මම හොල්මන් අදුශ්‍යමාන දේවල් විස්වාස කරාට ඊයෙ රාත්‍රිය වෙනකම් මට ඒ වගේ සිදුවීම් අත්දකින්න ලැබිලා තිබුනේ නැහැ...වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු
ඊයෙ මම maths cls ගිහින් ගෙදර එත්දි රෑ අටට විතර ඇති.ආපු ගමන්ම පුරුද්දක් විදිහට මම wash එකක් දාගෙන කෑම කනවා එදා රෑ උයලා තිබුනෙ chicken මම කාලා ඉවර උනාම අම්මා කිව්වා ලොකු අම්මලාගෙ දිහාට මේ මස් භාජනේ ගිහින් දෙන්න යන්න එන්න කියලා...
මම ඉතින් ඕක ගෙනියන්න දෙන්නෙක් ඕනෙ නෑනෙ මම ඕක ගිහින් දීලා එන්නම් කියලා භාජනේ අතට ගත්තේ මම හොල්මන් එච්චර care කරන්නෙ නැති නිසා


මම ඉන්න පැත්ත ටිකක් ග්‍රාමීයයි ලඟ ලඟ ගෙවල් පිහිටන්නෙ නෑ.ලොකු අම්මලාගෙ ගෙදරට 500m විතර යන්න ඕනෙ...අර භාජනෙත් අරගෙන බයික් එකේ යන්න බැරි නිසා ඔන්න ඔහෙ පයින්ම යන්න තීරනය කලා...අනික phone එකත් ඔබ ඔබාම යන්න පුලුවන්නේ එ්කයි

අම්මා කීවා ඕක ඔහොම අරන් යන්න එපා අඟුරු කෑල්ලක් වත් අරන් යන්න කියලා...gas cooker එකේ අඟුරු නෑනෙ ඉතින්

ඕක අරගෙන මීටර් 100ක් විතර යද්දි මට නිකන් අමුත්තක් වගේ දැන් දැනෙනවා...මම යන ගමනුත් මේ group එකේ post ඇපෘ කර කර තමා ගියේ

මම phone එකේ flash එකත් දාගත්තා ඒ වෙලාවෙ එහා පැත්ත හැරිලා බලන්න හදලත් ම්ම්ම් පස්සෙ හිතුනා ඕනෙ නෑ කියලා...දැන් ලොකු අම්මලාගෙ ගෙදරට 200m වගේ ඇති දැව් මට තේරෙනා හොඳටම ටිකක් විසාල එකෙක් පිටිපස්සෙන් එනවම තමා කියලා...

මොනා කරන්නද ඉතින් දුවන්නත් බෑනෙ




මනෝ විකාර කියලා යන්න ගියා...තවත් අඩි දෙක තුනක් යද්දි අඩි සද්දෙ ලඟ ලඟම ඇහෙනවා

ඒත් මම ශරීර ආරක්ශාවක් කරගෙන හිටපු නිසා එච්චර බයක් නම් දැනුනේ නෑ...එහෙම උනත් ඇවිදිද්දි අඩි සද්දෙ ඇහෙන්න තරම් බලවත් එකෙක් පස්සෙන් එනකොට උගෙ අදහස මාව බිලිගන්න එක මිසක් මගෙ ඇගට රිංගන එක නොවේනේ

මම නැවතිලා මස් එක බිමින් තියලා වෙසමුනි දැහැන මතුරන ගමන් මගෙ වටේට වලල්ලක් ඇඳගත්තා මට දැන් විස්වාසයි මේකෙ ඇතුලෙ මට කරදරයක් නෑ කියලා

ඊට පස්සෙ මූ ඇතුලට නාවට එතනින් යන්නෙ නෑ කියලා පරිසරයේ අමුත්තෙන් මට තේරුනා...අම්මට සිරි අවාරෙට පොල්වැටෙනවා වගේ වාහන යන මේ පාරෙ මගෙ වාසනාවටද මන්දා බයික් එකක් එනවා

බයික් එක ඇවිත් නැවැත්තුවා බැලින්නම් ලොකු අම්මගෙ පුතා


ඔය වගේ සිද්ධියක් වෙච්ච පලවෙනි වතාව.ඒත් ගෙදර කාටවත් කීවෙ නෑ


හැබැයි ඉතින් කෝම උනත් මම තාමත් care කරන්නෑ වැඩිය...
මම - දෙව්මිණ

කැමති අය රික්කුවකුත් දාන් යමු