මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

14 September 2017

---කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීමක්---


ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය. දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි. ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර සිය ජිවිතයේ ලද අත්දැකිම් වලින් එකක් මේ විදියට අපිත් සමග හෙළි කළා..

වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි.
සදලතා සදක්වන් රෑමත්ය. ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි. වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය. වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි. බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි. පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි. රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය. ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය.

“කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ. අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි. අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය.“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි. මට ඔහේගේ දුක තේරෙනව. හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ” පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය.

“මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල. ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ්”
“බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”

ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි. රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය.
හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ. පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි. යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.

“යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන.‍ යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ” වාසනහාමි කට්ටඩි මාමා කීය.
“ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ, ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා”

කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරුනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි.


ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි. රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි.
“ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරුමාලා දේවතා අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි. මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි. ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය.

“බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
“වලංගු නැහැ මට යන්න දිපියෝ..” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
“හක් – වලංගු නැහැ.. කට්ටඩි මාමාද සැර විය.
“කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද..?” – යක්ෂයා නිරැත්තරයි.
“කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ” කට්ටඩි මාමා ගෙරවිය. එහෙත් ඇය නිහඩයි.
“ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද”

ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම්”
“මම වලංගුයි වලංගුයි” ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි.

“හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල”
“මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ”
“තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
“ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම්”
“ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
“මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි. විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත. කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.

“ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ.
ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.

වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි. තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.

“ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ..”
සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.

හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය. තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය. නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි.
සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි. තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.

“මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති. ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි. උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ. පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි. තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි. නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.

මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
“කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා. විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව. මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි. මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි.

“එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද” අත්තේවාසිකයකු විමසිය. “ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ. හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති. දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.

“බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි. කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”

වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය. උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ. දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.

“ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ.. හත්තිලව්වේ..”
කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය. ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි. පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි. ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි. සියලුම කාර්යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය.
“මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්කි සිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා..” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය.

(සටහන – චාමින්ද දිසානායක)


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

---මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය---


නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි. සරලව මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙක් කායිකව හා මානසිකව වෘකයෙකුගේ හෝ වෙනත් මාශ භක්ෂක වනසතෙකුගේ ස්වරූපයට පත්වීමයි. මෙහිදී වෘකයන් මූලික වන්නේ යුරෝපීය රටවල ජීවත්වන දරුණුම විලෝපිකයා වෘකයා නිසාය. තවද බොහෝ යුරෝපීයයන් වෘකයන් වෙත ස්වභාවයෙන්ම අධික භීතියක් දක්වන නිසාය.

නරවෘකයන් වර්ග දෙකකි. එනම් තම වෙනස්වීම (Transformation) පාලනය කළ හැකි අය සහ නොහැකි අය ලෙසයි. තම වෙනස්වීම පාලනය කළ හැකි අය බොහෝ විට සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වෙමින් ඉතා සූක්ෂ්මව තම ජීවිතය ගත කරයි. අධික ආවේගයකදී හෝ තමන්ට රිසි ලෙස අවශ්‍ය වූ විටක මොවුන්ට තම නරවෘක වේශය ලබාගත හැක. තම වෙනස්වීම පාලනය කළ නොහැකි අය මිනිස් සමාජයෙන් වෙන්ව හුදකලාව ජීවත් වේ. ඔවුන් වසරේ එක් එක් කාලපරිච්ඡේද වලදී නරවෘක වේශයට පත්වේ. එහිදී තම වෙනස්වීම ඉබේ සිදුවේ. එහිදී ඔවුන්ට ඇතැම්විට නරවෘක වේශයෙන්ම තම ජීවිත කාලය ගත කිරීමට සිදුවේ.
රිටිගල ජයසේනද අප රටේ විසූ තම වෙනස්වීම පාලනය කළ හැකි නර-වළසෙකි. තම හැකියාව පිළිබඳ උදම්වූ ඔහු අවසානයේදී ගෝඨයිම්බරට ද්වන්ධ සටනකට ආරාධනා කරයි. නමුත් සටනේදී තමා පරාදවන බව හැඟුනු ජයසේන නරවළස් වේශයට පත්වී ගෝඨයිම්බරව පරාද කිරීමට උත්සාහ කරයි. ජයසේන වෙනස්වනු දුටු ගෝඨයිම්බර ක්ෂණිකව එල්ල කළ පා පහරින් ජයසේනගේ වළස් හිස කඳින් වෙන්වී යයි. නමුත් පසුව ඔහුගේ හිස නැවත සවිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. ජයසේනගේ පරපුරෙන් පැවත එන නරවළසුන් අදටත් ලංකාවේ ජීවත්වන බව මහසෝනා අවතාර කතා සහ ජනප්‍රවාද වලින් පැහැදිළි වේ.



වෘකමානත්වය ශරීර ගතවූ පසු එම පුද්ගලයා පෘථිවිය මත ඇති සියලු රෝගවලට ප්‍රතිරෝධයක් දක්වයි. නරවෘකයන් තුළ පවතින immortality බවට හේතුව මෙය වේ. තවද අධික රතු රුධිරාණු ඝනත්වය, පටක ප්‍රතිස්ථාපනය මොවුන්ගේ ශරීර තුළ පවතින අපූර්වත්වයන් වේ. අධික ධාවන වේගය, අධික කායික ශක්තිය, තියුණු ඉව, පෙනීම සහ ශ්‍රවණය මොවුන්ට ලැබෙන විශේෂ හැකියාවන් වේ. මේ හැකියාවන් මොවුන් මනුෂ්‍ය වේශයෙන් සිටින විටද භාවිතාවට ගතහැක.

Source: Link

---පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය---


මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.
මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.

මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.

දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි.
ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.


දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය ‘හාන්දුරුවන්ගේ’ තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.

ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.

වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ.
එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:

පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී

ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.

ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය.
මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා
මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.

“ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ.”
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.
එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් ‘මඩුවන්වෙලට පියමං’ පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ ‘විජයබා කොල්ලය’ සමයේය.
“හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.

ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා.” ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.

“විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.
ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන.”
කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.

ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. ‘මඩුවන්වෙලට පියමං’ පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.
එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.

මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

Source: Link