මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

19 July 2017

---අතරමං වීම---


" හෙලෝ .. නංගී මං බස් එකට නැග්ගා හොදේ.. මෙකෙ බැටරි නෑ මං තියනවා .."
"හා අයියේ ගෙදර යනකං හොදට නිදා ගන්න එහෙනම් .."
" හාලිඇල බංඩාරවෙල හපුතලේ බලංගොඩ රත්නපුර කොලඹ කොලඹ කොලඹ කොලඹ ...." බස් රතයෙන් එපිට ඉවරයක් නැතිව බසයට සෙනග එකතු කරන හඩ නිසා එලියට එබී බැලුවෙමි තවත් බදුල්ල කොලඹ බසයක් නතර කර තිබිණ. ඒ ගැන වැඩි තැකීමක් නොකලේ මෙහි තරමක් සෙනග සිටි බැවිනි..

පසුපස දොරට ඉදිරියේ දොර ආසන්නයේ ම තිබූ ආසනයේ හොදින් හරි බරී ගැසී ඉදගෙන දුරකථන ය අතට ගත්තේ අද දවසේ ආරුක්කු 9 හා දෙමොදර විනෝද ගමනේ චායාරූප බැලීමට යි... ඒ වන විටත් එහි බැටරි පැවතියේ 20% ආසන්නවයි.. වේලාවද රාත්‍රි 10.14යි ඒ නිසා දෑස් වසා නිදා ගැනීමට තීරණය කලෙමි..

නින්දේ සිටියදී වුවත් බස් රිය පණ ගන්වා ඉදිරියට ඇදුනු බව සිහින් මතකයක් ඇත.. කොතරම් වේලා ගියාද නොදනිමි ...
" ටිකට් ගන්න.... තව කවුද ඉන්නෙ.." ඒ හඩින් ගැස්සී ගිය මා පසුම්බියේ තිබූ 500 නෝට්ටුවක් හා අමතර 50 නෝට්ටුවක් ඇද දුන්නෙ බදුල්ල කොලඹ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුව රු 456ක් වූ නිසාවෙනි..
" කොලඹ එකයි "....
"කොහෙටද..."
" කොලඹ "...
" මල්ලි මේක යාපනය බස් එක... ඉක්මනින් බැහැ ගන්න ....."

ඒ ඇසුනු දෙය මට අදහා ගැනීමට නොහැකි විය... තප්පර ගානකට කල යුත්තෙ කුමක්ද හිතා ගැනීමට නොහැකි ව සිටිද්දී මට බැසීමට බසය නැවැත්විය ... කොතරම් දුරක් වැරැදි පාරක ආවාද කොතරම් වේලාවක් මා නිදා ගෙන සිටියාද නොදැන ම බසයෙන් බැස ගත්තෙමි.. මා බසින විට අනෙක් මගින්න් විවිධාකාර මුහුණු වලින් මා දෙස බලනු දුටුවෙමි, ඇතමෙක් දුකෙන්... ඇතමෙක් උපහාසයෙන්.. එය මා මෙතෙක් කලක් ජීව්තයේ කල මෝඩම වැඩ වලින් එකක් බව පසක් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.. දුරකථන ය අතට ගෙන වේලාව බැලුවා පමනකි එයද ක්‍රියා විරහිත විය. වෙලා ව රාත්‍රි 11.32..

එවන් අන්දකාරයක් මෙතෙක් මා අත්විද ඇත්දැයි සැකයක් ඇත.. බැස ගත් තැනම විනාඩි 5ක් පමණ නිසොල්මනේ සිටියේ ඇස් අදුර ට හුරු වන තෙක් ය... නමුත් පෙනීමට කිසි දෙයක් තිබුනේ නැත. පාරේ අනෙක් පස තද බෑවුමක් හා එම බෑවුම යටින් බදුලු ඔය ගලා යන ශබ්දය පුදුමාකාර මූසල හඩක් පරිසරයට එකතු කලෙය.. හතර වටින්ම බල්ලන් බුරන හඩ ඇසෙන නමුත් ඇසට පෙනීමට කිසිම බල්ලෙක් නොසිටීම සිතට ගෙන ආවේ කුතුහලය මුසු බියකි. මෙතෙක් කියවූ සහ නැරඹූ සියලු හොල්මන් කතා හා චිත්‍රපට එක පෙලට පෙල ගැසී මා දෑස් ඉදිරියේ මැවෙන්න විය..
" බස් හෝල්ට් එකක වත් ඉන්නවා" 

යැයි සිතා දෙපයට් පින් දී නැවත බදුල්ල දෙසට සෙමින් සෙමින් පිය මැන්නෙමි.. ඉතා වේගයෙන් ගමන් කරන වාහන වලට අත දැම්මත් ඒ කිසිවෙක් මා දුටු බව වත් ඇගෙවුවේ නැත... බල්ලන් ගේ උඩු බිරුම් හඩ එකම අදොනාවක් වුවත් වට පිට නොබලාම ගමන් කිරීමට තීරණය කලෙමි.. මගේ ඉලක්කය වූයේ ඈතින් පෙනෙන පුංචි මඩුවකි..

විනාඩි 5ක් ඇතුලත මම ඒ මඩුව ලගට ලගා වුවත් එය අගුලු ලා වසා තිබිණ.. නමුත් එහි පහලින් බල්ලෙක් ට පහසුවෙන් රින්ගා යා හැකි පරිදි කවුලුවක් කපා තිබුනත් එහි ප්‍රයෝජන ය කුමක්දැයි මට වැටහුණේ නැත. තවත් හොදින් පරීක්ෂා කලේ වැස්ස කොයි මොහොතේ ද නොදන්නා නිසා මට ආවරණයක් අවශ්‍ය වූ නිසාවෙනි. නමුත් දක්නට හැකි වුනේ අලුත ගැසූ මරණ දැන්වීමක් පමනකි .. එයින් තරමක් හිත ගැස්සී ගිය නමුත් එහි රූප ය දැකීමට තරම් මම අවාසනාවන්ත නොවීමි. සුන් වූ බලාපොරොත්තු සමග මා නැවත පාරට අඩිය තිබ්බෙමි.. එතැන් සිට ම මා දෙස දහසක් ඇස් යොමුවී ඇති බවත්.. මා තබන අඩියක් පාසා තවත් කෙනෙක් මා අසල සිටින බවට අසාමන්‍ය හැගීමක් විය.

මා ඇස් දැන් යහමින් අදුරට හුරු වී ඇත.. ඇති එකම බිය කොයි වෙලේ බල්ලෙක් ඇගට පනීද යන්න හා වැස්ස ඇද වැටෙයි ද යන්නය.. හොල්මන් පිලිබඳ බිය ඉහවහා ගියත් ඒ ගැන නොසිතා සිටීමට උත්සහ කලෙමි.. නමුත් හිටි හැටියේ දුටු දෙය මිරිගුවක් ද ඇත්තක්ද සිතා ගැනීමට මට එක් වරම හැකි වූයේ නැ... ඒ සුදු ඇද ගත් මිනිසෙකුගේ රූපය කි.. ඔහු මට වඩා බොහො ඈත සිට පාර හරහා මාරු වනු දුටුවෙමි ... නමුත් එ කොහෙ සිට කොහෙට ද සිතා ගැනීමට තරම් ආලෝකයක් නොතිබිණි.. දුටු එකම මිනිස් රුව එය වුවත් එයත් සැබෑ මිනිසෙක් ද මා නොදනිමි...
ඒ දෙසට ගමන් කිරීම හැර විකල්පයක් මට තිබුනේ නැත... ක්‍රමයෙන් එ රුව දුටු තැනට ලං වූයෙමි.. එතැන පාර හරහා ගලා ගන දිය පාරක් හරස් කර බෝක්කුවක් ද දමා ඇත...එ මිනිසෙක් බව සැකයක් ඇති වුයේ එතැනින් පල්ලමට ගුරු පාරක් හා එහි කෙලවර සෙලවෙන ආලෝකයක් දක්නට හැකි වීම නිසාය..

මට දැන් තීරණයක් ගැනීමට සිදු වේ.. මහ පාර දිගේ කෙලින් ඇවිද යනවාද ආලෝකය දෙසට යනවාද.... එ සිතුවිල්ල සමග තවත් මිනිස් චායාවන් කිහිපයක් ඈත ආලෝකය සමග ඔබ මොබ යනු පෙනුනි. නැවත නොසිතා ම ආලෝකය දෙසට හැරී පල්ලම් බැස්සේ අද රෑ මිනිස් වාසයක් ඇති තැනක නතර විය හැකී යන සතුට සිතේ රදවා ගනිමිනි ...
සෙමින් සෙමින් පල්ලම බැස ආවෙමි.. මා දෙපා නතර වූයේ " ටිලිං ටිලිං " හඩින් ගෙජ්ජි සද්දයක් ඇසීම නිසාවෙනි.. වට පිට බැලුවේ ඒ සද්දය කුමක් ද කියාය.. එ පඹයෙකි.. සාමාන්‍ය පඹයෙක් මෙතරම් බියකරු ලෙස පෙනුනේ කෙසේද කිය නොදනිමි.. අනික මේ කැලෑවේ පඹයෙක් කුමන ප්‍රයෝජනයක් ද.. පෙනුනාට වඩා දුරක් පල්ලම් බැස ආ බව දැනුනේ ඒ සීතලේ පවා ඉහෙන් කනින් දහඩිය ගලා යාමත් සමග ය.. එය ටකරං ගැසූ කුඩා නිවසකි.. එහි මහ දොරක් පාර දෙසට පිහිටා තිබුනේ නැත .. මිදුලේ තැබිලි කෝම්බ වලින් සෑදූ පන්දම් සවි කර දල්වා තිබිණ . නිවසේ වහලයේ හිඩස් අතරින් ඇතුලත ආලොකයක් හා කවුරුන් හෝ ගැවසෙන බව දක්නට ලැබිණි.. නිවසේ දකුණු පස රවුමෙන් ගොස් ගෙදර ඉදිරිපස සොයා ගත්තෙමි
" ඕඕ විනාස යි... "

මට කියවිණි... මා පැමිණ ඇත්තේ මල ගෙදරකට ය.. තනිව සිටීමට බැරි තැන මට රැය ගත කිරිමට සිදු වන්නෙ මල ගෙදරක ය.. නමුත් මෙය ඔබ මා මින් පෙර දැක තිබු මලගෙයක් නොවේ....
සුදු ඇදගත් ගැහැණු මිනිස්සු 5ක් 6ක් තම තමන්ගේ වැඩ වල සිටී මට ඇති වූ පුදුමය නම් මොවුන් මෙතරම් සෙමින් වැඩ කරන්නෙ ඇයි ද යන්නයි... සීතල නිසා මා සෙමින් නිවස තුලට ගොඩ වූයෙමි . එවිට මා දුටු දෙය මගේ ලොමු ඩැහැ ගත්තේ මින් පෙර එවැනි දෙයක් දැක නොතිබූ නිසාවෙනි..
නිවස තුල කිසිදු ගෘහ භාණ්ඩ නොවීය.. කිසිම ජනේලයක් නිවසේ නොතිබුණි ....මිනි පෙට්ටිය ඉතාමත් බාල වර්ගයේ හතරැස් ලෑලි පෙට්ටියක් පමනක් විය.. එය තබා තිබුනේ බිම නොවේ... සාරි පොටවල් 4ක් යොදාගෙන වහලයේ එල්ලා ය.. සුලං හමන විට චිරි බිරි හඩ නංවමින් මිනි පෙට්ටියත් ඒ මේ අත චලනය විය... පෙට්ටිය උඩින් පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් තබා ඇත ... දැන් නම් මට මෙහි අමුත්ත සියලුම ලේ නහර වලට පවා දැනෙන්න විය...

නිවසේ සිටියේ කාන්තාවක් හා කුඩා දැරියක් පමණි ඔවුන් බිම වාඩි වී එල්ලෙන මිනි පෙට්ටිය දෙස එක එල්ලෙ බලා සිටින බව දුටුවෙමි.... කුඩා දැරිය මට පිටුපා සිටි නිසා ඇගේ මුහුණ මා දුටුවේ නැත.. මා නැවත මුලු සාලය දෙසම බැලුවේ එහි අමුත්ත මට දරා ගැනීමට නොහැකි නිසාය.. මගේ දෑස් හිටි හැටියේ නැවත යොමු වූයේ මා දෙස බලා සිටි දැරිය දෙසට යි... ඒ රුව මගෙ හදවත කොතරම් වෙලා නතර කර තැබුවාදැයි මට මතක නැත...
ඇගේ කට අසාමන්‍ය ලෙස විශාල ව විවර වී ඇත.. එපමණක් නොව කට දෙපසින් වැගිරෙන කෙල ඈ අත සිටි රෙදි බෝනික්කා පොගවා දැමීමට තරම් ප්‍රමාණවත් විය.. ඇගේ කට විවර වී ඇත්තේ අධික පිලිස්සීමට හසු වී බව තේරුම් ගැනීමට අපහසු නොවීය ... ඇය බලා සිටියේ මා දෙස නොවේ මට ඔබ්බෙන් වූ යමක් දෙසය.. මද වේලාවක් එසේ බලා සිට නැවත ඈ එක එල්ලෙ මිනි පෙට්ටිය දෙසම බලා සිටියාය...නමුත් මා සිත දැන් අනවශ්‍ය ලෙස තැති ගෙන ඇත..
මොවුන් වචනයක් වත් කතා නොකරන්නේ මා එහි ඇති බව ඔවුන්ට නොපෙනෙන බව ඇගවීමට මෙනි... බදුලු ඔයේ හඩත්.. රැහැයියන් ගේ හඩත් .. නොකඩවා උඩු බුරන බල්ලන් ගේ හඩත් ඉද හිට " බුඃ බුඃ" හඩ නගන බකමූණ්කුගේ ශබ්දයත් ඇර වෙන කිසිවක් ඇසෙන්නට නැත.. මට මෙතන සිටිනවාද පැන දුවනවාද යන තීරණ දෙක මැද අතරමං ව සිටි මි... මේ මනුෂ්‍යයන්ද අමනුෂ්‍ය යන්ද නොදනිමි ....
 ඔවුන්ගේ හැසිරීම් එන්න එන්නම අමුතු විය..

තවත් මෙතැන රැදී සිටීමට තරම් ශක්තියක් මට නොවීය... අදුරේ ම පාර සොයා ගත් මා මහ පාර දෙසට දුවන්නට විය. මා දුවන්නේ තනිව නොවන බව දැනුනේ බර අඩි තබමින් එක්කෙනෙක් ට වඩා මා පසුපස හබා එන බව දැනීම හෝ මා සිතින් මවා ගැනීම නිසාවෙනි ...
මරණ බය දැනුන හෙයින් පසුපස නොබලාම දිවුවෙමි .. දුව ආ වේගයට ම මහා පාරට පැන්නෙමි.. ඇස් කඩාගෙන යන ආලෝකයක් මහා හඩක් නංවමින් මා දෙසට ඇදී ආ බයට මා බිම ඇද වැටී මි..
" කොහෙද ඕයි යන්නේ.... මාවත් අමාරුවේ දාන්න හදනවා... " තමුසෙට තුවාලද... නගිනව නගිනවා..."

මට කිසිවක් කියා ගැනීමට තරම් ශක්තියක් නොවීය ... නමුත් මෙතනින් පිටවීමට නම් එකම මග මෙයයි.. ඔහුගේ වාරුවෙන් මා වාහනය වෙත ගොඩවීමි... පැයක පමණ ධාවනයකින් පසු ඔහු මාව පුංචි රෝහලකට ගෙන ආවේ හිතේ සැකය නිසාවෙනි ..
" මොකො වුනේ ...."
" මුකුත් නෑ... හැප්පෙන්න ගිහින් වැටුනා.."
" වැටුන තමයි.... මාස තුනකට උඩදි මල ගෙදරක ගිහින් එන නඩයක් වෑන් එක පල්ලමට ගිහින් ගිනි අරන් මැරුනේ... ඒ වංගුවෙ නෙ මේ යකා පාරට පැන්නෙ... මගෙ ලේ වතුර උනා...
ඔවුන්ගේ දෙබස මට මහ ප්‍රෙහෙලිකාවක් විය... එතකොට මං රෑ දැකපු මල ගෙදර.. ??? ඒ රූප රටා කිසිම දිනක මා සිතින් ඉවත් නොවනු ඇත...

නිමි...

Source:Link

---බංගලාව---


ප්‍රති විරුද්ධ දෙසට පාළුව මුසුවූ,මූසල සුළඟක් ඇදී ගියේය.ආනෝල්ඩ් හට නොකඩවා ඇසෙනුයේ අශ්වයන්ගේ කුර ගැටෙන හඬය.අශ්ව කරත්තය ද ඇදී ගියේ මන්දගාමීවය.දසත පැතිරී තිබුණේ අඳුරකි.දිවයිනේ අනෙකුත් පෙදෙස්වලට මෙන් නොව ,මෙම කඳුකරයට කලින් හිරු බැස යන බව ආනෝල්ඩ් දැනසිටියේ නැත.හෙතෙම අශ්වකරත්තය පදවමින් සිටි රියදුරාගෙන් මේ පිළිබඳව විමසීය.

"ඇත්තටම මොකද අද මේ කලින්ම ඉර බැහැගෙන යන්නේ?"
"මෙහාට එහෙම තමයි මහත්තයා.කලින්ම කළුවර වෙනවා.කඳුකරයනේ........"
රියදුරාද පැවසීය.
දැන් දැන් කරත්තය ඇදී යනුයේ ඉතා පටු ලෙසිනෑතට දිවෙන මගකය.ගැස්සෙමින් පැද්දෙමින් යන මේ ගමන්වලට ආනෝල්ඩ් හුරු පුරුදු අයෙක් නොවීය.මක්නිසාද යත් පරිපාලන නිළධාරියෙකු ලෙස තම පත්වීම ලැබ වැඩ බාර ගැනීම පිණිස යන මුල්ම ගමන මෙය වූ බැවිනි.තමාට දැන් පාලනය කිරීමට සිදුව ඇති පෙදෙසේ ක්ලින් පාලකයාව සිටි නිළධාරියා අස්වාභාවික ලෙස මරණයට පත්ව තිබූ හෙයින් එම පුරප්පාඩුව පිරවීමට තෝරාගනු ලැබුවේ ආනෝල්ඩ්ය.
දිගු ගමනකින් ඉක්බිති කර්‍අත්තය ඉතා පැරණි බංගලාවක් ඉදිරිපිට නවත්වනු ලැබීය.ආනෝල්ඩ් තම ගමන් මළු ඔසවාගෙන බංගලාවට පිළිපන්නේය.දොර හැර තිබූවද බංගලාව තුළ වූයේ දැඩි අඳුරකි.හදිසියේම අඳුර දෙබෑ කරගෙන කෙසඟ මිනිසෙක් එළියට පැමිණියේය.
"මහත්තයා වෙන්නැති මේ පැත්තට පත්වෙලා ආව අලුත් දිසාපතිතුමා"
හේ දෙකට තුනට නැමෙමින් විමසීය.
"ඔව්......මං තමයි"
ආනෝල්ඩ්ද පැවසීය.

"එහෙනං පොද්දක් හිටින්න මහත්තයා..මම එළියක් අරන් එන්නම්"
සේවකයා නැවත බංගලාව තුලට වැදුණේය.අශ්වකරත්තයද පිටව යන හඬ ඇසිණි.ආනෝල්ඩ් පාළු,මූසල ගරාවැටුණු බංගලාව දෙස් වරක් නෙත යොමා බැලීය.
තවත් මිනිත්තු කිහිපයකින් කෙසඟ සිරුරැති සේවකයා ලන්තෑරුමක් රැගෙන පැමිණ නිළධාරියාගේ එක් ගමන් මල්ලක් ඔසවා ගත්තේය.
ආනෝල්ඩ් තම ඉතිරි ගමන් මල්ලද රැගෙන සේවකයා පසු පස්සෙහි වැටුණේය.හෙතෙම සේවකයා පිටිපසින් ගොස් තරප්පු පෙළක් නැග ඉහළ මාලයට පිවිසියේය.
"මෙන්න මෙතනයි මහත්තයාගේ කාමරය"

සේවකයා ඉණෙහි වූ යතුරු කැරැල්ලක් ගෙන ,අභිමුඛයෙහි වූ ද්වාරයේ යතුර සොයමින් පැවසීය.
"ඉස්සල්ලා හිටිය දිසාපතියුමා හිටියෙත් මේ කාමරේමයි;අනේ!හරි හොඳ මහත්තයා"
ඔහු දොර විවෘත කරමින් නැවත පැවසීය.
"ඒ කිව්වේ අර.................මැරුණු දිසාපති මහත්තයද?"
ආනෝල්ඩ් බියපත් සැකයකින් යුතුව විමසීය.
"ඔව් නෙව.ඒ මහත්තයා ඔය බංගලාව ඉස්සරහ තියන ප්‍රපාතයට ඇදවැටිලා මැරුණනේ......"
ආනෝල්ඩ් තම සාක්කුවෙන් ලේන්සුවගෙන මුහුණෙහි වූ දා බිඳු පිසදා ගත්තේය.
"ඇයි මහත්තයා රස්නෙයිද?අද නම් වහින්න වගේ"
සේවකයා ගණනකට නොගෙන පැවසීය.
"ඇත්තටම ඉස්සල්ල හිටපු දිසාපති තුමා මැරුණේ කොහොමද?"
තමා එයට අදාළ සිද්ධිය දනිතත්,ආනෝල්ඩ් යළිත් එය සේවකයාගෙන් විමසීය.
"හරියටම කියන්න දන්නෙ නෑ.....දවසක් මහ රෑ කෑ ගැහීමක් ඇහිලා මම දුවගෙන එනකොට ඒ මහත්තයා ප්‍රපාතයට වැටිලා මැරිලා හිටියා."
"කවුරුත් තල්ලු කළා වෙන්න බැරිද?"

"නෑ මහත්තයා.............එතන තිබුණේ ඒ මහත්තයාගේ අඩි සලකුණු විතරමයි."
සේවකය ආනෝල්ඩ් නැවත ඇසූ පැනයට පිළිතුරු දුන්නේය.
"හැබැයි මහත්තයා...මේ බංගලාව හදපු හාමු,ඒ කාලේ කාටවත් මේ පැත්තටවත් එන්න දෙන්නේ නෑලූ.ඒ හාමු මැරුණට පස්සේ මේ බංගලාවේ හොල්මන් කරනවා කීප දෙනෙක්ම දැකලා තියනවා.මහත්තයත් රෑ වුණාම කාමරේටම වෙලා ඉන්න."
සේවකයා රහසක් කියන්නාක් මෙන් ආනෝල්ඩ්ට පැවසීය.මෙහි නොපැමිණියේනම් වඩා හොඳ යැයි ආනෝල්ඩ්ට සිතිණ.

සේවකයා කාමරයෙන් පිටව ගියේය.ආනෝල්ඩ් ඇඳුම් මාරු කර ටික වෙලාවකින් බංගලාව තුළ ඇවිදීමට ගියේය.එහි පැරණි විසිත්ත කාමරයේ විශාල ඡායා රූපයක් විය.එහි හුන් තැනැත්තා එම බංගලාවේ නිර්මාතෘයැයි සඳහන්ව තිබිණ.ඔහු දැඩි කෝපයෙන් ,රෞද්‍ර මුහුණ තමා දෙසට හරවාගෙන සිටින්නේයැයි ආනෝල්ඩ්ට දැණින. රාත්‍රී ආහාරය ගෙන තම කාමරයට ගිය ආනෝල්ඩ් ඇඳට වැතී නිදාගන්නට වූයේය.වර්ෂාවද ඇද හැලෙන්නට විය.
මධ්‍යම රාත්‍රියේ ආනෝල්ඩ් තිගැස්සී අවදිවූයේ අස්වාභාවික හඬක් තම සවනත වැටීමෙනි.එක්වරම බරට අඩි තබමින් සොල්දරය මත ඇවිදින හඬක් ඇසෙන්නට විය.එහෙත් ඒ කෙසඟ සිරුරැති සේවකයා නොවන බැව් ඔහුට තීරණය කළ හැකි විය.ටික වෙලාවකින් ශබ්දය නැවතුණු හෙයින් කුතුහලයෙන් යුතුව ආනෝල්ඩ් සයනයෙන් නැගිටුණේය.

තද වර්ෂාවෙහි වුවත් ගත දහදියෙන් තෙමී ඇති බැවු ඔහුට ද ප්‍රත්‍යක්ෂ විය.අසාමාන්‍ය අයුරින් වටපිට බැලූ ඔහුගෙ නෙතට හසුවූයේ තම කාමරයෙන් එපිට බිමේ සිටි මිනිස් රුවකි.
ජනේලය අසලට ගිය ආනෝල්ඩ් වඩා හොඳින් එදෙස බැලීය.වර්ෂාව මැදින් කෙටූ අකුණකින් විහිදී ගිය ආලෝකයෙන් ධාරාව හේතුවෙන් ධාරානිපාතයේ තමාට පිටුපා සිටින පුද්ගලයා ආනෝල්ඩ් හට පැහිදිලිව පෙණින.සිතට දිරිගත් ඔහු විපරම් කිරීමේ අටියෙන් කාමරයේ දොර හැරගෙන අඳුරේම බන්ගලාව මැදින් ගොස් ගෙවත්තට ඇතුළුවිය. වැස්සේම තෙමෙමින් ආනෝල්ඩ් අඳුරු රුව දෙසට කෙමෙන් කෙමෙන් පියමැන්නේය.එක් වරම තවත් අකුණක් කෙටීමෙන් දසත ආලෝකමත් විය;අඳුරු රුවද මුළුමනින්ම ආනෝල්ඩ්ගේ නෙත ගැටුණි.ඒ ....තමා මීට පැය කිහිපයකට පෙර ඡායාරූපයකින් දුටු බංගලාවෙහි නිර්මාතෘ නොවේදැයි ආනෝල්ඩ්ට සිතිණ.
එවේලෙහි ආනෝල්ඩ් හට සිහි වූයේ සේවකයා කියූ වදන්ය.
නැවත දාස් පිසදා දිය ගසාදමා බැලූ කල ඔහුට එම රුව නොපෙණින.ඔහු කෙමෙන් ඒ රුව තිබූ ස්ථානයට පැමිණියේය.පසෙකින්වූයේ ගැඹුරු ප්‍රපාතයයි.

හදිසියේම පිටුපසින් ,අකුණකටත් වඩා රුදු වූ කොක් හඳලා සිනාසෙන හඬක් ඇසීමෙන් ආනෝල්ඩ්ගේ දෙපා අප්‍රාණික විය.ඔහු බංගලාව දෙසට හැරී දුවන්නට සැරසුණේය.නමුත් මග අහුරා සිටියේ බංගලාවේ අවතාරයයි.අවතාරය ඔහු දෙසට එන්නට විය.
ආනෝල්ඩ් පියවරෙන් පියවර ප්‍රපාත ගැට්ට අසලටම පැමිණියේය.කළහැකි යමක් ඔහු වෙත නොවීය. තමා ඉදිරියට පනින රුව ඔහු දිටීය.ඒ සමගම දැඩි හස්තයකින් තම ගෙල සිර කරනු ඔහුට දැනිණ.පසුව ළය පෙදෙසට එල්ලවූ පහරකින් හේ ප්‍රපාතයට පෙරළිණි.

පසුදා උදෑසන නව පරිපාලන නිළධාරී ආනෝල්ඩ්ගේ ශරීරය සොයාගන්නා විට ඔහුගේ ගෙලෙහි හා ළයෙහි වූ ඇඟිලි සලකුණු දැක කවුරුත් විස්මයට පත්වූහ.

Source:Link


---රෑ වැඩමුරය---


"... මේ කට්ටිය අපිට එකතු කර ගන්න කියන්නේ... ස්ස්ස්ස්ස්ස් ...ඇහුවොත් සල්ලි තමයි... ස්ස්ස්ස්ස්ස් . ඒක ඇහුනු සදුනි අම්මේ කියලා කෑ .. ස්ස්ස්ස්ස් ඔයාට මාව එපා නම්...ස්ස්ස්ස්ස් මේ අවුරුදු කාලේ...සිනහ වෙයන් රාලේ"....

" ශික් බලපංකො රෑට අහන්න මෙලො දෙයක් නෑනෙ.. එක්කො බූට් සිංදු එක්කො සල්ලි දෙන මගුල්. එක්කො කාගෙ හරි දුක් අදෝනාවක් "
රේඩියෝ වේ මීටරය ඒ මේ අත කරකවමින් මා මගේ සගයාට කියා සිටියේ තරමක් නෝක්කාඩු ස්වරූපයෙනි...
මා දෙස බලා හ්ම්ම්.. කියූ ඔහු නැවතත් ඉදිරිය බලා ගත්තේ ඔහුට එහි වැදගැම්මක් නැති ලෙසිනි...
වෙනදාට වඩා මුලු පරිසරයම අදුරේ ගිලී තිබුනේ වලාකුළු නිසාද, අමාවක දවසක් නිසාද නොදනිමි. පාරේ තැනින් තැන වීදි ලාම්පු නොවන්න මුලු පලාතේම අදුර කපන්නේ අප රථයේන් නික්මෙන ලාම්පු එලියෙන් පමනකි

රාත්‍රියේ වේගයෙන් ඇදෙන වාහන වලට ඉඩදී ඉඩ ඇති තැනක රථය නතර කර පොලිස් සංඥා වලට සවන් දෙමින් සිටියේ සුපුරුදු පරිදි අදත් නිකරුනේ ගෙවී යන රාත්‍රිය ක් බව නොදැනම නොවේ.
මගේ අනිත් පොලිස් සගයන් දෙදෙනා සිගරැට් ඉරීම සදහා රථයෙන් බැස අදුරු මුල්ලක් සොයා ඇදෙන්න ඇත්තේ නිල ඇදුමට කැලලක් වේ යැයි සිතාය.. දුම් බීම නුපුරුදු නිසාත් මේ ප්‍රදේශයට අලුත් නිසාත් මා රථයේම සිටියෙමි . රථයේ සිටම මා බලා සිටියේ රථයේ පහන් එලියෙන් ඈත චලනය වන යමක් දෙසයි... 100% පැහැදිලි නොවුනත් ඒ මිනිස් රූපයක් බව පමණක් හදුනා ගැනීමට හැකි විය... නමුත් ඒ රූපය සාමන්‍ය මිනිසෙකුගෙන් අඩක් පමණ වූයේ කෙසේදැයි මා බලා සිටියේ පුදුමයෙනි.. මෙම සැකය හැර ගත යුතුමය.. මල පිල්ලුවක් මෙන් කොට මිනිසෙක් ගේ අවතාර පිලිබඳ මා අසා ඇත්තෙමි.. යතුර කරකවා රථයේ head light ක්‍රියාත්මක කල විට දුටු දෙයින් හිත ගැස්සුනත් පසුව මටම තනිවම සිනහා ඇති විය.. ඒ වූයේ දෙපා අහිමි හිගන්නෙකි.. ඒ නිසා ඔහු අත් වලට වාරු දෙමින් ගමන් කරයි ..

හදිස්සියෙ ම පොලිස් රේඩියෝ වෙන් ඇසුනේ අපට සම්බන්ධ ඇමතුමකි..
" ඇමතුම ලැබෙනවා ඕවර්"
" දිවුලපිටිය දන්වැල්කටුව road එකෙ ගෙදරක කලබලයක් කියල ඇමතුමක් ලැබුනා. ඕවර්"
" ඇමතුම පැහැදිලි ඕවර්"
යාමට අවශ්‍ය මාර්ගයේ විස්තරයක් දුරකථන ක්‍රියාකරු ලබා දුනි ...ඒ වන විට අප හිටියේ දිවුලපිටිය නයිවල පාරේ දිවුලපිටිය ට ආසන්නව නිසා වහාම ක්‍රියාත්මක වූ මා රථය පන ගැන්වු විගසම අනෙක් දෙදෙනා ද නැග ගොඩ විය..
" මොකක්ද අවුල"
" සර්ච් ඔඩර් 1ක් ආවා "

ලැබුනු මග පෙන්වීමට අනුව ගමන් කලද අප ඇදුනේ තරමක් පාලු ප්‍රදේශයකට ය.. එවැනි පැත්තකින් ඇමතුමක් ලැබුනේ යැයි ඔවුන් විස්වාස නොකරන අයුරින් මා දෙස බැලුවේ මග නිවැරදි ද යැයි අසන්නට මෙනි. එහි ගෙවල් තිබුනේ තරමක් ඈතින් ය.. රතයේ රෝද වලට ගුරු පාරේ බොරලු පොඩි වන හඩ මහ හඩින් ඇසෙන්නෙ අපත් පරිසරයත් නිහඩ බව රකින නිසාවෙනි . නගරයක් ආසන්නයේ මෙතරම් පාලු තැනක් දැක්කාමද මන්දා කියා සිතේ.. මෙවැනි පාලු තැනක කුමන අපරාධයක් විය නොහැකිද.
ඉදිරියට ඇදුනු රථයේ වෙනසක් දැනුනි.. ඒ එක් රෝදයක හුලං අඩු වීම බව වටහා ගැනීමට මහ වේලාවක් ගත වූයේ නැත..
" ශික් පන්ච් 1ක් බන්"

රතය නවතා වහාම ක්‍රියාත්මක වූයේ ලැබුනු රාජකාරි වැඩය ප්‍රමාද වන නිසා ය. මා ලීවරය යොදා රථය ඔසවන තෙක් එකෙක් අමතර රෝදය සූදානම් කලේය. අනෙකා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තවත් සිගර්ට්ටුවක් දල්වාගෙන ටෝර්ච් එක අල්ලා සිටියේය..
අප මේ කරන සියල්ල කවුරුන් හෝ කැලෑව ඇතුලත සිට බලා සිටින සේ මට දැනුනේ ඇයි දැයි නොදනිමි... ඒ සැකය තහවුරු කරන්නට මෙන් කැලය තුලින් කොල පොඩි වන හඩක් ඇසුනි.. හැරී බැලුවද අන්ධකාරයෙ කිසිවක් නොපෙනෙන නිසා...
" මචන් අරහෙට ටෝර්ච් එක අල්ලපන් ටිකක්..." මම කීවෙමි.
" ඇයි බන්..." ඔහු ලන්ද දෙසට ආලෝකය යොමු කරමින් ඇසීය..
" නෑ පොඩි සද්දයක් ඇහුන"..
" ඉක්මනට ඕක මාරු කරපන් මන් පොඩි pump එකක් අල්ලල එන්නම්"
කියා අනෙකා ගියේ මට ශබ්දය ඇසුනු දෙසටයි... ඔහු වැලැක්වීමට යැයි සිත කීවත් එයට සධාරණ හේතුවක් මට නොවීය ...
රෝදය මාරු කර අවසාන වන විටත් කැලයට ගිය සගයා නැති නිසා මට ඒ ගැන සෝදිසි කිරීමට අවශ්‍ය විය.
" ටෝර්ච් එක දියන් ටිකක්"

අනේකාගෙන් පන්දම ඉල්ලා ගෙන ඒ දෙසට ඇදුනෙමි. වේලුනු තේක්ක කොල පොඩි වන විට නැගෙන ශබ්දය වැලැක්වීමට නොහැකි විය.. කොල උඩින් යමක් ඇදී යන ශබ්දය ක් ඇසී වහාම පසු පස හැරුනෙමි... මට තරමක් ඉදිරියේ ටෝර්ච් එලියට දිලෙන දියරයක් දැක ඒ දෙසට ඇදුනේ වට පිටාව සෝදිසි කරමිනි...
" මොනවා .... ලේ...."

තත්පරයක් ගත වූයේ නැත... නැවත පිටුපසින් ශබ්දයක් ඇසිනි හද ගැස්ම පුදුමාකාර ලෙස වැඩි විය ඒ බල්ලෙක් ද නරියෙක් ද මා නොදනිමි ටෝර්ච් එලියෙන් ජිල්බෝල මෙන් දිලිසුනු ඇස් වලින් එක එල්ලේ මා දෙස බලා සිටියේ උගේ ලේ පෙරෙන උල් දත් වලින් මාවද මරා දමන බවට අනතුරු අගවන්නට මෙනි.. තප්පර ගානක් බලා සිටි ඌ උගේ ගොදුර වූ හාවාගේ බෙල්ලෙන් ඔසවාගෙන කැලයට පලා ගියේය.

" මොකෝ බන් බය වෙලා..."
" shit... මොන මගුලක් ද බන්... තව පොඩ්ඩෙන් හුස්මත් හිර වෙනවා.. මොකක්ද ඒ ගද අත පෙන්නපන්..."
සැබවින්ම මා බිය විය.. වෙන කල්පනාවක ගිලී සිටිය නිසා එසේ වන්නට ඇත... ඔහු ලගින් සිගරැට් ගදට වඩා වෙනස් ගදක් ආ නිසා මා ඔහු පරීක්ෂා කලේ උගෙ පුරුදු මා දන්නා නිසාවෙනි.
" මුකුත් නෑ බන්.. " ඔහු යමක් සැගවීමට උත්සහ කලේය..
" මෙහෙ දීපන් ඕක... අඩු ගානෙ duty ඉවර වෙනකන් හිටපන්.. මෙහෙ දියන් වැඩ ඉවර වෙලා මගෙන් ඉල්ල ගනින්... "
ඒ වන විටත් කේරල ගංජා සුරුට්ටුවේ අඩක් ම ඉවරය. දැල්වෙමින් තිබූ එය ගසක උලා නිවා සාක්කුවේ දමා ගත්තේ පසුව ඔහුට දෙන අරමුණ ඇතිවය..

....................................................................
රථය සකසා ගෙන සෙමින් සෙමින් ඉදිරියට ඇදෙද්දී පොලිස් රේඩියෝවෙන් ඇසුනු පණිවිඩ අපැහැදිලි විය.. මිතුරා එය සැකසීමට උත්සහ කරන අතර නිහඩ බව කපා මහා අදෝනාවක් ඇසුනි.. යටි ගිරියෙන් කෑ ගසන කෙල්ලක් ද යක්ෂණියක්ද කියා සිතිය නොහැකි තරම් එය බියකරු විය...
"ඇහුනද ඒක"
"මොකක්ද "
"ගෑනියෙක් කෑ ගහනව ඇහුනේ නැද්ද ??"
"කොහෙද කොයි වෙලේද.."

ඔවුන්ට උත්තර දීමට කාලය කෑවේ නැත.. වේගයෙන් ඉදිරියට පැදවුයෙමි වත්තක් මැද තරමක් විශාල දෙමහල් නිවසක් දැක රථය වේගය අඩාල කලේ නියමිත ස්තානයට ලගා වූවා යැයි සැක සිතාය... මොහොතක් ගත වූයේ නැත.. තවත් කෑ ගැසීමක් ඇසිනි.. තප්පරයක් වත් ප්‍රමාද නොවූ මා රථය නවතා ගෙදරට දිවුවේ අනෙකුන්ගේ විරෝධය මැදය..
" කොහෙද යන්නෙ... "
" ඇහෙන් නැද්ද මේ ගෙදර තමයි කෑ ගහන්නෙ " මා තවත් යමක් අසන්නට නතර වූයේ නැත
දුවන අතරම පසු පස හැරී බලද්දී ඔවුන්ද ආයුධ රැගෙන ඈතින් මා පසුපස එනු දුටුවෙමි.. මා මහ දොර අසලට ගොස් අනෙක් දෙදෙනාට නිවස වටෙන් එන ලෙසට සංඥා කලෙමි..
" වහාම දොර අරිනවා අපි පොලීසියෙන් ....."

මා දොරට ගසමින් බෙරිහන් දුන්නෙමි.. ඒ වන විටත් නිවස තුලින් අදෝනාවන් ඇසිනි.. එහි එක්කෙනෙකුට වඩා සිටින බව ඇසෙන හඩවල් වල වෙනස් කමෙන් වටහා ගතිමි... ප්‍රතිචාරයක් නොමැති නිසා වැරෙන් දොරට පයින් ගැසුවෙමි.. උත්සහය නිශ්ඵලය නැවත උරහිසෙන් පහරක් එල්ල කරත්ම එය ඇරි ගියේ මගේ පහරින් නොවේ යැයි සිතෙන තරමට එය පහසුවෙන් විවෘත විය...
සිදුවන්නේ බලාපොරොත්තු වූ දෙය නොවෙයි... නිවස තුල කිසිදු ශබ්දයක් නැත... දැඩි අන්දකාරයක් පමණක් ඇත.. විදුලි පන්දම ඒ මේ අත යොමා බැලුවේ කුමක් හෝ දක්නට බලාපොරොත්තුවෙනි මා සගයින් ද පෙනෙන්නට නැත... මට දක්නට හැකි වූයේ 3.10 ට නතර වූ ඔරලෝසුවක්, පරන තාලයේ දූවිලි බැදුනු සෝෆාවක්, විශාල රූපවාහිනියක්, බිම වැටී බිදී ගිය චායාරූප රැසක් හා මැටි බදුන්, පමණි ... කෙසේ වෙතත් මෙහි කෝලහාලයක් වී ඇති බව නම් පැහැදිලිය..
වේගයෙන් ඉහල පහල යන හුස්ම මටම ඇසෙන තරම් මූසල නිහැඩියාවක් එහි විය... පෙනෙන්නේද විදුලි පන්දමේ ආලෝක ධාරාව පතිත වන තැන් පමනි .. කවුරුන් හෝ මාදෙස බලා සිටින හැගීම නැවත මා සිතට වද දෙන්නට විය..

" කවුද ගෙදර..... හෙලෝ.... කරුණාකරලා අපිට පේන්න එන්න... "
කියමින් මා සීරුවෙන් අඩිය තැබුවත් චිටි චිටි හඩින් වීදුරු කැබලි පොඩි වන හඩ නැගුනි.. මා චලනය වීම නතර කලේ ක්‍රීඊඊඊස් හඩින් දොරක් ඇරෙනු ඇසුනු නිසාය...
" වීරේ ... උබ ඔතනද... අජියා... කෝ බන් උබලා"
මගෙ සගයින් යැයි සැක සිතුනු නිසා මම ඇසුවෙමි... නමුත් පිල්තුරක් නොලද නිසා හඩ ඇසුනු දිසාවට ගියේ රිවෝල්වරයත් සූදානම් කර ගනිමිනි... බාගෙට ඇරි තිබුනු කුස්සි දොර තල්ලු කලත් එහි පිටුපස සැගවි සිටින යමෙක් එයට බාදා කරන්නේදැයි හැගෙන පරිදිම එය නැවත නැවත මා දෙසට තල්ලු විය... හැකි වෙරෙන් එය තල්ලු කර ඇතුලට පැන බැලුවත් එහි කිසිවක් නොවීය..
" මොකක්ද මේ වෙන්නෙ.... "
මම මටම කියා ගතිමි..

පන්දම යොමු කරමින් කුස්සිය ද සෝදිසි කලෙමි.. එහි ද බඩු මුට්ටු පොඩි කර අවුල් ජාලයක් වී ඇත.. පැරැණි දැලි බැදුනු පොරනුවක් ද එය අසලම උඩ එල්ලා තිබූ දර මැස්සක් ද විය.. දර ගොඩ ඇතුලටම ඔබා මිටක් සහිත කැත්තක් ද තිබුනි .
එවෙලෙහිම දොර අසලින් සෙවනැල්ලක් වැනි දෙයක් මාරු වෙනු දුටුවෙමි ... අපරාධකරු කවුරුන් වුවත් තවමත් ඌ නිවස තුල බව සිටින බව පැහැදිලිය.. මා කුස්සියෙන් එලියට එනවාත් සමගම තරප්පු පෙල දිගේ කවුරුන් හෝ දුවන හඩ ඇසීම නිසා මම ඒ දෙසට දිවුවෙමි .. එය කොටස් 2කට සෑදූ පඩිපෙළ කි...පහලට පෙනෙන්නෙ පලමු කොටසේ අග පමණකි.. මා එය දිගේ ඉහලට දිවුවෙමි... නමුත් මට දෙවන කෑල්ලට හැරී පඩියක්වත් නැගිමට නොහැකි විය.. යමක වැදි පස්සට විසි වී වැටෙනවාත් සමගම අත තිබූ රිවෝල්වරයත් විදුලි පන්දමත් අත් හැරී පඩිපෙළ දිගේ රෝල් වි ගියහ.. ක්ෂණිකව නැගිට පහලට දිව ගොස් පන්දම අතට ගත්තත් තුවක්කුව සොයා ගත නොහැකි විය... වැටුනු පාරට ජංගම දුරකථන යේ තිරයද බිදී ගියේ පිටස්තර ලෝකය සමග සබදතා පවත්වාගත හැකි එකම ක්‍රමයද අහෝසි කරමිනි

මා මෙහි කාලය කන විට සොරා පැන ගනීවි යන සැකයත්... තුවක්කුව නැතිව ඉහලට යාමට ඇති බයත්, මගෙ සගයින් දෙදෙනා කොහෙද යන ප්‍රශ්නය ත් ඒ තත්පර කිහිපයක් ඇතුලත මගේ සිත තුල තෙරපන්නට විය.. තවත් බලා සිටිය නොහැක.. කුස්සියට ගොස් දර ගොඩ උඩ තිබූ කැත්ත අතට ගෙන තරප්පු පෙල දිගේ උඩට දිවුවෙමි
" ඔහ් ශිට්..... දෙවියනේ ...."
මගෙ හුස්ම නතර විය... මා කලින් හැපි ඇත්තේ බාල්කයේ එල්ලන ලද මල මිනියකයි.... කොහු ලණුවක අධාරයෙන් එල්ලා ඇති සිරුර පැද්දෙන විට නැගෙන චිරි චිරි හඩ මගෙ ඇගේ රෝම ඩැහැගන්වන සුලු විය... සෑහෙන වේලාවක් හුස්ම සිරවුනු ලකුනු පෙන්වමින් ඔහුගේ මුහුණ අප්‍රසන්න ලෙස විකෘති වි ඇත
" බේර ගන්න.... අනේ... එපා.. එපා... " 

ඒ අර කාන්තා හඩයි.. එය ඇසෙන්නේ ඉහල මාලයෙන්.. මා සිතට දිරි ගෙන මිනිය අතින් තල්ලු කර ඉහලට දිවගොස් උදවු ඉල්ලා කෑ ගැසූ කාමරයේ දොර ඇතුලින් අගුලු දමා තිබූ නිසා අත තිබූ කැත්තෙන් අගුල ඇති තැන පලුදු කර දොර කඩා දැමුවෙමි .
" නෑ නෑ එපා... අනේ අනේ..." මම කෑ ගැසුවෙමි... කාමරයේ මුල්ලට වෙන්න වෙන්න වැටී සිටියේ කුඩා පිරිමි දරුවෙකුත් තුරුල් කර ගත් කාන්තාවකි ... මා කැත්තද බිම දමා ඔවුන් ලගට දිවුවත් පලක් වූයේ නැත.. මේ වන විටත් ඔවුන් සමුගෙන අවසානය..

මා නැගිටින්න හදනවාත් සමගම අත තිබූ විදුලි පන්දම අත් හැරී මැරුණු දරුවාගේ උකුල මට වැටිනි එය ගන්න විට ඇතිවූ සෙලවීමෙන් දරුවාගේ හිස පැත්තට කඩා වැටුනේ මා ක්ලාන්ත කිරීමට ආසන්න වන තෙක් බිය කරමිනි.. තියුණු ආයුධයකින් ඔහුගේ බෙල්ල කපා තිබුනත් කදෙන් වෙන් වෙන්න තරම් කැපී නොතිබූ නිසා පැත්තට එල්ලා වැටී තිබුනි ...
ඔහු තුරුල් කර සිටි කාන්තාවගේ විශාලව විවර වූ දෑස් මගේ උරහිසට ඉහලින් යමක් බලා සිටිදො යැයි මට සිතිනි.
මා පසු පස හැරී බැලුවෙමි කෙලින්ම පෙනෙන්නෙ තවත් කාමරයක දොරකි... දොර යට හිඩසෙන් කකුල් යැයි සැක කල හැකි සෙවනැල්ලක් දක්නට ලැබුනු නිසා මා වහාම ක්‍රියාත්මක වී එහි දිව ගොස් කාමරයට ඇතුල් වීමි.... ම්ම්ම්ම්ම්ම්ම් කිසිදු හැල හොල්මනක් නැත.. සියල්ල නිහඩය ... නෑ එසේ නොවේ ඒ ඇසෙන්නෙ ඉකිබිදීමක් ....
මා දණ ගසා ඇද යටට එබුනෙමි... ගැහැණු ලමයෙක් මට විරුද්ධ දෙසට මුහුණ හරවා අනෙක් කොනට වන්න වැතිරී සිටී...

" බය වෙන්න එපා.. අපි බේර ගන්න ආවේ ..." කියමින් මා නැගිට ඇද වටෙන් ඈ ඉන්න පැත්තට ගොස් හිමින් සීරුවේ දණ ගැසුවේ ඇය බය වේ යැයි සිතා ය.. මා ඇද යටට එබුනෙමි..
" අනෙ අම්මො... ඇති ඇති ඇති... දෙවියනේ එපා...."
මා පස්සෙන් පස්සට බඩගාගෙන ගොස් බිත්තියට හේත්තු වී අත් දෙකෙන් මුහුණ වසා ගතිමි... දුකට බයට පිලිකුලට අප්පීරියාවට මගෙ දෑස් කදුලු වලින් පිරී ඇත...
ඒ පොඩි කෙල්ලගේ මුහුණ චප්ප වන තුරුම යමකින් ගසා තලා තිබුනේ අමානුශික අයුරිනි ....
මා දෑස් වසා එතැනම සිටියේ කල යුතු දේ සිතා ගත නොහැකිවයි... නමුත් වැඩි වේලාවක් එසේ සිටීමට නොහැකි විය..

" ඩෝං ඩෝං ඩෝං ඩෝං ඩෝං" පහල මාලයෙන් ඒ ඇසුනේ එක දිගට පත්තු වූ තුවක්කුවක හඩයි.. මා නැගිට දුව ගොස් එල්ලා තිබූ මිනියද තල්ලු කර පහලට බැස්සෙමි.. එක් පඩියක් උඩ තිබූ මට පෑගුනේ මගේ තුවක්කුව යි.. කලින් නොතිබූ එය දැන් කෙසේ ආවාදැයි ප්‍රශ්නය ක් වුවත් එය අතට ගත්තේ මගේ ආත්ම ආරක්ෂාවට යි..
පඩි පෙල පහලින් ඇදී ගිය ලේ පාරක් තිබුනි ...
" මොනවා වීරේ..... අයියෝ වීරේ වීරේ නැගිටපන් මචන් නැගිටපන්...."
ඔහුගේ ගෙල පපුව බඩ උරහිස පසාරු කරමින් උණ්ඩ කිහිපයක් කිදා බැස ඇත.. ලේ පිරුණු මුඛයෙන් ඔහු යමක් කියන්නට හැදුවත් නිශ්ඵල විය...
" ආ............." මහ හඩින් වීදුරුව ක් බිදී යනවාත් සමගම ඇසුනු ඒ පිරිමි කෑ ගැසිල්ල අවසන් වූයේ " ඩොහ් " යන හඩින් යමක් බිම වැටීමෙනි... නිවසේ පසුපස දොර හරිමින් එලියට දිවුවේ ඒ කුමක්ද යැයි බැලීමටය...

සියල්ල අවසානය... පපුව තුලට කිදා බසින්නට වැදුනු කැත්තක් සහිතව ඔහු මිදුලේ වැතිරී ඇත...ඒ කැත්ත මා දර ගොඩෙන් ගත් කැත්ත බව හදුනා ගැනීමට මට අපහසු නොවීය.
අපරාධකරු කවුරුන් වුවත් මට තනිව සටන් කල නොහැක... මා රථයට දිවගොස් නැවත මූලස්ථානය ඇමතීමට උත්සහ කලෙමි... " "ශික් ශික් ශික්......"
පලක් නැත තවමත් අපැහැදිලි හඩවල් පමනකි ... කිරීමට කිසිවක් නොමැත.. රථය පන ගැන්වූ මා මට හැකි උපරිම වේගයෙන් ලගම පොලීසිය ට රථය පැදවූයෙමි..

.......................................................................
පොලීසිය ට ඇතුල් වන විට වේලාව පාන්දර 3.10 වී තිබිණ
" මොකද මේ , මොනා වෙලාද , ඇයි මේ ලේ"
කාර්‍ය් මණ්ඩලයේ අයගේ කසු කුසු ඇසුනත් මා දිවගොස් වැටුනේ සහය පොලිස් පරීක්ෂක් ගේ මේසය ලගයි..
" මොකද අයිසේ මේ"
" සර්... සර්... " මා දිව ගිලී ඇත මේසය මත තබා තිබූ වතුර වීදුරුව එක හුස්මට ගිල්ලෙමි..
" සර් ... අපේ දෙන්නෙක් මැරුණ සර්.. ඉක්මනට යමු සර්... ඌ පැන ගන්න කලින් යමු... තව හතර දෙනෙක් මරලා දාලා... එක්කෙනෙක් එල්ලලා.. අනික් අය කපලා..."
මා හති හලමින් කෙටියෙන් විස්තර කලෙමි ක්‍රියාත්මක වූ ඔහුත් තව කිහිප දෙනෙකුත් ආයුධ ද ගෙන ජීප් රියට නැග මගෙන් පාර අසමින් වේගයෙන් ගමන් කලෙමු..
මේ සියල්ල සිහිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මා සිටියේ අවසිහියෙන් මෙනි.. නියමිත තැනට ආ බව පැවසුවේද නිලධාරියෙකි...
නිවසෙන් පිටවිය හැකි සෑම තැනක්ම වට කල ඔවුන් මාද කැටුව ඇතුලට ගියෝය... පඩිපෙළ අසල වීරේ ගේ නිසල දේහය එලෙසින්ම විය.. මා ඔවුන් ඉහල මාලයට රැගෙන ගියේ අනෙක් සිරුරු පෙන්වීමටයි

" නෑ නෑ නෑ ඒක වෙන්න බෑ.... කෝ මෙතන එල්ලලා තිබ්බ මිනිය...."
කෑ ගැසූ මා එතන නොනැවතී කාමරයට දිවුවෙමි ...
" වෙන්න බෑ බෑ බෑ... ඒව මෙතන තිබ්බා... මං අල්ලලත් බැලුවා... " ඔවුන් මා දෙස බලා සිටියේ පිස්සෙක් දෙස බලනවා මෙනි... සැබවින්ම මට පිස්සුද... කෝ මෙතන තිබ්බ මිනි... කෝ ලේ...
අවසාන කාමරයට ත් දුව ගොස් ඇද යට බලා එතැනම දණ ගසා ගතිමි... වීරේ ගේ හා අජිත් ගේ සිරුරු හැර සියල්ල අතුරුදහන්

" pc මුගෙ තුවක්කුව අරන් මූවත් චෙක් කරන්න..."
මගෙ තුවක්කුව අතට ගත් කොස්තාපල් වරයා මගෙ සාක්කු වලට අත දමමින් මා සෝදිසි කලේය.
" සර් bullet 1යි තියෙන්නෙ... තව මේකත් තිබුන සාක්කුවෙ...."
ඔහු පෙන්වූයේ මම අජිත් ගෙන් උදුරා ගත් ගංජා සුරුට්ටු කොටයයි....
" අනේ සර්.. ඕක..." කීමට ලැබුනේ එපමනකි යටි බඩටත් කනටත් ගැසූ si මහතා
" තෝ මේව ගහලද යකෝ වැඩ කරන්නෙ.. arrest කරපන් මූව දාපන් ජීප් එකට.."
තරහෙන් ගුගුරනු මට ඇසින

................................................................
මගේ ජීවිතයේ අවසානය මෙය බව මට හැගුනි නමුත් සිදු වූයේ කුමක් ද කෙසේද මම නොදනිමි මම දන්නේ මේ සිදුවීම් අත්භූත බව පමනකි .... කල්පනා සයුරේ ගිලී සිටි මා පියවි සිහියට ආවේ මා අසල සිටි නිලධාරියා ගේ කෙදිරීම නිසාවෙනි..
" මල්ලිට හොදටම ෂුවර් ද මෙහෙන් කෝල් එකක් ආව කියලා..."
ඔව් යැයි හගවන්නට මම හිස වැනුවෙමි..

" හ්ම්ම්ම් මල්ලි කලබල වෙන්න එපා මේක කිවුවට.. ඔය ගෙදර කවුරුත් නෑ... අවුරුදු ගානකට කලින් ගෙදර හතර දෙනෙක් මරල දාලා තිබුන.. සමහරු කියනවා තාත්තම ගෑනි ලමයි මරල ඌත් එල්ලිලා මලා කියලා... සමහරු කියනවා මරපු එකා අතුරුදහන් කියලා.. ඒව ඉතින් උඩ ඉන්න දෙයියෝ තමයි දන්නෙ..."

මා ඔහු දෙසම බලා සිටියෙමි .... එසේනම් මා ඒ දුටුවේ ඔවුන්ගේ අවතාරද... මගේ සගයින් මැරුවේ කවුද.. මා මැරෙන තුරුම එය මට වද දෙනු ඇත

නිමි...

Source:Link

---ආත්මය---


මුලින්ම කියන්න ඕනි මේ කතාව ශුවර් කරන අය විතරක් දැනගත්තම හොදටම ඇති....මොකද මේක සමහරු විහිලුවකට ගනියි...ඒත් මේක මගේ හොදම යාලුවාට උනු ප්‍රශ්නයක් ...යාලුවා කියුවත් ටිකක් නෑ කෙනෙක් අපේ....කතාව පටන් ගන්නෙ මේමයි...
2016.06. මාසේ තමා මේ ඔක්කොම පටන් ගත්තේ එයාලට....ඒ දේට මුහුන දුන්නෙ එයාගේම පව්ලේ අය තමා.. 

නම් ගම් මනක්කල්පිතයි

මගේ යාලුවාගේ නම ගයනි....එයාගේ පව්ලේ ඉන්නෙ තාත්තා..අක්කා...නැන්දා...මාමා...මල්ලි නංගි තමා.....👉 මේ කතාවෙ ආරම්භය නම් ටිකක් ප්‍රෙහෙලිකාවක් තමා.... කමක් නෑ මං කියන්නම්....ගයනිගේ අම්මා නෑ....එයාගේ අම්මා ලෙඩ වෙලා නැති උනේ....එයාගේ තාත්තා රජයේ යම් කිසි ඉහල ජොබ් එකක් කලේ...මෙයාලා නැවතුනේ නැන්දගේ ගෙදර...

ටික කාලයක් ගත උනා 🙄😱මේ ගයනිගේ අක්කගේ ඇගට මියගිය ආත්ම තුනක් වැහුනා...ඒත් ඒ බව ගෙදර අය දැනන් හිටියේ නෑ...ඒ අක්කා හෙනට කෑ ගහනවා ගෙදර අය එක්ක රන්ඩු කරනවා....කෝම හරි එක දවසක් මේ අක්කා ගිහින් තීනවා ගමේ නෑ වෙන කෙනෙක් ගෙ ගෙදර....ඒ ගෙදර ගියාම මේ අක්කා ඒ කට්ටියගෙන් ඌරු මස් දාපු කොත්තුවක් ඉල්ලලා කන්න😳😳 මේ ගැන ඒ ගෙදර මාමට චුට්ටක් සැක හිතිලා ඒ මාමා මේ අක්කව අරන් ගමේ පන්සලට අරං ගිහිම් ....ඒ පංසලේ ලොකු හාමුදුරුවෝ මේ අක්කගෙ ඇගට පිරිත් නූලක් දාලා ආරක්ශාවට.....🙄👉 හම්බෝ මෙතන ඉදම් තමා කතාව රස වෙන්නෙ🤓🙄👉 පිරිත් නූල දාගෙන ආපු මේ අක්කා එක පාරටම හයියෙන් හිනා වෙන්න ගත්තා 😂😂හා හා හා 🙄ගෙදර ඔක්කොම එක පාරම බය වෙලා ....මොකද මේම දේවල් එයාලා සාමාන්‍යයෙන් පිලි ගන්නෙ නැති නිසා....ඊට පස්සෙ ඒ අක්කා ආයේ අඩන්න අරගෙන...ටික වෙලාවක් අඩලා ඉවර වෙලා මගේ යාලුවා එයා ලගට ගිහිම් පිරිත් වතුර ඔලුවේ ගාලා....ඒ අක්කා එක පාරම හූ කියලා ඕක නවත්තපිය කියලා.... 

මගේ යාලුවා ගයනි අහලා ඔයා කව්ද කීලා එතකොට අර අක්කාගේ ඇගේ ඉන්න ආත්මේ කතාව කියන්න අරන්...මං තමා උබලගේ නැන්දගේ නංගි...මාව මං යාලු වෙලා හිටපු එකා විනාස කරා....මගේ බඩට ළමයෙක් ආවම උන්ගේ එවුන් ඒ ලමයා නැති වෙන්න බෙහෙත් දුන්නා මට ...මං වැඩ ඇරිලා ගෙදර ආවම ඌරු මස් ගෙදර පිලි කන්නෙ ඉදම් තනියෙන් උයාගෙන කෑවා....ඒ කාලා මං රෑ වැඩට ගියා....ඒ එනකොට පාලු බෝක්කුව ලගදි මට මහසෝනා ගැහුවා.....තොපේ නැන්දා මගේ මරනේ බලන්නවත් ආවේ නෑ මං කතා කරාම ඒකයි මං වයිරෙන් මැරුනේ......මං මැරෙනකොට මගේ වයස අවුරුදු 23ක්....හරියටම මේ කෙල්ලගේ වයස....

.මං උබෙන් පලි ගන්න ආවෙ ( කියන්නෙ අර නැන්දගෙන් ) වැඩක් නෑ තෝ බැදලා තොගේ මිනිහා ලග ඉන්නවා ඒ නිසා මට උබට ලං වෙන්න බෑ මං මේ කෙල්ලව ලෙඩ කරලා කෝම හරි ඇගට ලං උනා ......දැන් උබලා ඔක්කොම විනාස කරනවා මං කියලා අර මියගිය ආත්මේ ගියා....ඒ එක්කම තවත් කව්දෝ ආත්මයක් ආයේ අර අක්කගේ ඇගට ආවා....ඒ ඇවිත් තියෙන්නෙ මේ අක්කගෙ පුංචි...... එයා මේම කියන්න ගත්තා..... දරුවෝ උබගේ කෙල්ලව ඉකමනට බේර ගන්න නැත්නම් මහ කරදරයක් වෙයි කියලා🙄 කෝම හරි එදා රෑ හරියටම #12 වෙනකොට අර අක්කා මහ හයියෙන් හූ කියන්න ගත්තා.......එයා මෙල්ල කලේ පංසලේ හාමුදුරුවෝ දුන්නු තෙල් වලින් ......ආයේ ටික වෙලාවකින් මේ අක්කට එලියට යන්න ඕනි කියුවා....ගෙදර අය අරං ගියේ නෑ....මොකද එලියට ගියාම අර මියගිය කෙනා මේ අක්කව තනි කර ගන්න නිසා...... කෝම හරි ඒදා දවස ගෙවුනා.....මේ වගේ ඒ ගෙදර අය සති දෙකක් වගේ සෑහෙන්න දුක් වින්දා........උයන කෑම පිලිනු වෙලා.....කූබි වහලා.....මාර දුකක් වින්දේ එයාලා නම්...... එයාලා ගෙදර පිරිත් දාන්න ගියාම නිකම්ම කරනන්ට් එක යනවා....බඩු බිමට වැටෙනවා.....ගොඩක් දේවල් උනා.....
කෝම හරි මේ නැන්දගේ ගමේ අසල්වැසි යෙක් හොද දේවාලයක් තීන තැනක් කියුවා ....මෙයාලා යන්න ලෑස්ති උනාම වාහනේ කැඩුනා....ඊට පස්සෙ අර අසල්වැසි මාමගේ වාහනෙ යන්න පිටත් උනා.......ඒ යන කොට ගොඩක් කරදර උනා......එක පාරම ඒ වාහනේ රෝදේ පැච් එකක් ගිහිම්.....හරියටම සොහොන ලග......පිලිගන්නට් අමාරුයි....අර අක්කා හයියෙන් කෑ ගහනවා දගලනවාලු මාව අතෑරපන් මට යන්න දීපාන් කියලා🙄 කෝම හරි වාහනේ රොදේ දා ගෙන මෙයාලා ගමන යන්න පිටත් උනාලු...වාහනේ හැප්පෙන්න ගිහින් යානතම් බේරිලා තියෙන්නේ........කෝම හරි අර කියුව දේවාලේ ලගට ආවාලු.......එතන අර අක්ක බැහැලා නෑ වාහනෙන් ...එයාට බහින්න බෑ කීලා අඩලා.........ඒත් කට්ටිය කෝම හරි එයාව ඇතුලට අරං ඇවිත්.......ඒ දේවාලේ වැඩ කරන්නේ මෑනියෝ කෙනෙක්.......කාලි මෑනියන්ගෙන්

🙏
මේ මෑනියෝ මුලින්ම කාලි අම්මගෙන් අවසර අරන් අර ආත්මය එක්ක කතා කරන්න අරං ......
මෑනියෝ : තමුන් මේ දරුවගේ ඇගෙන් ගියොත් හොදයි ... නැත්නම් ගොඩක් දුක් විදින්න වෙයි .කාලි අම්මා එක්ක සෙල්ලම් දාන්න උබලට බෑ ඒ නිසා දැන්ම අයින් වෙයන් කියුවා......ර්‍රිට පස්සෙ අර ආත්මය යන්න බෑ මං මේ ඔක්කොගෙන්ම පලි ගන්නවා කියල කෑ ගැහුවා 😕😱😳😁ගොඩක් අමාරුවෙන් ඒ පෙරේත ආත්මය ඒ මෑනියෝ අරන් හිර කරලා දැම්මා සදහටම ......අර ඇගේ හිටපු අනිත් අයව ත් නිදහස් කලා පංසලක් ලගට....මොකද ඒ ආත්ම යහපත් නිසා.......අර වයිරෙන් මැරුනු කෙනාව සදාකාලිකව හිර කරලා මුහුද මැද්දේ සිමෙන්ති දාලා හදපු ටිකක් බර බෝතලයක දාලා විසික් කරන්න කියුවා.....ඊට පස්සෙ ඒ අක්කගේ වත්ත ආරක්ශා කරලා සුරයක් දාල උනු කරදර වලින් නිදහස් කරලා දුන්නාලු.....

Source:Link