මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

26 February 2018

--- දකුනු අතේ මාරකය---


 සුනන්ද උදේම නැගිට්ටේ අනුරාදපුරේ ඉන්න ලොකු නැන්දලගෙ ගෙදර යන්නයි.උදේම බස් එක අල්ල ගත්තොත් වැඩි පමාවක් යන්නැතුව ලොකු නැන්දලාගේ ගෙදර යා ගන්න පුලුවම් වෙයි කියලා සුනන්ද අත්දැකිමෙන්ම දන්නවා.හදිස්සියේම ලොකු නැන්දලාගේ ගෙදර යෑමට සුනන්දට හේතු වුනේ ලොකු ආච්චිගේ 03 මාසෙ දාන කටයුතු වලට සහබාගි වෙන්නයි.

දෙමාපියන්ගෙන් අවසරත් අරගත් 20 වියැති සුනන්ද අනුරාදපුරය බලා පිටත් උනේ උදේ 5ට විතරය.
කෙසේ හෝ අතරමග බසයේ සිදු වු හදිසි ඇනහිටිම නිසා සිතුවාට වඩා පරක්කු වී ඇති බව සුනන්ද ට තේරුනි.මීට අවුරුදු 6කට පෙර අවසානයන්ම ලොකු නැන්දලාගේ ගෙදර ගියමුත් පාර හොදින් මතක වුවත් කාගේ හෝ පැමිනිමක් අවශ්‍ය බව දඩබ්බර හිතට නොදැනුනි.හොල්මන් අවතාර පිලිබද කිසිදු විශ්වාශයක් නොමැති විම නිසා කිසිදු කලබලයක් මොහුගේ සිතේ නොවිය.

බසයෙන් බැස ගත් සුනන්ද තම අත වු ඔරලෝසුවෙ වේලාව බැලුවාය.රෑ 10 කනිසම පසු වි තිබුනද ලොකු නැන්දලාගේ ගෙදරට දැනුම් දීමට හිතක් නොවුනි.

"අප්පෝ මේ කෙහෙල්මල් බස් එක නිසා හොදටම රෑ උනා..ලොකු මාමාට කතා කරනවද..?එක්කෝ ඕනි නෑ මට හොදට මතකයිනේ පාර අව්ලක් නෑ.." ලෙස සිතූ සුනන්ද ගමන ආරම්බ කලාය.
මුලින් මුලින් ගෙවල් කිහිපයක් තිබුනද ටිකක් දුර යන්න යන්න කැලෑව ලංවිය.
"අලි පැන්නොත් තමා වැඩේ..ශික් පඩිකම තියලා මාමාට කතා කරන්නයි තිබ්බේ."
අලින්ට වඩා බයානක දෙයක් මෙහි මේ වනවිට ක්‍රියාත්මක වන බව සුනන්ද දැන සිටියානම්......
තුන්මං හංදියකට සේන්දු වු සුනන්ද කැලෑ පාරට හැරුනේ ලොකු නැන්දලාගේ ගෙවල් වලට යන පාර පිලිබද වු හදිසි ආවර්ජනය නිසාය.

ටිකෙක් ටික ඉස්සරහට යන සුනන්දට පාර අමතක වෙන වගක් තේරුනි.ඒ සැකේ නිසාම මොබයිලය අතට ගත් ඔහු දුටුවේ සිග්නල් කනු නොමැති බවයි.
"ශික්..මගේ පඩිකම නේ සේරටම මුල.පාරත් මතක නෑ වගේ..කලින් මේම පැත්තකින් ගිහිල්ලම නෑ කොහෙද මේ.."

'අ..වු...........අවු.......ආආආවුවුවුවූ...'

එකවරම ඇසුනු කැලෑ බල්ලෙකුගේ මූසල හඩ සුනන්දගේ සිත කලබල කලා කිව්වොත් නිවැරදියි..
"මේ මගුල් අස්සේ බල්ලොත් කෑගහනවා..නොඩකු විතරක්..."
මද චකිතයකින් ඉදිරියට ඇදුනු සුනන්දට තමා දෙස කිසිවකු බලා සිටින අයුරක් දැනෙන්නට විය.මදක් නැවතුනු ඔහු මුලු පරිසරය වටාම දැඩි බැල්මක් දැම්මේය.
"මොකෙක්වත් නෑ ශික් බොරුවට කලබල වෙනවා මං.."

'හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.... හා..'

අමුතු කෙදිරිලි හඩකින් ගැස්සි ගිය සුනන්ද නැවත පිටිපස හැරුනේ ඒ ශබ්දය පිටිපසින් ඇසුනු නිසාය.
"ම්ම්.කව්රුත් නෑ නේ....මොකඩ්ඩ ඒ සද්දේ.."

"හ්හ්හ්හ්හ්හ්හ්....හිහිහි...."

නැවතත් ඇසුනු ඒ හඩ තරමක සමච්චල් හඩකට සමාන විය.
"කවුද..කවුද...මේ හිනා වෙන්නේ....?"

දැඩි නිහඩතාවයක් ඇදි ගිය අතර එකවරම විදුලි කොටමින් වර්ශාවක් ඇද හැලෙන්නට විය.
"මේකනම් කරුමෙ , ශික්, ශික් විතරක් ලගපාත ගෙයක්වත් නෑ අඩුගානේ.."

මෙසේ සිතමින් ඉදිරියට දිව ගිය සුනන්ද දුටුවෙ පාලු පාටට තිබු ගෙයකි.මේ වගේ වෙලාවකට මෙවැනි තැනක් හෝ ලැබිම සුනන්දට රංමසු ලැබුනා හා සමාන විය.ඉක්මන් අඩියෙන් ගේ අසලට ගිය සුනන්ද දොරට තට්ටු කලේය.

"ඩො. ඩො. ඩො."
එකවරම ගෙයින් එලියට පැමිනියේ මහලු කතකි.ඇස් දෙක මදක් නොපෙනෙන බවක් පෙන්වු ඈ වෙතින් දිස් වුයේ මද සුදුමැලි පෙනුමක් ය.

"කව්ද ආත්තම්මා ආවේ....."

එසෙ කියමින් පැමිනි ගැහැනු ලමයා දෙස සුනන්ද බලා සිටියේ කටත් ඇරගෙනය.එයට හේතුව ඇගේ සුන්දරත්වය නිසාමය .

"අනේ..ආච්චි අද රෑට විතරක් මට නවතින්න පුලුවන්ද ලොකු උදව්වක්..."

නුරුස්සනා අයුරින් සුනන්ද දෙස බැලු නමුත් කිසිවක් නොකියා හිස වැනු ඈ සුනන්ද ට ගෙට ඒමට අවසර දුන්නාය.

කිසිදු විරෝදයක් එල්ල නොවීම පුදුමයකි.මන්ද තරුන ගැහැනු ලමයෙකු සිටින වගක් අමතක කර සුනන්දව ගෙදරට වද්දා ගැනිමය...ඒ සියල්ල අමතක කල සුනන්ද ගෙට ගිය පසු ගෙහි දොර වැසුනි.


දවස් තුනකට පසුව සුනන්දගේ බැලිමට පවා නොහැකිව තිබු මිනිය තුන්මං හංදිය අසල තිබු ලදු කැලෑවේ තිබි හමුවිය. මෙහි විශේශය නම් සුනන්දගේ දකුනු අත මැනික් කටුව අසලින් කපා අයින් කර තිබිමයි. ඉන් පසු එම පාර වසා දැමිමට ගම්මු කටයුතු කලාය.

එදා රෑ සුනන්දට සිදු වුයේ කුමක්ද...? අවුරුදු 02 කට පසු යාලුවෙක්ගේ ගෙදර යන මලීශ ටත් ඒ දේටම මූන දෙන්න වේවිද...?


"අඩෝ උබ එහෙනම් මේ පාරත් එනවනේ මලියා..,වරෙන් ඈ චතු උබ එන්නැද්ද කියලා මැරෙන්න හදනවා.."
"හරි බම් එන්නම් යකූ..හෙට ක්ලාස් එකේ එක්සෑම් එකක් දන්නවනේ බම් අම්මගෙ හැටි පොඩි එක්සෑම් එකක් උනත් මගාරින්න දෙන්නෑ කියලා..හෙට එක්සෑම් ඉවරුනු හැටියේ මම් කෙලින්ම අනුරාදපුරේට එන්නම්.."
"යකූ මේ එහෙනම් අපි අද යනවා උබ හෙට වරෙන්.ඇවිල්ලා කොල් එකක් දියන් ඈ"

"අනේ සහනා මේ පිස්සුඩ බම් මම් රැ 12 /1 ට සොහොන ගාවින් ගිහින් තියෙ මට පාර මතකයි නේ උබල එන්නොනි නෑ චතුටත් කියපන් මම් එන්නෑ කියලා පොඩි සප්‍රයිස් එකක් දෙමු...අනික අර වහල තියෙන පාරින් එන්නම් බම් ඒක ලේසි අරකෙන් වට ගහනවට වඩා"
"අනේ මෙන්න වැන්දා උබ පඩිකම් කරනැතුව සුපුරුදු පාරෙන් වර.,"
"අනේ රජෝ තෝත් බයයිද බොරු කතා බොල ඔව්වා අපි අනන්තවත් ගිය අප්‍රේල් වල දවාලට ඇවිද්දේ..."
"මන්දා බම් අමුතුයි වගේ හරි හරි ඒනම් මම් තිබ්බා බායි "
"එල එල බායි මචෝ"

මියයන්න සුදානම් පැරදුම අරන්..
සමරන්න එනවාද සුදු මල් අරන්..
"ආ මේ එන ගමන් බන් බස් එකට නැග්ගා...හරි හරි බම් මං ඒ පාරින් එන්නෑ රෙද්ද..උබලගේ විකාර..හා ඉටිම්..බායි බායි"
ටික වෙලාවක් පාර දෙස බලං සිටි මලිශ නොදැනීම නින්දට වැටුනි..ඔහුගේ සිහිනෙන් පැමිනියේ සුදු උසැති තරුනයෙකි.ඔහු මලීශ දෙස බලා දුක්බර ලෙස එන්නෙපා කියන්නාක් මෙන් මුන සකසා බලන් සිටියේය.එකවරම මලිශ දෙසට පැමිනි ඔහුගෙ මූන විකුර්ති වී මල යකින්නක් වී මලිශගේ දකුනු අත කඩා ගෙන කන්නට විය.
"එප එපා...එපා....."

"මල්ලි මල්ලි නැගටිනවා..."
කොන්දොස්තරගෙ පෙරැත්තෙන් නැගිටගත් මලිශගේ ශරීරයෙන්ම දහඩිය පෙරන්නට විය.
"අහ්..මොකද්ද උනේ...."
"මල්ලි හීනෙන් බය වුනා මම් හිතන්නේ මල්ලි තව හෝල්ට් එකයි අනුරාදපුරේ .."
"අහ් එහෙමද අයියේ.ටිකක් රෑ වෙලා නේ.."
"ඔව් මල්ලි ගෙදරින් එනවනේ නේද..තනියම එහෙම යන්න එපා..."
" අයියෝ අව්ලක් නෑ අයියේ මට ගියහැකි.."
"පිස්සු නටන්නැතුව කාටහරි එන්න කියනවා මේ හොද කාලයක් නෙවේ..."
"හා හා අයියෙ"

මලිශ එසේ පැවසුවත් ඔහුගේ මුරන්ඩු ගතිය් නිසාම කාටවත් එන්නැතිව, තනියම යනවා කියා සිතාගත්තාය.
බසයෙන් බැසගත් මලිශ එකවරම නැවතුනේය.
'මියයන්න සූදානම්..'

"ආ කියු මේ එනගමන් එන්නොනු නෑ බම් හරි වටෙන් එන්නම් බායි. "
මුංට නම් පිස්සු බොරුවට බය වෙන්නේ.,මුංගේ බය නැති කරන්නම වහපු පාරෙන් යන්නෝනි.
විසිල් කර කර ගමන පටන් ගත්තාය.මදක් දුරට යද්දි මද වැස්සක් පටන් ගත්‍ර්තාය.
'කරුමේ මගේ තුම්මං හංදියට ආවා දැන් මොකද කරන්නේ..අර වටෙන් යද්දි හොද පන යාවි මගේ...කැලෑ පාරෙන් යනවා තාම 9ය පහු උනා විතරයිනේ..."

කැලෑ පාරට හැරුනු මලිශ හිමින් හිමින් පාර වසා තිබු වැට පැන ගමන ආරම්බ කලාය..
ඔහු ඉදිරියෙන් සුදු කමිසයක් හා කලු කලිසමක් ඇදගත් තරුනයෙක් හිමින් හිමින් ගමන් කරන යුරු දුටුවාය.
"මේ කට්ටිය යන පාරක් නේ බලං ගියාම මම් විතරක් ඈ මේ ඔනි තරම් කට්ටිය යන්නේ...!"
තමාටම තනියෙන්ම මුමුනා ගත් මලීශ හනිකට අර තරුනයා දෙසට දුවන්නට විය.
"මේ..හලෝ මචං පොඩ්ඩක් හිටපංකො..."
එකවරම ඇවිදිම නතර කල ඔහු මලීශ දෙසට හැරුනේය.පුදුමයකි ඔහුව මීට කලින් දැක ඇති සෙයක් මලීශට තේරුනි.

"අහ්..අයියේ මේ ඔයා කොහෙ යනගමන්ද.."
"අහ් මම් මේ ලොකු නැන්දලාගේ ගෙදර යනගමං ඇයි ඔයා මේ පාරෙන් ආවේ..."
"එහෙමද මාත් මේ යාලුවෙක්ගේ ගෙදර යන ගමන්..වටේ පාරෙන් යනවට වඩා මේ පාර යන් එක ලේසි..අනික මං විතරක් ඈ ඔයාත් යන්නේ...මේ ගමේ මිනිස්සුන්ගෙ බොරු කතා..නැද්ද අයියේ "
කී මලීශ තරුනයා දෙස බැලුවේය.ඔහුගෙ පෙනුම අමුතුය.අදික සියුමැලි පෙනුමක් සතු විය.එමෙන්ම එක් අතක් සාක්කුව තුලට දාගෙන සිටියාය.
"බොරු නෙවෙයි මල්ලි ගමේ මිනිස්සු කියන්නේ මේ පාර හොද නෑ ඔයා ආපහු හැරිලා යන්න..නැත්නම් ඔයාට මොනවා වෙයිද දන්නෑ.."

කිසියම් ගුප්ත බවකින් පැවසු ඔහු මලිශ දෙස දුක්බරව බලා සිටින්නට විය.
"ඇයි ඒම කියන්නේ අයියේ මොකක් හරි වෙලා තියෙයිඩ මේ පාරේ යන අයට...?"
"හ්ම් මීට අවුරුදු 2කට කලින් ඔයගෙ වයසෙම කොල්ල්‍ර්ක් ඔයා වගෙම මුරන්ඩු වැඩක් කරන්න ගිහින් මැරුම් කෑවා."

"ඉතිම්...ඒක දැන දැනත් ඔයා ඇයි..මේ පාරෙන්ම යන්නේ...."
"මොකද...,මං අයිති දැන් මෙහාට නිසා හහ්හ්හ්හ්හ්හ.."
'ආවුවුවුවුව....වුවුවුව්ව්හ්හවූ..............'

එකවරම මලීශ ගැස්සි ගියේ කැලෑ බල්ලන්ගේ උඩු බිරිමට නොව ඒ තරුනර්‍යාගෙ හිනාවටය.
එකවරම බිම දනගසාගත් ඔහු හයියෙන් අඩන්නට විය.ගැහෙන කකුල්‍ර්න් ඔහු අසලට ගිය මලීශ..,
"අ..යියේ...ආආඅයි..ය්‍රෙ.."
"ඉහි ඉහි ඉහි මේ බලපා.න් මග්‍රෙ දකුනු අතට උනු දේ....මෙහෙන් පලයා...ම්"
එහි තරුනයා මලීශට පෙන්වුයේ කෑලි කෑලිවු පනුවො බේරෙන ඔහුග්‍ර්‍ර් දකුනු අතය..මලිශට උන් හිටි තැන් අමතක විය.
"බුදුඅම්මෝ......."

කියා ගත් මලීශ පන කඩා ගෙන පසුපස හැරී දුවනවාට වෙනුවට ඔහු පසුකර දුවන්නට විය..අවසිහිය්‍ර්න් මෙන් දුවගිය මලිශට ගරා වැටුනු ගෙයක් දකින්නට ලැබුනි.එහි ආලෝකයෙන් කවුරුන් හෝ ඉන්න බවක් තේරුනු මලීශ වහා එහි ගොස් දොරට තඩිබාන්න විය.
"අනේ..මේ දොර අරින්න..ප්ලීස්...අරින්නෝ..."
එකවරම දොර විවර විය.එයින් එලියට ආවේ රූමත් තරුනියකි..
"අනේ මොකද උනේ...ඔයාට ,ඇයි මේ බය වෙලා...කියන්නකෝ.."
"අනේ මට ගෙට එන්න පුලුවන්ද?"
"එන්න එන්න "කී ඈ දොර විවර කර මලිශව ගෙට ගෙන දොර වැසුවාය.
මේ සියල්ල දෙස දුර්මුකව බලා සිටි තරුනයා (සුනන්ද) දුක්මුසුව නැවත ආපසු හැරි යන්නට විය.

"ඔයාට මොකද උනේ අන්‍රෙ මේ වතුර එක බොන්න..."
"තෑන්ක්ස් ඔයාට කෝ ඔයාගෙ අම්මලා..." කි මලිශ වතුර වීදුරුව එක හුස්මට බී ගෙන ගියාය.
"මගේ දෙමාපියෝ නෑ ආච්චි විතරයු ඉන්නේ එයා කාමරේ නිදි හොදටම.."
"එයා ඔයාට බනිද දන්නෑ මාව ගෙට ගත්ත එකට..."
"අපෝ නෑ ඒම නෑ අසරන අයට උදව් කරන එක තමා අපි කරන්නේ.."
කී ඈ මලීශ දෙස බලා සිටියේ ඇස් පිල්ලමකදු නොගසාය.

"එහෙමද මෙහෙ ෆෝන් එකක් නැද්ද මට යාලුවට කෝල් එකක් ගන්නොනි"
"අයියෝ නෑනි ඒක නෙවෙයි ඇයි ඔයා බය වෙලා වගේ හිටියෙ.."
"අහ්..ම්‍ර්‍ර් ඔයා පිලිගන්නැතිවෙයි මට එද්දි අයියා කෙනෙක් හම්බුනා එයාගේ අත මග්‍රෙ දෙවියන්‍රෙ එයාගේ අත කෑලි කෑලි ඒ මදිවට එයා....හිනා වු නු විදිහ...එයා මම් හිතන්නේ හො.ල්මනක්..."
"අහ් ඒමද ..?" කී ඇය කිසිවක් නොවු ගානට මා දෙස බලා සිනා සෙන්න විය.
ඒත් සමගම අමුතු ගදක් මුලු කාමටය්‍ර්න්ම දැනෙන්න විය.
"ඇයි ඔයා ගානක් නැතුව ඉන්න්‍ර්‍ර් ඒක නෙවෙයි මොකද්ද ඒ ගද..."
ඉවසගැනීමට නොහැකි වූ බැවින් මලීශ නහය වසාගත්තාය.

'හ්හ්හ්හ්හ්හ්හ්හ්...හ්හ්හ්හ්හ්හ්හ්...හහ්හා...'
"ඈ කවුද න්ංගි ඔයා කොහෙද...නංගී......"
'හි හී හී....හිහි....'
එකවරම මලීශ දුටුවෙ ඔහුට එහා පැත්තේ සිටි කොන්ඩේ කඩාගත් ඇයයි.
"හි හී උබ...වැරදි ගෙදරට ආව්‍රෙ හිහි හී...""

එකෙකුග්‍ර්න් බේරි තමා ඊට වඩා මල යක්ශනියක් ලගට පැමිනි ඇති බව මලීශට ඉවෙන් මෙන් තේරුනි.
එකවරම යකින්න මලීශ දෙසට හැරුනි.ඈ දෙස බැලිමට පවා නොහැක.කොන්ඩය මූනට කඩා වැටී ඇස් දෙකම සුදු පැහැති වී හා ඉන් නොනවත්වා ලේ ගලන්නට විය.කටෙහි උල් දත් හා පනුවෝ වැගිරෙන්නට විය.ඇය උන් චරස් වීමට හප කර බිම දමයි.එමෙන්ම ලේ ද කටින් වැගිරෙන්න විය.

බාගෙට වු වැරහැලි ඇද උන් ඈගෙ දකුනු අත මැනික් කටුව අසලින් නොවීය.ඉන් ලේ වැගිරෙන්නට විය.
බලා සිටිමට නොහැකි මේ සිදුවිම් දෙස බලා සිටි මලීශ ක්ලාන්ත විමට මෙන් ආසන්න විය.
"උබ මෝඩයා උබ අරුට බය වෙලා මා ගාවටම ආවා හ්හහ්හා දන්නවද ඌත් උබ වග්‍ර්‍ර්ම මට අහුවෙලා මැරුම් කාපු එකෙක් ඌ උබව මෙහෙන් පිට කරන්න කොච්චර හැදුවද වැඩක් නෑ උබ ඒවා තේරුම් ගත්තේ වැරදියට....හිහිහීහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."

මලීශ අඩපනවී සිටියේ මේ සියල්ල අදහාගත නොහැකිවය.
එකවරම ඔහු දුටුවේ මැනික් කටුව අසලින් ගැලවුනු පනුවෝ පිරුනු අතක් ඇගිලි වලින් ඔහු අසලට පැමින්‍ර්න අයුරුය..එහි විශෙශය නම් ඒ අතට ඇගිලි 6ක් තිබීමය.
ඒ ඇගිලි 6යේ අත ඇගිලි වලින් පැමින ඔහුගේ ගෙල සිරකර අල්ලාගෙන මිරිකන්න විය.ඒ අත ගලෝගැනීමට මහත් උත්සහයක් කල ඔහුගේ සිහිය මෙන්ම හුස්මද නතර වීමට ආසන්න විය.

"මලීශයා...ඒ මලීශයා...ඒ නැගිටපන්...බම් අන්‍ර්‍ර්...නැගිටපන් බං....."
සහන්ගේ කෑගැසිම නිසා හිමිට දෑස් විවර කල මලීශ දුටුවේ තමා වට කරග්‍ර්න සිටින ගමේ මිනිසුන්ය. චතූ බය වී හඩමින් සිටි.
"ඕං ඒසවාහ්..ඔහ් නමෝ......"
තෙල් වලට මතුරමින් සිටියේ ගමේ කට්ටඩි මහත්තයාය.ඔහු මතුරන ලද තෙල් මලීශග්‍ර්‍ර් ඔලුවට හා උරහිස් දෙකෙද කකුල් යටි පතුල්‍රේද ගා මතුරපු නූලක් බෙල්ලට දැමු පසු ඔහුට කතා කිරිමට හැකිවිය.

"අන්‍ර්‍ර් සහනා මම් කෝමද බේරුනේ බං මං හිටියේ අර යක්සනිගේ ගෙදරනේ..."
"නෑ බම් උබ හිටිය්‍ර්‍ර්‍ර් සිහි නැති වෙලා තුම්මං හංදියේ ලදු කැලෑවෙ උබ පරක්කු නිසා මායි මේ අංකල්ලා දෙන්නයි උබව බලන්න ආව්‍රෙ උබ කටින් සෙම පෙරා ග්‍ර්න වැටිලා හිටිය්‍ර්‍ර් අපි උබව අරග්‍ර්න ගෙදර ආවේ මොකද උනේ උබට.."

සිදු වූ සියල්ල කීමෙන් අනතුරුව මලීශ ..,
"මට හිතාගන්න බෑ මං කෝමද බේරුනේ කියාලා...?"
සියල්ල අසා සිටි ගම්‍රෙ ඉන්න වයසකම මනුස්සයා වූ සහන්ගේ සීයා මලීශගේ දකුනු අත අරගෙන තමාගේ අත උඩින් තියා ගෙන මෙසේ කිවාය.
"පුතේ ඔයා බේරුනු එකම හේතුව ඔයාගේ මේ දකුනු අත..හැබැයි ඔයාගේ අතත් අපේ වගේ උනානම් අද මෙතන ඔයා නෑ..."
අත දෙස බැලු මලිශට කිසිවක් සිතාගත නොහැකු විය.

"ඔව් පුතා ඔයාගේ අත විශේශ අතක් හරියට මීට අවුරුදු 100කට කලින් ඔය වහපු පාර ඒ කියන්නේ මංතොට පාරේ ගෙදර හිටපු රංගිරි එතානා කට්ටඩි ගෑනිගේ අත වගේම ඇගිලි 6ක් තියෙන අතක් ..ඒකාලේ ඒ ගැනී කරපු කට්ටඩි වැඩ නිසා ගමට ගොඩක් කරදර උනා ඉටිම් ගමේ මිනිස්සු එකතු වෙලා ගෑනිගේ දකුනු අත කපලා ගෑනිග්‍රෙ ගෙදරදිම ගෑනිවයි ඒ ගෑනිගේ මහ ගෑනිවයි ගිනි තියලා මැරුවා ..."
"ඇයි සියේ එයාගේ දකුනු අත කැපුවේ..." ඒ ප්‍රශ්නය චතූගෙනි.

"මොකද මිනිස්සු විස්වාශ කලා මේ ගෑනිට මේම වැඩ කරන්න පුලුවන් උන්‍ර්‍ර් ඒකිගේ මේ විශේශ අත නිසා කියලා...ඔය ගෑනි හරියට පව්ල් කඩලා ලමයි මරලා තියෙයිලු.ඉතිම් ම්‍ර්‍ර් ගෑනිව මැරුවට පස්සේ ඔය හරියෙන් යන්න බෑ පහුවදා මිනිය හම්බ්‍ර්නනේ දකුනු අතත් නැතුවලු..පස්සේ ලොකු කට්ටඩියෝ 5 දෙනෙක් ගෙනල්ලා ආත්ම්‍රෙ හිර කරලා ඒත් ආයි ඒක ක්‍රියාත්ම වෙලා ...දැනට අවුරුදු දෙකකට කලින් තරුන වයසේ කොල්ලෙක් මැරුනා ඊට කලිනුත් මැරිලා තියෙයි.මුරන්ඩු කොල්ලො තමයි ඔය පැත්තෙන් ගීන් මැරිලා තියෙන්නේ ගමේ උන් නම් ඔය ලගකින්වත් යන්නෑ"

මේ සියල්ල පුදුමයෙන් අසා සිටි මලීශ ඇතුලු සියල්ලෝ මලීශගේ අත දෙස බැලුවාය.
"ඉතිම් සීයා කෝමද හරියටම කියන්නේ මලීශගේ ඇගිලි 6 නිසා මලීශ බේරුනා කියලා..."
ඒ සහන්ය.

මදක් හිනා වූ සියා ඔහුගේ දකුනු අතේ මහපට් ඇගිල්ල ලග තිබු කැලල පෙන්නුවාය.
"මේ කොලුවා වග්‍ර්‍ර්ම මාත් ඔය ඉරනමට මූන දීලා බේරිලා ආපු එකෙක් තමා..පස්සේ පොඩි රන්ඩුවකදි කැත්තක් වැදිලා ඒ වැඩිපුර ඇගිල්ල අයින් කරන්න උනා..ඒකත් වාසනාව හරි හරි දැන් කොල්ලට මහංසි ඇති උබලා ගෙවල් වලට පලයල්ලා..."

ඒම කියු සීයා මලිශ දිහා බලලා සිනාසුනාය.මලිශද තමාග්‍ර්‍ර් අත දෙස බලා හිතුවේ තමන් හැමතිස්සෙම දුක්වෙන මේ වැඩිපුර ඇගිල්ල නිසා තමාගේ ජිවිතේ බේරුනා කියාය.

Source: Link




14 February 2018

---ලලිතා---



මේ සිද්දිය වෙන්නෙ 1993 අවුරුද්දෙ. හිගුරක්ගොඩ පැත්තෙ තියන පොඩි ගමක වෙච්ච සිද්දියක්.

ජයගුරා කියන්නෙ වයස 45ක විතර වයසට වඩා වැහැරුනු ශරීරයක් තියන අරක්කු වලට ඇබ්බැහි වුනු කට්ටඩියෙක්. ඇගට පතට ලොකු හයියක් එහෙමත් නෑ මේ මනුස්සයට. නෝන වෙන මනුස්සයෙක් එක්ක ගිය දවසේ ඉදන් තනියම ජීවත් වෙන්න හුරු වෙච්ච නිසා තනිකම ලොකු දෙයක් වුනේ නෑ. ගමේ අයනම් කියන්නෙ මේ මනුස්සය බීල ඇවිත් ගෑනිට දෙන වදෙන් බේරෙන්න ගියා කියල. කොහොම හරි ටික කාලයක් ඔහොම ඉන්නකොට ලලිතා ඒ කියන්නෙ මෙයාගෙ හිටපු නෝන පිලිකාවක් හැදිල නැති වුනා කියන ආරංචිය ජයගුරාට දැනගන්න ලැබෙනව.

ඕකිට ඔහොම නෙමෙයි මැරෙන්න තිබුනෙ. පාරක් පාරක් ගානෙ හිගාකාල.
එවෙලෙ ජයගුරාගෙ කටින් පිට වුනේ ඒ වචන ටික විතරයි. කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ගමේ හැම තැනම අමුතු කතාවක් පැතිරෙන්න ගත්ත. මහ රෑ ජාමෙට ජයගුරාලගෙ ගෙවල් පාරෙ ගෑනු කෙනෙක් යනව කියල දැකපු කීපදෙනෙක්ම මේ ගැන කියල තියනව. මේ කතා ආරංචි වුනාම ගුරාටනම් පොඩි සතුටක් තමයි දැනුනෙ. කවුරු හරි බය වුනොත් බෙරයක් ගහල ටිකක් දගලල සල්ලි ටිකක් හොයාගන්බ පුලුවන්නෙ.

කීයක් හරි හොයාගන්න වැඩක් හම්බෙයි කියල හිත යටින් සතුටු වුනේ ඒ නිසයි. ඉතින් ඔහොම ඉන්නකොට ගුරා හිතුව වගේම ගමේ එක තරුණ පිරිමි ලමයෙක් මොකක්දෝ දේකට බය වෙලා. පහුවදාම ඒ පිරිමි ලමයගෙ තාත්තා කෙලින්ම එන්නෙ අපේ ගුරුන්නාන්සෙ හම්බවෙන්න. කාරණාව හොදට අහගෙන ඉදල ගුරුන්නාන්සෙ මෙහෙම කියනව.

කොල්ල තරුණයි. වැඩේ ටිකක් දරුණුයි වගේ මලේ. අපි තොයිලයක් කරල මේක අහවර කරල දාමු. පේන හැටියටනම් මෝහිනී.
අර දරුවගෙ තාත්තත් වැඩේට එකග වෙලා දිනයක් දාගෙන එහෙම අවශ්‍ය කරන දේවල් ලියාගෙන යන්න ගියේ අපේ ගුරා අතට ගුරු පඩුරුත් තියාගෙනමයි.

කොහොම කොහොම හරි දාගත්තු දවසෙ තව කීප දෙනෙකුත් එකතු කරගෙන අපේ ජයගුරා වැඩේ ඇල්ලුව. පාන්දර වෙද්දි වැඩේ ඉවර කරපු අපේ ගුරා ගානකුත් කඩාගෙනම උදේම ගෙදර එනව. මහන්සියයි නිදිමතයි වැඩි කමටදෝ සාලෙ පුටුව උඩම දවල් වෙනකම්ම නින්ද ගිහින්. උයල කරල දෙන්න තියා තේ ටිකක්වත් දෙන්න කෙනෙක් දැන් ගෙදරත් නැති එකේ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් තේ එකක් එක්ක පාන් කෑල්ලක් කාල හවස් වෙනකම් නිදාගන ඇහැරුනු අපේ ගුරුන්නාන්සෙ නාගන කරගෙන එලියට බහින්නෙ සුදාගෙ හොර අරක්කු ගුබ්බෑයම පැත්තට යන්න හිතාගෙන.

සුදා ජයගුරාගෙ හිතවතා. මොකද හැමදාම වෙලදාම කරගන්න ඕනි නිසා. අරක්කු කාලක් ඉල්ලපු ගුරාට කටගැස්මට වල් ඌරු මස් දීසියක් දුන්නෙත් ඒ කපටිකමටම තමයි. කාල බාගෙ උනා එන්න එන්නම රෑ උනා. හොද පදමට වෙරි වුනු ගුරා කසිප්පු වාඩියෙන් එලියට බහින්නෙ රෑ 11ත් පහු වෙලා. කලුවරේම දනිපනි ගාගෙන කොහොම කොහොම හරි ගෙවල් වලට එන දෙවැට ලගට එන්න ගුරාට පුලුවන් වුනා. ඒත් දෙවැටෙන් එන්න ගුරාට පුලුවන් කමක් වුනේ නෑ. ගෙවල් පැත්තෙන් බල්ලෙක් මරලතෝනි ගහගෙන දුවන සද්දෙත් එක්කම සීතල හුලගක් ගුරාගෙ ඇගේ වැදුන.

වෙරි වුනත් ගුරා හිටියෙ සිහියෙන්. ඒ නිසාම දෙවැට කෙලවරේ කව්දෝ ඉන්නබව කලුවරේ වුනත් දකින්න ගුරාට පුලුවන් වුනා. හෙමින් හෙමින් ඒ පැත්තට ඇවිදගන යද්දි එන්න එන්නම හුලග තද බවක් දැනෙන්න වුනා. කියාගන්න බැරි තරම් තනියක් පාලුවක් එක්කම මූසල ගතියක් ගුරාට දැනුන. දැකපු රූපෙ තාම එහෙමමයි. වෙනසක් නෑ.

දැන්නම් ඒ කාන්තාවක් කියල පැහැදිලිව පේන තරමට අපේ ගුරුන්නාන්සෙ කිට්ටු වෙලා ඉන්නෙ. මේ ගෑනි ගැනද මිනිස්සු කතා වෙන්නෙ කියන දේ එවෙලෙ ගුරාට හිතට දැනෙන්න වුනා. වෙරි බැහැල ගියා වගේ දාඩිය දාන්න වුනා. ගෑනිත් කිසිම හැලහොල්මනක් නෑ. යකෙකුටවත් බය නැති අපේ ගුරා තව ටිකක් කිට්ටු වුනා.

කව්ද යකෝ මේ මහ රෑ.

මෙහෙම කියනගමන් කුනුහරුප දෙක තුනකුත් ගුරාගෙ කටින් පිටවුනා. ඒත් එක්කම ඈතින් බල්ලෙක් උඩු බුරන්න වුනා. වෙන්න යන දේ ගුරාට ඉවෙන් වගේ දැනුනත් තමා පරක්කු වැඩි බවත් අදනම් වැඩේ වැරදුනු බවත් දැනුනු නිසා අඩියක් පස්සට තියන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ එක්කම අර ගෑනිත් අපේ ගුරා පැත්තට හැරුන. ඇස් අදහගන්න බැරි වුනු ගුරාගෙ කටින් පිට වුනේ

දෙයිහාමුදුරුවනේ ලලිතා..

හුලගක වේගයෙන් අපු ලලිතා ගුරාගෙ ඇගේ වැදීගනම යන්න ගියා. ඒත් ගියෙ තනියමනම් නෙමෙයි.

Source: Link


12 February 2018

---වියරුවකි ජීවිතේ---


නාන කාමරයට පිවිසි ඕඅයිසී ඒකනායක නාන කාමරය හාත්පස සිසාරා නිරීක්ශනය කරන්නට විය.නානකාමරය පුරා සෑම තැනකම රක්තවර්න ලේ පැල්ලම් තිබුනේ ඒ තුල අවසානය උදාකරගත් තැනැත්තා මිය යාමට පෙර සැහෙන තරම් මරනීය රංගනයක යෙදී ඇති බව පැහැදිලි කරමිනි.ඒ තුල ලෙයින් ඇදුනු පියසටහන්ද තවත් ලෙ පැල්ලම් රාශියක්ද වූ අතර ඇතුලත ඌ තිර රෙද්දේ මිනිස් ලෙයින් ඇදුනු දෑත් සටහනක් විය.මේ සියලුම නිරීක්ශන වෙත ඒකනායකගේ දෑස් යොමුවූයේ දෙවනුවට‍යි.

පලමුව ඔහුගේ දෑස් යොමු වූයේ ඒ තුල දෑත් දෙපා විදහා මැරී වැටී සිටි තරුනයා වෙතයි.ඔහුගේ උදරයේ ඌ කැපුම් තුවාලයෙන් බඩවැල් එලියට ඇදී දසත ලේ පාරවල් ගලා ගොස් තිබුනි.ගෙලෙහි ඌ දිග කැපුම මුකය දෙපස දක්වාම ඇදී තිබුනේ හිස කදින් වෙන්වීමට ආසන්න කරමිනි.

"සාජන්ට් දිසානායක..කවුද මේ කොල්ලා"මල සිරුරට අත දිගුකරමින් ඒකනායක විමසීය.
"මෙයා ගයාන් සූරියනායක..ජපුර කැම්පස් එකෙන් උපාදිය ගත්ත ඩොක්ටර් කෙනෙක්.මේ විදිහෙ මරණයක්..අනේ මන්ද සර්..මට නං තේරුං ගන්න බෑ..තියුනු ආයුදයකින් කරපු කැපීම් කියල හිතුවට ඇත්තටම මේව එහෙම කැපීම් නෙවේ .මේ තීන තුවාල හරියට ....හරියට ඉරල දාල වගේ.කිසිම සාක්ශියක් නෑ...මට නං මුකුත්ම අදහසක් නෑ සර්"

"හොදයි..මරන පරීක්ශනේ කරල,මිනිය බාරකරුවන්ට බාර දෙන්න.මරන පරීක්ශන වාර්තා මට එවන්න"
"මොන විදිහෙ බයානක මරනයක්ද.මොකාද මේ පොලීසියත් එක්ක සෙල්ලං කරන්න හදන්නෙ..මුලින් ඒ කෙල්ල..දැං මේ කොල්ල..අනේ මංද"නැවත පොලිස් ස්තානය බලා ගමන් කරන එකනායක තමන්ටම කියාගත්තේ වියවුල් මනසිනි..

"ගයියා..ඒ...බොක්කා,උබට කියන්න දෙයක් තීනෝ බං"අකිල පැවසුවේ තමාගේ හොදම මිතුරා ඌ ගයාන්ටයි.ගයාන් සූරියනායකටයි!!!

"මොකද්ද බං..මං ලයිබ්‍රරිය පැත්තට යන්න කියල.ඉක්මනට කියාං"ගයාන් පැවසීය.කොහොමත් ඔහු හැමදේකටම වඩා ඉගෙනීමට වෙහෙසෙන්නෙකි.
"ඒහ්..මේ..උබට ශුවරුත් නැති වෙයි.මම රූහිට කිව්ව.ඒ ඒකිත් කැමතිලු.මේහ්..උබටත් හැපී නේහ්..යම๬ අද ම්ං ගානෙ පාටි"

"ඒහ්..සිරා..ටේක් මයි කන්ග්‍රෑට්ස් මචෝ..ගුඩ් ලක් ඈ..තද තද"ගයාන් මුවපුරා සිනාසෙමින් පැවසුවේ අකිලගේ පිටටද තට්ටු කරමිනි.
"යමං..වරෙං දැංම යං..මේව හැමදාම නෑ"අකිල පැවසුවේ බලවත් සතුටිනි"
"බෑ බෑ..ටිකක් ඉදාං.මං පොඩි වැඩකට ගිහින් එන්නම්.පට ගාල එනෝ.හිටාං"
"හරි හරි ඒනං,ඉක්මනට වරෙං ආ"
"ඕකේ මචෝ,"

ගයාන්,අකිල හොදම යහලුවො උනේ ජපුර කැම්පස් එකේදියි.දෙන්නම දැං මේ ඉන්නෙ ලාස්ට් යියර් එකේ.රූහි එයාලට වඩා වසරක් බාල දගකාර,කටකාර වගේම හැඩකාර තරුනියක්.අකිලගෙ සෙල්ලක්කාර හිත හොරාගන්න සමත් උනේ මෙන්න මේ පුන්චි කෙල්ල.සෙල්ලක්කාර..ආ...මං ඒක කිව්වෙ නෑද..හී හී..අකිල කියන්නෙ පලාතෙම ඉන්න දක්ශම බිස්නස්මන් කෙනෙක්ගෙ බාල පුතා .

ඉතිම් කියන්න දෙයක් නෑනි...එහෙම කොල්ලො සෙල්ලක්කාර නොවී ඉන්නෙ කලාතුරකින්..අකිල සෙල්ලක්කාර තමයි..නමුත් ගොඩක්ම හොද හිතක් තිබුනු කොල්ලෙක්.ඉතින් කාලයක්ම පස්සෙන් ගිහින් රූහිගෙ හිත ගන්න අකිල සමත් උනා.අද තමා ඒ දවස..

අකිලගෙන් වෙන්වුනු ගයාන් කෙලින්ම ආවෙ කැම්පස් එකේ පාලු හරියකටයි.මෙච්චර වෙලාවක් හිතේ හිරකරං ඉදපු දුක ගයාන් එතනට ඇවිත් කදුලු කලා.ඔව්..ගයාන් රූහිට ආදරේ කරා..ඒ ආදරේ කරපු තරමටම අකිලට වෛර කරා.හේතුව ගයාන්ට අකිලට වගේ සල්ලිවත් බලයවත් තිබුනෙ නෑ.

නමුත් අකිල ගයාන්ට තමන්ගෙම සහෝදරයෙක්ට වගෙයි සැලකුවේ.ගයානුත් හිත යටින් වෛරෙන් ඉදියත් බොරුවට අකිලට හිතවත් කම පෙන්නුවා.මේ වෛරය කවදමහරි ලොකු විනාසයක් ගේයි කියල ගයාන්,අකිල රූහි තුන් දෙනාම දැනං ඉදියෙ නෑ.

කාලය කෙමෙන් කෙමෙන් ගත උනේ ගයාන් වෛද්‍ය්වරයෙක් බවට පත් කරමින්.ඒ රූහිගේත් අකිලගේත් දෝරෙ ගලන සතුටත් එක්කමයි.තමන්ගෙ හොදම යාලුව ඉගෙනීමෙන් හොදම තැනකට ආපු එක ගැන අකිලගෙ වගේම රූහිගේ හිත්වලත් ඇති උනේ ලොකු සතුටක්.අකිලත් තමන්ගෙ තාත්තගෙ බිස්නස් හැම එකකම බාරකාරයා උනා.මේ හැම්දේම එක්ක අකිල වගේම රූහිත් ආදරයේ උපරිමම මට්ටමට ලගා උනා.ඉතින් ඒ දේ කෙලවර උනේ ඒ දෙන්නගෙම විවාහයෙනුයි.

ඔය විදිහට රූහි අකිල ජෝඩුව තමන්ගෙ ජීවිතේ ගොඩක් සතුටින් ආදරෙන් ගතකලා.කාලය ගියත් ඒ කාලයේ වැලිතලාවෙන් ගයාන්ගෙ හිතේ තිබුනු වෛරයේ ගිනි පුපුරු හංගන්න නං බැරි උනා.අකිලව රූහිව දකින හැම වාරයක් පාසාම ගයාන්ගෙ හිතේ තිබුනු මේ වෛරය අලුත් උනා.

වෛද්‍යවරයා කාරුනික පුද්ගලෙයෙක් වියයුතුයි..හැමෝගෙම හැගීම් අදුනන්නෙක්..නමුත් ගයාන්...වෛරයෙන් අන්ද උනු පුද්ගලයෙක්..පලිගන්න අවස්තාවක් හොයමිනුයි ගයාන් ඉදියෙ.එක කාලකන්නි දවසක අන්න ඒ පාපතර ආශාව ගයාන් ඉශ්ට කරගත්තෙ කාටවත්ම නොදැනෙන්නයි.

"ආ..ගයාන්..අකිල නං නෑ..එන්න එන්න.අපේ දොස්තර මහත්තය සුදු වෙලා ලස්සන වෙලා.මොකෝ කෙලිපොඩිත්තක් හොයාගත්තෑ"රූහි ගයාන්ට දොර විවර කරමින් පැවසුවේ කලකින් දුටු මිතුරා සතුටින් පිලිගනිමි.

"නිකං ඇවිත් යන්න ආව රූහි.කොහොමද ඉතින් පවුල් ජීවිතේ"මද සිනාවක් පාමින් ගයාන් විමසුවේ කිසිදු අමුත්තක් නොපෙන්වමිනි.
"ඕ..ඔයා ඉතින් මගෙම අයිය වගේනේ..අකිලටත් කලින්ම මං මේක කියනෝ ඒනං හොදද.අකිලට ඒම කියන්න එපා දැම්ම.එයාව සර්ප්‍රයිස් කරන්න ඕනි"
"මොකද්ද රූහි..ම්ම්..මට හිතාගන්න බෑ"

"මං ප්‍රෙග්නට්..ඔන්න ඔයා මාම කෙනෙක් හොදේ"රූහි පවසුවේ සතුටින් සිනාසෙමිනි.සැබවින්ම ඇගේම සහොදරයෙකුට මෙනි ඈ ගයාන්ට සැලකුවේ.

"ඔන්න මං සුබපතනව නංගි ඒනම්..කන්ග්‍රැජුලේශන්ස් නංගා"මුව පුරා සිනාසෙමින් පැවසුවත් හිත ඇතුලින් ගයාන් ගිනිගෙන දැවෙන්නට විය.ක්‍රමයෙන් වෛරී චේතනා ඔහුගේ සිත ආක්‍රමනය කරන්නට විය.
"ඉන්න මං අයියට බොන්න මොනාත් ගේන්නං..අකිල එද්දි නං රෑවෙයි අද"රූහි මුලුතැන්ගේ දෙසට ඇදුනි.ගයාන්ද ඇගෙ පස්සෙන්ම වැටුනේ ඈට නොදැනෙන්නටයි.මුලුතැන්ගෙයට ගොස් නැවත හැරුනු රූහි දටුවේ තමා පසුපස ඌ ගයාන්ය.
"ආහ්..මං බය උනා..අයිය සාලෙට වෙ.."

"මට ඔයාව ඕනි රූහි"ඇගේ කතාව අවසන් කිරීමටත් පෙරම ගයාන් පැවසීය.
"මො..මොනවද මේ කියන්නෙ..අයියෙ"
"මාත් එක්ක යං..අකිලට ඔයා ගැලපෙන්නෑ.මමයි ඔයාට ආදරෙ ..ඌ...ඌ බොරුකාරේක්"
"මොනවද මේ තමුන් කියවන්නෙ..මගෙ අකිල බොරුකාරේක් නෙමේ..පිස්සු හැදිලද අයියෙ තමුසෙට"සිතේ හටගත් තරහ නිසා රූහි ගයාන්ට බැනවදින්නට විය.

"ආ..උබේ අකිල..බලාගනිං අද උබට වෙනවැඩේ.උබ මගේ.මගේ විතරයි.උබ කොහොමද උගේ දරුවට අම්ම වෙන්නෙ "ගයාන් කෑගැසුවේ රූහිගේ අතක් සිරකොට අල්ලාගනිමිනි.
"අතෑරපං මාව..අතෑරපං"රූහි කෑගසා ඔහුගේ අතක් විකුවේ ලේ එන්නටමයි.නමුත් වූයේ එයින් ඔහු තවත් වියරු වැටීමයි.අසල ඌ නානකාමරය තුලට ඈව ඇදන් ගිය ගයාන් ඇගේ පිරිසිදුකම නැති කලේ ඇගේ විලාපය මද්‍යයේමයි.ඒ වෛද්‍යවරෙයෙකුගේ මානුශීය හැගීම් සියල්ල අමතක කරමිනි.

"මට උබ නෑ නං උබව කාටවත් නෑ"එසේ ගිගිරූ ගයාන් අසල ඌ කන්නාඩිය බිද එයින් කෑල්ලකින් කපාකොටා ඇය ගාතනය කලේ කිසිදු හිතක් පපුවක් නොමැතිය් අයුරිනි.
මවක් ලෙසට නම් දැරීමට බලාපොරොත්තු වෙන් සිහින පොදි බැදන් සිටි රූහි අවසන් ගමන් ගියේ තමාට ඒ ඉරනම උදා කල කාමතුරයා ගැන නිමක් නොවන වෛරයකිනි..පලි ගැනීමේ වියරුවකිනි..


"හෙ..හෙලෝ..ඔව්..අරුන..ඔව් ඒකි මගෙ පස්සෙන් එනව..ඕ..මාව බේරගනිං.ඉකමන්ට වරෙං..අනේ ඉකමනට"

අරුනට ගයාන්ගෙන් ආ දුරකතන ඇම්තුමේ අවසන් වදන් කීපය එය විය.ඉන්පසුව සම්බන්දතාවය බිදී ගියේ විලාපයක් හා කාන්තා සිනහඩක් සමගිනි.

ආ..අරුන නේද.මං එයා ගැන කිවේ නෑද.මහ දෙයක් නෑ.අරුන කියන්නෙ ගයාන් ගෙ යාලු ඩොක්ටර් කෙනෙක්.අරුන අවංක හොද චරිතයක්.අරුනට ගයාන් හම්බුනේ දෙන්නම එකම හොස්පිට්ල් එකේ වැඩ කරපු නිසයි.ගයාන්ගෙ හිත යට තීන නපුරු කම ගැන අරුන නං හාංකවිස්සියක්වත් දන්නෑ.

දුරකතන ඇමතුම විසන්දි වූයේ අරුනව වියවුල් ජාලයක පටලමිනි.ගයාන් පැවසූ තැනැත්තිය කවුද..දුරකතන සබදතාවය මෙහෙම අනපේක්ශිත විදිහට බිද වැටුනේ ඇයි..ගයාන් කාගෙන්ද තමන්ව බේරගන්න කිව්වෙ ..මොකද්ද ඒ හිනාහඩ..මෙවන් ප්‍රශ්න රැසක පැටලුනත් අරුනට තම මිත්‍රයා සිටිනුයේ කුමක් හෝ විපතකට පත්ව බව වැටහුනි.වහාම ක්‍රියාත්මක වූ අරුන තම මිත්‍ර සාජන්ට් දිසානායට වහා දුරකතන ඇමතුමක් ලබාදුන්නේ ඔහුත් සමගම වහාම ගයාන්ගේ නිවසට යාමටයි.

"ගයාන්..ගයාන්...උබ කොහෙද..ගයාන්"ගයාන්ගේ නිවසට පැමිනි අරුන ගයාන් අමතා කෑගැසුවත් පිලිතුරක් නොවීය

"දිසා..මූට මොනාහරි කරදරයක්වත්ද.කෝකටත් ගෙයි බලමු"
"හොදයි ..යමු"

අරුනත් සාජන්ට් දිසානායකත් ගයාන්ගෙ නිවස පුරා ඔහුව සොයන්නට විය.කිසිවක් සොයාගත නොහැකි වූ අරුන කිසිවක් සීතාගතනොහැකිව කල්පනාකරන්නට විය .එක්වරම ඔහුගේ කල්පනාව බිදීගියේ සාජන්ට් දිසානායකගේ හඩිනි.
වහාම උඩුමහලට දුවගිය අරුන දුටුවෙ නානකාමරය අසල සිටගෙන සිටි දිසානායකයි.
"ඇයි දිසා..මොකද"

කිසිවක් නොකියූ සාජන්ට් දිසානායක නානකාමරය තුලට ඇගිල්ල දිගුකලේය.ඒ අසලට පැමින නානකාමරයට එබී බැලූ අරුන බියට පත්ව පසුපසට පැන්නේ කෑගසමිනි.
ගෙලෙහිත් බඩෙහිත් කැපුම් තුවාල සහිතව ඒ තුල ලේ විලක් මත වැටී තිබුනේ ගයාන්ගේ ප්‍රානය නිරුද්ද සිරුරයි.එහි මුහුනේ පැවතියේ කුමකට හෝ අදිකව බියට පත් සලකුනුයි...


තම පාපතර ආශාව සන්සිදුවාගත් ගයාන් කලබලයට පත් සිතින් නිවස දක්වා තම මෝටර් රතය දාවනය කරන්නට විය.මේ වනවිට රාත්‍රී අටට පමන වන්නට ඇත.කලුවරේ පාලු මාවත දිගේ දාවනය කරමින් සිටි ඔහු එක්වරම තදින් තිරිංග තද කලේ මහපාර මැද වැටී සිටි අයෙකු දැකීමෙනි.

වාහනය නවතා වාහනයේ ඉදිරිපස ලාම්පුවලින් පෙනුනු ඒ රුව වෙත ගයාන් පාතබන්නට විය.වැටි සිටියේ කාන්තාවකි.ඈ සිටියේ ගයාන්ට පිටුපා බිම වැතිරී ගෙනයි.සැලෙන අතක් ගයාන් ඒ දෙසට දිගු කරේ ඇය තමා දෙසට හැරවීමටයි.එක්වරම.....එක්වරම ගයාන් තිගැස්සී ගියේ තමාට පිටුපසින් ඇසුනු ලදරු හැඩීමකිනි.

වහා පිටුපස හැරුනු ගයාන්ට මදක් ඈතින් නවතා ඇති තමාගේ මෝටර් රතය හැර කිසිවක් දැකගත නොහැකි විය.ඔහු නැවත ඉදිරිපස හැරුනේ වැටී සිටි තරුනිය කවුද කියා බැලීමටයි.නමුත් ඔහු ඉදිරියේ කිසිවකු නොවීය.ගයාන් නැගී සිටියේ ඉහින් කනින් දාඩිය දමමිනි
"..ම...මට..සමාවෙන්න..ස..සමාවෙන්න"ගයාන් මිමිනීය.වහ වහා මෝටර් රතය වෙත ගිය ගයාන් ඒ තුල සිට වටපිට බැලුවේ බියපත් සිතිනි.

එක්වරම පිටුපසින් ඇසුනු හිනාහඩකින් ක්ශනයකින් ගයාන් පිටුපස හැරුනි.නමුත්..කිසිවකු නැත.නැවත ඉදිරිපස බැලූ ගයාන් දුටුවේ තමාට එහා පැත්තේ අසුනේ හිද සිටි රූහිවයි.කුසේත් ගෙලේත් වූ කැපුම් වලින් උනු ලේ වගුරවමින් ඇය ඔහු දෙස බලා සිටින්නට වූයේ වෛරී දෑසිනි .ගයාන් යටිගිරියෙන් කෑ ගසන්නට විය .නමුත් ඊලඟ මොහොතේ ඇය එතන නොවීය.මද වේලාවක් එදෙසම බලාසිටි ඔහු අනතුරුව නිවස වෙතට මොටර් රතය දාවනය කරවන්නට වූයේ පන බයෙනි.

නිවස වෙත පැමිනි ගයාන්ට මුලු නිවස පුරාම ඇසෙන්නට වූයේ රූහිගේ හිනාහඩයි.ඒ අතරම විටින් විට ලදරු හැඩීම්ද ඇසෙන්නට විය.භීතියෙන් භීතියට පත් ගයාන් උඩුමහලේ ඌ නානකාමරය තුලට වැදී හඩන්නට වූයේ කිසිවක් කරගත නොහැකිවයි.එක්වරම ඔහුට ඇසෙන්නට වූයේ නානකාමරයේ දොරට තට්ටු කරන හඩකි.

"කවුද..."
"..............."
"ක..කවුද ඔය"
"................"

"කා..කාවුද කියපං..උබ..කියපං..කියපං..කවුද"ගයාන් අඩන්නට වූයේ බිය නිසාමයි .
"හී..හී..හී....හීක්...හී..හී..."පිටතින් ඇසෙන්නට වූයේ රූහිගේ හිනාහඩයි.
ගයාන් බියෙන් මුසපත්ව නානකාමරය මුල්ලට ගියේ කරකියාගත දෙයක් නොහැකිවයි.වහාම දුරකතනය අතට ගත් ගයාන් අරුනට දුරකතන ඇමතුමක් ගන්නට විය.
"හෙ..හෙලෝ..ඔව්..අරුන..ඔව් ඒකි මගෙ පස්සෙන් එනව..ඕ..මාව බේරගනිං.ඉකමන්ට වරෙං..අනේ ඉකමනට"

නමුත් ඇමතුම සම්පූර්න කිරීමට ඉඩක් නොලැබුනි.ගයාන් නානකාමරයේ කන්නාඩියෙන් දුටුවේ තමා පිටුපස ඌ රූහිවයි.ඔහු අතින් ජංගම දුරකතනය බිම වැටී ඇමතුම විසන්දි විය.
ඇගේ ඇදුම ලෙයින් පෙගී තිබුන අතර ගෙලෙහි හා කුසෙහි වූ කැපුම් වලින් නොනවත්වා රුදිරය ගලා යන්නට විය.කුසෙහි කැපුමෙන් බඩවැල් එලියට පැන තිබුනේ අප්‍රසන්න දසුනක් මවමිනි.
"ස් ...සමාවෙන්න මට..නංගී..අනෙ.."පිටුපසට යමින් ගයාන් මුමුනන්නට විය.

"සමාවදෙන්න..නංගී...හා..හා.හා...උබනං තිරිසනෙක් ගයාන්..මගේ ජීවිතේ..මගේ දරුවගෙ ජීවිතේ..."රූහි කෙමෙන් කෙමෙන් ගයාන් වෙත අඩියෙන් අඩිය ලංවන්නට විය.
ඊලඟ මොහොතේ සිය උල් නිය විදහාගත් රූහි ගයාන් වෙත පැන ඔහුව පෙරලාගත්තේ වියරුවෙන් සිනාසෙමිනි.බියට පත් ගයාන් මරලතෝනි දෙන්නට විය
ඔහු දෙස බලා මහා හඩින් සිනාසුනු ඈ ඔහුගේ උදරයට තම දෑත් තබා දෙපසට ඇද්දේ ගෙල දක්වා පැලී බඩවල් එලියට පනින්නටමය.ගයාන් වේදනාවෙන් ඇබරෙමින් කකුල් අතපය ගසන්නට වූයේ නානකාමරය දසතම ලේ පැල්ලම් විහිදවමිනි.

ඔහුගේ වේදනාව දෙස බලමින් සිනානගමින් සතුටු වු ඈ..ඊලඟ මොහොතේ තම උල් නියපොත්තක් ගෙලට ඇතුල් කොට ඇද්දේ ලේ විදිමිනි තවත් මොහොතක් මරු විකල්ලෙන් දැගලූ ගයාන් මෙලොව හැර ගියේ තම අපරාදයට මෙලොවදීම වන්දි ගෙවමිනි....

Source: Link



07 February 2018

---කුරුණෑගල සන්ජීවනී---


මම මගේ නෝනයි දරුවයි එක්ක පරන ගෙදර විකුනලා ආවා කුරුණෑගලට.එහෙන් ලස්සන ගෙයක් එක්ක ඉඩමක් අරගෙන අපි සතුටින් ජීවත් වුනා.මගේ රස්සාව තමයි ඇදුම් මහන එක.ලගකදි ඉදල මට ගොඩක් සරුයි.ඒ සල්ලි වලින් තමයි මම මේ ඉඩමයි ගේයි ගත්තෙත්😀
"අම්මේ ඇයි මේ කෑම මේ තරම් පිලුනු වෙලා??මටනම් කන්න බෑ මේ කෑමනන් බඩගින්නෙ හිටියත්"දවසක් අපි රෑ කෑම ගනිද්දි මගෙ පොඩි පුතා බෙරිහන්දුන්නෙ තරමක් කලකිරීමෙන් වගේ.
"ඒක වෙන්න බෑ පොඩී!!මන් බත උයලා තාම පැයක්වත් ගියේ නෑනෙ!!"මගේ බිරිද ශානි කිව්වෙ තරමක කෝපයෙන්.

"පොඩී බොරු නෙමෙයි කියන්නෙ ශානි මේ බත් එක ඇත්තටම නරක් වෙලා"මමත් පොඩ්ඩක් මැද්දට පැන බත් එක පරික්ශා කරලා බැලුව.
"ඒත් ඒක කොහොමද වුනේ!!"ශානි තරමක් බියෙන් වගේ
"ආහා ඒකට කමක් නෑ මන් හවස ගෙනාපු පාන් ගෙඩිය කපලා ගන්නකො"
මෙහෙම බත් හෙම පිලුනු වෙන්නෙ මලපෙරේතාත්ම ගෙදර හිටියොත් කියලා අපෙ අම්මල ඉස්සර කියපු කතා මතකෙට ආවත් මන් මේ කතාව මීට වඩා දුර ගෙනියන්න කැමති වුනේ නෑ.මන් එදා හිතාගත්තා මේ සිද්දිය අමතක කරලා දාන්න

ඒත්
තව දවසක් තවත් මහ අපූරු වැඩක් වුනානෙ
මන් බාරගත්තු ඕඩරයක් ඉවර කරන්න ඕන නිසා ටිකක් රෑ වෙනකන් කඩේට වෙලා ඉන්න වුනා.මන් ඇදුම් ටික මහලා ඉවර වෙද්දි රෑ දොලහට කිට්ටුයි වගේ
"අදනම් හිතුවට වඩා පරක්කුයි"
කඩේ ඉදලා හෙදරට මහා දුරක් නැති හින්දා මන් ගෙදර යන්නෙ පයින්.ඔන්න මන් එදත් පයින්ම ගෙදර යන්න පිටත් වුනයි කියහන්කො

මන් දුර තියාම දැක්කා සුදු පාට චායවක් වගේ දෙයක්.වීදි පහන් දල්වා තිබුනත් අවට තිබුනු දැඩි මීදුම නිසා මට ඒක හරියට පෙනුනේ නෑ.මන් ඒ ලගටම ගියාට පස්සෙයි දැක්කෙ මේ මහ රෑ පාරට වෙලා සුදු ඇදගෙන ඉන්නෙ කෙල්ලෙක් බව
"නන්ගි මොකෝ මේ මහා රෑ? මේ වෙලාව ගෑනු ලමයින්ට පාරෙ යන්න සුදුසු වෙලාවක් නෙමෙයිනෙ?"මන් ඇය ලගට ගිහින් විමසුවා

"අනේ අයියේ අද මන් ක්ලාස් ගිහින් එනකොට පරක්කු උනා ඒකයි."අසාමාන්‍ය ලෙස සුදුමැලි ස්වාභාවයක් තිබුනු ඒ කෙල්ල කිව්වෙ දුකින් වගේ
"කොහේද නන්ගිගෙ ගෙදර තියෙන්නෙ?"
"ඔය ඉස්සරහ හන්දියෙ"

"ආ මාත් එක්ක යන් මාත් යන්නෙ ඔය පැත්තට තමයි"කෙල්ල පවු කියල හිතපු මම කිව්වා
යන අතරමගදී ඇය මුනිවත රැක්ක නිසා මාත් මොනවත් කතා කරන්න ගියේ නෑ
"ආ නන්ගි මෙන්න අපි ආවා"මන් පසුපස ආ තරුනියට කිව්වෙ අපි හන්දියට ආපු පසුවයි
මොනවා මේක වෙන්න පුලුවන් දෙයක්ද?

මගේ කොන්ද දිගේ සීතල දාරාවක් ගාලා යනවා වගෙ දැනුනා කකුල් හිරි වැටුනා මන් බය වෙච්ච තරමට.මෙච්චර වෙලා මාත් එක්ක ආපු තරුනිය එක් වරම අතුරුදහන් වෙලා!!!!!මන් පසු නොබලා දිව්වා. ගිහින් නැවතුනේ ගෙදර

මන් ඊයෙ වුන සිද්දිය ගෙදර අයට කිව්වෙ නෑ.මොකද මන් හිතුවෙ නිදි මරගාතෙ හිටපු මට ඇයව කොහේදි හරි මගඇරෙන්න ඇති කියලයි.

ඒත් ඇයව නැවතත් දවසක මට මුනගැහුනා!!!!!
මන් සාමන්‍ය පරිද්දෙන්ම රෙදි කඩේ වැඩ කරමින් ඉන්නකොට අර කෙල්ල ආවනේ මගේ කඩේට!!!!!!ඔය ගොල්ලොන්ට කියන්න එදත් ඔය කෙල්ල ඇදන් හිටියෙ සුදු ඇදුමක්මයි!

"නන්ගි එදා එකපාරටම කොහේටද අතුරුදන් වුනේ මන් හොදටම බය වුනා"මන් කිව්වෙ තරමක කෝපයෙන්
"අනේ සොරි අයියේ මන් ටක්ගාලා එතනින් ගියේ අපේ තාත්තා දැක්කනම් මට ප්‍රශ්නයක් වෙන නිසයි"
"ආ ඒකට කමක් නෑ.දැන් නන්ගි මොකො මේ පැත්තට ආවෙ"

"අයියේ මට සුදු පාට සාරියක් ඕනේ"
"ආ ඔහොම්ම ඉන්න මන් අරන් එන්නම්"කියල මන් ගියා පිටිපස්සෙ කාමරේට
ඔයාලට හිතා ගන්න පුලුවන්ද වෙච්ච දේ?
එදා වගේම අදත් මන් එන කොට ඇය අතුරුදහන්.මුලු කඩේම කනපිට හරවලා.රෙදි ඉරලා බඩුමුට්ටු පොලවෙ ගහලා.ඒ සේරම පැත්තකින් තියමුකො

සුදු බිත්තියෙ ලේ වලින් අත් දෙකක් සලකුනු කරලා තිබුනා!
මට ක්ලාන්තය ආවත් හිතට දයිරිය ගත්ත මන් කොහොම හරි කඩේ වහල ගෙදරට ආවා.

අද වෙච්ච දේවලුත් මන් ගෙදර අයට කිව්වෙ නැත්තෙ ඒ අයව අනවශ්‍ය බියකට පටලවන්න ඔනෙ නැති නිසයි.ඒත් තවත් දවසක් අර කෙල්ල ආයෙ ආවා ඒත් මගෙ ඉස්සරහට නෙවෙයි මගෙ පොඩි එකාගෙ ඉස්සරහට.

යන්තම් කලුවර වැටුනා විතරයි .පොඩී කෑ ගහන්න ගත්තා .
"තාත්තේ අර අක්කා අර ගහ උඩ අර"
"පොඩී ගෙට යන්න"
මා එසේ පැවසූයෙ මා බිය වූ තරම ඔහුට නොපෙන්වීම සදහායි
හෙදර ඉස්සරහ තියෙන කෝන් ගහේ සුදු ඇදගත්ත අර කෙල්ල බෙල්ල වැල දාගෙන ඉන්න හැටි කලුවරෙම වුවත් සද එලියෙන් මට පෙනුනා

මමත් හැකි ඉක්මනින් ගේ ඇතුලට ඇවිත් දොර වහගත්තා.මේ කිසි දෙයක් මන් නෝනට කිව්වෙ නෑ
"හූහූහූහාහාහ්හ්හූහූහූ තොපි මේ ගෙදරින් පලයල්ලා මේක මගේ ගෙදර තොපි මේ ගෙදරින් පලයල්ලා මේක මගෙ ගෙදර හූහූහූහාහාහාහ්හ්හාහූහූ"

මුලු ගෙදරම දෙවනත් කරමින් මගෙ කාමරේ පැත්තෙන් ඇහුනා
මහ රෑ කියලා බැලුවෙ නෑ දරුවයි ශානිවයි අරගෙන මන් පුලුවන් තරම් ඉක්මනට ගියේ කට්ටඩි මහත්තයයි ලගට

"අනේ කට්ටඩි මහත්තයො අපේ ගෙදරට ප්‍රේතාත්මයක් ඇවිත් මොනවා හරි කරල මගේ ගෙදර බේරල දෙන්න මහත්තයො පින් සිද්ද වෙයි!!"මන් දරුවෙකු වගේ වැලපෙයි
"හ්ම්ම් යමන් බලන්න"කට්ටඩි මහත්තයා නැගිටලා යන්න ලෑස්ති වුනා.නෝනයි දරුවයි කට්ටඩි මහත්තයගෙ ගෙදර නවත්තලා අපි දෙන්නා ආවා මගේ ගෙදරට

"මේක තමයි මහත්තයෝ ගෙදර"
"හ්ම්ම් වරෙන් මගේ පස්සෙන්"කට්ටඩි මහත්තය කිව්ව
"කවුද බොල මේ ගෙදරට අරක් අරගෙන ඉන්න පෙරේතයා වරෙන් බොල එලියට"කට්ටඩි මහත්තයා දෙතුන් වතාවක් එහෙම කිව්ව

"හූහූහූහාහාහ්හ්හූහූහූ මේක මගේ ගෙදර මේකට එන හැම මිනිහෙක්ම ගෑනියෙක්ම මගෙන් මැරුන් කනව හූහූහූහාහාහ්හ්හූහූහූ "
කොහෙන්ද මන්දා එක පාරටම සද්දයක් ආවා
"ආ එහෙමද බොල තෝ හදන්නෙ මාත් එක්ක සෙල්ලන් කරන්නද තෝව හිරකරලා ගිහින් දානවා මුහුදට දැන ගනින්"

"එපා එපා මන් සේරම ඇත්ත කියන්නම්"
"කරන්න දෙයක් නෑ මට තෝව හිරකරල දාන්න වෙනවා"කට්ටඩියා කිව්වා
එපා එපා ඒ දේ කරන්න එපා එපා එපා එපා..............
කට්ටඩි මහත්තයා බොතලයක් ගෙන මතුරන්නට විය

මුලු ගෙදරම දෙවනත් කරමින් ප්‍රේතාත්මය වියරුවෙන් කෑගසන්නට විය.බඩු මුට්ටු පෙරලා කුඩු කර දැම්මා බිත්ති සියල්ලේම අමු කුනු ලේ වලින් අත් පහරවල් ගාසා තිබුනා
කට්ටඩි මහත්තයා දිගටම මතුරයි

"එපා එපා..........."වියරු හඩත් ක්‍රමයෙන් නෑසී ගියේ මගේ ඇගේ වතුර ලේ කරමිනි
"ඕන් දැන් උබලට කරදරයක් නෑ මේ බෝතලේ ගිහින් දාපන් මුහුදට"
"හොදමයි කට්ටඩි මහත්තයො.ඒත් මේ ප්‍රේතාත්මය මොකද මෙහෙටම අරක් ගත්තෙ?"මන් ඇසුවෙ හිතට පැන නැගුනු කුතුහලය නිසාවෙනි.

මන් උබට සම්පූර්ණ විස්තරේම කියන්නම්කො.මීට අවුරුදු 10කට විතර කලින් මේ ගමේ ජීවත් වුනා සන්ජීවනී කියලා කෙල්ලක්.ඔය කෙල්ල අඩු වයසෙන්ම කසාදෙකුත් කරගත්තා.ඒත් ඒ කෙල්ලගෙ කසාද ජීවිතෙ සාර්ථක වුනේ නම් නෑ.ඒ කෙල්ලගෙ මිනිහා මේකිට ගොඩක් වද දුන්නා.

අවසානෙදි පවුලේ අග හිග කම් නිසා මේ කෙල්ලට රට යන්නත් වුනා.ඒකි හම්බ කරපු සල්ලි වලින් තමයි මේ ගෙදර හදල තියෙන්නෙ.ඒත් මේ කෙල්ල ආයේ ලන්කාවට එන කොට මේකිගෙ මිනිහා වෙනත් කසාදයක් කොරගෙන.ඒ දුකට මේ කෙල්ල ඔය ගේ ඉස්සරහ තියෙන ගහේ බෙල්ල වැල දාගෙන.ඕන් ඕකයි කතාව.මේකි මැරෙන කොටත් මේ ගෙදරට ආසවෙන් තමයි මැරිලා තියෙන්නෙ ඒකයි ඔය උබලට කරදර කලේ."කියූ කට්ටඩි මහත්තය වතුර කෝප්පයක්ම බිව්වා.

කොහොම වුනත් පසුවදාම ගොස් මේ බෝතලය මුහුදට දැමීමට මම තීරනය කලා.

නිමි

Source: Link