මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

02 August 2017

---Anneliese Michel | මේ ඇයගේ කතාවයි---


උපත - 21 September 1952
ස්ථානය - Leiblfing, Bavaria, West Germany
වෛද්‍ය විද්‍යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්‍යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි..

මේ ඇයගේ කතාව

Leiblfing, Bavaria, West Germany උපත ලද ගැහැණු ලමයෙකු වු ඇනීලිසේ මිචෙල් උපත ලැබුවේ 21 September 1952 දින වන අතර අවුරුදු 16 වන තෙක් ඇය ඇගේ ජීවිතය සතුටින් පිරි ව අන්‍ අයට කාරුණිකව ත්‍යාගය ශිලී ව ජිවත් වු අතර මේ දරුවාට ඇලුම් කල ආදරය නොකල කිසිවෙක් නොවිය.. කතෝලික දෙව් මවු ඇදහු ඇය භක්තිමත් විය.

කතාව පටන් ගන්නේ මෙහෙමයි.. සුපුරුදු විදියට දෙව මෙහෙයට සහාභාගි වන ඇය දේව මාතාවට යාඤ්ඤා කරන විටම ඇද වැටෙන්නට විය. මෙය ඇයට කිසිම ලෙසක පාලනය කර ගත නොහැකි විය. මාස තුනක් පමණ යනවිට ඇගේ අත් ඉදිමෙන්නට වු අතර කිසිම ලෙසකට නිදා ගැනිමට අසීරු විය. ඇයට නින්ද යන එකම තැන වුයේ පොලව මතයි. මෙසේ කල් ගත වන විට ඇයට බිත්ති තුළින් යක්ශ මුහුණක් පෙනෙන්නට විය.ඇය එ බව පියා සමග පැවසු විට ඇගේ පියා ඇය වෛද්‍යවරු හමුවට ඉදිරිපත් කෙරිණ.නමුත් සහනයක් නම් ලැබුණේ නැත.මේ වන ව්ට ඇගේ පියා රයන්ස් ට තම දුවට අමනුශ්‍ය බලාවේගයක් නිසා මෙසේ වෙතැයි සිතු නිසා පල්ලියට පැවසු නිසා මානසික හා ශාරිරික වෛද්‍යවරු හමුවට යවන ලෙස පවසා තිබිණි.වෛද්‍යවරු කුමන අදහස් පලකරමින් ප්‍රතිකාර කලත් ඇය සුව වුවා නොව තව තවත් අසාධ්‍ය වුවා පමණි.
දිනක් තම දියනිය දෙස බලා සිට ඉවසිම් නැතිව උස් හඩින් " උබ කවුද ? මගේ දුවගෙ ඇගෙන් යන්න " ලෙස පවසා තිබේ.පලමු වතාවට ඇය එ මොහොතේ ආවේශ වු ලක්ශන පෙන්වමින් ඇය අසල වු පියාගේ කොන්තයක් විනාශකොට ඇත්තේ ඇගේ ශරිර ශක්තිය පෙන්වමිනි. පසුව මෙය කනවැකුණ බිශොප් වරයෙකු (Bishop Josef Stangl )ඇය Exorcism භුත අපහරණයකට ලක් කලද එය සාර්ථක නොවිය.

මේ වන විට ඇය තම ඇදුම් ඉරා ගැනිමටද , තම මුත්‍රා පානයටද , රළු ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත. මේ වන විට ඇයට අවුරුදු 21ක් පමණ වන්නට ඇත. ඇගේ මුහුණ යක්ශයෙකු මෙන් විය(පින්තුර පහල ඇති ). කටහඩ පිටසක්වල ජිවියෙකු වැනි ගෙරවුම් සහිත විය. නිතරම යක්ශ මුහුණක් ගැන කියන ඇය එය කෙදිරුමක් ලෙස අඛණ්ඩව පවසන්නට විය.
මේවන විටත් වෛද්‍යවරු ප්‍රතිකාර කලත් ඔවුන් පවා කුමකට බෙහෙත් කරනවාදැයි නොදැන සිට ඇත.කෙසේ නමුත් පල්ලියේ අනුග්‍රහය මත Exorcism අපහරණ 67 ක් සිදු කොට තිබිණි.. 


 
අවසානයේ ඇය 1 July 1976 (වයස 23) දි Klingenberg am Main, Bavaria, West Germany හිදි ඇගේ නිවසේම මරණයට පත් වුයේ 67 වන අපහරණය සිදු කරන විටය.මෙ නිසා ඇගේ පියා හා තවත් පියතුමන්ලා දෙදෙනෙකු අත්තඩංගුවට පත්වෙන්නේ මිනිමැරුම් චෝදනාවටයි. නමුත් මරණ පරික්ශණයේ සදහන් වුයේ අධික විඩාව හා ආහාර නොගැනිම නිසා වු මරණයක් වශයෙනි. 
 
අරුමයනම් කොතරම් වෛද්‍යවරු ප්‍රතිකාර කලද ආහාර ලබා නොගැනිමවත් ඔවුන්ට පිලියමක් නොවිමයි.පසුව අත්තඩංගුවට පත් අය නිදහස් විය.මරණයෙන් පසුව වෛද්‍යවරු නොයෙක් ලෙස මෙය මානසික ලෙඩක් වශයෙන් පැවසුවද පුරා වසර ගණනාවක් ප්‍රතිකාර කලත් ඔවුන්ට කිසිදු දෙයක් කිරිමට නොහැකි වුයේ මන්දැයි ඇසු විට ඔවුන් මුනිවත රකින්නට විය. 
සමහරු The Exorcism of Emily Rose චිත්‍රපටය බලලා ඇති.. එකට මුල් වුනේ මේ කතාව.මේක පාදක කරගෙන තමා එ ෆිල්ම් එක හැදුවේ .ජර්මන් පොත් , ෆිල්ම් නං හුගක් තියෙනවා මේ ගැන.

අමනුශ්‍ය කොටස් නෑ..මම දැක්කේ නැති නිසා නෑ කියන අය මෙවාට උත්තර දෙන්න දන්නේ නෑ. ඉතිං විවෘත මනසකින් ඉන්න..

Source:Link

---අවදි සිහින (Lucid Dreaming)---


අවදි සිහින ගැන, මේක කරන විදිහ ගැන ගොඩක් අය අහල තියෙනවා දැක්කා. මේක සිහින පාලනය කියලත් හදුන්වනවා. මෙහෙමයි මේක වෙන්නෙ. අපි නිදා ගත්තම අපේ උඩු හිතත් නිදාගන්නවා. ඊට පස්සෙ යටි හිත ක්‍රියාත්මක වෙනවා. අපේ මේ යටි හිතේ තියෙන දේවල් තමයි අපිට හීනෙන් පේන්නෙ. සාමාන්‍යයෙන් අපිට නින්ද ගියාම අපේ ඇග අංශභාගෙ හැදුන වගේ වෙනවා. ඇග හොලවන්න බෑ.
 
ඉතිං මේ සිහින පාලනයෙදි වෙන්නෙ අපේ හීන අපිට ඕනි විදියට පාලනය කරන එක. මේකෙදි අපිට ඕනි දෙයක් කරන්න පුලුවන් වෙනවා. පියාඹන්න වුනත් පුලුවන්. කැමති කෙනෙක් හම්බෙන්න පුලුවන්. මේක කරන්න නම් හීන පේද්දි අපේ උඩු හිත අවදි කරගන්න ඕනි.
 
හැමෝටම රෑට අඩුම තරමෙ හීන 3 ක් 4 ක් වත් පේනවලු. ඒත් ගොඩක් ඒවා ඇහැරුනාම මතක නෑ. මේ හීන පේද්දි අපිට හිතෙන්නෙ ඒක ඇත්තට වෙනවා කියලා. ඇහැරුනාම ඒක හීනයක් කියල තේරුනාට හීන පේද්දි ඒක තේරෙන්නෑ. ඉතිං මෙහෙම හීනයක් පේද්දි ඒක හීනයක් කියල තේරුම් ගත්තොත් අපිට ඒ හීනෙ පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නෙ නින්දෙදි උඩු හිත අවදි කරගන්න ඕනි. ඒක කරන්නෙ මෙහෙමයි.
 
අපිට හීන අදුරගන්න පුලුවන් ක්‍රම තියෙයි. හීන වලදි අපේ අත් දෙකේ ඇගිලි 10 ට වඩා තියෙයි. අපිට හීන වලදි ඕනි තරම් වෙලා හුස්ම නොගෙන ඉන්න පුලුවන්. කෙනිත්තුවම රිදෙන්නෑ. ඉතිං මේ පරීක්ශනයක් හීනෙදි කරල බැලුවොත් අපිට පුලුවන් ඒක හීනයක් කියල තේරුම් ගන්න. මේ කිව්ව ක්‍රම වලින් තමන්ට පහසු ක්‍රම දෙකක් තෝරගෙන අඩුම තරමෙ දවසට පස් සැරයක්වත් චෙක් කරන්න ඕනි ඉන්නෙ හීනෙකද කියලා. ඊට වඩා කරන්න පුලුවන්නම් තවත් හොදයි. පැය 2 කට සැරයක් වගේ. මේකෙදි ඇගිලි ගනං කරනව නම් එකේ ඉදන් 10 ට ගනං කර කර ඇගිලි නවන්න. ඊට පස්සෙ 10 ඉදන් 1 ට ගනං කර කර ඇගිලි දිගාරින්න. ඇගිලි 10 ට වඩා තියෙයි නම්, කෙනිත්තුවම රිදෙන්නැත්තන් ඒක හීනයක්. හීනයක් නෙමෙයි නම් හිතන්න මේක ඇත්තක් කියලා. නිදාගන්න කලිනුත ඇදේ ඉදන්ම මේක කරල බලල නිදාගන්න. නිදාගන්න කලින් හිතන්න මං අද හීනයක් දැක්කොත් ඒක හීනයක් කියල තේරුම් ගන්නවමයි කියලා. 

ඉතිං මෙහෙම ටික දවසක් කරද්දි ඒක පුරුද්දකට ගිහින් අපි මේ පරීක්ශන හීන වලදිත් කරන්න පුරුදු වෙනවා. එතකොට අපිට තේරුම් යනවා ඒක හීනයක් කියලා. තව මේක පහසු කරගන්න උදේ නැගිට්ටම, හීනයක් දැකලා ඇහැරුනාම දැකපු හීන පොතක ලියන්න පුලුවන්, අදින්න පුලුවන්. ඊට පස්සෙ ඒවා නිතර නිතර බලන්න ඕනි. මෙහෙම සති 3 ක් විතර කරද්දි වැඩේ සාර්තක වෙනවා කියලා තමා කියන්නෙ. රෑට එක පාර ඇහැරුනාම, හිනයක් දැකල ඇහැරුනාම දැකපු හීනෙ මතක් කර කර නිදා ගන්න. හීනයක් දැක්කෙ නැත්නම් කැමති දෙයක් හිතින් මවාගෙන නිදාගන්න. 

ඉතිං කොහොම හරි ඉන්නෙ හීනෙක කියල දැනගත්තම තියෙන්නෙ තමන්ට ඕනි දේ හිතන එක විතරයි. ඒක වෙයි. පියාඹන්න, ෆ්ලෑශ් වගේ දුවන්න ඕනි දෙයක්. ඕනි තැනකට යන්නත් පුලුවන්. මුල්ම පාර නම් හීනෙදි ඒක හීනයක් කියල තේරුම් ගත්තම සතුටට ඇහැරෙනවලු. පස්සෙ හරි යනවලු. මාත් ට්‍රයි කරන්න ඉන්නෙ. වැඩේ කියන්නෙ මට ඕක දවසට පස් සැරයක් කරන්න අමතක වෙනවනෙ.

Source: Link

 

---මහසෝනා---


දින තුන හතරක් එක දිගට ඇද හැලුන වැස්ස යන්තම් හෝ පෑව්වේ හවස් වරැවේ ය. 
" අපෝ මාර වැස්සක්නෙ වැස්සෙ තව පොඩ්ඩකින් අයේ ම පටන් ගනී" කියමින් ගෙට ඇතුලු වුයේ අසල්වාසි ගෙදර අයියා ය. 

"වහින්න ගත්තම ඉවරයක් නෑ වහිනවා " පිලිතුර මාගේ පියාගෙනි. ඔවුන් දෙදෙනාගේ කතාවට කන් දීගෙන මාද බිම හිද ගත්තේ අසල සිටි පුස් පැටවාවද ලගට ඇද ගනිමිනි. එකවර බල්ලා බිරිම නිසා ඔවුන් දෙදෙනාගේ කතාව නතර විය. කව්රැන් හෝ ගේ දෙසට එයි . අඳුර වැටි තිබුනත් එන අමුත්තාව අදුර ගැනිමට හැකි වුයේ බුරමින් සිටි බල්ලා වල්ගය වනන්න ගත් නිසා ය. ඒ සුද්ද මාමායි . නිතර දෙවෙලේ අප දිහා පැමිණෙන නිසා බල්ලාද ඔහුට හොදින් හීල ය.
"ගගේ වතුර වැඩි වෙලා මාළුවෙක් දෙන්නෙක් කොටාගන්න යමල්ලා " පැවසුවේ සුද්ද මාමාය. හැටක් පමන වයස ඔහුට ඔරැවක් ඇත.අපේ ගමේ ඔරැවක් හිමි එකම තැනැත්තාද ඔහුය. ඒ නිසා අපෙ ගමෙන් ගලා යන ගඟ ගැන දන්න ඔහු තරම් වෙනත් අයෙක් නොමැත. 

සුද්ද මාමාගේ යොජනාවට මාගේ පියා අදිමදි කලද , මම සහ අසල්වාසි පියුමාල් අයියාද ඉස් මුදුනෙන් පිලිගත්තේය.
අපි තුන්දෙනා අපේ ගෙදරින් පිටවන විට රාත්‍රි අටට පමන ඇත. පියුමාල් අයියා ඔවුන්ගේ ගෙදෙරට දුව ගොස් රැගෙන අවේ දිග මන්නයකි. සුද්ද මාමාගේ ගේ වෙත ගියේ ගෑස් ලාම්පුව හා පොහොර උරයක් ගැනිමටයි. එවා මගේ අතට දී යලි සුද්ද මාමා ගේ තුලට ගියේ ඔහු සගවා ඇති කඩුව රැගෙන ඒමට ය. ඒවා රැගෙන අප කෙලින්ම ගියේ ගං ඉවුරේ ඇති ඔරැව දෙසටය. ගෑස් ලාම්පුව පත්තු කල සුද්ද මාමා මගේ අතට යලි එය දුන්නෙය. අප ගමන් කලේ ගගේ පහලටය . වම් ඉවුර අසලින් අප හෙමින් සීරැවට ඔරැවේ ගියේ හබල් නොගා හෙමින් පහලට ඇදෙන වතුර පාර සමගය.

හීන් පොදක් හිතල හුලගත් සමග ඇගේ වදිනවා පමණි. වැහි වලාකුළු නිසාදො අවට දැඩි අන්දකාරය. ගෑස් ලාම්පුවෙ එලියටත් ඇස හුරැ වී ඇති නිසා අවට කිසිසෙත් නොපෙනේ.
පියුමාල් අයියාවත් සුද්ද මාමාවත් කිසිම සද්දයක් නොමැත. අයියා ඔරැවෙ පිටුපසට වී ඉදිරියට හැරි සිටින අතර මාමා අනෙක් පැත්තේ යයි . මා ලාම්පුවද රැගෙන ඔරැවේ මැදය.

එකටරම "ච්ස් " හඩින් ගගේ වතුර කපාගෙන මන්න පාරක් යයි, ඒ පියුමාල් අයියා ය.පලමු උත්සහය සාර්ථක බව ඔහුගේ මුන බැලුවම පෙනේ . වතුරට අත දා ඔහු ගත්තේ තරමක් විශාල හිස දෙපලු වු කොස්සෙකි.
කලින් අසා තිබුනත් එසේ මාළු අල්ලනවා දුටුවේ එදාමය. වැස්ස නිසා ගගේ වතුර ප්‍රමාණය වැඩි වී ගගේ අඩිය කැලබි බොර වීම නිසා මාළුන් රාත්‍රි කාලයට ගගේ මතුපිටට එනවා. එලියක් වැටුනු පසු මළුවාව මරා ගැනිම පහසු වන්නේ ඌ ඒ අලෙ⁣ාකය දිහා බලා සිටින නිසා.

දෙවන මාළුවාටද වග කිව්වේ පියුමාල් අයියාමය. මෙසෙ බොහො දුරක් අප ගගේ පහලට ගියෙය. පොහොර උරයේ බාගයක් වෙන්නම මාළු ඇත.

"දැන් ඔය ඇතේ " කියා කව්රැන් හෝ ඉවුර දෙසින් එක වර කෑ ගැසුවාය." මේ රෑ ජාමේ මොකාද මේ කැලෙ කොරන්නේ" සුද්ද මාමා එසේ කියන විට මට දෙලො රත් විය. සැබැවින්ම දැන් මධ්‍යම රාත්‍රිය පසු වී ඇතැයි මටත් හොදටම විස්වාසය. අනික අහල පහල ගෙයක්ද තිබිය නොහැක එය වගුර සහිත කිරලා කැලයකි.දවල් කාලයටවත් එහි නොයන්නේ එය සර්පයන්ගෙ රජදහනක් වන නිසා ය.
මා පියවි සිහියට අවේ යලි වතුර හරහා ගිය කඩු පාරේ සද්දයටය. මාළු අල්ලමින් අප තවත් ඉදිරියට ගියේ ය. යැමට හැකි වුයේ ටික දුරකි . 

යලිත් "දැන් ඇති" කියලා කෑගැහිල්ලත් සමග මාගේ අත තිබ්බ ගෑස් ලාම්පුව නිවි ගියේ අප හට මර බියද රැගෙනය. 
එක වර ලාම්පුව නිවිගිය නිසා කළුවරට ඇස හුරැ වීමට සුළු මොහොත් ගියේය. පියුමාල් අයියාගේ අසාමාන්‍ය හුස්ම ගැනිම හා එකවර තිබු මරලතෝනිය නිසා බය වුන මාගේ කකුල් ගැහෙන්න ගෙන ඇගම පනනැති වි ගියේය. එක වරම සුද්ද මාමා මාළු බෑගය ගඟ මැදට විසිකර දැමුවෙය. යලි මගේ අතේ තිබ්බ ලාම්පුව ගෙන පත්තු කර මගේ අතටම දි ඔරැව හැකි උපරිම වේගයෙන් අප ගෙවල් දෙසට හබල් ගාන්න පටන් ගත්⁣තේය.

එදා එලි වෙන තෙක්ම ගමේ අය පියුමාල් අයියාගේ ගෙදරය. යන්තම් දවල් වරැවේ ඔහු කතාකලේ දෙහිමතුරා නූල්ගැට ගසා භය ටිකක් හෝ නැතිකල පසුවය. 
ගගෙන් මතු වු හිසක් ඔරැව දෙසට එනවා ඔහු දැක්කා යැයි පැවසුවේ ය.

තුන් දෙනෙක් ගිය නිසා ඒ ඇවිත් තියෙන්නේ මහසෝනා බව හැමෝගෙම මතය විය. 

අපට යක්ශයෙකු වුවාත් ගඟෙ මාළුන්ට ඔහු දෙවියකු වනු නොවුනුමානය

Source: Link

---මියගියත් පාඩම් කිරීමට ආ මිතුරා---


සාමාන්‍ය පෙළ විභාගය සඳහා වසර අග භාගයේ මා වැඩි උනන්දුවක් දැක්වූ හෙයින් කාලය වැඩිපුර ගත කළේ පොත පත් සමඟයි. නමුත් තනියම පාඩම් කිරීම කම්මැලිකම ගෙන දෙන කරුණක් නිසා පන්තියේ මිතුරන් සමඟ රාත්‍රියේ පාඩම් කිරීමට අපිව යොමුකළේ පන්තිභාර ගුරුතුමා බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුමය.

බුද්ධි, ගුණය, නවය, පොඩ්ඩ, පූල, සුරා මද්ද මම මේ රාත්‍රියේ එක්ව පාඩම් කරන කල්ලියේ සාමාජිකයන්ය. හැමදාම එකතුවෙන අපි අතර ඉඳහිට එන කීප දෙනෙකුත් නොසිටියා නොවේ. මධ්‍යම රාත්‍රිය වනතුරු පාඩම් කරන අපි පසුදින පාන්දරම අවධි වී පාසල් යාමට නිවෙස් බලා යාම පුරුදු කාරණයකි.

දිනක් සවස සිට ඇද හැලුණු ධාරාණිපාත වරුසාව හේතුවෙන් වේලාසන පාඩම් කිරීමට ගුරු ගෙදරට ආ මම පමණක් වූ අතර අන් අය රාත්‍රි 10 වෙනතුරුද නොපැමිණීම මාගෙ හිතට මහත් හිරිහැරයක් විය. 
අපරාදෙ අද ආවෙ. උන් හොඳට නිදි ඇති. මාත් ගෙදර හිටියනම් හොඳට පොරවගෙන නිදාගන්නවනෙ ශිට්. පොතට නෙත යොමුකළත් සිත තිබුණේ ආපසු යා යුතුමයි යන සිතුවිල්ලේය.

වැස්ස තුරල් වුවද වතුර බසින හඬට මුසුවු ගෙම්බන්ගේ කෑ මොර හඬ මූසළ වටපිටාවක් නිර්මාණය කළේ තනි මා තව තව අසරණ කරමිනි.
විදුලි පහනෙ ආලෝකය බිත්තියට එපිටින් අඳුර කපන්නේ හුලං කවුලුවෙන් විහිද ගිය රැසින් බව මා දන්නා නමුත් සුළඟට වැනෙන ගහකොළ මත ඒ ආලෝකය විවිධාකාර භයානක රූ මවන බවද මට සිතේ.

ගෙදර අන් අය අඳුරේම නිදාගෙන සිටි නිසා මට හිතේ චකිතයක් ඇති වීමට පටන් ගත්තේ මොන යම් හෝ දෙයක් පිළිබඳ නුහුරු නුපුරුදු ඉවක් වැටීමෙන් බව අපහැදිලි නැත.
දැන් ඇති. පාඩම් කරන්න තරම් මනස නිරවුල් නොවූ නිසා පොත වහල නිදාගන්නව. හිතමින් පුටුවෙන් නැගිට්ටෙ පුටුව තල්ලුවෙන හඬද නෑසෙන තරමටය. මොහොතකින් විදුලි පහන නිවා දැමූ මා ඇඳ මත වාඩි වූ සැණින් සුපුරුදු කට හඬකින් මා අමතනු ඇසිණි.

මොකො බං මේ රෑ.. මං බලන් උන්න බැරිම තැන තමා නිදාගන්න ලෑස්ති වුණේ. උඹල කොහෙද ගියෙ? අසමින් මම නැවත විදුලි පහන දැල්වූයේ දැන් නම් තනියක් නෑ එකෙකෙ හරි ඉන්නවනෙ යන උදම් වූ සිතුවිල්ලෙනි.

නිමේෂයකින් වසා තිබූ දොර හැරීමට මා උත්සාහ කළද දොරගුල විවෘත වන්නට යතුර කැරකිය යුත්තේ කුමන දිශාවකටදැයි මට අදහාගත නොහැකි විය. වම් පසට මෙන්ම දකුණු පසටද කැරකූ මුත් දොර විවර කිරීම අසීරු විය. වැස්සට දොර ඉදිමිලා වෙන්නැතියි සිතමින් වැරෙන් දොර ඇද්ද විට එක්වරම දොර ඉතා සැහැල්ලුවෙන් විවර විය. සිදු වූයේ මා කිසිම විටක බලාපොරොත්තු නොවූ දෙයකි.

කිසිඳු ශබ්දයක් නොමැති නිහඬ වටපිටාවක දුර සිට බල්ලකු බුරන හඬ පමණක් ඇසෙයි. මට ආමන්ත්‍රණය කළ මගේ මිතුරා දොර විවර වන විට මගෙ දෙසට පිටුපා සිට එක්වරම කාමරය දෙසට හැරෙන දසුන මට සිහිපත් කිරීම පවා අසීරුය. මගෙ නෙත උගෙ නත හෑ ගැටුණු සැණින් මාගෙ උරහිසට ඉහළින් රතු පැහැති යමක් වේගයෙන් ගමන් කරන බව මට දැණුනි. ඒ සමඟම දල්වා තිබු විදුලි ආලෝකයද විසන්ධි විය. මට අදහා ගත නොහැකි ලෙස මා ඉදිරියේ සිටි සගයාගේ මුහුණ නොපෙනුනත් රත් පැහැයෙන් දිලෙන දෑස මෙන්ම මගේ උරහිසට ඉහළින් වේගයෙන ගමන් කළ ‍රත්පැහැ දිව පමණක් අඩ අඳුරේ පැහැදිලිව පෙනෙන්නට විය. මට එක වචනයකට හෝ අකුරු ගලපා ගැනීමට නොහැකි තැන සිදුවූයේ උගුර කට වියලී ගිය බව පමණකි.. කෑ ගසා ගෙදර අන් අයට අවධි කිරීමට සිතුවද මට කැ ගැසීමටද නොහැකි ව මා ගොලු වීදැයි හැඟිණි. අඬ අඳුර කෙමෙන් දෑසට හුරුවෙන මොහොතේ දෑස නීලංකාර වන ලෙස ආලෝකය නැවත දැල්වුණ මුත් මා ඉදිරියේ සිටි රුව මැකී ගොස් ඇති බව අවබෝධ වූයෙන් විදුලි පහන දෙස බලන විට එය තවමත් දෙපසට වැනෙමින් තිබීම මාගේ හෘද ස්පන්දනය වේගවත් කිරීමට සමත් විය. වේගයෙන් දොර වසා අගුලු දැමූ හඬට ගුරුතුමා අවධි වී ඇති බවක් හැඟුණද රැය පහන් වන තුරුම දොර විවර නොකිරීමටත්, නොනිදා අවධියෙන් සිටීමටත් පෙර දසුන් මට මැවි මැවී පෙනෙන මා තීරණය කළෙමි.


ලැජ්ජාවටත් කෝපයටත් භීතියටත් පත් මා කිසිවෙකුට කිසිත් නොකියා වටින් ගොඩින් එළිය වැටෙන මොහොතේ දොර හැර ගුරුතුමාගේ සුපුරුදු අවසරය ගෙන ඉන් පිට වූ අතර උදෑසන පාසල ආරම්භ වීමට මත්තෙන් මාගේ මිතුරා පෙරදින රාත්‍රියේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් දිවියෙන් සමුගෙන ඇති බව පාසල පුරා පැතිරී ගියේ මා හදවත සොහොන් පිටියක් සේ භීතිය දෙගුණ තෙගුණ කරමිනි.





 Source: Link



---ලංකාවට කුවේණිගේ ශාපය වැදිලාද?---


අතීත සිංහල රජ කාලේ සිදු වූ අද්බූත කතා අහන්න කැමති ගොඩක් පිරිසක් ඉන්නවා. මමත් ඒ වගේ අතීතයේ සිදු වූ අද්බූත දේවල් කියවන්න, හොයන්න ගොඩක් කැමති කෙනෙක්. එවන් පිරිසක් වෙනුවෙන් මේ අද කතාව ගෙන එන්නේ කුවේණි ගේ ශාපය පිලිබදවයි.

මෙතැනදී ශාපය කිව්වට ඇත්තටම කුවේණි ශාපයන් 9ක් කරලා තියෙනවා. ඒ පිලිබදව කුතුහලයෙන් එක දිගට කියවන්න පුළුවන් කතාවක් තමයි මේ ඉදිරිපත් කරන්නේ ... දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු !
වරිගෙන් පිටමං කළාට... විජය අතහැර දැමුවාට... හෙළ දිවයිනට-වරිගෙට.. කුවේණි කළ සාපය !!!

1 - හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා !!!
2 - හෙළයේ නායකයන් විනාශ වේවා !!!
3 - පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා !!!
4 - හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා !!!
5 - හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා !!!
6 - බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා !!!
7 - අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා !!!
8 - ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා !!!
9 - ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා !!!

රාවණා රජුගේ ලේ නෑයන් වන රවිශෛලාෂ පරපුරෙන් පැවැතෙන වර්තමාන ලේ නෑයකු වන දම්සරා ශ්‍රී පාලි ප්‍රථම වරට මාධ්‍යයකින් කරන හෙළිදරව්ව වන ‘කුවේණිගේ සාපය සහ එයින් ගැලවෙන මඟ’ පිළිබඳ තොරතුරු කිහිපකි මේ.

රාවණා රජ්ජුරුවන්ගෙ පුතෙක් තමයි උපේන්ද්‍ර මිණික. ඔහු අයිති රවිශෛලාෂ පරපුරට. රවිශෛලාෂ කියන වචනෙ සිංහල තේරුම වෙන්නේ ඉරුගල් බණ්ඩාර කියන නම. මේ ඉරුගල් බණ්ඩාර එහෙමත් නැතිනම් රවිශෛලාෂ පරපුරේ හිටියා විකුම්ඨභද්‍ර කියලා යක්‍ෂ සෙන්පතියෙක්. ඔහු රාවණා පරපුරේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක්. ඔහුගේ පාලන කාලයේ තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ.

මසිතිපාලි කියන්නේ රාවණාගේ පරපුරේ ඒ කියන්නේ යක්‍ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතිවරියක්. මේ මසිතිපාලි විවාහ වෙන්නේ විකුම්ඨභද්‍ර සෙන්පතියත් එක්ක. මේ විවාහෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගෙ නම තමයි කුවේණි.

ඇයට කුවේණිය කියලා කිව්වට ඒක ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම වුණේ කෞරාණපාලි කියන නම. මේ කෞරාණපාලි තමයි පසු කාලෙක මහාපාලි වුණේ. ඇයට ඒ නම ලැබුණෙ ප්‍රාදේශීය පාලක තනතුරක් ලැබුණ හින්දා. කුවේණිට විජය මුණගැහෙන්නේ ඇය අධිපතිකම් කරපු ප්‍රදේශයේදි. විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටිය බව ඇත්ත. ඒ වුණාට ඇය ඒක කළේ වෘත්තීය මට්ටමින් නෙවෙයි.

හෙළ කුල සිරිත් අගයන කාන්තාවන් විවේකය ගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේක ගත්තේ කපු කැටීමෙන්. ඒකට හේතුව වුණේ කුවේණිගේ පරිපාලන විෂයක් විදියට කපු කර්මාන්තය තිබුණු හින්දා. දේශීය කර්මාන්තයක් වුණු කපු කර්මාන්තය නඟාසිටුවීම ඒ රාජකාරියේ ප්‍රධාන කොටස වුණා.

අදින් අවුරුදු දෙකකට විතර කලින් මානාකන්ද ගවේෂණය කරපු වෙලාවෙ සැඟව ගිය ඓතිහාසික විස්තර ගොඩක් අපි හොයාගත්තා. ඒ තොරතුරුවලට අනුව මේ මානාකන්දේ එක තැනක තියෙනවා විශේෂිත ස්ථානයක්. ඒකට කියන්නෙ බිසෝග්‍ර කියලා. මේ ස්ථානය තමයි කුවේණිය ගුප්ත විද්‍යාව ප්‍රගුණ කරපු තැන. ඒ වගේම දැහැන්වලට සමවැදුණු, වරම් ලබාගත්තු තැන.

කුවේණියට හිටියා නංගි කෙනෙක්. ඇගේ නම වුණේ සත්තමුදී. මේ සත්තමුදී කියන්නෙ ඉසිවර භාවයට පත්වෙච්ච තැනැත්තියක්. මේක පැහැදිලිවම ලංකා-ඉන්දියන් ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. මේ සත්තමුදි කියන ඉසිවරිය මානාකන්දේ වැඩ සිටියා. ඇය වැඩ සිටි අසපුව අදටත් තියෙනවා මේ මානාකන්දේ නෂ්ඨාවශේෂ නටබුන් අස්සේ.

මේ කුවේණිය විජය එක්ක විවාහ වෙන එකට කුවේණියගෙ පැත්තෙ නෑදෑයො තනිකරම විරුද්ධ වුණා. ඒක එහෙම වුණේ කුවේණි අයිතිවෙච්ච රාවණා පරපුර හිස් මුදුනින්ම යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් ආරක්‍ෂා කරපු, ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්න හරි සූදානම් වෙලා හිටිය ගෝත්‍රික පිරිසක් හින්දා. ඔවුන් ඉතාමත් තදබල විදියට අදහපු දෙයක් තිබුණා.

ඒ යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දැමිය යුතුයි කියන නියමය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරා ඉතිහාසය ලියැවිච්ච වරිග පූර්ණිකා පුස්තකයේ ඒක ලියැවිලා තියෙන්නෙ මේ විදියට. වංශික සංස්කෘතිය අනුව ජීවත් විය යුතුය. නොගැළපෙන ගෝත්‍රයන් හා විවාහ නොකළ යුතුය. පරපුරේ අනන්‍යතාව සුරැකිය යුතුය. පරපුර පාවා නොදිය යුතුය. අන්‍ය ජාතික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකළ යුතුය. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුය.
කුවේණි මේ යක්‍ෂ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍රවල මූලධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීතිරීති කඩලා තමයි විජය එක්ක විවාහ වෙන්නෙ. මේ හේතුව උඩ කුවේණිය යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වරිග තහංචි පනවනවා. වරිගෙන් පිටකරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වරිග තහංචි පනවන්නෙ වරිග සභාවක් කැඳවලා. ඒකෙදි දෙපැත්තෙම කරුණු විමසලා.

යක්‍ෂ ගෝත්‍රික වරිගෙන් පන්නපු කුවේණිය විජයත් එක්ක ජීවත් වුණත්, අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතැනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. ඒ වුණාට විජය පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන්නපු භද්දකච්චානා කුමරියත් එක්ක විවාහ වෙනවා. තමන්ගෙ වරිගෙත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතැනදී තවත් අසරණ වෙනවා.

එතැනදී කුවේණිගේ හිතේ නැඟෙන්නේ වෛරයක්. පළිගන්න චේතනාවක්. ඒ වෙලාවෙ කුවේණි සාප කරනවා. වරිග පූර්ණිකාවෙ එන කුවේණිගෙ සාපය පටන් ගත්තෙ ඒ විදියට. මේ වෙලාවෙ කුවේණි සාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ සාපය තුන්ගොල්ලකට වැදුණා. වරිග පූර්ණිකා පුස්තකයේ ඒක කියන්නෙ මේ විදියට.

යක්‍ෂ ගෝත්‍රික පරපුරට කළ සාපය.
විජයගේ පරපුරට කළ සාපය.
විජය කුවේණිගේ පරපුරට කළ සාපය.

කුවේණිගේ මේ තුන් පරපුරට කරපු සාප එක්කම එදා හෙළ දිවයිනටත්, ඈ ලංකාවටත් සාප කළා. ඒ සාපය හරි භයානකයි. කෲරයි. කුවේණි ඒ සාපෙ කළේ ඇඟේ උතුරලා කකියන ලේවලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප හතක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා මේ සාප වර්ගවලින් ලංකාවත්, ඒකෙ මිනිසුන්වත් බේරෙන්නෙ නෑ කියලා.කුවේණිගෙ සාප වර්ග නවය ගැන ලියැවිච්ච පොතක් තියෙනවා.

ඒ පොත ගැන මෙච්චර කාලයක් කාටවත් කිව්වෙ නෑ. ඒක වරිග පූර්ණිකා පුස්තකයටත් එහා ගිය පොතක්. ඒ පොතේ නම තමයි යගු කෞරාණ මඩිය. ඒකෙ කුවේණිගෙ සාප වර්ග නවය මේ විදියට ලියලා තියෙනවා.
කුවේණිය කෙස් වැටියෙන් වතුර අරගත්තා. මේ විදියට වතුර අරගත්තෙ මානාකන්දෙ දිය උල්පතකින්. උල්පත අදටත් තියෙනවා හැංගිලා. මේ කෙස් වැටියට අරගත්තු වතුර මුහුදට විසි කළා. ඒ ලංකාවෙ හතර පැත්තෙන්. මෙතැනදී කුවේණිගෙ සාපය වුණේ ලංකාව හතර පැත්තෙන් විනාශ වේවා කියන සාපය.
දෙවැනි සාපයට කියන්නේ චාපූර්ණ සාපය කියලා. මේ සාපයෙන් කුවේණි කළේ සිංහල ජනතාවට නායකත්වය දෙන නායකයන් විනාශ වේවා කියන දේ.

තුන්වැනි සාපය වුණේ විථුල සාපය. මේ සාපය හින්දා අපේ ජාතිය, පිටස්තර ජාතීන් ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා.
හතරවැනි සාපයට කිව්වෙ පග්ගි මවුරි කියලා. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා. එකාට එකා කා කොටා ගනිල්ලා.
පස්වැනි ශාපය වුණේ නිමි මිනිස කියන සාපය. මේ සාපය කුවේණි කෙරුවේ ලංකාව මැදින් දෙකට කැඩිලා මුහුදට ගිලීයන් කියන වෛරයෙන්.

හයවැනි සාපයට කිව්වෙ තග්නිකා කියලා. මේකෙන් කියන්නෙ ලංකාවෙ බුද්ධිය හීනවූ ජාතියක් ගොඩනැඟියන් කියලා.
හත්වැනි සාපය විදියට තියෙන්නේ හරිවිත් සාපය. මේකෙදි කුවේණි කළේ මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා කියල පළිගැනීම.

අටවැනි සාපය වුණේ හොඳ කරන්න බැරි ලෙඩ දුක් වහ වහා පැතිරේවා කියලා.
කුවේණි නවවැනි සාපයෙන් කළේ මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගහගෙන ගිහින්, ගිලෙමින් යනවා වගේ කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා, විනාශ වේවා කියන දේ.
කුවේණි කරපු මේ සාප නවය හරි බිහිසුණුයි. කුවේණිගේ හිතේ මේ වගේ භයානක සාප ඇතිවෙන්න තරම් වෛරයක් ගෙනාවෙ තමන්ගෙම පරපුරයි, විජයගෙ පරපුරයි කියන එක කුවේණිගෙ හිත ඇතුළෙ තිබිච්ච දෙයක්. ඒ වගේම තමයි විජයයි, විජයගෙ පිරිසයි ගැන වෙනමම වෛරයක් තිබුණා. තමන්ගෙ වරිගයත්, මේ හෙළ දිවයිනත් විනාශ කරන්න ආපු හතුරො කියලා කුවේණි හිතපු හින්දා. මෙතැනදී කුවේණිට ඕන වුණේ තමන්ට මේ දේ කරපු උන්ගෙන් පළිගන්න. ඒ හින්දයි තමන්ගෙ ජාතිය ගැනවත්, පරපුර ගැනවත් කුවේණි අනුකම්පාවක් දැක්වුවෙ නැත්තෙ.

කුවේණි මේ සාපෙ කරන කාලෙ යක්‍ෂ ගෝත්‍රිකයන් වර්ග හතරක් එදා මේ රටේ හිටියා. ඒ හතර තමයි රවිශෛලාෂ, කේවේසස්ථාන, මිණිමිහිල, රක්ඨාන. ඒ විදියට බලනකොට යක්‍ෂ ගෝත්‍රිකයන් එදා මේ හෙළ දිවයින පුරාම පැතිරිලා හිටපු ජාතියක්.

අපි කුවේණිගෙ සාපය බරපතළ නෑ කියලා හිතනවා නම් ඒක ඉතාම වැරැදි දෙයක්. බුදු හාමුදුරුවො ජීවමානව හිටි කාලයෙත් හිටිය යක්‍ෂ ගෝත්‍රිකයන් අද නෑ. විජයගෙ කට්ටියත් අද නෑ. ඒ වුණාට ඒ සාපෙට අහුනොවෙච්ච කොටසකුත් හිටියා. ඒ බුදුන් සරණ ගිය ගෝත්‍රිකයන්.

මේක මෙහෙම වුණේ බුදු දහම පදනම් කරගත්තු සදාචාර ධර්මයේ පිහිටිය හින්දා. මේක වරිග පූර්ණිකා පුස්තකයේ මේ විදියට ලියලා තියෙනවා. "සිරි රවිශෛලාෂ රකුන් බලාහු බලපති තේජසිරි ගුණකර දැහැන් ප්‍රවිධ රකුන් පේනි සිරි ගෝතම සුවස් සම්බෝධි තෛ්‍රලෝකාග්‍ර පීතෘන් මැවි"

මේ ඒ කොටසෙ සිංහල තේරුම "රවිශෛලාෂ යක්‍ෂ ගෝත්‍රයේ අධිපතියා ලෙස ගෞතම බුදුන් වහන්සේ සලකන්න.
මේ කුවේණිගෙ සාපයට ඕනෑතරම් උදාහරණ තියෙනවා. බලන්න පඬුවස්දෙව් රජ්ජුරුවන්ගෙ දුවට වෙච්ච දේ. ඒ කියන්නෙ උන්මාද චිත්‍රාට. උන්මාද චිත්‍රාට උපදින දරුවා මාමාවරුන් මරනවා." ඒක එහෙමම වුණා නේද?

අපේ සිංහල රට රජවරු කීදෙනෙක් රජකම් කළාද? පාලනය කළාද? ඒ එක රජකෙනකුටවත් නිදහසේ තමන්ගෙ රට පාලනය කරන්න ලැබුණද? නෑ නේද? ඒ ඇයි? කුවේණිගෙ දෙවැනි ශාපය චාපූර්ණ සාපය හින්දා.

මේ විදියට කරන සාපයන් පලදෙන්න නම් ඒ සාප කරන කෙනා ඒකට සුදුසු වෙන්න ඕන. කුවේණිට ඒ සුදුසුකම් තිබුණා. ඒ හින්දා කුවේණි අධිෂ්ඨාන හතරකින් සාප කළා. ඒ හතර වුණේ පතිවාත්තතා අධිෂ්ඨානය, පංච අධිෂ්ඨානය, අෂ්ට අධිෂ්ඨානය, සමාපත්ති අධිෂ්ඨානය. පළමුවැනි එක පතිවාත්තතා බලයත්, දෙවැනි එක දැහැමි බලයත්, තුන්වැනි එක අධිෂ්ඨාන බලයත්, හතරවැනි එක මන්ත්‍ර බලයත් විදියටයි කුවේණි සාපයට අරගත්තෙ. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා මෙතැනදී. ගෑනියෙකුගෙ වචනත්, කඳුළුත් සාපයකදී සාපයක්ම වෙනවා කියලා.

මෙතැනදී කුවේණිගෙ සාපයෙන් ගැලවෙන්න ඕන විදියත් මේ කුවේණිගෙ සාපය ගැන කියන පුස්තකයේම ලියලා තියෙනවා මේ විදියට. හරි විදියට, නිවැරැදිව බුද්ධාගමේ පිහිටන්න. අදහන්න. කුවේණියට පින් දෙන්න. මේ සාපය ඉවත් කළ හැක්කේ පත්තිනි දෙවියන්ට පමණයි.

ඒ හින්දා පත්තිනි මෑණියන්ට කියලා කුවේණිගෙ සාපය ඉවත් කරන්න නියම කරන ලද සෙත් ශාන්තිකර්ම කරන්න. ඒ සඳහා කන්‍යා කුමාරි දානය දෙන්න. කොහොඹා කංකාරිය කරන්න. කිරි අම්මාවරුන්ගේ දානය දෙන්න, වියපත් අම්මාවරුන්ගේ දානය දෙන්න.

කුවේණිය හැමවිටම පතිවෘත්තතා ධර්මය ආරක්‍ෂා කරපු කාන්තාවක්. විජය අතෑරියට පස්සෙ වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා කළේ නෑ. බුදුන් සරණ ගිහින් අන්තිමට බිම්බා මහරහත් තෙරණිය ලංකාවට වැඩිය වෙලාවෙ ඒ තෙරණිය ළඟ පැවිදි වුණා. ඒ පැවිදි ආරාමය අදටත් තියෙනවා. බිම්බා මහරහත් තෙරණිය වැඩ විසූ ගල් ගුහාව අදටත් තියෙනවා.

ඒ ගල් ගුහාවට පහළින් කුවේණිය මහාපාලි විදියට පැවිදි වෙලා වාසය කරපු ගල්ගුහාව අදටත් තියෙනවා. අද ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්‍ෂණය කරලා. මේ මහාපාලි මෙහෙණියගේ ගල්ගුහාවෙ කුවේණියගෙ හිස නැති ශෛලමය ප්‍රතිමාවක් තියෙනවා ඒ කාලෙ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසිච්ච.

හැමතිස්සෙම අපි කුවේණිය පුදන්න ඕන. කුවේණිය වෙනුවෙන් දෙවොලක් අවම ශ්‍රමයෙන්, මුදලින් හදන්න ඕන. ඒ දේවාලය ඇතුළෙ කුවේණිගෙ පතිවෘත්තා බලමහිමය, ගුණය අපි නිතර නිතර සිහිපත් කරන්න ඕන. ඒ ගැන හිතලා කුවේණියට පුදපූජා තියන්න ඕන. මේ විදියට කරන ගමන් අපි කුවේණිට කන්නලව් කරන්න ඕන. ඒ කන්නලව්වෙන් අපි කරන්න ඕන කුවේණියගෙන්ම මේ සාපය අයින් කරලා දෙන්න කියන ඉල්ලීම.

කුවේණිගෙ ආත්මය අදටත් මේ ලංකාවෙ සැරිසරනවා. රැඳිලා තියෙනවා. මේ සාපය ක්‍රියාත්මක වෙන දිහා බල බලා කුවේණි ක්‍රෝධයෙන් දැවි දැවී ඉන්නවා. පස්සෙ කාලෙක කුවේණි මහාපාලි විදියට මෙහෙණිවර ලැබුවා. නමුත් ඇය කළ සාපයත්, ක්‍රෝධ වෛරී හිතත් හින්දා ඇය පාපකාරී සාපයෙන්ම තවමත් දැවි දැවී ඉන්නවා.

මේ වෛරය තවදුරටත් මේ විදියටම තියෙන්න බෑ. රාවණා පරපුරේ යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක් විදියට මේ සාපයට මගේ රටත්, මගේ ජාතියත් අහුවෙලා විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බෑ. ඒ හින්දා කුවේණි අයිති රාවණා පරපුරේ ලේ නෑයො විදියට මටත් තියෙනවා වරිගයෙ යුතුකම් ඉටුකිරීමක්. ඒක මගේ වගකීමක්. මං මේ කුවේණි සාපයෙන් ලංකාව බේරගන්න උත්සාහ කරනවා. රාවණාගෙ පරපුරේ කුවේණිගෙන් වෙච්ච වැරැද්දෙන් වරිගයට එකතු වෙච්ච කැළල මකාදාන්න තියෙන එකම විදිය. වරිගයෙ නැතිවෙලා ගිය ගෞරවය ආපහු වරිගෙට ලබාගන්න තියෙන එකම ක්‍රමය.

කුවේණියගේ සාපයෙන් රටත්, ජාතියත් බේරාගන්න ඕන කරන මේ පූජා ඔක්කොම හරියට කරලා කුවේණි සාපෙන් මේ රට නිදහස් කරගත්තු දවසට කුවේණිගෙ ආත්මයටත් හොඳ යහපතක්ම වේවි. ඇය විවාහයේ අවසාන මොහොතේ කළ පින්කම් හින්දා හොඳ තැනක උත්පත්තිය ලබාවි....

😊

( උපුටා ගැනීමකි , සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබ සතුයි ....)





Source: Link 





---පරණ කාරය---


(සත්ය සිදුවීම් කීපයක්මත ගොඩනැගුනු නිර්මානයකි)
 
" ඔය රෙද්දවල් අතෑරල දාපන් බන් ලොකුපුතේ උඹට මම කවදාවත් පාවිච්චි කරපු දේවල් අරන් දීල තියද මට කියපන් .... " අල්ලපු කාමරයේ සිට මට ඔහු ආඩපාලි නගයි අම්මා නිහඩය මා සසලව ඇත. ඈත තේ යාය දෙස මා බලා හිදී මට තාත්තා කුඩා කල අරන් දුන් සෙල්ලම් කාර් වාහන ගස්ටමැජික්• මැවී පෙනින මල්ලී නූපන්නා නම් ඒවා දැනුදු තිබෙනවා ඇත. පාසල් ගොස් පැමිනිඑක් දිනක මල්ලී සිය ප්රතම අපරාදය මා හට කර තිබින ....අම්මා මාළු ටැංකි කඩයෙන් පොල දා අරන් දුන් සාරි ගප්පියන් දෙදෙනා බෝතලයෙන් අල්ලා මරා ⁣උන් ගේ කැලි ගලවා තිබින. මා ඉකි ගසා හැඩුවෙමි´ සැනසීමට අම්මා කීයේ උෟ පොඩි එකා පුතේ නොතේරෙන කම නේ.... දිනෙන් දින මා සතු සෙල්ලම් බඩු ඒකා කඩා විනාස කලහ, කදුළු දුක ඉතිරිව. මා කල රැකියාවෙන් දුක් විද ගත්තේ ස්කූටියකි එය අළුත්ම එකකි මා රටක් රාජ්ජයක් දිනූවා සේය... එයින් මාකල වැඩ පහසු වින කාලය ගෙවුනි රෝද දෙක හතර කරගැන්මට ඇවසිවින ලක්ෂයක්මා සොයා ගෙන තිබින අරමුන වූයේ කාරයක් ගැනීමය ආසාවකි. මදක් පරන එකක් මුලින් ගෙන පසුව අළුත් හෝ ඊට වඩා එකකට යෑම මගේ අරමුන වූයේ තාත්තාගේ දැඩි විරෝදය මැදය ..ඔහු පවසනුයේ පරන වාහන යා ⁣නොදෙනා බවය .. 

උඹට සල්ලි නැත්නම් පහල වෙල ඉඩම විකුනල හරි උකස් කරල හරි අළුතෙන් එකක් අරගිය මාත් පෙන්ශන් එකෙන් ගානක් දෙන්නම් එය මට මදිකමකි. තාත්තා ගේ වචනයට පිටු පා මා හිතුවක් කාර විය මා සිත ඩැහැගත් පැරණි රැජින මගුලක් නොකා රහසේ පන්නාගෙන ආවෙමි. හිතාදර තරිදුවා උඩ පැන ආවේ සාක්ශියට අත්සන් කෙරැමට සේය. ඔහුට ලයිසන් අැත වාහනය පැදීමටද හැක. අනික යහළුවකුගේ දියුනුව දැක සතුටුවන එකම එකා උෟය. පැරනි වුවද එහි රෙපයාර් ඇත එහෙත් හදවත ඇගේ පට්ට සුපිරි බව කීප දෙනෙක්කීය. කළු පැහති ඇම්බර්සර් රථය ලක්ෂයකට ගත්තේ සේල් කාරයාට රොම්බ බේගල් ඇදබාය... ඔහු ඒ සියල්ල අසා අවසන කැමත්ත දුනි 1.20 එකකට අඩුවිය. ජයේ මේක සුප්ප බන් හදල ගනින් ටින්කරින් ටික කරල පේන්ට් එක ගහල ගනින් බන් අළුත් වාහන කැලේ එය රැගෙන එන විට තරිදුවා කී දෑ අදමෙන් මතකය. නිවස ලං ලංව මා බියට පත් විය ඒ තාත්තාගේ වචනයට පිටුපා නාකි ගෑනියක ගෙදරට කැන්දාගෙන අා මෝඩයාගේ චරිතය මා දැන් කල යුතුය. මයි කාර්. මයි මනි . මයි පැට්ටරල් පාකින් බෑ කිවහොත් කුමක් කරම්ද ??? වේලාවට ඔහු ගෙදර නැත. අද පැන්ශන් දවසයි අම්මා ශබ්දය ඇසී බැලින ගැම්මට ආඩම්බර සිනාවක් නංවා 70දසකයේ නළුවා සේ මා ඇම්බර්සන් එකෙන් බැස්සහ... අම්මා ශේප්ය ඈ ට මා කරනා සියල්ල දග වැඩය "හ්ම් යසයි පුතේ කල වැඩේ අප්පච්චි මට කියල ගියේ අළුත් වාහනයක් බලල එන්න අද යනව කියල හවස පුතා එක්ක. අනේ ඕන නෑ අම්මෙ මේක හොදයි දැනට ම් ම් ... අනේ මන්ද අප්පල පුතාල ඕන කුදයක් යැයි කියා ඈ ආසාවට වාහනයේ බොනට්ටුව සෙමෙන් අත ගෑහ . ආහ් ගා එක්වර අම්මා අත බදාගත්හ මල කඩ පතුරකට අැගේ අැගිල්ල සීරින ලේ බිදිති දැක මා හද කීරි ගැසින හ්ම් ඈ වාහනය දෙස බැළු ආදරනීය බැල්ම එක්වර බියමුසු බැල්මක් බවට පත්වින නිවසේ පර්තමාදාර පෙට්ටිය ගෙන මා ඇගේ අත වෙලා බැද,යලි වාහනය වෙත ඇදින.. ටින්කරින් කල යුතු තැන් බොහෝ ඇත සීට් පවා සියල්ල අඹලන්ය. 

සවස තාත්තා නිවසට අායේ යකෙක් මෙන්ය මග දිගට මා ගෙනා කාරයේ කතාව පැතිර ගොස්ය ඇතමෙක් හොද කීවද බොහෝ ගුනමකුවෝ දොාස් කියා ඇත. රාත්රියේ මහ වර්ශාවක් ඇදහැළුනේ මගේ හොදටය . වට වැස්සේ ගෝශාවට තාත්තාගේ බැනුම් හඩ දුරලීමට යම් සහනයක් විය ."දැන් ඉතින් පලයන් තෝ, ගරාජ් ගානෙ බලපන් මම ⁣බොට කොයිතරම් කීවද ඔය වලාමවල් එපා කියල . නැවත නැවත මා හට බනී ඒ මදිවට මල්ලී මට නෝන්ඩියට ඔහුත් සමග පරහට කියනා වදන් ඉහිලිය නොහැක" මේ කනේ තාත්තතෙ විද්යානුකූලව අයිය කරල තියෙන්නේ මනෝකායට සම්බන්ද වැඩක් අයිය ගිය ආත්මෙ පැදපු වාහනේ ඔය. මේ ඒකාලේ ගජමන් නෝනත් ඇලපාත නිලමෙ එක්ක ගමන් ගියා කියන්නේ ඕකෙළු අනිවා &&&&&ඒ ඔහුගේ වාජ්ජමයි .තාත්තා කිසිත් නොකියයි මලයා යලි කියවයි ඕක තාත්තෙ මානසික කේස් එකක් මිනිහ ඔය විදියට ගිය ආත්මෙ කසාද ගෑනිවත් උස්සන් ඒද දන්නෙ නෑ. ...%%වහපිය පාහරය ක⁣ට තෝ එනවද මාත් එක්ක විහිළු කරන්න බලපිය ඌට එහෙම හරි එකක් තියනව තොට මොනාද ? තියෙන්නේ යස වැඩේ තාත්තා මගේ පැත්තට හැරී ඇත. එහෙම්ම මලයා නිහඩය ... එදා රාත්රියේ තාත්තා නැගිට එලියට බැස ඇත්තේ එලියෙන් පැමිනි ශබ්දයටය වාහනය ඇති දෙසින් කවුරැන් හෝ සක්මන් කරනවා ඇසී අැත. එහෙත් කිසිවෙක් හිද නැත කුමක් හෝ හේතුවකට තාත්තාද මෙම වාහනයට අකමැතිය .. ආරම්බය සෙමෙන් සිදුවන්නට විය .. වාහනය ගෙනාදා සිට අප නිවසට ආ ගිය උදවිය කෙමෙන් අඩුවිය හිතවත්ව සිටි අය අප සමග අමනාප වූයේ හිටිවනය මල්ලී බයිසිකලයෙන් වැටී බරපතල ලෙස තුවාල විය. ඔහු සුව වද්දී අම්මා අසනීප වූයේ ඇදෙන් නැගිට ගන්නට බැරි තැනට සෑදුනු තුනටිය ආබාදයක් නිසාය තාත්තා මා සමග තිබූ සුහද බව අතරට පැමිනි ඇන්බර්සන් කාරය ඔහුත් මාත් ඇත්කර තිබින දිනක් මහ රෑ වාහනය දෙසින් යමෙකු කහිනා හඩක් ඇසින මා විදුලි පන්දමද රැගෙන එදෙසට යද්දී මද ආලෝකයෙන් මා දුටුවේ යම් අයෙකු වාහනයේ පිටිපස අසුනේ දැත් දෙපසට දම⁣ා වාඩිවී මාදෙස බලා සිටිනා ⁣බවය පන්දම එදෙසට යොමුකල විට එහි හුන් රැව අතුරැදන් වින මා මනසේ ඇදි රැවකට මා බියපත්ව ඇත. එහෙත් මල්ලී මේ දින කීපයේ යමක් මා හට කීමට උත්සහ දරා ඇත එහෙත් ඔහු දකිනා වාරයක් මා ඔහු මග ඇරියේ ඔහුට රිදවීමටය දිනක් අම්මා වෙදනිවසට රැගෙන ගොස් එද්දී වාහනයෙ රෝදයක පැච් එකක් ගොස් ඇත එදින මල්ලී වාහනය රැගෙන ගොස් ඇත. හිටිවනම අම්මා බියව කෑ ගසා ඇත. 

චූටි ....චූටි.....මල්ලී දුවවිත් ඇත්තේ අතරැදි බොක්ස් පැනරයද දමාය අම්මා කුමකට හෝ අදික ලෙස බියපත්ව ඇත. කළු කෝට් කාරයකු වාහනයේ ඉදිරිපස හිද අම්මා දෙස හැරී බලා ඇත. අැය දෙරකොඩ ලිස්සා ඇද වැටී ඇත්තේද මේ කළු මිනිසාට බියවය මා ද පියාද අතර ඇති අමනාපය
තවත් වැඩිවනු ඇතැයි ඈ මේසියල්ල මල්ලීට පවසා ඇත. මෙය ඇසුමෙන් මා හට යම් කාරනා මාලාවක් වැටහින එනම් වාහනය ගෙන ආ දින සිට නිවසේ හිටිවනම විදුලිය ඇන හිටීම
උදේ පිසිනා බත් මාළු පිනි ඉක්මනින් නරක් වීම
හිතවත් අය අප නිවසට නොපැමිනීම මල්ලී අම්මා අසනීප වීම
හදිසියේ මා හට හැදෙනා හිස කැක්කම

මා පියා නිතරම නිවසින් බැහරව කාලය ගතකිරීම යනාදී මෙතෙක් සිදු නොවූ දෑය මා මෙහි සුළ මුල සෙවීමට වාහනයයේ පොත ගෙන එහි මුල් අයිතිකරැ සොයා ගියහ පැරනි වලව්වක් වූ එහි සිටියේ එම වලව්ව අයිති දෙවන පරම්පරාවෙ අයයි ආකරැනු කාරනා කතාකරද්දී මා පැවසූ දෑ අසා ඔවුන් කුමනතත්වයට පත් වූවේ දැයිසිතාගත නොහැකි වින ... ඔය කාර් එකමගේ සීයගෙ සීය මේ වලව්ව හදපු කාලෙම ගනිපු වාහනය කලබල වෙන්න එපා සීය ඔය වාහනේ දි තමයි මැරිල තියෙන්නෙ හදිසි පපුවේ අමාරැවකින් අර ෆොටෝ එකෙ ඉන්නෙ එයා අත දිගුකරපෙන් වූ ජායාරැපය දුටු මා සියොලග දහදියෙන් තෙත්විය ඒ රැව මා පෙරදින කීපයකට පෙර දුටු රැවමය කළු කබායක් හැද වැව් උඩු රැවුල .... තනිව සුසුමක් හෙළුවා නොව හෙළින. මා නිවසට යනතුර මනෝ ලෝකයක තනිව කල්පනාවේ නිමග්නව ගියේ කුමක් කරම්ද කියාය අප නිවසේ ඇතිවී ඇති තත්වය සුලගේ වේ⁣ගයෙන් පැතිර ගොස් තිබින මට මාගැන තරහය සියළු කරදර රැගෙන ආවේ මාය මළගිය පරානකාරයකු ත් සමගය රාත්රියේ මා නිදාන්නට ගියද නින්දත් නොනින්දත් අතර තනිවිය වේගයෙන් දඩ දඩ ගෑ දොරක් ඇරෙනා වැහෙනා හඩ රාත්රියේ සිහිනෙන් මෙන් මට ඇසින කාමරයේ අැද යට ඇති බැට් පිත්තද ඇතිව එලියට බට මා හඩ ආ දිසාව දිහා සොයා ගියහ කාරයේ දෙර වරක ඇරෙන අතර තව වරක වැසේ බියත්මැඩ ආ කේන්තියෙන් එදෙසට දිවගිය මා පිත්ත ඔසවා වින්ඩ් ස්ක්රීනයමත පහරක් වැරෙන් එල්ල කිරීමට සැරසුනද එය අගලක් එහා මෙහා ව කෙනෙකු එය අල්ලා ගත්තා සේ දැනින සැනින් වීදුරැව හරහා මතු උන හස්තයක් මා දෙස එල්ල කල අදිසි පහරට මා විසිව ගොස් බිමස ඇද වැටින ඒත් සමගම මතු වූ රැව වඩාත් පැහැදිලිව දැකගත හැකිවිය

දොලකන්ද වලව්වේ පෙඩ්රික් හාමු ගේ අවතාරය මා ඉදිරියේ ඇත. මා මනෝ බ්රාන්තියට පත්ව ඇත්ද හොල්මන් පිලි නොගත් මා හට දෛවය සරදමක් ද ෂනකින් මා වෙත ඇදුන ඔහු ගේ රැදුරැ දෑසේ තිබූ ආවේගය තුලින් මට අනතුරඅ ඇගවීමක් කලා සේ මට දැනින. මෙයට කලයුතු ප්රති කර්මය නම්මෙය විකුනාදැමීමය වාහනය ගත් කාර් සේල⁣යට ගොස් යලි කීවද ඔහු තඹයකට මායිම් නොකලහ විකුනා දෙන තෙක් ගෙනත් දැමීමට කල ඉල්ලීමද ඔහු පරතික්ශේපකලහ.පත්තරේ දැමූ දැන්වීමට පැමිනි අයද අතගා බලා කුමක් හෝ අඩුවක් කියා ගියහ. අම්මා සාත්තු නිවාසයේ නතර කල අතර මල්ලී බෝඩිමට යැවූයේ කල හැකි දෙයක් නොමැති නිසාය. නොගිය දේවාලයක් නැත දෙහි පැන්නුම් ඉරි පන්නා බූතයා පැන්නූ බව කීවද පලක් නොවින ඇන්ඩර්සන් රථය සමග මා නිවසේ තනිවිය. දිනක් සාස්තර කියන්නකු මහ මගදී අත බලා කීවේ ම⁣ට හරියන බවය හරි ගොස් ඇත හරහට ය නැත පරහටය. මේතර දිනක් මාඅහම්බෙන් පත්තරයේ දුටු දැන්වීමක් සොයා ගියේ අවසන් තුරැම්පුවක් ගසා දැමීමටය ද්යානලාබියෙකු සේ සැලකූ ඔහු කාරනා එකිනෙක විමසා කල ප්රතිකර්මය නම් ඉතා සුළු දෙයකි මල ගිය පුද්ගලයා මියගොස් ඇත්තේ අධික හිත් වේදනාවකට පත්වය ⁣මෙම ආත්මයට සැනසීමක් ලබා දීමට නම් අකන්ඩව කල යුතු කරැනු මෙසේය මෙම පුද්ගලයා හට පින් අනුමෝදන් කිරීම සදහා සත් දින බෝධි පූජාවක් තැබීම සහ ඔහු වෙනුවෙන් පුලන්නනට දානයක් දී එම පින් මළගිය ප්රානකාරයාට අනුමෝදන් කිරීමකල යුතු බවයි තුන්මසකට පසු මෙම කරදර අඩුවන බව ඔහු කීය. කොහේවත් ඉන්නා අයෙක් ට පින් දීම මටකල යුතුව ඇත. දුකසේ හම්බකරගත් මුදල ද අතැර දැමිය නොහැක ඔහු කල සේ මා හැකිලෙස බෝධිපූජා පවත්වා පින් අනුමෝදන් කලහ පුලන්නන්ට දානදුන්හ. 

ගතවන දින ගනන සම්පුර්නය රාත්රියේ ඇසෙනා ශබ්ද ක්රමයෙන් අඩුවිය දිනක් සිහිනෙන් මා එම පුද්ගලයා දුටුවේය ඔහු වාහනයෙන් එලියේ සිට ඒදෙස බලා සිටින ලෙසය. අම්මා ට හැදී තිබූ ⁣රෝගිතත්වය හිටිවනම සුවවිය. මෙතෙක් නිවසට නොපැමිනි තාත්තා අම්මාද කැටිව නිවසට පැමිනියහ. ඒ හේතුව කොට මල්ලී බෝඩිමෙන් ගෙදර ආයේය. ඇන්ඩර් සන් කාරයේ අයිතිකරැ එය අතැර ගොස්ය වාහනයේ දිරා ගැලවී ගිය සීට් පෙල ගලවා අළුතෙනන් සීට් සවිකල යුතුය.ඉරිදා දිනක එය රැගෙන යාමට එන බවට පවසා ගියනිසා එය කල යුතුව තිබින පැරනි ස්පොන්ජ් කවර ඉරාවිසිකරද් දී තුනී ලෑලි පෙට්ටියක් සීටය මත කුෂන් අතර තිබී හමුවිය එය ඇර බැළු මා ඇස් අදහා ගත නොහැවින එහි රත්තරන් කාසි පුරවා තිබින. එහි වටනා කම මා සදහන් නොකරමි. වාහනය සම්පූර්න ලෙස අළුත්වැඩියා කලහ දැනුදු එය අාඩම්බර ලීලිවෙන් නිවසේ පෝටිපෝවෙහි ඇත. කලක් වදයක් වූ එය දැන් මා ජීවිතය වෙනස් කර ඇත. තාත්තා ආඩම්බරයෙන් වාහනය ගැන කතාකරයි වලව්වේ හාමු ගේ ආත්මය මෙයත් සමග රැදී තිබුනේ මේ වස්තුව මතය මා දුන් පිනට හිලව්වට දෝ මෙය මා හට ලැබින. පසුව වාහනය ඉල්ලා පැමිනි ගනුදෙනු කරැවන් හට හිස් අතින් යෑමට සිදුවිය

Source: Link