මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

29 April 2018

---බටපොත---




මම මේ කියන්නෙ ඇත්තම සිද්ධියක් මේක තාමත් හිටපු ගමන් මිනිස්සු දැකලා බය වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා මට කථා ලියන විදිහට ලියන්න තේරෙන්නැ ඒත් මම මෙකෙ කතා කියෙව්වාම හිතුවා මේකත් කියන්න ඕනේ කියලා මම ග⁣මේ නමත් කියන්නම් හොයලා බලන්න ඇත්තද බොරැද කියලා ඔයාලාම.

මම ඉස්කොලේ ගියේ ගමේ තියෙන පොඩි ඉස්කොලේකට ඒ ඉස්කොලේට යන පාරේ තමා මේක වෙන්නෙ ඒක ප්‍රධාන පාරක්. ඒ ගම බටපොත බත්තරමුල්ල කිට්ටුවම තියෙන්නෙ මේ අත්දැකීමට මූහුණ දීලා ගොඩක් වෙලාවට බය වෙලා තියෙන්නේ සංගීත බලලා එන කොල්ලො තමා.

ඔය වගේ දවසක් සංගීතයක් බලලා යාළුවො දෙන්නෙක් ගෙදර යන්න එනකොට වෙලාව 12.00/13.00 වගෙ ඇති බයික් එකක් තමා අැවිත් තියෙන්නේ ඒ අපේ ඉස්කොලේ ටිකක් පහු කරගෙන යනකොට තුංහං හන්දියක් හම්බෙනවා එතන කන්ඳක් තියෙන්නෙ ඒ කන්ද ටිකක් නැග්ගාම බටපොත පංසල තියෙන්නෙ මේ යාළුවො දෙන්නා දැන් එන්නේ පංසල පැත්තෙ ඉදන් ඉස්කොලේ පැත්තට ඉස්කෝලේත් එක්කම තවත් කන්දක් බත්තරමුල්ල පැත්තට යනකොට තියෙනවා ඉතිං මේ දෙන්නා ඉස්කොලේ ලගින් යනකොට බයිසිකලේ තෙල් ඉවර වෙලා.

ඉතිං මේ දෙන්නා කල්පනා කර කර ඉදලා මොකද කරන්නෙ කියලා. ඒ වෙලාවේ එතනිං මිනිහෙක් ගියාළු බල්ලො දෙන්නෙක් අරගෙන අර බල්ලො දෙන්නා බැඳලා තියෙන ලනු දෙකෙන් අල්ලන් මේ දෙන්නා දිහා බලන්නෙවත් නැතුව කෙලින්ම බලාගෙන අර කන්ද උඩට නගිනවාළු ටිකක් දුර යනකං මේ දෙන්නා බලන් ඉදලා ඒ මනුස්සයාහරි අමුතු නිසා අනික මේ වගෙ වෙලාවක බල්ලොත් එක්ක යන එක පුදුම නිසා බලාගෙන හිටියාළුමේ මනුස්සයා කන්ඳ නගින කොට අර බල්ලො දෙන්නා ටික ටික මේ මනුස්සයාට වඩා උස යනවාළු

මේ දෙන්නා බය වෙලා ලග ගෙදරකට දුවලා ඒ මිනිස්සුන්ට කථාව කිව්වාම එහෙ හිටපු සියා කෙනෙක් කියලා ඒ මහසොනාගෙ අවතාරයක් කියලා මීට කලිනුත් මිනිස්සු බය වෙලා තියෙනවා කියලා ඒ සිද්දිය වෙන තැනම මම තුංමං හංදියක් ගැන කිව්වානේ ඒතන තවත් සමහරැ දැකලා තියෙනවා බෙල්ල නැති ගෑණු කෙනෙක් එතන මාළු කඩේ ලග ලේ පෙරාගෙන ඉදගෙන ඉන්නවා

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

27 April 2018

---නිවුන්නු---



හෙලෝ ... ඔව් ඔව් මම දැන් එන්න හදන්නේ අම්මේ... මොනවා ලමය ලැබුනද අනේ අම්මේ මම දැන්මම එනවා...

ව්නාඩි කිහිපයක් ඇතුලට පිලිවෙලක් වී ඉක්මනින් රෝහල වෙත සුදේශ් ගමන් කලේ.. තම බිරිදගේ කුලුදුල් දරු ප්‍රසූතිය සදහා දිරි ගැන්වීමටය.. ඊයේ රාත්‍රිය පුරාවටම නිදි වර්ජිතව සිට උදයේම නිවසට පැමිනියේ ආදරයෙන් බලාගන්නා බලු පැටියාට ආහාර ලබාදීම සදහයි... ඒ අතරතුරදී පැමිනි ඇමතුමෙන් කියවුනේ ඇයට දරුව ලැබී ඇති බවයි...

කඩිනම් ගමනින් රෝහල වෙත ගිය ඔහුට දක්නට ලැබුනේ කුඩා දරුවන් දෙදෙනෙකු.. ලැබී ඇති බවය. ලගට බැලීමට අවසර නොලැබුනේ නොමේරූ ලදරු ඒකකයට ඇතුල් කර ඇති නිසා බව ඔහුට රෝහල් කාර්‍යමන්ඩලයෙන් දැනගන්නට ලැබින...

ඩොක්ටර් .. මගේ වයිෆ් කෝ.. එයා මෙතන නෑනෙ.
හම්ම් සොරි මිස්ටර් සුදේශ් අපිට ඔයාගෙ වයිෆ් බේරගන්න බැරිවුනා... ඒත් ඔයාට දුවල දෙන්නෙක් දීල තියෙනව පරිස්සමින් බලාගන්න ...

Sorry මිස්ටර්...

මොකක් අනේ මගේ නිම්මී.. මොනාද දෙවියනේ මේ උනේ..
සුදේශ්ගේ හැඩීම් නතර කිරීමට සමත් කෙනෙකු එහි නොවීය ඔහුව යන්තම් හෝ සනසුවේ ඇගේ මව විසිනි...
දිනකට පසු ඔහුට තම දරුවන් බැලීමට අවසර ලැබුනද මාස 6 ඔවුන් දෙදෙනා එහිම තබා යාමට සිදු විය...
කාලයේ ඇවෑමෙන් ඔහු තම දරුවන්ද රැගෙන මහගෙදර ගියේ ලමයින්ට අම්මෙක් නැති හේතුව මතය.. තමන් ආදරය කරපු නිම්මි මියගිය පසු තවත් කා හට හෝ ඔහුගේ හිත ඇලුම් නොදිනි...

වසර කිහිපයකට පසු..,,
තත්තේ තත්තේ ඇයි තාත්තේ අපේ උපන්දිනේ සමරන්නෙ නැත්තේ දැන් මම තුන වසරේ අපි දෙන්නටම උපන්දිනයක් සමරන්න බැරි ඇයි... තාත්තා ලග සල්ලි නැතිද .
ජීවිතයේ සුදේශ් මුහුන දෙන අමාරුම තැන තමයි මේ..මොනව කියන්නද මේ පොඩි එවුන්ට.... හිතේ ඇති දුක නෙත් වලින් දිස් වූ බව ඔහුට තේරුම් යන විට ප්‍ර්මාද වැඩි වී ඇත...

අනේ තාත්තේ අඩන්න එපා තාත්තා ලග සල්ලි නෑනෙ අපි ලොකු උනාම ගමුකො තවම අපි දෙන්න තුන වසරෙනෙ .. තාත්තා අඩන්න එපා .. අපිට පාර්ටි ඕනෙ නෑ.
හා හා පැට්ටො මම අඩන් නෑ ගිහින් නිදියගන්නකො දෙන්නම.. අම්මට වැදල නිදියගන්න පැටවුනේ.
හා තාත්තී...

තමන්ගේ මතක අතර හිර වූ සුදේස් සිටි තැනම නින්දට වැටින..
දැන් සුදේශ්ගේ පොඩ්ඩො දෙන්නට අවුරුදු අටක් වගේ .. අශානි.. සහ ඉශානි කියන නම් දෙක තමයි ඒ දෙන්නට සුදේස් දීල තිබ්බේ.. හුරතලේ නිසාම අහන ප්‍රශ්න වලට සුදේස් නිරුත්තර වූයේ.. කර කියාගන්නට දෙයක් නැතිවීමෙනි...

සුදේශ් කියන්නේ ව්‍යාපාරිකයක්.. ඉඩම් විකුනල ලැබෙන මුදල් වලින් තම පවුල නඩත්තු කල ඔහුට .. මුදල් වලනම් අග හිගයක් නැති තරම්ය ..
කාලය කෙමෙන් ගතවිය...

දැන් සුදේස් මැදිවයසේ වන අතර අශානි ,ඉශානි විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ බලාපොරොත්තුවෙන් නිවසේ ගත කරයි... නමුත් සියලු දෙනාගේම ඉරණම තීරනය කරන තීරනාත්මක දිනය වැඩි ඈතක නොවීය...
අශානි සහ ඉශාන් තරුන වියේ කෙලිලොල් තරුනියන් දෙදෙනෙකු විය . රූ ස්වහාවෙන දෙදෙනාගේ එතරම් වරදක් නැත...

මූස්පේන්තු විදියට ඇදභැලුනු වර්ශාවත් සමගම ආරම්භ වූ දිනය 2003/6/27 ලෙස කැලැන්ඩරයේ සටහන්ව ඇති බව අශානිගේ නෙත ගැටින.. සෙනසුරාදා දිනයක් වූයෙන් එදින... ඔවුන් දෙදෙනා shoping යාම සදහා වෙන් කරගත් දිනයකි...

උදය වරුව පුරාම ඇද හැලුනු මලානික වැස්ස.. දහවල් එක පමන වෙද්දී මුලු මනින්ම පහව යන්නට වූයේ අශානිගේ පමනක්ම නොව ඉශානිගේද සිතට සතුටක් ගෙන එමිනි...
අශානි යමු නේ බන් ශොපින් ..
යමු අක්කේ යමු...

හවස තුන පමන වන විට බොරැල්ල මංසන්ධියෙ එක්තරා වෙලද සැලක් අසල ඔවුන් දෙදෙනා දිස් විය...
නංගි මේක හරි නෑ බන් අපි යමු ඉස්සරහට..
ඉශානිගේ එම වචන කිහිපය ජීවිත කිහිපයකගේ ඉරනම් වචන යැයි ඇය සිතුවා විය නොහැක...
නී..නෝ..නී.නෝ. නි.නෝ ....

පොලිස් සයිරන් ශබ්දයක් නේද නංගි යමු යමු මෙතන මොකක් හරි වෙනවා ඉක්මනට එන්න ...
අශානි සහ ඉශානි ඉදිරියට ගමන් ගත් මාර්ගයට වේගයෙන් දිව එන පුද්ගලයෙක් දිස් වන්නට විය ... ඔහු පසුපස හබා එන පොලිස් වාහන කිහිපයක්ද විය...
නංගි නංගි මෙහෙට එනව... කොහෙද යන්නේ....

නමුත් ඒ වන විටදීත් ඉශානි ප්‍රමාද වැඩිය.. තමා පසුපස තම සහෝදරිය එනවා යයි සිතූ අශානි.. ඉශානිට වඩා පියවර කිහිපයක් දුරට ඇවිද ගොස් හමාරය..
නංගී දුවන්න ඔන්න...
මොකක්ද...??
ඉශානි ප්‍රමාද වැඩිය...

පොලීසියෙන් පැන එන මිනී මරුවාට . තම අවසන් තුරුම්පුව ගැසීමේ අවස්තාව උදා වූයෙන් ක්ශනික ක්‍රියාත්මකවූ ඔහු ..
එකෙක් එන්න එපා ලගට .. තියෙනව මේකිගේ ඔලුව කුඩු වෙන්න ..
අනේ අනේ මට යන්න දෙන්න ප්ලීස් .. ප්ලීස්ස්..
කෑ නොගහ ඉදපන් මැරුම් නොකා...
මේ අතර ක්‍රියාත්මකවූ පොලිස් බටයින් .. ශබ්ද වාහිනී යන්ත්‍ර මගින්..
සරා ඔය කෙල්ල අතඇරපන් උබට බේරීමක් නෑ..
ඇත්තද එහෙනම් මේකිත් ඉවරයි... තමා.. එකෙක් එන්න එපා ලගට..
අනේ මගේ නංගී ප්ලීස් අතාරින්න එයාව..
ඔහොම නැවතියන් ලගට එන්න එපා ඔලුව කුඩු කරනව මේකිගෙ..
අනේ අනේ.එපා .. නංගී.......
ඩෝං..

පසුදින... පුවතක්..

ඊයේ සවස සිරභාරයෙන් පැනගිය සරා විසින් එල්ල කල වෙඩි පහරින් තරුනියක් මරුට.. පොලිස් ප්‍ර්තිප්‍රහාර හමුවේ තවත් තරුනියකට බරපතල තුවාල සිදු කරමින් පාතාල සරා පැනයයි...
අනේ මගේ දුවේ උබට මේ මොකද උනේ රත්තරං .. උබේ මිනියවත් බලන්න මට පින නෑ දුවේ.. අම්ම නැති කාලෙ ඉදන්ම උබව මම ආදරෙන් බලාගත්තේ මෙහෙම දෙයක් වෙන්නද දුවේ ...
එක දුවෙක් පන අදිනව එක දුවෙක් මැරිල.. ඇයි දෙවියනේ මාවත් මැරිල යන්නේ නැත්තේ...

සුදේශ්ගේ සහ ගම්වාසින්ගේ නෙතට කදුලක් එක් කරමින් ඉශානි අවසන් ගමන් ගොස් ඇත.. තම නැගනිය බේරාගන්නට ඒ දෙසට ගිය ඇයට සරාගේ මුල්ම වෙඩිපහරට ගොදුරු වන්නට වී ඇත... පොලිසිය තුශ්නිම්භූත වූ ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත් සරා.. ඔහු සන්තකයේ සිටි අශානිද රැගෙන පැනයන්නට තැත් කරන අවස්තාවේ දෙදෙනා අතර වූ පොරයෙන් අශානිටද් බරපතල තුවාල සිදු වී ඇත...
ගමක් හඩවමින් අම්මා නැති නිවුන් දැරියන්ගෙන් අයෙක් මේ ලොව හැරයන්නට විය....

මාස හතකට පමන පසු යම්තාක් දුරකට අශානි සුවයක් ලද නමුත් තවත් මාස කිහිපයක් රෝහලේම සිටින්නට විය...

සම්පූර්ණයෙන්ම සුවය ලද අශානිට සිදුවූ දේ සිහිනයක් බදු විය.. වෙනදාට එකම ඇදේ දෙදෙනෙකු නිදාගත්තද දැන් ඇය තනිවී ඇත... තමන්ගේ කාමරයට වී අශානි ඇතිවන තුරු ඇඩුවද ඇයට ඉශානි නැති අඩුව තදින් දැනෙන්නට විය ..

වසරකට පසු...

විශ්වවිද්‍යාලයෙන් නිවාඩුවට ගෙදර පැමිනි අශානි.. මුලින්ම තම සොයුරියගේ සොහොන් ගැබට ගොස් මල් පුද කර නිවසට පැම්නෙන්නට විය.. නමුත් ඇයට හුදෙකලාවක් දැනුනේ කිමදැයි ඇයටම වටහා ගත නොහැකි විය..
තම කාමරයට ඇතුල් වනවාත් සමගම.. සුපුරුදු සුවදක් දැනෙන්නට ඌ නමුදු ඇයට එය වටහාගත නොහැකි විය...

ආය අම්මේ තේ එකක් ගේන්නකෝ...
හා චූටි බේබි..ඉන්න ටිකක්

කාමරයට වී පොතක් කියවීම සදහා ඇදේ හාන්සි වූ ඇයට සිදුවූයේ අනපේක්ශිත දෙයකි.. කාමරයේ මෙතෙක් වැසී තිබූ ජනේලය කිසිවෙකු විසින් විවෘත කොට නැවතත් වසා දැමූ අයුරෙන් වැසී යන්නට විය..

කාමරයේ සිට කිසිවෙකු තමා දෙස බලාසිටිනා බවක් ඇයට වැටහෙන්නට විය නමුදු කිසිවෙකු නැත... වෙනදාක නැති සීතලක් තම කාමරයේ ඇයිදැයි කියා සිතමින් කන්නාඩි මේසය අසලට පැමිනි අශානි දුටු දෙයින් බියට පත්විය.. මුහුන අතගා එය සැබෑවක්ද බව පිරිස්සන්නට පවා විය...

මොකක්ද ඒ මම කන්නාඩියෙන් දැක්කේ .. මගේ මූනෙ පැත්තක වලක් නේද දැක්කේ .. ඒත්ත් ඒත් එහෙම එකක් නෑනෙ... දෙවියනේ. ඒ .. ඒ.. ඇස් දෙක නිල් පාට නෙමේ නේද .. ඒ කියන්නෙ කන්නාඩියෙ හිටියේ.. ඉශානි අක්කද....

අනේ මගේ අක්කේ ඔයාට ඔහොම වෙන්න ඕන කෙනෙක් නෙමේ අක්කේ ....
ඒත් සමගම මෙන් ඉදිරිපස දොරට කුමක් හෝ දමා ගැසූ හඩක් අසන්නට ලැබුනෙන් .. වහාම ඒ දෙසට අශානි ඇදෙන්නට විය. .

මේ අද පත්තරේ දාලා ගිහින් පත්තර කාරයද කොහෙද...
පත්තරය අතට ගත් අශානිගේ නෙත ගැටුනේ ප්‍රදාන පුවත දෙසයි....
" දරුනු පාතාල නායකයෙක් වූ මාතර සරා සියදිවි හානිකරගනී.. "

දරුනු ගනයේ අපරාද කරුවෙකු වූ මාතර සරා මීට ප්‍රතම බරපතළ වැඩ සහිතව අවුරුදු 12ට හිර භාරයට පත්වූයේ.. ස්ත්‍රී දූශන තුනක් සම්බන්දයෙනි.. නමුත් අවුරුදු දෙකක් ඇතුලත නඩු දිනයකදී පොලීසියෙන් මිදී පලා ගිය ඔහු විසින් ගැලවීයාම සදහා කල වෙඩි තැබීමකින් තරුනියක් මිය ගිය අතර එක් තරුනියකට බරපතල තුවාල සිදුවීය.. මාස හතක් පමන නිදල්ලේ සිටි ඔහු නැවත පොලිස් භාරයට පත්වූයේ. අහම්බෙනි.. මිනීමැරුම් අධිචෝදනා මත මරන දන්ඩනය හිමි වූ ඔහු ඊයේ දින රදවා තිබූ බන්දනාගාර කුටියේදී ගෙලවැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇත.. ඔහු ගෙල වැලලාගැනීමට අඩි 8 පමන උස වූ එම බාල්කයට තම සරම ගැටගැසුවේ කෙසේදැයි තවමත් අභිරහසකි...

මොකක් හොද වැඩේ පාහරයට... යැයි සිතූ අශානි ගේ තුලට පිය මන් කරන්නට විය..

චූටි බේබි මොකක්ද ඒ සද්දේ..
ආ මේ පත්තර කාරය පත්තරේ එවල..
මොකක් චූටි බේබි පත්තරේ ලැබිල ගොඩක් වෙලානෙ.. ඔය මේසෙ උඩ තියෙන්නේ.. ඒකනේ ...
මොකක් ආය අම්මේ එහෙනම් පත්තර දෙකක් මොකෝ මේ.. එම සංවාදය අවසන් කිරීමට හෝ ඇයට නොලැබුනේ තම කාමරය දෙසට සිහිනෙන් මෙන් ඇවිද යන තම සහෝදරිය දැකීමෙනි... දෑස් තුල වූයේ සමාවෙන්න කීවාක් මෙන් හැගීමකි .. කෙමෙන් දොර වෙතට ලං වූ ඇය නොපෙනී ගියේ අශානිගේ දෑස් තෙත් කරමින්...

අනේ එතකොට මේ ඉශානි අක්කද මේව කලේ...
දාහක් දේ තම සිත තුලම තබාගනිමින් තම කාමරය වෙත පිය නැගූ ඇය දුටුවේ ඉශානි නිදාගත් තැන කිසිවෙකු නිදාසිටින බවයි... ඇය ලංවත්ම එය නොපෙනී යන්නට විය...

අම්මා නැති මට හිටියෙ ඔයයි තාත්තයි විතරයි අක්කේ ඔයා කොහොම උන්නත් මගෙන් ප්‍රශ්නයක් නෑ අක්කේ මාව බලන්න එන්න...

නිමී....

අශාන් රවිශාද්..

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

25 April 2018

---ආටානාටිය සුත්‍රය---


හුගක් අය කියනවා බුදු වදන නිවන් මගට යන පාර පමණක් කියන දර්ශණයක් කියලා. මේ අය කියන දෙයක් තමා බුදු දහමේ යක්ශයන් එලවන්න , එ අමනුශ්‍ය කරදර වලින් බේරෙන්න විදි කියලා නැහැයි කියලා. ඉතිං එහෙම නැත්නම් බුදු වදන අසම්පූර්ණ දෙයක් නේද ?

හුගක් අය දන්නේ නැති වුනත් බුදු වදන නිර්වාණය මුලික කොට ගෙන එදිනෙදා සියලු දේට මග පෙන්වන දහමක්. අපි නිර්මාණවාදයක් විශ්වාස කරන අය නෙමෙයි. අපි රූකඩ නෙමෙයි. අපි හේතු ඵල දහම අනුව කටයුතු කරන පිරිසක්. එ වගේම හුගක් අය අහලා තිබ්බා මගෙන් ආටානාටිය සුත්‍රය කියන්නේ මොකක්ද කියලා කියන්න කියලා. මම පැහැදිලි කිරිම් එක්ක මේ උපුටා ගන්නේ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක රත්නයෙන්.
හුගක් අය අහනවා ත්‍රිපිටකයේ තියෙන සුත්‍රයක්ද මේ ආටානාටිය කියන්නේ කියලා.

ඔව්..

කොහේද තියෙන්නේ ?

ත්‍රිපිටකය > සුත්‍ර පිටකය > දිඝ නිකාය > පාථික වර්ගය > ආටානාටිය සුත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹැ ඔබ ආදරයෙන් වැඳ එකත් පස් වැ හුන්හ. (ඔවුන් පිරිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථාව නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එක් පසෙක හුන්හ.

එක් පසෙක හුන් ම වෙසවුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදැති යක්කු වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හීන තෙ ඇති යක්කු ද වෙත් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙද ඇති යක්කු ද වෙත් ම ය.

වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළැක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය.

මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි (කීයේ ය). භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.

මෙ කොටසින් කිය වෙනවා ඇයි බොහෝ යක්ශයන් බුදුන් වහන්සේට අකමැති කියලා.
මොකද බුදු රදුන් පංච සිලයේ තම පිරිස මෙහෙයවන නිසා. ඉතිං හුගක් විස්තර කරන්න ඔන නෑ. පංච සිලයේ නැති අයට යක්කු කැමති.. මොකද එ අයගේ අඩිපාරේ යන අයනේ. එ අයට යක්කුන්ගෙන් කරදර නැති තරං.
ඉන් පසුව වෙසමුණි රජ සියලු බුදු වරුන්ටද පසේ බුදු වරුන්ටද රහතන් වහන්සේලා හා ධර්මය දකින සිව්වනක් පිරිසටද නමස්කාර කොට අටානාටිය සුත්‍රය වදාරන්නට විය.

එසේම තමන් ඇතුළු සතරවරම් දෙවිවරුන් ද ඔවුන්ගේ පිරිවරද විස්තර කරයි.

එසේම යම් අමනුශ්‍යයෙක් සිව්වනක් පිරිසට පිඩා කරනවානං තම රාජධානි වල ඔවුන්ට සිදුවන දේ මෙලෙස විස්තර කරයි.

යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂපෝතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍රයෙක් හෝ යක්ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගන්ධර්වයෙක් හෝ ගන්ධර්වියක් හෝ ගන්ධර්ව පෝතකයෙක් හෝ ගන්ධර්වපෝතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍රයෙක් හෝ ගන්ධර්ව පාරිෂද්‍යයෙක් හෝ ගන්ධර්ව පරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපොතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය.

නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලොහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.

නිදුකාණන් වහන්ස, නපුරු වූ, සතුරු වූ, කළ දැයට වැඩියක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස් නො ම පිළිගනිත්. වරම්රජුන් අයත් සෙනෙවියන් ගේ බස් ද නො ම පිළිගනිත්. වරම්රජුන් යටතැ සිටිනා යක් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් ගේ බස දු නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්.

නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපතී රජු ගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජු ගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් වචනත් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරු මගධාධිපති රජුහු ගේ සතුරෝ නමැ යි කියනු ලැබෙත් ද, එසේ ම නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයත් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුනගේ සතුරෝ යැ යි කියනු ලබත්.
### මේ කොටසින් සතර වරම් දෙවියන්ට පවා අවනත නොවෙන අමනුශ්‍ය කොටස් වන බව මගධ රජු උපමාවට ගෙන වෙසමුණි රජ පෙන්වා දෙයි.

යකෙක් හෝ යකින්නක් හෝ යක් දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පර්ෂත්හි වූයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝ නේ වී නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මුදා (අත් නො හරී) යැ” යි දැනවියැ යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

 අමනුශ්‍ය ග්‍රහණයකදි " මේ යක්ශයා මා හිංසාවට පත් කරන බව හයියෙන් , මහත් වු ශබ්ධයෙන් කියන්න ඔනලු..
මේ හයියෙන් කියන්න ඔන කාටද කියලා ඊට පස්සේ දක්වලා තියෙනවා.

1.මහා යකුන් හෙවත් යක් සෙනවියන්
2.යක්ශ සේනාධිපතියන්ට

දැන් කවුද මේ මහා යකුන් ,යක්ශ සේනාධිපතිවරු ආටානාටිය සුත්‍රයට අනුව

ඉන්ද්‍ර
සෝම
වරුණ
භාරද්වාජ
ප්‍රජාපති
චන්දන
කාමශ්‍රෙෂ්ඨ
කින්නිඝණ්ඩු
නිඝණ්ඩු
ප්‍රණාද
ඔපමඤ්ඤ
දෙව් සැරි මාතලී
චිත්‍රසේන
ගන්ධර්ව
නළ
රාජ
ජනර්ෂ්භ
සාතාගිර
හෙමවත
පූර්ණක
කරතිය (කාර්තීකෙය ය)
ගුඩ
ගොපාල
සුප්පගෙධ
හිරිනෙත්ති
මන්දිය
පඤ්චාල චණ්ඩ
ආළවක
පර්ජන්‍ය
සුමන
සුමුඛ
දධිමුඛ
මණි
මානී
වර
දීර්ඝ
සෙරීසක

මේ මහා යකුන්ටද සේනාධිපති වරුන්ටද හඩ නගා කිව යුතුයි කියා වදාරා සතර වරම් දෙවිවරු තමන් ටිකක් කාර්‍යබහුල බැවින් වැද නමස්කාර කරලා තමන්ගේ කාර්‍යයන් සදහා පිටව යනවා....

දැන් ආටානාටිය සුත්‍රයේ දෙවන කොටස

ඊලග දවසේ බුදු රජාණන් වහන්සේ සිව් පිරිස රැස් කොට සතරවරම් රජවරු පැමිණ වෙසමුණි යක්ශ රජ පැවසු ආටානාටිය සුත්‍රය දේශණා කරන ලදි.

මහණෙනි, ආටානාටිය පිරිත උගනිවු. මහණෙනි, ආටානාටිය පිරිත පුහුණු කරවු. මහණෙනි, ආටානාටිය පිරිත සිතැ දරවු. මහණෙනි, ආටානාටිය පිරිත වැඩ ඇසුරු කෙළේ වේ. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රකවරණ පිණිස, නොවෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු ආරාධිත සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

ඉතිං ඔබත් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශ්වාස කරන්නේ නම් යක්ශයන් අමනුශ්‍ය කොටස් සිටි යන්න විශ්වාස කල යුතුමය. ඔවුන්ගෙන් හානි උපද්‍රව සිදුවන විට ආටානාටිය සුත්‍රය භාවිතා කල යුතුමය.

දැන් කවුරු හරි කියයි ඔක හරි දිගයි නේ කියලා. ඔව් දිගයි තමා. එත් ඔයා නියම විදියට පංච සීලයේ හැසිරෙන සිල්වතෙක් නම් කල යුත්තේ පෙර කී මහා යක්ශයන් සිහි කොට මහා හඩින් ඔවුනට මෙය පැවසිමයි..

එහෙමත් කරලා ගියේ නැත්නම් සම්පුර්ණ ආටානාටිය සුත්‍රය කියන්න වෙනවා. ඔනම යක්ශ වුවදුරකට බෞද්ධයා ට 100% ගැලවිය හැකි එකම මාර්ගය ආටානාටිය සුත්‍රයයි. නමට බෞද්ධ නෙමෙයි ..

ඉතිං මේ ගෘප් එකේ ඉන්න බෞද්ධ අයට ආටානාටිය සුත්‍රය දැන් කොච්චර වටිනවද කියලා තේරෙනවා ඇති.
සටහන හා උපුටා ගැනිම

ෂේන් ස්මිත් ගමගේ විසින් පලකල පෝස්ටුවකිනි

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

23 April 2018

---සුල්තාන්ගේ මාලිගාව---


 නිව් ඔර්ලීන්ස්, ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ විශාලතම නගරයයි. ඒ නගරයේ ඇති ඩෝෆයින් වීදියත් ඔර්ලීන්ස් වීදියත් කෙළවර වෙන තැන ඇති අංක 716 ලිපිනය ඇති නිවස සුවිශේෂ තැනකි. මේ සුවිශේෂී නිවස ඉදි වුණේ 1836 අවුරුද්දේදීය. ෆිලඩෙල්ෆියාවේ උපන් ජෝසෆ් කෝලෝන් ගාර්ඩෙට්, නිව් ඕර්ලීන්ස් නගරයට පැමිණියේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස සාර්ථක ව්‍යාපාරයක් අරඹන්නට සිතාගෙනය. ඔහුගේ බලාපොරොත්තුව සඵල විය. නිව් ඕර්ලින්ස් වලට පැමිණ වසර හතරක් යන්නට පෙරම ඔහුගේ ව්‍යාපාරය අති සාර්ථක විය.

ඒ ව්‍යාපාරයෙන් ඔහු ඉපැයූ මුදලින්, ප්‍රදේශයේ උන් දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේද සහය ලබා ගනිමින් ඔහු තට්ටු තුනකින්ද, භූගත මහලකින්ද යුතු විශාල නිවසක් ඉදිකරවූයේය. ඩෝෆයින් වීදියත් ඔර්ලීන්ස් වීදියත් කෙළවර වෙන තැන අංක 716 යන ස්ථානයේ ඉදිවූයේ මේ නිවසය.

ඔහු ඉදිකල මේ විශාල මනරම් නිවස තවත් අවුරුදු කීපයක් ගිය තැන වෙනත් කෙනෙකුට විකුණා දමන්නට ගාර්ඩෙට් ට සිදු විය. ඒ නිවස ගාර්ඩෙට්ගෙන් මිලදී ගත්තේ ධනවත් බැංකු හා වතු හිමියෙකු වූ ජීන් බැප්ටිස්ට් ලෙ ප්‍රිටෙ නම් වූ ව්‍යාපාරිකයාය. ඇදහිය නොහැකි තරමේ ධනවතෙකු වූ ජීන් බැප්ටිස්ට් මේ අලංකාර නිවස තවත් විශාල කරමින් සහ තව දුරටත් අලංකරණය කරමින් අලුතින් නිමවූයේය.

කොතරම් අලංකාර ලෙස නිවස නිම කළත් ජීන් බැප්ටිස්ට් හා ඔහුගේ පවුලේ අය මේ නිවසේ රැදී උන්නේ අවුරුද්දකට මාස කීපයක් පමණකි. ජීන් බැප්ටිස්ට් පවුලේ අයට රට පුරා අලංකාර මැදුරු කිහිපයක්ම තිබුණු අතර ඔවුහු මාරුවෙන් මාරුවට ඒ මන්දිර වල වාසය කළහ.

1860 දී ඇමරිකානු සිවිල් යුද්ධය එළඹි විට රටේ ආර්ථික තත්වයද ව්‍යාකූල විය. ඒ හා සමගම ජීන් බැප්ටිස්ට් පවුලේ ආර්ථික ස්ථාවරත්වයද ගිලිහෙන්නට වීය. මේ ආර්ථික කඩාවැටීම නිසා තව දුරටත් ඕර්ලින්ස් හි මේ විශාල නිවස නඩත්තු කිරීම ජීන් බැප්ටිස්ට් පවුලට අසීරු කාර්යයක් විය. ඒ නිසා නිවස විකුණා දමන්නට ජීන් බැප්ටිස්ට් තීරණය කළේය. ජීන් බැප්ටිස්ට් කොතරම් උත්සාහ කළද නිවස විකුණා ගන්නට ගැණුම් කරුවෙකු සොයා ගැනීමද ලේසි පහසු කාර්යයක් වූයේ නැත.

පවුලේ ආර්ථික ගැටලු එන්න එන්නටම උත්සන්න වෙද්දී, මන්දිරය විකිණීමේ උත්සාහයද අසාර්ථක වූ තැන අඩු ගනනේ මේ මන්දිරය කුලී පදනම මත හෝ කාගේ හෝ ඇගේ ගහන්නට ජීන් බැප්ටිස්ට් උත්සාහ කළේය.
එසේ උත්සාහ කරමින් සිටින අතරතුර ඔහුට අමුත්තෙකු මුණ ගැසිණ. මේ අමුත්තා මැදපෙරදිග සම්භවයක් ඇති අයෙකි.

මේ මැදපෙරදිග අමුත්තා ජීන් බැප්ටිස්ට් ට ගෙන ආවේ සුභ ආරංචියකි. ඒ මෑතකදී සුල්තාන් වරයෙකු බවට පත් වූ තම සොහොයුරා මේ මන්දිරය කුලියට ගන්නට කැමැත්තෙන් සිටින බවයි. ඒ වන විට ආර්ථික අපහසුතාවයන්ගෙන් බැට කමින් උන් ජීන් බැප්ටිස්ට් මේ අමුත්තාගේ යෝජනාවට එක පයින් එකග වූයේය.
දින කිහිපයක් ඇතුලත මන්දිරය සුල්තාන්ට බදු දෙන බදු ගිවිසුම අත්සන් කෙරිණ. බදු ගිවිසුම අත්සන් කොට වැඩි දවසක් යන්නට කලියෙන් නිව් ඕර්ලීන්ස් වරාය වෙත නැවක් ලගා විය.

ඒ නැවෙන් පැමිණ ගොඩ බට පිරිස දෙස වරායේ උන් අය පවා බලා උන්නේ පුදුමයෙනි. එයින් පැමිණි කාන්තාවෝ මනරම් වර්ණ වලින් යුත්, ඉස්තරම් සේද රෙදි හා පට රෙදි වලින් මැසූ අලංකාර ඇදුමින්ද, මුතු මැණික් සහිත වටිනා ආභරණයන්ගෙන්ද සැරසී උන්හ. පිරිමි උදවිය සැරසී උන්නේ හමුදා ඇදුම් වලට බදු තද පැහැයෙන් යුතු ඇදුම් වලිනි. ඉන්පසු සුල්තාන් වරයාගේ සහෝදරයාද, සුල්තාන් වරයාද නැවෙන් ගොඩ බටහ. ඉන් පසු නැවෙන් වරායට ගොඩ බෑවේ පෙරදිග රටවල ඉස්තරම්ම ලීයෙන් හා වානේ වලින් තනන ලද අලංකාර ගෘහ භාණ්ඩය. මේ තරම් ධනවත් බවක්, මේ තරම් මහේශාක්‍ය බවක් සහ මේ තරම් සුඛෝපභෝගී බඩු භාණ්ඩ රැසක් ඔර්ලින්ස් වැසියන් කිසිදාක දැක තිබුණේ නැත.

නැවෙන් ආ මේ අමුත්තන්ද, සුඛෝපභෝගී භාණ්ඩද සියල්ල පැමිණියේ නිව් ඕර්ලින්ස් හි ඩෝෆයින් වීදියේ අංක 716 දරන මන්දිරයටය.
එතැන් සිට එළඹි මාස කිහිපය තුළ ඩෝෆයින් වීදියේ 716 නිවස ඉතා කලබලකාරී තැනක් විය. හැම රාත්‍රියකම මේ නිවස තුළ සාද පැවැත්විණ.

නිරන්තරව මේ මන්දිරයෙන් නික්මෙන සංගීත නාදයත්, කාන්තාවන්ගේ සිනා හඩත්, පිරිමින්ගේ කතා බහත් අසල්වැසියන්ට ඇසිණ. මන්දිරයෙන් පිටතට හඹා ගිය ප්‍රණීත ආහාර සුවදත්, මිහිරි සිනා කතා හඩත් තුළ දැවටී තිබුණේ සන්තෝෂයේ සලකුණුම පමණකි.

මේ මන්දිරයේ දිනපතාම පැවැත්වුණු උත්කර්ෂවත් සාද වලට කිසි දිනක, එකම නිව් ඕර්ලින්ස් වැසියෙකුටවත් ආරාධනා ලැබුණේ නම් නැත. ඒ වන විට නිව් ඕර්ලීන්ස් වැසියන් මේ මන්දිරයට “සුල්තාන්ගේ මාලිගාව“ කියන්නට පටන් ගෙන තිබිණ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය මාලිගාවක්ම විය. අසල්වැසියෙකුට හෝ නිව් ඕර්ලීන්ස් නගරයේ කිසිදු වැසියෙකුට “සුල්තාන්ගේ මාලිගාව“ ට ඇතුල්වීමට අවසර තිබුණේ නැත. මාලිගාවට සැපයෙන එදිනෙදා සැපයුම් මාලිගාවේ දොර අසල තබා යායුතු විය. ඒ සියලු සැපයුම් වලට පසුදා උදෑසනම නොවරදවාම රත්තරනින් ගෙවීම් සිදු කරනු ලැබිණ.

එක් රාත්‍රියක නිව් ඕර්ලින්ස් ප්‍රදේශයට දැඩි කුණාටුවකට මුහුණ දෙන්නට සිදු විය. එක දිගට ඇද හැලුණු වර්ෂාපතනයත්, බිහිසුණු ලෙස හමා ගිය කුණාටුවත් නිසා එදා රෑ නිව් ඕර්ලින්ස් වැසියන් කිසිවෙකුත් නිවෙස් වලින් එලියටවත් බැස්සේ නැත. සියල්ලෝම නිවෙස් තුලට වී දොරවල් වසාගෙන උන්හ.
පසුදා උදෑසන වන විට වැස්සත් පායා, කුණාටුවද නතර වී, සියල්ල සන්සුන් බවට පත් වී තිබිණ. වැස්සෙන් සෝදා දැමූ වීදි වල නැවුම් බවක් වීය. එක් නිව් ඕර්ලීන්ස් වැසියෙකු ඒ නැවුම් බව අත් විදිමින් හිමිදිරියේම ඩෝෆයින් වීදිය දිගේ ඇවිද යමින් උන්නේය.

වීදියේ කෙළවර එක් තැනකදී දුටු දසුනින් ඔහු ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි. ඔහු දුටුවේ සර්පයෙකු මෙන් පාර දිගේ සෙමෙන් ඇදී එන රතු ලේ දහරාවකි. ඒ ලේ දහරාව ඇදී එමින් තිබුණේ අංක 716 දරන නිවසේ දොර යටිනි. හරියටම කිව්වොත් “සුල්තාන්ගේ මාලිගාවේ“ දොර යටිනි. පාරෙහි තිබුණු කුඩා වලවල් පුරවමින්, පාර හරහා මේ අමු ලේ ගංගාව නොකඩවා ගලා යමින් තිබිණ.
බියපත් වූ මගියා වහාම පොලිසිය වෙත දිව ගියේය.

පොලිසියෙන් එතැනට පැමිණෙන විටත් සුල්තාන්ගේ මාලිගයෙන් පිටතට ලේ දහරා ගලා යමින් තිබිණ. පොලිසියෙන් මාලිගාවේ දොරට තට්ටු කර කතා කළත් කිසිදු පිළිතුරක් නොවූ තැන, දොර කඩා ඇතුළු වෙන්නට තීරණය කෙරිණ. දොර කඩා ගෙට ඇතුළු වූ පොලිස් නිලධාරීන් හට දකින්නට ලැබුණේ විශ්වාස කරන්නට බැරි තරමේ බිහිසුණු දසුනකි.

මුළු නිවසම නිහඩය. එහෙත් බිම පුරා අඩියක් අඩියක් පාසා මල සිරුරුය. නිකන්ම නිකම් මල සිරුරු නොවේ. බිහිසුණු ලෙස කපා කොටා විකෘති කරන ලද මල සිරුරුය. සිරුරු වලින් කපා වෙන් කර විසි කර දැමූ අත්, පා, බෙලි තැන තැනය. ඒවා මොන මොන සිරුරු වලට අයිති ඒවාදැයි සොයා ගන්නටත් නොහැකි තරම්ය.
නිවසේ බිත්ති පුරා විසිරුණු ලේ පැල්ලම්ය.

මේ සියල්ලටමත් වඩා බිහිසුණු දර්ශනයක් නිවසේ මැද මිදුලෙහි විය.
පෙරදා රාත්‍රියේ වැස්සෙන් මැද මිදුලෙහි පස බුරුල් වී, මඩ වී තිබිණ. ඒ බුරුල් පසෙන් ඉහලට එක් මිනිස් අතක් එසවී තිබිණ. ජීවිතය බේරා ගන්නට දරන අසීරු වෑයමක ත්‍රාසය පෙන්වන අයුරින් අතේ ඇගිලි විහිදී තිබිණ. ඒ අත සුල්තාන්වරයාගේය. සුල්තාන් වරයාව මැද මිදුලේ පණ පිටින් වල දමා තිබිණ.

මේ සා බිහිසුණු මිනිස් ඝාතනයන් රැසක් සිදු කළේ කවුරුන්ද.? මුළු ඩෝෆයින් වීදියම ලේ විලක් බවට පත් කළේ කවුරුන්ද.? එය කිසිදා කිසිවෙකුට සොයා ගන්නට නොහැකි අබිරහසක් විය.
සැකය යොමු වූයේ සුල්තාන්ගේ සහෝදරයා වෙතටය. ඒ, මැදුරෙහි වූ මළ සිරුරු අතර සුල්තාන්වරයාගේ සහෝදරයාගේ මල සිරුර හමු නොවූ බැවිනි. පවුලේ දේපල වලට සහ සුල්තාන් තනතුරට කෑදරව ඔහු තම සොයුරාත් පිරිවරත් මරවන්නට ඇතැයි සැකයක් පමණක් ඉතිරි විය.

එදායින් පසු මේ සුවිසල් මැදුර මිලදී ගත් සියලු දෙනාටම අද්භූත අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු විය. බොහෝ අය කීවේ සුල්තාන් වරයාගේ අවතාරය මැදුරේ තවමත් සැරි සරන බවයි. ඇමරිකාවේ වැඩිපුරම අද්භූත බලවේගයන් පිරුණු තැනක් ලෙසින් මේ නිව් ඕර්ලින්ස්හි “සුල්තාන්ගේ මාලිගය“ ප්‍රකට වී ඇත.
ඇතැමුන් පවසන්නේ මේ කතාවද අනෙකුත් නාගරික පුරාවෘත්තයන් මෙන් නිර්මාණය කරන ලද කතාවක් පමණක් වන බවය.

කෙසේ වෙතත් මේ “සුල්තාන්ගේ මාලිගය“ නරඹන්නට එන අද්භූත අත්දැකීම් වලට කැමති සංචාරකයින් හා පර්යේෂකයින්ගෙන් අදටත් ඕර්ලීන්ස් වීදියත් ඩෝෆයින් වීදියත් නිරන්තරවම පිරී පවතියි. මෙතෙක් ලෝකයේ වැඩි වශයෙන්ම ඡායාරූප ගත වුණු මන්දිරය වනුයේත්, ඇමරිකාවේ බිහිසුණුම ඉතිහාසයක් ඇති මන්දිරය වනුයේත් මේ “සුල්තාන්ගේ මාලිගාව“යි.

~නිම්මි මුදිතා~

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




21 April 2018

---(නො)මළ මිනි---



" හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..."
" ඔව් මහත්තයො "
" කලින් driving රස්සාව කරල තියනවා ද "
" ඔව්...ඒත් මිනී කාර් එකකනම් නෙමේ , කොළඹ මහත්තයෙක් ගෙ ගෙදර "
" ම් ම් කවද ඉදන්ද එන්ට පුලුවන් වැඩට "
" අද නතර වෙන්න බලාගෙනමයි ආවේ... "

කාලකණ්ණි කමට පොතේ පතේ වැඩ නොකල නිසා අවසානයේ ඉතුරු වූයේ මිනී කාරයක රියදුරු රැකියාව පමණකි . හැමෝටම මේ රස්සාව කරන්න හයියක් නෑනේ යන්න මට හිත හදාගැනීමට තිබූ එකම සිතුවිල්ල විය.

" අයියේ මල් ශාලාව කොහෙද තියෙන්නෙ..."
වටපිට බැලූ මා ඇසූවේ එවැනි කටයුත්තක ට ඉඩක් මෙහි නොතිබූ නිසාය
එක් වරම තියුණු බැල්මක් එල්ල කල ඔහු කීවේ
" මෙතන office එක ඒක තියෙන්නෙ වෙනම, අනික ඔහේගෙ රාජකාරිය මිනිය ගිහින් බාර දෙන එක විතරයි තේරුනානෙ ? "

තේරුම් ගත්තත් නැතත් ඔව් කියනවා හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත.
" ඔ.. ඔව් ඔව්..."
මා කීවේ වැරදි දෙයක් ඇසුවා නම් සමා වෙන්න යන බැල්මද සහිතවය.
ඔහු නැගි සිටියේ මේසය යටින් ඇද ගත් කිහිලි කරු දෙකක අදාරයෙනි මේසයෙන් එලියට එන විට මා ඔහුගේ දෙපා දෙස වුවමනාවෙන් බැලුවෙමි . ම්ම්ම්ම්ම් ඔහුට තිබුනේ එක් පාදයක් පමණි..
" යමු කාමරේ පෙන්නන්න.."


මට නතර වීමට තිබුණේ ඔහු office එක යැයි හැදින්වූ ගොඩනැගිල්ලේම පිටුපස කොටසකය. ඇඳකුත් බිත්තියටම ගැසූ ඇදුම් වැටකුත් බිත්තිය මුල්ලටවන්න විදුලි පේනුවකුත් එය අසල ඉටි රෙද්ද ක් එලා පිගන් කෝප්ප කිහිපයකුත් පමණක් එහි විය

ඇඳුම් රාක්කය මත ඒ වන විටත් අත් කොට කමිසයක් හා කලිසමක් එල්ලා තිබුණේ මාත් සමග තවත් කෙනෙක් සිටින බව අගවමිනි , එක්කො කලින් හිටපු කෙනෙක් ගේ වෙන්න ඇතැයි කියාද මට සිතිනි.
තරමක් හවස් වී තිබූ නිසා හාන්සි වී සිටීම හැර වෙන කරන්නට දෙයක් නොතිබිනි. කාන්දු වූ වතුර බිංදු වලින් විවිධ රටා මැවුනු සුදු සිවිලිම දෙස බලා කල්පනා කිරීමට දෙයක් කල්පනා කරමින් සිටියෙමි. කාමරය පුරා මහා මුඩු පුස් ගදක් හමන්නෙ හිරු එලිය යාන්තමින්වත් කාන්දු නොවන නිසා වන්නට ඇත. මල්ශාලා කාර්‍යාලය මෙතරම් මූසල නම් මල්ශාලා ව කෙසේ ඇතිදැයි මා සිතුවෙමි. බාගෙ විට එසේ නැතිව ඇත මා සිටින්නේ මල්ශාලා කාර්‍යාලය ක බව මා සිත දන්නා නිසා මේ මූසල කම මවිසින් ම මවා ගන්නට ඇත.

යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හිටි හැටියේ දෙසවන් යොමු වූයේ සිවිලිම මත ඇසෙන අඩි හඩකටය. දඩ දඩ හඩින් කිහිප වතාවක් එහා මෙහා දිවූ ඒ හඩ එක්වරම මා හිස මුදුනින් නතර විය.
" හප්පා....මොකක්ද ඒ ගඳ....."
මටම කියවිනි.

ඇඳ පොල්ලක් ගලවාගත් මා ඇඳ මත සිටගෙන සිවිලිම් කොටුවකට තට්ටු කලෙමි. කිසිදු ප්‍රතික්‍රියාව ක් නැත... තවත් වැරෙන් තට්ටු කලෙමි. මහා හඩින් මොර දුන්නේ කෝපාවිෂ්ඨ වූ බළලෙකි....
" හිහ්.. කාලකණ්ණි පූසෙක්....."

නැවත දඩ බඩ සද්දයත් සමග ඌ ඉවත් වූවායැයි මට පසක් විය.
" මල්ලි... "
වේගයෙන් දොර විවර කරමින් කළමනාකරු කෑ ගැසීය. මා තවමත් ඇඳ මතය.
ඉතා වුවමනාවෙන් මා දැස බැලූ ඔහු.
" වැඩක් ඇවිත්.. ඉක්මනට යන්න. අද රෑම යවන්න ඕන හදිස්සි එකක්."
" මේ රෑ..."
මම කීවේ මගේ සිතටමයි.
" හා හා අයියේ.."
ඇදෙන් බසිමින් කීවෙමි. ඒ පිම්මෙන්ම කලිසමක් හා කමිසයක් දමා ගත් මා කාමරයෙන් එලියට යන විටත් ඔරලෝසුවේ 9 කණිසම වැදුනේ මට බලෙන්ම වේලාව පෙන්වන්නට මෙනි

" මල්ලි එතනට ගිහිල්ල ගුණය එක්ක එකතු වෙලා බොඩි එක කාර් එකට දා ගන්න. මේක තමා තැන මෙතනට අරන් යන්න එතන ඉන්නවා අපේ පුශ්පෙ මළ ගෙදරට ඌ අරන් යයි මල්ලි මෙහෙ නතර වෙන්න. පුශ්පයා දන්නවා වැඩේ. මල්ලි අද පලවෙනි දවසනෙ හරියට දන් නෑනේ මළ ගෙදර කොහෙමද වෙන්න ඕනෙ කියලා ... හරිනෙ..."
" ම්ම්ම් හ්ම්ම්."
කියමින් මම යන්නට හැරුනෙමි

" කොහෙද යන්නේ... අර බයිසිකලේ අරන් යනවා පයින් ගිහින් කීය වෙනකන් යන්නද..."
මද සිනහවක් ඔහුට පා සයිකලය ගෙන පදින අතර ඔහු මට කියූ පිලිවෙල ගලපා ගන්නට උත්සහ කලෙමි. ඔහු කී සැටියට මට මිනිය ගෙනයාමට ඇත්තේ මග දුරකි.එතැන සිට පුශ්පෙ නම් කෙනා මිනිය සමග රථය ගෙන යනු ඇත. ම්ම්ම්ම් අද මගේ පලමු දිනය නිසා මටත් පුරුදු වීමට එය උපකාරයක් වනු ඇත

" ආ... ඔහේද අලුත් ඩ්‍රයිවර්..." සැර පරුෂ මුහුණ ක් තිබුනත් සුහදව කතා කල ඔහු ගුණේ වන්නට ඇත ඒ වන විටත් බීමතින් සිටි ඔහුට ඒ මුස්පේන්තු මුහුණ හිමිවන්නට ඇත්තේද බීමත් කම නිසා වන්නට ඇත.
" ඔ ඔව්... මේ ගුණේ අයියාද ..."
සැක හැර දැන ගන්නට මා ඇසීමි.
" ඔව් ඔව්... ගුණය තමයි.."
ඒ වන විටත් වසා දමා තිබූ මිනී පෙට්ටිය අවසන් වරට පිසදමමින් ඔහු පැවසීය.
" මලය වරෙන් අල්ලමු..."

පෙට්ටිය පැත්තකට වාරු දෙමින් ඔහු කෑ ගැසීය. ගල් පිලිමයක් ලෙසින් බලා සිටි මා දිව ගොස් අනික් පැත්තෙන් වාරු දී ඔසවා ගතිමි. තාත්තාගේ පෙට්ටියට කර දුන් පසු මිනි පෙට්ටියකට අත ගැසූ පලමු වර එය වුවත් මින් පසු දිගටම මේ මගේ ජීවිතේ බව සිහිවනවිට බඩ පපුව දගෙන යන බව මට දැනිනි..
රථයේ ඩිකිය මත එය සීරුවෙන් තැබීමට උත්සහ කලත් මා අතින් එය දඩස් ගා අත හැරුනේ අත තුවාල වේවි යැයි බියටය

" මොන හු%#**#&#- ක් ද කරන්නෙ පරිස්සමෙන් %@%&# "
අමු කුණුහරුප වලින් ගුණේ මට බැන්නේ ලෝකෙ තියන ලොකුම වරද කල එකා මා මෙනි. කුමක් කරන්නද රැකියාව රැක ගැනීමට නම් බල්ලෙකු මෙන් නිහඩව සිටිය යුතු නිසාවෙන් ම මා නිහඩවම සිටියෙමි.
මිනි පෙට්ටියක් දකින විට ඕනෑම කෙනෙක්ට මතු වන ප්‍රශ්නය මටද මතු විය.

" මොනා වෙලාද..."
පෙට්ටිය දෙස බලමින් ගුණෙගෙන් ඇසීමි
" පොඩි එකියක් කාලකණ්ණි කම තමා ඉතින් කෝච්චිය ට පැනලා..."
" හපොයි... "
මට කියවිනි.

" බොසා කියුවනේ කෙරෙන විදිය නේද ... එහෙනම් මලය ප්‍රවේසමෙන් හොදේ.. වැඩි වේගෙන් යන්න ඕන නෑ මැරුණ එකා කීයට ගෙදර ගියාම මොකද. ඉස්සරහ රෝදෙක හුලං අඩු ගතියක් තිබ්බ පුශ්පෙ ට කියපන් මොනා හරි කර ගන්න කියලා. එහෙනම් ජය වේවා.."

මුන් නම් පුදුම කාලකණ්ණි ලෙස මට සිතුනි. මිනියක් ලග තබාගෙන මෙසේ සතුටු විය හැකිදැයි මට සිතිනි. හ්ම්ම්ම් එහෙම වෙන්නට පුලුවන මන්ද මගේම ආච්චිගේ මළ ගෙදරත් බූරු ගසමින් මා විනෝද වී නම් අනුන්ගේ මිනියකට මුන් මොකට දුක් වෙන්නද.

දෙවියන් බුදුන් සිහි කර නමෝ විත්තියෙන් ගමන ආරම්භ කලේ ලොක්කා ගමන් මාර්ගය ඇඳ දුන් කොලයත් යාබද අසුනේ තබා ගනිමිනි, සුලගට යාම වැලැක්වීම සඳහා ඒ මත දුරකතනයද තබා සීරුවෙන් රථය පාරට ගතිමි. නගරය පසු කරන විටත් රාත්‍රී 10ට ආසන්න වුවත් තවමත් කොල පාට විදුලි පහන් වලින් එලිය වුනු කෑම කඩ කිහිපයක් පමණක් විවුර්ත ව පැවතිනි.

නාගරික කලාපය කෙමෙන් ඈත් වන්නට වන්නට වෙනදා නුපුරුදු හැගීමක් හිතට දැනෙන්නට වූයේ නාදුනන මල මිනියක් මා පසු පසම හඹා එන බව මගෙ සිත සැරින් සැරේ මට ඇවිටිලි කල නිසාවෙනි. ඒ නිසා වෙනදාට වඩා වැඩි වාර ගනනක් පසු පස බලන කණ්නාඩිය දෙස ඇස් යොමු වූයේ හිතාමතාම නොවේ.
දෙනියායෙන් ගමන් ආරම්භ කල මා පැය 2 කට ආසන්න කාලයක් දකුණු දිශාව බලා ගමන් කලේ ලොක්කාගේ සිතියමට අනුවය.. ඒ අනුව තව මද දුරකින් මා අපරැක්ක මාතර දෙසට හැරවිය යුතු බව සිහි තබා ගනිමින් ඉදිරියට ආවෙමි.

දහවලට තරමක් මිනිසුන් දැකිය හැකි වුවත් දැන් නම් බල්ලෙක්වත් නොමැති තරම් පාලු වූවේ රාත්‍රී 12 ට ආසන්න වී ඇති නිසා වන්නට ඇත. බැලු බැලු අත තේ වතුත් සාගර බදු වෙල් යායවලුත් හැර හිත හදා ගැනීමටවත් මනුස්ස පුලුටක් නැත..

පාලුව මකා ගැනීමට රේඩියෝ එක දැම්මත් විටින් විට කැඩී යන සංඥා නිසා එයින් මතු වූවේ මහා විකෘති හඩවල් ය. එය මගේ බිය තවත් වැඩි කල නිසා වහාම ක්‍රියා විරහිත කලෙමි. සාමන්‍ය මිනී රථ රියදුරන් ගමන අතරතුර මත්පැන් ගන්නා හේතුව මට මනාව වැටහිනි. දුක යනු මට එවැනි සූදානමක් නොතිබීමයි.

ආ මග නිවැරදි නම් මා මේ වන විට අපරැක්ක මාතර මාර්ගයේ සිටිය යුතුය. මන්ද මගේ ගමනාන්තය සදහන්ව තිබුනේ ඇල්ලකන්ද රක්ෂිතය බටහිර කෙලවර ආසන්න තැනකි. වරදින්නට හේතුවක් නැත වම්පසින් දිස් වන අන්ධකාර වනාන්තරය එය විය යුතුය. මේ රැහැයියන්ගේ හඩ මට තවත් ඉදිරියට නොයා ඉන්න යැයි අනතුරු අගවන්නට මෙන් මහා හඬින් කෑ ගසයි...

මද වේගයක් පවත්වා ගනිමින් තවත් දුර ඇදුනෙමි... මා සිටින්නේ වෙනම ලෝකයක විය යුතුය. මින් පෙර මේ මග ගොස් ඇතත් මෙතරම් ගුප්තව මූසලව මට දැනී නැත. රථයේ කවුලුව අතරින් රිංගා එන සීතල සුලග ආවේ කැලයේ තිබූ රැහැයි ශබ්ධය ත් අරගෙනමය. මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි.

" දඩා..ස් ..... දඩා...ස්.."
" ඔහ් ශික්...."
සිතන්නටවත් මොහොතක් ඉඩ නොදී අලි නාවන වලක් බඳු විශාල වලක වැටී ගොඩ ආවේ රථය උඩ විසි කරමිනි..

මා වහාම පසුපස බැලුවේ මිනි පෙට්ටිය දෙසය. අහෝ ඇති යන්තම් එයට මුකුත් වී නැත. ඇතිවූ ශබ්ධය අනුව නම් කාරයට හානියක් වී තිබිය යුතුමය.. සිතු මම කාරයෙන් බැස රෝද 4ම පරීක්ශා කලේ දුරකතනයේ ලාම්පු එලිය ආධාරයෙනි.

වාසනවන් එයට කිසිදු හානියක් නැත.. බැස ගත් ඇසිල්ලේ මේ තරම් දුරක් සිර කරගෙන ආ සුලුදියත් සිදුවා ගෙනම යමි සිතා පාර අයිනේ තිබූ සියඹලා ගසට කිට්ටු කලෙමි. කාරිය කරන අතරතුර ඉබේටම වටපිට බැලුනේ ගස මුදුනේ සිට මොකෙක් හෝ මා දෙස බලා සිටින බව හැගුණ නිසාය. මළ කුනක් සමග සියඹලා ගසක් යට සිටගෙන මගුලක් කරම් දැයි සිහි වූයේ එවිටය...

හීන් සීරුවේ ටෝර්ච් එලිය ගසට අල්ලා බැලුවේ ඒ යකා මොකාද කියාය .. දිලිසෙන ඇස් දෙකක්....
" හ්හ්හ්හ්හ්.... &$$@@% වවුලා... "

මට කෑ ගැසුනේ මහා හඩින් කෑ ගහමින් මගේ හිස අසලින් ම ඇදුනු විශාල වවුල් තඩියෙන් නිසාවෙනි. ඌ රථය පසු කරත්ම ඩොහ් යන හඩක් රථය තුලින් ඇසුනි... රථය තුලින් හැර එවන් හඩක් ඇසෙන්නට වෙන තැනක් නැත...වහාම රථය වෙත ඇදුනේ තට්ට තනියම මේ කැලයේ මිය යාමට මට අවශ්‍ය නොවූ නිසාවෙනි.
වාහනයට ගොඩ වී යතුර කැරකුවේ ලේ බොන රකුසෙක් මා මරා දමාවි යැයි ප්‍රාණ බය දැනීමත් නිසාය.

නමුත් අවාසනාවක මහත
 " දෙයියනේ මේ කැලේ නම් එපා...."
පලමු වරත් දෙවන වරත් තෙවන වරත් රථයට පණ ආවේ නැත.....
තව එක් සැරයක් උත්සක කරමි....
" හ්හ්හ් ඇති යාන්තම්..... "
මට කියවිනි රථය පණ ගැන්විනි... නමුත් ඒ සතුට ක්ෂණයකින් නැති වූයේ ඊලග මොහොතේ සිදුවූ ගුප්ත සිදුවීමෙනි.

වාහනය තරමක් ඉදිරියට ගනිද්දීම මිනී පෙට්ටිය "ඩොග් " ගා ගැස්සුනේ දුරක සිට වේගයෙන් දුව ආ මොකෙක් හෝ එය උඩට පැන්නාක් යැයි සිතෙන ලෙසය....
" මො.. මො.. මොකක්ද ඒ.... "

බැස ගියොත් මහා කැලය, කාරයේ සිටියොත් මළ මිනියක්... මා කුමක් කරම්ද.... කරන්නට දෙයක් නැත.. සිත දැඩි කර වේගය වැඩි කලේ ගමනාන්තය තව සුලු දුරකින් එලබෙන නිසාය. නමුත්...
" ක්‍ර්.....ස්.... දොහ් ඩිග් ඩිග්...."

මොකෙක් හෝ පෙට්ටිය සූරමින් දගලයි.... පසු පස බලන කන්නාඩියෙන් මොකෙක්වත් පේන්නට නැත... දෙයියො බුදුන් සිහි කලත් කනට ඇසෙන දේ අඩු වුනේ නැත...එය එන්න එන්නට වැඩි වූවා පමණි. රථය නතර කල තැනදී අමනුස්ස බැල්මක් වැටුන බව නිසැකය...

උගුරකට වියලී ඇත... මටත් නොදැනිම වලවල් පිරුනු ගුරු පාරේ හැකි උපරිම වේගයට රිය පැදවූයේ බියටමය... පලක් නැත මොකෙක් හෝ මිනී පෙට්ටිය අරින්නට මාන බලයි.. පෙට්ට්ටියේ පියන් දඩ දඩ ගා ඈත් වෙමින් නැවත් වැසෙයි... ඒ වේගයෙන්ම අගේ පපුවත් ගැහුනේ බිය ඉහවහා ගිය තැනය..

එයින් නතර වූයේ නැත... වාහනය පසුපසින් හීන් කෙදිරිලි හඩක් ද ඇසෙන්නට වූයේ මගේ සියොලඟ ම දහඩියෙන් තෙත් කරමිනි. මගේ හුස්ම හඩ මටම ඇහෙද්දී
" ම්ම්ම්ම්ම්ම් .... ම්ම්ම්ම්ම් "
ලෙස කෙදිරිය ඇසේ... දෙයියනේ මේකිට පණ ඇවිත්.... මගෙ සිත කියද්දී කැලය දෙවනත් කරමින් කැලේ මැදින් මහා විලාපයක් ඇසුනේ මරු පහරක් කෑ ගැහැනියක් බව නම් විස්වාසය. එක් වරම මිනි පෙට්ටි පියන් අගලක් පමණ ඈත් කරමින් දඩාස් ගා ශබ්ධයක් ඇසෙත්ම මා ඒ දෙස බැලුවෙමි... සියල්ල නිහඩ විය....

" අම්මො......."
ඉදිරියට හැරුනා පමණි .... මට යාර 20ක් පමණ ඉදිරියෙන් කැලයෙන් මතුවූයේ හිසින් ලේ පෙරා ගත් කෙල්ලෙකි.. සුදු මැලි මූණ එක් පසක් ද ඇදුමද ඒ ලේ වලින් පෙගී තිබුනි... අනිච්චානුගවම තිරිංග තද විය... පලක් නැත පැඩලය අඩියටම පෑගුවත් වේගය එසේමය. වලට වැටෙද්දී තිරිංග හානි වන්නට ඇත .අත් තිරිංග ක්ෂණික ව ඇද්දෙමි. තප්පර 2ක් ඇතුලත සියල්ල සිදුවන්නට ඇත ඈ තවමත් මා දෙස බලා සිටී... සිර වුනු රෝද ගුරු පාරේ ලිස්සා වට 2ක් පමණ රථය කැරකවී කැලයට විසි වී
දඩා....ං
මහ හඩක් සමග ගසක පතිත විය...

මුලු ලෝකයම මා වටා කැරකේ... කී.....ං යන ශබ්ධය කන් දෙක අගුල් දමා ඇත. දැලක් දැම්මා සේ ඇස් බොද විය.. එහෙම්ම අසුනට බර වී හිස බදා ගතිමි. නැවී තිබූ පැති කණ්ඩියෙන් කාරය ඇතුල මට පෙනුනත් ඒ පෙනුන දෑ සැබෑවක් විය නොහැකිය.

මිනි පෙට්ටිය ඇරී ඇත කාරයේ පසුපස දොරත් ඇරී ඇත.. මා දුටුවේ එයින් බැස ගත් ගැහැනියකගේ රූපයකි... මා මනො විකාර වී ඇත... කරකැවිල්ල වැඩි විය. දෑස් වසා ගතිමි......

දෑස් විවර කරන විට මට අදහා ගත නොහැකි විය... මා සිටියේ ලෑලි වලින් කල කාමරයක් තුලය...
" ආහ්... දෙයියනේ...."
මට කියවිනි. මා සිටි තැනට තරමක් එහායින් තබා තිබ්බේ මා ගෙන ආ මිනී පෙට්ටියයි.... වහලයේ එල්ලා තිබූ ආරෝපිත ලන්තෑරුමකින් කාමරයේ අදුර යාන්තමින් මැකී ඇත. තාමත් මේ කරුමය අවසන් නැතැයි මට සිතිනි. මගේ අත් හා පා බැද දමා ඇති බව මට වැටහුනේ නැගිටින්නට උත්සහ කරද්දීය..
" මේ මොන මගුලක් ද ..."

කිසිවක් සිතා ගැනීමට නොහැකිය... පැය කාලක පමණ වෙහෙසකින් පසු මට පලමුව දෑත් ද දෙවනුව දෙපාද ලිහිල් කර ගැනීමට හැකි විය. වහාම දුව ගොස් දොර අරින්නට හැදුවත් එය පිටතින් අගුල් දමා ඇත... කිහිප වරක් උත්සහ කලත් පලක් නොවීය...

ඒ අසලම හිද පෙට්ටිය දෙස බලා කල්පනා කලේ අනතුරත් සමග මා දුටු දේ සැබෑවක්ද යන්නයි.. එය දැන ගැනීමට වෙන ක්‍රමයක් නැත.... මා මිනී පෙට්ටිය ඇරීමට තීරණය කලෙමි..
තීරණය ගත් විගස මුලු පරිසරය ම තවත් නිහඩ සහ අදුරු වූ බව මට හැගුනා විය හැකි ය. අඩියෙන් අඩිය කිට්ටු කර මිනී පෙට්ටිය පාමුල දණ නමා දොර අගුලු ඉවත් කලෙමි. මෙයින් මා කුමක් බලාපොරොත්තු වේ දැයි මා නොදනිමි. ප්‍රාර්ථනයක් නැත පාලු කැලයක් මැද මෙහි මිනිය තිබුනොත් ඒ සමග තනියම ඉන්නට සිදුවනු ඇත, නොතිබුනොත් මිනියට නැවත පණ ආ බව මට විස්වාස කරන්න වනු ඇත ... අනේ දෙවියනේ .....
දෑස් වසාගෙන එක් වරම පියන් මෑත් කලෙමි....

" හ්හ්......."
මට කියවිනි.... එහි මිනිය නැත... එහෙනම් මා දුටු දේ සත්‍යයක් ..... ඒ ගැන සිතන්නටවත් මොහොතක් ලැබුනේ නැත කාමරයේ දොර මහා හඩින් ඇරී සීතල සුලගක් හැමීය. ඒ දෙස බලත් ම වැදුනු පහරකින් මා විසි වී ගොස් බිත්තියේ වැදිනි..
" වල් පරයා... තෝ අපිව විනාස කලා යකෝ...."

හැඩි දැඩි පිරිමියෙකි.... දඩු අඩු මෙන් දෑත් වලින් මගේ ගෙල මිරිකාගෙන ඌ කෑ ගසයි. ඌ කියන දේ තේරුමක් මා දන්නේ නැත. මා දැන දැන වරදක් කලේ නැත්. එය තේරුම් කරන්නට වරම් නොලද මට තේරුනේ දෑස් දැවිල්ලකි. ඒවා එලියට පනීවි යැයි මට සිතිනි .වැරෙන් හුස්ම ගත්තත් උගුරෙන් පහලට ඒවා ගලා ගියේ නැත...දෑස් පියවීමට ආසන්න වත් ම මා බොදවූ දෑසින් දුටුවේ ඌ පිටුපස සිටගෙන සිටි ලේ නැහැවුනු ගැහැනියකි...

" චරස්....."
" හ්හ්හ්හහහ... හ්හ්හහ...."
උගේ දෑත් ලිහිල් විය... උගේ කටින් ගලා ආ ලේ මගෙ මුහුණ පුරා වැක් කෙරුනේ පිලිකුල් කරමිනි . උගේ කටින් මතුවී තිබුනේ ලී උලකි... තප්පර කිහිපයක් මා දෙස බලා සිටි ඌ දඩහ් ගා බිම පතිත විය..
ලේ පෙරා ගත් ගැහැනිය කැලය මැදින් රථයට පැන්න තරුණිය බව මට සිහි විය . ඇය අඩියෙන් අඩිය මා වෙත ලං විය... මෙය මාගේද අවසානය වනු ඇත. ඈ තවත් ලං වී මගේ මුහුණට බර විය....
" නැගිටින්න ඉක්මනින් මෙතනින් පැන ගමු...."

සති 2කට පසු..

" මිනී කාර් රියදුරු ගේ ඔත්තුවෙන් ජාවරම් කරුවන් දැලේ..."

" රූමත් තරුණියන් පැහැරගෙන ගොස් විදෙස් රට වලට විකිනූ ජාවාරම් කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට පසුගිය දා මාතර පොලීසිය සමත් විය. විශේෂත්වය නම් මෙම කාන්තාවන් ප්‍රවාහනය කර තිබුනේ මිනී කාර් වල මළ සිරුරු ලෙසයි. මිනී රථ පහසුවෙන් පොලිස් නිරීක්ෂණයට ලක් නොවන නිසා මේ ජාවාරම සෑහෙන සාර්ථකව කර ඇති බව සදහන්. සිහි සුන් කල කාන්තාවන් මිනි පෙට්ටි තුල සගවා ඇල්ලකන්ද ප්‍රදේශයට ගෙනැවිත් රාත්‍රියේම මාතර පාතෙගම ට ගෙනගොස් ධීවර බෝට්ටු මුවාවෙන් මුහුදු මගින් වෙනත් රට වලට අලෙවි කර ඇති බව විස්වාස කෙරේ. මෙහෙයුම සදහා ඔත්තුව ලබා දුන් මිනී කාර් රථ රියදුරු රුවන් කුමාර මහතාට පොලිස් උත්තමාචාරය හා ස්තුතිය හිමි වන බව මාතර පොලිස් ස්ථානධිපති තුමා තව දුරටත් කියා සිටියා..."

" ඔහොම තමා ආර්ටිකල් එක එන්නේ. මෙ ඉරිද පත්තරෙන් බලන්න පුලුවන් මේ හොදයි නේද..."
" අනේ මට නම් ඕව තේරෙන් නෑ... "
මම කීවෙමි

" ඒක නෙමෙයි එතකොට ඔයා අරන් ගිය මිනි පෙට්ටියෙ කෙල්ලට මොකද වුනේ... " වාර්තා කරු ඇසීය
" ඒක නම් මම දන්නෙත් නෑ.. මට එයාගෙ මූණ දකින්න වුනේම නෑනේ... හ්ම්ම්ම් දෙයියන් ගෙ පිහිටෙන් මම පාප කර්මයක් කර ගන්න ගිහින් පණ බේරගෙන ආවා කියලා විතරයි මම දන්නේ..."

නිමි.

මම ප්‍රගීත් ලීටස්

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



19 April 2018

---හයර් එක---


 වේලාව රැ 12යි හැමදාම වගේ මම එළි වෙනකං Hire දුවනවා ඒක දවසක්. එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම hire දිව්වේ පෞද්ගලික taxi ආයතනයක

මගේ වාහනය නම් පොඩි NANO CAB එකක් මට call එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දි⁣යන්.......
මට කිව්වා ඇතුළේ පාරකට එන්න කියලා ඉතින් මම කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරිය බලු බල්ලෙක් නැහැ මමත් ඉතින් කොල්ලා නේ යකෙක්ටවත් භය නැහැ කියලා පාරෙ නවත්තන් ඉඳල ආපු number එකට call එකක් ගත්තා මම කියපු තැනට ඇවිල්ල ඉන්නේ කියලා කියන්න..එත් එතැන වුණේ වෙනම දෙයක්
Number එකට call back කරන්නත් ඉස්සෙල්ලා

මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මගේ car එකට මූණ දානවා

අයියේ......... අයියේ .........
මම ගැස්සුනා..
මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා
ආහ්හ්හ්හහහ්හ්හ්හ්

එන්න නගින්න නංගී
කෙල්ල මගේ පිටි පස්සෙ sheet එකට නැග්ගා
නංගී කොහාටද යන්න ඕනි

වත්තල හන්දියට යන්නකො මම එතැන ඉඳල පාර කියන්නම් අයියාට
මමත් ඉතින් හා.......
කියලා වාහනය drive කරගෙන ආවා
ඔහොම ඔහොම ගිහින් අපි වත්තල හන්දියට ආවා...............

නංගී කොහාටද යන්න ඕනි
අයියේ ඉස්සරහට ගිහින් වමට හරවලා උඩහට පාරක් තියෙනවා ඒකෙන් යමු
මමත් ඉතින් කෙල්ල කියපු පාරෙම ගියා........
හා නංගී මෙතනින් කොහෙටද
ඉස්සරහ ගෙදරින් නවත්තන්න ............
හරි නංගී

ගාන කියාද කියලා කෙල්ල ඇහුව
850ක් දෙන්න... නංගී
අනේ අයියේ මගේ අතේ සල්ලි නැහැ ගෙදර ගිහින් අරන් එන්නමි අයියා මෙතන ඉන්න
මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල light නිවල තිබ්බෙ.....

මට අමුතු සැකයක් තිබුණා ගෙදර දැක්කාම
මට බයකුත් හිතුණා
විනාඩි 15ක් හිටියා කෙල්ල තාමත් නැහැ
මම කරපු වැඩෙි ගෙදරට ගිහින් දොරට තට්ටු කරා කෙල්ල පේනතෙක් මානෙක නැහැ
ගම වටේම බල්ලෝ උඩු බුරනවා
ගෙදර bell ඒක ගැහුව
එත් කවුරුත් ආවේ නැහැ
ආයිත් bell කරා
කවුදෝ වයසක ගැහැනු කෙනෙක් ඇවිත් දොර ඇරිය
ආහ්හ්හ්හහ්හ්හ්
කවුද ඔයා
මේ මහ රැ මොකෝ
ආ.............

මම taxi driver කෙනෙක් ගැහැනු ළමයෙක් ආවා මේ ගෙදරට මාත් එක්ක බොරැල්ලේ ඉඳල
පිළිකන්නේ පැත්තට ගියා සල්ලි අරන් එන්නමි කියලා තාම නැහැනෙ

අනේ මහත්තයා කීවාට බයවෙන්න එපා ඔය
අපේ නැතිවුන දුව...

ඔය වගේ දේවල් ගොඩාක් අපේ ගෙදර සිද්ධවෙනවා අපේ පාරේත් කෙල්ලගේ අවතාරය දැකල තියෙනවා
අපිත් දැන්නම් ඒක ගණන් ගන්නේ නැහැ අපිට පුරුදුයි මහත්තයා කමක් නැහැ මහත්තයාගෙ ගාන කියාද
මම ගානවත් කියන්නේ නැතුව වාහනේට නැඟල ඉක්මනට ආවා භය වෙච්ච ඒක වැඩි වුණේ පාරෙ දැකපු board ඒකෙන් එකේ තිබ්බේ අර කෙල්ලගේ photo එකක් ගහල නිවන් සුව පතමු කියලා ඒක දැකපු මම උන්හිටිතැන් අමතක වේලා ගෙදරට ආවේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ

මේ සිද්ධියට මූණ දීලා මට සතියක් ඒක දිගට උන ගත්තා පස්සෙ රැට hire දුවන එකත් නැවතුණා.......

නිමි.

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



 

17 April 2018

---හුනියම---


 මේක අපේ නැන්දා කෙනෙක්ට උන සිද්දියක්. නැන්දාගෙ තත්තා මැරිල ගොඩක් කල්.නැන්දත් ටිකක් වයසයි.එත් අයගෙ අම්ම ලෙඩ ගාතෙ ගෙදර හිටියා මෙ නැන්ද එක්ක.(මටත් මතකයි ලාවට වගෙ නැන්දගෙ අම්මව) නැන්දට තව සහොදරයෙක් ඉන්නවා.(තමත් ඉන්නව) නැන්ද බැදල නැති උනාට මෙ මාමා බැදල එකම ඉඩමෙ නැන්ද එක්ක දෙකට බෙදා ගෙන ඉන්නෙ.

එක දවසක් නැන්දා රැ නිදා ගෙන ඉන්නකොට මෙයට මෙයාගෙ තාත්තව හීනෙන් පෙනිල මොනවද කියන්ඩ හදල තියෙනවා.තාත්තා ටික දවසක්ම හීනෙන් කියන්ඩ උත්සහ කරත් කියන්ඩ හම්බ වෙලා නැ.(මෙ නන්ඩ කතොලික අගම ගැන තදින් විශ්වස කරන කෙනෙක් එක හින්ඩ වැඩියෙ බය වෙල නැ තාත්තා නිස)එක දවසක් කොහොම හරි මෙයාගෙ තාත්තා හීනෙන් කියල දොර කොඩින් එලියට බහින්ඩ එපා කියල.ඔහොම ටික හවසක් යනකන්ම හීනෙන් තාත්තා නැන්දට එකම දේ කියල තියෙනවා.එක නතර වෙලා ටික කාලයක් යනකොට තව දෙයක් තාත්තා මෙයාට කියලා.තාත්තා කියලා හීනෙන් එයලගෙ ඉඩමෙ නැන්දාගෙ කොටසෙ එක තැනක් පෙන්නලා හාරන්ඩ කියලා.

නැන්දා පහු වෙනිදා එයාගෙ වයසක අම්මා එක්ක ඒ තැන හාරල තියෙනව.හාරල තියෙන්නෙ පුදුම පදක්කමයි කුරුස ප්‍රතිමාවයි ලග තියාගෙන.මෙයාලට එතනින් පොඩි bottle එකක හම්බ වෙලා නැන්දා අක ඇරල බලන්ඩ හදනකොටම අත පිච්චිලා.ඊට පස්සෙ ටික දවසක් යනකන්ම අතෙ දැවිල්ල තිබිල.ආයෙ අත පිච්චෙනව වගෙ දැනිල.(බොතලෙ තිබිල තියෙන්නෙ කහ නුලක්,තහඩු කැල්ලක්, තහඩු පටි ටිකක් මොනවද ලියපු)ඉට පස්සෙ නැන්ද ගමෙ පල්ලියෙ father ට මෙක කිඋවහම මෙ සම්බන්දව වැඩ කරන වෙන father කෙනෙක් ගාවට යවලා.

ඒ father කියල තියෙන්නෙ නැන්දගෙම අය නැන්දටම හුනියමක් කරල කියලා.නැන්ද ඩෙවියො ගන විශ්වසෙන් ඉන්න නිස බයෙන් ඉදල නැ.පස්සෙ ටික කාලයක් යනකොට මෙයගෙ අම්මා වයස නිසාම මරුනා.නැන්ද ගෙදර තනි උනා.දවසක් ගොම්මන් වෙලවෙ මහ හඉයෙන් දොරට ගහන සද්දයක් ඇහිල නන්ද "කව්ද යකො මෙ දොර කඩන්ඩ හදන්නෙ" කියල දර අරින කොටම එක පාරට කොන්ඩෙ කඩා ගත්ත ඇස් ගිනි බොල වගෙ ඩිලිසෙන මුලු ඇගම මිනිරන් පාට යකෙක් ගෙට ඇවිල්ල.

මෙය ටිකක් බය උනට කැ ගහල නැ.නැන්ද කුරුස ප්‍රතිමවයි පුදුම පදක්කමයි අතට අරගෙන "පල යන්ඩ යක්සය මව පරිස්සවෙ නොද කියනකොට යකා එයගෙ ලගින් හැරිල ජනෙලෙ ලගින් නොපෙනි ගිහිල්ලා.නැන්ද කියන විඩිහට යකාව අවල තියෙන්නෙ අකම ඉඩමෙ ඉන්න එයගෙ සහොදරය.(ඇදුරම තම එක කියල තියෙන්නෙ)

දවසක් ගොම්මන් වෙලාවෙ මෙයගෙ සහොදරය වතුර ගන්ඩ ඉඩම කෙරවලෙ ටැප් එක ලගට ඇවිල්ල යකා මේ මාමා ව පන්නගෙන ගිහිල්ල.දවස් ගානක් යනකන් උන බහැල නෑදැන් එ මාමාලගෙ ගෙදර බූත දෝශ නම්නැහැ. ඒත් අර වගෙ වැඩ කරල තියෙන්නෙ නැන්දව එලවල ඉඩම.අයිති කරගන්ඩ. හබැයි තාම නැන්ද තනියම ගෙදර ඉන්නව.


 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

15 April 2018

---සුලෝචනා---



"මචන් උබ පලයන් මන් ලෙක්චර් හෝල් එකට දුවලා එන්නම්"

මා සලිත වෙත එසේ පවසා තුන් වන මහලේ පිහිටි දේශන ශාලාව වෙත දිවගියේ මා මගේ පොත් කීපයක් අමතක වී දමා ආ බව සිහි වීමෙනි.වේලාව හවස හතර පසු වී තිබුණි.දැනටමත් දේශන ශාලාව වසා ඇත්දැයි සිතමින් මා තෙවන මහල වෙත දිව ගියෙමි.දෙවියන්ට පින් සිදු වන්නට එය තවමත් විවෘත ව තිබුණි.මා හිස් වූ සිවිසල් දේශ ශාලාවට ඇතුලු වීමි.නිහැඩියාවේ මද අදුරේ ගිලී තිබූ දේශන ශාලාව තුල මා පෙර අසුන් ගත් අසුන සොයා ගමන් කලෙමි.එය මත මාගේ පොත් නොතිබුණි.මා අසුන යටත් පිරික්සීමි.එය කොහේවත් නොතිබුණි.

මා මීලගට ගියේ දේශන ශාලාව පිටත තබා තිබූ ලොකර් සමූහය සොයාය.මන්ද යත් සිසුන් අතපසු කර යන පොත් පත් දේශන ශාලාව බාර පුද්ගලයා විසින් මෙහි ලොකර් තුල දමා තබන බැව් මා අසා තිබුණි.මා ලොකර් එකින් එක විවෘත කර බැලීමි.ඒ කිසිවක් තුල මාගේ පොත් නොතිබුණි.පහල කෙලවරේ එක් මලකඩ කෑ දොරක් සහිත ලොකරයක් තිබුනි.එය කාලයකින් විවෘත කර නොමැති සෙයකි.මේකේ නම් තියෙන්න විදිහක් නෑ මා මටම කියා ගත්තෙමි.එහෙත් අවසානයේ එයත් විවෘත කර බැලිමට මා හට සිතුණි.බොහෝ දුරට අබලන් වූ එහි දොර මල කෑම නිසා තරමක් විවෘත කිරීමට අපහසු විය.මා මාගේ හැකි වෙර යොද එය විවෘත කලෙමි.

මා ඒ තුලට එබී බැලීමි.ඒ තුල දූවිලි බැදුණු පොත් කීපයක් විය.මා ඒව එලියට ගෙන බැලීමි.මෙය නම් වාසනාවකි.පලමු වසර වෛද්‍ය විද්‍යාවට අදාල පොත් කීපයක්ම එහි විය.මා ඒවා මිලදී ගැනීමට මුදල සොයමින් සිටියෙමි.එහි තිබූ දූවිලි ප්‍රමනය අනුව එය කිසිවකු මෑතකදී බාවිතා කල ඒ වා නොවන බව පැහැදිලිය.මා දූවිලි පිස දමා ඒ පොත් කීපය මාගේ බෑගයේ දමා ගෙන පිය ගැට පෙල බසිමින් නේවසිකාගාරය වෙත් පිය නැගීමි.

නේවාසිකාගාරයට පැමින පොත් පත් සියල්ල මේසය මත තබා මා දිය නා ඇද මත දිගා වූයේ ඇගට දැණුණ වෙහෙසකර බව නිසාය.

"මචන් මම අද රෑ එන්නේ නෑ කොල්ලෙක්ගෙ ගෙදර යනවා". ජන්ගම දුරකථනයට ලැබුණ ඇමතුම සලිතගෙනි.

මා එලෙසම ඇද මත වැතිරීමි.

මා බොහෝ වේලා නිදා ගන්නට ඇත.කාමරය හරහා හමා ගිය සීතල සුලග නිසා මා ඉබේම අවදි වීමි.කාමරය අදුරේ ගිලී තිබුණි.ජනේල විවෘතව තිබුණි.ජනේල තිර රෙදි හැමූ සීතල සුලග නිසා ඒ මේ අත සෙලවෙමින් තිබුණි.සද එලිය යන්තම් තිර රෙදි අතරින් මෝදු වෙමින් තිබුණි.කාමරයම දැඩි නිහැඩියාවේ ගිලීතිබුණි.මා ඇද මත එලෙසම සිටියෙමි.

මාගේ පොත් මේසය අසල පුටුව අසල සකිසියම් චායාවක් මා අදුරේ දුටුවෙමි.එය කුමක් දැයි කීමට තරම් පැහැදිලි නොමැත.මා වඩාත් විමසිලිමත්ව ඒ දෙස බලාසිටිමි.එය පුටුව මත හිද ගත් මිනිස් රුවක් බව යන්තම් පෙනුනි.සලිතවත් ආවද මා සිතුවෙමි.එත් ඌ කරුවලේ මොකද කරන්නේ.

මා ඇද මත අත පත ගා දුරකතනය සොයා එහි ආලෝකය දල්වා බැලීමි.කවුරුන් හෝ විවෘත වී තිබූ කාමරයේ දොරින් එලියට ගමන් කරණු මා දුටුවෙමි.මා විගස ඇදින් බැස එලියට දිව්වේ කවුරුන්දැයි දැන ගැනීමටය.නේවාසිකාගාරයේ පියගැට පෙල බසිමින් මට පිටුපා ගමන් කරන යුවතියක් මා දුටුවෙමි.කඩා වැටුනු කෙස් කලබක් හිමි ඇය සුදු කබායක් ඇද සිටියාය.එක් අතකින් යමක් ලයටතුරුලු කරගෙන ඇය සෙමින් පිය ගැට පෙල බසී.

මේ වෙලාවේ කොහොමද ගෑනු ලමයෙක් මේකට ආවේ

මා සිතින් සිතමින් ඇය පසු පස ගමන් කලේ ඇය කොහි යනවාදැයි සොයා ගැනීමටය.ඇය නේවාසිකාගාරයේ දොරටුවෙන් නික්මී වෛද්‍ය පීඨ ගිඩනැගිල්ල වෙත ගමන් කරයි.අවට පරිසරය දැඩි නිහැඩියාවේ ගිලී පවතී.හන්තාන සිප එන සීතල සුලග මා ඇග කිලි පොලා යයි.මද අදුර මැදින් ඇය නිසොල්මනේ ගමන් කරයි.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය ඇද සිටියේ වෛද්‍ය ශිෂ්‍ය යන් අදින සුදු කබායකි.කෙස් වැටිය පහතට කඩා වැටී ඇත.ඇය පාවී යන්නා සේ ගමන් කරයි.දැන් ඇය ගොඩනැගිල්ලක් වෙත ගමන් කරයි.එය අදුරේ ගිලුණු ගොඩනැගිල්ලකි.මා ද ඇය අනුකරනය කලෙමි.මා ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවෙන් ඇතුලු වීමි.

එය විශාල ශාලාවකි.එක පෙලට තබා ඇති මේස සමූහය මත එක බැගින් කිසිවක් තබා ඇත.ඒ කුමක් දැයි අදුරේ මා හට නොපෙනේ.කිසියම් සැර දුර්ගන්දයක් නාස් පුඩු කඩාගෙන මොලය තුලට කා වදියි.ඒය හුරු පුරුදු දුර්ගන්දයකි.ඔව් එය නිසැකයෙන්ම ෆෝර්මලීන් නිසා නැගෙන දුගදකි.මා මේ සිටින්නෙ කොතනකද? මා හා පැමිණි ඇය කොහොද? මා මොහොත්කට සිතුවිලි සයුරේ ගිලුනෙමි.

ශාලාවේ විශාල ජනෙල් අතරින් ගැලූ සද එලිය නිසා අදුර මදක් අඩු වී ගියේය.ජලය බින්දු බින්දු යමකට වැටෙන හඩ ඇසේ.ඒ ඇරුනු කොට සියල්ල නිහඩය.මා මදක් ඉදිරියට ගමන් කලෙමි.මා දෙපස විශාල මේස මත් උඩු පැලි අතට වැතිර සිටින මිනිසුන් සමූහයකි.ඔවුන් සියල්ල නිසොල්මනේ එක එල්ලේ බලා සිටී.මා පැමිණියේ තවත් නේවාසිකාගාරයකටද? ඒත් ඇයි ෆොර්මලින් සුවද?

අහො දෙවියනේ මා සිටින්නේ මිනී පරීක්ශනාගාරයේද? මා දෙපා වෙව්ලීමට පටන් ගත්තේය.හදවත් වේගයෙන් ස්පන්දනය විය.මා අදුරේම ප්‍රදාන දොරටුව වෙත ගමන් ඩිව ගියෙමි.එය වැසී ඇත.මා සියලු වෙර යොදා එය විවෘත කිරීමට උතසාහ කලෙමි.එය වියර්ත විය.මා දොරට පිටුපා සිට ගත්තෙමි.මා කුමක් කල යුතුද්? මා මෙහි සිර වී ඇත.තනිවම නොව මල මිනී ගනනාවක් සමගය.මා සාක්කුවට අත දමා බැලූවේ ජන්ගම දුරකතනය සෙවීමටය.අවාසනවට එයද නොමැත.මා දැන් රැය පහන්කල යුත්තේ මෙහිය.මා වඩාත් දොරට හේත්තු වී විශාල ශාලාව දෙස නෙත් යොමා සිටිමි.මල කදන් පැටවූ මේස එක පෙලට මා ඉදිරියේ ඇත.

කිසිවකු ඉකි ගසන හඩ ඇසී මා හිස ඔසවා බැලීමි.මා හට ඉදිරියේම වූ මේසයක් අසල ඉටි පන්දමක් දැල්වී තිබුණි.ඉන් විහිදී ගියේ මලානික ආලෝකයකි.ඒ එලියෙන් මා දුටුවේ ඒ අසල හිද ගෙන සිටින පෙර දුටු යුවතියයි.ඇය අසල මේසය මත තිබෙන්නේ නිරුවත් ගැහැනු මල සිරුරකි.එය කලු පැහැ ගැන්වී විකෘති වී තිබුණි.එහි කෙස් කල්ලපයද කඩා වැටී තිබුණි.මල සිරුරේ උදරය පලා ඇත.ඉන් ඉවතට ගෙන තිබූ බඩ වැල් මල සිරුර මතම තිබුණි.ඇය ඉකි ගසමින් මුහුන පහත් කරමින් කිසිවක් කරමින් සිටියාය.
මා ඒ දෙසට ගමන් කලෙමි.

ලන්වත්ම ඇයගේ හැඩීම හොදින් ඇසේ.ඇය ඉවතට ගෙන තිබූ බඩ වැල් නැවත මල මිනියේ උදරය තුලට දමමින් නූලකින් විවරය වසමින් සිටී.ඈ අසල පෙරලූ පොතක්ද විය. ඒ මා හවස ලොකරයේ තිබී සොයා ගත් පොත බැව් මා ඇදින ගතිමි.

ඔයා කව්ද මොනවද කරන්නේ
මා විමසීමි.ඈ කිසිත් නොකියා තම කාර්‍යයේ නිරත විය.
හලෝ ඔයා කව්ද

ඇය හිස ඔසවන්නේ නැතිව පෙරලූ පොත දෙස සිය අත දිගු කලාය.මා ඒ දෙස බැලීමි.

සුලෝචනා මිහිරාණී
1990
ලෙස එහි සටහන් විය.

ඊට ආසන්නයේ මල මිනියේ අතේ බැද තිබූ සටහනක්ද මා දුටුවෙමි.

නාමලී සමරවීර

එහි සටහන් විය.

ඇය කරමින් සිටි මැස්ම නවත්වා මල මිනියේ වූ සටහන ඉවත් කර පොතේ තිබූ සුලෝචනා මිහිරාණී නම ඉරා අතේ සවි කලාය.

ඇයි ඒ නම මරු කලේ ඒක වැරදිනේ

වැරදි වැරදි කලේ මම නොවෙයි වැරදි වුනේ මටයි.ඇය රලු ස්වරයකින් පවසනු ඇසීමෙන් මා අඩි කීපයක් පිටුපසට විසි විය.ඈ හිස ඔසවා බැලීය.සුදු මැලි මුහුනේ වූයේ රුදුරු බැල්මකි.
මේ ඉන්නේ සුලෝචනා මිහිරාණී.ඔව් සුලෝචනා මේ ඉන්නේ මම සුලෝචනා
ඇය මල මිනිය බදාගෙන කෑ ගැසීය.මා මොහිතක් ගල ගැසී සිටියෙමි.

මේ ඉන්නේ සුලෝචනා ඇය යටි ගිරියෙන් කෑ ගසමින් පවසයි.මා බිය වූ තරමට මා කොහෙන් හෝ එම ගොඩනැගිල්ලෙන් එලියට එන්නට ඇත.මා නේවාසිකාරය වෙත එක එල්ලේ ඩිව ඈවෙමි.පාන්දර හතර පසුවී තිබුණි.

උබ අදත් හීනෙන් ඇවිදද? යකෝ ඇවිදනම් අයි ඇවිල්ලා ඇදෙන්ම නිදා ගනින්කො.අපි ඕන ආයි උසලා ගෙනත් දාන්න.
එහා කාමරයේ ජනිත්ගේ හඩින් මා අවදි විය.
මා දනැවතත් සිහිනෙන් ඇවිදේද? නැත හොත් මා මුහුන දුන්නේ සැබෑ සිඩුවීමකටද? මා හට කිසිත් සිතා ගත් නොහැක.

මා පසුදා දේශන සදහා සහබාගීවීමට සූදානම් වීමි.දේශන සදහා වෙනද සහබාගී වූ දේශන ශාලාව වෙනුවට මෙවර යොදා තිබුනේ විශාල ශාලාවකටය.එය හුරු පුරුදු බවක් දැනුනේ නහය විනිවිද යන ෆෝමලින් දුගද නිසාවෙනි.එක පෙලට තබා තිබූ මේස මත උඩුපැලි අතට ගොඩ ගසා තිබූ මලමිනී සියල්ල සිහි කලේ පෙරදින රාත්‍රියේ මා මුහුණ දුන් සිඩුවීමයි.මා විගස මා පෙර දින රාත්‍රියේ දුටු යුවතිය සිටි මේසය වෙත ගමන් කලෙමි.එය මත වූයේ උදරය විවෘත කල බඩ වැල් එලියට ආ නිරුවත් තරුණ මල සිරුරකි.එහි මුහුණ මත වූයේ වටකුරු උපන් ලපයකි.මා එහි අතේ ගැටගසා තිබූ සටහන වෙත නෙත් යොමු කලෙමි.එහි නාමලී සමරවීර ලෙස සටහන්ව තිබුණි.

මා නැවතත් පීඨ කාර්‍යාලය වෙත ගමන් කලෙමි.එහි බිත්ති මත එල්ලා තිබූ ආදි සිසුන්ගේ චායාරූප පෙල මා පිරික්සීමි.එහි 1990 කණ්ඩායමේ සමූහ ජායාරූපය අහලින් වූ සිසුන්ගේ නාම ලේකනය පිරික්සුවේ සුලෝචනා මිහිරාණී නම තිබේදැයි කියාය.එය එහි සටහන්ව තිබුණි.මා මීලගට චායාරූප යේ ඇය සිටී දැයි සොයා බැලීමි.නමුත් එහි ඇය නොසිටියාය.මා පිටුපසින් කිසිවකු උගුර පාදන හඩ ඇසී මා හැරී බැලුවෙමි.සාරියකින් සැරසුණු මැදි වියේ කාන්තවක් මා පිටුපස සිට ගෙන සිටී.

පුතා සුලෝචනාව දන්නවාද? ඇය විමසුවාය.

මා තිගැස්සී ගියේය.
නෑ එයාගේ නම තිබට පොටෝඑකේ නෑනේ.

එයා ග්‍රැඩුවේට් වෙනකන් හිටියේ නෑ .එයාඅතුරුදහන් වුනා.අදටත් එයාට මොකද වුනේ කියලා අපි දන්නේ නෑ.
ඇය දුක් මුසු ස්වරයකින් පැවසුවාය.

එයා තමා මගේ හොදම යාලුවා.එයාට ඒ කාලේ අපෙ කැම්පස් එකේ වැඩ කරපු කෙනෙක් එක්ක එෆ්යර් එකක් තිබ්බා.එත් එයා බැදපු කෙනෙක් කියලා දැන ගත්තාම එයා අයින් වුනා.ඒකට අරයා තරහින් හිටියේ.එයාව තම සැක පිට අතඩන්ගුවට ගත්තේ .එත් සාක්ශි නැතිව නිදහස් වුනා.
ඇය තවදුරටත් පවසුවාය.

මේ ඉන්නේ එයා.ඇය සිය ජන්ගම දුරකතනයේ වූ ජයාරූපයක් පෙන්නුවාය.
එහි වූයේ කම්මුලේ වටකුරු උපන් ලපයක් සහිත් තරුණ යුවතියකගේ රුවකි.
මන් මෙයාව දන්නවා ඩිසෙක්ශන් රෑම් එකේ No 12 ඇදේ තීන බොඩි එක මෙයාගේ.
එය අසනවාත් සමගම ඇය මිනී පරීක්ශනාගාරය වෙත දිව ගියාය.මාද ඇය පසු පස දිව ගියෙමි.මා යන විටත් ඇය no12 මල සිරුර පරීක්ෂා කරමින් සිටියාය.

ඔව් මේ සුලෝචනා තමයි මට පුලුවන් එයාව අදුර ගන්න .ඒත් කොහොමද එයා මෙතනට ආවේ ඇය කදුලු පිරි දෙනෙතින් පැවසුවාය.

ඒ අනුව සුලෝචනගේ මරණය පිලිබඳ වූ නඩුව නැවත විබාගයට ගැණුණි.පීටය සතු සියලු මෘත ශරීර එකිනෙක පරීක්ශා කිරීමේදී නාමලී සමරවීර යන අයගේ මෘත ශරීරය නොමැති බැව් පසක් විය.ඒ අනුව එකල මෘත ශරීරාගාරය බාරව සිටි සුලෝචනාගේ පැරණි පෙම්වතා අතඩන්ගුවට ගන්නා ලදී.වැඩි දුර පරීක්ශන වලදී හෙලි වූයේ එදින සුලෝචනා හා ඔහු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් ඔහු අතින් සුලෝචනාගේ ගෙල සිර කොට මරා දමන් ලද බවත්,එදිනම වෛද්‍ය පීඨ ය වෙත පරිත්‍යාග කල නාමලී සමරවීර වන අයගේ නමින් සුලෝචනගේ මෘත දේහය පීඨ ය වෙත ලබාගෙන නාමලී යන අයගේ මෘත දේහය රහසිගතව වල දමා ඇති බවයි.ඒ අනුව ඔහුට මරනීය දන්ඩනය හිමි වූ අතර සුලෝචනාගේ මෘත දේහය අවසන් කටයුතු සිදු කර බූමදානය කලේය.

අදටත් සුලෝචනා මිහිරාණිගේ සොහොන් කොත හන්තාන සිහිල් සුලගේ පහස ලබමින් නිසොල්මන්ව නැගී සිටියි.ඇයගේ ආත්මයට උදා කල සාධාරණ ය ඒ සොහො කොත දකින සෑම විටකම මා සිත ට අමුතු ගැගීමක් ඇති කිරීමට සමත් වෙයි........

නිමි

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


13 April 2018

---නාන මිනිහා---


 මේක මගේ අම්මාට වුන දෙයක්......විශ්වාස කීරීම ඔයාලට බාරයි.

අපේ අම්මාගේ මහගෙවල් තියෙන්නේ වැලිමඩ.ඔන්න අම්මාට මාව හම්බෙන්න කලින් ඒ කියන්නේ කාසාද බැන්ද අලුත අම්මලා ඉදලා තියෙන්නේ අම්මලාගේ ගමේමයි.ඒ දවස් වල එ ගමට යන්න තියෙන්නේ කෑලෑ පාරකින්ලු.පොඩි අඩි පාරවල් වලින් ගිහින් දොලවල් උඩින් පැන පැන තමයි යන්න තියෙන්නේ.ප්‍රධාන පාරට එන්න ඉතින් පැයක් විතර යනවා.ඒ තරමටම දුෂ්කරයිලු.

දවසක් අම්මා ගිහින් අම්මාගේ හොදම යාලුවෙක්ගේ දානේ ගෙදරක.උදේම ගිහින් දානේ එහෙම ඉවර වෙලා එනකොට හවස් වුනලු ටිකක්.4 විතර වගේ වෙලා.අම්මගේ යාලුවා කියලා නවතිලා හෙට යන්නත් කියලා.ඒත් අම්මා කමක් නෑ කියල එන්න ආවලු.(අම්මගේ හිත හයියයි.කිසි දේකට සැලෙන්නේ නෑ.බයත් නෑ) කොහොමින් කොහොම හරි අම්මගේ ගමට එනකොට 10.30වගේ වුනාලු.

ඒ දවස් වල ඉතින් ගම් වලට ලයිට් එහෙම නෑනේ. කලුවරයිලු පාලාතම හොදටම.ඒත් අම්මට නුපුරුදු ගමක් නෙවෙයිනේ.පොඩි කාලේ ඉදලා හිටපු ගමේ අස්සක් මුල්ලක් ඕනි තැනක් දන්නවනේ.අනික අම්මාගේ හිත ශක්තිමත්නේ.ඔන්න ඉතින් කලුවරේම ආවලු කෑලෑ පාරේ.හිතේ කිසි බයක් තිබිලත් නෑලු.ටිකක් දුර යන්කොට හම්බෙනවාලු නාන ලිදක්.අම්මට ඇහිලා කව්දෝ නාන සද්දයක්.ඉතින් අම්මා කල්පනා කරලා මේ මහා රෑ මොකාද මේ නාන්නේ කියලා.පොඩ්ඩක් ඈත තියා බැලුවහම දැක්කලු පිරිමි චායවක්.

සුදු පාට දිලිසෙන කලයකින් හරි ලස්සනට නානවා.හරි ලස්සනට කිවුවේ ඒ කලෙන් වතුර අරන් ඔලුවට වක්කරගන්නේ නිකන් ගෑනු කෙනෙක් වගේලු.ඒ තරම් අර වතුර ටික ලස්සනට ඔලුවේ ඉදන් පහලට වැක්කෙරෙන්වාලු.

දැන් ඉතින් මහා රෑ පිරිමි කෙනෙක් නාන තැනකින් ගෑනු කෙනක් යන එක නුවනට හුරු මදිනේ.අනික මිනිස් පුලුටක් වත් නෑනේ.ඉතින් අම්මා කරලා තියෙන වැඩේ ඉට එහා පැත්තෙන් තිබුන වෙනත් පාරකින් යන්න හැදුවලු.ඉතින් දැන් ඔහොම ලිදත් පහු කරන් ටික දුරක් යන්කොට අම්මා නිකමට වගේ පිටිපස්ස බැලුවලු.එතකොටම අම්මා දැක්කලු අර නාන මිනිහා ටික ටික උස යනෝලු.අම්මට තේරුනාලු වැඩේ.

අම්මා කරල තියෙන්නේ ටක් ගාලා පොලෝවේ ඉරි තුනක් ගහලා හොද කුනුහර්ප ටිකක් කියල පිටිපස්ස බලන් නැතුවම ගෙදරට අවාලු.ඇවිත් විස්තරේ කිවුවලු.අපේ අම්මාගේ තාත්තා ටිකක් මන්තර ගුරුකම් දන්නවලු. එවෙලෙම අම්මට මතුරල නුලක් ගැට ගැහුවලු.ඉට පස්සෙත් ඒ ගමේ එක එක ඔවාගේ දේවල් වෙලා තියෙනවා.ලස්සනට කතාව ලියන්න නම් බෑ මට.ඒ වුනට වුන සිද්දිය මන් ඔයාලට කිවුවා.

විශ්වාස කරන්වා නම් කරන්න.ම්න් නම් තාම හොල්මන් දැකල නෑ. ඒත් විශ්වාස කරන්වා මේ වගේ දේවල් තියනවා ඇති කියලා.

බුදු සරනයි...සුබ දවසක් ඔයාලට..

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





11 April 2018

---අත්තම්මා---


අපෙ අත්තම්මා ඒ කියන්නෙ තාත්තගෙ අම්මා ජීවත් වුණේ ලොකු තාත්තලාගෙ ගෙදර.එයා නිතරම අපේ ගෙදර ආවා.ඒ ආවෙ එයාට හිටපු මුණුබුරු මිණිබිරියන්ගෙන් එයා වැඩිපුරම ආදරේ කරපු මිණිබිරියො දෙන්නා වුණු මාවයි අපෙ අක්කිවයි දකින්න.අපිත් අත්තම්මාට හරි ආදරෙයි.ඉතින් ඔහොම ඉද්දි දවසක් අත්තම්මා අපේ ගෙදර එද්දි කලන්තෙ හැදිලා පාරෙ වැටිලා.ඊට පස්සෙ එයා එක්තැන් වුණා.අපි නිතරම ගිහින් අත්තම්මාව බලලා ආවා.අත්තම්මාට සිංහල වෙදකම් කළත් කිසිම ගුණයක් තිබුණෙ නෑ.එන්න එන්න ඔත්පල වුණා.දවසක් අපි ගියා අත්තම්මා බලන්න..

"පුතේ උඹලා ආවද මාව බලන්න."
"ඔව් අත්තම්මා.දැං ඔයාට හොදයිද?"
"ඔහෙ නෑ පුතේ.මට මැරෙන්න කලිං එහෙ එන්න ආසයි"

අත්තම්මා එහෙ කියලා කිව්වේ අපේ ගෙදරට.අපි එයාට හොද වුණු ගමන් ගෙදර යමු කියලා එයාගෙ හිත හැදුවා.සිංහල අළුත් අවුරුද්දට තිබුණෙ සති දෙකයි.අපි අවුරුද්දට අත්තම්මාව බලන්න එනවා කියලා පොරොන්දු වෙලා ගෙදර ආවා.

ඊට දවස් දෙකකට විතර පස්සෙ මම අපේ ගෙදරින් එළියෙ පුටුවක් තියලා වාඩි වෙලා පොතක් කියව කියව හිටියා.අක්කී මගේ ළගම බිම වාඩි වෙලා q-tex ගානවා.ගෙදර වෙන කව්රුත් හිටියෙ නෑ.එකපාරටම හයියෙන් හුළගක් ආවා.ගේ ඇතුළේ දොර රෙදි මහා හයියෙන් හෙලවෙනවා අපි දෙන්නම දැක්කා.හැබැයි අපෙ ගේට්ටුවෙන් එළියෙ පරිසරය හරිම නිස්කලංකයි.ගහක්වත් හෙලවෙන්නෙ නෑ.අපේ ගෙදරට විතරක් මේ හමන හුළග අපි දෙන්නටම පුදුමයක් වුණා.ඒ විතරක් නෙවෙයි කියාගන්න බැරි සීතලක් අපිට දැණුනා.

"ලොකු වැස්සක් එන්න වගේ"
අක්කී මගෙ දිහා බලලා කිව්වා.
"මොන වැහිද මේ පට්ට අව්වෙ"

මං එයාගෙ වචනෙට විරුද්ධ වුණා.අපේ ගෙදර ප්‍රධාන ගේට්ටුව හැරුණම ඉඩමෙ කොනට වෙන්න තව පොඩි ගේට්ටුවක් තියනවා.අපි ඒක පාවිච්චි කරන්නෙ කරවල,මස්,මාළු වගේ දේවල් ගෙට ගන්න විතරයි.අපෙ අම්මා ඉස්සරහා දොරෙන් ඒ වගේ දේවල් ගන්නෙ නැති නිසා අපි ඒ ගේට්ටුවෙන් ඒවා අරන් කුස්සිය පැත්තෙ දෙරෙන් ගෙට ගන්නවා.ඉතිං අර හුළගත් එක්කම ඒ ගේට්ටුව නිකන්ම ඇරුණා.අපි දෙන්නම ඒ පැත්ත බැලුවා.පුදුමයි ඇවිදින්නවත් බැරුව හිටපු අත්තම්මා එයාගෙ සුදු සාරියත් ඇදගෙන ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් අපි දිහා බලලා කුස්සිය පැත්තට ගියා.

අපි දෙන්නම දැං මුකුත් හිතාගන්න බැරුව බලන් හිටියා.කුස්සියේ මොකක් හරි පෙරලෙන සද්දෙත් ගෙදර 4න් එකේ rings ගියෙත් එකවැරම වගේ.අක්කි 4න් එක ගන්න දුවද්දි මං දිව්වෙ කුස්සියට.පුදුමයි අත්තම්මා කුස්සියේ නෑ.ඒ විතරක් නෙවේ පෙරලුණු දේකුත් නෑ.දැන්නම් ඔළුව හොදටම විකාරයි.අත්තම්මා කොහාට ගියාද?එහෙම හිතලා කුස්සියේ දොරෙන් එළියට යන්න හදද්දිම අක්කී දුවගෙන ඇවිත් මාවත් ඇදගෙන එළියට දිව්වා. එයාගෙ මුළු ඇගම වෙව්ලනවා.

"නංගී අත්තම්මා නැති වෙලාලු.ලොකු අම්මා කෝල් කළේ"

මට ඇඩෙන්න ආවා.පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.එතාකොටම කඩේ ගිහිං හිටපු අම්මා ආවා.අක්කී අම්මාට අත්තම්මා නැති වෙලා කියලා කිව්වත් අපිට වුණු සිද්ධිය කිව්වෙ නෑ.එයාගෙ ඇස් වලින් මටත් ඒ ගැන මුකුත් කියන්න එපා කියලා ඉඟි කළා.අම්මා මළගෙදර යන්න ලෑස්ති වෙන්න කියද්දි අපි ලෑස්ති වුණේ ගෙදර තනියම ඉන්න තිබුණු බය නිසාමයි.අපි ලොකු තාත්තලාගෙ ගෙදරට යනකොටත් මිණිය ඇද උඩ.ග්‍රාමසේවක එනකල් කට්ටිය බලන් ඉන්නවා.ලොකු අම්මා අපි ළගට ආවෙ කදුලු පිහදාන ගමන්.

"අනේ බලපං නංගී උදෙත් හොදට කතා කලා. මට කිව්වා මං 11 වෙද්දි කෙල්ලො දෙන්නා බලන්න එහෙ යනවා.ඊට කලින් මට තේ ටිකක් දීපං කිව්වා.ඊට පස්සෙ තේ එක බීලා කොට්ටයක් අතගගා මයෙ කෙල්ලො දෙන්නාට බුදුසරණයි. සුභ අලුත් අවුරුද්දක් වේවා කිය කිය හිටියා.අනේ හරියට 11 වෙද්දි ඇස් පියාගත්තා දෙයියනේ"

ලොකු අම්මා කියද්දි අක්කී මායි මූණෙන් මූණ බලාගත්තෙ අපි දෙන්නා අත්තම්මා දකිද්දී වෙලාව 11ට ඇති කියලා හිතුණු නිසා. මළගෙදර වැඩකටයුතු ඉවර වුණාට පස්සේ අපි අම්මාට මේ ගැන කිව්වා.අම්මා කිව්වෙ අපි දෙන්නට තිබුණු ආදරේ නිසා අන්තිම මොහොතෙත් අපි දෙන්නා බලන්න ආවා කියලා.

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..