මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

21 June 2018

--- අප්‍රකට මායා කර්ම---



මේ ලිපියෙන් නම් මං ඉදිරිපත් කරන්න හදන්නෙ ශ්‍රී ලංකාවෙ පැරණි කාලයේ තිබුනු හා දැනටත් අප්‍රකටව තියෙන්න ඉඩ තියෙන ගුප්ත මායා කර්ම කීපයක් ගැන. මේ මායා කර්ම සමහරක් බොහොම ම්ලේච්ඡයි. ඒ වගේම හරිම අමානුෂිකයි.

සමහර විට මේ මං ඉදිපත් කරන මායා කර්මයන් එක එක පළාත්වල එක එක නම්වලින් හැඳින්වෙන්න පුලුවන් කියලා වගේම ඒවාට භාවිත කරන පූජා භාණ්ඩවලත් ප්‍රාදේශීයව යම් යම් වෙනස්කම් වෙන්න පුලුවන් කියලා මතක තියාගන්න එක වටිනවා. මේ මායාකර්මවලට ගන්න මන්ත්‍ර හා ශ්ලෝක අනිවාර්‍යෙන්ම තිබුනත් ඒවා මේ ලිපියේ නොදක්වන්නෙ යම් යම් හේතු කාරණා මතයි

01. රණබටේ ගුරුකම

ඔය පරණ ගම් පලාත්වල ; විශේෂයෙන් දකුණු පළාතෙ ගම්වල ගං ඉවුරුවල, දොල, ඇළ ඉවුරුවල වැවිලා තියෙනවා ලොකුවට පදුරු වර්ගයක්. ඒවා තණ වර්ගයක්. හැබැයි කඳන් ලොකුයි. ලපටිම ලපටි උන බට වගේ. ලා කුරහන් රතුපාටයි. මෙන්න මේ පඳුරු වර්ගෙ කඳේ එක පුරුකක් ගලවාගත්තම ඒක හැදිලා තියෙන්නෙ බට කෑලි දෙකක් එකට පෑස්සුවා වගේ. ඒ කියනෙ බට පුරුක දෙපැත්තට ඇද්දම මැද කුහරයක් තියෙන විදියට ගැලවෙනවා.

මෙහෙමයි.. බඩදරු අම්මා කෙනෙක් නැත්නම් බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙකුට තමයි මේ ගුරුකම කරන්නෙ.

මෙහෙමයි, ඒ බබා හම්බවෙන්න ඉන්න අම්මා මුත්‍රා කරන වෙලාවක් බලලා ඒ තැනින් මුත්‍රා මුසුවුනු පස් ටිකක් අරගෙන අර රණබටයක් ඇතුළට දාලා ඒ බටපුරුක් දෙක එකට සම්බන්ධ කරලා මතුරලා අරන් තියනවා. එතකොට අර අම්මට නියම කාලෙ හරි ගිහිල්ලා බබා හම්බවෙන්න ආවත් බබා හම්බවෙන්නෙ නෑ. ගැබ හිරකරලයි තියෙන්නෙ. ඉතින් කොයිම වෙලාවක හරි අර බටපුරුක හොයාගෙන ඒක ගලවලා ඒකෙ තියෙන අර මුත්‍රා ගෑවුනු පස් ටික ගලාගෙන යන වතුරකට දානකම් අර අම්මගෙන් දරුවා බිහිවෙන්නෙ නෑ. එක්කො අම්ම මැරෙනවා. එක්කො දරුවා මැරෙනවා. එක්කො දෙන්නම මැරෙනව.

02. ඉබ්බන් බැඳිල්ල

කවුරු හරි කෙනෙක් කාට හෝ භූමි පාළුවක් වගේ කොඩිවිනයක්, හූනියමක් කරපුවාම සාමාන්‍යයෙන් ඒක දක්ෂ කට්ටඩියෙකුට ඒක අයින් කරන්න පුලුවන්. එක්කො පෙරළා වදින්න කපන්න පුලුවන්. හැබැයි මෙ කියන ඉබ්බන් බැඳිල්ල නම් හූනියමට කරලා තියෙන්නෙ එහෙම කරන්න බෑ.
මෙහෙමයි මේක වෙන්නෙ..

හූනියම කරලා ඒක භූමියේ වළලන්නෙ නෑ. අල්ලගන්නවා තරුණ වයසෙ නිරෝගී කිරි ඉබ්බෙක්ව. ඊටපස්සෙ අර හූනියම නොගැලවෙන විදියට අර ඉබ්බගෙ කකුලක හෝ ඇඟට තියලා ගැටගහනවා. ඊටපස්සෙ ඉබ්බව දානවා ගලාගෙන යන වතුර පාරකට හෝ වැවකට. ඉතින් කාට හෝ මෙන්න මේ හූනියම කපාගන්න ඕනෙනම් අර ඉබ්බව අල්ලගෙන හූනියම ගලවා ගන්න ඕනෙ. ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා තේරෙනවනේ?

03. කුල්ල දීම, ඇතුල්පත දීම

ඔය ඉස්සර ගම්පළාත්වල ගෙවල්වලට හිඟමනේ එනවා රොඩී මිනිස්සු. මෙයාලා ආපුවාම ගෙවල්වල අය හාල් ටිකක්, පොල් ගෙඩියක්, පරණ ඇඳුමක් එහෙම දෙනවා. සමහර රොඩී ගෑනු සාත්තර කියලා කීයක් හරි හොයාගන්නවා. මෙයාලව තරහා කරවාගන්න කවුරුත් බය මෙයාලා හොඳ මන්ත්‍ර මායාකාරයෝ නිසා. මේ මිනිස්සු එද්දි කවදාවත් ලමිස්සියෝ, ඇහැට කනට පේන ගෑනු උදවිය එහෙම පේන්න ඉන්නෙවත් නෑ.
සාමාන්‍ය ගැමි සිරිත තමයි කවුරු හරි හාල් ටිකක් ඉල්ලුවොත් කුල්ලට හෝ ඇතුල්පතට (ප්‍රමාණයෙන් කුඩා වට්ටිය) හාල් ටික දෙන එක. ඒත් මෙයාලා ඉල්ලුවොත් ගිහින් දෙන්නෙ පිරිමි අය.

මොකද මේ රොඩී පිරිමි කුල්ල හෝ ඇතුල්පොත ගෑනු කෙනෙක් දුන්නොත් හාල් ටික දාගෙන ආයෙ දෙද්දි මතුරලාලු දෙන්නෙ. එතකොට කුල්ල අතට ගත්ත ගමන් ගෑනු කෙනා වශීවෙලා එයාගෙ පස්සෙන් යනවලු. මේ වශිය කඩන්න නම් ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා කණපිට හරවලා අඳින්න ඕනෙලු.

04. රත් නිවිති දණ්ඩේ ගුරුකම

රත් නිවිති කියන්නෙ ටිකක් දුර්ලභ ශාකයක්. හැඩරුවෙන් නම් සාමාන්‍ය නිවිති වගේම තමයි. ඒත් මේ නිවිති වර්ගෙ දණ්ඩ, කොළවල නැට්ට හා නාරටි ඔක්කොම තද රතුපාටයි. ඉස්සර ගං ගෙවල්වල මිනිස්සු කොච්චර දුර්ලභ වුනත් රත් නිවිතිය ගස් හැදුවෙ නෑ. මොකද මේ ගහ බොහොම අමානුෂික මායා කර්මයකට ගත්ත නිසා.
තමන්ට නොරුස්සන හා හතුරු ගැහැනු අය ඉන්නවා නම් එයාලට තමයි මේක කළේ. බොහෝ විට තමන්ට අකමැති වුණ තමන්ගෙ ඇවැස්ස නෑනාට මේ වැඩේ කරන්න දුෂ්ඨ මස්සිනාවරු කටයුතු කළාලු.

අදාළ ගෑනු කෙනාට මාස් ශුද්ධිය (ඔසප් වීම) ඇතිවෙන දවසක් අල්ලලා රත් නිවිති දඬු කෑල්ලක් මතුරලා ඒක දියේ දැම්මම අධික රුධිර වහනයක් වෙනවලු. ඒක නතර වෙන්නෙ අර මතුරපු රත් නිවිති දඬු කෑල්ල දියෙන් ගොඩට අරගෙන දුම් මැස්සෙ දැම්මමලු. ආයෙත් දවස් 28කට 30කට පස්සෙ ආයෙත් දියේ දැම්මම අර විදියටම සිද්ධ වෙනවලු.

05. තුවක්කු පොට්ටය

මේක නම් නරක දෙයක් කියලත් කියන්න බෑ.. ඒත් ටිකක් ගුප්ත දෙයක්.. මේකෙදි කරන්නෙ සත්තුන්ට වෙඩිතියන කෙනෙකුට අයත් තුවක්කුවක වෙඩි තැබීමේ හැකියාවට හානි කෙරෙනවා. මේ ගුප්ත කර්මය කරන ක්‍රමත් ප්‍රාදේශීයව වෙනස් වෙනවා. සමහර පැතිවල මතුරපු බලු ලොම් ගහක් තුවක්කු බටේ ඇතුලට දානවා. එහෙම නැත්තං මතුරපු හුණු ඩිංගක් අයිතිකාරයට හොරෙන් තුවක්කු කටේ ගානවා. එහෙම වුනාම වෙඩිල්ල වදින්නෙ නෑ සතාට. එක්කො තුවක්කුවෙ ඉලක්කය වරදිනවා.

06. කටු ගැහිල්ල

මේක නම් සමහරු දන්න දෙයක්. ඒත් කරන විදිය නම් දන්නෙ නැතුව ඇති. මේක නම් භාවිත කරන්නෙ බොහොම දරුණු පළිගැනීම්වලට.

මුලින්ම හොඬල අලයක් අරගෙන ඒකෙන් මනුස්ස රුවකට බොහොම සමාන මනුස්ස රූපයක් කපන්න ඕනෙ. ඊට පස්සෙ මේකට අදාළ කෙනාගෙ ශරීර කොටසක් (කෙස්, නිය, ලොම්) අරගන්න ඕනෙ. ඒ වගේම අදාළ කෙනා ඇදපු ඇඳුමකින් කොටසක්. ඒවාත් අරගෙන අර රූපෙටම සම්බන්ධ කරලා මතුරනවා. ඊළගට පස්කටු (දෙහි, බෙලි, ඉඹුල්.. තව දෙවර්ගයක් තියෙනවා) අරගෙන ඒක පස්තෙලේ (තල, කොහොඹ, පොල්, ඇතුළු තෙල් වර්ග තව දෙකක්) බදින්න ඕනෙ මතුරමින්. ඊටපස්සෙ මරු ඉන්න හෝරාවකදි අදාළ හොඬල අල රූපයේ එක එක තැන්වලට පස්කටුවලින් අනිද්දි අදාළ කෙනා කොහේ හිටියත් එයාට වේදනාව දැනෙනවාලු ඒ රූපෙට කට්ටෙන් ඇනපු තැනටම. පපුව, හිස, ලිංගේන්ද්‍රිය වගේ මර්මස්ථානයකට ඇන්නොත් මැරෙනවලු. කටු ගහලා තියෙන තාක්කල් වේදනාව අඩු වෙන්නෙ නෑලු. මේ හූනියම කපන්න ඕනෙ නම් පිළිමෙ පුච්චන්න ඕනෙලු.

07. කාලම්, අංගම් පිඹීම

මේ දෙකම එක වගේ ගුප්ත කර්ම දෙකක් . මේකෙදි කරන්නෙ මන්ත්‍ර මතුරලා අදාල කෙනා අරමුණු කරලා එයා දිහාට පිඹින එක.. අංගම් පිඹිද්දි සමහරු මතුරනකොට ගම්මිරිස් ඇට කීපයක් හපන ගමන් තමයි මතුරන්නෙ. මතුරලා කටේ තියෙන ගම්මිරිස් ඇට කෑලි තමයි පිඹින්නෙනෙ. මේ අංගම් වැදුනම ඇඟේ දැවිල්ල, හිසේ දැවිල්ල, උම්මත්තකබව (පිස්සු), තෝන්තුව, නහයෙන් කටින් ලේ දැමිල්ල, ක්ලාන්තය ඇතිවෙනවා. අංගම් පිඹින්නෙ මනුස්සයන්ට විතරයි

කාලම් ටිකක් දරුණුයි.. සත්තුන්ට වුනත් මතුරනවා.කාලමේ මන්ත්‍ර කෙටියි දරුණුයි. සාමාන්‍යයෙන් දක්ෂ ගුප්ත විද්‍යාධරයෙක් කවදාවත් සතෙකුට කාලම් පිඹින්නෙ නෑ. කියමනට කියන්නෙත් කාලමක් දළ ඇතෙකුට පිම්බොත් ඒ ඇතා මැරෙන්නෙ රෝම කූපයක් රෝම කූපයක් ගානෙ ලේ ගිහිල්ලා කියලයි.

08. උගුර කට හිරබැන්දුම 

මේකත් බොහොම අමානුෂික මායා කර්මයක්. මේක බොහෝවිට කරන්නෙ බහ තෝරන වියේ පොඩි එවුන්ට. ලොකු අයටත් බැරිකමක් නෑ.

අදාළ පොඩි දරුවගේ කොන්ඩ ගහක් අරගෙන අඟල් හතර - තුන විතර දිග යකඩ ඇණයක පටලවලා මතුරනවා. ඊටපස්සෙ ඒ දරුවා කතාකරන වෙලාවක් බලලා පොල්, කොස් වගේ ලොකු ගහකට ඇණේ ගහනවා අර හඬ අල්ලලා. ඊටපස්සෙ ක්‍රම ක්‍රමයෙන් අර දරුවගෙ කටහඬ නැතිවෙනවා එයා ගොළු වෙලා යනවා. අර ඇණේ ගැලෙව්වොත් තමයිලු එයාට සුවවෙන්නෙ

09. කුකුළා බැන්දීම

මේකත් ඉතින් හොඳ නරක දෙකම තියෙන එකක්. මේකෙදි වෙන්නෙ ගැබ්බර අම්මා කෙනෙකුට ආරක්ෂාව සැපයීමක්.

මුලින්ම හොඳ නීරෝගීව වැඩුණු පාට තුනේ කුකුළෙක් ගන්නවා. ඊටපස්සෙ මල් බුලත් තටුවක් හදලා යහන් හදලා යාදිනි කියලා කුකුළව කැප කරනවා අමනුෂ්‍ය ආත්මෙකට අර ගැබිනි අම්මගේ නමින්. එවේලෙ ඉඳන් මේ කුකුළා අර අම්මව තනි කරන්නෙ නෑ. නිදාගත්තත් ඇඳේ විට්ටම උඩට වෙලා හරි ඉන්නවා. වැසිකිලියට ගියත්, දියට ගියත් ඉන්නවා. ඌ කෑම අහුලාගන කන්න ගියත් ඒ අම්මා ඉන්න සීමාව පනින්නෙ නම් නෑ. ඌ ඒ අම්මව රකිනවා. කොහොමින් කොහොම හරි බබා හම්බ වෙලා කීප දවසකින් අර බන්ධනෙන් නිදහස් කරන්න පොඩි පූජාවක් සූදානම් වෙනවා. ඒකෙදි අර කුකුළට බැන්දිලා බඩදරු අම්මගේ නමින් ආරක්ෂාවට හිටපු අමනුෂ්‍යයා නිදහස් කරනවා. හැබැයි ඉතින් ඒකට ඇපේ හැටියට අර අම්මව එච්චර කාලයක් ආරක්ෂා කරපු කුකුළව බිල්ලට දෙන්න වෙනවා අමනුෂ්‍යයාට.

10. කිඹුල් කට ගැටලෑම

මේක නම් බොහෝ විට දකුණු පළාතටම ආවේණික මායා කර්මයක්.. මේකෙදි කරන්නෙ මිනී කන තරම් දරුණු වුන කිඹුල්ලුන්ට ඒක කරන්න බැරි වෙන්න මැතිරීම.

කොහෙහරි ගඟක, ඔයක මිනී කන කිඹුලෙක් ඉන්නවා නම් ඌ ඉන්න සීමාව බලලා ඒකට මතුරපු ගල් කැට කීපයක් වීසි කරනවා. එතකොට ඒ කිඹුල්ලු ආයෙ මිනී කන්නෙ නෑ ඒ සීමාවෙදි.

මේක ඉතිහාසගතවෙන විදියට කරපු කෙනෙක් තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ කිඹුල්ලුන්ගෙන් කරදර සිද්දවුනු ඇළවල් හා ගංගා හතකට මේ මන්ත්‍රය කොටවලා මතුරපු ගල් පුවරු දම්මනවා. ඒ කිඹුල් කරදර නතර වුනා. හැබැයි පහුකාලීනව වැලි ගොඩදාද්දි එහෙම ඒ ගල් පුවරු ඉවත් වෙනවා. මේ කතාව මිත්‍යාවක් කියලා හිතුවත් මේ ලඟකදි තෙල්වත්ත, කහදූව, අම්බන අම්බොං ඇලේ තිබිලා ආරක්ෂා වෙලා තිබුනු අවසාන කිඹුල් බන්ධන පුවරුව හම්බවෙනවා පරීක්ෂණවල ප්‍රථිපලයක් විදියට.
ඕන්නම් ඕනෙ කෙනෙකුට පුලුවන් අද වුනත් මාපලගම කහදූව හැඩිදෙමළකන්ද දුටුගැමුනු විහාරයේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන ඒ පුවරුව ඇස් දෙකෙන් බලාගන්න..


මීටත්,වඩා ගොඩාක් ගුප්ත මායා කර්ම බොහෝමයක් තියෙනවා අනිවාර්‍යෙන්ම. ඒකෙ සැකයක් නෑ. මුලු ලංකාව පුරාම. අප්‍රකට සමහර ඒ වගේ තවත් ගුප්ත ක්‍රම කියන්න බැරිතරම් අමානුෂිකයි. ඒ නිසයි ඒවා නොකියන්නෙ. මේ ඒවගේ ඒවායින් කීපයක් විතරයි දක්වලා තියෙන්නේ. අදහස් දෙන්න. විවේචනය කරන්න. විමසන්න.

කැමති කෙනෙක් ඕනෙ දෙයක් අහන්න මේ සම්බන්ධව. දන්න තරමින් උත්තර දෙන්නම්.
ඊළඟ ලිපියෙන් දෙන්න පුලුවන් ලංකාවෙ හිටපු දක්ෂම මන්ත්‍රධාරියෙක් වෙන තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන තොරතුරු හොයන්න ගිහින් රැයක් කැලෑවක මංම වින්ද අත්දැකීම්. ඒ වගේම උන්වහන්සේ ගැන අප්‍රකට තොරතුරු, යක්කු බැඳ වැඩ ගත්තු හැටි, උන්වහන්සේගෙ අදටත් පවතින නොදිරන සිරුර හා තවත් අද්භූත තොරතුරු ඒ සම්බන්ධව. සාක්ෂිත් එක්කම. ඒ හැමදේම මං මගේ පර්‍යේෂණ ග්‍රන්ථයට කරුණු හොයද්දි මටම හම්බවුණු දේවල්..

(චන්දික මදුශාන් අබේවික්‍රම)

Source: Link


මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


19 June 2018

---ඩ්‍ර්‍ යිවර්ට වූ ඇබැද්දිය---


 "අද උදේ ඉදන් වැස්ස ඉවරයක් නෑ වැස්ස ඇතුවත් බෑ නැතුවත් බෑ එපා වෙනව ""කියමින්‍ රනවීර සියරතයට ගොඩවන ගැහැනු ලමුන් හට පවසන්නට විය . ""ඔව් අය්යේ ඒකනම් ඇත්ත දවස් කීයක ඉදන්ද දැන් නේද " නදීකාද පවසමින් රතයට ගොඩවුනි

රනවීර යනු කාලයක පටන් සිය වෑන් රතයෙන් ඇගලුම් ආයතනයකට ගැහැනු ලමුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරෙකි .සෑමදිනකම හිම්දිරියේ මෙන්ම සැන්දෑවෙද ලමුන් නිවසටම ඇරලීම ඔහු සිදුකරයි . රනවේර සියලු දෙනා අතර ජන්ප්‍රිය වී සිටියේ කාහටත් උපකාර කරන පුද්ගලයෙකු ලෙසයි . කොයිමොහොතෙත් සිනාමුසුමුහුනින් විහිලු කරමින් ඔහු සිය රතය එලවීම ඔහුගේපුරුද්ද විය . ""අනේ අයියේඑලවද්දිවත් කටවහන් යන්කො"ගැැහැනු ලමයින්ද විහිලු කිරීම එදිනෙදා පුරුද්දක් විය .

රනවීර ගැහැනු ලමුන් දහයක් විතර වූ පිරිසද නන්වාගෙන සෙමින් සිය රතය ප්‍රදාන මාවත ඔස්සේ දාවනය කරන්නනට විය . අදදිනත් උදයේ පටන්ම වරුසා ව නිසාම වෙනදාටත්වඩා මහා ගන අදුරක්සමග මහා මුසල බවක් වටපිටාවෙන් දිස්වන්නට විය ගැනු ලමුන් එකා දෙන්නා බැගින් නිවාස ආසන්නයේ බස්සනන්විට රාත්‍රී අටද පසුවී තිබුනේ මර්ගයකට ගසක් කඩා වැටී දුර පාරකින් ගමන්කරන්නට වූ නිසාවෙනි . තාමත් රතයේ සිටුන්වේ ගැහැනු ලමුන් දෙදෙනෙක් පමනක් විය . ඔවුන් දෙදෙනාද සිය රත යෙන් බැස්සවූ රනවීර නැවතත් නිවස කරා ගමන ආරම්බ කරනවිට රාත්‍රි නමයද පසුවී තිබිනි .

ඔහු ට තනිව ගමන් කර පුරුදු නිසාම සිය රත්‍ය සෙමින්දාවනය කරේ ලිස්සන සුලු බව තිබූ බැවිනි .ඔහු ගේ රිය නිවසට යාමට තවත් 10ක්ම් පමන යායුතුව තිබිනි . මුලුපරිසරයම බියකරු සවරූපයක් ගන්නට වැඩ්කාලයක් ගත නොවුනි . පාලුවට ගොස් ඇති අබලන් වී ගිය සමිතිසාලා ගොඩ නැගිල්ලක් වැනි නිවෙස්නයක් ඔහු ගෙ රත්‍ය පසුකර යන්නට විය . ආන්ඩුවට අයත් විසාල වතුයාය අනික් පසින්විය ..
ඉදහිට විදුලි කෙටීම් රනවීරගේ දෑස් නිලන්කාර කරන්නට විය.

එකවරම කුඩා ලම්‍යෙකු වඩාගෙන සිටි තරුනියක් රත්‍ය ඉදිරියේඅතවනන්නට විය . "අනේ අය්යේ දෘරුවට සනීපනෑ ගෙදරත් ද කවුර්‍රුත් නෑ මාව හන්දිය් බෙහෙත් සාලාවගවට එක්ක යනවද්‍යි" අසන්නටවිය . ඇය මිමිනුවේ කෙදිරියක සවරූපයෙන් පහත් හඩිනි .

රන්වීර දෙපාරක් නොසිතා වාහනයට නගින්නට ඇයට පිටුපස දොර ඇර දෙන්නට විය. රන්වීර නැවත රත්‍ය දාවනය කරන්නටවිය . රනවීර වචනයක් දෙකක් ඇය හා දෙඩුවත් ඇය කත බහක් නොමතිවිය .
ඔහුටිකදුරක් ගොස් රත්‍ය තුලවූ සයිඩ් කන්නඩිය තුලින් පසුපස බලන්නටවිය . කුඩා බල්බයෙන් මද ලෙස ආලෝකය නිකුත්වී පසුපස පෙනෙන්නටවිය . ඔහු පසු පසපසබැලීය . "අනේ අම්මෝ මේ මොකද මේ දෙවියනේ "ඔහු යටිගිරියෙන් කෑගසන්නට විය . ඔහු පස බලද්දි දුටුවේ අර ගැහැනිය තමන්ගේ ලමයා අමුවෙන්ම කන ආකාරයයි

ඇගේ කට දෙකෙලවරින් රුදිරය ගලායන්නට විය .ඇගේ දෑස් එලියට පනීන්නට මෙන් තිබුනි . ඔහුගේ ඇග කිලිපොලායන්නටවිය .ඔහුට සිය ඇදුමේම සුලිදියපහව තිබුනි . ඔහු පසුපස නොබලාම රත්‍ය ගෙනයන්නටවිය .අදික වේගයෙන් ඔහුරියපැද වා නතරවූයේ හන්දියේ පිහිටා ඇති පොලිස් ස්තාන්යේ විය . රතය නතර කරනවත් සමගම ඔහුට සිහිය නොමතිවිය .ඔහු වහා රෝහල වෙත ගෙනයන ලදි .රතය පරීක්සාවේදී කිසිවක් හමු නොවිනි . මාඩයක් පමන වෙදකම් තුලින් රනවේර හට සුවවන්නටවිය . නමුත් කිසිදිනක රාතී ගමන් බිමන් ඔහු තනිව ගමන් නොකරන්නනටවිය . එදා සිදුවූ සිදුවීම අදදින්ද මතක්වනවිට ඔහුට ගැහෙන බව පවසයි.

නම් ගම් මනක්කල්පිතයි

බියකරුසසර තුල සතර අපායට වැටෙනවුන් දුක්විදිති
නොපමාව කුසල් රැස්කරන්න .

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


17 June 2018

---යහපත් ආත්ම---



ඉන්ස්පෙක්ටර්, මම දැක්කා වෙච්ච සම්පූර්ණ සිද්ධිය.. "
අනතුර සිදුවූ ස්ථානයට පැමිනි වයස තිහක පමන පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර එහි සිදු වූ රිය අනතුර පිලිබදව සාක්ෂි දීමට ඉදිරිපත් විය.

" හ්ම්.. තමුන් මොනවද දැක්කේ.. "
" සර්.. මමත් ආවේ මගේ වාහනෙන්.. ඩ්‍රයිව් කරලා මහන්සි නිසා මම මෙතන පාර අයිනෙන් වාහනේ පොඩ්ඩක් නවත්තලා එලියට බැස්සා.. "

" ඉතින්.. "
නලල රැලි කරගත් පොලිස් පරීක්ෂකවරයා එම පුද්ගලයා ට තව තවත් ලන් වෙමින් විමතියෙන් ඇසුවේය.
" මේ පැත්තෙන් තමයි වාහනේ ආවේ.. ඇතුලේ හිටපු අයව නම් හරියටම දැක්කේ නෑ.. හැබැයි මහ ලොකු වේගෙකින් ආවෙත් නෑ සර්.. "
" වෙලාව තමයි අයිසෙ.. කරුමෙට මොනවා කරන්නද.."

පොලිස් පරීක්ෂකවරයා එසේ පැවසුවේ පාරේ අනෙක් පස සුදු රෙද්දකින් වසා තිබූ මල සිරුර දෙස බලමිනි.
" අනෙ මන්දා සර්.. මටනම් එහෙම හිතෙන්නේ නෑ.. ඒ දැරිවි හරිම සීදේවි පාටයි..
මටත් හිතාගන්න බැරි උනා එක පාරටම උන දේ.. දඩාස් ගාලා සද්දයක් ආවා.. මම ඒ පැත්ත බලද්දිත් වාහනේ පල්ලමට ගිහින් ඉවරයි.. "

තමා ඇසින් දුටු දේ පිලිබදව ඔහු විස්තර කලේ බොහෝ කනස්සල්ලෙනි.මියගිය තරුනිය පිලිබදව ඔහු පෞද්ගලික ව නොදැන සිටියද ඇය ව දුටු පමනින් ඇය යහපත් අයෙකු යයි ඇය දකින ඕනෑම අයෙකුට සිතිනි.
" අනේ බබා, ඔයා ඇයි අපිව දාලා ගියේ.. මාවත් අරන් යන්න මගෙ දෝනී.. "
ඇගේ මව මාර්ගයේ සිට ඇගේ නිසල දේහය දෙස බලමින් වැලෙපෙන්නට වූයේ එතැනට රැස්ව සිටි කාගේත් ඇසට කදුලක් එක් කරමිනි.

එතැනට පැමිනි පොලිස් පරීක්ෂකවරයා ඇයගෙන් ද සාක්ෂි විමසුවේය.
" අනේ මගේ දෝනි හරිම අහිංසකව හැදිච්ච හොද ලමයෙක්.. අපි මේ දළදා මාලිගාව වැදලා එන ගමන් සර්.. දෝනි අද හරිම සතුටින් හිටියේ අද එයාගේ උපන්දිනේටම මාලිගාව වදින්න පුළුවන් උන නිසා.."
යැයි ඇය පැවසුවේ හැඩූ කදුලෙනි.අනෙක් පස වාඩි වී සිටියේ මියගිය යුවතියගේ පියා හා සහෝදරයා ය.
මොවුන් සිව්දෙනා එදින මියගිය යුවතියගේ උපන් දිනය නිසා මාලිගාව වැදපුදා ගෙන ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුනදුන් අතර එම අනතුරින් තරුනිය පමනක් මියගොස් පවුලේ අනෙක් අය සුළු තුවාල ලබා ජීවතුන් අතර සිටියහ.

ඇගේ පවුලේ අය පැවසූ ආකාරයය ජීවත් ව සිටි කාලයේදී ඇය ඉතා යහපත් ආගම දහමට ලැදි චරිතයකින් යුතු වූ අයෙකි.ඉතා යහපත් වූ ඇය වැනි අයෙකු මෙලෙස අකාලයේ මියයාම පවුලේ හා නෑ හිත මිතුරන්ගේ දැඩි ශෝකයටත් කනස්සල්ලටත් හේතු විය.

******************************

.....එම සිද්ධියෙන් මාසයකට පසු.....
" අද නම් මල් ගොඩක් තියෙනවා මගේ මල් ගහේ.. "
" ඔයාගේ විතරක් නෙමෙයිනේ.. හූ.. හූ.. මගේ ගහෙත් මල් ගොඩායි.. "
" අද මම මේවා ගොඩක් කඩාගෙන අන්න අතන ඉන්න බුදුසාදු ලගින් පූජ කරනවා.. "
" ඔයා ඉතින් මෙහාට ඇවිත් මාසයක් වෙලත් හැමදාම උදේට ඕක කරනවමනේ.. හි.. හී.. කෝ අනේ ඒත් තාම කවුරුවත් ආවේ නෑනේ ඔයා බලන් ඉදපු වගේ කෙනෙක්.. "

" ඉක්මනට එයි.. මට ඒක දැනෙනවා..
ඒ වෙනකන් හැමදාම උදේට මම කිරිවෙහෙර ලගම ඉන්නවා මෙහෙම පා වෙවී..
අහ්.. කවුද ඒ මට මලකින් ගැහුවේ.. "
" හේ.. හේ.. මම අනේ.. ඔයාගේ යාළුවව අදුරගන්න බැරිද.. ම්ම්.. "

******************************

" කොච්චර සල්ලි තිබුනත් මොකටද දරු සම්පතක් නැතිකොට.. හ්ම්ම්.. "
අත තිබූ මල් මිට මනාව සකසමින් සැන්ඩ්‍රා මහත්මිය හීල්ලුවාය.
" දැන් ඉතින් දුක් වෙන්න එපා අම්මා.. එන්න අපි කිරිවෙහෙර වැදලා එමු.. "

පැවසූ ඔහු තම මව පියා හා බිරිද ද කැටිව කිරිවෙහෙර දෙසට පිය මනින්නට වූයේ සිතේ තිබූ කිරිකැටි සිහිනය මෙවර හෝ මල්ඵල ගැන්වේවා යැයි සිතමිනි.
ඔහු නමින් බ්‍රයන් දිසානායක වූ අතර සෑම් දිසානායක නම් කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම දරුවා ඔහුය.
කොතරම් මිල මුදල් තිබුනද මේ වන විටත් විවාහ වී වසර දෙකක් ගත වුවද දරුවකු නොලැබීම නිසා හෙතෙම මහත් දුකින් පසුවිය.

නමුත් සිය ආදරනීය බිරිද වූ ලියාරාට මේ පිලිබදව පවසා වචනයකින් හෝ සිත් රිදවීමක් ඔහු නොකලේය.
මෙදින ඔවුන්ගේ නිවසේ සියළුදෙනා ම ප්‍රථම වතාවට කිරිවෙහෙර වැදපුදා ගැනීමට පැමින ඇත්තේද එම කරුන මුල් කොට ගනිමිනි.
...අනේ තිස්තුන්කෝටියක් දෙවියනි, මගේ දිහා බලන්න.. දන්න කාලෙක ඉදන් මම කාටවත් ම වරදක් කරලා නෑ.. මට දරු පැටියෙක් ලබලා දෙන්න.. එච්චරයි මම ඔබ වහන්සේලාගෙන් ඉල්ලන්නේ.. "

අත තිබූ සුදු නෙළුම් මල් බුදු හිමියන් අභියස පුදා දෑත් එක්කොට සුදෝ සුදු කිරිවෙහෙර දෙස බලා පහන් සිතින් ඈ මේ ප්‍රාර්ථනා කරන්නේ තවමත් මල්ඵල නොගැන්වුනු තම දරු සිහිනය සැබෑ වේවායි කියාය.

******************************

" මාව ඇදිලා යනෝ.. ඒයි යාළුවනේ මේ.. මම හිතුව කෙනා ඇවිත් වගේ.. අන්තිමේදී මට ඕනි දේ හරි ගියා.. "
" හා.. අනේ ඔයා යනවද.. අපිට නම් දුකයි.. හ්ම්ම්.. "
..සියල්ලෝම එක්ව ක්‍රමයෙන් නොපෙනී යන ඔහු දෙස බලා සිටින්නට වූයේ ඉමහත් වූ දුකිනි.

මෙතෙක් මාසයක කාලයක් පුරාවට තමන් හා එක්ව කිරිවෙහෙර අවට මල් ගස්වල හිදිමින්, මල් නෙලමින් හා කිරිවෙහෙර වැදපුදා ගනිමිනි සතුටින් කාලය ගත කල ඔහුට සමුදීමට කිසිවෙක් කැමති නොවීය.
නමුත් යම් දිනෙක ඔවුන් සියලුදෙනාටම මෙසේ යන්නට සිදුවන බැවින් ඔහු යන දෙස ඔවුන් බලා සිටියහ.
" යන තැනක හොදින් ඉන්න.. අපි එන්නම් ඔයාව බලන්න.. "

" හරී.. ඔයාලත් සතුටින් හොදින් ඉන්න.. මම එහාට ගියාමත් හැමදාම මල් කඩලා පූජ කරන්න ඔයාලා මගේ ගහෙනුත්.. "
එසේ පැවසූ ඔහු නොපෙනී ගියේය.

*****************************

........වසරකට පසුව..........
" බ්‍රයන්, අනේ.. මේ බලන්නකෝ.. මෙයා ඔයා වගේමයි.."
දෑතෙහි දූ බිලිදා පෙන්වමින් ලියාරා ආදරනීය ලෙස පැවසුවාය.

විවාහයෙන් වසර දෙකක් පමන ගතවන තුරු දරුවන් නොසිටි ඔවුනට දැන් මේ ලැබී ඇත්තේ මහා වස්තුවකි.
" අහ්.. කොහොමද යාළුවා.. අලුත් තැන හොදයිද.. "
ලියාරා අත සිටි කුඩා බිලිදා ඒ ඇසුනු හඩින් ඉහල බැලූ අතර ඔහු සමග මීට පෙර සිටි ඔහුගේ යහළු ආත්මයන් හදුනාගැනීමට ඔහුට හැකි විය.

" අනේ.. මේ බලන්න බ්‍රයන්, මෙයා හිනාවෙනවා, උඩ බලාගෙන.. "
" හ්ම්ම්.. දෙවිවරු ඇවිත්ද මගෙ චූටි පුතාව බලන්න.. ම්ම්.. "
බ්‍රයන් තම කුඩා පුත්‍රයාගේ කම්මුල සිඹින අතර ඇසීය.

" ඒයි ඔයාට ඔයාගෙ තාත්ත යි අම්මයි හරිම ආදරෙයි නේද.. අනේ අපිටත් ඔහොම අම්මලා ලැබෙනවනම් හොදයි ඉක්මනට ම.. දැන් ඔයාට පාළු නෑනේ නේද.. "
බිලිදා නැවත කාමරයේ වහලය දෙස බලමින් සිනසෙන්නට විය.ලියාරා හා බ්‍රයන් ඒ දෙස බලා බොහෝ සතුටු විය.

" ඔයාට පාළු නෑනේ.. එහෙනම් අපි ආයෙම ගිහින් එන්නම් හොදේ.. "

පැවසූ ඔවුන් ඔහුගෙන් සමුගෙන කිරිවෙහෙර බලා පිටත් වූයේ හැකි ඉක්මනින් තමාටත් ඔහුට මෙන් ම හොද මව්පියන් ලැබේවා යැයි සිතින් ප්‍රාර්ථනා කරමිනි.

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


15 June 2018

---අනූගේ කතාව---


 මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. අැය නමින් අනූ...

අනූ දුටු දුටුවන් වශී කරන්නට තරම් ඉතාම ඉහළ රූප සොභාවක් තිබ්බ කෙනෙක්. එයා කාලයක් කෑගල්ලෙ විදුහලක උගන්වලා තියනවා. එ් ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමකට අාපු කෙනෙක් මෙයාගෙ රූපයට වශීවෙලා එයාගෙ අැමරිකාවෙ ඉන්න මල්ලීව අනූට යෝජනා කරලා තිබ්බා. එයාට අපි කවිඳු කියලා කියමු. කවිඳු සහ අනූ ඉතාමත් අාදරයෙන් හිටපු දෙන්නෙක්. මේ කතාව කියන සිද්ධිය වූ වසරේ සැප්තැම්බර් වල එයාලාගෙ විවාහය පවත්වන්නටයි යෙදිලා තිබුනෙ.

අනූ එයාට තිබ්බ අපල නිසා දළදා මාලිගාවට කිරිපිඬු පූජා කරමින් ඉඳලා තියනවා කෑගල්ලෙ උගන්වන තාක් කල්. එ්ත් අපෙ ගම් පළාතට අාවට පස්සෙ එයාට එ්ක කරන්ඩ හම්බුනෙ නැහැ. දවසක් අනූ බෝපත් අැල්ලෙ නාන්ඩ ගිය දවසක දෙපාරක්ම සුළිවලට අහුවෙලා බොහොම අමාරුවෙන් තමයි බේරිලා තියෙන්නෙ.
ඉතින් ඔන්න දවසක් අපට ඉස්කෝලෙ ඉද්දි අාරංචි උනා අනූ sick room එකේ බිම පෙරලි පෙරලි කෑ ගහලා බඩ බදාගෙන අඬනවා කියලා. අපි බලන්ඩ යද්දි එයාව ගෙදරින් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ දවසෙ එයා අැවිත් අපට කිව්වා එ්ක සාමාන්යෙන් කාන්තාවකට හැදෙන බඩ කැක්කුමක් කියලා. එ්ත් එදා පටන් මං අාය අනූව දැක්කෙ නැහැ.

එයාට පාචනය වගේ තත්වයක් තියනවා කියලා එයා මාස 03ක් විතර private hospital එකක ඉඳලා තියෙනවා. හැම පර්යේෂණයම කරලා අන්තිමට බඩේ පටක අරන් පරීක්ෂා කරන්න කොළඹ යවලා තියෙනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නෙ lymphoma කියන පිළිකාව 60% ටත් වඩා පැතිරිලා කියලා.
එයාගෙ අම්මටයි තාත්තටයි බොහෝ කල් ළමයි නැතුව හිටියට පස්සෙයි අනූ හම්බෙලා තියෙන්නෙ. එ්ත් කේන්දරයෙ කියලා තියනවා එයාට පන්නන්ඩ බැරි මාරකයක් තියනවා කියලා. එ්කයි එයා දළදා මාලිලාවට කිරිපිඬු පූජා කරලා තියෙන්නෙත් අපලෙ දුරු වෙන්ඩ කියලා. එයා බිත්තරයක් වත් කෑවෙ නැහැ සත්ව කෑමක් නිසා.

එයා මට පන්තියෙදි නිතර කිව්වා එයාට සුව කරන්ඩ බැරි කැස්සක් තියනවා කියලත්. ඉතින් මාස කිහිපයක් එයා පේරාදෙණියෙ රෝහලේ ප්රතිකාර ගත්තා දවසක් මං එයයි මගෙ පන්තියෙදි ගෙවපු සුන්දර කාලය මතක් කර එයාට sms එකක්ද යැවුවා.

කාලය ඔහොම්ම ගෙවීගන ගියා. දවසක් මං උදේ බස් එකට නගිද්දි මගෙ යාළුවො set එක මූණවල් බෙරිකරන් ඉන්නවා. මං අැයි කියලා අැහුවම කිව්වා අනූ ඊයේ නැති හවස නැතිවෙලා කියලා. මට එවෙලෙ තව පොඩ්ඩෙන් කෑ ගැහෙනවා. මං හිතුවෙම එයාට සනීප වෙයි කියලා. එයා ජීවිතෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය තරුණ කෙනෙක් නිසා යම් යම් අසාමාන්ය සිද්ධි එයාගෙ මරණින් පසු සිදු උනා.
නැතිවෙන දවසෙ හවස එයාට එකපාරට හුස්මගන්ඩ බැරි වෙලා තියනවා.

එයාගෙ පෙනහළු cancer එක නිසා වතුරෙන් පිරෙමින්ලු තිබ්බෙ. වතුර අයින් කරමින්ලු ඉන්ඩ ඔිනෙ. එ්කෙන් තමයි එයා නැති වෙන්ඩත් අැත්තෙ. ඉතින් එයා හුස්ම ගන්ඩ බැහැ කියලා කෑ ගහලා තියනවා. එයා ළඟට nurse කෙනෙක් එනවාලු. එයා මෙයාව හොස්පිටල් ගෙනියන්ඩ ලෑස්ති කරද්දිම අනූ නැතිවෙලා. එයා නැතිවෙන වෙලෙ එයාව මැරි කරන්ඩ හිටපු කවිඳු අැමරිකාවෙලු හිටියෙ. එයා හාන්සි වෙලා ඉන්නකොට එකපාරට එයාට අැහුනලු අනූ කතාකරනවා.

"කවිඳු මං යනවා ඔයා පරිස්සමෙන් ඉන්ඩ" කියලලු කිව්වෙ. කවිඳු බැලුවලු ෆෝන් එකෙන්වත්ද එහෙම කතා කරනවා අැහුනෙ කියලා. බැලින්නම් ෆෝන් එකත් offලු. එයා එවෙලෙම අනූ ලගෙ ගෙදරට කෝල් කරාලු මොකක් හරි කරදරයක්ද දන්නෙ නැහැ කියලා හිතුන නිසා. එ්ත් එවෙලෙ අනූ අම්මා කෑගහලා අඬමින්ම කිව්වලු "පුතේ අනූ මේ ටිකකට ඉස්සර අපිව දාලා ගියා" කියලා.

ඔන්න ඉස්කෝලෙ අපි හවස ගියා මළ ගෙදර. අපි සේරටම පිස්සු වගේ එයා අපේ හොඳම යාළුවෙක් හින්දා.
එයාගෙ තාත්තා කිව්වා... එයාව හොඳටම සනීප වෙලා හොස්පිටල් එකෙන් ගෙදර අාවට පස්සෙ පැපොල හැදිලලු මැරුනේ කියලා. එ්ත් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් කිව්වා අවසානයේ මොකුත්ම දෙයක් කරන්ඩ ඉතුරුවෙලා නැති පාර ගෙදර එව්වා කියලා. තව ටිකක්කල් හිටියා නම් හම සම්පූර්ණයෙන්පැළිලා සැරව එනවලු. දුක් විඳින්ඩ කලින් ගිය එක හොඳයි කියලා ඩොක්ටර් කිව්වා. ඉතින් අනූත් හිතලා එයාට සනීපයි කියලා වෙඩින් කාඩ් එහෙම ලියන්ඩත් ලෑස්ති වෙලා. තව ගෙදර තනියෙන් කාමරයට වෙලා ළමයි හිතින් මවාගෙන උගන්නනවලු එයා.

මම ගිය වෙලේ ඉඳන් අනූ ළඟින් හෙලවුනේ නැහැ. මට හිතුනෙ එතනම ඉන්ඩ. එයාගේ අැඟ අැතුළට පනින්ඩ වගෙ ළඟින්මයි හිටියෙ මං. එ් අැයි කියලා මටත් හිතාගන්ඩ බැහැ. යාළුවො එතනින් යමු කියද්දි මට හිතෙනවා යන්ඩ එපා යන්ඩ එපා ළඟින්ම ඉන්ඩ කියලා. කොහොමහරි අපි ගෙවල් වලට අාවා. එළිවෙනකම් අනූගෙ මිනියමයි මට මතක් වෙන්නෙ. එකක් අැර එකක් සිටියට එනවා. කොණ්ඩෙ, මූණ යනාදි වශයෙන්. එයාගෙ හිනාව අැහෙනවා අැහෙනවා වගේ මට.

මට ඉවසන්ඩ බැරිම තැන මං අම්මට මේ විස්තර කිව්වා. මළ ගෙවල් වල ඔයා ගිහාම ඔයා ගොඩක් බය වෙනවා. මිනිය ළඟට යන්නෙ නැතුව ඉන්ඩ තිබ්බෙ කියලත් මට බැන්නා. පස්සෙ අම්මා මට අාගම කියලා වතුර දීලා මාත් එක්ක කාමරෙ නිදාගත්තා. අපෙ ඉස්කෝලෙ බහුතරයක් ටීචර්ස්ලත් මං වගේම එළි වෙනකම් නිදාගන්න බැරුව ඉඳලා තියනවා. අනූගෙ අවසන් කටයුතු තියෙන දවසෙ එයා යාළුවෙකුට හීනෙන් අැවිත් කියලා "මං අද යනවා" කියලා.

ඉතින් අනූ අම්මලට දරුවො නැතුව ඉඳලා ඉඳලා හම්බෙච්ච දුවත් පන්නන්ඩ බැරි මාරක අපලයකින් යන්ඩ ගියා. මට අපෙ ඉස්කෝලෙ ළමයෙක් කිව්වා එ් අනූ මිස් තවම ගිහින් නැහැ එයාලාගෙ ගෙදර අවටම ඉන්නවා කියලා එ් ළමයට අාරංචියි කියලා.

 Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

13 June 2018

---මහ ගෙදර වලව්ව---



අපෙ අම්මගෙ මහ ගෙදර වලව් විදිහට හදපු ටිකක් ගුප්ත ගෙදරක්....අපි එහෙ අවුරුද්දකට 5වතාවක් විතරයි යන්නෙ.මොකද එහෙ කිරි අම්ම කිරි අත්ත කවුරුත් ම නෑ ඉන්නෙ ඉස්සර ඉදන් වැඩ කරපු ගෑනු කෙනා...එයා ඒ ගෙදරයි...අක්කර ගානක පොල් වත්තයි බලාගෙන ඉන්නව....පෙරේදා හදිස්සියකින් අනුරාධපුර යන ගමන් මන් ගමට ගියා....නිකමට හිතිලා...මහ ගෙදරට යනකන් ඒ ගමේ මිනිස්සු හම්බෙන හම්බෙන කෙනා මන් දිහා කන්න වාගෙ බලන් ඉන්නව මට පුදුමයි....බය වෙලා වාගෙ..ඒත් වචනයක්වත් කතා කරන්නෙ නැහැ ඇයි මන්දා....

හව්ස5ට විතර ගොම්මන් වැටෙන වෙලේ මන් මහ ගේ මායිමට ගොඩ උනා...මුස්පේන්තු ගතිය...අවුරුදු10කින් විතර මනුස්ස වාසයක් නැති තැනක් වාගෙ...බයක් නෑ...පුන්චි දවස් වල ඉදන් ආව ගිය තැන හන්දා...ඒත් අනේ හිතට මහ අමුතු ගැස්මක්....මට මතකයි දවසක් අම්ම එක්ක මෙහෙ ඇවිත් කිරි අම්ම ජීවත් වෙලා හිටිය දවස් වල ඔන්චිල්ලාවක් බැදලා දුන්නා ලොකු අඹ අත්තක...ඒක වේගෙන් පදිද්දි කකුලෙ දාන් හිටිය සෙරෙප්පුව වීසි වෙල ලවල්ල ගොල්ලට වැටුනා..ඒක ගන්න යද්දි මර ලතෝනි දීල ගෑනියක්...කැලේට දුවන් යනවා ...

එදා හිතට දැනුනු මුස්පේන්තු බය ආයෙත් දැනුනෙ අයෙ මේ ආව දවසෙ...ඉතින් මම දීනෙ නැන්දා කියල කතා කලා මහ ගේ බලාගන්න ගෑනු කෙනාට...මෙයා සද්දයක් නෑ ...දොර ඇරලා බාගෙට...මන් ගේ ඇතුලට ගියා...ආයෙමත් කතා කලා.ම්ම්හ්ම්...සද්දයක් නෑ ...මහන්සි මට හාන්සි උනා වේවැල් පුටුවෙ....ඇස් පිය උනා විතරයි ..දෝනි මැනිකෙහ්.....

දෙය්යනේ උඩ ගියා මන් මේ දීනෙ නැන්දා ඇවිත්...කොහෙද මේ හවස ගියෙ නැන්දෙහ්?
අනේ මැනිකේ ගේ හරියෙ දර කෑල්ලක් නෑ ..වත්තට ගියා දර කෑල්ලක් ගේන්න....
අහ් එහෙමද මන් අනුරාධපුර ගිය වැඩවගයකට...ගෙදර යමින් ගමන් ආවෙ හුග කාලෙකින්.....
අනේ හොදයි මැනිකේ මන් මාස ගානක් සාන්කාවෙ...

ගෑනු කෙනාගෙ ඒ වචන හිතට මහා දෙගිඩියාවක් ඇතිකලා...මන් ඇග පත හෝදගන්න ලිදට ගියා..මෙහෙ ටැප් නෑ ...තවම ග්‍රාමීයය් ගොඩාක්...ලිදට පොඩි එකෙක් වතුර බලන්න ආසවෙන් එබෙනවා වාගෙ එබුනා...වතර නිල් කැටේට....ආස හිතුනා...හොදට ඇග හොදන් ගෙට ඇවිත් ඉදගෙන හිටියා....

හොද සුවදක් එනවා....රහට උ‍යනව ඇති නැන්ද ම්ම්ම් ..ඉතින් මන් ඩේට ඔන් කලා එෆ් බී එන්න අෆොයි සිග්නල් නෑ ..කේන්ති මට....ටිකක් වෙලා ඉදලා රෑට කන්න කෑම මේසෙට ගියා...බත් කැකුලමට හදල,අල කිරට හදල,කරවල තෙල් දාල,මැල්ලුම්,පපඩම් ම්හ් පට්ට රහ..කාගෙන ගියා යකෙක් වාගෙ ..ඒත් බඩ පිරෙන්නෙ නෑ ...ඒත් මන් කන එක නැවැත්තුවා...නිදාගන්න උඩ තට්ටුවෙ කාමරේට ගියා..

ඉස්සර මගෙ අම්ම නිදාගත්ත කාමරේ..ඒ ඇද...අනේ මන්ද මට අම්මගෙ සුවද ඒ කාමරේ පුරා....11ට ඇති වෙලාව මට නින්ද ගියෙ නෑ හුග දවසකින් අලුත් පරිසරයකට ආව නිසාද කොහෙද..දෙය්යනේ පඩිපෙලේ සද්දයක් ඇහෙනව කතා කරනව සුදු දෝනා කියල .අනේ එහෙම කතා කරන්නෙ මගෙ කිරි අම්ම විතරයි මට...මට ඇදෙන් නැගිට්ටවිලා ඒ පැත්තට යැවුනා...කිරි අම්ම පඩිපෙලේ හිටිගෙන.ඉස්සර ගාම්භීර පෙනුපෙන්....

මගෙ දෝනා ඇයි පුතේ උබ මෙහෙ ආවෙ මගෙ මැනිකෙ...හෙට පාන්දරින් මෙහෙන් පලයන් මයෙ අම්මා කිය්ල නොපෙනී ගියා...මගෙ ඇගම හිරි වැටුනා...එලි වෙනකම් නින්දත් නෑ 4ඉදන් ලෑස්ති උනු මන් පටස් ගාට5ට කලින් නැන්දටත් නොකිය එලියට බැස්ස පාන්දර බස් එකට නැගල 8වෙද්දි ගෙදරින් බැහැල හුස්මට වතුර එකක් බීව.අම්ම බයෙ මොකද අහද්දි විස්තරේ කීව...

මගෙ කම්මුලට හොද පාරක් වැදුනා....අම්ම එහෙමම බිම ඉදගත්ත....තාත්තා ඉක්මනට ගමේ වෙද මහත්තය ගෙන්නුවා...වචනයක්වත් අහන්න කියන්න දුන්නෙ නෑ මට..මොනාද බොන්න දුන්න ඒ මනුස්සය..මාත් බීව..බීව ගමන් වම්නෙ ගියා ගුරු පාටට....මට තෙහෙට්ටු යි බඩගිනි...කිරි හොදි යි බතුයි අම්ම දුන්නෙ මට බඩගිනිනිසා කෑව..

අද හවස අපෙ අම්ම මට කතා කලා ...මට දෙයක් කීවා මට ඒක දැන් ඇහෙද්දි පපුව හිර වෙනව බයට....දෝනි මහ ගෙදර බලාගන්ත ගෑනු මනුස්සය නැති වෙලා හරියටම මාස2යිලු,,ලිදේ ඉදන් ගොඩ අරන් තිබිල තියෙන්නෙ..

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




11 June 2018

---අද්භූත මිණිරන් පතළ---


 ජයසිරි නම් ඔහුට රැකියාවක් නොවු බැවින් මිණිරන් පතළක අත් උදව් කරුවකු ළෙස සේවයට යොමුවූයේ ඉමහත් කැමැත්තකිනි.

ඔහුට පැවරීතිබූ කාර්යය වූයේ පතලෙහි වැඩකරණ සේවක කාරකාදීන්ට ආහාර උයා පිහා දීමත් තේ පිළියෙල කරදීමත් වැනි සරල කටයුතු කිහිපයකි.

අලුයමින් පිබිද උදෑසන ආහාරය ලෙස බතක් සහ කරවල දමා හොද පදමට හොද්දක් හදා කටට සැරට ලුනු මිරිසක්ද ඔහු සකස් කරනු ලැබුවේ ඉතාමත් රසට සුවදටය.

දහවලටද සරලව පරිප්පු රසට හදා කරවලද තෙලෙන් උයා පිලියෙල කරදීම පුරුද්දක්ම විය.
නමුත් රාත්‍රී අහාරය බැදුම් ඒලවලු සමග හොදරසට සැරට සැමන් හොද්දක් සමග ඉස්තරම් ලෙසින්ම සැකසුණි.
ඔහුගේ ඉවිමේ කළාවගැන කම්කරුවන් පුදුමවූයේ ඉතාම රසට ඉයූ නිසාවෙනි.
රෑ ආහාරය හොදටම ගිලදමන වෙහෙසවූ සේවකයෝ නින්දට වැටෙන්නේ ආහාරය ගත් විගසමය.
නමුත් ඉන්පසු ජයසිරිටනම් සුවදායක විවේකයක් ලැබෙයි.නිදිමත වනතුරා පතලෙන් ටිකක් ඒහා පිහිටි දොලපාර අසලට වී සුවය විදින්නට ඔහු පුරුදුව සිටියේ දොලපාර ගලාබසිනදෙස බලාහිදීම ඔහුසිතට සුවයක් සතුටක් ගෙනදුන් නිසාවෙනි.

සුපුරුදු පරිදි දිනක් මැදියම් රැයෙහි ඔහු දොල අසල හිදිනා මොහොතේ ලස්සන තරුණියක් දොලේ දියනාමින් සිට ඔහු අසලට පැමිණියේය.
අෑ ගතරැදි සිනිදු සේලය තෙතබරිතව ගතටම ඇලී ඇගේ නග්නබව ඔහු දැක, ගත අමුතු හැගීමකින් විපරිතවී ගියේය.

ඔහු කෑදරලෙස ඇය දෙස බලා සිටියේ උතුරා පිටාර ගලන හැගුමන් මහත් වෙහෙසකින් ඉවසාදරාගෙනය.
හොරා......බලන් ඉන්න ලස්සන...
කියා ඈ කීවේ සරාගී අායාචනාවක්ද නෙතගින් මවමින්ය.
බැලුවෙ නෑ දැක්කා....
යි ඔහු කීහ.

මොනවද දැක්කෙ හි..හ්....හී
ඇය ඇසුවේය.
සේරම......
කියා යලිත් ඔහු පිළියදන් තෙපලීය.

තවදුරටත් දෙදෙන ආගන්තුක නොවූ අතර ඔහු හා ඇය අතිනත පටලා සුරතල් පෙම් වදනින් දොඩමලුව අවසන ඇගේ ගතෙහිවෙලී ඈත අනන්තයටගොස් ඔවුන්ගේම ලොවක තනිවිය.

පෙම්සුව විද අවසන ඇය ඔහුට ආයාචනයක් ලෙස ඉල්ලාසිටියේ රැයාහි තනිවම යාමට බියබවත් මගටගොස් ඇරලවන ලෙසය.ඈ ඉදිරියෙන් යයි ඔහු ඈදෙස නෙත් අයාගෙන මෝහනයවූවකුසේ ඇය පසුපස ගමන්කරයි.මොහොතකින් මහත් හඩක් නංවා ඇය හිනැහුනේ බියකරු යකින්නකගේ රුවක් මවාගෙනය.

හිසහැරුනු අතදිවු ඔහු අඩි පනහක් හැටක් පමනවූ පතලේ කෙලවර නතරවුයේ සදහටම නෙත් පියාගෙනය.

පසුදින පතල් කරුවන් ඒ මේ අත සොයනාවිට ඔහුගේ නිසල සිරුර පතලේ තිබී හමුවිය

ස්තුතියි

Source: Link


මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




06 June 2018

---මහා රැයේ තරුණයන් සමග යන තරුණිය හොල්මනක්‌ ද?---



මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක්‌ මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්‌තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක්‌ හොල්මනක්‌ ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම නිසා ආරක්‍ෂක නිලධාරීන්ද මහ මග රාත්‍රියේ ගමන් කරන ප්‍රදේශයේ තරුණ පිරිස්‌වලට සහ ජනතාවට අවවාද කරමින් දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති බව අනාවරණය වේ. එසේ හෙයින් මෙකී සිද්ධියේ බිඳක්‌ හෝ ඇතැයි දරන විශ්වාසය නිසාම කවදත් "දිවයින" පාඨකයන් වෙත ත්‍රාස්‌තජනක හොල්මන් කතා ලිපි පෙළක්‌ ඉදිරිපත් කළ අදාළ ප්‍රදේශයේ හොල්මන් සිද්ධියට මුහුණ දුන්නායෑයි කියන දිවයින පාඨකයන් කීප දෙනකුගේ අත් දැකීම් ද ලිපියේ සාරවත් බව කුතුහලය තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අවස්‌ථාව උදා කර ගත්තෙමි.

එහෙත් මෙම අහඹු සිදුවීමට පාදක වූ සිදුවීම පිළිබඳව පෙර කථනයක්‌ කිරීම වඩාත් වැදගත් හෙයින් එහි සාරාංශය මෙසේ දක්‌වමි. මෙකී කතාවේ කතා නායිකාවට මා මන(ඛලAපිත නාමයක්‌ බෞතීස්‌ම කරමි. ඇය උමංදාය. ඉතාමත් රූප සම්පත්තියෙන් ආඨ්‍ය වු ඇයගේ රුව එක්‌ වරක්‌ දුටුවෙකු දෙවරක්‌ නොබැලුව හොත් හේ ශරීර ගත නෂ්ඨකාමියකු විය යුතුව වූ හෙයිනි. ඇය එවැනිම අඟ පසඟêන් අනූන වූ පංච කල්Hdණියක රූප සම්පත්තියට අඩුවක්‌ නොවීය. ඇයගේ මුව මඩල පොහොදා පෑයූ චන්ද්‍රයා සේ විය. ගත කිරි ගරුඬින් වාත්තු කළා මෙන් විය. කෙහෙවරළ අක්‌ බඹර රැහැනක්‌ සේම විය. එසේ හෙයින් අතිශය රූමතියක්‌ම විය.

එසේ හෙයින්ම ඇයගේ පාසල් වියේදී පවා ඇයගේ ආදරය ලබන්නට වෙර දැරූ තරුණයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම් විය. ඇයද තාරුණ්‍යයේ ආදරය නො වින්දාද නොවේ. ඒ තම ගමේම තරුණයකු හා හාද වීමෙන් වුව, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඇය වෙනත් තරුණයකුගේ පෙම්වතිය වූ බවද නොරහසකි. එය ඇයට අප එල්ල කරන වරදක්‌ නොවන අතර තාරුණ්‍යයේ ස්‌වභාවයද එයම වන හෙයිනි. පළමු පෙම්වතාගේ අගහිගකම් මධ්‍යයේ අසල්වැසි ධනවත් පෙම්වතකුගේ පෙම්වතිය සේ උමංදා අභිශේක ලබන විට පළමු පෙම්වතා ප්‍රේමයෙන් පැරදුණ විරහ ගීත ගයන අසරණ තරුණයකු බවට පත් වී සිටිය නමුත් ඔහු ඇයට වෛර නොකළාය. ඒ පෙම් කළ හදකට වෛර නොකළ හැකි නිසාවෙනි. කාලය ගෙවී ගියේය. අලුත් පෙම්වතා සමග ඇයි හොදයිකම් පැවැත් වූ උමංදා යක්‌කල ප්‍රදේශයේ ලෝහ භාණ්‌ඩ නිෂ්පාදන පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිණියන් ලෙස යහපත් සේවයක්‌ ආයතනයට ලබාදීමට තරම් දක්‌ෂ එකියක්‌ විය.

එම ආයතනයේද පාලනාධිකාරියේ හොඳ හිත දිනාගත් උමංදාගේ ආදරයට දෙ නිවෙස්‌ වලින් කිසිදු බාධාවක්‌ එල්ල නොවුණි. ඒ නිසාම ඔවුන් ආදරයේ මිහිරියාව රිසිසේ වින්දාය. තනි පංගලමේ විවිධ පළාත්වල විනෝදය සඳහා සංචාරය කළාය. එවන් සංචාරයක අවසානය වූයේ ඇය සහ ඇයගේ පෙම්වතා ඔවුන් ලැගුම් ගෙන සිටි නුවර එළියේ ශීතල කාමරයක්‌ තුළදී අහඹු අබිරහස්‌ ලෙස ජිවිතක්‌ෂයට පත්වීමයි. ඒ උමංදාගේ අවසානය සිදු වූ ආකාරයය. එසේ හෙයින් ඔවුන්ගේ හදිසි මරණය පිළිබඳව විවිධ නිගමනයක්‌ ඉදිරිපත් වුවද ඔවුන් මිය ගිය ආකාරය පිළිබඳව සැබෑ තත්ත්වය දන්නේ ඔවුන් පමණක්‌මය.

මෙහි සැබෑ සත්‍ය කෙතරම් දුරට නිවැරදියෑයි පිළිගැනීමට නොහැකි වුවත් මෙකී උමංදාවගේ පියාගේ හිතවත්ම කෙනකු විසින් මා සමග පැවසූ කතාව අනුව නම් මෙය පෞද්ගලිකව ඔවුන්ගේ කීර්තිනාමයට හානියක්‌ නොවන අයුරින් මෙහි නම් ගම් සමීප ලෙසින් මන(කල්පිතව සටහන් කිරීමට මා වග කීමෙන් යුතුව කටයුතු කළ බව කාරුණිකව සටහන් කරමි.

උමංදාගේ පියා උමංදා අභිරහස්‌ ලෙස මියයන විට විදේශගතව සිටි හෙයින් ඔහුද උමංදාගේ මරණයේ සැබෑ වූ තොරතුරු නොදන්නේය. එහෙත් විනෝද චාරිකාවක්‌ සඳහා තවත් මිතුරන් රෑනක්‌ සමග නුවරඑළියට ගොස්‌ සිටියදී උමංදාත් ඇයගේ පෙම්වතාත් නිදිගත් කාමරයේ නිදි යහනේම වායු විෂවීමකින් මියගිය බවයි. වැඩි දෙනකුගේ හා හදිසි මරණ පරීක්‍ෂණ වාර්තාවද පැහැදිලි කර ඇත්තේ වුව එහිද නිත්‍ය තීරණයකට එළඹීමට ඇති සාක්‌ෂීන් ප්‍රමාණවත් නොවන බවයි එහිද සටහන්ව ඇත්තේ. එය කෙසේ වුවත් අද වන විට යක්‌කල ප්‍රදේශයට ආසන්න බෝනෑගල - ගොරකදෙණිය - වාරණ ප්‍රදේශයේ රාත්‍රියේ සැරි සරණ රූමත් තරුණියකගේ දර්ශනය මේ වන විට බොහෝ දෙනකු පියවි ඇසින් දුටුබවට සාක්‌ෂි ඇත. එසේ නම් මැදියම් රැයේ තරුණයන්ට පමණක්‌ දර්ශනය වන රූමතිය කවුරුන්ද? යන්න අද වන විට ප්‍රදේශවාසීන්ගේ කුතුහලයට ලක්‌ වී ඇත.

මා ඇයව උමංදා නමින් හැඳින්වූවත් ඇයගේ බෞතිස්‌ම නාමය වෙනකකි. මියගිය ඇයට කිසියම් හානියක්‌ වෙතැයි යන විශ්වාසය හෙයින් මා ඇය දෙවන වරටත් උමංදා නමින් බෞතිස්‌ම කිරීම වරදක්‌ නොවන බවයි මාගේ විශ්වාසය. එසේ හෙයින් මියගියාය යන උමංදා ඇයගේ මරණයෙන් වසරක්‌ ඉක්‌ම වීමට සති කීපයක්‌ තිsබියදී ප්‍රාණ වායුවක්‌ ලෙසින් දර්ශනය වීමෙන් ඇය අපේක්‍ෂා කරනුයේ කුමක්‌ද? යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට නොහැකිවීම ප්‍රශ්නාර්ථයකි.

මේ වන විට තරුණයන් කීප දෙනකුම තම පියවී ඇසින් දැක ඇති උමංදා කිසිදු විටක කිසිවෙකුට හිංසාවක්‌ පීඩාවක්‌ කර නැති බව ඇය මුණ ගැසුණු තරුණ යතුරු පැදි කරුවන්ගේ මතයයි. ඇය තම උපන් නිවස පිහිටි ස්‌ථානයේ සිට කෙටි දුරක රාත්‍රියේදී මහමග ගමන් කරන යතුරු පැදි කරුවන්ගේ දර්ශනයට ලක්‌වෙමින් උදව්වක්‌ ඉල්ලා අත පාන බවයි ඔවුන් පවසන්නේ. මෙකී කතාව ප්‍රසිද්ධ වීමට පෙර තරුණියක්‌ තම යතුරු පැදියේ නංවාගෙන ගිය තරුණයකු ඇයව නිවසට ආසන්නේ බැස්‌ස වූ බව කියා ඇත. සත්‍යතාවය කෙතෙක්‌ දුරට නිවැරදිදෑ මා පසන් නොකළද පසුදින ඔහුගේ උරහිස්‌ මත නිල්පාට ඇඟිලි සලකුණු තිබී ඇතිබව කියයි. එයින් බියට පත්වූ ඔහුගේ කතාවෙන් අනතුරුව මහමග යන බොහෝ දෙනකුගේ ආධාරය ඇයගේ ගමන් පහසුවට ඇයෑද ඇති බවද කියවේ.

යම් වාහනයක්‌ ඇයගේ ඉල්ලීමට අවනත නොවී වාහනය නොනවත්වා ගියහොත් ඇය එම වාහනයේ පිටුපස වාඩි වී සිනාසෙමින් සිටි බවද දුටු තරුණ රියෑදුරන්ද මේ අතර සිටි. මා පෞද්ගලිකව දන්නා තරුණ ත්‍රිරෝද රියෑදුරු මහත්මයෙක්‌ මෙකී මග රාත්‍රියේ කුළී ගමනක්‌ ගොසින් ආපසු එමින් සිටියදී ඇය අත ඔසවා ඇතත් සිද්ධිය දන්නා ඔහු ත්‍රිරෝද රථය නොනවත්වා පැමිණියද ඇය පිටුපස ආසනයේ සිටි බව තරුණ රියෑදුරු මහත්මයකු වන දිමුතු මා සමග පැවසීය. මෙයාකාරයෙන් මධ්‍යම රාත්‍රියේ කිසිදු හේතුවක්‌ නිසා මේ මග ගමන් කිරීමට ප්‍රදේශවාසීන් බියට පත්ව ඇත. කාන්තාවන්ට මේ වන තෙක්‌ හමු නොවුන ඇය නිරන්තරයෙන්ම දර්ශනය වන්නේ තරුණයන්ට වීමද එක්‌තරා කුතුහලයකි.

මේ වන විට උමංදාගේ මිය ගිය ආත්මය මහ මග සැරිසරණ විට ඇයට පිං අනුමෝදම් කර මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්‌ෂිණාවක්‌ද, ඒ පිං බලයෙන් සසර වසනා තුරු නිදුක්‌ නිරෝගී සැප කෙළවර අමාමහ නිවනින් සැනසි යම් අහඹු වූ ස්‌ථානයක ආත්මය රැදි සිටිනවා නම් එයින් මිදී අවසානයේ දෙව් මිනිස්‌ සැප කෙලවර අමාමහ නිවනින් සැනසේවායි පතමින් ඇයගේ මරණයෙන් එළඹෙණ වර්ෂ පූර්ණයේදී මහා දානමය පිංකමක්‌ද ඉකුත්දා දෙමාපිය ඥාතීන් විසින් ඉෂ්ඨ සිද්ධ කළ බවත් අනාවරණය විය.

එහෙත් එකි අපේක්‍ෂාවන් සුං කරමින් ඇය තවමත් මහමග රැඳෙමින් මහමග මධ්‍යම රැයේ යටි ගිරියෙන් හූ හඩ නඟන බව ඇයගේ හඩ ඇසූ මා හිතවතෙකු මා සමග පැවසය. එසේම හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස නොකරන තවත් මාගේ මිත්‍රයකු මිතුරන් සමග උමංදාගේ දර්ශනය අභියෝගයට ලක්‌ කරමින් අධික ලෙස මත් පැන් පානය කර ඔහුගේ වෑන් රථයෙන් අභියෝගය ජය ගැනීම සඳහා එමග ගියේ වීරයකු ලෙස වුවත් ඔහුද උමංදාගේ දර්ශනයට ලක්‌ව තම රිය ඇයගේ සංඥාවට නොනවත්වා ධාවනය කළද කෙටි දුරක්‌ යන විට ඇය පිටු පස ආසනයේ වාඩිවී සිටින අයුරු දැකීමෙන් ඇති වූ බියට යටි ගිරියෙන් හඬ නැගූවත් ඔහුගේ හඬ මුවින් පිට නොවුන බවත් ඔහුගේ මත් වෙරිය හිදි ගිය බවත් කළ යුතු දෙයක්‌ නොවූයෙන් අසල්වැසිව සිටි තම ඥාතියකුගේ නිවසට තම රිය ඇතුල්කර පිටුපස බැලුවද වාඩි වී සිටි රූමතිය එහි නොවුන බව ඔහු සත්‍ය ලෙසින්ම මා සමග ප්‍රකාශ කළේය.

මෙවන් වු සිදුවීම් ජාලාවක්‌ නෙල්ලිගහ මුල සිට බෝණෑගල දක්‌වා සිදු වෙමින් පවතින බැවින් අඳුර වැටුන කල මේ මාර්ගය ජනශූන්‍ය බවට පත්ව ඇත. ලැබී ඇති නිල නොවන ආරංචි අනුව අදාළ ප්‍රදේශය බාර විරගුල පොලිසියද ජනතාව දැනුවත් කර ඇති බවයි කියෑවෙනුයේ.

මෙම ලිපිය සකස්‌ වන විට අවසානයෙන්ම මට හමු වූ ප්‍රදේශයේ ජනතාව අතර පළාවර්ග අලෙවි කරන තරුණ මහත්මයකු (උගත්) තම රැකියාවට අමතරව ඔහු පෞද්ගලිකව පංති පවත්වන්නෙකි. සිය පංතිය නිමාකර මෙම මාර්ගයේ සිය නිවස වෙත යාමට නෙල්ලිගහමුලට පැමිණෙන අතරමගදී ගොරකදෙණිය මදුරු දඟර නිපදවන කර්මාන්ත ශාලාවට ආසන්නයේදී තරුණියකගේ යටි ගිරියෙන් විලාප දෙන හඩක්‌ ඇසි ඇති ඇති හෙයින් එදෙස බැලූ විටදී ඔහු දැක ඇත්තේ සුදෝ සුදු දිග ඇඳුමකින් සැරසී වරළස විදහා ඔහු දෙස බලමින් සිනාවෙන තරුණියකි. සියගත කිලි පොලා ගිය ඔහු හැකි වේගයෙන් තම පාපැදිය පැද ඉදිරියට එන විට පසුපසින් ආ යතුරු පැදි කරුවන් නිසා ඇති වූ බිය නොපෙන්වා ඔහුගේ පහන් ආලෝකයෙන් නෙල්ලිගහමුලට පැමිණි බව මා සමග පැවසීය.

මෙවන් සිදුවීම් අතරේ තම ඥාතීන් ඇයගේ ආත්මය යකදුරන් ලවා අල්ලා බෝතල්කර දියේ ගිල්වීමට ගෙනයන අතරේ බෝතල බිදි ඇයගේ ආත්මය ම මග සැරි සරණ බවත් ඇයගේ උපන් ගෙය ආරක්‍ෂාකර ඇති හෙයින් ඇයගේ භූතාත්මය අතරමං වී ඇති බවත් ගම්වාසීන්ගේ විශ්වාසය වී ඇත. එය කෙසේ වෙතත් මේ වන විට ඇයගේ පෙම්වතාද රාත්‍රියේ ඇතැම් දිනවල ඔහුගේ නිවස අසල ගැවසෙන බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.
මෙවන් පසුබිමට උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි? ඇය සොයන්නේ කවුද? ඇයගේ මරණයට වගකිවයුතු ඇය ඇය මියගිය ආකාරය දන්නේද? එය එ සේ වුවත් ඇයට කිසියම් වූ ආකාරයක ආසාධාරණයක්‌ කාගෙන් හෝ සිදුවූවාද? නිශ්චිත හොල්මනක්‌ සමග ජීවත්වීමට අපට නොහැකිය.

එහෙත් කවරාකාරයකින් මිය ගිය ද ඇයට ඇය වෙනුවෙන් කෙරෙන පිං මහිමයෙන් ඇයගේ භූතාත්මයට නිදහස ලැබී ඇයව ඇයගේ ලෝකයට පිවිසවීමට අප පිං පතමු. ඒ පින් බලයෙන් අමා මහා නිවනින් සැනසේවායි "දිවයින" පාඨකයන් වන අප පතමු.

විල්ප්‍රඩ් බොනිපස්‌ මැල්ලව

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

04 June 2018

---එම්බාම් කරන අවුරුදු 17 තරුණයෙක් කියපු කතාව----



දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 - 70 ටනේ , නිකමට හිතන්න දැනට අපිට අවුරුදු කීයක්ද , තව කීයක්ද ජීවත් වෙන්න කියල තියෙන්නේ කියලා. ඉන්න කාලේ හොදින් ඉන්න ඕනේ කාටවත් වැරද්දක් කරන්නේ නැතුව. අපි කරන හැම දෙකටම අපිට ගෙවන්නත් , ලැබෙන්නත් , තියෙනවා කියන එක අමතක කරන්න එපා . අන්තිමට අපේ කුණු කයට වෙන දේ කතාව කියවන යද්දී තේරෙයි.
අප බලා සිටින්නෙමු. ඔහු ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.

ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඩේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැකියාවක නිරතව සිටියි. එය එවැනි යෞවනයකු නිරතවන සම්මත ආකාරයේ රැකියාවක් නොවේ. ඔහු නුරේෂ්ය.
නුරේෂ් රැකියාව කරන්නේ මල්ශාලාවකය. ගාල්ල ඕවිලානේ පිහිටි මේ මල්ශාලාව නුරේෂ්ගේ පියා සතු වූවකි. පියාගේ සහායට පැමිණි නුරේෂ් දැන් මිනී එම්බාම් කරයි.

කෝරළ විදානගේ බර්නාඩ් හා කන්දගොඩ ගමගේ රූපා දෙපළට දාව උපත ලැබූ පුතුන් දෙදෙනෙකි. මේ පවුලේ බාලයා වූයේ නුරේෂ් රංගය. පියා තම මල්ශාලාව ද රංග නමින් නම් කර ඇත්තේය.
නුරේෂ්ගේ සමකාලීන මිතුරන් සියළුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමය. නුරේෂ්ට එවැනි අපේක්ෂාවක් තිබුණේ ද යන්න දැන් ඔහුට මතක නැත. “මහත්තයෝ අපි පුංචි කාලේ ඉඳලම හැමෝම කියන්නේ දොස්තර මහත්තයෙක් හරි ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? අපිට හැමෝටම මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒක අපේ උරුමය කරුමය අනුව විසඳෙනවා. අපේ වයසේ හුඟක් දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව”

නුරේෂ්ගේ මේ රැකියාව තරුණයකු කිසිදිනක කැමැත්තක් දක්වන රැකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි.
නුරේෂ් මේ රැකියාවට යොමුවූයේ අහම්බයකින්නම් නොවේ. ඔහුගේ පිය උරුමයෙනි. සමූපකාරයක සේවයකළ නුරේෂ් ගේ පියා මල්ශාලාවක් ආරම්භ කළේය. ඉන් පසු යන්තම් සොළොස්වැනි විය පසුකළ නුරේෂ් පියා සමග දැවටෙමින් ඔහු පසුපස වැටී මල්ශාලාවට ගියේය. ඒ ඔහු මේ රැකියාවට අත්පොත් තැබූ ආකාරයයි.

තාත්තා මළසිරුරු ගෙනවිත් එම්බාම් කරන ආකාරය ඔහු බලා සිටියේය. ‘‘මම ඉගෙනගන්න එච්චර දක්ෂ කෙනෙක් වුණේ නැහැ. ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලියි. නමුත් තාත්තා සමග මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ.’’
තාත්තා පවසන්නේ තම පුතා තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි.

‘‘මම කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න පුතාට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. එයාටත් පුළුවන් වේවි කාටවත් යටත් නැතිව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න.’’ යනුවෙන් නුරේෂ්ගේ පියා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
නුරේෂ්ගේ මව පවසන්නේ ද තම පුතු මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි.

‘‘පොඩි පුතා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවකට ගියානම් ඉතින් අපි කැමතියි. ඒත් මොනවා කරන්නද මේක එයාගේ උරුමය සහ කැමැත්තනේ. ඒ නිසා ඉතින් මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයෝ’’ ඇය කියන්නීය.

නුරේෂ් මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළ ආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.
‘‘තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හොඳින් බලාගෙන ඉඳලා තමයි මේ වැඩේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ 10 වසරේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 15ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් කළේ හාමුදුරුනමකගේ සිරුරක්. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළඟින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට සිවුරු අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා.’’

නුරේෂ් තමන්ගේ ජීවන අත්දැකීම් විස්තර කරන්නේ ඒ ආකාරයෙනි. තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත්ද යන්නත් අපි ඔහුගෙන් විමසුවෙමු.
‘‘අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බල නහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් ගුටිකාලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඩේටම පැය දෙකක් විතර යනවා.

ඒ මුළු කාලෙම හොඳ අවධානයෙන් කරනව නම් එතකොට වරදින්නෙ නෑ.’’
ඔවුන් මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හොඳින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බල නහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු ෆෝමලින්ය. නුරේෂ් පවසන්නේ බලනහරයෙන් ෆෝමලින් ඇතුළු කළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ඇඟපුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇගපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි.

‘‘බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. මම භාවිත කරන්නේ බ්ලේඩ් තලයක්. බඩ පලලා ඇඟ ඇතුළේ තියෙන දේවල් අරන්දානවා. පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.’’

නුරේෂ් පවසන්නේ මළ සිරුරකට ඇදුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවන බවත් හෙතෙම පවසයි.

‘‘මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී සිය ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එක දවසක් මිනියක් කැපුවම මුළු ඇග ඇතුළ නිල් පාටවෙලා තිබුණා. මට හිතාගන්න බැහැ.
පසුව දැනගත්තා එයා ගොඩක් කාලයක් දියවැඩියාවෙන් පෙළුණු රෝගියෙක් කියා. දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ. නුරේෂ් පවසන්නේ තමන්ට එතරම් විශේෂත්වයක් ඇති දෙයක් අත්විදින්නට නොලැබුණු බවයි.’’එසේ වුව ද නුරේෂ්ට මුල්වරට කුඩා ළමයකුගේ සිරුරක් එම්බාම් කරන්නට සිදුවූ අවස්ථාවේ දී නම් චතිකයක් ඇතිවී තිබේ.

‘‘පොඩි ළමයාගේ සිරුර දැක්ක ගමන් මට ලොකු දුකක් ඇතිවුණා. හිතාගන්න බැරිවුණා මෙනවද වෙන්නේ කියලා. හිතේ දුකින් වුවත් මම වැඩේ කළා. තව දවසක් ළමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුගේ සිරුරක් ගෙනවිත් තිබුණා. ඒ වැඩෙත් මට නුහුරු දෙයක් වුණා. ඒත් ඒක නුුහුරුවුණේ එවැනි සිරුරක් ලැබුණු පළමු අවස්ථාව නිසයි. ඉන් පස්සේ ගාණක් නැතිව ගියා. පොඩි ළමයින්ගේ සිරුරු කිහිපයක්ම ඉන් පසුව එම්බාම් කළා.’’

ළමයෙක් ලැබෙන්න සිටින කාන්තාවකගේ දරු කළලය මෝරා ඇත්නම් එයට සිදුකරන දේ ගැන විමසූ විට නුරේෂ් ඒ ගැන මෙසේ කීවේය.
”ඒ ගැන තීරණය ගන්නේ පවුලේ අයගේ කැමැත්ත මත තමයි. ඇතැම් අය වළ දානවා. සමහරු බඩටම දාන්න කියනවා බෙහෙත් ගහලා. සමහර වෙලාවට වෙනම ඔතලා අම්මගෙ කකුල් දෙක අතරින් තියලා සාරිය අන්දවනවා. නූපන් කළලයක් හින්දා ගෞරවයක් විදියට තමයි එහෙම කරන්නෙ.”

සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හොඳ පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ නුරේෂ් තවමත් වැඩිහිටි වියට පාතබා නැත. ඔහු පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි.
‘‘මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ.’’

නුරේෂ්ට බලාපොරොත්තුවක් ඇත. ඔහු කොරියා යාමේ අපේක්ෂාවෙන් සියල්ල සූදානම් කරගනිමින් සිටියි. ඔහු පවසන්නේ කොරියාවේ මිනී එම්බාම් කිරීමේ තාක්ෂණය දියුණු බවයි. යන්ත‍්‍රානුසාරයෙන් එම්බාම් කරන බවත්, එම කාර්යය සිදුකරන නුරේෂ් වැනි අයට ඉහළ වැටුපක් හිමිවන බවත් ඔහුගේ අදහස වී ඇත.
නුරේෂ්ට පෙම්වතියක් එහෙම නැද්ද? අප එසේ ඇසූවිට තරමක් ලජ්ජාවට පත්වූ නුරේෂ් මෙසේ කීවේය.
“තාම නම් නෑ. මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ නුරේෂ් මහ හඬින් සිනාසුණේය. ඔහුට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් අපි ඔහුට සමු දුන්නෙමු.....

උපුටා ගැනීමකි.

 Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

02 June 2018

---නර්ථකයාගේ හෝරාව---


 මේ සිදුවීම වෙද්දි රාත්‍රී 10ට කිට්ටු කරල ඇති..මම හිටියේ අක්කලාගෙ ගෙදර.අපේ ගෙදර ඉදල ටිකක් දුරින් තියෙන්නෙ.ටිකක් වැහි පොද ගහනව.ගමේ කොහි හරි ගෙදරක තොයිලයක් තියෙනව,මොකද බෙර සද්දෙ ඇහෙනව.වෙනද වගේම අක්කලාගෙ ගෙදරින්

පිටත් උනේ ගෙදර යන්න.
"මල්ලි ගෙදර යන්නෙ තනියම නේද?? අයියට කියන්නද ගිහින් ඇරලවන්න කියල",,එහෙම කිව්වෙ අක්ක. "මොන පිස්සුද,ලැජ්ජ නැති වැඩ කරන්න එපා,මම වෙනදට යන්නෙ..මම යන්නම් " කියල අක්කට කියල ගෙදරින් පිටත් උනා..

මටත් තේරුන වෙනදට වඩා ගොඩක් අද රෑ වෙලා කියල.කලුවර උනාට ටිකක් එලියයි හද එලිය නිසා.කමක් නෑ දැන් ඔන්න ඔහේ යනව..යන්න තියෙන පාර ගැන කිව්වොත් ඉස්සෙලම වෙල පහු කරන්න ඕන..පාර තියෙන්නෙ හරියටම වෙල මැද්දෙන් ටික දුරක්.ඊට පස්සෙ දෙවැටක් දිගේ තමා යන්න තියෙන්නෙ..මහ පාර තියෙනව.ඒකෙන් යනවට වඩා මේ පාර ලගයි. දෙවැට දිගේනම් ලයිට් මුකුත් නෑ.ටෝච් එකත් ගහගෙන තමා යන්නෙ දැන්.ඒකත් හරියට පේන්නෙ නෑ..ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බේ නෑ මට..සතෙක් ආවත් ඌගෙ මූනටම ටෝච් එක ගහන්න ඕන.එතකොට තමා පුලුවන් සතා අදුරගන්න..ඒ තරමට ටෝච් එක ගොඩක් දුර වැදුන.

මොකද කරන්නේ?? දෙවැට දිගේ යනවද?? පාරෙන්ම යනවද?!
දැන් ප්‍රශ්ණ ගොඩයි?? මම දැන් ඉන්නෙත් තුන්මං හන්දියක..දෙවැට දිහා බැලුවම ඒක අදුරු ගුහාවක් වගේ පේන්නෙ,පාර කොනක් පේන්නෙත් නෑ.හැරි හැරි යන්නත් තියෙන්නෙ.ලයිට් මුකුත් නෑනෙ පාරෙ.මම කෙලින් ගියොත් පාරට වැටෙනව,හැබැයි ගෙදරට දුරයි..හැරුනොත් යන්න වෙන්නෙ දෙවැට දිගේ..දෙවැට දිගේ ගියොත් ගෙදරට ලගයි....ඕන එකක් කියල මම හැරුන දෙවැට පැත්තට ඒ පැත්ත වැඩිය බලන්නෙ නැතුව.බෙර සද්දෙ ඇහෙද්දි මට දැනුනෙ නිකන් මහ මූසල ගතියක්,ඇයි පාරත් කලුවරයිනේ...එවෙලෙ මම ගත්ත මෝඩම තීරණේ ඒක ... මොකද මට එවෙලෙ හිතුනේ නෑ හැමදාම යන පාරෙ තවත් කවුරුම හරි මාව බලාපොරොත්තුවෙන් ඇති කියල..

හරි දැන් හිත බය කරගන්නෙ නැතුව යමු කියල මම හිතාගෙන ඉස්සරහට එනව.වැහි පොද ටිකක් වැඩි කරල තිබ්බෙ එවෙලෙ..ඔය පාරෙ එක පැත්තක තනිකරම වෙල තියෙන්නෙ ටිකක් දුර යනකල්.අනිත් පැත්තෙ ටිකක් කැලෑව වගේ.ටිකක් දුර යනකල් විතරයි තියෙන්නෙ ගෙවල් එහෙමත්.මේ දෙවැට දිගේ ටිකක් දුර යනකල් තියෙනව පුළුන් ගස් වගයක්.
දැන් ඔය ඔක්කොම මැද්දෙන් මම එනව වගේම ඔය ඔක්කොම මැද්දෙ ඉදල කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නව කියල නිකමටවත් මට හිතුනෙ නෑ..

හැමදාම යන පාරනේ බය වෙන්න දෙයක් නෑ කියල අරහෙ මෙහෙ බලන්නෙ නැතුව මම එනව..ටිකක් සීතලත් එක්ක..එක පාරටම ආපු හුලගට සීතල තවත් වැඩි උනා..

සීතලත් ඉවසගෙන මම ඉස්සරහට යනව.දැන් මම කල්පනා කරන්නෙ ඇයි මම මෙච්චර රෑ වෙනකල් අක්කලාගේ ගෙදර හිටියෙ,අපරාදේ මට වෙලාසන එහෙන් එන්න තිබ්බෙ,ඔහොම කල්පනා කරගෙන එද්දි කල්පනා කරපු හැමදේම එක මොහොතටකට නතර උනේ බල්ලෙක්ගේ උඩු බුරන සද්දෙ නිසා,ඒක හෙන මූසල විදියට දුරට වෙන්න ඇහුනෙ බෙර සද්දෙත් එක්ක.ඊට පස්සෙ බල්ලො රංචුවක්ම එක දිගට කාව හරි මරන් කන්න හදන විදියට බුරනව.ඒ සද්දෙ ඇහෙන්නෙ මගේ පිටිපස්සෙන් නෙවේ ඉස්සරහින්.මම දැන් යන්නෙ ඒ පැත්තට.බල්ලො ටික බුරපු විදියට කවුරු හරි එක්කො මේ පැත්තට එන්න ඕන,මේ මහ රෑ මූසල දේවල් හිතට එන්න ගත්තෙ අර උඩු බුරපු සද්දෙ ඇහිච්ච වෙලේ ඉදල.

ඔහොම ඉස්සරහට යද්දි ආවේ ලොකු හුලගක්,ගස් උනත් ටිකක් කලින්ට වඩා වේගෙන් පැද්දුනා.බෙර ගහන විදියත් කලින්ට වඩා ටිකක් වේගවත්.එක පාරටම හුලගත් එක්කම කවුරු හරි කෙනෙක් මගෙ දකුණු උරහිසේ වැදුන.ඒක මට හොදටම තේරුණා.මම නතර වෙලා බැලුව පිටිපස්ස හැරිලත්.මුකුත් නෑ.ගහක අත්තක් වදින්න විදියකුත් නෑ.මම ටිකක් බය උනා.හුලගත් නතර උනා.දැන් ඇහෙන්නෙ රැහියන්ගේ සද්දෙයි,බෙර සද්දෙයි විතරයි,මුලු පරිසරේම මහ මූසල බවක් වගේ විතරයි මට දැනුනෙ.බල්ලොන්ගෙ බුරන සද්දෙත් නතර උනා.මම ගොඩක් බය උනා ඒ වෙච්ච දෙයින්.තාමත් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා.පාරේ ඉස්සරහ බැලුවම මට පිටිපස්ස නොබලම දුවන්න හිතෙනව.හැබැයි ඒක ඊටත් වඩා බයයි.ආයේ හැරෙන්නත් බෑ.හිත හයිය කරගෙන මම හිතා ගත්ත කෙලින්ම යනව කියල.ඉස්සරහට අඩි දෙක තුනයි තිබ්බෙ,එක බල්ලෙක් ආයෙත් උඩු බුරන්න ගත්ත.මගේ හිතේ හයිය නැති උනා.දැන්නම් ගොඩක් බය වෙලා ඉන්නෙ.

මම දැන් කකුල ඉක්මන් කරල ඉස්සරහට එනව.ඉස්සරහට එද්දි එළවළු කොටුවක් තියෙනව.ටිකක් විතර කැලේ වැදිල.ඕක දවල්ටත් හෙනම පාළුයි.ඒකට පිටිපස්සෙන් තියෙන්නෙ වෙල්යාය.පොල් ගස් දෙකක් තියෙනව ඉස්සරහට වෙන්න.පොඩි ලිදක් වගේ එකක් තියෙනව ඉස්සරහ.එතනට ආව විතරයි ආයෙත් හුලගක් හමද්දිම බල්ලොන්ගෙ උඩු බුරන සද්දෙත් වැඩි උනා,මම දුවන්න හදද්දිම මගේ කකුල් පන නැති උනා මම දැක්ක දෙයින්.එළවළු කොටුව මැද්දෙ එකෙක් ඉන්නව කලුම කලුවට,උගෙ ඇස් දිලිසෙනවා රතු පාටට.ඌ මන් ඉන්න දිහාවට උගෙ ඔලුව හොල්ල හොල්ල එනව බෙරේ තාලෙට,මට මර බය දැනුන.බෙර සද්දෙ ඇහෙනව පැත්තෙකින්,දුවන්න බෑ කකුල් හිර වෙලා,කෑ ගහන්නත් බෑ ගොලු වෙලා.මට හෙල්ලෙන්න බෑ,හදවත ගැහෙනව විතරයි මට දැනෙන්නෙ.දාඩිය දානව හොදටම.ඌ එන්න එන්නම කොටුව මැද්දෙ ඉදන් මන් ඉන්න පාර පැත්තට එනව.

මරන බයට මම කකුල් වලට වාරුව අරගෙන පුලුවන් තරම් හයියෙන් දිව්වා.දුවන ගමන් මට පිටි පස්සෙන් ඇහෙනව ගෙජ්ජි සද්දයක්.මම දිව්වට ඒක ලග ලගම ඇහෙන්න ගත්ත.මට බෙර සද්දෙ ඇහෙනව,සිහි විකල් වෙලා වගේ දැන්.එක පාරටම ඉස්සරහින් අර බුරපු බල්ලො බුරන සද්දෙ ඇහෙනව ලගම.කෑගැහුවට එක ගෙයක්වත් නෑ අහල පහල.මම ගිහින් නතර උනේ අර බුරන බල්ලො ටික ඉන්න හරියෙ.උන් මන් ඉන්න පැත්ත බලාගෙන මරන් කන්න වගේ බුරනව.ඒත් උන් බුරන්නෙ මගේ දිහා බලන් නෙවේ,මගෙ පිටිපස්සෙ තියෙන දේකට බුරන්නේ.එක පාරටම බෙර සද්දෙ නතර උනා.බල්ලො බුරන එකත් නතර කලා.රැලේ හිටපු එකම එක කලු බල්ලෙක් අන්තිමට උඩු බිරුව.ගෙජ්ජි සද්දෙ නතර උනා බෙර සද්දෙ නතර වෙද්දිම.පරිසරේ වෙනසක් තේරුනා එවෙලෙ මට.මට තාම හිතාගන්න බෑ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් මම තාම සිහියෙන් ඉන්නව කියල.

බය ටිකක් හරි නැති උනේ අර පාරෙ හිටපු බලු රංචුව නිසා.තවත් පස්ස බැලුවෙ නෑ.එ පිම්ම මම ගෙදර දුවගෙන ආව.කොහොම ගෙදරට ආවද කියන්න දෙයියො තමා දන්නේ.මම ගෙදර ඇවිත් නිකන් උණ විකාරෙන් වගේ කියවල තියෙන්නෙ.උදේ වෙද්දි තමා හරියාකාර සිහියක් තිබ්බෙ,ඒත් දකුණු උරහිසේ පොඩි වේදනාවක් තිබ්බ.

එදා දවල් වරුවෙ ගෙදර අය එක්ක එකතු වෙලා අර බල්ලොන්ට දවල්ට කන්න කෑම දැම්ම.මිනෙහෙක් නැති එවෙලෙ අසරන වෙච්ච මට තිබ්බ බය නැති උනේ ඒ සත්තු ටික නිසා.
මම එදා දැනගත්ත කෙනෙක් ගොඩක් බය උනාම එක්කො එතනින් ඒ මනුස්සය දුර්වල වෙනවා,නැත්නම් ඒ මනුස්සය එතනින් තව ශක්තිමත් වෙනව කියල....ඒ කාලකන්නි මූසල සිදුවීම මතක් වෙද්දිත් එතන වෙනත් බලවේගයක් මාව ආරක්ශා කලාද කියලත් වෙලාවකට හිතෙනව.මොකද හොල්මන් කියන දේ ගැන මම කලින් ඉදන්ම දන්නව,අහල තියෙනව,ඒ අහන හැමවෙලාවකම මට දැනුනෙ පුදුමාකාර බයක්.නොපෙනෙන බලවේගයක් කියන දේ නැහැයි කියන්න බෑ කියන මතේ මම ඉන්නව දැන්.මොකද මූන දුන්න දේකට.

මේක තමා කතාව,ගොඩක් කල්පනා කරල ලිව්වේ.මතක හැම සිදුවීමක්ම සදහන් කරල තියෙන්නෙ.හොල්මන් කතා කියවන්න කැමති අය වෙනුවෙන්.

Source: Link


මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.
 

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..