මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

25 July 2017

---සුරංගනී---


හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සුරංගනී තිස් හතර හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය දැඩි ඇඟපත රුදාවකින්, හිසරදයකින්, බඩ පුරවා දැමීමෙන් හා කෑම අරුචියෙන් අවුරුදු නවයක් තිස්සේ පීඩා වින්දාය. සිංහල ඉංගී‍්‍රසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද කිසිදු සහනයක් නොවීය. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ද අවුරුදු ගණනාවක් තමන් කළ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් “ඔබට කායික රෝගයක් නැතැයි” ප්‍රකාශයට පත් කොට “මනෝ වෛද්‍යවරයකු ළඟට යන්නැ”යි උපදෙස් දෙති. සුරංගනී ඊළඟට අවුරුදු හතරක් ම එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය. එහෙත් සුවයක් ලැබුණේ ම නැත.

නවීන විද්‍යාවෙන් සහනයක් නොලැබුණු විට පැරණි සම්ප්‍රදායික අභිචාර විධිවලට යොමු වී තොවිල් හතරක් ද ඇගේ වැඩිහිටියන් විසින් සිදු කරවනු ලැබුණි. මේ සියලු ප්‍රතිකාර වත් පිළිවෙත් ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණනක් දිය වී ගියත් ඇයට සුවයක් ලැබුණේ නැත.
අවසානයේ “සිළුමිණ” - “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අසා අදාළ ස්ථානය කරා ඇගේ වැඩිහිටියෝ ඇය කැඳවා ගෙන ගියහ.

පළමු දිනයේ රෝගියා පරීක්ෂා කැර බැලීමේ දී ඇය සිහිසුන්ව වැටුණාය. මේ වන විට සුරංගනී කායිකවත් මානසිකවත් ඉතා ම පහත් තත්ත්වයකට පත්ව සිටි බැවින් ඇගේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැඟීම සඳහා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ ද එසේ ම සිදුවිය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස නියම කළේය.
තුන්වැනි දිනයේ සුරංගනී ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගෙන එක දිගට විනාඩි දහයක් පමණ ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කව්ද මේ අඬන්නේ?”
“මම සුමිත්”
“සුමිත් කියන්නේ කවුද?”
“මේ සුරංගනීව බඳින්න හිටිය එක්කෙනා, පෙම්වතා”
“ඇයි මේ ළමයට හිරිහැර කරන්නේ?”
“මම හිරිහැර කරන්නේ නැහැ.”
“නැත්තේ මොකද? සුමිත් මේ ළමයගෙ ශරීරයට රිංගා ගෙන ඉන්න කොට මෙයා ලෙඩ වෙනවා. අවුරුදු නවයක් කියන්නේ සුළුපටු කාලයක් ද? කරුණාකර මේ ශරීරයෙන් ඉවත්ව යන්න.”
“බෑ... බෑ... මට නම් යන්න බෑ. මම සුරංගනීට ආදරෙයි”
“සුමිත් මැරුණේ කොයි කාලෙ ද?”
“2004”
“මොනවා වෙලා ද මැරුණේ?”
“සුනාමියට අහුවෙලා”
“එදා කොහොමද මැරුණෙ කියලා මතක ද?”
“ඔව්! මගේ ගම මිරිස්ස. සුරංගනීගෙයි මගෙයි විවාහයට අවශ්‍ය බඩු ගන්න මම මාතරට ගියා. මෝටර් සයිකලයෙන් ගියේ. හිටි හැටියේ විශාල ජල කඳක් ආවා. ඊට පස්සෙ මොනවා වුණා ද දන්නේ නෑ.”
“කොහොම ද සුරංගනී ළඟට ගියේ?”
“මගේ මරණයේ දී හිටි හැටියේ ඇතිවුණ පීඩනය නිසා මගේ මතකය ක්‍රියාත්මක වුණේ නෑ. කාලයකට පස්සෙයි මතකය ක්‍රියාත්මක වුණේ. සුරංගනී මගේ නම කිය කියා තනියම අඬන කොට මාව හම්බන්තොටට, සුරංගනී ළඟට ඇදිලා ගියා.”
“ගිය ගමන් සුරංගනීගෙ ඇඟට රිංගුව ද?”
“නෑ. එහෙම රිංගන්න බැරිවුණා. මම ළඟට ගිහින් සුරංගනීට කතා කළා. එයාට ඇහුණේ නෑ. එයා මගේ පින්තූරය ළඟ තියා ගෙන බල බලා ඇඬුවා. මම එයාගෙ ළඟින් ම හිටියා. මට ඒත් ඇඟට රිංගන්න බැරිවුණා.”
“ඉතින් කොහොම ද රිංගුවේ?”
“දවසක් ගෙදර අය සුරංගනී එක්ක රණ්ඩු කළා. බහින් බස් වුණා. සුරංගනී එදා හොඳටෝ ම ඇඬුවා. මම සුරංගනී ගෙ ඔළුව අත ගෑවා. එතකොට මට දොරක් ඇරෙනවා වගේ දැනුණා. මම ටක් ගාලා එතැනින් ඇතුළට රිංගා ගත්තා. එදා ඉඳලා මම සුරංගනී ගෙ ඇඟේ ඉන්නවා.”
“ඇඟේ ඉඳගෙන මොනව ද කරන්නෙ?”
“සුරංගනීව විවාහ කර දෙන්න ගෙදර අය මනමාලයෝ ගෙදරට ගෙන්වනවා. මම උන්ව පන්නනවා.”
“කොහොම ද පන්නන්නේ?”
“සුරංගනීගේ ඇස් දෙකෙන් නපුරු යක්ෂ බැල්මක් නිකුත් කරනවා. ඒ මනමාලයෝ බය වෙලා යනවා. ආයෙත් එන්නෙ නැහැ. සමහරුන්ට සංග්‍රහ කරන කොට මනමාලයට පිළිගන්වන කෑමට බැල්ම හෙළනවා. උන්ට බඩේ අමාරු හැදිලා ඉක්මනින් යන්න යනවා.
“සුරංගනී විවාහ වෙන්න කැමති ද?”
“නෑ... සුරංගනී කැමති නෑ. ගෙදර අයගෙ කීමටයි මනමාලයෝ එන්නේ. සුරංගනී මගේ ම යි.”
“ඉතින් මේ ගෙදර තොවිල් කළා නේද?”
“ඔව්! ඒවාට සූදානම් වෙන කොට මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ.”
“ඉතින් ඔබ කොහොම ද අහුනොවී හිටියේ?”

“ඔය ඇදුරො තොවිල් කරන්නේ උන්ගේ සිල්වත් කමකින්වත්, ආධ්‍යාත්මීය ශක්තියකින්වත් නොවෙයි. අමනුෂ්‍ය බලයෙන්, ඇදුරන්ගේ ළඟ වැඩ කරන අමනුෂ්‍යයා මාව අල්ලගන්න එන කොට ම මම දුවලා හැංගෙනවා. ඇදුරෝ ඔය ආරක්ෂාවල් යොදන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් නොවෙයි. යන්ත්‍ර මන්ත්‍ර දැම්මාට උන් ඒවා හරියට ජීවම් කරන්නේ නෑ. නියමිත වාර ගණන ජීවම් කරන්නේ නෑ. ඉතින් ළඟ ඉන්න අමනුෂ්‍යයන් එතැන ආරක්ෂාවට නතර කරලා යනවා. ඇදුරා තොවිලය කර ගියාට පස්සේ ටික දවසකින් උනුත් යන්න යනවා. ඒ ආරක්ෂාවට හිටිය එවුන් ගියාට පස්සෙ මම ආයෙත් සුරංගනී ළඟට එනවා.”
“තමුන් සුරංගනීට ආදරේ ද?”

“ඔව් මම එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ”
“තමුන් ජීවත් වෙන්නේ කොහොම ද?”
“සුරංගනීගෙ ශරීරයෙන්මයි”
“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”
“ආදරෙයි. ආදරෙයි. ඇත්තට ම ආදරෙයි”

“සුරංගනීට තමුන් ආදරේ නම් සුරංගනීව සතුටෙන් සැපෙන් තියන්න ඕනෑ. තමුන් මේ ළමයගෙ ඇඟේ යම් යම් තැන්වල ඉන්න කොට. යම් යම් තැන්වලින් ලේ උරා බොන කොට, ඔය විදිහට ගියොත් මෙයා පිළිකාවක් හැදිලා මැරෙයි. සුරංගනී මැරිලා ඈතට යන්න යාවි. තමුන් කරපු අපරාධයට ඔය ඉන්න දුගතිගාමී ආත්මයෙන් තවත් පහළට වැටිලා තමුන්ට දුක් විඳින්න වේවි. එතකොට සුරංගනීව දැකගන්නවත් ලැබෙන්නේ නෑ.”
“එහෙම ද?”

“එහෙම තමයි. තමුන් දැන් සුමිත් නොවෙයි, සුමිත් සුනාමියට අහුවෙලා මැරුණා. තමුන් දැන් පේ‍්‍රත ජීවියෙක්, තමුන් ඇත්තට ම මේ ළමයට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් ඇගේ ඇඟේ ඉන්න කොට ඇය අසනීප වෙනවා. ඉතින් කොහොම ද සතුටෙන් ඉන්නෙ? තමුන් සුරංගනීට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න උදව් කරන්න. ඇගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගන්න උදව් කරන්න. එතකොට එයා සුවපත් වේවි. තමන්ටත් ඒක විශාල කුසලයක් වේවි.”
“හොඳයි මම සුරංගනීගෙ ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මට එයාව දකින්න ඕනෑ.”
“තමුන් කැමති බෝධියක් තියෙනවා ද?”
“ඔව්! මාතර බෝධියට මම කැමතියි.”
“ඔබට මාසයකට වතාවක් සුරංගනීව දැකගන්න අවස්ථාව සලසා දෙන්නම්.”
“හොඳයි”

දින 21ක් මාතර බෝධීන් වහන්සේ වෙත බෝධි පුජා පවත්වන ලෙස සුරංගනීට උපදෙස් දුන්නේය.මාතර බෝධීන් වහන්සේ අසල පැවැත්වෙන සියලු පිංකම්වලට අත හිත දී සිත පහන් කරහන්නා ලෙස පෙරේත ජීවියාට නියම කලේය.සුරංගනීගේ දින විසි එකේ බෝධි පූජා වලින් පසු මාසයකට වරක් බැගින් එහි පැමිණ බෝධි පූජා තබන ලෙසද ඇයට කීවේය.මාසයකට වරක් බෝධි පූජා පවත්වන විට ඈතින් හිද ඇයට ආශීර්වාද කරන්නට පෙරේත ජීවියාට නියම කලේය............

Source: Link

---කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව---


හොල්මන් අවතාර වගේ ගුප්ත දේවල් කියන්නේ චකිතයක් වගේම ලොකු කුතුහලයක් ඇති වෙන දෙයක්,,,
අද කියන්න යන්නේ හොල්මන් ගැනවත් අවතාර ගැනවත් නෙවේ,,, පිල්ලියක් ගැන,,,
මේ ගෲප් එක මේ වගේ දේවල් කතා කරන ගෲප් එකක් නිසා මේ ගැන විශ්වාස නැති අය කරුණාකරලා මේ දේවල් බලන්න එපා...

පිල්ලියක් කියන්නේ පුද්ගලයෙක්ගේ හෝ සතෙක්ගේ ස්වරූපයට යම් කෙනෙකුට දෘශ්ටියක් ලබා දීමකි,,, ඒක එක් ආකාරයක ඇස්බැන්දුමක් කියන්න පුළුවන්,,, හැබැයි මේක ගොඩක් භයානකයි,,,
ජාඇල පැත්තේ කඩයක් මංකොල්ල කාල පැනලා යන හොරු කන්ඩායමක් පස්සෙන් පොලිසිය වගේ පිල්ලියක් යවලා හොරු කන්ඩායම ගිය වාහනේ දඩුගම් ඔයට පෙරලලා ඔවුන් පොලිසියට කොටු කරපු හාමුදුරුනමක් සීදූව පැත්තේ බොහොම ප්‍රසිද්ධ උනා,,,

මේත් ඒ වගේ දෙයක්,,, එක්තරා පොතක පළවුනු සත්‍ය කථාවක උපුටා ගැනීමක්,,,
අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නෙත් දකුණු පළාත වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට බොහොම ප්‍රසිද්ධ පළාතක්නේ,,,, මේ පළාතේ ඉදලා තියෙනවා හීන් අප්පු කියලා ගුරුන්නාන්සේ කෙනෙක්,,,
මේ ගමේම දවසක් තුන් කුළුදුල් දරුවෙක් මිය ගිහිල්ලා,,, දුෂ්කර පළාතක්නේ,,, කුළු හරකෙක් ඇනලා තමා මේ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සෙත් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ මේ වගේ මරණයක්,,,, හේතුව මේ ගුරුන්නාන්සෙගේ එක්තරා කටයුත්තක් ඉටු කරගන්න,,,
ඒ තමා පිල්ලියක් යවන්න පිල්ලිය නිර්මාණය කරගන්න තමා මේ තුන් කුළුදුල් කෙනෙක්ගේ මල මිනියක් ඕන වෙන්නේ,,, ඉතින් මේ ගුරුන්නාන්සේ තව සහයට කීප දෙනෙක් එක්ක රෑ දෙගොඩහරියේ ගිහින් මේ කනත්තට,,,,

ගිහින් පළවෙනි රාජකාරිය තමා මළමිනිය ගොඩට ගන්න එක,,, දෙතුන් දෙනෙක් එකතු වෙලා වලේ පස් අරන්දාල මිනීපෙට්ටිය ගොඩට ගත්තා,,, එහෙම්ම උස්සගෙන ගිහින් කැරකොප්පුව මැද්දේ කළු පාට ලොකු කෝන් ගහේ බැන්දා,,, ලනු පට තුන හතරකින් මිනිය බැන්දත් ඔළුව තාමත් පහතට එල්ලිලා,,,
ඔළුව ඔහොම තිබ්බට මම ජප කරද්දි බලහල්ලකෝ ඔළුව උස්සන රඟ
යැයි හීන් අප්පු හිනාවෙලා කියද්දි කට්ටියටනම් හින්දාඩිය දාන්න ඇති,, මේවා හීන් අප්පුට කජු කන්නා වාගේ වැඩ,,,

කොහොමෙන් කොහොම හරි කරන්න ඕන වැඩ කටයුතු ටික කට්ටියට තේරුම් බේරුම් කරලා දීලා හීන් අප්පු වැඩේ පටන් අරන්,,, වැඩේ කරන්න තියෙන්නේ මිනිය වලලලා තිබ්බ වලේම තමා,,,
මිනී වල ඇතුලේ පැදුරක් එලලා පැදුරට සාත්තුවක් එහෙම කරපු ගුරුන්නාන්සේ පැදුරේ දිගාවෙලා මන්තර ජප කරනවා,,,

ඕන් එතකොට ආතක් පාතක් නැතුව වදුරෙක් එතනට කඩන් පාත් උනාලු,,, ඒකත් දොළපිදේනි ගන්න ආපු අවතාරයක් ,, බුලත් කොලයක් කාපු වදුරා ලග තිබුන ගහකට පැනලා අතුරුදහන් උනාලු ,,,
ඔන්න ටිකකින් අහල පහල පදුරු පොඩි වෙන්න ගත්තලු,,, එ තමා නාග අවතාරේ,, බිත්තරයක් ගිලලා දාපු නයත් කැලේ අස්සට වැදිලා නොපෙනී ගියාලු,,,
ඔය විදියට සුනඛ, බළල්, මුව , සූඛර ආදී නොයෙක් නොයෙක් අවතාර ඇවිත් දොළපිදේනි අරගෙන ගිහින් අරගෙන ගිහින් ඉවරලු,,,

දැන් එන්න තියෙන්නේ මහසෝනා විතරයි,,, වැවේ කෙලවරේ පේන අහසෙන් උඩු තල්ල මවාගෙන වැවේ මායිමෙන් යටි තල්ල මවාගෙන මහසෝනා එනකොට මුළු පළාතම අදුරෙන් වැහිලා ගිහිල්ලා,,, හද එලියක්වත් නෑ,,,
මහසෝනට ඕන දොළපිදේනි දුන්නට පස්සේ ඌ ගමන් කරේ කෝන් ගහේ බැදලා තිබුන මිනිය පැත්තට,,, මිනිය ගාවට ගිය මහසෝනා එකපාරම අතුරුදහන් වෙනවා,,, එතකොට ඔන්න ගහේ බැදලා තිබුන මිනිය කුළු හරකෙක් වගේ දඟලනවා,,, බැදලා තිබුන ලණු චටස් පටස් ගාල කඩාගෙන මළමිනිය හෙමීට වල දිහාට ගාටනවා,,,

වලේ පතුලේ ඉදන් මතුරන ගුරුන්නාන්සේ දිහා බලන් ඉදලා එකපාරම වලට පැනලා ගුරුන්නාන්සේගේ දෙපැත්තෙන් කකුල් දාල බඩ උඩින් වාඩි වෙනවා,,,
මහ හයියෙන් හිනාවුන මලමිනියේ දිව ටික ටික දික්වෙන්න ගන්නේ පපුව උඩ තියන් ඉන්න ලේ ගොට්ටට,,, මන්තර ජප කරන්න කරන්න දිව ලේ ගොට්ටට ලං වෙනවා,,, දිව ලේ රස විදින්න අගල් දෙක තුනකට වඩා නෑ,,

ඉක්මනට සූදානම් කරලා තියාගත්ත හෙප්පුවත් කතුරත් අතට ගත්ත හින් අප්පු දිවට යටින් හෙප්පුව තියලා කතුරෙන් සටස් ගාල මලමිනියේ දිව කපා ගන්නවා,,, බැරි වෙලා හරි දිව ලේ රස වින්දනම් හීන් අප්පුයි ගෝලයොයි මහසෝනා අතින් කම්බස් වෙනවා,,,

දිව කැපෙනවත් එක්කම පන නැතිවෙන මලමිනිය ගුරුන්නාන්සෙගේ ඇග උඩම දිගාවෙනවා,,, හනිකට වල උඩට එන ගුරුන්නාන්සේ පූජාවට ගෙනාව සබ්බ සකලමනාවම වලට දාල වල වහලා එතනින් යනවා,,,
ඔන්න ඔය දිව තමා වේලලා පිල්ලි යවන්න භාවිතා කරන්නේ,,, සුනඛ පිල්ලිය තමා ඔවුන්ගේ ජනප්‍රියම පිල්ලිය,,, තමන්ට හතුරුකමක් කරන මොකාද ඉන්නේ පිල්ලියට අන දෙන්න විතරයි තියෙන්නේ ,,,,
මා පුතා අහවල් ගමේ අහවල් නම තියෙන එකා නහලා වරෙන් කියලා,,,
ඔහොම අවුරුදු ගණනාවක් කෙරුම් කරපු හීන් අප්පු ගුරුන්නාන්සේ අන්තිමට ඔය විදියෙම මුස්පේන්තු වැඩකට ගිහින්ම මහසෝනා අතින්ම කම්බස් වුනාලු,,,

එදා මහසොහොන් අවතාරේ එනකොට දොළපිදේනි දෙන්න ආවතේව කාරයො එකෙක්‍ ඉදලා නෑ,,, බය උන උන් වැවට පැනලා පීනගෙන ගිහින්,,,

දොළපිදේනි නැතිඋන මහසෝනා ගහපු පාරට හීන් අප්පු වලෙන් උඩට විසි වෙලා ගිහින් ඔළුව තිබුනේ කෝන් ගහේ මුදුනෙලු,,,,

ඔන්න ඕකයි කහටගස්දිගිලියේ හීන් අප්පුගෙ කථාව.....

Source: Link