මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

25 January 2018

---ඔයා හොල්මන් විශ්වාස කරනවද?---



ඔයා හොල්මන් විශ්වාස කරනවද?

කොහෙත්ම නෑ

ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ නිතර පෝස්ට් දදා අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔය විදියට . මම හොල්මන් කතා ගෘප් වලට ගියෙ විනෝදෙට හොල්මන් කතා කියවන්න විතරයි.නැතුව ඒව ගැන විශ්වාස කරන්නවත් , ඒවට අපහාස කරන්නවත් නෙවෙයි.
නමුත් facebook ගෘප් එකක තිබුණ හොල්මන් කතාවකින් මගෙ මුලු ඡීවි⁣තේම උඩු යටිකුරු වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

"ඔයා හොල්මන් විශ්වාස කරනවද" ප්‍රසිද්ධ හොල්මන් කතා ගෘප් එකක තිබ්බ පෝස්ට් එකක්. ඒක දාල තිබුණෙ අඳුරු කුමරා කියල කෙනෙක්.

ඒ ගෘප් එකේ ගොඩක් අය හොල්මන් විශ්වාස කරනව කියල කොමෙන්ට් කරල තිබුණ. ඒත් කීප දෙනෙක් විතරක් විශ්වාස කරන්නෑ කියල තිබුණ. මමත් ඉතිං සුපුරුදු විදියට විශ්වාස කරන්නෑ කියල කොමෙන්ට් කෙරුව. එදා රෑ දොළහට විතර අඳුරු කුමරා මගෙ කොමෙන්ට් එකට උත්තර දීල තිබුණ, ඔයා ඇත්තටමද කිව්වෙ කියල. මම ඔව් කියල දැම්ම. එයාගෙන් උත්තරයක් ආව ඔයා ලඟදිම විශ්වාස කරයි කියල. 

මම ඔය විකාර විශ්වාස කරන්නෑ කියල මම දාපු කොමෙන්ට් එකෙන් පස්සෙ අපේ හොල්මන් රංඩුව ඉවරවුන..
ඊට පහුවෙනිද උදේ මම වෙනද වගේම fb ආවහම අඳුරු කුමරගෙන් friend request එකක් තිබුණ.මම සාමාන්‍යයෙන් fake account වල අයව ඇඩ් කරගන්නෑ.ඒත් මොනව උනත් හොල්මන් පිස්සෙක්නෙ කියල හිතල මම රික්කුව accept කලා.
එදා රෑ දොලහට විතර අඳුරු කුමරා මට මැසේඡ් එකක් දාල තිබුන ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නෙ නැද්ද කියල. පිස්සුද බං කියල මම එයාට උත්තර දුන්න.

මෙන්න පොර එක එක ඡාතියෙ පොටෝ එවනව මට...
එයා පොටෝ තුනක් එවල තිබුණ. එකක හිටියෙ ලස්සන කෙල්ලෙක් , හැබැයි මූණ තැලිල විකෘති වෙලා හරියට වාහනේකට අහුවෙල වගේ. දෙවනි එකේ හිටියෙ computer එකකින් එඩිට් කරල හදපු කැත ⁣යකෙක්. තුන්වෙනි එකේ හිටියෙ අවුරුදු තිහක් විතර උන නෝමල් පෙනුමක් තියෙන කොල්ලෙක්.

කෑල්ලනං මරු මූණ ලස්සන උනානං , දෙවනි එකට නං බය හිතෙන්නෑ , තුන්වැනි එකේ ඉන්නෙ උබද , මම මැසේඡ් කලා.
තුන්වැනි එකේ ඉන්නෙ මම තමයි , එයා උත්තර දුන්න. හා හා එල එල කියල මැසේඡ් එකක් දාල මම නිදාගත්ත. මොකද ඒ වෙනකොටත් පට්ටම රෑ වෙලා.

පහුවෙනිද උදේ මම ඡොබ් එකට යන්න කලුතර ටවුමට ගියාම තමයි මේ දේ උනේ. අර පොටෝ එකේ කෙල්ල කලුතර පාරක් අයිනෙ ඉන්නව. මූණ කෑල්ල නැතත් , ඇඳුමෙනුයි පෙනුමෙනුයි 100% ක්ම ඒකි කියල කියතෑකි.මම පෝන් එක අතට අරන් පික් එක බැලුව ඒකිම තමයි.මමත් මගෙ ගමන නවත්තල ඒකිගෙ පස්සෙන් ගිය චුට්ටක් හැඩහුරු කම බලාගන්න , එතකොට ඒ කෙල්ල පාර පනින්න ගිය. එහාපැත්තෙන් ආපු බ්රේක් නැති ලොකු කන්ටේනරයකට එයාව එතනම යටවුන. ගොඩක් කට්ටිය එතනට දිවුව. මමත් දිවුව. 

එයාගෙ ඔලුව😱

ඒ ගැන කියන්නත් බෑ , මට එවපු පොටෝ එකේ විදිහමයි, මගෙ ඔලුවත් කැරකෙන්න පටන්ගත්ත , මම පුළුවන් තරම් ඉක්මනින් ආපහු ගෙදර ගියා.වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ. මේ ගැන හිතල මට පිස්සු වගේ , කවුද මේ අඳුරු කුමරා. යකෙක්ද , අනාගතේ දකින කෙනෙක්ද. මෙයා කොහොමද අද වෙච්ච දේ කලින්ම පොටෝ ගහල මට එවුවෙ කොහොමද , මම fb එකට ගිහින් අඳුරු කුමරාට මැසේඡ් එකක් දැම්ම.

තමුසෙ කවුද ? තමුසෙ කොහොමද මේ වෙච්ච දේවල් දැනගත්තෙ. , එයාගෙන් උත්තරයක් එනකං මම දවස පුරාම බලාගෙන හිටිය. රෑ දොළහට⁣ , ඔවු රෑ දොළහට එයා මට reply කලා, ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? එයා ඒක විතරමයි ඇහුවෙ. වෙන කිසිම දෙයක් මැසේඡ් කලේ නෑ. මේපාර නං මගෙ හිත චුට්ටක් දෙපැත්තට වැනෙන්න ගත්ත. ඇක්සිඩන්ට් එකකයි මේ හොල්මන් කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ , හිත හදාගත්ත මම. මම තාමත් හොල්මන් විශ්වාස කරන්නෑ කියල කිවුව.

"හොඳයි"

එච්චරයි එයා කිවුවෙ එයා ආපහු offline. මට හෙන අප්සට් , මම ඒ ගැන අමතක කරල නිදාගත්ත. එදා රෑ මම හීනෙන් බයවුන , අර පොටෝ එකේ හිටපු යකා හීනෙන් ඇවිත් මගෙ බෙල්ල මිරිකන්න ට්‍රයි කලා, මම එයත් එක්ක හීනෙන් රංඩු කල, දඩස් ගාල ඇදෙන් බිමට වැටුනහමයි මාව ඇහැරුනෙ, තාමත් කරුවලයි , මම පෝන් එකෙන් වෙලාව බැලුව , පාන්දර හතරයි.මේක හීනයක්නෙ කියල හිතල, මම ආපහු නිදාගන්න ඇඳ රෙද්ද දාගන්න හදනකොටම මම කාමරේ දොර ගාව ඡායාවක් දැක්ක. හම්මට පොටෝ එකේ හිටපු යකා😱


එතකොට මහසෝණත් මාව හොයන් ඇවිල්ලද මම ඔලුවෙ ඉඳලම රෙද්ද පොරෝගෙන බයේ ගැහි නිදාගත්ත.
ඊලඟ දවසෙ උදේ මට ටිකක් උණ වගේ , මම ඒක නිසා එදත් ඡොබ් එකේ නිවාඩුවක් දැම්ම. ගෙදර අයට වෙච්ච දේ ගැන කිවුවෙ නෑ, එදත් රෑ මම කොයි එකටත් කියල facebook එක පැත්තට ගිය. රෑ දොළහට සුපුරුදු වෙලාවට අඳුරු කුමරා ඔන්ලයින් , එයා මගෙන් සුපුරුදු ප්‍රශ්නයම ඇහුව. ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? 
මු නං මනුස්සයෙක් නෙවෙයි කියල මට දැන් හොඳට ශුවර්.

මට එදා නං හොඳටම අප්සට්. නෑ මම ඕව විශ්වාස කරන්නෑ කියල තව කුණුහරප කන්දරාවකුත් එයාට කියල දැම්ම. කුණුහරප වලට හොල්මන් බයලුනෙ


😂
හොඳයි මම ම ඔයාට තේරුම් කරන්නම්කො එයා මැසේඡ් කලා. 
මේ මොන මගුලක්ද මම මිනිහව මගෙ fb friend list එකෙන් බ්ලොක් කල. 
එදා රෑ මට හොඳට නින්ද ගිය.

එදායින් පස්සෙ අද වෙනකම් මට කිසිම කරදරයක් තිබුණෙ නෑ , අද ඒ කියන්නෙ අර සිදුවීම වෙල දවස් හතක් ගිහින්, අද මම වෙනද වගේම මගෙ රස්සාවට ගිය. අද අපිට අලුත් බොස් කෙනෙක් ඇවිත්, එයා උදෙන්ම ඇවිල්ල රූම් එකේ වැඩ. එයාව පුද්ගලිකවම හම්බවෙල සුභපතන එක අපේ යුතුකමක්, මම යනකො⁣ට හැමෝම ගිහින් සුභ පතල තිබුණ.ඉතිං මමත් ගියා.
අලුත් බොසා පත්තරයක් බලනව. එයා එහෙම්මම ටේක් අ සීට් කියල මට කිවුව. මමත් ටැන්ක්යූ සර් කියල වාඩි වුන.
සර් මම සර්ට සුභ පතන්න කියල ආවෙ ආවෙ..

සර් මූණ වැහෙන්න බල බල හිටපු පත්ත⁣රේ දෙකට නවල මගෙ මූණ දිහා කෙලින්ම බලල මෙහෙම කිවුව.

දැන්වත් ඔයා හොල්මන් විශ්වාස කරනවද

අඳුරු කුමරා !!!

Source: Link


04 January 2018

---අතිජාත මිත්‍රයා තවමත්...---



 "මොකට බීවද මන්දා මේ ජරාව" මා මටම කියාගත්තේ. බීම එපා වූ නිසානොවේ. නොසිතු ලෙස යතුරු පැදියේ යනවිට කඩා වැටුණු මහ වරුසාව නිසාවෙනි. මේ වෙලාවේ ඇදට වෙලා ඉන්න තිබුනන් කියා සිතුනේ ඇදට වෙලා මනෝපාරක් ගසා ගෙන ඉන්න තියෙන ආතල් එක උපරිම බව මම දන්නා නිසාවෙනි. එහේත් මගේ යාලුවාගේ හත් දවස දානය සදහා මේ බඩු ටික ගෙනත් දිය යුතුමයි.


සමන්...... මා පොඩි කාලේ සිට එකට සිටි මිත්‍රයාය. ඉතාමත් ප්‍රසන්න මුහුනක් තිබු ඔහු හා මම යාලුකම ගෙන ගියේ අපේ පවුල් හා එකට බැදිමෙන්. එක ලෙස ඇදීම, එකම පන්තියට යෑම, එකම බෑග් දෑමීම අපි ගොඩක් ප්‍රිය කලේ එක කුසින් මෙලොව එලිය නොදැකුවත් එකි නෙකාට ඇති සහෝදර කම නිසාය.

මාගේ වේගය අඩු කර ධාවනය කලේ වරුසාව නිසාවෙන් නිසාම නොව බණ්ඩාරවෙල මාරගය මා හට හුරුපුරුදු නොවුනු නිසා බැවින් ය. මේ වන විට මා ගමන් ගන්නේ වෙන ලෝකෙක බව මා හට වැටහුනේ සමන් සමග මෙම පාරේම ඉතාමත් වේගෙන් ඔහු සමග ඇදී ගිය අයුරු මා මාතකයෙන් ගලා ඇවිත් සීතල වැහි බිංදු වලට වඩා මගේ මුව කදුලින් උණුසුම් වූ බැවින්.


සමන්ගේ පියා ගුරුවරයෙක්. නොසිතු ලෙසම පත්වීම් මාරුවමක් ආවේ සමන්ගේ පියා හදාගත් ඉල්ලීමක්ද නැත්නම් මෙය ඔහුට අහම්බෙන් හම්බ උනාදැයි කවුරුත් සිතමින්. මන්ද සමන්ගේ පියාගේ ගම බණ්ඩාරවෙල යැයි කවුරුත් නොදන්නා රහසකි. මේ ඔහුව දකින අන්තිම වතාව යැයි මට සිතුනත් ඔහු බණ්ඩාරවෙල ගිය පසු මා නිවාඩුවට එහි යන විට මට දැනුනේ මගේ යාලුවා කොළබින් එපිට ලෝකයක් මට පෙන්නුවා මෙනි.


"මොකාද මේ පාර හදපු එකා" එසේ කියා ගත් මා වඩාත් ප්‍රිය කල සුන්දර බණ්ඩාරවෙල පාරට බනින්න වූයේ වංගු සහිත පාරක වැස්සේ තෙමී සීතලේ යන නිසාමත් නොවන බව මම වඩාත් හොදට දන්නා කරුණකි.


කාලය ගමන් කිරිමත් සමග අපි පාසල් අධ්‍යාපනය නිමා කර සැලසුම් ගිල්පය වෘත්තීය කරගත් තරුනයන් දෙදෙනෙකු විය. එසේම නිවාඩු සදහා පවුලේ අය සමග සමන්ගේ නිවස බලා යෑම කවදාවත් අමතක කිරීමට නොහැකි පුරුද්දක් ලෙස මාගේ ජීවිතයේ ඇලී ගොස් අවසානය.


වංගු සහිත මාර්ගය පසු කර ඇදෙන මා ලොරියක වැදී නොවැදී ගියේ රියදුරාගේ මෑණියන් මතක් කරන ගමන්. මේ වගේ කාළකන්නියෙක් වෙන්නැති එදාත් එන්නේ ඇත්තේ.. මා නොදැණීම දිග සුසුමක් හෙලුණි.


මා කාර්ය බහුල ජීවිතයක් ගත කලේ ඉඩම් කට්ටි කර නිවාස තනා දෙන ආයතනයක් විසින් මා හට දෙනු ලැබූ කොන්ත්‍රාත්තුව හේතුවෙනි. මා මේසයට බරවී නවීන පන්නයේ නිවසක් සිතමින් අවස්තාවේ දුරකතනය නාද විය. අම්මා යැයි දැකීමෙන් මගේ සිතට පහසුවක් දැනුනේ ඇයට හොද අදහස් ඇති නිසා වෙනි.

මම - කියන්න අම්මේ..
අම්මා - (ඈ ඉකි බිදි)
මම - අම්මේ ඇයි කතා නැත්තේ අඩනවද ඔය. මොකක්ද ප්‍රශ්නේ.
අම්මා - පුතේ ........
මා මේ වන විට දැන ගෙන ඉවරයි මේ සුභ ආරංචියක් නොවන බව
අම්මා - සමන් අපිව දාලා ගිහින් පුතේ...


ඔව් මගේ යාලුවන් සමන් යතුරු පැදියේ නිවස බලාම් ල් එන විට ලොරියක වැදී ජීවිතයෙන් සමුගෙන සිටි. මා මේ කතාවා පටන් ගත්තේ ඔහුගේ හත් දවසේ දානයට අවශ්‍යය බඩු කිහිපයක් පන්සලෙන් ගැනීමට ඇති වුවමනාව මතය.

කතාව එතැන් සිට

එක පැත්තකින් කන්ද, එක පැත්තකින් ප්‍රපාතය, පාර පුරා මීදුම, එහෙත් මේ ගමන මා කෙසේ හෝ යා යුතුයි.
"මේක තමයි තැන" මා එසේ සදහන් කලේ මගේ යාලුවා මෙලොව අතහැර ගිය ස්ථානය මා අදුරගත් නිසාය. ඇයි උබ අපිට මෙහෙම කලේ සිතා මා ඇදුනේ කම්පා වෙමින්. මීටර් 100 ඇදුනු මා යතුරු පැදියේ එලිය දුටුවේ බෑගයක් අතේ තබාගෙන සිටින තරුණයකි. මෙම රෑ මෙසේ සිටින්නේ ඇයි? මොහු කවුද? මගේ සිත ප්‍රශ්න දහසක් මැද්දේ ගැස්සෙන්න විය.

"නවත්තන්නේ නැතුව යමන්. ඔය හොරු සෙට් එකක් ඉන්නේ මංකොල්ල කාරයෝ" මගේ සිත මට දෝංකාර දිය. මම ඉතාමත් වේගයෙන් ඇදුනේ පස්සවත් නොබලා. ඒත් මගේ සිතට මෙලෙස සිතුනේ කොහොමව මන් කොහොමව දන්නේ මේ හොරුද? නැත්නම් අහිංසක මනුස්සයෙක්ද කියා. මා මගෙන්ම ප්‍රශ්න නැගීය.
සිතට නැගුණු ප්‍රශ්න දහසක් මැද්දේ මා මේ කුමක් කර ගත්තදා කියා මට සිතුනේ සමන්ගේ හඩ ඇසීමත් සමගය,

"දිනුවා මම සමන්" මගේ කන් ලගින් කවුරුන් හෝ කෙදිරි ගාන්න විය. මෙවැනි සීතලක මට වතුරකට බැස්සත් මැවැනි සීතලක් එහි නොතැබිය හැකි බව මට වැට හුනි.

"පස්ස බලන්න එපා ඔහොම යමන්" මන් කරන්නේ කුමක් දැයි නොසිතා නිහඩ වී දෙයියන්ට යදින්න විය.
"උබ පහුකරන් ආව මංකොල්ල කාරයෝ පස්සෙන් එනවා උබට මන් පාර කියන්නම් එහම යමන්" මා කිසිවක් නොකියන්නේ ඇයි දැයි මට නොතෙරේ.

"ඔතනින් පහලට තේ වත්ත මැදින් දාපන් එතන තියෙන්නේ කනත්තක්" මෙතෙක් වෙලා නිහඩ සිටි මා ඒ වචන් පෙලත් සමග "තොට ඕනේ මාව මරන්නද යකෝ" කියා ඇසුවේ මා මග හසුරුවන අද්භූත කට හඩ මග ඇරිය යුතු නිසාය.

"මට තෝව මා ගවට ගන්නවනම් මන් ගනවා ට්ජොට කියන්නේ නෑ එකට කල් තියනවා උබ මන් කියපු දේ කරපන්"

ඒ අනට මා යටත් වියහොත් මාගේ මරණය විය හැකි යැයි සිතු මම කෙලින්ම යෑමට තීරනය කලහ.
එහෙත් සිදු වුයේ අහම්බෙකි යතුරු පැදිය හැඩලය පහලට හැරවුනේ එසේ කලේ මන්ද? නැත්නම් ඔහුද? එන්ජිම නැවතුනි. ලයිට් නිවි ගියේය. මා අසරන වුන හැගුමක් ජීවිතයට දැණුනේ මගේ අන්තිම මොහොතද කියා සිහි කරමින්ය.

"සද්ද නොකර ඉදපන් උඩ පාරේ ජීප් එක ගියාට පස්සේ උබ ගෙදර පලයන් උන් ඉස්සරහා නවත්තගෙන ඉන්නවා. මන් උබ එක්ක ගෙදරටම එනවා පිටි පස්ස නොබලා එලවපන්"
හිතේ තිබු අසරණ කම මැකී ගියේ ජිප් රථයක් ඇදී ගිය පසුවයි.

"උබ සමන්ද" මා මෙසේ විමසුවේ ජිවිතේ බේරු කට හඩට පින් දෙමින්
"ඔව් සමන් තමා මම වාහනේ ගනින් වෙලාව වටිනවා උබට" තර්ජනාත්මකව කියූ කට හඩෙහි මා හට මිතුරු බවක් පෙනුනේ නැත.

උබ ගෙදරට යනකන් පිටි පස්ස බලන්නේ නැතුව යමන් මෙසේ ඇසු කට හඩට අවනත් වූ මා ඉදිරියට ඇදුනෙමු.

නිවසට ලං වූ මා ඇයි මාහට පස්ස නොබලන ලෙස බල කෙරුනේ ඇයි දැයි සිතා දැන් බිය වීමට කරුණක් නොමැති හෙයින් පැති කණ්ණාඩියෙන් පිටු පස බැලීය.

"සමන්......" විරූපී මුහුනක් සහිත මා පිටි පස අසුනේ වාඩි වී සිටියේය..


Source: Link