මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

23 July 2017

---භූතයන් සමඟ අහසින් ගමන් කළ 19 වැනි සියවසේ කඩවසම් තරුණයා---


මෙය ටිකක්‌ පැරැණි කතාවකි. ටිකක්‌ යයි කීවාට අවුරුදු 179 ක්‌ පැරැණි කතාවකි. අපගේ කතා නායකයා වූ ඩැනියෙල් ඩංග්ලස්‌ උපදින්නේ 1833 මාර්තු 20 වැනිදා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ කෝරළයට කිට්‌ටුව පිහිටි කියුරි ගම්මානයේ ය. ඩැනියෙල් ඩංගල්ස්‌ගේ පියා එංගලන්තයේ 'හෝම්' කෝරලයේ දසවන අර්ල්වරයාගේ අනියම් පුත්‍රයා ය. ඩැනියෙල් ඩංග්ලස්‌ ඉතා හොඳ ආර්ථික පසුබිමක්‌ ඇතුව හැදුනේ අර්ල්වරයා සිය අනියම් පුත්‍රයාට හෙවත් ඩංගල්ස්‌ගේ පියාට යහමින් උදව් කළ නිසාය. ඩංග්ල්ස්‌ගේ මව පේනකාරියකි. කුඩා කාලයේ සිට ක්‍ෂය රෝගයෙන් පෙළුණු ඩංග්ලස්‌ ඔහුගේ නැන්දණියක හා මාමණ්‌ඩිය විසින් ඇමරිකාවේ කානෙක්‌ටිකට්‌ ප්‍රාන්තයට ගෙන යන ලදී. ළමා වියේ සිටම ඩංග්ල්ස්‌ පසුපස භූතයෝ පැමිණෙමින් සිටියහ. සිය නැන්දා සහ මාමා සමඟ කෑම මේසයට ඔහු හිඳගත් සැනින් භූතයෝ මේසය සොලවන්නටත් පුටු පෙරළන්නටත් කෑම පිඟන් අහසේ පා කරන්නටත් පටන් ගත්හ. සමහර විට ඩංග්ලස්‌ සාලය මැදින් යන විට පුටුවක්‌ ඔහු පසුපස ඇදී ආවේය. ඇතැම් විට මේසයක්‌ පුටුව පසුපස පැමිණ පුටුව ආපසු ගෙන ගියේය. මෙය ඉවසිය නොහැකි තැන නැන්දා මේ කුඩා ළමයා ගෙදරින් පන්නා දැමුවාය.

 1850 වන විට භූතාත්ම, මළ පෙරේතයන් සහ භූත විද්‍යාව පිළිබඳ විශාල උනන්දුවක්‌ ඇමරිකාව හරහා පැතිර ගියේය. ඩංග්ලස්‌ගේ හොඳ කාලය එන්නේ මේ අතරය. ඒ වන විට 19 හැවිරිදි තරුණකු වූ ඔහු කනෙක්‌ටිකට්‌ ප්‍රාන්තයේ ධනවත් පවුල්වල රූමත් කාන්තාවන්ගේ ඉන්ද්‍රජාලික යෞවනයා විය. ඔහු කළේ පුදුමම පුදුම වැඩකි. ඒ වූ කලී අහසේ ගමන් කිරීමය. මේ වන විට තම සීයා වූ අර්ල්වරයාගේ හෝම්ස්‌ පෙළපත් නාමය රැගෙන සිටි ඩැනියෙල් ඩංග්ලස්‌ අහසේ යන තරුණයා ලෙස මහත් ගෞරවාදරයට පාත්‍ර විය. අහසින් යැම පිළිබඳ ඩංග්ලස්‌ගේ පළමුවැනි අත්දැකීම මෙසේය. 1852 අගෝස්‌තු මාසයේ දවසක කනෙක්‌ටිකට්‌ ප්‍රාන්තයේ ධනවත් සිල්ක්‌ වෙළෙන්දකුගේ මන්දිරයේ පැවැති සාදයකට ඔහු සහභාගි වෙමින් සිටියේය. හාර්ට්‌ෆර්ඩ් ටයිම්ස්‌ නමැති පුවත්පතේ කර්තෘවරයා ද මෙම සාදයට එක්‌ව සිටියේය. කර්තෘතුමා භූතයන් සහ ප්‍රේතයන් ගැන මහත් සැකයෙන් සිටි කෙනෙකි. කර්තෘතුමා භූතයන් නොපිළිගන්නා බව ඇසූ ඩංග්ලස්‌ ඔහු පුදුමයට පත් කරන්නට තීරණය කළේය. එතැන් සිට කතාව කර්තෘතුමා අපට කියන්නේ මෙසේය. "සාදය මැද සිටි ඩංග්ලස්‌ හිටි හැටියේම පොළොවෙන් උඩට යන්නට විය. ඔහුගේ පාද පොළවෙන් අඩි දෙකක්‌ පමණ උසින් එල්ලා වැටෙමින් තිබිණි. ක්‍රමයෙන් උඩ ගිය ඔහු නැවත පොළොවට පහත් වී යළි උඩගොස්‌ ගෙයි සිවිලිම ස්‌පර්ශ කරමින් නැවතී සිටියේය. ඊළඟට ඔහු තම හිස සීලිමේ ගැවුවේය. අනතුරුව ක්‍රමයෙන් පහත් වී මහපොළොව මත සිට ගත්තේය. ඩංග්ලස්‌ මෙබඳු අවස්‌ථාවල සිටියේ කිසියම් මෝහනීය තත්ත්වයකය. පසුව දැනගත් පරිදි එබඳු වේලාවලදී ඔහු භූතාත්ම සමඟ එකඟත්වයකට පැමිණ සිටියේය. පසුව ඇමරිකාවේම බොස්‌ටන් ප්‍රදේශයේ පදිංචිය සඳහා ඔහු ගිය අතර, ඔහුගේ හැකියාවන් වඩාත් පුළුල් තත්ත්වයකට පත්වන්නේය. ඔහුගේ හැකියාවන් ඇසූ ඇමරිකානුවෝ සතර දිසාවෙන්ම ඔහු බැලීමට පැමිණියහ.

ඔහු අත්ල දිග හැරගෙන සිටින විට භූතයන් පැමිණ ඔහුගේ අත්ල මත පණිවුඩ ලියා ගියහ. ඒ පණිවුඩ අන් අයට කියෑවීමට හැකි විය. සමහර විට ඇතැම් පණිවුඩයක්‌ ලියා ගොස්‌ තිබුණේ එතැන සිටි අයකුගේ මළගිය පියා හෝ මවය. තවත් විටෙක ඔහු රැස්‌ව සිටි අයකුගේ මියගිය මවගේ භූතාත්මය සිය සිරුරට ආවේශ කර ගෙන කතා කරන්නට විය. ඩංග්ලස්‌ට වැඩ වැඩි වූ බැවින් ඔහුට මානසික නිදහසක්‌ අවශ්‍ය බව වෛද්‍යවරු කීහ. ඒ මන්ද යත් භූතාත්මයක්‌ නිතරම ප්‍රවේශ වුණේ ඔහුගේ මනසටය. එය මහත් විඩාවකි. සමහර විටෙක ඔහුගේ මනසට ඇතුළුවන භූතාත්ම දෙකක්‌ එකවර කතා කරන්නට ගොස්‌ කළහ කර ගත්හ. මේ නිසා විවේකය ලබා ගැනීම සඳහා 1855 මාර්තු මාසයේදී විසි දෙහැවිරිදි ඩංග්ලස්‌ එංගලන්තය බලා යැමට නැවකට ගොඩවිය. නැවේදී ද ඔහුට නිදහසක්‌ නොවූයේ ඔහු ගැන අසා තිබූ වංශවතුන් කිsපදෙනකු නැවේ සිටි නිසා ය. දිනක්‌ ඔහු නැව් තට්‌ටුව මත ආදිපාදවරයන් සමූහයක්‌ සමඟ සිටින විට භූතාත්මයක්‌ පැමිණ ඔහුගේ අතට මල් කළඹක්‌ දුන්නේය. අනතුරුව එය රැගත් භූතාත්මය ඩංග්ලස්‌ අසල සිටි වංශාධිපති කාන්තාවකගේ හිස අසල එම මල් කළඹ තැබුවේය. මේ කාලයේදී එංගලන්තයේ ජීවත් වූ චාල්ස්‌ ඩිකන්ස්‌ නමැති කීර්තිමත් ලේඛකයා භූතයන් සහ මළ පෙරේතයන් ගැන විශ්වාස නොකළ අතර ඩංග්ලස්‌ගේ ක්‍රියා ගැන අසා කෝපයට පත්ව සිටියේය. ඩංග්ලස්‌ එංගලන්තයට පැමිණි බව ඇසූ ඔහු ඩංග්ලස්‌ හමුවීමට ගියේය.

මේ මොහොතේදී ඩිකන්ස්‌ පුදුමයට පත් කරවමින්, භූතාත්ම පිරිසක්‌ පැමිණ ඩංග්ලස්‌ අතට මල් පොකුරු දෙමින් සහ ඒවා නැවත රැගෙන යමින් විවිධප්‍රසංගයක්‌ පැවැත්වූහ. ඩිකන්ස්‌ එය පිළිගැනීමට මැලි වූ නමුත් ඩංග්ලස්‌ යනු විස්‌තර කළ නොහැකි සංකීර්ණ රහස්‌ සහිත මිනිසකු බව කීවේය. භූතාත්ම සමඟ සම්බන්ධකම් පැවැත්වීමේදී කිසියම් පිවිතුරු බවක්‌ අවශ්‍ය බැවින් ඔහු ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමෙන් පවා වැළකී සිටියේය. එක්‌තරා අවස්‌ථාවකදී කතෝලික පූජකයකු විසින් රවටා ගන්නා ලද ඩංග්ලස්‌ භූතාත්ම සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීමට පවා උත්සා කළේය. එවිට ඔහු සිටියේ ප්‍රංශයේය. එහෙත් III වැනි නැපොලියන් අධිරාජ්‍යයාගේ ඉල්ලීම මත තවදුරටත් භූතාත්ම සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඔහු තීරණය කළේය.

 ප්‍රංශයේ ගත කළ කාලයේදී ඔහුට කදිම තරුණියන් මුණ ගැසිණ. තරුණ ඩංග්ලස්‌ සහ තරුණිය සිය පළමුවන බැල්මෙන්ම ආදරය හුවමාරු කර ගන්නා ලදී. රුසියාවේ සාර් නිකුලස්‌ රජුගේ ඥාති දියණියක වූ ඇය පළමු හමුවෙන් දින 12 කට පසු ඔහු සමඟ විවාහ විය. ඔහුගේ දෙවැනි මනාළයා වූයේ සුප්‍රකට ප්‍රංශ ලේඛක ඇලෙක්‌සැන්ඩර් දියුමා ය. එහෙත් විවාහයෙන් වසර තුනකට පසු ක්‍ෂය රෝගය වැළඳීමෙන් ඇය මියගියාය. ඒ වූ කලී මුළු මහත් යුරෝපය පුරාම ක්‍ෂය රෝගය පැතිර ගිය කාලයකි. ඩංග්ලස්‌ අහසේ ඇවිද්දේ කෙසේද? ඔහුම කියන පරිදි භූතාත්ම ඔහුගේ කිහිලිවලින් අත් යවා ඔසවාගෙන එහා මෙයා ගෙන ගියහ. සිය ජීවිතයේ අවසාන කාලයේදී රුසියාවට ගිය ඔහු භූතයන් සමඟ වූ සියලු හාදකම් අත්හැර සාමකාමී මිනිසෙක්‌ ලෙස 1886 ජුනි 21 වැනිදා මළේය.

 අනුර සොලමන්ස්‌

---හයර් එක---


ඊයෙ හවස පොඩි ඩ්රිංකල් පාටියක් සෙට් වුණා. කොල්ලෙක්ගෙ අයියා රට ගියා...ඕක තමා බීමට වස්තු බීජය වුනේ. මම පහු ගිය දවස් ටිකේම ඉතිං හොල්මන් කතාවක් හොය හොය පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ.... ගමේ කැරකුණා.අන්තිමට සොයන්නාට හම්බවුණා.ඉතිං අපි කොහොම හරි ගේමට සෙට් වුනා... කොල්ලොන්ට ලොකුම ගැටලුව බ්‍රැනඩ් එක මොකක්ද කියලනේ.... බ්‍රැන්ඩ් එක තමා ගැලරියක්... 😍බොතලේ ගෙනාව කොල්ලගෙ අයියා පහු ගිය දවස් වල ගමේ නම ජාත්‍යන්තරේට අරන් ගියා. මොකද අවුරුදු 2ක් රට ඉදලා ගෙදර එද්දි බදින්න හිටපු කෙල්ල පැනල ගිහිල්ලා... ඒ හින්දා උ හෙන famuse වුණා. කෙල්ලොනේ....ඔහොම්මමනේ.... හැටිනේ....😂😂😂.
මම ප්‍රතිපත්තියක් විදියට බොතලේ කඩන්නැ... ඒ හින්දා වෙන එකෙක් පටං ගත්තා මැච් එක ගහන්න. බොතලේ ගෙනාපු එකා හෙන අවුලක ඉන්නෙ කියලා මට තේරුනා. උ වැඩිය මගේ බොක්කක් නෙමේ..
අනිත් පොර මන් ගැන හොදට දන්නවා... උ තමා බොතලේ open කරේ.... උ තමා මුලින්ම කතාව ඇද්දේ...
"අඩෝ මේ දින්නා ඉන්නවා නේද.... උ හෙන කතා කාරයා.... අර අයියගෙ සිද්දිය කියහංකෝ මුට"
නිකන් සූජීව ප්‍රසන්න ආරච්චි හදුන්වලා දුන්නා වගේ මාව අරූට හදන්වලා දුන්නා. දැන් අරු කතාව කියනවා.
"මචන් අයියා බදින්න හිටපු කෑල්ල පැනල ගිය අප්සට් එක හින්දා පොර ආය රට යන්නැ කිවයලා පොඩි වීල් කෑල්ලක් අරන් හයර් දුව දුව හිටියා.පස්සෙ කර්මාන්තපුරේ night එක වැඩ කරන්නත් ගියා. පොර මන් වගේ නෙමේ.... අවංක මිනිහා... ඌ ගාව නැනෙ ඔය කුපාඩි ගති"
ඔහොම කතාව යද්දි අපි දෙවනි ෂොට් එකත් ලග නැමුවා... අරූ දිගටම කතාව කියනවා.....
"ඉතිං අයියා දවසක් වැඩ ඇරිලා එද්දි පාර අයිනෙ කෙල්ලෙක් හිට ගෙන ඉන්නවාලු.... පාන්දර 2ට විතර. මිනිහ හොල්මන් ගැන එහෙම වැඩිය විස්වාස කරන පොරක් නෙමේ... යකාටවත් බයත් නැ... කිසි කලබලයකුත් නැ... මු පාඩුවෙ ගෙදර ආවා...ඔහොම දවස් දෙකක් තුනක්ම කෙල්ල ඉන්නවා දැක්කලු. එක දවසක් වීල් එක එද්දි එක පාරම මේකි පාරට පැනලා. වීල් එකේ ගෑවි නො⁣ගෑවි තමා බේරිලා තියෙන්නෙ.."
"නෑ..... ඉතිං ඉතිං....."
මම බයිට් කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන් පොරව උනන්දු කරා නැත්තන් හරි නැනේ.....😂
" ඉතිං මේකි බස් එකට පරක්කු වෙලා.... ඒකයි දඩ බඩ ගාලා පාර පැනලා තියෙන්නේ....කොහොම හරි බස් එක ගිහින්.... අයියත් වීල් එක කැලේට කපල බේරිලා තියෙන්නෙ. පස්සෙ කෙල්ල වීල් එක ගාවට ඇවිත් වීල් එකට එබුනලු. අයියා කියනවා නිකන් ලාම්පුවක් මූණට කිට්ටු කරා වගේ වීල් එක එලිය වුනාලු. කෙල්ල කිව්වලු....
"අනේ සොරි මට බස් එක අල්ල ගන්න හදිස්සිය⁣ට ආවෙ පාර බලන්න බැරි වුනා" කියලා.
අපේ අයියගෙ සෙවල ගති නැ මචන්... ඌ ඊට පස්සෙ
"ආහ් හරි අවුලක් නැ නංගි... කාටවත් කරදරයක් නැනේ.... පරිස්සමින් යන්න"
කියලා අහපවු එන්න හැදුවලු.එතකොට අර කෙල්ල ආයෙත් කිව්වලු
"අනේ අයියෙ අන්තිම බස් එක තමා මගෑරුනේ.... තරහ නැතුව මාව ටවුන් එකට ඇරලවනවද මම හයර් එක දෙන්නම්" කියලා.
කාට වුනත් ඉතිං ප්‍රශ්නයක් වුන වෙලාවක්නෙ කියලා අයියත් ගිහින් දාන්න කැමති වෙලා. යනකන් ඉතිං දෙන්න චැට් එකක් දාගෙන ගිහින්. දෙන්න ෆුල් ඕපන් කතා කරලා තියනවා. ඒ හින්දා පට්ට ෆිට් වෙලා. අයියත් හෙන ගති පොර ඉතිං ⁣කොහොම හරි කෙල්ල අහලා තියනවා
"අයියට පුලුවන්ද හැමදාම මේ හයර් එක යන්න" කියලා.
රු300 විතර හයර් එකක් අයියත් හා කියලා.
පස්සෙ දිගටම හයර් එක ගිහින් තියනවා. කොහොම උනත් අයියා කවදාවත් ඒ කෙල්ලගෙ නම්බර් එකක් වත් ඉල්ලගෙන තිබ්බෙ නැ. මොකද පොරගෙ හිතේ වෙන කිසිම අදහසක් තිබිලා නැ.... කොහොම හරි ටික දවසක් ⁣ඔහොම යන කොට දෙන්න අතර මොකක් හරි දෙයන් ඇති වෙලා තියනවා. අයියගෙ boot mood සම්පුර්ණයෙන්ම නැති වුනා. පොර මාර හැපි එකේ හිටියෙ. ඒ කෙල්ලත් මාසයකින් රට යනවා කියලා මූත් අහපවු රට යනවා කියලා මට කිව්වා. රට යන වැඩ ටිකත් ආය කතා කරලා හදාගෙන හිටියේ... මට තේරුනා දෙන්නා ලව් තමා කියලා. ඒ්ත් කවදාවත් ඒක ගැන දෙන්නා කතා කරලා තිබුනෙ නැ."
කතාව ඉතාම සංවේදි වේගෙන ආවේ ඒ අස්සේ අපේ එකෙක වෙරි මර ගාතේ පට්ට ඉමෝසනල් වෙලා පස් කකා අඩනවා. මට ඉතිං අදාල නැනෙ.... මම දිගටම අඩිය දානවා. අරූ තාම මංගල සොට් එකවත් නොදා කතාව කරනවා.
"එක දවසක් කෙල්ල කියලා තියනවා අයියට ඒකි අයියා ගැන බලාපොරොත්තුවක් තියන් ඉන්නවා කියලා. අයියත් කැමැත්තෙන් හිටියට එයාගෙ කටින් ඒ වචන ටික බලපොරොත්තු වෙලා නැ. ඒ හින්දා මිනිහට කෙලින් උත්තරයක් දෙන්න බැරි වෙලා. මිනිහා කියලා හෙට කියන්නම් කියලා. කොහොම හරි හෙටත් උදා වුනා... එදා අයියා වැඩ ඇරිලා යන්න හදද්දිම වීල් එකෙ රෝදෙ හුලන් ගිහින්.... කරන්න දෙයක් නැනෙ. මු වීල් එක ෆැක්ටරියෙ දාලා මට කොල් කරා ඉක්මනට අසංකයාගෙ වීල් එක අරන් වරෙන් කියලා
මම කිව්වා
"ගෙවල් ගානෙ යන්න බැ බං මේ පාන්දර. බයික් එකේ එන්නම්"කියලා.
එත⁣කොට මට කිව්වා
"එපා බං අර කෙල්ලව ගිහින් දාන්න ඕනෙ උබ එන ගමන් තිහේ ඇල වංගුවෙ නයිට් කඩේ ගාව ඒ කෙල්ල ඇති. මම කිව්වා කියලා ඒකිවත් දාන් වරෙන්" කියලා.
මමත් ඇදලා ආවා නයිට් කඩේ ගාව අද ටිකක් වැඩියෙන් සෙනග ඉන්නවා මම දැක්කා. ඒත් එක්කම කොල්ලෝ දෙන්නෙක් පාරට පැනලා වීල් එක නැවැත්තුවා. එක පාරම දඩ බඩ ගාලා මුන් කෙල්ලෙක්ව පැටෙව්වා වීල් එකට.
"මල්ලි ඉක්මනට හොස්පිටල් යමන්....."
කියලා මුන් කෑ ගැහුවා.... මමත් ආතක් බූතක් දන්නැ වීල් එක අරන් ආවා. මම ඇහුව මචන් මොකෝ සිද්දිය කියලා.
මුන් කිව්වා
"බලහන්කො මල්ලි මේ නයිට් නඩේ වැඩ කරපු කෙල්ලව බයික් කාරයෙක් වද්දන් ගිහින් නෙ" කියලා.
බඩු බනිස් නෙ.. මට සුවර් මේ අර කෙල්ලමයි කියලා. ඉතිං මම ටිං ගාලා cl එකක් ගහලා අයියට සීන් එක කිව්වා. මූත් මගින් වීල් එකට නැග්ගා. අපේ එකාගෙ කරුමෙට හොස්පිටල් යද්දිත් කෙල්ල නැති වෙලා. මූ හොස්පිටල් එක දෙක කරලා ඇඩුවා.
කොහොම හරි මල ගෙදර වැඩ වලටත් මූ බැහැල සප් එක දුන්නා. පස්සෙ ටික දවසක් ඉදලා මූ වැඩට ගියා. වෙනක එන වෙලාවටහ ගෙදර ආව මූ ඇදේ වාඩි වෙලා හොල්මනක් දැක්ක වගේ බලා ගත්ත අත බලාගෙන ඉන්නවා. මමත් ඇහැරලා ඇහුවා ඇයි කියලා.
"අර කෙල්ල වීල් එකට නැග්ගා බං"
මම අමු හොල්මන් වුනා.
" තොට පිස්සුද යකෝ...."
"අම්මා පල්ල ඒකි වීල් එකට නැග්ගා. මම ඒකිට කිව්වා රට යන දවස වෙනකන් දිගටම ඒකිව එක්කන් යනව කියලා ඉතිං මම පොරොන්දුව ඉස්ට කරන්න ඕනෙ නිසා අදත් හයර් එක ගියා"
එහෙම කියලා මූ නිදා ගත්ත. ඒත් මට නම් එලි වෙනකන් නින්දක් නැ. මූ දිගටම රෑට අර හොල්මනක් එක්ක හයර් එක ගියා. මූ එන්න එන්න ඇට සැකිල්ල වගේ වුනා. මට මේක ගැන කාටවත් කියන්න එපා කියපු නිසා කට වහන් හිටියා. එත් මම හිටියේ මාර බයකින්. කොහොම හරි මු පෙරේදට කලින් දවසේ හරි සතුටින් ගෙදර ආවා. ඇවිත් කිව්වා
"අපි අනිද්දා රට යනවා"
කියලා. ඉතිං කිව්වා වගේම ඊයෙ රට ගියා.ඒ වෙනකන් හැමදාම පුරුදු විදියටම මැරිච්ච කෙල්ල එක්ක හයර් එක ගියා. මු තමා හොල්මනක්ගෙ හයර් එකක් දුවපු පලවෙනි එකා."
කියලා මු කතාව නවත්තලා කෝප්පෙ අතට ගත්තෙ සොට් එකක් ගහන්න. ඒත් අවාසනාව කියන්නෙ ඒ වෙද්දිත් අත්භුත විදියට බොතලේ ඉවර වෙලා තිබුනා......😂
-නිමි-

Source: Link