මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

13 June 2017

---කාලි මෑණියන් දැකීමට මහ රෑ සොහොනට ගිය ආචාර්යවරයා---


කාලි මෑණියෝ
 
පරාශක්ති යනු දෙවියන්ට ආරෑඪ වූ ශක්තියයි. ශිව දෙවියන්ගේ නළල් නෙතින් විකාශ වූ ශක්ති ධාරාවෙන් බිහි වූ  අසුරයන් නසා යහපත රකින්නට සැදී පැහැදි සිටී. අසුරයන් ඉදිරියේ රෞද්‍ර වුවද ඇය ඕනෑම අයකු වසඟ කර ගැත හැකි රූපශ්‍රීයෙන් හෙබි දේවතාවියකි.ඇයගේ රූපශ්‍රීයට වශී වූ ශිව, කාලි තම බිරිය කරගත්තේය.එතැන් පටන් ලෝකයේ අසුරයන් නැසීමට අවශ්‍ය ශක්තිය ශිව විසින් ඇයට ප්‍රදානය කරන ලදි.

සොහොනකදී රාත්‍රි 12.00ට කාලි මෑණියන්ව දැක ගත හැකි බව ඇය අදහන බැතිමතුන් විශ්වාස කරති.
මෙතැන් සිට කතාව...

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙක් හිටියා ඊශ්වර, කාලි මෑණියන් ගැන පර්යේෂණ කරපු. එයා මේ පර්යේෂණ කලේ මෑණියන්ටවත්, දෙවියන්ටවත් අගෞරව කරන අදහසින් නෙමෙයි. දෙවියන්ට, මෑණියන්ට එයාගේ තිබුනේ දැඩි භක්තියක්. කාලි මෑණියන්ට වැදුම් පිදුම් කරන මන්ත්‍ර ඉගෙන ගෙන, ඇයට පුද සත්කාර කරන පිළිවෙත් ඉගෙන ගෙන එයා නිතරම මෑණියන්ට පුද සත්කාර කලා. මේ ආචාර්යවරයාට මෑණියන්ගේ හාස්කම් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ.ඒත් එයාට ඕනකලේ ඒක සියැසින් දැකබලා ගන්නයි. ශිව දෙවිදුන් සමඟ රෑ 12.00ට කාලි මෑණියන් සොහොනක නර්ථනයේ යෙදෙන හැටි සියැසින් බලා ගන්න එයාට ආශාවක් හිතුණා.ඒ නර්ථනය බලන්නත්, පරීක්ෂණ කරන්නත් එයාට තිබුනේ ලොකු ආශාවක්.

මේ ආචාර්යතුමා ඒ පිළිබදව හොඳ හැදෑරීමක් කරලා මහ රෑ සොහොනේ ශිව, කාලි නර්ථනය බලන්න කටයුතු පිළියෙල කලා. කාලි මාතාවට කරන පුද සත්කාර ඉටුකර මන්ත්‍ර වාක්‍ය කියා මෑණියන්ගෙන් අවසර ගත්තා. මෙ කටයුත්තට සොහොනක් තෝරාගෙන වගකිව යුතු බලධාරින්ගෙන් අවසරද ලබා ගත්තා. මේකට තමන්ට විශ්වාසවන්ත හතර දෙනෙකුත් එකතු කර ගත්තා.

කෝවිලට ඇවිත් ඒ අයටත් මෑණියන්ගේ ආරක්ෂාව ලබා දුන්නා. අවශ්‍ය සියලු දේ සපයාගෙන සොහොනට ගියා. අලුත භූමදාන කල මළ සිරුරක් ගොඩගෙන අවශ්‍ය වතාවත් කර මන්ත්‍ර ජපකර රෑ 12.00 වනතුරු කට්ටිය බලාගෙන හිටියේ ශිව-කාලි නර්ථනය බලන්න.
මුළු සොහොන පුරාම දැඩි භයංකාර පරිසරයක් මැව්නා වගේ ඒ අයට තේරුණා. ඒ අය සොහොනට එද්දි ඒ වගේ පරිසරයක් තිබුනේ නෑ. වලෙන් ගොඩ දැමූ මිනියට ජපකරලා ඒ වතාවත් සිදු කලාට පස්සේ තමයි සොහොන් බිමේ පරිසරය වෙනස් වුනේ...හැබැයි මේ අය සොහොනට එන්න කලින් කෝවිලට ගිහින් මෑණියන්ගේ ආරක්ෂාව ලබාගෙන තිබුණා. ඒ නිසා සොහොනට ආවේ කිසිම චකිතයකින් තොරවයි. කට්ටිය සොහොනට ඇතුල් වෙනකොට සොහොනේ ඒ අයට භය උපදවන පරිසරයක් තිබුනේ නෑ. මළමිනිය ගොඩට අරන් අවශ්‍ය වතාවත් කලාට පස්සෙයි මේ ත්ත්වය ඇති වුනේ.

මේ පිරිස අතර දක්ෂ කට්ටඩියෙකුත් ඉදලා තියෙනවා. මේ ඔක්කොම ආරක්ෂාවට මතුරපු නූල් බැඳගෙනයි හිටියේ. අර කට්ටඩි මනුස්සයා බොහොම පළපුරුදු ඇති කෙනෙක්. එයා බොහෝ පළාත් වල සොහොන් පිටි වල මිනී වළවල් මත දපලා මන්ත්‍ර ජීවම් කල කෙනෙක්. මහ රෑ සොහොන්වල සිදුවන දේ මෙයාට හොඳට හුරුයි. එයා ලෙහෙසියෙන් භයවෙන කෙනෙකුත් නෙමෙයි. ඒත් මේ කට්ටඩියටත් මහ අමුත්තක් දැනුනා. වටපිටාවේ තියෙන භයංකාර ගතිය එයාගේ හිතටත් දැනුනා.. ඒක ඒ මනුස්සයාට කවදාවත් නොදැනුනු අත්දැකීමක් වුනා.

ගිය පිරිස දැන් තුෂ්ණිම්භූත වෙලයි ඉන්නේ..රෑ 12.00 වෙන්න තව විනාඩි 10ක් ඉතිරිව තිබුණා.මෙතන ඉන්න හොඳ නෑ කියලා අර ආචාර්යවරයාගේ හිතට දැනුනා. එයා ඒ බව පිරිසට කියලා ගොඩදාපු මළමිනිය වලේම තියලා ඉක්මනට වාහනය ළඟට ආවා. දැන් ඔක්කොම වාහනයට නැඟලා වාහනය ඉතා වේගයෙන් කනත්තේ දොරටුවෙන් පිට වුණා.පාරේ කව්රුත්ම පේන්න නෑ.

මහ මූසල ගතියක් පාර පුරා තිබුණ බව මේ අයට දැනුණා. ඉතාම වේගයෙන් ගිය වාහනය පාලනය කර ගන්න බැරිවෙලා කණුවක හැපිලා තියෙනවා. ඒ ආපු වේගයට හැප්පුන වාහනය දෙකට මැදින් පැළිලා වගෙයි තියෙන්නේ. වාහනය දැකපු කෙනෙකුට ඒකේ සිටි කව්රුත් පණ පිටින් ඉන්නවා කියලා හිතෙන්නේ නෑ. ඒ තරමටම වාහනය ආපදාවට ලක්වෙලා..පුදුමය ඒක නෙමෙයි. වාහනයේ සිටි කට්ටිය ඔක්කොම හිටියේ ජීවතුන් අතර වීමයි..ඩ්‍රයිවර්ගේ අතේ පොඩි සීරිමක් වෙලා..අනෙක් අයගේ එහෙම සීරිමක්වත් නෑ..හරියට හාස්කමක් වගේ....

(උපුටාගැනීමක්)
කියවපු හැමෝටම ස්තූතියි. බුදු සරණයි

---ගුනේශ් හෝටලය---


මම සාමාන්‍යයෙන් හොල්මන් වලට බයවත් හොල්මන් විශ්වාස කරන කෙනෙක් වත් නෙවෙයි.මේක උනේ 2001දි.දින වකවානු නම් මතක නෑ. 

මම විශේෂ බලකා සොල්දාදුවෙක්.අපි අලිමංකඩ අල්ලාගත්තට පස්සේ චාවකච්චේරි ඉඳලා එලුතුමඩ්ඩුවාල් කියන ගමට ආවා.1sf f sqn එකේ අපි හිටියේ එතන. ඒපැත්ත දන්න අය දන්නවා ඇති එතන එලුතුමඩ්ඩුවාල් ඉස්කෝලෙත් තියෙනවා.ප්‍රධාන පාරෙ යාපනේ town එක පැත්තට ඉස්කෝලෙ ඉඳලා 100m විතර දුරින් අපි හිටියේ.අපි අපේ ආරක්ෂාවට පාරෙ check point එකක් කරා.වටේම තිබුණු හිස් ගෙවල් වලත් අපේ තුන්දෙනා ගානෙ දවල් රෑ හිටියා.ඔතන ඉඳගෙන තමයි අපි කිලාලි කලපුවෙන් හොරෙන් එන ltte එකට වැඩේ දුන්නේ.

ඉතින් අපේ check point එකේ ඉඳලා දකුණු පැත්තට ගම ඇතුලට පොඩි පාරක් තියෙනවා.ඔයහැම තැනම ගෙවල්.කිසිම කෙනෙක් නෑ.ඒත් ඇතුලට ආපු ටෙරාල ඉන්නවා කියල අපි දන්නවා.ඒක නිසා ඔය පාරෙත් අපි ඉන්නතැන රවුමට ආවරණය වෙන විදියට අපි හිස් ගෙවල්වල ආවරණය කරා.
මේක බලන අපේ අය ඉන්නවානම් දන්නවා මම කියපු හරස් පාරෙ ප්‍රධාන පාරෙ ඉඳල 50m විතර දුරින් gunesh hotel කියල නවාතැන් එහෙම දීපු හොඳ hotel එකක් තියෙනවා.කොටි අපේ අයට ගහපු baby motar එකක් ඒකෙ මිදුලේ තිබුනා පුපුරන්නේ නැතිව අපි ඒක වටේ බැරිගේට් දාල තිබුනේ. දැන් දන්න අයට තැන මතක් වෙයි.

ඔය හෝටලයේත් අපි හිටියා. ඔතන night එකට හිටපු අපේ හැමෝම කිව්වා ඔතන මහ අමුතු තැනක් එක එක සද්ද ඇහෙනව එක එක දේවල් පේනව කියල.මම නම් ගනං ගත්තේ නෑ.කොහොම හරි මමත් ඔතන මුර වැඩේට වැටුනා.මම කවදාවත් දවාලක ඔය හෝටලේ ඇතුලට ගිහිල්ල තිබුනේ නෑ.එදා මගෙත් එක්ක එතන හිටියේ මාතර ද සිල්ව යි lcpl සුරේශ් කියල කෙනෙකුයි.එයා පස්සර පිටමාරුව පාරෙ.අපි එකෙක් වත් බය උන් නම් නෙවෙයි.

ඉතින් අපි පැය දෙකෙන් දෙකට එක්කෙනක් මුර කරනවා අනිත් දෙන්න නිදා ගන්නවා.ඔය විදියට රෑ දහයට සිල්වා මුරකරා රෑ 12 වෙනකං.12 -02 හිටියෙ සුරේශ්.මම 02-04 ආයෙත් සිල්වා04-06 වෙනකල්. 06ට අපි තුන්දෙනා යනවා.වෙන අය එනවා.

ඉතින් අපි නිදාගන්නවා කිව්වට දන්නවනේ හමුදාවෙ නින්ද... අඩ නින්ද තමයි. ආ අපි මුර කරන්නේ ඔය හෝටලේ තාප්පෙටලී දෙකක් දාල වහලෙට ෂීට් හතරක් දාල හදාගත්ත පොඩි මඩුවක.තාප්පෙ නිසා හොඳ ආවරණයයක් තිබුනා.ලයිට් නෑ.තිත්ත කරුවලයි.අපිලඟ torch තිබුනත් අපි පාවිච්ච් කරන්නෙ නෑ.

ඉතින් මම මඩුව ඇතුලේ හාන්සිවෙලා හිටියේ.සිල්වයි සුරයයි දෙන්න කතාකරකර ඉඳලා 12 සිල්වා මගේ ලඟ හාන්සිඋනා.මමත් ඇහැරිලා හිටියේ. කොහොම හරි මට ඇහ පියවුනා.එකපාරටම මට යකඩයක් සිමින්ති පොලොවේ මහ සද්දෙන් අදින සද්දයක් ඇහුනා.මම එහෙමම වෙපන්එක අතට අරන් වාඩි වෙලා වටපිට බැලුවා.තිත්ත කරුවල උනාට අපිට ලාවට පේනවා.සුරේත් මගේ ලඟ හෝටලය දිහාට aim කරගෙන ඉන්නවා.එයාටත් සද්දෙ ඇහිලා.මම සිල්වට තට්ටුවක් දැම්මා එයත් ටක් ගාල වෙපන් එක අරන් සූදානම් උනා.අපි තුන්දෙනාම බලාපොරොත්තු උනේ වෙඩි වර්ශාවක් අපිට එයි කියල.විනාඩි පහක් විතර අපි දශමයක් වත හෙලවෙන්නෙ නැතුව බලන් හිටියා ඇහුම්කන් දුන්නා.

කිසිම හැලහොල්මනක් නෑ. සුරයා මට හිමින් කිව්වා මේක ඇතුලට යමු කියල.මම කිව්වා මම ඇතුලට යන්නම් සිල්වාත් එක්ක ඔයා අපිව කවර් කරන්න කියල.වෙලාව බැලුවා 1.20 පාන්දර.මමයි සිල්වයි හිමීට හෝටලේ දොර ලඟට ගියා.සුරයා මිදුලේ ලොකු මල්පෝච්චියක් ගාව.මම එක පාරටම ඇතුලට ඇවිත් ටෝච් එක ගැහුව..
හිනාවෙලා ඉන්න ලස්සණ කෙල්ලෙක් මගේ ඉස්සරහ....
තව පොඩ්ඩෙන් මම වෙඩි තියනවා..

රැවටුනා හොඳටම අපේ කොල්ලෙක් මාර ලස්සණට බිත්තියේ උගේ කෙල්ලව ඇඳලා...
හරි ඒක ඉවරයි.සද්දෙ ආවෙ මේක ඇතුලෙන් කියල අපි දන්නවනේ.සිල්වයි මායි මුලු හෝටලේම බැලුවා.කිසිම දෙයක් නෑ..

හැබයි එක කාඹරේක යකඩ l iron ඇඳක් තිබුනා.ඒ ඇඳයට චූටි නකුටු බලු පැටියෙක් නිදි.
මේ ඇඳ ඇද්දම නම් අර සද්දෙ අනිවා එනවා.කුණු දූවිලි තියෙන බිමේ ඇඳ ඇද්දනම් අනිවා සලකුණු වෙනවා.එහෙම කිසිම දෙයක් නෑ.

එදා අපි තුන්දෙනාම එලි වෙනකන් ටෙරා ගහයි කියල බලං හිටියා.මොකෙක්වත් නෑ.
පහුවදා අපි මේක අපේ cpl ලට එහෙම කිව්වා.

දවස් තුනකට විතර පස්සේ අපේ අනුරාධපුරේ cpl දිසානායක කියල කෙනෙක් කිව්වා මෙතන කලින් හිටපු ගජබා එකේ කෙනෙක් කිව්වා කියල මෙතන ඉස්සර ඉඳන්ම එහෙමයි දෙමළ අය අයින්වෙන්න කලින් කිව්වා කියල මේ හෝටලයේ ගෑනු කෙනෙකු ඔලුවට පොරවෙන් කොටල මරල කියල.
ඉතින් ඕකෙ හොඳම එකනම් එදා සිද්ධිය උන දවසට පහුවදා දවල් අපි තුන්දෙනාම ඔය හෝටලේ කනපිට පෙරලල සර්ච් කරා.කිසිම දෙයක් නෑ.හැබයි සාලෙ සිවිලිම උඩ තිබිලා මට මිට නැති මලකඩ කාපු පොරව තලයක් හම්බ උනා.සිවිලිම කවුරුත් කඩල තිබුනේ නෑ මම තමයි කැඩුවේ.ඒ පොරව අවුරුදු ගානක් එතනම තිබිලා....

ඒ පොරව මම අපේ බලගනයේ ගබඩාවට දීල තිබ්බේ.

අද සිල්වා අපි අතර නෑ.අග්ණිඛීල මෙහෙයුමේදී අභීත ලක් පුතෙක් වගේ අපෙන් සමුගත්තා.සුරයයි මමයි ඉන්නවා.

සියලු නම් ගම් ස්ථාන ඇත්ත.

Source: Link


---ඉඩමට අරක්ගත් භූතයා---



මේකයී කතාව.අපි කලින් ඉදපු ගේ විකුනලා අලුත් වෙන්දේසී කරපු ඉඩම් කට්ටියකින් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදින්චියට ආවා.අපේ ගෙදර උඩ තට්ටුව බාගෙට හදලා තිබුනේ පාලුයි ඒනිසා මන් පොඩි කලේ ඉදන්ම තනියම මේ ගෙදර ඉදියේ රෑ වෙනකම්.මුලු වත්තටම ගෙවල් 3ක් වගේ තිබුනේ. ඒකත් සෑහෙන්න දුරින්. එහා පැත්තෙ රබර් කැළේ.හරිම පාලුයී හවසට.මනුස්ස කට හඩක් නෑ.මන් ඒ කලේ ඉදන්ම වඩේ කන්න සැර බයිට් කන්න හරී ආසයී.හැමදාම හවසට උඩ කාමරෙට වෙලා තනියම ඕව කනවා.

ඒ වෙලේට මට හරී අමුත්තක් දැනෙන්න ගත්තාත් මට ගානක් උනේ නෑ.කවුරු හරි ලගට එනවා වගෙ දැනෙනව.ලග තියෙන පුටු වල වාඩි වෙන සද්ද ඇහෙනවා.පිටි පස්සෙන් ඇවිදන් කව්ද එනවා වගේ අහෙනවා. මන් ගෙදර අයට කිව්වම අම්මා තත්තා මට කියනව මගේ හිත ඔය කියලා.ඊට පස්සෙ මට රෑ 12 පහු වෙනකම් නින්ද යන්නෙ නැතුව ගියා.මේ වෙනකම් මන් කාවවත් දැකලා තිබ්බෙ නෑ.දවසක් රෑ 12යී ඔන්න මතක් වෙනකොටත් අයේ බයයී ටිකක්. මන් අපෙ උඩ තට්ටුවෙ බැල්කනි එකට වෙල හාන්සි පුටුවක වාඩි වෙලා ඉදිය නින්ද යන්නෙ නැති නිසා.මට කලුවරෙ අඩි සද්දයක් ඇහිලා මන් පාරට එබිලා බලනකොට මන් දැක්කා කොටම කොට මනූස්සයෙක් හිමිට පාරෙන් අපෙ ගේ ලගට එනවා කලුවරට මට රූපේ පෙන්නෙ නෑ හරියටම 😱😱අපේ ගේ ඉස්සරහ නැවතිලා ගේ පැත්තම බලන් ඉදියා.මන් සැපට බය උනා එදා.

ඊට පස්සෙ ඊලග දවසේ මන් උඩ කාමරේ නිදා ගෙන ඉදියා යාලුවනේ මේක තමයී මගේ ජීවිතෙ අදටත් මතක් වෙද්දී ඇග හිරිපොලන දවස. මන් නිදා ගෙන ඉන්න කොට මට පන්දර 2ට ගැස්සිලා ඇහැරුනා.මන් ඔලුව උස්සලා බලද්දී මට අඩි 10ක් විතර දුරින් එදා රෑ දැක්ක මිනිහා හිටන් ඉදිය දෙයියනෙ ඌ මගෙ දනහිසට පොඩ්ඩක් උසයී.පුදුම මහතයී බඩ බිමට වැටෙන්න තරම් විසාලයී ඉස්සරහා තට්ටෙ අපෙ කොන්ඩෙ පාට ඒකගෙ හම.ඉන වටෙ ලොකු ගෙජ්ජි වැලක් තිබුනා.හුගාක් මහත අයට දුවන්න අමරුයිනේ මූත් මහ ජරා විදියට අමාරුවෙන් දුවන් ඇවිල්ලා මගෙ බෙල්ල ලගට පැන්නා.මන් කෑගැහුවා කට හඩ පිට උනේ නෑ.පස්සෙ මට සිහි නැති උනා.ඊලග දවසෙ මන් ඇහැරෙන කොට වෙලාව දවල් 12.30

මන් එ උන සේරම අම්මට කිව්වම අපි පොඩි දෙයක් කලා.පස්සෙයී දැන ගත්තේ ඒ රෑට අවිදින්නෙ මේ ඉඩමෙ මුල් අයිතිකාරයා කියලා.අපේ වත්තෙ වැල ගහක් තිබ්බ පොර ඒ කලේ හරියට වැල කාලා ඒකේ.අපි ඒක ගේ හදන්න කැපුවා.ඒක හොයන් මූ එනවා කියන්නේ.මන් මහ රෑට වඩේ බයිට් කන නිසා තනියම ඉදපු නිසාත් මූ ඒ සුවදට කෑදර කමට තම ඇවිල්ලා තියෙන්නෙ.

ඕක තම සත්‍ය කතාව

Source: Link

---පොල්ටර්ගයිස්ට් සහ හොල්මන---



ඔයාලා හොල්මන් ෆිල්ම් එහෙම බලනවානම් අහලා ඇති poltergeist ( පොල්ටර්ගයිස්ට් ) කියලා වචනයක් අද මන් කියලා දෙන්න යන්නේ ඒ වචනේ එන තේරුමයි හොල්මන් යන වචනයයි අතර තියන වෙනස්කම් සහ එකේ තේරුම 

ලංකාවේ හොල්මන් කියන්නේ නම් සෙලවෙන මනස කියලනේ හුගක් අය කියන්නේ එකට හේතුවන මගේ පුද්ගලික අදහස තමයි සමහරක් මෙන්න මෙන්න මේ වගේ වචන වලට හරි තේරුමක් අපි දන්නේ නැහැ එක්කෝ නැහැ උදාහරණයක් වශයෙන් poltergeist යන වගේ වචන තේරුම් තියනවද අපි දන්නේ නැද්ද දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

poltergeist කියන වචන හැදිලා තියෙන්නේ 19 වන ශතවර්ෂය මැද භාගය පමණ වෙද්දී මේක ජර්මානු වචනයක් 

Poltergeist, from poltern ‘create a disturbance’ + Geist ‘ghost’ ( poltern - බාධා කරන Geist - අවතාර ) යන ආකාරයෙන් අපිට හදුන්වන්න පිළුවන් . දැන් එතකොට පොඩි හරි වැටහීමක් එන්න ඕනි ඔයාලට මොකක්ද මේකේ තේරුම කියලා 

තේරුම තමයි අවතාරයක් හෝ යම්කිසි බලයකින් සෘජු බලපෑමකින් ශරීරයට හානි පැනවීම හෝ ශබ්ධ ඇතිකිරීම හා 

භාණ්ඩ එහා මෙහා විසිකිරීම් වශයෙන් කෙටියෙන් අපිට හදුන්වන්න පුළුවන්
අපි දැන් බලමු Ghost vs Poltergeist කියන්නේ මොකද්ද කියලා
ඇත්තටම මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියනවා අවතාරයක් කියන්නේ ඇත්තටම අපිව දඩයම් කිරීමක් නමුත් Poltergeist කියන්නේ බධකිරීමක්
ඇත්ත වශයෙන්ම අවතාර කියන්නේ මියගිය ආත්මයක්, අවතාරයක් අපට පෙනෙන්නේ සමහරක් විට විනිවිද පෙනෙන ශරීරයකින් වෙන්න පුළුවන් ඒ වගේම දුමක් වැනි දෙයක් වෙන්න පුළුවන්
නමුත් Poltergeist අවස්ථාවේදී පුළුවන් ජිවත් ව සිටින අයෙක් ඔහුට නොදැනෙන ආකාරයට හසුරුවන්න

අවතාරයක් කියන්නේ අපිට පෙනිලා නැතිවෙලා යන දෙයක් නමුත් Poltergeist කියන දේ එහෙම නොවෙයි 

සමහර න්‍යායන් වල කියවෙනවා අවතාර කියන්නේ ජීවමාන දෙයක් වගේම Poltergeist කියන්නේ බිහිසුණු මරණයක සෘණ ශක්තියක ප්‍රකාශනයක් කියලා ( දැන් එක එකා කියන්න එපා අවතාර කොහෙද ජීවමාන කියල මන් පුලුවන් තරම් පැහැදිලි කරන්නයි සරල භාෂාවෙන් කියන්නේ ) ඒ වගේම කියවෙනවා අවතාර කියන්නේ නිෂ්ක්‍රිය ආත්ම සහ Poltergeist කියන්නේ ආක්‍රමණශීලි ආත්ම කියලා

ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි අවතාර කියන්නේ යම්කිසි ස්ථානයක බැදී පවතින දෙයක් කෙනෙක් මරපු ස්ථානයක් ඒවගේම දිගු කාලයක් ජීවත්ව සිටි ස්ථානය යනාදියයි නමුත් Poltergeist කියන්නේ එහෙම නෙමෙයි යම්කිසි ස්ථානයක මෙය බැදී නොපවතින අතර යම්කිසි විශේෂ වස්තුවක් හෝ විශේෂ පුද්ගලයෙක් පසුපස හබයයි නමුත් මෙහි භයානක කරුණ වන්නේ මෙය වෙලාවක පුද්ගලයන් කීපදෙනෙක් හෝ වස්තුන් කිහිපයකට බලපෑම් ඇතිකළ හැකියි

අවසාන වශයෙන් අවතාර වල බලය සමහ‍ර කාලයක් පමණක් ඇතිවිය හැකි අතර Poltergeist අවස්ථාවේදී බලය අවස්ථාවෙන් අවස්ථාවට වැඩිවේ

මෙම ලිපියෙන් ඔබට පොඩි හෝ දැනුමක් ලැබුණානම් එයයි සතුට 

ස්තුතියි
ෆොක්ස්

Source: Link