මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

08 April 2018

---කළු දුමාරය - සත්‍ය කතාවක්---


මේ කතාවත් සත්‍ය කතාවක් නමුත් මේක මට සිද්ද වෙච්ච කතාවක් නම් නෙවෙයි.නමුත් මේක මගේ බිරිදට සිද්ද වෙච්ච කතාවක්.එහෙනම් වැල් වටාරම් නැතුව කතාවට එමු නේද එහෙනම් අවසරයි.

චූටි අම්මි අද අපේගෙදර එනවකො රෑට නවතින්ට..වසන්ත අයිය අද ගෙදර නැහැ මම විතරයිතනියම.
ඇයි ලොකු අක්ක වසන්ත අයිය කොහෙ ගිහින්ද...

එයාගියා අලුත් වැඩ පොලක් බලන්ට.
පුලුවන්නම් අම්මත් එක්කම එනවද..

අම්මා.....ලොකු අක්ක කියනව මටයි අම්මටයි අද රෑට එහෙ එන්ටලු යමුද...
බැහැ මම බාර ගත්ත වැඩ වගයක් තියෙනව ඔයා යන්ට..
ලොකු අක්ක අම්මට බැහැලු.එහෙනම් මම එන්නම්.
එහෙනම් මම තියෙනව රෑවෙන්ට කලින් එන්ට..බුදුසරනයි..
බුදුසරනයි අක්ක...

ඉතින් එදා හවස පාරමී ලොකු අක්කලගෙ ගෙදර ගියා.ලොකු අක්ක ගැන කියනවනම් මේවෙනකොට.බොහොම දුක්විදල භාර හාර වෙලා කුලුදුල් දරුව හම්බ වෙන්න බලාපොරොතුවෙන් තමා හිටියෙ.උපරිම තව සතියකින් තමා දරු ප්‍රසූතිය තිබුනෙ.ඉතින් එදා රෑ කාල බීල කතා බතා බලල දෙන්න නිදාගෙන තියෙනව.ඔහොම ට්ක වෙලාවක් යනකොට.එක පාරට දොරට ගහන සබ්දයක් ඇහුනලු....

අක්කා...අක්කා..දොර අරින්ට ...
ක..ක..කව්ද.ගොහින් උදේට එන්ට ..වසන්ත අයිය ගෙදර නැහැ ...
අනේ අක්ක දොර අරින්ට.මම උඩහ ගෙදර මල්ලි.අපේ අක්කට හොදොටෝම අමාරුයි .සුදු නූලක් ඉල්ලගන්ටයි කියල ආවෙ අක්ක...
හා..හා..ඉන්ට මල්ලි..

අක්කට මොකෝ මල්ලි ..
අක්කට අමාරුයි අක්ක.ඩින්ගිරි කපුව ආව තෙල් සාත්තුවක් කරන්ට.ඒකයි නූලක් ඉල්ලගන්ට ආවෙ.
අමාරුයි නම් මල්ලි ස්පිරිතාලෙ එක්කයන්ටකො එයාට බබා හම්බවෙන්ට දිනලගයි නේද.
ඔව් අක්ක වීල් එකක් හොයන්ට ගියා..පරක්කු වෙනව අක්ක දොර වහාගන්ට අපියනව.චූටි අම්මි අපියනවා...

ඉතින් දොර වහලා ආයෙ නිදාගන්න ගියාට පාරමීට හරියට නින්ද යන්නෙ නැති නිසා ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදල ඇදේ බිත්‍තිය පැත්තට හැරිල ඉන්නකොට එක පාරට දැක්කලු නිකන් කලුපාට දුමාරයක් වගේ දෙයක් කාමරේට එනව...ඊටපස්සෙ ඒ දුමාරය කාමරේ මුල්ලකට ගියාලු.දැන් පාරමී ගැහි ගැහී ඇදේ ඉදගෙන බලන කොට ඒ කලු දුමාරය බොද්වෙචච රූපයක් වගේ ඇවිදගෙන ඇවිත් ලොකු අක්ක ගාවින් නැවතිලා පැහැදිලි උනාලු..

අම්මෝ ...(මේ ගැන කියන කොට අදත් බිරිඳ ගැහෙනව) උගේ බෙල්ල නැහැලු උඩට මුකුත් ඇදල නැතිසරමක් දාගෙන ලොකු අක්කදිහා බලන් ඉන්නවලු (දැන් මෝඩයො සෙට් එක අහයි බෙල්ල නැත්තන් කොහොමද බලන් හිටියෙ කියල)පාරමී අඩ අඩා බලන් ඉන්නවලු වචන පිට්වෙන්නෙත් නැහැලු බයටම.මූ ටික වෙලාවක් බලන් ඉදල එක පාරටම..ලොකු අක්කගෙ බඩට අත දැම්මලු.පාරමී එකපරට කෑගහගෙනම අරූගෙ අත අල්ලගත්තලු බඩට අත තියන්න කලින්(ගොන්නු වගේ මගෙන් අහන්න එපා හොල්මන් කොහොමද ඇල්ලුවෙ කියල)

ඊට පස්සෙ උගේ අත අල්ලගෙන මර ලතෝනි දුන්නලු .ලොකු අක්කත් නැගිටල මේ මුකුත් දන්නෙ නැතිව නංගි ලතෝනි දෙන නිසා එයත් ඇරල නැහැ ආයෙද හොදට දීල තියෙනව ගම පැලෙන්න.ඔහොම ටික වෙලාවක් යන කොට අරූ අයෙ දුමක්වෙලා ආපු විදියටම ගොහින් තියෙනව.පස්සෙ අර අපු මල්ලිල ට්ක ආයේ දුවගෙන ඇවිත් තියෙනව.කොහෙමෙන් කොහොම හරි අක්කයි නංන්ගියි දොර ඇර ගෙන එලියට පැනලත් තියෙන්ව කලබලේම.

ඇයි අක්ක මොකද මොකද .....
නැහැ මල්ලි මේ චූටි අම්මි කෑගහනව මොකද දන්නෙ නැහැ මමත් බයටම කෑගැහුන...
ඇයි චූටි අම්මි මොකෝ....
අනේ අක්ක මටනම් බැහැ ගෙට යන්ට වීල් එකක් අරන් ගෙදරයමු අනේ මටනම් බැහැ ඕන්න.
ඇයි මොකද බන් මොකද ..මොකද ....
පාරමි සිද්ද වෙච්ච කතාව අඩ අඩා කිව්වලු...
අපු මල්ලිල ටික එක එකාගෙ මූනවල් බලාගත්‍තලු උනුත් හොදටම බයවෙලාලු.
ඇයි මල්ලි ඔයගොල්ල බය වෙලා...
නැහැ ඇක්ක මු.ම්මුකුත් නැහැ .
මුකුත් නැහැ වෙන්ට බැහැ කියන්ට මොකද උනේ කියල....
හ්ම්ම්ම් අක්ක අපි අර නූල අරන් යන කොටත් අමිලලගෙ අක්ක නැතිවෙලා...
මොනව...
ඔව් අක්ක...

කොහොම හරි ඒකට්ටිය කියන්නෙනම් එදා ඒ ආපු එකා උඩහ ගෙදර බිල්ල අරන්යන ගමන් ලොකු අක්කගෙ දරුවත් අරන් යන්න තමා ඇවිත් තියෙන්නෙ.පාරමී හිටිය නිසා බේරුනා දැන් ඒ පැටිය ලස්සන කෙලි පැටියෙක් පැටියෙක් කිව්වට දැන් A/L කරනව.ඒකෙන් මේකෙන්බෙල්ල නැති එකා නිසා මම තමා අමාරුවේ වැටුනෙ.අදත් රෑවෙනකොට තනියම එලියට වත් යන්නෙ නැහැ .......

එහෙනම් මේකතාවත් ඉවරයි තව එකකින් හම්බ වෙමු .හොද නරක අඩු පාඩු කියල දෙන්න වැරදි ඇත්නම් සමාවෙන්න කියනගමන් වෙන එකකින් හම්බ වෙමු බායී...


Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





 

---හදි හුනියම්---



යම් අයෙකු ඔබගේ සිත රිදවුවහොත් , ශාරිරික පිඩාවක් කලහොත් , ඔබේ විශ්වාසය ආදරය නැති කලොත් ඔයා කෝපයට පත් වෙනවා නේද ?  කොල්ලෙක් නං ගහන්න පුලුවන් එකෙක්ට නං ගහයි.. හොද දෙකක් නෙමෙයි දන්න වචන දාලා පදමට බනි. එහෙම බැරිනං හෙන ගහපං කියලා හිතයි.. කෙල්ලෙක් නං , කියලා වැඩක් නෑ බහුතරය වැලහින්න වගේ අඩයි.. වැඩිම වුනොත් ටිකක් කෑගහයි.. ( පොඩි දෙයක් කියන්නම් කොල්ලනේ ගැණු වෛර බැන්දොත් ආයේ ජන්මෙන් ජන්මේ පලි ගන්නවාලු , පරිස්සමෙන් )

එ කෙසේ වෙතත් ලොකු වෛරයක් වුනොත් හුගක් අය එක්කො පාතාලේ එකෙක්ට කන්ට්‍රැක් එකක් දෙයි නැත්නම් ගුප්ත විද්‍යාව තමා... එක්කෝ පොල් ගහයි,මිරිස් අඹරයි, හදි හුනියම් කරයි.
මොනවද මේ හදි හුනියම් කියන්නේ...?

හදි හුනියම් කියන්නේ යම් පුද්ගලයෙකුට වේදනාත්මක මරණයක් පවා දිය හැකි ලොව ඇති පාපී දෙයක්.. එ වගේම පුද්ගලයෙක් ආර්ථික සමාජිය හා සෞඛ්‍ය මට්ටමෙන් බිද හෙලිය හැකි දෙයක්.. හදි හුනියමක් විද්‍යාත්මකව ගත්තොත් හුනියමට ලක්වෙන කෙනාගේ හා ඔහුගේ පරිසරයේ පංච මහා භුතයන්ගේ අසමතුලිත බවක් ඇති කිරිම හො ආගන්තුකව යමක් එක් කිරිම..


ලංකාවේ හුනියම් වර්ග විසි පහයි.. එවා නම්


1. මරළු පැන්නුම
2. දළ රීරි වටය
3. මහසොහොන් ගිනි මරළුව
4. රීරි කුප්පය
5. මේඝ පාතාල ඕඞ්ඩි බන්ධනය
6. බධ දීෂ්ඨි බන්ධනය
7. කළු රීරි මුර්තුව
8. සන්නි කළු කුමාර මුර්තුව
9. දිරියක් මුර්තුව
10 .වටයක් මුර්තුව
11. මදන කුමාර මුර්තුව
12. සන්නි දැපන බන්දනය
13. සොහොන් ගිනි බන්ධනය
14. මදන සොහොන් බන්ධනය
15. කඩවර ඉරි පැන්නුම
16. ගොළු කීල බන්ධනය
17. මදන සංගිලි බන්ධනය
18. වැදි බන්දු ජිවම
19. රත්නිවිති වැලේ පැන්නුම
20. විජ්ජා පාලූ
21. කමුරු බන්ධන
22. රීරි කුමුරුව
23. ඔඞ්ඩි රීරි බන්ධනය
24. කල්ළු කර්ප බන්ධනය
25. ජල රාම බන්ධන යන එවායි...

හුනියමක් කරන්න ලේසියි.. එත් අයින් කරන්න හුගක් අමාරුයි . මොකද හුනියමට ලක් වෙන කෙනා හුගක් වෙලාවට දන්නේ නෑ තමන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන ගත්තත් හුනියමට බැදුණ ආත්ම එය අයින් කරන්න දෙන්නේ නෑ ලේසියෙන්. හුනියම් ගැන කියනකොට මල්සරා රජ කියලා රජෙක්ගේ කතාවක් කියැවෙනවා එකට අනුව මේ රජුට දිගින් සැට රියනක් ද පළලින් හත් වියතක් වු තඹ කොළයක කටු ගැසුම් 64 ක් ද , දුණු විජ්ජා 900ක් ද, 500ක් ගොපළු විජ්ජා ද , විස විජ්ජා 400ක් ද , ආගම් 18 ක් ද ලියා රජුට එවා ඇත... හම්මේ ඉතිං නේහ් .

ඊට අමතරව මල්සරා යන්ත්‍රයේ ඇති ලෙස පෙර කී යන්තරයේ 3800 ක් ක්‍රේම සුනියම් ක්‍රම ද , කටු ගැසිම් 31 ද , පැතලි ගිනියම් 108ක් ද , දුණු ඇට පිළිද 64 ක් ද, යක්ගැටහිර , පිල්ලු , සුනියම් , ගිනියම් සුනියම් වු බව සදහන් වේ.

මෙවැනි සුනියම් වින කර්ම වලට ( මීට වඩා හුගක් තියෙනවා) ප්‍රතිකර්ම ලෙසද බන්ධන කැපුම් 40 ක් ද , ජිවම් පිට පෙරලුම් 9 ක් ද , ආගම් පෙරලුම් 12 ක් ද , පිල්ලි නැවත ආපිට යැවිම් 12 ක් ද , සතර කොන ආරක්ශා කිරිම් 24 ක් ද වේ.

ලොකු දැනුමක් ඔන නෑනේ හුනියම් ගැන ඔය ඇති...
පිල්ලි, නිකං ඇහුවම මොකක්ද මතක් වෙන්නේ ?

Zombie

ඔව් පිල්ලි වලට ඉංග්‍රිසියෙන් zombie තමා කියන්නේ.
පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙනවා.

1. ඊරි පිල්ලිය
2. නාග පිල්ලිය
3. කුමාර පිල්ලිය
4. කෝලි පිල්ලිය
5. කන්‍යා පිල්ලිය
6. කනමැදිරි පිල්ලිය
7. ගරුඩ පිල්ලිය
8. කුරුමිණි පිල්ලිය
9. මළ පිල්ලිය
10 .මහ සොහොන් පිල්ලිය
11. ඔඞ්ඩි පිල්ලිය
12. දෙබර පිල්ලිය
13. බඹර පිල්ලිය
14. වඩිග පිල්ලිය
15. සිංහ පිල්ලිය
16. ගජ පිල්ලිය
17. ගිනි පිල්ලිය
18. නීච කුල පිල්ලිය
19. දෙමල පිල්ලිය
20. කඩවර පිල්ලිය
21. තුන් කුළුදුල් පිල්ලිය

ඔන්න පිල්ලි විසි එක. ( Resident Evil එකට වඩා ජාති ඉන්නවා නේ)..

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක‍්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය . පිල්ලියක් යනු මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හරහා නිර්මාණය කරනු ලබන යම් බලවේගයකි. පිල්ලි උදෙසා බහුල වශයෙන්ම උපයෝගි කර ගනු ලැබුවේ ස්වාභාවික පරිසරය තුළ බහුල ලෙසින් ගැවසේන සතුන්ය. එසේ තෝරාගනු ලබන සතා හෝ සතාගේ ස්වරුපයට මලයක්ෂ ආත්මයක් බන්දනය කරනු ලබයි. එම මලගිය ආත්මයේ කාර්යය වනුයේ ලබා දෙන ඉලක්කය වෙත ගොස් අදාල පුද්ගලයා තුළට මංත‍්‍රමය විෂ ඇතුලූ කිරිමයි. මෙම පිල්ලි වල පවතින විශේෂත්වය වනුයේ ඉලක්කය කරා ගමන් කිරිමට ඇති වන අදෘශමාන භාධා ප‍්‍රමාණය අවම වීමයි.

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ මෙන්ම මලයාලම් භූත ශාස්ත‍්‍රය තුළද මෙම පිල්ලි යැවීම බහුල ලෙස දැකගත හැකි වෙයි .පිල්ලියකට මැදිවන අයෙකුට ඉන් මිදිමට ඇති අවස්ථාව ඉතා අල්පය. එයට හේතු වනුයේ පිල්ලියක් තුළට අසිමිත විනාශ කිරිමේ බලයක් අන්තර්ගත කිරිමයි. සාමාන්‍ය කොඩිවිනයකට වඩා සංකිරණ වු පිල්ලියක් නිර්මාණය කිරිමට යකදුරෙකු ඉදිරිපත් වනුයේ හතුරා විනාශ කිරිමේ එකායන අරමුණින් පමණි.
විශේෂයෙන් පිල්ලි වර්ග සතරකි.

1. කුළුදුල් දරුවාගේ මළ කඳෙන් යවන පිල්ලිය.

2. ජීවම් කිරීමෙන් මළ කඳට ප්‍රාණය දීම,

3. පිල්ලි යකා බැඳි මළකඳ ආරූඪ කිරීම,

4. පුද දී යකාගේ අදහස ඉටුකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයන් ය.
(උපුටා දැක්විමක්)

ක්‍රි. වර්ෂ 1910 ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට මහා විද්‍යාඥයකු වන ආචාර්ය ඔපර් වෝල්ඩ් මහතා පිල්ලි පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්‌ අධ්‍යයනය කළ අයෙකි. එතුමා ඉන්දියානු සඟරාවක පිල්ලි පිළිබඳ විස්‌තරයක්‌ මේ අයුරින් සනිටුහන් තබා ඇත.

ප්‍රථමයෙන් කුළු ඳුල් තරුණියක්‌ යයි දැනගත් මන්ත්‍රක රුවකු විසින් ඇගේ නම ඌරු දතකින් බුලත් කොලයක ලියා පිට පැත්තේ රුව ඇඳ ඒ තරුණිය විසින් හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස්‌ ආදී පංච මල පහේ කොටස්‌ කොළයෙහි ඔතා තරුණියට උඩින් පැනෙන ලෙස වළලා දින තුනකින් පසු ගෙන නයි තුඹසක්‌ තුළ දින තුනක්‌ තබා ආපසු සඟවා තබා ඒ තරුණිය කවදා හෝ විවාහ වී ගැබ්බර වී සිටින විට බුලත් කොලය නැවත ඇයට උඩින් පන්නවා ගනී. ඉන් පසු ඇයට මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. දරුවා බිහි කරන විට ඇගේ කුස තුළට යක්‍ෂ ආරූඪය ඇති වී ඇය මළ දරුවකු බිහි කරයි. එවිට ඇදුරාගේ සිතට සතුට උපදී. මේ සියල්ල දෙස ඇස ගසා සිටි මන්ත්‍රකරු පිරිසිදු වී රහසින් ගිනි කබලක්‌ ගෙන මල් දම් පැළඳ රතු රෙද්දක්‌ පොරවාගෙන කෙස්‌ වැටිය පිට කොන්ද තෙක්‌ කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් යකා බන්දනය කරයි.

ඉන්පසු ඇදුරා වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට තොටුපලකට ගෙන ගොස්‌ නහවා බඩ පලා රිදී කෙන්දක්‌ ඇතුළු කර දිවි හමකින් වසා හිසේ තලප්පාවක්‌ පළඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක්‌ සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස්‌ තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්‌, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක්‌ එලා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම අරඹයි. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. පිල්ලි යකා නටයි. එවිට ඒ යක්‍ෂයාගෙන් තමාට අවශ්‍ය ඕනෑම වැඩක්‌ කර ගත හැකිය.

මෙසේ ප්‍රාණ කරන පිල්ලි වලින් එකක්‌ මෙසේය. පාද නොකැඩෙන අයුරින් ගරුඬකු අල්ලා මැරෙන තුරු භාජනයක්‌ තුළට දමා මියගිය ගරුඬාට තුන් කුළුඳුල් බිල්ල දී පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට සතුරාගේ නිවසට යාබද සොහොනකදී පිල්ලි යකා ආරූඪ කර පත්තෑයා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට පත්තෑයා නොපෙනී යයි. විදුලියක වේගයෙන් සතුරා ළඟට ගොස්‌ ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක්‌ ගසා පත්තෑයා මල් ගොටුවට දා ගනී. එයින් පහර කෑ අයකු කොතරම් වෙදකම් කළත් සුවයක්‌ නොවී මැරී යයි. එය පත්තෑ පිල්ලියයි.

භාරතීය ඉන්දියාවේ එක්‌ එක්‌ ප්‍රාන්තවල එක්‌ එක්‌ ගෝත්‍රිකයන් සිටියද, භාෂාවෙන් වෙන් වුවද, ආගමික වශයෙන් වෙනස්‌ වුවද, ඒ හැම ගෝත්‍රිකයන්ම ඔවුන්ගේ භාෂාවෙන් භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍රවල විශ්වාසයක්‌ අදත් පවතී. එමෙන්ම ඔවුන් අතර ගුප්ත විද්‍යාවට අයත් ප්‍රබල පිල්ලි ඇත. මේවා අති බියකරුයි. ඒ පිල්ලි වලට මෙම නම් භාවිතා කරයි. මහ සොහොන් පිල්ලිය, ගිනි පිල්ලිය, නාග පිල්ලි, බලු පිල්ලි, බළල් පිල්ලි, වවුල් පිල්ලි, දිවි පිල්ලි, මළ පිල්ලි, කුරුමිණි පිල්ලි, වඩිග පිල්ලි ආදී නාමයන්ගෙන් හැඳින්වේ. මේවා ඉතා දරුණු ඒවාය.

අද අප රටේ වෙසෙන ඇදුරන් බොහෝ දෙනෙකු විසින් පිල්ලි යෑවීම සඳහා භාවිතා කරන්නේ කල්ලු, මලයාලි ආදී මන්ත්‍ර විධිය. මේ ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් ලබා ගත් ආභාසයන් අනුවද පිල්ලි යවයි.
පිල්ලි යෑවීම හා පිල්ලි වලින් පල ලබා ගන්නා සැටිත් කබලෑ පටුන නම් මන්ත්‍ර පොතේ මෙසේ සඳහන් වන පිල්ලි වල විස්‌තර අනුව අපට පිල්ලි පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකිය. ඉන් කවි කීපයක්‌ මෙසේය.

එදා මුළු සූනියම්න
පිල්ලි දහ අට නියමින
අංගං විසි සතර කින
පැමිණි පිළිවෙළ කියන් මෙලෙසින
දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු රියන යි
පුලුලින් පත් ඉරු වග්ගුස්‌ කාල යි
පෙලින් ලියූ පෙලවල් කුරු දොළහ යි
තදින් බැඳපු පොත වට බැමි දොළහ යි
පිල්ලිමෙ දහ අට අංගං දෙතිස යි
ජීවන් දහඅට රූකඩ දොළස යි
කටුසර ජීවන් දෙසිය අසූව යි
ඉනා දෙනා තෙල් මන්න්ත්‍රා දොළහ යි
මිනී මරන්නට උපත කියන් නේ
කුරුමිණි ඔළුවේ ගිතෙල් උලන් නේ
ජපකර සොහොනා යවපන් නේ
දුර්ජන සතුරා මැරී වැටෙන් නේ

මෙවන් ගුරුකම් රැසක්‌ මේ පොතේ සඳහන්ව ඇත.

පිල්ලි යෑවීමේදී හෝ මන්ත්‍ර ආදියෙන් දිෂ්ඨ§ කර බන්දන කිරීමේදී මන්ත්‍ර වේදියාට ඇදුරාට යම් විධියකින් වැරැදුනහොත් ඇදුරාගෙන් පමණක්‌ නොව ඔහුගේ අඹු දරුවන්ගෙන් පවා පළි ගනී. සිය පවුලම වනසා මරා දමයි. මෙයයි එහි බිහිසුණුම තත්ත්වය. එම පොතේම එය මෙසේ සඳහන්ව ඇත.

නියම සූනියම් පොතකි බොලන්නේ
මිනී මරන්නට උපත කියන් නේ
දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ
නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.
කළොත් අපායේ වැටෙයි කියන් නේ
ඒ පොත් ඉරු පිට පෙරලා පන් නේ
වානේ කටු ගැසූ තැනට බලන් නේ
කුමාර පිල්ලිය එතන තියෙන් නේ

එහෙත් කොතරම් පිල්ලි එව්වත් තෙරුවන් වඳින දෙවියන් පුදන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කේලම්, නොකියන කට ඇරියොත්, බොරු නොකියන, මස්‌ මාංශයෙන් තොර කිසිදු සත්පුරුෂයකුට පිල්ලියක්‌ යවා විනාශ කිරීමට බැරිය. එවන් අය ළඟට පිල්ලිය ගොස්‌ ආපසු ඇවිත් ඇදුරා පිටින් යයි.

ඕනෑම අංගමක්‌, පිල්ලියක්‌ ව්‍යාපාරික ස්‌ථානයට හෝ නිවසට තමාගේ ශරීර ආරක්‍ෂාවට හා සියලු භූමි ආරක්‍ෂාවට හූණු බිත්තර, මකුළු බිත්තර, අබිං, කංසා, බේඳුරු මුල් මල් දුම්මල තෙළින් අඹරා ගම් බිත්තර කටුවක්‌ තුළට දමා තිරිවානා ගල් තුනක්‌ මත තබා පස්‌ පැඟිරි දරින් රත්කර සිඳුවා සුරයක හෝ කුප්පියක, හෙප්පුවක බහා ළඟ තබා ගන්න. මෙයට බලු කෙළ හා ගැරැඬි සැවද අඹරා මිශ්‍ර කරන්න. සියල්ලම මල් බුලත් පුටුව සකසා එහි තබා රවි දිනක රවි හෝරාවෙන් මේ මන්තරයෙන් 3008 වරක්‌ ජප කරගන්න.

ඕං හ්‍රSං රාම ගිනි ජල නලඹු ආරූඪ ගිනි ගිනි සුරැකැල ප්‍රේත හන්තු ජෝගිනි නල්ලා හේ හේ විෂ්ණු තයිනාර ශිලම්බු කාලී වල්ලි අම්මා දේව මැණියනි ඔඩ්ඩිවාරේ කේ කදිර දේව වේලා මයුම් කන්නි වේලාමනේ ගනපති සරස්‌වතී වා ගිනි කාලි වා වා ශ්‍රියා කානතාවේන් වා වා දුක්‌ඛ නෛයිනාක්‌ කඹල් එන්නප් පේරුම් කඩල් ආදිත්‍ය හනුමන්තා වර කුමාර මූක වේලාමනේ මූදු මුල්ලිජපොරොන්දු හිර මුද්‍ර සුරුංඩු කංඩාල් අංගං පිල්ලි කෛ කට්‌ටු මෙහොගනී ගිනි දැල් පූට්‌ටු.

දිවි ඇතිතෙක්‌ අන වින කොඩිවින අංගං පිල්ලි, යක්‍ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඇඟට ළඟට ළං නොවේ.

(පැරැණි පුස්‌කොල පත් ඉරුවෙන් උපුටා ගත් මන්ත්‍රයකි)

කවදාවත් හුනියම් නම් කරන්න එපා.



යම් කෙනෙක්ට ගුරුකම් කරනවා නම් පක්ශි ග්‍රහා තත්ත්ව අවශ්‍ය වේ.

සටහන හා උපුටා දැක්විම

ෂේන් ස්මිත් ගමගේ

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..