මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

11 July 2017

---පාළු තේ කම්හල---


මම සෑහෙන වෙලාවක් එයා එනතුරු බලා ඉන්නැති. මගෙ වටේටම තිබුණේ ඉවරයක් නැති මීදුමක්. ඊටත් වඩා ඉවසන්න බැරි සීතලක්! වෙව්ලුම්කන අත් දෙකත් බැඳගෙන මම එයා එනතුරුම හිටියා. එයා නාවත් මීදුම පහවෙලා ගියාට පස්සේ බටර්කප් මල් තැන් තැන්වල ඕනවට එපාවට පිපිච්ච පරණ සුසානය මට පෙනුණා. ඒ පරණ සොහොන් බිමේ අලුත් පස්කන්දක් උඩ තිබුණෙ සුදුපාට අත්මේස් එකක්. එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදුපාට අත්මේස් එකක්!
* * * * * *
රස්සාවේ හැටියට ජයරත්න පුරුදු වෙලා හිටියේ ඕනම වෙලාවක ඕනම තැනකට යන්න. සුදු කමිසෙ යටවෙන විදිහට, තදවෙන්නම සරම ඔතාගත්තු ජයරත්න ඊටත් උඩින් ගැටගහ ගත්තේ දුඹුරුපාට පරණ ඉණ පටිය. දෙතුන් වතාවක්ම කහිමින් හිටිය මිනීකාරෙක පණගැන්වෙද්දි හිතට මොකද්දෝ සහනයක් දැනුණා.රේඩියෝවේ පිරිත් සද්දෙත් වැඩිකරගෙන මල්ශාලාව ළඟින් පිටත් වෙද්දි වෙලාව හරියටම පාන්දර හතර පහුවුණා විතරයි.වෙනදා පාළුව තනිකම මකන්න රාමන් හිටියත්, එදා ජයරත්නට අමුතු චකිතයක් දැනුණේ නැහැ. ටවුමෙ ඉඳලා ලූල්කඳුරේ මිනිය බාර දෙන්න ඕන ගෙදරට තිබුණේ පැයක විතර ගමනක්.ඒත් වංගු හරවමින් තේපඳුරු අස්සෙන් වැටුණු වළගොඩැලි සහිත ගුරුපාරෙ යන ගමනට පැය එකහමාරකට වඩා ගතවෙන්නැති.ජයරත්න සුක්කානම දකුණට කැපුවේ වමට ඇලවෙන ගමන්.වංගුව වැඩි නිසාමදෝ මිනීපෙට්ටිය ලිස්සලා ගිහින් කාරෙකේ පැත්තක 'ඩොකොස්' ගාලා වැදෙන හඬ ජයරත්නට ඇහුණා.
ලූල්කඳුරේ ගුවන් ව්දුලි කණුවක් නොතිබිච්ච නිසාම රේඩියෝවෙන් ඇහුණේ ගෝසාවක් - පිරිත නතර වෙලා තිබුණා. මිනීකාරෙක උවමනා කරන තැනට එද්දි කඳුබෑවුමෙන් යන්තමින් ඉර එළියක් වැටෙමින් තිබුණා. ඒත් වටේටම පැතිරිලා තිබුණේ හද්ද මීදුමක්! ඒ මීදුම මැදින් පෙනුණෙත් ළපටි තේ පඳුරු විතරමයි. කාරෙක නවත්තපු වංගුව ළඟින් උඩහට තිබුණු අඩිපාරේ ජයරත්න පියවර මැන්නේ මිනීපෙට්ටිය කාරෙක ඇතුළෙ තියෙද්දිමයි. තට්ටතනියම ම! මැරිච්ච කෙනාගෙ ගෙදර තිබුණේ ගුරුපාර කෙලවර කන්ද මුදුනට වෙන්නමයි.ජයරත්නගෙ අරමුණ වුණේ මිනීපෙට්ටිය උස්සගෙන යන්න පුළුවන් විදිහට, මළගෙදර පාළු කපන්න ආපු කීපදෙනෙක් අඬගහගෙන එන්න.
* * * * * *
ඉහළට ඉගෙන ගන්න වජිරාට තිබුණේ ලොකු ආසාවක්.අප්පච්චි මළාට පස්සේ ලෙඩගාණේ හිටිය අම්මවත් දාලා තවදුරටත් ඉස්කෝලෙ යන්න වජිරාට හිතදුන්නේ නෑ.බිත්තියෙ කුරුටු බලි අඳින නංගිටයි මල්ලිටයි උගන්නන්න ඕන නිසාමයි වජිරා අවුරුද්දකට විතර එපිටදී පැට්ටේරියෙ වැඩට බැඳුණේ. තරමක් දුරට ඉගෙනගෙන තිබුණු නිසා ලියන කියන වැඩකට සම්බන්ධවෙන්න ඇයට පුළුවන් වුණා. දවල්වරුවේ ගෙනෙන තේ දළුවල බර කිරලා ගණන් හිලව් තියන එක කළේ වජිරා. කොළඹ ඉඳන් නිවාඩුවට ලූල්කඳුරට ආපු පැට්ටේරිය අයිති තාබෲ මහත්තයගෙ ලොකුපුතා, වජිරාට මුණගැහුණේ ඔය අතරෙදිමයි. තමන්ව තේ පඳුරු අතරේ ලස්සනට හිටවලා පොඩිමහත්තයා ගත්තු පින්තූරයක් ආදරයෙන් රාමු කරලා, වජිරා ගෙදර ඉස්ටූල් එක උඩ තියලා තිබුණා. ඒත් වජිරගෙ ආරදය රාමුකළේ පොඩිමහත්තය බව දැනගෙන ඉන්නැත්තේ තේ පඳුරු යායම විතරයි.
* * * * * *
ජයරත්න කන්ද මුදුණෙ ගේදරට ගොඩවෙනකොට වජිරාගෙ අම්ම හිටියෙ තේ පඳුරු අතරෙ ඉන්න විදිහට රාමු කරපු වජිරව බදාගෙන. ඒ ඇස්වල ගලාගෙන ගිය කඳුළු වියළිලා තිබුණා. ජයරත්නගෙ ආගමනයත් එක්ක කැරම්බෝඩ් එක උඩ ඒ මේ අත දුවපු ඉත්තො ටිකකට නතර වුණා.ජයරත්නගෙ මල්ශාලාවෙ සුදු ඇඳුම, වජිරාගෙ අම්මට නොකියා කිව්වේ පහළ වංගුව ළඟ තමන්ව එක්කරගෙන යන්න එනකං වජිරා බලං ඉන්න බව. ඒ එක්කම වේළුණු කඳුළුමතුපිටට තවත් කඳුළු වැස්සක් වැටුණේ අම්මගෙ අඳෝනාව කඳුමුදුණෙ මීදුම අස්සේ හංගමින්.
ජයරත්න පල්ලම බැස්සා. කැරම්බෝඩ් එක වටේ හිටිය තරුණ ගැටව් කීපදෙනෙකුත් ජයරත්න පස්සෙන් වැටුණා. පාන්දර පින්න මැදින් තේ පඳුරු අතරින් මීදුම දෙබෑකරගෙන කට්ටිය ළංවුණේ වංගුවේ නතරකරල තිබුණ මිනීකාරෙක ළඟට. ඒත්......කාරෙකෙ පිටිපස්ස දොර තිබුණෙ ඉස්සිලා. ජයරත්නගෙ කටේ යටිතල්ල පහතට වැටුණෙ ඉබේටමයි. ඊළඟට සරම ටිකක් ඉහළට වෙන්නට උස්සාගත්තු ජයරත්න අඩියට දෙකට ගුරුපාරෙන් කාරෙක ළඟට ළංවුණා. හිතාගන්න බැරිවිදිහට මිනීපෙට්ටිය තිබුණෙ ඇරල දාලා. දෙපැත්තට වෙච්ච පියන්පතක් උඩ තිබුණේ එක සුදු අත්මේස් එකක් විතරයි. ඒක වජිරාගෙ මිනියෙ අත් වහන්න දාපු එකක් බව හිතාගන්න ජයරත්නට අමාරු වුණේ නැහැ.ඒත්..........වජිරා පෙට්ටිය ඇතුළේ හිටියෙ නැහැ!!! කිසිම හෝඩුවාවක් නැතිවෙන්න වජිරාඅගෙ මිනිය මීදුම අතරෙ අතුරුදහන් වෙලා තිබුණා.
* * * * * * * * *
ලොකුමහත්තයා වජිරාව පැට්ටේරියෙන් අයින් කළේ, වජිරා කාටත් හොරා පාන්දරම ඔක්කාරෙ කරන්න පටන් ගත්තු දවස්වලමයි. බංගලාව ඉස්සරහ දෙතුන් විටක්ම වජිරා හඬාවැටිලා තිබුණත් ඒ දුක අහන්න පොඩිමහත්තයා ඇවිත් නැහැ- කැමරාවයි පොඩිමහත්තයයි දෙන්නම කොළඹ ගිහින් තිබුණා.ලොකුමහත්තයා වජිරව ආයෙමත් වැඩට අරන් තිබුණේ 'හැමදේම එළිකරනවා' කියලා තර්ජනය කළාට පස්සෙයි. ඒත් එදා හවසම කවුරුත් අහල පහළ නොහිටි වෙලාවක වජිරා මැෂිමකට අහුවුණු ආරංචිය තේ පඳුරු උඩින් පියඹලා ගියා. පදනමක් නැති ඔප්පු නොවුණු ඕපාදූප කතා ලූල්කඳුර පුරා පැතිරෙද්දි තැන්තැන්වල කැපුම් තුවාල එක්ක වජිරගෙ මිනිය මැෂිමෙන් එළියට ගත්තේ එක අඟිල්ලක් නැතිවමයි.
* * * * * * *
ජයරත්නටවත් කාටව්ත් හිතාගන්න අමාරු වුණා මිනියට සිද්ධවුණු දේ. දවස් ගාණක් තිස්සේ හොයා බැලුවත් කිසිම ඵලක් නොවුණු තැන නිකම්ම පාංශුකූලෙ වඩම්මලා පිං දුන්නා. ඒත් සතියක් දෙකක් යන්නත් මත්තෙන් ගම්මානෙ පුරාම ඇළලිලා ගියේ ගැඹුරු භීතිකාවක්.පාන්දරම තේ දළු නෙළන්න ගිය කීපදෙනෙක්ම දැකල තිබුණේ සුදුපාටින් මිනියක් වගේ සැරසිච්ච වජිරව. මීදුම මැදින් කැපුම්තුවාල එක්ක ලේ ගලමින් එන වජිරව දුටු හැමෝම දුවල තිබුණෙ දළුකූඩ මග විසිකරලමයි. ඊටත් ටික දවසකට පස්සේ එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදු අත්මේස් එකක් වජිරා ඇඹරුණු මැෂිමෙ තිබිලා හම්බුණහම හැමෝගෙම බය දෙගුණ තෙගුණ වුණා.ලූල්කඳුර පුරා කවුරුත් නොදන්නා බලවේගයක් ගලාගෙන යන බව මිනිස්සුන්ට දැනුණා. හැන්දෑ වෙද්දිම ගෙවල්වලට වෙලා දොරවල් වහගන්න මිනිස්සු පුරුදු වුණේ ඒ නිසාමමයි.
අත්මේස් එක ලැබිච්ච වෙලාවේ ඉඳන්ම ලොකුමහත්තයා හිටියෙ විකාරෙන් වගේ. වජිරගේ රූපෙ පැට්ටේරිය වටේ සක්මන් කරන හැටිත් කීප දෙනෙක්ම දැකලා තිබුණා. ලොකුමහත්තයා අසනීප වුණාට පස්සේ පැට්ටේරියෙ වැඩ නතර වුණා. බංගලාවෙ ඉඳන් එනගමන් ජීප් එක තේ පඳුරු කඩාගෙන පහළට වැටිල තිබුණා.
බරපතළ තුවාලයක් නොතිබුණත් ලොකුමහත්තයගෙ බෙල්ලෙ තිබුණු අත්ලක සලකුණ දොස්තරවරුන්ට ගෙනාවෙත් ප්‍රෙහේලිකාවක්.ඒ අත්සලකුණේ තිබුණේ ඇඟිලි හතරක් විතරයි!!!

පැට්ටේරිය පාළු වුණා. ඒ වටේටම වැවුණේ අඳුරු ගස් ගොන්නක්.තවමත් මීදුම නැගෙන පාන්දර ජාමයට එකම එක අත්මේස් එකක් දාගත්තු වජිරා පැට්ටේරිය ඉස්සරහා බලන් ඉන්නවලු - පොඩිමහත්තයා එනකං -වේදනාවෙන් ඉකිගසමින්!

Source: Link

---ශාමලී---


ශාමලී ඉතා පියකරු අහිංසක යුවතියකි. ඇයට වරුණ හමුවූයේ උසස් පෙළ සඳහා නුගේගොඩ අමතර පන්ති යන කාලයේය. නුගේගොඩ ජනප‍්‍රිය පාසලක ඉගෙන ගත් ඇය ඉගෙනීමට ද දක්ෂය. එකම පන්තියේ මිතුරු මිතුරියන් ලෙස කලක් එකට සිට එකිනෙකා දැන හඳුනා ගැනීමට ඔවුනට හැකි විය. වරුණ ශාමලීට ආදරය කරන්නට විය. ඒ ඇයගේ අහිංසක පියකරු බවට ය. වරුණ තම අදහස ශාමලීට පැවැසුවේය. ඒ උසස් පෙළ විභාගයට මසකට පමණ පෙරදීය. ඇය එම යෝජනාව එක්වරම පිළිගත්තේ හෝ ප‍්‍රතික්ෂේප කළේ නැත. සිය අදහස ප‍්‍රකාශ කිරීමට ඇය විභාගය නිම වන තෙක් කල් ඉල්ලූවාය.

විභාගය නිමා විය. උසස් පෙළ අවසන් වීමත් සමගම නුවර ප‍්‍රසිද්ධ විදුලි උපකරණ බෙදාහරින ආයතනයක රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමාවන්නට විය. ඔහු නිවසට පැමිණියේ මාසයකට පමණ සැරයක්ය. වරුණගේ මහ ගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට ආසන්නයේ ය. කාලයත් සමඟම වරුණට ශාමලීව අමතක වී ගියේ ය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර වරුණ සිය ප‍්‍රථම ආදරය වූ ශාමලී අතහැර සමීරා නම් යුවතියක සමඟ විවාහ වූවේ ය. හෝමාගම මහගෙදර ම පදිංචි වූ ඔවුහු බොරලැස්ගමුවේ තමන්ගේ ම ව්‍යාපාරයක් ඇරඹූහ. මේ දෙදෙනා නුවරින් කොළඹට පැමිණ වසරක් පමණ ගත වෙමින් පැවැතුණි. බොරලැස්ගමුවෙන් මහරගම ට පැමිණ හයිලෙවල් පාර ඔස්සේ හේමාගමට යන වරුණට මේ පාර හොඳට හුරු පුරුදු ය. රාත‍්‍රී නවය පමණ වන විට පුරුද්දක් ලෙස ඔහු නිවසට පැමිණියේ ය. එදින ඔහුගේ රාජකාරී නිමා වන විට ම රාත‍්‍රී දහය පසු වී තිබුණි. අහම්බෙන් කඩා පහත් වූ මොරසූරන වැස්ස ඔහුගේ ගමනේ වේගය තව දුරටත් බාල කළේ ය. වැස්ස තරමක් අඩු වීමත් සමඟම ජැකට්ටුව දමාගෙන ඔහු යතුරුපැදියට ගොඩවූණේ ය. වැහිපොද කපාගෙන යතුරුපැදියේ පහන් ආලෝකය මලානික ලෙස මාර්ගය ආලෝක කළේ ය. වැහි බිඳු පතිත වන විට දැනෙන සීතලෙන් වරුණගේ ශරීරය සැරෙන් සැරේ ගැහෙන්නට විය. මහරගමට ආසන්නයේ ඇති වැව ආසන්න වෙත්ම අධික සීතලකින් තම ශරීරය වෙළී යනු ඔහුට දැනෙන්නට විය. වැව ප‍්‍රදේශයම එකම අන්ධකාරයකින් ගිලී ගොසින් ය.

වැව පසු කර ඉදිරියට එන වරුණට ධර්මායතනය ඉදිරිපිට බස් නැවතුමේ සිටින යුවතියක් දැකගත හැකි විය. ඇය වැස්සේ තෙමි තෙමී බසයක් එන තුරු බලා සිටියි. ඇය ඇඳ සිටි ගවුම හොඳටම තෙමී ඇඟට ඇලී ඇත. ඇය දෙස බලාගෙන සිටිය ද ඇයගේ මුහුණ දුටුවේ ඇය පසුවන විටදී ය. වරුණගේ සිත තිගැස්සී ගියේ ය. මේ ශාමලීද? මේ රුව ඇයගේ රුවට සමාන ය. ඉදිරියට ගිය යතුරු පැදිය නවතා ඔහු මොහොතක් කල්පනා කළේ මේ ඇය විය හැකිද යන්නයි. වසර දහයකට පමණ පෙර තමා ආදරය කළ ශාමලී අහම්බෙන් හමු විය හැකි ද? මේ ඇය නොවේ නම් තමා සල්ලාලයකු ලෙස වරදවා සිතයි ද? දහසක් සිතුවිලි අතුරින් නොදැනීම යතුරුපැදිය යළි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ ඉබේම වාගේ ය. වරුණ යතුරුපැදියෙන් බිමට නොබැසම

”ඔයා ශාමලීද?” යැයි විමසුවේ ය.
”ඔව්”
”මම වරුණ. මතකද?….. සර්ගේ සිංහල පන්තියේ”
”මතකයි”
”ඇයි ඔයා මෙතන”
”ඔෆිස් එකේ වැඩ වගයක් තිබුණා. ඉවර කරලම යන්ඩ ඉන්න වුණා. ඒ එක්කම වැස්සට අහුවුණා.”
”ඔයා තනියමද යන්නේ”
”වෙනදාට යාළුවෝ ඉන්නවා. මම අද ? රෑ වුණ නිසා ඒ අය ගියා.”
”බස් එකේ ද යන්නේ”
”ඔව්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් අවේ නෑ”
”කොහාටද යන්නේ?”
”පොල්ගස් ඕවිට පාරට”
”ඔයා මහරගමට ගිහිල්ලා තව බස් එකක යන්න ඕන නේද?”
”ඔව්”

ශාමලී එදා සේම යැයි වරුණට සිතුණි. ඇයගේ මුහුණේ හෝ ශරීරයේ ද වෙනසක් සිදු වී නැත. ඇයගේ අහිංසක පියකරු බව එලෙසින්ම පවතියි. මේ තමා වසර දහයකට පමණ පෙර ආදරය කළ යුවතියම නොවේදැයි ඔහු මොහොතකට සිතන්නට විය. වරුණ නිමේෂයකට පන්තියේ මතකය අතර සිරගත වූවේ ය.
”මම යන්නේ ඒ පැත්තටමයි. මම ගිහින් ඇරලවන්න ද?”
තරුණියගේ මුවින් කිසිවක් පිට වූයේ නැත. ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවා ය.
”මම බස් එකක් එනකන් ඉන්නද?”
”නෑ වරුණ මේ වෙලාවට බස් නෑ. මහරගමට පයින් යන්න බය නිසයි මම හිටියේ. මම ඔයත් එක්ක එන්නම්”
දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරව ය. යන අතරමඟදී ඔවුහු බොහෝ දේ කතා කළහ.
”ශාමලී ඇයි ඔයා මට කැමැති වුණේ නැත්තේ”
ඇය නිහඬය.
”ඇයි ඔයාට උත්තර දෙන්න බැරිද?”
”මම අකමැති වුණේ නෑනේ. A/L වලින් පස්සේ ඔයා මට කතා කළේ නෑනේ”
”ඔයා බැන්දද?”
”තවම නෑ. අම්මලා හොයනවා”

ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට විය. තමාගේ උරහිස අල්ලාගෙන සිටින ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට විය. ඔහු යතුරු පැදිය නවතා තම ජැකට්ටුව ගලවා ඇයට දුන්නේ ය. ඇය එය ඇඳ ගත්තා ය. සල්ගස් හන්දිය පසු කර පොල්ගස් ඕවිට පාරේ මඳ දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලට පැමිණ ඇති බව පැවැසුවා ය.
”ඔයා එන්න එපා. මම යන්නම්. බොහොම ස්තූතියි.” ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා ය. මඳ වේලාවක් එදෙස බලාගෙන සිටි වරුණ නිවසට පැමිණියේ ය.

ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුණේ සීතල වැඩි වන විට ය. කිසිවක් සිදුනොවූ සේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් හා යළි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියේ ය. ඉදිරි දොර වසා තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යැයි සිතිය හැකි තරුණියකි.

”ශාමලී ඉන්නවද?”
ඇය කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර, ඉන්පසු නිවසේ සියල්ලෝ එළියට පැමිණියහ. ඇයගේ පියා කතා කළේ ය.
”මහත්තයා කවුද?”
”මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා.
”ජැකට් එකක්”
වරුණ පෙර දින රාත‍්‍රී සිද්ධිය පැවැසුවේ ප‍්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතු යැයි සිතූ නිසා ය.
”වෙන්ඩ බෑ මහත්තයෝ. මගේ කෙලී නැතිවෙලා ඊයෙට හරියටම අවුරුදු හතක්”
වරුණට මුළු ඇඟම අප‍්‍රාණික වී තමා අවට සීතල වන බව දැනෙන්නට විය. සිදුවන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? එහෙත් මෙය ඔහුට විශ්වාස කළ නොහැකි දෙයකි.

”මහත්තයට විශ්වාස නැද්ද. අර තියෙන්නේ දුවගේ සොහොන”යැයි පැවැසූ ඇගේ පියා වත්තේ කෙළවරට අත දිගු කළේ ය. විශාල වත්ත කෙළවර සොහොන් කොතක් දක්නට ඇත. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුව ය. ඇගේ සොහොන් කොත මත ජැකට්ටුව දක්නට ඇත. පෙර දින රාත‍්‍රියේ තමා සමඟ පැමිණියේ හොල්මනක් ද? කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියේ ය. ඔහුට අධිකව උන ගැනුණි. ඇය අල්ලාගෙන පැමිණි උරහිස නිල් පැහැ ගැන්වී ඇත. ඇයගේ ශරීරය ස්පර්ශ වූ පිටේ බොහෝ තැන් නිල් පැහැ වී ඇත.

වසර හතකට පෙර ශාමලී නම් තරුණිය රාත‍්‍රී රැකියාව නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලසා මරා දමා ඇත. ඇය වරුණට ආදරයෙන් සිටියා ද? වරුණට ඇය හමුවූයේ ඇයි? මෙය විසඳාගත නොහැකි තවත් එක් සිදුවීමක් පමණි

Source:Link


---ගෑනු ළමයා ගේ අවතාරේ---


කොලබ ඇති කටුක එකාකාරී බවින් මිදිමට අනුරාධ පුරයේ පුන්චිලා ගෙදර යෑමට තිරණය කලෙමි, බොහො කලකින් යෑමට බැරි උන බව කියමින් මෙවර මා සමග අම්මා සහ නන්ගි ද එකතු විය, කොලබින් පිටත් වු අපි අනුරාධ පුරයට ලන් වන විට රෑ බො වී තිබුනි

ගමන් විඩාවත් නිසා මා ඉක්මනින් නින්දට වැටුනාය, පසුදින උදයේ නැකිට්ට විට දැන ගන්න ලැබුනේ එතරම් හොද ආරන්චියක් නොවේ, එනම් උඩහ ගෙදර සීයා අන්තරා වි ඇති බවයි
පුන්චිලා ගෙදර ඇවිත් ගත කරන්න යොදා ගත් නිවාඩුව ඉන් පසු ගත කිරීමට උනේ සියාගේ මල ගෙදරයි, නමුත් තෙවෙනි දවසේ මා හට ගගෙන් උඩහා මාම ලාගේ ගෙදර යෑමට සිත් විය, මා සමග ඉතාමත් කුලුපග මාමා ෆන් එකට බර පොරකි
මාම ලා ගේ ගෙදර ගොස් නැවත මල ගෙදර බලා පිට වෙද්දි වෙලාව මැදියම් රෑ 12 පමන විය, මාමා නවතින්න යැයි බල කරද්දි අම්මා සහ නන්ගි බලා සිටිනවා කියා මල ගෙදර බලා යන්නට මා පිටත් විය
රෑ 12ට මාම ලාගේ ගෙදර සිට නැවත පිටත් වන විට මාගේ මතකට ආවේ බැද්ද තුලින් වැටි ඇති කෙටි පාරකි, ප්‍රධාන පාරෙන් බට මා බැද්ද තුලට පිවිසියෙමි.

තනියට එලියට සන්තකයටම තිබුනේ මා සතුව ඇති ජන්ගම දුරකතනය පමනි, ජන්ගම දුරකතනේ එලියේ ආදාරයෙන් මම ගස් වැල් පීරා ඉදිරියට ඇදුනෙමි
රැහැයියන්ගේ හඩත් , නරියන් හු කියන හඩත් වටින් පිටින් ඇහෙන්නට විය, අවට පරිසරයෙ මහා මුසල බවක් පිරි තිබිනි
ටික දුරක් යද්දි මට අසුනේ ජල පහරක සද්ද යයි, සතෙක් වතුර බොනවා යයි මා අනුමාන කලෙමි, නමුත් තව ඉදිරියට යද්දි මා හට පැහැදිලිව ඇහුනේ කිසිවෙකු වතුර ඇද නාන සබ්ද යයි, බැද්ද මැද ඇති පාලු ලිද මා මතකයට ආවේ එවිටයි
මා දන්නා තරමින් ඔය ලිද කිසිවෙක් බාවිතා කරන්නේ නැත, ඔය ලිද දවල් වෙලාවකත් කිසිවෙක් බාවිතා නොකරන බව පුන්චි අම්මා මට දිනක් කීවාය, එත් මේ වෙලාවේ නාන්නේ කව්ද
මා හට යෑමට නම් පාලු ලිද පසු කල යුතුය, ඉදිරියට ඇදුන ම ලිද ලග දැකපු දෙයින් ඇගම වෙව්ලා බියට පත් විය
ලිදෙන් වතුර ඇද නාන්නේ ගැහැනියකි, කොන්ඩේ පල්ලෙහට බේරි, මුහුන පාත් කරගෙන චිත්තයක් ඇදගෙන වතුර අදමින් ඇය ඔහේ නායි

මෙය කිසි විටකත් විය නොහැක්කකි, වෙලාව රෑ 1 පමන විය, මා හට නැවත හැරි යන්නටත් බැරිය, යාමට නම් ලිද පාස් කල යුතුය, හිතට ශක්තියත් හෙන ඉතිපිසො ගාතාව මුමුනමින් ලිදට ලන්විය
ගැහැනිය මා ලන් වු පසුවද කිසිම හැල හොල්මනක් නැතුව නායි, ඇය පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේ වත් මා දෙස අවදානය යොමු කරන්නෙත් නැත, මා ඇය දෙස බලා අක්කෙ අක්කේ යයි කිව්වෙමි
ඇය නෑසුනා මෙන් දිගටම පිලිමයක් මෙන් මුහුන බිමට හරවා සිටියාය, අක්කේ ඇයි මේ වෙලාවේ නාන්නේ යයි අසුවෙමි, නමුත් ඇය පිලිමයක් සේම මුහුන බිමට හරවා සිටියාය
අනිත් පැත්ත හරුන මම පුන්චිලා ගේ නිවස බලාම දුවන්නට විය, පුන්චිලා ගේ ගෙදර මිදුලට බට මා කලාන්තේ හැදි අද වැටුනි

පසුවදා උදේ නැකිටන විට මා හට උන සෑදි තිබිනි, සිද්දිය කුමක්දැයි විපරම් කිරිමට මල ගෙදර බොහො දෙනෙක් පුන්චිලා ගේ ගෙදරට පැමින සිටියාය
මොකක්ද පුතේ ඊයේ රෑ උනේ, යයි අම්මා ඇසුවාය, මතක් කිරිමට අකමැති උවත් බොහො දෙනෙක් අසා සිටියදි මා උන දේ විස්තර කලෙමි.
කට්ටියම විසාල කරගත් දෑස් ඇතුව මා දිහා බැලුවාය, ඊට පසු එතන සිටි ආච්චි කෙනෙක් මෙසේ කීවේය
ඔය පුතා මීට අවුරුද්දකට විතර කලින් ඔය ලිදට පැනලා මැරිච්ච් ගෑනු ළමයා ගේ අවතාරේ, නැතුව ඔය ලිද කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ, කීප දෙනෙක්ම ඔය අවතාරේ දැකලා තියෙනවා, හැබැයි කාටවත් කරදරයක් කරලා නම් නැහැ
ඊට පසුව මාගේ රොගය උත්සන්න විය, ඉස්පිරිතල යට පවා ඇතුල්වී සුවය ලැබුවේ සතියකට විතර පසුවය
එදා සිට හොල්මන් කෙරේ මා තුල තිබු බොරු පුහු හෙලවෙන මනස වැනි දෑ ඉවත් වී හොල්මන් පිලිබදව විස්වාස කරන්නට පටන් ගත්තෙමි...

(උපුටා ගැනිමකි)

---අද්භූත සිද්ධියක්---


අපේ අල්ලපුගෙදර උදවිය එක්ක මුලදි ගොඩාක් හිතවත්වෙලා හිටියට කාලෙත් එක්ක අපි ටිකක් ඈත් උනා. අල්ලපුගෙදර ඇන්ටිගේ ලොකු පුතාගේ දෙවෙනි බබාට මාස 9යෙදි අසනීප වෙලා රොහල් ගතකරා. හරිම ලස්සන කෙලි පොඩ්ඩි.

සතියක් ගියා බබාව ගෙදර එක්ක ආවේ නෑ. ඒ නිසා මම එහේ ගියා. ඒ ඇන්ටිට එතකොට parkinson කියන ලෙඩේ හැදිලා ඇවිදින්නත් බෑ. එයා මගේ අත අල්ලගෙන ඇඬුවා එදා. "අනේ නිශානි තරහාවෙන්න එපා මාත් එක්ක මම කියන්න ඕනි දේවල් නෙමේ මට කියවෙන්නෙ. ගෙදර අය මාත් එක්ක තරහද දන්නෙ නෑ. මගේ දරුවාට හොඳවෙයි නේද? මම බෝධි පූජා තිබ්බා." කියලා. ඉතින් මමත් හිත හැදෙන්න කතාකරලා ආවා.

දවස් 3කින් විතර අනේ ඒ බාබා නැතිවෙලා. ගමම එකම මළගෙයක් වෙලා. ඒ ඇන්ටි අඬනවා මිනියගාවට වෙලා.බලන අයගේ පපුව පැලෙන්න එනවා. ලමයාගෙ අම්මත් පිස්සියෙක් වගේ...

මිනිය උස්සන දවසේ මගේ හබී short leave දාලා එනවා කිව්වා කනත්තට යන්න. මිනිය ඉස්සුවා ඒත් හබී ආවෙ නැති නිසා මම ගියේනෑ. ඇන්ටිගේ පුතාලා මටයි මගේ නැන්දටයි කියලා ගියා, "අපේ අම්මා නිදි. අපි එනකම් එයාව ටිකක් බලන්න" කියලා. අපේ නැන්දා එහේ හිටියා මම ගෙදර ආවා.

ඇවිත් මම ගෙදර වැඩකරන ගමන් අපේ කාමරේ ගාවින් ගියා. මගේ මහත්තයා ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා දැක්කා. සතුටකුත් එක්ක ආයේ බැලුවා. ම්හ් නෑ කව්රුත්නෑ. එවගේ ආයෙත් දැක්කා ආයෙත් නෑ. ඒවගේ තුන්පාරක් දැක්කා. මට හිතුනා බලාගෙන හිටපු නිසා වෙන්න ඇති කියලා. ඊටපස්සෙ හබීට call කරලා ඇහුවම තාම එනගමන් මග කිව්වා.

ඇන්ටිව බලන්නත් යන්න ඕනි කියලා ගේට්ටුව වහගෙන යද්දි මගේ කකුල කැපුනා ගේට්ටුවට. ලේ පෙරි පෙරිම ඇන්ටිව බලන්න ගියා. ඇන්ටි ඇඳ උඩ මූනින් අතට හොඳටම නිඳි. ගොඩාක් අය එයාගාව උන්නු නිසා මම ආපහු ආවා.
කනත්තට ගිය කට්ටිය ආවට පස්සේ මහා හයියෙන් කෑගහන සද්දයක් ඇහුන නිසා මම ගියා. ඇන්ටිව ඇහැරවනවා ඇන්ටි කතාකරන්නෙත්නෑ ඇඳ උඩ ලේත් තියෙනවා. මැරුණු ලමයාගෙ අම්මා අඬන නිසා ඒ කොමඩු කියලා හිත හැදුවා. මොකද නිදාගන්න කලින් ඇන්ටි කොමඩු juice බීලා තිබුනා.

ඇන්ටිව ලොකු අයියා උස්සලා ගත්තා ඒ නිල් ඇස්දෙක මට තාම මතකයි. කට්ට අව්වෙත් ඇරිලා තිබුනේ. තවපොඩ්ඩෙන් මටයි ඔඩොක්කුවේ තියාගෙන යන්න වෙන්නේ. එයාගෙ දෙවෙනි ලේලි හොඳ වෙලාවට ආවා. ඇන්ටි ඒ වෙනකොටත් නැතිවෙලා. අර ලමයාගෙ පස්සෙන්ම ආත්මෙ යන්න ඇති කියලා මට හිතුනා. එතකොටයි හබී ආවෙත්. ඇන්ටිගේ අවසන් කටයුතු කරන්න කලින් හබී මට shock වෙයි කියලා මාව වෙන ගෙදරකට එක්ක ආවා

Source:Link

---හෝර්ටන් තැන්නේ තනිවෙන්නේ බලාගෙනයි---


මේක බය හිතෙන කතාවක් නෙවේ ඒත් ඇත්ත කතාවක්

මේක වෙලා තියෙන්නේ දෙදාස් ගණන්වල මුල් හරියේ.එච්චර ඈත කාලෙක නෙමේ.ඔයාලා හැමෝම දන්නවනේ "හෝර්ටන් තැන්න".සීතල මීදුම හැම වෙලාවෙම..........කොයි වෙලාවේ මීදුම ඇවිත් අතරමං වෙයිද දන්නෙ නෑ....එහෙම කියලා ඒ වගේ ලස්සන උඩරට කඳුකරේ වනාන්තරය බලන්නේ නැතුව ඉන්න බෑනේ.....

මම කියන සිදුවීමට යාලුවෝ තුන්දෙනෙක් සම්බන්ධයි.මෙයාලා කොළඹ ආයතනයක රස්සාව කළ අය.නම් කියන්න හොඳ නැති නිසා මම දැනට මෙයාලට අජිත්,කමල්,අරුණ කියලා කියන්නම්කෝ.ඉතින් දෙසැම්බර් මාසේ නත්තල් නිවාදුවට මේ තුන්දෙනා විනෝද ගමනක් යමු කියලා කතා කරගත්තා.යන්නේ හෝර්ටන් තැන්නට........මෝටර්බයිසිකල් වලින් තමයි යන්නේ......

හැබැයි දෙසැම්බර් මාසේ නුවර එළිය පැත්තට අවුට් ඔෆ් සීසන්ලු.මෙයාලා මේක දන්නේ නෑ...ඒකාලෙට හෝර්ටන් තැන්නට එච්චරම සෙනග නෑලූකොහොම හරි මේ තුන්දෙනා හෝර්ටන් තැන්නට ගියා කියමුකෝ.හොර්ටන් තැන්නට ගිය අය දන්නවානේ.......කිලෝ මීටර් ගානක් කැලේ ඇවිදින්න ඕන කියලා....මෙයාලා තෝරගත්තේ මුලින්ම ලෝකාන්තෙ පැත්තට වැටිලා තියන පාර....යාලුවෝ තුන් දෙනා බොහොම සන්තෝසයෙන් ඇවිදගෙන ගියාලු...ලස්සන මල් (කොළඹ මල් නෙවේ;ඇත්තම මල්),ලස්සන සත්තු මෙයාලා දැක බලාගෙන ඔන්න ලෝකාන්තෙ ලඟටම ආවලු.

ඔයාලා දන්නවනේ..සීතල පරිසරයක ඉද්දී ගොඩක් අයට මූත්තරා කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා.ඉතින් මේ යාලුවෝ තුන් දෙනාගෙන් කෙනෙක්ටත් එහෙම අවශ්‍යතාවයක් මතුවුණාලු.ලෝකාන්තේ අවට සෙනග හිටියෙම නෑලූ.ඒත් අපේ අවශ්‍යතාව සහිත යාලුවා ,ටිකක් එහාට ගිහින් මූත්තරා කරන්න පටන් ගත්තලු.කවෘවත් නොහිතන විදියට එකපාරටම ඝන මීදුම මතු වුණාමූත්තරා කරන්න ගිය යාලුවාව නොපෙනෙන විදියටම මීදුම සැරවුණා.ටික වෙලාවයි ගතවුණේ..........
"අයියෝ ........අනේ මාව බේර ගන්න" කියලා ලෝකාන්තේ හෙල පැත්තෙන් කෑ ගහීමක් ඇහුණා.මෙහා කොණේ හිටිය යාලුවෝ දෙන්න හිතුවා මූත්තරා කරන්න ගිය යාලුවා හෙලට වැටෙන්න යනවා කියලා......මේ දෙන්නත් ඉක්මනටම හෙල පැත්තට ගියා.මීදුම අස්සෙන් හෙල අයිනේ ගහක එල්ලිලා ඉන්න තමන්ගේ යාලුවාගේ අපැහැදිලි රූපය දකින්න පුලුවන් වුණා.යාලුවා හිටියේ හෙලට වැටෙන්න ඔන්න මෙන්න කියා ගෙන..එක යාලුවෙක් ඉක්මනටම වැත්ටෙන්න යන යාලුවට අත දීලා ගොඩට ගන්න හැදුවා....ඒත් අවාසනාවකට ඒක හරිගියේ නෑ.එක යාලුවෙක් බලන් ඉද්දිම අනික් දෙන්නා හෙලට ඇදිලා ගියා.................

දැන් ඉතින් මොනවා කරන්නද?තමන් එක්ක ආව යාලුවෝ දෙන්නම හෙලෙන් වැටුණා.අනිත් කෙනාට තනියම ගෙදර යන්න බෑනේ.......එයා....ලෝකාන්තේ ලඟ වාඩි වෙලා අඬන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මීදුමත් නැති වුණා.තමන්ගේ උරහිසට අතක් තියනවා දැනිලා අඬ අඬා හිටපු යාලුවා ගැස්සිලා නැගිට්ටා.බැලින්නම්.......ඒ මූත්තරා කරන්න ගිය තමන්ගෙම යාලුවා.ඒකා හලට වැටිලා නෑ.ඌට මීදුම නිසා පාර හොයා ගන්න බැරි වෙලා.මීදුම තුරල් උණාට පස්සේ තමයි ඌ ඇවිත් තියෙන්නේ...දැන් හරි ගැටලුව......."කව්ද එතකොත අර ගහේ එල්ලිලා කෑ ගැහුවේ...?"කොහොම හරි තමන්ගේ එක යාලුවෙක් නැතුව මේ දෙන්නා පොලීසියට ඇවිත් වෙච්ච දේ කිව්වා.

ඊලඟ දවසේ හෙල පාමුලින් යාලුවාගේ මිනිය හොයා ගනිද්දි එතන තිබුනේ එක මිනියයි...................වැටුණු අනිත් කෙනා කව්ද?....මේක අහගෙන හිටපු වයසක සීයා කෙනෙක් කිව්වේ..."මහත්තයෝ....හෝර්ටන් තැන්නේ තනි වෙන්නේ බලාගෙන" කියලා.......

Source: Link


---කළු කුමාරයා---


පුරාණ රජදවස අප ලක්බිම වාසය කලා රාජ්‍ය සේවයේ නියුතු අතිශූර ඒ වගේම දැවැන්ත යෝධයෙක් ඔහු මුහුද දෙබෑ කරන්නට පවා හැකියාවක් තිබූ අයෙක් බව ඉතිහාසයේ සදහන් මේ යෝධයා කාලයක පටන් ගොඩක් ආශාවෙන් උන්නා රජුගේ අංතප්පුරයේ සුරූපි බිසෝවරුන්ගේ රූපශ්‍රීයට ඔහු සිහින දැක්කා ඒ සුන්දරම නාරිදේහයන් සිප ගන්නා ආකාරය පිලිබදව චිත්‍ර රූපයන් මනසේ මවමින්.

බොහෝ කාලයක සිට යටිසිතේ තෙරපාගෙන සුරූපිනියන් ගැන සිහින දැකීම යෝධයාට දැන් මානසික වධයක් කල්පනා කරල බැලුවත් අංතප්පුරයේ සුරූපිනියන්ගේ අැසුර ලබන්නට ක්‍රමයක් සොයාගන්න ඔහුට හැකියාවක් තිබුනේ නැහැ .. පනස්දහසක් සුරූපී බිසෝවරුන් වාසය කරන්නා වූ මැදුරේ ආරක්ෂාවට නපුංසක සෙබලුන්ගෙන් දැඩි රැකවලලු යොදා තිබූ නිසා කිසිවෙකුට එහි අැතුලු වීම අපහසු උනා නපුංසක සෙබලුන් අංතප්පුරයේ ආරක්ෂාවට යෙදවීම රජවරුන්ගේ උපක්‍රමශීලී ක්‍රියාවක්.

. ඒනිසා කාමයෙන් දැවෙමින් පිච්චෙමින් සිටිනා සුරූපී බිසෝවරු අැසුරු කරන්නට මේ සෙබලුන් පෙලබෙන්නේ නැහැ එයින් බිසෝවරුන් කිසිවෙකත් අනියම් සබදතා කරා යොමුවීමේ තර්ජනයක්ද උදා නොවන නිසා. අංතප්පුරයේ සියලුම ආරක්ෂකයන් වූයේ චංචල සිතිවිලි නිසා සුකුමාල නමුදු සටනේදී කෘර ලෙස ලේ හලන්නට ආශා සන්නද්ධ නපුංසකයන් අවසානයේ මේ අතිසූර යෝධයා තීරණයකට පැමිණියා කෙසේ හෝ අංතප්පුරයට අැතුලු වන්නට ඔහුත් රාජ්‍ය සේවයේ නියුක්තව සිටින කෙනෙකු නිසා අංතප්පුරය ආසන්නයට පැමිණීමේ හැකියාවක් ඔහු සතු උනා ඉන්පසු අංතප්පුර භූමියට සුරක්ෂිතව පිවිසුණ යෝධ තෙමේ සියලු නපුංසක සෙබලුන් සටනින් පරාජය කලා රණශූර වික්‍රමයක් පාමින් දැන් කිසිදු ගැටලුවක් නැහැ ඔහුගේ සිහින ලෝකේ පියාබා යන්නට යෝධයාගේ සතුට කියා නිමකළ නොහැක ... 

ඔහු මිටෙන් හල කුරුල්ලෙකු සේ බිසෝවරුන් සිටිනා මැදුර වෙත දිව ගියා නමුත් මේ අතිශූර යෝධයා නොදැන සිටි රහසක් තිබුණා.. අංතප්පුරයේ ඒ රහස නම් වසර ගනනාවකට පසුවයි රජුගේ අැසුර එක් බිසවකට හිමිවන්නේ ඒ නිසාවෙන් මේ සුරූපි රජ බිසෝවරු කාලය ගෙව්වේ නිරායාසයෙන් කාමයෙන් දැවෙමින් පිච්චෙමින් මේ රණශූර යෝධයා පිලිබද සිත් පහල කරගෙනයි ඔවුන් කල් ගතකලේ නවයොවුන් සුරූපී බිසෝවරු පනස්දහසක් වාසය කලා මේ අංතප්පුරයේ ප්‍රීතියෙන් රජ බිසෝවරුන්ගේ මුදු ස්පර්ශය ලබන්නට ලෝභයෙන් අංතප්පුරයට පැන්න යෝධයා දුටු බිසෝවරු රාගයෙන් මත් වෙලා යෝධයා දෙසට උමතුවෙන් දිව ආවා... ඔහු මගේ ඔහු මගේ.... ඔහු මගේ ඔවුන් සියල්ලෝම පොරකෑවා ඔහු තමන් සතුකර ගන්නට ඛේදවාචකයක මහත සුරූපි රජ බිසෝවරුන්ගේ අැසුර පතා පැමිණි යෝධයාට සිදුවූයේ පනස්දහසක් වූ සුරූපිනියන්ගේ සුකුමාල සිරුර වලට තෙරපෙන්නටයි තැලී පොඩි වෙන්නටයි එහෙත් බිසෝවරුන් ඔවුන් යෝධයා තමන් සතු කරගැනීමේ සටන නැවැත්තුවේ නැහැ

 ඔහුව සැපුවා ඒ ආදරයෙන් නමුත් ඔහුගේ සිරුර මත පනස්දහසක් රාජ බිසෝවරු කෙසේ වන්නට 
අැතිද ඔහු ලැබූ පීඩනය තෙරපුම අහෝ සිදුවූයේ විපතකි සුරූපී බිසෝවරුන්ගේ සියුමැලි ශරීර වලින් තෙරපීම නිසා යෝධයා මරු තුරුලට ගියා සුරූපි බිසෝවරුන්ට ආශාකල නමුදු එය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ඔහු මියගියේ ඒ බිසෝවරු පිලිබදව දැඩිසේ වෛරයකින් මිය ගිය අැසිල්ලෙන් ඔහු උපත ලැබුවා යක්ස ආත්මයක රුදුරු ලෙසින් එදා ඉදන් අද දක්වා පාලු තැන් වලදී යුවතියන්ට වින කරන කළුකුමාරයාගේ ආරම්භය එසේ සිදුවිණි

Source: Link