මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

11 June 2017

---කොට කුරුම්ට්ටා---



මෙ සිද්ධිය වෙද්දී මට අවුරුදු 14යි.

දවසක් රැ 9.00 විතර අම්මා කන්න කථාකළා ..එදා මට බිත්තර කන්න හිතුණා . අම්මාගෙන් ඇහුවා බිත්තර තියෙනවාද කියලා . ඔව් කිව්වට පස්සෙ මම කුස්සියට ගිහින් තනියම ඔම්ලට් එකක් හඩගත්තා.

මම සාලෙට අවිත් බතුත් කාලා ටීවි එකත් බලලා නිදියන්න ගියා .
මම නිදියන්නෙ තාත්තාගාව. ගෙදර හැමොම නිදි. වෙලාව 11.30යි අපි ඉන්න කබරෙට සාලෙ පෙනවා. මෙට්ටෙ බිම දාගෙන තමයි නිදියන්නෙ.තාත්ත මෙට්ටෙ ,මම එතනම බිම.පුන්චි කාලෙ ඉදන් පුරුදු වෙලා.

මන් එදා අහරගෙන නින්ද යනකල් කල්පනා කර කර හිටියෙ. නයිට් බල්බයත් දාලා තිබ්බෙ කාබරයට හොදට එලිය වටිලා. 
ඔන්න ටික වෙලාවක් යද්දී මට පේනවා ඔලුවට උල් තොප්පියක් දාගෙන ,කොට කුරුම්ට්ටෙක් ,හරිම කතයි...විරුපියි ....මම බය උන පාර දාඩිය දාගෙන ආව තත්පරයට . ඔන්න එ හොල්මන් මිනිහා ටික ටික මෙට්ටෙ ලගට ආව.

හරියට මහත මිනිස්සු අමාරුවෙන් අවිදින්නෙ එ වගෙ .
මම තාත්තගෙ අස්සට ගියා. අඩියක් උසති එ මිනිහා . මෙන්න මු මෙට්ටෙට අමරුවෙන් නගිනවා. මගෙ පපුවේ සද්දෙ පිටට දොන්කාරය වගෙ.බාගෙට පෙරවන් හිටපු ශිට් එක ඔලුවෙ ඉදන් දාගත්තා. එවෙලෙම මගෙ එක කකුලකින් තාත්තාට ගහගෙන ගහගෙන ගියා. ඔන්න තාත්තා මට බනින්න පටන්ගත්ත. එක පරම රෙද්ද අහකට ගත්තා ඌ ඉන්නවද බලන්න ඌ අතුරුදන් .....
එ වෙලෙ ඉදලා ගෙදර අයියලා ,අක්කලා හැමෝම බයවෙලා .ඊටපස්සෙ මට නින්ද යනකල් අම්මාට නිදියන්න දුන්නේ න. 

ඔන්න පහුවදා උදෙ හොදටම උන.....
අම්මා කියනවා පාන්දර 3.00ට මම හිනෙන් ගිහිල්ලා ලිපෙ අලු අතගානවලු.ඊට පස්සෙ තෙත් කරපු ගොනි තියල දොරවල් ලග. 

මට නුලකුත් දාලා . 
මා බියටපත් අවස්ථාව කියවා අවසන් කල යලුවන්ට ස්තුතිය ......

Source: Link


---සත්‍ය අත්දැකීම්---



මම අවතාර, හොල්මන් යනාදිය එපමණ විශ්වාස නොකරමි, නමුත් විද්‍යාවෙන් විස්තර කල නොහැකි අත්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී ඇත්තෙක්මි. ම විසින් මෙහි අද පළකරන මෙම සිද්දිය මාගේ පියාණන් විසින් මුහුණ දෙන ලද්දකි. මෙම සිදුවීම 1980 ගනන් වල මොණරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක වු සිදුවීමකි. 

මාගේ පියාගේ ප්‍රථම පත්වීම ඉහත කී පාසලටය. එකල තනිකඩයෙකු වු මා පියාට එම පාසලේ නිල නිවසක්ද හිමිවිය. එහි කාමර 3 ක් තීබී ඇති අතර තව ගුරුවරුන් 2 නෙකුම නතර වී සිට ඇත. ඉන් එක් අයකු මහණ වී සිට සිවුරු හැර ආ අයකු විය. එම නිල නිවස තුල කිසිදු කරදරයකින් තොරව 3 දෙනාම වාසය කර ඇත. කතාව පටන් ගන්නේ මෙසෙ ටික් කාලයක් ගෙවී ගිය පසුය. 

දිනක් මා පියාට දෙහි මල්ලක් ලැබී ඇත. එකල එහි ශීතකරණද නැති බැවින් හා දෙහි යනු වටිනා දෙයක් බැවින් තුන්දෙනාම කතා වී එම දෙහි වලින් ලුණු දෙහි දැමීමට සූදානම් වී ඇත. නමුත් පොඩ් ප්‍රශ්නයක් තිබීණි එනම් ලුණු දෙහි දැමීමට සුදුසු බෝතලයක් නොතිබීමයි. පසුව තරම්ක විශාල බෝතලයක් පාසලේ විද්‍යාගාරයේ ඇති බව මා පියාට මතක් වී ඇත. එය කිසිවකට යොදා නොගන්නා බැවින් තිදෙනාම කතාවී එම බෝතලය නිල නිවසට ගෙනැවිත් තිබේ. 

ලුනුදෙහි දැමීමට බෝතලය හොදින් සෝදා වේලිය යුතුය. තව දෙහිද කපා වෙලිය යුතුය. කෙසේ හෝ බොතලය ගෙනැවිත් ඇත්තේ පාසල් වේලාවෙන් පසුවය. එම බෝතලය ගෙනා වෙලේ පටන් නිල නිවසේන් කුණු ගදක් ගසන්නට පටන් ගෙන ඇත. කෙතෙක් සෙවූවද එම ගද එන්නෙ කොහෙන්දැයි සොයා ගැනීමට නොහැකී වී ඇත. පසුව මා පෙර සදහන් කල අනික් ගුරුතුමා කියා ඇත්තේ මෙය පෙරෙත ගදක් බවයි. ඔහු මේ දේවල් තරමක් දන්නා බැවින් පිරිත් කියා නූල් බැද ඇති අතර බොතලය නැවත පාසලෙන් ගෙනගොස් තබා ඇත. බොතලය අයින් කල පසු අර ගදද නැතිවී ගොස් ඇත.

පසුව බොතලය පිළිබදව මගේ පියා එහි මුරකරුගෙන් විමසා ඇත. ඔහු කියා ඇත්තේ අත්භූත කතාවකි, ඔහුගේ වචනයෙන්ම එය ලීවිම හොදයැයි සිතුනි,

"සර්, ඔය බෝතලේනේ අපේ කලින් හිටිය ඉස්කෝලේ මහත්තයෙක්ගෙ මොලේ දාලා තිබ්බේ. ඒ මහත්තයත් හිටියෙ සර්ලාගෙ කමරේමයි, ඒකෙම බෙල්ලෙ වැල දාගෙන මැරිලා හිටියා, ඉස්කෝලෙමයි මිනිය තිබ්බෙත්. හැබයි ඒ මොලේ කොහොම ගත්තාද කියන්න මං දන්නෙ නෑ. ඒ බොතලේ මොලේ දාලා කල් තියාගන්න එවත් දාලයි තිබ්බෙ හැබැයි නිකන්ම කුණු වුනා පස්සෙ අයින් කලා. දැන් හිස් බොතලේ ඇති ඇයි සර්ලාට මොකටද ඒක."

Source: Link




---ත්‍රී විලයට නැගි කාන්තාව---


මේ කතාව මට කිව්වෙ මගෙ යාළුවෙක් ඒක වෙලා තියෙන්නෙ එයාලගෙ ගෙවල් පැත්තෙ ත්‍රී වීල් එලවන කෙනෙක්ට . 

ඔන්න එහෙනම් මන් කතාවට බහිනවා .උන්ගෙ ගමේ තියනවා එක පැත්තක් ඒකෙ රෑ 7න් පස්සෙ ඒ පැත්තට යන්න මොකෙක්වත් කැමති නෑ .මොකද ඒ පැත්තෙ හොල්මන් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා ඒත් අරූ කියපු විදිහට එක ගෑනියෙක් පොඩි ළමටයකුත් වඩාගෙන ඇවිත් හයර් එකක් යමුද කියලා අහලා රෑ 7.30 ට විතර ඉතින් අරූට බෑ කියන්නත් බැරි නිසා හරි යන් කියලා ඒ ගෑනු කෙනාගෙ බෑග් ටිකත් වීල් 1කට දාගෙන එන ගමන් කතා කර කර ඇවිල්ලා .

ඒත් පස්සෙ එක පාරටම කතාව නැවතිලා.ඒත් වීල් කාරයාට ගානක් ගිහින් නෑ.ඔහොම විනාඩි 10ක් විතර ගියාට පස්සෙ එක පාරටම චරස් චරස් ගාන සද්දයක් ත්‍රී වීල් එක පිටිපස්සෙන් ඇහුනලු.වීල් කාරයත් හිමීට වීල් එකේ සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවලු.

බලද්දි වීල් එකේ දාගෙන ආපු ගෑනි අර පොඩි එකාව දාගෙන කනවලු .මේක දැකපු වීල් කාරයාට එහෙමම කලන්තෙ දාලා ගිහිල්ලා වීල් එක ගහක ඇනිලා.වීල් එක හැප්පෙන සද්දෙ ඇහුන ලග පාත හිටපු මිනිස්සු එද්දි මූ නිකන් කලන්තෙ ගහලා වගේ වීල් එකේ හතරගාතේ ගහලා ඉදලා තියෙන්නෙ .පස්සෙ මිනිස්සු මූව වෙන වීල් එකක දාගෙන හොස්පිටල් අරන් ගිහින් .හොස්පිටල් අරන් යද්දිත් මිනිහට හොදටම අමාරැයිලු .කොහොමහරි මිනිහට අන්තිමේට හොස්පිටල් එකේදි එක පාරක් සිහිය ආවට පස්සෙ තමයි මිනිහා මේ කතාව කියලා තියෙන්නෙ.අන්තිමේදි ඒ මිනිහගෙ ලේ එක පාරටම අඩු වේගන ගිහිල්ලා මිනිහා මරැනා.

ඉතින් මේ කතාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඔබලාටම බාරයි.නැවත තවත් කතාවකින් හමුවන තෙක් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

Source: Link



---මට්ට කොල්ලා---


හුගක් වෙලාවට පාලු ප්‍රදේශ ආශ්‍රිතව අත්භුත සිදුවීම් වෙනවා වැඩී.
ඉතින් මේ කියන්ට යන්නෙත් ඒ වගේ අත්භුත කෙනෙක් ගැන තමා, මට්ට කොල්ලා...

මට්ට කොල්ලා කියන අවතාරෙත් ගොඩක් ප්‍රසිද්ධ අවතාරයක්. මෙයා ගොඩක් වෙලාවට ගැවසෙනවා කියන්නේ වතුරකඩවල් ආසන්නයේ තමා. ඒත් මේ මට්ට කොල්ලා ගැනනම් ගොඩාක් විස්තර හොයාගන්ට ලැබෙන්නේ නෑ ඒ වගේම තමා මෙයා ගැන කියවෙන ජනප්‍රවාද වත් මන් නම් අහලා නෑ. (දන්න අය ඉන්නවානම් අනික් අයටත් දැනගන්න commnt කරන්න)

ඒත් වතුරකඩවල් ඒ කියන්නේ ගංගා ඇලදොල ආශ්‍රිත ප්‍රදේශ වල ගොඩක් අය මෙයාව දැකලා බයවෙලානම් තියනවා. ඒ අය කියන විදිහට කොටයි ඒ කියන්නේ මෙයා පොඩි කොල්ලෙක් වගේ ඒ වගේම මෙයාගේ කොන්ඩයක් දකින්ටත් නෑ ලු.. ඒකයි මෙයාට මට්ට කොල්ලා කියන්නේ.. ඒ වගේම මෙයා ඉන්නේ නිරුවත්ව කියලා තමා කියන්නේ. ඇස් දෙක රතුම රතු පාටනින් තියන මේ අවතාරේ දැකලා ගොඩක් අය බය වෙලා තියනවා. ⁣ගම්බද ප්‍රදේශ වල වතුරකඩවල් ලගට ගොම්මන් වෙලාවට සහ රාත්‍රි කාලයේ මිනිස්සු යන්නේ නැත්තේ මේ මට්ට කොල්ලා නිසා තමා. ඒ වගේම මේ මට්ට කොල්ලා සොදරා වගේ මිනිස්සු පස්සේ පන්නන්නේ නෑ. ගොඩක් වෙලාවට මෙයා දර්ශනය වෙච්ච ගමන් නැතිවෙන බවක් තමා කියන්නේ. තවත් සමහරු මෙයා පාරක දකින්නේ ගමන් කරන කෙනෙක් වගේ්. ඒත් ටික වෙලාවකින් මෙයා මනුස්යෙක් නෙවෙයි කියලා තේරිලා දැඩි බියකට පත් වෙලා නූල් බදින්ට ⁣නම් වෙනවා.ඒකෙන් මට්ටකොල්ලා⁣ගේ භයංකර පෙනුම ගැන හිතාගන්ට පුලුවන්නේ. ගොඩක් වෙලාවට වතුරකඩවල් ආශ්‍රිත ප්‍රදේශ දවල්ටත් පාලු බවක් තියනවනේ. ඉතින් ගොම්මන් වෙලාවට සහ රාත්‍රි කාලයේ මේක තවත් පාලු වෙලා යනවා. ඒ වගේ වෙලාවට තනියම නාන්ට යන අය හුගක් වෙලාවට මේ මට්ට කොල්ලා දැකලා බයවෙලා තියනවා. ඉතිං ඔයාලටත් මට්ට කොල්ලා බලන්ට ඕන නම් ඒ වගේ පාලු ප්‍රදේශයක තියන ඇලක් දොලක් ලගට ගොම්මන් වෙලාවේ තනියම ගියානම් හරි.

හැබැයි බයවෙලා නූල් බදින්ට උනොත් අපි නම් වගකියන් නෑ..

Source: Link


---චේස් කඳුවුරු සුසාන භූමියේ හොල්මන. (Ghost of Camp Chase Cemetery)---


කොලොම්බස් හි, චේස් කඳවුරේ ඒකාබද්ධ සුසාන භූමියේදී සිදු කෙරූ ඔහියෝ හමුදා සොල්දාදුවන් 2,260 කගේ අවසන් විවේකීය ස්ථානය ලෙස ස්ථාපණය කොට තිබෙනවා. එය සිවිල් යුද සමයේ කැරලිකාර සොල්දාදුවන් 9,400 පැවැති ඒකාබද්ධ කඳවුරක්ව පැවතියා. 1863 කාලය වන විට එම ජනපදය තුල වසූරිය නැමැති වසංගත රොගය පැතිරීමෙන් එහි සොල්දාදුවන් හා සිරකරුවන් මිය යාමෙන් එම සොහොනෙහි මළ සිරුරු තැන්පත් කරන ලදී. යුද්ධය අවසන් වූ පසු, එම කඳවුරු ඉවත් කරන ලද අතර සුසාන භූමිය පමණක් ඉතුරු වුනා. පසුව 1895 වර්ෂයේ දී එහි සොහොන්කොත් වල ලී සළකුණු ඉවත් කිරීම ආරම්භ විය.

ලුසියානා බ්‍රග්ස් නම් කාන්තාවක් මෙම සොහොන වෙත පැමිනෙන්නේ තමාගේ මියගිය සැමියා වෙත සෝකය පළ කිරීමට. සෑම විටම ඇය මල් රැගෙන විත් සොහොන මත තබා ඇගේ සෝකය පළ කරන බවට වර්ථා වෙනවා. ඇය එම සොහොන මත පැමිණියත් ඇගේ අනන්‍යතාවය සැඟවීමට "The Veiled Lady of Camp Chase" ලෙස අන්වර්ථ නාමයකින් පෙනී ඇත. පසුව ඇය විසින් එම සුසාන භූමියේ ගොඩකිරීම් සහ පවත්වාගෙන යෑම සඳහා උපකාර කිරීමට ද මූලිකත්වය ගෙන තිබෙනවා.

පසුව ඇය 1950 දී මිය ගිය පසු ද එම සුසාන භූමියේ එම සොහොන ලඟින් ගමන් ගන්නා අයට තවමත් ඇය සෝකයෙන් වැලපීම හා එම සොහොන මත මල් තබා තිබීම අදටත් විසඳා ගත නොහැකි අභිරහසක්ව පවතී.

මෙම අවතාරය දැක ගන්නට ලැබූ තවත් අයෙක් තමයි බෙන්ජමින් එෆ් ඇලන් (Benjamin F. Allen) නම් ටෙනිසි සිට පැමිණි 22 හැවිදිරි යුද හමුදා සෙබළා. ඔහු පසුව එම වාර්තාව පැමිණිලි කරනවා "අඳුරු ආර්යාව" ("The Gray Lady") නමින්. අදටත් එම නමින් එම සොහොනෙහි ඇගේ විළාපයන් හා සමහර අවස්ථාවන් වල එහි සොහොන මත මල් තබා ගොස් තිබෙනු දැක ගන්නට ලැබෙනු ඇත.

ස්තුතියි..!!
නැවත කථාවකින් හමුවෙමු...!!

Source: Link



---අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක් වා ගන්නා ආකාරය---



අද මන් ඔයාලට දෙන්න හදන්නේ මන් හිතන විදියට අද වන විට ගොඩක් අයට අවශ්‍ය දෙයක් 
ඒ තමයි කෙසේද අප අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක් වා ගන්නා ආකාරය

01 අත්භූත සිදුවීම් පිලිබඳ දැනුවත් බව

ඔබ ලෙහෙසියෙන්ම සලිත වන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ඔබ සමහර විට මේවා පිලිබඳ සොයන්නට යන්නේ තනිවමයි ඉතින් ඒක නිසා
යහළුවෙක් සමග හෝ තමන්ගේ තනි නොතනියට සිටීම වැදගත් . තවත් දෙයක් මේවා සොයන්නට යාමේදී අනවශ්‍ය භයංකාර රූප සහිත වෙබ් පිටු මගහරින්න 
එය ඔබට සහනයක් වේවි . අත්භූත සිදුවීම් පිලිබඳ සුළුවෙන් හෝ දැනුවත් බව පෙර සූදානම සඳහා ඔබට ඉතාම වැදගත් වේවි

02 උත්සහ කරන්න මුලාවෙන් ඈත්ව සිටීමට

සමහරුන් ඇත්තටම යම් අත්භූත දෙයක් දැක්කා කියලා කිව්වත් ඇත්තටම එය එසේ නොවන්නට පුළුවන් 
ඔබ මේ පිළිබඳව ඇත්තටම දැනුවත් නැත්තම් සුළු චලනයකට පවා බිය වන්නට පුළුවන් ඉතින් හේතුන් නිසා ඔබ මේ පිළිබඳව සුළුවෙන් 
හෝ දැනුවත් වීම සුදුසුයි

03 අමුතු හැගීම් ගෙන දෙන ස්ථාන හා අත්භූත ප්‍රදේශයන්ගෙන් ඉවත් වන්න

බොහෝ විද්වතුන් එකඟ වන කාරණයක් වන්නේ හොල්මන් නැත්නම් අවතාර නැවත පැමිණෙන්නේ නිම නොවූ යමකිසි කාරණයක් නිසා බව .
ඉතින් මේ වගේ නිම නොවූ ස්ථාන ඔවුන් මියගිය හෝ ජිවත් වූ ස්ථාන වන්නට පුළුවන් . පැරණි ඉස්පිරිතාල . පැරණි නිවාස . බලකොටු . සිරමැදිරි 
පොලව යට ගුහා ප්‍රසිද්ද අප්‍රසිද්ද හෝටල් මෙවැනි ස්ථාන වල වැඩි වශයෙන් අත්භූත සිදුවීම් වී ඇතිබව වාර්තා වනවා

04 හොඳ යහළුවෙක් හෝ යහළුවන් පිරිසක් තෝරාගන්න

සැම විට ඔබේ සිතට යම් සහනයක් ගෙනදෙන විශ්වාස යහළුවෙක් තෝරාගන්න , මන්දයත් බය සිතෙන දේවල් වලට ඔබේ සිත ඇදිල යද්දී හොඳ යහළුවෙක් හෝ කණ්ඩායමක් සිටිනම් ඔබේ සිතුවිල්ල වෙනස් කිරීමට වගේම සාංකාව මැකීමට මෙය ඔබට ලොකු අත්වසිල්ලක් වේවි 
එසේම එම යහළුවත් සමග ඔබගේ මෙවැනි අත්දැකීම් සැමවිටම බෙදාගන්න

05 වැඩිපුර තනිව නොසිටීමට වගබලාගන්න

වැඩිපුරම අවතාර හා බැදුණු සිද්දීන් වාර්තා වී ඇත්තේ තනිව සිටින විටයි . ඉතින් යම් විදියකින් ඔබත් මෙවැනි වටපිටාවක සිටිනම් තනිව  නොසිට හැකි සෑම විටකම කණ්ඩායමක් සේ සිටින්න

06 අත්භූත චිත්‍රපට වැනි දේවල් ඔබෙන් ඈත්කරන්න


යලි යලිත් ඔබේ මනසට චිත්‍රපටයකින් හෝ මෙවැනි දැ ඇතුල් කර නොගැනීමට වගබලාගන්න මන්දයත් මෙවැනි දෑ වලින් ඔබේ මනසේ ඇති ශක්තිය අඩපන කිරීමට පුළුවන් එවිට ඔබ මේ කල සියල්ලෙන්ම වැඩක් නැතිවේවි යම් දෙයකින් ඔබට ඈත් වීමට අවශ්‍ය නම් එම අමතක කිරීමට ඇති දෙය සම්බන්ද වන සියල්ලක්ම නැති කිරීමට විනාශ කිරීමට ඔබට සිදුවේ

07 අදහන්න සෑම විටම ඔබගේ ආගම පලදගන්න ආගමට අදාල යමක්

එවිට ඔබගේ මනස සහ සිතද ශක්තිමත් වේ අනෙක් කරණය නම් ඔබ හරි ආගම දහමට ලැදි අයෙක් නම් මොවුන් ගෙන් බොහෝ දුරට ඔබට හානියක් නොමැත

08 නිරීක්ෂණය

අවසාන වශෙයෙන් මගේ අත්දැකීමක් අනුව දෙයක් ඔයාලට කියන්නම් ඔබලාගේ නිවාස තුල ඒ වගේම ඔබ යන අවට හොදින්ම ඇස් ඇර බලන්න ජල කරාමය හොදින් වැසුවාද වතුර නලයක් කොහේ හෝ කැඩිලද නැත්තම් රේඩියෝවේ ප්ලග් එක විසන්දි කරලද කියල මොකද මේවා අමතක වීමෙන් රාත්‍රී නින්දට ගියාට පසු ඇතිවන ශබ්ධ හොල්මන් යයි සිතන්න එපා එම නිසා අප අවට පරිසරය ගැනත් හොද අවදානයෙන් සිටින්න ඔබත් යම්කිසි දෙයක් මෙයින් දැනගත්තනම් කියන්න මට ස්තුත්යි.

Source: Link