මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

09 June 2017

---නොඉදුල් දැරියගේ මිනියෙන් නයි පිල්ලිය යවයි---

ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවුලේ එකම දරුවා වූ නිසාම පියාගේ නමින් වූ සියලූ ව්‍යාපාරවල පාලනය ද ඔහුට හිමිවුණි. ඔහු කිසිම දිනක පය නොගැසූ වතු හා වෙනත් කර්මාන්ත හරහා මාස්පතා ව්‍යාපාරයේ ගිණුමට මුදල් බැර කෙරිණි. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජයනන්දගේ සිතත් දේශපාලනය කෙරෙහි ඇදී යන්නට වූයේ මේ අතර තුරය. ඔහු සිත් ගත් එක් දේශපාලන පක්ෂයක් උදෙසා යහමින් මුදල් වැය කළේය.

ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමා සිටි ප‍්‍රදේශයේ ම ප‍්‍රබල දේශපාලනික තනතුරක් ලබා ගැනීම වුවත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැත. එයට හේතුව වූයේ එම ප‍්‍රදේශයේ සිටි දේශපාලන බලවතා ජයනන්දගේ පියා සමඟ ඇති වූ ගැටලූවක් මත ජයනන්දගේ පරපුර සමඟ දැඩි වෛරයකින් විසීමයි. මේ හේතුවෙන් ජයනන්දගේ බලාපොරොත්තුව දිනෙන් දින බිඳ වැටෙන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජයනන්ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පිහිට සොයා යෑමයි. දකුණු ලක එවකට යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩවලට නමක් දිනා සිටි කිහිප දෙනකුගෙන් මේ සම්බන්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතු කිහිපයක් කර ගත්තත් ඔහුගේ අදහස ඉටු කර ගත නොහැකි විය.

මේ අතරතුර දකුණට ආසන්න නගරයක සිටින ප‍්‍රබල දේශපාලනඥයන් බොහොමයකගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු සිදු කරන ඇදුරකු පිළිබඳ ජයනන්දට දැන ගන්නට ලැබුණි. ජයනන්ද ඔහු සොයා ගොස් තමන්ගේ අවශ්‍යතාව පිළිබඳ ඇදුරාට දැනුම් දුන්නේය. ඇදුරා එම කටයුතු බාරගත්තේ තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක පොරොන්දු පිටය. වසර 30 - 40 කට පෙර රුපියල් ලක්ෂයක් යනු ඉතා විශාල මුදලකි. පසු දිනම පොරොන්දු වූ ආකාරයට පනස් දහසක මුදලක් ඇදුරා අත තැබීය.

එම පූජාව කළ යුතු දිනය කළ යුතු ආකාරය දැනගැනීම උදෙසාද පූජාවක් පැවැත්විය. එයට සහභාගි වූයේ ඇදුරා, ජයනන්ද හා ඇදුරාගේ අතවැසියන් පමණි. රාත‍්‍රිය උදාවිය. පහන් දැල්විණි. පංචෝපකාර සහිතව දේව ආරාධනා ඇරඹුණි. ඇදුරා පරල විය. අවශ්‍ය පූජා ද්‍රව්‍ය එකින් එක කියද්දී අතවැසියා ඒවා ලියා ගන්නට ද විය. එහි දී පූජාවට අවශ්‍යයයි පැවැසූ දෙයකින් ජයනන්ද හොල්මන් විය. ඇදුරා පැවැසූයේ වයස අවුරුදු 12ට අඩු නොඉඳුල් දැරිවියකගේ මළ මිනියක් ද පූජාවට අවශ්‍ය බවය. ඔහුට අනුව මිය ගොස් දින හතක් ඇතුළත මිනිය ලබාගෙන පූජාව තැබිය යුතු විය. අනතුරුව ඇදුරා දිගින් දිගටම කතා කරන්නට විය. ඇදුරාගේ ශරීරයට ආරූඪ වී තිබුණේ සොහොන් කාලි මෑණියන්ය. ඇදුරා ගේ දිව බොහෝ සෙයින් එළියට ඇදී ඇත. ‘‘උඹට පුළුවන් ද පූජා බඩු ටික දෙන්න’’
‘‘මිනිය ඇර අනිත් ඔක්කොම දෙන්න පුළුවන්.’’
‘‘ඈ යකෝ තෝ දන්නැද්ද. මම කන්නේ මිනී කියලා. උඹ මට මිනියක් දෙන්න බෑ කියන්නේ.’’
‘‘ මෑණියෝ තියෙන තැන කියනව නම් ගෙනත් දෙන්නම්’’ ඇදුරා කලින් කියා තිබූ ආකාරයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය ජයනන්ද ඇසීය.
‘‘අදින් පස්සේ එන තුන් වන මාස පෝය දවසේ අල්ලපු ගමේ පැඟිරියෙක් කනත්තට ගෙනෙයි. ඒක මට ගෙනත් දීපං. ඒක දුන්නොත් උඹේ වැඬේ කෙරෙයි.
මිනිය ගෙනත් දීමේ වගකීම ජයනන්ද භාර ගත්තේය.

එය ඉතා රහසිගතව කළ යුතු කාර්යයක් විය. එසේම මිනිය ගොඩගත් බව කිසිවකු නොදැනගත යුතු විය. තෙවන මාස පෝය උදාවීමට ඇත්තේ දින දෙකකි. අසළ ගමක හදිසියේ රෝගාතුර වූ දැරිවියක් මිය ගියාය. ජයනන්දගේ ගෝලයෝ මේ සිදුවීම ඇස ගසා ගෙන සිටියහ. මාසේ පෝය දිනයේ සාමාන්‍යයෙන් මිනී වළදමන්නේ නැති වුවත් කුමන හේතුවක් මත හෝ එදින දැරියගේ මිනිය භූමදානය කෙරිණි. එදින රාත‍්‍රියේ ඉතා සූක්ෂමව ජයනන්දගේ ගෝලයෝ මිනිය
ගොඩගැනීමට කටයුතු සූදානම් කළහ. මිය ගිය දැරිය පෙට්ටියෙන් එලියට ගෙන පැදුරක දමා ඔතා ගැට ගැසුවේය. ඉන් සු මිනී වළ යළි තිබූ ආකාරයටම වසා දැමුවේය. මේ අතරතුර ඇදුරා තම නිවස අසල කැලය තුළ සිට මැතිරීම් කටයුතු අරඹා තිබුණි. පන්දම් හතරක් හතරකොණෙහි ගසා මැද පූජා තටුවක් සාදා ඒවාට දොළ වර්ග පුදා ඇත. බිලි දීමට ගෙන ආ කුකුළන් තිදෙනකු එකට ගැට ගසා කොටුව තුළ දමා ඇත. සුදු සරමක් ඇඳ රතු රෙද්දක් ඒ මතින් ඇඳ රතු රෙද්දක් කරට දමාගෙන ඇදුරා ආරූඪයෙන් දිගින් දිගටම මතුරයි. මාස පෝය දිනයේ පරිසරයේ ඇති ගන ඇඳුර මැදින් දැල්වෙන පන්දම්වලින් මතු වූයේ පරිසරය තුළ තව තවත් බියංකරභාවයකි. කතා කරගත් ආකාරයට මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය පූජාව කරන තැනට රැුගෙන ආ යුතු ය.

මධ්‍යම රාත‍්‍රිය ක‍්‍රම ක‍්‍රමයෙන් ළං වෙත්ම ඇදුරාගේ මුහුණ ද ක‍්‍රම ක‍්‍රමයෙන් රෞද්‍ර වන හැටි ජයනන්දට පෙනෙයි. ඒ සමඟම ජයනන්දගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එයට හේතුව වූයේ මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය නොලැබුණහොත් යන සිතුවිල්ලයි. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පූජාව කරන ස්ථානයට මිනිය රැුගෙන එන්නට ඔහුට හැකි විය. ඇදුරාගේ ගෝලයෝ මිනිය කෙලින් සිටින සේ අතපය විහිදුවා මැස්සට තබා ගැට ගැසුවේ මිනියේ තිබූ ඇඳුම් පවා ඉවත් කිරීමෙන් අනතුරුව ය. ඉන්පසු කහ දියරෙන් මිනිය හොඳින් සේදීමෙන් පසු රතු මල් දමක් කරේ හා ඉණේ පැළැඳුවේ ය. ගෝලයෝ මිනියට සුවඳ දුම් අල්ලද්දී ඇදුරා මැතිරීම පටන්ගත්තේ ය. පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩිකරමින් නරින්ගේ හූ හඬ ඈතින් ඇසෙන්නට විය. ඇදුරා කුකුළකු අතට ගෙන මිනියේ හිස මත තබා සැනෙකින් කුකුළා බිලි දුන්නේ ය. කුකුළාගෙන් වැගිරෙන ලේවලින් පූජාව වෙනුවෙන් සකස් කළ ගොටු විසි එකක් පුරවා ගත්තේ ය. මෙලෙස කුකුළන් තිදෙනාම බිලි දුන් අතර එකතු කර ගන්නා ලේවලින් මිනිය නෑවීමට කටයුතු කළේ ය. දැරියගේ මිනිය රත් පැහැ වී ඇත. දැඩි අඳුර බිඳලමින් දැල්වෙන පන්දම්වලින් නිකුත් වන රත් පැහැ ආලෝකයෙන් ලේවලින් රත් පැහැවූ සිරුර දකිනා ජයනන්දගේ ලොමුදැහැගැන් වී ඇත.

මෙය මෙතරම් සංකීර්ණ දෙයක් බව ඔහු කලින් නොසිතුවේ ය.ඇදුරා දිගින් දිගට මිනියට මතුරන්නට විය. කෙමෙන් කෙමෙන් මිනියේ ස්වරූපය වෙනස් වන්නට විය. දැන් දැන් මිනිය පිච්චෙන්නා සේ හැඟීමක් ජයනන්දට ඇති විය. ඇදුරු අතවැසියා විසින් පන්දම් මධ්‍යයේ කුඩා ගිනි මැලයක් අවුළනු ලැබුවේ ය. මිනියේ පපු පෙදෙස ගිනි මැලයට හසුවන පරිදි මිනිය බැඳි මැස්ස ගිනි මැලයට පහත් කර මුක්කු දෙකක් සවි කළේ ය. ඇයගේ මුහුණ කෙළින් බිම තබා බඳුනක් තැබුවේ ය. ඇදුරා දිගින් දිගට මතුරන්නට විය. පපුවට ගින්දර වැදුණ මිනිය පිලිස්සීමක් නැත. මිනියේ දිව ටිකින් ටික දික් වන්නට විය. ඇදුරා වේගයෙන් මතුරයි. පරිසරයේ ගස් අඹරවමින් වේගයෙන් සුළං හමන්නට විය. ඒ අතරතුර මිනියේ දිව අඩියක් පමණ දික් වී ඇත. දිව දිගේ ගලාගෙන එන මිනී තෙල් බිංදුවෙන් බිංදුව තඹ බඳුනට වැටෙයි.

මෙලෙස ලබාගත් මිනී තෙල් යනු සියලූ දිෂ්ටි කැටි වුණු විනාශකාරී දෙයක් බව ඇදුරා අත්දැකීමෙන්ම දනියි. මිනිය භාරගන්නා යක්ෂ ආත්මයන් මිනී තෙල් තුළ කැටි වී ඇත. ඇදුරා විසින් තමා රැුගෙන ආ නයි පෙට්ටියක් ගෙන එම තෙල් බඳුන නයි පෙට්ටි අසලින් තැබුවේ ය. ඉන්පසු පියන ඉවත් කළේ ය. එක් වරම නයා ආවේශ වූවකු මෙන් තෙල් බඳුනට හිස දමා එම තෙල් බොන්නට පටන් ගත්තේ ය. තෙල් බී අවසන් වූ සැණින් යළි වේගයෙන් මිනිය උඩට ඇදී වට කිහිපයක් මිනියේ එතෙමින් සිට කැලය තුළට ඇදී ගියේ ය. නයා පිටවූ සැණින් ගෝලබාලයන් එක්ව කලින් කපා තිබූ වළට මිනිය හා සියලූ පූජා ද්‍රව්‍ය දමා වැසුවෝ ය.

නයි පිල්ලිය සකස් කළේ එලෙස ය. එම නයා තුළ ඇති දිෂ්ටියට ඉන් පසු භාර වූයේ මරා දැමීමට සැලසුම් කළ ශරීරයයි. නයා තුළින් ගමන් කරන්නේ එම දිෂ්ටියයි. නයා පිටවූ සැනින් මිනිය වළලන්නේ එම දිෂ්ටිය යළි මෙම සිරුරට ඇතුළුවීම වැලැක්වීමට යි. අවසානයේ ඔවුහු සිය පූජාව සාර්ථක කරමින් ජයනන්දගේ සතුරා වෙත නයි පිල්ලිය ගමන් කරවූහ.
ජයනන්දගේ විරුද්ධවාදියා පසු දින උදෑසන අවදි වූයේ නැත. සැමියා නැඟිටීමට ප‍්‍රමාද වන්නේ ඇයි දැයි බැලීමට සැමියාගේ කාමරයට ගිය බිරිඳට දැකගත හැකි වූයේ ඇස් දෙක විසල් කරගෙන තිගැස්මෙන් මිය ගොස් සිටින තම සැමියා ය. ජයනන්ද තම අභිප‍්‍රාය කෙලෙසින් හෝ ඉටු කර ගත්තේ ය.

උපුටාගැනීම = අබිරහස් අඩවිය

---හරක් අවතාරයක් මිනී මරයි---


‘හූ’ ‘හූ’ වැවට එපිටින් ඇති මහ මූකලාන දෙසින් නරින්ගේ කෑගැසීම වරින් වර ඇසෙයි. නරින්ගේ ‘හූ’ හඬ කන වැකෙත්ම ගමේ බල්ලෝ උඩුබිරීම ආරම්භ කළහ. රාත‍්‍රී අන්ධකාරය දසත වෙළාගෙන පැවතියත් මලානික සඳකිරණින් වැව මැද නිසලව ඇති බෝට්ටුව දැකගත හැකිවෙයි. ඒ නාදන්ගේ බෝට්ටුවයි.

පුරුද්දක් ලෙස නාදන් මාළු ඇල්ලීමට දැල් එලීම රාත‍්‍රී කාලයේ සිදුකළේ වැඩිපුර මාළු අල්ලාගැනීමේ අරමුණෙනි. නාදන් මුස්ලිම් ජාතික මුදලාලි කෙනකුගේ ගෝලයකි.
මේ අතරතුර වැව් පිටියේ නිදැල්ලේ ගැවසෙමින් සිටි හරක් රංචුවේ හරකුන් එකා දෙන්නා අඩුවන්නට විය. එහෙත් ගැමියන්ට එය එතරම් නොදැනුණි. එයට හේතු වූයේ එම ගවයන් නිදැල්ලේම සිටීමය.
වැව් බැම්මේ කෙළවරට වන්නට රූස්ස ගසක් විය. වැව් බැම්ම නිමවූයේ කුඩා කඳු ගැටයකිනි. නිදැල්ලේ යන හරක් හැන්දෑ වනවිට මේ ගස යටට පැමිණ ලැඟුම් ගනිති. බොහෝ කාලයක පටන් සිදුවන මේ සිදුවීම් ගමේ ගැමියනට හොඳින් හුරුපුරුදුය. ගවයන්ට එය හොඳ ආරක්‍ෂිත ස්ථානයක් විය.

වැව මැද දැල් එලූ නාදන් හෙමින් සීරුවේ පාරුව පදවාගෙන වැව් කණ්ඩිය දෙසට පැමිණියේය. නාදන් ගොඩට එනතෙක් වැව් කණ්ඩිය අසල රැුදී සිටි පිරිසක්ද විය. ඒ නාදන්ගේ මුදලාලිගේ ගෝලබාලයන් පිරිසයි. ගම දෙසින් ඇසෙනා බල්ලන්ගේ උඩුබිරුම මෙන්ම ඈතින් ඇසෙනා නරින්ගේ කෑ ගැසීම අසුබ සිදුවීමක පෙරනිමිත්තක් බවට වූ ගමේ වැඩිහිටියන්ගේ හඳුනාගැනීම සැබෑවන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.

නාදන් ඇතුළු පිරිස අන්ධකාරය මැදින් හොර රහසේ පැමිණ රූස්ස ගස යට සිටි හරක් තිදෙනෙක් අල්ලා ගත්හ. ඒ සමගම අනෙක් හරක් කලබල වී දසඅතට දිවගියහ. වැව් බැම්මේ කෙළවර කඳුගැටය අසලට රැුගෙන ගිය හරක් තිදෙනා එහි වූ ගසක ගැටගසා පහරදී මරා දැමුණි. ඒ අහිංසක සතුන්ගෙන් පිටවුණු මර ලතෝනිය ගමේ කිසිවකුටත් ඇසුනේ නැත. වහ වහා මස් කෙරුණු එම සතුන් තිදෙනාගේ මස් හොර පාරෙන් ගමෙන් නගරයට ගෙන යන්නටද වැඩි කාලයක් ගත වූයේ නැත.

පසුදා වැවට පැමිණි ගැමියන්ට දැකගත හැකි වූයේ වැවට විසිකර දමා ඇති, මරා දමන ලද ගවයන් තිදෙනකුගේ හිස්ය. එම සිදුවීමෙන් ගමම කම්පාවට පත්විය. කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය එළඹුණි. සඳ ඇති දිනයක් වුවද එදින වලාකුළුවලින් හඳ වැසී ගොස් තිබුණ අතර, මූසල බවක් මුළු ගමම වෙළාගෙන තිබුණි. අන්ධකාරයේ ගුප්ත බව බිඳ දමමින් කිසි දිනක නොවූ ආකාරයට හරක් රංචුවම කෑගසන්නට වූයේ මර ලතෝනි දෙමිනි. රැුය පුරා මෙම විලාපය ඇසෙන්නට විය. ගමේ ගැමියෝ හුළුඅතු දල්වාගෙන පැමිණියේ තවත් හොර හරක් ඝාතනයක් සිදුවන්නේදැයි කියා සොයා බැලීමටය. එහෙත් ගැමියෝ දුටු දෙයින් තුෂ්ණිම්භූත වූහ. සුපුරුදු ආකාරයට ගවයන් ලැග සිටින මහා රූස්ස ගස අසලට රැුස්වූ ගවයෝ උඩ බලාගෙන මහා හඬින් මොරදෙති. කිසිදු ගවයකු පෙර මෙන් එහි නිදි නැත. සියලූ ගවයෝ සිටගෙන සිටිති.

පළමු දිනය ගෙවී ගියේය. දෙවැනි දිනයේදීද එම සිදුවීම ඒ ආකාරයටම සිදුවිණි. තෙවැනි දිනයේ රාත‍්‍රිය උදාවිය. මේ සිදුවීම් පෙළ සමගම මහා භයානක සිදුවීමක් අතළඟ බව ගැමියෝ තේරුම් ගත්හ. ගමේ දරුවන් මෙන්ම ගැහැනුන්ද බියෙන් ගැහෙමින් පැදුරු කඩමාලූවලට වී නිදිවර්ජිතව රාත‍්‍රිය ගත කළහ. නාදන් සුපුරුදු ලෙස පාරුවේ නැගී දැල් ගැසීමට වැව මැදට පාරුව පදවන්නට විය.
හවස් යාමයේ සිට දසතින් ගලා ආ වැහි වලාකුළින් මුළු ගමම ගිලීගොසිනි. එක් වනම මහා වැසි කඳක් කඩා වැටුණි. කිසිදු ඇළක හෝ ජල පහරකින් පෝෂණය නොවුණු වැවේ ජල කඳ නිමේෂයකින් ඉහළ යන්නට විය. වැව මැදට පාරුව පැදි නාදන්ට කර කියා ගත හැකි දෙයක් නොවුණි. පරිසරයම දෙදරවමින් හෙණ ගසන්නට විය. මහා වැසි අතරින් හරකුන්ගේ මර ලතෝනියද වරින් වර මතුවෙයි.

ගතවූයේ නිමේෂයකි. හෙණ හඬ නංවමින් වැව් බැම්මේ රූස්ස ගසත් පස් කන්දත් අතර වේල්ල පුපුරා ගියේය. වේගයෙන් ඉහළ නැගි ජලකඳ පුපුරා ගිය වේල්ලෙන් එළියට පැන පහළින් වූ කුඹුරු යායවල් මෙන්ම ගම්මාන කිහිපයක්ද යටකරමින් දෙගොඩතලා ගියේ මිනිස් ජීවිත අහිමි කරමිනි. ජල පහරට අසුව ගසාගෙන ගිය නාදන්ගේ මිනීයවත් සොයාගත නොහැකි විය.
හරක්ගේ කෑගැසීම ඉන් පසු යළි මතුවූයේ නැත. හරක් ඝාතකයාට දඬුවම් හිමිවිය. දින කිහිපයකට පසු වේල්ල සෑදීමට පැමිණි නිලධාරීන් පිරිස කැඞී ගිය වේල්ල ඈත සිට ඡුායාරූපගත කළෝය. එක දිගට ගත් ඡුායාරූප අතර එක් ඡුායාරූපයක මහා රූස්ස ගස මුදුනේ සිටින ගවයකුගේ රූපයක් දැකගත හැකිවිය. එසේම වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා වැව්බැම්ම හාරන විට රූස්ස ගස අසල කළු ගලක කොටන ලද ගව රූපයක්ද හමුවිය. ඒ වසභ රජුගේ රාජකීය ගවයාගේ සොහොන බවට වූ මතයක් ගැමියන් අතර පවතී.

කෙසේ හෝ වසර සිය ගණනක් තිස්සේ ගවයන්ට ආරක්‍ෂාව සැලසූ කුමන හෝ බලවේගයක් විසින් කළ අපරාධයට පලියගත්තේ එසේය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---හයර් එක---


මේ කතාව මට කිව්වෙ මගෙ යාළුවෙක් ඒක වෙලා තියෙන්නෙ එයාලගෙ ගෙවල් පැත්තෙ ත්‍රී වීල් එලවන කෙනෙක්ට . ඔන්න එහෙනම් මන් කතාවට බහිනවා .උන්ගෙ ගමේ තියනවා එක පැත්තක් ඒකෙ රෑ 7න් පස්සෙ ඒ පැත්තට යන්න මොකෙක්වත් කැමති නෑ .මොකද ඒ පැත්තෙ හොල්මන් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා 

ඒත් අරූ කියපු විදිහට එක ගෑනියෙක් පොඩි ළමටයකුත් වඩාගෙන ඇවිත් හයර් එකක් යමුද කියලා අහලා රෑ 7.30 ට විතර ඉතින් අරූට බෑ කියන්නත් බැරි නිසා හරි යන් කියලා ඒ ගෑනු කෙනාගෙ බෑග් ටිකත් වීල් 1කට දාගෙන එන ගමන් කතා කර කර ඇවිල්ලා .ඒත් පස්සෙ එක පාරටම කතාව නැවතිලා.ඒත් වීල් කාරයාට ගානක් ගිහින් නෑ.ඔහොම විනාඩි 10ක් විතර ගියාට පස්සෙ එක පාරටම චරස් චරස් ගාන සද්දයක් ත්‍රී වීල් එක පිටිපස්සෙන් ඇහුනලු.වීල් කාරයත් හිමීට වීල් එකේ සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවලු.බලද්දි වීල් එකේ දාගෙන ආපු ගෑනි අර පොඩි එකාව දාගෙන කනවලු .මේක දැකපු වීල් කාරයාට එහෙමම කලන්තෙ දාලා ගිහිල්ලා වීල් එක ගහක ඇනිලා.

වීල් එක හැප්පෙන සද්දෙ ඇහුන ලග පාත හිටපු මිනිස්සු එද්දි මූ නිකන් කලන්තෙ ගහලා වගේ වීල් එකේ හතරගාතේ ගහලා ඉදලා තියෙන්නෙ .පස්සෙ මිනිස්සු මූව වෙන වීල් එකක දාගෙන හොස්පිටල් අරන් ගිහින් .හොස්පිටල් අරන් යද්දිත් මිනිහට හොදටම අමාරැයිලු .කොහොමහරි මිනිහට අන්තිමේට හොස්පිටල් එකේදි එක පාරක් සිහිය ආවට පස්සෙ තමයි මිනිහා මේ කතාව කියලා තියෙන්නෙ.අන්තිමේදි ඒ මිනිහගෙ ලේ එක පාරටම අඩු වේගන ගිහිල්ලා මිනිහා මරැනා.ඉතින් මේ කතාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඔබලාටම බාරයි.

Source: Link




---මුද්ද---


මගේ යාළුවෙක් තමයි මේ කතාව මට කිව්වේ. යාළුවාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් මේ ළඟදි මැරුණා. අනුරාධපුරේ නෝච්චියාගම තමයි ඒ මල්ලි ඉඳලා තියෙන්නේ. මේ අවුරුද්දේ අළුත් අවුරුදු දවස් ඉවර වුන ගමන්ම මේ මල්ලිගේ සීයා නැතිවෙලා තියෙනවා..සීයා නැතිවෙලා තියෙන්නේ නම් අසනීප වෙලා හිටපු නිසා. එයාලට පවුලේ සුසාන භූමියක් තියෙන නිසා මේ සීයාවත් ඒ පවුලේ සුසාන භූමියේ තමයි වළදාන්න ලෑස්ති කරලා තියෙන්නේ..

ඉතින් මේ මල්ලියි,, පවුලේ තවත් කීප දෙනෙකුයි එකතු වෙලා සීයාව වළදාන්න අළුත් වළක් හාරලා තියෙනවා. මේ වළ හාරද්දි වෙනත් මිණි වළක් ඕපන් වෙලා. ඒ වළ මීට අවුරුදු 15කට විතර කලින් වළදාපු ආච්චි කෙනෙක්ගේ වළක්. මිණි පෙට්ටිය එහෙම හොඳටම දිරාපත් වෙලා හොයාගන්නවත් තිබිලා නෑ. ඒත් මේ ආච්චි වළදාද්දි ඇඳන් හිටපු ඇඳුම පොඩ්ඩක්වත් දිරලා තිබිලා නෑ වළදාපු විදියටම ඇඳුමත් එක්ක ඇටසැකිල්ල තිබිලා තියෙනවා. මේ මල්ලි ඒ වළ ඇතුළට ගිහින් බලලා. ඒ ආච්චිගේ ඇටකෝටු ඇඟිල්ලක මුද්දක් තිබිලා තියෙනවා. ඒ මුද්දෙන් තමයි ඒ ආච්චිව හරියටම අඳුරගන්න පුළුවන්වෙලා තියෙන්නේ..ඒ මුද්ද එච්චර වටින එකකුත් නෙමෙයි, සුදු යකඩ වගේ මුද්දක්. මල්ලි ඒ මුද්ද අරගෙන එයාගේ ඇඟිල්ලට දාගෙන.

ඉතින් සීයාවත් වළදාලා මළගෙදර වැඩ ඉවර වෙලා හත්දවසේ දානේ එහෙමත් දීලා මේ මල්ලි රෑ 11ට විතර බයික් එකේ ගමනක් ගිහින් තියෙනවා. හැබැයි ඒ ගියේ කොහෙද, මොකටද කියන්න නම් කව්රුත් දන්නේ නෑ. ඒ වගේම මල්ලි ගියේ එයාගේ අන්තිම ගමන කියලා ඒ මල්ලිවත් පවුලේ අයවත් හිතන්න නැතිව ඇති.

එදා මේ මල්ලිගේ බයික් එක ගහක හැප්පිලා මල්ලි විසිවෙලා ගිහින් ළඟ තිබුන තාප්පෙක ඔළුව වැදිලා ඔළුව කුඩුපට්ටම් වෙලා මැරිලා.ඒ මල්ලිගේ ගෙදර ඉඳලා 10km විතර ඈතින් තමයි මේක වෙලා තියෙන්නේ..

මේ මල්ලි හැප්පෙන වෙලාවේ පාරේ මිනිස්සු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු එ් තරම් රෑ වෙලා කොහෙද ගියෙ කියලා නම් මං දන්නේ නෑ. ඒත් ඒ මින්ස්සු ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා මල්ලි හැප්පෙනවා. එයාලා පොලීසියට සාක්ෂිත් දීලා තියෙනවා. 119ට කෝල් කරලත් තියෙනවා.. මේ මල්ලි ගොඩක් වේගෙන් ඇවිල්ලත් නෑ. දැකපු අය නම් කියන්නේ 40ට විතර ආවේ කියලා. එක පාරටම බයික් එක රේස් වෙලා තියෙනවා. එකකොටම මේ මල්ලි කෑ ගහලා. හැබැයි කෑ ගහල තියෙන්නේ නම් මුකුත් වචන කියලා නෙමෙයි. නිකන් යටිගිරියෙන් හූ කියනවා වගේ තමයි කෑ ගහලා තියෙන්නේ. මේ මල්ලි ගොඩක් ට්‍රයි කරලා තියෙනවා බයික් එක කන්ට්‍රෝල් කරන්න. ඒත් බැරි වෙලා..

ඒත් පුදුමේ කියන්නේ කෙලින් පාරක තමයි මේ දේ වෙලා තියෙන්නේ. කෙලින් පාරේ යද්දි බයික් එක පාරෙන් එළියට ගිහින් පාරෙන් පිට තිබුන ගහක තමයි හැප්පිලා තියෙන්නේ. හරියට නිකන් පාරෙන් පිට ඉඳලා කව්රු හරි ඇදලා අරන් වගේ. ගමේ ගොඩක් අය කියන්නේ නම් මූ ඕන්නැති වැඩ කරන්න ගිහින් ආච්චිගේ මුද්ද ගත්ත නිසා තමයි මෙහෙම වුනේ කියලා...

සත්‍ය කතාවක්...


---රංටැබේ---


ඔන්න යාලුවනේ රංටැබේ කැඩෙට් කෑම්ප් එකේ..අපිට උන අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගත්‍තා...ඒගැන හුගක් දන්න අයත් හිටියා.....මේ සිදිදියත් දන්න අය ඇති..මේ මම කියන්නේ මේ කැම්ප් එකේ සිද්ද උන කතාවක්.මම පුද්ගලිකව මේ සම්බන්දයෙන් අත්විදලා නෑ ඒත් මේක හුගක් පරන කතාවක් කෑම්ප් එකේ අයත් මේ ගැන එක එක දේවල් කියනවා..සමහරු ඇත්ත හංගනවා...

මම මුලින්ම රංටැබේ කැම්ප් එකට යන්නේ 2005 අවුරුද්දේ..ඒක හරිම අමුතු තැනක් කැඩෙටින් කරපු කොල්ලො දන්නවා...පාලුයි තනිකම හොදට දැනෙනවා...සමහර වෙලාවට ගෙදර මතක් වෙලා මනෝ පාරක් ගහගෙන ඉන්නවා...

කැම්ප් එකට ගිය මුල් දවසේ හවස තමා කට්ටිය පෝලිම් කරලා නම් රෙජිමේන්තු අංක ලියාගෙන උස බර බලලා....ට්‍රංක පෙට්ටිත් අරගෙන බිලට් වලට යවන්නේ..
ඊට පස්සෙ දවසේ කැම්ප් එක පෙන්නලා..කරන්න ඕන දේවල් එපා දේවල් ලිස්ට් එකක් කියනවා...ගම්මාන වලට පනින්න එපා...කැම්ප් එකෙන් එලියට යන්න එපා...අලින්ට කෑම දාන්න එපා...අලි ගාවට යන්න එපා ඔයවගේ සීන් තමා කියන්නේ...
ඕක මහ අමුතු තැනක්....

ඔය කෑම්ප් එක කැඩෙට් කෝප් එකට ගන්න කලින් මහවැලි සංවර්දන අදිකාරියේ ප්‍රොජෙක්ට් එකකට ගත්ත තැනක් කොටින්ම කිව්වොත් නගරයක්...
ඕකේ වෙලද සැලක්,කම්කරුවොන්ට කෑම කන්න තැනක්..බාර් එකක්..කම්කරුවන්ට ගෙවල් ....ඉංජිනේරුවන්ට ගෙවල් තිබ්බ තැනක් තමයි මේක..
නාන්න කන්න බොන්න වැසිකිලි හිටං හැම දෙයක්ම තිබිලා තියනවා...
ඔන්න ඔය ඒ කලේ ඒකියන්නේ 1991ට කලින් මේක මේවගේ තැනක්...
ඔන්න ඔයකාලේ සිද්දියක් තමා මේක...
මේ කාලෙ හිටියා විදේශික ඉංජිනේරු යුවලක්..මුන් දෙන්නලු ඒකාලේ රංදෙනිගල ඩෑම් එකේ වැඩ බැලුවේ....

ඔන්න ඔහොම වෙද්දී සුද්දි හරි ලස්සන කෑල්ලලු...
ඉතින් මේ ඩෑම් එකේ වැට කරපු කම්කරුවෝ තුන් දෙනෙක්ට සුද්දි ගැන ආසාවක් ඇති වෙලා.....මුං රෑක සෙට් වෙලා සුද්දට ගහලා මරලා සුද්දිව උස්සන් ගියාලු..අපේ කාලෙ හැටියට සී 7 බිලට් එකේ තමා සුද්දි ඉදලා තියෙන්නේ...මුන් උස්සන් ගිහින් තියෙන්නේ මුන් හිටිය බිලට් එකට මතක විදියට බී 17..පස්සේ මුන් සුද්දිවත් දූශනය කරලා මරලා...බී 23 හංගලා තියලා...පස්සේ කරලා තියෙන්නේ ස්ටෝස් ගාව බිලට් එකක්ට අරං ගිහින් සුද්දවයි සුද්දිවයි ඇදක දාලා ගිනි තියලා.ගින්නකින් මැරුනු විදියට පස්සේ මුං පැනලා ගිහින් ලූ...

ඉතින් කැම්ප් එකේ අය අතර කතාවක් තියනවා සුද්දි හෙලුවෙන් ඇවිදිනවා...සුද්දගේ අඩිසද්ද ඇහෙනවා කියලා...තව සුද්දි ඔපෙරා කියනවා ...ඔය වගේ දේවල...
හුගක් අය කෑම්ප් එකේ බය වෙලත් තියනවලු මේ නිසා...ඒනිසා අපේ කාලේ ඔය බිලට් වලට කොල්ලෝන්ව දැම්මේ නෑ පස්සෙ පස්සේ සෙනග වැඩි වෙද්දි තමා...ලගකදි ඉදන් කොල්ලොන්ට ඔය බිලට් දෙන්න ගත්තේ...

සමහර අය බය වෙලා උන ගත්ත අවස්තාත් තියනවා...කොහොමත් කෑම්ප් එකේ රෑ 10 පස්සේ එලියට බහින්න තහනම් ලයිට් නිවලා නිදා ගන්න ඕන...

දැන්නම් කෑම්ප් එකේ යක්කු වැහිච්ච සිද්දිනම් හුගක් ආරංචි වෙනවා...
අර මම කලින් කියපු අපේ කොල්ලට යකා වැහුන වෙලාවේ කට්ටඩියා කිවා මේකේ ආත්ම 4ක් නිදහස් වෙන්න බැරුව ඉන්නව කියලා...

යකා වැහුන කොල්ලත් කටහඩවල් මාරු කරකර කතාකරා..ඌ අපිට අත දික්කරලා ආත්ම ඉන්නතැන් පෙන්නුවා...අපිට පෙනුනෙනම් නෑ ඌට ඒවෙලාවේ පෙනුනලු..

අපේ කාලෙ 2007 න් පස්සේ ඔය සිද්දි නිසා කැම්ප් එකේ උදේට පිරිත් දැම්මා....දැන්නම් ඒක නැතිලු...
මීට වඩා දෙයක් දන්නවනම් කියන්න මේ මම දන්න ටික....


Source: Link




---අද්භූත වලව්ව---


මේ වලව්ව පිහිටලා තියෙන්නේ කළුතර පැත්තේ ගමක(ගමේ නම සදහන් කරන්න වැඩී කැමැත්තක් නෑ?)මේ වලව්වේ ජිවත් වේන්නේ අවුරුදු 60ක විතර ගැණු කෙනෙක් "සිරියලතා"කියලා... වර්ෂ 1990දී මේ වලව්වේ එක් රාත්‍රීයකදී මීණිමැරුම් 2ක් වේලා තියෙනවා, මේ ගමේ ජීවත් වේනවා "සීරීපාල" කියලා සීයා කෙනෙක්, මේ වලව්ව ගැන ඒ සීයා කියපූ කථාවක් මේ...

මේ සිදූවීම වේනකෝට මේ සීයාට වයස 40ක් විතර ඇතුළු,ඒ කාළේ මේ සීයා අර වලව්වේ තමයී වැඩ කරලා තියෙන්නේ,මේ වලව්වේ ලොකූ හාමූ රෝබට් හාමූ, රොබට් හාමූගේ බිරීද "ශීලා" මැණිකේ රොබටුයී ශීලයී ගොඩක් ආදරේන් ඉදලා තියෙන්නේ,මේ දෙන්නා වීවාහ වේලත් අවුරුදු 4ක් ගිහිල්ලත් දරුවේන් ලැබීලා නෑ,

එක දවසක් රෝබට් හාමූ රෑ වේලා වලව්වට ආපූ වේලාවක දැකලා තියෙනවා මිනිහෙක් වලව්වේ ඉදලා පැනලා දුවනවා,

රොබට් හාමූ පස්සේන් එළවන් ගියත් අල්ල ගැන්න බැරී වේලා,රොබට් හාමූ වලව්වට ගිහිල්ලා හාමූගේ කාමරයට යද්දී ශීලා මැණීකේ කළබලෙන් කොන්ඩේ පීරීනවලූ, එදා රෑ වලව්වේ ලොකු රන්ඩූවක් ගිහිල්ලා, එදා ඉදන් හැමදාම ශීලා මැණිකේයී රොබට් හාමුයී රන්ඩූ වේන්න පටන් අරන්,ඔය අතරදී ශීලා මැණිකේ ගැබ්ගෙන, ශීලා මෑණිකේ මේ දේ රොබට් හාමූට මාස 2ක් කියන්නේ නැතුව ඉදලා. රොබට් හාමූට ශීලා මැණීකේට දරුවේක් ලැබෙන්න ඉන්නවා කියලා ආරංචී වේලා, 1990 මැයී 21 රෑ රොබට් හාමූ අමානූෂීක විදිහට ශීළා මැණිකේව ඝාතනය කරනවා ඒ පොරවල් උපයෝගීකරගෙන, මේ ඝාතන නඩුවේන් රොබට් හාමූ නිදහස් වේනවා,

එක දවසක් රෑ රොබට් හාමූට ශීලා මැණීකේගේ දිනපොත හම්බවේනවා,ඒ දීනපොතේ තිබ්බේ දේ කියවලා එදා රෑම රොබට් හාමූ වහ බොනවා, එදා ඉදන් රොබට් හාමූගේ කටහඩ ඒ වලව්ව ඉස්සරහීන් යන හැමෝටම වගේ ඇහෙනවලූ,මේ වලව්වේ වැඩ කරන සීරීයලතාගෙන් ඇහුවම "මොකද ඔය වලව්වට වේලා කරන්නේ" කීයලා සිරියලතා දෙන උත්තරය "මං තමයී බේබී හාමූ බලාගන්නේ"

පොලීස් පරීක්ෂණ වලදී මේ දීනපොත පරීක්ෂා කරලා,
ඒ දිනපොතේ ශීලා මැණීකේ ලියලා තියෙනවා
"එදා රෑ වලව්වේ ඉදලා පැනලා ගීයේ මගේ අයියා,එයා ආවේ මගෙන් සල්ලී ටිකක් ඉල්ලගන්න,අයියා මාව පොරොන්දූ කරගත්තා මේ දේවල් රොබට්ට කියන්න එපා කීයලා"
"මට දරුවේන් ලැබෙන්න ඉන්නවා කියලා මං රොබට්ට කියන්න මට අවස්ථාවක් ලැබුන්නෑ මොකද ගෙදර ආපූ ගමන් රොබට් මාත් එක්ක රන්ඩූ වේන හීන්දා...

2012 මේ වලව්ව ආණ්ඩුවට පවර ගන්නවා,එදා ඉදන් එ ගමේ කවුරුත් සිරියලතාව දැකලා නෑ...

Source: Link



---මිථ්‍යා දෘෂ්ඨීයෙන් ගැලී මිනීමසින් ටී කේක් සෑදූ කොරෙජ්ජෝවේ සබන් සාදන්නිය---


මෙය හුදෙක් ඉදිරිපත් කරන්නේ , ලංකාව තුල වැඩි වශයෙන් වීයාප්ත වෙලා තියෙන අනවින කොඩිවින , අංජනම් , සාස්තර , වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් පිලිබදව හා ඉන් වෙන අයහපත් ප්‍රතිපල පිලිබදව සත්‍ය අවබෝද කිරීමක් සදහා ඉතාලියේ සිදු වූ එක් සිදුවීමක් ඉදිරිපත් කිරීමක් පමණි ! මෙය පිලිගැනීම , නොපිලි ගැනීමේ තීරණය ඔබ සතු වේ !

( උපුටා ගැනීමකි , සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබ සතුයි ....)

මිනිසුන් මරන කාන්තාවන් හැඳින්විය හැකි අන්දමේ තනි වචනයක් අප භාවිතා කරන සිංහල භාෂාවේ නැහැ. එනිසා පොදුවේ ගැහැණු පිරිමි භේදයකින් තොරව, මිනිසුන් මරන්නන්ව “මිනීමරුවන්” ලෙස හඳුන්වන්න අප විසින් හුරුව සිටිනවා. ඉතින් ඉහත “මිනිස් සිරුරු වලින් බිස්කට් සහ සබන් සෑදූ මිනීමරුවෙක්” කියලා සඳහන් කළාට මේ කියන්නට යන්නේ කාන්තාවක් ගැනයි.
ලියොනාඩා චන්චුල්ලි වාසය කළේ ඉතාලියේයි. 1893 නොවැම්බර් 14 වනිදා උපන් ඇය 1939 සහ 1940 අතර කාලයේ වාසය කළේ ඉතාලියේ කොරෙජ්ජෝ නගරයේ යි. ඇය පසු කලෙක දී “කොරෙජ්ජෝ හි සබන් සාදන්නිය” යන නමින් මිනිසුන් විසින් හඳුන්වන්නට ගත්තේ ඈ විසින් කොරෙජ්ජෝ හි කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලින් සබන් නිශ්පාදනය කිරීම හා බිස්කට් පිසීම සිදු කළ නිසායි. එපමනක් ද නොව ඈ විසින් එම මිනීමස් බිස්කට් කෑමට ද ගත්තා!

චන්චුල්ලි උපත ලැබුවේ මොන්ටෙලා නම් ඉතාලි ග්‍රාමයේ යි. 24 හැවිරිදිව සිටියදී සිය දෙමව්පියන්ගේ කැමැත්තට පිටින් විවාහ වන ඇය තම සැමියා සමඟ ඔහුගේ උපන් ගමට සංක්‍රමණය වනවා. දෙමාපියන්ගේ කැමැත්තට පිටින් විවාහ වූ නිසා තම මව තමාට ශාප කරන බව ඈ විශ්වාස කළා. පසු කලෙක ඇය විසින් සිදුකරන ලද බොහොමයක් ක්‍රියාවන්ට මුල් වන්නට ඇත්තේ මේ විශ්වාසයයි. ඇගේ සැමියා වංචනික ක්‍රියාවකට වරදකරු ලෙස සිරගෙට නියමව, ඉන් අවුරුදු 6කට පසු නිදහස් වූ විට මෙම යුවළ කොරෙජ්ජෝ නගරයට සංක්‍රමණය වනවා.

එකල බොහොමයක් ඉතාලි කාන්තාවන් මෙන්ම චන්චුල්ලි යුවළට ද සිටියේ විශාල පවුලක්. චන්චුල්ලි 17 වරක් ගැබ් ගත් නමුත්, එයින් තෙවරක දීම ගබ්සාවන් සිදුව ඒ දරුවන් මියගියා. තවත් 10 දෙනෙකු කුඩා කලම මියගිය අතර ඇයට ඉතිරි වූයේ දරුවන් සිව් දෙනෙක් පමණයි. ඈ ඇගේ මෙම දරුවන් සිව් දෙනා දිවි හිමියෙන් ආරක්ෂා කළ අතර ඔවුන් පිළිබඳව මහත් බියකින් පසුවුණා. මේ බිය තවත් උග්‍ර වූයේ ඇගේ මව විසින් ඈට කළා යැයි සැළකෙන ශාපය පිළිබඳව වූ මතකය පමණක් නොවෙයි. ඈත කාලයක අත බලා සාස්තර කියනා කාන්තාවක් විසින් චන්චුල්ලිගේ සියළුම දරුවන් මියයන බවට අනාවැකියක් පවසා තිබුණා. ඉතාමත්ම මිථ්‍යාදෘෂ්ටික කන්තාවක් වූ ඇය මේ නිසා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පසුවුණේ ද ඉමහත් බියකින්.
මෙවැනි මානසික තත්ත්වයක් සහිත ඇයගේ සිත මහත් සේ කම්පනයට පත්වුණේ 1939 දී තම වැඩිමල් සහ ප්‍රියතම පුතු වූ ජුසෙප්පේ දෙවනි ලෝක යුද්ධය සඳහා සූදානම් වන ඉතාලි හමුදාවට බැ‍ඳෙන්නට යන බව දැනගන්නට ලැබීමෙනුයි. ඔහුව වළකාලීමට තමන්ට කිසිවකුත් කළ නොහැකි නිසා, යුද්ධ බිමේ පසුවන ඔහුගේ ආරක්ෂාව සඳහා තමන්ට කළ හැකි සියල්ල තමා නිවසේ සිට කළ යුතු බව ඈ විසින් තීරණය කළා. ඇගේ සැලසුම වුණේ අත බලා සාස්තර කියනා කාන්තාවක් තමාට කියා දී තිබූ පිළියමක් ක්‍රියාත්මක කිරීමයි. ජුසෙප්පේ ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි එකම ක්‍රමය මිනිසුන් බිලිදීම බව ඇය විශ්වාස කරන්නට වුණා.

චන්චුල්ලිගේ සැමියා සතු වෙළඳසලක් කොරෙජ්ජෝවේ පිහිටා තිබුණා. ඇයද මෙම වෙළඳසලේ සේවය කළ නිසා බොහොමයක් පිරිස් මුණගැසීමට ඇයට ඉඩකඩ ලැබුණා. තම පුතුගේ ජීවිතය ‍රැකීමට බිලි දුන් ප්‍රථම කාන්තාව ඇය සොයාගත්තේ මෙහිදී යි. ෆෞස්ටීනා සෙට්ටි දීර්ඝ කලක් තිස්සේ චන්චුල්ලි වෙළඳසැල සමඟ ගනුදෙනු කළ කාන්තාවක්. අවිවාහක ඇයට චන්චුල්ලි පැවසුවේ තමා විසින් ඇය සඳහා ගැලපෙන සහකරුවෙකු සොයාගත් බවයි. 

මේ පිළිබඳව දැන්ම කිසිවෙකුට නොකිවයුතු බව ඈ සෙට්ටිට පැවසුවා. මෙම සහකරුවා හමුවිය යුතු බවත්, නෑදෑයින්ට තැපැල්පත් මගින් එය දැන්විය යුතු බවත් චන්චුල්ලි විසින් සෙට්ටිට ඒත්තු ගැන්වූ අතර ඒ සියල්ල පිළිගත් සෙට්ටි විසින් එම සහකරුවා හමුවීමට යන දිනයේ අවසන් වරට චන්චුල්ලිගේ වෙළඳසැලට ගොඩවැදුනේ ඇගෙන් සමුගැනීමටයි. එහිදී සෙට්ටිට මත් බෙහෙත් යෙදූ වයින් පානය කිරීමට සලස්වා, ඉන් අනතුරුව පොරවකින් කොටා ඇයව මරාදමනු ලැබුවා. ඉන්පසු සෙට්ටිගේ දේහය කොටස් 9කට වෙන්කළ ඇය පසුව පාපොච්ඡාරණයන්හි සඳහන් පරිදි එය සඟවා ඇත්තේ ඉතාමත්ම පිළිකුල් සහගත ආකාරයකටයි.
ඈ ප්‍රථමව සිදුකර ඇත්තේ සිරුරෙන් වෑහෙන රුධිරය බේසමකට එක්කිරීමයි. ඉන්පසු සබන් සෑදීම සඳහා මිලට ගෙන තිබූ කෝස්ටික් සෝඩා කිලෝ හතක් සමඟ සිරුරේ මාංශ කොටස් මිශ්‍ර කළ ඇය එම කැබලි නොපෙනී ගොස් අඳුරු පැහැ තලපයක් වන තෙක් මිශ්‍ර කර, එම මිශ්‍රණය බාල්දි වලට පුරවාගෙන ගොස් අසලක තිබූ මළාපවාහන ටැංකියකට හලා තිබුණා. රුධිරයට ඇය සිදුකර තිබුණේ වෙනස් යමක්. එය කැටිගැසෙන තෙක් සිට, උඳුනක දමා වියළාගෙන පිටි, සිනි, චොකලට් ආදිය සමඟ මිශ්‍ර කර ටී කේක් ‍රැසක් ඇය විසින් නිපදවන්නට යෙදුණා. අසල්වැසි කාන්තාවන්ට තේ පානෝත්සව වලට ආරාධනා කර මේ බිස්කට් කන්නට දුන් ඇය තමා හා තම සැමියා විසින් ද ඒවා අනුභව කළ බවට පසුව පාපොච්ඡාරණය කර තිබුණා.

ඇගේ දෙවනි ගොදුර වූයේ ෆ්‍රන්චෙස්කා සෝආවි නම් කාන්තාවක්. චන්චුල්ලි ඇයට පැවසුවේ පියාසෙන්සා හි බාලිකා පාසලේ ඈ සඳහා ‍රැකියා අවස්ථාවක් සූදානම් කිරීමට තමන්ට හැකිවූ බවයි. පෙර පරිදිම ඈ ලවා ඇගේ නෑදෑයින්ට තැපැල් පත් යැවීමට පොළඹවන චන්චුල්ලි, ඇය තමාව අවසන් වරට හමුවීමට පැමිණි විට මත්කර, මරාදමනවා. ඇගේ සිරුරට ද අත්වන්නේ සෙට්ටිගේ සිරුරට අත්වූ ඉරණමමයි.

සොප්‍රානෝ ගායිකාවක වූ වර්ජීනියා කැචොප්පෝ චන්චුල්ලිගේ තෙවන සහ අවසන් ගොදුර වූ බව සැලකෙනවා. ඈ වෙනුවෙන් පුද්ගලික ලේකම්ධුරයක් වෙන්කර ඇති බවට කැචොප්පෝට පැවසූ චන්චුල්ලි, පෙර පරිදිම ඈ ලවා තැපැල්පත් යවා, ඈ තමා හමුවීමට පැමිණි විට ඇයව ඝාතනය කරනවා. කෙසේ නමුත් ඇගේ සිරුරට නම් අත්වන්නේ වෙනස් ඉරණමක්.
පසුව චන්චුල්ලි පැවසූ ආකාරයට කැචොප්පෝගේ මාංශය සුදු සහ මෘදුව තිබුණාලු. ඉතින් කෝස්ටික් සෝඩා-මාංශ මිශ්‍රණයට බෝතලයකින් එකක් කොලෝන් මිශ්‍ර කළ ඇය, එය බොහෝ වේලාවක් තම්බා ඉතා මෘදු ස්වභාවයක් දැරූ සබන් නිශ්පාදනය කරගැනීමට සමත්ව තිබෙනවා. මෙම සබන් තම අසල්වැසියන්ට බෙදූ ඇය, ඒවාට මෙන්ම කැචොප්පෝගේ රුධිරයෙන් සෑදූ බිස්කට් වලට ද පෙර දෙවාරයට වඩා ඔවුන් කැමැත්තක් දැක්වූ බව ප්‍රකාශ කර සිටියා.

මේ සියල්ල හෙලිවුණේ කැචොප්පෝගේ නෑනණ්ඩිය විසින් කැචොප්පෝ අතුරුදන් වීමට පෙර චන්චුල්ලිගේ නිවසට යනු දැක තිබූ නිසායි. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ඇරඹූ ඔවුන්, චන්චුල්ලිව අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් අත්අඩංගුවේ දී කිසිම පැකිලීමකින් තොරව මෙම ඝාතනයන් පිළිබඳව පාපොච්ඡාරණය කළ ඇය, ඒ පිළිබඳව සවිස්තර වාර්තාවන් ද ලබා දුන් බව පැවසෙනවා. තමා සිදුකළ ක්‍රියාවන් පිළිබඳව කිසිම පසුතැවීමක් ඈ තුළ වූයේ නැහැ.

1946 දී රෙජ්ජියො එමීලියාහි දී ඇගේ නඩුව විභාග කෙරෙන අතර ඇයව තිස් වසරක් බන්ධනාගාරයටත්, තෙවසරක් මානසික රෝහලකටත් නියම කෙරෙනවා. 1970 ඔක්තෝබර් 15 වන දා ආඝාතමය තත්ත්වයක් නිසා ඈ මියයන්නේ පුට්සුවෝලිහි කාන්තාවන් සඳහා වූ උන්මත්තකාගාරයේ දී යි.

ලංකාව මිථ්‍යා දෘෂ්ඨීන්ගෙන් මිදුණු රටක් නොවෙයි. රෝගයන්ට ප්‍රතිකාර නොගෙන යාඥා කරමින් සිටීම නිසා සිදුවුණු මරණත්, වෛද්‍යවරුන්ගෙන් නොව කට්ටඬියන්ගෙන් ප්‍රතිකාර ගැනීම නිසා සිදුවූ මරණත්, අංජනම් බලා, සාස්තර අසා ඒවා විශ්වාස කිරීම නිසා සිදු කළ මනුෂ්‍ය ඝාතන ගැනත් අදටත් විටින් විට අසන්නට ලැබෙනවා.

කොරෙජ්ජෝවේ චන්චුල්ලිගේ මේ කතාවෙන් අපහට ගතහැකි යම් ආදර්ශයක් වේ නම් ඒ මිථ්‍යා විශ්වාසයන් තුළ ගැලී සිටීම මහත් අනර්ථකාරී ප්‍රතිඵල ගෙනදෙන්නක් බවයි.
( උපුටා ගැනීමකි , සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබ සතුයි ....)



---ගේ තුල සිටි අමුත්තා---


අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්.

මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. අම්මව නැග්ට්ටේව්වාට අම්ම නෙමෙයි නැගිටින්නේ.. ඉතින් මම තාත්තව කූද්දලා කිව්ව මට බඩගිනියි කියල. තාත්තා අම්මව නැගිට්ටවන්නේ නැතුව එයාම කුස්සියට ගියා මට කිරි හදන්න. ඉතින් දැන් මාත් ඇඳේ ඉඳන් බලන් ඉන්නවා බලන් ඉන්නවා තාත්තා තාම නෑ, කුස්සියෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ.. තාත්තා කුස්සියට ගියාට එයා ගේ ඇතුලේ ලයිට් දාල නෙමේ ගියේ, මොකද ලයිට් එලියට අම්ම ඇහැරෙයි කියල. ඉතින් මම බලන් ඉඳල බැරිම තැන නෙට් එකත් ගලවල ඇඳෙන් බිමට පැන ගත්තා. එහෙම බිමට බැහැල කාමරේ කර්ටන් එක එහාට කරගෙන එලියට යන්න හැදුවා විතරයි මොකක්දෝ අමුත්තක් දැනුනා. කාමරෙන් එලියේ වම් පැත්තේ තිබ්බේ මම වැඩ කරන පොඩි ලී මේසෙකුයි, ලී පුටුවකුයි. දකුණු පැත්තේ තිබ්බේ බිත්තිය.

ඉතින් මට ඈතට පේනවා තාත්තා කුසිස්යේ ලයිට් එක දාල තියෙනවා (අපේ කාමරේ ඉඳන් කුස්සියට ටිකක් දුරයි ) ඒත් මම එතන්ට යන්න හදනකොට මොකක්දෝ ලොකු අමුත්තක් වගේ මට දැනුනා. නිකන් මන් දිහා වම් පැත්තේ ඉඳන් කවුරු හරි බලන් ඉන්නවා වගේ.. ඉතින් මොකක් ද කියල බලන්න මම හැරුනා විතරයි! මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!! මට මතකයි එක සැරේටම මාව ගල් වෙනවා වගේ, ඇඟ සීතලවෙලා ගියා, කටේ කෙල හිඳුනා, කෑ ගහගන්නවත් බැරි උනා..ඊට පස්සේ මතක නෑ මොනා උනාද කියල මම හිටියේ ඇඳ උඩ.

ඊට පස්සේ වෙලා තියෙන වැඩේ තාත්ත කිව්ව විදිහට නන් මෙහෙමයි වෙලා තියෙන්නේ..
මම කර්ටන් එක පෙරලන් දුවන්න හදල ඒක ඇඹරිලා වැටිලා ඔලුව වැදිලා දොර උලුඅස්සේ, මට සිහි නැතිවෙලා.. පස්සේ මතකයි නෑ නැගිටගෙන මට ඕඩි-කොලං ගානවා.. මම නැග්ට්ට ගමන් කියල තියෙන්නේ කාමරේ දොර වහන්න කියල. තාත්තා අහල මොනවද කරන්න ගියේ කියල මම මුකුත් කියල නෑ..

ඊට පස්සේ මම කවදාකවත් අර පුටුවෙ වාඩිවෙන්නවත්, මේසේ වැඩ කරන්නවත් ගියේ නෑ. කාමරේට ගියෙත්, එලියට ආවෙත් ඇස් දෙක වහගෙන.. වැරදිලවත් මේසේ දිහා බැලුවෙවත් නෑ..
ඔය සිද්දිය වෙලා සති දෙක තුනකින් වගේ ගෙදරට ලොකු ආරක්ෂාවක් කරා. පදිංචි වෙනකොට නන් එහෙම මුකුත් කරල තිබ්බේ නෑ. හැබයි ඊට පස්සේ නන් ඔය මුකුත් දැක්කේ නෑ. ඔය සිද්දිය වෙලා මාස ගානකට පස්සේ මම හැමෝටම ඔය සිද්දිය කිව්වා.. ඊට පස්සේ තමයි මගේ බය ටිකක් හරි අඩු උනේ. හැබැයි එදා ඒ දැක්ක එක නන් මෙහෙම වචනයෙන් නන් කියන්න බැරි තරමටම බය උනා. නිල් පාට දිලිසෙන මිනිහෙක් අඩි දෙකක් තුනක් එහායින් මූණ දිහා බලන් හිටපු එක..!!! ඒක නන් ජීවිතේට අමතක වෙන්නේ නෑ..

ඔන්න අවුරුදු 10කට විතර පස්සේ දවසක් අම්ම කියනවා ඇහුනා..
මම දැකපු එක අපේ මල්ලිත් පොඩි කාලේ දැකල කියල..!!

ඒ කියන්නේ ඌ තාම අපේ ගෙදර ඉන්නවා!!


Source: Link



---මියගිය තරුණයා සාක්ෂියට පැමිනෙයි---



මේ කියන සිදුවීම සිදුවුනේ 1985 වර්ෂයේ.එවට ලංකාවේ තිබුණේ ඉතාම ඛේදනීය තත්ත්වයක්.ජාතිවාදී ගැටුම් වගෙම ජ.වි.පෙ ක්‍රියාකාරීන් නිසා කැරැල්ලක් ද ඇති වී තිබුණ.මේ සිදුවීම ට මුහුණ දුන්නේ අද විශ්‍රාම සුවයෙන් කල්ගෙන පොලිස් නිලධාරී මහතෙක්.එයාලට ඒකාලේ රාජකාරි කරන්න සිදුවෙලා තිබුණේ ඉතාම අප්‍රසන්න සහ වේදානාකාරී පරිසරයක.

ටයර් වල දාල පිලිස්සුව තරුණ තරුණියන් ගේ මලසිරුර හන්දියක් ගානේ දක්නට ලැබුන.මේව පිළිබඳව සොයා බලන්න මේ නිලධාරීන් ට සිදුවුණා.කැළණි ගගේ මිනි පාවෙනවා ඒව බලන්නෙත් මේ නිලධාරීන් ම තමා.

මේ කියන නිලධාරීය එවකට වැඩ කලේ කොළඹ නගරයේ පොලිස් ස්ථානයක.ස්ථානය කියන්න බැරි මේ සිදුවීම ට අදාළ ඇතැම් අය අදත් ඉන්න නිසයි.

මේ කියන දවසේ මේ නිලධාරීයා රාජකාරි කරල තියෙන්නේ රාත්‍රී වැඩමුරයේ.වෙලාව රාත්‍රී දොළහ පසුවෙලාලු.අලුයම එකට ආසන්න වෙලාවක්ලු.ජීප් රිය එලවල තියෙන්නේ මේ නිලධාරීය.
එයා දැකල තියෙනවා යටිකයට ඇදුමක් නැති තරුණයෙක් ප්‍රධාන පාරෙන් හැරිල අතුරු පාරකට පිවිසෙනව.ඒ කාලේ සිදුවන දේවල් දන්න නිසා මේ නිලධාරිය වාහනය නතර කරල තව එක් නිලධාරීයෙක් එක්ක අර තරුණයා පිටුපස ගිහින් තියෙනවා.ඒත් මගක් දුරට ගියහම එසේ ගිය කිසිවෙක් දක්නට ලැබිල නැහැ.කොළඹ වතු මැද්දේ තියෙන්නේ ඉතාම පටු වංගු සහිත පාරවල් නිසා මෙයාල හිතල තියෙන්නේ මගහැරිල කියලයි.ඒ නිසා තවතවත් ඇතුළට ඇවිදල තියෙනවා මේ කෙනාව සොයාගන්න.මේ වෙලාවේ ⁣නිලධාරින් දෙන්න ම ඉදල තියෙන්නේ එකට.එයාල දැකල තියෙනවා වත්ත සීමා වන අැල ඉව්රේ එකට ගොඩ ගහල තියෙන ගෝනි ගොඩක් වැනි යමක්.

එතන තිබිල තියෙන්නේ නිරුවත් කරල මරාදැමූ තරුණ මල සිරුරු ඒව එක පොදියට තියල පුලුස්සල තිබිල තියෙන්නේ.ඒ කිසිවෙක් නැගිටල ඇවිදින මට්ටමේ ඉදල නැහැ.එහෙනම් නිලධාරී ඉදිරියේ ඇවිද ගියේ කව්ද.
නිලධාරීය පිළිතුරු දුන්නේ මෙහෙමයි... මං හිතන්නේ ඒ මියගිය තරුණයෙක් තමා සාක්ෂි දෙන්න අපව සොයන් එන්න ඇත්තේ.

උපුටා ගැනීමකි .සියලුම හිමිකම් මුල් රචකයා සතුයි

---සොපි නෝනා මළ යකින්නක් වී ගුණදාස සොයා එයි---



 ගුණදාස සිය බිරිඳ සමඟ හෝමාගමට පදිංචියට පැමිණියේ මීට වසර 38කට පෙරය. එකල අක්කරයම ඔහු මිල දී ගත්තේ රුපියල් පනස් දහසකටය. ගෙය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගය අසල ඉදි කළ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සල ඔවුනගේ ජීවනෝපාය විය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ගුණදාසගේ පවුල තව තවත් විශාල වන්නට වූයේ පුතුන් දෙදෙනකු හා දුවකු එම පවුලට එකතු වීමත් සමඟය.
කල් යත්ම දරුවන් තිදෙනාද විවාහ පත්වී පියා විසින්ම එම ඉඩමේ ඉදි කර දුන් නිවාසවලම පදිංචි වූහ. මායිම තාප්ප වෙන් නොවූ නිවාස හතර ඉඩමේ වෙන වෙනම පිහිටා තිබුණි. ඔවුන්ගේ ජීවිතවලට යාන වාහනවලින් මිල මුදලින් කිසිදු අඩුවක් නොවුණි.

බාලයාගේ විවාහයත් සමඟම මව්පියෝ නිවසේ හුදකලා වූහ. විවාහයෙන් මාස තුනක් ගත වෙද්දී ගුණදාසගේ පවුලේ අයට අයහපත් කාලයක් උදාවන බවට පෙර නිමිති පහලවන්නට විය. එහි පළමු ඉඟිය වූයේ ගෙවල් හතරේම අය සුරතලයෙන් ඇති දැඩි කළ වත්තේ ආරක්ෂකයා වූ
‘‘බිංගෝ’’ නම් සුනඛයා වත්තේ මැද මැරී වැටී සිටීමයි. කිසිදු රෝගී තත්ත්වයකින් පසු නොවූ සුනඛයා හදිසියේ මිය යෑම කාටත් ප‍්‍රහේලිකාවක් විය. ප‍්‍රධානම ගැටලූව වූයේ මුළු මුහුණම ලෙයින් වැසී තිබීමයි. නයෙක් දෂ්ඨ කරන්නට ඇතැයි සැක කළ ද එවැනි ස්වභාවයක් සුනඛයාගේ ශරීරයෙන් දැක ගත නොහැකි විය.
බල්ලාගේ මරණයේ දුක පහව යන්නත් කලියෙන් ගුණදාසගේ පවුල දෙදරා පුපුරා ගියේය. ඒ ගුණදාසගේ මරණයත් සමඟයි. ගුණදාසගේ මරණය ද අබිරහසකි. 2008 අපේ‍්‍රල් 24 වැනිදා රාත‍්‍රී ආහාර ගෙන නින්දට ගිය ගුණදාස රාත‍්‍රී 12.00 පසුවත්ම එක් වනම ඇහැරුණේ වමනය දැමීමට අවශ්‍ය බව පවසමිනි. එක් දිනට තුන් වරක් ඔහුට වමනය ගියේය. රෝගී තත්ත්වය වර්ධනය වන බව පෙනී ගියෙන් ගුණදාසව ඉක්මනින් රෝහල වෙත රැුගෙන ගියේය.

රෝහල ළං වෙත්ම, වාහනයේ දිග ඇදී සිටි ඔහු එක්වරම යළිත් වරක් වමනය දැම්මේය.
එවර ඔහුගේ මුවින් පිටවූයේ රුධිරයයි. වාහනයේ අසුන මතම වැටුණු රුධිරය ගුණදාසගේ මුහුණ පුරා ගෑවී තිබුණි. නිවසේ ඇති දැඩි කළ බල්ලා මිය යන මොහොතේ මුහුණ පුරා ලේ තැවරී තිබුණු අයුරින්ම ගුණදාසගේ මුහුණ පුරාද ලේ තැවරී ඇත. ඔවුන්ට එය පිස දමන්නට හෝ වෙලාවක් නොවුණි. ගුණදාස මහා හඬින් ‘‘බුදු අම්මෝ-- එපා’’ ලෙස කෑගැසුවේය. ඒ ඔහුගේ අවසන් කෑගැසීම විය.
ගුණදාස තම පවුල හැර දා ගියේ කිසිවකු නොසිතූ ලෙසිනි.
මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව අබිරහසක් විය. වෛද්‍යවරු හිසෙහි සිදු වූ නහර පිපිරීමක් හරහා මේ මරණය වන්නට ඇතැයි අනුමාන කළහ. ඒත් එම මරණය ගමේ සියල්ලන්ටම මහත් ගැටලූවක් බවට පත්විය. ගම පුරා විවිධ කටකතා පැතිර ගියේය.

කළුවර වැටෙන්නට පෙර එම වත්ත පසු කර යෑමට ගමේ මිනිස්සු උත්සහ ගත්හ. ගුණදාස හොල්මන් කරන බව ගම පුරා පැතිර යන්නට විය. ගමේ කිහිප දෙනකුම රාත‍්‍රි කාලයේ ගුණදාසගේ ඉඩම ළඟ දී බිය වීමත් සමඟ මේ තත්ත්වය තව තවත් දරුණු අතට හැරිණි.

ගුණදාසගේ මරණින් සති කිහිපයක් ගෙවී ගිය අතර ඒ දිනවල විශේෂ සිදුවීම් කිසිවක් සිදුනොවුණි.
යළි ගැටලූ ආරම්භ වන බවට ඉඟි පහළ වූයේ දුවගේ නිවසෙන්ය. දහවල් කාලයේ එම නිවසේ වූයේ ගුණදාසගේ දියණිය පමණි. ඇයගේ ස්වාමියා රැුකියාවක් සඳහා දහවල් කාලයේ පිටව යයි. ඇය නමින් රම්‍යා ලෙස හඳුන්වමු. රම්‍යා කුස්සිය අස්පස් කර සාලයට පැමිණෙන විට සාලයේ සෙටියේ කුෂන් ටික නැති බව දුටුවාය. වට පිට සොයද්දී කුෂන් ටික මිදුල මැද්දේ දැක ගත හැකිවිය. අයියාගේ ළමයිද පාසල් ගොස් ඇති බැවින් මෙය කරන්නට කෙනෙක් ද නොමැත. රම්‍යා මේ පිළිබඳ කල්පනා කරමින් සිටින විට මල්ලිගේ නිවසේ ද එවැනිම සිදුවීමක් සිදු වී තිබුණි. ඒ උයන බත් මුට්ටිය මිදුලට යෑමයි.
දිනෙන් දින මේ තත්ත්වය වර්ධනය වන්නට විය. නිවාස හතරේම බඩු මුට්ටු අහේතුකව එළියට යන්නට විය. එය කරන කෙනෙකුත් කිසිවකුට දැක ගත නොහැකි විය. බාලම සොයුරාගේ නිවසේ මේ තත්ත්වය ඉතා දැඩි විය. නිවස තුළ කිසිදු භාණ්ඩයක් තබා ගත නොහැකි තත්ත්වයක් වර්ධනය වෙමින් පැවැතිණි. හැළි වළං එළියට විසි වී කැඞී බිඳී යන්නට විය. ගෘහ උපකරණ බිම දිගේ ඇදී එළියට යන්නට විය. ගමේ මිනිසුන්ට මෙය ආරංචි වීමත් සමඟම මෙය දැක බලා ගැනීමට රොද බැඳ එන්නට විය. මෙය ගුණදාසගේ පවුලේ අයට මහත් හිසරදයක් විය. නිවස හා ඉඩම සඳහා ආරක්ෂා කටයුතු කිහිපයක් සිදු කළ ද ඒ එකකින් හෝ ගැටලූව නතර නොවුණි. ගුණදාසගේ භූතාත්මය විසින් මේවා සිදු කරන බවට ගම පුරා කතා පැතිර ගියේය.
රම්‍යා නිවස වසා දමා මහ ගෙදරට පැමිණීමට තීරණය කළාය. එයට බලපෑවේ ඇඟ කිළිපොළා යන සිදුවීම් දෙකකි. රම්‍යාගේ හා අයියාගේ පවුලේ අය රම්‍යාගේ නිවසේ සිටින අවස්ථාවක වයස අවු 1 1/2 පමණ වයසැති අයියාගේ බාලම දියණිය නිදි කර තැබූ පැදුර ඇය පිටින්ම නිවසින් එළියට ඇදී යන්නට විය. ළඟ සිටි පුතාගේ කෑගැසීම හේතුවෙන් දරුවා වහා ඔසවා ගැනීමට පවුලේ අයට හැකි විය. අනෙක් හේතුව වූයේ එදිනම සවස පවුලේ කිහිප දෙනකු කුස්සියේ කතා කර කර සිටින විට පිහියක් ඔවුන් අතරින් එළියට විසි වී යෑමයි.
මෙය ඔවුනගේ මාරකයන් පැනීමක් සේ විය. ඒ මොහොතේම නිවස වසා දමා රම්‍යාගේ පවුලේ අය ගුණදාසගේ මහ ගෙදරට පැමිණියහ.

එම නිවස අත හැරීමත් සමඟම පවුලේ අයට තරමක සහනයක් දැනෙන්නට විය. ඔවුනගේ ගැටලූවට හේතුව නිවැරදිව දැනගත හැකි වනුයේ මේ අතරතුරය. හිතවතකු මාර්ගයෙන් දැනගත් කපු මහතකුගේ නිවසේ ආරක්ෂාවක් ලක ලැහැස්ති විය. යොදා ගත් දිනයේ දී කපු මහතා සහ තවත් දෙදෙනෙක් පැමිණියහ. ආරක්ෂා කටයුතු ආරම්භයේ සිටම එක් අයකු අඳුනකින් (නොපෙනෙන ශක්තීන් හඳුනාගත හැකි පාරම්පරික ක‍්‍රම වේදයකි* බලමින් කළ යුතු දේ සහ ඉදිරියේ ඇති බාධා පිළිබඳ තොරතුරු ප‍්‍රකාශ කරන්නට විය.
නිවසේ ආරක්ෂාවට බාධා කරමින් මළ යකින්නියක් ගමන් කරන බව ඔහු පැවැසීය. ආරක්ෂාවේ වැඩ කටයුතු බොහෝ සෙයින් නිම වෙමින් පැවැතුණි. නිවසින් නිවස ආරක්ෂා කරමින් රම්‍යාගේ නිවසට කපු මහතා හා රම්‍යාගේ පවුලේ අයත් හිතවතුන් කිහිප දෙනෙකුත් පැමිණියේය. කපු මහතා විසින් සෑම කෙනකුටම ආරක්ෂාවට ළඟ තබා ගැනීමට දෙහි ගෙඩියක් දුන්නේය.
සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයකි. ප‍්‍රථමයෙන් කපු මහතා නිවස තුළට ඇතුළු විය. රම්‍යාට මතක ඇය නිවස තුළට ඇතුළු වූවා. පමණි. කපු මහතාගේ පසු පසින් නිවසට ඇතුලූ වූ ඇය දොර ළඟ කණප්පුවක් මත තබා තිබූ මල් දමන බඳුනක් ගෙන කපු මහතාට දමා ගැසුවාය. සියල්ලෝ තිගැස්සී ගියේය. කපු මහතාගේ පිටට වැදුණු පහර වේගවත් වුවත් කාර්ය නතර කරන්නට එය ප‍්‍රමාණවත් නොවීය. කිසිදා පරුෂ වචන භාවිතා නොකළ රම්‍යාගේ මුවින් පරුෂ වචන දිගින් දිගට පිට වන්නට විය.

‘‘බල්ලෝ’’ තොපි මගේ ඒවට රිංගගෙන මාව එලවන්නද හදන්නේ තොපි හිතන තරම් ඒක ලෙහෙසි නෑ.
කථාව බොහෝ දිගට ගියේය. කිහිප දෙනකු එක්වී රම්‍යා අල්ලා ගැනීමට උත්සහ දරුවද එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවීය. වෙනදා සුකොමල ගතිවලින්
පිරි රම්‍යා යකඩ ගැහැනියක් නැතහොත් යකින්නක් ලෙසම ශක්තිමත්ය. කිහිප දෙනකුටම ඇයගෙන් ලැබුණේ දරාගත නොහැකි පහරවල්ය.

කපු මහතා මතුරා ඉසින ලද පැන් ටිකෙන් රම්‍යා සන්සුන් විය. සියලූ සිදුවීම් රම්‍යාගේ මුවින් අසා ගැනීමට කපු මහතාට හැකිවිය. අදින් වසර 38කට පෙර ගුණදාස මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ සොපි නෝනා නම් ගැහැනියකගෙනි. ඇය සිටි කුඩා නිවස සමඟම ඉඩම විකුණා හෝකන්දර ප‍්‍රදේශයේ සිය දරුවාගේ නිවසට ගියාය. එහෙත් ඇය අවසන් කාලයේ සැලකුම් නොලබා ඉතා දුක සේ මිය ගියාය. ඒ මීට වසර 2 1/2 පමණ පෙරය. ඇය මිය ගියේ අනාථ නිවාසයකය.

මිය යන මොහොතේ ඇයට සිහි වූයේ තමාගේ හෝමාගම නිවසයි. ගුණදාස කෙරෙහි අධික වෛරයක් ඇයගේ සිතට නැගුණි. මිය ගිය සැනින් නිරුවත් මළ යකින්නක්ව ඇගේ නිවස සොයා පැමිණයාය. නිවස එතන නැත. එහෙත් එතන වූ කොස් ගසකට වී ඇයගේ ඉඩම දෙස බලා හූල්ලමින් සිටියාය. රම්‍යාගේ නිවස ඉදි කළේ කොස් ගස ආසන්නයේය. නිවස ඉදි කර අවසානයේ දොරවල් දමන්නට ගුණදස මළ යකින්න ලැගුම් ගෙන සිටි කොස්ගස කපා දැමුවේය. දොරවල් දමා නිවසට පදිංචි විය.
මළ යකින්නගේ ක‍්‍රියා තව තවත් වර්ධනය වූයේ ඇගේ නිවස පිහිටි තැන රම්‍යාගේ නිවස ඉදි කිරීම නිසාය. ඇය ඇයගේ ගෙය යළි අල්ලා ගැනීමටත් ගුණදාසගෙන්
පලිගැනීමටත් සිදුකළ සියල්ල ගැන සැමටම අවබෝධ විය. බල්ලාව, ගුණදාසව මරා දමා තිබුණේ පලිගන්නට පැමිණි යක්ෂ ආත්මය විසිනි. ආරක්ෂාව අවසානයේ ඇයට කනත්තේ ගසක් හිමිවිය. ගුණදාසගේ ජීවිතය අහිමි වූ අතර පවුලේ අයට වූ ගැටලූව නිමාවට පත්විය.

(රම්‍යාට මළගිය ආත්මය ආරූ`ඪ වීමට හේතුව වූයේ ආරක්ෂාව උදෙසා ලබා දුන් දෙහි ගෙඩිය අමතක වීමකින් පැදුර මත දමා යෑමයි.)

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

---රිටිගල ජයසේන හා මහසොහොන් යක්ෂාධිපති---



වසර 3000 වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති රිටිගල අංගම් කලාවේ ස්වර්නමය යුගය රාවනා රජුගේ අවධියයි..පසුව ලංකා ඉතිහාසයේ අංගම් සටන් හා බැදෙන ප්‍රභලම නාමය ""රිටිගල ජයසේන" යි..
දුටුගැමුණු යුද්දයේදී ප්‍රභල සංධිස්ථානයක් වන විජිතපුර බලකොටුව අත්පත් කරගැනීමට ජයසේන යක්ශාධිපතිගේ උපකාර ලැබුන බව සදහන් වේ. මෙම රිටිගල අංගම් ශාස්ත්‍රයේ ආරක්ශකයා වන රිටිගල යක්ශාධිපතිගේ සහ මහසොහොන් යක්ශයාගේ පුරාවෘත්තය මෙසේය...
. රිටිගල මහාකන්ද අසල පුංචි ගමකි.එය නමින් "කළු එබේ" නම් විය. මේ ගමේ මව පිය සහ පුතු වාසය කල පුංචි පවුලක් විය.කුඩා දරුවාගේ නම ජයසේන විය..පියාට විශාල ගව පට්ටියක් සිටියේය..මවගේ කාර්යය වූයේ මේ පට්ටියෙන් කන්නා කිරි මිදවීමයි..දිනක් පට්ටිය දක්කාගෙන එන ජයසේනගේ පියාට කෙනෙක් පහර දුන්නේය..

ජයසේනගේ පියත් අර පුද්ගලයා සමග සටන වැදිනි..අවසානයේදී සතුරාගේ බල පරාක්‍රමය පෙන්නමින් ජයසේනගේ පියාව අහසට ඔසවා පොලවේ ගසා මරා දමන ලදී.. පුංචි ජයසේන මෙම සිද්ධිය බලාගෙන සිටියේය..තම පියා මැරූ ආගන්තුකයා මව දෙසට ගමන් කලෙය.. සිද්ධිය වූ දෙසට පිටුපස ලා හට්ටි වලට කිරි වත්කරමින් සිටි මව මේ කිසි දෙයක් නොදැන සිටියාය..

තමා සකස් කරන ලද කිරිහට්ටි පාගා පොඩි කරමින් තම දෙසට එන පුද්ගලයෙකු දැක බයට පත් වී එක කිරි හට්ටියක් තමා දෙසට ලං කරගනිමින් එය තාමාගේ පුතාට බවත් එය විනාශ නොකරන ලෙස කියත්ම ඇයට පහර දී මරා දමන් ආගන්තුකයා ආපසු හැරී වනයට නොපෙනී ගියේය..
මේ සිද්ධිය පුංචි ජයසේන සියසින් දුටුවේය..මිය ගිය මවත් පියාත් දේවත්වයට පත් විය..පුංචි ජයසේන තරුණයෙකු වන තුරු මවත් පියාත් දෙවත්වයෙන් සිට ඔහුව රැක බලා ගත්තේය..තරුණ වියට පත් වූ ජයසේනගේ සිතේ වූයෙ එකම බලාපොරොත්තුවකි..

ඒ තම දෙමාපියන් තමා ඉදිරියේම ඝාතනය කාල වුන්ගෙන් පලිගැනීමටයි..දිනක් තම අවශ්‍යතාවය ආරක්ෂක දේවතාවන් වශයෙන් පෙනී සිටින බවට හා පියාට සැල කර සිටියේය..ඔවූහු මොහුගේ අදහ්ස දැන මහත් කම්පාවට පත් විය..තරුණ ජයසේනට මෙම අදහස අත් අරින ලෙස ඉල්ලිම් කරද එය අසාර්තක විය.
එදා තමන්ව මරා දැමුවේ මහසොහොන් යක්ශයා බවත් ඔහු සමග සටනට තබා මුන ගැසීමටවත් නොසිතිය යුතු බවත් ඔවුහු ජයසේනට සැලකර සිටියේය.නමුත් ජයසේනගේ අදහස වෙනස් කිරීමට ඔවුනට නොහැකි විය..තම දිවි දෙවැනි කොට තම මව්පියන් මැරූ පලිය ගැනීමට ඔහු තීරණය කර හමාරය..පසුව දෙමාපියන් තම දරුවා බේරාගැනීමට අවශ්‍ය නිසා මහසොහොනාට දඩුවම් දීමට ක්‍රමයක් යෝජනා කලේය..
එය මෙසේය.. ජයසේනගේ ශරීරයට මහසොහොනා ආරූඪ කරගෙන මහත් විශාල පාපකර්ම සිදුකරමින් මහසොහොන්ට පව් පුරවා අපායට යැවීමටය.ඒ යෝජනාවට ජයසේන එකග විය මවගේත් පියාගෙත් දේව බලයේ උපකාරයෙන් ජයසේන මහසොහොන් යක්ෂාධිපතියාව ආරූඪ කරගන්නා ලදී..
ඉන්පසු ප්‍රදේශයේ සතා සිවුපාවා මරමින් රිටිගල වනය හරහා යන මිනිසුන් මරා දමමින් ගෙවල් දොරවල් විනාශ කරමින් පාපකර්මයන් වල නියැලිනි.. මෙසේ වසර ගනනාවක් ගත විය ""ජයසේන යක්ෂයා වෙලා "" යැයි මිනිසුන් අතරේ බිය පැතිරී ගියේය.. ඔවුන් දන්නේ තරුණ ජයසේන මෙම වැඩ කරණ බවයි මහසොහොන් යක්ෂයා ආරූඪ වී ඇති බව ඔවුන් නොදැන සිටියේය..ජයසේන යන නමට පවා බිය වූ මිනිසුන් එම ප්‍රදේශය ජන ශූන්‍ය පෙදෙසක් විය..

මේ අතරේ කොතරම් පාපක්‍රියා සිදුකලත් මහසොහොන් අපායට නොයන බවත් ඔහුගේ කර්ම විපාක වල ශක්තියෙන් මෙවැනි පාපතර ක්‍රියා ඔහුට කල්ප ගනනාවක් සිදුකල හැකි බව ජයසේනගේ මවට පියාට අවබෝධ විය..එම නිසා මහසොහොන් ආරූඪයෙන් ඉවත් විය යුතු බව ඔව්න් ජයසේනට කියා සිටියේය.. කිසිදා මෙම වෛරය නොසන්සිදෙන බව දැනගත් ජයසේනද මව්පියන්ගේ බසට අවනත වී ආරූඪයෙන් ඉවත් වීමත් උත්සහ ගත්තේය..
එහෙත් එය කලනොහැකි දෙයක් බවට පත් වී හමාරය.මහසොහොනා විසින් ඉවත්වීම #ප්‍රතික්ශේප කරණ ලදී..ඔවුන් දෙදෙනාගේ බැදීම ඒ තරමටම ශක්තිමත් වී තිබිණි..පසුව මෙම පවුකාර ජීවිතයෙන් ගැලවීමටත් මිනිසුන්ගේ බිය නැතිකිරීමටත් පරිසරය කලින් තිබුන ලෙස සැකසීමටත් තමා මිය යා යුතු බව ජයසේන තීරනය කලේය..

එම අභිප්‍රාය මුල් කරගෙන ජයසේන ගෝඨයිම්බර යෝදයා සමග සටනකට මුල පිරුවේය (ඒ ගෝඨයිම්බරගේ බිරිද මුල් කරගනිමින් ඇති කරගත් සටනක් වේ.) මෙම සටන විශාල ජනකායක් ඉදිරියේ සිදුවිය..පසුව ගෝඨයිම්බර යෝදයා අහසට පැන නැග එල්ල කල පහරකින් ජයසේනගේ හිස කදෙන් වෙන් වී ගියේය..මෙම සිද්ධිය දුටු මිනිසුන් ප්‍රීති ගෝසා නැගීය..රිටිගල ගම්මානය නැවතත් සාමාන්‍ය අතට හැරිණි.. ජයසේන යක්ශයාට සත්ව හිස ලැබෙන්නේ එහිදීය.. පසුව යක්ශයෙකු වන ඔහු රිටිගල වනයේ සැගව සිටියේය..
තමන් සිදුකල පාපකර්මයන්ගෙන් මිදීමට ජයසේන භාවනාවේ යෙදිනි මිනිසුන්ගෙන් ඈත්ව සිටි ඔහුගේ වාස භූමිය රිටිගල වනය විය.. දිනක් ඉන්දියාවේ මලය දේශයේ සිට පැමිණ රිටිගල වණය හරහා යමින් සිටි අයෙකුට බලවත් යක්ශයෙකුගේ ඉවක් වැටිණි..ශාස්ත්‍රානුකුලව සොයා බලා ඔහු ජයසේන යක්ශයා පිළිබද තොරතුරු සොයා ගත්තේය..

පසුව එම අසල වනයේ ගම් නායකයා හා එක්ව රිටිගලවනයේ යක්ශයා සෙවීම ආරම්භ කරණ ලදී..මාස ගනනාවක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙස දිනක් ඔවුනට ජයසේන යක්ෂයාව මුණ ගැසුන ලදී..ඔහු බලවත් වී සිටින්නේ මහසොහොනා හා සමග එක් වී සිටින බව නිසා දැන ගත් ශාස්ත්‍රවරයා එම බලය ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය..

ජයසේන යක්ශයා එය ප්‍රතික්ශේප කලේ මෙම අසිමිත බලය නිසා තමා පව්කාරයෙකු වී සිටින බවත් තවත් එවැනි පව්කාරයන් බිහිකර නොහැකි බවත් ඔහු පවසා සිටියේය.. එවිට සාස්ත්‍රකරු යක්ශයාව බන්දනයකට හසු කරගැනීමට උත්සහ කලේය.. එවිට යක්ශයා එම බලය ඔහුට නිව ගම්නායකයා වෙත ලබාදීමට කැමතිවිය
මෙම ශිල්පය භාවිත කර පාපකර්ම නොකරන බවටත් කල්පයක් යනතුරු සටනට අදිපති සටන් දේවතාවාට පින්පෙත් අයිතිකරදෙන ලෙසත් පොරොන්දුකරවා ගනිමින් ශිල්පය ලබා දෙන ලදී ගම්නායකයා මෙම ශිල්පය ලබාගෙන ඔහුගෙන් එම ශිල්පය ලබාගත් නායක පරපුර නොකඩවා ශිල්පය රැකගනිමින් පවත්වාගෙන ආහ. පරම්පාරාවෙන් උරුමය ගන්නා සටන් නායකයා සමග ජයසේනගේ ආත්මය සැරිසැරුවේය . එම නිසා සටන් ශිල්පයේ ප්‍රබලත්වය එක ලෙසම පැවතිනි..



රිටිගල විශුද්ද අංගම් සාස්ත්‍රයේ සහ මහසොහොන් ආත්මයේ පුරාවෘත්තය මෙයයි. රිටිගල ජයසේන හා මහසොහොනා යන්න එක්කෙනෙක් නොවන බව මෙයින් පැහැදිලි වේ.. මහසොහොන් ආත්මය ඊටත් පැරණි අතීතයකට දිව යයි

Source: Link