මීට අවුරුදු 30,40 පෙර සිද්ද වෙච්ච කතාවක්. දකුනු පලාතේ එක් කුඩා ගමක සිදුවුන පුවතක්. සත්‍යය සිද්ධියක්. ගමේ නම නොකිය ඉන්නම්.නැත්තම් ගමේ අහල පහල අද ඊයේ ඉපදෙච්ච පඩත්තරයො එනවා ඒ කාලෙ ගම ගැන කියාදෙන්න.....අපි කතාවට එමු
මෙ ගම කෙලවරේ තියෙනවා ලස්සන ගංගාවක්. කුඩා දූපත් පනස් ගණනකින් සමන්විත මේ ගඟෙහි ඇති සුන්දරත්වයට ගම තවත් ලස්සන වුනා...මේ ගමේ හිටියා එක්තරා මධ්‍යම පන්තියේ මිනිසෙක් අපි ඔහුට නිමල් කියලා කියමු...නිමල් කරේ කුලී වැඩ , තම පවුලත් දරුවත් බලාගෙන නිමල් ගමේ ජීවත්වුනේ හරිම සතුටින්...නිමල් වැඩ නැති දවස්වලට කරේ ගඟේ මාලු අල්ලන එක.නිමල්ට ඔරුවක්නම් තිබුනෙ නෑ,නමුත් තම යහලුවෙකුට අයිති ඔරුවකින් නිමල් හැන්දැවට මලු අල්ලන්න ගඟට යනවා

නිමල්ට තිබුනා ඔහුගේම කියලා පොඩි ඉස්සො කොටුවක්....මේ ඉස්සො කොටුවත් කරගෙන ඉන්නකොට තමයි නිමල්ට මේ අවාසනාවන්ත ඉරණමට මුහුන දෙන්න වුනේ. දවසක් නිමල් හවස තම රාත්‍රී කෑම එකත් රැගෙන ගඟේ යන්නට පිටත් වුනෙි වෙනදා මෙන් ඉස්සොකොටුවත් බලාගෙන මාලු අල්ලන්න යන අධිෂ්ඨානයෙන්..නිමල් ඔරුව අරගෙන ගගට ගොස් රාත්‍රී 8ට පමණ ඉස්සො කොටුවෙන් ඉස්සො ටික එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන ඔහු කොටුවෙන් ඈතට ගමන් කරන්නෙ මාලුඅල්ලන් හිතාගෙන.....තොටුපල ඇසේ පේනමානයේ තියාගෙන ඔරුව නවත්වන ඔහු පෙරදා මෙන් සුපුරුදුපරිදි තම රාජකාරියේ යෙදි රාත්‍රිය ගෙවනවා...
වෙලාව අලුයම 5 විතර ඇති...ඔහු දැල් බේරමින් දැල්වල පැටලී ඇති මාලු එකින් එක ගලවමින් ඔරුව තුලට දමන්නෙ ඉකිමනට ගෙදරයන්න හිතාගෙන..නමුත් ඔහඅට ඇසෙනවා ඔහුට ඉදිරියෙන් කවුරුන්හෝ සිටින හඩක්. නිමල් ඔලුව උස්සා බලනකොටම දකින්නෙ ඔරුව අනිත්.කෙලවරෙි සිට ඉස්සො බෑගය කමින් සිටින කලු වලසෙකුගෙ පෙනුමෙන් යුතු මිනිහෙක්...
ඒ දැක්මෙන් නිමල් කෙතරම් බිය වෙනවාද කිවහොත් ඔහුට කතා කරගැනිමටද නොහැකිවෙනවා....ඒ සමගම ඔරුව අනිත් පස සිටින්නෙ මහසෝනා කියා ඔහුට එසැනින් සිහියට එනවා... එකවරම " මුන් ටික කාලා ඉවරවෙලා මම තෝවත් කනවා" කියා මහ භයානක හඩකින් අනිත් පස සිටින අමනුස්සයා නිමල්ට පවසනවා

ඉකිමනින් ගොඩට එන ඔහු, පසුපස නොබලාම ගෙදර දුවනවා..නමුත් ඔහු තම නිවසේ දොර ලගට යනකොටම මහසෝනා දොරෙහි උලුවස්සට අත් දෙක ගහගෙන ඔහු ඉදිරියේ සිටිනවා..... නිමල් පැමැනි විගස මහසෝනා නිමල්ගෙ බෙල්ල පිටුපසට අත දිග ඇර පහරක් ගහනවා, නමුත් නිමල්ගෙ වාසනවාට නිමල් අනිත් පැත්ත හැරෙන නිසා එමපහර නිමල්ගෙ උරහිසටයි වැදෙන්නේ...නිමල් සිහිසුන්ව බිමට වැටෙනවා.
ඉන් විනාඩි 10ට විතරපසුව නිමල්ගෙ බිරිද දකිනවා නිමල් ඉස්සරහ වැටිලා සිටින බව.නිමල්ගෙ උරහිසේ ඇති අත්පාර දකින අැයට සිදුවී ඇති දේ වැටහෙන්න මහ කාලයක් ගත.වෙන්නෙ නෑ. ඇය අසල්වාසින්ට කතා කර නිමල්ව ගෙ අඅතුලට රැගෙන ගොස් වතුරටිකක් ඉහලා සිහිය ගන්නවා

වහාම ගමේ ගුරුන්නාංසෙ රැගෙන එන ඔවුන් නිමල්වට හැකි තාක් සාත්ත සප්පායම් කරනවා....ගුරුන්නාංසේ ඇවිත් "හැකි ඉක්මණින් තොවිලයක් ලෑස්ති කරපල්ලා අද රෑට උනත් කමක් නෑ " කියා පවසන්නෙ එතන සිටිසියල්ලම බියට පත්කරවමින්...ගම්මු තොවිලය සුදානම්කරනවා....
තොවිලය පටන් ගන්නවා. රාත්‍රී 1 පමණ ගුරුන්නාංසෙ කියනවා " මට මෙක කරන්න මේ දේ සිද්ද වුන තැනට යනින ඕනෙ, හැබැයි මේ වැඩෙන් පස්සෙ එක්කො නිමල් ජීවත්.වේවි නැත්තම් මම ජීවත් වේවි" කියලා ගුරුන්නාංසෙ මන්ත්‍ර ජප කරමින් ගං ඉවුරේ තොටුපල දෙසට ගමන් කරනවානිමල්ද කැටුව. සියල්ලොම පැමිනෙනවා..
නමුත් සිදුවුයේ කුමක්ද යන්න කාටවත් හිතාගන්න බැරිවෙනවා, තොටුපල දෙසට ගොස් ගුරුන්නාංසෙ ගඟට බහිනවාත් සමග පරිසරයම මුසල කරමින් සුලං පාරක් හමනවා ඒ සමගම ගුරුන්නාංසෙ මැරිලා වැටෙනවා

සතියක් පමණ යනකොට නිමල් සුව අතට හැරෙනවා.මේ වෙනවිට නිමල්ට වයස 70 පමණ වේ...අද ඔහු තම දරුවන් සමග සතුටින් ජීවත් වෙනවා.නමුත් ගුරුන්නාංසෙ අද නෑ... කරදරය සිදු වුයේ එක් අයෙකඅට, වන්දි ගෙව්වෙ තව අයෙකු විසින්...
අප මේ ලෝකයේ කෙතරමි දේ දැනගෙන සිටියත් අපට වඩා ඉහලින් ඉතා බලසම්පන්න ගුප්ත ලෝකයක් ඇති බව අමතක කරන්න එපා....
Source: Link
අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...
Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..
No comments:
Post a Comment