මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

15 July 2017

---හොල්මන් ගෙදර---


මේක ඇත්තම කතාවක් මේක මට කිව්වෙ මගේ යාලුවෙක්ගේ අම්මා.එයාල ක්‍රිස්තියානි.ඔය සිද්දිය වෙනකොට මගේ යාලුවත් ඉපදිලා නෑලු.එයගෙ අයියා විතරයි ඉදලා තියෙන්නේ.එයලාට ඉන්න ගෙයක් නැති නිස ගමේ වහලා දාල තිබුන ගෙදරක යතුරු දිල ගමේ කෙනෙක්.දැන් එයාලත් ගමෙ නෑ.මගේ යාලුවාගෙ තාත්තා වත්තල.අම්මා ගල්ලේ උඩුගමටත් එහා තවලම කෙනෙක්.

මං දැන් ඉදන් මගේ කතාවක් විදියට ලියන්නම්.

ඔය ගෙදර තාත්තයි අම්මයි අයියයි පදිංචියට ගිහින් තියෙනවා ටික දවසක් ඉද්දී උයපූ බත් එකට සත්තු කොල රොඩු වගේ දෙවල් දානවලු.පස්සේ පස්සෙ උයපු ගමන්ම කන්න වෙලා මොකද තියලා තිබ්බොත් කන්න වෙන් නෑනෙ.ඔය ගෙදර පරන ලොකු ගෙයක් ගෙදර එන්න තියෙන්නෙ ගල් පඩිපෙලක්.පඩිපෙල පාමුල අතින් වතුර ගන්න පුලුවන් ලිදක් තියෙනවා.එටත් ඉස්සරහින් වෙලත් ඊට එහපැත්තෙන් රබර් කැලෙත් තමයි තියෙන්නෙ.අදටත් ඔය,විදියමයි.

ඉතින් දවසක් තාත්තයි අම්මයි අයියයි බයිසිකලෙන් ගමන් ගිහින් එනකොට රෑ උනාලු හුගාක් ගෙදර එන්කොට දැක්කලු ගෙ ඇතුලෙ ඉටි පන්දම් ඔඅත්තු කරලා තියෙනවා.අම්මයි තාත්තයි වැලුවලු මේක කොහොම වෙන්නද කියලා ගෙට ගියලූ කිසිම අව්ලක් නෑලු තිබ්බ බඩුත් එහෙමම තියෙලු.රෑ තාත්තා එලියට ගිහින් එද්දී දැක්කලු කවුද ගෑනු කෙනෙක් ගෙදර උලුවස්ස උඩ වාඩි වෙලා කොන්ඩෙ පිරනවා ලගට ගියාම නෑලු.දැන් ඕක කරන් බෑනෙ කන්නත් දෙන් නෑ රෑට තාත්තාගෙ බෙල්ල මිරිකනවා කේස් නේ.එ නිස එ ගෙදර අත්තැරලා රජයෙන් දුන්න ඉඩම් වල ගෙවල් හදලා.

පස්සේ පස්සෙ ඔය ගේ පාලුවට ගියා අයිතිකාරයොත් එන්නෙ නැලු.ගමේ කසිප්පූ කාරයො දවසක් කසිප්පු හන්ගන්න ගිහින් ඔකට 3 දෙනෙක්.ගොලයෝ දෙන්න එ පාලු වත්තේ හන්ගලා ආවලූ.හවස හන්ගපු බඩු ගන්න ගියාම නිමල් කිය්න මාමා නැති නිසා ආරියපාල කියන අනිත් ගොලයා හොයලා එත්කොට දැකලා තියෙන්නෙ නිමල් සෙම දාගෙන අර ලිද ල්ග මැරිලලු එදයින් පස්සෙ කවුරුවත් ඔය ගෙදරට යන්නේ නෑ.ගියපු එක්කෙනෙක් ගේ කකුලට ගැහුවා වගේ දැනුනලූ කවුරු හරී එයට කියන්නේ හාමූ මාම කියලා තාමත් එයාගෙ තුනටියෙන් පල්ලෙහා පන නෑ.

ඔක ඇහුවම අපි සෙට් එකත් ගියා ගේ බලන්න දැන්නම් කැලෙ වැවිලා හුගාක්.එත් ගෙදර බිත්ති හොදට තියෙනෝ වහලත් කඩන් වැටිලා.ඔය ගෙදර හොල්මන් කරන්නේ ගෙදර ඉදපු නංගිලු.එයාට මෙන්ටල් කෙස් එකක් තියෙන නිසා එයගේ අම්ම්ලා තාත්තලා එ ගෙදර දූට දීලා තියෙන්නේ එකට තරහ උන මල්ලි අක්කව මරලා අර ලිදට දාලා.එ මල්ලිගෙ මරනෙත් අක්ක මරලා මාස කිපයකට පස්සෙ ලිදේ පවෙනවා දැකලා තියෙනවා...


Source: Link



---සත්‍ය කතාවක්---


මෙ සිද්දිය සිද්ද වෙන්නේ යම් පිටිසර පලාතක
කොළඹ පළාතක රාජකාරිය කරන යම් කිසි තරුණයෙක්
සිකුරාදා හවස තම රාජකාරිය අවසන් කර
තම ගම බලා පිටත් වෙනවා
ඔහු කොළඹින් බස් රියට ගොඩවෙන්නේ හවස 5 ට පමණ
තම ගමට ළඟා වෙද්දි රෑ 12.30 ත් පසු වෙලා
එතැන් සිට කිලොමීටර් 2ක් විතර පයින් යන්න ඔනේ ඔහුගේ නිවසට
ඔහු සිගැරට්ටුවකුත් දල්වගෙන නිවසට යන්න පිටත් වෙනවා
පාරේ මිනිස් පුළුටක් වත් පෙන්න නෑ පිටිසර ගමක්නේ
පැය බාගෙකින් පසු ඉස්සරහට ගා(ර්)මන්ට් එකක් හමු වෙනවා
මේ තරුනයා යන පාරෙමයි මෙක තියෙන්නෙත්
මේ ගා(ර්)මන්ට් එක අසල අවතාර සැරිසරනවා කියලා
ගම්මු අතර කථාවක් තිබුනා දැකපු අයත් ඉදලා තියෙනවා
එත් මෙ තරුණයාට එ ගැන කිසිම චකිතයක් හො බියක්
පහල වෙල තිබුනේ නෑ.........
එත් එම අවස්ථාවේ එ ගැන පොඩි චකිතයක් ඇති උනා
හිමින් හිමින් ගා(ර්)මන්ට් එක අසලට පැමිනෙන විට
ගා(ර්)මන්ට් එකේ දොර ඈරෙන සද්දයක් ඇහුනා තරුනයා
මීටර් 25ක් පමණ ඈතින් සිටියේ
ගා(ර්)මන්ට් එක අතුලේ ඉදන් ගැහැණු ළමයි දෙදෙනෙක් එලියට
ආවා දැන් තරුණයට හිතෙ තිබුණු චකිතය පොඩ්ඩක් අඩු උණා
අනෙක කවුරුත් නැති පාරක ගැහැණු ළමයි දෙන්නෙක් සෙට් වෙනවා
කියන්නේ ෆුල් ආතල් නේ ඔයි...........
දැන් මිනිහ ටික ටික වෙගය වැඩි කරා කෙල්ලො දෙන්නට
පොඩි ටොක් එකක් දාන්න හිතාගෙන ලන් වෙද්දි කෙල්ලොත් ටිකක්
ඇඹරුනා
මිනිහා ටොක් කරන්න පටන් ගත්තා
වැඩ ඉවරද නන්ගී මේ වෙලාවේ ගෙදර යන්න බය නැද්ද?
නෑ අයියා අපිට වැඩ ඉවරවෙනේ උදේට මෙයාගේ අම්මට අසනීපයි කියලා කොල් එකක් ආවා, ඉතින් මෙයාව තනියම යවන්න බැරි නිසා මවත් එවුවා
නන්ගිලා මේ ළඟද?
ඔව් අයියේ ඟඟෙන් එහා පැත්තේ ඉන්නේ
දැන් කොල්ලට කිසිම බයක් නෑ කෙල්ලො දෙන්නත් ෆිට් උන එකේ
මහන්සියක්වත් නෑ
මේ යන මාර්ගය ඉදිරියෙන් දෙකට බෙදෙනවා අනිත් පැත්ත පට්ට කෑලෑව
නන්ගි ඔතනින් මොන පාරෙද යන්නේ
දකුණු පැත්තට අයියා ඔයා කොහෙටද යන්නේ?
මම වම් පැත්තට නන්ගි යන්නේ.. කෙල්ලො දෙන්නෙක් තනියම යවන්න බැහැනේ මම එන්නම් ඔයාලව දාන්න
එපා අයියා අපිට තනිකමක් නැ අයියා යන්න
දැන් කෙල්ලො දෙන්නා කොල්ලට සමු දීලා යන්න ගියා
එත් කොල්ලට ෆුල් අප්සට්
ඉන්න නන්ගි මම එන්නම් ඔයාලව තනියම යවන්න බැහැනේ......
එක පාරටම කැලැවෙන් මිනිහෙක් පැනලා කොල්ලගේ කරින් අල්ලනවා
අල්ලලා කියනවා යන්න එපා මචන්
ඔය ගා(ර්)මන්ට් එක ළඟ හැප්පිලා මැරුණු කෙල්ලො දෙන්නා කියලා
කොල්ලා එක පාරටම ගස්සිලා කෙල්ලො ගිය පැත්ත බලනව දෙන්නම පාවෙනවා කකුල් පේන්න නැ
තමාට කවුද එ ගැන කිවුවේ කියලා බලන්න අනිත් පැත්ත බලනවා
ඔහුත් නැ....
ඔහුට ඒ සැනින්ම මතක් වෙනවා ඒ ගිය මාසේ මැරුණු ඔහුගේ
හොඳම යාළුවා කියලා
ඔහුගේ සොහොනත් ඒ අසළම තියෙනවා..............

Source: Link