහු එම පවුලේ හිත දිනාගෙන තිබුණි.
මේ අතර චේතනාගේ හිත තුළ ජිතේන්ද්‍ර කෙරෙහි කැමැත්තක් ටිකින් ටික මෝදුවෙමින් පැවතුණි. ඔහු සරසවි පිවිසීමට තරම් උසස් ලෙස සමත් වී තිබීම එම සතුට තව තවත් වර්ධනය කරන්නට හේතු විය. ඇය තම මවට අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කළාය.
‘අම්මා, අපි ජිතේන්ද්‍ර අයියට ඉගෙනගන්න උදව් කරමු’
‘එයා රස්සාවක් කරනවනේ’
‘ඒත් එයා ඉගෙනගන්න දක්ෂයි. සල්ලි නැති නිසානේ කැම්පස් යන්නේ නැත්තේ.’
‘ඉතින් එයා රස්සාව නතර කරයිද?’
‘අම්මා අහලා බලන්ඩ.... තාත්තාට පිනක් සිද්ධ වෙන්ඩ කියලා හිතාගෙන අපි එයාට ඉගෙනගන්න උදව් කරමු. එයා නරක කෙනෙක් නෙමෙයිනේ...’
‘මම අහන්නම්’
පසුදා සවස චේතනාගේ මව ඔහු හා කතා කළාය.
‘පුතා ඔයා කැම්පස් යනවද?’
‘නැහැ ඇන්ටි’
‘ඇයි පුතා ඒ?’
‘තාත්තාට මට වියදම් කරන්ඩ විදියක් නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් අමාරුවෙන්’
‘ඔයා කැම්පස් යන්න. ඔයාට අපි වියදම් කරන්නම්’
‘එතකොට රස්සාව නතර කරන්න වෙනවනේ’
‘ඔව් ඔයා රස්සාව නතර කරන්න. ඔයාට මෙහෙම නතර වෙන්න පුළුවන්. බෝඩින් ගාස්තු අවශ්‍ය නෑ, මහපොළත් ඔයාට ලැබෙයිනේ. ඉතිරි වියදම් අපි දරන්නම්’
ජිතේන්ද්‍රට ඇති වූ සතුට අප‍්‍රමාණ විය. ඉන් පසු ඔහු කොළඹ සරසවියට පිවිසියේය. ඔහු තව තවත් පවුලේ අයකු බවට පත්වන්නට විය. චේතනාගේ කැමැත්ත ආදරයකට පෙරළුණේ ගින්දරයි, පුළුණුයි එකට තැබිය නොහැකිය යන කියමන සනාථ කරමින්ය. මොවුන් දෙදෙනාගේ ආදර සබඳතාවට කිසිවකුගෙන් බලපෑමක් පැමිණියේද නැත.
තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවුලේ ළඟම ඥාතියෙක් මෙන් චේතනා හා ඇගේ මව කරන උපකාර මතක් වන වාරයක් පාසා ජිතේන්ද්‍රගේ ඇස් කෙවෙණි තෙත් වූයේ තමන්ගේම අසරණකම මතක්විමෙනි.
අනික් අතට තමන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම්වල සිට එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් පවා ලබාදෙන චේතනා වෙනුවෙන් තම ජීවිතය වුවත් පූජා කිරීමට කැමැති වන ආකාරයේ මානසිකත්වයක් ඔහු තුළ විය.
කාලය ක‍්‍රමක‍්‍රමයෙන් ගතවිය. සමවයසේ තරුණ තරුණියන් සමග කෙළිදෙළෙන් සරසවියේ කාලය ගතකරන ජිතේන්ද්‍රගේ සිතට තවත් තරුණියක් පිළිබඳ අදහසක්
ඇතිවන්නේ මේ අතරතුරදීය.
උපාධියෙන් පසු විවාහවීමේ බලාපොරොත්තුවෙන් සිටි චේතනාට ඔහු පිළිබඳ කිසිදු අයුරකින් සැකයක් නොවිය. ඔවුන් නිවසේ තනිවූ අවස්ථාවල ඔවුනගේ සබඳතාව ආදරයෙන් බැහැරව බොහෝ දුර ගොස් තිබුණි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ජිතෙන්ද්‍ර උපාධිය ලබා සරසවියෙන් පිටවිය. පෞද්ගලික ආයතනයක ඉහළ
රැුකියාවක් ලැබුණු නිසා නුවර ප‍්‍රදේශයට යෑමට ඔහුට සිදු විය. මේ පිළිබඳ චේතනා කැමැත්තක් දැක්වූයේ නැත. චේතනා නොතකා හැරි ජිතේන්ද්‍ර තනි මතයට නුවර
රැුකියාවට ගියේය. දිනෙන් දින චේතනාව අමතක කර දැමීමට ඔහු උත්සහ ගන්නා බව වැඩි දිනක් යන්නට මත්තෙන් ඇයට වැටහුණි. ඇය ජිතේන්ද්‍රට කළ උදව් උපකාරවලින් ඔහු මනා ප‍්‍රයෝජන ගත්තද තමා ඔහු වෙනුවෙන් පි¥ පිවිතුරු ආදරයට ඔහු ද්‍රෝහි වූ බව ඇයට ස්ථිරවම පසක් වූයේ ජිතේන්ද්‍ර සිය දුරකතනයේ අංකය පවා වෙනස් කිරීමත් සමගය. මේ අතරතුර විශ්වවිද්‍යාලයේදී ඔහු සමග සබඳතාවක් පැවැත්වූ තරුණියක ගැන තොරතුරු චේතනාට දැනගන්නට ලැබුණි. එම ආරංචිය චේතනා තුළ ඇති කළේ දුකකට වඩා වෛරයකි.
මලයාලම් කපුවකු වූ මංග අයියා සොයා චේතනා සහ මව පැමිණෙන්නේ මේ අතරතුරය. ඒ ජිතේන්ද්‍ර සිදු කළ
වැරැුද්දට දඬුවමක් දීම උදෙසාය.
දේවාලයට ගොඩවෙත්ම මංග අයියා චේතනාගෙන් ඇසූ ප‍්‍රශ්නය ඇය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවු එකක් විය.
‘කෙල්ල බඳින්ඩ හිටපු එකා අමාරුවේ දාලා පැනලා ගියා නේද?’
චේතනා බිම බලාගත්තේ එය නිවසේ අයට රහසක් වූ නිසාය. ඇගේ මවගේ ඇස් උඩ ගියේ මංග අයියාගේ ඒ ප‍්‍රශ්නයත් සමගය.
‘මොකද උඹ කතා නැත්තේ... ඌ උඹව අමාරුවේ දැම්මා විතරක් නෙමෙයි උඹලව හොඳට ඇන්දෙව්වා නේද?’
‘ඌව ආයිත් උඹට ලැබෙන්නෑ. උඹත් එක්ක ඉන්න කාලෙත් තව කෙල්ලෙක් ඌට ඉඳලා තියෙනවා. ඒකිව බදින්ඩයි කල්පනාව. ඌව අතඇරලා දාපන්’
‘අපිට අපි දුන්න බඩු ටික ගන්ඩ ඕනේ’
‘මුඞ්ඩ කඩලා කළු ගාපු පොල් ගෙඩියකුයි, කළු ගාපු බිත්තරයකුයි ගෙනෙන්’
පසුදින ඔවුහු පොල් සහ බිත්තර රැුගෙන යළි මංග අයියා සොයා පැමිණියහ. දේවාලය තුළට පොල් සහ බිත්තර ගත් මංග අයියා විනාඩි කිහිපයක් ආරූඪයෙන් එය ජීවම් කරන්නට විය.
‘මේක යනගමන් කනත්තකට විසිකරගෙන පලයන්’ අනිවාර්යයෙන්ම දවස් තුනකින් මූ උඹලට කතා කරයි. දවස් හතක් ඇතුළත බඩු ටික දෙන්ඩ ඕනේ’
ඔවුන් පොල් ගෙඩිය සහ බිත්තරය කනත්තට විසිකර දින තුනක් ගෙවී ගියේය. මංග පැවසූ පරිදිම හවස් වරුවේ ජිතේන්ද්‍ර කතා කළේය.
‘ඔයාට මාව එපානම් මම අරන්දුන්න රත්තරන් බඩු ටිකයි, ලැප්ටොප් එකයි දෙන්න’
‘කවුද එපා වෙලා කිව්වේ’
‘ඔයා ගැන මම ඔක්කොම දන්නවා’
‘මොනවද දන්නේ’
‘බඳින්ඩ ඉන්න ගෑනු ළමයා ගැන....’
ජිතේන්ද්‍ර නිහඬ විය. අවසානයේ විසඳුමකින් තොරවම දුරකතනය විසන්ධි විය. මංග අයියා පැවසූ පරිදිම දින හතක් ගෙවී ගියද බඩු ටික ලැබුණේ නැත. චේතනා සහ මව යළි දේවාලයට පැමිණියේය.
‘අපිට බඩු ඕනේ නෑ. ඒකා කරපු ජරා වැඬේට ඕකව අනිවාර්යයෙන්ම මරලා දාන්ඩ ඕනේ’
‘ඒවා කරන්ඩ ඕන තරම් වැඩ තියෙනවා. හැබැයි එක හිතින් කරන්ඩ ඕනේ...’
ඒ අනුව සියල්ලෝ අවසන් තීරණයකට එළඹියහ. මංග අයියාගේ දේවාලයට පහළින් කුඩා කැලයක් ඇති අතර, ඒ හරහා ගලා යන දොළ පහරක්ද ඇත. එදින සිකුරාදා දිනයකි. දොළේ ඉවුරේ පන්දම් හතරක් දල්වා ඇත. ඒ අතර කළු රෙදි කඩක් එළා ඒ මත රතුමල් අතුරා ඇත. මංග අයියා දොළ ඉවුරෙන් ලබාගත් මැටිවලින් මිනිස් රුවක් තැනුවේය. රත්මල් ඇතිරූ කළුරෙද්දේ මැද මිනිස් රුව තැබුවේ රුවේ හිස බස්නාහිර දෙසට හරවමිනි.
රෙදි කඬේ එක් පසෙකින් චේතනා හා ඇයගේ මව වාඩිවී සිටියේය. මංග අයියා මරු සිටින දෙස බලා වාඩි වී සිටියි. මලානික හඳ එළියෙන් වනාන්තරයේ ගුප්ත බව තව තවත් වර්ධනය විය. දොළ පහරේ ශබ්දයත් සමගම චේතනාගේ සිත තුළ බියක් සමගම වේදනාවක් ඇති විය. වරින් වර තටු ගසා ඉගිලෙන වවුලන් හේතුවෙන් ඇගේ බිය තවදුරටත් සිත තුළ තෙරපෙන්නට විය.
මධ්‍යම රාත‍්‍රිය ටිකෙන් ටික එළඹියේය. මංග අයියා වේගයෙන් මතුරන්නට විය. ඉන්පසු පසෙක තිබූ එළු ලේ බඳුන අතට ගෙන මිනිස් රුව තුළට පුරවන්නට විය. මිනිස් රුව සාදා තිබුණේ ඇතුළත සිදුරක් සිටිනා ලෙසටය. ඉන්පසු මැටි ටිකකින් සිදුර වසා දමා යළි මතුරන්නට විය. වේලාව රාත‍්‍රී දොළහ පසුවී මිනිත්තු පහළොවක් ගතවී තිබිණි.
තව ටිකකින් මගේ ඇඟට අග්නි මහසෝනා එනවා. එයාට සිංහල කතා කරන්ඩ බෑ. කරන්ඩ ඕනේ දේ ගෝළයා කියයි. ඔය අතේ තියෙන උලෙන් අනින්ඩ කිව්වම
එකහිතින් අනින්ඩ ඕනේ.
විනාඩි කිහිපයක් ගත විය. මංග අයියා දකුණු අතේ ඇඟිලි දෙකක් බිමට තබා වචන කිහිපයක් පැවසීය. ඔහුගේ ශරීරය වේගයෙන් පිටුපසට ගැස්සි ගියේය. ඒ වනවිට ඔහුගේ මුහුණ බැලීමට නොහැකි තරම් රෞද්‍රය. ශරීරය හරවන විට ශරිරයේ අස්ථිවල ශබ්දය හොඳින් ඇසෙයි. ඔහුගේ මුවින් පිටවූයේ ඉතා වේගයෙන් හුස්ම ගන්නා ශබ්දයත්, මලයාලම් භාෂාවත් පමණි.
‘ඔය රූපයේ ඔළුවටයි, පපුවටයි අනින්න.’ ගෝළයා අණ දුන්නේය. චේතනා හා මව තම අත තිබූ උල් දෙකෙන් මැටි රුවට ඇන්නෝය. ඉන්පසු රූපය අතටගත් මහසෝනා පන්දමක් අතට ගෙන ගිනි කමින් එම රූපය ගිල දැමුවේ පාන් පෙත්තක් හපා කනවාටත් වඩා පහසුවෙනි. ඒ අතරතුර වරින් වර පන්දම කටේ දමමින් ගින්දරද කෑවේ චේතනාගේ සර්වාංගයම වෙව්ලා දමමිනි.
රාත‍්‍රී දෙක පමණ වන විට පූජාව නිම විය. මංග අයියා චේතනා ළඟට පැමිණියේය.
‘මරන්ඩ ඕනේ කිව්වට ඒක හිතාගෙන නෙමෙයි නේද පිහියෙන් ඇන්නේ....’
‘මගේ හිතට බයක් ආවා’
‘බයක් නෙවෙයි දුකක්’
‘මම කිව්වනේ එක හිතින් කරන දෙයක් කරන්ඩ කියලා’
‘ඌ මැරුණේ නෑ. ඒත් මං ඌට මාරයා පෙන්නුවා. දැන් ඌ මරුණා වගේ. මං ඌව ටිකෙන් ටික මරලා දානවා. අන්න ඌට අංශභාගේ. උඹගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ආයෙත් මහසෝනට පූජාවක් දුන්නොත් ඌව බේරෙයි. නැත්නම් ඌ සදාකාලිකවම එහෙමම ඉඳියි. කවදාහරි ඌව බේරගන්ඩ පුළුවන් වෙන්නෙත් උඹට විතරයි උන් දන්නේ නෑ අග්නි මහ සෝනාගේ හැටි.’
ඒ සමගම චේතනා නිහඬව බිම බලාගත්තේ අරමුණකින් තොරවයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---දිවුලානේගොඩ නිධන් හෑරූ හොරුන්ට වූ විපතින් ගමක් බියවෙයි---



තුරුලතා අතරින් අදුරු මගක් ඔස්සේ කන්ද නැග්ගවිට එළිමහන් කදුමුදුනක් හමුවිය. උතුරු දෙසටවන්නට තරමක් උස ගිරිකුළකි. එය මුදුනේ නටබුන්වී ගිය දාගබක සේයා ඈතට දිස්වේ. තවත් තරමක් ඉදිරියට යද්දී ගල්කෙමක රැඳී තිබු පිරිසුදු වතුර අතරින් බෝධියක දසුන් පෙනෙන්නට විය. සුළගත් සමග මුසුවී එන වලසුන්ගේගද නහය කිතිකැවීය.මේ කතරගම දෙවියන් ජීවමානව වැඩවෙසෙන බවට විශ්වාසයක් පවතින කුමන ජාතික වනෝද්යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලය පිහිටි ඉසව්වයි.මම මේ සිටින්නේ අපේ රටේ ඓතිහාසික පුදබිමක වැනසීගිය නටබුන් අතරයැයි කිසිවිටකත් නොසිතේ. ඉත්තෑවන්ගේ, වලසුන්ගේ, දිවියන්ගේ අලින්ගේ වසුරු මේ ගල්තලාවේ සෑම තැනකම දැකිය හැකිය. තැනින් තැන ඇති පස් පිරුණු තැන්වල පතොක් වැනි ශුෂ්ක කලාපීිය ශාකයන්ය. අවට කැලේ පලූ, ඇහැළ, බුරුත වැනි ශාකයන්ය.සියවස් ගණනාවකට පෙර භාවනානුයෝගී මහසගරුවනින් පිරුණු මේ බිම අද වනසතුන්ගේ රජදහනකි. කුමන ජාතික වනෝද්යානයේ දිවුලානේගොඩ පන්සල නමින් අතීතයේ හැදින්වු මේ බිමේ සිට අවට බලද්දී තෙරක් නොපෙනෙන වනාන්තරය කොළපාටින් දිස්වේ.

අපේ රට විදෙස් ආක්රමණයන්ට ලක්වෙද්දී කතරගම දෙවිදුන්ගේ ආභරණ ආරක්ෂාවට මේ දිවුලානේගොඩ පන්සලට කිලෝමීටර් හතරක් පමණ නුදුරින් පිහිටි මහකැබිලිත්තට වැඩමකරවු බව විශ්වාසයයි.කුමන වනෝද්යානය තුළ ඕකන්ද වනජිවී පිවිසුමේ සිට කිලෝමීටර් පනහක් පමණ කැලය ඇතුළට වන්නට දිවුලානේගොඩ පන්සල ඇති මේ කියන කන්ද පිහිටා තිබේ. උසින් අඩි දෙසිය පනහක් පමණ යැයි සිතිය හැකි මේ කන්දට නැගිවිට නැගෙනහිර දෙසින් කුඩුම්බිගල, බඹරගස්තලාව ආරණ්ය පිහිටි කුඩා කදුත්, කෝන්ගල්ලෙන් විහාරය, විහාරගල, කදුරුපොකුණ සහ බෝවත්තගල්ගේත් හොඳින් දිස්වෙයි.බස්නාහිර දෙසින් මොණරාගල කදුවැටියත්, තිඹිරිගලත් පෙනේ. උතුරින් පෙනෙන්නේ වෙස්ට්මින්ස්ටර් ඇබේ හෙවත් ගොවිදුහෙළයි. දකුණ බලද්දී යාල ජාතික වනෝද්යානයේ කලාප අංක තුනේ පිහිටි තලගුලූහෙල, මායාගල, පිළිමගලත් යාල විශේෂ ආරක්ෂක කලාපයේ (එන්.එස්.ආර්) පිහිටි කොටාබැදිහෙළ, දෙමටගල සහමණ්ඩාගල යන කුඩා ක`දුත් පෙනේ.ක්රිස්තු වර්ෂ පළමු, දෙවැනි සහ තුන්වැනි ශතවර්ෂ වලට සහ අතීත රෝහණ රාජ්ය සමයේ බෞද්ධ විහාර, ආරාම මේ කදු රැස ආශි්රතව තිබූ බවට සාධක ඇතැයි අපට පැවසුවේ වනජීවී අඩවි සහකාරවරයකුවූ බී. ගුණසිංහ මහතාය.එය සත්යයක් බව පසක් වූයේ මේ ගල්තලාවේ තැනින් තැන කැපු පඩිපෙළවල්, නේවාසික කුටි චෛත්යයේ, මල් ආසන, විහාරගෙවල්, බෝධින් වහන්සේලා දුටුවිටය. අද කතරගම මහදේවාලය තිබෙන තැන විදෙස් ආක්රමණිකයන්ට පහසුවෙන් ළගාවිය හැකි නිසා කතරගම දේවාලයට හානියක් කර දේවාභරණ පැහැරගනීවි යැයි සැකයක් එදා දේවාලයේ නිලරාජකාරි කළ බස්නායක නිලමේවරයා සහ කපු පරම්පරාව එම දේවාභරණ මහ කැබිලිත්තට වැඩම කරවා ඇත. 

එදා මේ ප්රදේශය බෞද්ධ ආරාම වලින් පිරුණු පින්බිමක්ව පැවතීම ඊට තවත් හේතුවක් වන්නට ඇත.ඕකන්ද සිට මෙතැනට පැමිණීම පහසුනැත. මඩමෙතොට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් පහසුවෙන් වාහනයකින් ආ හැකි වුවද එතැන් පටන් ඇත්තේ අති දුෂ්කර මගකි. කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩ වෙසෙන බව කියන මහකැබිලිත්තහෙවත් ‘‘ඓතිහාසික සියඹලා දේවාලයට’’ යන මාර්ගය ඔස්සේද දිවුලානෙගොඩ පන්සලේ නටබුන් වලට ගමන්කළ හැකිය.මඩමෙතොට දේවාලය පසුකර හෙරළිගස්ආරෙන් එගොඩවී ගල්අමුණ කදවුරු බිම පසුකර කුඹුකන්ඔය අද්දරින් ඉදිරියට යද්දී අලූත්ගංආර අසල තුංමන් හන්දිය හමුවෙයි. එතැනින් වමට හැරි අලූත්ගං ආරෙන් එගොඩවී ඉදිරියට ආයුතුය. එම මාර්ගයේ තව ටිකදුරක් මහ කැලෑවේ එද්දී කළුකුඤ්ඤංආර හමුවෙයි. කුමන කැලේ ඇතුළේ පිහිටි බක්මීවැවේ පිටවාන වන්නේ මේ කළුකුඤ්ඤං ආරය. ඉවුරු දෙක තද බෑවුම් සහිත අතර මෙහි ජල මට්ටමද ඉහළය. එතැනින් එගොඩවී ටිකදුරක් එනවිට අලකොළආර හමුවෙයි. වල් අලින් නිතර ගැවසෙන ජල නිම්නයක්වු අලකොළආර තරණය පහසු නැත. දෙපැත්තේම ඉවුරු උසය. ජල මට්ටමද වැඩිය. කිඹුලන්ගෙන් අඩුනැති මෙහි එගොඩ මෙගොඩවීම පරිස්සමින් කළයුතුය.අලකොළආරෙන් එගොඩවී ටිකදුරක් යද්දී කුඹුකන්ඔයට අද්දරින්ම එගොඩ වන්නට ඇත්තේ වලංකටු ආරය. ඉන්පසු පාලම්ආර හෙවත් මහවෙලතොට ආර හමුවෙයි. එයද පසුකර තව ටිකදුරක් යනවිට ගල්ගොඩආර හෙවත් ගල්කැට ආර හමුවෙයි. මේ ආර දිවුලානේගොඩ දෙස සිට ගලා එයි. මේ පසුකරගෙන ආ ආරවල් අතරින් හෙරළිගස්ආර, අලූත්ගංආර, කළුකුඤ්ඤංආර සහ අලකොළආර යන ආරවල්වල වසරේ වැඩිකාලයක් වතුර තිබේ. නමුත් සෙසු ආරවල් වැසි සමයේ පමණක් ජලය පවතී.මේ අතිදුෂ්කර මග ඔස්සේ මඩමෙතොටසිට කිලෝමීටර් තිස් හතරක් පමණ ඉදිරියට එනවිට පාරේ දකුණු පැත්තට කිලෝමීටර් භාගයක් පමණ කන්ද නැග ගියවිට මේ දිවුලානේගොඩ පන්සල් බිම හමුවෙයි. කුමන මහ කැලෑව ඇතුළේ හුදකලා මේ ඓතිහාසික බිම කලකට ඉහතදී කොටි ත්රස්තයන් සැගව සිටි ප්රදේශයකි. මොනරාගල, කොටියාගල, යාල, ගල්ගේ, බුත්තල, නියදැල්ල, ඔක්කම්පිටිය වැනි ප්රදේශවල සිදුවු කොටි ත්රස්ත ප්රහාර සැලසුම්කරන්නටත්, පහදීම්වලින් පසු කොටි ත්රස්තයන් පසු බසින්නටත් ඇත්තේ මේ ප්රදේශවලට බව විශ්වාසයයි. ඒ නිසා වනජීවි නිලධාරීන්ගේ අවධානයෙන් පවා ගිලිහීි ගොස් තිබු ප්රදේශයකි.

2002 වසරේ පැවති සාමකතා වලින් පසු කුමන කැලෑවේ කදවුරු බැදගෙනසිටි ත්රස්තයෝ නැගෙනහිරට ගියහ.සීමිත නිලධාරීන් පිරිසකට හෙක්ටයාර් 35664ක් විශාල වනෝද්යාන බිමක සෑම අස්සක් මුල්ලක් ම සෙවිය නොහැකි බව දැනගත් වන අපරාධකරුවන් මෙන්ම නිධන් හොරුන්ද මේ පුරාවිද්යා බිම්වලට ඉන්පසු බැල්ම හෙළුහ.දිවුලානේගොඩ පන්සලේ ලෙන් විහාරයක තිබු අඩි හයක් උසැති බුදු පිළිමයද නිධන් හොරුන්ට බිලිවී ඇත. මේ වනවිට ඒ බුදුපිළිමය තිබූ ගල්ලෙනේ බිම අඩි පහළොවක් පමණ ගැඹුරට බෝර දමා වළක් හාරා ඇත්තේ නිධන් සෙවීමට විය යුතුය. දැන් ඒ වළේ ඉතා පිරිසුදු වතුර පිරී තිබේ. එහි තිබූ බවට සිතිය හැකි කළු ගලෙන් තැනූ මල් ආසනය නුදුරින් පිහිටි ගල් තලාවට ඇද දමා තිබේ.මේ බුදුපිළිමය විනාශ කිරීමෙන් පසු වනෝද්යානයට මායිම්ව පිහිටි කොටියාගල ගම්මානයට නිතර අපල උපද්රව ඇතිවිය. ගම්වාසීන් වැඩි දෙනකුගේ විශ්වාසයවී තිබුණේ මහකැබිලිත්ත දේවාලයට නුදුරුව පිහිටි දිවුලානේගොඩ විහාරයේ බුදුපිළිමය විනාශ කිරීම නිසා ඇතිවූ දේව කෝපයට තම ගම ලක්ව ඇතිබවයි. නිසා ගම්වැසියන් පිරිසක්දැව වලින් තැනූ වෙනත් බුදු පිළිමයක් එහි වැඩම කරවා භික්ෂූන් වහන්සේලා වැඩසිටි කුටියක තැන්පත් කර ඇත. කතරගම දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කරන්නට ගියොත් විපාක විදින්ට සිදුවන බවට ජනතාවගේ විශ්වාසය මෙයින් තවත් තහවුරුවෙයි. ඒ අලූත් බුදු පිළිමය ද යම් පිරිසක් මේවනවිට වනසා දමා තිබේ.ගලමුදුනේම වූ චෛත්යයේ ගඩොල් හැම තැනම විසිරී ගොසිනි. ඒවාද නිධන් හොරුන්ගේ සහ කොටි ත්රස්තයන්ගේ ග්රහණයට හසුවීමෙන් විනාශ වන්නට ඇත. චෛත්යයට පහළින් ගල් පර්වතය ඇතුලෙන් බෝධිය දක්වා වූ උමං මාර්ගයක් පිහිටා තිබු බව අඩවි සහකාර බී. ගුණසිංහ මහතා වරක් පැවසීය. දැන් එහි ජලය පිරීපවතී.නමුත් උමං මගේ සලකුණු දැකිය හැකිය.අතීත ජනාවාස කිහිපයක්ම කුමන ජාතික වනෝද්යානය තුළ පිහිටා තිබුණු බවට සාධක තවමත් පවතී. කුමන වැවෙන් අක්කර සියයක පමණ කුඹුරු ප්රමාණයක් අස්වද්දා තිබේ. කුමන පැරැණි ගම්මානයේ ගෙවතුවල තිබු විශාල මුරුංගා ගස් අදටත් දැකිය හැකිය. ‘‘ජා’’ හමුදාව සමග මේ අතීත කුමන වැසියන් සටන්කළ බව ඉතිහාසයේ කියවෙයි.කොටි ත්රස්තයන් කුමනට රිංගාගත් පසුව ‘‘රාම්’’ නැමැති ප්රාදේශීය කොටිනායකයා නැවතී සිටියේ උණපොතුගල්ගේ ප්රදේශයේය. රිංගානගල්ගේ, බෝවත්තගල්ගේ මේ ප්රදේශයේ ඇති වෙනත් ගල්ලෙන්ය. කුමන වැවේ පිටවාන හෙරලිගස්ආරයි. අලූත්ගම්වැව, එරමිණිගස්වැව ආදියද කුමන ජාතික වනෝද්යානයේ පිහිටි ඒවාය. ‘‘රාම්’’ නැමැති ප්රාදේශීය කොටිනායකයා මේ දේව අඩවියේ සිට කළ නොපනත්කම්වලට ද`ඩුවම් ලබා ඇති බවද ජනතා විශ්වාසයයි.කුමන ජාතික වනෝද්යානයේ ඕකන්දෙන් ගමන් ඇරඹූවිට යෝධලිප පසුකර බාගුරා කළපුව, අන්දරකළ කළපුව, ඉටිකළ කළපුව, යාකළ කළපුව, ඔස්සේ කුමන විල්ලූව හරහා මඩමෙතොට දේවාලය තෙක් යන මාර්ගය පමණක් නඩත්තුව පවතී. යෝධලිපට ඉදිරියෙන් දකුණට ඇති කිරිපොකුණ සහ බඹරගස්තලාවට යන මාර්ගද, බාගුරා කළපුවට ඉදිරියෙන් දකුණට ඇති නෙලූම්පත්පොකුණ ඔස්සේ අලූත්ගංආරට යා කෙරෙන පාරද, බෝවත්තගල කුමන වැව ඉස්මත්ත හරහා අලූත්ගං ආරෙන් කුමන විල්ලූව තෙක් එන අතුරු මාර්ගද නඩත්තුවී ඇති ආකාරයක් නොපෙනේ.මීට කලකට පෙරදී පරිසරවේදීහු රැසක් කුමන ජාතික වනෝද්යානයේ වනසතුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අවශ්යතා සපුරාලීමට විශාල වශයෙන් ස්වේච්ඡුාවෙන් උපකාර කළහ. පක්ෂි වර්ග 255ක් කුමනදී දැකගත හැකිය. අප්රේල් සිට ජුලි දක්වාවූ කාලයේ සංක්රමණික කුරුල්ලන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. සමහරවිටක එය දසදහස් ගණනකි. කොකුන්, ළිහිණි, තාරා සහ වටු විශේෂ ඒ අතර දැකිය හැකිය. මේ සියලූ සතුන්ට ආරක්ෂාවක් මේ අඩවියේදී ලැබෙන්නේ කතරගම දෙවියන්ගෙන් යැයි පවතින විශ්වාස බොරුවක් බවකිව නොහැකිය.

වරක් මේ ප්රදේශයේ ආරක්ෂාව භාර ආරක්ෂක ප්රධානියකු වනසතුන් කිහිප දෙනකු මස්කර පරිභෝජනයට ගැනීම ගැන සෙසු ආරක්ෂක නිලධාරීන් අතර තිබුණේ දැඩි පිළිකුලකි. මෙවැනි වැරදි කළ තම ප්රධානියා කිසිදු උපද්රවයකින් තොරව සිටීම ගැන සෙස්සන් සිටියේ නොමනාපයකිනි. සමහරු කීවේ කතරගම දෙවියන්ට මේ අවනඩු නොපෙනේනේ ඇයි ද යන්නයි. එහෙත් ගතවූයේ ටික දවසකි. මේ ආරක්ෂක ප්රධානියාට දඩුවම් ලැබුනේ රැකියාවද අහිමි කරවමිනි.වර්තමානයේ කුමන ජාතික වනෝද්යානයේ ඕකන්ද කාර්යාලයත් භාරකාර නිලනිවසකුත්, අඩවි සහකාර, නියාමක නිල නිවසුත් 2003වසරේ සාදා දුන්නේ ලලිත් සෙනෙවිරත්න මහතාය. විශ්රාමලත් වනජිවී නියෝජ්ය අධ්යක්ෂවරයෙක්වූ ෂර්ලි පෙරේරා මහතා වනෝද්යානයේ වැව් ප්රතිසංස්කරණය කිරීමට දායකවිය.වැව් පහළොවක් පමණ කුමන වනෝද්යානය තුළ පිහිටා ඇත. රුක්ෂාන් ජයවර්ධන, වජිර විජයගුණවර්ධන, අනුර වීරක්කොඩි,රවි ධර්මසේන, චානක වික්රමසිංහ, හංස ඉද්දමල්ගොඩ, ජවනා ප්රනාන්දු ඇතුළු පරිසරවේදීහු විශාල පිරිසක් කුමන ජාතික වනෝද්යානයේ වනසතුන්ගේ අවශ්යතා මෙන්ම සංචාරකයන්ගේ පහසුකම් සැලසීමටද විශාල වශයෙන් දායක වූහ. මේ පිරිසට මෙවැනි කටයුතු කරන්නට හිත දෙන්නටත් විශේෂ හේතුවක් තිබිය යුතුය. ඔවුන්ගේ ක්රියාකාරකම් දකින හැමෝම පවසන්නේ වෙස්වලාගත් ආශිර්වාදයක් ඔවුන් මේ කටයුතුවලට පොලඹවනවාය යන්නය.ඕකන්`ද වැවත් පළිහදාපුවළත් නියගට ඔරෝත්තු දෙන දිය උල්පත්ය. මේවා හරස්කර ජලය ර`දවා තබාගැනීම මගින් නියං සමයේ වන සතුන්ගේ පිපාසය නිවිය හැකිය. 

පරිසරවේදීන් කල්යල් බලාඑකල මේ කටයුතු කිරීමට උද්යානයේකාර්ය මණ්ඩලයට විශාල සවියක් විය. එය වනසතුන්ගේ පැවැත්මට ඉමහත් පිටිවහලක් විය.වනෝද්යානයක පැවැත්මට මහජනතාවගේ සහාය අතිශයින් වැදගත්ය. අවට ගම්වල ජනතාවගේ මෙන්ම වනෝද්යානය නරඹන්නට එන සංචාරකයන්ද ඉතා වැදගත්ය.මඩමෙතොට, ඇදකුඹුක, ගල්අමුණ සහ කුමන මෝයකට යන ස්ථානවල කදවුරුබිම් කුමන ජාතික වනෝද්යානයේ පිහිටියේය. දෙස් විදෙස් සංචාරකයන් කුමනට එන්නේ කුරුල්ලන් නරඹන්නටය. කුමන විල්ලූ අද පරිසර විපර්යාසයකට ලක්ව ඇතිබව පෙනේ. සුනාමියට පෙර තිබු අලංකාර බව එහි අද නැත. මේ දේව අඩවියේ සතා සිවුපාවාගේ ආරක්ෂාව හරියට සලසන ඕනෑම කෙනකුට වරදින්නේ නැත. 2004 සුනාමිය අවස්ථාවේ ඕකන්ද පිවිසුම් මධ්යස්ථානයට මුහුද ගොඩගලා අඩි පහකට වැඩි ජලකදක් ගලා ආවේය. එහෙත් එහිවු ගොඩනැගිලි ඉතිරිවී ඉදිරිපස වැව පමණක් කැඞීගියේය. එදා කුමන වනෝද්යානය භාරවසිටි එම්.ආර්. මොහොමඞ් මහතාය. දෙවැනියාව සිටියේ වත්මන් අම්පාර අඩවි සත්වආරක්ෂක ඞී.පී. සියාසිංහ මහතාය. සුනාමිය එන වෙලාවේ කුමන සිටි සියාසිංහ මහතාද, වනජීවී අඩවි සහකාරවරයකුවූ බී. ගුණසිංහඇතුළු නිලධාරීන් සුනාමියෙන් ආරක්ෂා කරවූයේ දේව හාස්කමකින් බව සිතිය හැකිය. දිනහතරක් මහකැලෑව ඔස්සේ 2004 දෙසැම්බර් 29 වැනිදා ලාහුගල වනජීවි කාර්යාලයට නිරුපද්රිතව ඔවුන්ට එන්නට ලැබුණේද කතරගම දෙවියන් තමන්ට පිහිට ආරක්ෂාව සැපයු නිසා බව එම නිලධාරීහු අදටත් සිහිකරති.මහලේනව ගල්ලෙන් වල විසූ වැදිජනයා කතරගම පෙරහර නැරඹීමෙන් පසු චිත්රයට නගා ඇතිආකාරය ලෙන් බිත්තිවල ඇද තිබෙන අයුරු අපූරුය. කදුරුපොකුණ සෙල්ලිපි ‘‘කුමන’’ ඉතිහාසය ලොවට කියාපායි. කතරගම දෙවියන් ගැන වැදි ජනතාව තුළ තිබු ඇල්ම මේ සිතුවම්වලින් හොදින් කියැවෙයි.
උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුය

Source: Link


---සරණපාල---


රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස් දෙනා ගමේ විසූ හොඳම මිතුරන් පස්දෙනෙකු වූයෙමු. මේ කාල වකවානුව වන විට අප සිවු දෙනෙක් සාමාන්‍ය පෙල අවසන්ව නිවෙස්වල සිටි අවධියයි. නුවන්ද උසස්පෙලින් පසුව නිවසට වී සිටි කාලයම විය. එසේම නුවන් හා රොෂාන් එකම නිවසේ සහොදරයන්ද විය. කෙසේ හෝ මේ කාලවකවානුව තුල උදෑසන නිවසින් එලියට බහින අපට වල බැහීමට වඩා වෙනත් රාජකාරියක් නෙවීය. (දවල් කෑමට පවා ඉස්පාසුවක් නැති තරම් වැඩය ). වැවේ නාන්න යෑම, බෝට්ටු පැදීම, වෙල ඔබ්බෙන් වූ කැලෑ ඉඩමේ හොර කුරුම්බා කැඩීම, කොහේ හෝ සෙට් වී ඕමි බැලීම අපේ විනෝදාංශ අතර ප්‍රමුඛතම කාර්යයන් විය.
කෙසේ හෝ අප පස් දෙනා අතුරින් තරමක මංදගාමී, කුලෑටි ගති පැවතුම් වූ චරිතයක් වූයේ රොෂාන්ගේ අයියා වූ නුවනා ය. අපි හොරෙන් කුරුම්බා කඩන්න කැලෑ පැන්න විටදී වුවත් තරමක් තැතිගැන්වී අවට වටපිටාව ගැන වැඩිපුර සෝදිසියෙන් සිටීම ඔහුගේ සාමාන්‍ය කාර්ය්‍ය විය. නුවනාගේ මේ අසීමිත බිය ගැන අප හොඳින්ම දැනසිටි කරුණකි. දිනක් අප පස්දෙනා උදේ වරුවම සෙට් වී ඕමි බලා දහවල් 12 ආසන්න වන විට කුරුම්බයක් බීමේ අදහසින් වෙල අයිනේ වූ කැලෑ ඉඩමට ගෑටුවෙමු. (මේ ඉඩම අක්කර 15ක 20ක විතර ලොකු ඉඩමක්, වෙල දිහාවට යන පුංචි අඩි පාරක් ඇරුනහම තනිකරම වදුල වැවිලා. කාලයක් ඔය කැලේ කසිප්පු පෙරුවා කියන එකත් තවත් ප්‍රසිද්ධ රහසක්. ඉඩමෙ අයිතිකාරයෝ ඊට ටිකක් උඩින් තියන පට්ට පරන ගෙදර තමයි ඉන්නෙ. කුනු ලෝබ යක්කු ටිකක් ) ඉතින් කොහොම හරි ඒ යන අතරවාරයේ එකෙකු බයිට් කර ෆන් ගත්තේ සුපුරුදු ලෙසින්මයි, මෙවර බයිට වූයේ නුවන් කාරයායි.
* නුවනා උඹ දන්නවද මේ ඉඩමේ ජේවීපී කාලේ කොල්ලො ටයර් දාලා පුච්චලා මරලා තියනවලු, උන් විලාප දීපු සද්දෙ තාම මේ කැලේ රෑට ඇහෙනවලු. මම නුවනාගේ බය අවුසන්නට කථාවක් ගොතන්නට වුනෙමි.
* බොරු කියන්නැතිව ඉඳහන්. මේකෙ මොන හොල්මන්ද? උඹ තමා හොල්මන. නුවනා ස්වයං අස්වැසීමක් ලබන්නට මෙන් කියන්නට විය.
* බොරු නෙවෙයි ඩෝ, මේකේ තමයි අල්ලපු ගමේ අබිලිං මාමව මරලා තියෙන්නෙත්. ඌට වෙඩි තියලා බාගෙට පන තියෙද්දි පුච්චලා. ඒ තරහට අබිලිං හොල්මන මේ කැලේ රෑට ඇවිදිනවලු. මා ආරම්භ කල කථාව ඉදිරියට ඇදගෙන යාමට තිමිර හා නදීක ස්වේච්චාවෙන්ම ඉදිරිපත් විය. එසේම තවත් බිය උපදවන හොල්මන් කථා කියමින් කුරුම්බා ගසක් පා මුලට අප සේන්දු වුනෙමු.
* මං බය අබිලිං මාමගෙ හොල්මනට. නුවන් කාරයා සැබැවින්ම යම් තාක් තැතිගැන්වී තිබුනත් ඒ බව අපෙන් සඟවා සිටින්නට උත්සහ කරන්නට විය.
කෙසේ හෝ දැන් නුවනා අතහැර දමා කුරුම්බයක් බීමට අපි සූදානම් වුනෙමු. අපේ ගස් කාපර් නදීකයා වෙයි. නදීකයා ගසට නැග ගෙඩි 6ක් 7ක් බිමට නොවැටෙන සේ මා අතට පාස් කලේ ශබ්ද නොනැගෙන සේය. ඒ අතර රොෂාන් හා තිමිර වෙල අයිනේ වූ බෝවිටියා පඳුර සුද්ධ කරන්නට විය. සුපුරුදු පරිදි නුවනා මා අසල හිඳිමින් ඔත්තු බලන්නට විය.
ඒ අන්න අතන කවුද බලන් ඉන්නවා, අඩෝ අන්න එනවා දුවපං...!! නුවන් කාරයා එකවරම කෑ ගසා දුවන්නට විය.
හත්තිලවුවයි...!! ගහ උඩ සිටි නදීකයා අැසි පිය ගහන සැනෙන් ගසෙන් බැස ගත්තේ එක් ක්ශනයක් තුලයි. තිගැස්සුනු අප සිවු දෙනාම කැඩූ කුරුම්බාද බිම දමා දුවන්නට වූයේ වත්තේ අයිතිකාරයා වත්තට බැස ඇතැයි සිතමිනි.
 කෙසේ හෝ අප වෙලෙන් එගොඩහ රබර් වත්තට වෙනකල් දිව ගියේ විදුලි වේගයෙනි. (හත්වලාමේ අයිතිකාරයා ගෙදර උන්ට කිවුවොත් අපි හොර කුරුම්බා කැඩුවා කියලා බඩු මුට්ටු ටිකත් අරන් පාරට බහින්න තමා වෙන්නෙ. ) නමුත් කිසිවෙකු අප පසු පස හඹා එන බවක් අපට නොදැනින.
*අඩෝ, උඹ කාවද බං දැක්කෙ. වත්තෙ අයිතිකාරයද? හති අරිමින් රබර්වත්තේ නැවතුනු අප නුවනාගෙන් විමසුවේ තැතිගැනුනු සිත් ඇතිවමය.
* දන්නෑ බං. හරියට දැක්කෙ නෑ. උඩහ කජු ලන්ද පිටිපස්සෙන් ආවෙ. නුවනයා හති අරිමින් කියන්නට විය.
* යකෝ තෝ හරියට දකින්නෙ නැතිවද කෑ ගැහුවෙ හු#$@. නුවනා සමඟ ඇති වූ කේන්තියට හොඳ කුනුහරුප සංග්‍රහයක් තෑගි වශයෙන් පිරිනමන්නට මා කෘතඥ පූර්වක වුනෙමි.
* අඩෝ නෑ බං මං දැක්කා කජු ගහ එහාපැත්තෙන් එකෙක් ඉන්නවා. සත්තයි. නුවනයා දිවුරා සපථ කරන්නට විය.
* මූ අබිලිං මාමව දැක්කද දන්නෑ. තිමිරයා නුවනාව බයිට් කරන්නට විය.
* නෑ යකෝ. සිරා කියන්නෙ. මං දැක්කා. නුවනා කියන්නට විය.
* දැක්කා තෝ ල*&. වරෙන් යන්න ආපහු. මම නැවත ආපසු හැරෙන්නට මූලිකත්වය ගත්තේ සිදුවූ දෙය බලා ගැනීමේ ආශාවත් බියත් මුසු හැඟීමෙනි.
අප හොර ගල් අහුලමින් හෙමීන් සීරුවට වෑවර ගහ ලඟට ගෑටුවේ හොරා පොලිස් සෙල්ලම කරන්නාක් පරිද්දෙන් විමසිල්ලෙනි. ගස මුල අප දමා ගිය වෑවර එහෙමමය, කිසිවෙකු සිටි හෝඩුවාවක් එහි නොවිනි.
* මූ අබිලිං මාම දැකලා තමා. මදක් අස්වැසුනු සිතින් යුතුව මා කුරුම්බා ගෙඩියක් අතට ගනිමින් කීවෙමි.
* නෑ බං අන්න අතන හිටියා බං. නුවනයා එකම දේ නැවත නැවතත් දිවුරමින් කියන්නට විය.
* හිටියා හිටියා. දැන් කුරුම්බෙ බීහන්. ලොඳ එපා නම් මට දියන්.
කොහොමින් හෝ අපි කැඩූ කුරුම්බාද සප්පායම් වී නැවත එන්නට විය. ඒ අතර තුර මේ සිදුවීම නිසා නුවනයා අපේ පට්ටම බයිට විය. අප එන මග කජු ගහ පසු කරද්දී පවා "මචන් දවල් දොලහ පහු වෙලා කිරි ගස් යටින් යන්න හොඳ නෑ. අබිලිං මාමා මැරුවෙ ඒ කජු ලන්දෙ" ආදී වශයෙන් නොයෙකුත් දේ කියමින් ඌව බයිට් කිරීම අපට ආතල් එකක් විය. එදින සවස් වී අප නිවෙස් වෙත ගියත් සතියක් පසු වන තුරුත් නුවනාගේ හෝ වෙනත් කිසිවෙකුගේ කිසිඳු වෙනසක් නොවීය.
පසුව ගෙවෙන සතියේ ගමේ ලමා සමිතියක් හා අන්යෝන්‍යාධාර සමිතියක් විසින් කරන්නා වූ අවුරුදු උත්සවයක් විය. ඉතින් ගමේ ඉන්නා (පොඩිම සෙට් එක ) වුනු අපි සෙට් එක මේ සඳහා බැහැලා වැඩ කලේ කිසිඳු යටි අරමුණකින් තොරවමය. කෙසේ හෝ අවුරුදු උත්සවය පවත්වන්නට තෝරාගෙන තිබුනේ වෙලටත්, පෙර කී කැලෑ ඉඩමටත් මායිම්වූ කමතක් ලෙසින් විටෙක භාවිතා කරන්නා වූ පිට්ටනියකි. මඩුව ගැසුයේ කැලෑ ඉඩමේ මායිමට වන්නටය. ඉතින් රාත්‍රිය පුරාවට මේ මඩුව මුරකිරීමට අප පස් දෙනා ඉදිරිපත් වූයේ කොළුකම, මුරන්ඩුකම, අත්දැකීම් වලට වූ අසාව ආදී නොයෙකුත් ආසාවන් නිසාය.
රාත්‍රිය එලඹිනි. අප පස් දෙනා හැරෙන්නට මඩුවේ මේ වන විට කිසිවෙකුත් නැත. ෆුල් බිත්තර කොත්තු තුනක් හා, බැදපු මාළු කූරීන් 5ක් අපේ රාත්‍රී ආහාරය විය. තවත් රැය පහන් කිරීමට නදීකයා නියම බඩුවක් ගෙනැවිත් තිබිනි. ඒ, ඔය කියන සමයේ ෆේමස් මෝදකයකි (සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්) කාඩ් පැක් එකෙන් ඕමි බලන අතර තුර නුවනා හැරෙන්නට අප සිවු දෙනාම ඒ මෝදකය නිසා මෝල් වී සිටියෙමු. එකෙකු යමක් කියද්දී අනෙකාට හිනා වෙන්නට හේතුවක් අවැසි නොවිනි. රාත්‍රී 1 පමණ වන විට මෝල් හතරගාතෙන්ම අපිට කුරුම්බා බෑමට සිතට අාවේ කොළු කමට එහා ගිය දඩබ්බර කම නිසාදෝ යැයි මෙය ලියන මට අද වන විට සිතෙයි.
ඉතින් මහ රෑ කුරුම්බා බෑමට මා ගෙනා යෝජනාව තිදෙනෙකුම අනුමත කරද්දී නුවනයා පමණක් විරුද්ධ විය.
*මචන් මේ රෑ සත්තු ඇති ඔය කැලේ, පිස්සු කෙලින්න එපා. නුවා විරුද්ධ විය.
* ඇයි මචන් අබිලිං මාම. තිමිරයාගේ ඒ කුප්ප කථාවට මෝල් ගුලි කා සිටි අපට හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
*උඹලා ඕන මගුලක් කරහල්ලා, මං එන්නෑ. නුවාට නහුතයටම මල පැන ඇති බවක් පෙනෙන්නට තිබිනි.
ඒ අවසරයෙන් අප සිවු දෙනා මහ රාත්‍රියේ කැලෑ පාළුවට සූදානම් වුනෙමු. මේ වන විට නහුතයටම මල පැන තිබූ නුවා තනිවම ස්ටේජ් එකට වී අප එන තුරු සිටින්නට විය. කෙසේ හෝ කුට්ටි කැපිය හැකි ඝන අඳුරේම ගහක් සුද්ද කරගෙන අප මඩුව වෙත එද්දී අපේ නම් අමතා නුවනයා කෑ ගසනු ඇසින. ක්ශනිකව අප මඩුව වෙත පා නැඟුවෙමු.
*මොකද මොකද මචන්, අප නුවනයාගෙන් ඇසුවෙමු.
* අතන කවුරු හරි ඉන්නවා මචන්, වහලෙටත් ගල් ගැහුවා. බයෙන් බිරන්තට්ටු වී සිටි නුවනයා වෙල් නියර දෙසට වෙවුලන අතේ ඇඟිල්ල දිගු කරමින් පෙන්නන්ට විය.
*කෝ මොකෙක්වත් නෑනෙ බං. උඹ බොරුවට බය වෙලා.
* නෑ නෑ. අර ඉන්නවා. අර ඉන්වා. නුවනයා දැඩි භීතියකින් වෙවුලමින් බෙරිහන්දෙන්නට විය. නමුත් අපට පේන මානයක බල්ලෙකුවත් සිටියේ නැත.
තත්වය තරමක දරුණු බව මට ඉවෙන් මෙන් වැටහිනි.
* මචන් අපි ගෙදර යමු. නුවනාද කැටුව අපි සිවු දෙනාම නුවනා ගෙදර ගෙන යන්නට යන්නට තීරණය කලෙමු. ඒ යන අතරතුර නුවනයා යාන්තමින් කූල් ඩවුන් වනු දැකීම අප සිවු දෙනාගේම මහත් අස්වැසිල්ලකට හේතු විය.
නුවන්ව ගෙදරට ඇරලවූ අප සිදුවූ කිසිවක් ඔහුගේ මා පියන්ට නොකියා ඔහුගේ සොයුරු රොශාන්ටද නිවසේ නවතින ලෙස දන්වා නැවත අවුරුදු උත්සවය කරන ස්ටේජ් එකට යන්නට වුනෙමු. එහෙත් එහි ගිය අපට සිත් වල ඇතිව තිබුනේ මහත් වූ කැලඹීමකි. රාත්‍රිය පහන් කර නැවත අවුරුදු උත්සවය වෙනුවෙන් අප එහි යද්දී නුවනයා හා රොශාන් ද කැටුව යන්නට ඔවුන්ගේ නිවසට ගියත් නුවනයා දැඩි ලෙසින් උන රෝගයකට ගොදුරු වී සිටින බව දැන ගන්නට ලැබිනි. නුවනයා නිදා සිටි බැවින් ඔහුට විවේක ගැන්මට සලස්වා රොශාන් ඇතුලු අප සිවු දෙනා අවුරුදු උත්සවයට ගියෙමු. ඒ අතර තුර රොෂාන් අප හා පැවසුවේ රාත්‍රිය පුරාවට අයියා තනිව කියවමින් සිටි බවයි.
අවුරුදු උත්සවය අවසානයේ අප ගෙදර යද්දී නුවනයා ගෙදර යකා නටා ඇත. ඒ පණිවිඩය නිසා ඔහුගේ පියාද නිවසට පැමිණ සිටියේය. නුවනයා විටෙක සිහියෙන් සිටින බවක් පෙණින. තවත් විටෙක අර කවුද අර කවුද යැයි කෑගසමින් අවසිහියෙන් දඟලන්නට විය. මෙය ප්‍රේරේත දෝශයක් බව පූර්ව නිගමණයකට ඔහුගේ දෙමවුපියන් හා අසල්වාසීන් සියළු දෙනා තීරණය කර තිබිනි. ඉතින් ගමේ යකදුරු මහතෙකුගේ පිහිට පැතීමට ඔවුන් කටයුතු කරන්නට විය.
යකදුරු මහතා නිවසට පැමිණ නූලක් මතුරා අතෙහි බැඳ තෙල් ටිකක් මතුරා හිසෙහිද ගා මේ දරුවා ප්‍රේත බැල්මකට හසුව ඇති බව කියන්නට විය. එය ඉවත්කිරීමට නම් ශාන්ති කර්මයක් කල යුතු බවත් එතෙක් ඔහුව තනි නොකරන ලෙසත්, බුදුන් වැඳිම හෝ ගථා කීම නොකරන ලෙසත් පැවසීය. එසේ පවසා තෙල් කුප්පියක්ද මා මිතුරාගේ පියා අතට දී යකදුරු මහතා නිවසින් බැහැර විය.
නමුත් යලිත් පැයක් ගතවන්නට මත්තෙන් මා මිත්‍රයාගේ තත්වය තවත් නරක අතටම හැරින. මෙවර ඔහු මහා අමුතු භයංකාර හඬකින් ( බෙල්ල මිරකා ගොරවන්නාක් මෙන් ) ශබ්ද නඟන්නට විය. අත් පා දර දඞු කරගෙන බිම වැතිරෙන්නට විය. අප ඔහුව ඔසවා ඇඳට ගෙන යන්නට උත්සහ කලත් ඔහු එසවීමට අපහසු තරම් බරකින් යුතු විය. කෙසේ හෝ වෑයම් කර ඔහුව ඇඳට දමා ගත් අප ඔහු වෙනුවෙන් මාරුවෙන් මාරුවට ආවතේව කම් කරන්නට වීමු. (හිතපල්ලකො යකෙක් වැහිච්ච එකෙක්ට තනි රකිද්දි කොහොමද එන ආතල් එක කියලා)
පසුව දිනයක් නියම කරගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සියළු කටයුතු ලහි ලහියේ සූදානම් විය. එදින හවස් යාමයේ උඩහ හංදියේ බුදු මැදුර ලඟ පීකර් වලින් පිරිත් දමා තිබිනි. යාන්තමින් මෙන් අප මිතුරාගේ නිවසටද මේ ශබ්දය ඇසෙන්නට විය. තත්වය ක්ශනයක් තුල වෙනස් විය. පෙරටත් වඩා භයංකාර හඬකින් ඔහු ගොරවන්නට විය. එසේම දඟලන්නට විය. එසේ දඟලන ඔහුව පාලනය කරගැනීමට තරුණයන් 4කු වූ අප සිවුදෙනාටවත් නොහැකි විය. ඔහු නිවස තුල යකා නටන්නට විය. යකදුරු තුමාගේ තෙල් වලින්ද ඒ අවස්ථාවේ පලක් වූයේ නැත. එ වෙලාවෙහිම නිවසට පැමින සිටි අපේ තවත් මිත්‍රයෙක් බුදුමැදුර අසලට ගොස් කාරණය පවසා එය නවත්වන්නට කටයුතු සැලැස්වූ බැවින් නුවනයා යම් තාක් දුරට යථා සිහියට පැමිණුනි. නමුත් ඔහු,
*උඹලා මාව එලවන්න...!! මාව එලවන්න...!! හිතුවා මදි. මං මේකව අරං මිසක යන්නෙ නෑ කියමින් සිට ටිකකින් ඔහු සංසුන් විය.
යකා එලවන වැඩේ දැන් සූදානම්ය, කුකල් නාම්බෙකුද ඉදිරියේ තබාගෙන යකදුරු තුමා මතුරන්නට විය. කට්ටකුමන්ජල් සුවඳ හා විටෙක දියගොඩ මස් පුච්චන පුළුටු ගඳින් අපේ නාස් දැඩිව පීඩාවට පත්ව තිබුනි. පන්දම් රැගෙන යකදුරුතුමා දුම්මල ගහන විට නුවනයා හූ තියන්නට වෙයි. මහා බර හඩකින් ගොරවන්නට වෙයි. මල් තටුවට මෙහායින් ඇති කුකුල් නාම්බා දෙසට පනින්නට ඔහු උත්සහ කලත් ඔහුට මල් බුලත් තටුව ඇති සීමාවට පැමිණිය නොහැකි බව අපට තේරුම් ගත හැකි විය. මැතිරීම අතර වාරයේ යකදුරු තමා මා මිතුරාගෙන් උඹ කවුද කියා අසන්නට විය.
* උඹ කවුද කියපිය.
නුවනයා ඔළුව කරකවනවා මිස කිසිඳු ප්‍රථිචාරයක් නැත.
* පුච්චන්න කලින් කියාපිය උඹ කවුද? දුම්මල මිටක් හා පන්දම අතැතිව ගුරුන්නාන්සේ තදින් අසන්නට විය.
* මං සරණපාල. නුවනා ගොරහැඬි හඬකින් පිලිතුරු දෙන්නට විය.
*තෝ මොන සරණපාලද? කියපිය. යකදුරු නැවත ඇසීය.
*එගොඩහ වෙල අද්දර කජු ලන්දෙ සරණපාල. මදක් හිස කරකවමින් හිද නුවනයා නැවත පෙර ලෙසම ගොරහැඬි හඬින් පිලිතුරු දුනි. (හුටා..!! මූ කියන්නෙ අපේ කුරුම්බා පොට් එක ගැන. අපි උපදින්නටත් අවුරුදු ගානකට පෙර ඔය කියන කුරම්බා වත්තේ කජු ගහේ සරණපාල කියලා මනුස්සයෙක් එල්ලී මැරුනු බව පසුව අපිට දැනගන්නට ලැබුනා. ඔහු දැනට වත්ත හිමිකරුගේ ඥාතියෙක්ලු.)
*මොන එහෙකටද තෝ මේ දරුවගෙ අඟට රිංගුවෙ. යකදුරු මහතා නැවත විමසීය.
*මූව මං අරං යනවා. මං අරං යනවා. නුවනයා තීව්ර හඬකින් පවසමින් නැවත දඟලන්නට විය.
*එහෙම කොහෙද තෝ මේ දරුවා අරං යන්නෙ. හිටපිය. කියා යකදුරු තුමා නැවත මතුරන්නට විය.
* තෝ මේ කුකුල් බිල්ල අරන් යනවද? යකදුරු මහතා නැවත අසන්නට විය.
* මං මේකව අරං යනවා. හූ....!! නුවනයා හූතියමින් බෙරහන් දෙයි. බය බිරාන්තව අප පසෙකට වී සිදුවීම බලා හිඳී
* එවිට මතුරමින් යකදුරු ගැසූ දුම්මල පහරින් මුළු පලාතම ආලෝක විය.
*යන්නම් යන්නම්. මට මිනිස් බිල්ලක් දීපියවු. නුවනයා ගොරවන්නට විය.
*තොට දෙන්න මිනිස් බිලි නෑ. කුකුල් නාම්බා අරන් පල. කියමින් ගුරුන්නාන්සේ තරවටු කරන්නට විය.
* යන්නම්. යන්නම්...!! නුවනයා කුකුලා දෙසට නැවත නැවතත් පනින්නට වෑයම් කලත් ඔහුට මල් අසුන පැන කුකුලා ඇල්ලීමට නොහැකි විය.
* ගුරුන්නාන්සේ කටුවක් ගෙන කුකුලාගේ කරමලය විද ලේ ටිකක් ගෙන ගොටුවක් සාදා ඒ තුලට දමා මල් අසුනේ තබන්නට විය. නුවනයා සිහිසුන්ව වැටෙන්නට විය. පසුව මතුරමින් යකදුරු තුමන් මේ පෙරේත තට්ටුව නිවසෙන් බැහැරව ගෙන යන ලෙසත් තවත් සිවු දෙනෙකුට වත්තේ සිවුකොන ආරක්ශාවන් වලලන ලෙසත් උපදෙස් දුන් අතර අප 8දෙනෙක් පමණ පෙරේත තටුව රැගෙන කුනුහරුප කියමින් පන්දම වනමින් පෙරේත තටුව බෝක්කුවක් අසලට ගෙන යන්නට කටයුතු කරන ලදී. එය දමා නැවත පැමිනෙන විට පාරේ අයිනේ සිට තරමක් උස මහත මිනිහෙකු පාර මාරු වනු අපට දිස් විය. නමුත් අප ඒ අසලට පැමිණුනත් එහෙම මිනිසෙකු එහි නොවීය. මොකෙකු වුවත් ඒ පාර පැන්න මිනිහාට යාමට කිසිඳු පාරක් ඒ අසල නොවීය. කොහොමින් හෝ මේ කටයුත්ත කර අප නිවසට පැමිනෙන විට කහ වතුර හා දෙහි ගා අපව පිරිසිදු කර නිවස මායිමට ගන්නා ලදි.
පසුදින දෙහි කැපීමක් සිදු කල අතර ඉන්පසු යකදුරුතුමා යන්නට පිටත් විය. නමුත් නුවනාගේ හැසිරීම පෙර පරිදි නොවීය. තනිව කියවමින් විටෙක සිනාසෙමින් ඔහු නැවත නැවතත් දොඩවන්නට විය. (හත්වලාමේ යකා ගිහන් නැද්ද? අපට ඇති වූ ලොකුම ගැටළුව එයයි.)
කරන්නට දෙයක් නොමැති තැන ඔහුගේ දෙමවුපියන් පංසලේ කළු හාමුදුරුවන් මුණගැසෙන්නට තීරණය කලේය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගැන හසල දැනුමක් ඇති යළුිවරයානන් නමකි. උන්වහන්සේ මා මිත්‍රයාගේ හිසෙහි ගාන්නට මැතිරූ තෙල් කුප්පියක් දුන් අතර එය හිසෙහි ගා පංසලට කැඳවාගෙන එන්න යැයි පවසන ලදී. කී ලෙසින්ම අප ඔහුව පංසල වෙත කැඳවාගෙන ගියෙමු. පසුව බුදුන් වැඳ වතාවත් කර මා මිතුරාගේ ගෙලෙහි යන්තරයක් බැඳ සෙත් පැතා මලවුන්ට පිං දී කටයුත්ත අවසන් කරන ලදී. බුදුගුන බලයෙන් මා මිතුරා සුව ලැබීය. පසුව දැනගන්නට ලැබුනේ මෙය, අර කපුවා උගේ වැඩ පෙන්වීමට නුවනයාට බංධනයක් සිදු කර නිවැරදිව එය කපා ගත නොහැකි වීමක් බවයි. කීමට ඇති වැදගතම දෙය නම් ඕන යකෙකු බුදු ගුනට යට බවයි...

Source: Link


---හීනා---


කඩවසම් තරුණයෙකු වූ ඔහු නමින් රවීන්ද්‍ර ය. ඔහුගේ පියා කුලීගෙදර(ගමක නමක්) ප්‍රදේශයේ ග්‍රාමසේවකයා වූ අතර ඔහු නමින් ඩේවිඩ් නම් විය. ගිනිදම්මන කුලීගෙදර, ගම්පහ දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් විය.
රවීන්ද්‍රගේ මව මීරිගම ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරියක් වූ අතර ඔවුන් ඉඩකඩම් හිමි තරමක බලවත් පවුල් පසුබිමක් ඇත්තන් විය.
රවීන්ද්‍ර මුල සිටම ඉගෙනීමට සමතෙක් වූ අතර අවසානයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රථිපල ලබා ගත්තේය. මේ අනුව ඔහු ප්‍රදේශයෙන් වෛද්‍ය විද්‍යාලයට අතුලු වීමට හැකි වූ පළමුවැන්නා විය.
ගමේ වෙදමහත්තයා වූ චේතිය ද, ඔහුගේ පවුලද ප්‍රභූවරුන්ය. එහෙත් චේතිය වෙද මහත්තයාගේ බාල පුත්‍රයා වූ අබේරත්න දරුණු දාමරික මැරයකු විය.
චේතිය වෙදමහත්තයාගේ හා ඩේවිඩ් ග්‍රාමසේවක වරයාගේ පවුල් දෙක ළඟ නෑදෑයෝ විය.
"හීනා" දාරිද්‍රතාවයෙන් පතුලටම ගිය එක් පවුලක ප්‍රධානියා විය. ගම්මුන්ගේ ඉඩකඩම් වල කුලියක් මලියක් කර ජීවිකාව කර ගත් හීනාගේ පවුල එකල සැළකුණු ලෙස කුලීනයන් විය. හීනාගේ ලොකු පුතා ජයරත්න පිස්සෙක් වූ අතර, බාල දියණිය මන්ද මානසික තරැණියක් වුවාය.
රවීන්ද්‍ර රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. ඉගෙනීමට සමතෙක් වූ නිසාම රවීන්ද්‍ර කාගේත් සිත් ගන්නා සුළු චරිතයක් වූ බැවින් ගමේදි මහ ඉහළින් පිළිගැණින.
කුලීගෙදර වැසියෝ උපතේ සිටම හොල්මන් අවතාර වලට මහත් බියක් දැක්වූ අතර ගොම්මන් කාලයේ ගම මහත්තයාගේ වත්තේ තිබූ මිනී කනත්තට යෑමට බිය වූහ. මේ කතාව ඇරඹෙන්නේ එතැන් පටන්ය.
වෛද්‍ය සිසු රවීන්ද්‍රට දෙවෙනි වසරේදී දැඩි අධ්‍යාපන අවශ්‍යතාවයක් ඇති විය. එ්, පිරිපුන් මිනිස් ඇටසැකිල්ලක් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වීමයි. රවීන්ද්‍ර කෙලින්ම ඔහුගේ ග්‍රාමසේවක පියා වූ ඩේවිඩ්ට මේ ගැන ලියා දන්වන ලදි. එහෙත් මිනී ඇටසැකිල්ලක් සොයා ගැනීමේදි ඔවුන් පත්ව සිටි ප්‍රධානම ගැටලුව වූයේ කුලීගෙදර වැසියන් තම නෑ හිතවතුන්ගේ මළ මිනී ආදාහනය කිරීමට පුරුදුව සිටීමයි. මේ අතර හීනාට දරුණු අසනීපයක් වැළඳී තිබුණි. අසනීපය කෙතරම් දරුණු වීද යත්, කෙතරම් බෙහෙත් කලත් ඔහු දවසින් දවසම අසාධ්‍ය තත්වයට පත් විය.
දිනක් රවීන්ද්‍ර නිවාඩුවක් ලබා නිවසට පැමිණි අවස්ථාවක දරුණු ලෙස රෝ‍ගාතුර වී සිටි අසරණ කුලීන හීනා බැලීමට ගියේ ය. බැලූ බැල්මට හීනා වැඩි කලක් ජීවත් නොවන බව තේරුම් ගත් රවීන්ද්‍ර ශෝකයෙන් එතැනින් පිටවී ගියේ ය. කුඩා කාලයේදී හීනා වෑවර ගෙඩි කඩා දුන්න අයුරුත්, මඩිතියාවල ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමට යද්දී තමාව බේරා ගත් අයුරුත් දළසේයා පටයක් මෙන් ඔහු සිත චිත්‍රණය විය.
නිවසට පැමිණි රවීන්ද්‍ර තම පියා වූ ඩේවිඩ්ට හීනා තව වැඩි කලක් ජීවත් නොවන බව පවසා සිටියේ ය.
"තාත්තා හීනා මාමා තව වැඩි කලක් ජීවත් වෙන එකක් නෑ."...
ඇයි තත්වේ එච්චරටම නරකද???
"ඔව් මිනිහා ඉන්නේ හොඳටම දුර්වල තත්වයක්"...
මඳ වේලාවක් නිහඬව සිටි ඩේවිඩ් යමක් මතක් වූවා සේ එකවරම නැගී සිටියේ ය.
"පුතා උඔට මිනිස් ඇටසැකිල්ලක් ඕනේ කිව්වා නේද???"
හීනා මැරිලා කුණු වුනාම අපි උගේ ඇටසැකිල්ල ගොඩ දාමු.. අර මැර අබේරත්නයා අල්ල ගත්තාම අපිට ඕක කජු කනවා වගේ කරගත්තහැකි.. මැරුණයින් පස්සේ කාගේ වුනත් මොකෝ කොල්ලො... ඕනේ වෙන්නේ ඇටසැකිල්ලනේ.
ඩේවිඩ් එසේ කීවේ රවීන්ද්‍ර එයට විරුද්ධ වීමට පෙරය.
ඔවුන් සිතූ පරිදිම දහ දුක් විඳි හීනා පරලොව සැපත් විය. ඔහුගේ මළමිනිය තැබීමටවත් මුදලක් හීනාගේ ගෙදර උදවිය සතු නොවූයෙන් මලගෙදර සියලුම කටයුතු ඩේවිඩ් භාර ගත්තේය.සියලුම වැඩ කටයුතු ඩේවිඩ්ගේ මුදල් වලින් සිදු වූ හෙයින් හීනාගේ මළමිනිය පිච්චීමට ඩේවිඩ් විරුද්ධ විය. පසුව සියලු දෙනාගේ කැමැත්ත මත ගමේ කනත්තේ පාළු කෙළවරක ඉතා අඩු මිල රට අඹ ලෑලි පෙට්ටියක හීනාගේ ඉදිමී ගිය මළසිසුර වල දමන ලදි. ඩේවිඩ්ගේ උපදෙස් මත මීරිගම පිහිටි මල් ශාලාවේ මළ මිනී එම්බාම්කරු මිනියට ෆෝමලින් එක් නොකිරීම මිනියේ ඉදිමීමට හේතුව බව කිසිවෙකු නොදත්හ.
තුන් මසක් ගෙවී ගිය පසු මැරුණ හීනාගේ තෙමස් පිංකම ඩේවිඩ්ගේ මුදලින්ම සිදු විය. එදා රෑ රවීන්ද්‍රද ගමය පැමිණ සිටියේ ය.
දාමරික අබේරත්න සමඟ බෝතලයක් හිස් කල ගම්පති ඩේවිඩ් කටගැස්මට බැදපු මස් කෑල්ලක් කටට ගන්න අබේරත්නව අැමතුවේය. "අබේරත්න.. උඔ මට උදව්වක් කරන්න ඕනේ"..
"මොකක්ද රාලහාමි... ඕනේ දෙයක් කියන්න.." අබේරත්න පැවසුවේ මිදුලට කෙළ පහරක්ද ගසමිනි.
"උඔ දන්නවනේ මැරුණ හීනා"
"මොකද මම නොදන්නේ... අපේ රාලහාමිනේ උගේ මරණේ සියලු වැඩ සිදු කලේ"...
"බං අබයෝ.... අපේ එකා දොස්තර වෙන්න යන එකට ඔය මැරුණ හීනාගේ ඇටසැක්ල්ල ඕනේ කරනවා. . ගමයාගේ සොහොනෙන් ඕකගේ මිනිය ගොඩ දාලා අපේ පල්ලෙහා වත්තේ පොල් අතු වළට ඇට කෑලි ටික ගෙනත් දාන්න ඕනේ.. මේ වැඩේ කරන්න පුළුවන් එකම ජගතා උඔ විතරයි"....
කතිකා කරගත් පරිදි එක් කෙම්මුර දිනයක හීනාගේ මළ කුණ ඔවුන් ගොඩ දැමීය. මේ සඳහා අබේරත්නත්, ඩේවිඩුත්, රවීන්ද්‍රත්, කොළඹ පැත්තෙන් ආ අබේරත්නගේ මිත්‍ර මැරයන් දෙදෙනෙකුත් සහභාගි විය.
පෙට්ටියේ පියන අරින විටම ඉවසා ගත නොහැකි දුර්ගන්ධයකින් මුළු ප්‍රදේශයම වෙළිණ. කුණු වී ගිය හීනාගේ මළ සිරුරෙන් ඕජස් ගලමින් පණුවන් පොකුරු පිටින් එළියට පැමිණෙමින් සිටියේය...ඇස් ඉදිමී කුණුවී ටෙනිස් බෝල දෙකක් තරම් වී තිබිණ. මළ කුණ සොරකම් කල වල වැසූ ඔවුන් ඇටසැකිල්ල ඩේවිඩ්ගේ අක්කර පනහක වත්තේ පොල් අතු මඩ වලෙහි සැඟවූයේ ඉතුරු මසත් දිය වී ඇටසැකිල්ල පිරිසිදු වූවායින් පසු ගොඩ ගැනීමේ අදහසිනි. මේ සිද්දියෙන් පසු සියල්ල වෙනස් වන්නට විය. මිනිය ගොඩදාලා යතුරුපැදියකින් ආපසු යමින් සිටි මැර අබේරත්නගේ මිතුරන් දෙදෙනා කඩවත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගෙන තිබුණි. මිය ගියායින් පසුව ඔව්න්ගේ මළ සිසුරු උඩින් වෙනත් වාහනද ගමන් කිරීම නිසා මළසිරුරු දැඩි ලෙස විකෘත් වී තිබුණි.
ඊට දින දෙකකට පසු මීරිගමදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් කඩ හිමියෙකු එල්ල කළ කඩු පහරින් මැර අබේරත්නගේ ජීවිතය කෙළවර වූයේ හිස කඳින් වෙන්වීමෙනි.
රවීන්ද්‍රටද මෙයින් ගැලවීමට නොහැකි විය. නේවාසිකාගාරයේදි තනියෙන් කියවීම නිසා ඔහු රෝහල් ගත කෙරුණි. කොතරම් ප්‍රතිකාර කලත් සුව නොවූ තැන නිවසේ විශාල සිදු කෙරිණ. එහිදී බළලා මල්ලෙන් එළියට පැන්නේය.
තම සිරුරට වැසී ඇත්තේ කුලීන හීනා බවත් හීනාගේ ඇටසැකිල්ල පොල් අතු වලේ සඟවා ඇති බවත් බිල්ලක් නොගෙන තමා නොයන බවත් රවීන්ද්‍රට වැසුණු හීනා පවසා සිටියේ ය.
දක්ෂ කට්ටඩි මහතුන්ගේ ප්‍රතිකර්මවලින් පසු තමන්ට උපකාර කල රවීන්ද්‍රගේ ඇඟෙන් ඉවත් වීමට හීනා කැමැත්ත පළ කළේය. නමුත් වෙනත් දිනයක වෙනත් බිල්ලක් අනිවාර්යෙන් ලබා ගන්නා බව සපථ කරමින් මළ පෙරේතයකු වූ හීනා රවීන්ද්‍රගේ ශරීරයෙන් ඉවත් වූ ලකුණු පහළ විය.
අද ඔහු පොළොන්නරුවේ රොහලක ප්‍රධාන වෛද්‍යවරයෙකි. මීට වසර දෙකකට පෙර මා, පියාගේ සහෝදරයා දරුණු පිළිකා රෝගයකට ලක්වීම නිසා ඔහු බැලීම සඳහා මහරගම පිළිකා රෝහල වෙත ගියෙමි. එහිදී මා කුඩා කල සිටම අඳුනන ඩේවිඩ්ගේ පුත්‍රයා වූ රවීන්ද්‍ර හමුවූයේ අහම්බෙනි. ඔහුගේ පියා ස්නායු පිළිකාවක් හේතුවෙන් පිළිකා රෝහලේ මාරාන්තිකව සිටියේ ය.ඔහුට තිබුනේ එදා කතා කරගත නොහැකිව අසරණව සිටි හීනාට තිබූ රෝග ලක්ෂණමය. අප සිටියදීම මාරාන්තිකව සිටි ගම්පති ඩේවිඩ් මළ මූත්‍රා පහ කරමින් මිය ගියේ ය. ඔහු මිය යෑම‍ට පෙර කතා කල එකම වචනය වූයේ හීනා යන නම පමණි.
රවීන්ද්‍ර බේරුණි. හීනා කී පරිද්දෙන්ම ඔහු අවසන් බිල්ලද ගත්තේය.(ඒ ඩේවිඩ්ය.)
මෙය සත්‍ය කතාවකි. නමුත් පුත්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම් ගම් වෙනස් කර ඇත..

Source: Link


--බදුලු දුම්රිය---


මේ සිරිපා සමයයි ... වසරක් පුරා බදුල්ල උඩුවර ප්‍රදේශයේ සේවය කල නිසා හමුවූ මිතුරු කැලක් සමග සිරිපා කරුණා කිරීම ට බොහෝ කල් සිට සැලසුම් කලත් එය සැබෑවක් වූයේ මේ වසරෙදි ය.. 
" උබ බදුල්ල ට වරෙන් අපි එහෙන් සෙට් වෙන්නම්" මිතුරන් ගේ කීමට අකමැත්තෙන් වුවත් එකග වීමට උනේ කොලඹ සිට ඒ නඩයට එක් වන එකෙම කෙනා මම නිසාවෙනි මට කෙලින් ම හැටන් වලින් බැසීම කල හැකි වුවත් මිතුරන් නොමැති විනෝද ගමනකින් පලක් නැති නිසා බදුල්ල දී ඔවුන් හා එකතු වීමට තීරණය කලෙමි..
උදෑසන බදුල්ල ට ලගා වීමට මට කොලඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කිරීමට සිදු විය... සෑම සතියකට වරක් දුම්රියෙන් බදුලු ගමන් කල බැවින් මේ ගමනේ නුහුරු බවක් මට නොතිබිණ. නමුත් පැය 10ක 12ක ගමන් කාලය මතක් වන විට හිතට ආ අප්‍රසාදය මග හැර ගත්තෙ පසුව දා යෑමට නියමිත ගමන ගැන සිහිපත් කිරීමෙන් පමනකි...
රාත්‍රි 8.10 වන විට දුම්රිය ට ගොඩ වූයේ 2 න පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත් පසුව ය. සිරිපා සමය නිසා බොහො මගීන් ඇතැයි සිතුවත් මෙ වන විට මා සිටි මැදුරේ සිටියෙ ගනන් කල හැකි තරම් සුලු පිරිසකි. නමුත් ඔවුන් ද වැඩි දුරක් යන අය බව සිතා ගැනීමට අපහසු වූයේ නැත.
මැදුරේ කොනකට වන්න ජනේලයක් ලග අසුනක් අල්ලා ගෙන ගමන් මල්ල ආරක්ෂා වන පරිදි අසුනේ කොනෙන් තබා එයට තද වන ලෙස ඉදගත්තේ
" රෑ කෝච්චියේ පරිස්සමෙන් හොරු ඉන්නවා ද දන් නෑ " යැයි අම්මා දුන් උපදෙස් මතක් වු නිසාවෙනි.. ගමන් මල්ලෙ වටිනා කිසිම දෙයක් නොතිබුනත් පාන්දර එන ඇග ගල් කරවන සීත්ලෙන් බේරීමට ඇති සීත ඇදුම් වල වටිනා කම රුපියල් සත වලින් මැනිය නොහැකි බව දන්නේ දවසක් හෝ රාත්‍රි දුම්රියෙන් ගමන් කල අයෙක් පමනකි ....
ගමන අරම්භ විය.. ජන්ගම දුරකථන ය ගෙන earphones සම්බන්ධ කර පසුපස අසුන ට බර වූයේ සුභ ගමන් යැයි මටම කියා ගනිමිනි. මියුරු ගීත සමග කල්පනා ගොඩක තනි වුනේ මා සිටින්නෙ දුම්රිය තුල බව ද අමතක කරමිනි.
කෙමෙන් කෙමෙන් වේලව ගත් විය දුම්රිය ස්තාන පසු වන විට දුම්රිය මැදුර ද ටිකෙන් ටික හිස් විය. ඉතිරි වූයේ තම රැකියාව ගැනත් දේශපාලනය ගැනත් විටින් විට තර්ක කල පිරිමින් කිහිපයක් පමනකි ඔවුන්ගේනුත් එකා දෙන්නා සමුගන්න බව මට අසිනි. නැවතත් නින්දට වැටිණි ....
නැවත මා ඇහැරුනේ නුහුරු ඉරියව් වෙන් නිදා ගැනීමෙන් අති වූ පාද හිරිවැටීම නිසාවෙනි.. මදක් හිරි ඇර ගන්නා අටියෙන් ඉදිරියේ ඇති දොරටුව වෙත ගමන් කලේ " දැන් කොහෙද දන් නෑ " යැයි සිතෙන් කියා ගනිමිනි.
මද වෙලා පා පුවරුවේ සිටගෙන යලි අසුන වෙත ගමන් කරන විට දුම්රිය මැදුරේ පාලු බව හොදින් දැනෙන්නට විය. "හ්ම්ම් මන් විතරයි " කිය ගනිමින් අඩියක් ඉදිරියට තැබූ මගේ හිත ගැස්සී ගියේ මගේ අසුන ට අසුන් 2ක් ඉදිරියේ වාඩි වී සිටි කාන්තාව දැකීමෙනි. ඇය සිටියේ ඇගේ දෙපා ද අසුන මතට ගෙන වකුටු වී සීත්ලෙන් බේරීමට මෙන් රෙද්දකින් ශරීරය වෙලා ගෙනය. කෙස් වැටියෙන් මුහුණ වැසී තිබුන නමුත් ඇගේ එක් පාදයක කොටසක් නිරාවරණය වී තිබූ නිසා ඇය තරුනියක් බව වටහා ගැනිමට අපහසු නොවිනි.
"මේ රෑ තනියම කොහෙ යනවා ද මන්ද" කියා සිතා නැවත මගෙ අසුනට ගොස් මියුරු ගීතයකට සවන් දෙමින් දෑස් පියා ගතිමි.
earphones ඇබ 2 නිසා දෙකන් රිදීම හේතුවෙන් නින්දෙන් නැගිට ඒවා මගෙ ගමන් මල්ල වෙත ඔබා ගතිමි. නමුත් මගෙ දෙසවන් වලට පාලුවක් නොවුනි... ඉතාමත් සුමිහිරි හඩකින් තරුනියක් කොමල කරන හඩත් ... පෙම් බස් දොඩන හඩත්.. සිනා සෙමින් සතුටු වන හඩත් මට ඉදිරියේ න් අසිනි..
"අර කෙල්ලගෙ කොල්ලා නැගල ඇති... "
කියා සිතමින් අසුන ට බර වී හිද ගත් මා ඒ මියුරු කටහඬ සමග කල්පනා ලොවක තනි වුනේ මා හැර ගිය මගේ පෙම්වතිය ගේ මතකයන් එකින් එක දිග හරිමිනි.. මටත් නොදැනී දෑස් පිය වී ඇත...
සීතල සෙමින් සෙමින් ගත වෙලා ගනිද්දී මගේ බෙල්ලත් කම්මුලත් කන් පෙතිත් හරහා රිද්මයට උනුසුම් සුලන් දහරාවක් දැනුනේ කවුරුන් හෝ මගෙ උරහිසේ හිස තියගෙන සිටිනවා මෙනි. මා ගැස්සී අහරුනේ දුම්රිය ට නගින අසහනකාරීන් සීහි විමෙනි. නමුත් කිස්වෙක් මා අසල නොවිනි බෙල්ල අල්ලා බැලු විට එයද උනුසුම් වී ඇත.... මූසල බවක් පාලු බවත් මැකුවේ රිද්මයට ඇසෙන යකඩ හඩත්. සුලන් කපොලු වක හෝ හෝ හඩත් පමනි.
හිත ගැස්සී ම නිසා නිදා ගන් නෑ යැයි තරයේ සිතා ගත්තත් ගමන් වෙහෙස නිසා නොකියාම ඇස් වැසිනි.. නමුත් ඒ වැඩි වේලාවකට නොවේ.
" මගෙ අයියේ ..... අයියේ ... ඔයාද මේ...."
අඩ නින්දෙන් වගේ ඇසුනු හඩින් මුලු ගතේම හිරිගඩු පිපෙන්නට විය.... නින්ද නිස එක් වරම ඇස් ඇරගත නොහැකි නමුත් කවුරුන් හො මා අසල සිටගෙන සිටිනු චායව දැක්කෙමි... හැකි ඉක්මනින් දෑස් පිහදා බැලු විට කිසිවෙක් නැත... බය උපරිම දැනෙන්නට විය කුමක් කරම්ද කියා සිතා ඉදිරියට ගියේ අර කෙල්ල සහ කොල්ල ඇති යැයි අනුමාන කරමිනි.. මා වැරැදි ඔවුනුත් නැත.. මා මැදුරේ තනිවී ඇත... ඉදිර් මැදුරු වල කවුරුන් හෝ ඇති " මෙතන ඉන්න බෑ වෙන තැනකට යනව" සිතා ගමන් මල්ල ගැනීමට ආපසු ගියෙමි බෑගය ඇතුල පරීක්ශ කර ජනේලයෙන් එලිය බැලුවේ මෙ කොහෙද යැයි සිතා ගැනීමට පලක් නැත ඝණ් අදුර පමනකි .... හ්ම්ම්ම් ආපසු හැරුනෙමි.. දෙවියනේ.... අර කෙල්ල මෙතන... හිටගෙන...
" අයියේ ..... මේ ඔයාද......" ඒ කෙල්ල අසුවේ එපමනකි මා ගල් ගැසී ඇත... උගුර කට වියලී ඇත කල යුත්තේ කුමක්ද... මේ කවුද .... තප්පර කිහිපය අතුලත දහසක් දේ හිතේ දෝන්කාර දුනි..
දුම්රිය බිං ගෙයකට ඇතුල් වුනි... සියලුම විදුලි පහන් නිවී ඝ්ණ් අදුරේ කිසිවෙක් නොපෙනී ගියා... මුලු දුම්රිය ම දෙවනත් කරමින්...බයාදු මුසල හඩකින්...
" අනේ... අයියේ .... මාව මරන්න එපා..... අයියේ ... අයියේ .... එපා... අනේ බේරගන්න.... "
යැයි හඩමින් දගලමින් සීතල සිනිදු දෑත් වලින් මගෙ අතින් අදී... මා සියලුම වැර යොදා නොසෙල්වී සිටිමට උත්සහ ගතිමි.. ඇගේ දෑත් ලිස්සා යනු දැනුනි.
"අනේ ....... අයියේ ...."
කීවේ එපමනකි මා ඇගේ ග්‍රහනයෙන් මිදීමත් සමග අදුරේ ම මා පසුපසට විසි විය.. හිස යමක වැදී අසුනට වැටිනි...
" ඒ ඒ බහින් නැද්ද මෙතනින් එහාට යන් නෑ"
කවුද ජනේලයෙන් අත දමා මට කතා කලා... ඉතා අපහසුවෙන් නැගිට්ටේ හිසේ වූ බර ගතිය නිසාවෙනි... මොකක්ද මට උනේ හීනයක් ද .. ම්ම්ම්ම් ඔලුව පසුපස ගෙඩි ගැසී ඇත... අනේ මන්ද ...
කල්පනා කරමින් දුම්රියෙන් බැස වේදිකා ව දිගේ ඉදිරියට අදුනෙමි...
" පවු සීදේවි කෙල්ලෙක්.. මුන්ට හෙන ගහන්න ඔනෙ"
අහම්බෙන් ඔය වචන ටික ඇසුනත් හැගුනේ මටම කියපු දෙයක් වගෙයි... තව ටිකක් ලගට ඇදුනේ මේ සංවාදය ට සවන් දීමට යි.
" ඇල්ල ට පස්සෙ දෙවනි බිං ගේ ඇතුලෙ තිබිලනෙ මිනිය ගත්තෙ .... පුදුමෙ කියන්නෙ සීරිලාවත් නෑ"...
" නෑ කවදද ??"
" ඊයෙ රෑ වෙලා තියෙන්නේ .. අද රේල් පීලි පරීක්ෂා කරද්දී හම්බෙලා තියෙන්නේ ""
මට ඇසුනේ එපමනකි ... සියල්ල සෙමින් ගමන් කරන්නාක් සේ පෙනුනි.. මගෙ හද ගැස්ම මටම අහෙන්න විය.. මට මුනගැසුනු තරුනිය ඇයද... කිසිවක් සිතා ගැනීමට නොහැකි ය.. ඇගේ පෙම්වතා ඇය ඝාතනයට පත් කලාද.. විලාප නගමින් ඉල්ලුවෙ ඇය බේරා ගන්නා ලෙසද .
" මේ අසරණ අත්භූත තරුනිය මට නැවත මුනගැසේවිද??.... නැතහොත්.... ඔබට මුන ගැසේවිද?..

Source: Link

---නැවත පැමිණි කුමාරි---



මේ කතාව සිද්ද වෙන්නේ කටුනායක පැත්තේ බොඩිමකින් ඉතිං කටුනායක කියන කොට මතක් වෙන්නෙ ගුවන් තොටුපලනෙ තවත් ඇගලුම් කර්මන්තයට නේ. මේ සිදුවිම වෙන්නෙ 2001 වර්ශයෙ පවතින ආර්තික තත්වය උඩ වැඩි දුර අද්‍යපනය හදාරන්න ක්‍ර්‍රමයක් නැති බොහො තරුනියන් තොරා ගන්නේ ඇගලුම් ශෙත්‍රය මම කියන කතාවෙ තුන් දෙනාම ගමෙන් කොලබ ආපු දුප්පත් තරුනියො එක් කෙනෙක් බාග්‍යා ,අනිත් කෙනා සසිකා,සහ කුමා රි මේ තුන් දෙනාම හිටියේ එකම බොඩිමක ඉතින් දවසක් වැඩ ඉවරවෙලා තවත් යලුවෙක්ගෙ උපන් දිනයකට සහබාගි වෙන්න මිගමුවට යන්න තුන් දෙනාම ලැහැස්ති වුනා . ඉක්මනින් සුදානම් වුන කුමාරි තැග්ගක් ගන්න ටවුමට යන්න රෙඩි වුනා ..

ඔයාලා බස් හොල්ට් එකට එන්න මම ප්‍රෙසන්ට් එකක් අරන් එන්නම් හොල්ට් එකට හරි කියලා පිටත් වෙලා ඉන් පසු අනිත් තරුනියො දෙන්නත් රෙඩ්‍ වෙලා බස් හොල්ට් එකට වෙලා ඉදලා මේ වෙලාව වෙනකොට රෑ 8.30 විතර වෙලා තියනවා එත් කුමාරි තවමත් ඇවිල්ලා නෑ තවත් රෑ වෙලා ගිහිල්ලා තෙරුමක් නැති නිසා දෙන්නම නැවතත් බොඩිමට ගිහිල්ලා කෑමත් හදාගෙන කාලා නිදාගන යනකොට රෑ 12.00 විතර වෙලා එතකොටම දොරට තට්ටු කරනවා ඇහිලා බාග්‍යා දොර ඇරලා බලනකොට කුමාරි දොරකඩලු ගොඩක් තරහා ගියපු බාග්‍යා කුමාරිට හොදටම බැනලා කෑම කාලා ලයිට් නිවලා නිදාගන්නවා කියලා බග්‍යා නිදාගන්න ගියාලු. කුමාරි කෑවෙත් නෑලු ඇදන් හිටි ඇදුන් පිටින්ම නිදා ගන්න ගියාලු තවත් තරහ ගිය බාග්‍යා කන් නැත්නම් ලයිට් ඔප් කරනවා... කියල කිවුවලු කුමාරි වචනයක් වත් කතා කරන්නෙ නැ.. ඉට පස්සේ බග්‍යා නැගිටලා ලයිට් ඔප් කරන්න හදනකොටම කුමාරි දිව දික් කරලා ලයිට් ඔප් කරාලු.. බාග්‍යට සිහි නැතිවෙලා වැටෙන සද්දෙට තමයි සසිකා අවදි වෙලා තියන්නේ සසිකා ලයිට දාලා බලනකොට බග්‍යා වටිලලු. වතුර ටිකක් මුනට ඉහලා සිහි එනවිටම බාග්‍යා ඇසුවේ කුමාරි කෝ කියාය ඒහේත් කුමාරි පෙනෙන්නට නොසිටියෙය. පසු දින උදේම පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් බොඩිමට පැමින කියා සිටියේ රාත්‍රියේ වාහන අනතුරකින් කුමාරි මිය ගිය බවය...මේ අනුව පැහැදිලි වන්නෙ කුමාරි ඉස්ට කලේ නැවත පැමිනෙන පොරොන්දුවද ?.... තිරනය ඔබේ අතේ..


Source: Link



---පියවි ඇසට නොපෙනෙන ලෝකය---


ඇදුරෝ භූතයන්ගේ සම්බන්ධය හෙවත් භූතයන් ලවා අවශ්‍යතා ඉටු කර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර භාවිත කරන්නට වූහ. කර්මානුරූපව හෝ බන්ධනයකින් හෝ කෙනකුට හිරිහැර කරන භූතයන් අල්ලා බැඳ බෝතලවල අසුරා කොන්ක්‍රීට් දමා සිර කොට මුහුදු පතුලට යැවීම යකැදුරන් විසින් සිදු කරනු ලැබීම ඊජිප්තු ආදී රටවල පවා අෑත අතීතයේ සිටම සිදුවී ඇත.
එසේම යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාකාරකම්වලින් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට හිරිහැර සිදුවන නිසා භූතයෝ යකැදුරන්ට බියක් දක්වති. ඔවුන් දුටු විට පලා යති. දුර්වල භූතයෝ යකැදුරන්ට අසුව දුක් විඳිති. සමහරු කඹුරති. භූතයන් පමණක් නොව සෑම සත්ත්වයකුම තමන්ගේ නිදහස අහිමි වෙනවාට අකැමැතිය.
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කුසුමා හැට හැවිරිදි විවාහක කාන්තාවකි. දරුවන් පස් දෙනකු බිහි කළ මවකි. ඇගේ දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකුම තුන් වසරක් තුළ මරණයට පත්ව ඇත. ලොකු පුතා මානසික අවුලකට පත්වී සිටි අතර ඔහු වැවට නාන්නට ගොස් ආපසු ගෙදර ආවේ නැත. ඔහුගේ මළ සිරුර වැව් දියේ පාවෙමින් තිබී ගම්මුන්ට දැක ගන්නට ලැබී ගොඩගනු ලැබිණි. දෙවැනි පුතා දුම්රියක් එද්දී රේල් පාර දිගේ කල්පනා කරමින් ගමන් කරමින් සිට එහි හැපී මරණයට පත්ව ඇත. තුන්වැනියා වූ දුව රහසිගතවම ගැබ්ගෙන සමාජයට මුහුණදිය නොහැකිව වස පානය කොට මියගොස් ඇත.
කාලයක සිට රාත්‍රියට නිවෙසේ කෙනකු ඇවිදින අඩි සද්ද ඇසෙන්නට විය. කෙනෙකු තදින් හුස්ම ගන්නා සද්ද ඇසෙන්නට විය. සාත්තර අහන්නට ගිය විට මේ ගෙදරට කොඩිවිනයක් කර ඇතැයි කියැවී ඇති බැවින් තොවිල් පවිල් වලට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කළත් පවතින දෝෂ, දුක් කරදර නිමා වී නොතිබිණි. තොවිල් කළත් දින දෙක තුනක් ගතවන විට පෙර පැවැති තත්ත්වයම උදාවිය.
පවුලේ හතරවැනි පුතා චාමර 'මව්බිම' පත්‍රයේ පළ වන 'මළවුන්ගේ හෝරාව' විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය මෑණියන් කැටුව පැමිණියේය. එහිදී ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරියට කුසුමා පැමිණියේ "අනේ බුදු මහත්තයෝ මගේ ඉතුරු දරු දෙදෙනාගේ ජීවිත බේරා දෙන්නැ"යි අඬාගෙනය. තම පවුලට එළැඹී ඇති තත්ත්වය චාමර විස්තර කළේය. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට මේ දෙදෙනාට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවක් පැහැදිලි නොවීය. එහෙත් ඔවුන්ගේ ශක්ති ශරීර කඩතොළු ඇති බව පැහැදිලි විය.
"ඔබේ අමනුෂ්‍ය දෝෂය සංකීර්ණයි. පැහැදිලි නෑ. මේක සංසාරගත පාපකර්මයක විපාකයක් බවයි පෙනෙන්නට තියෙන්නේ. ඔය දෙදෙනාගේ සිත් දෙකත් අවුල්. ඒක නිසා සිත ඒකාග්‍ර වෙන්න ඕනෑ. එතකොට ශරීරයේ ශක්ති වළල්ල (ඕරා) සකස් වෙනවා. ඒකට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා විසි එකක් පවත්වා නැවැත එන්නැ"යි ගවේෂකවරයා මේ මවටත්, පුතාටත් උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවැත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කුසුමා භූතාවේෂයෙන් ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට වී කෑ ගසන්නටත් අඬන්නටත් වූවාය.
"කවුද මේ කෑ ගහන්නේ" යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
"මම කමල්"
"කවුද කමල් කියන්නේ"
"මේ මගේ පුංචි අම්මා. මම මෙයාගෙ අක්කගෙ පුතා"
"මොනවා වෙලාද මැරුණෙ"
"පසුගිය භීෂණ කාලෙ මැරුණෙ. වෙඩි වැදිලා"
"මැරුණට පස්සෙ මොකද වුණේ?"
"මැරුණාට පස්සෙ පාවෙවී හිටියා කාලයක්. ඊට පස්සෙ අම්මව මතක් වුණා. මතක් වෙනකොටම මම ගෙදරට ඇවිත් හිටියා. මට බොහෝ දේවල් කියා ගන්න ඕනෑ වුණා. ඒවා අම්මාට කිව්වාට එයාට ඇහුණේ නෑ. මම අම්මාට ආදරෙයි. මට ඕනෑ වුණා මා ඉන්නා තැනට අම්මාව අරගෙන යන්න. අම්මා අසනීප වුණාම මුන් කට්ටඩි ගෙනැල්ලා මාව බෝතලයකට දාන්න හැදුවා. ඒක කතාවෙනකොට මට දැනුණා. මම ඉස්සර අහලා තිබුණා බෝතලයකට දාලා මූදෙ දාන කතාව. මම මුන්ට අහුනොවෙන අෑතට පැනලා ගියා. ඒත් සැරෙන් සැරේ ඇවිත් එක එකාව පිස්සු වට්ටලා මැරුවා. මම මුන් එක්ක තරහයි. ඒකයි මේ පළිගන්නේ" යි භූතයා කීවේය.
"තමුන් කරන දේ වැරැදියි. මේ මනුෂ්‍ය භාවය ඉතාම වටිනවා. ඉතින් මේ මිනිස් ලෝකයේ ඉන්න අම්මාව මරාගෙන යන්න හිතන එකත් මහා පාපයක්" යැයි ගවේෂකවරයා කීවේය.
"ඔය බණ මට වැඩක් නෑ. මම මිනිස් ලෝකෙ ඉන්දැද්දිත් දරුණු වැඩ කළ කෙනෙක්. මට ඕවා ඒ තරම් දේවල් නෙමෙයි. මුන් මාව බැඳලා බෝතලේට දැම්මා නම් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙනවා. මම ඒකට පළිගන්නවා. මේකිගෙ පවුලම මරනවා. මාව වළක්වන්න කාටවත් බෑ"
මේ භූතයා දරුණු වෛරයකින් පෙළෙන බැවින් හොඳින් කතා කළාට නම්‍යශීලී නොවන බව වටහා ගත් ගවේෂකවරයා ආධ්‍යාත්මීය කිරණ ශක්තියෙන් දවාලීය. පුවක් මලක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දිනපතා උදේ හවස නිතර බෝධි පූජා පවත්වන බෝධියක හොඳින් සුවඳ දුම් වදින ඉහළ අත්තක එය එල්ලා තබන ලෙස කුසුමාගේ පවුලේ අයට උපදෙස් දුන්නේය. එසේම සතියක් බෝධි පූජා පවත්වමින් ඔහුට පින් අනුමෝදන් කොට බෝධීන් වහන්සේටත් පුවක් මලටත් සුවඳ දුම් අල්ලා සතිය අවසානයේ පුවක් මල නැවැත රැගෙන එන ලෙස උපදෙස් දුන්නේය.
බෝධි පූජාව අවසන් කොට ඔවුහු පුවක් මලද රැගෙන නැවැත පැමිණියහ. එදිනද කුසුමා ආවිශ්ට වූ පසු භූතයාගේ වෛරය පළිගැනීමේ අදහස අඩුවක් වී නොතිබුණු බැවින් නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය.
භූතයා අඬන්නට ගත්තේය. "එපා... එපා... මාව පුච්චන්න එපා. මම යන්නම්. අනේ මට කරදර කරන්න එපා. මම යන්නම්, කියන තැනකට යන්නම්" යැයි බැගෑපත් වූයේය.
පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් ලවාම අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.
කුසුමාටත් පවුලේ සියලු දෙනාටත් කුසුමාගේ අක්කාටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

Source: Link


---සත්‍ය අත්දැකීමක්---



මේ කතාවත් මට සිදුවුනු සත්‍ය සිදුවීමක්.හොරන ප්‍රදේශයේ ගමක තමයි මේ සිදුවීම වෙන්නෙ.උපාලි කියල අයිය කෙනෙක් ඉදල තියෙනවා.එයා බොහොම හොද කාටත් උදව් කරන කෙනෙක්.හැබැයි මත් පැන් පානය කලාම යකෙක් වගේලු.ගමේ අයත් එක්ක රන්ඩු වෙනවා.ගෙදර වයිප්ට ගහනවා..ඒත් අනිත් වෙලාවට හරිම හොදයිලු.කාලය ගෙවී යද්දි මේ අයියට රිය අනතුරක් වෙනවා හොරන ටවුන් එකේදි.කොළඹ අරන් ගියත් දවස් තුනක්ම සිහිය නැතිව ඉදල තමයි මැරෙන්නෙ.
මස්සිනාගෙ දුවට හොදටම අපලයි කියල හදහන බලන්න ගෙදර හිටපු උපාලි අයියව බලෙන් තමයි එක්කන් ගිහින් තියෙන්නෙ.එදා ඒ අයියා බීල ඉදලත් නෑ.කොහොම හරි බයිසිකලේ ත්‍රීවිල් එහෙක හැප්පිලා තමයි අයියා නැති වුනේ.කවදාවත් කතා කරන්න බැරිව හිටිය අපල තියෙනව කිව්ව දරුව මේ අයිය මැරුන ගමන් කතා කරල.

මේ අයියා නැති වෙන්නෙ අවු 29න්.සත් දවසෙ දානෙ දවසෙ ඉදලම අහල පහල ගෑනු මෙයාව දැකල බය වෙලා තියෙනවා.වැඩියෙන්ම නෑයො තමයි දකින්නෙ.ඒත් ඒ සිදුවීම් කාලයත් එක්ක මැකිල යනවා.

ඉතින් විදෙශ් ගත වෙන්නෙ අනාගතය වෙනුවෙන් දියුනුවෙන්න කියල.ඒත් රට ගියාට පස්සෙ මේඅක්ක හොදටෝම වෙනස් වෙනවා.දරුවො දෙන්න ගැන වුනත් හොයල බලන්නෙ නෑ.ඇදුම් පැලදුම් පවා වෙනස් වෙලා.ඉතින් දැන් වෙනත් විවාහයක් කර ගන්නයි ලෑස්තිය.එයාට දැන් උපාලි අයියව මතක නෑ.දරුවො ගැන ගානකුත් නෑ.ලොකු දුවට එතකොට අවු 16ක් වගේ ඇති.අයිය නැති වෙන කොට එයාගෙ වයස 8යි.

ඉතින් මේ අක්ක රට ඉන්නකම්ම තමන්ගෙ සැමියව හීනෙන් දැකල බය වෙලා.ඊට පස්සෙ ලෙඩ වෙනවලු.එයා බැදල තියෙන්නෙ අවු 15න්.ගෙදර විරුද්දත්වය මැද්දෙ මෙයා ආදරේ කරනව කෙනෙකුට.අර දුව හරිම විරුද්දයි මේකට .නිතර රන්ඩු වෙනවා.ඒ දුව ස්කෝලෙ ගියෙ අපේ ගෙදර නැවතිලා.මට ඉතින් නංගි කෙනෙක් වගේ.දවසක් ඒ ගෙදර දානයක් තියෙනවා කියල මටත් එන්න කිව්වා උදව් කරන්න.මාත් හරි ආසාවෙන් ඉතින් ගියා.දානෙට දවසක් කලින් ගියේ.අක්ක තරුණ නිසා කසාද බැන්දට කමක් නෑ කියල මාත් ඉතින් නිකමට කිව්ව.අර නංගි මාත් එක්ක තරහ වෙන්න වගේ මුන රතුකරගෙන නිදා ගන්න ගියා.දැන් ගෙදර හැමෝම නිදි.මම හිටපු කාමරේ පස් දෙනෙක්ම හිටියා.පොඩි ලමයි දෙන්නෙකුයි තව අක්ක කෙනෙකුයි.උපාලි අයිය බැදපු අක්කයි මම තමයි අන්තිමයට හිටියෙ.මට නින්ද යන්නෙ නෑ පිට ගෙවල් වල.ඉතින් ඔන්න ඇස් දෙක පියාගෙන පාඩුවෙ ඉන්නකොට( 12 පහු වෙලා එතකොට)මට දැනෙනවා කවුරු හරි කාමරේට එනවා.මම හෙමින් ඇස් ඇරල බලන්නෙ මේ කවුද කියලා.කාමරේ ඇතුලෙ දෙපාරක් එහාට මෙයාට යනවා චායාවක් වගේ දැක්ක.සරමක් ඇදපු කෙනෙක් වගේ තමයි දැක්කෙ.පේන්නෙත් එහා කාමරේ ලයිට් එලියට.මම ඉතින් නිදි වගේ සද්ද නොකර හිටියා.දෙපාරක් එහා මෙහා ගියාට මම දැක්කෙ නිකන් පාවෙනවා වගේ.ඊලග පාර එයා ඇද ලග නැවතුනා.ඒ කියන්නෙ මගේ ලගම මට ඉතින් මොකද්ද වගේ.මට පේනවා එයා අක්ක දිහා බලන් ඉන්නවා වගේ.හරියට මම ඉන්න නිසා එයා ලගට යන්න විදිහක් නෑ වගේ.මගේ ලග හිටගෙන ඉන්නවා කියන එකනම් හොදටම දැනෙවා.ඔන්න ඔහේ කෝකටත් කියල මම හැරිල බැලුව කවුද කියල.දැකපු දෙයින් මාව හිරි වැටිල ගියා.එයා හරිම උසයි කෙට්ටුයි.සරමක් කමිසයක් සුදට පේනවාඑකපාරටම බලපු නිසා දැක්කෙ එයාගෙ හිස කදින් වෙන් වෙලා වගේ..ඒත් තියෙනවා..එහා මෙහා පේනවා කද වෙනමයි හිස වෙනමයි තියෙන විදිහට.ඒ කියන්නෙ කද මනුස්සයෙක්ගෙ වගේ තිබුනට හිස පේන්නෙ එහා මෙහා පේන ඡායාවක් වගේ විතරයි.මම කෑගහන්න හැදුවට සද්දෙ ඇහෙන්නෙ නෑ.මාව හිර වෙලා වාගෙ.මම අර අක්කට අතින් ඇන්නට ඒ අක්ක ඇහැරෙන්නෙ නෑ.ඒත් එක්කම වගේ ඡායාව නැති වෙලා ගියා.මාව බය වුනා.මම අර අක්කට ආයෙත් කතා කලා .එයාට හොදට නිදි. ඉක්මනට නැගිටල අර අක්කගෙ අම්ම නිදා ගෙන හිටියෙ සාලෙ.මම ඒ නැන්ද ලගට දුවගෙන ගියා..ගිහින් එයාවත් ඇහැරවලා එයා ලගට වෙලා හිටිය එලිවෙනකම්ම.එදායින් පස්සෙ මම ඒ ගෙදර රෑට නිදා ගත්තෙ නෑ.බයට නෙවෙයි .පස්සෙ මම බැලුවම දැක්කෙ ඒ අයිය මැරුනට තාම දන්නෙ නෑ එයා මැරිල කියල .එයා හිතාගෙන ඉන්නෙ එයා ජීවත් වෙනවා කියල.ඔලුව නැතුව පේන්නෙ එයා මැරිල තියෙන්නෙ ඔලුව හැප්පිලා.මොලේ මැරිල නිසයි බේර ගන්න බැරි වුනා කියල ඒ අක්ක කිව්වෙ.

Source: Link


---මියගිය පසු මිනීමරුවන් අල්ලා දුන් එමිලි---



නේතන් 24 වියැති පීසා බෙදන්නෙකි. දිනක් ඔහු රැුකියාව නිමවී නිවසට පැමිණ විවේකීව සිය ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරමින් සිටින අතර අමුතුම ආකාරයේ චැට් පණිවුඩයක් ලැබිණි. එය ලැබුණු වහාම ඔහු පුදුමයෙනුත් පුදුමයටත් කලබලයටත් පත් විය. එය එවා තිබුණේ ඔහුගේ පෙම්වතිය වූ එමිලි විසිනි. එය දුටු වහාම කලබලයට පත්වීමට හේතු වූයේ එමිලි නම් වූ 22 හැවිරිදි ඔහුගේ පෙම්වතිය මීට මාස දෙකකට පෙර මිය ගොස් සිටි බැවිනි. මිය යාමට හේතු වූයේ එමිලි විසින් පදවාගෙන ගිය මෝටර් රථය පාළු ස්ථානයකදී මාරක අනතුරකට මුහුණ දීමයි. අනතුර සිදුවූයේ පාළු මාර්ගයක වූ බැවින් එය සිදුවී පැයක් පමණ ගතවන තුරු කිසිම කෙනෙකු එය දැක තිබුණේ නැත.

නමුත් පුදුමයට කරුණ වූයේ අනතුර සිදුවී පැයකට පමණ පසු පුද්ගලයන් කීප දෙනෙකු එම ස්ථානයට පැමිණෙන විට එමිලි පදවාගෙන ආ මෝටර් රථයේ කිසිදු පුද්ගලයෙකු නොසිටීමත්, මෝටර් රථයේ ඩෑෂ් බෝඩය කැඞී යාම නිසා එයට හිර වූ කාන්තා පාද දෙකක දණහිස් දෙකෙන් පහළ කොටස පමණක් එහි තිබීමත්ය. ඇගේ පාද දෙක දණහිස් දෙකෙන් ඉහළ කඳ කොටස කිසියම් මොට ආයුධයකින් කපාගෙන සිරුර පිටින් රැුගෙන ගොස් තිබූ අතර ලේ සලකුණු පාර පුරාම දකින්නට තිබිණි. ඉතා ම්ලේච්ඡු ආකාරයෙන් සිදුවූ මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසියට පොලිස් සුනඛයින් යොදා හෝ එමිලිගේ සිරුරේ ඉහළ කොටස පිළිබඳ කිසිදු ආරංචියක් දැනගන්නට හැකි වූයේ නැත. මාස දෙකක් ඉක්මගිය පසු ඇය මිය ගොස් ඇති බව පොලීසිය විසින් දැනුම් දුන්න ද ඇගේ මෘත දේහය පවා එමිලිගේ පවුලේ අයට දකින්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් ආදාහනය කරනු ලැබුවේ ඇගේ පාද දෙක පමණි.

නේතන් වෙත පුදුමාකාර චැට් පණිවුඩය ලැබී තිබුණේ මෙවැනි මොහොතකය. මුලදී ඔහු කලබල වුවද පසුව ඔහු එමිලිගේ මවට සහ සොයුරියට දුරකතනයෙන් අමතා ඔවුන් එමිලිගේ ෆේස්බුක් ගිණුම පරිහරණය කරන්නේ ද යන්න සොයා බැලූවද එවැන්නක් සිදුවී තිබුණේ නැත. ඉන්පසු ඔහුගේ මිත‍්‍ර මෘදුකාංග ඉංජිනේරුවෙකු ලවා එමිලිගේ ෆේස්බුක් ගිණුමට කවුරුන් හෝ බලෙන් ඇතුළුවී ඇත්දැයි සොයා බැලූ විට එවැනි දෙයක් හෝ සිදුවී තිබුණේ නැත. ඉන්පසු මේ ආකාරයට එමිලිගේ ෆේස්බුක් ගිණුමෙන් තමාට පණිවුඩ එවන තැනැත්තා සමග කුළුපගව කතා කර එය කාගේ වැඩක් ද යන බව දැනගැනීමට සිතූ නේතන් දිගින් දිගටම එම තැනැත්තා සමග කතා කරන්නට පටන් ගත්තේ ය.

එමිලි නමින් පෙනී සිටි තැනැත්තා දිගින් දිගටම නේතන් සහ එමිලි ගතකළ සුන්දර මතකයන් පිළිබඳව ආවර්ජනය කරන්නට පටන් ගෙන තිබිණි. එවැනි විස්තර සියල්ල දැන සිටියේ නේතන් සහ එමිලි පමණි. මෙම පුද්ගලයා ඒවා දන්නේ කෙසේදැයි නේතන් ඇසූ විට එමිලි නමින් සිටින තැනැත්තා පැවසුවේ ‘නේතන් මේ මම, ඔයාගෙ එමිලි. ඇයි මාව හඳුනගන්න බැරි?’ යනුවෙනි. මෙහිදී ඉතා සුක්ෂ්ම ලෙස බුද්ධිය මෙහෙය වූ නේතන් ‘මම ආසයි ඔයාව දකින්න. වීඩියෝ කෝල් එකකට එන්න.’ යනුවෙන් ආරාධනා කළේය. නමුත් එවිට එමිලි පැවසුවේ තමාගේ සිරුර කැබලි බවට පත්කර ඇති බවත්, මේ වනවිට එය තිබෙන්නේ ඌරන් සහ ගෝනුන්ගේ මස් සහිත ශීතකරණයක් තුළ බවත්, එය අධික ශීතලෙන් යුක්ත නිසා වහා පැමිණ තමන් ඉන් මුදවා ගන්නා ලෙසත්ය.

නේතන් එමිලි සමග කතාබහ කිරීමෙන් ලබා ගත් ප‍්‍රධානතම කරුණ වූයේ රිය අනතුරින් පසු ඇයට සිදුවූයේ කුමක් ද යන කාරණයයි. අනතුර සිදුවූ වහාම තමාගේ සිහි විසඥවූ බවත් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තම දෙපා කපා දමන මොහොතේ සිහි ලැබී තමන් කෑ ගැසූ බවත් එහිදී නැවත සිහි විසඥවූ බවත් ඉන්පසු තමන්ට සිහි නොලැබූ බවත්, එම පුද්ගලයින් දෙදෙනා තමාව කරේ තබාගෙන කැලෑබදව තිබූ පැරණි ගොඩනැගිල්ලක් තුළට රැගෙන යන ආකාරය තමා ඉහළ පාවෙමින් බලා සිටි බවත් ඇය නේතන්ට පැවසීය. ඇය පැවසූ මං සලකුණු ඔස්සේ මිනීමරුවන් සොයා යාමේ වගකීම භාරවූයේ කැලිෆෝනියානු පොලීසියටයි. නේතන් විසින් ෆේස්බුක් ඔස්සේ එමිලි පැවසූ සියල්ලක්ම ඔහු පොලිස් නිලධාරීන් වෙත පැවසූ පසු ක‍්‍රියාත්මක වූ 50 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් එමිලිගේ රිය අනතුර සිදුවූ ප‍්‍රදේශය ඔස්සේ කිලෝ මීටර් 12 ක් පමණ කැලෑව තුළට ගමන් කරන විට අතහැර දැමුණු පැරණි ගොඩනැගිල්ලක් දක්නට ලැබිණි.

එතුළට ගිය පොලිස් නිලධාරීන්ට දැක ගත හැකිවූයේ මිනිස් ඇට කටු සහ හිස් කබල් තැන තැන විසිරී ඇති ආකාරයයි. ඒ වනවිට බීමතින් නිදා සිටි හැඩිදැඩි පුද්ගලයින් දෙදෙනෙකු ද එහි සිට අත්අඩංගුවට ගනු ලැබිණි. එමිලි කී පරිදි අසල තිබූ ශීතකරණයක් තුළ කොටස්වලට වෙන් කරන ලද ඇගේ සිරුර තිබෙනු පොලීසිය විසින් සොයා ගන්නා ලදී. මෙම පුද්ගලයන් දෙදෙනා අනවසර කැලෑ සතුන් දඩයම් කරන්නන් වූ අතර එමිලිගේ මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ ඔවුන් ඒ අසල සිට ඇති බව පසුව ඔවුන් ප‍්‍රකාශ කරන ලදී. අනතුර නිසා දෙපා කැඞී සිහි විසඥව සිටි එමිලි දුටු ඔවුන් අවස්ථා කීපයකදී ඇයට අතවර කර තිබූ අතර මෙය හෙළි වේ යැයි සිතා දෙපා කපා දමා ඇයව පැරණි ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් තිබුණේ පසුකාලයේ වළ දමන චේතනාවෙනි. නමුත් ඔවුන්ට එම සිදුවීමෙන් පසු ඒ පිළිබඳව එතරම් උනන්දුවක් හෝ මතකයක් තිබී නැත.
එමිලිගේ සිරුරේ කොටස් නිසි ගෞරවය සහිතව ආදාහනය කිරීමෙන් පසු කිසි දිනක නේතන්ට නැවතත් ෆේස්බුක් ගිණුම ඔස්සේ එමිලිගෙන් චැට් පණිවුඩ පැමිණ තිබුණේ නැත.

දුලාංජලී මුතුවාඩියගේ