මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 December 2018

---ගෙදරම හිමි කරු - මරණින් පසු (අතිශය සත්‍ය සිදු විමකි)---


මා දයාබර හිතවතුනේ හිතවතියනි... සසරේ ඇති භයංකර බවම මිසක් වෙනත් කිසිවක් මැරී මැරී ඉපදෙන මේ අපි තුල ගැබ්වී නැති බවටත්, එය වැටහී සත් ධර්ම ශ්‍රවණයට මග හෙළි වේවායි කියා උතුම් ප්‍රාර්ථනාව පෙරදැරි කොට ගෙන, මේ නුතන ප්‍රේත කථා වස්තුව ඔබ වෙත ලියා පිළිගන්වමි..

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ඉදිරිපත් කරන්නෙමි. නම් ගම් පමණක් මන්ස්කල්පිතයි.
අත්භූත වැන් රථයක් සහ අත්භූත නිවසක් ගැනයි මේ කියන්න යන්නේ... කලකට ඉහතදී ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍යක් මගින්ද මේ පිලිබඳ වාර්තා වැඩසටහනක් පළවුණා.. ඔබ ඇතැම් විට එය නරබා ද ඇත.

පියදාස මහතා මධ්‍යම පන්තියේ බොහොම අහිංසක මනුස්සයෙකි, ඔහුගේ බිරිඳද එසේමය, මේ දෙපලගේ ආදරය දිනා සිටිනා එක් පුත් කුමාරයෙක්ද විය.

ඔවුන් කුලී නිවැසියන්ය. කාලයත් සමඟ කුලී කාලය අවසන් වත්ම ඔවුන්ට තවත් නිවසක් සොයා යෑමට නිරන්තරයෙන් සිද්ධ වේයි. සුපුරුදු පරිදිම පියදාස මහතා සිටිනා නිවසේ කුලී කාලය අවසන් වන්නේය. කල් තියාම නව කුලී නිවසක් සොයා යන පියදාස මහතාට බොහොම ප්‍රතිලාභ සහිත නිවසක් පිලිබඳ තොරතුරු තැරවූ කරුවෙකුගේ මාර්ගයෙන් පියදාස මහතාට දැන ගැනීමට ලැබුණි.

ආර්ථික ගැටළු මේ කාලේ අහස උසටම තියෙන එකේ, බොහම අඩුවට ලැබෙන්න යන අළුත් නිවස ගැන තමන්ගේ බිරිඳත් එක්ක බොහොම සතුටින් පියදාස මහත්තයා කථා කලා.
"මේ සේකර අයියා අද බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා දුන්නනේ.. අද මිනිහා ඔෆිස් එකට අවා"

"අහ්.... ගෙයක් හම්බුනාද ඉතිං"
"මිනිහා කිවුවනේ මහත්තයලගේ වේලාව හොඳයි..... ඉංගිරිය ටවුන් ඒකට කිට්ටුවම තියෙනවා නියම ගෙයක්... දැන් හිස් වෙලා සතියයි කියලා...."
"ඔයා යනවද බලන්න ඒක.... කී මනි රෙන්ට් ඒක එහෙම කොහමද.....?
''ගෙදර කට්ටිය රටලු ඉන්නේ... වැඩි විස්තරයක් කිවූවේ නැ.... කී මනි ඕනි නැ කියනවලු අයිති කාරයෝ.... එයාලට සල්ලි තියෙනවලු.... ගෙදර පාළුවට යන නිසාලු දෙන්නේ ඇග්රිමන්ට් ඔනිත් නැ කියන්නේ.... "
"ඒ මොකද අනේ ඒ එහෙම කියන්නේ "

"වෙලාවේ හැටියට ඔය මදැයි... අනික මිනිහා බ්‍රෝකර් ගාස්තුවත් එපා කිවුවා අයිති මහත්තයා දෙනවා කියලා... මාසේ අන්තිමට සල්ලි දාන්න කියලා එකවුන්ට් නො. එකක් දෙන්නන් කිවුවා"
''ඉස්සෙල්ලා ගෙදර බලලා ඉන්න ඕනි කියන්න අනේ... අපි හෙට යමුද බලන්න එහෙනම්...."
"හ්ම්ම්ම් ඒක තමයි මාත් කල්පනා කලේ..... "

"ඉක්මන් වෙන තරමට තමයි හොඳයි හෙට අපි යමු ගෙදර බලන්න"
මෙහෙම කථා කර ගත්ත පියදාසත් ඔහුගේ බිරිඳත් පසුදා හවස බ්‍රෝකර් වරයාත් සමග මේ නිවස පරික්ෂා කිරීමට යොදා ගත්තේය....
"අහ්හ්... අපිට වාහනෙකුත් දෙනවද ගෙදරකුත් එක්ක...? පියදාස තමන්ගේ ඉහවහා ගිය සතුටත් එක්ක බ්‍රෝකර් වරයාගෙන් විමසන්නට විය.

"අනේ නැ මහත්තයෝ ඕක ඔය මේ ගෙදර රට ඉන්න මහත්තයාගේ තාත්තගේ.... ඕක දුවන්නේ නැ මහත්තයෝ... කවුරු කියලා පදින්නද... ලොක් කරලා දාල තියෙන්නේ"
"ගෙදර නං හරිම පාළු පාටයි නේද මෙයා....." පියදාසගේ බිරිඳ හඬ අවධි කලාය.
''හ්ම්ම් ටිකක් විත‍ර... ඔවා මග හැරිලා යයි අපි ආවම..... "

මෙහෙම ගෙදර පරික්ෂා කරපු පියදාසයි නෝනයි මේ ගෙදර තමන්ගේ ඊළඟ නැවතුම් පොළ විදියට වෙන් කර ගන්න බොහොම කැමැති වෙනවා...
මොකද ගෙදර පහසුකම් අනිත් ආර්ථික ප්‍රශ්ණත් එක්කත් අකමැති වෙන්න හේතුවකුත් නැති නිසා.
කඩි මුඩියේම පරණ කුලී නිවසින් අඩුම කුඩුම ටික අස් පස් කරගෙන පියදාසත් එයාගේ පවුලත් අළුත් කුලී ගෙදරට පදිංචියට එනවා....
මෙහෙම පදිංචි වෙලා දවසක් දෙකක් සතියක් යනකොට මේ ගෙදර මහා අමුතු සිදු වීම් රාශියක් සිද්ධ වෙන්න ගන්නවා....

පියදාස ඇතුළු පවුලේ සැම දෙනාම මේ අත්භූත සිදුවීම් ගණනාවකටම මුහුණ දෙනවා.
මේ ගෙදර තියෙනවා වහලා දාල තියෙන කාමරයක්. ඕක අරින්න එපා අයිති අයගේ බඩු තියෙනවා කියලයි බ්‍රෝකර් පියදාසට කියලා තිබුණේ. ඒ කාමරේන් තමයි මුලින්ම මේ වැඩ ටික පටන් ගන්නේ...
කාමරේ අස්සෙන් නොයෙක් සද්ද ඇහෙනවා රැට දවල්ට කියලා වෙනසක් නැහැ... කාමරේ දොර අරින්න හදනවා.... ගිහිං බැලුවම කවුරුත් නැහැ... කාමරේ ඇතුලේ ලී බඩුවක් එහා මෙහා කරන හඬ බොහොම පැහැදිලි විදියට ඇහෙනවා....

දැන් දැන් ගෙදර හැමෝටම අමුනුසස්ස භය කියන එක දැනෙන්න අරගෙන තියෙන්නේ... බැරිම තැන පියදාස ඔය කාමරේ යතුරු සිදුරෙන් බලනවා.....

ඇත්තටම කාමරේ එහෙමට බඩු මුට්ටුවක් නැහැ, තියෙන්නේ කාමරෙටම පුටුවක් විතරයි.... මේ මොන කරුමයක්ද කියලා කට්ටිය තුන් දෙනාම එකතු වෙලා අර කාමරේ දොර අඟුළු කඩලා කාමරේ ඇතුළට ගිහිං අර පුටුව එතැනින් අයින් කරනවා... ඒක සාමාන්‍ය පුටුවක් වුනාට හරිම බර විදියට දැනුනලු....
මේ පුටුව ඔතැනින් අයින් කලාට පස්සේ ගෙදර ජර මර ගොඩයි....

දවසක් පියදාස රුපවාහිනිය නරඹමින් සිට බිරිඳගේ අමන්ත්‍රණයට නැගිටිනවත් සමගම කවුරුන් හෝ පිටුපසින් ඔහුව තල්ලු කර දැමුවේය...

ඉන් ඇදවැටුණු ඔහු රෝහල් ගත කර සැත්කමකට පවා භාජනය කරන්නට වන්නේය.
සාලය මැදට වැටෙන වැලි කොහෙන් කොහම එනවද කියා සිතා ගැනීමට නොහැක.
පියදාසගේ සුරතල් බල්ලා කෙනෙකුට බුරමින් පසු පසට ගමන් කරන්නේය, එය සැම විටකම වාගේ සිදු වෙයි, එත් කා වෙත බුරන්නේද කියා නොපෙනෙයි.

දවසක් පියදාසගේ බිරිඳ නාන කාමරයේ සිට පිටතට එන විට කෙනෙකු උරහිසින් අල්ලා තල්ලු කර ඇත. එහෙදි පියදාස ඇද වැටුණු ආකාරයටම ඇයත් බිම ඇදවැටී හිස තුවාල වී ඇත.
පියදාස කෙසේ හෝ අර අස් කර දමා තිබු පුටුව යළිත් කාමරයට ගෙන ගොස් දමා අඟුළු දමා ඇත. එවිට වෙනදාට තිබු කරදර මදක් අඩු වී තිබුණේය.

තමා සමග අනිවාර්යෙන්ම අමුනුශ්‍යකෙක් වාසය කරන බව තේරුම් ගත් පියදාස බ්‍රෝකර් වාරයට කථා කොට සිදුවීම පැවසීමට උත්සහ ගත්තත් ඔහු පියදාසව මඟ හරින්නට විය.

ගුප්ත ශාස්ත්‍රය දන්නා කීප දෙනෙකුම නිවසට කැඳවා ගෙන මේ පිලිබඳ කටයුතු කිරීමට හැදුවත් ඒ හැම කෙනාම අසාර්ථක විය. ඇතැම් කට්ටඩියන් ආ පයින්ම බියවී ඇද වැටී පලා ගොස් ඇත.
පිරිත් ශ්‍රවනයකට ඕනෑ තරම් බාධක එල්ල වී ඇත. බුදු පහන දැල්වීමට කිසිසේත්ම ඉඩක් නැත, එය ක්ෂණිකවම නිවී යයි. මේ අතරේ හරි අපුරු දෙයක් සිදු වන්නට විය. ගෙදරට මෙහායින් ගාල් කර නවතා දමා තිබෙන ඩොල්පින් වර්ගයේ අබලන් වැන් රථය රෑ මැදියමේ හදිස්සියේම පණ ගැන්වෙන්නේය... මහ පුදුමයකි... එය පිටුපසටත් ඉදිරියටත් ධාවනය වන්නට පටන්ගන්නේය.... මේ කරදරකාරී වැන් රථය පාලනය කිරීමට පියදාස වැන් රථයේ රෝද වලට ගල් සිර කරනු ලැබිය.

වැන් රථයට ඉදිරියෙනුත් පසුපසිනුත් කොන්ක්‍රීට් කණු සිටුවා වැන් රථය සිර කර දැමුවේය. එත් සමහර අවස්ථාවල රථය පණ ගැන්වී කොන්ක්‍රීට් කණු කඩාගෙන යාමට උත්සහ ගෙන ඇත... වැන් රථය බොහෝ අබලන්ය එහි යතුරක් පෙනීමට යතුරු කටේ නොමැත....

මේ උවදුරු තව දුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි තැන පියදාස මහතා තමන් ලඟින්ම ආශ්‍රය කරන ස්වාමින් වහන්සේ නමකට මේ විස්තරය පවසන අතර මේ අසා ස්වාමින් වහන්සේද නිවසට වැඩම කොට නිවස නිරීක්ෂණය කොට පවසන්නේ වහාම මේ නිවසින් පියදාස සහ පවුලට ඉන් ඉවත්වෙන ලෙසටය...
කුලී නිවැසියන් විදියට උගත යුතු පාඩමක්ද ඇත. ඒ නම් හොඳින් සොයා බලා නිවසක් තෝරා ගැනීමය.
ඔබට මට මේ සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බලා යමක් සිතීමට ඇත... මේ නිවසේ අයිති කරුවෙක් මිය ගොස් ඇත.... ඒ ඔහු මිය යන මොහාතේ තමාගේ සිත තණ්හාවෙන් යොමු කොට ඇත්තේ දේපොළ යාන වාහන පිලිබඳවය ... ඔහු මියයාමෙන් යළිත් උපතක් ලබා ඇත... ඒ කෙසේද ?.... මහා ද්වේශ සහගත භූත ආත්මයක් ලෙසය...! ඔහුට මින් මිදිය හැකිද ? ඒ කෙසේද? ඔහු එසේ භූත ආත්මයක් ලෙස උපත ලැබුවේ කෙසේද ? වහ වහා පිළිතුරු සොයන්න.


by Kavinda Rathnayake

Source: Link



28 December 2018

--වහලා - The Slave---



වහලා එහෙම නැත්නම් වහලෙකු යන සිත ඇඳී යන වචනය ඔබ දුටු පමණින්ම මේ සිදුවීමට අදාළ කථා පුවත ඔබට කියවන්නට සිතෙන්නට ඇතැයි මා හොඳාකාරවම දන්නේය. සැබැවින්ම මෙය ඉතා හොද කතා රසයක් රැගත් කතා පුවතකි. එවකට මහා බ්‍රිතාන්‍යයයෙ යටත් විජිත රාජ්‍යයන් ලෙස පැවති බොහො රට වලට සුදු ජාතිකයන්ගෙ බැල මෙහෙවර කම් කර ගැනිමට අප්‍රිකානු ග්‍රොත්‍රිකයන් ඒ ඒ රටවලට රැගෙන ගියේය. සුද්දන් ඔවුන් අපේ රටටද රැගෙන ආවේය.

දැනට වසර 150ට පමණ පෙර ඒ කියන්නේ අපේ රටේ කන්ද උඩරට රාජධානියේ අවසන් සමය, 1868 දී පමණ ඌව වෙල්ලස්සේ බදුල්ල කියන අග නගරයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඔබ වර්තමානයේ බදුලු නගරයට ඇවිත් තිබෙන කෙනෙකු නම් අද බදුල්ල මහරෝහල , බදුල්ල වෙලේකඩේ බලකොටුව යන ස්ථාන ඔබට හොඳින් මතක ඇති. ඒ සියලුම ස්ථාන එදා සුද්දා හදපු ඒවා, ඔවුන් තමන්ගේ බල ප්‍රදේශ පාලනය කරන්න යොදා ගත්ත ගොඩනැගිලි. ඒ වගේම මේ සිදුවීම සිද්ධ වෙන්නෙත් දැනට කයිලගොඩ නම් හඳුන්වන නගරයට බොහෝ කිට්ටු ග්‍රාමය තුලයි. දැනට මේවා බොහොම ජනා කීර්ණ පළාතක් වුනත් ඒ කාලේ නම් එහෙම නෙවෙයි ඉතිං.

මේ කථා පුවත ඇත්තටම සැගවුණු කථාවක්, මේ කථාව කල එලි බහින්නේත් ටිකක් අමුතුම ආකාරයකට තමයි.... මගේ ආති ජාත මිත්‍රයා නිශාන්ත සහෝදරයාගේ නිවාස පිහිටියෙත් මේ කයිලගොඩ ප්‍රදේශයේම තමයි. නොපෙනෙන බලවේග ගැන හොඳ දැනුමුතු කමක් ඔහුටත් ඇත. කාලයක පටන් අමුනුෂ්‍ය බලපෑම් එක්කම ඔට්ටු වෙලා මගේ මිත්‍රයටත් දැන් හොඳට පදන් වෙලයි ඉන්නේ. කෙසේ හෝ ඔහුට පැමිණි ගෘහ භූත දෝෂයක් පිරික්සීමට යාමේදී කට්ටඩි ගුරුන්නාන්සේ කෙනෙකුට අහම්බෙන් දකින්නට ලැබුණු ප්‍රේත ආත්මයක් පිටුපස ගොස් තමයි මේ කථා පුවත හෙළි කර ගත්තේ.

1868 සුද්දාගේ කාලේ ඉතිං දන්නවනේ අර මං මුලින් කිවුවා වගේ තමන්ගේ වහල් කම් කර ගන්ඩ සුද්දා වහල්ලු ගේනවා කියලා. ඔන්න ඔය අප්‍රිකාවෙන් ගෙනාපු වහල්ලු ගාල් කරපු ප්‍රධාන වහල් ගාලක් තිබිලා තියෙනවා දැනට කයිලගොඩ කියන නගරයේ, ගුරුන්නාන්සේ කියපු විදියටනන් එක තිබිලා තියෙන්නේ දැනට කයිලගොඩ පන්සලට අල්ලපු වත්තේ.

උදේ කාලයේදී ඉංග්‍රීසි සොල්දාදුවන්ගේ අඩන්තේට්ටන් වලින් හොඳටම බැට කන පිරිසක් තමයි මේ කාපිරි වහල්ලු කියන්නේ... දිග දම්වැලකින් උදේ පාන්දරින්ම ගැට ගහන වහල්ලු අශ්වයෝ පිටේ යන සුද්දෝ ඇදගෙන ගිහිං තියෙනවා බල කොටු වල වැඩටත් වෙනත් වැඩ කරගන්නත්. සුද්දෝ මේ වහල්ලුන්ට සළකන්නේ බල්ලොන්ට වගේ තමයි. සුද්දාගේ කෑම වෙල හදලා ඉවර උනාට පස්සේ ඉතිරි වෙන අහාර කොටස් තමයි මේ වහල්ලුන්ට කන්න දීලා තියෙන්නේ. අමුඩ කෙටියක් ගහ ගන්න දීලා තියෙන්නේ පොඩි ගෝනි පඩංගු කෑල්ලක්. අපා දුකක් විඳින කොටසක් විදියට තමයි මේ කාපිරි කොට්ටාශය ගමේ අය දැකලා තියෙන්නේ.

මේ වහල්ලු කියන්නෙත් මිනිස්සුමනේ උන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. වහලෙකුගේ එකම හීනය කියන්නේ නිදහස තමයි. මේ වහල් කඳවුර ඇතුලේ හිටියා මහා දරුණු දඩබ්බර කාපිරියෙක් හැමදාම ඉංග්‍රීසි සොල්දාදුවන්ගෙන් කටෙන් ලේ විසිවෙන්න ගුටී කලා හිනා වෙන ඒක මේ කාපිරියගේ පුරුද්දක්. උදේට පෝලින් ගහගෙන දම්වැල් දාලා මුන්ව පාරදිගේ එක්කාගෙන යනකොටත් මෙන්න මේ කාපිරියා මිනිස්සුන්ගේ ඇඟට හපා කන්ඩත් පනිනවා. මෙහෙම මේ කාපිරියගේ ම්ලේජ ක්‍රියාවන් නිසා මේකාව මරලා දාන්ඩ ඕනි කියලා ඔන්න සුදු ඒජන්ත තීරණය කරනවා.

එක දවසින් මරන්නේ නැනේ, ඒ දවස් වලත් සුද්දගේ නිතිය අකුරට වැඩ, මරණයට නියම උනාට පස්සේ දවසක් දෙකක් මේ කාපිරියව කඳවුරේම වෙනම සිර කුටියක රඳවනවා. කුටියේ ඉන්න නිසා මේකාගේ දම්වැල් ඔක්කොම ලිහලා දාලයි තියෙන්නේ මරන්නනේ ඉන්නේ, සුද්දගේ නිතියේ තියෙන්නේ එහෙමයි.
මෙහෙම කුටියක දාල ඉන්න කාපිරියට තෙරුම් යනවා තව දවසකින් තමන්ව සුද්දෝ මරලා දාන බව. කාපිරියා කරන්නේ කෑම දෙන වේලාවක් බලලා ලඟට එන ඉංග්‍රීසි සොල්දාදුවා මරලා යතුරෙන් දොර අරගෙන කුටියෙන් පැනලා යන ඒක.

මරු විකාරෙන් මේ කාපිරියා පැනලා ගිහිං කැලැ වැදිලා හැඟෙනවා. සුදු ජාතික සොල්දාදුවන්ට මේකව හොයා ගන්න බැරි වෙනවා.
මෙහෙම ටික දවසක් යනකොට ක්‍රමයෙන් ගමේ මිනිස්සුන්ගේ හරකා බාන, කුකුල්ලු කෑම වර්ග තවත් එකී නොකී දේවල් නැති වෙන්න ගන්නවා. වැඩි කල් යන්න කලින් ගම් වැසියෝ දැන ගන්නවා කැලැ වැදිලා ඉන්න කාපිරියා තමයි මේ දේවල් කරන්නේ කියලා.

තත්වේ එන්න එන්න ටිකෙන් ටික දරුණු අතකට හැරෙනවා. ඒ කියන්නේ දැන් මේ කපිරියා ගමේ ඉන්න ගැණු උදවියටයි පොඩි ළමයින්ටයි කරදර අතවර කරන්න පටන් ගන්නවා. සුදු ජාතිකයන්ට පැමිණිලි කරලා කැලේ පීරලා හෙවුවත් මේකාව හොයා ගන්න බෑ.

ඉවසාගෙන ඉන්න බැරි තැනම ගමේ ඉන්න යුග පුරුෂයෝ ඔක්කොම ටික එකතු වෙලා තීරණයක් ගන්නවා ඕං. මොකද්ද ගන්න තීරණේ මේකාට මොකක් හරි ඇමක් පාවිච්චි කරලා මරලා හංගන ඒක.
දැන් ඉතිං කට්ටියම එකතු වෙලා කථා කරගත්ත විදියටම ගැණු කෙනෙක් තනි පංගලමේ තියලා මේකා එතනට එනකං හැංගිලා ඉඳලා මේකාව අල්ලා ගන්නවා.

අල්ලාගෙන විතරක් නෙවෙයි ඉතිං මරලා සුදු ජාතිකයන්ට හොරෙන්ම මිනියත් වළලලා දානවා.
ගමේ කට්ටියම ඉතිං සැනසුම් සුසුම් හෙළුවා සුද්දාටත් හොරෙන්, කරදරේ ඉවරයිනේ කියලා.... ටික දවසක් ඔහොම ගමට කරදරයක් නැතුව ගෙවිලා යනවා.
කවදාවත් ගමේ වෙලා නැති අමුතු අත්භූත සිදුවීම් වෙන්න ගන්නවා ආයෙත්, පුංචි ළමයි ලෙඩ වෙනවා ගැණු බයවෙනවා.

අර මරලා දාපු වහලා යක්ෂයෙක් වෙලා යළි ඉපදෙනවා. මෙහෙම ඉපදෙන යක්ෂයා දැන් ගමේ ගැණු අයගෙන් පොඩි ළමයින්ගෙන් පළිගන්නයි සැරසෙන්නේ. ගමේ කීප දෙනෙකුම අකාලයේ මේ හේතුව නිසා මිය යනවා.
මේ සිද්ධිය ගමේ මිනිස්සු පන්සලෙන් සරණක් හොයන්නේ ඊට පස්සේ , මේ අවනඩුව පන්සලේ හාමුදුරුවන්ටත් ගිහිං කියනවා. පන්සලේ හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ගැන මහා දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි. ඉතිං හාමුදුරුවෝ මලේ රටෙන් ඇවිල්ලා හිටපු මලයාලන් ගුරුකන් දන්න මලයාලන් කාරයෙකුට වැඩේ පවරලා පණිවිඩේ යවනවා කාරණාව කියලා.

මේ ආරාධනාව පිළිඅරගෙන බදුල්ලේ ගම්මානෙට එන මේ දක්ෂ මලේ රටේ කට්ටඩියා තමන්ගේ රාජ කාරිය අකුරටම ඉටූ කරනවා, ඒ කියන්නේ මෙච්චර දවසක් ගමට වින කරපු මේ යක්ෂයාව අල්ලා මුට්ටියක් ඇතුළේ හිර කරලා පන්සල් වත්තේ කොනක වල දානවා.
ඉතිං ගමේ මිනිස්සුන්ගෙන් බොහොම පැසසුම් තෑගි බෝගත් එක්ක මේ මලේ රටේ අමුත්තා පිට වෙනවා..... එදා ඉඳලා ගමේ මිනිස්සුන්ට ඒ යක්ෂයා දකින්න ලැබෙන්නේ නැ.

කාලය දශක ගණන් ගත වි වර්තමානය තෙක් ඇදී එනවා .ගැටළුවක් නොමැත. නමුත් ජනාකීර්ණ වීමත් සමග පන්සල් වත්ත කොට වුණා. අතීතය වැලලුනා. පන්සල් වතු ටිකෙන් ටික ආක්‍රමණය වෙන්නත් පන්සල් වතු පෞද්ගලික වෙලා ඔප්පු තිරප්පු හැදෙන්නත් ගත්තා.

ඔය ඉඩම් වලත් ගෙවල් හැදෙන්න ගත්තා. ඒ කියන්නේ ඉතින් දන්නවනේ අර වල දාපු මුට්ටිය තිබුණු ඉඩමත් අන්තිමට විකිණිලා විකිණිලා මගේ ආතිජති මිත්‍රයා නිවහනක් හදන තැනටම පත්වුණා.
ගෙයක් නිකං හදන්නේ නෑනේ මේ කාලේ... අත්තිවාරම් කපනවා ඉඩම සකසනවා ඕවා මේවා වැඩ ගොඩක් කරනවනේ ඉතිං, එහෙම කරද්දී අර එදා වල දාපු මුට්ටියත් පොඩ්ඩක් අහුවෙලා සිදුරු වෙලා ඕකෙන් අර කලින් හිටපු යක්ෂයා නිදහස් වෙනවා.

මිත්‍ර වරුණේ කථාව මෙතනින් පස්සේ ඔබ සිතනා තරම් භීෂණයෙන් ත්‍රාසයෙන් ඇලලී යන්නේ නම් නැත,
මොකද නිදහස් වෙන යක්ෂයා මුට්ටියෙන් නිදහස් වෙලා හිටියත් ඉන්නේ බන්ධනයකට අහුවෙලා. එත් එක්කම යක්ෂයා සිටින්නේ හඬා වැලපිමෙනි. මුට්ටිය ඇතුලේ අවුරුදු ගානක් හිර වෙලා හිටපු යක්ෂයාට අවට වට පිටාවෙ වෙලා තිබුණු වෙනස් කම් ගැන හිටියේ බොහොම බය වෙලා. ඒ කියන්නේ මේකා එක පාරමනේ අවුරුදු ගානකින් මු හිටපු වට පිටාව දකින්නේ.
මගේ මිත්‍රයාගේ ගෙදරට ඇවිල්ලා හිටපු ගුරුන්නාන්සේ මේ යක්ෂයාව දකිනවා. ඊට පස්සේ පුංචි පිදෙනියක් හදලා ඕකට මේ යක්ෂයාව ගෙන්නලා තමයි මේ විස්තර ඔක්කොම අහගන්නේ.
දැන් මු කියන්නේ, මේකාව මේ බන්ධනයෙන් නිදහස් කරලා යවන්ඩ කියලත් ආපහු කාටවත් කරදරයක් නොකරනවා කියලත්, එහෙම කරොත් ආයෙත් හිර වෙන්ඩ වෙන බව තෙරුම් අරගෙන ඉන්නවා කියන එකත්ය.
ඉතිං අවුරුදු ගානක් හිරවෙලා හිටපු යක්ෂයාට පිං අනුමෝදම් කරවලා එකාව නිදහස් කලා.
ගුරුන්නාන්සේ කියපු විදියටනන් එකා මගේ මිත්‍රයටත් ගුරුන්නාන්සේටත් තුන් පාරක් වැඳලා තමයි චුත වෙලා තියෙන්නේ. මගේ මිත්‍රයානන් දැකලා නැ, එත් ගුරුන්නාන්සේගේ දැහැනට පෙනිලා තියෙනවා.
මේකාගේ ස්වභාවය ගැන පොඩ්ඩක් කියනවනං කළු දිගැටි සිරුරක් තියෙන පොඩි රෙදි කඩකින් විලි වහ ගත්ත, සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් විශාල ඇස්, නහයක්,කටක් බොහෝ දිග අප පය තියෙන, එක කකුලකට විතරක් දාපු දම් වැල් කෑල්ලකුත් එල්ලා ගත්ත එකෙක්.
ගුරුන්නාන්සේ අන්තිමට යක්ෂයාගේ ඉල්ලීමට බත් මුට්ටියක් උයලා දීලා තියෙනවා. යක්ෂයා නිදහස් වෙලා යනකොට සළකුණක් විදියට දෙයක් කරලා යන්න කියලා ගුරුන්නාන්සේ ඉල්ලලා තියෙනවා.
යක්ෂයා කියලා තියෙන්නේ එයා වෙනුවෙන් උයපු බත් මුට්ටිය, උගේ නික්ම යාමත් එක්කම පිළුණු වෙනවායි කියාය. මගේ මිත්‍රයා පැවසු පරිදි එය එසේම වී තිබුණේය.

යක්ෂයාගේ කර්මයේ ස්වභාවය කෙසේ වේ දැයි අප සොයා ගියේ නැත..... ඔහු නිරයේ හෝ තිරිසන් උපතක් හිමි කර ගනු ඇත. එය නොඅනුමානය...!

ඔබ සැමට තෙරුවන් සරණයි !

by Kavinda Rathnayake 

Source: Link

26 December 2018

---අණ වින කොඩි විණ - 02---

 
ඔයාලා දන්නවනේ මේ ඔක්කොම ලියන සිදුවීම් ගොඩක් සම්බන්ධ වෙන්නේ මා මිත්ර කපු මහත්තයා සුරේන්ද්ර අයියා අත ගහපු කේස් එක්ක.... මේ සිදු වීම නං මං හොය හොය හිටපු ප්රශ්ණ ගොඩකට උත්තර හම්බවුන කේස් එකක්.... විශ්වාසය අවිශ්වාසය කෙසේ උනත් සමහර දේවල් ගැන බැහැර නොකර හිතන්නට ඉතිරි කරපු සිද්ධියක්.... මේ සිද්ධිය වාගේම තවත් සිද්ධියක් මගේ නැනා කෙනෙකුටත් වුණා, එකත් පස්සේ කියන්නම්කො, මේ සිදු වීම එක්ක කර්මය කියන එකට අදාළව තර්ක කරන්නත් සාකච්චා කරන්නත් බොහෝ දේවල් ඇති කියල හිතනවා.... ඒ වගේම මේක කියවන ඔයාලා මේකේ තියෙන කථා රසය විතරක් අර ගන්නවානම් මගේ කොටන වැඩෙන් තේරුමක් තියේද කියලත් වෙලාවකට හිතෙනවා මොකද ගොඩක් දෙනෙක් මං කලින් දාපු සිද්දි දෙකම දැක්කේ කථාවක් විදියට විතරයි, වරදක් දකින්නේ නැ මම.... එත් මේ සිදුවීම ඇතුලේ තියෙන හරය මොන වගේද කියන එක ගැන අදහසක් දක්වන්න පුළුවනි නං වඩාත් හොඳයි....

දැනට අවුරුදු 3,4ක් ඇති මේ සිද්ධිය වෙනකොට මම අපේ තාත්තට කරලා තිබුණ කොඩිවිනේ කපු මහත්තයට කියලා අයින් කරලා ඉවර කරලා තිබුණ කාලේ...

(මගේ පළවෙනි අත්දැකීම ඉස්සෙල්ලාම කියවලාම මේක කියවවුවොත් හොඳයි කියලා මට හිතෙනවා මොකද මේකේ සමහර තැන් වල හොඳ අවබෝධයක් එන්නේ එතකොට... මේ තියෙන්නේ ඒ අත්දැකීම... 


http://www.holmankatha.com/2018/12/01.html

පස්සේ මටත් ඕනි වුණේ ඔයාලට වාගේම මේකේ සත්ය අසත්ය ගැන විපරන් කරගෙන මම, මං විසින්ම පරීක්ෂණ නිරීක්ෂණ කරන එකයි, නිගමනය ඔයාලට ඉතිරි කරනවා.... ඇත්තටම කියනවා නං කපු මහත්තයාගේ ළඟටම ලංවෙලා මට සැක ඇරලා දැන ගන්න ගොඩක් දේවල් තිබුන නිසා මං එයත් එක්ක එකතු වෙලා එයාගේ ආව තේව වැඩ වලට ගොඩක් උදවු කලා, මගේම නිරීක්ෂණ වලටත් ඒක ලොකු පහසුවක් වුණා... මං කපු මහත්තයත් එක්ක වැඩ වලට ආවේ ඇත්ත නැත්ත බලන්න කියලා කිසි විටකත් මං කපු මහත්තයට දැනෙන්න හැරියේ නැ.... එකට මං වග බලා ගත්තා අදටත් එහෙමයි...

මේ සිදුවීමත් මං ලියන්නේ කිසිම කෙනෙකුගේ මතයක් වෙනස් කරන්න නෙවෙයි...

දුම්මල වරමකුත් අතට අරගෙනම පටන් ගමු නේද........

මේ සිද්ධිය වුණේ බදුල්ලේ හාලි ඇල පැත්තේ, කියන්න ඕනි මේක තමයි මං අපේ කපු මහත්තයාත් එක්ක ගිය අන්තිම ගොඩ ගැනිල්ල... ඊට ඉස්සෙල්ලා මේ වාගේ ගොඩ දාන සීන්ස් දොළහකට විතර මං ගියා, එයා නං තාමත් කරගෙන යනවා හැබැයි මගේ ගමන හේතු ගොඩක් නිසා එහෙමම නැවතුනා.... මේ කථාව මට ගොඩක් දිගට විස්තර ඇතුව ලියන්න හිතෙන්නෙම නැ ඇයිද මන්දා.... කමක් නැ ලියන්නම්...

නිලන්ති........! නිලන්ති අක්කා දැනට ඇටම්පිටිය ඉස්කෝලේ ටිචින්ග් කරන්නේ එයාගේ මහත්තයා නං නැ... ඒ එයාව අතහැරලා දාල ගිහිල්ලා නිලන්ති අක්කට ළමයි නං නැ.... නිලන්ති අක්කා කිවුවාට එයාට කොහමත් අවු.45ක් වත් ඇති, දැනට ජිවත් වෙන්නේ එයාගේ අම්මා එක්ක අම්මටත් ලොකු තේරුමක් නැ... අසනීපයි ඉතින්... 


කොහම හරි දැනටත් ලොකු වගතුවක් නැ මෙයාගේ ජිවිතේ. නිලන්ති අක්කා බඳින්න කලින් එයාගේ අතීතයට යන්නම වෙනවා. නිලන්ති අක්කා රුපයෙන් අගතැම්පත් කෙනෙක් කියලා කියන්නත් බැ ඒ කාලේදී උනත්..... පොඩ්ඩක් හැබැයි ඒ කාලේදී මහතට ඉඳලා තියෙනවා... බාහිර උපධියටම මෙයාගේ තරුණ කාලේ දියවෙලා යනකොට කසාදයක් කරලා දෙන්න මහන්සි උනේ නිලන්ති අක්කගේ අම්මා...... ඔය අතරේම නිලන්ති අක්කගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ගුරු පත්වීම කියන ඒක එයාගේ පෙර පිනකට ලැබෙනවා....! පෙර පිනද පවද කියලා දැන් තමයි හිතන්න ඕනි.... නිලන්ති අක්කගේ අම්මා එයාට ප්රොපොසල් බල බලා නේ හිටියේ.... ඔය අතරේ කැරකි කැරකි තිබුන ප්රොපොසල් එකක් නිලන්ති අක්කට සෙට් වෙනවා ඒකට නිලන්ති අක්කාගේ ගුරු පත්වීම 50% විතරම බලපෑවා කියන්න පුළුවනි.

රස්සාවයි පරස්තාවයි එකවර හරියනවා කියන්නේ ඉතිං කොහම සතුටු වෙන්න ඕනි කාරණාද.... පවුලේ එකම ළමයා තමයි නිලන්ති අක්කා උපතින්ම තරමක දේපල ඉඩ කඩං වලට උරුමකන් කිවුවා.... ඒ කියන්නේ නිලන්ති අක්කලාට යමක් කමක් තියෙනවා... අර මං ඉස්සෙල්ලා කිවුවේ ප්රොපොසල් එක හරි යන්න එයාගේ ජොබ් එක 50% බලපෑවා කියලා... ඉතුරු 50% හරි ගියේ ඔන්න ඔය දේපළ උරුමෙට.... නිලන්ති අක්කාගේ අම්මාට ලොකු සමාජ දැනුමක් තිබුනේ නැ. අම්මට ඕන වුනේ දුවව තවත් වයසට යන එකේ කොහම හරි හොඳ කෙනෙකුට බන්දලා දෙන්නයි, දැන් ඔතනින් තමයි ජයසිංහ මෙතනට එන්ටර් වෙන්නේ ජයසිංහ කියන්නේ නිලන්ති අක්කාව කසාද බඳින්න කැමති වුන කෙනාට..... කොහම කොහම හරි ඔය මගුල කෙරුණා.... දෙන්නම ලොකුවට අදුනා ගත්තේ නැති වුනාට නිලන්ති අක්කා පවුල් ජිවිතේ බැලන්ස් එකේ ගෙනියන්න ෆුල් ට්රයි එකක් දීලා තියෙනවා.... ඒක කැපකිරීම් වලින් තේරෙනවා....

මෙහෙම කසාද ජිවිතේ අවුරුද්දක් දෙකක් ගතවෙලා ගියා..... ජයසිංහ රට ඉඳලා ආපු විදියට තමයි ඉඳලා තියෙන්නේ, දැන් දැන් මිනිහගේ හැසිරීම වෙනස් වීගෙන එනවා ගැටුම් ගොඩයි... වෙනත් අනියම් සීන්ස් තියෙනවා කියලා නිලන්ති අක්කාට අතේ මාට්ටු වෙනවා.... ඕවා මේවා ඔක්කම ඇදිලා ගෙදර හැමදාම මරා ගන්නවා දෙන්නා... මරා ගන්නේ ගොඩක් වෙලාවට ජයසිංහ නොයෙක් ඉල්ලීම් කරනවා නිලන්ති අක්කාගෙන්, ඔය ඉල්ලීම් අතරින් ප්රධානම ඉල්ලීම වෙලා තියෙන්නේ නිලන්ති අක්කාට උරුමයෙන්ම ලැබෙන ඉඩ කඩං වලට සම අයිතියක් එන විදියට ඔප්පු ටික හදාගන්න ඒක, ඕකට නිලන්ති අක්කා කැමති වෙලාම නැ.... ජයසිංහ ඕකට කැමැත්ත ගන්න වශී ගුරුකන් එහෙමත් කරලා, එත් එච්චර සාර්ථක වෙලා නැ.

හැමදාමත් දරුණුවටම දෙන්නගේ ගැටුම් වැඩි වෙනවා මෙහෙම දවසක් දෙන්නා හොඳටම රණ්ඩු වෙලා ජයසිංහ තමන්ගේ ඉනේ ගහගෙන හිටපු පිහියකින් නිලන්ති අක්කාගේ කොන්ඩේ කපලා එකත් අරගෙන ඒ වෙලාවේම තමන්ගේ රෙදි ටිකත් අරගෙන ඔය ගෙදරින් යන්නම ගියා...
එහෙම යනකොට ජයසිංහ කියලා තිබුනා
"බලා ගනිල්ලා තොපිලට වෙන දේ.... මං ආයේ එන්නේ තොපිලා දෙන්නා පාරට වැටුනම මෙහෙන්..."

ඔන්න ඔහම කියලා මිනිහා ගෙදරින් ගිහිං තියෙනවා... මේ වෙනකන් ආරංචියක් නෑලු....
ජයසිංහ ගෙදරින් ගියාට පස්සේ ගෙදර සාමකාමී, හැබැයි එච්චරටම තදින් ඉල්ලීම් කර කර හිටපු මිනිහා එක පාරටම ඇයි ගියේ කියන ප්රශ්නේ නිලන්ති අක්කාගේ හිතට හොඳටම වද දුන්නා... ඔය ප්රශ්නෙට උත්තර නැ අම්මටයි දුවටයි දෙන්නටම.....

මේක පොඩි අතුරු කථාවක් මේ ගැන කියන්නම ඕනි නැත්තන් මේ සිද්ධියේ පොඩි හිඩැසක් හිටිනවා,
ජයසිංහ ගෙදරින් ගියාට පස්සේ නිලන්ති අක්කගේ ගෙදරට හේතු අහේතු කියාගෙන දුක සැප බලන්නයි කියාගෙන නිතරම රිංගන්න බලපු ජයසිංහගේ අතිජාත මිත්රයෙක් හිටියා මේ එකී නොකී හැම කෙන්ගෙඩියකම දන්න, ඒ තමයි නාලක, නාලක කියන්නේ ජයසිංහත් එක්කම එකටම බිස්නස් වැඩ කරපු කෙනා... නිලන්ති අක්කා හැබැයි හැම වෙලාවේම මිනිහා කියන කරන දේවල් ගැන විපරමෙන් තමයි හිටියේ....
නිලන්ති අක්කලා ගැන මාර කරුණාවක් තිබිලා තියෙන්නේ නාලකට... දැන් නාලකගේ වැඩෙත් අර අතුරුදහන් වෙලා ගිය ජයසිංහට බනින එක තමයි... කොහම කොහම හරි නිලන්ති අක්කලාගේ ආරක්ෂාවටත් තනි නොතියටත් කියලා ටිකක් හොඳ වර්ගයේ බලු පැටියෙක් ගෙනත් දීලා තියෙනවා මේ නාලක කියන මනුස්සයා.... ඊට පස්සේ එයාගෙම වියදමෙන් බාස් කෙනෙකුත් ගෙන්නන් ඇවිල්ලා බලු පැටියාට හොඳ කුඩුවක් හදන්න ඕනි කියලා එකත් හදලා දීලා තියෙනවා හැබැයි මේ වැඩේට නං නිලන්ති අක්කලා ගොඩක් කැමති වෙලා තියෙනවා...

කාලය හෙමිට ගත වෙනවා.... නිලන්ති අක්කලාගේ ගෙදර වත්ත මායිම සලකුණු වෙන්න වත්ත පිටිපස්සේ අඹ ගස් දෙකකුත් ඉස්සරහ පැත්තෙන් කොස් ගහකුත් කිතුල් ගහකුත් තියෙනවා ඒ කියන්නේ වත්ත හතර මායිම දැන ගන්න හරිම ලේසි... හරි පුදුම වැඩක් ඉස්සෙල්ලම කොස් ගහේ ගෙඩි හැදෙන එක ක්රමයෙන් නැවතිලා... කොස් ගහ ක්රමයෙන් මැරෙන්න අර ගන්න තියෙනවා... එත් එක්කම රැට කොස්ගහේ ලගින්න එන වවුලන් වැඩි වෙලා තියෙනවා.... කොස් ගහට සාපේක්ෂව අනික් ගස් තුනත් ක්රමයෙන් මැරෙන්න අරගෙන තියෙනවා.... අන්තිමට දැන් තියෙන්නේ හොඳටම කොළ හැලුණු ගස් හතරක් හරිම මුසල පෙනුමට හරියට හොල්මන් ෆිල්ම් එකක ගෙයක් වාගේ ... හ්ම්ම්ම්.... දැන් ගස් මැරිලා නිසා පස්සේ මෙයාල ඒ ගස් කපලා අයින් කරලා තියෙනවා... ඊට අමතරව ගෙදර හිටපු බල්ලා කන්නේ නැතුව හොඳටම කෙට්ටු වෙලා මැරිලා ගිහිං තියෙනවා, බල්ලාට නුවරින් පවා බෙහෙත් ගෙන්නලා දීලා තියෙනවා.

එකී නොකී අත්භූත සිද්ධි ගොඩක් එක්ක නිලන්ති අක්කගේ අම්මා හොඳටම ලෙඩ වෙනවා, කෑම අරුච්චිය කියන ඒක උපරිමයටම තිබිලා තියෙනවා... සිංහල බෙහෙත් ඉංග්රීසි බෙහෙත් ගත්තත් තාවකාලික සුවයක් විතරයි තිබිලා තියෙන්නේ.... වැඩේ කියන්නේ නිලන්ති අක්කටත් ඔය ලෙඩ ලිස්ට් එකම සෙට් වෙන්න වැඩි දවසක් ගිහිං තිබුනේ නැ.... කොච්චර බෙහෙත් ගත්තත් නිලන්ති අක්කා කියන විදියට වෙල් තුනෙන් එකක් අනිවාර්යෙන්ම අනිත් පැත්තට වමනේ කරලා තියෙනවා... ගැස්ටයිටිස් කියලත් සියළු බෙහෙත්, වෙදකන් කරලා තියෙනවා... කොහමත් ඔය අසනීප උඩ මෙයාලා මානසිකවත් ශාරීරිකවත් හොඳටම වැටිලා තියෙනවා... හැබැයි ඉතිං අර ජයසිංහ කපාගෙන ගිය කොන්ඩේ නං ආයෙත් දිගට වැවිලා.

ඉතිං මේ ඉවරයක් නැති දුක් ගැහැට ඉවසා ගන්න බැරුව කාලය ගත වෙනවා... ඔය අතරේ නිලන්ති අක්කගේ ස්ටාෆ් එකේ යාළුවෙකුගේ මාර්ගයෙන් ඇටම්පිටියේ දේවාලෙකට නිලන්ති අක්කා යනවා ලොකු විශ්වාසයක් නම් තිබිලා නැ. එත් එතනින් කියලා තියෙනවා විනයක් කරලා තියෙනවා කියලා... පස්සේ දේවාලේ කට්ටිය ඇවිත් ශාන්ති කර්මයක් කරලා තියෙනවා නිලන්ති අක්කලාගේ ගෙදර... පුහුලක් එහෙම කපලා තියෙනවා.... ආරක්ෂාවට කියලා ගෙදර බෝතල් වගේකුත් එල්ලලා තියෙනවා.... මේ හැමදේම කරලත් ටික දවසක් ගත වුනත් ලෙඩ දුක්වලත් අනිත් කරදර වලත් අඩුවක් වෙලා නැ..... ඒක නිසා නිලන්ති අක්කා ආපහු ඇටම්පිටියේ දේවාලෙට ගිහිං ඒ අයට මේ විස්තරේ කියනවා.... දේවාලේ කපුවා කියන්නේ එයා කරපු ආරක්ෂාව කිල්ලට අහුවෙලා, ආපහු කොඩි විනයක් කරලලු... ඇත්තටම මේක විශ්වාස කරන්න පුළුවන් ද? එත් අසරණ වෙලා ඉන්න කෙනෙකුට අවිශ්වාසයක් කියන එක මේ වෙලාවේ හිතෙන්නේ නැනේ... දේවාලේ කපුවා කියන්නේ ආපහු කොඩි විනේ කපන්න ඕනි කියලයි.... "කමක් නැ මේ පාර හරියටම කරනවා....."
ඔහොම හිතාගෙන නිලන්ති අක්කා කරන්ඩ ඕනි දේවල් ඔක්කම අහගෙන යන වියදම් ටිකත් අහගෙනම ඔතනින් එනවා..... මේ වැඩේට නිලන්ති අක්කා දැනට 65,000/- කට වැඩි මුදලක් වියදන් කරලා තිබුනා... දැන් ආයෙත් ගාන කැපෙන්නයි යන්නේ, ඒ කියන්නේ දෙවෙනි පාර නිසා කපුවා ඩිස්කවුන්ට් එකක් දීලා ඒ කියන්නේ 10ක් අඩු කරලා 55,000/-ක් ඉල්ලලා....

මේ වෙලාවේ හැටියට ඉතිරි වෙලා තිබුනේ නිලන්ති අක්කගේ අම්මාගේ හංගාගෙන හිටපු කර මාලයක් විතරයි... ඕකත් අම්මාගෙන් කොහම හරි අරගෙන නිලන්ති අක්කා බදුල්ල ටවුන් එකට එන්නේ එයා රත්තරං බඩු ගන්න ඒන කඩේට අම්මාගේ මාලේ බැංකුවට තියලා කියක් ගන්න පුළුවනිද කියලා ඉස්සෙල්ලා බලාගන්න..... කඩේ මුදලාලි නිලන්ති අක්කාගෙන් මේ හදිස්සිය ගැනත් එයාගේ බාහිර රූපෙට මොකද වෙලා තියෙන කියන එකත් බොහොම විස්තර ඇතුව අහගන්නවා.....ඔය රත්තරං බඩු කඩෙන්ම තමයි අපේ සුරේන්ද්ර අයියා (කපු මහත්තයා) එයාගේ වැඩ වලට සූර හදාගන්නේ...!
ඉතිං නිලන්ති අක්කාට අපේ සුරේන්ද්ර කපු අයියා ගැන කියලා එයා කරන්ඩ ගිය වැඩේ නවත්තලා කඩේ මුදලාලි නිලන්ති අක්කව සුරේන්ද්ර කපු අයියට සම්බන්ධ කරලා දෙනවා.... ඔතනින් තමයි මටත් මේ සීන් එකට එන්ටර් වෙන්න ලැබුණේ.... නිලන්ති අක්කලා වගේ කිදෙනෙකුගේ සල්ලි මේ විදියට නැති නාස්ති වෙන්න ඇද්ද මේ වගේ ශිල්පෙ දන්නවා වගේ කරන රඟපෑම් වලින් කියලා මට හිතුනා....

මේ වැඩේ සුරේන්ද්ර අයියාට භාර දෙන්න නිලන්ති අක්කා තීරණය කරලා තියෙනවා.... ඒ නිලන්ති අක්කා එයාගේ වත්තෙන් පස් සාම්පලයක් අරගෙන ගිහිං සුරේන්ද්ර අයියාට කියලා ආරුඩයෙන් බලලා, එතැනදී කියවෙලා තියෙනවා නිලන්ති අක්කලාගේ වත්තේ කාලෙක ඉඳලා යම්කිසි දෙයක් වළලලා තියෙනවා කියලා... මට ඔය විස්තර ටික සුරේන්ද්ර අයියා කිවුවා.... සුපුරුදු විදියට මං මගේ නිරීක්ෂණ චාරිකාවට සෙට් වුණා..... දැන් ඇවිල්ලා තියෙන්නේ වළලලා තියෙන දේවල් ගොඩ දාන දවස.... පුරුදු විදියටම සුරේන්ද්ර අයියා බදුල්ලෙන් රාත්රී 8 විතර නිලන්ති අක්කලාගේ ගෙදරට අපි සෙට් එකත් එක්කම පිටත් වුණා....
සුරේන්ද්ර අයියාගේ මේ ගොඩ දාන වැඩේ කරන්නේ එකම පිළිවෙලකට තමයි.... ඔයාලට මතකයි නං හරි කියවලා තියෙනවා නං හරි මගේ තාත්තගේ වැඩේ කරපු විදිය, අන්න ඒ විදියටම තමයි මේ වැඩ ටිකත් වෙන්නේ!
ඒ සිද්ධිය කියවලා නැත්තන් අර මං උඩම දාල තියෙන ලින්ක් එකට ගිහිල්ලා එක කියවලා එන්න එතකොට තමයි මේක කරන විදිය හොඳටම මීටර් වෙන්නේ.

හැමදාමත් වගේ එදත් ගම්බාර දෙවියන්ට භාර හාර වෙලා අපි රෑ මැදියම වෙනකොට වැඩේ පටන් ගත්තා සුරේන්ද්ර අයියා ආරුඩය බවට පරිවර්තනේ වුණා....
ඇත්තටම මට මෙතැනදී වැඩේ කරන විදිය එහෙමත් නැත්නම් මේ ගොඩදාන වැඩේ විස්තර ඇතුව ලියන එකට වඩා වැදගත් දෙයක් තියෙනවා මේ සිදු වීම ඇතුලේ ඔයාලට හිතන්න දෙන්න, ඒක නිසයි මං මේ වැඩේ කෙරෙන විදිය ලියන්න අකමැති....

අපි කලින් දන්නවනේ සුරේන්ද්ර කපු මහත්තයා මේ වැඩේ කරන විදිය... ආරුඩය තමන්ගේ රාජකාරිය පටන් ගත්තා නිලන්ති අක්කලාගේ වත්ත හතර වටේටම ගිහිං අර මැරුණු කොස් ගහ එත් එක්කම අඹ ගස් වල මුලට වෙන්න පස් යටට හාරාගෙන ගිහිං යම් දේවල් කිකක් ආරුඩය විසින් උඩට ඇදලා ගත්තා... ආරුඩය විසින් ගිහිල්ලා පෙන්නන තැන් ඔක්කොම අලවංගුව උදැල්ල අරගෙන හාරන්න මාත් උදවු කලා... නිලන්ති අක්කලාගේ බල්ලා හිටපු කුඩුව යටට සිමෙන්ති කොන්ක්රීට් දාල ඒක උඩ යකඩ බාර් දාල පොඩි වහලයක් ගහලා හදලා තිබුණු කුඩුවක්.... අර හතර මායිමෙන් ගත්ත දේවල් වලට පස්සේ අපිට පට්ට කට්ටක් සෙට් වෙන්ඩ වැඩි වෙලාවක් ගියේනැ කෙලින්ම ආරුඩේ ගියේ අර බලු කුඩුව ඉස්සරහට එහෙම ගිහිල්ලා ඕක ගලවන්ඩ කියලා අපිට සංඥාවක් දුන්නා හැමෝගෙම උදවුවෙන් ඕක අයින් කලත් අපි නොහිතපු දෙයක් ආරුඩයෙන් ලකුණු කරලා දුන්නා කඩලා හාරන්න කියලා, ඒ කියන්නේ බලු කුඩුවේ කොන්ක්රීට් පොළවේ තැනක් හම්මෝ....! ඒක කඩන්න පැයකට කිට්ටු කාලයක් ගියා, සැහෙන ඝනකමට ඒ කොන්ක්රීට් ඒක දාල තිබුණා.... ඔහොම කඩලා පිහිටි පොළව පැදෙනකොටම ආරුඩය අපිව නවත්තලා එයා අපි හාරපු වලට අත් දෙක දාල සැහෙන ආයාසයකින් තරමක් ලොකු පාර්සලයක් වගේ දෙයක් ඇදලා ගත්තා... මේ දේවල් සේරම එකතු කරලා වතුර බේසමකට දාපු ආරුඩය, එකින් ඒක බෙසමින් එළියට අරගෙන කුඩු කරන ගමන් බලන්නට වුණා..... මේවා මට නං අමුතු දේවල් නෙවෙයි නිසා මට ලොකු පුදුමයක් වුනේ නැ... ඒවාගේ තිබුනේ මිනී ඇට, ඇඳපු සුර, තෙල් කුප්පි, මිනී අළු කියලා සැක කරන අළු....
දැන් මගේ අවධානේ තිබ්බේ අර බලු කුඩුව තිබුන තැන මොනාද තිබුනේ කියන එකයි... අන්තිමට බලන්න තිබුනෙත් ඒක...


ආරුඩය අන්තිමට ඒ පාර්සලේ එළියට අරගෙන එකේ තිබුණ ෂොපින් බැග් ලිහලා සුදු රෙදි කෑල්ලකින් ඔතලා තියෙන දෙයක් දිග හරිනවා... දැන් කාගේත් අවධානය, කාගේත් ඇස් ගෙඩි නතර වෙලා තිබුණේ ඔය පාර්සලෙට.... මම මිට කලින් ඔහොම දෙයක් දැකලා තිබුනෙම නැ.... එතන තිබුනේ තරමක් පරණ වුණ ගැහැණු කෙනෙකුගේ නයිටි ගවුමක්... එකෙන් මිනී හිස් කබලක් ඔතලා.. කහපාට නුල් වගයකින් ගැට ගහලා ඒ ගැට අවසානයේ සුර හතර පහකුත් එකට තියෙලම බැඳලා.... තරමක දිග කොණ්ඩයක් ගුලි කරලා හිස් කබලේ ඇතුල් පැත්තට ඔබලා.... මේවා එකින් එක පිළිවලට හැමෝටම පෙන්න ආරුඩයේ අතින්ම ගෙදර සිමෙන්ති පොළව උඩ දිග හැරියා... අසනීපයෙන් හිටිය නිලන්ති අක්කත් අම්මත් එක ලඟට වෙලා මේවා දිහා බලාගෙන හිටියා.... එත් එක්කම මෙතන අර ගුළි ගැහිලා තිබුණු කොන්ඩෙත් එක්ක පැටලිලා තිබුණු පුංචි පබළු වගේ ඇට සහිත කොන්ඩේට දාන අභාරණේත් අර නයිටි ගවුමත් නිලන්ති අක්කා එයාගේ ඒවා කියලා අදුනා ගත්තා....
ඒ දේවල් දිහා බලාගෙන හිටපු නිලන්ති අක්කා "අනේ අම්මේ......" කියාගෙනම අම්මාගේ කකුල් දෙක ළඟ සිහි නැතුව ඇදගෙන වැටුනා.....

නිලන්ති අක්කාගේ අවනඩුව ගැන දන්න හැමෝටම අමුතුවෙන් තෙරුන් ගන්න දෙයක් එතන ඉතුරු වෙලා තිබුනේ නැ.... එදා ජයසිංහ නිලන්ති අක්කාගෙන් කපාගෙන ගිය කොන්ඩේ හැම ප්රශ්නෙකටම උත්තර කියලා දුන්නා.....


මගේ හිතේ තිබුණු ප්රශ්ණ ගොඩකටත් එදා විසදුම් ලැබුණා... නිලන්ති අක්කලාට අද වෙනකොටනන් ලොකුවට අවුලක් වෙලා නැ.. එයාලගේ ලෙඩත් දැන් හොඳ අතට හැරිලා... එත් ජයසිංහ කොහෙද? එයා ගැන මේ වෙනකම් ආරංචියක් නැ... මේ සිදුවීමෙන් පස්සේ මගේ සුපුරුදු ප්රශ්ණ වලට උත්තර දීපු අපේ කපු සුරේන්ද්ර අයියා කිවුවේ... ඔය ගැනු කෙනාගේ මනුස්සයා ඕක කරලා තියෙන්නේ තමන්ගේ කසාද ගැනිගෙයි අනිත් අයගෙයි ඔළුව විකාර කරලා තමන්ට ඒ දේපළ අයිති කර ගන්ඩලු.... එත් සුරේන්ද්ර අයියා කිවුවේ.. "මල්ලි ආයේ එන්නේ නැ ඔය මිනිහා".... එච්චරයි මාත් ආයේ අහන්න ගියේ නැ ඒ ගැන.... මේ සිදුවීමත් එක්කම මන් කලින් කිවුවා වාගේම මේ ගොඩ දාන වැඩ වලට පස්සෙන් යන එක නැවතුනා.... එකට ගොඩක් හේතු තිබුණා... සුරේන්ද්ර අයියාත් ආයේ මගෙන් ඇහුවේ නැ ඇයි මල්ලී දැන් එන්නේ නැත්තේ කියලා .... ඔයාලට හිතෙන දේ කියන්න.... ඔයාලටත් මේ වාගේ අසාමාන්ය කරදර වලට මුණ දෙන අය ඉන්නවනං ඒ අය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.... අද වගේ ගොඩක් රැඩිකල් විදියට හිතන ඇන්දඩ්රොයිඩ් සමාජයක තර්ක කරමින් මේවා සමාජ ගත කරන්නවත්, මගේ මතයේ එල්ලීගෙන මේක හරි කියන්නවත්, තවත් කෙනෙකුගේ මති මතාන්තර වෙනස් කිරීමටත් මට කිසිම වුවමනාවක් නැත... මට අවශ්‍ය වුණේ මං මගේ ඇස් දෙකෙන් දැකපු දේ, අත්දැකීමක් විදියට අපේ හොල්මන් අත්භූත යාළුවොත් එක්ක බෙදා ගන්න විතරයි......!
ඔං එහෙනං මං ගියා.....!


මං නවතිනවා හැමෝටම බුදු සරණයි !


by Kavinda Rathnayake


Source: Link



24 December 2018

---අණ වින කොඩි විණ - 01---

 

නොපෙනන බලවේග ඇස් දෙකෙන් බලාගන්න ට්‍රයි එකක් දුන්නත් ජීවිතේටම තාම එක යකෙක් හොල්මනක්වත් දැක ගන්න චාන්ස් එකක් ලැබුනේ නැ. එක ගැනනම් පොඩි පසුතැවිල්ලක් තියෙනවා...
හැබැයි මට මේ බලවේග ගැන හොයාගෙන යනකොට සමහර උත්තර නැති සිදුවීම් කීපයක් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න.
හදිස්සියේ ම කවුරැ හරි ලෙඩ වෙනවනම් ඇක්සිඩනට් වෙලානම් කෝකටත් පොඩ්ඩක් බලා ගන්න හරි කෙනෙකුට කියලා...!
අපි වැඩි කතා නැතුව කථාවට හැරෙමු...!
ඇත්තටම මන් මේ කියන්න යන්නේ හොල්මන් අවතාර ගැන නං නෙවෙයි මේක ඇත්තටම මටම ලැබුණු ජෙනුයින් එක්ස්පිරියන්ස් එකක්..
පළවෙනිම ඒක, මෙතනින් පස්සේ තමයි අනිත් කථා ටිකත් කන්ටිනිවු වෙන්නේ..
මනංකල්පිත නම් ගම් මේකට ඕනි නැ මොකද මගේම කථාවක් නිසා ...
(අඩු පාඩු ඇති - සොරි හොඳේ )

ගවේෂණයට මඟ පැදීණි

කථා නායකයා වෙන්නේ මගේ තාත්ත...

තාත්ත ඇත්තටම මේ සිදු වීමට මුණ දෙනකොට ශරීර සෞඛ්‍ය හොඳම තත්වයේ තිබුණ කෙනෙක් මොකද එහෙම කිවුවේ සිගරට් ,අරක්කු බුලත් විටක් වත් එයා පාවිචිචි කලේ නැ, අනික පුෂ් බයික් එකේ ටවුමට ගිහිල්ලා ආපහු ගෙදරට එන තත්වයේ හිටියේ... එතකොට එයාට වයස 77 යි.

තාත්ත දවසක් අපිට තියෙන වත්ත පහල වැඩ ටිකක් කරලා අවා ඊට දවස් 3,4 කට පස්සේ තාත්තගේ වම් කකුලේ යටි පතුලත් එක්ක තියෙන සන්ධිය (බොලටැහැ) අවට ටිකෙන් ටික රතු වෙලා ඉදමෙන්න ගත්තා... ඇවිදින්න පොඩ්ඩක් අමාරු නිසා අම්මා එයාව පවුලේ ඩොක්ටර් ලඟට එක්කගෙන ගිහිල්ලා බෙහෙත් වගයකුත් ගෙනල්ලා දුන්නා. ඩොක්ටර් කියලා තිබුනේ පොඩි විසබීජයක් යන්න ඇති කියාය… එත් ඒ බෙහෙත් වලට අඩු උනේ නැති නිසා අපි ඔක්කම අයෙත් තාත්තව එක්කගෙන ඩොක්ටර් ලඟට ගියා මේ වෙනකොට තාත්තට කකුලේ අසාදන තත්වයක් බවට පත්වෙමින් තිබුණ නිසා එයාව දෙපැත්තෙන් අල්ලාගෙන ඇවිද්දන ගානට පත් වෙලයි තිබුණේ... ඩොක්ටර්ටත් කරන්න වැඩි යමක් තිබුණේ නැති නිසා එයාව මහා රෝහලට ඇතුල් කරන්න කියලා ලියලා දුන්නා....

මේ වෙනකොට තාත්තට තනියම කිසිම වැඩක් කරගන්න බැරි තත්තවයකට පත් වෙලයි තිබුනේ රස්සාවේ වැඩයි ව්‍යාපාර වැඩ වගයකුත් පටන්ගෙන තිබුණු නිසා තාත්තට ආවතේව වැඩ කරන්න වෙනම සාත්තු සේවයට කෙනෙක් ගන්නත් වුණා ඒතරටම තාත්තට අමාරු වුණා... දින සති ගෙවිලා ගියා ලේ සාම්පල රිපෝර්ට් ගොන්නක් පරික්ෂා කලා විසබීජ කියලා එත් හරි හැටි නිගමනයකට ආවේ නැති තරම්.
ඒ අතර තුරේ කකුලේ ඉදමුම නැති වෙන්න එන්නත් කීපයක් ලබාදුන් අතර යම්තාක් දුරට එයින් සුවයක් තිබුණි... නමුත් පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර අසාදිත තත්ත්වයට බලපෑ ආසන්නම හේතුව සොයා ගැනීමට නොහැකි විය.

කෙසේහෝ දින 21ක් ගත වීමත් සමග තාත්තගේ කකුල යම් සුව තාවයක් දැක ගැනීමට පුළුවන් වීය. නමුත් තාත්තා අවශ්‍යතා ඉෂ්ට කර ගත්තේ රෝද පුටුවේ ආධාරයෙන් වීම සතුටට කාරණාවක් වුයේ නැත….
තරමක සුවයත්, තාත්තව ගෙදර එක්කගෙන ගෙන ගොස් ඔහුගේ සාත්තු සප්පායම් කල හැකි නිසාත් රෝහලෙන් අවසර ලැබුණු නිසාත් අපි තාත්තව ගෙදර එක්කගෙන අවා….

බෙහෙත් ගොන්නක් එක්ක ක්ලිනික් පොතකුත් එක්ක තාත්තා ගෙදර ලෙඩ ඇඳට වැටුනා. මෙහෙම තවත් දවස් දෙකක් තුනක් යද්දී මම අපේ ගෙදර ඉස්සරහ තියෙන පුංචි මල් පාත්තිය සුද්ද කරලා දන්නා පොඩි අදහසක් මට පහල වුණා.

වල් පැල ටිකක් අයින් කරගෙන යනකොට පුංචි දෙයක් මට හම්බුනා ඒ පුංචිම පුංචි අපැහැදිලි තෙල් කුප්පියක් ඒ වෙලාවේ කිසිම අදහසක් අවේ නැතත් වැඩේ ඉවර වෙලා මන් ඒක අරගෙන ගිහිල්ලා ඒ කාලේ මගේ ආතී ජාත මිත්‍රයෙක් උන ඉරෝෂ් අයියාට පෙන්නුවා අන්න ඔතනින් තමයි හරියටම ස්ටොරිය පටන් ගන්නේ...
ඇත්තටම කියනවනං ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන හීනෙකින් වත් විශ්වාසයක් නොකරපු රැඩිකල් පැත්තට හිතන බෞද්ධ දර්ශණය ගැන විතරක් විශ්වාසය තියාගෙන හිටපු මට ඉරෝෂ් අයියා මොකුත් වැඩිය කියන්නේ නැතුව "මල්ලී මන් දන්න නියම ඩයල් එකක් ඉන්නවා අපි ගිහිං ඕක පෙන්නමු" කියලා ඉරෝෂ් අයියා, ඒ වෙලාවේම අදාළ කෙනාට කෝල් එකක් අරං විස්තරේ කිවුවා

"තාත්තගේ ඇඳුමකුත් අරගෙන වත්තේ පස් ටිකකුත් බුලත් කොළ හතකට වැටෙන විදියට පාර්සල් කරලා හදාගෙන හවස 3.00ට එන්න''

කියලා ඒ පැත්තේ කතා කරපු අර ඩයල් ඒක කියලා තිබුණා.
මට තවමත් අවබෝධයක් හෝ විශ්වාසයක් එන්න කියපු ගමන ගැන ඇති වෙලා තිබුනේ නැත. එත් මොකක් හරි හේතුවකට අර හම්බුන තෙල් කුප්පියයි තාත්තගේ ෂර්ට් එකකුයි අරගෙන කියපු වෙලාවටම ඉරෝෂ් අයියගේම ත්‍රී වීල් එකේ අදාළ පොට් එකට දෙන්නම පිටත් වුණා .

අපී ගියේ අන්දෙනිය ගමේ ඉහළ හෙළ කොටසේ තිබුණු තකරන් වලින් වට කරලා තිබුණු පුංචි දේවාලෙකට, කොන්ඩේ උරහිස දක්වා වැඩුණු එතරම් උස මහත නැති ඉස්සරහ දත් නැති වයස අවු 45 කෙනෙක්, අහ්හ්.... එන්ඩ මල්ලි කියලා බොහාම අහිංසක විදියට උණුසුම් ආකාරයට අපිව පිළි අරගත්තා. ඒ දේවාලේ කපු මහත්තයා එයාගේ නම "සුරේන්ද්‍ර" දැන් ඉතිං මගේ මීටරේ වෙනම සබ්ජෙක්ට් එකකට හැරෙන ගමන් තියෙන්නේ ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් හැබැයි ලොකු විශ්වාසයක් තිබුනේ නැ.

කපු මහත්තයා විස්තර ටික අහ ගත්තා අපිව එක්කගෙන දේවාලේ ඇතුලට ගියා. දැන් අපි දෙන්නා වාඩි වෙලා ඉන්නවා කපු මහත්තයා හදුන්කුරු පත්තු කරලා අපි ලවා පහන් එහෙමත් පත්තු කරවලා එයාගේ කුටියට අපි ගෙනාපු අර තෙල් කුප්පියයි තාත්තගේ ෂර්ට් එකයි අරගෙන ගියා.

සුනියම් දේවතාවන්ට අරාධනා කරමින් ඔහු යම් මන්ත්‍රයක් කියූ අතර අපි දෙන්නා කුටිය ඉදිරි පස ඉඳගෙන හිටියා.... ක්‍රමයෙන් මන්ත්‍රය 2,3 වතාවක් කියන්නට වූ අතර ඒක වරම ඔහු අරුඩ විය... ආරුඪ වූ පසුව කපුමහතා ගේ කටහඬ සාමාන්‍ය එකක් නොවිය, එය හරියටම වල් ඌරකුගේ හඩට සමානය එහෙමත් නැතිනම් ගොරවනවා වැනිය ඒ ස්වරුපයෙන්ම ඔහු යමක් මුමුනාගෙන සිටි අතර විනාඩි 4කට වාගේ පසුව ඔහුට සිහි නැති වී ගියා. ඒ වෙනකොටත් ඔහු සිටියේ කුටියේ වැතිරිලයි. තත්පර කීපයක් ගතවෙනවත් එක්කම ඔහුට ඇති වූ කැස්සකුත් එක්ක පියවි සිහියට ''අම්මා '' කියාගෙන පොඩි අපහසු තත්ත්වයකුත් එක්කම අවදි විය....

කුටියේ වාඩි වෙලා තිර රෙද්ද අයින් කරලා ඔහු අපිත් එක්ක විස්තරයක් කියන්නට විය.
"පුතා මේකයි ඔයාලගේ ගෙදර වත්තේ බොහම නපුරු යමක් වළලා තියෙනවා ඒක තාත්තට පැගිලත් තියෙනවා "

මේ කුප්පිය වගේම තවත් කුප්පිත් තියෙනවා ...."
"මේවා ජීවං කරපු ඒවා, තාත්තගේ කකුලේ ලෙඩේට කෙලින්ම බලපානවා...''
''මේ දේවල් අයින් කලාම තාත්තාගේ සුවපත් වීම බලා ගන්න පුළුවන්"
"මේවා අයින් කරන්න පුළුවන්... වතාවත් ටිකක් තියෙනවා...
"කපු මහත්තයා කියක් විතර යාවිද?'' කියලත් මන් ඇහුවා
"බඩු ටිකට 14,000/-ක් විතර "
"වැඩේ ඉවර කරන්න තව 21,000/-ක් යාවි "
ඇත්තටම මට විශ්වාසයක් ලොකුවට තිබුනේ නැ, කාරණා කීපයක් නිසා වැඩේට කැමැති වුණා,
සල්ලී ලොකු ප්‍රශ්ණයක් වුනෙත් නැ...
තාත්තා සනීප වෙනවනං මොකද, අනිත් ඒක මේක ඇත්තක්ද කුතුහලෙන් හිටපු මට බලාගන්නත් චාන්ස් එකක්.

ඉරෝෂ් අයියගේ සප් එකත් තිබුණනේ...

වැඩේට දින නියම කර ගත්තා , අවශ්‍ය බඩු ටික මං අරගෙන දුන්නා....
වළලා තියෙන දේවල් ගොඩ ගන්න යෙදිලා තිබුණ දවසේ රාත්‍රිය කෙමෙන් උදා වුණා රාත්‍රී 8.00ට පමණ කපු මහත්තයත් එයාගේ නෝනත්, පුතෙකුත් තවත් සහයට කෙනෙකුත් අපේ ගෙදරට අවා. අපේ ගෙදරින් අම්මත් තාත්තත් මාත් ඉරෝෂ් අයියත් තව මගේ නැන්දගේ පුතත් මසිනත් වැඩේට සෙට් වුණා.
කපුමහත්තයගේ අනුදැනුමෙන් සියලු කටයුතු සුදානම් වුණා. ගෙදර ඉස්සරහ ගොක්කල වලින් සරසපු ටිකක් ලොකු ගොට්ටක් හදලා එකේ සුනියම් දෙවියන් වෙනුවෙන් පහන් පත්තු කරලා තිබ්බා.
තාත්තට විශේෂ දෙයක් නොකී අතර ඔහුට සාමාන්‍ය පරිදි සිටීමට අවසර ලැබුණි.

ගෙදර සාලය මැද පිරිසිදු උල්පත් ජලය පුරවපු ලොකු අළුත් බේසමක් තැබිය. ඊට අසළින් කුඩා මේසයක් මත මස් වර්ග 5ක් පුළුස්සා, එළුවෙකු ගෙන් ලබා ගත් ලේ සහිත කෝප්පයක් දෙහි ගෙඩියක්, හැට්ට කටු කැරැල්ලක්, පිත්තල කඩුවක්, සුවඳ දුම්, කපු රෙදි කැබලි කීපයක්, රෙදි පටි කීපයක් (කළු,රතු සහ සුදු) තවද හත් මාළුවක් සහ බතක්ද විය.

ඔන්න දැන් වේලාව 11.15ට විතර ඇති කපු මහත්තයා අපි සේරම එකතු කරලා අර ගොක්කල ගොට්ට ඉස්සරහට එන්න කියලා පන්සිල් සමාදන් කරලා බුදුන් වැඳලා සුනියම් දෙවියන්ට අපිව බාර කරනවා කියලා කන්නලෞ කරා.

වෙලාව දැන් 11.30ට ඇති....
ගෙදර තිබුණු සේරම ලයිට් නිවලා දාල ගෙදර දොර ඇරලා තියන්න කියාල කපුමහත්තය කිවුවා. දැන් ගොක්කල ගොට්ටෙන් එන පහන් ආලෝකය විතරයි මුළු ගෙදරම අඩ අදුරුයි, මෙහෙම කියාගෙන ඔහු අප සියළු දෙනාටම සාලයේ කොනක රැදී සිටින්න කියා අසළ තිබුණු සාලයට යාබධ කාමරයකට ගොස් වැතිර වුණි.

දැන් අප සියළු දෙනා ශබ්ද කිසිවක් නොනගා එකිනෙකාගේ මුණ බලා ගනිමින් යම්කිසි චකිතයකින්.
කුතුහලයෙන් සිටී මට කපුමහතාගේ බිරිද විසින් යම් ඇඩ්වයිස් මාලාවක් ලැබුණි. ඒ නිසා ඊළඟ පියවරට මම ලැහැස්ති වුණා. යම් කිසි තිගැස්විමක් ඇති වීම වැළක්වීම සදහා අදාළ පෙර දැනුම් දීම් ටික මට ඈ විසින් මානව ලබා දුන්නා. කාලය සෙමින් ගතවී මධ්‍යම රාත්‍රි 12.00 ට ආසන්න වෙමින් පැවතිනි, අපි සැවොම ඉතා කුතුහලයෙන් පිරි ගිය මෝහතකි සමහරු මදක් තැතිගැන්වී හිටියේය.

දැන් වෙලාව මධ්‍යම රාත්‍රි 12 පසුවීගෙන එයි..... ගත වුයේ තවත් සුළු මෝහතක් පමණි, එක්වරම කපුමහතා සිටි කාමරය දෙසින් ම මුලින් ඇසු ඒ බියකරු ආරුඩයේ හඩ තවත් ත්‍රිර්ව කරමින් ඇසෙන්නට වීය (හරියටම වල් ඌරකුගේ හඩට සමානය එහෙමත් නැතිනම් ගොරවනවා) පසුව එකී හඩ නංවමින් කපුමහතා එක් අතකින් පිත්තල කඩුවත් රැගෙන උරගයෙකු මෙන් සාලය වෙත ඇදුනේය. ඔහුගේ බිරිඳ විසින් කලින් දැනුවත් කල පරිදි අඩු ආලෝකයක් සහිත විදුලි බල්බයක් මා විසින් සාලයේ සවිකර තිබු අතර එය අදුර දුරලමින් දල්වන ලදී. දැන් ඔහුගේ බිම දිගේ ඇදී එම පැහැදිලිව පෙනෙයි. ඔහුගේ බිරිඳ නිතර ඔහු පිටිපසින් හිටියා . බිම දිගේ ඇදීගෙන ආපු ඔහු උල්පත් වතුර පිර වූ බේසමට ඔළුව ඔබා අයෙත් ඔළුව එළියට ගත්තා. මෙහෙම කීපසැරයක් කරනකොට ඔහුගේ ශරීරයට යම්කිසි ජීවයක් ලැබෙනව වාගේ මං දැක්කා .බේසමේ තියෙන උල්පත් වතුර බෙසමෙන්ම බීගෙන ගියා. ඔහු නගන ගොරවනවා වැනි හඩේ වෙනසක් නොවිය.... මුහුණ සාමාන්‍ය විදියට නෙවෙයි ටිකක් බලන්ඩ බයයි වාගේ . ඇස් දෙක තරමක් රතු වී බෝල වී තිබුණා. අත පයේ ඇඟිලිවල පොඩි වකුටු ගතියකුත් තිබුණා…..

''දැන් ඉන්නේ කපුමහත්තය නෙවෙයි මල්ලි '' එහෙම කිවුවේ කපුමහත්යාගේ නෝනා... මට එක පාරටම මීටර් උනේ මනෝකාය ටෙලි ඩ්‍රමා ඒක. (Astral body translation/ මනොකය මාරු කිරීම) අපී ඒක ගැන පස්සේ බලමුකෝ දැන් කියාගෙන ආපු කතාවේ ඉතුරු ටික.

කපුමහත්යාගේ නෝනා මේසේ තිබුණු පාට තුනේ රෙදි පටි තුන එකින් එක අරගෙන මාගේ අතට දීලා කිවුවා "මල්ලි වැඩේ හොඳින් ඉවර කරලා දෙන්න කියලා හිතාගෙන මේක කපුමහත්යාගේ ඔළුවේ තදින් ගැට ගහන්න'' කියලා. මෙසේ උඩ තියලා තිබුණු හැම දෙයක්ම අරුඩෙන් හිටපු කපුමහත්තය ඉව කර ගත්තා හරියටම බල්ලෙක් කෑමක් ඉව කරනවා වගේම ඊට පස්සේ අර තියලා තිබුණු එළුවාගේ ලේ ටික පපුවේ ගා ගත්තේ අපි හරිම අසාවෙන් Body Spray එකක් කරනවා වගේ. ඊට පස්සේ කපු මහත්තයා නොහොත් ආරුඩය කඩුව හැරමිටියක් කරගෙන හෙමිට හිට ගත්තා. එයාගේ නෝනා වෙන් කර ගත්ත උල්පත් වතුර බාල්දියට දාගෙන ඔළුවට වක් කරන්ඩත් ඉල්ලනකොට බොන්න දෙන්ඩත් පටන් ගත්තා. එත් එක්කම අපිත් එක්ක හිටපු පිරිස පන්දම් එළි පත්තු කරගෙන වත්තට යන්නත් කපු මහත්තයා නොහොත් ආරුඩය හැරෙන ඕනිම පැත්තකට යන්ඩත් ඊට පිටිපස්සෙන් හිට ගත්තා. ආරුඩය නිතරම අර උල්පත් වතුර ඉල්ලගෙන බොනවා.... දැන් ආරුඩය හරිම ක්‍රියාශීලි... ඇත්තටම අපිට එයත් එක්ක හැරෙන්නවත් බැරි තරම්. ආරුඩය කෙලින්ම අපේ පහළ වත්තට ඇතුල් වුණා වත්තේ හතර මායිමෙන් එහාට ගියේ නැ තැනින් තැන නැවතුනා ආයෙත් යනවා, එක තැනක දණ ගහලා නැවතුනා ඒ අපේ ගෙදර කානුවෙන් පිට වෙන තැන තියෙන තෙත බරිත මඩ වල ඉස්සරහ. පොළව හාරන්න අවශ්ය උනොත් ඉරෝෂ් අයියා වාගේ සද්දන්තයෙක් අලවන්ගුවක් උදැල්ලක් කුලුගෙඩ්යක් එක්ක ස්ටෑන්ඩ් බයි කරලයි තිබුණේ.

එත් ආරුඩය ඒවා ගත්තේ නැ, එයාගේ පිත්තල කඩුව අර මඩවලේ යටටම දාල අත් දෙකත් එක්කම දැම්මා දැන් මොකක් හරි අමාරුවෙන් උඩට අදින්න ගත්තා ඒක ආරුඩයට ගොඩක් අමාරු වැඩක් වුණා මුණ හොදටම බියකරු වෙලා. ටික වෙලාවකින් මොකද්දදෝ දෙයක් ඇදලා ගත්තා පැහැදිලිව ඒ වෙලාවේ දැක්කේ නං නැ, කපු මහත්තයා නොහොත් ආරුඩයට එයාගේ නෝනා දීපු රතු රෙදි කෑල්ලකින් ඒක එයා පරිස්සමින් ඔතා ගත්තා කිසිම කෙනෙකුට අල්ලන්න දුන්නෙත් නැ හරියට ඇසිඩ් එකක් ගෙනියනවා වගේ. උල්පත් වතුර ඔළුවට වක් කරලා ඒ වතුර ආරුඩය බීගෙන බීගෙන ගියා. ආරුඩය එක පාරටම මන් දිහා බලලා මොකද්දෝ ගොර ගොර ගලා කිවුවා , මට නං තේරුනේ නැ කපුමහත්තයාගේ නෝනට ලැන්වෙජ් මීටර් නිසා මට කිවුවා මල්ලී ඔය කියන්නේ "මේක එකක් කියලයි" කියලා. එතනින් කෙළින්ම නැගිට ගත්ත ආරුඩය කෙළින්ම ගියේ ආයෙත් ගෙදර ඉස්සරහම තිබුණ අමු කහ පඳුර ඉස්සරහට එතන හිටගෙන අමු කහ පඳුර අතරට එයාගේ කඩුවෙන් බිමට ඇන්නා එතන මොකක් හරි පෙන්නනවා වාගේ වැඩක් කරේ, ඊට පස්සේ එයා පොඩ්ඩක් පස්සට වුණා අපේ අම්මාගේ අවසරේ ඇතුව අර අල බැහැල තිබුණු අමු කහ පඳුර පොඩ්ඩක් උගුල්ලලා අයින් කරා ඒක කරේ අපී සෙට් ඒක. දැන් ආයෙත් ආරුඩය වැඩ පටන් ගත්තා අර ඉස්සෙල්ලා වගේම එයා කඩුවයි අත් දෙකයි දාල අමු කහ පඳුරේ මුල් බැස්ස අමුකහ අල කවලන් වුනු පොලිතින් වලින් ඔතලා තිබුණු පරණ වෙච්ච පාර්සලයක් උඩට අරගෙන කලින් එක වගේම සුදු රෙදි කැල්ලක ඔතා ගත්තා, එතනින් වැඩ ඉවර කරපු ආරුඩය අපහු කෙලින්ම හැරුනේ ගෙදර සාලෙට, එතැනට ආපු ආරුඩය තමාගේ අතේ තිබුණු ඒ රෙදි පොට්ටනි දෙකම අර වතුර බේසමට දැම්මා. පස්සේ බේසමෙන් එකින් එක දේවල් එළියට ගන්ඩ පටන් ගත්තා ජීවිතේ පළවෙනි පාරට මං මෙහෙම දේවල් දැක්කේ...

එතන තිබුණේ ඔක්කම මැරිච්ච මිනිස්සුන්ගේ ඇට කටු කැලි හරියටම කියතකින් කපපු ඇට කොටස්, ආරුඩය පිහියක් අරගෙන ඒ ඇට කැලි ඔක්කම දෙකට තුනට වෙන් වෙන්න පැලුවා ඒ වෙන් කරපු ඇට කැලි අතර පිත්තල පටි වල මොනා හරි දෙයක් ඇඳලා රෝල් කරලා ගහලා තිබුණා. තෙල් කුප්පි දෙක තුනකුත් අළු දාපු බෝතල් දෙකකුත් එතන තිබුණා ඒවත් ආරුඩය අතින්ම කඩලා දැම්මා

ආරුඩය එතන තිබුණු ඇට කෑල්ලක් විශේෂයෙන් පෙන්නන්ඩ ගත්තා පිහියෙන් ඒ කටු කෑල්ලට තට්ටු කරන ගමන් මං දිහා බලලා ගොර ගොර ගලා දෙයක් කිවුවා ඒ කටු කැල්ල තාත්තගේ කකුලේ ලෙඩ දුන්න කොටසට බොහම සමානයි. ඇත්තටම අණ වින ,කොඩි වින, හුනියන් අහලා දැකලා නොතිබුනාට මේ එකේ වර්ෂන් එකක් තමයි කියන එක මට පට් ගලා මීටර් වුණා.

එතැනින් නැගිට්ට ආරුඩේ ගියේ අර කලින් හදපු ගොක්කොල ගොට්ට ඉස්සරහට එතැන ඒකට වැද ගෙනම එයා එකේ පාමුලට සිහි නැතිව වැටුනා... ඊට පස්සේ විනාඩි කීපයකින් කපුමහත්තයගේ පියවි සිහිය අවා සැහෙන මහන්සි පාටක් කපුමහත්තයගේ මුණේ තිබුණා නැගිටින්න හදනවත් එක්කම බීපු වතුර සැහෙන ප්‍රමාණයක් වමනේ දැම්මා මනුස්සයා සැහෙන දුකක් වින්දා හැබැයි. එතැනින් නැගිට්ට ආරුඩේ ගියේ අර කලින් හදපු ගොක්කොල ගොට්ට ඉස්සරහට එතැන ඒකට වැද ගෙනම එයා එකේ පාමුලට සිහි නැතිව වැටුනා... ඊට පස්සේ විනාඩි කීපයකින් කපුමහත්තයගේ පියවි සිහිය අවා සැහෙන මහන්සි පාටක් කපුමහත්තයගේ මුණේ තිබුණා නැගිටින්න හදනවත් එක්කම බීපු වතුර සැහෙන ප්‍රමාණයක් වමනේ දැම්මා මනුස්සයා සැහෙන දුකක් වින්දා හැබැයි.

ආරක්ෂාවක් කියලා සුර කීපයක් අපිට දාල, පුංචි මුට්ටි වල ජීවං කරපු යමකුත් මම අපේ ගෙදර හතර කොනේ වල දැම්මා ඒ කපුමහත්තයගේ අතින් හදල දුන්න ඒවා...

තාත්තගේ කකුල අසාමාන්‍ය විදියට දින දෙකක් ඇතුලත සුව අතට හැරිලා එයාට තනියම ඇවිදින්නත් පුළුවන් වුණා. අපිට දේවාලෙට ඇවිත් දානයක් දෙන්නත් කියලා කපුමහත්තයගේන උපදෙස් ලැබුණා තාත්තා එදා පොඩි හෙල්ප් එකක්වත් නැතිව පඩි බැහැල නැග්ගා අපිට නැවතත් හිතේ සැනසීමක් ඉක්මණින්ම දින දෙකක් තුනක් ඇතුලත ලැබුණා. දැන් මේ සිදුවීම වෙලා අවු 6ක් වෙනවා. මේක කරේ කවුද ? ඇයි කරේ ? කොහමද කරේ ? කවදාද කලේ? කොහමද දැනගන්නේ?

කියන ඔන්න ඔය ප්‍රශ්ණ වලටයි. මේකට සම්බන්ධ අතුරු කථා ටිකයි මාගේ නිගමනයයි විචාරයයි අදහසයි ඔක්කොම කියන්නේ මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයී. කර්මය කියන එක මේකට කෙලින්ම සම්බන්ධයි යාළුවනේ!

-බුදු සරණයි-

by Kavinda Rathnayake

Source: Link

12 December 2018

---මතු බුදුවන පත්තිනි මැණියන්---





චිත්රපටිය බැළුවට මේ කතාව නම් ටිකක් වෙනස්  පත්තිනි මැණියන්ගෙ උපත.

ඉස්සර පඬි නම් රටෙි පඬි නම් රජ කෙනෙක් රජ කළා
ඉතින් මේ රජුට තිබිල තියනව අක්කර ගනනක් විශාල ලොකු අඹ වනයක් ..

ඒ කාලෙ අඹ අවාරේ තිබුණේ .

ඒත් මේ වනයේ එක ගසක හදිසියෙම කලගෙඩියක් වගේ විශාල අඹ ගෙඩියක් හට ගත්තා
ඉතින් මෙම අරුම පුදුම අඹ ගෙඩිය ගැන උයන භාරව සිටි උයන් පල්ලා රජ තුමාට මේ අඹ ගෙඩිය පිළිබදව දැන්වුවා ..

රජතුමා බොහො සෙයින් සතුටු වි මෙම අඹය නෙලා ගෙන එන්න තමන්ගේ හේවායින් එක්ක වනයට ගියා .
ඇත්තටම ඒ අඹය හරිම ලොකුයි ඉතින් රජතුමා තමන්ගේ හේවායින්ට මේ අඹය දුන්නෙන් විද බිමට හෙලන්නට අණ කරන ලදි ..

ඉතින් හේවායින් අඹ ගෙඩිය වෙත ඊතල ප්රහාරය එල්ල කරන ලදි ඒත් රජතුමා ලග මොනතරම් දක්ෂ දුන්නෙන් සෙල්ලම් පෙන්නන අය ඉදියත් මේ අරුම පුදුම අඹ ගෙඩිය ලගින් වත් යන්න එක්කෙනෙකුට වත් ඊ තලයක් විදින්න බැරිව ගියා ..

අඹය නෙලාගන්න බැරිවුන කල රජතුමා රට පුරා අණබෙරයක් යැවුවා මේ අඹය නෙලා දෙන්න රටවැසියකුට ඉදිරිපත් වෙන ලෙසට ..
මේ පුවත දැනගත් සක් දෙවියන් මහල්ලෙක් ලෙසට උයනට පැමිණියා .. ඔහුව දුටු රජුට මෙන්ම හේවායින්ට සිනා පහල වුණා

නමුත් අන් අයගේ උසුළු විසුළු මැද
සක් දෙවියන් එක් හී පහරකින්ම අඹය බිමට හෙළුවේය ..
මෙහිදී නොසිතූ සිදුවිමක් සිද්ධ වුණා

මේ පඬි රජතුමාට ඇස් තුනක් තිබිල තියනව . ඉතින් ඔය අඹය කඩන අයුරු දෙස උඩ බලා සිටි පඬිරජුගේ නලල මත තිබු ඇස මතට අඹ නටුවෙන් ගලා ආ කිරි බිංදුවක් වැටිනි

එම කිරිනිසා ඔහුගේ එම ඇස අන්ධ වු බව පැවසෙනවා ...

තම ඇස අන්ධ කල අඹය කෙරේ කෝපයට පත්ව පඬිරජු අඹය පාරුවක තබා ගඟ දිගේ පහලට පා කර හැරියේ එයින් තමාට මෙන්ම තම රටටද කරදරයක් විපතක් වේවි දෝ යැයි සිතේ ඇතිවු බියකමටයි ..

මෙම අසාමාන්ය අඹගෙඩිය ගඟ දිගේ දැන් පහලට යනව එහෙම පාවි එන අඹ ගෙඩිය ගඟ පහල දිය නාමින් සිටින ලද තාපසවරයෙක් දකිනව .. පසුව එය ගඟෙන් ගොඩට ගෙන තමාගේ අසපුවට ගෙන ගොස් ආරක්ෂිත තැනක තියනව .. ඔන්න ඉතින් ඒ පාර සිද්ධ වු⁣ණේ අරුම පුදුම දෙයක් හරියටම සත් දිනකට පසු මේ විශාල අඹ ගෙඩිය පැලි ඒ තුළින් අතිශයින්ම රූමත් කුමාරිකාවක් උපත ලැබුවා ...

ඇය තමයි එතැන් සිට පත්තිනි නමින් හැඳින්වුයේ ...
ඔය ආකාරයට තමයි පත්තිනි උපත ඉතිහාසයේ දැක්වෙන්නේ ..

රූප කායෙන් අති සුන්දර ලදක් වු පත්තිනි දේවිය තරුණ වියට එළබිමත් සමග තම ගම් ප්රදේශයේයට භාණ්ඩ වෙළදාමට ආ [ පලග ] නම් තරුණයෙක් සමග ආදරයක් ඇතිවි ඔහු සමග පත්තිනි දේවිය විවාහ වෙනවා ...
පත්තිනිය තම සැමියාට ඉතාම පති භක්තියෙන් හා ආදරයෙන් සලකාගෙන ජිවත් වුනත් පලග තුල නම් ඇය කෙරේ එවැනි ආදරය තත්ත්වයක් තිබිල නැහැ .. මොකද පලග පෙරුම්කාරි නම් නලගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වුවා ..

අනියම් සමිබන්ධතාවය පමණක් නොව පලග සුදු කෙලියටද පුරුදු වෙල ඉදල තියෙනව ..

ඒ නිසා දිනෙන් දින ඔවුන් අන්ත අසරණ තත්ත්වයට ඇද වැටුණා ..
දිනක් පත්තිනිය තම සැමියාට තම පාදයේ බැදි සලඹ දුන්නෙ මුදල් අග හික කම් හේතුවෙන් මදුරා පුරයට ගොස් එය විකුණා ගෙන ඒමටයි .

ඉතින් පලග පත්තිනිගේ සලඹ විකුණාගන්නට මදුරාපුර බලා පිටත් වෙල තියනව ..
පස්සේ එහිදි ඔහුට නොසිතූ විරූ කරදරයක් සදහා මුහුණ පාන්න සිද්ධ වෙනව .. ඒ මදුරාපුර දේවියගේ රන් සලඹක් මේ කාලයේදීම සොරුන් විසින් පැහැරගෙන තිබණා ..

ඉතින් සොරා සොයමින් ඇවිද්ද මදුරාපුර රාජ සේවකයන් පලග සමග පත්තිනි සලඹ අත්අඩංගුවට ගත්තේ එකී සලඹ දෙවියන්ගේ සලඹ යැයි වරදවා වටහා ගනිමින් ..
එය කෙසේ වුනත් මදුරාපුර දේවියගේ සලඹ සොරකම් කිරිමේ වරදට පඬිරජු විසින් පලගට පත්තිනි මැණියන් ගේ ස්වාමියාට මරණ දඩුවම නියම කළා ..

මේ ආකාරයට නිවැරැද්දේ වැරදිකරුවකු වු පලග අමු සොහොනකට ගොස් මරාදමා ඔහුගේ මලකද කොසඹ රුකක් යට පසින් යට කලා මේ බවක් නොදත් පත්තිනි තම සැමියා එනතෙක් මග බලන් සිටියා ....
දිනක් පත්තිනි නරක හීනයක් දකිනව ඒ තම සැමියා වන පලග මරණයට පත්ව සිටිනව දුටුවා ..
ඒ වෙලාවෙම පඬි පුරයට ගිය පත්තිනිය ඔහු පිළිබදව සොයා බලන්න වුණා
විස්තර සොයා බැලිමේදි තම සැමියා හට උරුම වු අකල් මරණය ඇගේ කන වැකුනා .
මෙයින් බලවත් ශෝකයට හා දුකට පත් වු පත්තිනිය සැමියාට තිබු පති භක්තිය මුල් කරගෙන සැමියා හට අකල් මරණයක් උරුම කල සියල්ලන්ගෙන්ම පලි ගන්නට සිතා ගත්ත ...

තම සැමියා තමා හට කුමන වෙනස්කම් සිදු කලත් ඈ ඔහු කෙරේ තිබු ස්වාම්භක්තිය
මෙයින් දැනෙනව ....

ඉතින් ඇය තමාගේ වම් පියුර කඩා පඬිපුරයටම සාප කරන්නට පටන් ගත්ත
පත්තිනියගේ මේ ශාපයෙන් පඬිපුරම ගිනි ජාලාවක් වී අධර්මිෂ්ඨ පුද්ගලයන් සියල්ලක්ම මේ ගින්නෙන් ඇවිලෙන්නට වුණා..

පුරාණයේ පොත්වල කියවෙන පරිදි අවසානයේ ඇය තම පතිවේර්තා බලයෙන් පාලගට පණ දී කිරි උතුරුවා පඬිපුරයටම සෙත් පැතුවාලු ..

ඉතිහාසයේ සදහන් වන පරිදි පත්තිනිය ඉතා බලගතු දේවියක වන්නේ ඇය තුල පැවති පති භක්තිය හේතු කොට ගෙනය ...

අදටත් කිරි අම්මා දානයක් දිමේදි පත්තිනි අම්ම හට පුද කරනුයේ ඇය සැබැවින්ම දේවත්වයෙන් පිරිපුන ආදරණිය මාතාවක් නිසා කියලයි ජන ව්යවහාරේ පවතින්නේ ..

විටෙක සත් පත්තිනි තව විටෙක දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නා වු මේ දේවතාවිය තිස් දහසක් නාග මානවිකාවියන් පිරිවරාගෙන නවගමුවේ දේවාලයෙ වැඩ සිටිනා බවට බැතිමතුන්ගේ මතයක් පවතිනවා ...
ඉතිහාසයේ සමහරක් තැන්වල පත්තිනි දේවිය හත් පත්තිනි දොලොස් පත්තිනි ආදි නම් වලින් හදුන්වනවා ..
එයට හේතුව ඇයගේ උපත සත් වරක් හෝ දොලොස් වරක් සිදුවි යැයි මතයක් තිබෙනවා .
හත් පත්තිනි ලෙස හදුන්වන්නෙ

ඇය:

දියෙන්
දලෙන්
ගලෙන්
ගින්නෙන්
අඹෙන්
කුලෙන්
මලෙන් යන ආකාරයෙන් සත් වාරයක් උපන් නිසාලු ...

දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නෙ

පිණි බිංදුවෙන්
දලෙන්
දෙමට මලෙන්
ගලෙන්
සළුවෙන්
නයි
කඳුලෙන්
අඹෙන්
සුළගින්
සළඹෙන්
ගිණි දැල්ලෙන්
සිනා රැල්ලෙන් යන ආකාර වලට උපන් නිසාලු ..

පත්තිනි දෙවියන්ගේ උපත් ගණන නම් හතකට වඩා වැඩි බව අපට පැහැදිලිය ඒ සදහා ඇය ගැන පවසන කවියද සසදා බලන්න ...

ජලෙනි ,දලෙනි,මලෙනි ,සළඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි දඹෙනි නයි කඳුලෙනි වරක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා
ඔරුමාල පත්තිනි
වැඩිමොඩි පත්තිනි
ශිව පත්තිනි
සිද්ධ පත්තිනි
ගිණි පත්තිනි
තෙද පත්තිනි
ජල මේඝ පත්තිනි
මල් පත්තිනි
කනක බිසෝ
ශ්රී මහ පත්තිනි
අම්මා දේවිය
හලඹ කුමාරි
කිරි අම්මා
මා පත්තිනි
වීර පත්තිනි
සිරිමා පත්තිනි
හදුන් කුමාරි ආදි නම් වලින්ද හදුන්වනවා ..

එමනිසා විශේෂයෙන් කුඩා ලමයින්ට කිරි අම්මා වරුන් හා කාන්තාවන් අදටත් නවගමුවේ දේවාලයෙන් පත්තිනියගේ ආශිර්වාදය ලබා ගන්නව ..

දළුමුර කරඬුව අතකින් අරගෙන
පිරිවර දෙවියන් සමගින මනමෙන
සිහිකර නරලොව සතහට සෙතදෙන
සුරපුර වන් පත්තිනි සඳ වඩිමින
පුදා මෙරඟ සරසන මල් මාලා
සදා සුවද කිරි කැවිලිද ආලා
නදා අවට බබළන රැස් මාලා
සදා දිනිඳු ලෙස තෙද බල පාලා
අගේ වඩන පතිවත රැකි සන්දා
රඟේ බලා පඬිරජු කළ නින්දා
අගේට සිටි හිමි සඳ නැසු සින්දා
පඬිපුර පඬියගේ රට ගිනි දුන්දා
පතිනිගෙ තෙදබල ඇස දුටු වන්නේ
රට රට පතලව රැව් පිළි දුන්නේ
නරලොව සත් වාරයක් උපන්නේ
ඒ සත් පත්තිනි දෙවිඳු වඩන්නේ
ජලෙනි දඹෙනි සුරනි දඹෙනි අඹෙනි උපන්නේ
ගලෙනි කුලෙනි සළුවෙනි එක්වරෙක උපන්නේ
එමෙනි මෙවනි සත්වෙනි රන් අඹෙන් උපන්නේ
මෙවැනි පතිනි තෙදිනි මෙලක්දිව බබළන්නා
පුරා සළඹ නද ගොසකර වැඩම කරවා
නුරා ළමැද දෙපියුරන් දඹෙන් වසකවා
ගිරා තුඩසෙ පියයුරු රන් තුඩු ලෙළදෙනවා
සරා සැදු මල් අස්නට වැඩම කරනවා
බලා එර්දි සඳ මඬලේ දෙන්නේ දෑතින්
නිලා වර්ණ මැණික් තෝඩු රන් දඹ විලසත්
බලා මෙසක්වල දිවැසින් බැල්ම එලා ලන්
අඹෙන් උපන් මල් පත්තිනි මෙරඟ බලාඑන්
රනේ සළඹ ගෙනේ විදුලිතිනේ සලසලා
කනේ තෝඩු ගෙනේ වරලතිනේ පලකළා
මෙනේ සුවඳ ගෙනේ විදුලිතිනේ ඉසලලා
අනේ පත්තියනේ මෙරඟ නිතේ බලබලා
ඔබද සීලය ප්රතිපත්තිය සුරකින්න

නිසි පින්කම් කර දෙවියන්ටත් අනුමෝදන් කරන්න

ඔබටත් ආශිර්වාදය ලැබෙනවා .....¡¡

Source: Link