මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

20 July 2017

---බෝඩිම---


මේ සිද්ධියත් බෝඩිමකදි සිදුවුණ දෙයක්.බෝඩිම පරණ නිවසක්.එහි හිමිකරු පදිංචි ඒ අසලමයි.ඔහු විසින් ඇතිකළ කුකුළන් කිප දෙනෙක් අපේ බෝඩිමේ හිටියා.මේ කාරණය කිව්වෙ කතාවට සම්බන්ධ නිසයි.

එදා මට මතක විදියට නිදහස් දිනයක්ි.නිවාඩු දිනයක් නිසා ගොඩක් අය ගෙවල් වලට ගිහින්.දුර පළාත් වල ඉඳල ආව අපි 4-5දෙනෙක් ගෙදර නොගියෙ එක දවසකට ගිහින් තේරුමක් නැති නිසා.
ඉතින් හැන්දෑවෙ කට්ටිය නාල කරල ඉවර වුනාම කොහෙදෝ තිබුණ බෝතලයක් එළියට වඩම්මල තිබුණා.කට්ටිය හැමදාම සෙට් වෙන එළියෙ ගහ යට සිසිල් සෙවණෙ ඔන්න කට්ටිය වැඩ පටන් ගත්තා.මං ඉතින් අමද්‍යප නිසා ගෙනත් තිබුණ කඩලයි බැදපු මාළුයි කමින් උපරිම සහයෝගෙ දුන්නා.දැන් ඉතින් සළු වේගෙන එන වෙලාව.

කියන්න අමතක වුණා.ඔතන ඌරු මස් තිබුණා.ඌරු මස් නොකන අයත් හිටියනෙ මං ඇතුළුව.ඉතින් ඒක ගොඩක් ඉතිරියි.ඔතන හිටියා එකෙක්.ඌ ගෙදර ගිහින් ආපහු එද්දි සුරයක් දාගෙන ඇවිත් හිටියා.ඇයි ඇහුවට කිව්වෙ නැ.මිනිහත් ඌරු මස් කන්නෙ නෑ සුරේ නිසා.
ඉතින් ඔන්න දැන් හොඳ සිහිය තියෙන්නෙ මටයි වොචර් අංකල්ටයි විතරයි.එයා බල්ලට බත් දීල එන්නම් කියල නැගිට්ටා.බල්ලට කෑම දාන තැන එහා පැත්තෙ තමයි රෙදි වැල තිබුණෙ.මිනිහා බල්ලට කෑම දීල ගේට්ටුවත් ලොක් කරල ඇවිත් මගෙන් ඇහුවා"වැලේ තිබුණ ඇඳුම් ඇතුලෙන් දැම්මද?" කියලා.

මොකද අන්තිමටම නාලා රෙදි හේදුවේ මං.මං කිව්ව නෑ කියලා."මාර වැඩේ මගෙ යට කලිසම වනල තිබුණා ඒක නෑනෙ"මිනිහා කියාපි.බල්ලා ගෙනියන්නෑ කියලා 200%ක් ෂුවර්.වෙන්න දේකුත් නෑනෙ.ඉතින් කට්ටිය වෙරි මතේම යට කළිසම හොයන මිෂන් එකට බැස්සා.වෙලාව රෑ 9.00ට විතර ඇති ඒ වෙලාවෙ.ගේ වටෙයි ඇතුළෙයි දැන් හොයනවා.අර සුරේ දාපු මෑන් එක පාරම කෑගැහුවා"මෙන්න මෙහේ"කියලා.මිනිහා හිටියෙ ගේ පිටිපස්සෙ ලොකු ගහක් යට.ඒ කෑ ගහනවත් එක්කම එකපාරම ලයිට් ගියා.අරූ එක වරම යටිගිරියෙන් හූ කිව්වා.කට්ටියගෙ වෙරි හිඳිල දැන්.දුවල ගියා කට්ටියම එතන්ට.මූ වැට අල්ලගෙන ඇස් උඩ ඉන්දගෙන මොනවද කියවනවා අසිහියෙන් වගේ.මං ගිහින් අතින් අල්ල ගත්තා."කසුන් කසුන්"කියලා කතා කළත් මෑන් නෙවෙයි හොඳ සිහියට ආවෙ.ඒ එක්කම වොචර් අංකල් ටෝච් එක ගැහුවා බිමට.අර යට කළිසම එතන බිම තියේ.හැබැයි ඒකෙ ලේ ගෑවිලා.ඊට ටිකක් ඉස්සරහ ලොකු රතු කුකුළා බෙල්ල කඩල මරල දාලා.........!

ඒ එක්කම ලයිට් ආවා.අරූ තාම කියවනවා.මායි අල්ලගෙන හිටි අනිකවයි ඇදගෙන මූ යන්න දඟලනවා.බොහොම අමාරුවෙන් කාමරේට ගිහින් දැම්මා.වොචර් ඇඳේම ඉඳගෙන පිරිත් කියන්න පටන් ගත්තා.දැන් මෑන්් සන්සුන්.ඒ අතරෙ අපි ආවා කාපු බීපුවා අස් කරන්න.මාර වැඩේ එතන ඌරුමස් දීසිය නෑ.හොයපංකෝ දැන් ඒක....හොයද්දි වැට මුල්ලක මෙන්න තියේ.හැබැයි කෑලි 3 කට කැඩිලා.මස් ටිකට මොනා වුණාද නෑ...ඕන හු#* කියලා අපි කට්ටිය ආපහු ගෙට ආවා.ලොකු දෙයක් අරූ නිදි.අපිත් ඉතින් ඇලට් දැම්මට කාටවත් හරියට නින්ද නෑ.

මං අඩ නින්දෙ හිටියෙ.රෑ දෙගොඩහරියෙ අරූ ආයෙමත් හූ තිබ්බා.කට්ටියට අයෙත් උඩ ගිහින් ඇහැරුණා.මූ දොර අරින්න ට්‍රයි එක.වැඩේ හරියන්නැති නිසා අමාරුවෙන් මේකාව ඇදගෙන පන්සලට ගියා.පන්සල තියෙන්නෙ ළඟ හොඳ වෙලාවට...හාමුදුරුවෝ පිරිත් කියල නූලක් ගැටගහල පිරිත් වතුර ටිකක් බොන්න දුන්නට පස්සෙ ඔන්න වැඩේ හරි යන්තම්...

පහුවදා උදේ නැගිට්ටම සිද්දිය පැහැදිළි වුනේ.මේකට ගෙදරදිත් මොකක් හරි සීන් එකක් වෙලා.මූ ගෙදර නැතුව හොයද්දි වත්ත පහළ සිහි නැතුව වැටිල ඉඳලා.ඉට පස්සෙ තමයි සුරේ දාල තියෙන්නෙ.මේකා එදා පෙරේත කමට ඌරු මස් කාලා.ඉතින් යන්තරේ බල බිඳිලා.එදා ගහ ගාවට යද්දී මූ දැක්කලු කළුම කළු මිටිම මිටි මීනිහෙක් අර කුකුළවත් අතේ තියාගෙන මූට විරිත්තගෙන ඉන්නවා.

පස්සෙ ඉතින් ගෙදර ගිහින් ආයෙම යන්තරේ දාගෙන ආවා.පස්සෙ ඉතින් මොන හෙණයක්වත් නෑ....!

Source:Link



---ඇත්තමද මන්දා---


මම මාතර ඉතින් මම A/L කරන කාලේ බෝඩ් වෙලා හිටියේ රාහුලේ යාළුවො 5ස් දෙනෙක් ඉන්නවා බෝඩිමේ අපේ පුරුද්දක් තිබුනා දවසට කම්මැලි නිසා රෑට පොඩි රුමක් දාලා ඇවිත් ආයේ පාඩම් කරනවා දවසක් කට්ටියත් එක්ක එලියට බැස්සේ මොකක් හරි ගොන් වැඩක් කරනවා කරනවා කියලා හිතාගෙනම්යි 

ඉතින් කට්ටියත් එක්ක මාතර මහා විද්‍යාලය පැත්තට යනකොට හම්බ වෙනවා පොදු සුසාන භුමිය මේ කනත්තේ කෙලවරේම තියෙනවා තැබිලි ගස් ටිකක් එකාට එකෙක් බය උනාට කවුරුවත් බය පෙන්නන්නේ නෑ අනිත් කොල්ලෝ එකතුවෙලා බයිට් කරනනිසා කොහොමින් කොහොම හරි කට්ටියම කනත්ත මැදින් අර තැබිලි ගස් තියෙන තැනට ආවා සෙට් එකේ හිටපු හොදම ගස් කාපර්ලා ඩබල තමයි මමයි විමුක්තියි ඉතින් අපි දෙන්න එක ලග තිබුන තැබිලි ගස් දෙකේ නගිනවා අනිත් උන් ටික බිම ටිකක් කොට ගස් දෙකම ලංවෙනවා වගේ කොම හරි උඩටම නැගලා කරුවලේම තැබිලි ගෙඩිය කරකවනවා කොච්චර කරකවුවත් වැඩක්නෑ අත්හැරිය ගමන් ආපස්සට කැරකිලා තිබුන විදිහටම එනවා 

දෙතුන් වතාවක් මෙහෙම උනා දැන් අපි දෙන්නටම මාර සීන් එක නිකමට වගේ දෙන්නම උඩ බැලුවා ගැස්සුන ගැස්සිල්ලට තාවපොඩ්ඩෙන් මම බිම මෙන්න ඉන්නවා දෙයියනේ අඩි 30 ක්විතර උස මිනිහෙක් අපි නැගලා තියෙන්නේ උගේ කකුල් දෙකේ කරකවලා තියෙන්නේ අහවල් එක උ එකපාරටම කකුල් දෙක ගැස්සුවා විතරයි අපි දෙන්නම ලෙස්සලා බිම අනිත් උන් ටික සීන් එක කලිම්ම දැකලා දුවලා 

අපි දෙන්නත් බෝඩිමට අවේ මර විකාරෙන් පහුවදා දෙන්නට හොදටෝම උන නුලක් මතුරලා ආරක්ෂාවකුත් දැම්මා මේ කතාව සම්පුර්ණ ඇත්ත

Source:Link


---භූතාත්මයකට නතුවූ අයෙකු හදුනා ගන්නා ආකාරය---


අද මන් කතාකරන්න හිතුවා භූතාත්මයකු ගේ ග්‍රහණයට නතු උනොත් එම පුද්ගලයාගේ හැසිරීමෙන් එය හදුනා ගන්නේ කෙසේද කියල

අවාසනාවකට භුතාත්මයක් දඩයම්(hunting) කරන්නේ යම්කිසි ස්ථානයක් පමණක් නොවෙයි ජිවත්ව සිටින පුද්ගලයින්වත් දඩයම් කරන්න පුළුවන් භූතාත්මයක් දඩයම් කිරීම හරියට විෂම චක්‍රයක් වගේ මොකද භුතත්මයන්ගේ එන සෘණාත්මක බලය වැඩි වශයෙන් ග්‍රහණය කරගන්නේ මිනිසුන් දක්වන බිය හෙතුකොටගෙනයි එම බිය සමග උපදින අදහස් නිසා ඔවුන්ගේ සෘණාත්මක බලය තවත් වැඩි කරයි එසේම මොවුන් එක පුද්ගලයෙකුට පමණක් නොවෙයි එකවර පුද්ගලයින් කීපදෙනෙකුට උනත් දඩයම් කිරීමට හැකියාවක් තියනවා
ඉතින් මෙයින් පසුව වටහාගත හැකිවේවි යම්කිසි පුද්ගලයෙකුට මේ දේ ඇතිවුනොත් එය හදුනා ගන්නේ කෙසේදැයි කියල

ඉවත් කර දැමීම - (Withdrawal)

යම්කිසි පුද්ගලයෙක් භුතත්මයක් විසින් ග්‍රහණයට ගත් මුලික අවස්ථාවේදී සිදුකරන්නේ ඔහු හෝ ඇය නිවැසියන්ගෙන් ඈත් කර තැබීමයි උදාහරණයක් වශයෙන් එම පුද්ගලයා නිවැසියන්ගේ ආශ්‍රයෙන් ඉවත්ව තනියෙන් සිටීමට ආශාකරයි ඒ වගේම කතාබහත් වෙනදාටත් වඩා බොහෝසෙයින් අඩුයි

කෝපය / අමනාපය ( Anger/Resentment )

මෙම පුද්ගලයා හේතුවක් නොමැතිව නිවැසියන් සමග කලහකාරී වේ අමනාප වේ නමුත් මෙසේ වන්නේ ඇයි කියලා ඔහුට හෝ නිවැසියන්ට අවබෝධයක් නෑ.

තමාගේ දයිනික ක්‍රියාකාරකම් වලට තිබෙන උනන්දුව අඩුවීම (Lack of Interest in Once-Loved Activities)

මෙම පුද්ගලයා දයිනික ක්‍රියාකාරකම් වලින් ඈත්ව සහ විනොදන්ශයන්ගෙන් ඈත්ව හුදකලාව විසීමට කැමැත්තක් දක්වයි

රාත්‍ සිහින සහ අදුරට ඇති බිය (Recurrent Nightmares and Night Terrors)

පසුව මෙම පුද්ගලයා රාත්‍රී බියකරු සිහින දැකීමට පෙළබේ මෙම අවස්ථාවේදී ඔහු හෝ ඇය අදුරට දැඩි බියක් දක්වන අතර
හිටි ගමන් අවදි වී කෑ මොර දෙයි

ශරීරය මත අනපේක්ෂිත සිරීම් ලකුණු ( Unexplained Marks on the Body )

ඔහුගෙන් හෝ ඇයගෙන් සිදු නොවූ අනපේක්ෂිත සිරීම් හා තැල්ම වැනි දෑ ඇතිවිය හැකිය

ගුප්ත විද්‍යා යන්ත්‍ර මන්ත්‍ර පිළිබද ක කැමැත්ත (Interest in the Occult/Black Magic)

මෙවැනි අවස්ථාවේදී ඔහු හෝ ඇය ක්ෂණිකව මෙම දේවල් වලට ආශාවක් කැමැත්තක් දක්වයි

අනපේක්ෂිත දුර්වලතා සහ අනපේක්ෂිත සිදුවීම් ( Unexplained Illness and Weakness)

මෙම අවස්ථාව අවසාන අවස්ථාව වන අතර මෙහිදී ඔහු හෝ ඇය අනපේක්ෂිතව සිදුවීම් වලට මුහුණ පෑම් සහ සමේ පැහැය වෙනස්වීම , කටහඩ වෙනස් වීම් , ආශාවන් නැතිවීම , ශරීර බරෙහි අඩුවක් , වමනය , ශරියර දුර්වල වීම්
මෙහි ඇති භයානක කරුණ නම් වැඩි අවස්ථාවන් වලදී මොහුගේ හෝ ඇයගේ මනස ප්‍රකුර්ති සිහිය නොමැති වේ

සිහිය තබාගන්න - මෙම අවසාන අවස්ථාව වනකම් බලාහිදීම ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට ලොකු හානියක් වනවාට සැකයක් නැහැ එක නිසා පළමු දෙවනු අවස්ථාවේදීම මෙය වටහාගෙන කල යුතු යමක් කිරීම ඇත්තෙන්ම නුවනට හුරුයි

Source:Link


---සුදු ගුරුන්නාන්සේ---


‘ඉක්මනට වරෙල්ලා. සිරිපාලට යකා ගහලා’ වැව දෙසින් මතු වූ සියාතුගේ හඬ ගම්මානය පුරාම දෝංකාර දෙන්නට විය. බිම් කළුවර මැකී යන්නටත් පෙර වෙලේ වතුර බැඳීමට යෑම ගැමියාගේ සිරිතය. එදිනත් සුපුරුදු පරිදි සියාතු අමුඩයකින් සැරසී කුඹුරට යෑමට පිටත් විය. වැව් බැම්ම පෙනෙන නොපෙනෙන දුරකින් අඩි පාරේ වැටීසිටි සිරිපාලව සියාතුට දැකගත හැකි වූයේ ඒ අවස්ථාවේය. කටින් සෙම දමමින් උණත් සමඟම සිහිමුර්ඡුා වී සිටි සිරිපාල දකිත්ම සිදුවී ඇත්තේ කුමක්දැයි තේරුම්ගැනීමට සියාතු අයියාට වැඩි කාලයක් ගත නොවුණි. ඒ ගැමියාගේ සහජ ඥානයයි.
ගමේ පිරිමි කිහිපදෙනෙක් සිරිපාලව ඔසවාගෙන ගොස් නිවසේ තැබූහ. ඒ අතර, එක් අයකු දිව ගියේ ගම් කෙළවරට වන්නට පිහිටි සුදු ගුරුන්නාන්සේගේ නිවස වෙතය.
‘ගුරුන්නාන්සේ මාමේ සිරිපාල අයියට යකා ගහලා’

කඩුල්ල පනින ගමන්ම ගැමියා මොර දෙන්නට විය. ගුරුන්නාන්සේ කලබල නැත.
‘ඔන්න ඔය ගහකින් කොළ තුනක් කඩාගෙන වරෙන්’
පණිවුඩකරුවාත්, ¥ත ලක්ෂණ මෙන්ම ගස්වල කොළ කැඞීම වැනි ගුප්ත නිමිති මඟින් කාරණය අවබෝධ කරගැනීමේ හැකියාවක් සුදු ගුරුන්නාන්සේ සතුය.
‘මහසෝනා.......’ ගුරුන්නාන්සේ පැවැසුවේ එපමණකි. කඩිනමින් සිරිපාලගේ නිවසට පැමිණි ගුරුන්නාන්සේ ආතුරයාව පරීක්ෂා කරන්නට විය. ‘මහ යකාට බිල්ල වැරැුදිලා.......යකා ගහලා නෑ... බයවෙලා විතරයි....’ යකා ගැහීම යනුවෙන් හඳුන්වනුයේ ක්ෂණික බිය හරහා ඇතිවන කම්පනයයි. මහසෝනාට බියවීමකදී සුසුම්නාව කැඞී මියයයි. 
‘ඔය තෙල් ටිකක් ගනින්’
තුන්පට නූලක් හා තෙල් පීරිසියක් ගත් ගුරුන්නාන්සේ මහසෝන් දිෂ්ටි පළවා හැරීමේ මන්ත‍්‍රය මතුරන්නට විය. 
ඕම් ශ‍්‍රීම් නිච්චං ප‍්‍රමේශ්වර
කාලි සමයං ඉගිළ යව් යව්
තෝස්වාහඃ
ඕම් අරි අරි ශක‍්‍රාම්
ගුරු ගුරු ශක‍්‍රාම්.......

තෙල් ටික හිස ගා තුන්පට නූල ගෙලට දැමීමෙන් පසු සිරිපාලගේ සිහිමුර්ඡුා ගතිය දුරුවූ අතර ඔහු නින්දට වැටුණේය. ‘මේ කළමනා ටික ලෑස්ති කරන්ඩ, අද ? තොවිලයක් නටන්ඩ වෙයි.’ තොවිලය සඳහා අවශ්‍ය සියලූ කළමනා සූදානම් වන්නේ ඉන් පසුවය.
මහසෝන් සමයම නැටීම උදෙසා තනනු ලබන ‘පංච මැස්ස’ තවත් පිරිසක් තනති. සමයන් වීදිය මැදිකර හතර පැත්තෙන් එක්වන සේ ආරුක්කු සතරකින් යුක්තව තනනු ලබන මල් මඩුව පංච මැස්ස ලෙස හඳුන්වනු ලබයි. රාත‍්‍රිය එළඹෙත්ම මහසෝන් සමයම ආරම්භ විය. 
සුදු ගුරුන්නාන්සේ පූජාව ආරම්භ කරන්නට වූ අතර, පංච මැස්සේ මැද කොටස මහසෝන් යකාට හා මංගර දෙවියන් උදෙසා වෙන් කෙරුණි. මහසෝන් සමයම නැටීමේ දී මංගාර දෙවියන්ට ප‍්‍රධාන තැනක් ලබාදීම සිරිතකි. ඉන්පසු ජය සොහොන්, අමු සොහොන්, පුළුටු සොහොන් හා මහා සෝන් ලෙස ඉතිරි මල් තටු වෙන් කෙරුණි.

මහසෝන් යකා උදෙසා තල කිරිබත්, උණු කැවුම්, ලේ ගොටු, පුළුටු වර්ග ඇතුළත්ව ගොටු 108ක් සූදානම් කර ඒවා පුදදෙනු ලැබීය. මුලින්ම හූනියම් යකාට ආරාධනා කරමින් හූනියම් වීදිය ලෙස නම් කළ පූජාව තබන ස්ථානයට දුම් අල්ලමින් මන්ත‍්‍ර ජප කරද්දී එක් එක් යකුන් වෙනුවෙන් දොළ කැප කිරීම සිදු විය.
වේලාව රාත‍්‍රී දොළහට ආසන්න වෙමින් පැවැතිණි. සුදු ගුරුන්නාන්සේගේ ප‍්‍රධාන ගෝලයා නිල්පාට ඇඳුමකින් සැරසී ඒමත කළු පැහැති තිරයක් ඔතාගෙන දිගු කෙස් වැටියක් සහිත වලස් වෙස් මුහුණක් සහිතව තොවිල්පලට කඩාපැන්නේ බලා සිටියවුන්ගේ ඇඟ කිළිපොලා යන අයුරිනි. වලස් මුහුණේ දිගු දත්ය. 
එහි මුහුණේ ගිනි පන්දමකි. එක් අතක හෙල්ලයකි. කටින් හපාගත් ඇතෙකුගෙන් ලේ පෙරෙයි. බෙල්ලේ මිනී ඔළු මාලයකි. බෙර හඬට නටමින් ආරූඪව දොළ පුදා ළඟට පැමිණ ඒවායේ සුවඳ විඳින්නට විය. 

ඉන්පසු වේගයෙන් ආතුරයා වෙත පැමිණියේ තම නර බිල්ල ගැනීමටය. එහෙත් එතැන සුදු ගුරුන් ඇත. ආතුරයාත් ආවේශයෙන් නැඟීසිටියේ ය. මන්ත‍්‍ර ජප කිරීම ටික වේලාවක් පැවතුණි. 
ඉන්පසු ගිනි පන්දම් දෙකක් අතට ගත් මහසෝන් දිෂ්ටිය වේගයෙන් ආතුරයා වටා නටන්නට විය. එය මහසෝන් දිෂ්ටිය පිටව යෑමට ආසන්න බව හැඟවෙන්නකි.
‘මම දේව අණින්, ඊශ්වරයන්ගේ අණින් තොපට කියන්නේ. මේ නර බිල්ල තොපට කැප නෑ. ඒක අයිති මටයි. ඊෂ්වර දෙවියන් ඒ බිල්ල මට කැපකළා. දැන් දොළ කැපගෙන පිටව යන්න වේලාව හරි’ සුදු ගුරුන් පැවසුවේ අණක් ලෙසය.
‘ඒක මගේ බිල්ල ඒක අයිති මට’
‘දොළ තටු එකසිය අටක් කැප අරගෙන ඉවරයි, දැන් යන්න වෙනවා. ඒක ඊශ්වරයාගේ නියමය’
‘මම යන්නන්’

‘අපි කොහොමද දන්නේ?’

‘පාන්දර එකහමාරට ‘හූ’ තුනක් එක්ක රුක් අත්තන ගහේ දකුණු අත්ත කඩාගෙන යනවා’
පූජාව දිගින් දිගටම පැවතුණි. එකහමාරට ආතුරයා නැඟීසිටියේය. ‘හූ’ තුනක් තබාගෙන මිදුලේ සිටුවා තිබූ රුක් අත්තන ගස අසලට දිව ගියේය. 

ඔහු එතැන සිහි නැතිව ඇදගෙන වැටුණේය. රුක්අත්තන ගසේ දකුණු අත්ත කඩාගෙන වැටුණි.

Source:Link