මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

31 March 2018

---පලිගනිමි---


ඒ උඳුවප් මහේ තවත් එක් ශීතල රාත්‍රියකි.වෙහෙසකාරී දිනයක නිමාවත් රැගෙන හන්තාන අඩවියෙහි කොණක වූ කුඩා සුන්දර ගම්මානයක ගම්වැසියන් සියල්ලෝම සාමකාමී තද නින්දේ පසුවූහ.විටින් විට ඇසෙන නරින්ගේ හූ හඬත් බල්ලන්ගේ උඩුබිරුමත් නිහැඬියාව මදකට බිඳ දැමුවත් එය කිසිවෙකුගේ නිදිසුවය බිඳ දැමීමට තරම් ප්‍රභල නොවීය.

එහෙත් ගම්මානය කොණක පිහිටා තිබූ විසල් බංගලාවේ විසූ මෙහෙකාර තරුණියක වූ රාණි හට නම් මෙය වේදනාත්මක මෙන්ම තීරණාත්මක රාත්‍රියක්ද විය.ඇය වේදනාවෙන් හා ආත්මානුකම්පාවෙන් නැගූ සිහින් ඉකිබිඳුම කිසිවෙකුටත් නෑසුණි.හෝරාවකටත් අධික කාලයක් ඇගේ කුඩා කුටිය තුල ශීතල ගෙබිම මත වැතිර හඬමින් සිටි ඈ අවසානයේ තීරණයකට එළැඹියාය.කඳුළු පිසදමමින් තිර අධිෂ්ඨානයෙන් යුතුව නැගී සිටි ඈ දරාගත නොහැකි වේදනාවෙන් තවත් එක් වරක් ඇගේ කුටියේ කොණක බිත්තියෙහි අලවා තිබූ ඇයගේ මව හා පියා ගේ කුඩා චායාරූපය දෙස නෙත් හෙලමින් දිගු සුසුමක් හෙලුවාය .

"මට සමාවෙන්න අප්පා..අම්මා....ඔයාලට මං ආදරෙයි...."

තමාටම මුමුණාගත් ඈ සෙමෙන් කුටියේ දොර විවර කරගෙන යාබදව පිහිටා තුබූ මුළුතැන්ගෙය වෙත පියමැන්නාය.අඳුරේම අත පත ගාමින් එහි මුල්ලක තබා තිබූ භූමිතෙල් බූලිය සොයාගත් ඈ ගිනිපෙට්ටියක්ද රැගෙන නිවසින් ඉවතට පියමැන්නාය.අනතුරුව භූමිතෙල් බූලිය විවර කර හිසෙහි සිටම එය වත් කරගෙන තවත් එක් වරක් මෙතෙක් කල් ඇය විසූ නිවස දෙස නෙත් හෙලූ ඈ වෙව්ලන දෑතින් ගිනිපෙට්ටිය ගෙන ගිනිකූරක් දල්වා ගත්තාය.

@ @ @ @ @ @ 

* * * * * * * * * * * * * * * * *
"අඩෝ....මලියා...උඹ දන්නවද වැඩක්..."

සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියෙහි මිතුරන් තිදෙනා සමඟ මධුවිත තොලගෑමට එක්ව පදමට මත් වී හුන් නිමල් දුම්වැටියක් දල්වා ගනිමින්ම කතාවකට මුලපිරුවේය.

"උඹලට මතකද අර උඩහ පැත්තෙ බංගලාවේ වැඩකාර කෙල්ල....අර ගිනිතියාගෙන මැරුනෙ බං මාස දෙක තුනකට කලින්..."

"ඔව් ඔව්...ඉතින්...."

මලින්ද,සමීර හා කසුන් තවත් වීදුරුවක් පුරවා ගනිමින්ම අත්වැල් ඇල්ලුවෝය.
"ඒකි ඒ බංගලාවේ හොල්මන් කරනවලු බං.....බංගලාවේ උන් ඒක අතෑරලා කොළඹ ගිහිල්ල කියන්නෙ...."

නිමල් කතාව නිම කලේය.

"ඔව් බං ඔය කතාව මටත් ආරංචියි....ඔය කෙල්ල ඔය මහත්තයා අතින් කරදරයක් වෙලාලුනි ගිනි තියාගෙන තියෙන්නෙ..."

මලින්ද ද එය අනුමත කලේය.එහෙත් පිරිසෙන්ම ආඩම්බර ගති පැවතුම් වලින් සමන්විත වූ කසුන් නම් එය ඒ ආකාරයෙන්ම පිලිගැනීමට මදක් මැලි විය.

"මම නම් විශ්වාස කරන්නෙ නැහැ බං ඕවා....හොල්මන් කියන්නෙ බන් හෙල්ලෙන මනස....ඕව මිනිස්සුන්ගෙ බොරු කතා බන්"

කසුන් පැවසුවත් අනිත් තිදෙනාම ඔහුට කරුණු පැහැදිලි කිරීමට තැත් කලෝය.
"හරි.....උඹලා කියන්නෙ හොල්මන් තියනවා කියලනෙ.යමන් ඒ බංගලාවට දැන්..."

සියල්ලන්ගේම තර්ක වලට සවන් දුන් කසුන් අවසානයේ ස්ථිර හඬින් පවසමින් නැගී සිටියේය.හොල්මන් තිබෙන බව අසා තිබුනත් සෙස්සෝ තුලද ඒ පිලිබඳ ස්ථිර විශ්වාසයක් නොතිබුණු හෙයින් හා පදමට මත් වී සිටි බැවින් ඔවුන්ද එයට එක පයින් කැමැත්ත ප්‍රකාශ කලෝය.අවසාන මත්පැන් ස්වල්පයත් අවසන් කල තරුණයින් සිව්දෙනා අවසානයේ රාත්‍රී දොළහෙ කණිසමත් පසුවී තවත් මිනිත්තු කිහිපයක් ඉක්ම ගිය තැන සමීරට අයත් ත්‍රීරෝද රථයේ නැගී බංගලාව වෙත ගමන් කලෝය.

බංගලාව වෙත ළඟා වූ තරුණයින් සිව් දෙනා ගේට්ටුවේ සිට මදක් දුරින් ත්‍රීරෝද රථය නවත්වා සෙමෙන් සෙමෙන් බංගලාවේ ගේට්ටුව වෙත පා නැගුවේය.මාස කිහිපයක්ම අතහැර තිබුනු බැවින් වල් වැදී තිබුනු බංගලාව තුලින් දිස්වූයේ අද්භූත පෙනුමකි.වැසිබර අහස් කුස හේතුවෙන් වලාකුලක සැඟවී හුන් චන්ද්‍රයාගෙන් විහිදුණු මලානික ආලෝකය එය තවත් තීව්‍ර කිරීමට සමත් විය.බංගලාවේ පිටත ස්වභාවයෙන් බීමතින් පසු වූ තරුණයින් සිව් දෙනාගේ සිත් මදකට සලිත වුවත් අත තිබූ ජංගම දුරකථන වල ආලෝකයෙන් බොහෝ වේලා ගේට්ටුවෙන් පිටත සිට ඇතුලත පරීක්ෂාවට ලක් කල ඔවුන්ගේ දෙනෙත් වලට අද්භූත යමක් හසු නොවීමෙන් මද වේලාවකින් බිය පහව ගියේය.

"හහ්....මං කිවුවනෙ....කෝ දැන් උඹලගෙ හොල්මන්.....හිටපන් මම කතා කරන්න......

"ඒයි....තංගච්චි...වාංග.....තංගච්චි වාංග...."

තවත් සුළු මොහොතක් එලෙස ඇතුලත පරීක්ෂාවට ලක් කල කසුන් ජයග්‍රාහී හඬින් කෑ ගසන්නට විය.ඒ සමගම ගතවූයේ තත්පරයකටත් වඩා අඩු කාලයකි.මුළු පරිසරයම මිනී පිළිස්සෙන විට නැගෙන පුළුටු ගඳකින් වෙලී ගියේය.සඳ තව තවත් වළාකුළු අතර සැඟවී යන්නට විය.එතැන් පටන් ජංගම දුරකථන ආලෝකයෙන් කසුන් හට ගේට්ටුවෙන් ඇතුලත ඉකිබිඳිමින් හඬන තරුණියක දැක ගත හැකි විය.

"අ...අර අර...කව්ද බං ඒ...ඒකි ඉන්නවා බං...."

කසුන් එදෙසට අත දිගු කරමින් පවසනවාත් සමඟම මිතුරන්ගේ දෙනෙත් විසල් කරමින් ඔහුගේ සම පිළිස්සුනු අයෙකු ආකාරයට හැකිලෙන්නට විය.මුහුණ විරූපිව ගියේය.ඔහුගේ කටහඬද වෙනස් වූ අතර ඔහු තරුණියක මෙන් දමිළ බසින් කතා කරන්නට විය.සිදුවන දේ වටහා ගැනීමට සමත් වූ මිතුරන් තිදෙනාගේ වෙරි සිඳී ගියේය.වහා කසුන්වද ඇදගෙන ත්‍රීරෝද රථය වෙතදිවගිය තිදෙනා එවෙලෙහිම මලින්දගේ යෝජනාව පරිදි වේගයෙන් ගම්මානයේ පන්සල වෙත රිය ධාවනය කලෝය.
නායක ස්වාමීන් වහන්සේ අවධි කර සිදු වූ සියල්ල හෙලි කල ඔවුහු ඒ වනවිටත් යතා තත්ත්වයට පත්ව හුන් කසුන් පිලිබඳව ද නොවලහා පැවසීය.මදක් කල්පනාවෙ නිමග්න වූ උන්වහන්සේ මහත් උපේක්ෂාවෙන් කතාව ආරම්භ කලහ.

"මේ දරුවෝ කරලා තියෙන්නෙ නම් බොහොම අනවශ්‍ය වැඩක්.....මට මේ දරුවට පිරිත් පැන් ටිකක් පොවලා පිරිත් කරපු නූලක් දාන්න පුලුවන්...ඒත් මේ දරුවව හැකි ඉක්මණින් අපේ සිරිපාල කට්ටඬි මහත්තයා ළඟට අරන් ගියොත් තමයි හොඳ...."

"ඒත් අපේ හාමුදුරුවනේ..සිරිපාල මාමා ඉන්නෙත් ඔය බංගලාව ට හැරෙන තුංමංහන්දියෙන් උඩහ පාරේ නේද???අපි කොහොමද ඔය පාරෙන් අයෙම යන්නේ.."

සමීර බැගෑපත්ව විමසීය.

"ඔය දරුවො යමක් කරන්න කලින් ටිකක් හිතුවනම් මේ වගේ දෙයක් වෙන්නෙ නැහැ නොවැ.....හ්ම් හ්ම්ම්....ඒකට කාරි නැහැ...ඔය පිරිත් නූල් කරේ තියනකම් බයවෙන්න කාරි නැහැ....දැන් ඉතින් මේ දරුවත් අරන් පිටත් වුනානම්....."

ස්වාමින් වහන්සේගේ කතාවෙන් සැනසුම් සුසුමක් හෙලූ මිතුරෝ කසුන්වද නංවාගෙන සිරිපාල සොයා පිටත් විය.එහෙත් තුංමංහන්දිය ලං වෙනවාත් සමඟම අවාසනාවකට මෙන් එක්වරම ත්‍රීරෝද රථය නතර විය.හාත්පසම නැවතත් මිනී පිළිස්සෙන ගඳින් වැසී ගියේය.ඒත් සමඟම තරුණියකගේ හඬින් මහ හඬින් දමිළ ගී ගයන්නට වූ කසුන් රථයෙන් බැසීමට උත්සහ කලේය.එක්වරම ස්වාමින් වහන්සේගෙ බස් සිහියට නැගුණු නිමල් වහා කසුන්ගේ ගෙල දෙස නෙත් හෙලුවේය. 

අවාසනාවකි...ස්වාමින් වහන්සේ විසින් පිරිත් කොට කසුන්ගේ කරට දැමූ නූල එහි නොවීය.බියෙන් තැති ගත් සමීර මලින්ද සහ නිමල් මදක් ඔවුනොවුන්ගේ මුහුණ දෙස බලාගත්වනම බලා සිටියෝය.
"නිමා උඹ ඕකව හයියෙන් අල්ල ගනින්.....අපි මේක තල්ලු කරන් හරි යමු...."

එක්වරම යමක් සිහිවූවාක් මෙන් රියදුරු අසුනෙන් ඉවතට පැනගත් සමීර ත්‍රීරෝද රථයඉදිරියට තල්ලු කරන්නට විය.තවත් මොහොතක්වත් පමා නොවූ මලින්දද ඔහුට එක් විය.නිමල් කසුන් ගේ පහර කමින්ම ඔහුව තරයේ අල්ලාගෙන සිටියෝය.

අවසානයේ තුංමංහන්දිය පසුවී මදක් ඉදිරියට තල්ලු කලපසු ත්‍රී රෝද රථය නැවතත් පණගැන්වීමට ඔවුහු සමත් විය.අවසානයේ කෙසේ හෝ කසුන්ද රැගෙන සිරිපාල ගේ නිවසට ගිය ඔවුහු සිරිපාලට ද සිදු වූ සියල්ල නොවළහා පැවසීය.සියල්ලටම සාවධානයෙන් සවන් දුන් සිරිපාල කපු මහතා ඒ වනවිටත් ඔවුන්ගේ ත්‍රී රෝද රථය වෙතට පනිමින් බුරමින් සිටි ටොමියා දෙසද බලා සියල්ල වටහා ගෙන කසුන්ගේ කරට මැතිරූ ඇප නූලක් දමා ඒ වනවිටත් ඔවුන්ගේ ත්‍රී රෝද රථයට වී සිටි රාණි ඇමතුවේය.

"හ්ම්ම්ම්......දැන් කිවුවනම් බලන්න තමුන් මොකද මේ දරුවන්ට කරදර කරන්නෙ...."

"........."
"දැන් මන් සැරයක් ඇහුවා නෙව....කියාපිය...තෝ මොකද මේ දරුවන්ට කරදර කරන්නෙ..."
"මම ආවෙ මුන් මට කතාකරපු නිසා....මං ඉන්නවා කියලා පෙන්නන්න...මුංගෙන් මට වැඩක් නැහැ..මට ඕන එකා අරගෙන මමම යනවා...."

"කව්ද උඹට ඕන එකා...."

එහෙත් ඇසුණේ වියරු සිනහවක් පමණි.ඉන්පසුව සියල්ල සන්සුන් විය.කෙතෙක් උත්සහ කලත් රාණි නැවත නොආවේය.මිතුරන් සිව් දෙනාට මෙන්ම ත්‍රී රෝද රථයට ද ආරක්ෂාවක් කල කපු මහතා සිව්දෙනාම පසු දින පහන් වන තෙක් ඔහුගේ නිවසේ රඳවා ගත්තේය.

ඉන් පසු කෙදිනකවත් කසුන් හා ඔහුගේ මිතුරන් හොල්මන් සහ අවතාර පිළිබඳව නම් අවිශ්වාස නොකලේය.ඉන් මාස තුනකට පසු කොළඹ පදිංචි ව සිටි බංගලාවේ අයිතිකරුද නිදි යහන මතම ගෙලෙහි ඇඟිලි සළකුණු සහිතව අභිරහස් ලෙස මියගොස් සිටියේය.ඉන්පසු කිසිවෙකු කෙදිනකවත් රාණි නොදුටුවේය.එහෙත් අදටත් වල් බිහිවී පාළුවට ගිය බංගලාව ගම්වැසියන් හට රාණිව නිබඳවම සිහියට නංවයි....

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



29 March 2018

---පාලු නිවසේ අභිරහස---


මෙක සිද්ද උනෙ මිගමු පාරෙ බඩල්ගම කිය්න පැත්තෙ තියන ගෙදරකදි ,මෙ ගෙදරදි උන සිද්දි පාදක කරගෙනයි මෙ කතාව ලියලා තියෙන්නෙ .මෙ කතාවෙ නම් මනක්කල්පිතය,උනත් සමහර සිද්දි  වලට ඇත්තට්ම මුහුන දිලා තිය්නවා

අම්මලාගෙන් වෙන් උනා තමයි,එත්  දිනුශි මමයි අපේම ජීවිතයක් හදාගමු කියලා ගෙයක් හෙව්වා,හැම ගෙදරක්ම බැලුවත් ඒ හැම ගෙදරක්ම වැඩි ගානක් ඉල්ලුවා..අපි දෙන්නා මේ කරේ මෝඩ කමක්ද කියලා අන්තිමට හිතුනත්,අන්තිමට අපිට  කෝල් එකක් ආවා.

"මහත්තයෝ ගෙයක්නම් හම්බුනා,අපේ ගානට,ඒක අපි බලමුද?......ආ මේ සිරිසේන නේද,හරි හරි අපි එන්නම්."

අපිට ඒක ලොකු  සහනයක් උනා.මොකද අපි ගෙවල් හොයලම හෙම්බත් වෙලා හිටියෙ ...අපි ගෙදර බලන්න යමු කියලා අපි දෙන්නා කතාවෙලා පහුවදාම පිටත් උනා......සිරිසේන හොයල දුන්න ගෙදර බලන්න යන අතරේ,ඒ පැත්ත හරි නිස්කලන්කයි කියලා අපිට හිතුනා.හැම තැනම කොල පාට,්පරිසරයේ  තිබුනු ගම්බද    බව අපෙ හිත්වලට සහනයක්  ගෙනාවා...

අපි ගෙදර ලගට ආවත් ඇතුලට  ගියෙනෑ මොකද  ගේට්ටුව  වහල තිබුන හින්දා
."හරිම නිස්කලන්කයි නේද මේ පැත්ත මමනම් කැමතියි,"හෙම්බත් වෙලා හිටිය දිනුෂි කියද්දි මට අමුත්තකුත් දැනුනා.මොකද ඒ වටේටම ගස් වලින් වැහිලා තිබ්බත්  ගේ වටේටම තිබුනෙ  අදුරු ගතියක්.එ අදුරු ගතිය ඇතුලෙ තනිකම කියන දේ හොදටම තිබුණා

ගේ ලගටම ආව අපි  ගේට්ටුව ඇරියා ලී වලින් හැඩ දාපු ගේට්ටුවක්"කරාස්" ගාන සද්දෙකින් ගේට්ටුව ඇරුනා.ගේට්ටුව ඇරෙන කොටම තනිකම පිරුණු සීතල හුලගක් මිදුල වටේටම තිබුන කොල ටික " සර සර" ගාලා අවුස්සගෙන අපේ ඇගේ වැදි ගෙන ගියා..ඒක හරි අමුතු සිතලක් ..ඒක මටම කියාගෙන  දොර පැත්තට අවා.
."මහත්තයො මෙ ගෙදර මගෙ යලුවෙක් තමා සෙට් කරේ මහත්තයලගෙ ගානට සෙට් වෙනවා"

"මේක  හොදයි සිරිසෙන " කියල කිව්වත් මගෙ හිතෙ ලොකු පැහැදිමක් තිබ්බෙ නෑ..එත් දිනුශි කැමති හින්ද මම ඒක වැඩිය හිතුවෙ නැ.

සුදු  පේන්ට් එකක් ගාපු ‍තට්ටු  2 කෙ පරන තාලෙ  ගෙදරක් උනත්  එකෙ දලා තිබුනු ලොක් එක අලුත් එකක් කියලා අපිට හොදට පෙන්න තිබුණා...අපි  ලොක් එක ඇරල බලනකොට ඒ හැමතැනම මකුලු දැල් පිරිල තිබුනත් ගෙදර ලී බඩු තිබ්බ එක අපිට ලොකු දෙයක් උනා ..ඒත ඒ හැම තැනම දුවිල්ලෙන් වැහිල තිබුනෙ...අපි වැඩි කල් යවන්නෙ නැතිව හෙටම සුද්ද කරන්න හිතා ගත්තා ....මකුලු  දැල්  කඩල දුවිලි පිහදන්න ව්තරක් තිබුන හින්ද  අපි කාටවත් කතා නොකර අපි දෙන්නා ම වැඩ පටන් ගත්තා..එත් එ ගෙදර ඇතුලෙ තිබ්බ අදුරු ගතිය හිතට අමුතු තනිකමක් ,බයක් දැනෙන්න ගත්තා,එත් එ මොකක් හින්දද කියන එක මම දැනන් හිටියෙ නැ....ඔහොම අස්කරන අතරෙ මම උඩ තට්ටුව සුද්ද කරන්න ගත්තා.


  එ අතර මට  කාමරයක් දකින්න ලැබුණා අගුලු දාලා තියන,ඒ වගේම පල්ලෙහ තට්ටුවෙත් කාමරයක් අගුලු දාල තියෙනවා කියල මට මතක් උනා, හැබැයි එ කමරේ එක එක බඩු පුරවල තිබුනත් මෙක නිදන කමරයක් කියලයි හිතුනෙ..දිනූෂි පල්ලෙහා තට්ටුවෙ වැඩ කරන අතරේ,මම මිටියකුත් හොයාගෙන දොරෙ ඉබ්බා කඩලා, දොර අරිනවත් එක්කම  .සීතල අතක් මගේ පිටෙන් තියනවා වගේ මට දැනුණා.මම ගැස්සිලා  පිටිපස්ස හැරුනේ වෙන කරන්න දෙයක් නැති කමටයි හිතෙ එ හැගිමටයි.ඒත් එ දිනූෂි.ඒයි "මැට්ටියේ මම බය උන තරම්,කියලා ඉන ගාවින් අත දාලා පපුවට තද කරන්  ඉන්න කොට එයා මගේ බෙල්ල ගාවින්  අත දාලා තදට මාව සිප ගත්තා"තව ටික වෙලාවක් ඉන්න ඔන කම තිබ්බත් "මැට්ටෝ වැඩ තියෙනවා නේද" කියලා ඉස්සරහට ගියා..මම හැරිලා කමරෙ ඇතුල බලනකොටම

"නිශෙන් පොඩ්ඩක් එනවද මෙක පොඩ්ඩක් අල්ලන්න" එත් ඒක ඇහුනෙ මට යට තට්ටුවෙන්  එත් උඩතට්ටුවෙ හිටපු කෙනා මෙච්චර ඉක්මනට පල්ලෙහට  ගියෙ කොහොමද කියල හිතුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නෙතුව "හැපුව මදි නැද්ද "කියලා ඇහුවත් "ඔයාට පිස්සුද නිශෙන් " කියලා දිනූෂි ඇහුවත් මම හිතුවෙ ඒ විහිලුවට කියල.

කොහම හරි අපි ගේ අස්කරලා අපෙ බඩු ටිකත් ඇදගත්තා, ඒත් එක පැත්තක මරිය තුමිය ඉන්න neckless  එකක් දිනූෂි ට හම්බෙලා තිබුනා.අපි බෞද්ධ  උනත්  එ neckless එක අපි අරන් තිබ්බා..අපි පහන තියන්න හිතන් හිටිය තැනින් ...එ දවස ඉවරවෙලා නින්දට යනකොට රැ 11 ට වගෙ  උනා..අපෙ කමරෙ විදිහට තොරගත්තෙ  අර වහලා තිබුනු  කාමරෙ මොකද එකෙ ගොඩක් ඉඩත් එක්ක  පැත්තකින්  අලුතෙන් හදපු attch bathrm එකක් තිබ්බා..එත් මට දැනුනු ඒ අමුතු හැගීම මට මේ කාමරෙන් වැඩිපුර දැනෙන්න ගත්තා  මොකද  ඒ කමරෙ තිබ්බ මුලු වල තිබ්බ අදුරු  ගතියත්  ,පරන මොස්තරයට දාල තිබුනු ආරුක්කු හැඩතලත් එ ගුප්ත  බවට හෙතු උනා.මෙ බව මම දිනූෂි ට කිව්වත් එයා හිතුවෙ ඒවා මගෙ හිතේ තියන දෙවල් කියලා.මොකද මම බයයි කියලා එයා දැනන් හිටියා.."ඔවා නිකන් මැට්ටො " කියාගෙන එයා මගෙ ඇග උඩට අවෙ  ඇදන් හිටිය Skini එකෙ  පටි පාත් කරන ගමන් .......................

අනිත් දවසෙ උදෙ නැගිටිනකොට දිනූෂිගෙ පිටේ තද නියපොතු පාරවල් තියෙනවා  දැකලා මම" මෙ මොකද පිට "ඇහුවත්  "ඔයගෙ වැඩ "තමා මේ කියාගෙන  කුස්සිය ට ගියෙ  කන්න  මොනවා  හරි  හදන්න  කියලා ...එත්  මට මේක ප්‍රශ්නයක් උනා  මගෙ  අතෙ  නියපොතු  වවලා තිබ්බෙ නැ මොකද  හැම වෙලවෙම  නියපොතු කන කෙනෙක් ...එක පාරටම  කුස්සිය පැතෙන් කැගහනව  ඇහුනා ඒ එක්කම මම ඇදෙන් පැනලා එ පැත්තට යනකොට  මියෙක්ට බය වෙලයි කැගහල තිබුනෙ ඌව එලවන්න කියලා කොස්ස අරන්   හොයද්දි ඌ ස්ටෝරු  කාමරෙ ඇතුලට රින්ගුවා..උව එලවන්න හිතන් කමරෙ  ඇතුලට  ගියත් එ කමරෙ  අදුරු ගතියක් තිබුනා  එත් එක්කම හුලගත් එක්ක කොල හෙල්ලෙන සද්දෙ ඇහෙන්න ග්ත්තා,ඒ එක්කම  මම නැමිලා බලන්න හදනකොටම   මට දැනුනේ කවුරු හරි මගෙ දිහා බලන් ම්ගෙ පැත්තට එන අඩි සද්දයක්  මම ඒ එක්කම  පිටිපස්ස  බැලුවත්  කවුරුත් හිටිය  නැ..

මම අයෙ නැමිලා ඉස්සරහ බලනකොටම මම දැක්කෙ ගැනු ලමයෙක් මගෙ දිහා බලන් ඉන්න්වා..මම කෑගහගෙන පිටිපස්සට පයිනකොටම දිිනූෂි ආවත් වෙච්ච දේ එයාට කිව්වත්  එයා ඒ ගැන වැඩිය සැලකිල්ලක් පෙන්නන්නේ නැතුව "ඔයා ඔය horror movie  බලන එක නවත්තන්න  වෙයි " එත් මෙ සිද්දියත් එක්ක එයගෙ හිතත් ටිකක් බයවෙලා තියෙන්නේ කියල තේරුනා...

ඔහම දවස් ටික ටික ගෙවුනත් මෙ සිද්දි මගෙ හිතෙ හැම වෙලාවෙම තිබ්බා.මගෙ හිත හැමවෙලාවෙම මෙ ගෙදර  මොකක් හරි  දෙයක් තියෙනවා කියලා කියන්න ගත්තා..මොකද හැම වෙලාවකම මෙ ගෙ අතුලෙ  අදුරක එක්ක සිතල හුලගත්  තිබ්බා ,එ හැම දේකින්ම  ඇගට දැනුනෙ තනිකමක් ....සමහර රැයවල් වල කවුරු හරි කකුලෙන් අල්ලන්ව වගෙ දැනුන ..නිදාගෙන ඉන්න වෙලාවට කවුරු  හරි  ඇද  ලගට එනවා,නැත්ත්න් අපි දිහා බලන් ඉන්නවා වගෙත් ඇස් අරිනකොටම කවුරු හරි කාමරයෙන් යනවා වගෙ .. මෙ දෙවල්  උනෙ මෙ සති 2ක් වගෙ කාලයක් අතුලෙ,මෙ සති 2ක ඇතුලෙ හෙතුවක් නැතුවම දිනූෂි මායි ටිකක් ඈත් වෙලා තිබුනා .හැබැයි මෙ දෙවල් එයාටත් ටිකක් දැනිලා තිබුනා..

එදා අපි fb දාන්න කියලා හිතන් 4 to  ගන්න  දිනූෂි  ඇවිත් මගෙ  කරට අත දාගත්තත් මට දැනුනෙ එදා දැනුනු සිතල  ගතියයි.මම එක වැඩිය ගනන් ගන්නෙ නැතුව 4TO එක අරන් FB දැම්ම.."නිශෙන් මම නාන්න යනවා කියලා යනකොටම ,ඉන්නො මත් එනවො" කිව්වත්  "මෙ මැට්ටො  මට නාන්න  දෙනවද" කියගෙන දොර වැහුව.එත් එක්කම මම ඇදෙ ඉදගෙන 4to upload  කරලා.මෙ වෙච්ච දෙවල් ගැන කල්පනා කරා..මොනවාද  මෙ වෙන්නෙ ,මෙ දෙවල් නිකන් ෆිල්ම් එකක දෙවල් වගෙ..මෙ අතරෙ මට 4to ekata cmmnt එකක් වැටිලා තියෙන්වා මම බැලුවා"කවුද බන් මෙ අනිත් කෙනා ,පට්ට edit eka" එත් මම මුකුත් එඩිට් කරෙත්  නෑමොකක්ද  මෙ කියන්නෙ බලන්න මම 4to eka aran zoom kara kara බැලුව,"

දෙවියනෙ දිනූෂා ගෙ පිටිපස්සෙන් එයාට ලගම චායවක් වගෙ තිබුනා..එක බැලු බැල්මට එඩිට් එකක් වගෙ පෙනුනත් එක ඇත්තටම තිබ්බ දෙයක්,මම එ එක්කම දිනූෂා කියන් ඇදෙන් පයිනවත් එක්කම එල්ලලා තිබුනු කන්නාඩිය බිමට වැටිලා කුඩුවෙනවාත් එක්කම  වටේ ගස් ටික සර සර ගලා වැනෙන්න ගත්තා..දොර ගාවට ඇවිත් මම දිනූෂා ගෙ නම කියලා තට්ටු කරත් එයගෙ කිසිම සද්දයක් තිබුනෙ නැ එත් ගස් හුලගට හෙල්ලෙන සද්දෙ  තදටම තිබුනා..කිසිම සද්දයක්  නැති හින්දා මම ද්නූෂා ගෙ නම කියගෙනම  දොර තල්ලු කරන් ඇතුලට යනකොට මම දැක්කෙ මම කවදාවත්  බලාපොරොත්තු  නොවුනු දෙයක් ඒ shower ඇරලා ,එක යට දිනූෂා ඉදගෙන  ඉන්නවා මගෙ  රෙසර් එකෙ තිබ්බ බ්ලඩ් එකෙන් එයගෙ අත කපාගන්නවා"මොකද වෙලා ..තියන්නෙ කියගෙන මම ඉස්සරහට අවත්  බිම තිබ්බ වතුර වලින් දැක්කෙ , එයාගෙ කර වටේට කවුරු හරි  අත දාගෙන ඉන්නවා තව එක අතකින් දිනුෂාගෙ අතින්  අල්ලන් ඉන්නවා.....

මම බය පස්සට දාලා දිනුෂව උස්සලා ගත්තා..මුලු ඇගම තෙත් වෙලයි තිබුනේ. එයාට සිහියක් තිබ්බෙත් නෑ..අතෙන් ලේ ආවත් එවා ලොකු තුවාල නොවන හින්දා මම  එවට බෙහෙත් දාලා ,එවෙලෙම මම දිනුෂගෙ අක්කට කතා කරලා  මෙ වෙච්ච දෙවල් ටික ඔක්කම කිව්වා...එයා 45min විතර  එයගෙ මහත්තයත් එක්ක  අවා..එ වෙනකොට දිනුෂට සිහිය ඇවිත් තිබුනත් එයාට මුකුත් මතක තිබ්බෙ නැ..එ හින්දා එ සිද්දිය ගැන මුකුත් කියන්න එපා  කියලා අපි කතා  උනා..එත් එ වෙලේ ඉදන් එයා දිගටම කිව්වෙ මෙ ගෙදරින් යමු කියලා....එ හින්දා අපි හෙටම මෙ ගෙදරින් යනවා කියලා හිතාගෙන.බඩු ටික අස්කරන්න ගත්තා ..අක්කත් අයියත් ඉන්න හින්දා මෙ ගැන ටිකක් අහන්න බලන්න කියලා ලග තිබ්බ කඩෙට අවා..

මම බඩු ගේන්න නිතර යන කඩෙ හින්දා එ කඩෙ ඉන්න බල්ලා මගෙත් එක්ක හොදට එකතුයි.බල්ලගෙත් ඔලුව අතගාල මම , මුදලාලි  එක්ක මෙ දෙවල් ගැන කතා කරනකොට "ඇයි මහත්තයෝ ,ඔය ගෙදර ගත්තෙ  ,මහත්තයලා කඩෙට එන වෙලාවල් වල ඔය ගැන කතා නොකලේ  මහත්තයලා බය වෙයි කියලා,කොකටත් ඔය ගෙදරින් යන එක හොදයි,""

"ඇයි මුදලාලි එහෙම කියන්නෙ "

"නැ මහත්තයො කොච්චර  අපි නැ  කිව්වත් සමහර දෙවල් වලට  හේතු අපි දන්නෙ නැ ,එ හින්දා කරදරයක් වෙන්න කලින් යන එක හොදයි,ඔවා ගැන ඔය ඔතන ඉන්න අච්ච් හොදට දන්නවා.."කියලා මට අච්චිව පෙන්නුවත්  මම අච්ච්  දිහා බලලා හිනා උනත් මගෙ  දිහා අමුතුවට බලන් හිටියා..."මුදලාලි අපි හෙට උදෙ 10ට විතර ගෙදරින් යනවා."හොදයි මහත්තයො මම හෙට එ පැත්තට එන්නම්".එ යන අතරෙ අර අච්ච් මට මෙහෙම කිව්වා

"මහත්තයලා අදම යනවා නම් තමා හොද කිව්වා" ඇයි එහෙම කිව්වෙ කියන එක මට ප්‍රශ්නයක්  උනත්  මෙ ගෙදරින් යනවා කියල හිතා ගත්තා.

එදා දවසෙම අපි බඩු පැක් කරලා ,රැ අක්කයි මහත්තයි,මායි දිනූෂයි නිදාගත්තෙ එකම කාමරේක,එත් දිනූෂා  මෙහෙම බයවෙලා ඉන්නවා කවදාවත් දැකලා තිබුනේ නැ,එයා මට ගුලිවෙලා කිව්වෙ "අනේ මට මේ ගෙදර ඉන්න බැ නිශෙන්  මෙක විකිනුවෙ නැතත් කමක් නැ අපි අම්මලාගෙ ගෙදර යමු" මම මුකුත් නොකියම ඔලුව හොල්ලලා එයාව තුරුල් කරන්  නිදා ගත්තා..

අනිත් දවසෙ උදේ දහය වගෙ වෙනකොට පැක් කරපු  බඩු ඔක්කම  එලියට ගත්තත් මම wash දාලා තිබුනේ නෑ.. පහල තට්ටුවේ අනිත් අය ඉන්න අතරේ මම කාමරේ තියෙන bathroom එකට ආවා..මගෙ හිතේ  චකිතයක් තිබුනත් අදින් මේ කරදර ඉවරයි කියන හැගීම, මගෙ හිතෙ තිබ්බ බය නැති කරා. shower එක තිබුනත් අවසාන දවසට  bathtub එකෙ නාන්නම්  කියලා ඒක ඇතුලට බැස්සා..වෙනදට වඩා සනිපයක් දැනුනත් ඒක තිබ්බෙ ටික වෙලාවකටයි.මගෙ ඔලුවෙන් මාව ඇතුලට තල්ලු කරනවාත් එක්කම  මම ටබ් එකේ ගිලුනා.එත් කොහොම හරි අයෙ උඩට ආවත්  මගෙ  බෙල්ලෙනුයි ඔලුවෙනුයි අයෙ මාව තල්ලු වෙන්වා මට දැනුනා.

මම ගැලවෙන්න  කොච්චර  උත්සාහ  කරත් මට උඩට එන්න බැරි උනා..මගෙ හුස්ම ටික ටික හිර වෙනව වගෙ දැණුනත් මම මගෙ කකුල් ,අත් ගස්සලා  උඩට එන්න හැඩුවත් මාව තදට පල්ලෙහාට  ගිලිලා ..මගෙ ඇස් පියවෙන ගමන් මගෙ හුස්ම හිර උනත් මට කරන්න දෙයක් තිබුනෙ නැ...................

" නිශෙන්  එන්නෙ නැද්ද ඔයා,නිශෙන්..."
(දොර ඇරගෙන නිශෙන් එයි)

"ආ මෙ ආවෙ මේ මට කියන්න දෙයක් තියෙන්වා අර අච්චි අවා ,ඊයෙ ඔයාට කතා කරා කිව්වෙ""

(නිශෙන්  ඔලුව වනයි)

"මොකද අනෙ ඔයාට වෙලා තියෙන්නේ"

නිශෙන් : " මුකුත් නැ මොන අච්චිද"

"අර ඊයේ  කඩෙදි හම්බුනා කිව්වෙ,මුදලාලිත් අවා අපි යන හින්දා.මෙක අත්සන්  කරලා දෙන්න"

(නිශෙන් ලියකියවිලි  අත්සන් කරල දෙයි)

"ඔයාට, වම හුරුයිද මෙච්චර  කල් ඉදලත් මම දන්නෙ නැනෙ මොකද අනෙ බයවෙලා වගෙ අපි මෙහෙන් යනවා ,හිනාවෙලා ඉන්න .බයගුල්ලා මගෙ ,මම පල්ලෙහට යනවා ඔයා ඇදන් එන්න""

(බඩු ටික වහනෙට පටවන අතරෙ මුදලාලි සහා සුරතලා  ඒ ලගට අවත්  බල්ලා නිශෙන්ට තදින් බුරන්න පටන් ගත්තා)

මුදලාලි: "ආ... මහත්තය ,මොකද අද ටොමි ට වෙලා තියෙන්නෙ  මොකද මුට වෙලා තියෙන්නෙ .ටොමි කටවහනවා.."

දිනුෂා : "ටොමි නිශෙන් ගෙ යලුවනෙ ඇයි මෙ හපන්න හදන්නෙ "

"ඔව් නොනා ඊයේ ත් හොදට හිටියනෙ මු  දුවනවා ගෙදර දුවනවා "
"නොනා එහෙනම් මත් ගිහින් එන්නම් කඩෙත් ඇරලා අවේ,පරිස්ස්මෙන් යන්න නෝනා එහෙනම්"

දිනුෂා: "හරි මුදලාලි  බොහොම ස්තුතියි"

නිශෙන්  දෙස්ට හැරෙමින් දිනුෂා: "ඇයි ඔයා කතා නැත්තෙ වැඩිය.. ආ...මෙ ආහන්නකො අර ආච්චි කිව්වෙ මට 1980 ගනන් වල මෙ ගෙදරට සමිදු කියලා කොල්ලෙකුයි ,ශකිලා කියලා  කෙල්ලකුයි පැනලා ඇවිත් තියනවා ,මෙ දෙන්නගෙ ගෙවල් වලින් කැමති වෙලා නැත්තෙ  දෙන්නා ආගම්  2ක හින්දලු  එ හින්දා මේ දෙන්නා මේ ගෙදරට ඇවිත් තියෙන්නෙ ,දවසක් බලද්දි මෙ  දෙන්නා මැරිලා හිටියලු ගෙ ඇතුලෙ ,කියන ව්දිහට  එයාලගෙ පවුලෙ අය තමයි මේ දෙන්නව මරලා තියෙන්නෙ, කියන ව්දිහට කෙල්ල කතෝලිකලු..

පව් නෙද එ දෙන්නා කොහොම හරි අපි මෙ ගෙදරින් යනවනෙ ,එක ලොකු දෙයක් ,එක නෙවෙයි මොකද ඔයා ඔය මරිය තුමිය  neckless  තියලා chian එක ගත්තෙ ඔයා ඔවා දන්නෙ  නෑනෙ""

(මෙ දෙවල් කිව්වෙ ගෙට්ටුවෙන් එලියට යන ගමන්)

නිශෙන් -"පවුලෙ අය නෙවෙයි එයාලව මැරුවෙ ...ශකිලා තමා සමිදුව මරලා එයත් මැරුනෙ"

දිනුෂා -"ඔයා කොහොමද  ඔවා දන්නේ ඔයා හිටියද

(කරස් ගා ගෙට්ටුව වහනවත් එක්කම නිශෙන් )

නිශෙන්: මොකද මම නිශෙන් නෙවෙයි  සමිදු.......


කතාව අප වෙත ලබා දුන්නේ: Nalinda Ashan


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



25 March 2018

---මෝහීනී දිෂ්ටිය---

 

මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති......

ගිහාන්ගේ මාමා කෙනෙක් හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " ....

මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන් ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා..... මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා කියන්නද, මොකද මම දන්න දෙයක්ද????

මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා " මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක් තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින් හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න ගත්තා.....

මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ , මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම තමයි......

දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක් හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,

ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි....

ඔයවගේ පරිසරයක තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා, ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ? මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...

"..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"
ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත් මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...

මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික් මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා....

දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි, දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක් ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත් විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික් මිත්‍රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා, මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක් කියලා.......

මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක් නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......" ,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත බලන් ඉන්නවා......

මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක් දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ටානයක් ඇති කට ගත්තා...

මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන් කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින් අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...

".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."

මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා, ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ, ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ මොකෙක්වත් නැහැ කියල sure......

දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත් තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල් බැදලා ඉවරයි......

දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා....... ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම කෙටියෙන් ලිව්වේ.....

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම් මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ...... !!!!!!

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



20 March 2018

---වර්ජිනියා වෙරළේ අද්භූත පුද්ගලයා: එඩ්ගා කේසි---


ස්වයං මෝහන නිද්‍රාව මගින් ප්‍රගුණ කල චිකිත්සා ක්‍රමයකින් දහස් ගණන රෝගීන්ට හා දුකට පත්වූවනට පිහිටවූ අරුම පුදුම පුද්ගලයෙකු ගැන කලකට පෙර ඇමෙරිකාවේ පමනක් නොව ලොව පුරා කථා බහට ලක්විය. එඩ්ගා කේසි (Edgar Casey) නමින් ප්‍රකටවූ ඔහු පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේ (1877- 1945) ඇමරිකාවේ ජීවත් වූවෙකි. නිව්යෝර්ක් නුවර පුවත්පත් විසින් " වර්ජිනියා වෙරළේ අද්භූත පුද්ගලයා " (Miracle Man of Virginia Beach) ලෙසින් හැඳින්වූ කේසිගේ මේ අපූරු හැකියාව ඔහුගෙන් උපකාර ලැබූ සැමට අරුමයක් විය.

ස්ටීව් නම් තරුණ සොල්දාදුවෙක් බෙටි නම් තරුණියක් සමග විවාහ ගිවිසාගෙන සිටියේය. යෞවනයේ මිහිර විඳිමින් ආදරයෙන් වෙලී සිටි මොවුන්ගේ දිවිය ඉතා සුන්දර විය. එහෙත්, දෛයිවයේ සරදමකට මෙන්, ඔවුනට නොසිතු විරූ දුක් කරදර රාශියකට මූනදීමට සිදුවිය, ඒ බෙටීට හදිසියේම වැළඳුනු දරුණු ආතරයිටිස් (Arthritis) රෝගය හේතුවෙනි. අනපේක්ෂිත ලෙස ඇයට මෙතෙක් ගතකල සුකුමාර ජීවිතය අතහැර වෛද්‍යවරුන් හා හෙදියන් ඇසුරේ කාමරයක කල් ගෙවන්නට සිදු විය.

වහාම සිය සේවයෙන් නිවාඩු ලබා බෙටී වෙත පැමිණි ස්ටීව්ට වෛද්‍යවරුන්ගෙන් දැන ගන්නට ලැබුණු ආකාරයට තම පෙම්වතියගේ තත්වය සතුටු දායක නොවීය. ඔවුන්ගේ සිහින මාලිගා බිඳ වැටෙමින් තිබින. මේ අතර මිතුරෙක් ස්ටීව්ට වර්ජිනියා වෙරළේ ජීවත් වන කේසි නම් පේන කියන්නා (Psychic) ගැන තොරතුරු පැවසීය. ඔහු අසා තිබු පරිදි කේසි යම්කිසි ආවේශයක් ලබා ඕනෑම රෝගයක් හොඳින් විනිශ්චය කර ප්‍රතිකාර සඳහා ඖෂද පවා නියම කරන්නට හැකියාවක් තිබෙන අයෙකු වන අතර පියවි සිහිය ඇතිවිට ඒ පිලිබඳ කිසිවක් සිහි නොවන සාමාන්‍ය පුද්ගලයෙකු විය .

කේසිගේ මේ අරුම පුදුම හැකියාව ගැන මිතුරා තවදුරටත් මෙසේ පැවසීය. දිනක් කෙන්ටාකි නගරයේ වෛද්‍යවරයෙකු තම රෝගියෙකුගේ පාදයේ සුව නොකළ හැකි තුවාලයක් ගැන කේසිගෙන් විමසුවේය. කේසි තමාට පුරුදු නිද්‍රාවට පත්ව රෝගියා ගැන තොරතුරු විමසා 'ස්මොක් ඔයිල්' (smoke oil - දුං තෙල්) නමැති බෙහෙතක් ප්‍රතිකාර වශයෙන් නියම කළේය . නමුත් මෙම වෛද්‍යවරයා කිසි කලෙක 'ස්මොක් ඔයිල්' ගැන අසා නැතිවා පමණක් නොව විමසා බැලුවද කිසිම ඔසු හලක එවැනි බෙහෙතක් අලෙවි නොකරන බවද දැනගත්තේය. නැවත කේසි හමුවී 'කියවීමක්' ලබාගත් ඔහුට දැන ගන්නට ලැබුනේ එම බෙහෙත ලුවිස්විල් නම් නගරයේ එක්තරා ෆාමසියකින් ලබා ගත හැකි බවයි.

වෛද්‍යවරයා වහාම එම ෆාමසිය අමතා බෙහෙත ගැන විමසූ නමුත් එවැනි බෙහෙතක් එහි නොමැති බව ඔහුට දැන ගන්නට ලැබී ඇත. මින් අධෛර්‍ය මත් නොවූ වෛද්‍යවරයා තෙවන වරටත් කේසි හමුවී 'කියවීමක්' ලබා ගෙන ඇති අතර ලැබුණු පිළිතුරෙන් විශ්මයට පත් වී ඇත. එනම් කේසි නියම කරනලද 'ස්මොක් ඔයිල්' බෝතලයක් ඉහත කිවූ ෆාමසියේ එක්තරා රාක්කයක වෙනත් බෙහෙත් බෝතල් පෙළකට පසුපසින් ඇති බවයි.

වහාම එම බෙහෙත් බෝතලය ගෙන්වා ගත් ඔහුට දැක ගත හැකි වුයේ දූවිලි වලින් වැසුණු බෝතලයේ 'ස්මොක් ඔයිල්' නම් සඳහන් වුනු ලේබලයක් ඇති බවය්. එම බෙහෙත් නිපදවූ සමාගම බොහෝ කලකට පෙර වසා දැමූ බව ඔහුට පසුව දැන ගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් එම ප්‍රතිකාරයෙන් පසු රෝගියා සම්පුර්ණයෙන් සුවය ලබා ඇත.

තමාගේ පෙම්වතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් බව පැවසූ ස්ටීව් වහාම වර්ජිනියා වෙරළ බලා පිටත් විය. කුඩා වුවත් සුන්දර ලෙස නිමවුණු නිවසක ආලින්දයේ වාඩිවී සිටි කේසිව ඔහුට හමු විය.හීන්දෑරි තරමක් කුලෑටි ගතියකින් යුක්තවූ මේ මිනිසා කෙරෙන් තමන් බලාපොරොත්තු වූ ආකාරයේ පෙනුමක් ස්ටීව්ට දැක ගත නොහැකි විය.

වහාම තමා පැමිණි කාරණය දැන්වූ ස්ටීව්, " බෙටීට ඉතා අසාධ්‍යයි කරුණාකර ඇයට උදව් කරන්න......ඇය ඉතා සුවිශේෂ කෙනෙක්" යැයි බැගෑපත් වුනේය." හරි හරි හැමෝම එහෙම තමයි ඒ නිසයි මිනිස්සු මාව හමු වෙන්න එන්නේ, ඒත් ඒ පුළුවන් හැම දෙයක්ම කරලා බැරි වෙනකොට තමයි " කියමින් ඔරලෝසුව දෙස නෙත් යොමු කල කේසි " කමක් නෑ දැන් ඊළඟ 'කියවීමට' වෙලාව හරි, අපි බලමු මොනවද එයා ගැන කියන්නේ කියලා" යැය් පවසා ස්ටීව් කැටිව නිවස තුලට ඇතුළු විය. කෑම කාමරය පසු කර කන්තෝරු කාමරයට ඇතුළුවූ ස්ටීව්ට කේසිගේ ලේකම් වරිය ග්ලැඩිස් මුණ ගැසිනි. තරමක් සිහින්, උස් වූ ග්ලැඩිස් ඒ වන විට අවුරුදු දාහතක් පමණ කේසිගේ කාර්යාලයේ සේවය කල අයෙකි.

ඇය පසු පස යාබද කාමරයට පියනැගූ ස්ටීව් තවත් විශ්මයට පත් විය. එම කුඩා කාමරය ඔහු බලා පොරොත්තු වූ පරිදි හඳුන් කූරු ආදිය දල්වා අලංකාරවත් කර නොතිබුණු සාමාන්‍ය කුටියක් විය. කබාය ගලවා පසෙකින් එල්වූ කේසි ,තම ටයි පටිය බුරුල් කර අසල තිබූ සොපාවේ හාන්සි විය. කේසි මහත්මිය , ගර්ට්රුඩ් , ඔහුගේ සිරුර බ්ලැන්කට්ටුවකින් පෙරවූ සැනෙකින් ඔහු නින්දට ගොස් ඇති බවක් පෙනෙන්නට විය . කේසි අසලින් වාඩිවූ ගර්ට්රුඩ් බෙටීගේ නම හා ලිපිනය කියෙව්වාය. මෙය ස්ටීව්ට ප්‍රෙහේලිකාවකි , මේ වන තුරුත් කිසිවෙකු බෙටීගේ රෝගය ගැනවත් රෝග ලක්ෂණ ගැනවත් විමසුවේ නැත. කේසි කෙමෙන් කෙමෙන් දොඩමලු වන්නට විය. බෙටීගේ නම හා ලිපිනය ඔහු නැවත වරක් කියෙව්වද වචන උච්චාරණයේ පෙරට වඩා වෙනසක් දකින්නට තිබුණි.

" ඔව් අපට පේනවා මේ ශරීරය , තරුණ කාන්තාවක් විශාල කාමරයක් ඇතුලේ ඇඳක වැතිරිලා ඉන්නවා. එහි ජනේල තියෙන්නේ බටහිර හා දකුණු දිශාවලට මුණලා." සටීව් තැති ගත්තේය. " මේ ශරීරයට ආතරයිටිස් රෝගය වැළඳිලා තියෙන්නේ හේතු කීපයක් නිසා..." මෙසේ කේසි විසින් රෝගය විනිශ්චය කරන්නට වුයේ වෛද්‍යවරයෙකුට සුපුරුදු ව්‍යක්ත බවකිනි. ඔහු සඳහන් කරන්නට යෙදුනු ඇතැම් බැරෑරුම් වෛද්‍ය කරුණු ස්ටීව්ට 'ග්‍රීක් ' මෙන් විය. මේ සැම ඉතා අවධානයෙන් සවන් දීගෙන සිටි ලේකම්වරියගේ පැන්සල
වේගයෙන් සටහන් තබන්නට විය. විනාඩි පහළොවක් පමණ කල රෝග විනිශ්චය නිමාවූ පසු ප්‍රතිකාර නියම කෙරින. බෙහෙත් වට්ටෝරුවක් කියවූ අතර ආහාරයෙන් ප්‍රවේශම් විය යුතු බව අවධාරණය කෙරින. විශේෂ ස්නාන පිළිවෙලක්ද යෝජනා කෙරින.

දැන් ප්‍රශ්න තිබේනම් ඉදිරිපත් කරන්න යයි ඉල්ලා සිටි විට ස්ටීව් ඇසු ප්‍රශ්න කේසි මහත්මිය විසින් ඉදිරිපත් කර සිටියාය. ඒවාට නිසි පිළිතුරු ලබාදීමෙන් අනතුරුව " අපි දැන් නවතිමු " යයි පැවසු කේසි , බිරිඳගේ උපදෙස් අනුව කිසිවක් නොවූ විලාසයෙන් නැගී සිටියේය. ස්ටීව් තුෂ්නිම්භුතව බලා සිටින්නට විය. ක්‍රමයෙන් සිහි එලවා ගත් ඔහු පවසා සිටියේ එම කියවීම එතරම් නිරවද්‍ය ලෙස කෙසේ සිදුවුනිදැය් ඔහුට අදහා ගැනීමට නොහැකිවූ බවයි." මටත් ඇත්තටම බෑ " යන්න කේසිගේ පිලිතුර විය.

"මනෝ විද්‍යාඥයින් කීප දෙනෙක් ආව මේ ගැන පර්යේෂණ කරන්න , ඒ හැමෝම කතා කලේ උප විඥානය හා අධි මානසිකත්වය ගැනයි ". තව දුරටත් අදහස් දැක්වූ කේසි ස්ටිව්ට පැවසුවේ ඔහු මුලින් මේ ගැන තරමක් චකිතයකින් සිටි නමුත් ප්‍රතිකාර සාර්ථක වන්නට පටන් ගත් පසු විශ්වාසය ක්‍රමයෙන් තහවුරු කරගත් බවත්ය. ඔහු වෙත පැමිණෙන්නට වූ නොයෙක් වාර්තා කරුවන් හා පරීක්ෂකයන් ගැන කේසි සතුටු වූ බවක් හෝ කණගාටු වූ බවක් පෙනෙන්නට නොතිබිණ.

කෙන්ටාකි නගරයේ පිටිසරබද ගමක්වූ හොප්කින්ස්විල්හි සාමාන්‍ය ගොවි ප වුලක උපත ලද එඩ්ගාර් කේසි , කුඩා කල සිටම යම් යම් සුවිශේෂ දක්ෂතා පෙන්වන්නට පුරුදුව සිටියේය. කුඩා අවධියේ පාඩම් පොතක් මත හිස තබාගෙන නිදාගැනීමෙන් පසු එය කට පාඩමින් දැනගැනීමට ඔහුට හැකියාවක් තිබුණි. තරුණ වියේදී කේසිට උගුරේ ආබාධයක් ඇතිවී කතාකිරීමේ අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු විය. මේ නිසා සති කීපයක් කටහඬ සම්පුර්ණයෙන් නැතිවී ඉමහත් සිත් තැවුලකින් කල් ගෙවන්නටද ඔහුට සිදු වී ඇත.

මෙයට නොයෙක් ප්‍රතිකාර කිරීමෙන් පලක් නොවූ හෙයින් දිනක් නගරයට පැමිණි මෝහනවේදියෙකු විසින් මෝහනයට පත්කරවන ලදුව ඔහු තම රෝගයට තමා විසින්ම ප්‍රතිකාර නියම කරවා ගෙන සුවය ලද්දේය. කේසිගේ මෙම විශේෂ හැකියාව ගැන උනන්දුවූ කෙචම් නමැති පවුලේ වෛද්‍යවරයා ඔහු මගින් තම රෝගීන්ගේ සුව නොකළ හැකි රෝග වලට ප්‍රතිකාර කල හැකිද යන්න අත්හදා බැලුවේය . ඔහුගේ එම පර්යේෂණ බෙහෙවින් සාර්ථක විය.

ඡායාරූප ශිල්පියෙකු ලෙස පුහුණුව ලැබූ එඩ්ගා එය තම ජීවිකාව කොටගෙන විවාහයෙන් පසු වෙනත් නගරයක පදිංචියට ගියේය. එහෙත් ඔහුගේ හැකියාවන් දත් වෛද්‍යවරු ඔහු පසු පස එන්නට විය. මේ අතර ඔහුගේ බිරිඳට දරුණු ලෙස කාස රෝගය වැළඳී මරණාසන්න විය. අවසානයේ ස්වයං මෝහණයට පත් එඩ්ගා විසින් නියම කරනලද ප්‍රතිකාරවලින් ඇය සම්පුර්ණ සුවය ලැබුවාය.

ක්‍රමයෙන් දියුණු කරගත් එඩ්ගාගේ මේ හැකියාව රෝග විනිශ්චය හා ප්‍රතිකාර වලට පමණක් සීමා නොවීය. ඔහුගෙන් කියවීම් ලබාගැනීමට දුර බැහැර සිට ටෙලිග්‍රාෆ් පණිවුඩ ගලා එන්නට විය. කෙතරම් දුර බැහැරක පදිචි අයෙකුගේ වුවද නම හා ලිපිනය දැනගනීමෙන් පසුව ' කියවීම්' ලබා දීමට එඩ්ගා කේසිට හැකි විය. නිව්යෝර්ක් නුවර පෞද්ගලික ටෙලිග්‍රාෆ් සමාගමක සේවිකාවකට මෙම කේසි නම් පුද්ගලයා වෙත ගලා එන පණිවුඩ දැකීමෙන් පසුව තමා ගැන කියවීමක් ලබාගැනීමේ කුතුහලයක් ඇතිවී කේසි වෙත පණිවිඩයක් යැවීය.

ඇයට ලැබුණු උපදෙස වුයේ ඇය තම වර්තමාන වෘත්තිය ඇත හැර දැමිය යුතු බවත් කළා ක්ෂේත්‍රයේ ඇයගේ සැඟවුණු දක්ෂතා ඇති බැවින් ප්‍රචාරක දැන්වීම් කලාව වැනි වෘත්තියක් තෝරා ගැනීම වඩා උචිත බවත්ය
ඒ වන විටත් තිස් හයවන වියේ පසුවූ ඇය මේ යෝජනාව ගැන මුලදී පුදුම වූවත් තවදුරටත් සිතාබලා එම වෘත්තියට යොමුවූ අතර ටික කලකින් ඉතා දක්ෂ කලා ශිල්පිනියක බවට පත්වී විශාල වශයෙන් අදායම් ලැබීය. පසුව ඇය ජීවත්වූ නිවසේ ආලින්දයේ විශේෂ තැනක් කේසිගේ පින්තුරයකට වෙන්කර තිබූ බව පැවසේ.

කේසිගේ කියවීම්වල දකින්නට ලැබුණු තවත් විශේෂත්වයක් සඳහන් කිරීම අපරදිග වාසි අපට ඉතා වැදගත් වනු ඇත. ඔහුගේ රෝග විනිශ්චයේදී බොහෝවිට රෝගියාගේ පෙර ආත්ම භාවයන් ගැන සඳහන් කිරීම නොයෙක් අවස්ථාවලදී දකින්නට ලැබී ඇත. එහිදී එම රෝගය හෝ වෙනත් කරදර වලට හේතු වශයෙන් කේසි එම තැනැත්තා පෙර භවයක සිදු කල 'කර්මයක්' හේතුවන බව පැවසු අවස්ථා බොහාමයකි. එවැනි අවස්ථාවල කේසිගේ උපදෙස වී ඇත්තේ එවැනි පෙර කර්මයන්ගෙන් මිදීමට තමන් දැනට ලබා ඇති ආත්ම භාවයේදී වග බලාගතයුතු බවත් , ඒ සඳහා පිලිපැදියයුතු ක්‍රියා මාර්ග ගැනත්ය.

මෙම කියවීම් කේසි විසින් ජීවන කියවීම් ( Life Readings ) ලෙස හැඳින්වුයේ කලින් සඳහන් කල කායික කියවීම් වලින් වෙනකොට හඳුනා ගැනීමට විය යුතුය. මෙම ජීවන කියවීම්වලදී පෙර ආත්ම වල අන්‍යෝන්‍ය පුද්ගල සම්බන්ධතා (ඥාති සම්බන්ධතා, මිතුරුකම් ආදිය ) ගෙනහැර දක්වමින් ඒ අනුව එම පෙර සම්බන්ධතාවයන් නොයෙක් අයුරින්, ක්‍රමානුකුලව, ආත්මයක් පාසා, ගොඩනැගෙන ආකාරය විස්තර කොට ඇත.

වරෙක කේසිගේ ඥාතිවරයෙකු බලවත්ලෙස රෝගාතුරව වැතිරසිටින විට ඇයගේ සොහොයුරිය ලවා කේසිගේ උපකාරය පැතීය. ගැබිනියක්ව සිටි ඇය වැඩි කලක් ජීවත් නොවනු ඇතැයි වෛද්‍යවරු නිගමනය කර තිබු අතර කේසිගේ උපකාරය ගතයුතු බවට යම් කෙනෙක් ඇයට සිහිනෙන් පවසා තිබුණි. ඇයගේ පණිවිඩය ලද වහාම කේසි සුපුරුදු පරිදි සොපාවේ හාන්සි වී කාන්තාවගේ රෝග තත්වය විමසා බලා ඇයගේ ජීවිතය පිළිබඳව එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බව දන්වා ඇත. කෙසේ නමුත් ඇයට දරුවා ලැබෙන තෙක් ජීවත්වීමට ප්‍රතිකාරයක් නියම කර තිබුණි. එම උපදෙස් අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම නිසා රෝගියාගේ තත්වය යහපත් අතට හැරී ඇති නමුත් සති කිහිපයකට පසුව දරුවා බිහිකර නොබෝ වෙලාවකින් ඇය මිය ගිය බව කේසිට දැනගන්නට ලැබී තිබුණි.

මේ පිලිබඳ කේසි තම දින පොතේ මෙසේ සඳහන් කොට ඇත.

" අවුරුදු දෙකකට පමණ පසුව කිසියම් කටයුත්තක් සඳහා මා එම දරුවා ජීවත්වූ නගරයට ගොස් සිටියා. එහෙත් මම ඒ දරුවා හෝ ඇගේ පියා කිසි දිනෙක හැඳිනගෙන සිටියේ නෑ . එදින මා කොණ්ඩය කපා ගැනීම සඳහා බාබර් සාප්පුවකට ගොඩ වැදී මගේ වාරය එන තෙක් වැඩිවී සිටියා. එවිට මා අසල දුව පනිමින් සිටි කුඩා දැරියක් එක වරම නැවතී ටික වෙලාවක් මාදෙස බලා සිට දුව ඇවිත් මගේ ඇකයේ වාඩිවී අගේ කුඩා දෑත් මගේ බෙල්ල වටා යවා මා වැළඳ ගත්තා. ඇය ගැන විමසිලිමත්ව රැවුල බාමින් සිටි අගේ පියා බාබර්ගෙන් මා කව්දැයි අසා දැනගෙන මා වෙත පැමිණ මෙසේ ඇසුවා :

"මේ දරුවා කා සමගවත් මෙතරම් කුළුපග වනු මා දැක නෑ ඔබ හිතනවාද ඔබ ඇගේ මවට උපකාර කළා කියා ඇයට යම්කිසි විධියකින් දැනුනාය කියා?". "ඇත්තෙන්ම ඔහුගේ ඒ පැනයට මම තවමත් පිළිතුරු සොයමින් සිටිමි " යයි කේසි තම දින පොතේ සටහන අවසන් කර ඇත.

කේසිගේ මෙම අපුරු හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට වෙහෙසුනු අය අතර පොලීසියද අයත්ය. විසඳීමට නොහැකි අපරාධ පරීක්ෂනවලදී කේසිගේ කියවීම්වල ආධාරයෙන් අපරාධකරුවන් කොටුකරගත් අවස්ථා කීපයක් ගැන සඳහන්වේ.

කෙසේ වෙතත් ඔහුගේ මෙම සුවිශේෂ හැකියාව අනවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බවටත් සාක්ෂි ඇත. එවැනි නොයෙක් යෝජනා ඔහු වෙත ගලා එන්නට විය. වරක් එකතරා කපු වෙළෙන්දෙක් තම වෙළඳාම සම්බන්ධයෙන් දිනපතා උපදෙස් ලබා ගැනීමේ අටියෙන් විශාල ගෙවීමක් කිරීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එඩ්ගා කේසි එය ප්‍රතික්ෂේප කළේය.

මෙවැනි කී නොකී බොහෝ විස්තර අඩංගු ඔහු ගැන ලියැවී ඇති පොත් රාශියකි. එම පොත් බොහොමයකට පසුබිම් වී ඇත්තේ මුල් කාලයේ සිටම කේසි තම ලේකම්වරිය ලවා පිටපත් කර තබාගත් කියවීම් වර්තාය. මෙම ලිපය සඳහා ඇසුරු කරගත් එම පොත් වලින් කීපයක් පහත සඳහන්වේ,

Many Mansions - Gena Cerminara
Edgar Casey , My life as a Sear: Lost Memories - A Robert Smith
The Story of Edgar Casey : There is a River - Thomas Sugru
Edgar Casey's Story of Kamma - Mary Woodward

මේ අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ජිනා සමිනාරාගේ" මෙනි මැන්ෂන්ස් " කලකට ඉහත පුජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් විසින් ' සංසාර මන්දිර' නමින් සිංහලට පරිවර්ථනය කරන ලදී. කේසිගෙන් පසු ඔහුගේ පුත් හියුලීන් කේසි විසින් තම පියාගේ විශ්මයජනක කියවීම් වාර්තා සුරක්ෂිතව තබා ගත්තා පමණක් නොව මෙම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන හා වැඩිදුර පර්යේෂණ කිරීමට කැමති අයගේ ප්‍රයෝජනය සඳහා The Association for Research & Enlightenment (ARE) නමින් දැනට ලොව සුපතල පර්යේෂණ ආයතනය වර්ජිනියාහි පිහිටුවීමට කටයුතු කර ඇත.

 Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

19 March 2018

---වනචාරී හොල්මන්---



මේ සිද්ධිය‍ට මගේ කිසිම සම්බන්දයක් නෑ

මේක මට යාලුවෙක් කියපු දෙයක් මේ යාළුවා ලංකාවේ කෙනෙක් නෙමේ එයා එල් සැල්වදෝර් කියන රටේ කෙනෙක් මේ සිද්ධියට මුණ දීල තියන්නේ එයාගේ පවුලේ කෙනෙක් (බාප්පා) මගේ යාළුවගේ නම ජෝසප්
දවසක් ජෝසප් ගේ බාප්පා මළ ගෙදරක ගිහින් ගෙදර එනවළු ටිකක් රෑ වෙලාලූ ටිකක් රෑ උනත් හැම තැනම ගස් නිසා අවට පරිසරය සාමාන්‍ය ගානට වඩා අඳුරුයි ලූ

ඉතින් මේ බාප්පට කඳු දෙකක් තුනක් අතරින් ගෙදර එන්න තියනවලු සමහර කඳු අතරින් ගෙවල් තියන තැන් පේනවලු ඉතින් මෙය පාඩුවේ එනවලු තව විනාඩි දහයකට අඩූ දුරක්නේ තියන්නේ කියල හිතාගන විනාඩි විස්සක් විතර ගියාලු ගෙවල් ළඟට එන්න තාම බැරී උනාලු.මෙයා ටිකක් කලබල වෙලා පය ඉක්මන් කරලා ඇවිදින්න ගත්තලු මෙන්න ලොකු කොටියෙක් වගේ සතෙක් පිටිපස්සේ ගොරවගන ලඟට එනවා වගේ ඇහුනලු.පස්ස බැලුවාලු කිසිම සතෙක් නෑලු මිනිහබය වෙච්ච පර දිව්වාලු.

දුවල දුවලා නවතුනාලු හති වැඩි නිසා.නැවතුන තැන මිනිහට තේරුනලු පස් අමුතුයි කියලා. අලුත් පස්ලු,බලනකොට මිනිහ දුවල නැවතිලා තියන්නේ හවස මිනිය වළදාපු කනත්තේ දැන් මිනිහට හොඳටම බයයි ළූ අර සතා ළඟ ළඟ ම එනවා ඇහෙනවලු ඕන දෙයක් කියලා නැග්ගලු ළඟ තිබ්බ ගහකට
ගහට නැගල විනාඩි කීපයකින්නකොට හොඳටම වහින්න ගත්තලු.මිනිහ බයේ සීතලේ ගැහි ගැහී එන්නවලු ගහ උඩ

ඇතින් ඇහෙනවලු මිනිස්සු කතා කරන සද්දයක් පස්සේ බලනකොට මේ මිනිස්සු සාමාන්‍ය උන් නෙමේලු ආදී 3-4 ක් විතර උස මිනිස්සුලු උන් උන්නේ අමුඩේ වගේ ඇඳුමක් ඇඳගනලු
උන් එක එකට කතා කරකර අර මිණී වල හාරන්න ගත්තලු අත් වලින් කිසිම ආයුධයක් නැතිව
මේ මම කියපු යාළුවගේ බාප්පා ගහ උද ඉඳන් සීතලටයි බයටයි වෙව්ල වෙව්ල ඔක්කොම බලාගනලු
අර කොට මිනිස්සු මිනිය ගොඩට අර ගත්තලු .ඊට පස්සේ වෙන කොට මිනිහෙක් එතනට ආවලු.පස්සේ අව කොට මිනිහා අනික් උන්ගේ ලොක්කළු

දැන් මුන් ඔක්කොම එකතුවෙලා අර මළමිනිය කන්න ගත්තලු අතපය ගලවනවලු මුණ කනවලු සාමාන්‍ය සතෙක් ගොදුරක් කනවා වගේ කනවලු
අර කියපු බාප්පා ගහ උද හොඳටම බයේ ඉන්නවලු, කොට මිනිස්සු මිනිය කල ඉවර වෙලා බඩ පිරිලා ගස් යටින් වැඩි වෙලා අයෙත් කතා කරනවලු.කියනේ දේවල් අපැහැදිලි උනාට මේ ගහ උඩ ඉන්න බාප්පට ඔක්කොම හොඳට ඇහෙනවාලු

එක පාරටම මේ බාප්පා දාගන උන්න හරක් හම් වලින් මහපු සෙරෙප්පුවක් කකුලෙන් ගැලවිලා බිමට වැටුනාලු ඊට පස්සේ අර කොට මිනිස්සු උඩ බැලුවම මේ මිනිහව දැක්කලු
ඔක්කොම ගහ යටට ඇවිත් දැන් මේ මිනිහව මරණ හැටි ප්ලැන් කරනවලු
මූ ගහ උඩ වෙව්ලනවලු

පස්සේ කිව්වලු ගහෙන් බැහැපන් මරන්නේ නෑ කියලා මූ බය වෙච්චපර උන්න ඇත්තෙන් පහල ඇත්තට වැටුනලු ඒ උනාට කොට මිනිස්සුන්ට තාමඅල්ලගන්න බැලූ
මූ යේ උඩට නැගල පස්සේ අර මිනිස්සු එක එක වෙස් අරගන ඇවිත් මුට ඇවිටිලි කරනවලු ගහෙන් බහින්න කියලා

මු නෙමේ බැහැල තියන්නේ
පස්සේ එළී වෙනකොට මේ කොට මිනිස්සු අතුරුදහන් උනළු
විශ්වාස කරහල්ල මේ මිනිහා නැගල ඉඳල තියන්නේ එයාගේ ගෙවල් පේන මානේ තියන ගහකට
මු ගහේ ඉනනව දැකල උදේ ගෙදර අය බහින්න කියල කිව්වම මු බෑ බෑ කියලා කෑ ගහනකොට පල්ලියේ ෆාදර් ඇවිත් වතුර ගහල බිමට අරගන තියන්නේ

මේ කතාව ඔක්කොම අහලා ගමේ මිනිස්සුන්ට හරි පුදුමයි ළු
දවල් මේ බාප්පා කිව්වලු මගේ යාලුවට/ජෝසප් ට වරෙන් යන්න අර කනත්තට කියලා පස්සේ මුන් දෙන්න ගිහින්

අර වළදාපු මිණිය හැරලා කවුරුහරි ගොඩට අරංලු
සත්තු මිනිය කාලලු

වැදගත්ම දේ තමයි අර කිව්වා හරක් හම් සෙරෙප්පුව ළඟ ගහක් මුල තිබ්බලු
මුන් සෙරෙප්පුව අරන් ගෙදර ඇවිත්

අද වෙනකම් දන්නේ නෑලු මොනවා උනාද එක සෙරෙප්පුවක් කොහොමද කනත්තට ගියේ , මිනියට මොකද උනේ කියලා

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..








15 March 2018

---මල්ශාලා රියදුරෙකුගේ අත්දැකීමක්---



මෙහි සත්‍ය අසත්‍යතාව මා නිවරදිව ම නොදනිමි. මා හට අසන්නට ලැබුනු කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි

"ආදිත්‍ය." ..යනුවෙන් මල් ශාලාවේ හිමිකරු තරමක් උස් වූ හඩින් අමතන්න විය.
ආදිත්‍ය යනු ප්‍රධාන නගරයක පිහිටි මල් ශාලාවක අවමන්ගල්ය රථ රියදුරකි.

"හදිසි වැඩක් තියෙනවා දැන් ම ගියොත් පාන්දර වෙනකොට යන්න පුළුවන් " හිමිකරු ආදිත්‍ය ට පැවසීය. 
ඵ් වන විට ත් මල් ශාලාව තුල තරුණ සුන්දර යුවතිය කගේ අවසන් මංගල සැරසීම සිදු වමින් පැවැති නි.
"ඔකේ සර් " යනුවෙන් ආදිත්‍ය පිලිතුරැ දිනි

" හැබැයි අද තනියම තමා යන්න වෙන්නේ සිසිර අයියා නිවාඩු නේ..."
"කමක් නෑ සර් "තම ස්වාමියා ට පැවසීය.

ආදිත්‍ය තරැනකොල්ලෙක් වන අතර මෙම රැකියා වට තරමක ආධුනික යකි.
වෙනත් දිනයන්හි දී තමසහයට සිසිර අයියා සිටින අතර අද ඔහු නොමැති වීම අමුත්තක් නොවීය..
මියගිය යුවතියගේ දේහය රැගෙන යාමට වූයේ ඈත පිටිසර ගමක් වෙත ය.

සියල්ල සූදානම් ය දැන් ඉතිරිව ඇත්තේ ආදිත්‍ය ගේ කාර්ය පමණි. 
වෙලාව රාත්‍රී 12ට ආසන්න ය. "හර්ස් "රථය තුලට මළ දේහය සහ අනෙකුත් උපාන්ගද ඇතුළත් කොට එය අගුළු දැමූ වේ වෙනත් සේවකයකු විසින් ය.

රථය පනගැන්වීය දැන් එහි ඇති නිසල දේහය සහ ආදිත්‍ය හූදකලාව මාර්ගයේ ඉදරියට ඇදේ. සැබැවින්ම මියගොස්ඇත්තේ ගැහැණිය ක්ද පිරිමියෙක් ද යන්න ආදිත්‍ය නොදනී. 

තරමක් දුරට ගමන් කල ඔහු එක හුස්මට බියර් ටින් එකක් හිස් කරන ලදි.
දැන් අළුයම 3ට පමන ආසන්න ය ගමනාන්තය ට ද ආසන්නය ය.

රථය ගමන්ගන්නා මාවත පාලු මූසල බව උපරිමයට පැමිණ ඇත. හිටිහැටියේම මාර්ගය හි යමකු ගමන් ගන්නා අයුරු ආදිත්‍ය ට පෙනුනි. රථය ආසන්න වත් ම එය කාන්තාව ක් බව ආදිත්‍ය ට පසක් විනි. ඇය අසල රථය නතර විය ."ඔයා මේ මහ රෑ කොහෙද යන්නේ යනුවෙන් ආදිත්‍ය වීම සීය " 
හිත තුල වු කුතුහලය සමග ඔහු විමසීය. 

පිලිතුර වූයේ මම මේ ලඟ තියෙන මළ ගෙදරට යනවා යනූවනි.

ඔහු ඇයවද කැටුව ඉදිරියට ඇදේ.....කොඩි වැල් පසුවනවාත් සමගම ඈතින් අවමන්ගල්ය නිවස ආදිත්‍ය ට දර්ශනය විය. ඒත් සමගම අර කාන්තා ව පවසා සිටියේ "මාව මෙතනින් දාන්න මම මේ ලඟ ගෙදර ට ගිහින් එන්නම් " යනුවෙන් ය
ඇය අසල නිවසකට අන්ද කාරයත් සමග නොපෙනී ගියේය. තම රාජකාරිය හී අවසන් අදියර යට පැමිණි ම ගැන තුටු වමින් ආදිත්‍ය රථය අවමන්ගල්ය වූ නිවසහි ඉදරිහි නතර කලේය. එහි වූ අයගේ උපකාර ඇතුව දේහය සාලය මැද සකසා එය විවෘත කිරීමද ආදිත්‍ය විසින්ම කරන ලදි. 

එහිදී ඔහු දුටු දෙයින් ඇඟ හිරි වැටිනී. හද ගැස්ම වැඩි විය. 

කිසිත් නොපැවසූ ඔහූ ඉදිරියට විත් රථය තුල වු අවසාන බියර්ටින් එකද හිස් කරන ලදී.

ඔහුට සියල්ල මෙනෙහි විය .තමා සමග මෙතෙක් වෙලා හොදින් කතා බහ කල තැනැත්තිය දැන් මිනී පෙට්ටි ය මත නිසලව වැතිර සිටී. ඔහූ අවුලෙන් අවුලට පත්විය. කේසේ හෝ හිත දැඩි කරගත් හෙතෙම ඉතිරි කටයුතුද අවසන් කර පසු දින නැවත මල් ශාලාව වෙත පැමිණියේ ය.

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




14 March 2018

---අත් ඔරලෝසුව---


මගේ නම තරිදු, මං ඉන්නේ ගාල්ලේ

ගාල්ල මහමෝදර ඉස්පිරිතාලේ පහු කරන් කොළඹ පැත්තට යනකොට තියෙනවා පාලමක්,, ගිං ගගයි මුහුදුයිඑකතුවන මෝයත් එතන තමයි තියෙන්නේ..

එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ

හවස 4.30 විතර ඇති , එදා සෙනසුරාදා දවසක් හැම සෙනසුරාදාම මං කිව්ව අර පාලම ලග ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්න එක මගේ පුරුද්දක් වෙලා තිබුනේ, ගෙදර ඉදන් එතනට වැඩි දුරක් නැති නිසා පයින්මයි යන්නේ , එහෙම එදා යනකොඩ හරියටම පාලම මැද මගේ කකුලට මොකක් හරි වැදිලා විසිවෙනවා වගේ දැනුනා,

ඒ මොකක් ද කියලා හරියට බලන කොට ගොඩක් වටින අත් ඔරලෝසුවක් වගේ තමයි දැක්කේ "රොලැක්ස් සබ්මැරින් ගෝල්ඩ්" එකක් කව්ද ඉතින් අකමැති බ්‍රෑන්ඩට් ඔරලෝසුවක් අතේ බදින්න , මන් ඉතින් එක අරගෙන බැලුවා හරියටම වේලාව 4.45 විතර දවස 6 වෙනිදා කියලා තිබුනේ බඩු වැඩ , ඉතින් මං ඒ වෙලාවෙම අතේ බැද ගත්තා

මෙතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ

ඔරලෝසුවේ ගතියත් එක්ක මට සෙල්ෆියක් ගන්න හිතුනා ඉතින් මං පාලමෙන් එහාට ගිහිල්ලා මුහුද ලගටම ගියා, ගිහින් එක සෙල්ෆියක් අරන් හැඩ බැලුවා , ඒකෙන් දැක්ක දෙයින් මට දෙවියන් සිහිඋනා
මගේ පිටිපස්සෙන් අඩි 10විතර ඈතින් කලු චායාවක් හිටගෙන ඉන්න වා
එවලේම පිටිපස්ස හැරිලා බැලුවා කව්රුත් නෑ, මට හීන් දාඩියත් දාලා

මොකටත් සැකේටත් එක්ක අයිත් එකක් ගත්තා 

අරන් බලන කොට ඒ චායාව අඩි 5 ක් විතර මගේ ලගින්, අයිත් පස්ස හැරිලා බැලුවා කව්රුත්ම නෑ

හැබැයි ෆෝන් එකේ තියෙනවා හරියටම කලු ඇදගත්තු මිනිහෙක් මා එක්ක ඉන්නවා, ඉස්සර සෙල්ෆියේ අඩි 10 හිටිය කෙනා මේ සෙල්ෆයේ අඩි 5ක් පස්සෙන් දැන් මාව වෙව්ලෙනවත් එක්ක, මං වේලාව බැලුවා ඒ ඔරලෝසුවෙන් 4.55 කියලා තිබුනේ, වට පිට කව්රුත්ම නෑ මාව මැරෙන්න වගේ වෙව්ලනවා..

තව සෙල්ෆියක් ගත්තොත් අනිවා මං ලගටම ඒ චායාව එයි , එත් මොක්කරන්නද මේ මොකක්ද කියලා බලන්නත් එක්ක වෙව්ල වෙව්ල ගත්තා අනික් සෙල්ෆි එක,

මං හිතුවා හරි ඒ චායාව මාත් එක්කම මගෙ පස්සෙන්
මං හැරිලා පස්ස බැලුවා කව්රුත්ම නෑ,,,,

හැබැයි මං ඉස්සරහා බලනවත් එක්කම ඒ චායාව මගේ ඉස්සරහා මතු උනා ,,,,
මන් තිගැස්සිලා ගිහින් ඇදෙන් නැගිට්ටා

හප්පෝ මං දැකලා තියෙන්නේ හීනයක්නේ... එහෙම කියලා හිත හදාගන්නකොටම දැක්ක දෙයින් මට කලන්තෙ වගේ හීනෙන් මං අතේ බැදපු ඔරලෝසුව මගේ අතේ, වේලාව හවස 5.00,, දවස 6 වැනිදාමයි

මං හීනෙන් ගත්ත ඔරලොසුව මගේ අතේනම් , මං 4.55 කලන් ගත්ත ෆොටෝස් ටිකත් ???

මං 4.55 කලින් ගත්ත ෆොටෝස් ටික ෆෝන් එකේ තියෙන්න ඔන, මන් ඉක්මනටම ෆෝන් එක අරගෙන් බැලුවා ,, අප්පට හුඩු
ෆොටෝස් ටික තියෙනවා ඒ විදියටම, 

අර චායාවත් මගේ පස්සෙන් ඉන්නවා ,, දැන් මං මොකෝ කරන්නෙි කියලා හිතාගෙනම ඔරලොසුව ගලවලා විසි කරන්න හැදුවා ඒත් ඒක හොල්ලන්නවත් බෑ, අතට අලවලා වගේ..

කාමරෙන් එලියට දුවලා යන්න හැදුවාත් එක්කම කාමරේ දොර පටාාාර් ගාල් විශාල සද්දයකුත් එක් ගාලා වැහුනා,,
මට තේරුනා මගේ අවසානේ කියලා...

මන් දොර දිහා බලාගෙන් ඉදලා වේවල වෙව්ල ඇදේ ගුලිවෙන්න හදනකොට මට දැනුනාමගේ අනිත් පැත්තේ කව්රු හරි නදාගෙන ඉන්නවා, හැබැයි බෙඩ් ශීට් එකෙනි මුලු ඇගම වහගෙන හිටියේ

ඒ කව්ද කියලා බලන්න එයාගේ ඇගට අත කිට්ටු කරනවත් එක්කම ,,,, දොරට හයියෙන් කව්දෝ තට්ටු කරගෙනම ඉන්නවා,,

මං ලග කව්ද ඉන්නේ කියලා බලන්න අත ලං කරන්න කරන්න දොරට ගහන සද්දේත් වේගෙත් වැඩි වෙනවා
මට තේරුනා ඔකේ තේරුම මං කරන වැඩේ කරන්න එපා කියලා මට කව්රු හරි කියනවා වගේ කියලා,,,
මොනා උනත් මං මොකක් හරි දෙයකට අහුවෙලා වගේ කියලා මං දැනගත්තා ,,,
මොනා උනත් කමක් නෑ කව්ද මං ලග ඉන්නේ කියලා බලන්න අත බෙඩ් ශීට් එක ලගටම කිට්ටු කරනකොට කව්රුහරි දොර අැරලා හයියෙන් වැහුවා 

මං උඩ ගියා බයවෙච්ච පාරට

දොර දිහා බලලා අයිත් මං ලග ඉන්න කෙනා බලනකොට එතන කව්රුත්ම පේන්නෑ..
අයිත් දොර ඉබේම ඇරනා මකුත් සද්දයක් නෑ
හරි මට යන්න කියනවා කියලා ඇදෙන් බහින කොටම දඩොස් ගාලා අතේ බැදගෙන හිටිය ඔරලොසුව වැටුනා ඇදේ කකුලක් ලගට

මට සතුටුයි දැන්, දොරත් අරුනා ගලවන්න බැරිව හිටය ඔරලෝසුවත් ඉබේම ගැලවිලා වැටුනා මන් ඉක්මනින්ම කාමරෙන් එලියට එන්න හදන කොටම ආයිත් දොර දාඩාාාාස් ගාලා වැහුනා,, මට ඒකටනම් තරහත් ගියා..
මට ඇඩුනා ,, ගොඩාරියක් බයවෙලා හිටියේ ඒක වචනයෙන් කියන්න නම් බෑ...

මං දොර අරින්න බැලුවා හොල්ලන්නවත් බෑ...
බැරිම තැන මං කෑගහල ඇහුවා කව්ද ඔයා ඔයාට මොනවද ඕන කියලා...

මුකුත් නෑ නිශ්ෂබ්දයි කාමරේම,,
මෙන්න එකපාරටම ඇද යටින් සද්දයක් එනවා නිකන් කොදුරනවා වගේ

ඒ ස්දේදේ මොකක්ද කියලා මන් හෙමින් හෙමින් ඇද යටට කිට්ටු කරනවත් එක්කම හොදටම පිච්චිලා පට්ටම ගදක් ගහන අතක් විතරක එලියට ඇවිල්ලා අර ඔර ලෝසුව ඇද යටට ඇදගෙන ගියා...

මාව තිගැස්සිලා ගියා..
මන් දුවගෙන ආයිත් දොර ලගට ගිහිල්ලා දොර කඩාගෙන හරි කාමරෙන් එලියට යන්න හැදුවා කිසිම පලක් උනේ නෑ..
තාම අර කෙදිරිලි හඩයි ගදයි මට එනවා..

මං කාමරේ මුල්ලට වෙලා ගුලිවෙලා බයෙන් වෙව්ල වෙව්ල හිටියා..

ටික වෙලාවක් ගියාට පස්සේ කෙදිරිලි හඩ නැවතුනා , එකසැරේටම ඇද යටින් මගේ නම කියනවා ඇහුනා..
හෙන බයානක විදියට තරිදු තරිදු කියලා 3 - 4 සැරයක්ම එක පිට ඇහුනා

මං ඇහුවා කව්ද මොනාද ඔනේ කියලා ඒත් නම විතරයි ඇද යටින් ආවේ...

හිතට ශක්තිය අරන් කව්ද කියලා ඇද යටට කිට්ටුවෙලා පොඩ්ඩක් රිංගලා බැලුවා,, හපොයි
ඇද යට හිටියෙත් මං මයි වෙවිල වෙව්ල ඇද උඩ පෙන්න ගෙන, ඒ කොහොමද කියලා මං දන්නේනම් නෑ,, හැබැයි ඒතන හිටපු කෙනා ඇද උඩ කව්⁣දෝ ඉන්නවා කියලා කියනවා මට හොදටම තේරුනා..

මං හෙමින් ඔලුව උස්සලා ඇද උඩ බැලුවා..
අර බෙඩ් ශීට් එක පොරව ගත්තු මිනිහා ආයිත් ඉස්සර හිටිය ⁣වගේම ඉන්නවා... දැන්නම් මේ කව්ද කියලා බලනවාමයි හිතාගෙන,

⁣හෙමින් හෙමින් අත අර මිනිහා ලගට අත අරන් යන කොට මට දැනෙනවා දොර ඇරෙනවා ඉස්සෙල්ලා වගේම
මං අත අර මිනිහා ලගට කිට්ටු කරන්න කරන්න මගේ ලගට කව්රු හරි කිට්ටු වෙනවා වගේ දැනුනා...

කොහොමත් එකයි කියලා බෙඩ් ශීට් එක පොරවන් ඉන්න මිනිහා කව්ද කියලා බලන්න බෙඩ් ශීට් එක ඇලුලුවා විතරයි මගේ පිටට හයියෙන් පාරක් වැදුනා...

එත් එක්කම මට සද්දයක් ඇහුනා මචං උබ තාමත් නිදිද වරෙන් යන්න මුහුදට කියලා..

එතකොට තමයි මං හරියටම නැගිට්ටේ
හීනයක ඇතුලේ හීනයක් දැකපු පලමු වතාව ඒක තමයි..

හැබැයි මං බයවෙච්ච තරම කියන්නනම් වචන නෑ
එදා මං නැගිටින්න කොට මගේ මුලු ඇගම දාඩියෙන් තෙමිලා තිබුනේ...

මං ඉක්මනටම ලෑස්ති වෙලා යාලුවත් එක්ක යන්න ගියා අර මං මුලින්ම කිව්ව පාලම ලගටම තමයි ,
ගෙදරින් පිටත් වෙනකොට හැබැයි 4.00 විතර ඇති...

මායි යාලුවයි කයියක් ගහගෙන ඒ පලමෙන් යනකොට යාලුවාගේ කකුලට වැදුනා මොකක්හරි දෙයක්..
මොනාද කියල බලනකොට මට ජීවත් වෙන්නත් එපා උනා..

ඒ අර ඔර ලෝසුවමයි.. වෙලාවත් මං හීනෙන් දැක්ක වෙලාවමයි..

ඒ මදිවට යාලුවා ඒක අතේ බැදගෙන මට කියනවා වරෙන් යන්න මුහද පැත්තට ගිහින් සෙල්ෆියක් අරන් fb දාමු කියලා

උෟ එහෙම කියනවත් එක්කම මං දිව්ව දිවිල්ලක් අාායි ගෙදරට ඇවිල්ලම තමයි නැවතුනේ..

..නිමි..

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..