මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

24 July 2017

---පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය---


මළ හිරු බැස යද්දී නැගෙන රත් පැහැ හිරු කිරණින් නෙළුම්ගමට ගෙන ආවේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළ`ගට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. නගරයෙන් හුදෙකලාවූ නෙළුම්ගමෙහි ජීවත් වූයේ ගොවිතැනින් දිවිගෙවූ සරල මිනිසුන් පිරිසකි. උදේ රැුයින් අවදි වන මේ මිනිස්සු හිරු එළිය වැටෙන්නටත් කලියෙන් සුපුරුදු රාජකාරිය සඳහා කුඹුරට බසිති.
ඔවුන් යළි කුඹුරෙන් ගොඩට එන්නේ සැ`දෑ කළුවර පොළවට පතිත වූ පසුවය. ඒ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවය. එහෙත් වසරක පමණ සිට ගමේ සියලූ වැඩ කටයුතු අතපසු වන්නට සිදුවූයේ නෙළුම් ගෙදර මැගිලින් ආච්චිගේ අවතාරය ගම වටා කරක් ගැසීම ඇරඹීමත් සමගය.

වසර විස්සකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම ගමේ පැරැුණ්නන්ට නම් හො`දින් මතකය. මැගිලින් ආච්චී කඩිසර අතේ පයේ හයිය ඇති පිරිමින් සමග කරට කර ගොවිතැන් කටයුතු කළ ගැහැනියකි. ගුණේරිස්ගේ බාලම කෙල්ල වූ මැගිලින් උපන්දා සිටම හැදී වැඩුණේ කොල්ලකු ලෙසිනි. ගැහැනු දරුවන් තිදෙනෙකුම වූ පවුලේ පිරිමි දරුවකුගේ අඩුව පිරිමහන්නට මෙන් මැගිලින්ට ගැහැනු වැඩ පෙන්නන්නටවත් බැරිවිය.
කුඩා කල සිටම තම පියා සමග හරිහරියට කැත්තේ උදැල්ලේ වැඩට උදව් වීම හේතුවෙන්ම ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී ගමේ ගොවියන් සමග කරට කර වැඩකරන්නට තරම් ජවයකින් වූවාය.
මැගිලින් තම පියාගේ කරත්තයේ ගොනුන් බැඳ වී ගෝනි ටික පටවාගෙන සැතපුම් කීපයක් ඈතින් වූ මුදලාලිගේ ගෙදරට ගෙනගොස් දී යළි නිවසට එන්නේ පුතකුගෙන් පියාට විය යුතු යුතුකම ඉටු කරමිනි. මෙලෙස කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. මැගිලින් විවාහ වී දරු මල්ලන්ද ලැබුවාය. ඇයද පිරිමියකු මෙන් නිවසේ බර කරට ගෙන කටයුතු කළාය.

උදේ රැුයින් නැගිටින මැගිලින් දරුවන්ගේ වැඩ කටයුතු නිමකර ඔවුන් පාසලට පිටත් කර යවා උදැල්ලද කරේ තබාගෙන තම සැමියාට උදව් වීමට වෙලට බැස්සාය. ළමුන් යළි නිවසට එන වේලාව තෙක්ම ඇය හරි හරියට මඩ පොළෙව හා ඔට්ටු වූවාය. එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වූවා සේම ඇගේ ගතේ සවි ශක්තිය ඇති තාක්කල් ඇය තම යුතුකම් එලෙසින්ම ඉටු කළාය. දරුවන් දීගතල ගිය පසුද ඇය ඇයට කළ හැකි කටයුතු අත්හැර දැමුවේ නැත. කාලයත් සමගින් ගමේ දැනුමැත්තිය බවටද පත් වූයේ ඇයයි.
ඇයට අවුරුදු අසූවක් අනූවක් පමණ වනවිට ඇය හා සම වයසේ සිටි බොහොමයක් පිරිමි මෙලොව හැරගොස් සිටියහ. එහෙත් ඇය උදෙන්ම අවදිව පිරිසුදු රෙද්දක් හැට්ටයක් හැඳ දිග ලීයක් වාරුවට අතට ගෙන කුඹුරේ ළියදි දිගේ ඇවිද යමින් සතුටක් වින්දාය. වී ගසක වුව වෙනසක් පවා මොහොතින් ඇයට හ`දුනාගත හැකි වූයේ ඇගේ පළපුරුද්ද නිසාමය. ලියද්දේ අයිතිය කාට වුවත් ඇය එය පෙන්වා දීමට පසුබට නොවූවාය.
 
‘මේ ළමයෝ, පැළ ගොයමට වතුර මදි. තව ටිකක් බැඳලා දාපන්’
‘ගොයම්
මැස්සෝ කැරකෙනවා වැඩියි වගේ, අළු සාත්තුවක් කරගන්න කාලේ හරි’
ඇය කියූ දේ බොහෝවිට ගමේ තරුණ පිරිසද පිළිගත්තේ වයසට ගියද සමාජය පිළිබඳ හොඳ දැනුමක් ඇය තුළ වූ නිසාය. වයස අවුරුදු එකසිය එක පසු කරද්දී ඇය මෙලොව හැර දමා ගියාය.
මැගිලින් ආච්චිගේ මරණයෙන් මාස කීපයක් ගෙවී ගියේය. සෝමේ සුපුරුදු ලෙස හිරු එළිය පතිත වෙද්දීම කුඹුරට ගියේ වතුර බැඳීම සඳහාය. හිරු එළිය පතිත වෙමින් පැවතියත් හාත්පසම මිහිදුමින් වැසී තිබිණි. සීතල මිහිදුම නෙළුම්ගමේ ගැමියන්ට එතරම් ගැටලූවක්
නොවිණි. සෝමේ සුපුරුදු පරිදි කුඹුරට බැස මඩ පිඩලි කීපයක් කපා වක්කඩට දැමීය.
‘මේ ළමයෝ, දැන් ඔය ගොයමට වතුර වැඩිය ඕන කාලේ නෙවෙයි, වතුර පුරවන්න එපා මුල කුණුවෙයි’
ඔහු හිස ඔසවා බැලූවේ සුපුරුදු කටහ`ඩක් නිසාය. ඒ මැගිලින් ආච්චීය.
‘හා නැන්දේ .......’
කියා ඔහුට පුරුද්දට මෙන් කියවුණත් මැගිලින් ආච්චී මිය ගිය බව මොහොතින් ඔහුගේ සිහියට නැගුණි. වහා ලියද්ද මතට නැග දුවන්නට ගත් සෝමේ නතර වූයේ එහා ලියද්දේ වැඩ කරමින් සිටි රත්නේ ළ`ගය.
‘මැ ................මැ................ මැගිලින් නැන්දා’
‘මැගිලින් නැන්දා මැරිලනේ බං................ ’
‘අර ................ අර................’

 
සෝමේ අත දිගු කළ දෙසට රත්නේද හිස ඔසවා බැලූවේය. කහ පාට මල් චීත්තයක් හැඳ තරමක් කොන්ද නවාගෙන දිගු ලීයකින් වාරු ගෙන ඇවිදින මැගිලින් නැන්දා ඔහුද දුටුවේය. එදායින් පසු ගමේ බොහොමයක් දෙනා මේ අත්දැකීමට මුහුණ දුන්නෝය. උදේ රැුයින් කුඹුරට යාම ගොවියෝ අතහැර දැමූහ.
මළහිරු බසින්නට පෙර ගැහැනු හා ළමුන් නිවෙස්වලට වී දොරගුළු ලා ගත්තෝය. මෙතෙක් ගමේ පැවති කි‍්‍රයාශීලී බව වෙනුවට බියෙන් වෙව්ලමින් නෙළුම්ගමේ මිනිසුන්ට ජීවත් වීමට සිදුවිය. මෙයට හේතු වූ තවත් කරුණක්ද තිබුණි.

 
ඩිංගිරි කඩයප්පන් සාදා ජීවත් වූ ගැහැනියකි. පාන්දර තුනට පමණ නැගිට ඉඳි ආප්ප තැම්බීම ඇයගේ පුරුද්දයි. එදිනද ඇය ඉ`දි ආප්ප ටික ළිපේ තබා තැම්බෙන තුරු කහට කෝප්පයක්ද සාදාගෙන කුස්සියේ දොර අසල බිම වාඩිවී සිටියාය. පිළිකන්න පැත්තෙන් බල්ලන්ගේ බිරුම් හ`ඩට ඇය විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. කවුරුන් හෝ තමා සිටින දෙසට එන බව
ඇය දුටුවාය. කළුවරේ හරිහැටි හ`දුනාගත නොහැකි වූ රුව දෙපසට වැනි වැනී එන ආකාරය ඇයට එතරම් ඇල්ලූවේ නැත .
 
‘කවුද?’
‘ඩිංගිරියෝ, මටත් ඔය තේ කහට ටිකක් ගත්තනම්’

‘කවුද ඔය?’
‘උඹට මාව මේ ටික දොහොට අමතක වෙලා ගියාද? මම මැගිලින්නේ බං’
‘බුදු අම්මෝ’

 
ඩිංගිරි ගෙට පැන දොර වසාගත්තාය. මේ සිදුවීම අවසන් වූයේ ඩිංගිරිට තොවිලයක්ද නැටීමෙන් පසුවය.
ගමේ මිනිසුන්ට මෙය මහත් වදයක් බවට පත්විය. දිනපතා ගමේ ගෙදරක තොවිලයක් ලකලෑස්ති වූයේ මැගිලින් ආච්චිගේ අවතාරය ඒ තරමටම ගමේ ගෙවල් අසලට ඒමද වැඩි වූ නිසාවනි. මැගිලින් ආච්චිගේ දරුවන්ටද මෙය මහත් මානසික වදයක් වූයේ ගමේ මිනිසුන් දිනෙන් දින පැමිණ තම මවගේ අවතාරය ගම පුරා හොල්මන් කරන බව පවසන්නට වීමත් සමගය. මෙය ඉවසා ගත නොහැකි වූ තැන දන්නා කියන කපු මහත්වරුන්ගේ පිහිට පතන්නට ඔවුනට සිදුවිය. එහෙත් තොවිල්, යාග හෝම කීපයක් කෙරුණද ඒවායින් ගමට හෝ මැගිලින්ගේ පවුලේ අයට සහනයක්
ලැබුණේ නැත. ඒ වෙනුවට තොවිල් පවිල් කරන්න කරන්න තව තවත් ඇයගේ බලපෑම වැඩිවන බව ගමේ අයට වැටහුණි.

 
මේ අතරතුර දුර බැහැර පන්සලක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගැන හොඳ දැනුමක් ඇති හිමි නමක් පිළිබඳ තොරතුරක් මැගිලින්ගේ දරුවන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු එම පන්සල සොයා ගියෝය.
‘අනේ හාමුදුරුවනේ, දැන් අපිට විතරක් නොවෙයි ගමටම ජීවිතත් එපාවෙලා තියෙන්නේ. අම්මා ජීවත් වෙන කාලේ කිසිම කෙනෙක්ට කරදර කළේ නෑ. අපිට මේක විසඳලා දෙන්න හාමුදුරුවනේ’
‘හො`දයි හොඳයි, මම ඇවිත් බලන්නම්කෝ’
රාතී‍්‍ර හතට පමණ කිසිදු පෙර සූදානමක් නැතිව ඇබිත්ත කොලූවාද සමග හාමුදුරුවෝ මැගිලින්ගේ නිවසට ගොඩවූහ. එහිදී කිසිම වෙනසක් නොපෙන්වූ හාමුදුරුවන් ගෙට ගොඩ වූ ගමන්ම
‘කෝ මේ මැගිලින් අම්මා ඉන්නවද? මම මේ නොදන්න දේවල් වගයක් දැනගන්න ආවේ’ යනුවෙන් පැවසීය.
සිදු වූයේ නිවැසියෝ බලාපොරොත්තු නොවූ දෙයකි.
‘වඩින්න අපේ හාමුදුරුවනේ’
ඒ මැගිලින්් අම්මාගේ හ`ඩය.
‘මම හිතුවේ නෑ මැගිලින් අම්මා ඉඳියි කියලා. මොකද මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා කියන්නේ?’
‘මොන බොරුද හාමුදුරුවනේ?’

 
කතාව බොහෝ වෙලාවක් දිගින් දිගට ගියේය. මළගිය ආත්මයක් සමග සජීවීව තොරතුරු හුවමාරුකරගත් අවස්ථා බොහෝ විරලය. එදා එහි සිටි බොහෝ පිරිසකට ඒ අත්දැකීම ලබන්නට හැකිවිය. සියල්ල අවසානයේ ඇය ඇයගේ ආත්මයෙන් නික්ම යාමට ඉතා කුඩා දෙයක් ඉල්ලා සිටියාය.


‘මගේ කුඹුක් ගහ ළ`ග වෙලේ කුරුලූ ලියද්දේ තුන් මාසයක් යනකම් අල හොදියි බොම්බිලි කරෝලයි එක්ක හැමදාම දවල්ට බත් එකක් තියන්න. මාස තුනකට පස්සේ මම පිටවෙලා යන්නම්. එතකම් මම එතන ඉන්නවා. මම ගම වටේ ගියේ මට කිසිම තැනකින් කටට රහට කෑමක් නොලැබුණ හින්දයි’
 
පොරොන්දු වූ පරිදිම එදායින් පසු ඇයගෙන් ගමට කිසිදු බලපෑමක් ඇති නොවිණි. ඈ පිටව යන්නට ඇතැයි සියල්ලෝ සිතූහ.


Source: Link
 

---බෝඩිම | තවත් කතාවක්---


මේ සිද්ධිය උනේ මීට වසර අටකට විතර කලින්,,, මගේ යාළුවෝ ටිකක් බෝඩ් වෙලා හිටියා කටුබැද්දේ කැම්පස් රෝඩ් එකේ,,, ඔක්කොම ජර්මන් ටෙක් එකේ කෝස් කරන අය,,,

මම සමහර දවස්වලට ඒ බෝඩිමට ගිහිල්ලා රෑට ඉදලා යාළුවෝ එක්ක විනෝද වෙලා එනවා,,, ඒ බෝඩිම තට්ටු දෙකේ ගෙදරක්,, බොඩිමේ අංකල් රෑ එකොලහට ගේට් එක එලියෙන් ලොක් කරලා යනවා,,,

දවසක් සිකුරාදා මම එහෙ ගියා,,, ගියාට පස්සෙයි මට මතක් උනේ සෙනසුරාද ඉරිදා ටෙක් එක නිවාඩු නිසා ඔක්කොමලා ගමේ යනවා කියලා,,, ඒ වෙද්දි රෑ නවයට විතර,,, ආපහු යන්න කම්මැලිකමට මම උඩ තට්ටුවේ පොඩි කාමරේ ඇරගෙන නිදාගන්න සෙට් උනා,,,

අංකලුත් දහයට විතර ඇවිල්ලා මාත් එක්කත් කතා කරලා ගේට් එක ලොක් කරලා ගියා,,, දැන් මුළු ගෙදරම ඉන්නේ මම විතරයි,,, මම ඉන්න කාමරේ පොඩි කාමරයක්,,, කාමරෙන් එලියට ආව ගමන් වැරැන්ඩා එක,, ඒක බිමට කොන්ක්‍රීට් දාල ටයිල් කරලා නෑ,,, දෙපැත්තෙම ගෙවල් දෙකක බිත්තිවලින් කවර් වෙලා කාටවත් එන්නත් බෑ,,, ගේට් එක උඩින් පැනලා ආවත් උඩ තට්ටුවට එන්න බෑ ,,, මොකද පඩිපෙල තියෙන්නේ ගේ ඇතුලෙන්,,, කිසිම සද්දයක් වටපිටාවේ නෑ,,,
මම කාමරේ දොර වහගෙන ෆිල්ම් එකක් බල බල හිටියේ,,, ටික වෙලාවකින් ඒක බෝරින් වගේ,,, ඒ නිසා මම නිදාගන්න හැදුවට නින්ද ගියේ නෑ,,, මම ඉතින් ඇදට වෙලා කල්පනා කර කර හිටියා,,,

මෙහෙම ඉන්නකොට දොළහමාරට විතර එලියේ වැරැන්ඩා එකේ කවුරු හරි ඇවිදිනවා සද්දේ ඇහෙනවා,,, හොදට අඩි සද්දේ ,, මම හිතුවේ අංකල් කියලා,,,
මම අංකල් කියලා කතා කරා,,, ඒත් කවුරුත් කතා කරේ නෑ,,, දිගටම අඩි සද්දේ,,, හරියට හයියෙන් කකුල් පොළොවේ ගහලා ඇවිදිනවා වගේ සද්දේ,,, මම දොර ඇරලා එලියට ආවා,,, කිසිම සද්දයක් නෑ,,, මම ඊට පස්සේ ආයෙ ඇදට ගියා,,,,
ආයෙ ටිකකින් අඩි සද්දෙ එක්ක කවුද උරුවම් බානවා,,, දොර ලගම සද්දේ ඇහෙන්නේ ,, මට මේක ලොකු අවුලක්,,, කවුද කියලා බලාගන්න මම හෙමීට ඇදෙන් නැගිටලා එක පාරම දොර ඇරියා,, කවුරුත් නෑ,,,,

මම ආයෙත් දොර වහලා නිදාගන්න ට්‍ර්‍යි කලා,,, ආයෙ ටිකකින් ප්ලාස්ටික් කෝප්පෙකින් කොන්ක්‍රීට් එක හූරනවා වාගේ ක්‍රාස් ක්‍රාස් ගාල සද්දේ,,,, ඒ පාර මම ටිකක් බය උනා,,, මම එහෙම්ම ඇදට වෙලා හිටියා,,,
එක පාරම කාමරෙ ඇතුලේ බාතෲම් එකේ ටැප් එකෙන් වතුර යනවා ,,,, එක පාරම කවුරු හරි ටැප් එක ඇරියා වාගේ,,,, මම නැගිටලා බාතෲම් එකට ගියා,,, ඒත් කිසිම දෙයක් නෑ,,, පොලවෙත් වතුර බින්දුවක්වත් නෑ,,,.

ඒ පාර මම ආයෙ එලියට ගියේ නෑ ,,, ටිකකින් මට නින්ද ගියා,,,, පහුවෙනිදා මම මගෙ යාළුවෙක්ට කෝල් කරලා මේ සිද්ධිය කිව්වා,,, එතකොට තමා එයා කිව්වේ,,,

ඒ කාමරේ වයසක මනුස්සයෙක් බෝඩ් වෙලා ඉදලා,,,, ඒ මනුස්සයා කාමරේ ඇතුලෙම මැරිලා,,, බොඩි එක කුනු වෙලා ගද ගහද්දි තමාලු කට්ටිය දන්නේ,,,, මම නිදාගෙන ඉදලා තියෙන්නේ ඒ මනුස්සයා මැරුන ඇදේලු,,,, කට්ටිය ඉද්දි අවුලක් නෑලු,,,, හැබැයි තනියම කවුරු හරි ඉන්නකොට ඔය වගේ සද්ද ඇහෙනවලු,,,,,

ඉතින් ඕකයි මගෙ කථාව...

Source: Link


---යක්ශයාගේ හෝරාව---


මේ කථාව ටිකක් පරණ කථාවක්, අපේ මාම කෙනෙක් තමයි මේ කථාව මට කිව්වේ…

ඔන්න දවසක් මාමගෙ යාළුවො දෙන්නෙක් පාටි එකකට ගිහිල්ල රෑ 12ට විතර ආපහු තමන්ගෙ නවාතැනට පයින් එමින් හිටියලු. ඒ දවස් වල රෑට වැඩිය වාහන නැතිලු. මේ ගොල්ලො එච්චර හොල්මං විස්වාස කරන්නෙ නැති කට්ටියලු. මේ දෙන්න බොරැල්ල කනත්ත කිට්ටුවෙන් යනකොට වයසක සීය කෙනෙක් මේ දෙන්නට ඉස්සරහට හම්බ වේලා මේ දෙන්නගෙන් දැන් වෙලාව කීයද කියල අහල තියනවා. එක පොඩ්ඩක් වැඩි වෙලා හිටපු එක්කෙනක් “දැන් 12 පහු උනා විතරයි” කිව්වලු. අනිත් කෙනා සැර බීම බොන්නෙ නැති කෙනෙක්ලු. වෙලාව 12 කියපු ගමන් සීයාට පොඩ්ඩක් මළ පැන්න වගේ “මොනව 12 පහු වෙලා” කියල මේ දෙන්න දීහා කන්න වගෙ බලන්න ගත්තලු. අර හොඳ සිහියෙන් හිටපු යාළුවා දැක්කලු මේ සීයාගෙ මූණ එහම මහ භයානක විදිහට වෙනස් වීගෙන යන බව. ඒක නිසා ඒයා පැනපු ගමන් කිව්වලු. “මෙයාගෙ ඔරලෝසුවෙ වෙලාව වැරදියි 12ට තව වෙලා තියනව” කියල. ඊට පස්සෙ ඒ සීයා බොහොම සාමාන්‍යය විදිටහ “ආ.. ඇත්තද” කියල යන්න ගියාලු.

පස්සේ දවසක දවල් වෙලාව අර යාළුවො දෙන්න කනත්ත ලඟ කඩේකින් තැඹිලි බොන ගමන් එදා සිද්දිය ගැන ඒ දෙන්න කථා වෙලා තියනවා. ඒ කථාව අහගෙන හිටිය තැඹිලි කාරය කිව්වලු “මහත්තයල මොළේ පාවිච්චි කරල වැඩ කරල තියන නිසා නූලෙන් බේරිලා තියෙන්නෙ. මහත්තයලට ඔය හම්බ වෙලා තියෙන්නෙ හොල්මනක්. ඒ හොල්මන රෑ 12 න් පස්සෙ හම්බවෙන හැමෝමව මරල දානවා. මීට කලින් මිනිස්සු 5 දෙනෙක් ඔය හොල්මනට අහුවෙලා මැරිල තියනවා.” කියල.
ඒක අහපු මේ දෙන්න තැඹිලි බොන එක පැත්තක තියල එන්න ඇවිල්ල තියනවා, තැඹිලි කාරයට සල්ලිත් දෙන්න අමතක වෙලා. තැඹිලි කාරය පස්සෙන් ඇවිල්ලලු සල්ලි ඉල්ලගෙන තියෙන්නෙත්.

(උපුටා ගැනීමක් බව ඉතාමත් කාරුණිකව සලකන්න.)

---හොල්මන් පෙනෙන හැටි---


ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ?
කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ.

පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි.

පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම. ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට.
දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා. ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට.

තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැරණි මතකයන් එක්ක සසඳා බැලීම. මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල දැනගන්නෙ එතනදි.

එතකොට හොල්මන් පේන්නෙ???

මේ හැම කොටසක්ම ක්‍රියා කරන්නෙ හෝමෝන උත්තේජනයන්ගෙන් (Hormone Stimulation). ඉතින් විද්‍යාඥයො මිනිසුන් කිහිපයක් යොදාගෙන පරීක්ෂණයක් කරා. ඒ අයගෙ මොළයේ මේ එක් එක් කොටස වැඩිපුර උත්තේජනය කරා.
පළමු කොටස උත්තේජනය කරපු අය කියන්න ගත්තා "රතු පාට එළියක් දැක්කා", "නිල් පාට එළියක් දැක්කා" වගේ දේවල්. හරියට දේවතා එළි වගේ.

දෙවෙනි කොටස උත්තේජනය කරපු අය කිව්වෙ සම්පූර්ණ රූපයක් ගැන. එයාල කිව්වෙ "ගෑණු කෙනෙක් දැක්කා", "වයසක මනුස්සයෙක් දැක්කා" වගේ දේවල්.

තුන්වෙනි කොටස එහෙමත් නැත්තං අර පරණ මතකයන් සසඳන කොටස උත්තෙර්ජනය කරපු අය කිව්වෙ "ආච්චි දැක්කා", "සීයා දැක්කා", නැත්තන් එක එක රටවල ජනශ්‍රැතියෙ එන මහසෝනා මෝහිනී වගේ අයව දැකපු ජාතියෙ කතා.
ඉතින් මේ හෝමෝන උත්තේජනය ස්වභාවිකවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අධික ලෙස නොපෙනෙන බලවේග විශ්වාස කරන අයට, හිත දුර්වල අයට, බයෙන් හෝ චකිතයෙන් සිටින අයට මේක නිකන්ම වෙන්න පුළුවන්.
"මම මෙච්චර කල් හොල්මන් විශ්වාස කරේ නෑ. ඒත් අහවල් සිදුවීමෙන් පස්සෙ ඇස් දෙකටම දැකපු නිසා විශ්වාස කරනවා"
සමහර හිත හයිය අයත් ඔය වගේ කතා කියනව ඇහිල ඇති. මොකද මේ හෝමෝන උත්තේජනය සිද්ධවෙන්න තව තව හේතු සුළු වශයෙන් බලපානවා.

විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවෙන pulses,
කණට සංවේදී ශ්‍රවණ පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත කම්පන තරංග (මේවා වාහන එන්ජින් වලින් පවා ඇතිවිය හැකියි),
පරිසරයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම,
මානසික ආතතිය, paranoia වැනි මානසික ව්‍යාධි
ඒ අතරින් සමහර හේතු වෙනවා.

සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.
ඔබ රාත්‍රියේ රිය පදවන කෙනෙක් නම් සමහරවිට දැකල ඇති පාරෙ අයිනෙ කවුරුහරි හිටියා වගේ. ඒත් හැරිල බැලුවම කවුරුත් නෑ. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි.

කණිනිකාවෙ කේතු හා යෂ්ටි කියල සෛල දෙවර්ගයක් තියෙනවා. කේතු සෛල වැඩිපුර සංවේදී ආලෝකයට හා වර්ණ වලට. යෂ්ටි සෛල තමයි අඳුරෙදි වඩා සක්‍රිය. යෂ්ටි සෛල මගින් තමයි මේ දෘෂ්ටි මායාව ඇතිකරන්නෙ. ඇසේ මේ සෛල දෙවර්ගය පිහිටන්නෙ මැදට වෙන්නට කේතු සෛලත් ඒ වටේට යෂ්ටි සෛලත් ලෙසයි. ඉතින් ඒකයි පාරෙ මැදින් නැතුව අයිනෙන් කවුරුහරි හිටියා වගේ පේන්නෙ.

ඉතින් හොල්මන් වලට හොල්මන් කියන නම වැටෙන්න හේතුව ඔන්න ඕකයි.

අන්තර්ජාලය ඇසුරෙනි....

Source: Link