මා දයාබර හිතවතුනේ හිතවතියනි... සසරේ ඇති භයංකර බවම මිසක් වෙනත් කිසිවක් මැරී මැරී ඉපදෙන මේ අපි තුල ගැබ්වී නැති බවටත්, එය වැටහී සත් ධර්ම ශ්‍රවණයට මග හෙළි වේවායි කියා උතුම් ප්‍රාර්ථනාව පෙරදැරි කොට ගෙන, මේ නුතන ප්‍රේත කථා වස්තුව ඔබ වෙත ලියා පිළිගන්වමි..
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ඉදිරිපත් කරන්නෙමි. නම් ගම් පමණක් මන්ස්කල්පිතයි.
අත්භූත වැන් රථයක් සහ අත්භූත නිවසක් ගැනයි මේ කියන්න යන්නේ... කලකට ඉහතදී ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍යක් මගින්ද මේ පිලිබඳ වාර්තා වැඩසටහනක් පළවුණා.. ඔබ ඇතැම් විට එය නරබා ද ඇත.
පියදාස මහතා මධ්‍යම පන්තියේ බොහොම අහිංසක මනුස්සයෙකි, ඔහුගේ බිරිඳද එසේමය, මේ දෙපලගේ ආදරය දිනා සිටිනා එක් පුත් කුමාරයෙක්ද විය.
ඔවුන් කුලී නිවැසියන්ය. කාලයත් සමඟ කුලී කාලය අවසන් වත්ම ඔවුන්ට තවත් නිවසක් සොයා යෑමට නිරන්තරයෙන් සිද්ධ වේයි. සුපුරුදු පරිදිම පියදාස මහතා සිටිනා නිවසේ කුලී කාලය අවසන් වන්නේය. කල් තියාම නව කුලී නිවසක් සොයා යන පියදාස මහතාට බොහොම ප්‍රතිලාභ සහිත නිවසක් පිලිබඳ තොරතුරු තැරවූ කරුවෙකුගේ මාර්ගයෙන් පියදාස මහතාට දැන ගැනීමට ලැබුණි.
ආර්ථික ගැටළු මේ කාලේ අහස උසටම තියෙන එකේ, බොහම අඩුවට ලැබෙන්න යන අළුත් නිවස ගැන තමන්ගේ බිරිඳත් එක්ක බොහොම සතුටින් පියදාස මහත්තයා කථා කලා.
"මේ සේකර අයියා අද බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා දුන්නනේ.. අද මිනිහා ඔෆිස් එකට අවා"
"අහ්.... ගෙයක් හම්බුනාද ඉතිං"
"මිනිහා කිවුවනේ මහත්තයලගේ වේලාව හොඳයි..... ඉංගිරිය ටවුන් ඒකට කිට්ටුවම තියෙනවා නියම ගෙයක්... දැන් හිස් වෙලා සතියයි කියලා...."
"ඔයා යනවද බලන්න ඒක.... කී මනි රෙන්ට් ඒක එහෙම කොහමද.....?
''ගෙදර කට්ටිය රටලු ඉන්නේ... වැඩි විස්තරයක් කිවූවේ නැ.... කී මනි ඕනි නැ කියනවලු අයිති කාරයෝ.... එයාලට සල්ලි තියෙනවලු.... ගෙදර පාළුවට යන නිසාලු දෙන්නේ ඇග්රිමන්ට් ඔනිත් නැ කියන්නේ.... "
"ඒ මොකද අනේ ඒ එහෙම කියන්නේ "
"වෙලාවේ හැටියට ඔය මදැයි... අනික මිනිහා බ්‍රෝකර් ගාස්තුවත් එපා කිවුවා අයිති මහත්තයා දෙනවා කියලා... මාසේ අන්තිමට සල්ලි දාන්න කියලා එකවුන්ට් නො. එකක් දෙන්නන් කිවුවා"
''ඉස්සෙල්ලා ගෙදර බලලා ඉන්න ඕනි කියන්න අනේ... අපි හෙට යමුද බලන්න එහෙනම්...."
"හ්ම්ම්ම් ඒක තමයි මාත් කල්පනා කලේ..... "
"ඉක්මන් වෙන තරමට තමයි හොඳයි හෙට අපි යමු ගෙදර බලන්න"
මෙහෙම කථා කර ගත්ත පියදාසත් ඔහුගේ බිරිඳත් පසුදා හවස බ්‍රෝකර් වරයාත් සමග මේ නිවස පරික්ෂා කිරීමට යොදා ගත්තේය....
"අහ්හ්... අපිට වාහනෙකුත් දෙනවද ගෙදරකුත් එක්ක...? පියදාස තමන්ගේ ඉහවහා ගිය සතුටත් එක්ක බ්‍රෝකර් වරයාගෙන් විමසන්නට විය.
"අනේ නැ මහත්තයෝ ඕක ඔය මේ ගෙදර රට ඉන්න මහත්තයාගේ තාත්තගේ.... ඕක දුවන්නේ නැ මහත්තයෝ... කවුරු කියලා පදින්නද... ලොක් කරලා දාල තියෙන්නේ"
"ගෙදර නං හරිම පාළු පාටයි නේද මෙයා....." පියදාසගේ බිරිඳ හඬ අවධි කලාය.
''හ්ම්ම් ටිකක් විතර... ඔවා මග හැරිලා යයි අපි ආවම..... "
මෙහෙම ගෙදර පරික්ෂා කරපු පියදාසයි නෝනයි මේ ගෙදර තමන්ගේ ඊළඟ නැවතුම් පොළ විදියට වෙන් කර ගන්න බොහොම කැමැති වෙනවා...
මොකද ගෙදර පහසුකම් අනිත් ආර්ථික ප්‍රශ්ණත් එක්කත් අකමැති වෙන්න හේතුවකුත් නැති නිසා.
කඩි මුඩියේම පරණ කුලී නිවසින් අඩුම කුඩුම ටික අස් පස් කරගෙන පියදාසත් එයාගේ පවුලත් අළුත් කුලී ගෙදරට පදිංචියට එනවා....
මෙහෙම පදිංචි වෙලා දවසක් දෙකක් සතියක් යනකොට මේ ගෙදර මහා අමුතු සිදු වීම් රාශියක් සිද්ධ වෙන්න ගන්නවා....
පියදාස ඇතුළු පවුලේ සැම දෙනාම මේ අත්භූත සිදුවීම් ගණනාවකටම මුහුණ දෙනවා.
මේ ගෙදර තියෙනවා වහලා දාල තියෙන කාමරයක්. ඕක අරින්න එපා අයිති අයගේ බඩු තියෙනවා කියලයි බ්‍රෝකර් පියදාසට කියලා තිබුණේ. ඒ කාමරේන් තමයි මුලින්ම මේ වැඩ ටික පටන් ගන්නේ...
කාමරේ අස්සෙන් නොයෙක් සද්ද ඇහෙනවා රැට දවල්ට කියලා වෙනසක් නැහැ... කාමරේ දොර අරින්න හදනවා.... ගිහිං බැලුවම කවුරුත් නැහැ... කාමරේ ඇතුලේ ලී බඩුවක් එහා මෙහා කරන හඬ බොහොම පැහැදිලි විදියට ඇහෙනවා....
දැන් දැන් ගෙදර හැමෝටම අමුනුසස්ස භය කියන එක දැනෙන්න අරගෙන තියෙන්නේ... බැරිම තැන පියදාස ඔය කාමරේ යතුරු සිදුරෙන් බලනවා.....
ඇත්තටම කාමරේ එහෙමට බඩු මුට්ටුවක් නැහැ, තියෙන්නේ කාමරෙටම පුටුවක් විතරයි.... මේ මොන කරුමයක්ද කියලා කට්ටිය තුන් දෙනාම එකතු වෙලා අර කාමරේ දොර අඟුළු කඩලා කාමරේ ඇතුළට ගිහිං අර පුටුව එතැනින් අයින් කරනවා... ඒක සාමාන්‍ය පුටුවක් වුනාට හරිම බර විදියට දැනුනලු....
මේ පුටුව ඔතැනින් අයින් කලාට පස්සේ ගෙදර ජර මර ගොඩයි....
දවසක් පියදාස රුපවාහිනිය නරඹමින් සිට බිරිඳගේ අමන්ත්‍රණයට නැගිටිනවත් සමගම කවුරුන් හෝ පිටුපසින් ඔහුව තල්ලු කර දැමුවේය...
ඉන් ඇදවැටුණු ඔහු රෝහල් ගත කර සැත්කමකට පවා භාජනය කරන්නට වන්නේය.
සාලය මැදට වැටෙන වැලි කොහෙන් කොහම එනවද කියා සිතා ගැනීමට නොහැක.
පියදාසගේ සුරතල් බල්ලා කෙනෙකුට බුරමින් පසු පසට ගමන් කරන්නේය, එය සැම විටකම වාගේ සිදු වෙයි, එත් කා වෙත බුරන්නේද කියා නොපෙනෙයි.
දවසක් පියදාසගේ බිරිඳ නාන කාමරයේ සිට පිටතට එන විට කෙනෙකු උරහිසින් අල්ලා තල්ලු කර ඇත. එහෙදි පියදාස ඇද වැටුණු ආකාරයටම ඇයත් බිම ඇදවැටී හිස තුවාල වී ඇත.
පියදාස කෙසේ හෝ අර අස් කර දමා තිබු පුටුව යළිත් කාමරයට ගෙන ගොස් දමා අඟුළු දමා ඇත. එවිට වෙනදාට තිබු කරදර මදක් අඩු වී තිබුණේය.
තමා සමග අනිවාර්යෙන්ම අමුනුශ්‍යකෙක් වාසය කරන බව තේරුම් ගත් පියදාස බ්‍රෝකර් වාරයට කථා කොට සිදුවීම පැවසීමට උත්සහ ගත්තත් ඔහු පියදාසව මඟ හරින්නට විය.
ගුප්ත ශාස්ත්‍රය දන්නා කීප දෙනෙකුම නිවසට කැඳවා ගෙන මේ පිලිබඳ කටයුතු කිරීමට හැදුවත් ඒ හැම කෙනාම අසාර්ථක විය. ඇතැම් කට්ටඩියන් ආ පයින්ම බියවී ඇද වැටී පලා ගොස් ඇත.
පිරිත් ශ්‍රවනයකට ඕනෑ තරම් බාධක එල්ල වී ඇත. බුදු පහන දැල්වීමට කිසිසේත්ම ඉඩක් නැත, එය ක්ෂණිකවම නිවී යයි. මේ අතරේ හරි අපුරු දෙයක් සිදු වන්නට විය. ගෙදරට මෙහායින් ගාල් කර නවතා දමා තිබෙන ඩොල්පින් වර්ගයේ අබලන් වැන් රථය රෑ මැදියමේ හදිස්සියේම පණ ගැන්වෙන්නේය... මහ පුදුමයකි... එය පිටුපසටත් ඉදිරියටත් ධාවනය වන්නට පටන්ගන්නේය.... මේ කරදරකාරී වැන් රථය පාලනය කිරීමට පියදාස වැන් රථයේ රෝද වලට ගල් සිර කරනු ලැබිය.
වැන් රථයට ඉදිරියෙනුත් පසුපසිනුත් කොන්ක්‍රීට් කණු සිටුවා වැන් රථය සිර කර දැමුවේය. එත් සමහර අවස්ථාවල රථය පණ ගැන්වී කොන්ක්‍රීට් කණු කඩාගෙන යාමට උත්සහ ගෙන ඇත... වැන් රථය බොහෝ අබලන්ය එහි යතුරක් පෙනීමට යතුරු කටේ නොමැත....
මේ උවදුරු තව දුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි තැන පියදාස මහතා තමන් ලඟින්ම ආශ්‍රය කරන ස්වාමින් වහන්සේ නමකට මේ විස්තරය පවසන අතර මේ අසා ස්වාමින් වහන්සේද නිවසට වැඩම කොට නිවස නිරීක්ෂණය කොට පවසන්නේ වහාම මේ නිවසින් පියදාස සහ පවුලට ඉන් ඉවත්වෙන ලෙසටය...
කුලී නිවැසියන් විදියට උගත යුතු පාඩමක්ද ඇත. ඒ නම් හොඳින් සොයා බලා නිවසක් තෝරා ගැනීමය.
ඔබට මට මේ සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බලා යමක් සිතීමට ඇත... මේ නිවසේ අයිති කරුවෙක් මිය ගොස් ඇත.... ඒ ඔහු මිය යන මොහාතේ තමාගේ සිත තණ්හාවෙන් යොමු කොට ඇත්තේ දේපොළ යාන වාහන පිලිබඳවය ... ඔහු මියයාමෙන් යළිත් උපතක් ලබා ඇත... ඒ කෙසේද ?.... මහා ද්වේශ සහගත භූත ආත්මයක් ලෙසය...! ඔහුට මින් මිදිය හැකිද ? ඒ කෙසේද? ඔහු එසේ භූත ආත්මයක් ලෙස උපත ලැබුවේ කෙසේද ? වහ වහා පිළිතුරු සොයන්න.
Source: Link
No comments:
Post a Comment