නොපෙනන බලවේග ඇස් දෙකෙන් බලාගන්න ට්‍රයි එකක් දුන්නත් ජීවිතේටම තාම එක යකෙක් හොල්මනක්වත් දැක ගන්න චාන්ස් එකක් ලැබුනේ නැ. එක ගැනනම් පොඩි පසුතැවිල්ලක් තියෙනවා...
හැබැයි මට මේ බලවේග ගැන හොයාගෙන යනකොට සමහර උත්තර නැති සිදුවීම් කීපයක් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න.
හදිස්සියේ ම කවුරැ හරි ලෙඩ වෙනවනම් ඇක්සිඩනට් වෙලානම් කෝකටත් පොඩ්ඩක් බලා ගන්න හරි කෙනෙකුට කියලා...!
අපි වැඩි කතා නැතුව කථාවට හැරෙමු...!
ඇත්තටම මන් මේ කියන්න යන්නේ හොල්මන් අවතාර ගැන නං නෙවෙයි මේක ඇත්තටම මටම ලැබුණු ජෙනුයින් එක්ස්පිරියන්ස් එකක්..
පළවෙනිම ඒක, මෙතනින් පස්සේ තමයි අනිත් කථා ටිකත් කන්ටිනිවු වෙන්නේ..
මනංකල්පිත නම් ගම් මේකට ඕනි නැ මොකද මගේම කථාවක් නිසා ...
(අඩු පාඩු ඇති - සොරි හොඳේ )
ගවේෂණයට මඟ පැදීණි
කථා නායකයා වෙන්නේ මගේ තාත්ත...
තාත්ත ඇත්තටම මේ සිදු වීමට මුණ දෙනකොට ශරීර සෞඛ්‍ය හොඳම තත්වයේ තිබුණ කෙනෙක් මොකද එහෙම කිවුවේ සිගරට් ,අරක්කු බුලත් විටක් වත් එයා පාවිචිචි කලේ නැ, අනික පුෂ් බයික් එකේ ටවුමට ගිහිල්ලා ආපහු ගෙදරට එන තත්වයේ හිටියේ... එතකොට එයාට වයස 77 යි.
තාත්ත දවසක් අපිට තියෙන වත්ත පහල වැඩ ටිකක් කරලා අවා ඊට දවස් 3,4 කට පස්සේ තාත්තගේ වම් කකුලේ යටි පතුලත් එක්ක තියෙන සන්ධිය (බොලටැහැ) අවට ටිකෙන් ටික රතු වෙලා ඉදමෙන්න ගත්තා... ඇවිදින්න පොඩ්ඩක් අමාරු නිසා අම්මා එයාව පවුලේ ඩොක්ටර් ලඟට එක්කගෙන ගිහිල්ලා බෙහෙත් වගයකුත් ගෙනල්ලා දුන්නා. ඩොක්ටර් කියලා තිබුනේ පොඩි විසබීජයක් යන්න ඇති කියාය… එත් ඒ බෙහෙත් වලට අඩු උනේ නැති නිසා අපි ඔක්කම අයෙත් තාත්තව එක්කගෙන ඩොක්ටර් ලඟට ගියා මේ වෙනකොට තාත්තට කකුලේ අසාදන තත්වයක් බවට පත්වෙමින් තිබුණ නිසා එයාව දෙපැත්තෙන් අල්ලාගෙන ඇවිද්දන ගානට පත් වෙලයි තිබුණේ... ඩොක්ටර්ටත් කරන්න වැඩි යමක් තිබුණේ නැති නිසා එයාව මහා රෝහලට ඇතුල් කරන්න කියලා ලියලා දුන්නා....
මේ වෙනකොට තාත්තට තනියම කිසිම වැඩක් කරගන්න බැරි තත්තවයකට පත් වෙලයි තිබුනේ රස්සාවේ වැඩයි ව්‍යාපාර වැඩ වගයකුත් පටන්ගෙන තිබුණු නිසා තාත්තට ආවතේව වැඩ කරන්න වෙනම සාත්තු සේවයට කෙනෙක් ගන්නත් වුණා ඒතරටම තාත්තට අමාරු වුණා... දින සති ගෙවිලා ගියා ලේ සාම්පල රිපෝර්ට් ගොන්නක් පරික්ෂා කලා විසබීජ කියලා එත් හරි හැටි නිගමනයකට ආවේ නැති තරම්.
ඒ අතර තුරේ කකුලේ ඉදමුම නැති වෙන්න එන්නත් කීපයක් ලබාදුන් අතර යම්තාක් දුරට එයින් සුවයක් තිබුණි... නමුත් පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර අසාදිත තත්ත්වයට බලපෑ ආසන්නම හේතුව සොයා ගැනීමට නොහැකි විය.
කෙසේහෝ දින 21ක් ගත වීමත් සමග තාත්තගේ කකුල යම් සුව තාවයක් දැක ගැනීමට පුළුවන් වීය. නමුත් තාත්තා අවශ්‍යතා ඉෂ්ට කර ගත්තේ රෝද පුටුවේ ආධාරයෙන් වීම සතුටට කාරණාවක් වුයේ නැත….
තරමක සුවයත්, තාත්තව ගෙදර එක්කගෙන ගෙන ගොස් ඔහුගේ සාත්තු සප්පායම් කල හැකි නිසාත් රෝහලෙන් අවසර ලැබුණු නිසාත් අපි තාත්තව ගෙදර එක්කගෙන අවා….
බෙහෙත් ගොන්නක් එක්ක ක්ලිනික් පොතකුත් එක්ක තාත්තා ගෙදර ලෙඩ ඇඳට වැටුනා. මෙහෙම තවත් දවස් දෙකක් තුනක් යද්දී මම අපේ ගෙදර ඉස්සරහ තියෙන පුංචි මල් පාත්තිය සුද්ද කරලා දන්නා පොඩි අදහසක් මට පහල වුණා.
වල් පැල ටිකක් අයින් කරගෙන යනකොට පුංචි දෙයක් මට හම්බුනා ඒ පුංචිම පුංචි අපැහැදිලි තෙල් කුප්පියක් ඒ වෙලාවේ කිසිම අදහසක් අවේ නැතත් වැඩේ ඉවර වෙලා මන් ඒක අරගෙන ගිහිල්ලා ඒ කාලේ මගේ ආතී ජාත මිත්‍රයෙක් උන ඉරෝෂ් අයියාට පෙන්නුවා අන්න ඔතනින් තමයි හරියටම ස්ටොරිය පටන් ගන්නේ...
ඇත්තටම කියනවනං ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන හීනෙකින් වත් විශ්වාසයක් නොකරපු රැඩිකල් පැත්තට හිතන බෞද්ධ දර්ශණය ගැන විතරක් විශ්වාසය තියාගෙන හිටපු මට ඉරෝෂ් අයියා මොකුත් වැඩිය කියන්නේ නැතුව "මල්ලී මන් දන්න නියම ඩයල් එකක් ඉන්නවා අපි ගිහිං ඕක පෙන්නමු" කියලා ඉරෝෂ් අයියා, ඒ වෙලාවේම අදාළ කෙනාට කෝල් එකක් අරං විස්තරේ කිවුවා
"තාත්තගේ ඇඳුමකුත් අරගෙන වත්තේ පස් ටිකකුත් බුලත් කොළ හතකට වැටෙන විදියට පාර්සල් කරලා හදාගෙන හවස 3.00ට එන්න''
කියලා ඒ පැත්තේ කතා කරපු අර ඩයල් ඒක කියලා තිබුණා.
මට තවමත් අවබෝධයක් හෝ විශ්වාසයක් එන්න කියපු ගමන ගැන ඇති වෙලා තිබුනේ නැත. එත් මොකක් හරි හේතුවකට අර හම්බුන තෙල් කුප්පියයි තාත්තගේ ෂර්ට් එකකුයි අරගෙන කියපු වෙලාවටම ඉරෝෂ් අයියගේම ත්‍රී වීල් එකේ අදාළ පොට් එකට දෙන්නම පිටත් වුණා .
අපී ගියේ අන්දෙනිය ගමේ ඉහළ හෙළ කොටසේ තිබුණු තකරන් වලින් වට කරලා තිබුණු පුංචි දේවාලෙකට, කොන්ඩේ උරහිස දක්වා වැඩුණු එතරම් උස මහත නැති ඉස්සරහ දත් නැති වයස අවු 45 කෙනෙක්, අහ්හ්.... එන්ඩ මල්ලි කියලා බොහාම අහිංසක විදියට උණුසුම් ආකාරයට අපිව පිළි අරගත්තා. ඒ දේවාලේ කපු මහත්තයා එයාගේ නම "සුරේන්ද්‍ර" දැන් ඉතිං මගේ මීටරේ වෙනම සබ්ජෙක්ට් එකකට හැරෙන ගමන් තියෙන්නේ ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් හැබැයි ලොකු විශ්වාසයක් තිබුනේ නැ.
කපු මහත්තයා විස්තර ටික අහ ගත්තා අපිව එක්කගෙන දේවාලේ ඇතුලට ගියා. දැන් අපි දෙන්නා වාඩි වෙලා ඉන්නවා කපු මහත්තයා හදුන්කුරු පත්තු කරලා අපි ලවා පහන් එහෙමත් පත්තු කරවලා එයාගේ කුටියට අපි ගෙනාපු අර තෙල් කුප්පියයි තාත්තගේ ෂර්ට් එකයි අරගෙන ගියා.
සුනියම් දේවතාවන්ට අරාධනා කරමින් ඔහු යම් මන්ත්‍රයක් කියූ අතර අපි දෙන්නා කුටිය ඉදිරි පස ඉඳගෙන හිටියා.... ක්‍රමයෙන් මන්ත්‍රය 2,3 වතාවක් කියන්නට වූ අතර ඒක වරම ඔහු අරුඩ විය... ආරුඪ වූ පසුව කපුමහතා ගේ කටහඬ සාමාන්‍ය එකක් නොවිය, එය හරියටම වල් ඌරකුගේ හඩට සමානය එහෙමත් නැතිනම් ගොරවනවා වැනිය ඒ ස්වරුපයෙන්ම ඔහු යමක් මුමුනාගෙන සිටි අතර විනාඩි 4කට වාගේ පසුව ඔහුට සිහි නැති වී ගියා. ඒ වෙනකොටත් ඔහු සිටියේ කුටියේ වැතිරිලයි. තත්පර කීපයක් ගතවෙනවත් එක්කම ඔහුට ඇති වූ කැස්සකුත් එක්ක පියවි සිහියට ''අම්මා '' කියාගෙන පොඩි අපහසු තත්ත්වයකුත් එක්කම අවදි විය....
කුටියේ වාඩි වෙලා තිර රෙද්ද අයින් කරලා ඔහු අපිත් එක්ක විස්තරයක් කියන්නට විය.
"පුතා මේකයි ඔයාලගේ ගෙදර වත්තේ බොහම නපුරු යමක් වළලා තියෙනවා ඒක තාත්තට පැගිලත් තියෙනවා "
මේ කුප්පිය වගේම තවත් කුප්පිත් තියෙනවා ...."
"මේවා ජීවං කරපු ඒවා, තාත්තගේ කකුලේ ලෙඩේට කෙලින්ම බලපානවා...''
''මේ දේවල් අයින් කලාම තාත්තාගේ සුවපත් වීම බලා ගන්න පුළුවන්"
"මේවා අයින් කරන්න පුළුවන්... වතාවත් ටිකක් තියෙනවා...
"කපු මහත්තයා කියක් විතර යාවිද?'' කියලත් මන් ඇහුවා
"බඩු ටිකට 14,000/-ක් විතර "
"වැඩේ ඉවර කරන්න තව 21,000/-ක් යාවි "
ඇත්තටම මට විශ්වාසයක් ලොකුවට තිබුනේ නැ, කාරණා කීපයක් නිසා වැඩේට කැමැති වුණා,
සල්ලී ලොකු ප්‍රශ්ණයක් වුනෙත් නැ...
තාත්තා සනීප වෙනවනං මොකද, අනිත් ඒක මේක ඇත්තක්ද කුතුහලෙන් හිටපු මට බලාගන්නත් චාන්ස් එකක්.
ඉරෝෂ් අයියගේ සප් එකත් තිබුණනේ...
වැඩේට දින නියම කර ගත්තා , අවශ්‍ය බඩු ටික මං අරගෙන දුන්නා....
වළලා තියෙන දේවල් ගොඩ ගන්න යෙදිලා තිබුණ දවසේ රාත්‍රිය කෙමෙන් උදා වුණා රාත්‍රී 8.00ට පමණ කපු මහත්තයත් එයාගේ නෝනත්, පුතෙකුත් තවත් සහයට කෙනෙකුත් අපේ ගෙදරට අවා. අපේ ගෙදරින් අම්මත් තාත්තත් මාත් ඉරෝෂ් අයියත් තව මගේ නැන්දගේ පුතත් මසිනත් වැඩේට සෙට් වුණා.
කපුමහත්තයගේ අනුදැනුමෙන් සියලු කටයුතු සුදානම් වුණා. ගෙදර ඉස්සරහ ගොක්කල වලින් සරසපු ටිකක් ලොකු ගොට්ටක් හදලා එකේ සුනියම් දෙවියන් වෙනුවෙන් පහන් පත්තු කරලා තිබ්බා.
තාත්තට විශේෂ දෙයක් නොකී අතර ඔහුට සාමාන්‍ය පරිදි සිටීමට අවසර ලැබුණි.
ගෙදර සාලය මැද පිරිසිදු උල්පත් ජලය පුරවපු ලොකු අළුත් බේසමක් තැබිය. ඊට අසළින් කුඩා මේසයක් මත මස් වර්ග 5ක් පුළුස්සා, එළුවෙකු ගෙන් ලබා ගත් ලේ සහිත කෝප්පයක් දෙහි ගෙඩියක්, හැට්ට කටු කැරැල්ලක්, පිත්තල කඩුවක්, සුවඳ දුම්, කපු රෙදි කැබලි කීපයක්, රෙදි පටි කීපයක් (කළු,රතු සහ සුදු) තවද හත් මාළුවක් සහ බතක්ද විය.
ඔන්න දැන් වේලාව 11.15ට විතර ඇති කපු මහත්තයා අපි සේරම එකතු කරලා අර ගොක්කල ගොට්ට ඉස්සරහට එන්න කියලා පන්සිල් සමාදන් කරලා බුදුන් වැඳලා සුනියම් දෙවියන්ට අපිව බාර කරනවා කියලා කන්නලෞ කරා.
වෙලාව දැන් 11.30ට ඇති....
ගෙදර තිබුණු සේරම ලයිට් නිවලා දාල ගෙදර දොර ඇරලා තියන්න කියාල කපුමහත්තය කිවුවා. දැන් ගොක්කල ගොට්ටෙන් එන පහන් ආලෝකය විතරයි මුළු ගෙදරම අඩ අදුරුයි, මෙහෙම කියාගෙන ඔහු අප සියළු දෙනාටම සාලයේ කොනක රැදී සිටින්න කියා අසළ තිබුණු සාලයට යාබධ කාමරයකට ගොස් වැතිර වුණි.
දැන් අප සියළු දෙනා ශබ්ද කිසිවක් නොනගා එකිනෙකාගේ මුණ බලා ගනිමින් යම්කිසි චකිතයකින්.
කුතුහලයෙන් සිටී මට කපුමහතාගේ බිරිද විසින් යම් ඇඩ්වයිස් මාලාවක් ලැබුණි. ඒ නිසා ඊළඟ පියවරට මම ලැහැස්ති වුණා. යම් කිසි තිගැස්විමක් ඇති වීම වැළක්වීම සදහා අදාළ පෙර දැනුම් දීම් ටික මට ඈ විසින් මානව ලබා දුන්නා. කාලය සෙමින් ගතවී මධ්‍යම රාත්‍රි 12.00 ට ආසන්න වෙමින් පැවතිනි, අපි සැවොම ඉතා කුතුහලයෙන් පිරි ගිය මෝහතකි සමහරු මදක් තැතිගැන්වී හිටියේය.
දැන් වෙලාව මධ්‍යම රාත්‍රි 12 පසුවීගෙන එයි..... ගත වුයේ තවත් සුළු මෝහතක් පමණි, එක්වරම කපුමහතා සිටි කාමරය දෙසින් ම මුලින් ඇසු ඒ බියකරු ආරුඩයේ හඩ තවත් ත්‍රිර්ව කරමින් ඇසෙන්නට වීය (හරියටම වල් ඌරකුගේ හඩට සමානය එහෙමත් නැතිනම් ගොරවනවා) පසුව එකී හඩ නංවමින් කපුමහතා එක් අතකින් පිත්තල කඩුවත් රැගෙන උරගයෙකු මෙන් සාලය වෙත ඇදුනේය. ඔහුගේ බිරිඳ විසින් කලින් දැනුවත් කල පරිදි අඩු ආලෝකයක් සහිත විදුලි බල්බයක් මා විසින් සාලයේ සවිකර තිබු අතර එය අදුර දුරලමින් දල්වන ලදී. දැන් ඔහුගේ බිම දිගේ ඇදී එම පැහැදිලිව පෙනෙයි. ඔහුගේ බිරිඳ නිතර ඔහු පිටිපසින් හිටියා . බිම දිගේ ඇදීගෙන ආපු ඔහු උල්පත් වතුර පිර වූ බේසමට ඔළුව ඔබා අයෙත් ඔළුව එළියට ගත්තා. මෙහෙම කීපසැරයක් කරනකොට ඔහුගේ ශරීරයට යම්කිසි ජීවයක් ලැබෙනව වාගේ මං දැක්කා .බේසමේ තියෙන උල්පත් වතුර බෙසමෙන්ම බීගෙන ගියා. ඔහු නගන ගොරවනවා වැනි හඩේ වෙනසක් නොවිය.... මුහුණ සාමාන්‍ය විදියට නෙවෙයි ටිකක් බලන්ඩ බයයි වාගේ . ඇස් දෙක තරමක් රතු වී බෝල වී තිබුණා. අත පයේ ඇඟිලිවල පොඩි වකුටු ගතියකුත් තිබුණා…..
''දැන් ඉන්නේ කපුමහත්තය නෙවෙයි මල්ලි '' එහෙම කිවුවේ කපුමහත්යාගේ නෝනා... මට එක පාරටම මීටර් උනේ මනෝකාය ටෙලි ඩ්‍රමා ඒක. (Astral body translation/ මනොකය මාරු කිරීම) අපී ඒක ගැන පස්සේ බලමුකෝ දැන් කියාගෙන ආපු කතාවේ ඉතුරු ටික.
කපුමහත්යාගේ නෝනා මේසේ තිබුණු පාට තුනේ රෙදි පටි තුන එකින් එක අරගෙන මාගේ අතට දීලා කිවුවා "මල්ලි වැඩේ හොඳින් ඉවර කරලා දෙන්න කියලා හිතාගෙන මේක කපුමහත්යාගේ ඔළුවේ තදින් ගැට ගහන්න'' කියලා. මෙසේ උඩ තියලා තිබුණු හැම දෙයක්ම අරුඩෙන් හිටපු කපුමහත්තය ඉව කර ගත්තා හරියටම බල්ලෙක් කෑමක් ඉව කරනවා වගේම ඊට පස්සේ අර තියලා තිබුණු එළුවාගේ ලේ ටික පපුවේ ගා ගත්තේ අපි හරිම අසාවෙන් Body Spray එකක් කරනවා වගේ. ඊට පස්සේ කපු මහත්තයා නොහොත් ආරුඩය කඩුව හැරමිටියක් කරගෙන හෙමිට හිට ගත්තා. එයාගේ නෝනා වෙන් කර ගත්ත උල්පත් වතුර බාල්දියට දාගෙන ඔළුවට වක් කරන්ඩත් ඉල්ලනකොට බොන්න දෙන්ඩත් පටන් ගත්තා. එත් එක්කම අපිත් එක්ක හිටපු පිරිස පන්දම් එළි පත්තු කරගෙන වත්තට යන්නත් කපු මහත්තයා නොහොත් ආරුඩය හැරෙන ඕනිම පැත්තකට යන්ඩත් ඊට පිටිපස්සෙන් හිට ගත්තා. ආරුඩය නිතරම අර උල්පත් වතුර ඉල්ලගෙන බොනවා.... දැන් ආරුඩය හරිම ක්‍රියාශීලි... ඇත්තටම අපිට එයත් එක්ක හැරෙන්නවත් බැරි තරම්. ආරුඩය කෙලින්ම අපේ පහළ වත්තට ඇතුල් වුණා වත්තේ හතර මායිමෙන් එහාට ගියේ නැ තැනින් තැන නැවතුනා ආයෙත් යනවා, එක තැනක දණ ගහලා නැවතුනා ඒ අපේ ගෙදර කානුවෙන් පිට වෙන තැන තියෙන තෙත බරිත මඩ වල ඉස්සරහ. පොළව හාරන්න අවශ්ය උනොත් ඉරෝෂ් අයියා වාගේ සද්දන්තයෙක් අලවන්ගුවක් උදැල්ලක් කුලුගෙඩ්යක් එක්ක ස්ටෑන්ඩ් බයි කරලයි තිබුණේ.
එත් ආරුඩය ඒවා ගත්තේ නැ, එයාගේ පිත්තල කඩුව අර මඩවලේ යටටම දාල අත් දෙකත් එක්කම දැම්මා දැන් මොකක් හරි අමාරුවෙන් උඩට අදින්න ගත්තා ඒක ආරුඩයට ගොඩක් අමාරු වැඩක් වුණා මුණ හොදටම බියකරු වෙලා. ටික වෙලාවකින් මොකද්දදෝ දෙයක් ඇදලා ගත්තා පැහැදිලිව ඒ වෙලාවේ දැක්කේ නං නැ, කපු මහත්තයා නොහොත් ආරුඩයට එයාගේ නෝනා දීපු රතු රෙදි කෑල්ලකින් ඒක එයා පරිස්සමින් ඔතා ගත්තා කිසිම කෙනෙකුට අල්ලන්න දුන්නෙත් නැ හරියට ඇසිඩ් එකක් ගෙනියනවා වගේ. උල්පත් වතුර ඔළුවට වක් කරලා ඒ වතුර ආරුඩය බීගෙන බීගෙන ගියා. ආරුඩය එක පාරටම මන් දිහා බලලා මොකද්දෝ ගොර ගොර ගලා කිවුවා , මට නං තේරුනේ නැ කපුමහත්තයාගේ නෝනට ලැන්වෙජ් මීටර් නිසා මට කිවුවා මල්ලී ඔය කියන්නේ "මේක එකක් කියලයි" කියලා. එතනින් කෙළින්ම නැගිට ගත්ත ආරුඩය කෙළින්ම ගියේ ආයෙත් ගෙදර ඉස්සරහම තිබුණ අමු කහ පඳුර ඉස්සරහට එතන හිටගෙන අමු කහ පඳුර අතරට එයාගේ කඩුවෙන් බිමට ඇන්නා එතන මොකක් හරි පෙන්නනවා වාගේ වැඩක් කරේ, ඊට පස්සේ එයා පොඩ්ඩක් පස්සට වුණා අපේ අම්මාගේ අවසරේ ඇතුව අර අල බැහැල තිබුණු අමු කහ පඳුර පොඩ්ඩක් උගුල්ලලා අයින් කරා ඒක කරේ අපී සෙට් ඒක. දැන් ආයෙත් ආරුඩය වැඩ පටන් ගත්තා අර ඉස්සෙල්ලා වගේම එයා කඩුවයි අත් දෙකයි දාල අමු කහ පඳුරේ මුල් බැස්ස අමුකහ අල කවලන් වුනු පොලිතින් වලින් ඔතලා තිබුණු පරණ වෙච්ච පාර්සලයක් උඩට අරගෙන කලින් එක වගේම සුදු රෙදි කැල්ලක ඔතා ගත්තා, එතනින් වැඩ ඉවර කරපු ආරුඩය අපහු කෙලින්ම හැරුනේ ගෙදර සාලෙට, එතැනට ආපු ආරුඩය තමාගේ අතේ තිබුණු ඒ රෙදි පොට්ටනි දෙකම අර වතුර බේසමට දැම්මා. පස්සේ බේසමෙන් එකින් එක දේවල් එළියට ගන්ඩ පටන් ගත්තා ජීවිතේ පළවෙනි පාරට මං මෙහෙම දේවල් දැක්කේ...
එතන තිබුණේ ඔක්කම මැරිච්ච මිනිස්සුන්ගේ ඇට කටු කැලි හරියටම කියතකින් කපපු ඇට කොටස්, ආරුඩය පිහියක් අරගෙන ඒ ඇට කැලි ඔක්කම දෙකට තුනට වෙන් වෙන්න පැලුවා ඒ වෙන් කරපු ඇට කැලි අතර පිත්තල පටි වල මොනා හරි දෙයක් ඇඳලා රෝල් කරලා ගහලා තිබුණා. තෙල් කුප්පි දෙක තුනකුත් අළු දාපු බෝතල් දෙකකුත් එතන තිබුණා ඒවත් ආරුඩය අතින්ම කඩලා දැම්මා
ආරුඩය එතන තිබුණු ඇට කෑල්ලක් විශේෂයෙන් පෙන්නන්ඩ ගත්තා පිහියෙන් ඒ කටු කෑල්ලට තට්ටු කරන ගමන් මං දිහා බලලා ගොර ගොර ගලා දෙයක් කිවුවා ඒ කටු කැල්ල තාත්තගේ කකුලේ ලෙඩ දුන්න කොටසට බොහම සමානයි. ඇත්තටම අණ වින ,කොඩි වින, හුනියන් අහලා දැකලා නොතිබුනාට මේ එකේ වර්ෂන් එකක් තමයි කියන එක මට පට් ගලා මීටර් වුණා.
එතැනින් නැගිට්ට ආරුඩේ ගියේ අර කලින් හදපු ගොක්කොල ගොට්ට ඉස්සරහට එතැන ඒකට වැද ගෙනම එයා එකේ පාමුලට සිහි නැතිව වැටුනා... ඊට පස්සේ විනාඩි කීපයකින් කපුමහත්තයගේ පියවි සිහිය අවා සැහෙන මහන්සි පාටක් කපුමහත්තයගේ මුණේ තිබුණා නැගිටින්න හදනවත් එක්කම බීපු වතුර සැහෙන ප්‍රමාණයක් වමනේ දැම්මා මනුස්සයා සැහෙන දුකක් වින්දා හැබැයි. එතැනින් නැගිට්ට ආරුඩේ ගියේ අර කලින් හදපු ගොක්කොල ගොට්ට ඉස්සරහට එතැන ඒකට වැද ගෙනම එයා එකේ පාමුලට සිහි නැතිව වැටුනා... ඊට පස්සේ විනාඩි කීපයකින් කපුමහත්තයගේ පියවි සිහිය අවා සැහෙන මහන්සි පාටක් කපුමහත්තයගේ මුණේ තිබුණා නැගිටින්න හදනවත් එක්කම බීපු වතුර සැහෙන ප්‍රමාණයක් වමනේ දැම්මා මනුස්සයා සැහෙන දුකක් වින්දා හැබැයි.
ආරක්ෂාවක් කියලා සුර කීපයක් අපිට දාල, පුංචි මුට්ටි වල ජීවං කරපු යමකුත් මම අපේ ගෙදර හතර කොනේ වල දැම්මා ඒ කපුමහත්තයගේ අතින් හදල දුන්න ඒවා...
තාත්තගේ කකුල අසාමාන්‍ය විදියට දින දෙකක් ඇතුලත සුව අතට හැරිලා එයාට තනියම ඇවිදින්නත් පුළුවන් වුණා. අපිට දේවාලෙට ඇවිත් දානයක් දෙන්නත් කියලා කපුමහත්තයගේන උපදෙස් ලැබුණා තාත්තා එදා පොඩි හෙල්ප් එකක්වත් නැතිව පඩි බැහැල නැග්ගා අපිට නැවතත් හිතේ සැනසීමක් ඉක්මණින්ම දින දෙකක් තුනක් ඇතුලත ලැබුණා. දැන් මේ සිදුවීම වෙලා අවු 6ක් වෙනවා. මේක කරේ කවුද ? ඇයි කරේ ? කොහමද කරේ ? කවදාද කලේ? කොහමද දැනගන්නේ?
කියන ඔන්න ඔය ප්‍රශ්ණ වලටයි. මේකට සම්බන්ධ අතුරු කථා ටිකයි මාගේ නිගමනයයි විචාරයයි අදහසයි ඔක්කොම කියන්නේ මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයී. කර්මය කියන එක මේකට කෙලින්ම සම්බන්ධයි යාළුවනේ!
-බුදු සරණයි-
by Kavinda Rathnayake
Source: Link