මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

31 May 2018

---හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ---


අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රට වලත් සමහර උදවිය තමන්ට වාසනාව ලැබේ යයි බලාපොරොත්තුවෙන් විවිධ භාණ්ඩ තමන් ළඟ තියාගන්නවා. අපේ රටේ බොහෝ දෙනා අපල උපද්‍රව වලින් සහනය ලබා ගන්නට විවිධ මැණික් වර්ග පළඳිනවා. කවුරුවත් තමන්ට අවාසනාව ගෙන එන දෙයක් නම් ළඟ තබා ගැනීමට කැමති වෙන්නේ නැහැ. ඒත් අහම්බයකින් එවැන්නක් තමන් ළඟ තිබුණොත්?
ඒ වගේ තම හිමිකාරයාට අවාසනාව විතරක් නෙවෙයි මරණය පවා ළඟා කර දුන්නා ‍යැයි සැලකෙන වටිනා භාණ්ඩ කීපයක්ම ඉතිහාසය පිරික්සීමේදී අපට හඳුනාගන්නට පුළුවන්.

හුදු අහඹු සිදුවීම් වලට එහා ගොස් සිදු වී තිබෙන විවිධ සිදුවීම් නිසා හා ඒ ඒ අවස්ථා වල ඒ ඒ භාණ්ඩ ඒ සිදුවීම් කෙරෙහි සම්බන්ධව තිබූ ආකාරයේ යම් කිසි අත්භූත සමානකම් නිසා මිනිසුන් ඒවා ශාපලත් භණ්ඩ යැයි සලකන්නට පටන් ගත්ත එකට එක එල්ලේම දොස් නඟන්නත් බැහැ. මේවා වල සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ලඟ තබා ගැනීමෙන් අවාසනාව ලඟා වෙනවා යැයි හංවඩු ගැසුණු භාණ්ඩ කීපයක් ගැන විස්තරයි මේ.
පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!!

" උපුටා ගැනීමකි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරයි ...."

1. හෝප් දියමන්තිය

 
මේ වටිනා දියමන්තිය මීට අවුරුදු බිලියන 1.1 කටත් වඩා පෙරාතුව නිර්මාණය වූ බවට සැළකෙනවා. මෙහි වර්තමාන වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 37.5 ත් අතර අගයක් ගන්නවා. ලෝකය පුරා කරක් ගසමින් විවිධාකාර පුද්ගාලයන් අතට පත්වූ මෙය වර්තමානය වන විට වොෂින්ටනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ නිසොල්මන්ව තැන්පත්ව තිබෙනවා.

බරින් කැරට් 45.52ක් වන මෙහි ශාපයක් ගැබ්ව ඇතැයි සමහරු තාරායෙම විශ්වාස කරනවා. මෙය අයිතිව තිබූ පුද්ගලයින් ගණනාවක්ම දික් කසාද, සිර ගත වීම්, වද හිංසා වලට ලක් වීම්, බංකොළොත් වීම් වලට පමණක් නොවෙයි ජීවිත හානි වීම් වලට පවා ලක් වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් ඉතිහාසඥයින් පවසන්නේ මේ ශාපය පිළිබඳ කතාව දියමන්තියේ වටිනාකම වැඩි කිරීම සඳහා ගෙතූ එකක් බවයි...

2. බසානෝ මල් බඳුන



බසානෝ බඳුන රිදියෙන් සාදා තිබෙන්නේ 15 වෙනි ශතවර්ශයේදියි. ඒ ඉතාලියේ ජීවත් වූ කාන්තාවක් සිය විවාහ දින රාත්‍රියේදීයි. එදිනම ඇය ඝාතනය වී තිබියදී සොයා ගන්නවා. ඒ වන විට ඇය මේ බඳුන බදා ගෙන සිටියා. මේ බඳුන ඇගෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයන්ට හිමි වූ අතර සියළු දෙනා මෙහි හිමිකාරීත්වය තිබියදීම මිය යන්නේ අකාලයේ. අවසානයේ මෙය සඟවා දමනු ලබනවා.

අවාසනාවට නැවතත් 1988 දී මේ බඳුන කිසිවෙක්ට හමු වෙනවා. ඒ මරණය පිළිබඳ අනතුරු ඇඟවෙන කොළ කැබැල්ලක්ද සමඟ. ඉන් අනතුරුව පෙර පරිදිම බඳුනේ හිමිකාරීත්වය ඇති තැනත්තා මිය යනවා. මේ බඳුන විවිධ කෞතුකාගාර වලට දෙන්නට උත්සාහ කළත් කිසිවක් විසින් එය බාර නොගන්නේ ශාපයට ඇති බිය නිසා. වර්තමානය වන විට නැවතත් එය හඳුනාගත නොහැකි ස්ථානයක වළ දමා තිබෙනවා.

3. බස්බි ගේ පුටුව


ඉංග්‍රීසි ජාතික සුරා සොඬෙක් වුණු තෝමස් බස්බි නැමැත්තෙක්ක් සිය මාමණ්ඩියව 1702 දී ඝාතනය කරනවා. මේ නිසා ඔහුට මරණ දඬුවම ලබා දුන් අතර එය ක්‍රියාත්මක වූ ස්ථානය ඉදිරියේ නවාතැන් පොළක් තිබී තිබෙනවා. තානායමේ සිට බස්බිට මරණ දඬුවම ලබා දෙනු හොඳින්ම පෙනෙන ස්ථානයක තිබූ පුටුවක් ඔහුගේ ශාපයට ලක් වී ඇති බව වැඩි කල් නොගොස්ම එහි ජනතාව තීරණය කරනවා.

කිසිවෙක් මෙහි වැරදීමකින් හෝ හිඳ ගතහොත් ඔහු ඉතා අසාමාන්‍ය හදිසි අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කෙසේ හෝ 1978 වසරේදී මෙම පිටුව ත්‍රිර්ස්ක් කෞතුකාගාරයට ලබා දී ඇති අතර අද එය පවතින්නේ උස් තාප්පයක් ඇති කුටියකයි. කිසිවෙක්ට දැන් එහි හිඳ ගන්නට බැහැ.

4. ‘Hands Resist Him’ චිත්‍රය


 ශාපලත් චිත්‍ර පිළිබඳ විවිධ විශ්වාස ලෝකයේ තිබෙනවා. මේ මෑත කාලයේ සිදු වුණු එවැන්නක්. මේ චිත්‍රය අඳින ලද්දේ කැලිෆෝනියාවේ චිත්‍ර ශිල්පියෙක් වූ බිල් ස්ටෝන්හැම් විසින්. ඒ 1972 දී. මෙහි අන්තර්ගත වෙන්නේ ගැහැණු බෝනික්කෙන් අසල සිටින පිරිමි ළමයෙක් ජනේලයක් අසළ සිටගෙන සිටින ආකාරයයි. මෙය 2000 වසරේ eBay හි වෙන්දේසි කරෙනවා. ඒ වන විට දැනුවත් පරිදි අවසානය හිමිකාරීත්වය දැරුවේ 1984 වසරේ මිය ගිය රංගන ශිල්පී ජෝන් මාලි සතුවයි.

මේ කාලයේදීම මෙය ශාපලත් එකක් බව කියවුණා. මෙය වෙන්දේසි කළ නිර්නාමික වෙළෙන්දන් පැවසුවේ ඔවුන්ට එය හමු වූයේ පැරැණි ඉස්කාගාරයක් පසුපස අත හැර දමා තිබියදී කියායි.
එක් වෙළෙන්දෙක් විසින් එය නිවසට ගෙන ඒමෙන් අනතුරුව රාත්‍රියේදී එහි අත් සෙළවුණු බවත්, කොටින්ම පිරිමි ළමයා ඉවතට එන්නට හැදූ බවත් සිය කුඩා දියණිය ප්‍රකාශ කළ බවත් තව දුරටත් ඔවුන් විසින් ප්‍රකාශ කර තිබුණා. ශාප වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කතා නිසා චිත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 1025 දක්වා ඉහළ නැග්ගා.

5. අඬන ළමයාගේ චිත්‍රය


 මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්‍රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්‍රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්.
සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි.

මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.

6. ටූටන්කාමන් ගේ සොහොන


ශාපලත් ‍යැයි සැලකෙන දේවල් අතුරින් ලොව වැඩිම දෙනා බියක් දක්වන හා ප්‍රසිද්ධම ස්ථානය හෝ භාණ්ඩය තමයි ටූටන්කාමන්ගේ සොහොන් ගැබ. මිය යන විට 19 වි‍යැති වූ මේ පාරාවෝ රජුගේ සොහොනට ඇතුළු වෙන ඕනෑම අයෙකුට පාරාවෝ වරුන්ගේ ශාපය වැදී අවාසනාවන්ත කම, ලෙඩ දුක් හෝ මරණය උරුම වන බව විශ්වාස කෙරෙනවා.

ක්‍රි. ව 1922 හොවාඩ් කාටර් විසින් පළමු වරට මෙම සොහොන් ගැබ විවෘත කිරීමෙන් පසුව මුලින්ම අද්භූත ලෙස මිය යන්නේ සොහොනට මඟ කිවු කැනරි කුරුල්ලායි. ඉන් අනතුරුව මදුරු දෂ්ඨනයක් විෂ වීමෙන් හොවාඩ් ගේ මූල්‍ය සැපයුම් කරු මිය යනවා.

1935 වන විට මේ සොහොනට ඈඳුණු මරණ සංඛ්‍යාව 20ක් පමණ වී තිබුණා. සමහරු පවසන්නේ මේ මරණ වලට හේතුව ඒක්කෝ අහම්බයක් බවයි. නැතහොත් සොහොන් බිමේ තිබූ මරණීය දිලීරයක් බවයි.
7. +359 888 888 888 දුරකථන අංකය

දුරකථන අංකයක් ශාපලත් එකක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් විමසන්නට පුළුවන්. නමුත් බල්ගේරියාවට අයත් මේ අංකය හිමිව තිබූ කීප දෙනෙක්ටම අත් වූ ඉරණම දෙස බලන විට කෙනෙක් එහෙම හිතීම ගැන එක එල්ලේ දොසක් කියන්නත් බැහැ. මුලින්ම මේ අංකය හිමිව තිබූ තැනැත්තා අකාලයේ මිය යන අතර පසුව සමාගම් ප්‍රධානියෙකුට අයත්ව තිබුණා.

ඔහු අවුරුදු 48 දී පිළිකා රෝගයෙන් මිය යනවා. ඉන් අනතුරුව මෙම අංකය පත් වන්නේ මාෆියා කණ්ඩායමකටයි. එය අයත්ව තිබූ මාෆියා මහ මොළකරු හා ඉන්පසුව අයත් ව තිබූ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙඩි වැදී මිය යනවා. අවසාන මරණ 3 ම සිදු වන්නේ අවුරුදු 4ක් ඇතුලත් වීම විශේෂත්වයක්. ඉන් අනතුරුව දුරකථන සමාගම එම අංකය භාවිතයෙන් ඉවත් කරනවා

මූලාශ්‍ර

Dinindu Ekanayake / io9.gizmodo.com / inyminy.com / mentalfloss.com

මෙහි ඇති සියලුම ජයාරූප මෙම සිදුවීම් වලට අදාල ජයාරූප වේ ....

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ... ?

Source: Link


මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

29 May 2018

---අදෘශ්‍යමාන බලවේගවලින් පිරි දිඹුලාගල හිමි වැඩ සිටි අද්භූත ගල්ලෙන---


අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවන්ගේ ජිවිතකතාව තුල අසන්නට ලැබෙන අද්භූත දේවල් රැසක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ,




යතිවරුන් දෙනම දෙයාකාරය. වයස් පරතරය. සසුන්ගත වූ කාලසීමාව අතින්ද එලෙසය. ඒමුත්; සිල්වත් බව අතින් ගත් කළ මෙම යතිවරුන් ඒකාකාර යැයි කීම අතිශෝක්තියක් නම් නොවේ. දිඹුලාගල නාහිමියන් පිළිබඳ මෙම යතිවරුන් දෙදෙනාටම ඇත්තේ එක්තරා ආකාරයක ගෞරවය මුසු ගුරු ආදරයකි. එය දිඹුලාගල නාහිමියන් ඇසුරේ හැදී වැඩුණු නිසාවෙන් නොව උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ උගත් දෑ නිසාවෙන් ඇති වූවකි. ඔමුණුගල ආරණ්‍යය සෙනසුනේ භාරකරු වන කන්දේගම දීපවංශාලංකාර හිමියන් හා හෙනන්නේගල ආරණ්‍ය සෙනසුනේ භාරකාර හිමියන් වන ගෝනවල සුදස්සිලංකාර හිමියන් කිතලගම සීලාලංකාර හිමියන් පිළිබඳ තමන් දැනුවත් කරුණු කාරණා හෙළිකර සිටියේ මේ ආකාරයටය.

ඉතිහාසය කියන ආකාරයට විජය රජු ලංකාවට ආවයින් පස්සේ එවකට ලංකාවේ හිටපු දේශීය ජනයා අතරින් යක්‍ෂ කියන කොට්ඨාසය එක්ක තමයි විජය රජු ගැටුමට එළැඹිලා තියෙන්නේ. සැබෑ විදියට යක්‍ෂ ජන කොටසේ පාලක මධ්‍යස්ථානය වුණේ දිඹුලාගල. අදටත් මේ යක්‍ෂයන්ගේ පුරය කියන අදහසින් එදා හඳුන්වලා දුන්න භූමිය යක්කුරේ කියන නමින් දිඹුලාගල ආරණ්‍ය අසල තිබෙනවා.

විජය රජුගේ සහෝදරයා වුණ ප්‍රමිත්ත කුමාරයාගේ පුතා වුණේ පඬුවස්දෙව් රජු. මේ රජුට තමයි සීතා කියන දියණිය සිටියේ. පස්සේ කාලයකදී උන්මාද චිත්‍රා වුණේ මේ කුමරිය. මේ කුමරියගේ ආදර සම්බන්ධයට උදවු පදව් කළ විත්තරාජ කාලවේල කියන කුමාරවරු දෙන්නගේ ගම් පළාත යක්කුරේ. මේ දෙදෙනා රාජ නියෝගයකින් මරා දමන කොට වාසය කරලා තියෙන්නේ දිඹුලාගල පර්වතයේ. ඔය අතීත කතාව එක්ක අෑදුණු ඓතිහාසික ස්ථාන අදටත් දිඹුලාගල ආරණ්‍ය අවටින් සොයා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි දිඹුලාගල පර්වතය භික්‍ෂුන් වහන්සේගේ ආරණ්‍ය සේනාසනයක් බවට පත් වුණේ. ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වුණු මලියදේව මහ රහතන් වහන්සේත් මේ දිඹුලාගල පර්වතයේ වැඩ වාසය කරලා තියනවා.

ඒ විතරක් නෙවෙයි පොළොන්නරුව රාජධානියේ හොඳම කාලය සටහන් වෙන්නේ මහා පරාක්‍රමබාහු රජ දවසේදී. ඒ කාලයේ වැඩ විසූ දිඹුලාගල කාශ්‍යප සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවකුත් පවත්වලා තියනවා. ඒක තමයි අතීත ඉතිහාස කතාව. ඊට පස්සේ කිතලගම සීලාලංකාර හිමියන් දිඹුලාගලට ආවයින් පස්සේ තමයි නැවත වතාවක් දිඹුලාගල ලංකාවේ හතර දෙස ජනතාව යන එන තැනක් බවට පත් වෙන්නේ. උන්වහන්සේ දිඹුලාගලට වැඩම කරලා ගත කරපු අතිශය කටුක ජීවිතයේදී හරි අරුම පුදුම අත්දැකීම්වලට මුහුණ දෙන්න වුණා කියලා අපේ ගුරු හිමිවරුන් පවසලා තිබෙනවා.

කිතලගම නායක හාමුදුරුවෝ හඳපාන්විල වැඩ වසල තමයි දිඹුලාගලට පැමිණිලා තියෙන්නේ. හඳපාන්විලින් උන්වහන්සේ දිඹුලාගලට පිටත් වෙලා වෙලා තියෙන්නේ රෑ මැදියමේ. ඒ කාලේ මේ පළාත අලි, කොටි, වලස්සු ඉන්න මහ කැලෑව.

හඳපාන්විලින් රෑ මැදියමේ පිටත් වුණු කිතලගම හිමියන්ට ඇති වුණු මූලික අරමුණ බණ, භාවනාවට සුදුසු තැනක් සොයා ගන්න එක. එහෙම අදහසින් ආවහම එතැන ගමනේ අවසානයක් නැහැනේ. ඒ නිසාද කොහෙද උන්වහන්සේ මහ කැලෑවේ අතරමං වෙනවා. එතැනදී තමයි මේ අපූරු සිදුවීම වුණා කියන්නේ. එක අවස්ථාවක අලි කොටි ඉන්න මහ කැලෑව මැද කිරි කළ දෙකක් බැඳ ගත්ත උස මහත මනුස්සයෙක් උන්වහන්සේ ඉදිරියට එනවා. සාමාන්‍යයෙන් මේ පළාත්වල කිරි ගවයෝ ඉන්න නිසා උන්වහන්සේට ඒක පුදුමයකට කරුණක් වෙන්නේ නැහැ. තමන් දැඩි කුසගින්නකින් පසු වෙන බවත් අසල ගම්මානයක් සොයා ගැනීම තමන්ගේ අරමුණ බවත් උන්වහන්සේ අර කිරි කළ දෙකේ කදට අයිතිවාසිකම් කියන පුද්ගලයාට පවසා සිටිනවා. කුසගින්න නිවන්න අර කිරි කළ දෙකෙන් ගත්ත කිරි ඒ පුද්ගලයා උන්වහන්සේට පූජා කරනවා.

ඊට පස්සේ උන්වහන්සේට ගම්මානයට යන පාර කියන්න අර පුද්ගලයා ඉස්සර වෙනවා. ගම්මානයක මිනිස් කටහඬවල් ඇහෙන සීමාවේදී අර පුද්ගලයා උන්වහන්සේට ඉස්සර වෙන්න ඉඩ දීලා එක පාරට අතුරුදන් වෙනවා. ඒ විදියට උන්වහන්සේ පැමිණිලා තියෙන්නේ සොරිවිල කියන ගමට.
කොහොමත් උන්වහන්සේ දැනගෙන ඉඳලා තියනවා තමන්ට මඟ පෙන්වන්නේ මිනිස් ප්‍රාණියෙක් නොවන විත්තිය. ඊට පස්සේ තමයි උන්වහන්සේ සොරිවිල ඉඳලා බණ භාවනා කරන්න දිඹුලාගලට වැඩම කරන්නේ.
ඒ අතරතුර හෙනන්නේගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ගෝනවල සුදස්සිලංකාර හිමියෝ අතීතයට පිය මැන්නේ මේ ආකාරයටය.

මාවේදිය කියලා ඔෟෂධ පොකුණක් දිඹුලාගල කැලෑව මැද්දේ තියනවා. ඔය පොකුණ තියන ප්‍රදේශයේ අදටත් මිනිස්සුන්ට වැඩිය කැමැත්තක් නැති හිමි නමක් බණ භාවනා කරනවා. උන්වහන්සේ කාලයකට සැරයක් දෙකක් විතරයි පිරිවෙනට එන්නේ. ඔය මාවේදිය පොකුණ කිතලගම හාමුදුරුවෝ හොයාගෙන තියෙන්නේ හරි අද්භූත විදියට. මාවේදිය පොකුණෙ වතුර බිව්ව ගමන් වෙහෙස නිවෙනවා කියලයි දකින අය කියන්නේ. මාර විදිය – පස් බුදුලෙන, ඔෟෂධ පොකුණ කියලත් මෙතැනට කියනවා. එතැනට යන්න තියෙන්නේ විශාල ගල් පර්වතයක බෑවුමක් තරණය කරලා. එහෙම ගිහින් ආපසු එන දවසක අපේ නායක හාමුදුරුවෝ කැලෑවේ අතරමං වෙනවා. ඒ වෙද්දි මහණ වුණ පොඩි උන්වහන්සේ සෑහෙන ගාණකුත් උන්වහන්සේ එක්ක. ඒ පාර අපේ නායක හාමුදුරුවෝ කොළ අත්තක් කඩලා එල්ලලා බුදු ගුණ සිහි කරනවා. පුදුමයකට වගේ ගල් පව්ව ගාවින් තිබුණ පාර වෙනුවට වෙනත් පාරකින් ආයේ දිඹුලාගලට එන්න උන්වහන්සේට පුළුවන් වෙනවා. ඒවා මේ පරිසරය එක්ක ගත්තම ඇත්තටම පුදුම හිතෙන සිදුවීම්.

තව දවසක නාගමනි කියලා කෙනකුයි ගමරාල කියන කෙනකුයි එක්ක අපේ හාමුදුරුවෝ “ඉස්වටේ” කියලා ආදිවාසීන් හඳුන්වන ගල් ගේ හොයන්න කැලේ යනවා. එක පාරටම කොටියෙක් මේ තුන් දෙනා යන පාරට පනිනවා. ආදිවාසියෝ දෙන්නා බය වෙලා දුවන්න ගන්නවා. කොටියා එන මඟ වළක්වන්න අපේ නායක හාමුදුරුවෝ කොටියා පස්සේ දුවන්න ගන්නවා. එක පාරටම අපේ හාමුදුරුවෝ දුවගෙන යන පාරේ සුදු පාට ඇඳුමක් ඇඳගෙන හිසේ ජටාවක් බැඳ ගත්ත කෙනෙක් පේන්න ඉන්නවා. ඊට පස්සේ ඒ මනුස්සයා උස් හ¾ඩින් කතා කරද්දි ආදිවාසියෝ දෙන්නා ආපසු දුවගෙන එනවා. මේ වෙද්දි කොටියා අතුරුදන් වෙලා. අර සුදු පාට ජටාව බැඳලා හිටිය කෙනා මේ පැත්තෙන් වඩින්න කියලා අපේ හාමුදුරුවන්ට පාර පෙන්නනවා.

ඒ පාර කෙළින්ම වැටෙන්නේ “ඉස්වටේ” ගල් ගෙය ගාවට. එදාම අපේ හාමුදුරුවෝ ගල් ගෙය සුද්ද කරලා මැස්සක් හදලා ගිනි ගොඩක් පත්තු කරලා ඒ ගල් ගෙයි පදිංචි වෙනවා. පොල් තෙල් පහන පත්තු කරලා, හඳුන්කූරු පත්තු කරලා දෙවියන්ට පින් දීලා නිදා ගන්න හදද්දි එක පාරටම මතු වෙන උස මනුස්සයෙක් උන්වහන්සේට සීලාලංකාර නැඟිටින්න කියලා කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේට කියනවා එයා පස්සේ එන්න කියලා. එහෙම කරලා ගල් ගොඩ නුදුරු තැනක් පෙන්නලා අර සද්දන්තය අතුරුදන් වෙනවා. පස්සේ දවසක අපේ හාමුදුරුවෝ ඒ තැන හාරන්න ගන්නවා.

එතැනින් නතර කරන්න බැරි තරම් වතුර උල්පතක් මතු වෙනවා. එතැනට අද කියන්නේ කොස්ගහ උල්පත කියලා. කොච්චර පෑව්වත් වතුර නැති වෙන්නේ නැති උල්පතක් ඒක. මේ “ඉස්වටේ” ගල් ගෙයි නායක හාමුදුරුවෝ පදිංචි වෙලා ඉද්දි පහන් 21 පත්තු කරලා හැමදාම සතිපට්ඨාන සූත්‍රය හයියෙන් කියනවලු! එහෙම දවස්වලට මිණි ගෙඩි හෙල්ලෙන සද්දයක් ඇවිත් ඒ සද්දය කන්ද උඩට ඇදෙනවා ඇහෙන්න ගන්නවලු! මේ ගල් ගෙයි හත් දවසක් පිරිත් කියලා ලොකු උත්සවයක් අරගෙන කියනවා. දැන් දොරකඩ අස්නේ කියවන්න වෙලාව. බෙර පද ගහලා, නළාව පිඹින්න ගත්ත ගමන් දෙමළ ආරච්චිලා කෙනෙක් කෑ ගහන්න ගත්තලු! එයා කෑගහලා තියෙන්නේ සාමි – සාමි – වාංගලෙයි කියලා. කට්ටියම ඇවිත් බලද්දි කන්ද උඩ ඝණ්ටාරය හයි කරන තැන විශාල ගිනි බෝලයක්. පළාතම ආලෝක වෙලා. පැය කාලක් විතර එක දිගට මිනිස්සු සාධුකාර දුන්නලු!

බමුණුගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් සතුව ඉතා දුර්ලභ අත් පිටපත් කීපයක් අතර කිතලගම සීලාලාංකාර හිමියන් ආදිවාසීන් සමඟ එක්ව දිඹුලාගල ගොඩනැඟූ අයුරු උන්වහන්සේම විසින් විස්තර කරන ආකාරය පැහැදූ අත් පිටපතක් පවතී. එය කිතලගම හිමිගේ අප්‍රතිහත ධෛර්ය පිළිබඳ මනා සාක්ෂියකි. එහි සඳහන් දෑ මෙලෙසය. එහි අතුරු කතාව එන්නේ අද දිනයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන්ගේ පියා වූ ආදිවාසී නායක ‘මිල්වානා’ ද තම අදහස් එම අත්පිටපත් අතරට රැගෙන විත් ඇති නිසාය.
මහ පොළොව නැත්නම් ජාතියක් නෑ. ජාතියක් නැත්නම් ආගමක් නෑ. අපිට ආගම නෙවෙයි ඉස්සෙල්ල ඕන කරන්නෙ. මේ මහපොළොව ඉස්සර වෙලා බේරගන්න ඕනෑ. මේ මහ පොළොව බේරගත්තෙ නැත්නම් මිනිහෙක් හැටියට ඉන්න බැහැ. මිනිස්සු ඉන්න ඕනෙ මහ පොළොව උඩ, හිටියට වැඩක් නෑ.

ඒ මිනිහ දියුණු වෙන්න ඕන. හො¼දට කෑම කන්න පුළුවන් ශක්තිමත් මිනිහෙක් වෙන්න ඕන. පොළොව සශ්‍රීක නම් ඒ මිනිහට කන්න බොන්න තියෙනව නම් සල්ලිපනම් තියෙනව නම් ඉබේටම ආගම අදහනව. කෙවිටි ගහන්න ඕන නෑ. ආගම කොරනව කියල මෙලෝ දෙයක් කරන්නේ නෑ. සමහරු කියනව දන් දීපන්. පන්සල හදපන් කියලා. දැන් යාපනේට ගිහින් කිව්වට දන් දෙන්න කියලා දෙනවද? කවුද දෙන්නෙ ඉතින් මඩකළපුවට ගිහින් කිව්වම දෙනවද? වවුනියාවට ගිහින් කිව්වම දෙනවද, කවුද ඉන්නේ? ඒකට ඉන්න ඕන සිංහල බෞද්ධයන්. මම ඒක තමයි කරන්නෙ. සිංහල මිනිස්සු මේ රටේ හැම තැනකම පදිංචි කරවන්න ඕන.

එතකොට ඒ අය දන් පින් කරාවි. ඒ අය හොඳ දියුණු ජාතියක් වෙලා ඉඳීවි. මිනිස්සු නැතිනම් ඒ පළාත්වල අපේ සිංහලයන් පදිංචි කරන්න ඕන. ආන්න ඒකයි අපේ මහත්තයො මගේ දර්ශනය. මගේ ඇදහීම. මම ඒ අනුව මෙච්චර කාලයක් මේ මහ වනාන්තරේ අලිය, කොටිය, වලහ, පොළඟ එක්ක අම්ම, තාත්තා, අයිය, අක්ක කියල හිතාගෙන කල් ගත කළා. ඉස්සරහටත් මම මේ වනාන්තරේට වෙලා අපේ මිනිස්සුන්ට පුළුවන් තරම් කාලයක් වැඩ කරනව. අපේ මහත්තයො.”

“දැන් මෙතැන ඉන්නව හාමුදුරුවරු පන්සිය පස් නමක්. කට්ටියක් බණ භාවනා කරනව. තවත් කට්ටියක් ඉගෙන ගන්නව. මම අපේ මිනිස්සුන්ට පුළුවන් තරම් උදවු කරනවා. දවස් තුන්සිය හැටපහේම මෙතැනට ශ්‍රද්ධාවන්ත පින්වතුන් රටේ හැම තැනකින්ම දාන මාන අරගෙන එනව. මම ඒ දානෙ වළඳලා ගහක් යටට වෙලා බණ භාවනා කරන්න යනවට වැඩිය පුළුවන් තරමක් කල් වැඩ කරනව. කකුල් දෙක දැන් හොඳටම පදම් වෙලා. ගෙවිල ගිහින්.

මිල්ලවානා හෙවත් යාපා නමැති වැදි නායකයාගේ කතාව,

දවස පටන් ගන්නකොට ඉර නැඟෙන එකයි, දවස කම්මුතු වෙනකොට ඉර බහින එකයි විතරයි අපි දන්නෙ. අපි කැලේම ඉඳල කැලේම සත්තු මරාගෙන කොටාගෙන කාලම ඉඳල හිටන් මියෑදෙනව මිසක් අපිට දවසක් ගැන හිතන්න තේරුමක් නෑ. කැකුළ කාලෙ ඉඳල අම්මල ඇත්තො, අප්පිල ඇත්තො ඔය ගල් රැඳී පෝජ්ජේ රැඳී හිටිය.

“අපිට ඒ කාලෙ දකින්න හිටිය අලිය, කොටිය, වඳුර, රිළව්, මුවෝ, ගෝන්නු තමයි. කවදාවත් පිට කෙනෙක් අපේ අඩවියට ආවේ නෑ. දවසක්දා මේ මහ කපුවල ඇත්තො කහ සිවුරක් ඇඳගෙන මේ පැත්තට ආව. අපි බය වෙලා දුවන්න ගත්තා. එදා අපිට නායක හාමුදුරුවො හමු වුණේ නෑ. පහුවදත් නායක හාමුදුරුවෝ මේක බලන්න ආව. එදා නම් අපි දිව්වෙ නෑ. ඉඳල හිටන් නායක හාමුදුරුවො කියන එක අපිට ඒ කාලෙ තේරෙන්නේ නෑ. නායක හාමුදුරුවො ඇහුවා මේ ගල් ගේ අපට දෙන්න පුළුවන්ද කියලා.

ඒක තේරුණෙ නෑ. ඉඳල ඉඳල නායක හාමුදුරුවො ගල් ගේ අතගාල පෙන්නුව. මේ වෙලාවේ තමයි තේරුණේ. මම කිව්වා ‘කපුවලැ ඇත්තන්ට මේ රුකුල් පොජ්ජ පටගහව්වට මේ ඇත්තන්ට කැකුළියන්ට කැකුළන්ට ර¼දා පජ්ජන්න පැල් කොටයක් කො‍ෙදාව්” කියල. ඒ කිව්වේ හාමුදුරුවන්ට මේක දුන්නම මගේ ගෑනිට දරුවන්ට ඉන්න තැනක් කොයින්ද කියල. ඉතින් නායක හාමුදුරුවො ඉස්සර හිටිය මහ හූරට කියල තියෙනව. වැද්දෝ ගල් ගෙවල්වල ඉන්නව. ඉණ දවටන කෝනම් පොජ්ජක් කො‍ෙදාව් ඇඟ දවටන කෝනම් පොජ්ජක් කො‍ෙදාව්, කොටා බාන දෙයක් කො‍ෙදාව්, පැල් කොටයක් කො‍ෙදාව් කියලා කියන්න පටන් ගත්ත නායක හාමුදුරුවො මේ කතාව අහල අපි අපේ ගල් ගේ නායක හාමුදුරුවන්ට දුන්න.

ගල වටේ ඉන්න වැද්දෝ ඔක්කොටම නායක හාමුදුරුවො වාහනවලින් කෑම ගෙන්නල අපිට කන්න දුන්න, එදා තමයි අපිට වැවෙන් නාන්න කියල සබන් දුන්නෙ. ඉස්සර වෙලාම කාරම් පොජ්ජ පටගහව්වව්වෙ එදා තමයි. අපේ ඇඟේ බැඳිච්ච කුණු ජරාව අයින් කරන්න. ඒ වනතුරු අපි කවදාවත් ඇඟේ සබන් ගාලා නෑ. අපිට ඇඳගන්න සරොන් කමිස රෙදිපිළි දුන්නා. මෙච්චර කලක් කැලෑ සත්තු කොට කොටා කෑවා මිසක් බත් කටක් කටේ තියල තිබුණෙ නෑ. අපි මේ අලුතින් දීපු බත් මාළු හරි ආසාවෙන් කෑව. අපිට පැල් කොටවල් හදල දුන්න.
පැල්කොටවල් හදන්න අපේ නායක හාමුදුරුවො මිනිස්සු එක්කරගෙන ආවෙ මින්නේරිය, හිඟුරක්ගොඩ වගේ පළාත්වලින්. පුංචි ඉස්කෝලෙ ළමයි ගෙන්නල මහත්තුරු එක්කරගෙන ඇවිත් අපට පැල් කොටවල් හදල දුන්න.

අපේ වැදි කට්ටිය පාරක් කපන්න ගිහින් හරි කරදරයක් වුණා. නායක හාමුදුරුවො තමයි අපිට කිව්වේ පාරක් කපමු කියලා. කැති පොරවල්, තුවක්කු අරගෙන දෙමළ මිනිස්සු කට්ටිය අපි එක්ක යුද්දෙට ආව. අපිත් ඇරියෙ නෑ. උන් එක්ක අපි තරගෙට හිටිය. නායක හාමුදුරුවො කියපු විදියට අපි උන් එක්ක ගහගන්න ගියා. අන්තිමේදී දෙමළ මිනිස්සු බයවෙලා කැලේට රිංගල දිව්වා.

අපිට අලුතින් පැල් කොටවල් හදල දුන්නට පස්සේ නායක හාමුදුරුවො අපේ දරුවන්ට ඉස්කෝලයක් හදන්න අෑත පළාත්වලින් මිනිස්සු ගෙන්නල වැඩ කළා. උදේට දවල්ට බත් කන්න දීල පොත්පත් අරගෙන දීල අපේ දරුවන්ට අකුරු උගන්නව්වා. කොහොමට කොහොමට හරි අපිත් දැන් අනිත් සිංහල මිනිස්සුන්ට වැඩිය වෙනසක් නැති කට්ටියක් වුණා. දැන් අපේ පුංචි එවුන් වැද්‍ෙදා කියනවට කැමැතිත් නෑ. උන්ට වැද්‍ෙදා කිව්වම වෙලාවකට කේන්ති යනව. අපි දැන් සිංහල බෞද්ධයෝ වගේ ජීවත් වෙනව මිසක් ආසාවට වත් සතෙක් මරන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, කවුරු හරි දඩයමක් උයල පිහල දුන්නත් අපි කටේ තියන්නෙවත් නෑ.”
දවසක් දා අපේ නායක හාමුදුරුවො අපේ වැදි කට්ටිය ඔක්කොම කැඳෙව්ව. කැඳවල කිව්ව මහහූර සී.පී. මහත්තය හමුවෙන්න යන්න ඕනයි කියල. අපි ඔක්කොම මේක අහල බය වුණා. එකෙක්වත් යන්න බයයි. මම කිව්ව නායක හාමුදුරුවනේ මුන් බයවෙලා. ඉතින් කොහොමද එක්කරගෙන යන්නේ කියලා.

අන්තිමේදී මමයි, නායක හමුදුරුවොයි කැලේ මැද්දෙන් මනම්පිටියට ගියා. එතැන ඉඳල කෝච්චියෙන් යන්නයි හිතාන උන්නෙ. අපේ හාමුදුරුවො බිම බලාගෙන වඩිනව. බැලින්නම් ඉස්සරහට වලහෙක් එනව. මම එක පාරටම ගහකට නැඟ ගත්තා. නායක හාමුදුරුවො කුඩේ ඉස්සුව. එක පාරටම මොන මොනවද කිව්ව. වලහ කැලෑව බිඳගෙන ආපහු ගියා. අපි කොළඹ ආව. වැවක් බඳින්න අවසර අරගෙන අපි ආපහු ආව. නායක හාමුදුරුවන්ගෙ මහන්සිය නිසා අපි වැවක් බැන්දා. ඒ වැව ඉස්සර අපේ වැදි ඇත්තො ඉත්තෑවො පුච්චාගෙන කාපු තැන. ඉත්තෑපුච්ච වැව කියලයි අපි කියන්නෙ. මේ වැව හදාගෙන ඒකෙන් වතුර අරගෙන අපි ගොවිතැන් බත් කරගෙන දැන් ජීවත් වෙනවා.

මේ අතරේ නායක හාමුදුරුවෝ මට කිව්ව යක්කුරේ කියන වැදි ගම්මානය පෙන්නන්න කියල. මම කිව්ව නායක හාමුදුරුවන්ට මේ යක්කුරේ ගමනට හාමුදුරුවන් යන එක ඒ තරම් ලේසි නෑ. මඟ තොටේ දිගටම වල් සත්තු ඉන්නව කියල. හාමුදුරුවො ඒක ගනන් ගත්තෙ නෑ. අපි ඉස්සරහට ගියා. අෑත කුළු හරක් වගයක් ඉන්නව. මම නායක හාමුදුරුවන්ට කිව්ව අර කුළු හරක් ටික බලාගෙන ඉන්න විදිය නම් හරි නෑ හාමුදුරුවනේ කියල. හාමුදුරුවො ඒ කතාව නෑහුණා වගේ හිටිය. මම කෝක වෙතත් බයෙන් බයෙන් පස්ස ගහලා ගියා. එක පාරටම වළේ බුදියගෙන හිටිය කුළු හරක හාමුදුරුවො ඉස්සරහට එන්න ගත්ත. හාමුදුරුවො අතට කුඩේ ගත්ත.
මොන මොනවද කිව්ව. මම එක පාරටම ගහකට ගොඩ නැගුණා. කුලා එකපාරට කැලෑව කඩාගෙන දිව්වා. අපි ඒ පාර වැදිගමට ගියා. වැද්‍ෙදා අපි යනකොට වැවෙන් මාළු අල්ලගෙන ඇවිත් පුච්චාගෙන කනව. එදා මේ ගම්මානෙ මිනිස්සුන්ට බණක් කියල නායක හාමුදුරුවො ආපසු වැඩිය. එන ගමන කිව්ව මේ වැදි ගම්මානෙත් මම දියුණු කරනවයි කියල.

ඉතින් ටික දවසක් යනකොට නායක හාමුදුරුවො මගේ දරුව ඉල්ලුව මහණ කරන්න කියල. මම ඒකට කැමැති වුණේ නෑ. හාමුදුරුවන්ගේ ඉල්ලීම නොකර බැරි තැන මමමයි පුතා මහණ කරවන්න දුන්න....
ඔයාලගේ අදහස් කියන්න , ගල් මුල් මඩ හැමදෙයක්ම සතුටින් බාර ගන්නවා ....

 උපුටා ගැනීම (විශ්ව කර්ම)

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

27 May 2018

---පාන්දර 3 අභිරහස---


හායි යාලුවනේ ගොඩක් අයට තිබ්බ තවත් ප්‍රස්නයක් තමයි පාන්දර 3 ට ඇහැරෙන එක එතකොට ඇයි මේ පාන්දර 3 මේ තරම් විශේෂ කියන එක.

ඉතින් මන් ඒ ගැන මගේ දැනුමේ හැටියට ඔයාලට යමක් දෙන්නයි යන්නේ . තව එකක් මන් බුද්දහගම නමුත් මේ පොස්ට් එකට අදාළ දේවල් ගොඩක් කතෝලික ආගමට සමබන්ද දේවල් ඉතින් මගේ අතින් වැරද්දක් ලිය උනානම් සමාව අයදින අතර කරුණාකර නිවැරදි කරන ලෙස අපේ කතෝලික මිතුරන්ගෙන් ඉල්ලනවා
හරි අපි මෙහෙම පටන් ගමු මේ ගැන මන් අද ඔයාලට දෙන්නේ විද්‍යාවෙන් සහ අවිද්‍යාවෙන් මේ ගැන කියලා තියන දේවල් ඉතින් කියවලා බලලා කැමති දෙයක් තීරණය කරන්න නමුත් අන්තිමට මගේ පුද්ගලික තීරණයත් මන් දානවා ඔයාලත් දාන්න.

ගොඩ දෙනුකුට තියන ප්‍රස්නයක් තමයි පාන්දර 3ට නොකඩවා ඇහැරෙන එක ඒ වගේම මේ ලෝකේ බොහොමයක් paranormal සිද්දි එතකොට මිනීමැරුම් .සියදිවිහනිකරගැනීම් . වගේ දේවල් මේ වෙලාවට වාර්තාවෙලා තියනවා ඒ වගේම ඔයාලටත් නිකන් පාන්දර 3ට ඇහැරුණාම අමුත්තක් ඇති
ඉතිහාසයට අනුව මේ වෙලාව තමයි demon ලා ශක්තිමත්ව ඉන්න වෙලාව කියල ඊට හේතුව තමයි ජේසු තුමා කුරුසේ ඇන ගැහුවේ සවස 3ට එය හදුන්වන්නේ දෙවියන්ගේ වෙලාව කියලා ඒ වගේම ඒ වෙලාවේ අමනුස්සයන් දුර්වල වන අතර ඉන් පය 12කට පසුව එනම් පාන්දර 3ට අමනුස්සයන් ශක්තිමත් වෙලාව කියලා කියනවා .

මෙය පාන්දර 3 ඉදන් 4 වෙනකන් හිරු මුදුන් වීමට ප්‍රථම හෝරාව දඩයම් වෙලාව කියලා හදුන්වනවා
ඒ වගේම ලෝකප්‍රසිද්ද හොලිවුඩ් චිත්‍රපට සහ සත්‍ය කතාවන The Conjuring. The Exorcism of Emily Rose වලද පාන්දර 3ට සිදුවන සිදුවීම් ඉතාම බියජනකයි .ඒ වගේම මේ වෙලාව මන්ත්‍ර ගුරුකම් වලට උචිත වෙලාව වන බව කියවෙනවා

එතකොට විද්‍යාවෙන් මේ ගැන කියවෙන්නේ පාන්දර 3 කියන්නේ (REM (Rapid eye movement) cycle at this hour of the night.)

ඒ කියන්නේ මේ අවස්ථාවේදී තමයි අපගේ ශරීරය නිස්කලංක වී නිරවුල් වී මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් අක්ෂි චලනය වන්නේ

ඉතින් මේ වෙලාවේදී තමයි අපේ ඉගනගත් දේවල් විසින් සමබර කරන සහ සිහින දකින වෙලාව

ඉතින් මෙන්න මේ වෙලාවේදී අපේ ශරියර බොහොම තැන්පත්ව නිරවුල්ව තිබෙන වෙලාවක ඔබ ඇහැරුනොත් ඇත්තටම ඔබට අමුත්තක් දැනෙයි නේද ?

ඉතින් ඒ අවිද්‍යාව සහ විද්‍යාව තියන නියම නමුත් මගේ පුද්ගලික නියමය මෙන්න මේ වෙලාව තමයි ඇත්තටම අමනුස්සයෙකුට අපේ මොලයට ඇතුල් වෙලා අපිට හානි කරන්න පුළුවන් හොදම අවස්ථාව මොකද අපගේ මොලය මේ වනකොට තියෙන්නේ යටි සිතත් එක්ක එතකොට අපිට නොදනිම මොලයේ යම්කිසි ප්‍රදේශයක් විවුර්ත වනවා ඉතින් මගේ අදහස තමයි මේ හැම න්‍යායක්ම එකතු කරලා බැලුවොත් මේ තමයි හොදම වෙලාව ඔවුන්ට

අහ තව එකක් සමහරු පුරුද්දට ගිහින් ඇහැරෙන එතකොට කලින් නිදාගෙන ඇහැරුනොත් අනේ හිතන්න එපා මේ දේවල් වලට කියලා ටිකක් හොයල බලන්න වැරැද්ද කොතනද කියලා ඉතින් එහෙනම් වැරදි ඇත්නම් කියන්න මතක ඇතුව ඔයාලගේ අදහස් කියන්න මට.

ස්තුත්යි
ෆොක්ස්

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

25 May 2018

---ශාන්තිකර්මය---



" මල්ලි ගස් නගින්න පුලුවන් නේ....?"
" හෙ හෙ..... "
සෙනවිගේ පැනයට මගේ පිලිතුර වූයේ සිනහවක් පමණි. සැබවින්ම මට අතු නැති ගස් නැගීමට බැරිය. එතනින් පසු නිහඩව ඉදිරියට ගමන් කල ඔහු ගහක් මුල අත ගා යමක් ගොඩ ගත්තේය. දෙයියනේ... ඒ දිගු තුවකකුවකි.

" ඇයි අයියේ ගස් නගින්න පුලුවන් ද ඇහුවෙ.."
මා නැවත පෙර දෙබසට ගියේ තුවක්කුව ගත් පසු ඔහු මගෙන් ගස් නැගීමට හැකිද ඇසුවේ විහිලුවට නොවන බව වැටහුන නිසාය.

" රෑට තනි අලිය කැරකෙන්න පුලුවන් මේ පැත්තෙ "
කියමින් සෙනවි අයියා තුවක්කුව කඩා මල්ලකින් ගත් උණ්ඩයක් බටයට ඇතුල් කර තුවක්කුව කර තබාගෙන දිගටම ගමන් කලේය.

මෙතෙක් නොතිබූ බයක් කොහෙන් මගෙ සිතට ආවද මන්දා. සරසවියේ නිවාඩු කාලයේ කිරීමට දෙයක් නොමැති කල රෑ පැල් රැකීමේ අත්දැකීම පමණකි මට විදින්නට වුවමනා වූයේ. නමතු දැන් නම් එය ඊට වඩා ත්‍රාසජනක වන බව සැකයක් ඇත.

සතර වටින්ම ගොම්මන් කලුවර වැටුනත් සෙවන සදන්නට ගස් නොමැති එලිමහන් බිමක් නිසා තවමත් මග නොපෙනී යන තරමටම අදුරු නැත. ගමන මදකට නතර වූයේ දොල පහරක් ලගයි. හාත්පස අදුරු නොවුනත් දොළ අවට පුදුම ගුප්ත අදුරු බවක් මට දැනුනි මට දැනුනු දේ ඔවුන්ටත් දැනෙන්නට ඇතැයි මට සිතුනේ එක එකා තම අත තිබූ විදුලි පහන් දල්වා ගත් නිසාය.

අදුර වැටී ඇත්තේ දොළ දෙපස සරුවට වැඩී තිබූ කුඹුක් ගස් නිසා බව මට පසක් විය. ගස්වල සෙවණැලි පතුල නොපෙනෙන තරමට ජලය කලු පැහැ ගැන්වූ නිසා එය මූසල ගතියෙන් පිරී ඉතිරී තිබින. සියල්ලෝම වටපිට බලමින් සිටියේ කොයි මොහොතේ හෝ යකෙක් තමාගේ ඇගට පනීවි යැයි බියෙන් මෙන් සෝදිසියෙනි.
" මාරුවෙන් මාරුවට පොඩ්ඩක් ඇගපත සෝද ගමු තෙහෙට්ටුව යන්න එක්ක. වැඩි දුර යන්න එපා නිකන් වතුරට බැහැලා සෝද ගන්න. අතනින් තමයි තනිය වතුරට එන්නෙ "

කියා එකෙක් අත තිබූ පන්දමේ ආලෝකය එහා ඉවුරට නාබිගත කලේය. දෙයියනේ එතන ඉවුර කැඩී පාරක් ලෙස සැකසී ඇත. ඔවුන්ගේ බියට හේතුව මට වැටහිනි තුවක්කුව අතැති සෙනවි පන්දමත් සමග තුවක්කුව මානාගෙන ඉද්දී අපි වතුරට බැස්සෙමු.
සෙවණගල පලාත දහවලට දැඩි උණුසුම් වුවත් රාත්‍රී වන්නට වන්නට සීතල වන බව දැනුනේ වතුරට අඩිය තබන විටය. දොළ පහරේ සීතලට දෙපා හිරි වැටී ගියේ මා මුවින් අම්මෝ යන හඩ නිරායාසයෙන් එලියට පනිමිනි.

දැන් කරන්න්නට දෙයක් නැත ඇග ගිලෙන පරුදි වතුරට එබෙන්නට හැකි වන තෙක් ඉදිරියට ගියේ වෙවුලන දෙපා වලිනි. වෙව්ලන්නට හේතුව සීතලම පමණක් නොවන බව දන්නේ මා පමණකි. කුඩා කල සිටම මා අඩිය නොපෙනෙන වතුර වලට බය තැනැත්තෙකි. මට සිතෙන්නෙ කවුරුන් හෝ මා දෙපා වලින් අල්ලා මාව දිය යටට ඇදගෙන යාවී කියාය..

" කකුලෙ මොනා හරි වැදුනොත් බය වෙන්න එපා. මේකෙ ආදො එහෙම ඉන්නව උන් ඇතිල්ලිලා යනවා..."
මගේ හිත කියෙවුවාක් මෙන් එකෙක් මට කතා කරනු ඇසී මා ඒ දෙස බැලීය. දෙයියනේ මා දෑත් පපුවට ගුලි කරගෙන සෑහෙන වෙලා වතුර දෙස බලාගෙන සිටි බව මට කල්පනා වූයේ මට කතා කල එකා සබන් ගාන්නටත් පටන් ගෙන සිටි නිසාය. වහාම දෙතුන් වරක් වතුරට එබී හැකි ඉක්මනින් ගොඩට ආවේ ආදෙක් ගේ වත් ස්පර්ශයක් මට ඒ මොහොතේ කම්පනයක් විය හැකි නිසාය

මටත් වඩා උස බඩ ඉරිඟු ගස් මැදින් මග දන්න උන් පසුපස දැන් නම් ගමනාන්තයට කිට්ටු බව දැනුනේ වියලී ගිය ගසක් මත තනා තිබූ පැල් කොටය දැකීමෙනි.

" මල්ලිලා මේකෙ ඉන්න. අපි අල්ලපු හේනෙ පැලට යනවා. මේකෙ රෑ කෑම තියනවා... එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා හරිය. කොහෙ කොහෙ තුවක්කු බැදල තියනවාද දන් නෑ. "
සියල්ල අනුමත කරමින් මා හිස වැනීය.
" මාමේ.... අද බොන්නෙ එහෙම නෑ හරිය.. මේ කොල්ලවත් බලාගෙන ඉන්න ඕනේ. "
මැදි විට පැනපු වැඩිහිටියෙක්ට මා බාර දෙමින් ඔහු කීය.
" මම බිවුවත් නිදා ගන්නවද නෑනෙ... උඹල යමන් ලා. කොලුවො නැගපන් බලන්න උඩහට."
" අනේ මගෙ කට... "

ඔවුන්ගේ උසුලු විසුලු මටත් සිනහවක් ගෙන එන්නට විය. ගසටම අමුණා තිබූ ඉනි පඩි වලට වාරු දෙමින් වෙන් වී යන අනිත් කණ්ඩායම දෙස බලා සිටියෙමි මග යන ගමනුත් විහිලු කරමින් යන අනෙක් සගයින් ගේ විදුලි ලාම්පු එලිය සෑහෙන දුරක් යන තෙක් පෙනී කෙමෙන් අතුරුදන් විය...
ගස උඩ පැලට නැග ගත් විට සෑහෙන පාලුවක් දැනෙන්නට ගත්තේ විශාල මුහුදක පුංචි බෝට්ටුවක තනි වී සිටින හැගීම ගෙන එමිනි. නමුත් මේ අත්දැකීම කෙසෙ වචන වලින් කියන්නදැයි මම නොදනිමි.

" මාමේ.... මම කොච්චර කල් ද පැල් රකින්න අරගෙන.. "
කුමක් හෝ දෙබසක් පටන් ගත යුතු නිසා මම ඇසුවෙමි.
" කොල්ලා කාලේ ඉදලාම මේක තමා කරන්නේ.. පහු ගිය ටිකේ නම් කොටින්ගෙන් හරි කරදර. අර ඈත කැලෑවෙන් එහා කොටි ගම්මාන."
" හම්මෝ .... බය නැද්ද ඉතින්..."
" උන් අපිට නම් මුකුත් කලේ නෑ හිටි ගමන් කෑම නම් අරං යනවා මෙහෙ ගම් වලින්."
" පැල් රකිද්දි වෙච්ච අමතක වෙන් නැති ඒව එහෙම වෙලා නැද්ද මාමේ...."
" හපොයි මොකෝ නැතුව...එදත් අද වගේම පෝය දවසක්... හොදට හද එලිය"
කියමින් ඔහු අත තිබූ පං මල්ලෙන් කඩදාසි වලින් එතූ යමක් එලියට ගෙන අපට දුන් කෑම පාර්සලයෙන් එකක් ද ලෙහා ගත්තේය. කඩදාසියේ ඔත තිබ්බේ අරකකු කාලක් බව හදුනා ගැනීමට මට අපහසු නොවීය.
" චුට්ටක් ගත්තට කමක් නෑ නේද... වස කම්මලී රෑ ඉන්න ගියාම මුකුත් නැතුව."
මූඩිය කඩන කරස් සද්දයත් සමග ඔහු මගෙන් ඇසීය.

" අපෝ කමක් නෑ මාමේ..."
ලද අවසරයෙන් අමුවෙන්ම උගුරක් කටට ගෙන මූණ ඇඹුල් කරමින් බත් මුලේ තිබූ හාල්මැස්සෙක් ගෙන කටේ ඔබා ගත්තේය
" හ්ර්ර්ර්... තුහ්.. ම්ම්ම්ම් ඉස්සර අපේ පැල් කොටයක් තිබුනා අර අපි නාපු දොළ කිට්ටුව.. ඒක බිම තමා අටවලා තිබුනේ.."

ඔහු කතාවට මුල පිරීය. අවදානය යොමු කරන බව පෙන්වීමට මමත් හරි බරි ගැසී වාඩි වුනෙමි.
" ඕකෙ ඉන්නකොට ගිනි මැලයක් ගහ ගන්නවා... සීතලටයි.. සත්තු එනවටයි... දවසක් මම ඕකෙ තනියම පැල් රැක රැක උන්නා... එදත් පොඩ්ඩක් දාලා ඇල වෙලා උන්නේ.. ඔන්න බොලේ පැල කණ්ඩිය ඉස්සරහ පදුරු සෙලවෙන්න ගත්ත."

තවත් උගුරක් ගෙන කාරා කෙල ගසා පහල බැලුවේ ඒ සිදුවීම නැවත සිදු වේදෝ බියෙන් මෙනි. ඔහු අනුගමනය කරමින් මාත් පහල බැලීය. වෙනසක් නැත

" මං හිතුවා කාලකණ්ණි වල් ඌරෙක් කියලා.. ටෝර්ච් එක අරන් ගස් හෙලවෙන පැත්තට මෑනුවා ... හප්පේ... ඒ ඇස් දෙක..... ජිල් බෝල වගේ.. ගස් අස්සෙන් මං දැක්කේ එච්චරයි. මට හිතුනා මූ කුරුමානම් අල්ලන්නෙ මටෙයි කියලා.. බයටම මං ගිනි පෙලෙල්ලක් අතට අරං වරෙන් පුතා කියලා හිතා ගත්තා..."
මාමා බිය හන්ගාගෙන වීර චරිතයක් මවන්නට හැදුවත් ඔහුට ඔහුගේ ඇස් වල බිය හන්ගන්නට බැරි බව මට පෙනුනි.

" තප්පරයක්වත් ගියේ නෑ ඌ පුදුම වේගෙකින් දුවගෙන ආවා.... උගෙ මුලු ඇගෙන්ම වතුර බේරෙනවා... උ ආපු වේගේටම මම කෑ ගහගෙන පස්සට පැනපි. පුදුමෙ කියන්නෙ පුතා අනිත් හැම සතාම ගින්දරට බයයි.. මේ යක්ශයා ආපු ගමන් පැන්නේ ගිනි ගොඩට... ඒකා ඒක උඩ පහුරු ගගා දගලලා ආපහු දොල පැත්තට දිවුවා... මට ඌ වතුරට පනින සද්දෙත් ඇහුනා..."
ඔහු බෝතලේ සම්පූර්ණයෙන් කනපිට හරවා කටේ තබා ගත් නිසා එය අවසන් බව තේරුම් ගන්න අමාරු වූයේ නැත.

" හත් දෙයියනේ ඌ දිය බල්ලෙක් වගේ... ඒත් හත්තලාමෙ මෙහෙ කොහෙද එහෙම උන්. කොහෙද මේ කාලකණ්ණි ඔක්කම හිතන් ඉන්නේ මං බීල දැකපුව කියලානේ... දවස් 7ක් සහලවල උණ... අනෙ අම්මෝ මතක් වෙද්දිත් හිරි ගඩු පුප්පනවා..."
කරවට තිබූ ලේන්සුවෙන් මුහුණ පිස දා ගෙන. බෝතලයක තිබූ වතුර වලින් අත් සෝදා ගුලිකර තැබු පං මල්ලට හිස තබාගෙන ඇල වුනේ.
" කොලුවො මම නිදි නෑ ... ඇල වෙලා ඉන්නේ මොකක් හරි ඇහුනොත් කතාකරපන්.."
කියමිනි.

මොහුගේ හැසිරීම අනුව මූ කී කතාව ඇත්තද බොරුද සිතා ගැනීමට මට නොහැකිවිය. නමුත් ආතක් පාතක් නොපෙනෙන මේ පාලු බිමේ මොන ජාතියේ උන් ඉන්නට නොහැකිද කියා සිතමින් ඉමක් නොපෙනන අහස දෙස බලමින් කල්පනා කලෙමි.
" දෙයියනේ..."
මට කියවුනේ අහසේ තනිවූ සද දැකීමෙනි. වෙනදාට වඩා විශාලව තිබු එය වෙනදා මෙන් නොව රත් පැහැයෙන් බැබලෙන්නට විය

" මාමෙ....."
හ්ම්ම් මූ නම් වස කම්මැලියෙකි. ඒ ටිකට මූ මර නින්දේය. දැනුනේ පුදුම පාලුවකි. සීතල සුලගත් රැහැයියන්ගේ හඩත් සුලගට වැනෙන ඉරිගු කොල වල හඩත් පරිසරයේ නිහඩ බව සමග තරග කලේය.
පැලේ කණුවකට වාරු වෙමින් ලබන අත්දැකීම ගැන සැකෙවින් වින්දේ මේ හුදකාලාවේ තනිවම කරන්නට අන් දෙයක් නැති නිසාය. ඈතින් එන හුලගත් සමග කනට හුරු හඩක් ගෙන ආව නිසා දෑස් වසා හොඩින් සවන් යොමු කලේ මේ හඩ අදුනා ගැනීමටය... ම්ම්ම් කිසිවක් නැත නිහඩ බව පමණකි.. නැවත දෑස් විවර කලෙමි .. ඒ හඩ පෙරට වඩා වැඩිවී ඇසිනි. මට වැරදී නැත ඒ බෙර හඩකි... යක් බෙර හඩකි...
කොහේ හරි තොවිලයක් ද කොහෙද කියා ගනිමින් ඇස් වසා එයට සවන් දී සිටියෙමි. රැහැයි හඩත් පදුරු පත්‍ර වල සට පට හඩත් සමග එක් වූ යක් බෙර හඩ මුලු පරිසරය ම මූසල කලේ මළවුන් නැවත කැදවා මේ ලෝකය උන්ට බාර දෙන්නට මෙනි

බෑගයට අත දැමුවේ කම්මැලිකම නැති කර ගන්න සිතා දුරකතනය අතට ගැනීමටය. ක්‍රියා විරහිත කර තිබූ එය ක්‍රියාත්මක වන්නට ගත්වූ කාලය කල්පයක් මෙන් දිගු වූ බව මට හැගුනේ පාලුවේ දැඩි කමට වන්නට ඇත.
හ්ම්ම් වැඩක් නැත.. මමත් මෝඩයෙකි මේ හද්දා පිටිසර වන්නියේ සංඥා කොයින්ද.. කියා ගනිමින් නැවත එය බෑගයට දැමීමට උත්සහා කලෙමි.
" ඔහ් ශිට්....." අතින් ගිලිහුණු ජංගමය පැලේ ලෑලි අතර හිඩසකින් රිංගා බිමටම පතිත වුනේ පටස් යන හඩ නංවමිනි.
" අයියෝ මොන මගුලක්ද මංදා... "

කරන්නට දෙයක් නැත එය ගන්මට බිමට බහින්නටම සිදු වේ.. මුනිං අතට නමා තිබූ මාමාගේ ටෝර්ච් 1ත් අතට ගෙන බිමට බැසීමට තීරණය කලෙමි.
පන්දමත් දල්වාගෙන පඩියෙන් පඩිය පය තැබන අතරම හතර වටේටම එලිය අල්ලා බැලුවේ කෑලි කැපිය හැකි තරම් අදුරක් මා වෙලාගෙන සිටින බව දැනුනි නිසාය. මා කරන්නට යන්නේ එතරම් වීර ක්‍රියාවක් නොවන බව දැනුනත් හනික ගසෙන් බැස දුර කථනය වැටුනු තැනට දිවුවෙමි. නමුත් එය ගන්නට නැවී නැවත කෙලින් වන්නටවත් මට කාලයක් නොවීය.. මා පිටුපස තිබූ පදුරු සෙලවෙන්නට වුයේ සුලගට නොවන බව නම් ඒකාන්තයෙන්ම මට විස්වාසය ....
වහාම පන්දම ඒ අතට යොමු කරද්දී දක්නට ලැබුනේ පදුරු පේලිය මැදින් මොකෙක් හෝ මා දෙසට දුවගෙන එන බවය...

" දෙයියනේ අර සතාද දන් නෑ.. " සිතා දුවගොස් ඉනිමගේ එල්ලුනත් මා දුන් වාරුව එයට දරා ගැනීමට නොහැකිව කරාස් හඩ නංවමින් මා බිම පතිත විය..
" මාමේ.... මාමේ...."
ශික් ඵලක් නැත ඌ මර නින්දේ.. ගස මුල වකුටු වී පන්දම මානා ගෙන හීටියෙමි නමුත් එක් වරම සිහියට ආවේ මූ එලිය දෙසට දුවගෙන එන සතෙක් බව මාමා කියූ කතාවයි. වහාම පන්දම නිවාදමා අදුරේ ගිලුනෙමි..
මගේ හද ගැස්ම නවතාලමින් දුර සිට වේගයෙන් පැමිනි මොකෙක් හෝ සර බර හඩින් පදුරු අතරින් මා සිටි තැනට පැන දඩස් ගා බිම පතිත වනු මට ඇසිනි..
පරිසරය රැහැයියන්ට බාර දී සියල්ල නිහඩ විය. මා නැවත පන්දම දැල්වීය පදුරු පොඩි වී තැලී තිබිනි . හ්හ්හ්හ්හ්හ්හ් පදුරු මායිමේ සිට ගලා ආ ලේ පහරකි. මා ලේ පහර දිගේම පන්දම ගෙන ආවෙමි..
" අහ්හ්හ්හ්හ්....... "

මට කෑ ගැසිනි. එහි වූයේ හොදින් වැඩුනු වල් ඌරෙකි... දෙයියනේ උගේ හොම්බ ඇස් අසලට වෙනකන්ම කැඩී ගොස් ලේ ගලමින් ඇත... ඔහ් ශිට් මං බය වුනු තරමක්... මේ හක්ක පටස් කාපු වල් ඌරෙක්. මටම කියා ගත්තෙමි..
ගැගෙන පපුව අතින් තද කර නැවත පැලට නැගීමට ඒ දෙසට හැරුණා පමණි
" අම්මෝ....."
මා පස්සට විසි විය..
" හම්මෝ සෙනවි අයියා ... මං බය වුන තරමක්... "
ඔහු මා අසලට එන තෙක්ම දැනුනේ නැත..
ඒ වන විටත් එක එල්ලෙම මා උගේ මූණ ට පන්දම අල්ලා සිටියෙන්. නිකරුනේ භයංකාර මුහුණ ක් මැවීය.
" දොළ අයිනේ ශාන්තිකර්මයක්... යමු බලන්න..."
කියා හැරී ඔහු මට ඉස්සර විය .

හා හෝ බෑ කීමට වත් මට ඉඩ ලැබුනේ නැත. අවසන් වරටත් මා උඩ පැල දෙස බලා ඔහු පසු පස ගමන් කලෙමි. ඉරිඟු ගස් පීරමින් ඔහු පසු පස ගමන් කලේ මූණ ට වැදෙන පත්‍ර අපහසුවෙන් ඈත් කරමිනි. ඒවා ඉවත් කිරීමට දෑත් වනන විට පන්දම් එලිය ඒ මේ අත ගොස් විකාර රූප මැවුවේ මා හද සලිත කරමිනි.
ඒවායින් මගේ ගමන අඩාල වු නිසා සෙනවි මගෙන් සෑහෙන ඈතට ගොස් ඇත රත් පැහැ සද එලියෙන් පදුරු අතරින් උගේ චායාව පමණක් පෙණුන නිසා මා ඒ දෙසට දිවුවෙමි... දුවන අතරම පිටු පස බැලුවා නොවේ ඉබේටම බැලිනි. ඉදිරියට ඇදෙන්නට ඇදෙන්නට බෙර හඩ තව තවත් තීව්‍ර ලෙස ඇසෙන්නට විය.
" අයියො.. ශික්... අයියේ ... චුට්ටක් ඉන්ඩෝ....."

යමක පැටලී මගේ බාටා සෙරප්පුවේ පටිය ගැලවී තව ඇසිලෙන් මා බිම පතිත වනු ඇත.වහාම නැවී පන්දමත් උරහිසට හා බෙල්ලට තද කර ගෙන සෙරප්පුව නැවත අපහසුවෙන් සකසා ගතිමි. නමුත් මා නැවත නැගිට්ටේ බියත් දුකහ් මුසු වූ තරහකිනි. මන්ද ඌ මා දමා ගොස් ඇත.
වෙඩි කෑ ඌරෙකු මෙන් මා කලබල විය. කොහෙට යන්නදෝ මට සිතා ගැනීමට නොහැකි විය. ආපස්සට යන්නට බැරි තරම් දුර අප ආවෙමු . ඇරත් මේ රෑ මා කෙසේ හොයන්නද. කල හැකි එකම දේ බෙර හඩ ඇසෙන දෙසට ගමන් කිරිම පමණකි

ගස් පීරමින් හැකි වේගයෙන් ඒ දෙසට ඇදුනේ මිනිස් පුලුටක් දක්නට හැකි එකම තැන එය නිසාය. ගස් වලට අමතරව වෙනසකට කියා දකින්නට හැකි වූයේ රතු පැහැ හද පමණකි. බෙරයේ ලය වේගවත් වෙද්දී එහි මූසල බව පරිසරය පුරාම විහිදුවා හැරීය. හිටි ගමන් මහා විලාප හඩින් නරියන් උඩු බුරන්නට වූයේ බෙර හඩින් කෝප වූ යක්ශකින් මෙනි.
මගේ වේගය තවත් වැඩි විය.. නමුත් ඒ දෙසට දිවුවේ මා පමණක් ම ද කියා මට සැක හිතුනේ කිසිම සුලගක් නැතිව ගස් පදුරු ඒ මේ අත සෙලවුනේ මොක්කු හෝ ඒ අතට දුව යන බව අගවමිනි. බෙර හඩ පුදුමාකාර ආවේගයකින් වාදනය විය, මගේ හද ගැස්මත් ඊට අනුරූපව වේගවත් වුනේ එයින් ගෙන ආ භයානක හඩටය , දෙසවන් ලග ඇසෙන නරින්ගේ උඩු බිරුම් හඩින් කන් පැලෙන්නට මෙන් විය.. අත් දෙකෙන් කන් වසාගෙන " එපා......." යැයි මහ හඩින් මා කෑගසත්ම පදුරු අවසන් වී එලිමහනකට ප්‍රවිශ්ඨ විය.
" හ්හ්හ් හ.... හ්හ්හ් හ..."

මගේ හුස්ම මට ඇසෙන පරිදි සියල නිහඩ ය. කුමක් වූවාද මට සිතා ගැනීමට නොහැකි විය.. බලාපොරොත්තු වූයේ මිනිසුන් පිරුනු ශාන්තිකර්මය කි. නමුත් මෙහි තිබුනේ කුමක්ද මට අදටත් පැහැදිලි නැත.
කණු 4ක් සිටුවා එහි හුළු අතු දල්වා ඇත ඒ කොටුව මැද පස් කන්ඩියක් මත කාන්තාවක් වැතිර සිටියාය. ඇගේ හිස පැත්තේ තවත් සුදු සාරි හැදගත් 3 දෙනෙක් එරමිණියා ගොතා මට පිටුපා වාඩි වී සිටියහ. ඔවුහු යාතිකාවක් කරන්නාක් මෙන් තාලයට ඉදිරියට පසු පසට පැද්දෙන්නට විය
" දෙයියනේ මේ මොකක්ද ?....."

මම වටපිට බැලුවේ මේ දෙසට ආ සෙනවි පෙනෙන්නට සිටී ද යන්නයි. නමුත් කිසිවෙක් නැත. විකල්පයක් නොමැති නිසා මා බලා සිටියෙමි. කොතරම් බලා සිටියත් මුන් සෙලවෙන පාටක් නැත... ඩග් ඩහ් ඩහ්.... මගේ හද ගැස්ම වේගවත් වී සීතල පරදා දාඩිය් දමන්නට වූයේ සිදුවන කිසිම දෙයක් සාමාන්‍ය නොවන බව වැටහුනු නිසාය.
" හෞ........."

ඈතින් මහා... මූසල නරියෙකුගේ දිගු උඩු බිරුමක් ඇසිනි... එය කෙතරම් දිගුද කියතොත් බියටම නතර වූ හුස්ම නිසා මට ක්ලාන්ත වීමට ආසන්න විය. උගේ බිරුම නතර වී තප්පරයක් යන්නට පෙර තවත් එකෙක් ඌට නොදෙවනි ලෙස බිරීය . ඈත මුහුදේ සිට රැල්ලක් වෙරල ට ඇදෙන්නාක් මෙන් එකෙක් පරයා එකෙක් උඩු බිරුම් වලින් මුලු කැලෑවම දෙවනත් කරමින් ඒ හඩ මා දෙසට ඇදෙන්නට විය.
දෙසවන් වසා හඩමින් එතැනම දණ ගසා ගත්තේ කිරීමට කිසිවක් නැති තැනය. ඒ හඩ මා වටකරගෙන එක් වරම නිහඩ විය.. නමුත් ඒ වැඩි වේලාවකට නම් නොවේ...
" නෑ නෑ නෑ.... වෙන්න බෑ..... " මම කෑ ගැසීමි.
මේ දකින දේ කොහෙත් ම විය නොහැකිය

වාඩි වී සිටි ගැහැණු තුන් දෙනා හිස පමණක් ඔසවා සද දෙස බලා මහා හඩින් උඩු බුරන්නට විය... සැබවින්ම එය විලාපයකි මහා විලාපයකි... දෙයියනේ .... මට කිසිවක් සිතා ගැනීමට නොහැකිය.. මේ මනුෂ්‍යයින් ද... උන් උඩු බුරන්නේ ඇයි..එක් වරම උන් බිම අතුරා තිබූ දේහය වෙතට නැමුනි එහි සිදුවන දේ නොපෙනුනත් පස් කණ්ඩිය දිගේ ගලා ගිය ලේ පහරින් මට වන්නේ කුමක් දැයි සිතා ගැනීමට හැකි විය...
අන් කල හැකි කිසිවක් නැත.... ආපසු හැරී දිවීමට සැරසුනා පමණි.. සෙරප්පු පටිය ගැලවී මා එතැනම් බිම පතිත විය... විසිවී ගොස් යමක තදින් හිස වදිනවා පමණක් මතකය. බොදවූ දෑසින් මා ව්ටපිට බැලීමි. ගස් අතරින් මතුවූ සුදුමැලි වූ ඇවිදින මළ කදන් වගේ උන් අර දේහය දෙසට ඇදී ගියෝය.
" හ්හ්හ්හ්හ්හ්හ්හ්......."

කෑ ගැසෙන්නට ගියත් මා දෑතින් කට වසා ගත්තෙමි.. මා හිස අසලින්ම පා තබා කවුරුන් හෝ සිටගෙන සිටී...
" ඔහ්... දෙවියනේ සෙනවි...."
මට සිතුනි. වට පිට නොබැලූ ඌත් කැලයෙන් මතුවූ අනික් උන් මෙන් ගාටමින් දේහයට ඇදී ගියේ නූලකින් නටවන රූකඩයක් මෙනි...
නැවතත් අපසුවෙන් නැගිට ගත් මා දෑතින් හිස බදාගෙන මා ඒ මේ අත වැනි වැනි දිවුවෙමි. මා යන අත මා දන්නේත් නැත... කොතරම් දුරක් ගියාද මා දන්නේත් නැත... අවසන් වරට මතක තිබුනෙ ගසක් මුල ඇද වැටෙනවා පමණි....

" චටස්.... චටස්...."
කම්මුල් හරහා වැදුනු අතුල් පහර වලින් මා දෑස් හැරියෙමි.. හිරු එළිය නිසා මට දෑස් හැරිමට නොහැකි විය..
" කොලුවො. කොල්ලෝ...."
එ මාමාගෙ කට හඩය . අමාරුවෙන් හිස ඔසවමින් මා වාඩි විය. ඒ වනවිටත් මා සිටියේ ගමන් ගන්නා ටැක්ටරයක ය... මාමා හැර තවත් පිරිසක් එහි විය. උන් මා දෙස බලා සිටියේ මරණයෙන් පිබිදුණු එකෙකු ලෙසය...
" සෙනවි...."
මා ඇසුවෙමි.

" සෙනවියට ඊයෙ තුවක්කුවක් පත්තු වෙලා... වැඩක් නෑ ලේ ගිහින් ම මැරිල කැලෙන් එලියට එන්නත් කලින්.... ඌව ඇන්න යන ගමන් උන් පැලට ගොඩ වුනාම තමා දන්නේ පුතා නෑ කියලා ... හම්මේ මං බය වුන තරමක්...."
මම ඔහුගේ මූණ දෙස බලා සිටියෙමි. සැබවින්ම ඔහුගේ බිය තවමත් ඉවත් වී නැත... ටැක්ටරයක නතර කල නිසා මා වටපිට බැලීය . පාර අයිනේ සිටියේ කාකි ඇදුමින් සැරසුණු නිලධාරීන් කිහිපදෙනිකි.
ඔවුන් ඔසවාගෙන යන මැස්සක් මත සුදු රෙද්දකින් ඔතා තැබූ මිනියක් වටා රැස්ව සිටියහ. මා ඒ දෙසට අත දිගු කලේ ඒ සෙනවිදැයි දැන ගැනීමටය .

" ඊයේ පුතාව හොයද්දි හම්බුනේ... ගෑණු කෙනෙක් අදුන ගන්න බෑ සත්තු කාලා... අප්පෝ ඒක... මතක් වෙද්දිත් ඕක්කරේ එනව... ඇම්බියුලොන්ස් එක එනකං ඔය ඇත්තේ.."
ඔහු කර තිබූ ලේන්සුවෙන් මුහුණ වසා ගනිමින් කීය.
" සත්තු කාලා..... " මට කියවිනි. මේ අර කෙල්ලවත් ද... එතකොට මං ඊයේ රෑ දැකපු දේවල් ඇත්තද.. මාව එක්කන් ගියෙ සෙනවි නෙමෙයිද... දෙයියනේ ... මා පිස්සෙකු වනු නොඅනුමානය..

නිමි.

17 වන නිර්මාණය .
මම ප්‍රගීත් ලීටස්

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

22 May 2018

---වශිය---


මගේ තවත් කතාවක්...100%ක් මගේම අත්දැකීම්වලින් ලියන්නේ.
විස්වාසය සහා අවිශ්වාසය ඔයාගේ හිතට හා මොලයට භාරයි
යකා මහත්තයා නොහොත් ගුප්ත රෝග පිලිබද විශේෂඥ ජයවර්ධන මහතා සමග ගෙවූ දිනවල අත්දැකීම්.......👍
අවසරයි....👇

එක් පුද්ගලයෙකුගේ ආදර කතන්දරයක් හිටිහැටියෙම අවසාන උන නිසා එයාට ඕන උනා ඒ කෙනාව ආයෙමත් ලගට ගන්න ක්‍රමයක්...එයා තෝර ගත්තේ මන්තර ශාත්‍රය.
ගොඩ තැනකින් කර ගන්න සිතුවත් සල්ලි විතරක් වියදම් උන එක පමණයි වෙලා තියෙන්නේ.
අන්තිමට අපේ තැනට ආවා.එතන ඉදන්👇

මේ වැඩේ ගැන පොඩ්ඩක් අදි මදි කරත් ඒ කෙනාගේ හදිස්සිය නිසා වැඩේට අත ගැව්වා...දවසක් දාගෙන රෑක දේවාලය එලියේ මහසොන් දේවතාවහන්සේට පහන් තියන තැන මම මල් බුලත් තටුවක් හදලා පුහුලක් සහා බිත්තරයක් තියලා මතුරන්න පමණක් ඉතුරු කරලා අගුරු ටිකකුත් ගෙනල්ලා ලග තියාගෙන හිටියා.

වෙලාව 11ට විතර ඇති.මහත්තයා මහසොන් දේවතාවහන්සේගෙන් අවසර අරන් මතුරන්න පටන් ගත්තා...පැය 2,2 1/2කිට්ටු වෙන්න මතුරලා මට අඩගහලා ඒ මතුරපු බිත්තරය තුන්මංහදිහයක ගහන්න කිව්වා...විශේශයෙන් කවුරු අඩගැහුවත් පස්ස බලන්න එපා (මහත්තයා කතා කරත්) කියලා කිව්වා.

බිත්තරෙත් අරන් එලියට ආවා ඕම එනකොට එක ගෙයක් තියෙනවා ඒ ගෙදර ඒ වෙනකොට පදිංචි කවුරුත් නෑ..පාරේ කෙලින් බලන් යනකොටත් ඒ ඉඩම පේනවා...මගේ ගෙදරට ඉස්සරහා ගේ.ඒ ගෙදරට යන තැන ගෑනූ කෙනෙක් තද රතු පාට සාරියක් වගේ එකක් ඇදගෙන කොන්ඩේ බිමටම ගෑවෙන ගානට විතර..අර ගේ පැත්තට හැරිලා ඉන්නවා.අපේ අහල ගම් හතකවත් ඒම ගෑනූ කෙනෙක් නෑ.සීන් එක දන්න නිසා මොකුත් නොකර දිගටම ගියා.

පල්ලේහාට යද්දී කෙලින්ම හම්බෙන්නේ 3න් මංහන්දිය...බිත්තරෙත් එතන ගහලා යන්න හැරුනා මගේ දකුනු පැත්තට යන පාරෙත් තියෙන්නේ තුංමන්හන්දියක් වම් පැත්ත පාරෙත් තුංමන්හන්දියක් එක දිගටම තුංමන්හන්දි 4ක් තියෙනවා කෙලින්ම.පේන දුරකින්.මන් ඉන්නේ 2නි හංදියේ.බිත්තරේ ගහලා හැරුනා දකුනු පැත්තේ හංදියේ එක පාරක් ගමට යන්න අනිත් පාර ලිදට යන්න අනිත් පාර පිට්ටනියට යන්න තියෙන්නේ.එතන හංදිය ඒමයි.ඒ හංදියේ පොඩි ලමයෙක් හොදට ඇදගෙන ඉන්නවා ලස්සනට මගේ පැත්ත බලන් ඉන්නේ...අනිත් පැත්තේ වම් පැත්තේ සුදු දුමක් වගේ සාමානය වයසක කෙනෙක් සුදු කමිසයක් අත් දිගට වගේ ඇදගෙන මේ පැත්ත බලන් ඉන්නවා.මේ දෙකම දැක්කත් ආයෙම හැරිලා බලන්න ගියේ නෑ.එක පිම්මටම ආවා.එනකොට නම් අර ගෑනූ කෙනාව දැක්කේ නෑ.මේ ඔක්කොම ටික උනේ වි10ක් වගේ කාලෙක.

ආපු ගමන් මට දෙහි ගෙඩි තුනක් කැපුවා.කියන්න අමතක උනා බිත්තරේ ගැවුවට පස්සේ ඒ පලාතෙම ඉන්න බල්ලෝ බුරන්න ගත්තා...ඊට සතියකට වගේ පස්සේ අර කියපු කෙනා "ජොඩුවත්" එක්කම ඇවිල්ලා පුජාවක් ඒම තියලා ගියා.

අර මං දැක්ක අය ගැන මම කියන්න ගියේ නෑ කාටත්.අද කතාවක් දාන්න හිතුන නිසයි ඒ අත්දැකීම දැම්මේ.ඒ අය ගැන හෙව්වා මම.ඒ අයගෙන් අර ගෑනූ කෙනා ගැන විතරක් කියන්නම්.ඒ ගෙදර කාලි අම්මාගේ පිලිමයක් තියලා පහන තියන්න ගත්තා ඒ ගෙදර ගෑනූ කෙනා.ඒම පිලිම තියලා ගෙවල් වල පහන තියනවා නම් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට තියන්න ඕනි.ඒත් අර කෙනා ඒම කරේ නෑ.ටික කාලයක් තියලා නතර කරා.ඒ ගෙදර පරවියෝ හිටියා ගොඩක්.ඒ සත්තූ මැරෙන්න ගත්තා.ප්‍රශ්න ආවා හැමදාම වගේ.ගහගන්න තරමට.ටික කාලෙකින් ඒ ගේ අතෑරලා එයාලා යන්න ගියා අදටත් ඒ ගේ ගරා වැටිලා තියෙන්නේ.මගේ මතය නම් ඒ පහනේ ආලෝකය බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් තමා එතන ඉන්නවා ඇත්තේ...

අනිත් අය ගැන නම් කියන්න බෑ.කාලෙකට කලින් ජිවත් උන අය තමා.ඒ අයගේ පවුල් වල අය fb ඉන්නවා.ඒ නිසයි.
ඒ ගැන සමාව ඉල්ලනවා.

ඉතින් සමුගන්නවා.යකා මහත්තයගෙ වැඩ වලදී ලැබුන තවත් අත්දැකීමකින් හම්බෙමු.

අමානුශය බලවේග නෑ කියන අය එක්ක තර්ක කරන්න පුලුවන්.සාධාරණ හේතු සාක්කිත් එක්ක එන්න...
ස්තූති

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.



20 May 2018

---හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා---


යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි. ඇතැම් අවස්ථාවල තැනින් තැන සුලූ සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා විය. නැගෙනහිර පලාතේ ලාහුගල, කුමන කැලෑවේ එල්ටීටීඊ ක‍්‍රියාකාරින් කදවුරු බැද ඇතිබවට කතාබහ නම් අඩුවක් නැතිවිය.

කලකට ඉහතදී කතරගමටත්, යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලාවලටත් කොටි පහරදීම් සිදුවිය. ඉන්පසු යාල ජාතික වනෝද්‍යානය තුළ තිබු ඇතැම් සංචාරක බංගලා ආශ‍්‍රිතව ආරක්‍ෂක හමුදා කදවුරු ඉදිවිය. මේ තිබු බිය නිසා සංචාරකයන්ගේ පැමිණිමද බොහෝ සෙයින් අඩුවිය. කුමන ජාතික වනෝද්‍යානයද කලක් තිස්සේ මහජනයාට විවෘත නොකර වසා දැමුණේ ද ආරක්‍ෂක හේතූන් නිසාය.

කෙසේ වෙතත් සාමකතාවලින් පසු යළි කුමන ජාතික වනෝද්‍යානය මහජනතාවට විවෘත කෙරිණි. ඒවනවිට කුමන කැලේ කදවුරු බැදගෙන සිටි කොටි ත‍්‍රස්තවාදීහූ නැගෙනහිර කෝමාරි, ඇතුල් කැලෑ ප‍්‍රදේශ වලට සංක‍්‍රමණය වුහ. නමුත් සාමකතා බිද වැටීමත් සමගම කොටි යළි පෙරපරිදිම කුමන ජාතික වනෝද්‍යානයේ පෙර පැවති කොටි කදවුරුවලටම පැමිණ විවිධ ත‍්‍රස්ත ක‍්‍රියාවන් සිදුකළහ.

කොටි ත‍්‍රස්තයන්ට කුමන වනෝද්‍යානයට වැඩිපුරම පැමිණියේ මුහුදු මාර්ගයෙනි. විශේෂයෙන් ඔකද දේවාලය අසලත්, පැරණි කුමන ගම්මානය අසලත් වු මුහුදු තීරවලින් ඔවුන් කුමනට ඇතුල්වූයේ ධිවරයන්ගේ වෙස් ගැනීමෙනි. කොටි ත‍්‍රස්තයන් කුමන කැලෑවේ සිටියද එහි සිටින වනසතුන් ගැන හොයාබලන වනජිවී නිලධාරීන් කුමන හැර නොගියේය.

වරක් කුමන වනජිවි කාර්යාලය පිහිටි ඔකද පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කළ වනජීවියට සම්බන්‍ධ සේවකයන් දෙදෙනකු ඔකද සිට පානමට බවුසරයකින් එද්දී ක්ලේමෝ බෝම්බයකට ගොදුරුවිය. වනජිවී ඉහළ නිලධාරීන් එහිසිටි සේවකයන්ට ඔකද පිවිසුම් මධ්‍යස්ථානය අතහැර එන ලෙස දැනුම් දුන්නේය. වනජීවි නිළධාරීන් නොමැතිවීම වනසතුන්ගේ ජිවිතවලට අවදානමක් ගෙනාවේය. ඒබව දත් වනජිවී දෙපාර්තමේන්තුවේ සහකාර අඩවි ආරක්‍ෂකවරයෙක්වු බී. ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමනින් නොයාමට තීරණය කළේය.

‘‘කොටි ත‍්‍රස්තයන්ට වඩා කතරගම දෙවියන් ප‍්‍රබලයි. අපි ඉන්නේ වනසතුන් රකින්න. අපි මෙතනින් ගියොත් ඔවුන් දඩයක්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ තුවක්කුවලට ගොදුවන්නට ඉඩ තියනවා. ඒ හින්දා අපි මෙහෙ ඉ`දිමු යැයි’’ ඔවුහු තීරණය කළහ.

මේ කාලය තරමක් නියංසමයකි. 2008 වර්ෂය නිසා යුද්ධයේ අවසන් කාල පරිච්ෙඡ්දයයි. කුමන වනොද්‍යානයේ වැව්වල ජලයත් සිදීයාමේ තර්ජනයක ලක්ව තිබුණේය. වැහිකාලයට කඩාගෙන යන වැව් කාලයකින් ප‍්‍රතිසංස්කරණය නොකිරිම නිසා ඒවා අබලන්ව තිබුණි. මේ නිසා වනසතුන්ගේ පිපාසය නිවීමට තිබූ අවස්ථාවන් අඩුව තිබුණි.

එහෙත් මේ කාලයේ රටේ විවිධ ප‍්‍රදේශවල සිටි පරිසර හිතකාමීන් කුමන කැලෑවේ වන සතුන්ගේ ප‍්‍රයෝජනයට අවශ්‍ය වැව් ආදිය ප‍්‍රතිසංස්කරණය කිරිමට පෞද්ගලික මුදලින් ආධාර උපකාර කළහ. විශ‍්‍රාමික වනජීවි අධ්‍යක්‍ෂවරයෙකුවූ ෂර්ලි පෙරේරා මහතා මේ කියන වකවානුවේ ඔක`ද කාර්යාලය ආසන්නයේ ඇති කිල්ලංවල වැව ප‍්‍රතිසංස්කරණය කිරිම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරෙමින් පැවතුණි. ඩෝසර් යන්ත‍්‍රයක්ද ගෙනවිත් තිබුණි.

දිනක් ෂර්ලි පෙරේරා මහතා කුමනට පැමිණියේ එහි කටයුතු පිරික්සීමටය. ඔහු සමග එවකට එයාර්ලංකා ගුවන් සේවයේ රාජකාරී කළ ගුවන් නියමුවන් පිරිසක්ද පැමිණියේ සංවර්ධන කටයුතු සදහා ඔවුන්ගේද දායකත්වය දීමටය. මේ පැමිණි පිරිස වාහන පහකින් කොළඹ සිට පොතුවිල්, පානම, හරහා ඔකදට පැමිණි අතර ඔවුන් නවාතැන් ගත්තේ ඔක`ද සිට කිලෝමීටර් විස්සක් පමණ කුමන වනෝද්‍යානය ඇතුළට වන්නට පිහිටි ‘‘ඇදකුඹුක’’ ප‍්‍රදේශයයි.

එහි කදවුරුගෙන සිටි පිරිස දිවා කාලයේ ඔකදට පැමිණ වැවේ ඉදිකිරිම් නිරීක්‍ෂණය කළහ. වනජිවි නිලධාරින් කිහිප දෙනෙක් පමණක් මේ පිරිසගේ ආරක්‍ෂාවට සිටියහ. ‘‘ඇදකුඹුක’’ ලෙසින් හදුන්වන්නේ කුමන ජාතික වනෝද්‍යානයෙන් යාල ජාතික වනෝද්‍යනයේ අංක දෙක කලාපයට කුමන පැත්තෙන් ඇතුළුවිමට ඇති මාර්ගය පිහිට ප‍්‍රදේශයටය. කුඹුක්කන් ඔයෙන් එගොඩවන්නේ මෙතැනිනි. කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය පිහිටා ඇත්තේද ඒ ආසන්නයේය.

අද මෙන් සන්නිවේදන පහසුකම් එදා නොතිබුනේය. පානම ගමටද ජංගම දුරකතන සංඥා ලැබුණේ නම් ඒ තැනින් තැනටය. හදිසි පණිවිඩයක්නම් කෙනෙකු ගිහිං කිවයුතුය. 2008 සැප්තැම්බර් මාසයේ දිනයක්වු එදින ෂර්ලි පෙරේරා මහතා ඇතුළු පිරිස ඔකද සිට ඇදකුඹුකට ගියේ රාත‍්‍රිය එහි ගත කරන්නටය.
මේ අතර අදුරු වැටෙත්ම ඔකද වනජිවී කාර්යාලයට ලැබුණු පණිවිඩයකින් කියවුනේ අසුබ ආරංචියකි. කුමන වනෝද්‍යානය හරහා පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් යාල ජාතික වනෝද්‍යානයේ තල්ගස්මංකඩ පිහිටි යුද හමුදා කදවුරට දරුණු ප‍්‍රහාරයක් එල්ල කරන බව එම පණිවිඩයයි.

කුමන හරහා යාලට යන්නේ නම් ‘‘ඇදකුඹුකෙන්’’ කුඹුකන්ඔය තරණය කර පොත්තන, පිළින්නාව හරහා යාල කලාප අංක දෙක ඔස්සේ ගොස් මැණික් ගෙ`ගන් එගොඩවී යායුතුය. එසේ යද්දී මැණික් ගෙ`ගන් එගොඩව ටිකදුරක් යනවිට තල්ගස්මංකඩ කදවුර හමුවෙයි. එතැන පෙර තිබුණේ සංචාරක බංගලාවකි.
සවස පහයි තිහට පමණ ප‍්‍රහාරය ආරම්භව ඇතිබව ඔකදට ලැබුණු පණිවිඩයෙන් කියැවිණි. ඔකද කාර්යාලයේ සිටි ගුණසිංහ මහතා ඇතුලූ නිලධාරින් මහත් කලබලයට පත්විය. ඒ වනවිට වනජිවි ඇමතිවරයා වූයේ පාඨලි චම්පික රණවක මහතායි. වනජිවී ඉහළ නිලධාරින්ගේ උපදෙස වුයේ වහාම ඔක`ද කාර්යාලය අතහැර පසු බසින ලෙසයි. නමුත් එය හදිසියේ කළ හැකි දෙයක් නොවීය.

හේතුව කුමන වන සතුන්ගේ ප‍්‍රයෝජනයට වැවක් හදන්නට ආ පිරිසක් කුමන මහ කැලෑවේය. කිලෝමීටර් විස්සක් තරම් ඈත කැලෑවේ සිටි මේ කණ්ඩායම ආපසු ගෙන්වා ගන්නට පණිවිඩයක් යවන්නට ක‍්‍රමයක් ඇත්තේම නැත. තල්ගස්මංකඩට ප‍්‍රහාරය එල්ලකළ කොටි එහි යද්දී හෝ ආපසු කුමනට පසු බසිද්දී ‘‘ඇදකුඹුකේ’’ සිටින පිරිස නෙත ගැටුණොත් සිදුවන්නේ මහ විනාශයක් බව අඩවි සහකාර ගුණසිංහ මහතා ඇතුලූ වනජීවි නිලධාරින්ට අවබෝධ විය.

අවස්ථාවේ හැටියට කළ හැකි වෙනත් කිසිම දෙයක් නැත. කෙසේ හෝ ඇදකුඹුකට ගොස් පිරිස ගැන සොයා බැලිය යුතුය. ඒ යනමග කොටි ත‍්‍රස්තයන් සැගවී සිටිය හැක. එසේ වුවොත් ගමන දැඩි සේ අවදානම්ය. වෙනත් කළ හැකි කිසිදු විකල්පයක් නොවු නිසා ගුණසිංහ මහතා කතරගම දෙවියන් සිහිකරමින් වන සතුන්ගේ යහපතට පැමිණි පිරිසට අතුරු ආන්තරාවක් නොවී රැකදෙන්නැයිද ඔවුන් කැදවාගෙන එන්නට යන තමන්ට ද පිහිටාරක්‍ෂාව ලබාදෙන්නැයිද ඉල්ලා කාර්යාලයේ තිබු යතුරු පැදියට නැගුණේ තවත් නිලධාරියෙකු සමගය.
දසතින් අදුර දෝරේ ගලමින් තිබු ඒ මුසළ ගොම්මනේ ඔහුගේ යතුරු පැදිය ඔකද සිට කුමන මහ කැලැවේ ඇතුළට ඇදෙයි. ගුරුපාර දෙපස කැලෑවේ වන සතුන් ඒවනවිටත් ආහාර සොයා කැලෑවේ එහා මෙහා යන්නට පටන් ගෙනය. ඉදිරියේ පාර අද්දර වනඅලි රංචුවකි. යතුරු පැදියේ එළියෙන් ඉදිරියේ සිටින සතුන් පමණක් පෙනෙයි. වටපිටාව මහ කැලෑව නිසා කිසිවක් නොපෙනෙයි. ආරක්‍ෂාවට ඇත්තේ යතුරුපැදියේ පිටුපස සිටින වනජිවි නිලධාරියා අතැති ‘‘සොට්ගන්’’ වර්ගයට අයත් ගිනිඅවිය පමණි.

නමුත් ගිනිඅවියට වඩා ගුණසිංහ මහතාට ‘‘කතරගම දෙවියන්’’ විශ්වාසය. ඔහු යතුරු පැදියේ සිටම ඉදිරියේ සිටින වනඅලි රංචුව දැක කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තමන් යන ගමනට වනසතුන්ගේ බාධා ඉවත්කර දෙන ලෙසය. විදුලි පන්දමක එලියක් හෝ විදුලි පහන් එළියක් දුටු විගස පන්නාගෙන එන වනඅලි පාරෙන් ඉවත්වූයේ ගුණසිංහ මහතා යන ගමනට සුලූ හෝ බාධා කිරිමක් මහා ව්‍යවසනයක මුලක් බවට ඉවෙන් මෙන් දැනගෙන දැයි සිතුණි.

ගුරුපාර ඔස්සේ කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය අසලට යතුරු පැදියේ පැමිණි ගුණසිංහ මහතා හනික ඉන් බැස්සේය. කපුරුපෙත්තක් දල්වා පහනක් පත්තුකර කතරගම දෙවියන් සිහිකර ඉදිරියට ඇදුනේය. උපද්‍රවයකින් තොරව පිරිස සිටිනු දුටු ගුණසිංහ මහතාට ඇතිවුයේ නිමකළ නොහැකි සතුටකි. ඒවනවිටත් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි අමුත්තෝ ගුණසිංහ මහතා කීි පණිවිඩය අසා තුෂ්නිම්භූත වුහ.
විනාඩි කිහිපයක් ඇතුළත් පිරිස තමන් පැමිණි වාහන පහට නැග ආපසු ඔකද බලා පිටත්වුහ. ආපසු එද්දිද මඩමේතොට දේවාලයට ගොඩවී පහනක් දැල්වූ ගුණසිංහ මහතා කණ්ඩායමට රාත‍්‍රියේ උපද්‍රවයකින් තොරව ඔක`දට යන්නට පිහිට ආරක්‍ෂාව දෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.
‘‘මේවනවිට තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුවී අවසන් වන්නට බොහෝ සෙයින් ඉඩතිබුණි. එසේ වූවානම් ප‍්‍රහාරයට සම්බන්‍ධ ත‍්‍රස්තයන් පසු බසින්නේ මේ ඉසව්වටය. ඒ නිසා වහාම මේ ප‍්‍රදේශයෙන් ඉවත්විය යුතුය. කුමන කැලෑවේ කොටි ත‍්‍රස්තයන් ගැවසෙන නිසා පසුබසින කොටි ත‍්‍රස්තයන් සොයා ආරක්‍ෂක අංශ ඒවනවිට කුමනට ඇතුළුවන්නේදැයි ඔත්තු බලන්නට කොටි ත‍්‍රස්තයන් මේ යන මග වුවද රැුකවල් ලා සිටිය හැකිය.
දැන් ඒගැන හිතන්නට වෙලාවක් නොවේ ගුණසිංහ මහතාගේ යතුරු පැදිය පෙරටු කරගත් වාහන පහ ගුවන් නියමුවන්ද නංවාගෙන ඔකදට ආවේ අතුරු ආන්තරාවක් නැතිවය. ඒවනවිට රාත‍්‍රී 09.30 පමණව තිබුණි. ඔක`ද කාර්යාලයට නුදුරින් කැලේට වන්නට වාහන නැවැත්වුයේ වැව කපන ඩෝසර රැුකගන්නට එන වනඅලි කිහිපදෙනාටද එහි ආරක්‍ෂාව බාර දෙමිනි.

කතරගම දෙවියන්ගේ පිහිටෙන් පිරිසේ කිසිවෙකුටත් අතුරු ආන්ත‍්‍රාවක් නොවී ඒ බියකරු රාත‍්‍රිය පහන්විය. පසුදා උදෑසනම යුදහමුදා විශේෂ බලකා කණ්ඩායමක් හෙලිකොප්ටර් දෙකකින් ඔකදට පැමිණියේ ඒවනවිට කුමන වනෝද්‍යානයට ගිය එයාර්ලංකා ගුවන් නියමුවන් ගැන විපරම් කරන්නටය. ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් ඒවනවිට ගුවන් නියමුවන් ගැන කිසිදු තොරතුරක් නොලද නිසාත් තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුකළ කොටි ත‍්‍රස්තයන් කුමන වනෝද්‍යානයට පසුබැස ඇතිබවට ලද ආරංචි නිසා මහත් බියට පත්ව සිටියේය.
කෙසේ වෙතත් ඔකද සිට පානම දක්වා මාර්ගය නැගෙනහිර පළාතේ එවකට ආරක්‍ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්) පරීක්‍ෂාවකින් පසු ෂර්ලි පෙරේරා මහතා ඇතුළු ඔහුගේ හිතවත් ගුවන් නියමුවන් පානම පොතුවිල හරහා ආපසු පිටත්ව ආවේය.

ඒවනවිට කිල්ලංවල වැවේ වැඩ අවසන් කිරිමට තිබුණේ සුලූ කොටසකි. වැව ප‍්‍රතිසංස්කරණය කරනවිට වනඅලියෙක් එහි නිතරම ආ ගියේය. ඉක්මනින් වැව හදාදෙන්නැයි මෙන් ඒ වනඅලියා ඉල්ලන සේයාවක් පෙන්නුම් කළේය. කිසිවෙකුට කරදරයක් නොකළ මේ වනඅලියා වැව ප‍්‍රතිසංස්කරණය කරන්නන්ට වෙස්වලා ගත් ආශ්ර්වාදයක් විය.

තල්ගස්මංකඩ ප‍්‍රහාරයෙන් කලබලවු වනජිවී දෙපාර්තමේන්තුව ඔකද අතහැර එන්නයි නිලධාරින්ට උපදෙස් දුන්නේය. වැව හදන්නට ගෙනා ඩෝසරයත් රැගෙන ආපසු පිටත්විය යුතුවිය. නමුත් එළඹෙන වියළි කාලයේ තම කැලෑසගයන්ට දියපොදක් බොන්නට ඇති එකම ස්වාභාවික උල්පතෙන් ගලන දිය බිදු කිහිපය රැස්කර කිල්ලංවල වැව තනා නොයන්නැයි නිහඩව ආයාචනා කළ වනඅලියාගේ හැගීම් අවබෝධකරගත් වනජිවි නිලධාරීන් කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පැතුවේ වැවේ වැඩටික අවසන් කරන්නටය.
ලක්‍ෂ දෙකහමාරක පමණවු පෞද්ගලික මුදලක් වැය කර සතුන්ට වතුර බොන්නට හැකිවන පරිදි වැව ප‍්‍රතිසංස්කරණය කළ වනජිවි නිලධාරීන් ඔකදින් මාස තුනකට ඉවත්වූයේ ආරක්‍ෂක අංශවලට එහි ඉදිරිකටයුතු බාර දෙමිනි. ජිවිත පරදුවට තබා තම වර්ගයාගේ පවස නිවන්නට වෙහෙස ගත් මේ මිනිස් පුත‍්‍රයන් තමන්ගෙන් ඈත්වන බව දැනගෙනදෝ මෙතෙක් දිනක් සමීපව සිටි වනඅලියා ඔකද හැරයන තම ආරක්‍ෂකයන් දෙස බලා සිටියේ නිසොල්මන්වය.

මෙතතරම් විශල ව්‍යවසනයක් සිදුවුවද අබඇටයක තරම් උපද්‍රවයක් මේ පිරිසට නොවුණේ කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව තමන්ට ලැබුණු නිසායැයි පිරිස විශ්වාස කළහ. ඊට හේතුවක්ද තිබුණි. ගුවන් නියමුවන් රැදීසිටි ‘‘ඇදකුඹුක’’ ආසන්නයේ ගසක අට්ටාලයක් තනා කොටි ත‍්‍රස්තයන් ඔත්තුබලා තිබූ බව පසුව එහි කළ සෝදිසි මෙහෙයුම්වලදි දැක ගන්නට ලැබුණි. යම් හෙයකින් තල්ගස්මංකට ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තයන් පසුබසින විටත් ගුවන් නියමුවන් ඇදකුඹුකේ සිටියානම් ඔවුනද ප‍්‍රහාරයකට ලක්වන්නට ඉඩතිබුණි.
එහෙත් එසේ නොවුනේ ඔවුන්ට කතරගම දේවියන්ගේ පිහිට ලැබුණු නිසාවෙනි. තල්ගස්මංකඩට ප‍්‍රහාර එල්ලකළ කොටි ත‍්‍රස්තයන්ට පසු කාලයක සිය ජිවිතවලින් වන්දි ගෙවන්නට සිදුවිය.
නිමි.

උපුටා ගන්නා ලද්දකි

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



18 May 2018

---පනාගොඩ ආච්චි---



ඇය අපේ තාත්ත ගේ අම්මාගේ බාලම නැගනියයි. ඇය කොළඹ බාලිකාවක නැවතී අකුරු කරන සමයේ එම පාසල අසලම පිහිටි ඉහල පෙලේ පිරිමි පාසලක සිසුවකු සමග සබදතාවක් ගොඩ නගා ගන්නා ලදින් එය ආරංචිවූ ඇගේ පියා නැවත ඈ නිවසට රැගෙනවිත් තමා ලග නවතාගන්නා ලදී.

ඉන් අනතුරුව ඈ පනාගොඩ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරිකයෙක් හා සරණ බන්දා පිටත් කර හරින ලදී. එයින් ඈ පිරිමි දරුවකු ලැබුනු අතර, ඇගේ සැමියා දඩබ්බර ගති පැවතුම් ඇති සෙල්ලක්කාරයකු බව පැවසේ. එසේ උවද පවුල් ජීවිතයේ අවුල් ඇති නොවනසේ පවත්වාගැනීමට ඔහුට හැකියාවක් ලැබී ඇත.

පුතනුවන් වැඩිවියට එලඹීමෙන් පසු අධ්‍යාපනය සදහා රටින් පිටවූ අතර එහිදී හැදිනගත් එංගලන්තයේ සුදු යුවතියක සමග විවාහ විය. ඇය සිය පුතුගේ සම්බන්ධයට මුලින් විරුද්ධ වුවත් පසුව කැමතිවී ලංකාවේ පල්ලියකම විවාහය සිදුකරන ලදී. විවාහයෙන් අනතුරුව පුතා සහ ලේලිය රටින් පිටවී පදිංචි විය. පනාගොඩ ආච්චිත් සීයාත් ලංකාවෙ නිවසේ විසීය.

එම නිවස සීයාගේ මහගෙදර විය. නිවස වටාම කුලුණු වලින් සැදි ඉස්තෝප්පුවක් විය, ඉතා විශාල කාමර හා සාල වලින් යුත් එහි ජනේල ඉතා කුඩා විය එසේම බිත්ති ඉතා උස් විය. මෙම නිවසේ සේවකයන් වාසය කලේ ගෙයින් පිටුපස තැනූ වෙනම නිවසකය.

අධික බීමත් කමින් සීයා මියයන්නේ හදිසියේය, ව්‍යාපාර සියල්ල ඇගේ පාලනයට යටත් වන්නට වූ අතර ඈ හොද ව්‍යාපාරික කාන්තාවක් වූවාය. දිනක් කොළඹ ඉහල පෙලේ හෝටලයක පැවති මංගල උත්සවයකදී ඇගේ පරණ පෙම්වතා අහඹු ලෙස මුන ගැසීමෙන් දෙදෙනාගේ හිතවත්කම අලුත්වේ, ඔහු ඒ වන විට තිදරු පියකුවූ අතර බිරිද සමග වාසය කලේය.

ඉන් අනතුරුව නිතර නිතර ඔවුන් හමුවීම සොබාවික විය, සමහර දිනක ඔහු ඇගේ නිවසේ රැයද පහන් කලේය. මෙය ඔහුගේ බිරිද දැනගත් පසු තත්වය දරුනු විය. එම පවුලේ ගැටුම් නිසා අවසන ඔහුගේ බිරිඳ වස පානය කලාය. එයින් පසු නිදහස් අයකුවූ ඇගේ සැමියා පනාගොඩ නිවසේ නැවතීමට පටන්ගත්තේය. මරණයෙන් මාස 4 පසු ඔවුන් විවාහ වූයෙ විශාල සාදයකිනි. විවාහයෙන් පසු සැමියාගේ නිවසට පදිංචියට ගිය ඔවුන් එහිදී බරපතළ ගැටලු වලට මුහුන දෙන ලදී

එම නිවස එවකට නවීන පන්නයේ නිවසක් විය, නමුත් ස්වාමිදුවගේ මරනයෙන් පසු එය පාලු කතරක් බවට පත් විය, ඒ වන විට විවාහව සිටි දරුවන් පදිංචි ව සිටියේ වෙනම නිවාස වල වූහ, නව යුවල එම නිවසේ පදිංචියට පැමිනීමෙන් ටික කලක් ගත වන තුරු ඔවුන් ඉතා සතුටින් කාලය ගත කරන ලද්දෝය.

විවාහයෙන් මසක් දෙකක් ගිය කල ඇගේ හැසිරීම මදින් මද වෙනස් වීමට පටන් ගන්නා ලදී, නිතරම කෝප වීම, නිදිමත ස්වභාවය ආදී ගති පහල වීම අහේතුක විය, කොතරම් වෙදකම් කලද ඉන් පලක් අත් නොවුනේ නමුදු වෙදකම් කිරීම අත් නොහරින ලදී, සුන්දරව පිරිපුන්ව සිටි ඇය කෙට්ටු වීමට පටන් ගත්තාය, ඇය ඇගේ ගැනවත් නොසලකන තතවයට පත්වීය. නමුත් ඇගේ සැමියා නම් ඈට ඇති ආදරය අඩු නොකලාය,
කලක් රෝගීව සිටි ඇය නිරන්තර තනිවම කියවීමට පටන් ගත්තීය, මානසික සම්බන්ධ වෙදුන්ට පවා ඇගේ රෝගය සොයාගැනීමට දුශ්කර විය.

දිනක් දුර බැහැරක සිටින වෙදකු මාර්ගයෙන් ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වා බලන්නට ඔවුනට සිතුනි. එහිදී ඔහු පවසා තිබුනේ ඇගේ සැමියාගේ පරණ බිරිද ඇගේ ඇගට ඇතුල්ව ඇයට ශාරිරික පීඩා සිදු කරන බවයි

මහා විශාල තොවිලයක් සූදානම් කර ඔවුන් විසින් එම ආත්මය පලවා හරින ලදී.

ඉන් අනතුරුව ඔවුන් මිය යන තුරාම සතුටින් ජීවත් විය.


 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

16 May 2018

---කුහකයෝ---

 

පුතේ මම යනව එහෙනම් වැඩට ඔයාල පරිස්සම්න් ඉන්න..
තාත්තේ තාත්තේ මේ කෑම එක අරන් යන්න මොනව වෙලද මන්ද අද මෙයාට..
අයියෝ දුවේ අමතක උනානේ කෝ ගේන්න.. එහෙනම් මම යනව ..

පියසෝම කියන්නේ ලී බඩු සාප්පුවක අයිතිකාරයෙක් මාදම්පේ ටවුන් එකේ ප්‍ර්දාන පෙලේ ලී බඩු සප්පුවේ තනිනයිතිකරු ඔහුයි.. වයස පනස් පහක් පමණ වන ඔහුට සිටින්නෙ එකම දියනියක් පමනි.. නිර්වානි වන ඇය උසස් පෙල ප්‍ර්තිපල අපේක්ශිකාවකි... පියසෝමගේ බිරිද සුමනේ ගෘහනියකි...

පියසෝම නිවසින් පිට වී පැය කිහිපයකට පසු නිවසේ සිටි නිර්වානි.. එක් වනම අඩ නින්දෙන් අවදි වූයේ තමා දෙස කිසිවෙකු බලා සිටින බවක් දිස්වීමෙනි.. ඇය දෑස් හරිනවාත් සමගම කිසියම් දුමාරයක් නැති වී යන්නාක් මෙන් ජනේලය අසලින් පිටවී යනු ඇය නෙත් ගැටුනේ තත්පර කිහිපයක් ඇතුලතය..

දඩාං...
අම්මේ අම්මේ මොකක්ද ඒ සද්දේ... ... අම්මේ අම්මේ..

නිර්වනි කොතෙක් කෑ ගැසුවද කිසිම පිලිතුරක් නොලද බැවින් කාමරයේ දොර හැරගෙන සාලය තෙක් ගමන් ගත්තේ අවට දෙස විපරම් දෑස යොමු කරමිනි... කාමරයෙන් එලියට බට අවස්තාවේ සිටම කවුරුන් හෝ තමා පටුපස ඇති බවක් දැනෙන්නට වූයෙන් දෙතුන් වර හැරී බලන්නට වූයේ ඒ කවුරුන්ද කියාය.. නිවසේ දෙවනි මහලේ පඩිපෙල අසල සිට නැවතත් හැරී බැලූ ඇයට තම සමබරතාව රැකගැනීමට නොහැකිව පඩි පෙල දෙසට ඇද වැටෙන්නට විය.. නමුත් කවුරුන් හෝ තම දැතීන් ඇද්දාක් මෙන් ඇය නැවත්ත සමබරතාව රැකගැනීමට හැකිවිය...

විශ්වාස කිරීමට පවා අපහසු වූ විනාඩි කිහිපය අවසන් වීමට මත්තෙන් මුලුතැන්ගේ දෙසින් පිත්තල පිගානක් බිම වැටෙනු නිර්වානිගේ සවන් වැකින... යම්දෝ නොයම්දෝ යන සිතුවිල්ල සිතට නැගුනද කෙමෙන් ඒ දෙසට යන්නට වූයේ තම මවට කරදරයක්ද යැයි සිතුන බැවිනි...

නැත කුස්සියේ කිසිවෙකු හෝ නැත නමුත් පිගානක් බිම වැටී ඇත.. රාක්කයේ දමා ගිය පිගාන බිම වැටීම කිසිසේත් සිදු විය නොහැක්කකි.. නමුත් එය සිදුවී ඇත. පිගාන ගැනීමට පහත් වූ ඇයගේ නෙත් එක් වනම යා වූයේ පහත රාක්ක්ය යට ඇති දිලිසෙන දෑස් දෙකක් මතය .. ක්ශනිකවම සිදු වූ මේ දෙයින් ඈ තිගැස්සී ගියද නැවත ඒ දෙස බලන්නට වූයේ මීයන් හෝ බෝවී ඇත්දැයි සිතට ආ නිසාවෙනි..
නමුත් එහි කිසිවක් නොවීය..

අම්මා අම්මා.. ඔයා කොහෙද... මුලුතැන්ගෙයි පසුපස හරියට ලං වනවාත් සමගම ඇයට දැනෙන්නට වූයේ කිසියම් දෙයක් පිච්චෙන ගදකි.. ඉක්මනින් ලිප් ඇති තැනට ලං වූ ඇය දුටුවේ . ගෑස් ලිප මත අගුරු වෙමින් යන්නාවූ කේතලයයි... ඉක්මනින් ඈ ඒ වෙත ලංවී එය නිනාදමන්නට විය... නොසිතූ විරූ කරදරයක් මැති වී ගියේ බිම වැටුනු පිගානේ ශබ්දය හේතුවෙනි...

ඒත් සමගම ඇයගේ පිටිපසින් කවුරුන් හෝ සිටින්නක් මෙන් හැගීමක් ඇති වූයෙන් පිටු පසට හැරෙනවාත් සමගම ඇය ඈඅ ගැටුනේ බොද වී යන හුරුපුරුදු පිරිමි රුවකී. නමුත් ඇයට ඒ කවුදැයි සිතාගැනීමට හෝ හැකි නොවූයේ .. මෙතෙක් අතුරුදන්ව සිටි තම මව ඈ අසලට එනු දැකීමෙනි...

අනේ අනේ අම්ම මරු හොදේ...
ඇයි මොකෝ දුව වෙලා තියෙන්නේ ??
මේ කේතලේ අලු වෙන්නද ලිපේ තියල ගියේ.. මේක ගිනිගත්තනම් එහෙම අපි දෙන්නත් ඉවරයි ගෑස් එක පුපුරල ගිනි අරන් මැරෙන්නේ.. මොනාද අම්මේ කල්පනාවෙන් ඉන්නකෝ...

අනේ මන්දා දුවේ අද දවසනම් හරිම අමුතුයි .. කවුරු හරි මගේ පස්සෙන් ඉන්නව වගේ හිතෙනව..
අනේ අම්මගේ හිත තමා ඔක්කොම මීයෙක්ද කොහෙද ඇවිත් අර පිගාන පෙරලුවේ නැතිනම් මැරෙනකන්ම අපි දන්නෙත් නෑ.. බිම වැටී ඇහින්ද පිගාන පෙන්වමින් ඇය හැරී තම කාමරයට පිවිසියේ පාඩම් වැඩ කිරීමේ අදිටනිනි..

දහවල් දෙක පමණ වන විට දොරේ සීනුව නාද වූයෙන් .. ඇය දිව ගොස් දොර අරින්නට විය...
තාත්තේ මොකෝ අද කලින්ම.. මුහුනත් සුදුමැලි වෙලා . අසනීපද ඔයාට.
නමුත් ඇය සමග කිසිදු කතාවක් හෝ නොදැක්වූ පියසෝම තම කාමරයට පිය නගන්නට විය...

අම්මේ තාත්තා ආව අන්න මොකුත් කතා නොකර කාමරේට ගියා.මොනව වෙලාද මන්දා.
හ්ම් මේ මනුස්සය ඔෆිස් එකේ ප්‍ර්ශ්න ගෙදර ගෙනත් පිස්සුවෙන් වගේ ඉන්නව .. යමු බලන්න...
පියසෝමගේ කාමරය වෙත දුව සහ මව පානගන්නට විය... නමුත් කාමරය තුල කිසිවෙක් නොවීය...කිසියම් දෙයක් සොයා ඇති බවනම් සක්සුදක් සේ දිස් වේ.. සම්පූර්න කාමරය පුරාම කිසිවක් හො සොයා ඇති හැඩකී..නමුත් පියසෝම කොහේ ගියේද..

ඉක්මන් ගමනින් නිවසේ දොර වෙත පිය නැගු නිර්වානීගේ නෙත ගැටුනේ ඈත පාරේ අතුරුදහන් වෙමින් පවතිනා.. පියසෝමගේ. රුවයි...
අම්මේ අම්මේ අර ගියේ තාත්තා.. මම හිතනනේ මොකක් හරි දෙයක් හොයන්න ඇවිත් වගේ.
අනේ මන්දා දුවේ මේ මිනිහවනම් තේරුම් ගන්නම බෑ...
දින කිහිපයකට පෙර ....

හලෝ පියසෝම මුදලාලි කොහොමද ඉතින්...
ආහ් ජයසිරි මුදලාලි .. මොකෝ මේ පැත්තේ කඩේ වැහුවද අද..
නෑ පියේ මේ උබට විශ්වාසෙට පොඩි වැඩක් භාර දෙන්න ආවේ..

ආහ් එහෙමද ඉතින් ඉතින් කියමුකෝ බලන්න.. බය වෙන්න එපා බන් මේ මගේ ඔෆිස් රූම් එක උබ කියපන් බය නැතුව කවුරුත් එන්නෙ නෑ මෙහේ
ආහ් එහෙනම් ක්මක් නෑ බන් මේකයි සීන් එක උබ දන්නවනේ මට තියෙන සල්ලි ගැන ....
ඔව් ඔව් දන්නව බන ඉතින්..

හෙට අපේ කඩේට ඉන්කම් tax එකෙන් පනිනව කියල ආරංචියක් ආව .. උබ දන්නවනෙ ..ඉතින් මෙතන බන් කෝටියක් තියෙනව උබට මම මේ බෑග් එක දීල යන්නම් සතියකට තියා ගනින් ප්ලීස් උබල අපි පොසිකාලෙ ඉදන් යාලුවොනෙ බන්..


හම්මට යකෝ කෝටියක් .. හ්ම් දියන් දියන් මම ගෙදර තියාගන්නම් ඉක්මනට ගනින් හොදේ...
හරි බන් සතියෙන් ගන්නම්.. මම එහෙනම් ගිහින් එන්නම් ...
ආහ් එල බන් ජයේ.. """


අම්මේ දැන්නම් රෑත් වෙලා තාත්ත තවමත් නෑනේ ...
ඒක තමයි දුව මාත් මේ බැලුවේ බලමුකෝ ටිකක්...
ට්‍රීං ට්‍රීං ට්‍රීං..
දුව පොඩ්ඩක් phn එක බලන්න.
හරි අම්මේ...
හෙලෝ ...

හෙලෝ දුව මම ජයේ අංකල් .. දුවේ කෝ තාත්තා.
තාත්ත ආවෙ නෑ අංකල් මාත් මේ එයා එනකන් ඉන්නේ ..

එහෙමද . දුව තාත්තා මොකක් හරි බෑග් එකක් ගැන කිවුවද මම දුන්න අරන් තියන්න කියල..
හෙලෝ අපි මේ මාදම්පේ පොලීසියෙන් .. මේ phn එකේ අයිතිකරු ඔයාගෙ කවුද අම්මේ..
ආහ් ඒ මගේ මනුස්සය මහත්තයෝ.. ඇයි එයා මොන වැරද්දක් කරලද...පොලීසි ගානෙ ගිහින් ඉන්නේ..

අනේ නෑ අම්මේ වැර්ද්දක් නෑ ඔතන ඔයාට දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවනම් ටිකක් phn එක දෙන්නකෝ..
අනේ මහත්තයෝ ඒ මොකෝ මට ඉන්නෙ කෙලී විතරයි ඒකි මොකටද පොලීසිය එක්ක කතා කරන්නෙ..
නෑ නෑ අම්මේ බය වෙන්න එපා. පොඩි පනිවිඩයක් තියෙනව පියසෝම දුවට කියන්න කියපු.. ..
ඉතින් මට කියන්නකො මහත්තයෝ ..කෝ අපේ මිනිහ දැන් ..
එයා එලියේ ඔයා දුවට දෙන්නකෝ
අනේ මන්ද එලියෙලු.. කෙලී මේ බලපන් කෝල් එක පොඩ්ඩක්..
හෙලෝ ...

හෙලෝ මිස් මම මාදම්පේ පොලීසියෙන්.. මේක අහල කලබල වෙන්න එපා ඔයාගෙ තාත්තා කෝච්චියේ හැප්පිලා.. උදේ හැප්පිලා තියෙන්නේ.. දැකපු අය කියන්නේ පැන්න කියල... එයාගේ පර්ස් එකවත් නෑ මේ phn එක විතරයි ලැබුනේ අපිට.. මූන හොදටම ඩැමේජ් වෙලා.. අපි මේ phn එක හොයාගත්තෙත් මේ ටිකකට කලින් .. මේක මේ පොලීසියට ගෙනාව විතරයි... බොඩි එක මාදම්පෙව් හොස්පිටල් එකේ ඇති ගිහින් භාරගන්න .. .. මෙහෙම තමයි ජීවිත ඔයාල කලබල වෙන්න එපා...
අනේ මගේ තාත්තා.. අයියෝ...

අනේ අම්මේ තාත්තා කෝච්චියට පැනල ඉක්මනට එන්න යන්න ... මගේ තාත්ත එතනමයිලු අම්මේ.. උදේ දහයට වගේ වෙලා තියෙන්නේ.. එන්න යමු අම්මේ..
අනේ මගේ පියාසෝම ඔයා ඇයි මෙහෙම කරගත්තේ... ..

නිර්වානිගේ ගෙදර තනිකරම එකම කාලගෝට්ටියකි... මුලු නිවසටම කඩිමිඩියේ සෙනග පිරෙන්නට වූයේ ඔවුන්ගේ විලාප හඩ ඇසීමෙනි... ඒත් සමගම දුරකතනය නාද වූයෙන් එයට ,කතා කිරීමට නිර්වානී අඩමින්ම යන්නට විය...
හෙලෝ දුවේ...
අනේ ජයේ අංකල්....

මොකද දුව අඩන්නේ ... මම මේ ගත්තේ.. ඔයාලගේ තාත්තා මේ දැන් ටිකකට කලින් බෑග් එක දීල ගියා කියල කියන්න... මිනිහ බෑග් එක ඔයාලගේ නැන්දලගෙ ගෙදර තියල ඇවිත් .. ඒත් අර රොශාන් එහෙම එකක් මත නෑ කිවුවලු අන්තිමට රන්ඩු වෙලා ඇදල කරල හොයන් ඇවිත් තියෙන්නේ....
මො...මො..මොකක්....

අනේ අංකල තාත්තා නැතිවෙලා තියෙන්නේ අද උදේ ... කෝච්චිය පැනල.. මගේ තාත්තා... එයා කොහොමද ඔහේ එන්නේ..
මොනා දුව.. මොනා.. එතකොට මේ දැන් මෙහේ ආවේ...
මම දන් නෑ අංකල් තියන්නම් මම...

දුරකතනය තැබූ නිර්වානිට එක්වනම සිහිවූයේ... තමන්ද දහවල් වරුවේ තම පියා නිවසට එනු දුටු බවය... එතකොට මොකක්ද මෙතන වෙන්නේ.. රොශාන් අයියවත් මරල... ඒ කියන්නේ...
අපේ තාත්තා මේ සල්ලි නිසා මැරිල ඒක හොයාගෙන ඇවිත්ද...
එසේ සිතමින් ඉන්නා නිර්වානීට එක්වනම තමන් පිටුපසින් කෙනෙක් ඇවිද යනු පෙනින... ඒ පියසෝමය ... මුහුන කුඩු වී ඇති ඔහු තම කාමරය වෙත ඇදෙන්නට විය...

මුලු පොලවම කැරකෙන්නාක් මෙන් දැනී නිර්වානී බිම ඇද වැටුනේ ඌයේ කුමක්දයි සිතමිනී..... "
නිමී....

අනුන්ගේ පහනෙන් එලිය බලා දියුනු වන්නාට කවදාවත්ම දියුනුවක් නැත.. එකට සිටියද තම මාමාගේ මුදල් මංකොල්ල කැ රොශාන්ට සිදුවූයේ තම මාමාගේ හොල්මනගේ අතින් මිය යාමටය...

තමන් හැදිය යුත්තේ තමන් විසිනි ... වෙනෙකුගේ පහනින් එලිය බලා තනියම නැගිටීමට යාම... දවල් වැටුනු වලේ රෑ වැටීමට යනවා හා සමානය... ජීවිතය කෙටියි.. කුහ්ක නොවී ජීවත් වෙමු...

අශාන් රවිශාද්...

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..