මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

26 July 2017

---වික්ටෝරියා උයන---


එදා සීතල දවසක්.පුංචි හිරිපොදයකුත් තිබුණා.ඒත් මම එදා සීයත් එක්ක ඇවිදින්න ගියා.අපි ගියේ වික්ටෝරියා උද්‍යානයට.නුවර එළියේ සීතල හුළඟ වැදිලා, වික්ටෝරියා උයන හරහා ගලායන දියපාර උඩින් දමා තිබුණු යකඩ පාලමේ අත්වැට සීතල වෙලා තිබුණා.අපි හිටියේ අත්වැටට හේත්තු වෙලා.මීදුමකින් මුළු උයනම වැහිලා තිබුණා.විටින් විටේ මීදුම තුරන් වෙලා උයනේ වවලා තිබුණු රෝස පාට මල් පෙනුණා.ඒත් සුළු වෙලාවකට විතරයි.

මම ඇඳන් හිටියේ සුදුපාට ජර්සියකුයි,නිල් පාට දෙනිම් කලිසමකුයි.මගේ ඔළුවට දාලා තිබුණු අයිස් කැප් එකේ තැන් තැන් වල පිනි බිංදු රැඳිලා තිබුණා.මීදුම මැද හිටන් ඉන්න මාව ලස්සනට අනිත් අයට පේනවා ඇති නේද කියලා මට හිතුණා.උද්‍යානයේ දොරටුව ගාව උණු උණුවෙම කඩල විකුණන කඩලකාරයාගේ ලාම්පුවේ කහපාට එළිය මීදුම අතරින් බොඳවෙලා පෙනුණා.
මම ජර්සියේ සාක්කුදෙක ඇතුලට මගේ අත්දෙක ඔබාගෙන සීයත් එක්ක කතාකරන්න වුණා.
"ඔයා ඇත්තටම එයාට කැමතිද?"

සීයා ඇහුවා.අපි කතාකරමින් හිටියේ මගේ පෙම්වතා ගැන.ඇත්තටම මට එයා ගැන ලොකු අදහසක් තිබුණේ නෑ.එයා හොඳ කෙනෙක් කියලා මට දැනුණා.නමුත් එයාගේ සමහර වැඩ වල විකාර ගතියක් තිබුණා.මොනවා වුණත් එයා මට ගොඩක් ආදරේ කරනවා කියලා මම දැනන් හිටියා.
මම උත්තරයක් නොදී දියපාරේ වතුර ගලා යනවා බලන් ඉන්න ඇති.
"කවදාවත් දුවේ කෙනෙක්ට බොරුවට ආදරය කරන්න එපා.ඒක විඳවන්න දවසක් එනවා."
සීයා ලොකු හුස්මක් පාතට හෙලනගමන් මට කිව්වා.

"ඇයි සීයේ එහෙම කිව්වේ?"
මම සීයා දිහා බලාගෙන ඇහුවා. සීයගේ ඇස් යොමුවෙලා තිබුණේ ඈත අහසට.මීදුම අස්සෙන් ඈත අහස දිහා බලාගෙන මොනවාහරි පරණ දෙයක් මතකයට ගන්න සීයා උත්සාහ කරනවා කියලා මට දැනුණා.
"වික්ටෝරියා"
සීයාගෙ තොල් වෙව්ලුවා.
"මොකක්?"
මම ඒ දේ තේරුම් නොගිය නිසා ආයෙත් සීයා දිහා බලාගෙනම ඇහුවා.
"අපි ඉන්නේ වික්ටෝරියා උයනේ තමයි."
මම කිව්වා.

"නෑ......මට මුලින්ම ආදරය කරපු කෙල්ල;එයාගේ නම වික්ටෝරියා"සීයා මිමිණුවා.
"ආ....ඒකද මේ...ඉතිං එයාට මොකද වුණේ?"
මම සීයව අවුස්සන අදහසින් තමයි එහෙම ඇහුවේ
"එයා නැතිවුණා.සියදිවි නසා ගත්තා."
සීයා දුකෙන් කිව්වා.මම සීයගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.මගේ මූණත් මැලවිලා යන්න ඇති.
"මොනවා වෙලාද?ඇයි ඒ?"

මගි ඊළඟ ප්‍රශ්නයේ තියෙන්න ඇත්තේ වෙන ස්වරයක්.
"ඒ මං නිසා.එයා මට ගොඩක් ආදරය කළා.ඒත් මම එයාට බොරු කළා.මට මතකයි රෑට අඳින ඩ්‍රෙසිං ගවුම පිටින් එයා එල්ලිලා ඉන්නවා.ඒ මූණේ තිබුණේ මං දිහාට හෙලපු නපුරු බැල්මක්.අසරණී......."
සීයා හීල්ලුවා.
"ඉතිං සීයා ඒකට විඳවන්නේ කොහොමද?"
මම ඇහුවා.
"මට තාමත් විඳවන්න වුණේ නෑ.ඒත් මගේ හිත කියනවා ළඟදිම එහෙම වෙයි කියලා"
ඒ ස්වරයේ තිබුණේ ශෝකී බවක්.
"විකාර"

මම එහෙම කියන ගමන් සාක්කුවේ තිබුණ කුඩය ඉහළලා සීයා අතට දුන්නේ සීයව පොද වැස්සෙන් තෙමෙන නිසා.
"මම ගිහින් කඩල ගොට්ටක් අරන් එන්නම්"
මම එහෙම කියන ගමන් උයනේ දොරටුව දිහාට දුවලා ගියා.මට මිනිත්තු පහකට වඩා ගතවෙන්න නැතුව ඇති.ම්ම උණු කඩල ගොට්ටත් අරගෙන ආපහු එද්දී පාලම සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා.ළඟ පාත කවුරුවත්ම හිටියෙ නෑ.මීදුම අතරින් එකපාරටමමම සීයට දීල ගිය කුඩේ රෝල් වෙලා සුළං පාරක් එක්ක ආවා.කියන්න බැරි අමුතු බයක් නිසා මගේ ඇඟේ හිරිගඩු පිපුණා.මම මීදුම අස්සෙන් පාලම දිහාට දුවගෙන ගියා.

ඊළඟට මට සිද්ධ වුණේ එතනම නතර වෙන්න.සීයා පාලම උඩ උඩුබැලි අතට වැතිලා හිටියා.කව්දෝ කෙනෙක් සීයා ළඟ බිම දණගහගෙන සීයගේ මූණට එබිලා හිටියා.මීදුම නිසා මට එයාව හරියටම පෙනුණේ නෑ.ඒත් එයා ඇඳන් හිටියේ සුදු පාට ඩ්‍රෙසිං ගවුමක්!මම එතනට යද්දි එයා සීයා ළඟින් නැගිටලා මීදුම අසේ සැඟවිලා ගියා.
සීයගේ කට ඇදවෙලා තිබුණා.අතකුත් පණනැහැ කියලයි මට තේරුණේ.සීයට සීයට කතා කරන්න බැරිවෙලා තිබුණා.

ඊට මාස තුනකට පස්සේ දුක් විඳ විඳ හිටපු සීයා නැති වුණා.ඊට පස්සෙ මම කවදාවත් වික්ටෝරියා උයන පැත්තේ ගියේ නෑ........................................

Source: Link


---හොස්ටල් එක---


එතකොට මම කම්ප්ස් එකේ 4th yr එකෙ.හොස්ටල් එකේ තම හිටියේ.එක රෑම් එකක තුන් දෙනෙක් හිටියා.නිදාගත්තේ තට්ටු අදන් වල.මන් නිදා ගත්තේ උඩ අදක.හොස්ටෙල් එකට ඔන වෙලාවක එන්න යන්න පුලුවන්.එනිසා රෑ වෙලා නිදියද්දී එකෙක් හරී අඩු නම් දොර ඇරලා තියලා නිදා ගන්නව.රෑ වෙලා ආවොත් කියලා.

ඉතින් මේ අතරේදී එකෙක්ගේ මාමා කෙනෙක්ට අසනීප උනා.ඉතින් මේ යලුවා තමා සාත්තු එහෙම කරේ.හෙබැයි ඉතින් ටික්ක කාලෙකින් මේ මාමා මරුනා.ඉතින් යාලුවා ගිහින් මලගෙදර කටයුතු කරලා අවා bike එකෙන්.

මූ හොන්දටම බය වෙලා.මන් එදා හොස්ටෙල් එකේ හිටියේ .මූ අපට කිවා.මූ මල ගෙදර ඉදලා bike එකෙන් එනවලූ රෑ.වෙලාව නම් 9 වගේලු.ටිකක් දුශ්කර පැත්තක් හන්දා පාරේ වැඩිය ගෙවල් වාහන එහෙම නෑලු.ඉතින් ඔහොම එද්දී එක ගෙයක් ලගදී මුගේ bike එකට බල්ලෙක් වගේ එකෙක් පැන්නලූ ගෙදර ඉන්දලා.සුදු පාට බල්ලෙක්ලු.ඒ පාර මූ ව වැටිලා.ඒ සද්දෙට ගෙදර අය ඇවිත් බලලා.මූ විතරේ කියලා ඇහුවාලූ සුදූ පාට බල්ලෙක් ඉනවාද කියලා.ඒ ගෙදර අය කියලා එහම සුදූ පාට බල්ලෙක් කොහේකවත් නෑ කියලා.ඉතින් මූ ටිකක් බය වෙලා.එත් ඉතින් එන්නත් ඔනනේ මූ හොස්ටෙල් එකට ඇවිත්.අපට ඔය කතාව කිව්වාම අපි එඡර ගනන් ගතේ න.

පස්සේ මූ ඉතින් නා ගෙන මහන්සී කියලා නිදා ගත්තා.මත් ඉතින් පව්නේ කියලා කමරේ light එකත් නිවලා එලියට ඇවිත් පාඩ්ම් කරා.ඉතින් රෑ 12ත් පහු වෙනකන් පාඩම් කරලා මන් නිදා ගන්න කමරේට ගියා.මේ වෙද්දී අනිත් කොල්ලො සේරම වගේ නිදි.කාමරේ අරු නිදි හොදටම.අනිත් එකා පේන්න හිටියේ නෑ.මන් හිතුවා මලක් වත් කඩනව වෙ අති කියලා කමරේ දොරත් බාගෙට වහලා මන් උඩ ඇදට නැග්ගා.

ඒත් නින්ද ගියේ නෑ.ටික වෙලාවක් යද්දී කමරේ දොර ඇරගෙන කව්දෝ කෙනෙක් කමරේට අව.උස අඩි 5ක් විතර ඇති.කලුයි.හරියට පේන්නේ නෑ light නිවලානේ.ආපු කෙනා දොර වහලා අනිත් ඇද උඩට ගියා.මන් හිතුවා අනිත් යාලුවා ආව කියලා.ටික වෙලාවක් ගියා.කිසි සදයක් නෑ.ඉතින් මන් අනිත් ඇහුවා මචන් උබද ආවේ කියලා.සඩ්දයක් නෑ.ඒ පාර මන් නැගිටලා light දාලා බැලුවා.මොකෙක්වත් නෑ ඒ අදේ.අරූ නම් නිදි.

දොර අරින්න ඇද්දා.ඒක එතුලෙන් ලොක් කරලා.මට හොදට මතකයි මන් දොර අඩවල් කරලා නිදා ගත්තේ.මන් ඉතින් දොරත් ඇරගෙන එලියට අව.ඇවිත් පහලට ගිහින් පහල කමරේක කොල්ලෙක්ගෙන් ඇහුවා මගෙ කාමරේ ඉන්න අනික් එකාව දැක්කද කියලා.ඌ කිව්ව එකා හවස ගෙදර ගියා කියලා.එතකොට මහ රෑ කමරේට අවේ කව්ද? ආපු කෙනා දොර ලොක් කරලා තීද්දී කොහොමඩ අතුරු දහන් උනේ? අදටත් මේක ප්‍රශ්නයක්

Source: Link


---දලගිරි අදූන---


අව අටවක පෝයට ඇය මිය යා යුතුය අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය මල්හ⁣ාමි තම කුළුදුල් දරැවා බිහිකිරීමේ දින ඇගිලි ගැන්නේ තමාටත් උක්කුවාටත් දාව උපදින කිරිකැටියා දැක ගැන්මටය පුන්චා උඹ අද හෙටම පටන් ගන්න ඕන ගුරැකම හොදමයි ගැරැන්නාස්සෙ හොදමයි කීවට බොල තෝ දැනගිය මේ වැඩේ අකුරක් එහෙමෙහෙ වෙන්න බෑ බොල සුළු අතපසුවක් උනොත් අපි ඔක්කොම කම්මුතුයි මතක තියාගනින් මේක අපෙ ගුරැකම් පරම්පරාවේ මහ එකාලා තහනම් කරපු කාරියක් උඹ දැනගනින් මේක කොරන්න නම් බන් මේකට ඕනකරන තුන්කුළුදුල් දරැව බඩ දරැ ගෑනි අව අටවකට කලින් ඉබේ මැරෙන්න ඕන අපිට අමාවක රෑකට මිනිය ගොඩගන්න ඉතින් තෝ අදම පල මතකනේ කීවා මන්තරේ නූලට මතුරපිය හ්ම් දැන් පල ඒ බන්ඩර ගුරැන්නාන්සේගේ වචනයයි ඊට පිටින් යෑම කල නොහැකි කරැනකි ..... 

ගොම්මන් වෙලාවේ සිට මල්හාමිගේ නිවස සමීපයේ වන ලැහබක රිංගා මදුරැවන් තලමින් හුන් පුංචා තම කර්තව්යට වෙලාව පැමිනෙන තුරැ අදුර අතර සැගව ඇත. රෑ දොලහට ආසන්න ඇති බව සිය අතබැදි ඔරලෝසුවේ රේඩියම් කට්ට පෙන්නද්දී ගෙපිලට වැද හේ මතුරන්ට විය ගෙතුල නිදාහුන් මල් හාමිගේ හුස්ම ගැනීමේ වේගය එක් වරව වැඩිවිය ඈ දොර හැර ගෙන එලියට බසී නැවත ඇතුලට යති ගේ වටෙි ඇවිදී ඇය උමතුව හමාරය පුන්චා සිය කාර්ය නිමව සීම⁣ා වැලි මිදුලවට දමා එමතැනින් පිට විය පසුවදා මල්හාමි බලාගත් අත බලා සිටී කිසිදු කෑමක් බීමක් නැත බන්ඩාර ගුරා කැන්දා ඇප නූලක් දැම්මද පලක් නොවීය පුන්චාට බාරදුන් කාර්ය නිමව ඇත. එදින රාත්තිරය උදාවින මල් හාමි කාටත් හොරා නැගිට ලිදවෙත ඇදින ඈ ලිංපතුල දෙස බලා සිනාසී සිය මරැවා වෙත නිහඩව ලගාවුනි ඇයගේ මරණය ගම්මුන්ට එතරම් ගනනක් නූයේ ඇය පිටගම් කාරියක වීම නිසාය එනමුදුගමේ තලතුනා ගැහැනුන් අකම්පාල වූයේ ඇය ට ලැබෙන්නට සිටි දරැවා ගැනය . බණ්ඩර ගුරැන්නාන්සේ ගේ ඉහේ මලක් පිපුනා වැනි සතුටකින් සිටියද පුංචා සිටියේ එතරම්කැමත්තකින් නොව ඒ තමාට අතගැසීමට සිදු වූ පාපකාරී වැඩය ගැනය ...

අහසේ පායා තිබූ අවසන් සද පළුවද ආලෝකය වසන් කර මුළු පරිසරයම අන්දකාරයේ ගිල්වාය අතවැසි කොළුවන්ද පුංචා ගුරාද බන්ඩර ගුරැන්නාන්සේද ⁣පාළු කනත්ත සොයා ඇදුනේ ගොදුරකට ඉව අල්ලන සතුන් ලෙසය එය එසේ වුවද අදුන සකස්කරගන නිම කරගන්නා තුරාවට ජීවිතය සෑම තත්පරයකම අනතුරේ බව බන්ඩර ගුරා මැනවින් දැනසිටියේය. අද හැටවන වියේ පසුවන වෙලේ කඩේ අප්පුහාමි එකල කුඩා කොළු ගැටයෙකි අද ජීවතුන් අතර සිටිනුයේ ඔහු පමනි ...මේ කතාව මා හට පවසන ව්ට දැඩි රෝගාතුරව සිටි බැවින් ඇතම් කොටස් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මා අපොහොසත් වෙනවා වීමට පුළුවන 

මුරැතවෙල බෝවල ගම්මානය පාළු සොහොන් පිටියට පැමිනි පිරිස විලක්කු එලියෙන් සොයාගත් මල්හාමිගේ මිනිවල හාරන්නට විය ලෑලි පෙට්ටිය ගොඩට ගෙන මතුරා ගත් කහ දියරෙන් මිනිය නහවා අසල සිටවූ කනුවේ ගැටගැසුවේ හාත්පස ඝන අන්දකාරය දෙසද බලමිනි සෙස්සෝ බියව තැතිගෙන සිටියද බණ්ඩර ගුරැන්නාස්සේ සියල්ලන්ටම මැතිරෑ යම් කුඩක් අතට දුන්නේ හදිසියක් වුවහොත් බාවිතාකිරීමටය මැදියම පසුව ඇත කලමනා ලෑස්තිකර සියල්ල සූදානම්ය අප්පු කොළුවා වීමට යන දේ කුමක්දැයි සැකයත් බියත් අතර හිදිමින් සිටිති. 

පුංචා උඹ දන්නවනේ හරිය අමුතුවෙන් කියන්න ඕන නෑ මම ඔය මල්ලෙ තියන ඒවා ඒඒ වෙලාවට එන එකාලට දීපිය බියගන්න එපා එහෙම වුනොත් වුනොත් කම්මුතුයි අප්පුවා උඹ මගේ ලග හිටු ගුරැගේ අණ අණමය ඈතින් උලමෙකු කෑගසයි සීතල හුලන් දහර වේගයෙන් හැමුවේ දැල් වූ පන්දම් නිවා දැමීමට මෙන්ය අප්පුවාට පැවරෑ කාර්ය වූයේ වලේ දැප මතුරා දෙන දුම්මල කුඩු ගිනි කඹලට දමා මිනියගේ මූනට ඇල්ලීමය වලේ දැප ගුරා මහ හයියෙන් මන්තර ජපකර දුම්මල කුඩු අප්පුවා අතට දෙයි අප්පුවා ඒ දෙන කුඩු රැගෙන කඹලට දමා මිනියේ මූනට අල්ලයි විටින් විට පැමිනෙන නොපෙනෙන බලවේගයන්ට මැතුරෑ බිත්තර උක්ගස් මකුණුදැල් ආදිය අන්දකාරයේ දිසාවට පුන්චා විසිකරයි 

වලේ සිට ජපකරනා මන්තර වේගය වැඩිවින පුන්චා ගේ ද සිටි සෙස්සන්ගේද සියොලග දහදියෙන් නැහැව ඇත එක් වරම ෑතිනි මහා ගොරවනා සදිදයක් ඇසින එපා යැයි කීදෙය පුන්චා ට ඉබේම සිදුවුනි හඩ දිසාවට කුකුලා විසිකරනව වෙනුවට හේ එදෙස බැලීය පැමිනි දිස්ටිය පුන්චාබිලිගත්තේ සෙස්සන් හිස් ළු අත දුවන්නට සලසමිනි ගසේ බැද හුන් මිනියේ දිව එලියට ඇදී ඇත බන්ඩර ගුරැ වලට බැසීමට පෙර කී දෙයක් ශනිකව මතක්වින වල අසල තිබූ මැතිරෑ කහ දියර මුට්ටිය හිසේ වත්කරගත් අප්පුවා කලය වලතුලට දැමීය එම හේතුවෙන් බන්ඩර ගුරා ත් අප්පුවාත් බේරින එන මුදු එදා කාර්යට සහබාගී වූ එකදු අයෙකුවත් අදද ආගියතක් නොමැත.... 

පසුව දින ගනනාවකින් බන්ඩර ගුරා මියගියේ හිටිවනමය ⁣ගම්මානය තුල හදිසියේ එකා දෙන්නා හිටිවනම මියයන්නට විය මියයාමට පරතම වදුරන් බල්ලන් දකිනා මොවුන් අන්න වදුරා යැයි අත දිගහැර පෙන්වයි වදුරකු නැත සෙම දමා මිය ගොස් වැටේ මන්ද ගුරැකම වැරදී ඇත. අදුන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය ගම්මානයේ රැදී ඇත ආරන්චිය පැතිරගොස් පරසිද්ද ඇදුරන් පැමින වැඩකලද පලක් නොවීය පසුව ගම හතර කොන සීමා කොට දින සතක් එකදිගට පිරිත්කියා ගම උවදුරින්බෙිරාගෙන අැත. මල මිනියේ එලියට ඇදෙනා දිවෙන් වැගිරෙනා මිනී තෙල ගෙන එයට දිශ්ටිකවා එයින් වැඩගැනීමට සිටි අය අකාලයේ මිය ගියහ දලගිරි අදුන අදුන් අතරින් බයානකම අදුන එය බව පැවසේ 

ගම් දනව්සුනුවිසුනු කල හැකි අයුතු දේ සදහා යොදාගන්නා බයානක දෙයක සැකස්ම එයින් නැවතින .......

Source: Link


---සුද්දප්පු මාමා---


රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන් පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.

තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.

ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ‍ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.

එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.

"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.

ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි.

Source: Link