මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

12 June 2017

---මරා දැමූ වත්සලා තම මිනීමරුවා ගැන හෙළිකරයි---


අසංක ගමෙන් පිටවූයේ වසර හතරකට පමණ පෙරදී ය. ඒ මැදපෙරදිග රැුකියාවකට යෑම සඳහා ය. රුවන්වැල්ලට ආසන්නයේ වාහනයක් හෝ ගමන් කළ නොහැකි දුෂ්කර ගමක ජීවත් වූ අසංක මාස තුනක නිවාඩුවක් උදෙසා යළි ලංකාවට පැමිණියේ ය. ලංකාවට පැමිණි දිනයේ යහළුවකුගේ නිවසේ නතර වූ ඔහු පසුදා පාන්දරම තම නිවස වෙත යෑමට පිටත්විය.
රුවන්වැල්ලේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු ඔවුන් පැමිණි වාහනයෙන් බැස පා ගමනින් ගමන් කිරීමට ඔවුනට සිදුවූයේ තම ගමට ඒ වන තුරුත් මාර්ගයක් සාදා නොතිබීම හේතුවෙනි. ප‍්‍රධානමාර්ගයේ සිට ගමට සැතපුම් හතරක පමණ දුෂ්කර ගමන් මාර්ගයක් ගෙවා යා යුතුය. තේ වතු, කඳුගැට මෙන්ම කුඩා දොළ පහරවලින් අතරින් වැටුණු මාර්ගය මනඃකාන්තය. ඒ මනඃකාන්ත බව තුරන් කරමින් ගැමියන්ගේ ජීවිතවල සැඟවුණු අඳුරු සෙවණැලි මෙන් මහා හුදෙකලා බවක් ද තැනින් තැන මතුවෙයි. අසංක පැමිණියේ තම මිතුරකු ද සමඟිනි. ඔවුන් දෙදෙනා සෙමෙන් සෙමෙන් දුෂ්කර ගමන්මෙඟ් ඉදිරියට ගමන් කරමින් සිටියහ. වසර හතරක් ගෙවී ගොස් ඇතත්, වෙනස් වී ඇත්තේ තම ජීවිත පමණකැයි ඔවුන්ට සිතුණි. ප‍්‍රධාන මාර්ගයෙන් සැතපුම් භාගයක් පමණ ගමන් කළ විට නිවස සීමාව පසුවෙයි. 
කුඩා වනරොද පසුවත්ම හමුවන කුඩා දොළ පහරෙන් පසු තේ වත්ත ඇරැුඹෙයි. උදෑසන ආලෝකය පරිසරය වෙළාගනිමින් පැවැතියත් උදැසන සීතලත් මිහිදුමත් පරිසරයේ ගුප්ත බව වැඩි කළේය.
නිවාස සීමාව පසු කරමින් ඉදිරියට ඇදෙන යහළුවන් දෙදෙනාට තරමක ඈතින් ගමන් කරනා තරුණියක් දැකගත හැකි විය. තැඹිලි පැහැයට හුරු සුදු මල් සහිත සරල ගවුමකින් සැරසී සිටි ඇයගේ අතේ කුඩා බෑගයක් ඇත. ඇය වැඩි කලබලයකින් තොරව ගමන් කරයි. අසංකගේත් ඔහුගේ යහළුවාගේත් නෙත් රැුඳී තිබුණේ ඒ දෙසට ය. ඔවුන් තම ගමන වේගවත් කරන්නට වූයේ තරුණියට කිට්ටුවීමේ පරමාර්ථයෙනි. තරුණියට ළංවෙත්ම අසංකගේ යහළුවා ඇයට විහිළුවක් කිරීමේ අදහසින් මුවෙන් ශබ්දයක් නිකුත් කළේ ය. ඒ හඬට ඇය හැරී පසුපස බැලූවා ය. ඒ සැණින් අසංක ඇයව හඳුනාගත්තේ ය.
”මචං මුකුත් කියන්න එපා. අපේ ගමේ කෙල්ලෙක්.
අපේ ගෙවල් කිට්ටුව”
”නංගී කොහොමද?”
”මේ අසංක අයියා නේද?”
වසර හතර තුළ අසංකගේ පෙනුම බොහෝ සෙයින් වෙනස්ව තිබුණත් ඇය ඔහුව එකවරම හඳුනා ගත්තාය.
”අයියා ඊයේ නේද එන්න හිටියේ?”
”ඔව් නංගි, ඊයේ තමයි මම ආවේ. ඒත් එනකොට ටිකක් පරක්කු වුණා. ඒක නිසා යාළුවකුගේ ගෙදර ඉඳලා අද උදේ ආවා.”

තමා පැමිණෙන දිනය ඇය දන්නේ කෙලෙසද? අසංකගේ සිතට ගැටලූවක් මතුවිය. තමා පැමිණෙන බව අක්කාට කියා තිබුණත්, ඇයට ද ස්ථිර දවසක් කීවාදැයි ඔහුට මතක නැත. තමාගේ පැමිණීම පුදුමයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් තමා එන බව තමාට ම කියැවී ඇති බව ඔහු සිතුවේ ය. ඔවුනට හමු වූ තරුණිය නැතහොත් අනුකා තමාගේ පැමිණීම දන්නේ ද ඒ හරහා යැයි ඔහු උපකල්පනය කළේ ය.

”අයියලා හම්බවුණු එක හොඳයි. මම මේ ටික යන්නේ කොහොමද කිය කියා, හිත හිතා හිටියේ”
”නංගි මොනවද කරන්නේ?”
”මොන්ටිසෝරි එකේ උගන්වනවා”
”කොහේ ද?”
”ගමේමයි ...... ආයතනයෙන් දැම්මේ. ඒ ඒකේ ළමයින්ට නොමිලේ උගන්වනවා”
”එතකොට ආදායමක් නැද්ද?”
”නෑ. ඒ අය පඩියක් ගෙවනවා”
”ඇයි මේ, යන්න බයයි කිව්වේ, දැන් මේ පැත්ත වෙනස් වෙලාද?”
”මාස හයකට විතර කලින් තේ වත්තට පස්සේ තියෙන ගල් වැටිය හරියේ ගෑනු ළමයෙක්ව මරලදාලා තිබුණා.
”කාවද?”
”අයියා දන්නේ නෑ. අලූතින් ආපු කට්ටියක්”
”මරපු කෙනාව අහුවුණාද?”
”නෑ”
”ඇයි මරලා තියෙන්නේ?”
”ඒක මහා සහගහන අපරාධයක් අයියේ”

”ඒ ගෑනු ළමයයි, අම්මයි විතරයි ගෙදර හිටියේ. දෙන්නටම දරුණු උණක් හැදුණා. දවස් දෙක තුනක් ම බඩගින්නේ ඉඳලා තියෙනවා. මොකුත් ගෙන්න ගන්න සල්ලි තිබිලත් නෑ. කොහොම හරි අසනීප පිටින් ම මේ ගෑනු ළමයා පාරේ කඬේට ඇවිත් තියෙනවා”
කඩයට පැමිණීමට මේ මාර්ගයේ ම පැමිණ ප‍්‍රධාන පාරට පැමිණිය යුතුයි.
”තනියෙන් ද ඇවිත් තියෙන්නේ?”

”ඔව්. එවන්න කෙනෙක් ඉඳලා නෑ. කඩෙන් පාන් ගෙඩියක් ණයට අරගෙන එනකොට කසිප්පු විකුණන අමරෙයි, උගේ ගෝලයොයි ගල් තලාව උඩදී හම්බවෙලා”
”අමරේ තාම අරක්කු විකුණනවද? තාම ඉස්සර වගේ ද?”

”ඔව්. ඒ ළමයට කරදර කරන්න හදනකොට ඒ ළමයා වැඳ වැටිලා තියෙනවා. ‘මම අසනීපෙන් ඉන්නේ දවස් ගාණකින් කාලා නැතිව ඉන්නේ, මට හිරිහැර කරන්න එපා’ කියලා. ඒ නරුමයෝ දෙන්නා ඒ ළමයව ගල උඩදීම ¥ෂණය කරලා. ඒ ළමයට සිහි නැති වුණාට පස්සේ මැරුණා කියලා හිතලා ඔළුවට ගලක් අත ඇරලා ගල පල්ලටම මිනිය දාලා”
”ඇයි ඉතින් ඒ අයව අල්ලගත්තේ නැත්තේ?”
”ගමම මේ ගැන දන්නවා. ඒත්, කවුරුත් කියන්නෑ”
ඔවුහු කතාවෙන්, කතාවෙන් ගමට පැමිණියහ.
”අයියේ මම යාළුවෙක්ගේ ගෙදරට ගිහින් එන්නම්. අයියලා යන්න”

අසංක නිවසට පැමිණ පසුදා නිවසේ අයගෙන් මේ සිදුවීම පිළිබඳ විමසුවේ ය. මිනීමැරුම සිදු කළේ කවුදැයි ගමේ කිසිවකු දැන සිටියේ නැත. අසංක නිර්නාමිකව පොලීසියට මේ මරණයට වගකිවයුත්තා අමරේ යැයි ඔත්තුවක් දුන්නේ ය. කාලයේ වැලි තලාවෙන් වැසීයන්නට තිබූ මිනීමැරුමක් හෙළිවූයේ එලෙසිනි.

අසංක සමඟ සැතපුම් හතරක් කතා කරමින් පැමිණ තිබුණේ එදා මරා දැමුණු තරුණිය වූ වත්සලා ය, අසංකගේ යහළුවා නොසිටින්නට මෙය කිසිවකුත් විශ්වාස නොකරනු ඇත. අවසානයේ වැරැුදිකරුවෝ නීතිය හමුවේ තම වරද පිළිගත්හ.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---ඇත්ත කතාවක්---


රජෙක් වුණත් කවදා හරි කල කම් පල දෙනවානෙ..

ඒ වගේම ඉන්දියාව ආක්‍රමණය කරලා බලය තහවුරු කරගත්තු මෝගල් අධිරාජ්‍යයත්
කාලයත් එක්ක බලයෙන් පිරිහුණා.. මෝගල් අධිරාජ්‍යයේ බලය බිද වැටෙද්දිත් සමහර ප්‍රාන්ත රාජ්‍ය ස්වාධීනව තමන්ගේ බලය රැක ගත්තා.. අවුද් ප්‍රාන්තයත් කාලෙකදි ඒ වගේ බලවත්ව උන්නු රාජ්‍යයක්.

අවුද් කියලා කිව්වත් ඒ නම අයෝධ්‍යා කියන නමින් බිදී ආපු නමක්.. අවුද් ප්‍රාන්තය පාලනය කලේ මෝගල් රාජවංශයෙන්.. ඒ රාජ වංශයට අයිති මන්දිරයක් තමයි “මාල්චා මහල්.“ රාජවංශයේ බලය ටිකෙන් ටික පිරිහිලා යද්දි රාජවංශයේ සාමාජිකයින් කාලයත් එක්ක නැති වෙලා ගියා. බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක මේ රාජ වංශයට තිබුණ බලය එහෙම පිටින්ම නැති වෙලා ගියා.. බ්‍රිතාන්‍ය පාලනය ඉවර වෙලා ඉන්දියාව නිදහස් රටක් බවට පත් වෙන කාලෙ වෙනකොට මේ මාල්චා මහල් කියන රාජ මන්දිරය අයිති වෙලා තිබුණෙ මෝගල් අධිරාජ්‍යෙයකුගෙම මී මිණිපිරියෙකුට..
ඒ තමයි “විලායත් මහල්“ කුමරිය.

“අවුද් හි මෙහෙසිය“ නැති නම් විලායත් මහල් කුමරියට මේ රාජ මන්දිරය අයිති වෙලා තිබුණෙ ටික කාලයයි.. “මාල්චා මහල්“ රජ මන්දිරය ඉන්දියානු ආණ්ඩුවට පවර ගත්තා.. විලායත් මහල් කුමරියට සිද්ධ වුණා දරුවො දෙන්නවත් අරගෙන මාල්චා මහල් මාලිගයෙන් පිටමං වෙන්න.. විලායත් මහල් කුමරියටත් එයාගේ දරු දෙන්නාටත් ඒ පවුලේ බල්ලාටත් එතන ඉදන් නිවහන වුණේ නවදිල්ලියෙ දුම්රියපොලේ එක වේදිකාවක්..

මාලිගාව අහිමි වෙච්ච රජ මෙහෙසියයි කුමාරයයි කුමරියයි දුම්රියපොල වේදිකාවක යාචකයෝ වගේ අවුරුදු නවයක් ජීවත් වුණා.. ඒ තරම් අසරණ ජීවිතයක් ගෙවන්න වුණත් විලායත් මහල් කුමරියගෙ රාජකීය ලේවල ආඩම්බරයත් සටන් කාමී බවත් නැති වෙලා ගියේ නම් නෑ.. ඒ අවුරුදු නවය පුරාම විලායත් මහල් කුමරිය තමන්ගෙ මන්දිරයෙ අයිතිය වෙනුවෙන් ඉන්දියානු ආණ්ඩුවත් එක්ක සටන් කළා. නඩු කිව්වා..

අන්තිමේදි ඒ සටනින් විලායත් මහල් කුමරිය ජය ගත්තා. කුමරියගෙ ඉල්ලීමට ඔලුව නවන්න ඉන්දියානු රජයට සිද්ධ වුණා. 1985 අවුරුද්දෙදි මාල්චා මහල් මාලිගය ආපහු විලායත් මහල් කුමරියට බාර දෙන්න ඉන්දියානු ආණ්ඩුවට සිද්ධ වුණා.. ලස්සන වනාන්තර පසුබිමක හදලා තිබුණ මාල්චා මහල් මාලිගය ඒ වෙනකොට වල් බිහිවෙලා.. ගරා වැටිලා.. පාලුවට ගිය මාලිගාවෙ හොල්මන් අවතාර තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්න පටන් අරගෙන.. ඒ වෙනකොට මේ මාලිගය තියෙන පැත්තටවත් ඇතුලු වෙන එකත් රජයෙන් තහනම් කරලාත් තිබුණා..

අවුරුදු නවයකට පස්සෙ විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් පදිංචියට එන්නෙ මේ ගරා වැටිච්ච, කැලෑවට ඇරුණු, මිනිස් වාසයෙන් එහෙම පිටින්ම ඈත් වෙච්ච පාලු මාලිගාවට..
ඒ මාලිගාවෙ පදිංචියට ආපු දවසෙ ඉදන් විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් ජීවත් වුණේ බාහිර ලෝකෙන් එහෙම පිටින්ම අයින් වෙලා වෙනස්ම ජීවිතයක්.. ඒ වෙනකොට මාලිගාවට විදුලියත් නෑ..
මාලිගාවට විදුලිය ගන්න ආණ්ඩුවෙන් ඉඩ දුන්නෙත් නෑ.. විදුලිය විතරක් නෙවෙයි වතුරත් නෑ..
ඒ මදිවට මාලිගාවට දොරක් ජනේලයක් වත් ඉතිරි වෙලා තිබුණෙත් නෑ.. වතුර පොදක් එළියක් නැති, අව්වෙන් වැස්සෙන් සීතලෙන් උවදුරු වලින් බේරෙන්න දොරක්වත් නැතිපට්ට පාලු හොල්මන් මන්දිරයක ජීවත් වෙන්න සිද්ධ වුණොත්..? ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද..?
විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් අවුරුදු ගානක් මේ අමිහිරි අත්දැකීම් මැද ජීවත් වුණා.. ආණ්ඩුවක් එක්ක තනියම සටන් කරපු රජ කුමරියටත් මේ අත්දැකීම් වල පීඩාව දරාගන්න බැරි වෙන්න ඇති.. ඒ හින්දා 1993 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා විලායත් මහල් මෙහෙසිය දියමන්ති කුඩු වලින් හදපු වසක් බීලා සියදිවි නසා ගත්තා.. මාල්චා මහල් මාලිගාවෙ ඉතිරි වුණේ
විලායත් මහල් මෙහෙසියගෙ දරු දෙන්නා ඒ කියන්නෙ රියාස් කුමාරයත් ශකීනා කුමරියත් ඒ අයගේ ආරක්ෂාවට හිටපු බල්ලන් රෑනත් විතරයි. අවුරුදු ගානක් කාත් කවුරුවත් නැතිව තමන්ව බලාගත්ත අම්මා නැති වුණාම ඒ දරු දෙන්නා කොච්චර කම්පනයකට පත් වෙන්න ඇතිද..? කොච්චර අසරණ වෙන්න ඇතිද..?

අම්මාගෙ සීතල මල සිරුරෙන්වත් වෙන් වෙන්න මේ දරු දෙන්නා කැමති වුණේ නෑ.. ඒ හින්දා විලායත් මහල් මෙහෙසිය මැරුණට පස්සෙත් දවස් දහයක් පුරාවටම විලායත් මහල් මෙහෙසියගෙ මල සිරුර මාලිගාවෙ මේසයක් උඩ තියාගෙන.. ඒ මේසෙ දෙපැත්තෙ ඉදගෙන.. අම්මාගෙ මල සිරුර දිහා බල බලා මේ දරු දෙන්නා වැලපුණා.. අම්මාගෙ මල මිණිය ටිකෙන් ටික නරක් වෙනකොට.. තවත් තියාගන්න බැරි බව තේරෙනකොට.. රියාස් කුමාරයා තනියම අම්මාව වල දමන්න වලක් කැපුවා.. අම්මාව මිහිදන් කරන්න කලින් දවසේ රියාස් කුමාරයයි ශකීනා කුමරියයි නිදාගත්තෙත් අම්මාගෙ මල මිණියට තුරුල් වෙලා. හිත කීරි ගැහෙනවා නේද.. ඒත් කතාව ඇත්ත.
විලායත් මහල් මෙහෙසියගෙ මල මිණිය මිහිදන් කළාට පස්සෙ.. ටික කාලයක් යනකොට
අවට ගම් වල මිනිස්සු මේ ගැන දැනගත්තා.. මිනිස්සු කතා වුණේ “අනේ දෙවියනේ අම්මා නැති දරුවො කොහොමද ජීවත් වෙන්නෙ..?“ කියලා නෙවෙයි. “පිටස්තර ලෝකෙන් අයින් වෙලා හිටියත් රජ පවුලක්නෙ.. හොදට රන් රිදී මුතු මැණික් ඇති.. නැත්තම් කොහොමද ඔහොම ජීවත් වෙන්නෙ..“ කියලා .. අම්මා නැති දරුවන්ගෙන් ඒ වත් කම් ටිකත් හොරකම් කරගන්න මිනිස්සු මාන බැලුවා..
මාල්චා මහල් මන්දිරයට හොරු පැන්නා.. මාලිගාව මංකොල්ල කෑවා මදිවට හංගපු වස්තුව හොයන්න විලායත් මහල් දේවියගෙ මිනී වලත් හෑරුවා.. මිනී වල හාරලා මිනියත් ගොඩ දමලා යන්න ගියා.. අම්මාගෙ මල සිරුර ගොඩ දමලා තියන හැටි දැක්කාම රියාස් කුමාරයටත් ශකීනා කුමරියටත් දරා ගන්න බැරි වුණා..රියාස් කුමාරයා ආයෙමත් අම්මව වල දැම්මෙ නෑ..

තවත් සැරයක් අම්මට මෙහෙම අවමන් විදින්න වුණොත්..? ඒ හින්දා අම්මාගෙ මල මිණිය තනියම ආදාහනය කළා.. එදා ඉදන් අද වෙනකලුත්ඒ කැලෑවට ඇරුණු පාලු මාලිගාවේ රියාස් කුමාරයත් ශකීනා කුමරියත් ජීවත් වෙනවා.. විලායත් මහල් මෙහෙසිය ඉතිරි කරලා ගිය රහසිගත වස්තුවෙන් ඒ දෙන්නා ජීවත් වෙනවා.. හැබැයි කවදාවත් පිටස්තර ලෝකයත් එක්ක පෑහෙන්න එන්නෙ නෑ..
කෑලි හැලෙන තරමට අබලන් වෙච්ච බයිසිකලයක නැගලා කලාතුරකින් දවසක කෑම බීම මොකවත් අරගෙන යන්න ගමකට එන රියාස් කුමාරයව ඉද හිටක අහල පහල ගම් වල අයට දකින්න ලැබෙනවා..

ඒත් ශකීනා කුමරියව නම් කාලෙකින් කවුරුවත් දැකලා නෑ..

Source: Link






---අනුරාධපුරේ ඇත්ත කතාවක්---


මම අනුරාධපුර ඇත්ත කාතවක් මට වෙච්ච මෙ සිදුවිම වෙනකොට මට අවුරුදු 22 විතර මම හොල්මන් අවතාර ගැන කිසිම ව්ස්වාසයක් තිබ්බේ නැති කෙනෙක් පොඩ්කාලේ ඉදන් තනියම හැදුනේ තාත්ත මැරුනා අම්මා රට.

අපේ අල්ලපුගෙදර ලොකු අම්මා ඉන්නේ දවසක් රෑ 9,ව්තර ලොකු අම්මා කිවුවා ලොකු අම්මාලාගේ දුවගේ ගෙදර පොඩ්ඩක් යමු කියලා මම බයික් එකේ ලොකු අම්මාත් එක්ක එහේ යන්කොට කනත්ත පොඩ්ඩක් මෙහෙයින් කඩේ ලගදි මාමා කෙනෙක් කිවුවා පොලිසිය ඉන්නවා ඉස්සරහා කියලා ලොකු අම්මට හෙල්මට් තිබුනේ ත් නෑ. 

පස්සේ කනත්ත ගවින් අතුරු පරක් තියෙනවා එකෙන් දාලා යමු කියලාඑකෙන් එන්කොට තමයි දැක්කේ මිනියක් පිච්චෙනවාකියලා බයක් නම් හිතේ තිබුන්නෑ පොඩ්ඩක් වත් එ පාරෙන් ටික දුරක් එනකොට තුන්මන් හන්දියෙන් හරවනකොටම මහ සද්දෙන් වැලි පාරක් වැදුනා එත් මගේ ඇගට වැදුනේ වැලිකැට 3,,4,,ව්තර එත් එ වැදුන පාරට මගේ ඇගේ හිරිගඩු පිපුනා මම කැගහලා ඇහුවා මොකාද යකෝ වැලි ගැහුවේ කියලා එතකොට ලොකු අම්මා කිවුවා යමු පුතේ යමු මුකුත් නැ පිස්සුද කියලා. 

මන් කිවුවා අහන්නෙම නෑ ලොකු අම්මා පස්සේ අපි අක්කාලගේ ගෙදර අවට පස්සේ ලොකු අම්මා කිවුවේ එහෙම දෙවල් තියෙනවා බය වෙන්නෙපා කියලා මට මෙක ව්සද ගන්න ඔනේ වුනා මන් පහුවෙනිදා උදෙම අර තැනට ගියා එ වැලි අපු තැන පාලු ගෙදර තිබුනා වයසක අම්මා කෙනෙක් හිටියා මන් ඇහිවා එඅ අම්මාගෙන් මො හන්දියේ හොල්මන් තියෙනවද කියලා එ අම්මා එහෙම නැ කිවුවා මන් ව්ස්තරේ කිවුවා ඉට පස්සේ කිවුවා අල්ලපු ගෙදර අරක්කු විකුනවලු හොරෙන් එ මිනිස්සු බය කරන්න කරද දන්නෑ කියලා මන් එහෙම හිතලා හිත හදාගෙන අවා.  ඇත්ත සිද්දියක් මට එගැන අදටත් හරි පිලිතුරක් නෑ

Source: Link







---ජලාශය අයිනේ මිනිස් රුව---


මා මෙි කියන මිතුරා ඔහුටම අයත් බවුසර් රථයක සේවය කරන අයෙක් . ඔහු මෙයට වසර 10 කට පමණ පෙර කොළඔ සිට නුවරඑළියේ අඹෙිවල හයිලන්ඩි කිරිපිටි සමාගමට කිරි පුවාහනය කරමින් සිටියදි මුහුණ දුන් සිද්ධියකි. 

බොහෝ බවුසර් රථ රියදුරන් රාතිු කාලයට රථ ධාවනය කරන අතර මොහුත් එදින සවස කිරි රැගෙන තම බවුසර් රථයෙන් අඹෙිවල බලා පිටත්වි ඇත. හැටන් පාරේ සිට පැමිණ නානුඹය හරහා අඹෙිවල දක්වා ධාවන කරමින් සිටියදි වෙලාව මධ්‍යම රාතිු 12.45 පමණ පසු වි ඇති අතර අඹෙිවල පාරේ කන්දේඇල ජලාශය ලංවත්ම දෙපස දැඩි රක්ෂිත වනයක් හමුවෙි . රිය සහායකුද එදින නොමැතිව රථය ඉදිරියට ධාවන කරද්දි කන්දේඇල ජලාශය ලංවනවිටදි රථයේ විදුලි පහන් අලෝකයට පැහැදිලිව ජලාශය අයිනේ මිනිස් රැවක් දිස් වි ඇත.

කඑ පැහැති ජැකටිටුවක් පැලද සිටි එකි මිනිසා ජලාශය අයිනේ පිහිටි ගාඩි ගලක් මත වාඩි වි සිටිනු මා මිතුරා පැහැදිලිව දැක ඇති අතර මහ රැ තිනවම මෙම ස්ථානයේ සිටිනුයේ කවුදැයි සැක හැර බලා ගැනිමට හෝන් ගසා බවුසරයේ වෙිගය අඩු කරත්ම අර පුද්ගලයා එක වරම ජලාශයට පැන දිය යටට නොපෙනි ගොස් ඇත. 

සිතා ගත නොහැකි ලෙස සිදුවු මෙම සිදුවිමෙන් මහත් ලෙස බියට පත්වු මිතුරා බවුසරය රැගෙන අඹෙිවල හයිලන්ඩි ආයතනයට ගොස් තමා මුහුණ දුන් සිදුවිම පවසා ඇති අතර පසු දිනෙක දැන ගැනිමට හැකි වි ඇත්තේ මෙම සිදුවිමට මාසයකට පමණ පෙර පුද්ගලයෙක් මෙම ස්ථානයෙන් ජලාශයට පැන සියදිවි නසාගෙන ඇති බවත් එකි පුද්ගලයා මෙකි ස්ථානයේ අවතාරයක්ව පෙනි සිටින බවත් රාතිුයේ ගමන්ගත් රියදුරන් කිප දෙනෙකු මෙම සිදුවිමෙන් බියට පත්ව අැති බවත්ය.

Source: Link







---බලු අවතාර---



මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9වසරේ දි වුන සිදුවීමක් ප්රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

දිනක් 1.30 ත් 2.00 අතර කාලයේ පාළු මාවතේ පාසල ඇරී නිවෙස බලා වෙනදා මෙන් පැමිණෙන්නට විය සුපුරුදු පාරේ ගමන් කිරීමට බියක් ක්සිවිටකත් ඔහු තුළ නොතිබීද ඇත ටික දුරක් ගමන් කරන විට තමාගේ කකුල කාටහෝ පෑගුණා සේ දැනේනට විය ඔහු එකවර හැරී තම පිටුපස බැලිය එවිට දුටුවේ කුඩා සුරතල් බලුපැටියකු තමාට වඩා මීටර් 10ක් පමණ දුරින් සිටින බවකි. එහෙත් තම කකුල ඒතරම් දුරින් සිටින බලු කුක්කාට පෑගුනේ කොසේදැයි සිතමින් ඔහු නැවතත් ගමන ආරම්භ කලේය ටික දුරක් යනවිට නැවතත් එසේම සිදුවිට තම කකුල ටිකක් තදින් පෑගුණා සේ දැනින නැවත පසුපස බැලූ ඔහුට පේනුනේ සාමාන්ය පුමාණයේ බල්ලකු තමාට වඩා මීටර් 5ක් පමණ දුරකින් එන බවයි තරමක් තිග්ගැස්සුමක් ඇති වුණද ගල් කැටයක් අතට ගත් පසුව බල්ලා ආපසු හැරී යන්නට පටන් ගෙන ඇත පසුව සතුටු සිතින් නැවතත් ගමන ආරම්භ කර ඇත ටික දුරක් යන්නට මත්තෙන් නැවතත් තම කකුල ඉතාම තදින් පෑගුණා සේ දැනුණි එවිට ද ඔහු පිටුපස හැරී බලා ඇත තම දෑස් අදහාගත නොහැකි වු ඔහු දුටුවේ තමාටත් වඩා උස බල්ලකු (මී හරකකු තරම්) දිව එළියට ඇදගෙන කෙළ පෙරාගෙන තමන් අසලම සිටින බවකි එමෙන් අධීක කුණු ගඳක්ද වහනය වී ඇත ඔහු භීතියෙන් තැතිගෙන තම පොත් බෑගයද එතනම දමා තමාට හැකි වේගයෙන් දිව යන්නට විය.ඔහු නැවතුණේ තම නිවසේ මිදුලේය.

සිදුවූ සිද්ධිය සියලුදෙනාට පැවසූහ නමුත් ඔවුන් එය ඒතරම් ගනනකට ගත්තේ නැත ඔහුගේ පෙරැත්ත කිරීම නිසා එහි ගොස් බැලීමට තම සහෝදරයා සහ තවත් යාලුවකු කැමතිවිය තිදෙනාම නැවත සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය පොත් බෑගය වැටී තිබූ අතර ඒ අසල තිබුණේ දින දෙකක් පමණ පැරණි කුණුවී ගිය බල්ලකුගේ මල සිරුරකි ඒම බල්ලා ඉදිමී විකෘති වී තිබූ අතර පැහැය තමා දුටු බල්ලාගේ පැහැයට සමාන බව ඔහුට අවබෝධ වී ඇත.

සිද්ධිය සිදුවී පසුදින ඔහුට යම් රෝගී තත්වයක් ද ඇති වී ඇත පුද්ගලයින් හදුනාගැනීමට පවා නොහැකි උමතු ආකාරයේ රෝගයකි..පසුව නිවසේ අය සෙත් ශාන්තීන් හා ඇදුරුකම් කල පසු රෝගය සුවවී ඇත.මෙම සත්ය සිදුවීමෙන් අපට නිගමනය කල හැක්කේ කුමක්ද? තම මනස එම අවස්ථාවේ එසේ ක්රියා කලාද නැතිනම් මෙම සිදුවීම සත්යවශයෙන් ම සිදුවූ සිදුවීමක්ද යන්න බරපතල ගැටලුවකි.තමා පොත් බෑගය දමා තිබූ තැනම හරියට බල්ලකුගේ මල සිරුරක් තිබුණේ කෙසේද මෙය අහඹු සිදුවීමක් ලෙස සිතිය හැකිද? විටක මෙලෙසද සිතිය හැක විඩාව ගමන් මහන්සිය නිසා සිතේ මැවුණු චිත්ත රූපයන් ආශ්රයෙන් මෙම සිදුවීම සිදුවූවාද කියා....

Source: Link